Saturday, September 27, 2014

පොරක් වෙනවද- බරක් වෙනවද?



ළ`ගදි දවසක ඔටාරා ඔඩෙල් එකෙන් අයින් වෙලා ගියා. ඒක එයා අවුරුදු 50 පිරෙද්දි ගත්ත තීරණයක්. ලංකාවෙ ගොඩක් උගත් බුද්ධිමත් චරිත වලට අහිමි සම්පූර්ණත්වයක් හැඩයක් තමන්ගෙ ජීවිතේට දෙන්න ඔටාරාට පුළුවන් වුණා කියල මට හිතුණ. එයා තමන්ගේ ජීවිතය ඉතාම හොඳට සහ තමන්ගෙ ඇතුළතට අවශ්‍ය විදිහට ඩිසයින් කරනවා කියල මට හිතුන. අපිට නිතර මුණගැහෙන සමාජ දේශපාලන ක‍්‍රියාකාරීන් ගොඩක් උත්සාහ කරන්නෙ ලෝකෙට හැඩයක් දෙන්න. ලෝකය නැවත නිර්මාණය කරන්න. ඉතින් තමන්ගෙ ජීවිතේට ඒ අය තේරුමක් දෙන්නෙ බාහිරින්. ඒත් වෙළඳාම මැද්දෙ ලිප්ටන් හන්දියෙ ඔටාරාට පුළුවන් වෙනවා ඊට වඩා සවිඥාණක බවක් තමන්ගෙ ජීවිතේට දෙන්න. එයා විසින් ඊළ`ගට කරන්න යන සත්තුන්ට උදව් කරන එක කොයිතරම් හරි හෝ වැරදි පියවරක්ද වගේ දෙයක් නෙමෙයි මං මෙතන කියන්නෙ. තමන්ගේ ජීවිතය යම් කිසි විදිහකට තමන් විසින්ම නිර්මාණය කර ගැනීමක්. ඒ නිර්මාණය හරහා තමන්ට අවශ්‍ය සමාජය යළි නිර්මාණය කිරීමක්. හරි ටර්මිනොලොජි එකෙන් කිව්වොත් තමන්ව බ‍්‍රෑන්ඞ් එකක් කර ගැනීමක්.

ඔටාරා විසින් පටන්ගත්ත සාප්පුව ඔඩෙල් වුණාට බ‍්‍රෑන්ඞ් එක වුණේ ඔටාරා. ඒක හින්දම එයා එතනින් ගියාට පස්සෙ මට ඔඩෙල් එක කියන අදහස නැති වුණා. ඒක මගේ පුද්ගලික දෙයක් වුණත් තවත් කීප දෙනෙකුට හෝ ඒ හැ`ගීම ඇති වෙන්න ඇති බව මට ෂුවර්. 

මං මෙතනදි ඔටාරාව පැත්තකින් තියාගෙන කතා කරගෙන යන්නෙ මිනිහෙක් බ‍්‍රෑන්ඞ් එකක් දක්වා වෙනස් වීම නැත්තං මිනිහෙක් සහ බ‍්‍රෑන්ඞ් එකක් වශයෙන් පැවතීම කියන කාරනේ. මං දන්නවා මේක අහපු ගමන් ලාංකිකයො නම් සෑහෙන අවුල් වෙන කතාවක්. අපි බ‍්‍රෑන්ඞ් වලට හරිම මෝඩ හේතු ගානක් ඉස්සරහට දාගෙන විරුද්දයි සහ අපි බ‍්‍රෑන්ඞ් එකක් වෙනවා කියන එක සෑහෙන මනුස්සකම වගේ ප‍්‍රශ්න වලට උත්තර දෙන්න වෙන තත්වයක්. උදා විදිහට මෑතක ෆේස් බුක් එකේ පෝස්ට් එකක් පළවුනා.

‘කිහිල්ල ගඳයි කියල අපිට ඉගැන්නුවෙ ඩියොඩ‍්‍රන්ට් කොම්පැණි
දාඩිය ගඳයි කියල අපිට ඉගැන්නුවෙ පර්ෆියුම් කොම්පැණි

තව ටික දවසකින් එකෙක්ගෙන් එකියකගෙන් සැනසෙන්න එපා කියල උගන්නයි කොන්ඩම් කොම්පැණි’
කොම්පැණි වලට විරුද්දව ආපහු ගල්යුගයට යන්න යෝජනා කරන මේක දැක්ක ගමන් මට හිතුනෙ අපිට හැම වැදගත් දෙයක්ම කියල දීලා තියෙන්නෙ කොම්පැණිනෙ එතකොට කියල. නැත්තං අපි මෙලෝ රහක් නෑ මේ පෝස්ට් එකට අනුව. කොහොම වුණත් මේ තියෙන්නෙ බ‍්‍රෑන්ඞ් වලට අපේ තියෙන විරෝදය. අපි තාම ලෑස්ති නෑ වෙළඳපොල යතාර්ථයක් හැටියට බාර ගන්න. මාර්කට් එක ජීවිතේ කොටසක් කර ගන්න. අපි කැමති කිහිලි ගඳ ගහන, නොනාන, ඒත් ඒක ගෑනියෙකුගෙන් හෝ මිනිහෙකුගෙන් සැනසෙන ජාතියක් විදිහට ජීවත් වෙලා මැරිලා යන්න.

ඒත් ඔටාරාගෙ කතාව වෙනස්. සාමාන්‍යයෙන් මොඞ්ල් කෙනෙකුට ලංකාවෙ උරුම වෙන අවාසනාවන්ත ජීවිතේට වෙනස්  ජීවිතයක් අත්දකින්න එයාට පුළුවන් වුණා. ඒකට හේතුව අනිත් මොඞ්ල්ස් ලා අනුන්ගෙ බ‍්‍රෑන්ඞ් විකුණමින් ජීවත් වෙද්දි ඔටාරා එයාගෙ බ‍්‍රෑන්ඞ් එකක් හදන එක. වෙන විදිහකට කිව්වොත් නයිකි, රීබොක්, හිල්ෆිගර්, බීඑම්, ජගුවර් වලින් තමන්ගෙ ජීවිතයට හැඩයක් දෙන්න හදනවා වෙනුවට එයා තමන්ගේ ජීවිතයෙන් හැඩයක් එළියට නිර්මාණය කළා. අනුන්ගෙ විලාසිතාව වෙනුවට එයාට විලාසිතාවක් තිබුණ.
ෂන් පෝල් සාත‍්‍ර ලස්සන කතාවක් කියනවා. ‘ඔයා නිදහස්. ඒක හින්ද තෝරා ගැනීම කරන්න. ඒ කියන්නෙ අලූත් හඳුන්වාදීම් කරන්න..’

ෆැෂන් වෙනුවට ස්ටයිල් කියල චාර්ල්ස බුකොව්ස්කිත් කියන්නෙ මේ අදහසමයි. බල්ලන්ට වුණත් ස්ටයිල් එකක් තියෙනවා කියල එයා කියනවා. එළියෙ ඉන්න මිනිස්සුන්ට වඩා හිරේ ඉන්න මිනිස්සු අතර ස්ටයිල් එක දැකලා තියෙනවා බුකොව්ස්කි කියනවා. හන්ටර් තොම්ප්සන් ඔලූවට වෙඩි තියා ගනිද්දි එතන ස්ටයිල් එකක් තිබුණ. ඒක ෆැෂන් එකකට වඩා වෙනස්.

තමන්ගෙ ජීවිතයට මේ ස්ටයිල් එක දෙන එක, නැත්තං තමන්ගෙ ජීවිතය නිර්මාණය කරන එක තමයි තමන්ව බ‍්‍රෑන්ඞ් එකක් කරනවා කියන්නෙ. ඇත්තටම තමන් දන්නා- නොදන්නා පැවැත්මක් වුණු තමන් සහ මේ නිර්මාණය කරන තමන් අතර පරතරයක් තියෙනවා.

ලංකාවෙ ගොඩක් වෙලාවට සංස්කෘතික අවකාශයේ මේ බ‍්‍රෑන්ඞ් එක හදද්දි තමයි අපි ‘පොරක් වෙන්න හදනවා’ කියන්නෙ. මට හිතෙන්නෙ පොරක් වෙන්න හදන එක හොඳයි. සමහර වෙලාවට ඒ හදන හැදිල්ල දැක්කම ඔක්කාරයක් ඇති කරන්න පුළුවන් වුණත් කවුරු හරි පොරක් වෙන එක හොඳයි. එක පැත්තකින් ඒක නිර්මාණශීලී වැඩක් වගේම සමාජය පැත්තෙන් ඒක ගොඩක් හිතකර දෙයක්.

ඇත්තටම බ‍්‍රෑන්ඞ් එකක් පුද්ගලයෙකට වඩා සමාජයට වග කියනවා. මොකද බ‍්‍රෑන්ඞ් එකකට තියෙනවා සමාජ ගිවිසුමක්. ඒත් පුද්ගලයෙකුට මනුස්සකම වගේ අතාර්කික තත්ව ඇතුලෙ මේ වගකීමෙන් පැනලා යන්න පුළුවන්. බ‍්‍රෑන්ඞ් එකකට සිද්ද වෙනවා අනිවාර්යෙන් නැවත තමන්ගේ ක‍්‍රියාවට උත්තර දෙන්න. 
ඒ වගේ්ම බ‍්‍රෑන්ඞ් එකක් සම්පූර්ණයෙන් සමාජයට අයිතියි. ඒක හින්ද ප‍්‍රතිරූප කියන ඒවට මොනවා කළත් ඒක සමාජ අයිතියක් කියල දරාගන්න සිද්ද වෙනවා. මේ ප‍්‍රතිරූප කියන්නෙ බ‍්‍රෑන්ඞ්ස්. ඒවට කරන පහරදීම් හෝ කෙළවීම් කොහෙත්ම පුද්ගලික නැහැ.

මේ වෙද්දි අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව පුද්ගල- බ‍්‍රෑන්ඞ්ස් විදිහට වැඩ කරමින්් ඉන්නවා. උදා විදිහට අශෝක හඳගමගෙන් ගෝටාබය එක්ක තියෙන යාලූකම මොකක්ද වගේ ප‍්‍රශ්න එන්නෙ හඳයාගෙ බ‍්‍රෑන්ඞ් වැලියු එකත් එක්ක. හඳගම කියන බ‍්‍රෑන්ඞ් එක අපිට වමේ කෑලි වලින් ප‍්‍රශ්න කරන්න පුළුවන්. ඒත් විමල් වීරවංසව එහෙම බෑ. ජවිපෙ හිටපු වීරවංස පෙරමුණේදි ආපහු එයාව රීලෝන්ච් කරනවා. බ‍්‍රෑන්ඞ් එකේ අනන්‍යතාව වෙනස් කරනවා. සමාජ ගිවිසුම වෙනස් කරනවා.

‘මිනිස්සුන්ට ස්වභාවයක් නෑ. තියෙන්නෙ ඉතිහාසයක් විතරයි’ කියල ඔර්ටේගා යි ගැසෙට් කියන ස්පාඤ්ඤ දාර්ශනිකයා කියනවා. ඒ කියන්නෙ මිනිස්සුන්ට පුළුවන් තමන්ව යළි යළිත් නිර්මාණය කරන්න. ඉතිහාසය වෙනස් කරන්න. 

අපි අපි විසින් සවිඥානිකව බ‍්‍රෑන්ඞ් එකක් විදිහට නිර්මාණය නොකරනවා කියන්නෙ අවිඥාණිකව අනුන්ගෙ බ‍්‍රෑන්ඞ් වෙනුවෙන් පාවිච්චි වෙනවා කියන එක. හරියටම දේශපාලන පක්ෂ වෙනුවෙන් පාවිච්චි වෙනවා වගේ. මේ කියන කතාවට එන්න ටිකක් ගැඹුරින් පුද්ගලිකත්වය ගැන දැනීමක් අවබෝධයක්  ඕන. ඒක නැතිතාක් අපි අර අනුන්ගෙ විලාසිතා අඳින මොඞ්ල්ස්ලා වගේ විතරයි.

‘මට  ඕනි නෑ මගේ උගුරෙ අනුන්ගෙ කඩ දාන්න. මං දානවා නං දාන්නෙ මගේ කඩයක් විතරයි’ අජිත් කුමාරසිරි නිතර තමන්ගේ බ‍්‍රෑන්ඞ් එක ගැන අදහස කියනවා. 

තමන්ව බ‍්‍රෑන්ඞ් කර ගනිද්දි තියෙන ලොකුම අභියෝගෙ වෙන්නෙ තමන්ව ඇත්තට ප‍්‍රකාශ වෙන්න කොයිතරම් ඉඩක් හදාගන්න පුළුවන්ද කියන එක. උදා විදිහට බුදුන්ගෙ සාසනේ මහණ වෙලා තමන්ව බුද්ධ ශ‍්‍රාවකයෙක් විදිහට බ‍්‍රෑන්ඞ් කර ගන්න හෝ කතෝලික දේවගැතිවරයෙක් විදිහට තමන්ව බ‍්‍රෑන්ඞ් කර ගන්න කෙනෙක් තෝර ගන්නෙ තමන්ව වඩාත් සීමා කර ගැනීම. තමන්ගේ නිදහස යටපත් කර ගැනීම. ඒත් අපිට පුළුවන් නම් අපිව වඩාත් සන්නිවේදනය කරන්න පුළුවන් විදිහට, අපේ වෙනස්කම්, විශේෂතා, දුර්වලතා හැමදේකටම ඉඩක් තියෙන වඩාත් මානුෂීය බ‍්‍රෑන්ඞ් එකක් විදිහට අපිව නිර්මාණය කරන්න (හරියට රොක් ආර්ටිස්ට් කෙනෙක් වගේ) අපිට සමාජය එක්ක කරන්න පුළුවන් ගණුදෙනුව වඩාත් ගැඹුරු සහ අර්ථවත් වේවි.

මෑතක සුජීව ප‍්‍රසන්න ආරච්චි සන්නස්ගලගේ අම්මා පොත ගැන ෆේස් බුක් එකේ පොඩි අදහස් පළකිරීමක් කරලා තිබුණ. අවාසනාවකට ඒ ලියුම දැන් හොයා ගන්න බෑ. එතනදි සුජීව කියනවා සන්නස්ගල කියන්නෙ ලංකාවෙ සාර්ථකම වෙච්ච බ‍්‍රෑන්ඞ් එකක් කියල. ඇත්තටම තමන්ගේ ජීවිතය යළි තමන්ට අවශ්‍ය විදිහට නිර්මාණය කර ගැනීමේ වැදගත්ම කාරණේදි සන්නස්ගල මාර චරිතයක්. එයා අන්තිමට අපි නොදන්නා එයාගෙ ළමා වියට ගිහින් අම්මව පවා යළි නිර්මාණය කරනවා. තමන්ගේ බ‍්‍රෑන්ඞ් එක පදනමේ ඉඳන්ම ශක්තිමත් කරනවා. එතකොට පුද්ගලික (ඇත්ත) සන්නස්ගලව අපිට කොතනකදිවත් මුණගැහෙන්නෙ නැද්ද? අපිට නොස්තැල්ජික් ප‍්‍රශ්නයක් එන්න පුළුවන්. මං හිතන්නෙ ඒ පුද්ගලික සන්නස්ගලගෙන් අපිට ඇති වැඬේ මොකක්ද කියල. අපිට වැදගත් වෙන්නෙ මිනිහෙක් සමාජය එක්ක ගණුදෙනු කරන ලක්ෂ්‍යය විතරයි. 

හයිඩගර් ‘බීන්ග් ඇන්ඞ් ටයිම්’ කියන පොතේ කතා කරනවා අපේ සමාජ ජීවිතය කියන්නෙම කතිකාව නැත්තං ඩිස්කෝස් එකකින් කරන නිර්මාණයක් කියල. ඩිස්කෝස් එකක් පවතින්නෙම කටින් කට යන වචනයෙන්. ඉතින් අපිට අපේ සැබෑ පැවැත්ම අත්පත් කරගන්න  ඕන නම් අපිට වෙනවා අපේ පැවැත්මේ ගැඹුර, අපිට අනන්‍ය වුණු ස්වභාවය හොයාගන්න සහ ඒක අනිත් අයට වටහා ගත හැකි ආකාරයකින් (ලෞකික විදිහකින්* එලියට ප‍්‍රකාශ කරන්න. හයිඩගර් මේ කියන්නෙ අපි සවිඥානකව සමාජය ඇතුලෙ අපිව ගොඩනැගිය යුතු විදිහ ගැන. අපේ බ‍්‍රෑන්ඞ් එක නිර්මාණය කරන්න අවශ්‍ය සවිඥානක බව ගැන.

ඉස්සෙල්ලා කිව්වා වගේම මේ වෙද්දි අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව බ‍්‍රෑන්ඞ් වෙමින්/ බ‍්‍රෑන්ඞ් වලට පාවිච්චි වෙමින් යනවා. ඩිජිටල් ජීවිතය ආරම්භ කරනවත් එක්කම අපේ ෆේස් බුක් පිටු වලින්, අපි ෂෙයාර් කරන, ලයික් කරන, කමෙන්ට් කරන දේවල් වලින් අපි වර්චුවල් අපිව නිර්මාණය කරමින් ඉන්නවා. මේක ගැන දැනුවත් බවක් නැති ෆේස් බුක් පිටු තමයි බලන්න අප්පිරිය. කිසිම සම්බන්ධයක් නැති, තේරුමක් නැති ඉබාගාත හැමදේම බෙදාහරිමින් ඉන්න එක තමයි අනුන්ගෙ බ‍්‍රෑන්ඞ් වෙනුවෙන් පාවිච්චි වෙන අයගෙ තත්වය.

මේ වර්චුවල් දේම අපේ ඇත්ත (කියල කියන) ජීවිතෙත් වෙන්න  ඕන කියලයි මගේ අදහස. අපි නොදැනුවත්ව අනුන් අතින් නිර්මාණය වෙන්න ඉඩ නොදී අපි විසින් අපිව නැවත නිර්මාණය කර ගන්න  ඕන. එතනදි අපේ ජාතිකත්්වය, ආගම මේ හැමදෙයක්ම ඉතිහාසය විසින් තීරණය කරන්න නොදී නැවත තෝරාගැනීමක් කරන්න අපිට පුළුවන්. අපේ සමාජ ගිවිසුම අපි සකස් කරන්න  ඕන.

රසල් බ‍්‍රෑන්ඞ් මේ ප‍්‍රතිරූප, බ‍්‍රෑන්ඞ්ස් ගොඩනගා ගැනීම ගැන වෙන දේශපාලන කතාවක් කියනවා. එයා නළුවෙක්, කොමඩියන් කෙනෙක්, නිවේදකයෙක් විදිහට මිනිස්සු එක්ක කරපු ගණුදෙනුවට වෙනස්ව පස්සෙ හිතන්නෙක් විදිහට වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. එයාගෙ බ‍්‍රෑන්ඞ් එකට වෙන වටිනාකමක් දෙනවා.

එයා කියනවා සෙලිබි‍්‍රටි කෙනෙක් (තරුවක්, පොරක්, බ‍්‍රෑන්ඞ් එකක්) වීමේ ඇත්ත කාර්යභාරය මොකක්ද කියල. පළවෙනි දේ හොඳ කැරිස්මා එකක්් තියෙන්න  ඕන. ලෝකෙ වෙනස් කරන්න යන ගොඩක් අයට ඒක නෑ. කැරිස්මා එක කියන එක තීරණාත්මක අවශ්‍යතාවයක්. ඒත් ඒකෙ සහෝදර ගුණය සෙක්සිනස් වගේම කැරස්මා කියන එකත් අපිට දැන් එපා වෙලා තියෙන්නෙ. ඒත් කරන්න  ඕන ඒක අත්අරින එක නෙමෙයි. වැඩියෙන් වගා කරන එක. සමාජයක් අදහස් වලින් විතරක් වෙනස් කරන්න බෑ. ඒ අදහස් වලට මිනිස්සු එකතු කරන්න නම් ඒවා ආකර්ශනීය විදිහට ඉදිරිපත් වෙන්න  ඕන. ඒවා ඇත්ත වුණාට මදි.  ඕන හොඳ අදහසකට සිද්ද වෙනවා මේ ගෝෂාකාරී අදහස් වෙළඳපොලට වැටිලා තරගකරන්න. වැඩියෙන්ම වැදගත් දේ වෙන්නෙ එලියට අපිව ඇහෙන එක. ඇත්තටම වඩාත් නිර්මාණශීලීත්වයක් සහ හැකියාවක්  ඕන කරන්නෙත් ඒකට’

අපේ පුද්ගලික ජීවිතයට වඩා බ‍්‍රෑන්ඞ් එකක ජීවිතය විශාලයි. පුද්ගලයාගේ ජීවිතය කෙලවර වුණත් එයාගෙ බ‍්‍රෑන්ඞ් එක මැරෙන්නෙ නෑ. හේතුව බ‍්‍රෑන්ඞ් එක සමාජයේ උවමනාවන් එක්ක ගැටගැහිලා තියෙන හින්ද. මාර්ටින් වික‍්‍රමසිංහලා, සයිමන් නවගත්තේගමලා, අනගාරික ධර්මපාලලා විතරක් නෙමෙයි හිට්ලර්ලා පවා තාමත් මැරුණෙ නැත්තෙ ඒකයි.

මගේ අදහස හැමෝම පොරවල් වෙන එක හොඳයි. කිසි හැඩයක් නැති රැුළක එකෙක් වෙනවට වඩා තමන්ගෙ ජීවිතය යළි ගලපා නිර්මාණය කර ගැනීම කියන කාරණය මිනිහෙක් විදිහට වැදගත්.  ඕෂො එක තැනක කියනවා පරිණාමය කියන කාරනේ මෙතනින් අහවරයි. මෙතනින් එහාට තියෙන්නෙ විප්ලවයයි කියල. (ඉවොලූෂන් සහ රිවොලූෂන්). මේ විප්ලවය කියන්නෙ වමේ විප්ලවය නෙමෙයි. තමන්ව සවිඥාණකව යලි නිර්මාණය කිරීමට. ඉතිහාසය වෙනස් කිරීමට. තමන්ගෙ බ‍්‍රෑන්ඞ් එක හදන එකට.

-චින්තන ධර්මදාස

Saturday, September 20, 2014

සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ



මගේ අතිජාත මිත‍්‍රයා චන්දන ප‍්‍රසන්න දවසක් අමුතු කතාවක් කිව්වා. ඌ කතා කරන්නෙ ගොඩක් අඩුවෙන් වගේම කිව්වොත් කියන්නෙත් අංජබජල් කතාවක්.

‘ඔය දඩයම් වලට පුරුදු වෙච්ච එකෙන් ආපු දෙයක් වෙන්න  ඕනි පාර්ටි දානවා කියන එක. මොකද කොහොමටත් දඩයමෙන් ලොකු සතෙක් එළා ගත්තම ඒක තනියෙන් කාලා ඉවර කරන්න බැරි වෙනවනේ. අනික කල් තියාගන්නත් බෑ, නරක් වෙනවා. එතකොට හොඳම දේ කට්ටියම එකතුවෙලා පාර්ටියක් දාලා මේක කාලා ඉවර කරන එක. වෙන දවසක වෙන එකෙක් ලොකු සතෙක් එලා ගත්තමත් ඒක ඒ විදිහටම වෙනවා. එතකොට පාර්ටි කියන එක ඒ සංස්කෘතියෙ කෑල්ලක් විදිහට හැදෙනවා.

ඒත් කෘෂිකාර්මික කතන්දරේ ගත්තම සම්පූර්ණයෙන් අනිත් පැත්ත. ඒකෙ එක කාලෙකටයි අස්වැන්න එන්නෙ. ආයිත් එන්නෙ නෑ. එතකොට ඒ අස්වැන්න කොහොම හරි අනිත් කාලවලට ඉතුරු කර ගන්නයි හිතන්නෙ. ඒවා නරක් වෙන්නෙත් නෑ. පුළුවන් තරම් පවුල ඇතුලටයි, පුද්ගලික විදිහටයි දේවල් හැඩගැහෙන්නෙ. ඒක හින්ද පාර්ටි දානවා වගේ දේවල් මේ සංස්කෘතියට සෙට් වෙන්නෙ නෑ. සාමූහිකව දේවල් විඳින බෙදාගන්න එකක් වෙනුවට වැඩියෙන් පුද්ගලික ඉතුරු කරන්න බලන වර්ගයක් විදිහටයි හැදෙන්නෙ....’

ඒක ඌ විස්තර කළේ බටහිරට වෙනස්ව පෙරදිග අපේ සංස්කෘතියෙ මේ සාමූහික විනෝද වීමේ ආකාරයන් හරියට හැදෙන්නෙ නැත්තෙ ඒක ආහාර සපයාගැනීමේ සංස්කෘතියක් විදිහටම මූලික සළකුණු කිරීමක් සිද්ද වෙන හින්ද කියල. ඒ විදිහටම හරියටම කියන්න බැරි වුණත් ටිකක් හිතලා බලන්න පුළුවන් දේවල් ටිකක් මේ හරියෙ ගැවසෙනවා කියල මට හිතුන.

ලංකාවෙ පාර්ටි දානවා වෙනුවට සිංහල බෞද්ද ක‍්‍රමය දාන දෙන එක. දැන් උපන්දින පාර්ටි වගේ දේවල් පවා දානමාන වලට පෙරලි පෙරලි එන්නෙ. අපි හිතන ක‍්‍රමයට අනුව එහෙම ගිලනුන්ට මහණුන්ට දාන දෙන එක පාර්ටි දානවට වඩා අර්ථවත්. ඒත් එතන තියෙන්නෙම පාර්ටියකදි සිද්ද වෙන දේ ගැන හැ`ගීමක් දැනීමක් නැතිකම.

ගොඩක් බෞද්දයො කිපෙන්න පුළුවන් වුණත් මං දකින්නෙ දානමාන මතු දවසක සැපයක් වෙනුවෙන් කරන ආමිස පූජාවල් වෙද්දි පාර්ටියක් වගේ දෙයක් ඒ වෙලාවෙ අත්දැකීමක්, විඳීමක්, වෙන ප‍්‍රතිපත්ති පූජාවට ළ`ගයි කියල. ඒකෙ සංගීතය හෝ නර්තනය හෝ වෙන මොනයම් පිස්සුවක් විදිහට හරි අපි ශරීරය ඉක්මවා යන අත්දැකීමකට සමවදිනවා. ඒ සාමූහික විනෝදය හුදු බාහිරයක් විදිහට පෙණුනට ඒකෙ අභ්‍යන්තරයට වැඩකරන කොටස වැඩියි. ඒත් මේ හැමදෙයක්ම වෙන්නෙ පාර්ටි කියන එක සංස්කෘතියක් විදිහට ඇ`ගට වැදිලා තිබුනොත් විතරයි.

ඉංග‍්‍රීසියෙන් පාර්ටි කියන වචනය වෙනස් තේරුම් දෙකක් දෙනවා. එකක් සාමූහිකව පිරිසක් විසින් සපයාගන්නා විනෝදය. සාදය කියන අදහස. තව පැත්තකින් පක්ෂය, බෙදීම කියන අදහස. එක පැත්තකින් සාමූහික බෙදාහදා ගැනීමක් යෝජනා කරන වචනයම අනිත් පැත්තෙන් හුදකලා වීමක් බෙදීමක් යෝජනා කරනවා. අපි කරන්නෙ මොන පාර්ටිද කියල තෝර ගන්න එක අපිට බාරයි.

විකිපීඩියාවට පැරඩි එකක් විදිහට හදපු අන්සයික්ලොපීඩියා එකේ පාර්ටි ගැන ලස්සන වාක්‍ය දෙකක් තිබුණ.
‘ඇමෙරිකාවෙ ඔයාට කොහේ වුණත් පාර්ටියක් හොයා ගන්න පුළුවන්’
-ඔස්කා වයිල්ඞ්

‘රුසියාවෙ ඔයා කොහේ හිටියත් පාර්ටියට හොයා ගන්න පුළුවන්’
දෙවෙනි තැනදි පාර්ටිය කියන්නෙ පක්ෂය කියන අදහස. අපි විනෝදය සොයා යාම සහ විනෝදය අපි සොයා පැමිණීම කියන දෙකේ තියෙන භයානක වෙනස මේ වාක්‍ය දෙකේ තියෙනවා.

පාර්ටි ගැන අදහස දිගේ ඔහොම ගත වෙවී එද්දි මට ඇන්ඩෘ. ඩබ්. කේ ව මුණගැහුන. ඇන්ඩෘ කියන්නෙ ඇමෙරිකාවෙ ගායකයෙක්. මියුසික් කරන කෙනෙක්. ඒත් මේ වෙද්දි එයා ෆිලොසෆර් කෙනෙක් විදිහට අලූත් අදහස් සමාජගත කරමින් ඉන්නවා. විශේෂයෙන්ම එයා විලේජ් වොයිස් ස`ගරාවට හරිම සරල ලෞකික කාරණා ගැන ලියන කොලම ගොඩක් ජනප‍්‍රිය එකක් වුණා. ඒ වගේම ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලෙ ආරාධිත දේශකයෙක් විදිහට ගිහින් එයා පාර්ටිවල තියෙන ෆිලෝසොෆි එක ගැන කතා කළා.

”පාර්ටි කියන්්නෙම හැමතිස්සෙම සීරියස් වීමේ පීඩාවෙන් අපි ලබන නිදහස. ඒකයි පාර්ටි දාන එක අපේ ශාරීරික මානසික සෞඛ්‍යයට ගොඩක අවශ්‍ය. මං සතුට, විනෝදය කියන එක සීරියස් ගන්න කෙනෙක්. පාර්ටි කියන්නෙ අපි ඒ විනෝදය බෙදාගන්න, හොයා ගන්න තැනක්. මං පාර්ටි දාන්නෙ ජීවිතය සමරන්න.

මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්න පුරුදු වෙලා ඉන්නවා බුද්ධිමත් නම් සීරියස් වෙන්න  ඕන. මෝඩයො තමයි සෙල්ලක්කාර කියල. කිසි දේකින් ආහ්ලාදයට, විශ්මයට පත් නොවෙන, ගල්ගැහුණු මළ ස්වභාවයක් මිනිස්සු හිතනවා ප‍්‍රඥාව කියල. ගොඩක් අය සීරියස් විදිහට ඉන්නෙ ඒ අයව මෝඩ, නූගත් විදිහට අනිත් අය දකී කියල බයට. ඒත් මං කියන්නෙ ගොඩක් අයට පුළුවන් වුණොත් ‘සැබෑ මෝඩයෙක්’ විසින් අත්කර ගන්න ආත්ම අවබෝධය, ආත්්ම පරිණත බව ලබන්න ලෝකෙ මේ තරම් ගැටුම් ඇතිවෙන එකක් නෑ. ගොඩක්ම මෝඩ අනිත් අයට මෝඩයි කියල චෝදනා කරන අය බව මේ සැබෑ මෝඩයෝ තේරුම් අරගෙනයි ඉන්නෙ. තේරුම් ගැනීම කියන එක  ඕනවට අධිතක්සේරු වෙච්ච කාරණයක් කියල මෝඩයන්ට තේරෙනවා. මෝඩයො දන්නවා තමන් වගේම අනිත් කිසිම කෙනෙක් ඇත්තටම මොකක්ද වෙන්නෙ කියල දන්නෙ නැති වග.

ඔයා හැමදෙයක්ම තේරුම් ගන්න  ඕන නෑ. ඔයාට පුළුවන් නොටේෂන් දන්නෙ නැති වුණාට සංගීතයක් රස විඳින්න. මම ඉන්නෙ ඔයාට තේරුම් ගන්න නෙමෙයි. ඔයාව සතුටු කරන්නත් නෙමෙයි. මං මෙතන ඉන්නෙ ඔයාට අත්විඳින්න. මං මෙතන ඉන්නෙ ඔයත් එක්ක සාදයේ නටන්න.

මට හිතාගන්න බෑ ඇයි ලෝකෙ ගොඩක් මිනිස්සු පාර්ටි වලට අකමැති කියල. සංගීතය, කලාව, සිනහව වගේම පාර්ටි දාන එකත් ශිෂ්ටාචාරෙ මුල ඉඳන් එන දෙයක්. ඒත් හැමදාම ඒක දිහා ටිකක් පහත් විදිහට බලන පුරුද්දක් තිබුණ. මිනිස්සු හිතුවෙ ඒ විදිහට අමුම තැනින්, කෙලින්ම ජීවිතය අත්විඳින එක හරි නෑ කියල. ඒ අයට  ඕන වුනා ජීවිතයට ටිකක් උසස් තේරුමක්. පාර්ටියක තියෙන වැදගත්ම දේ වෙන්නෙ දානයක වගේ ඒකට ඉන් එහා තේරුමක්  ඕන නැති එක. පාර්ටියක තේරුම ඒ පාර්ටිය විසින්ම සම්පූර්ණ කරනවා. ඒත් දානයක තේරුම සම්පූර්ණ කරන්න නිවනක් හරි දිව්‍ය ලෝකයක් හරි මොකක් හරි  ඕනි. පාර්ටියක් කියන්නෙ විනෝදය එහි උච්චය දක්වාම අත්විඳින නිමේෂයක්.

එතනදි අපි ජීවත් වෙනවා කියන එක ගැඹුරෙන්ම අත්විඳිනවා. ඒ විනෝදය ඇතුලෙ අපේ සීමාවන් බිඳිලා ගිහින් අපිට අපිව මුණගැහෙනවා. කිසි හේතුවක් නැතුව විනෝදයේ පත්ලෙන්ම හිනාවෙන, ලස්සන මිනිස්සු අතරෙ අපිට ඒ හැමදෙයක්ම දැනෙනවා. මොකද අපි ඒ වෙලාවෙ ඒ හැමදේම හින්ද. ජීවිතේ එක්ක ආදරෙන් බැඳෙන ඒ මොහොත මාරයි.
ඒක පැවැත්ම විසින් ඉල්ලා සිටින දෙයක්. ඒ අධිකතර තෘප්තිය මැද ලබන නිදහස. පැවැත්මේ ආශ්වාදයට සමවදින නිදහස..”

(මේ ඇන්ඩෘ ඔක්ස්ෆර්ඞ් වල කරපු කතාව නෙමෙයි. ඒ කතාවට පාදක වෙච්ච අදහස් කීපයකින් මං ලිහිල්ව කරපු අනුවර්තනයක්)

මට හිතෙන්නෙ මේ පාර්ටි කියන අදහසේ මුල එන්නෙ ග‍්‍රීක ඩයෝනිසස්ගෙන්. එයා වයින් වලට අධිපති දෙවියන්. කලාවේ පීතෘවරයා. ඩයෝනිසස් තමයි මේ මත් වී ලබන විමුක්තිය  මුලින්ම දේශනා කරන්නෙ.
ඩයෝනිසස් කියන්නෙ මනුස්ස ගැහැණියකට දාව බිහිවුණු එකම දෙවියන්. එයා ඉපදෙන්නෙ සියුස්ගේ සහ සෙමිලිගේ පුතා විදිහට. සියුස් එයාගෙ බිරිඳ හේරාට හොරෙන් සෙමිලි එක්ක ආදරයක් පටන් ගන්නවා. දෙවියන් එක්ක ආදරෙන් බැඳෙන්න පුළුවන් වීම ගැන සෙමිලිටත් හරි ආඩම්බරයි. ඒත් මේ ගැන දැනගන්න හේරා පට්ට ඉරිසියාවකින් පෙළෙනවා.

සියුස් කොච්චර සෙමිලිව මුණගැහුනත් එයා එන්නෙ නිකං දැනෙන දේව ගතියක් විදිහට විතරයි. ඇත්ත ස්වරූපයෙන් පෙනී ඉන්නෙ නෑ. හේරා වෙස් වළාගෙන ඇවිත් සෙමිලිව පොළඹවනවා, ඇත්තට සියුස් දකින්න. සෙමිලි සියුස්ගෙන් ඉල්ලා සිටිනවා. සියුස් ඉතින් වෙන දේ දැනගෙන වුණත් ආදරේ හින්ද ඇත්ත රූපෙන් පෙනී ඉන්නවා. ඒ වෙලාවෙම සෙමිලි පිච්චිලා රෝස් වෙලා යනවා.

කොහොම හරි සියුස් එයා හින්ද සෙමිලිට පිළිසිඳුණු දරුවා බේර ගන්නවා. එයා තමයි ඩයෝනිසස්. සියුස් ඩයෝනිසස්ව එයාගෙ කලවයට තියලා මහගන්නවා. ඩයෝනිසස් ඉපදෙන්නෙ මව් ගැබකින් නෙමෙයි සියුස්ගෙ කලවෙන්.

ඊට පස්සෙත් හේරාගේ වෛරය ඉවර වෙන්නෙ නෑ. එයා ටයිටන්ස්ලට කියල ඩයෝනිසස්ව කෑලි කෑලි වලට කපලා මරනවා. ඒත් සියුස්ගෙ අම්මා රියා ඩයෝනිසස්ට ආයිමත් පණ දෙනවා. ඊට පස්සෙ කඳුකර දේවතාවන්ට බාර දෙනවා මේකව ලොකු කරන්න.

ඒ කාලෙ තමයි ඩයොනිසස් වනගත අ`ගනන් පිරිවරාගෙන, වයින් බොමින්, මුවහමක් පොරවගෙන කැලේ පාර්ටි දමමින් ජීවත් වෙන්නෙ.  ඩයොනිසස් අදහන අයට පල්ලියක් නෑ. ඒ අය වනාන්තරේට එකතුවෙලා වයින් බීලා මත් වෙනවා. තමන්ගේ ගැඹුරුම අවිඥානක ආශාවන් ඒ වනාන්තරේ නිදහස් කරනවා. අතට අහුවෙන සතෙක් මරාගෙන කනවා. ඩයෝනිසස් කියන්නෙ වයින්. ඇ`ග ඇතුලෙ සහ පිටත එකවර වැඩ සිටින එකම දෙවියන් ඩයෝනිසස්.

මේ ඩයෝනිසස් දර්ශනය නීට්ෂෙ ඇපලෝනියානු අනෙක් අන්තයත් එක්ක ගලපනවා. ඇපලෝ කියන්නෙ ඉරට අධිපති දෙවියන්. ඒ කියන්නෙ තර්කය. විනය. පාලනය. පිළිවෙල. ශිෂ්ටත්වය. යතාර්ථය.
ඩයෝනිසස් කියන්නෙ බීමට අධිපති දෙවියන්. එයා ගේන්නෙ අතාර්කිකය. සිහිනය. ඉක්මවා යාම. නිදහස. ප‍්‍රකෘතිය. ජීවිතය සහ පැවැත්ම. චන්දනගේ අදහසෙන් කිව්වොත් කෘෂිකර්මාන්තය වඩාත් ඇපලෝනියානු කර්මාන්තයක්. ඒත් දඩයම ඩයනෝසියානු කර්මාන්තයක්.

සොර්බා නම් වූ ග‍්‍රීකයා ලියන්න කසන්සාකිස්්ට මූලික පදනමක් වෙන්නෙ මේ ද්වන්ධය. සොර්බා කියන්නෙ ඩයෝනිසස්. බැසිල් කියන්නෙ ඇපලෝනියානුවා. සංස්්කෘතික කළ, දමනය කළ, සූත‍්‍රගත කළ ජීවිත ගත කරන අපිට ඩයෝනීසියානු පැවැත්මක සුළු හෝ නිදහසක්්  ඕනමයි. නීට්ෂෙ කියන විදිහට නියම කලාවක් බිහිවෙන්න වුණත් මේ දෙක අතරෙ නිවැරදි සංයෝගයක් සිද්ද වෙන්න  ඕන හරියට ගැහැණියක් සහ පිරිමියෙක් අතරෙ සංසර්ගයක් වගේ.

ඒක තමයි මුණගැහීම. බැසිල්ට සොර්බා මුණගැහීම. ශිෂ්ටාචාරයට වනාන්තරය මුණගැසීම. අපිට ඩයෝනිසස් මුණගැසීම.

ඉතින් දැන් ඉක්මණට අපි පාර්ටිය හොයා ගන්නවද? නැත්තං පාර්ටිය අපිව හොයාගෙන එන කල් බලන් ඉන්නවද?

-චින්තන ධර්මදාස

Saturday, September 13, 2014

අපි ආයෙත් හමු නූනා නම්...



මට කාර්ලෝස් මුණගැහීම..

මට කාර්ලෝස් රේගඩාස්ව මුලින්ම හම්බුනේ බොලිවුඞ් එකේදි. ඉටිකොල වල දාලා පෝලිම් ගහලා තිබ්බ ෆිල්ම් තොගයක් මැද්දෙදි. ඒ ෆිල්ම් එක ජේපොන්. කවරෙ තිබුනෙ හරිම වෙස්ටර්න් ෆිල්ම් එකක පෙනුමක්. කාන්තාර පසුබිමක්. ඒ හිස් ගතියත් විශේෂයෙන්ම මෙක්සිකානු වීමත් හින්ද රේගඩාස් එදා මං තෝරපු චිත‍්‍රපටි කීපය අතරට වැටුණ.

ජේපොන් වල තියෙන්නෙ මෙක්සිකෝවෙ නගරෙ ජීවත් වෙච්ච මනුස්සයෙක් සිය දිවි නහගන්න කියල ගම් පළාතකට යන කතාවක්. ඒ කාන්තාරයක් වගේ පාළු පලාතෙ වයසක ගෑණු කෙනෙක් මේ මිනිහට නවාතැන් දෙනවා. සත්කාර කරනවා. ඒත් ඒ කිසි දේකින් මේ මනුස්සයා තෘප්තිමත් වෙන්නෙ නෑ. මැරෙන්න කලින් එක වතාවක් ගැහැනියක් එක්ක යහන්ගත වීමේ උවමනාවෙන් මේ මිනිහා පෙළෙනවා. එතකොට අර වයස්ගත කාන්තාව දේව මාතාවක් වගේ මේ මනුස්සයාගේ උවමනාවට ඉඩදෙනවා.

වයස්ගත ගැහැනියකගේ අමු නිරුවත කෙලින්ම කැමරාවට ගේන රේගඩාස් ඒ නිරුවත ඇතුලෙන් අපිට අපේ මනුස්ස දුබලකම මතක් කරනවා. ඒ මොහොත ලිංගික මොහොතක් කියන තැනින් ගැලවිලා පැවැත්ම පිළිබඳ මුනිවර මොහොතක් බවට පෙරලෙනවා. මට රේගඩාස්ව අල්ලලා ගියා.

ඊට පස්සෙ එයාගෙ ෆිල්ම් ඔක්කොම හොය හොයා බැලූවා. චිත‍්‍රපටියට වඩා ඒ චිත‍්‍රපටිය නිර්මාණය වෙන මනසේ ගැඹුර මාව බැතිමතෙක් කළා. රේගඩාස් ජේපොන් චිත‍්‍රපටිය කරපු පෙරළිකාර ගතිය වෙනුවට ඈත ඉඳන් බලන් ඉන්න මුනිවර සෙයියාවට මාරු වුණා. ජේපොන් වලදි එයා චරිත පස්සෙන් ගියා. සමහර වෙලාවට චරිත ඉස්සර කරගෙන ගියා. වටේ කැරකිලා ආපහු චරිත ළ`ගට ආවා. ඒ සජීවී ඇසුර ටිකෙන් ටික මළ දාර්ශනිකත්වයක් ඇතුලෙ ගිලෙන්න ගත්තා කියලයි මගේ පුද්ගලික අදහස. පළවෙනි ෆිල්ම් එකේ තිබ්බ සාංදෘෂ්ටික ගැඹුර ටිකෙන් ටික ක‍්‍රිස්තියානි සාන්තුවර බවක් ඇතුලෙ සංසුන් වෙන්න ගත්තා. විශේෂයෙන්ම සයිලන්ට් ලයිට් වලට එනකොට.

ඒත් රේගඩාස්ගෙ ෆිල්ම් වල තිබුණ ආධ්‍යාත්මික සාකච්ඡාව දිගටම තිබුණ.

කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල එක්ක රේගඩාස් ලංකාවට ආවා. ඒක විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ වෙලාවෙ යුරෝපීය සම්මාන උළෙලවලදී දේවත්වයෙන් පිදෙන රේගඩාස් නිහතමානීව ලංකාවට ආවා. මං හිතන්නෙ විමුක්ති එක්ක යාළුකමට.

ඇවිත් එයා පොඩි වැඩමුළුවක් කළා. එතන අය අහන ප‍්‍රශ්නත් එක්ක එයා තවත් ඇතුළට ඇතුළට එයාගෙ නිර්මාණ ගැන කතා කරගෙන ගියා. ඇත්තටම තමන් කරන දේ ගැන හොඳ සවිඥාණක බවක් වගේම සිනමාව ගැන ගැඹුරු සිතා බැලීමක් එයාට තිබුණ.

සිනමාව කියන්නෙ ජීවිතයේ ගැඹුරු රහස්ය කියන දරුණු ආත්මීය තැනකින් රේගඩාස් සිනමාවට බැඳිලා හිටියා. එයාට ඒක ආගමිකයි. ඒක තමන්ගෙන් බාහිර විෂයක් වෙනුවට තමන් සොයා යන මාවතක් විදිහට එයා පාවිච්චි කළා.

රේගඩාස් ලස්සන කතාවක් කිව්වා. ජීවිතේ කියන්නෙ අපේ කතාව. සිනමාව කියන්නෙ ඒ කතාව ඇතුලෙ අපි දේවල් දකින විදිහට.

සිනමාව සංවෘත වෙනවා වෙනුවට වඩ වඩා විවෘත වෙන්න  ඕන. හරියට කවියක් වගේ. නිශ්චිත ගමනාන්තයකට හෝ කෙලවරකට යනවා වෙනුවට වඩා විවෘත තැන් කරා චිත‍්‍රපටියක් අරගෙන යන්න  ඕන. විශේෂයෙන්ම කතා කීමේ කලාව රේගඩාස් බැහැර කරනවා. ඒක සාහිත්‍යයට අයිති කොටසක් විදිහටයි එයා දකින්නෙ. ඒ වෙනුවට රූපයේ වැදගත්කමයි එයා අවධාරණය කරන්නෙ. ඒ රූපය ඇතුලෙ තියෙන කතාව, ඒ රූපය ඇතුලෙ තියෙන ජීවිතයේ මොහොත විඳින්න කරන විවෘත ආරාධනාවක් විදිහටයි රේගඩාස් එයාගෙ සිනමාව පිළිගන්වන්නෙ.

ඒක හරි ලස්සන තැනක්. ලස්සන බෙදාහදා ගැනීමක්. කෘතිය ඇතුලට පේ‍්‍රක්‍ෂකයාට ගමන් කරන්න ලොකු ඉඩක් එයා තියනවා. ඒ තිරය උඩ රූප වලට අර්ථ හැදීම පේ‍්‍රක්‍ෂකයාට බාර කරනවා. ‘යතාර්ථය කියල කියන්නෙ සවිඥානක යතාර්ථය විතරක් නෙමෙයි. යතාර්ථයට අපේ හීනත් අයිතියි’ රේගඩාස් එයාගෙ සිනමාවෙ යතාර්ථයන් ගොඩනගන්නෙ ඒ වගේ තැනක ඉඳන්. ඒක හින්දම යතාර්ථවාදයේ සීමාවන්ගෙන් ගැලවිලා තමන්ගේ අවිඥානක රූපාවලියේ ඔහේ නිදහස් වෙන්න එයා නිර්මාණකරුවා විදිහට ඉඩ තියා ගන්නවා.

චිත‍්‍රපටියක් ගැන රේගඩාස්ගෙ අදහස හරිම සරලව කියන්න පුළුවන්. ඒක හරියට අපි දකින හීනයක් වගේ. ඒක රෙකෝඞ් කරනවා. ඊට පස්සෙ අපේ යාලූවො එක්ක ඉඳගෙන බලනවා. එතකොට ඒ දකින දේ ගැන සම්පූර්ණ තේරුම අපිට කියන්න පුළුවන්ද? යම් දැනීමක් තිබුණත් අපිත් ඒ රූප වලට නැවත තේරුම් හදමිනුයි ඉන්නෙ. අධ්‍යක්‍ෂවරයා සහ එයාගේ පේ‍්‍රක්‍ෂකයා අතර සම්බන්දය ඒ වගේ එකක්.

අනිවාර්යෙන්ම තර්කයේ සීමාවෙන් එහාට නිර්මාණකරුවෙකුගේ සිතීම ගමන් කරන්න  ඕන. සංවෘත තේරුම් තියෙන සංකේත පාවිච්චි කරලා මේක කරන්න යන එක දුප්පත් වැඩක්. උදා විදිහට ලිංගිකත්වය පෙන්නන්න සර්පයෙක් පාවිච්චි කරන එක, නැත්තං කන්‍යාභාවය අහිමිවෙද්දි වීදුරුවක් බිඳෙන එක වගේ. මොකද ජීවිතේ කිසි දෙයක් අපිට සංකේත විදිහට මුණගැහෙන්නෙ නෑ. ඒවා සංකේත බවට පත් කරන්නෙ අපි. අපේ කියවීම විසින්. එහෙනම් සිනමාවෙ සංකේත පාවිච්චියත් ඒ වගේ වෙන්න  ඕන.

ඒත් මේ කියන්නෙ අතාර්කිකත්වයේ ඔහේ දිගේලි වෙන එක නෙමෙයි. හීනය දැකපු එකාට හීනය ගැන යම් දැනීමක්, යම් පසුබිමක් තිබුණ වගේ පළල් විවෘත සවිඥානක බවක් එක්කයි රේගඩාස් මේ තාර්කිකය ඉක්මවා යාම යෝජනා කරන්නෙ.

රේගඩාස්ගෙ චිත‍්‍රපටි වල සාමාන්‍යයෙන් තියෙනවා ලොමු දැහැගැන්වෙන ලිංගික දර්ශන. ඒවා අසභ්‍යයි කියල ගොඩක් විචාරකයෝ චෝදනා පවා කරනවා. ඒත් එයා මේ ලිංගික මොහොත වෙන අධ්‍යාත්මික සමාපත්තියකට අරගෙන යනවා. ඒක එදා රේගඩාස් එයාගෙ වචන වලින් හොඳට ගලපලා කිව්වා.
‘ඇත්ත සංසර්ගය තියෙන්නෙ නිරුවත් ශරීර අතරෙ නෙමෙයි. නිරුවත් ආත්ම අතරෙයි’

මේ දාර්ශනික දිග පළල අතරෙ රේගඩාස් එයාගෙ සීමාවනුත්් ඒ විදිහටම සළකුණු කළා. කෘතියට එළියෙන් ඉන්න පරිණත දකින්නා වෙනුවට සීමිත ක‍්‍රිස්තියානි පාදිලියෙක් වගේ තැනක එයා හිර වෙලා හිටියා. එකම පරම වූ පිවිතුරු සිනමාවක් ගැන හීනයක රේගඩාස් පොඩි දරුවෙක් වගේ මට පෙණුනා.

පළවෙනිම දේ වුනේ සිනමාව ස්ලෝ වෙන්න  ඕන කියල එයා දරන ඇදහිල්ල. ඒ ඇදහිල්ල අපේ සිංහල බෞද්දයො වගේ තද තැනකින් එයා බදා ගන්නවා. ඒ හින්ද අනිත් හැමදේම නරක සහ දුෂිත වෙනවා. උදා විදිහ රේගඩාස්ට අනුව හොලිවුඞ් සිනමාව ගන්න දෙයක් නෑ. ඒ මදිවට ඇමරිකාවෙ ප‍්‍රචණ්ඩත්වයට හේතුව හොලිවුඞ් සිනමාව කියලා කියන්න තරමට එයා නොමේරූ තැනක නැවතුණා. ඒ වේගය ඇතුලෙ ජීවිතය මගඇරෙනවා කියල රේගඩාස් තර්ක කළා.

ඒත් මඳවේගයට තියෙන දාර්ශනිකත්වයම ගැඹුරම වේගයටත් තියෙන්න  ඕන නේද? මඳවේගයේ දැනවිය හැකි ජීවිතය වේගයේදී දැනවිය නොහැකියි කියන කතාව අතිශය සීමිත කතාවක්. එක පැත්තකින් මේ වේගය ගැන තර්කයම සාපේක්‍ෂ වෙනවා. රේගඩාස් කියන මඳවේගය තාර්කික වෙන්නෙ අධිවේගය පැවතුනොත් විතරයි. මට දැණුනෙ මෙක්සිකෝවට ඇමරිකාව විසින් කරන කෙණෙහිලි නිසාම රේගඩාස් අතාර්කික වෛරයකින් පෙළෙනවා කියල හොලිවුඞ් සිනමාව ගැන.

උදා විදිහට ක්ලවුඞ් ඇට්ලස් වගේ චිත‍්‍රපටියක් ගත්තොත් වේගය ලේයර් කීපයක් විදිහට ඒ චිත‍්‍රපටිය ඇතුලෙ පාවිච්චි කරනවා. මඳවේගය  ඕන නම් ඒකත් අධි වේගය  ඕන නම් ඒකත් එකම කෘතියක් ඇතුලෙ පාවිච්චි කරමින් කාලය හරහා අතිශය ගැඹුරු අභිධර්මයකට ක්ලවුඞ් ඇට්ලස් චිත‍්‍රපටිය ගමන් කරනවා. ඒත් රේගඩාස් ක්ලවුඞ් ඇට්ලස් බලලා නෑ. එයා නලින්ද සිල්වා වගේ චිත‍්‍රපටිය නොබලාම විචාරය කරන ගුරුකුලයේ කෙනෙක්.

‘එතකොට ඔයා කියන්නෙ හොලිවුඞ් ෆිල්ම් වල ගැඹුරු ජීවිත සාකච්ඡුාවන් වෙන්නෙම නැද්ද? උදා විදිහට ඩාර්ක් නයිට් චිත‍්‍රපටියෙ ජෝකර්ගේ චරිතය ගැඹුරු ජීවිත සත්‍යයන් එක්ක ගනුදෙනු කරන්නෙ නැද්ද?’
මං රේගඩාස්ගෙන් ඇහුවා. එයා ඩාර්ක් නයිට් බලලත් නෑ. පිජාමා ඇඳගෙන එහේ මෙහේ දුවන බැට්මෑන් වගේ චරිත වලින් සීරියස් දෙයක් කියන්නෙ කොහොමද කියල එයා හිනාවුනා. එහෙම නිශ්චිත හැඩයන් තියෙන චරිත වලින් ජීවිතය විදාරනය කරන්න බෑ කියන අදහසේ එයා තදටම හිටියා. ඒත් එතකොට ග‍්‍රීක මිත්‍යා කතා වල චරිත වලින් ජීවිතය ගැන ගැඹුරු දේවල් කියන්නෙ නැද්ද? මං රේගඩාස්ගෙන් අහන්න ගියේ නැත්තෙ වැඩමුළුව අල වෙන හින්ද.

එයා තව මාර කතාවක් කිව්වා ඉන්දියානු සිනමාව ගැන. ඉන්දියාවෙ ඒ තරම් මන්දගාමී ජීවිත ඇතුලෙන් අර තරම් වේගවත් සිනමාවක් නිර්මාණය වෙන එක බොරුවක් කියල රේගඩාස් කිව්වා. එයාගෙ උදාහරණය වුනේ බඩුවක් ගන්න ගියත් සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙන ඉන්දියාවෙ ජීවිත සහ ඒ ගොල්ලො විසිල් ගගහා නරඹන දෙමළ චිත‍්‍රපටි.

මගේ ඇතුලෙ මේ මනුස්සයා කඩාගෙන වැටෙන එක මට ඉවසන්නත් බැරි තරම් වේගවත් වුණා. පෝලිමක් කියන්නෙ මඳවේගී තැනක්ද? කොයිතරම් ආතතියක්ද, කොයිතරම් ප‍්‍රකාශයට පත් නොවුණු වේගයක්ද, පෝලිමක් කියන්නෙම. වේගය කියන දේ ගැනත් රේගඩාස් සහ මං හිටියෙ තැන්  දෙකක.

එයාගෙ සිනමාව එයා දරන අදහස් මට ගැටළුවක් වුණේ නෑ. ඒත් අනෙක් සිනමාවන් ප‍්‍රතික්‍ෂේප කරමින් ඒවා ගැන එයා විසින් තනාගත් මනක්කල්පිත අදහස් මට දැණුනෙ බොළඳ විදිහට. ඒ හින්දම මං ආයිමත් එයාගෙ කෘති ගැන හිතන්න පටන් ගත්තා.

රේගඩාස් විසින් අපූර්ව විදිහට නිර්මාණය කළත් එයාගෙ සමස්ත නිර්මාණ පරිච්ෙඡ්දයම පාදක වෙන්නෙ බයිබලය උඩ. නැත්තං ක‍්‍රිස්තියානි අධ්‍යාත්මවාදය උඩ. පාපයේ සිට සාන්තුවරයා දක්වා පාර සුද්ද කරන එකයි එයාගෙ හැම කෘතියකම තේමාව වෙන්නෙ. මිනිසාගේ වේදනාව, පෙළීම, පාවා දීම, ආත්ම පූජාව කියන ජේසුස් වහන්සේගේ කතාවෙ වෙනස් වෙනස් වර්ෂන් එයා අතින් නිර්මාණය වුණා.

ඒක ගැටළුවක් නෙමෙයි. ඒ නිර්මාණ ඒ ගැඹුර සහ නව්‍යතාවය දරන තාක් කල් නිර්මාණ විෂය පථය ප‍්‍රශ්නයක් නෙමෙයි. උදා විදිහට පාවුලෝ කොයෙලෝ එයාගෙ විශිෂ්ට නිර්මාණ කරන්නෙත් මේ දෘෂ්ටිය ඇතුලෙ. ඒත් මේ දෘෂ්ටිය විසින් නිර්මාණකරුවාගේ දැක්ම බාධා කරන්න පුළුවන්. එකම දෙවි කෙනෙක් වගේ පැවතිය යුත්තෙ එකම සිනමාවක් කියල හිතෙන්න පුළුවන්. යහපත පමණක් සිනමාවට කැඳවිය යුතුයි වගේ දේවල් හිතෙන්න පුළුවන්. මැරලින් මැන්සන් නිසා ළමයි මිනීමරනවා ඒක හින්ද මැන්සන් කරන්නෙ ආර්ට් එකක් නෙමෙයි කියල හිතෙන්න පුළුවන්. ඒ වගේම අන්තිමට ඒ යහපත වෙනුවෙන් වාරණය කැඳවන්නත් පුළුවන්.

මාව තිගැස්සුනේ මේ තරම් නිදහස ගැන, මිනිස් පැවැත්ම ගැන කතා කරන රේගඩාස් හොලිවුඞ් සිනමාව ප‍්‍රචණ්ඩත්වය බෝ කරනවා සහ තමන්ට බලයක් තිබුණා නම් ඒ සිනමාව තහනම් කරනවා කියල කියනකොට. ප‍්‍රචණ්ඩත්වය බෝ කරන නිසා රේගඩාස් හොලිවුඞ් සිනමාව තහනම් කරන එකත් හමුදා සෙබළුන්ට අවමාන කරන නිසා ආණ්ඩුව ඉගිල්ලෙන මාළුවෝ තහනම් කරන එකත් එකම දෙයක්. දෙකම වෙනස් අදහසක් ඉවසන්න බැරි කමක්. වෙනස් පැවැත්මක් බාරගන්න බැරිකමක්.

රේගඩාස්ගේ සිනමාව ගැන පිවිතුරු අදහස සම්පූර්ණයෙන්ම කොටු වෙලා තිබුණෙ ෆ්‍රොයිඩියානු ජීවිත ආශය (ලයිෆ් ඩ‍්‍රයිව්) ඇතුලෙ. ප‍්‍රචණ්ඩත්වය කියල එයා බැහැර කරමින් ඉන්නෙ ඒකෙම අනිත් පැත්ත. මරණ ආශය (ඩෙත් ඩ‍්‍රයිව්). ජීවිතය බාර ගනිමින් මරණය බැහැර කිරීම ජීවිතය ඛණ්ඩනය කර ගැනීමක්. තමන්ගෙ ඇතුළෙන්ම පැනවෙන වාරණයක්.

උදා විදිහට රේගඩාස්ට ටැරන්ටිනෝගේ වයලන්ස් ඇතුලෙ ආර්ට් එකක් දකින්න බෑ. ‘අයි කම් විත් ද රේන්’ වගේ චිත‍්‍රපටියක මිටියෙන් පහර දෙමින් මිනිහෙක්ව ටිකෙන් ටික ඝාතනය කිරීම අධ්‍යක්‍ෂවරයා විසින් ආර්ට් එකකට පෙරළන තැන එයාට මගඇරෙනවා. එතනදි එයා සංස්කෘතික පොලිසියෙ වැඩට යනවා. හලාහල විෂ වුණත් බෙහෙතක් වෙන්න පුළුවන් කියල එයාට අමතක වෙනවා.
රේගඩාස්ගෙ ගෙදර ටීවී එකක් නෑ. එයා කියන්නෙ ටීවී බලන්න එපාමයි කියල.

‘ටීවී මීඩියම් එක ඇතුලෙ පලක් ඇති කිසි දෙයක් කරන්න බැරිද? අලූතෙන් හැදෙන හැනිබල්, ඔරෙන්ජ් ඉස් නිව් බ්ලැක්, වගේ ටීවී සීරීස් හොඳ දේවල් කරන්න ගත්ත උත්සාහයන් විදිහට ඔයා දකින්නෙ නැද්ද?’
මං දෙවෙනි ප‍්‍රශ්නෙත් ඇහුවා. ඒත් රේගඩාස් ටීවී සීරීස් බලලා නෑ. ඒක නිසා හැනිබල් වගේ කතා මාලාවක මඳවේගයම ප‍්‍රචණ්ඩත්වය සහ සෞන්දර්ය වෙනුවෙන් එකවිට පාවිච්චි වෙන තැන් ගැන එයා දැකලා නෑ. සමහර විට රේගඩාස්ගේ දැක්මෙ තියෙන අපරිණතකමම, සරලකමම, පැරඩයිම වශයෙන් වෙනස් පිහිටීම් ගන්න බැරිකමම  ඕනවට වඩා දාර්ශනීකරනය වුණාද කියලත් මට හිතුන. ඇත්තම කාරණේ එයා නරඹා ඇති චිත‍්‍රපටි ප‍්‍රමාණය අතිශය අල්පයි. ඒ බලපු ඔක්කොමත් එකම වර්ගයක ඒවා.

මේ අධිතක්සේරු වෙච්ච මන්දගාමී දාර්ශනික සිනමාව ගැන සයිට් ඇන්ඞ් සවුන්ඞ් එකේ එඩිටර් නික් ජේම්ස් මෙහෙම සටහනක් කරනවා.

”මං ප‍්‍රශ්න කරන අධිකාරිවාදයේ එක කොටසක් වෙන්නෙ මේ මන්දගාමී සිනමාවට තියෙන ආධිපත්‍යය. මේ දරුණු, වෙහෙසකර අවමතාවාදය ඉස්සරගත් සිනමාව අන්තිම අවුරුදු දහයෙදි ලෝකෙ පුරා පැතිරුණා. ජොනතන් රොම්නි කියන විදිහට ‘මූඞ් එක වෙනුවෙන් අවස්ථාව/සිදුවීම යටපත් කරමින් කරන මේ ආර්ටිස්ටික් ගේස් එක ඇතුලෙ අපිට ඒ මොහොතෙ තියෙන අවදිය, උද්දීපනය, ආතතිය මගහැරී යනවා’

මං ගොඩක් අගය කරනවා මේ විදිහෙ ගොඩක් චිත‍්‍රපටි. ඒත් මට දැන් හිතෙන්න පටන් අරන් තියෙනවා මේක විචාරකයන්ට සහ මේ සිනමා වැඩසටහන් කරන අයට මාර ලේසියක් වෙලා නේද කියල. ෆෙස්ටිවල් ගොඩක් ඒ අය විසින්ම මේ විදිහෙ නිෂ්පාදන උනන්දු කරනවා. මේ චිත‍්‍රපටි මතක තියාගන්නත් ලේසියි. විස්තර කතා කරන්නත් ලේසියි. මොකද ම් චිත‍්‍රපටි වල විස්තර ගොඩක් අඩු නිසා. මේ වගේ මන්දගාමී චිත‍්‍රපටි පේ‍්‍රක්‍ෂකයාට යෝජනා කරන දේ පැහැදිලියි. ඔබේ ඉවසීම පවත්වාගනිමින් උනන්දුවෙන් බලන් ඉන්න වගකීම ඔබ සතුයි. නැත්තං මාස්ටර්පීස් එකක් ඔයාට මිස් වෙන්න පුළුවන්.

බර්ලින් වල ගෝල්ඩන් බෙයාර් ගත්ත ලස්සනට නිර්මාණය කරපු චිත‍්‍රපටියක් වුණත් ගොඩක් වෙලාවට අනවශ්‍ය තරම් පරිසරය, භූමි දර්ශන පෙන්නමින් ගත කරනවා කියලයි මට හිතෙන්නෙ. මොකක් හරි ගුරු පාරක් දිගේ කවුරු හරි එනවා බලාගෙන ඉන්නකොට ඒකෙ ඔයාට තර්ජනයක් තියෙනවා. ඔයාට ඒක ඇති කියල හිතුනොත් ඔයා පිලිස්තීනුවෙක්. ඒ වගේ චිත‍්‍රපටි අක‍්‍රීය විදිහට ප‍්‍රචණ්ඩයි. අපේ වටිනා කාලය මොකක් හරි සෞන්දර්යාත්මකයක් හෝ දේශපාලනයක් වෙනුවෙන් බලහත්කාරෙන් ඉල්ලා සිටිනවා. සමහර වෙලාවට ඒක වටිනවා. සමහර වෙලාවට නෑ. මේ මන්දගාමී සිනමාව කාලෙකට කලින් නම හොලිවුඞ් වලට විකල්පයක් වෙලා තිබුණ. ඒත් දැන් අපිට මීට වඩා ක‍්‍රියාකාරී විප්ලවීය යමක් අවශ්‍යයි’’

අන්තිමට රේගඩාස් කිව්වෙ එයා ටීවී එකට විරුද්ද ඒක ධනවාදයට කඬේ යන හින්ද කියල. ඒත් අපේ ආත්ම ප‍්‍රකාශනයක් විදිහට ඒක යොදා ගන්න බෑ කියල රේගඩාස් කියන්නෙ අහේතුකව. අපේ රටේ විදිහට කිව්වොත් අපේ ප‍්‍රවීන අධ්‍යක්‍ෂවරු ගොඩක් ටීවී එකේ කරපු වැඩ තාම ඉස්සරහින් ඒ අයගේ චිත‍්‍රපටි වලට වැඩිය.

හොලිවුඞ් හෝ බොලිවුඞ් වගේ දැවැන්ත සිනමා කර්මාන්තයක් ඉදිරියේ තමන් පෙනී ඉන්න සිනමාව
කොයිතරම් අංශූමාත‍්‍රද සහ එය විඳිය හැකි පිරිස කොයිතරම් සුළුතරද කියන ප‍්‍රායෝගික නිහතමානී තේරුම් ගැනීම සහ බාරගැනීම සිනමා සිතන්නෙක් විදිහට රේගඩාස් ළ`ග තිබුණෙ නෑ. ඒ වෙනුවට පරම වූ ශූද්ධ සිනමාවක් වෙනුවෙන් එයා කුරුස යුද්දෙකට බැහැලා හිටියා.

පැවැත්ම ගැන පරිණත දැක්මක් ඇති නිර්මාණකරුවෙක් මුණගැහීමේ භාග්‍යය මට අහිමි වුණා. ඒ වෙනුවට නිර්මාණ ඇතුලෙ පරිණත දක්ෂ නිර්මාණ තනන්නෙක් විතරක් මට මුණගැහුන.

සමහර වෙලාවට අපේ වීරයො අපිට කවදාවත් මුණ නොගැහෙනවා නම් හොඳයි. නැත්තං ඇත්තට ඉතුරු වෙන්නෙ බැට් මෑන් වගේ පිජාමා අඳින වීරයො විතරයි.

-චින්තන ධර්මදාස

Sunday, September 7, 2014

ඔබටත් එහි අසුනක් නැත.


මේ ටයිට්ල් එක ගත්තෙ පොඩි තිසරගෙන්. ෆෙස්ටිවල් එකේ ෆිල්ම් බලන්න ඇවිල්ලා හැරිලා යන මහා ජනකාය මැද්දෙ අපිත් ඉඳිද්දි පොඩියා ජොලියට කිව්ව කතාවක් ඒක.

ෆෙස්ටිවල් එකේ පෙන්නන කිසිම ෆිල්ම් එකකට ඇ`ගිල්ලක් ගහන්න බැරි තරම් සෙන`ග. බලන්න  ඕන නම් පැය දෙකකට විතර කලින් පෝලිමේ හිටගන්න වෙනවා. හැරිලා එන්න වුණත් මට තිබුණෙ ත‍්‍රිල් එකක්. ෆිල්ම් බලන්න මෙහෙම මිනිස්සු ආවෙ කවදද? ඇරත් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් බලන්න. සිරි පැරකුම් වගේ නම් හිතාගන්න තිබ්බා.

‘පළවෙනි වතාවට නොමිලේ පෙන්නන ෆිල්ම් දෙකක්ම හවුස් ෆුල්’
මං ෆේස් බුක් කමෙන්ට් එකක දැක්කා.

මිනිස්සු රණ්ඩු වෙනවා පෝලිමේ ඉඳගෙන ඇතුළට රිංගගන්න. දුර ඉඳන් ආපු අය අ`ඩ අ`ඩා ආපහු යනවා. වතුර, කෑම, පඩිය ප‍්‍රශ්නයක් වෙච්ච ලංකාවෙ මිනිස්සුන්ට පළවෙනි වතාවට චිත‍්‍රපටිත් ප‍්‍රශ්නයක් වෙලා. ඒක මරු.

දවස පුරා ඇවිද ඇවිද චිත‍්‍රපටි බලලා රෑ වෙලා ගෙදර ඇවිත් බලපු ෆිල්ම් ගැන කයිය ගගහා නිදාගන්න පුළුවන් කික් එකක් තියෙන දවස් කීපයක්. ෆෙස්ටිවල් එකේ වැදගත්ම දේ වෙන්නෙ පෙන්නන චිත‍්‍රපටි නෙමෙයි. මේ විදිහට එකතු කරන සංස්කෘතිය. චිත‍්‍රපටි අතරෙ මුණගැහෙන යාලූවො. හවුස් ෆුල් වෙලා එලියට වැටුණම කොහේ හරි බීර බිබී ඊළ`ග එක පටන්ගන්න කල් ගතවෙන පැය කීපය.

හඳයා ෆෙස්ටිවල් එක පටන් ගනිද්දි කිව්වා වගේ ‘මේක ලංකාවෙ ජීවිතය වෙනස් කරන සතියක් වීම’ කොහොම වුණත් දවස් කීපෙකට හරි කීපදෙනෙකුගෙ හරි ජීවිත ජීවත් කරන සතියක්. හුස්ම ගත්තම දැනෙන්නෙ සිනමාව ගානට කොළඹ සිනමාකරණය වෙච්ච සතියක්.

හැම දෙයක්ම පොසිටිව් විදිහට ගලාගෙන යද්දි ටිකක් වෙනස් විදිහක අදහසක් ලංකා නිව්ස් වෙබ් එකේ පළවුණා. ඒක වැඬේ ගැන නිර්ණාමික විවේචනයක්. නොදැක්කා වගේ ඉන්න එක හොඳම ප‍්‍රතික්‍ෂේප කිරීමේ විදිහ කියල ගොඩක් අය හිතපු නිසාද කොහෙද ඒක වැඩිය ෂෙයාර් වුණේ නෑ.

මඩක්, ඉරිසියාවක් වගේ ගොඩක් සරල කපා දැමීම් වලින් මේ හුදකලා ලියමන බැහැර කරන්න පුළුවන් වුණත් මං කැමතියි අපේ විනෝදයට විරුද්ද අදහස් වලට. ඒ විදිහෙන් එක එක පැත්තෙන් දේවල් කැපෙනවට කෙටෙනවට. ඒකෙන් පොඩි බැලන්ස් එකක් හැදෙනවා. ඒක හින්ද ඒ ලියමන මං පත්තරේට ගේන්න තීරණය කළා.

-”බොහෝ දෙනෙක් මේ දිනවල උනන්දුවෙන් කථාකරන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පාඨය ‘ඔබට අසුනක් එහි ඇත’. නමුත් අපිට අසන්නට ප‍්‍රශ්ණයක් තිබේ. මෙවැනි ප‍්‍රශ්ණ කිරීම් බොහෝ දෙනෙකුගේ ආතල් කඩනා බවට සැකයක් නැත. විමුක්ති ජයසුන්දර, බූඩි කීර්තිසේන වැනි අයගෙන් අපි මෙවැනි පන්නයේ අසන්නට යන්නේ නැත.
රාජපක්ෂ යුගයේදී සිදුවූ හොදම ක‍්‍රියාවවන්නේ පිළිම ලෙස පෙනී සිටි මේ සමාජයට වින කෙටූ අයගේ පිළිමවල හිස් බව ඒවා කුඩූ පට්ටම් වී ගොස් හීලෑ ”චින්තන පැටවුන්” බවට පත්වූ ආකාරයයි. ජැක්සන් ඇන්තනිගේ සිට විමුක්ති ජයසුන්දර දක්වා සියලූ අය හීලෑ චින්තන පැටවුන් වූ අයුරු ඒ පන්නයේ උදාහරණ වෙයි.
ඒත් තවමත් තැන් තැන් වල විකල්ප ලෙස පෙනී සිටිමින් තවදුරටත් එක් රැුස්කරගන්නා සමාජ ප‍්‍රාග්ධනයෙන් ඊළග සමාජ තලයට පැනීමට හෝ නැතිනම් ‘චින්තන බෝනස්’ ලැබීමට ඞීල් දාගන්නා අයද සමාජය ඉදිරියේ නිරුවත් කිරීම ”කොළඹ ජාත්‍යයන්තර සිනමා ප‍්‍රදර්ශණය ” විසින් සිදුකරන එකම මහගුම කාර්ය බව අපගේ හැගීමයි.
එම නිසා අප මේ ප‍්‍රශ්ණය අසන්නේ සිනමා උළෙලේ අධ්‍යක්ෂක අශෝක හදගමගෙනි’-

ඔය විදිහට වටේම කට්ටියට හරිම එක්සියානු විදිහට නෙළාගෙන ඇවිල්ලා හඳයාව තනි කර ගන්නවා. මේක හරි ලස්සන වැඩක්. උළෙලේ කන්‍යාභාවය ප‍්‍රශ්න කරන මේ ලියමනේ වගඋත්තරකාරයා හඳගම වෙන එක. එක පැත්තකින් මේ ලියන කෙනා ලියමනේ සාරය විදිහට බෙදාගන්නා දේ බෙදා ගත හැකි එකම චරිතෙ විදිහට එයා හඳගමව සළකුණු කරනවා. තමන් හා එකම සාරයක් බෙදාහදා ගනිමින් ජීවත් වෙන අනෙකා කියන්නෙ ආදරයක්. මේක ආදරය ගැන ප‍්‍රශ්නයක්.

-”අශෝක , ඒ කොළඹ අර ඔයා ඉස්සර කියපු කොළඹ, අර හමුදාව පාක් හැදීමේ සිට උද්‍යානයේ ඇවිදිය යුතු මාර්ගය සමබන්ධව පවා අණ දෙන කොළඹ ඔය කියන ලෙස ඉඳ ගැනීමට අසුන් තිබෙද ?
ජැකලීන් ෆර්ඩිනැන්ඩස් කොළඹ ඉන්ඩිපෙන්ට් ආකේඞ් හී ආප්ප කඩයක් දැමීමට වඩා කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල තක්කඩි වන්නේ ඒ අර්ථයෙනි”-

ඔහොම ලියන අතරේ ආණ්ඩුවෙ සැ`ගවුණු ව්‍යාපෘතියක් විදිහට මේ උළෙල සළකුණු කරනවා. මේ දෙක අතර සම්බන්ධය ගැලපීම කොයිතරම් සාධාරණද කියන ප‍්‍රශ්නෙ මට ඉතුරු වුණත් මේ උළෙල අතරෙ කොළඹ ඇත්තට පවතින වෙනස් යතාර්ථයකුත් මතු කරන එක සාධනීය වැඩක්. දේශපාලනිකව ඒක හොඳයි.
ඒත් මේ ඒක මෙහෙම නම් අරක එහෙම වෙන්්නෙ කොහොමද වගේ එකක් මත පිහිටා අනෙක ප‍්‍රශ්න කරන න්‍යාය නම් බොළඳයි. උදා විදිහට කොළඹ මිලිටරීකරණය වී ඇති නිසා කොළඹ සම්මාන උළෙලක් කරන එක ආර්කේඞ් එකේ ආප්ප කඩයක් දාගන්නවා වගේද? මට හිතෙන්නෙ ඒකෙ ප‍්‍රතිවිරුද්ද පැත්ත.

මිලිටරීකරණය වෙලා තියෙන, නිදහස අහිමි කොළඹට වාරණය නොකළ චිත‍්‍රපටි වැස්සක් අරන් එන විප්ලවීයයි. රීගල් මැජෙස්ටික් එම්පයර් වගේ හෝල් වල මේ වගේ ෆිල්ම් නොමිලේ පෙන්නන එක මාරයි. සමහර වෙලාවට හු`ගක් හොඳ දේවල් වෙන්නෙ හු`ගක් නරක කාල වල. කරන්න දෙයක් නෑ. නිදහස අහිමි වීම නරකයි. ඒත් ෆිල්ම් ෆේස්ටිවල් එක හොඳයි. මේ දෙකෙන් එකක් යතාර්ථයක් විදිහට බාර අරන් අනෙකට පහර දෙනවා වෙනුවෙට මේ දෙකම මේ මොහොතෙ පවතින තත්වයන් දෙකක් විදිහට පිළිගන්න තරමට අපි ටිකක් මැචුවර් වෙන්න  ඕන. චතුස්කෝටික වෙන්න  ඕන.

-”කොළඹ යනු හුදු නගරය නොව රාජපක්ෂ රෙජීමයේ මොඩල් එක බවට පත්වී තිබේ. ඒකාධිපති පාලනයේ සියලූ මර්ධනකාරී පිළිවෙත වැසීමේ අයිසින් වැස්ම කොළඹය. ජර්මනියේ හිට්ලර් පාලන සමයේ මොඩලය බවට පත්වූයේ ගේ‍්‍රට් ජර්මනියා ලෙස හැදින්වූ බර්ලින් නගරයි. එවිට එය නිකම්ම එක නගරයක නමක් නොව නොව ඒකාධිපති ව්‍යාපෘතියේ එක් ප‍්‍රබල සංකේතයකි.
රාජපක්ෂ විසින් සිය සහෝදරයාට ආරක්ෂක අමාතංශයේ ලේකම්කම පමණක් නොව නාගරික සංවර්ධන අමාතංශයේ ලේකම්කමද බාර දෙන්නේ තමන්ගෙ ඒකාධිපති මිලිටරිකරණයට අනුව කොළඹ හැදීමටය. ඒ අනුව රාජපක්ෂ රේජීමයේ කොළඹ යනු මීට පෙර තිබූ කොළඹ නෙවේ. අනෙක් කරුණ නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ අන්තර්ජාතික සිනමා ප‍්‍රදර්ශණයට මුල්‍ය සහ සියලූ අනුග‍්‍රහ දැක්වීම (නම් සදහන් නොකොට) සම්බන්ධව අප පුදුම විය යුතු නැත”-

මූල්‍ය අනුග‍්‍රහ සැපයීම වගේ කතන්දර ටිකක් භාවාතිෂය වැඩි වුණත් ආණ්ඩුවේ අනුග‍්‍රහයක් නැතුව මේ වගේ උළෙලක් පවත්වන්න බැරි එක සරල ඇත්තක්. ඒ හින්ද ආණඩුව වෙනස් වෙනකල් සිනමා උළෙලක් හෝ ඒ වගේ වැඩක් නොකර බලන් ඉන්නවට වඩා ආණ්ඩුව එක්ක යම් එක`ගතාවයක් ඇතුව ඒ ආර්ට් වැඩ කරන එක අතිශය ප‍්‍රගතිශීලීයි. මොකද මොන ආණ්ඩුව ආවත් ඔය කියන නිදහස සාක්ෂාත් නොවෙන හින්ද.

දේශපාලන වෙනසට වඩා මේ මොහොතෙ වැදගත් සංස්කෘතික වෙනසක් හින්ද. හැමදාම ආණ්ඩුවලට බැණ බැණ වැඩක් නොකර ඉන්න වමේ කම්මැලි මැට්ටන්ට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් වුණත් හඳගම මේ වෙනස බාරගත්ත එක හරි. ඒක හින්ද දෙදරා යන ඒ්කමිතික පරණ වමේ ලව් සම්බන්ධතා ප‍්‍රශ්න වෙන එකත් හරි.

අනිත් පැත්තට ආරක්‍ෂක ලේකම් හරි වෙන ආණ්ඩුවෙ ලොක්කෙක් හරි නිර්නාමිකව මේ වගේ වැඩකට සහාය දෙන්න තීරණය කළා නම් ඒක මරු. කිසිම ආණ්ඩුවක් මෙච්චර කාලෙකට නමක් නොගහා කක්කුස්සියක් වත් විවෘත කරලා නැති අතරෙ මේ විදිහෙ දැවැන්ත විකල්ප වැඩකට එහෙම සහායක් දුන්නා නම් ගෝඨාභයටත් ස්තුතිවන්ත වෙන්න  ඕන. ඒක දියුණු පියවරක්.

මොකද අන්තිමට වැදගත් වෙන්නෙ දියුණු අදහස් කියන එක විතරක් හින්ද. ඒක ආණ්ඩුවෙන් කරනවද වමෙන් කරනවද කියන එක නෙමෙයි. දියුණු අදහස් සමාජගත වෙනවා නම්, හිරවුණු, මිරිකුණු බව වෙනුවට සතුට බෙදාහදා ගැනීම සමාජගත වෙනවා නම් එතනදි ආණ්ඩුව හෝ දේශපාලනය කියන්නෙ ගමේ ප‍්‍රශ්නයක්. මොකද මට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්දව තියෙන ලොකුම විවේචනය නිදහස සහ විනෝදය බාධා කිරීම. සිතීම බාල කිරීම. මේ සිනමා උළෙල වැඩක් විදිහට ඒ සීමාවන් තාවකාලිකව හරි ජයගනිමින් ඉන්නවා.

මට අනුව මේක රාජපක්‍ෂ දේශපාලන සිතීමට (පාලනයට, සීමාවට) ප‍්‍රතිවිරුද්දයි. ඒ ප‍්‍රතිවිරෝධයන් සියල්ල එක විට පැවතිය හැකි වපසරියක් විදිහට ආණ්්ඩුව කොළඹ නිර්මාණය කරනවා නම් එක ලොකු දෙයක්.
ලියුම්කරු ඊට පස්සෙ දැන් ජැක්සන් සහ සෝමරත්නට හිමිවෙලා තියෙන තැන හඳගමලාට විමුක්තිලාට ලැබෙමින් තියෙනවා කියල විශේලේෂණය කරනවා. මට තේරුම් ගන්න බැරි වුණේ ඒක එහෙම වෙනවා නම් අර්බුදයක් වෙන්නෙ කොහොමද කියල. හඳගමට හෝ විමුක්තිට ආණ්ඩුවෙන් තියෙන පුද්ගල ලාභ කියන සොච්චම (මේ ලියුම්කරු ඉ`ගි කරන) පැත්තකින් තිබ්බොත් වඩා හොඳ රූප ආඛ්‍යාන සහ අදහස් ඇති සිනමාවක් ඒ හරහා ඇති වෙන එක ලොකු දෙයක්. මේ වෙසක් නාට්‍ය වගේ චිත‍්‍රපටි වෙනුවට එහෙම නම් දියුණු චිත‍්‍රපටි හැදේවි. ඒවා ආණ්ඩුවට පක්ෂපාත ඒවද නැද්ද කියන එක වෙනම විවේචනයක්. පළවෙනි දේ සිනමාවක් විදිහට ඒවායේ දියුණු ගොඩනැංවීමක් තියෙන එක.

මේ ලියුම්කරු අතිශය ලාංකේය ගැටළුවක් වටෙයි කැරකෙන්නෙ. ඒ සර්ව සම්පූර්ණ හොඳ ප‍්‍රතිරූප හෝ සාරයන් ගැන අපේක්‍ෂාව. ඒක හරියට දූෂණ සිද්ද වෙච්ච නිසා හයිවේ හොඳ නෑ කියනවා වගේ. සල්ලි ගහන නිසා කොළඹ දැන් ලස්සනයි කියල පිළිනොගන්නවා වගේ. මගේ අදහස සල්ලි ගැහීම හෝ දූෂණය නරකයි. ඒත් හයිවේ හැදීම සහ කොළඹ අලංකරණය හොඳයි. එකක් හින්ද අනික හොඳ හෝ නරක වෙන්නෙ නෑ.

මේ ලියමනේ අවසානයෙ ඉතුරු කරන්නෙ දැන් හඳගමලාත් මේ විකල්ප සිනමාකරුවොත් ඉන්නෙ ආණ්ඩුවෙ සාක්කුවෙද කියන ප‍්‍රශ්නෙ. මේ විදිහෙ අනුග‍්‍රහ ලැබීම හරහා ආණ්ඩුවෙ හැම කුණුගොඩක්ම කර ගහන්නත් අන්තිමට ආණ්ඩුවෙ ඡුන්ද කැම්පේන් කරන්නත් මේ චිත‍්‍රපටිකරුවන්ට සිද්ද වෙයිද කියන එක. ඒක ගැන මට උත්තරයක් නෑ. මොකද ඒක පුද්ගලික කාරණයක්. ඒත් එහෙම වුණත් ඒකෙන් කොළඹ ෆිල්ම් ෆෙස්ටිවල් එක අවුල් කියන්න හේතුවක් නෑ.

මං හිතන්නෙ අපි ඉගෙන ගන්න  ඕන හි`ගන්නාගෙ න්‍යාය. හි`ගන්නෙක් ජීවත් වෙන්නෙ අතපාලා. ඒ මනුස්සයා කන්නෙ අඳින්නෙ අපි දෙන රුපියලෙන් දෙකෙන්. ඒත් කොයි වෙලාවකවත් ඒ මිනිහා ඒ රුපියලට අපිට දෙකට නැමෙන්නෙ නෑ (රුපියල දෙන වෙලාවෙ හැර) අඩු ගානක් දුන්නොත් කුණුහරුපෙන් බණින්නත්, අපේ බලය තුට්ටුවකට මායිම් නොකර ඉන්නත් තියෙන නිදහස සහ අභිමානය ඒ මිනිහා තියාගන්නවා. හි`ගා ගත්ත රුපියලට හි`ගන්නෙක් කවදාවත් ජීවිතේ පාවලා දෙන්නෙ නෑ.

තමන් ගත්ත උදව්වක් හින්ද හැමදාම උදව් කරපු කෙනාට කඹුරන අදහස මධ්‍යම පාංතික එකක්. ඒක හරි මාඤ්ඤමිකයි. අපේ අවශ්‍යතාවය වෙනුවෙන් එක`ගතාවයකට යන්නත් විවේචනය කළ යුතු වෙලාවෙදි විරුද්ධව යන්නත් පූර්ණ නිදහස අපි අපි ළ`ග තියාගන්න  ඕන.
ඒක දේශපාලනික දෙයක් නෙමෙයි. ආත්මීය දෙයක්.

චින්තන ධර්මදාස