Monday, March 25, 2013

දැනගෙන ගියොත් වත්තල- නොදැන ගියොත් මත්තල

සමහර වෙලාවට නිකම්ම කණට වැටෙන පොඩි වචන කෑලි අපි හිතනවට වඩා ගැඹුරු ටි‍්‍රප් එකක් ඔලූව ඇතුලෙ හදන්න පුළුවන්. මං හෙඩිමට ගත්තෙ මෑතදිම මගේ කනේ හැප්පිච්ච එක. මත්තල එයාර් පෝර්ට් එකත් එක්ක දැනගෙන ගියොත් කටුනායක පැත්තට නොදැන ගියොත් හම්බන්තොට පැත්තට කියන ලයින් එක ඊට වඩා ගොඩක් තේරුම් කියන්න පුළුවන්. මේ වාග්-මනෝමය සම්බන්ධතා කියවන්න විෂයික දැනුමක් තියෙන කෙනෙකුගෙ අපිට ලොකු අඩුවක්. උදා විදිහට ඒක ජේබී දිසානායකට කරන්න බෑ. වචන කීපයක් එහාට මෙහාට පෙරළනවාට වඩා එහා දේශපාලනික සංස්කෘතික අවකාශයක් දක්වා ඒ වාග් මනෝමය සම්බන්ධතා එලිපෙහෙලි කරන්න පොඩි නිර්මාණශීලී කෑල්ලකුත්  ඕන. සන්නස්ගලට ඒක සෑහෙන දුරට තිබ්බත්  ඕන කරන විෂයික පරාසය හා විනය නැති හින්ද ටිකක් මතුපිට හරියක නවතිනවා. (මට කොහෙත්ම ඒ ගැන දැනුමක් නෑ)

සන්නා මෑතක කියපු ලස්සන කතාවක් ෆේස් බුක් එකේ දැක්කා. නිහාල් නෙල්සන්ගෙ ‘ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ’ ගැන.

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ

මේ වචන හේමසිරි හල්පිට නැතුව මහගමසේකර ලිව්වා කියල හිතන්න සන්නා යෝජනා කරනවා. එතකොට දැනෙන සම්භාව්‍ය ෆීල් එක ඇයි නිහාල් කියද්දි අපිට මග ඇරෙන්නෙ. එතන තියෙන්නෙ සම්භාව්‍ය කැම්පේන් එකකට අපි දන්නෙ නැතුව අහුවුන තැනක්. අමරදේව හෝ නන්දා මාලනී කියන මඤ්ඤං සිංදුවක් වුනත් මාර වෙන්නෙයි ලංකාවෙ පට්ට වැඩ ටිකක් අපිට මග ඇරෙන්නෙයි අපි ඇත්තටම රසයක් නාඳුනන සමාජයක් හින්ද. කවුරු හරි, ඉස්කෝලෙ හරි, විශ්ව විද්‍යාලෙ හරි මේක තමයි මාර කිව්වොත් අපිට අපේ මාර එකක් ගැන ඉන් එහා දැනීමක් නෑ. ඒක අපේ අධ්‍යාපනය කියල දෙන සංස්කෘතික දැනුමෙ තරම. ඉතින් අපි අතර ඉන්න ගොඩක් අය ලියන, කියන දේවල් මොනවද කියල ඒ ගොල්ලො දන්නෙ නෑ. අර සම්භාව්‍ය කියන වගේ එකට ට‍්‍රයි කරනවා. ෆිල්ම් වල ඒක කාන්, බර්ලින් වගේ චිත‍්‍රපටි උළෙල වලින් තීන්දු කරනවා. සංගීතයෙ ඒක අමරදේව ළ`ගින් නතර වෙනවා.

නිහාල් නෙල්සන් කියන්නෙ ජෝතිපාල වගේම අපි නොදැක්කා වගේ හිටපු තවත් ගායකයෙක්. ලංකාවෙ ටැරන්ටිනෝ චිත‍්‍රපටියක් කරනවා නම් එයා මෙහේ සංගීතයෙන් පාවිච්චි කරන්නෙ එක්කො නිහාල් නෙල්සන් නැත්තං එම්එස් ප‍්‍රනාන්දු. ඒ ඉන්දියාවෙන් එහාට ගිය වෙනස් සංගීතයක වෙනස් ත‍්‍රිල් එකක් ඇතුලෙ ඔරිජිනල් ලංකාවෙ අත්දැකීම් කියන්න ඒ ගොල්ලන්ට පුළුවන් වුණා.
ඒත් අපි දන්නෙ නෑ අඳුර ගන්න
කවුරු හරි කිව්වොත් මිසක

ඒත් මේ සාහිත්යඉක වෙනස සමාජ මනෝ විද්‍යාත්මක අවකාශයක් එක්ක විධිමත් විග‍්‍රහයකට යන්න සන්නාට බෑ. ඒක එයාගෙන් බලාපොරොත්තු වෙන එකත් වැරැුද්දක්. අපේ විශ්ව විද්‍යාල ඇතුලෙ ඒ නිර්මාණාත්මක බව නෑ.

යුද්දෙන් පස්සෙ මං ඒ වගේ අහපු තවත් මරු ලයින් එකක් ‘කැබිතිගොල්ලෑව වගේ කට්ටියම වැටිලා’ කියන එක. යුද්දෙදි කැබිතිගොල්ලෑවෙ මළ සිරුරු විසිරිලා තිබ්බා වගේ දැන් බීලා වැටිලා ඉන්න උන් ගැන ලයිව් චිත‍්‍රයක් දෙන්න ඒ ලයින් එක මරේ මරු. අනිත් පැත්තෙන් යුද්දය ගැන අත්දැකීම් වෙනස් වින්දන කලාපයන් කරා තල්ලූ වෙන හැටි ගැන ටිකක් ගැඹුරු කතාවකුත් මෙතන තියෙනවා. මේවා සමාජ මනස ගැන විකෘත නොවූ ගවේෂණ කලාප විදිහටයි මට තේරෙන්නෙ. ඒත් අපි  දේශපාලනය සමාජ විද්‍යාව වගේ දේවල් කරන්නෙ පොත් උඩ විතරයි. අපේ සිදතා කියන විදිහට,

‘ඔෂොලා ක‍්‍රිෂ්ණමූර්තිලා හොඳයි කියවන්න. කරන්න ගියොත් කෙළ වෙනවා’
-සිදත් අර්චන

අනිත් එක කට කතා.
‘දැන් බීබීඑස් අලූත්ම යෝජනාව එන්නෙ කොත්තුවට විරුද්දවලූ. ඒ කොත්තුවෙ සද්දෙ නිසා ශබ්ද දූෂණය වෙනවා කියල. කොත්තු කඩ ගොඩක් කරන්නෙ මුස්ලිම් අය හින්ද ඒ හරහා තව අර්බුදයක් පටන් අරන් එතනින් මුස්ලිම් පල්ලියෙ ලවුඞ්ස්පීකරේ දක්වා ශබ්ද දූෂණ ප‍්‍රශ්නෙ ලොකු කර ගන්නවලූ. මේ නිසා එන යෝජනාව කොත්තුව ගොළු කිරීම. සද්ද නැතුව කොත්තු හැදීම. එතකොට අපි කන්නෙ ගොළු කොත්තු’
මේ කතාවෙ ඇත්ත නැත්ත මොනවා වුනත් ෆික්ෂන් එකක් විදිහටත් ඒක මරු. මොකද අපිට හිනා යන්නෙ ඇත්තත් ඒ තරමටම ළ`ග හින්ද. ගොළු කොත්තු කියන්නෙ මාර සංස්කෘතික වෙනසක්. ටවුන් වල පාළුව කපපු, රහ ගැන කියපු ඒ සද්දෙ ගොළු කරන එක අමරදේව නැති වෙනවට වඩා අපරාදයක්. ලංකාවෙ සංගීතෙට වඩා ඇත්තටම රැක ගන්න  ඕන නොයිස් (සද්ද). අපේ සංස්කෘතිය ගැන ලොකු කතන්දර කියන කවුරුවත් මේ වෙනකං අපේ සද්ද සංස්කෘතිය ගැන කතා කරලා නෑ. (මං මේ අත තියන්නෙ අජිත් කුමාරසිරි ගෙ කලාපයකට). අජිත් ඒකට පාවිච්චි කරන්නෙ නොයිස් කන්ස්ටිටියුෂන් එක. සද්ද ව්‍යවස්ථාව. මට අනුව නොයිස් කල්චර් එක. කොත්තුවෙ සද්දෙ කියන්නෙ අපේ නාගරික සද්ද සංස්කෘතියෙ ලොකු කොටසක්. ඇත්තටම ? කල්චර් එක කියල ඉතුරු වුනේ එච්චරයි. මට ගොළු කොත්තුව ගැන අදහස මාර වෙන්නෙත් බීබීඑස් ගැන ඒක මරු විග‍්‍රහයක් වෙන්නෙත් මේ ලොකු කතාව හින්ද. අනික ඒක දේශපාලනය ගැන හන්දියෙ ප‍්‍රජා අදහසක්. පත්තර අදහසක් නෙමෙයි.

මෙච්චර වෙලා වත්තල පැත්තට ආපු මං දැන් මත්තලට මාරු වෙනවා. මත්තල එයාර් පෝර්ට් එක ගැන ප‍්‍රචාරක දැන්වීම් ටික තරම් අවංක දැන්වීම් පෙළක් මං දැකලා නැති තරං. මත්තල ගැන හැම සීරියස් සංවාදයක්ම එතනින් කැන්සල් වෙනවා කියලයි මං හිතන්නෙ. මත්තල කියන්නෙ ළමයින්ට සෙල්ලම් කරන්න හදපු තැනක් කියලයි සම්පූර්ණ ඇඞ්වර්ටයිසින් කන්සෙප්ට් එක වුනේ. එයාර් පෝර්ට් එකක් විදිහට ඒකෙන් ලැබෙන සේවාවන් ගැනවත් ඒකෙ තියෙන පහසුකම් ගැනවත් නෙමෙයි කතාව තිබුනෙ. පොල්ල යටින් කකුල දාගෙන බයිසිකල් පදින කොලූ ගැටවුන්ට සහ ලංකාවෙ පළවෙනියා ගත්ත දරුවා ඇතුළු ප්ලේන් සෙල්ලම් කරන්න කැමති ගොඩක් දරුවන් වෙනුවෙන් මත්තල එයාර් පෝර්ට් එක විවෘත වෙන වග කියන එක මං හිතන්නෙ හරිම අවංක කතාවක්.

එක පැත්තකින් ඒක ළමයින් වෙනුවෙන් හදපු ගුවන් තොටුපොල වග කියන ගමන් අනිත් පැත්තෙන් ලෝකයේ හුරතල්ම ළමා පරපුර වුණු සමස්ත ලාංකේය ජනතාව වෙනුවෙන් මත්තල එයාර් පෝර්ට් එකක් අරින වගත් කියනවා. කියන දෙයක් විතරක් බාර ගන්න වෙන දෙයක් වෙනකං බලන් ඉන්න අපි තරම් හොඳ ළමයි ඉන්න රට කොහෙද? ඒ ළමයින්ට සෙල්ලං කරන්න එයාර් පෝර්ට්, වරායවල් හදන ආදර්ශමත් වෙනත් රටක් කොහෙද? ගොසිප් වලට කමෙන්ට්ස් දාන ‘හසන්ත සහ සූරියප්පෙරුම’ මේක කිව්වා නං හු`ගක් ලස්සනට කියනවා.

ඒ විදිහෙන් විචාර අදහස් පළ වෙන එකත් හරි අලූත් නිර්මාණ කලාපයක්. ‘මට සිද්දිමය දත්ත වලට වඩා වටින්නේ දෙන්නේ ප‍්‍රමෝදමය සත්‍යයන්’ (ඔලූව ඇතුලෙ අවබෝධයේ ත‍්‍රිල් එක දෙන) කියල මං කැමතිම ඩිරෙක්ටර් කෙනෙක් වුණු වර්නර් හර්සොග් කියනවා.

ඇයි මාව කලින් දැකලා නැද්ද?


ලසිත් මාලිංග කොළඹ එන්නෙ බෝල ගහන්න. බෝල ගහන එක ලංකාවෙ ජනතාවට ජාතික ප‍්‍රශ්නයක් වුනාට ඒක ලසිත් මාලිංගට අදාල නෑ. එයා කරන්නෙ බෝල විසි කරන එක. ඒත් වැදගත්ම දේ එයාට ස්ටයිල් එකක් තිබුන. බෝල විසි කරන ස්ටයිල් එකක් වගේම එයා වෙන සංස්කෘතික අවුලක් කළා. එයා සිංහයට ඇන්දා. ලංකාවෙ ක‍්‍රිකට් බලන ජනතාව තනකොල පිට්ටනියක් උඩ ජාතික මට්ටමේ  ඕර්ගි (සාමූහිකව කරන රති ක‍්‍රීඩා) එකක් දාලා සුරතාන්තයට පත්වුනා.

ඉස්තෙපාන් කියන විදිහට ක‍්‍රිකට් තමයි ලංකාවෙ හොඳම දේ. එතනදි අපි ජාති ආගම් බේද නැතුව එකට හිතන්න ගන්න හින්ද. ගම් නගර බේද නැතුව එක වෙලාවක ටීවී එක ඉස්සරහ හිට ගන්න විනයක් තියෙන හින්ද. පොලිසිය ජනතාව හැමෝම එක ආතල් එකක් බෙදා ගන්න හින්ද. ක‍්‍රිකට් කියන්නෙ අපේ සිංහල අවුරුද්දට වඩා අපේ ඇත්ත සංස්කෘතික කෑල්ලක් සහ ඒක හොඳයි කියලයි ඌ කියන්නෙ. එකක් අපි ඒ වැඬේදි දක්ෂයි. වෙන මොන වැඩකදිවත් අපි ලෝක මට්ටමේ දක්ෂයන් නෙවෙයි. අපේ අපේ කියන හැම දේකදිමත් ලෝකෙ අනිත් උන් අපිට වඩා දක්ෂයි (උදා කෘෂි වාරි වගේ වැඩ) අනික මේ වැඬේ අපි ලෝකෙ දිහාට ඇරෙන වැඩක්. අපි දූපතක් විදිහට ගුලි වෙනවට වඩා ලෝකෙ තියෙන විනයකට හුරු වෙන වැඩක්. ඒක  ඕපන් එකක් විදහටයි ඌ දකින්නෙ.

ලසිත්ගෙ මේ මාධ්‍යවේදියා ප‍්‍රශ්න කරන තැනදි ක‍්‍රිකට් ඊට වඩා හොඳ ඇරිල්ලක් වුනා කියලයි මට හිතෙන්නෙ. ඒක ඇක්සිඩන්ට් එකක්. උතුරෙදි ජාතික වීරයා වුණු සොල්දාදුවාට කරන්න බැරි වෙච්ච දේ ක‍්‍රිකට් ජාතික වීරයා වෙච්ච ලසිත් කරනවා. රටක් විසින් හදන මිත්‍යාවකට වීරත්වයකට තමන්ගේ පුද්ගලිකත්වය අභිභවා යන්න ඉඩ නොදෙන එක. අන්තිම අවදානම්කාරී වෙලාවක පවා තමන්ගේ ඇත්ත දේ වෙනුවෙන් බය නැතුව පෙනී ඉන්න එක. වඩාත්ම තමන් විසින් ස්ටයිල් එකක් විදිහට ගෙනාපු සිංහයාට තේරුමක් දෙන එක.
ඇයි මාව කලින් දැකලා නැද්ද? නිකං යනවා මනුස්සයො යන්න.

මේකත් එක්ක ලංකාවෙ මහජන ඉරිසියාව සහ කුහකකම මහා පරිමාණෙන් එලියට ආවා.
‘මෙච්චර සල්ලි ගෙවලත් තව ඉල්ලන්න? මුං සෙල්ලං කරන්නෙ රට වෙනුවෙන්ද?’
‘නෑ මං සෙල්ලං කරන්නෙ මගේ ආතල් එකට’ ලසිත්ගෙ උත්තරය වුනේ ඒක. සිංහයෙක් කියල කුක්කෙක් බලාපොරොත්තු වුනු ජනතාව ලසිත්ගේ කනේ පාරට රත් වෙලා ඇහැරුණා.
‘ලසිත් ගෙනාවෙ මාධ්‍ය වලින්. ලසිත් මේ විදිහට මාධ්‍ය වලට කතා කරන එක හරිද?’ මාධ්‍ය වලින් සදාචාරය දේශනා කරන්න පටන් ගත්තා. තමන් මාධ්‍යයට වඩා විශාලයි කියන එක ලසිත් තේරුම් අරං තිබුණ. ඊට පස්සෙ නැවත නැවත මාධ්‍ය බයිට් එකක් නොවෙන්නත් එයාට තේරුමක් තිබුන. කොටින්ම විපක්ෂයක් විදිහට රනිල් වික‍්‍රමසිංහට නැති අවබෝධයක් මේ ගම් ගැටයට තිබුණ.
ලසිත්ට ඇත්ත ස්ටයිල් එකක් තිබුණා.

(අපේ හිතුවිලි සංස්කෘතියට සැබෑ ඇරිල්ලක් වුණු ලසිත් මාලිංගගේ වචන ටික කල්ට් ලයින් එක වෙන්නෙ ඒ අදහසට ආචාරයක් විදිහට)

Thursday, March 21, 2013

සුක්කානම පිටුපස බුදුන්

‘මචං, අපි කවදාවත් වාහනයක් හරියට පදින්නෙ නෑ. ඒක කරන්නෙ බාගෙට. අපි පුෂ් බයිසිකලේක යද්දි අපි හිතන්නෙ මෝටර් සයිකලයක් ගැන. මෝටර් සයිකලයක් පදිද්දි අපි හිතන්නෙ කාර් එකක් ගැන. කොයි වෙලාවකවත් අපිට අපි පදින වාහනේ එන්ජෝයි කරන්න බැරි වෙනවා’

අජිත් කුමාරසිරි මට කිව්වෙ හු`ගක් කාලෙකට කලින්. ඒක ඇත්ත. අපි සම්පූර්ණ මනසකින් වාහනේක ගමනක් අත්විඳින්නෙ කලාතුරකින්.. ඒත් මිනිත්තු කීපෙකට. පූර්ණ මනසකින් වාහනයක් පදින අත්දැකීමක් ගැන මං මුලින්ම කියෙව්වෙ රොබර්ඞ් පර්සිග් ගෙ ‘සෙන් ඇන්ඞ් ආර්ට් ඔෆ් මෝටර් සයිකල් මේන්ටනන්ස්’ පොතෙන්.

‘මං ආසයි මේ විදිහට රට ඇතුලට යන්න. මොකකටවත් ප‍්‍රසිද්ද නැති, කොහෙද කියල දන්නෙ නැති, ඒ හින්දම යන්න සුදුසුම පළාතක පාරවල් දිගේ. හැම ආතතියක්ම නැති වෙලා යනවා මේ වගේ පරණ පාරවල් දිගේ එලවද්දි. ඉඳහිට තියෙන කොන්ක‍්‍රීට් කැඩිච්ච තැන් වලින් බම්ප් වෙවී, පාර අයින දිගට වැවුණු පූස් නැටි ගාල් මැද්දෙන් එක දිගට පේන තැනිතලාව මැද්දෙන් වැටිච්ච පාර.. තව උස තණකොල එක්ක පූස් නැටි ඉස්සරහින්. සමහර තැන් වල පුංචි දිය කඩිති. පූස් නැටි ගාල් යට පුංචි තාරාවො පීනනවා ඒ වතුරෙ. සමහර වෙලාවට ඉබ්බො. අන්න ලස්සන රතු පිහාටු තියෙන කලූ කුරුල්ලෙක්...’

ඒත් මට ඇත්තට මුණගැහිලා තියෙන ඩ‍්‍රයිවින් අත්දැකීම් ගොඩක් වෙනස්. වාහනයක් එළවීමම දරුණුම ආතතිය කර ගත්, හෝන් එකෙන් අනුන්ගේ ස්නායු පුපුරන තරමට කුප්පන, කුණුහරුප සහ ඵරුෂ වචනම පාරේ භාෂාව කර ගත් සාමාන්‍ය පොදු ඩ‍්‍රයිවින් කරන අය මට කවදාවත් වාහනයක් එළවන්න නම් නොහිතෙන ගානට සුක්කානම පිටිපස්සෙ ජීවිතය එපා කරලා තිබුණෙ.

ඇත්තටම වාහනයක් එක්ක සම්බන්දෙ කොයි වගේද? වේගය සහ ඒ වේගයේ නියාමකයා තමන් වීම කියන අවකාශය කොයි තරම් නිර්මාණශීලීව හසුරුවන්න පුළුවන්ද? ඇත්තටම මේක වාහනයක් කියන්නෙ ගමනක් යන්න තියෙන උපාංගයක් කියන මූලික තැනින් එහාට වාහනයක් මනුස්ස අභ්‍යාසයක්, භාවනාවක් කර ගන්නෙ කොහොමද කියන බොහොම පොඩි පිරිසකට අදාල අදහසක් එක්ක ගණුදෙනුවක්. ඒත් මං ඒක ගැන හිතුවා. විශේෂයෙන් ලංකාවෙ ගොඩක් අය ඒ වගේ දේවල් ගැන නොහිතන හින්ද.

කොයි තරං ලිංග පාක්ෂික විදිහට පේන්න ඉඩ තිබුණත් මෙතනදි කියන්න වෙන ඇත්ත කාරණය ගෑණුන්ට වාහන එළවන එක අමාරු වැඩක්. කොයිතරම් උත්සාහ කළත් ඒ විෂයෙදි නිර්මාණශීලී වෙන්න ඒ ගොල්ලොන්ට බැරි වෙනවා. මේක හොඳටම පැහැදිලි වෙන්නෙ ගැහැණියක් සහ පිරිමියෙක් තමන්ගෙ වාහනේ එක්ක පවත්වන සම්බන්ධතාවය ඇතුලෙ. පිරිමියෙකුට වාහනය දේකට වඩා යමක්, ගමන් සගයෙක් වගේ සප‍්‍රාණික තැනකින් දැනෙනවා. ඒත් ගැහැණියකට වාහනය දෙයක්, උපකරණයක් විතරමයි. වාහන එක්ක ගෑණු සම්බන්ධ කරන වෙළඳ දැන්වීම් කොයිතරං නිර්මාණය වුණත් ඒවා නැවතත් පිරිමි පරිකල්පන විතරයි.

ඒකට හේතුව වාහනය සහ ඒ හා සම්බන්ධ භාවිතා සියල්ල පිරිමි ආශාවක් ඔස්සේ නිර්මාණය වීම කියලයි මට හිතෙන්නෙ. වාහන සම්බන්ධ සියලූ සංස්කෘතික කාරණා මෙහෙයවෙන්නෙ පිරිමි අතර. ගැහැණියක් හැම තිස්සෙම ඒ ලෝකෙට පිටස්තරයෙක්. ඒ හින්දම ගැහැණියකට වාහනයක් එළවනවා කියන්නෙ වැඩක්, වගකීමක්, වදයක් මිස පැවැත්මක් නෙමෙයි. ඒ හින්දම ගෑණියෙක් වාහනයක් එළවනවා කියන්නෙ පාරෙදි වේදනාවක්.

ඒත් වාහනයක් එළවන විදිහෙන් ඒ එළවන මනුස්සයගෙ ගොඩක් අභ්‍යන්තර කාරණා එලියට එනවා. වාහනයක සුක්කානම අල්ලන පීඩනය, ගියර් මාරු කරන විදිහ, මාර්ගය තේරුම් ගන්න විදිහ, මේ හැම දෙයක් එක්කම අපිට එළවන කෙනාගෙ පෞර්ෂය තේරුං යනවා. කොහෙත්ම බලාපොරොත්තු නොවන ආකාරයක කියවීමක් හින්දම සුක්කානම පිටිපස්සෙදි කෙනෙක් මනෝ විශ්ලේෂණ සෝපාවක ඉන්නවට වඩා විවෘතයි. ලංකාවෙ මේ ද්‍රව්‍යමය, කිසි පිළිගැනීමක් හෝ විශේෂඥභාවයක් නොපිළිගන්නා වාහන එළවන එක වෙන රටවල ජීවිතය සම්බන්ධ ගැඹුරු භාවිතාවක් දක්වා සංවර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන් සවිඥාණකව වාහන පැදවීම කියන පුහුණු වැඩමුළු, සාකච්ඡ දියත් වෙනවා.
‘වාහන පැදවීම කියන්නෙ විභාගයක් පාස් කරනවා වගේ වැඩක් නෙමෙයි. මුලින්ම ගමනාන්තයට වඩා ගමනට ප‍්‍රධානත්වය දෙන්න මනස හුරු කරන්න...’
-සෙන් සහ වාහන පැදවීමේ ආර්ට් එක (වැඩමුළුවක්)
‘පොලිසියට අහුවෙන්නෙ නැත්තං ඩ‍්‍රයිවර් කෙනෙක් වඩා වේගෙන් යනවද? ඇයි ඒ? ඇස් වහගෙන හිතන්න කවුරුවත් ඔයා දිහා බලාගෙන නැත්තං ඔයා හැසිරෙන විදිහ.. හැම තිස්සෙම පූනීලාකාර විදිහට බලන්න පුරුදු වෙන්න බිංගෙයක් ඇතුලෙන් දකිනවට වඩා. එතකොට ළ`ග වගේම දුරත් එක විට පැහැදිලිව දකින්න පුළුවන්’
මේ වැඩමුළුවේදී දේශකයෙක් විසින් වාහන එළවන එක බෞද්ධ පුහුණුවක්, භාවනාවක් බවට පත් කරන හැටි ඒකට සහභාගි වුණු කෙනෙක් විස්තර කරනවා.
‘ඉස්සරහ බාධාවන් දුර ඉඳන් දකින්න. වේගය අඩු කරන්න...’

‘අපි ඇක්සිඩන්ට් කියල කියන දේවල් කොයි තරමක් ඇත්තටම ‘ක‍්‍රෑෂස්’ කියල කියන්න  ඕන ඒවද?’ අභ්‍යන්තරයේ මානසික ව්‍යාකූලතා සුක්කානම පිටුපසදී මෝචනය වීම සහ ගැටීමක් සඳහා පොළඹවන අවිඥාණක තෙරපීම් ගැන ඒ වැඩමුළුවෙදි සජීවී සංවාදයක් කරනවා.

ඇත්තටම ස්වයංක‍්‍රීය ගියර් වාහනේකට වඩා ගියර් මාරු කරන වාහනයක් එළවද්දි ඒ එළවීමේ රිද්මය දැනෙනවා වැඩියි. ඒ වේගය, නැවතීම්, පැනීම් සියල්ල එක්ක වාහනයේ හුස්ම හ`ඩ පරිපූර්ණ අත්දැකීමක් දනවනවා. නිදහස් විවෘත මාවත් වලදි වගේම ට‍්‍රැෆික් වැඩි නගරයෙදි වුණත් මේ ආස්වාදය අඩු නැති වගයි මගේ දැනීම. හැම ට‍්‍රැෆික් ලයිට් එකක් ඉදිරියෙදිම අපේ මානසික වේගය පරීක්‍ෂාවට ලක් වෙනවා. සෙන් ඩ‍්‍රයිවින් කියල පොතක් තියෙනවා කෙවින් සහ ටොඞ් බර්ගර් කියන ජන මාධ්‍යවේදියෙක් සහ මනෝවිශ්ලේෂකයෙක් එකතු වෙලා ලියපු.

‘සුක්කානම පිටුපස බුදුන්’ ඒ පොත පටන් ගන්නෙ එහෙම. ‘වාහනයේ ඉග්නිෂන් ද`ගරයේ තැන්පත් ඒ ශක්තිය දැල්වීමෙන් ඇන්ජිම පණ ගන්වා ඉන් ගියර් මාරු කර හයිවේ එක දිගේ වේගයෙන් යන ගමන් සෙන් මනස අභ්‍යාස කිරීමයි මේ පොතේ අරමුණ. ඒ ඔබේ ස්වභාවික පැවැත්ම සොයා යාමක්. ඔබේ අභ්‍යන්තරයේ ද`ගර ගැසුණු ඔබ නිදහස් වීමක්’

වාහනයක් එළවනවා කියන්නෙ පූර්ණ එළඹ සිටි සිහිය අවශ්‍ය වෙන වෙලාවක්. මනසේ නිරන්තර කච කචේ නවත්තන්න සිද්ද වෙන වෙලාවක්. ඒක හරියටම යෝගා පුහුණුවක් වගේ. හැම වංගුවක්ම, නැම්මක්ම, බාහිර අභ්‍යන්තර වෙන්වීමකින් තොරව අත්විඳින්න ඒ අත්දැකීමට දියවෙන්න සිද්ද වෙනවා. නිකංම ගමනක් යනවා වෙනුවට ගමනක අත්දැකීමක් බවට ඔබ පත්වෙනවා කියන්නෙ වෙනස් පැවැත්මක්.එහෙම නැත්තං හැමෝටම වාහන එළවන්න පුළුවන්. ඒත් පූර්ණ අත්දැකීමක් විදිහට එළවන එක අත්විඳින්න අතේ ඇ`ගිලි ගානට වැඩි පිරිසකට බැරි වෙනවා.

එක දවසක් සෙන් භාවනා ඉගෙන ගන්න අයික් කියන කෙනා හූ සුන්ග් ආරාමයට එනවා  වාහනේ බැටරිය පන ගන්වන්න වයර් දෙකක් ඉල්ල ගන්න. වයසට යමින් ඉන්න රෝෂි, එයා කලින් රේස් පැදපු ඒත් දැන් සෙන් ආචාර්යවරයෙක්. එයා කබල් වාහනේ හදමිනුයි ඉන්නෙ. එයා කියනවා බැටරිය පන ගන්වන්න නං ප‍්‍රශ්නෙකට උත්තර දෙන්න කියල. ‘මොකද්ද සෙන් ඩ‍්‍රයිවින් කියන්නෙ?’ රෝෂි අයික් ගෙන් අහනවා. අයික් ටිකක් වෙලා කල්පනා කරනවා. එයාගෙ මූනට කපටි හිනාවක් එනවා. මං දන්නවා,
‘විවෘත පාරක් දිගේ යන විවෘත මනසක්’

රෝෂි එකපාරටම ස්පැනර් එකකින් ගහලා අයික්ව එළව ගන්නවා. ‘ගිහින් ඉගෙන ගෙන වරෙන්’

අවුරුදු 8ට පස්සෙ ආයිමත් අයික් යනවා වාහනේ පණගන්වන්න බැටරි වයර් ඉල්ල ගන්න. රෝෂි පේන්න නැති හින්ද එයා වෙන කෙනෙක් ගෙන් අහනවා රෝෂි කොහෙද කියල. එතකොටම වාහනයක් යට ඉඳන් රෝෂි එලියට ඇදිලා එනවා.

‘ආ, දැන් උඹට මොකක්ද කියන්න තියෙන්නෙ?’  තාමත් පරණ ප‍්‍රශ්නෙමයි. අයික් ඔලූව පාත් කරගෙන අහනවා.
‘මොකද්ද සෙන් ඩ‍්‍රයිවින් කියන්නෙ?’

‘විවෘත පාරක් දිගේ යන විවෘත මනසක්’ සෙන් ආචාර්ය රෝෂි හයියෙන් හිනාවෙනවා. ඒ මොහොතෙ අයික් අවබෝධයට පත් වෙනවා.

භාවනාවක් විදිහට වාහනයක් එළවනවා කියන්නෙ වාහනය හා තමන් එක පැවැත්මක් වෙන මොහොතක්. වෙන විදිහකට කිව්වොත් මිනිහෙක් විදිහට අපේ පැවැත්ම වාහනයක් දක්වා මාරු වෙන තැනක්. අපි ඉස්සරහින් අනන්තය දක්වා විහිදුණු මහ පාරක්.

ඔබව සොයා යන ගමන අරඹන්න. ඉතිං ගියර් එක මාරු කරන්න.



Monday, March 11, 2013

හිස් නැති හිස්වලට.


ලංකාවෙ රේඩියෝව කියන්නෙ තවදුරටත් අහන්න පුළුවන් එකක් නෙමෙයි.  ඕනම චැනල් එකක උදේ ප්‍රෝග‍්‍රෑම් දෙක අහද්දි තේරුං ගන්න පුළුවන් කොහාටද දක්කන්න හදන්නෙ කියල. උදේ පාන්දර රුධිර පීඩනය වැඩි කරවන හඞ්ඩාගේ ගඳ ෂෝ එකේ ඉඳන් මීඩියා කියන්නෙ බුලත් විටි කඩයක් කියල හිතාගෙන ඉන්න ෂාන්ගෙ රේඩියෝ එකත් අසන්නා කියන්නෙ ලෙඩෙක්, බෝම්බ උඩින් පැන පැන යන ගෙම්බෙක්, කියල හිතාගෙන ඉන්න ඇසෙන නෑසෙන වැසෙන චැනල් ගඟේ තවදුරටත් පීනන්නෙ කවුද කියන එක ප‍්‍රශ්නයක්. සමහර චැනල් දුවන්නෙ උදේ ගහන පිරිත් හින්ද. තවත් එකක් රෙදි ගැලවෙන කනාමැදිරි රාත‍්‍රී හින්ද. කොහොම වුණත් මේ වෙද්දි හැම නාලිකාවක්ම වගේ තමන් අහනවට අහන උන්ට සල්ලි දෙනවා. ඒක තමයි අපේ පොපියුලර් චැනල් වල ඇත්ත.

‘‘අපේ දරුවන්ගේ ජීවිතයේ පදනම වැටෙන්නෙ හොඳ ගුරුවරුන් අතින් කියන එකට ගොඩක් දෙනෙක් එක`ග වෙයි. ඒත් අපේ දරුවන්ගේ සහ තරුණයන්ගේ මනස් දිගින් දිගටම පරිභෝජනවාදී, තරගකාරී, නිලබලවාදී, ලිංග මූලික, අන් ජාතින්ට බිය, ජාතිවාදී, හැම කෙනෙක්ම එක වගේ කරන්න හදන මාධ්‍ය අදහස් වලින් මළකඩ කනවා නම් මොකද වෙන්නෙ?’’
- ජනප‍්‍රිය මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ නැවත සිතීමක්
එලිසබෙත් මාර්ෂල්

(මේ ලිපි පෙළ ලියන්නෙ මාධ්‍ය පිළිබඳ අධ්‍යාපනය කොහොම වෙන්න  ඕනද කියන එක ගැන. ඒත් ලංකාවෙ අපි ඔක්කොම ළමා සමාජයක් හින්ද මෙතනදි ළමයින් කියල කතා කරන දේවල් අපිට වයස් භේදයකින් තොරව අදාලයි)

ගුවන් විදුලි සංස්තාවෙ සමූපාකාර චැනල් තාප්පෙන් එලියට පැනලා මුලින්ම එෆ්එම් රේඩියෝ කලාව පටන් ගත්තෙ සිරසෙන් වුනාට මහින්ද ආවට පස්සෙ සිරසෙ සිරස නැති වෙලාම ගියා. රේඩියෝ වල විතරක් නෙමෙයි රටේ අනිත් හැමදේකමත් ඔලූව ගැලවිලා ගිය හින්ද ඒක සාමාන්‍ය දෙයක් වුණා.

ග‍්‍රාමිස්චි කියන දේශපාලන විචාරකයා (එක්ස් එකෙන් පට්ට ගහපු පහුගිය මනුස්සයෙක්) කියන විදිහට ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය කියන්නෙ රටක හෙජමොනිය (බල අධිකාරිය) නිෂ්පාදනය, නැවත නිෂ්පාදනය සහ වෙනස් කිරීම සිද්ද වෙන තැන. සිවිල් සමාජයේ සංස්කෘතික සහ පාරිභෝජනවාදය නිෂ්පාදනය සිද්ද වෙන ආයතන වෙන්නෙ මේවා. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කියන ධනවාදී සමාජවල වෙන්නෙ මේ ටික. අධ්‍යාපනය, පවුල, ජනප‍්‍රිය මාධ්‍ය සහ පන්සල් (ග‍්‍රාමිස්චි ගේ රටේ නං පල්ලි) කියන්නෙ මේ ආයතන. සිවිල් සමාජයක් කියන්නෙ මේ සංස්කෘතිය සහ මතවාදයට ග‍්‍රහනය වුණු සමාජයක්. හෙජමොනිය දිහා බලලා තමයි මේ ආයතන වැඩ කරන විදිහ හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය කියන්නෙ මේ හෙජමොනිය පවත්වාගෙන යන්නම කැප වුණු ඒවා.

ඒත් මේ ළ`ගකදි අහම්බෙන් කණේ හැප්පිච්චි චැනල් එකක් හින්ද ලංකාවේ එෆ්එම් ගැන මේ ලියමන ලියන තරමට මාව උනන්දු වුණා. චැනල් එක කිරුළ. කිංග්ස්ලි ඉස්සර වෙලා කරන වැඩක්. හිතන්න කිසි දෙයක් නොදෙන එකම ජනප‍්‍රිය වීමේ කලාව විදිහට ප‍්‍රගුණ කරන රේඩියෝ ඔක්කාරෙට ඒක දෙහි පළුවක් වගේ. දෙයක් කියවලා, කල්පනා කරලා, කතා කරන රේඩියෝ සම්ප‍්‍රදායක් ගැන මතකයක් අරන් එනවා. සංවාද කතිකා සහ මූලාශ‍්‍ර සහිත වැදගත් විදිහෙ තරංග පරාසයක්. හිස් නැති හිස් වලට කියලා කියන ටැග් ලයින් එකත් වැඬේට මරු.

හැම දෙයක්ම යන අතටම ඉබේ ගලාගෙන යද්දි උඩ අතට පීනන්න මේ අවදානම ගන්නෙ ඇයි කියල මං දන්නෙ නෑ. ඒත් හැම ක‍්‍රියාවකටම සමාන හා ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් තිබේ කියන නිව්ටන්ගෙ කතාවෙ හැටියට පහල අතට ගලන වතුරෙ බලෙන්ම උඩ අතට තල්ලූවක් ගන්නත් පුළුවන්. ඒ වගේම එකම පාට දණ්ඩි රොත්ත මැද පාට මතු වෙලා පේන්නත් මේක වැඩකරන්න පුළුවන්.

කවුරු කොහොම හිතුවත් කළත් අන්තිමට චැනල් ඇතුළු හැමදෙයක්ම දුවන්නෙ ඇඞ්වර්ටීස්මන්ට් උඩ. මේ විදිහෙ නිශ්චිත, ප‍්‍රතිවරුද්ධ මාර්කට් එකක් තේරුම් ගන්න සහ ඒ කොටස හදා ගන්න කං ඉවසන්න අපේ බඩු විකුණන කට්ටිය (ඇඞ්වර්ටීසීන් කට්ටිය) කොයි තරං ඉදිරිගාමීද කියන එක සැකයි. ඒ කොහොම වුණත් මේ වෙනස වැඩ කරන වෙනසක් වගේම අවශ්‍ය වෙනසක්. අඩුම තරමෙ අහන උන්ගෙ කන් ගැන යම් තරමක ගෞරවයක් ඇති රේඩියෝ වැඩක්.

මේ කතාව ජනප‍්‍රියතාවයට විරුද්දව ක්ලැසිකල් අදහසකින් කියන එකක් නෙමෙයි. ස්වදේශීය සේවයේ වගේ ග‍්‍රාම්‍ය සම්භාව්‍යත්වයක් සම්භාවනාවට පත් කිරීමකුත් නෙමෙයි. කිරුළ සිංහල, ඉංග‍්‍රීසි, හින්දි, දෙමළ හැම සංස්කෘතියකම මගහැරුණු තැන් හොයාගෙන යනවා. ඒක ජනප‍්‍රිය සංස්කෘතියෙම වැඩක්. ඒත් අපේ රේඩියෝ හිතාගෙන ඉන්නෙ පිටකොටුවෙ පේමන්ට් එකේ තියෙන්නෙ ජනප‍්‍රිය සංස්කෘතිය කියල.

ජනප‍්‍රිය සංස්කෘතිය අදහසක් විදිහට අපිට පැති ගානකින් බලන්න පුළුවන්. එකක් මයිකල් ජැක්සන්ගෙ ත‍්‍රිලර් ඇල්බම් එක වගේ හු`ගක් දෙනෙක් කැමති වෙන වියමන්. දෙවෙනි විදිහට නොදියුණු, බාල, ලේසි සංස්කෘතික දේවල් අළෙවි වෙන තැනක් හැටියට. ලංකාවෙ කන්ටෙක්ස්ට් එකේ ජනප‍්‍රිය කියන අදහස වැඩියෙන් කිට්ටු මෙතෙන්ට. තව විදිහකට විශාල ‘මහා’ පාරිභෝජනයක් වෙනුවෙන් නිෂ්පාදන කරන තැනක් කියල. පිටරට නම් ඩිස්නි වගේ වැඩ සහ ලංකාවෙ නම් ‘සිද්ධාර්ථ ගෞතම’ වගේ සිද්දි මේ හරියෙ ගැවසෙනවා. වඩා වැදගත් වෙන්නෙ හතරවෙනි විදිහ. ඒක තාම ලංකාවෙ සිද්ද වෙලා නැති විදිහ. අලූත් ප‍්‍රකාශන වලට ඉඩ හැදෙන, අලූත් විචාරයන් බිහිවෙන විශාල අවකාශයක් විදිහට ජනප‍්‍රිය සංස්කෘතිය තේරුම් ගැනීම. ඇඞ් බස්ටර්ස් වගේ සමාජ ක‍්‍රියාකාරී කණ්ඩායම් ‘කල්චර් ජෑමින්’ වගේ වැඩ කරන්නෙ මේ තේරුම් ගැනීම ඇතුලෙ. එතනදි වෙනස් විදිහෙ ප‍්‍රවේශයන් හරහා පාරිභෝජන හෝ හෙජමොනික සංස්කෘතික සංඥා වලට වෙනස් අදහස් සහ වෙනස් පරිකල්පන එකතු කරනවා. ඒක දේශපාලනික වැඩක්.

කිරුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව එක පැත්තකින් මේ සංස්කෘතික දේශපාලන කලාපයට ඇතුල් වෙනවා. හැම චැනල් එකක්ම වැඩකට නැති පක්ෂ දේශපාලන  ඕපාදූප ප‍්‍රචාරය කරන එක මාධ්‍ය දේශපාලනය කියල හිතාගෙන ඉඳිද්දි කිංග්ස්ලි තීරණාත්මක සංස්කෘතික නිල වලට අත තියනවා. අද උදේ එයා කතා කරන්නෙ නිජබිම් සංකල්පය ගැන. එතනදි පේ‍්‍රක්‍ෂකයා සිංහල බෞද්ධ හෝ මොනයම් මේනියාවකින් කතා කළත් ඓතිහාසික කාරණා වරින් වර ගෙන එමින් කිංග්ස්ලි පදනමක් ඇතුව සහතික කරන සංස්කෘතික දේශපාලන කාරණා තියෙනවා. නිජබිම් සංකල්පය එක්ක නාසින්ගේ සම්බන්ධතාවය වගේම ලංකාවෙ මේ සංකල්පෙට ප‍්‍රතිවිරුද්ධව නැගුණු සම්භාව්‍ය කතිකාවන් ඒ හරහා ආයිමත් සමාජගත වෙනවා. මෙතන තියෙන වැදගත්කම ඒක. මාධ්‍ය සමාජය විසින් ලාබ විදිහට විකුණාගෙන කමින් සිටින කතන්දර සීරියස් විදිහට ප‍්‍රශ්න කරන එක. සහ ඒක ඇහෙන පිරිසකට ඇහෙන විදිහකට අරන් එන එක.

ජනප‍්‍රිය මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ නැවත සිතීමක් පෙරවදන ලියමින් ඒ එලිසබෙත් යෝජනා කරන්නෙ මාධ්‍ය පිළිබඳ දේශපාලනික කිරා බැලීමකට මාධ්‍ය අධ්‍යාපනය පොළඹවන්න  ඕන කියල. හෙජමොනියක් විසින් නිෂ්පාදනය කරමින් අපි උඩ අපි නොදැනුවත්ව බලෙන් පටවන සංස්කෘතික සිතීමේ සීමාවන් ප‍්‍රශ්න කරන මාධ්‍ය සංස්කෘතියක් දක්වා මේක උඩුයටිකුරු කරන්න  ඕන කියල. සංකීර්ණ මානව ඉතිහාසයන්, අනන්‍යතාවයන්, සහ සමාජ ව්‍යූහයේ පවතින අසමානතා සරල බොළඳ විදිහට පෙළගස්වන සහ ඒවා සමාජ අදහස් විදිහට ඉදරිපත් කරන මාධ්‍ය ව්‍යාපාරය ඇතුලෙ මේ දේ කරන්නෙ කොහොමද කියන ලොකු ප‍්‍රශ්නයක්. හර්බර්ට් කෝල් ලියන ‘ළමා සාහිත්‍යයේ දේශපාලනය’ හෝ බිල් බිගෙලෝ ලියන ‘එකමත් එක සමූලඝාතනයක්’ පොත් වල කතා කරනවා රටක බෙදීමක්, සමූල ඝාතනයක් හෝ හමුදා මැදහත්වීමක් වගේ දෙයක් වීරයා සහ දුෂ්ටයා අතර සරල ප‍්‍රධාන ධාරවෙ කතාවක් දක්වා දියාරු කරන්න ජනප‍්‍රිය සංස්කෘතිය ඇතුලෙ වැඩ සිද්ද වෙන විදිහ.

එඩිසන්ගෙ පළවෙනි බල්බ් එහක පත්තු වුණෙත් තත්පර කීපයක් විතරයි. ඒ වගේ කිරුළ කරන්න යන වැඩෙත් ‘මහා’ එක අස්සෙ අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් ඒ වැඬේ පටන් ගත්ත එකට සහ ඒ වෙනුවෙන් නැවත කියවීමකට යන්න, පත පොතින් උපුටා ගන්න තරමට කරන රස්සාවට අවංක නිර්මාණාත්මක ශ‍්‍රමයක් තාම ඉතුරු වුණු එකට කිංග්ස්ලිට මගේ සැලියුට් එක.

මේක පිටිපස්සෙ තියෙනවා කියලා වමට බර අපේ කට්ටිය කියන්න ඉඩ තියෙන මහරාජා උවමනා හෝ වෙන මොන මොන හෝ මමත්ව කේන්ද්‍රීය අසනීප චෝදනා එතනදි මට අදාල නෑ. දැනුවත්ව හෝ නොදැනුවත්ව කළත් මේක ගරිල්ලා රේඩියෝ වැඩක්.

ජනප‍්‍රිය සංස්කෘතිය සහ මාධ්‍ය අතර සම්බන්ධය තේරුම් ගන්න මාධ්‍ය සාක්ෂරතාවය කියන එක අවශ්‍ය කාරණයක් කියල මං පිළිගන්නවා. ඒත් ඒක මාධ්‍ය අයිති මුදලාලි ගැන  ඕපදූප හෝ අපේ ජනමාධ්‍ය මහාචාර්යවරු දන්න මාධ්‍ය හෝඩිය කටපාඩමින් කීමට වඩා එහා යන්න  ඕන. මාධ්‍ය වලින් කියන කතාව යටින් දුවන ගැටළුව අඳුරගන්න, වාණිජකරණය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර ගැටුම තේරුම් ගන්න පුළුවන් විචාරාත්මක භාවිතාවක් වෙන්න  ඕන.  මාධ්‍ය වලින් කියන කතා අතර විශ්ලේෂණයකට වඩා එහාට නිෂ්පාදනයේ සහ මාධ්‍යමය බෙදාහැරීමේ අරමුණු ගැන විචාරශීලී දැක්මක් දක්වා ඒක පුළුල් වෙන්න  ඕන.
අහනවට සල්ලි ගෙවන, අහන අය බෝඞ් එල්ලගෙනම අහන ජනප‍්‍රිය එෆ්එම් රේඩියෝ සූදුපොලෙන් එලියට ඒ විදිහෙ විචාරයක් හෝ කියවීමක් නැතුවම කිරුළ වගේ පෙරළියක් කරන එක අමාරු වැඩක්. පරණ සිංදු විතරක් ගහනවා වගේ බොළඳ ගැටයක් නොවී මෝරච්ච අදහසක් ඇතුව ඒක කරන එක දුෂ්කර කටයුත්තක්.

-චින්තන ධර්මදාස

Tuesday, March 5, 2013

ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

චිත‍්‍රපටි ගැන ලියන්න එපා කියල මගේ යාලූවො ගොඩක් කියනවා. චිත‍්‍රපටි ගැන කතා අදාල වෙන්නෙ පොඩි කට්ටියකට විතරක් හින්ද. ඒත් ඒක ඇබ්බැහියක් වගේ. චිත‍්‍රපටි ගැනම එක එක දේවල් හිතෙනවා. ලංකාවෙ චිත‍්‍රපටි හදන අයගෙ තියෙන අවුල ගැන මං කල්පනා කරමින් හිටියා කොමඞ් එක උඩ ඉඳගෙන. අන්තිමට එක එක කාරණා තුලනාත්මකව හින්ඳලා හින්ඳලා කෙලවරෙදි මං ආවා එක වචනෙ තීන්දුවකට. ‘අවංකකම’. ඒක ආයෝජනය කර ගන්න දන්නෙ නැති කම. එතනදි මට අමුතු සිද්දියක් කල්පනා වුණා. ඉංගී‍්‍රසියෙන් අවංකකමට කියන්නෙ ‘හොනස්ට්’. අවංක නැත්තං ඒක ‘ඩිස්හොනස්ට්’. එතන ප‍්‍රාථමික වචනය ‘හොනස්ට්’. ඒත් සිංහලේ වෙනස්. ප‍්‍රාථමික වචනය වෙන්නෙ ‘වංක’. ‘අ’ යන්න ඉස්සරහට වැටිලා ‘අවංක’ කියන එක එන්නෙ ද්විතීයිකව. භාෂාව හැදෙන්නෙ මිනිස්සු හිතන පිළිවෙල අනුව කියල උපකල්පනය කළොත් අපේ මූලික සංස්කෘතික කෑල්ල වෙන්නෙ ‘වංක’කම. වොරන් බෆට් මට පෙන්නන්න බැරි කුණෙක් වුණත් එක ඇත්ත කතාවක් කියනවා.

‘අවංකකම කියන්නෙ ටිකක් මිළ අධික තෑග්ගක්. ඒක බාල මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා’.
ශ‍්‍රී පාලි කැම්පස් එකේ ගෑණු ළමයෙක් එයාගෙ නිබන්ධනයට උදව් ගන්න මාව හොයාගෙන ආවා. ඒකෙ මාතෘකාව වුණේ ‘යුධ සිනමාවෙන් පිළිඹිඹු වෙන සමාජ මතය නැත්තං සමාජ මනස’. (මට ඒකට ඇත්තටම මැදිහත් වෙලා උදව් කරන්න බැරි වුණා) ඒත් අන්තිමට නිබන්ධනය දැක්කම මට ගොඩක් දේවල් පත්තු වුණා. චිත‍්‍රපටි සංස්ථාවෙ සභාපතිතුමා බය නැතුව කියනවා පවතින රාජ්‍ය මතවාදයට එක`ග චිත‍්‍රපටි වලට තමයි සංස්ථාව මනාප කියල. ළමා සහ ඉතිහාස කතා චිත‍්‍රපටි හදන්න කියල. මිනිස්සු බලන්න කැමති ඒවා තමයි කියලත් කියනවා. සභාපතිතුමා අනං මනං වහං කරන්න යන්නෙ නැතුව දන්න ඇත්ත කෙලිං කියපු එක ලොකු දෙයක්. ඒත් ඒකෙන් සංස්තාවට චිත‍්‍රපටි කර්මාන්තය ගැන තියෙන දැනුම් ප‍්‍රමාණය එළියට එනවා විතරක් නෙමෙයි මේ ගඳගහන චිත‍්‍රපටි රැුල්ල පවත්වාගෙන යන්න සංස්තාවෙන් දෙන තල්ලූවත් එළිදරව් වෙනවා.
ඊට අමතරව ඒ ගෑණු ළමයා ලංකාවෙ පළාත් කීපෙක මිනිස්සු මුණගැහිලා සමීක්‍ෂණයකුත් කරලා තිබුණ. බලාගෙන යද්දි ඇත්තටම ලංකාවෙ මිනිස්සු බලන්න කැමති ඒ චිත‍්‍රපටි තමයි. ඒකට හේතුව ජාතික හැ`ගීම, රට බේරගත්ත යුද්දෙ වගේ කාරණා කියලත් සටහන් වෙලා තිබුණ. එතකොට යුධ විරෝධී චිත‍්‍රපටි වලට තියෙන අකමැත්තට හේතු කීපයක් එතන තිබුණ. එතන ප‍්‍රධාන හේතුව වෙලා තිබුණෙ කතාව නොතේරෙන එක. පිටරටවල් දිහා බලාගෙන අපේ රටේ අග‍්‍ර පොරවල් හදන මේ චිත‍්‍රපටි වල කතන්දර අපේ රටේ ජනතාවට තේරෙන්නෙ නෑ.  ඇත්ත හේතුව චිත‍්‍රපටිය යුද්දෙ ගැනද නැද්ද කියන එක නෙමෙයි. කතාව තේරෙන්න කියනවද කියන එක.

ඒ කියන්නෙ ආර්ටිස්ට්  ඕඩියන්ස් එක තියෙන තැනට එන්න  ඕනද කියල ප‍්‍රබුද්ද අයට අර්බුදයක් මතු වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම සිනමාවක ආඛ්‍යාන ගොඩනැගෙන්න  ඕන ඒ පොලොවට සාපේක්‍ෂව නෙමෙයිද? උදා විදිහට අපේ රටේ සූරයන්ගෙත් සූරයා වර්ගයේ චිත‍්‍රපටිවල ජනප‍්‍රිය අංග අඳුරගත්තෙ නැති පිටස්තර සිනමාවක් බලන්න මේ රටේ මිනිස්සු එන්නෙ නෑ. ඒවා ගැන සංස්තාවෙ සබාපති කියන ‘බලපෑම් කණ්ඩායම් වල උවමනා’ කියන කාරනේ කොහොම වුණත් පොඩි නිකං පාවෙන සිනමාවක ලක්ෂණ තියෙනවා.
චිත‍්‍රපටි කරන අය විසින් අඳුරගන්න  ඕන විශේෂ තත්වයක් මෙතන තියෙනවා. ලොකු අවුල වෙන්නෙ සිනමාව කරන හැටි ඉගෙන ගන්න කට්ටිය එන එක. ඒ එන කට්ටියට උගන්නන්නෙ සම්මාන ලත් අය. ඒ ගොල්ලො පෙන්නන්නෙ සම්මාන ලත් චිත‍්‍රපටි විතරයි. ඒක සිනමාව කියලා බාරගන්න සිද්ද වෙන අයට බෝඩිමේදී, හන්දියෙදි කොල්ලො සෙට් එක එක්ක දාන දැට් එක අමතක වෙනවා. තමන් නොදන්න වෙන කතාවක් ඒ අතට මේ අතට පටළවලා කියන්න ද`ගදානවා. මිනිස්සු තමන්ට තේරෙන තොරන් බලලා නිකං ඉන්නවා. මට පේන විදිහට අපේ සිනමාකරුවන්ට බැරි වෙලා තියෙනවා මිනිස්සු බලන කතන්දරයක් හදන්න. ‘මේ මිනිස්සු මෝඩයි, සිනමාව තේරෙන්නෙ නෑ’ වගේ තේරුමක් කතා වලට වඩා මෙතනදි ගැලපෙන්නෙ ‘අපිට සිනමාව පාවිච්චි කරලා අපේ කතාව කියාගන්න දන්නෙ නෑ’ වගේ කෙලින් උත්තරයක්. ඒක හරියටම මුලින් ඉංග‍්‍රීසි ඉගෙන ගත්තම අපිට කියන්න වෙන්නෙ වෙන අයට  ඕන දේවල් වගේ ප‍්‍රශ්නයක්. ගලේ අඹරන පොල්සම්බෝලෙ වගේ දේවල් ගැන කියන්න ඉංග‍්‍රීසිය පාවිච්චි කරන්න කාලයක් ඒ භාෂාව ඇසුරේ ගත වෙන්න වෙනවා.

සෝමරත්න දිසානායකගෙ වගේ චිත‍්‍රපටි ලංකාවෙ දුවන්නෙ ඒ ගොල්ලො සිනමාව හොඳට දන්න නිසා නෙමෙයි. මිනිස්සු දන්න කතන්දරේම ආයිත් ආයිත් කියන හින්ද. ඉතිහාස කතා ආයිමත් හදන්න කියන්නෙ ඒකයි. චිත‍්‍රපටියක් ඇතුලෙන් කතාවක් කියාගන්න බැරි නං හොඳම දේ දන්න කතාවකට රූප අමුණන එක. එත තැන පල්වෙනවා කියන එක අපේ රටට පුරුදු දෙයක් හින්ද කාටවත් ඒ වැඬේ බෝරිං වෙන්නෙ නෑ. ජනතාව එකතැන පල්වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නොදන්න,  ‘සුජාත දියණී’ රසිකයෙක් වුණු ජනාධිපති කෙනෙක් ඉන්න රටේ සිනමාව නෙමෙයි කොයි දෙයක් ගැන වුණත් ඔයිට වඩා තත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ.

‘කන්ද මොහොමඞ් ළ`ගට එන්නෙ නැත්තං මොහොමඞ්ට වෙනවා කන්ද ළ`ගට යන්න’

ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයා කියන කෙනා තාම හැදිලා නැති එක ඇත්ත. ඒත් පේ‍්‍රක්‍ෂකයා නැති රටක සිනමාකරුවා හැදුනෙ කොහොමද කියන එකත් ප‍්‍රශ්නයක්. රටක ආර්ට් එකක් ඒ රටට ඓන්ද්‍රිය වෙන්න  ඕන. යුද්දෙට පක්ෂ වෙන්න පුළුවන්, යුධ විරෝධී වෙන්න පුළුවන් ඒක රටේ මිනිස්සුන්ගෙ භාව කලාපයක් හරහා ඇතුල් කරන එකයි ආර්ටිස්ට් කෙනෙක් මුහුණදෙන අභියෝගය. එහෙම නැතුව තමන්ගෙ දැනුම මට්ටමට මිනිස්සු එනකං බලන් ඉන්න එක වෙන  ඕන විෂයකට ගැළපුණත් වුණත් ආර්ට් වලදි නම් අසනීපයක්. අපේ සිනමාව ගැන කතා කරන ගොඩක් දෙනෙකුට මේ පැල්ම (දීප්ති නිතර කතා කරන වචනයක්) අහුවෙන්නෙ නෑ. හරියට ලංකාවෙ වාමාංශිකයන්ට වැරදුණ තැනින්ම වමට දීගෙන හැදෙන රටේ කලාවටත් වරදිනවා.

 දීප්ති ඉනිඅවන් ගැන කරපු කතාවක් ෆේස් බුක් එක පුරා උණුවට පැතිරුණා. මං කොහොමටත් ආසයි දීප්ති කතා කරනවා අහන්න. ඒත් රැුස්වීම් වලට ඇවිත් චිත‍්‍රපටියක් ගැන එක එක කතා කියනවා අහන්න මට තිබ්බ ආතල් එක දැන් හිඳිලා. දීප්ති හු`ගක් රසට මට බැන්නා. මාධ්‍ය සහ ඒවායෙ කතා කළ හැකි ඇත්ත, කරාබු දාන අයගෙ දේශපාලනය වගේ ගොඩක් කැවිලි අතරන් වෙනස් විදිහක ටොපියකුත් එයාගෙ කටෙන් විසි වුණා.
’මං හඳයට 2006දි කිව්වා ඔය කට්ටියට එන්න දෙන්න එපා කියලා. ආවොත් අපිට කරපු දේම තමයි කරන්නෙ කියල’ මීට ටිකක් වුණත් ළ`ගින් යන කතාවක් එයා එතනදි කිව්වෙ. මේ කියන්නෙ මං හිතන්නෙ 2005දි හඳගම චිත‍්‍රපට සංස්ථාවෙ කෙටි චිත‍්‍රපටි තරගෙකදි ලොකු ෆයිට් එකක් දීලා මං කරපු ‘ඉක්බිති ඔහුට නින්ද ගියේය’ කෙටි චිත‍්‍රපටිය තෝරපු එක ගැන වෙන්න  ඕන. ඇත්තටමඑ දා එතන හඳයා නොහිටියා නම් ඒ චිත‍්‍රපටිය එළියට එන්නෙ නෑ. ඒක ඇත්ත. ඒත් මං හිතන්නෙ ඒක හඳයාගෙ වගකීම කියල. මං චිත‍්‍රපටි තෝරන්න සිද්ද වෙන තැනක හිටියොත් වෙනස් විදිහක, වෙනස් දේශපාලනයක චිත‍්‍රපටියක් තෝරන එක මගේ වගකීමක්. ඒක මං කරන්න  ඕන. හඳයා එදා ඒක කළා. එයා අද කොහොම කරයිද කියල මං දන්නෙ නෑ.
ඒත් දීප්ති මෙතන නොකියා කියන කැත කතාවක් තියෙනවා. ඒ තමයි තමන්ට තර්ජනයක් වෙනවා කියල දන්නවා නම් ඒ දේවල් එළියට එන්න ඉඩ දෙන්න එපා කියන එක. තමන්ගෙ අදහස් වලට හෝ තමන්ගේ කලාවට යම් හෙයකින් විරුද්දව යන දේශපාලනයක් දරනවා නම් වාරණය කළ යුතුයි කියන එක එදා එක්ස් පක්ෂයේ නායකයා ලැජ්ජා නැතුව ප‍්‍රසිද්දියෙ කියනවා.

ලංකාවෙ ගොඩක් හොඳ වැඩ කුණු ගොඩට වැටෙන්න හේතුව මේක. ලංකාවෙ පශ්චාත් නූතන යැයි කියාගන්නා පක්ෂ වලට පවා ගැලවෙන්න බැරි සංස්කෘතික අවුල මේක. තමන්ට වෙනස් පැවැත්මක් වාරණය කරන්න තමන්ගෙ බලය පාවිච්චි කරන එක. මට අනුව ඒක අන්ත පසුගාමී තත්වයක් සහ එතනදි දීප්ති මහින්ද රාජපක්ෂටත් වඩා තමන්ගෙ ඇත්ත මිටිකමක් ප‍්‍රදර්ශනය කරනවා.
ලංකාවෙ සිනමාව කියන කලාපෙ ගැන දීප්ති මෙතනදි එළි කරන්නෙ තිත්ත ඇත්තක්. වෙනස් විදිහක සිනමාවක් එන්න ප‍්‍රවීනයි කියන අය ඉඩ දෙන්නෙ නෑ. ඒ අය තමන්ගෙ හැකියාවන් ගැන බරපතල අවිශ්වාසයකින් පෙළෙනවා. ණයට ගත්ත සිනමා භාෂාව නිසා කොයි වෙලාවක අහෝසි වෙලා යාවිද කියල සැකයි. මට අනුව තමන්ගෙ දේශපාලනය හෝ තමන්ගෙ කලාව කරන කෙනෙකුට තවත් අලූත් අදහසක් මුණගැහෙනවා කියන්නෙ ලොකු සතුටක්. අලූත් සිනමාවකට ඉඩක් හදනවා කියන්නෙ ලොකු බලාපොරොත්තුවක්.

ඒත් අවංකකම වෙනුවට වංකකම මූලික සංස්කෘතික සාධකය වෙච්ච,
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

-චින්තන ධර්මදාස