Thursday, December 21, 2017

ඒක වෙනම ආතල් එකක්



ලෝකෙ උසස් දේට තියෙන ඉල්ලූම ඒ විදිහටම පහත් දේටත් තියෙනවා. හොඳ දේවල් වගේම නරක දේවලූත් ගොඩක් ක‍්‍රියේටිව් වෙන්න පුළුවන්. විශිෂ්ට වෙන්න පුළුවන්. ඒත් අපිට හොඳයි කියල සම්මත රූලෙන් එලියට පැනලා අවුට් ඔෆ්ද බොක්ස් වර්ගයේ එක්ස්පීරියන්ස් එකක් විඳින්න තියෙන හැකියාව අඩුයි. වෙන විදිහකට කිව්වොත් අපි  ඕනම නිර්මාණයක් රස විඳිද්දි ඒක හොඳ යැයි සම්මත මිනුම් දන්ඩක හිරවෙලා තමයි විඳින්නෙ. බෙස්ට් වර්ස්ට් තින්ග් එවර් වර්ගයේ වින්දන කලාපයක් ඇති කරගන්න පුළුවන් තරමට ලංකාවෙ පේ‍්‍රක්ෂක රස වින්දනය පුළුල් නෑ.

වැදගත්ම දේ නරක හෝ බෑඞ් කියන සෞන්දර්ය ප‍්‍රවේශ හරහා ‘හොඳ’ නැත්තං උසස් කියන එක චැලෙන්ජ් කරන එකයි. අනිත් පැත්තට හොඳ හෝ උසස් කියන සෞන්දර්යය සම්මතයන් නිර්මාණය කරන සමාජ බලය අභියෝග කරනවා. පේ‍්‍රක්ෂකයන්ගේ අලූත් රස වින්දන මානයන් සොයා ගැනීම හරහා වඩාත් ප‍්‍රජාතාන්ත‍්‍රික අවකාශයක් යෝජනා කරනවා.

මං මේ කතාව කියන්න හදන්නෙ ලෝකෙ මෙච්චර කාලෙකට කෙරුන නරකම චිත‍්‍රපටිය විදිහට හැඳින්වෙන ‘ද රූම්’ කියන ෆිල්ම් එක ගැන. පටලවා ගන්න එපා. මේ ලෙනී ඒබ‍්‍රහම්සන්ගෙ 2016 ෆිල්ම් එක නෙමෙයි. මේ කියන්නෙ 2004 කෙරුන ටොමී වයසව්ගෙ ලෙජන්ඩරි කල්ට් ෆිල්ම් එක ගැනයි.

ටොමී වයසව් මේ ෆිල්ම් එක කරලා හෝල්වලට රිලීස් කරනවා. පැය බාගයක් ඇතුලත තමන්ගෙ සල්ලි ආපහු ඉල්ලලා වැඩිම පේ‍්‍රක්ෂකයො ප‍්‍රමානයක් කම්ප්ලේන් කරන්නෙ මේ ෆිල්ම් එක වෙනුවෙනුයි. විචාරකයො කීප දෙනෙක් මේක කටේ තියන්න බෑ කියල ලිව්වත් ගොඩක් අය මොකක්වත් ලියන්නවත් මහන්සි වෙන්නෙ නෑ. එක පේ‍්‍රක්ෂකයෙක් මේක බලලා එන ගමන් කියනවා, ආයෙ ජීවිතේට මට නගින්නෙ නැති වෙයිද දන්නෙත් නෑ’  කියල. වැඬේ ඒ තරම් අනාතයි.

සති දෙකක් විතර යද්දි ස්ක‍්‍රීන් රයිටර් කෙනෙක් වුන මිෂෙල් රූස්වෙල්ට් අහම්බෙන් මේ ෆිල්ම් එක බලන්න යනවා. රූස්වෙල්ට්ට මේකෙ අමුතුම ෆන් එකක් අහුවෙනවා. හැම සම්මත සම්ප‍්‍රදායක්ම කඩා බිඳ දමමින් හැදිලා තියෙන නමුත් බලන්න මොකද්දෝ ඉන්ටරෙස්ට් එකක් අවුස්සන අමුතු ගුනයක් එයාට ෆීල් වෙනවා. ඒක විචාරය කරන්න මිම්මක් නැති රසයක්. රූස්වෙල්ට් එයාගෙ යාලූවන්ට මැසේජ් කරනවා. මේක අනිවාර්යෙන් බලන්න. පුදුම ෆන් එකක් දෙන ෆිල්ම් එකක් කියල. යාලූවො බලනවා. උන්ටත් නැගලා යනවා.

ටොම් වයසව් වාසනාවට මේ ෆිල්ම් එක කරන්නෙ ඉන්ටර්නෙට් යුගයෙදි. ඒ හින්දම ෆිල්ම් එකේ තියෙන අමුතු දෙබස්, අමුතු නිරූපන, මීම්ස්, කෝට්ස් විදිහට ෂෙයාර් වෙන්න ගත්ත. කටින් කට ෆිල්ම් එක ගැන ලොකු ප‍්‍රචාරයක් පැතිරෙන්න ගත්තා. ඩිරෙක්ටර්ට කොහෙත්ම දැනීමක් හෝ බලාපොරොත්තුවක් නොතිබුන ඉසව්වකින් ඒක ලොකු කල්ට් ෆලොවින්ග් එකක් දිනාගත්තා. ඇත්තටම කිව්වොත් ඩිරෙක්ටර් ෆිල්ම් එකේ කර්තෘට වඩා ෆිල්ම් එකේම කොටසක් විදිහට මිනිස්සුන්ව එන්ටර්ටේන් කරන්න ගත්තා.

මේ ෆිල්ම් එකේ ප‍්‍රධාන චරිතය කරන්නෙත් ටොම් වයසව්. ඒ රගපෑම කටේ තියන්න බැරි එකක්. මීට කලින් කිසිම නළුවෙක් ඒ තරම් නරක රගපෑමකට දක්ෂ වෙලා නෑ. ඒත් ටොම් කියන්නෙ එයා පළපුරුදු මෙතඞ් ඇක්ටර් කෙනෙක් කියල.  ටොම් වයසව් කියන මේ මනුස්සයා ගැන කිසි දෙයක් කිසි කෙනෙක් දන්නෙ නෑ. කොටින්ම ටොම් වයසව් කියන්නෙ එයාගෙ ඇත්ත නම පවා නෙමෙයි. හැමදාම ඇමරිකාවෙ ජීවත් වුන කෙනෙක් විදිහට පෙනී ඉන්න හදන ටොම් කොහෙන් ආවද කියල දන්න කෙනෙකුත් නෑ. ඒත් එයා ඇමරිකානුවෙක් නෙමෙයි කියන එක නම් සහතිකයි. මගේ ෆිල්ම් එකට මගේ අතීතෙ අදාල නෑ කියල ටොම් සම්පූර්ණයෙන්ම තමාව වහලා දානවා.

ඒත් විශේෂය තියෙන්නෙ මේ චිත‍්‍රපටියෙ නිරූපනය වෙන චරිත, ඒ මිනිස්සු කතා කරන, හිතන විදිහ, සිද්දි එහා මෙහා යන රිදම් එක, මේ කිසිම දෙයක් කිසිම සමාජ යතාර්ථයක් එක්ක බද්ද නොවෙන එකයි. හරියටම ඒලියන් කෙනෙක් නැත්තං මේ යතාර්තයත් එක්ක කිසිම ගනුදෙනුවක් නැති කෙනෙක් පිටින් බලාගෙන කටපාඩමින් කරන වැඩක් වගේ. ඒත් ඒ අමුතුකම ඇතුලෙ අපූර්වත්වයක් නිර්මාණය වෙනවා. අපේ බිහේවියර් එක වරදවා නිරූපනය කිරීම නැත්තං මොක් කිරීම හරහා වෙනස් විදිහක වින්දනයක් සහ නිදහසක් නිර්මාණය වෙනවා.

සාමාන්‍යයෙන් කසිකබල් ෆිල්ම් එකක තියෙන ලක්ෂණය වෙන්නෙ බලන් ඉන්න බැරිකම. ඒත් අන්ත කසිකබල් වෙලත් ඊළ`ගට මොකක්ද වෙන්නෙ කියල නොදැන අත්අරින්න බැරි වින්දනයක් මේ ෆිල්ම් එක ඇතුලෙ හැදෙනවා. ඒක එක පාරක් නෙමෙයි නැවත නැවත බලන්න හිතෙන චිත‍්‍රපටියක්. යාලූවෙක් ගෙදරට ආවත්, ජොයින්ට් එකක් දැම්මත් ආයිමත් බලන්න මතක් වෙන ෆිල්ම් එකක්. ඒක මාර වැඩක් වෙන්නෙත් ඒ හින්දමයි.

මේ ෆිල්ම් එකේ නැති දෙයක් නෑ. ලව් තියෙනවා, සෙක්ස් තියෙනවා, සිංදු තියෙනවා, ප‍්‍රශ්න තියෙනවා, ඇක්ෂන්, ත‍්‍රිලර් ඔක්කොම තියෙනවා. ඒත් ඒ හැමදෙයක්ම අවුට් ඔෆ් ස්පේස්. කිසි දෙයක් ගලපගන්න අමාරුයි. ඉමෝෂන්ස් එක තැන පැටලෙනවා. අපි අන්දකයිප්පු වෙනවා. අන්තිමට වෙන්නෙ බඩ අල්ලගෙන හිනායන එක. ඒත් ටොම් එයාගෙ ෆිල්ම් එක ගැන ෆුල් සීරියස්.

”මං මේක ලියන්න කලින් ඉතා ගැඹුරු අධ්‍යනයක් කළා මිනිස්සුන්ගෙ චර්යාව ගැන. මනෝ විද්‍යාව ගැන. මට හොඳ දැනීමක් තියෙනවා කොහොමද මිනිස්සු මේ විදිහෙ අවස්තාවල හැසිරෙන්නෙ කියල”
ටොම් තමන්ගෙ පිටපත ගැන කියන්නෙ එහෙමයි. ඒත් මේ කියන කාරණා එක්ක ෆිල්ම් එකේ දකින දේ ගලපලාම බලන්න  ඕන. ඒක වෙනම ආතල් එකක්.

කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ලෝ බජට් කරපු ඉන්ඩි (ස්වාධීන) වැඩක් කියල. ඒත් ඒක එහෙම නෙමෙයි. ඩොලර් මිලියන 06ක් වියදම් කරලා මාස 06ක් තිස්සෙ ෂූට් කරපු එකක්. කොටින්ම ට‍්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එකට වඩා කල් මේක ෂූට් කරලා තියෙනවා. මේ ෆිල්ම් එකේ කන්ටෙන්ට් එක වගේම ඒකෙ පසුබිමේ තියෙන හැමදෙයක්මත් අද්භූතයි. ටොම්ට මෙච්චර සල්ලි කොහෙන්ද කියල කිසි කෙනෙක් දන්නෙ නෑ. එයා කියන විදිහට එයාගෙ ලෙදර් ජැකට් බිස්නස් එකෙන් මේ සල්ලි ඉතුරු කරලා තියෙනවා. ඒත් ඩොලර් මිලියන 06ක් ඉතුරු කරන්න?

මේක වෙනුවෙන් ටොම් ඉතා මිළ අධික හෝර්ඩින් වෙන් කරගෙන තියෙනවා. සති දෙකෙන් ගැලවුන ෆිල්ම් එකක් වුනත් ඒ හෝර්ඩින් අරන් තියෙන්නෙ අවුරුදු පහක කාලෙකට. මේ කිසි දේක තාර්කික පදනමක් නෑ. ඒත් ඒ හැමදේකින්ම ෆිල්ම් එකට වෙනම ආනන්දයක් එකතු වෙනවා.

ෆිල්ම් එක හෝල්වලින් ගැලවුනාට පස්සෙ තැනින් තැන එක එක අය මේක ස්කී‍්‍රන් කර කර මේ ආස්වාදය පතුරන්න පටන් ගන්නවා. වැදගත්ම දේ වෙන්නෙ කර්තෘගේ උවමනාව හෝ අරමුණ ගැන කිසිම අදාලත්වයක් නැතුව මේක තනිකරම පේ‍්‍රක්ෂක රසය සහ ඒ රසයේ දිශාව අනුව තීරණය වෙන කල්ට් අවකාශයකට ඇතුල් වුන එකයි. ලංකාවෙ අපි සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයාගේ සීමාවෙන් එලියෙ කෘතියක් නිදහසේ කියවන්න දන්නෙ නෑ. ඒකට වෙනම ඩයිමෙන්ෂන් එකක්, ඒකට වෙනමම සෞන්දර්යයක් නිර්මාණය කිරීමේ පේ‍්‍රක්ෂක නිර්මාණාත්මක බව පෙන්වන කිසිම තැනක් මං නං මේ තාක් දැකලා නෑ. අපි හරිම ආකෘතිගතයි. හරිම තාර්කිකයි සහ ගතානුගතිකයි. අපේ කියවීම් සහ විඳීම් නිශ්චිතයි. ඒවා තාමත් බඩගානවා.

මේ වෙද්දි ජේම්ස් ෆ‍්‍රැන්කො විසින් ‘ද රූම්’ ෆිල්ම් එකේ පසුබිම් කතාව පදනම් කරගෙන අලූතෙන් ෆිල්ම් එකක් කරනවා. ඒක මේ දෙසැම්බර් රිලීස් වුනා. නම ‘ද ඩිසාස්ටර් ආර්ටිස්ට්’. ඒකෙදි සම්මානලාභී නළු නිළියන්ට සිද්ද වෙනවා මේ නරකම මට්ටමෙන් ර`ගපාන්න. තාමත් ෆිල්ම් එක ඩවුන්ලෝඞ් කරගන්න නැති නිසා මං ටේ‍්‍රලර් එක බැලූවා. මට නම් හිතෙන්නෙ තාමත් ෆ‍්‍රැන්කොටවත් ටොම් වයසව්ගෙ ලිමිට් එකට ළං වෙන්න අමාරු වෙලා තියෙනවා. ඒක වෙනම තලයක ආර්ට් එකක්.

මේ වෙද්දි ටොම් වයසව් කල්ට් සෙලිබි‍්‍රටි කෙනෙක්. ඒකටම හරියන්න කිසිම යතාර්ථයක් එක්ක නොගැලපෙන ජීවිතයක් ටොම් ප්‍රොජෙක්ට් කරනවා. සමහර ස්ක‍්‍රීනින්ග් වලට ටොම් එන්නෙ ලිමොසීන් එකකින්. සුපිරි තරුවක් වගේ එයාගෙ පේ‍්‍රක්ෂකයන් විසින් වටකරගන්න ටොම් කවුද කියල සාමාන්‍ය මිනිස්සු පුදුම වෙලා බලනවා.

‘ද රූම්’ කියන්නෙ තනිකරම සරියල් එක්ස්පීරියන්ස් එකක්. ඒක මෙතෙක් අපි සරියල් විදිහට ආර්ට් ඇතුලෙ දැකපු තත්වයන් ඉක්මවා යනවා. කතාව, පිටපත සහ ර`ගපෑම විතරක් නෙමෙයි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් පවා මේ සරියල් අවකාශයේ කොටස්කාරයන් වෙනවා. අර දැනෙන ඔනස්ටි එක හැදෙන්නෙ ඒ සමස්තයෙන්.
මෙතන තියෙන වැදගත්ම දේ අපිට සෞන්දර්යය හෝ ආර්ට් ගැන සම්මත විශිෂ්ටත්වයෙන් පිට කියවීමක් තියෙන්න  ඕන එකයි. අපිට අපි නරඹන දෙයක් ඇසුරෙන් වෙනමම රසයක් ප‍්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙන එකයි. ඒක ඇතුලෙන් අපේ සෞන්දර්යයේ සහ වින්දනයේ සීමාවන් අඳුරගන්න තරම් නිදහස් මනසක් තියෙන එකයි.

වයිරල් යුගය ඇතුලෙ විශිෂ්ටත්වය හෝ උසස් බව කියන්නෙ මිත්‍යාවක් විතරයි. ඒ වෙනුවට පේ‍්‍රක්ෂකයන් තමන්ට මැදිහත්විය හැකි අවකාශයක් සහිත නිර්මාණ වඩා ආදරෙන් වැළඳගන්නවා. කොයිතරම් දුර්වල කෘතියක් වුනත් ඒක ඇතුලෙ දැනෙන ඔනස්ටි එක සහ පියුරිටි එක නරඹන්නන්ට දැනෙනවා. කල්ට් හැදෙන්නෙ එතනින්.

- චින්තන ධර්මදාස

Friday, December 1, 2017

කම්මැලිකමේ මුනිවර පැවැත්ම



කම්මැලිකම. කම්මැලිකම කියන්නෙ හරිම ලස්සන පුරුද්දක්. එක විදිහකට හැකියාවක්. නිර්මාණශීලී ප‍්‍රවනතාවයක්. ඒත් කම්මැලිකම ගැන අපිට පොඩි කාලෙ ඉඳන්ම උගන්නන්නෙ වෙනස් කතාවක්. ඒකෙ වැරැුද්දක් නෑ. සමාජයක් විදිහට කම්මැලිකම සාරධර්මයක් කරගන්න කොහෙත්ම හැකියාවක් නෑ.

ඒත් ලෝකෙ හැම දියුණුවක්ම සිද්ද වෙන්නෙ කම්මැලිකම වෙනුවෙන්. උදා විදිහට තාක්‍ෂණය දියුණු වෙන්නෙ අපිව වඩාත් කම්මැලි කරන්න. වැඩ පහසු කරන්න. ඒත් අපි ඒ ඉතුරුවෙන කාලෙත් අරන් තවත් කැම්මලි වෙන්න මහන්සි වෙනවා. එක විදිහකට අපි ජීවත් වෙනවා කියන්නෙ කම්මැලි වෙන්න මහන්සි වෙන එක. ඒක පැරඩොක්ස් එකක්. වැඩ කරන ගොඩක් අයගෙ එකම හීනෙ කීයක් හරි ඉතුරු කරගෙන වැඩවලින් නිදහස් වෙන එක.

කම්මැලිකම කියන්නෙ හරිම සොඳුරු පැවැත්මක්. එක ජනප‍්‍රිය විහිළු කතාවක ලොකුම කම්මැලියා තෝරගන්න දවසක් එනවා. එතනදි එක මිනිහෙක් ඉන්නවා මිනිහා කොමඩි ෆිල්ම් එකක් අ`ඩ අ`ඩ බලපු. ඒකට හේතුව ෆිල්ම් එක බලන්න ඉඳගනිද්දි මිනිහටම මිනිහගේ ඇටේ උඩ ඉඳගැනෙනවා. ඒ අමාරුවට කඳුළු පනිනවා. ඒත් නැගිටලා ඇටේ නිදහස් කරගන්න කම්මැලිකමට මිනිහා මුළු කොමඩියම අ`ඩ අ`ඩ බලනවා.
කම්මැලිකමේ තියෙනවා වෙනස් විදිහක ගැඹුරක්. හුදකලාවක්. භාවනාවක්. සමහර වෙලාවට මොකක් හරි දෙයක් ලියාගෙන යද්දි අදාල සෝස් එකක දිනයක් වෙලාවක් නිශ්චිත කරගන්න අනිත් ටැබ් එක  ඕපන් කරන්න කම්මැලියි. ඒක එච්චර අදාල නෑනෙ කියල අත්ඇරලා දානවා. ඒ වගේ තැනකදි කම්මැලිකම හානිකර වෙන්න පුළුවන්. ඒත් ඒ හානියට වඩා කම්මැලිකමේ අත්දැකීම ගොඩක් වටිනවා.

ඒ සාන්තුවර කම්මැලිකම ඉගෙන ගන්න හොඳම ගුරුවරයා පූසා. පූසෙක් තරම් ලස්සනට කම්මැලිකමේ පැවැත්ම පෙන්නන වෙන කිසි සතෙක් නෑ. හැම ඉරියව්වකම තියෙන්නෙ කම්මැලකමේ සහ ඉවසීමේ භාවනාවක්.

එක විදිහකට කම්මැලිකම කියන එක අධ්‍යාත්මික කාරණයක් වෙනවා. ඒක භාවනාවෙ මූලික ලක්ෂණයක්. කම්මැලි වෙන්න බැරි කෙනෙකුට භාවනා කරන්න අමාරුයි. ඒක හින්ද අපේ බෞද්ද භාවනාකාරයො භාවනාව කියල එකක් කරන්න උගන්නනවා. භාවනාව මහන්සියෙන් ඉගෙන ගන්න හදනවා. කම්මැලි වෙන්න මහන්සි වෙනවා.

භාවනාවෙ මූලිකම හරය වෙන්නෙ කිසිවක් නොහිතා, කිසිවක් නොකර, කිසිවක් ගැන උනන්දු නොවී නිකම් හිඳීම. හිතුවිලි තමන් හරහා යන විදිහ පාලනය කරගන්න, ඒකට මැදිහත් වෙන්න, හරිවැරදි හොයන්නවත් මහන්සියක් නොවී නිකං බලා හිඳීම. එක විදිහකට ගත්තොත් ඒක සෑහෙන අමාරු වැඩක්. මිචෙල් ෆුකොලට, ස්ටීව් ජොබ්ස්ලට මෙහෙම ඉන්න එක පිස්සු වගේ වුනා. ඒ ගොල්ලො ඒ තරම් මනසින් වැඩ කරන මැෂින් හින්ද. කම්මැලිකම කියන්නෙ මනසින් නිදහස් වීම.

කම්මැලි වෙනවා කියන්නෙ කරන්න මැලිවෙනවා කියන එක. ක‍්‍රියාවට මැලි වෙන එකට. ක‍්‍රියාවෙන් නිදහස් ව බලා ඉන්න එක. ඒක වෙනස් ඩයිමෙන්ෂන් එකක්. කම්මැලි වීමේ ආර්ට් එක දන්නෙ නැති අය ජීවත්වෙන්නෙ ක‍්‍රියාව ඇතුලෙ විතරයි. මම කරමි. ඒ නිසා මම පවතිමි. නොකිරීම ඇතුලෙ පැවැත්ම කියන එක මනස සහ සමාජය විසින් අපිට අහිමි කරපු වෙනම කලාපයක්. ඒක මමත්වයෙන්, කාලයෙන් තොර පැවැත්මක්. සමාජීය හෝ පුද්ගලික හෝ නොවන අවකාශයක්.

කම්මැලි වෙන්න ඉගෙන ගන්න හෝ කම්මැලි වෙන්න පුරුදු වෙන්න කියල මේ කතාව ඉවර කරන්න බෑ. මොකද කම්මැලි කියන්නෙම නොකිරීමක් හින්ද. ඒක නිසා හරිම වචනෙ කම්මැලි වෙන්න කියන එක විතරයි. ඒක වීමක්. කරන්න බැරි දෙයක්.

විශේෂයෙන්ම නිර්මාණශීලී වෙන්න නම් කම්මැලිකම තියෙන්නම  ඕන ගුනයක්. කම්මැලිවීම ඇතුලෙ හැදෙන ඩිටෑච්මන්ට් එක, නැත්තං ඔරලෝසුවෙන් සහ රූලෙන් පිට පැනලා බලන්න පුළුවන් ගතිය තමයි ක‍්‍රියේටිව්බවක මූලික ලකුණ. නැත්තං දිගටම සිද්දවෙමින් යන්නෙ රිපිටීෂන් එකක්. ඒත් කම්මැලිකම කියන එක කාලකණ්ණිකම දක්වා යන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව ඒක ආස්වාදනීය පැවැත්මක සීමාවෙ විඳිනවා කියන්නෙ ක‍්‍රියේටිව් ලේසිනස් එකක්. ලේසිනස් කියන ඉංග‍්‍රීසි වචනෙ නිකංම සිංහලෙන් ලියල බැලූවම එන තේරුමත් ලේසි- පහසු කියන එකමයි (ඒත් ඒක අහම්බයක්). කොහොම වුනත් කම්මැලිකම සහ නිර්මාණශීලීත්වය අතර තියෙන ධනාත්මක සම්බන්ධය මේ වෙද්දි පර්යේෂණ කරලා ඔප්පු කරලා තියෙන එකක්. ඒත් කිසිම කෙනෙකුට කම්මැලි වෙන්නෙ මෙහෙමයි කියල තව කෙනෙකුට කියල දෙන්න හැටියක් නෑ. ඒක බුද්දත්වය වගේම තමන් විසින් සාධනය කරගත යුතු තත්වයක්.

දැන් මේක වුනත් තවදුරට විස්තර කරගෙන යන එක මට කැම්මැලියි. ඒක නිසා මං මෙතනින් නවතිනවා. මේක කියවගෙන යනඑක කෙනෙකුට කම්මැලි වුනත් ඒක නරකක් නෙමෙයි. මේක කියවන එකට වඩා ඒ කම්මැලිකම විඳින එක වටිනවා. අනෙක් අතට මගේ ලිවීම ඇතුලෙ එහෙම කම්මැලි වෙන්න ඉඩක් හැදෙන එක ගැන මං ආඩම්බර වෙනවා.

-චින්තන ධර්මදාස

Monday, November 20, 2017

මාර්කට් එකට සෙට් වෙන්න.



මාර්කට් එක ගැන මේ දවස්වල තරමක හොඳ සංවාදයක් එෆ්බී එකේ තැන තැන යනවා. ගොඩක් දෙනා ලේසියෙන් එකගවෙන අදහස තමයි මාර්කට් එක කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි කියන කතාව. එක පෝස්ට් එකක දාලා තිබුන මාර්කට් එක වෙනුවට මනුෂ්‍යයා කේන්ද්‍ර කරගත් විද්‍යාත්මක ක‍්‍රමයක් කරා අපි ගමන් කරන්න  ඕන කියල. එතනදිත් ලේසියෙන්ම අමතක කරලා තිබුන කාරණය වෙන්නෙ මාර්කට් එක තරම් මනුෂ්‍යයා කේන්ද්‍රීය විද්‍යාත්මක ක‍්‍රමයක් තාම නිර්මාණය වෙලා නැති වග. එහෙම නැත්තං මාර්කට් එක කියන්නෙත් මනුෂ්‍යයාගේ පැවැත්ම සහ උවමනාවන් කේන්ද්‍ර කරගනිමින් වඩවඩාත් විද්‍යාත්මක ප‍්‍රවේශයන් උත්සාහ කරන මානව තාක්‍ෂණයක් කියන එක නොතකා හරිනවා. ඒ වෙනුවට මාර්කට් එක කියන්නෙ ලාබය කේන්ද්‍ර කරගත්ත ධනපතීන්ගේ උවමනාවට හැසිරෙන මොකක්දෝ බහුබූත යාන්ත‍්‍රණයක් විදිහටයි ගොඩක් වාමවාදී බුද්දිමතුන් දකින්නෙ. ඒ වෙනුවට දුප්පත්කම, ගෝලීය පරිසර අර්බුද වගේ මානව හිතවාදී යැයි කියන කාරණා ගැන උනන්දු වෙන වෙනම මාර්කට් නැති ක‍්‍රමයක් ගැන ෆැන්ටසිමය හීනයක් මේ අයට තියෙනවා.

ඒ වගේ ව්‍යාපෘති වලටත් වඩ වඩාත් අරමුදල්  ඕනවෙන බවත් ඒවා සපයන්න වෙන්නෙත් බදුමුදල් වලින් බවත් ඒ බදුමුදල් ගෙවන්න වැඩියෙන් ලාභ අවශ්‍යවෙන බවත් ඒ ලාභ උපයන්නේ වෙළඳපොලෙන් බවත් ඒ අයට මගඇරෙනවා. වෙළඳපොල වෙනුවට ඒ සඳහා වෙනම ක‍්‍රමයකුත් තාම ඒ අයට නිර්මාණය කරගන්න බැරිවෙලා තියෙනවා. කියන්න තියෙන සරලම කතන්දර, අවිආයුදවලට වැයවන වියදම් කපාහැරීම වගේ බොළඳම කාරණා හරහා නැවත වෙළඳපොල මානුෂීය කරන ක‍්‍රියාවලියකට එපිටින් කිසි දෙයක් ඒ අයට නෑ.

මෙතනදි අවතක්සේරු කරන වෙළඳපොල කියන්නෙ මානව පරිණාමයේ අප මෙතෙක් නිර්මාණය කරගත්ත දියුණුම අවධියයි. එක විදිහකට කිව්වොත් හෝමෝ සේපියන් සේපියන්ස් මානවයා මේ වෙද්දි වෙළඳපොල ආර්තිකය ඇතුලෙ හෝමෝ ඉකොනොමිකස් මානවයා දක්වා පරිණාමය වෙලා තියෙනවා. මේ වෙද්දි ඉන්නෙ තමන්ගේ උපයෝගිතාවය උපරිම කරන ගනුදෙනු වෙනුවෙන් තාර්කික තීරණ ගන්නා මානවයෙක්. වැදගත්ම දේ ඒ වෙළඳපොලෙන් බිහිවෙන පරිභෝගිකයා කියන චරිතය.  ඕන නම් කන්සියුමර් ඉකොනොමිකස් කියල කියන්නත් පුළුවන්. වෙළඳපොලේ වැඩිම බලය තියෙන්නෙ මෙන්න මේ චරිතයට. ප‍්‍රගතිශීලී කියන සෑම ව්‍යාපාරයක්ම උත්සාහ කළ යුත්තේ මේ පාරිභෝගිකයා කියන අලූත් මානවයා ශක්තිමත් කරන්නයි. පාරිභෝගිකයාගේ පරිභෝජනය ඇතුලෙ ආර්තිකය පුළුල් වෙනවා වගේම වඩවඩාත් අයිතීන්, සාධාරණත්වයන් ශක්තිමත් කරන ප‍්‍රායෝගික අඩිතාලම් ගොඩනගන්න පුළුවන්.

හොඳම උදාහරණයක් යූටියුබ්. යූටියුබ් වල අපි දාන වීඩියෝ ඇතුලෙ ඇඞ් දානවා. ඒ ඇඞ්වලින් අපිට ආදායම් එනවා. අපේ විව්ස් වැඩිවෙනකොට වැඩියෙන් ඇඞ්ස් ලැබෙන්නත් ගන්නවා. ඒත් නිකං හරි අපි ජාතියකට ආගමකට හෝ පුද්ගලයෙකුට පරිභවකරන යම් දෙයක් අපේ ච ැනල් එකේ දැම්මොත් අපිට ලැබෙන ඇඞ් සියල්ල නතර කරනවා. යූටියුබ් අයිති ගූගල් සමාගමට. ඒ සමාගමේ පාරිභෝගිකයන් වෙනුවෙනුයි ගූගල් මේක කරන්නෙ. නිකං හරි එක පාරිභෝගිකයෙක් ඒ වගේ කාරණාවක් අරඹයා යූටියුබ් එකට විරෝධය පෑවොත් ඒක රැුල්ලක් වෙලා සමාගමට දැනෙන සුලූ බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. අවසාන අර්ථයේදී අපි හැමෝම පාරිභෝගිකයන් වෙනවා. සමාගමක වුනත් සේවකයන් වෙළඳපොලේ පාරිභෝගිකයන්. ඒ තමයි නූතන ජනතාව කියන්නෙ. සමාජ සාධාරණත්වය වෙනුවෙන් ලාභයට එරෙහි ව්‍යාපෘතියකට වඩා සාධාරණ සහ ප‍්‍රායෝගික වෙන්නෙ පාරිභෝගිකයන් සවිඥානක කිරීමේ ව්‍යාපෘතීන්.

වෙළඳපොල කියන්නෙ මානව සංස්කෘතික නිර්මාණයක්. ඒක අපේ පරිණාමයේ අවධියක්. ඒක කීපදෙනෙක් ධනපති විසින් නෙමෙයි අපි හැමෝම එකිනෙකා අපේ ආශාවන් සහ උවමනාවන්ගෙන් නඩත්තු කරන වඩවඩාත් නිර්මාණශීලී කරන යාන්ත‍්‍රණයක්.

ගොඩක් අය ගොඩක් වෙලාවට බ‍්‍රෑන්ඞ්ස්වලට විරුද්දව කතා කරනවා. ඒත් ඒ කතා කරන හැමකෙනෙකුටම තමන් කැමති බ‍්‍රෑන්ඞ්ස් තියෙනවා. අනෙක් පැත්තට බ‍්‍රෑන්ඞ්ස් ගැන අවබෝධයක් නැති එක තමන් ජීවත්වෙන නූතන වටපිටාව ගැන සවිඥාණකත්වයක් නැතිකමක් වෙනවා.

වෙළඳපොලේ මේ බ‍්‍රෑන්ඞ්ස් හැදෙන්නෙ හුදෙක් සල්ලි තියෙන කෙනෙක් නිෂ්පාදනයක් එලියට දැමීමෙන් නෙමෙයි. බ‍්‍රෑන්ඞ් එකක් කාලයක් පවතින්න නම් ඒකට පාරිභෝගිකයන් පිරිසකගේ මැදිහත් වීමක්  ඕන වෙනවා. ඇත්තටම නම් බ‍්‍රෑන්ඞ් එකකට පවතින්න අර්ථය නිර්මාණය කරන්නෙ පාරිභෝගිකයන් විසින්. එක එක පාරිභෝගිකයන්ගෙ ජීවිත ඇතුලෙන් එකතුවෙන වටිනාකම් සහ තේරුම්වලින් තමයි බ‍්‍රෑන්ඞ් එකක් නිර්මාණය වෙන්නෙ.

මීට කාලෙකට කලින් ගත්තොත් අපිට වෙළඳපොලේ මේ බ‍්‍රෑන්ඞ් අතර තිබුනෙ හොඳ සහ නරක කියන බෙදීමක් විතරයි. ඒත් බ‍්‍රෑන්ඞ් අතර තරගය හින්ද මේ වෙද්දි අපිට නරකයි කියල බැහැර කරන්න පුළුවන් නිෂ්පාදන තියෙන්නෙ අල්පයක් විතරයි. හැම බ‍්‍රෑන්ඞ් එකක්ම තරගකාරීත්වය ඇතුලෙ වඩ වඩා හොඳ වෙමින් යනවා. මේ වෙද්දි අපි කරන්නෙ හොඳ දේවල් අතරින් වඩා හොඳ එක තෝරගන්න එකයි. වඩාත් ගුණාත්මක වගේම අපේ අවශ්‍යතාවලට සංවේදී නිෂ්පාදන කරන්න වෙළඳපොල ක‍්‍රමය උදව් වෙලා තියෙනවා.

වැදගත්ම කාරණය අපේ තෝරාගැනීමට ලැබෙන අයිතිය සහ බලය කියන එක. වෙළඳපොලකරණයට ලක්නොවුණු අංශවල තියෙන ගිලාබැසීමට සහ වැඩවසම් බලක‍්‍රමයට හේතුව වෙන්නෙම මේ ක‍්‍රියාවලිය සිද්ද නොවීම. හොඳම උදාහරණය අධ්‍යාපනය. ලංකාවෙ විශ්ව විද ්‍යාල අධ්‍යාපනය වෙළඳපොල තරගයට අහුවුන හැම අංශයක්ම සංවර්ධනය වෙමින් තරගකාරීවෙමින් තියෙනවා. වෙළඳපොලට දොරවල් වැහුනු අංශ එක තැනම පල්වෙමින් ඉන්නවා. තමන්ගෙ රැුකියාව බේරාගැනීමේ සටන්වලට පාරවල් ගානෙ පිකට් කරමින් ඉන්නවා. එතනදි පාරිභෝගිකයාගේ හෝ සේවය ලබාගන්නාගේ හ`ඩට කිසි තැනක් නෑ. තෝරා ගැනීමේ අයිතියක් නෑ. පරණ බලය ආරක්ෂා කරගැනීමේ උවමනාව විතරයි.

වෙළඳපොල තරම් මිනිස් නිදහස සහතික කරන වෙන කිසිම සිස්ටම් එකක් අපිට නෑ. කොටින්ම ඒ නිදහස අයිතීන් වෙනුවෙන් කියල මරාගෙන මැරෙන්න කැපවෙන දේශපාලන කණ්ඩායම්වල මධ්‍යගතවාදී අධිපතිවාදී කතිකාවන්ට වඩා හැමෝටම තමන්ගේ අදහස්, කණ්ඩායම්, චර්යාවන් සමග ජීවත්වෙන්න පුළුවන් වපසරියක් වෙළඳපොල ඇතුලෙ තියෙනවා. ආන්තික විදිහට පීඩාවන්ට ලක්වෙන පිරිස් නෑ කියනවා නෙමෙයි. ඒත් ඒ අය දක්වා ප‍්‍රතිලාබයන් බෙදී යාමේ තාක්‍ෂණයන් වෙනුවෙන් නිරන්තර අධ්‍යනයන් සහ අත්හදා බැලීම් සිද්ද වෙනවා. අලූත් ඉකෝ සිස්ටම්ස් නිර්මාණය වෙනවා.

වෙළඳපොල ඇතුලෙ කංසා හොයන මිනිහට කංසා හොයාගන්නත්, කාර් හොයන මිනිහට කාර් හොයාගන්නත් කොම්පැනි හොයන මිනිහට කොම්පැනි හොයාගන්නත් ඉඩ තියෙනවා. තව කෙනෙකුගේ නිදහස සහ අයිතීන්වලට බාධාවෙන තැන්වලදි ආරක්ෂාවට නීති තියෙනවා. වැදගත්ම දේ වෙන්නෙ හැම කෙනෙකුගේම හැම උවමනාවක්ම සහ ආශාවක්ම තෘප්තිමත් කරගැනීමට ඒක ඇතුලෙ අවකාශ නිර්මාණය වෙන එකයි. සදාචාරය හෝ මනුෂ්‍යත්වය හෝ වෙන කිසියම්ම මතවාදයකට හෝ වඩා වෙළඳපොල පුළුල් වගේම ඒක ඇතුලෙ හැමෝටම ඉඩත් තියෙනවා.

වෙළඳපොල හැමවෙලාවකම හිතන්නෙ තමන්ගෙ පාරිභෝගිකයා කියන පුද්ගලයා ගැන. ඒ පුද්ගලයා ගැන නිශ්චිත විද ්‍යාත්මක දැනීමක් වෙළඳපොලේ හැම නිෂ්පාදනයකටම තියෙනවා. ඒ නිසාම ඒ පුද්ගලයා කියන කාරණයට වෙළඳපොලේ ලොකු තැනක් හැදෙනවා. දේශපාලන, ආගම්, අන් කවර හෝ මානව හිතවාදී විදිහට පෙනී ඉන්න කණ්ඩායමක් වුනත් හිතන්නෙ තමන් නොදන්නා සමූහයක් ගැන. මේ ඔලූවෙන් නිර්මාණය කරගන්නා සමූහය ගැන අදහස භයානක එකක්. ගොඩක්ම බයානක වෙන්නෙ ඒක බොරුවක් හින්ද. මේ සමූහය ගැන අදහස ඒ අදාල කන්ඩායමේ අධිකාරී බලයේ ප‍්‍රක්‍ෂේපණයක් විතරයි. ඒ හැම කතිකාවකදිම, ක‍්‍රියාකාරීත්වයකදිම නොතකා හැරෙන්නෙ පුද්ගලයා කියන කාරණය. පුද්ගලයාගේ නිදහස සහ අයිතිය කියන කාරණය. ඒ අතින් මේ සියලූ දේශපාලන, ආගමික, ජාතික කණ්ඩායම්ගත අදහසකටම වඩා වෙළඳපොල කියන අදහස අතිශය ප‍්‍රගතිශීලී එකක්. මොකද වෙළඳපොල පවතින්නෙම පුද්ගලයාගේ නිදහස මත හින්ද. අනිත් හැම මතවාදයක්ම පවතින්නෙ පුද්ගලයාගේ නිදහස සීමා කිරීම මත හින්ද.

Monday, October 23, 2017

Keep it Fake


ඇත්ත කියල දෙයක් නෑ කියන එක බාරගැනීම කොහොම වුනත් ඇහුවම තාමත් ගොඩක් අය තිගැස්සෙන කාරණයක්. ඇත්ත කියන පත්තරේ, ඔබ ඔබම වෙන්න, අරකෙ ඇත්ත මේකෙ ඇත්ත, යතාර්ථයට පිවිසෙන්න, සැබෑ ඔබ දකින්න, සත්‍යවාදී වෙන්න, මේ ඔක්කොම අර ‘ඇත්ත’ වෙනුවෙන් තියෙන කතන්දර. එහෙම්පිටින්ම ෆික්ෂන් එකක් වුන සිනමාව රූපවාහිනිය වගේ මාධ්‍ය පවා මේ ‘ඇත්ත’ නඩත්තු කරන්න පුදුම මහන්සියක් ගන්නවා. 

මේ ඇත්තටම ‘ඇත්තෙ’ අර්බුදයෙ සරල පැත්තක්. ඒත් ‘ඇත්ත’ අර්බුදයට යාමේ ‘ඇත්ත’ අර්බුදය මීට වඩා ගැඹුරට යනවා. මූලිකවම පැවැත්මේ ගැටලූව. හැම එකක්ම ප‍්‍රබන්ධයක්, නිර්මාණයක් වුනහම අපි අපිව නැත්තං අපේ පැවැත්ම කියල තේරුම් ගන්නෙ මොකක්ද කියන අපිව තිගැස්සෙන ප‍්‍රශ්නය එනවා. ඊළ`ගට දැනුමේ ගැටලූව. ෆැන්ටසිය විසින් ෆැක්ට් එක විතැන් කරන්න ගන්නවා. එතකොට සාමූහික ප‍්‍රබන්ධයක් දැනුමක් අපි විදිහට විශ්වාස කරනවා. ඊළ`ගට සදාචාරය. හොඳ නරක මොකක්ද කියල කවුරු කොහොම විනිශ්චය කරන්නද? එතකොට ලස්සන වගේ සංකල්ප. කෙනෙකුගේ ලස්සන ගැන අදහස තව කෙනෙකුගේ එකට වඩා උසස් හෝ පහත් වෙන්නෙ කොහොමද? මේ විදිහට ‘ඇත්ත’ අර්බුදයට යද්දි අපි අනන්ත ගානක් කණ්ණාඩි තියෙන කාමරයක කොටු වෙනවා වගේ එකක් වෙනවා. සමහර ඒවා අපේම ප‍්‍රබන්ද. තව ලක්ෂ ගානක් කවුරුන් කොහොම කුමක් පිනිස නිර්මාණය කළාදැයි හිතාගන්නවත් බැරි ප‍්‍රබන්ද. ඒ ප‍්‍රබන්දවලින් අපි අපිව පරාවර්තනය කරන්න තෝරගන්නේ මොන ඒවද? එක් ප‍්‍රබන්ධයක් අනෙකට වඩා ඉස්සරහට එන්න, නැත්තං ‘ඇත්ත’ වෙන්න බලපාන කාරණා මොනවද? අපේ ආදරය, අපි සුන්දරයි කියල හිතාගෙන ඉන්න දේවල්, අපි මාරයි කියල බාරගන්න සිනමාව, නැත්තං සාහිත්‍යය.. කොටින්ම දෙවියන් බුදුන් පවා මේ විදිහෙ ෆික්ෂන්ස් නැත්තං නැරටිව්ස් වුනහම ‘අපිට’ (මට) මොකද වෙන්නෙ?

අපි හිතනවා නිදහස් අධ්‍යාපනයෙන් මාර දෙයක් වෙනවා කියල.. නැත්තං කොමියුනිස්ට් ක‍්‍රමයෙදි සියලූ ප‍්‍රශ්න විසඳෙනවා කියල.. වෙන විදිහකට ධනවාදය මාරයි කියල වුනත් ෆික්ෂන් එකක් විශ්වාස කරන්න පුළුවන්. ඒකයි වැදගත් දේ. අපි ‘විශ්වාස’ කරනවා. මිනිස්සු යතාර්ථය කියල එකක් උඩ හිතන්නෙ නෑ. මිනිස්සු හිතන්නෙ විශ්වාසය උඩයි. අපි ඇත්ත කියන්නෙ අපි විශ්වාස කරන ප‍්‍රබන්ධ කට්ටලයට.

ඒත් මේ වෙද්දි මෙතෙක් පිලිගත්ත හැම ‘ඇත්තක්ම’ අභියෝග කරමින් ඒ ඇත්ත විසින් නිර්මාණය කළ ‘ෆේක්ස්’ ඇත්තෙහි තැන ගන්න පටන් ගනිමින් තියෙනවා. ප්ලාස්ටික් සර්ජරි කියන්නෙ තවදුරටත් ෆේක් එකක් නෙමෙයි. බොරු ෆේස්බුක් ප්‍රොෆයිල්, සයිකඩෙලික් ඩ‍්‍රග්ස්, ජෙනටිකලි මොඩිෆයි කරපු කෑම, ගේමින් සංස්කෘතිය, අපි වෙනුවෙන් හිතන ස්මාර්ට් කොම්පියුටර්, තවදුරටත් මේ කිසිදෙයක් ෆේක් නෑ.

අපි අලූත් ෆේක්ස් විශ්වාස කරනවා පරණ රියල් එකට වඩා. අපි ගොසිප් විශ්වාස කරනවා ටීවී එකේ නිව්ස් වලට වඩා. අපි සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නෙ මීඩියා රියැලිටියක. මිලියන ගනං අය ෆලෝ කරනවා මෑඞ්මෙන් සීරීස් එකේ ඩොන් ඩ්‍රේපර් වගේ නැත්තං ග්ලී සීරීස් එකේ සූ සිල්වෙස්ටර් වගේ හැසිරෙන ට්විටර් චරිත. මේ සෙවනැලි චරිත එක්ක ඇත්ත අය එක්ක වගේම ගනුදෙනු කරනවා. ලේඩි ගාගා වගේ චරිතයක් ගත්තොත් එයාව ගන්න වෙන්නෙ ඇත්තකට වඩා ෆික්ෂන් ගානක එකතුවක් විදිහට. මැඩෝනා ගත්තොත් එයා ලානා ටර්නර්, මැරිලින් මොන්රෝ සහ මැරලින් ඩියෙටි‍්‍රච් කියන ෆික්ෂන් තුනක එකතුවක්. රියැලිටිය කියන්නෙ අපේ තෝරාගැනීමක්.

කාලෙන් කාලෙට මේ ප‍්‍රබන්ධ විශ්වයන් මාරු වෙනවා. එක කාලෙක හරිම ඉන්ටරෙස්ටින්ග් විදිහට අපි හැමෝම ටීවී වලින් රියැලිටි ෂෝ විශ්වයකට ඇතුල් වුනා. රියැලිටි ෂෝ කියන්නෙ හරිම සංකීර්ණ විදිහට රියල්-ෆේක් සංකල්ප ගැටෙන ටි‍්‍රපී තැනක්. ටීවී වලින් අපිට රියැලිටි කියලා ෂෝ එකක් පෙන්නනවා. ඒක යතාර්ථය ගැන ප‍්‍රසංගයක්. ඒ යතාර්ථය හැදෙන්නෙ ටීවී ස්ටේෂන් එක ඇතුලෙ.  ඒත් ඒකට එන්නෙ නළුවො නොවන (අඩු තරමෙ එහෙම හිතාගෙන ඉන්න) අය. ඒකෙ පිටපතක් නෑ වගේ තමයි පේන්නෙ. ඒත් ෂෝ එක ඇතුලෙදි ඒකට අදාල වෙනම ප‍්‍රබන්ධ යතාර්ථයක් ගොඩනැගෙනවා. ඒ ෂෝ එකේ ඉන්න අය වගේම එලියෙ නරඹන අපිත් ඒක යතාර්ථයක් නැත්තං ඇත්තක් විදිහට බාරගන්නවා. 

රියල්-ෆේක් බොළඳ සමීකරණයෙන් මිදිලා සියල්ල ප‍්‍රබන්ධයන් කියන එකට බය නැතුව මූනදෙන්න අපිට පුළුවන් නම්... ඒ බාරගැනීම ඇතුලෙ අඩුතරමෙ අපිට පුළුවන් වෙනවා අපි කැමති නැති තැන්වලදි පිටපත් වෙනස් කරන්න. අපි කැමති විදිහට කතාවෙ කොටස් ලියන්න. සමහරවිට පොඩි අතුරු නැරටිව් එකක් විදිහට. එහෙම සක‍්‍රීයව සවිඥානකව විශ්වයන් ප‍්‍රබන්ධ කිරීමේ පුරුද්දකදි අපි ටික කාලෙකින් තේරුම් ගන්නවා  සමහර ෆික්ෂන්ස් ෆැක්ට්ස්වලට වඩා රියල් කියල. ඒවා විසින් අපිව වඩා අවබෝදයට පත්කරනවා කියල. 

ලූවි කැරොල් මෙහෙම කියනවා. මේ සිහිනමය විශ්වයෙ ‘ඇත්තක්’ කියල දෙයක් තියෙනවා කියන, ඒ ඇත්ත අනුව ජීවත්වෙන්න  ඕන කියල බාරගන්න අය තමයි ‘ෆේක්’.  මේ විශ්වයේ සියල්ල ව්‍යාජයි කියල බාරගන්න එකයි, ඒ ලෝකයේ දේවල් අපේ හදවතට දැනෙන විදිහට නැවත නිර්මාණය කරන එකයි විතරයි රියල් වෙන්නෙ. 

(එරික් ජී විල්සන්ගේ පොත ඇසුරින්)

Monday, October 16, 2017

නයිස් කපල්



කොහොම හරි වට් අ නයිස් කපල් අවසාන හැන්දෑව අතනෑර බලාගත්තා. ඇත්තටම ඒක හරි සුන්දර හැන්දෑවක්. පොඩියට ලා වැස්සක් එලියෙ තිබුන. හැමෝම දන්න අඳුරන අය. ඔහොම තැනකදි තමයි හලෝ මචං කියන්න හරි සෙට් වෙන්නෙ. ගොඩක් අය නාට්ටිය කීපවතාවක් බලපු අය. ඒක හරි විශේෂයක්.

නාට්ටියක් දෙතුන් පාරක්ම බලන්න එන පේ‍්‍රක්ෂක පිරිසක් ඉන්නවා කියන එක. යාලූවෙක්ගෙ නාට්‍යයක් වුනත් මේ වැස්සෙ සෙනසුරාදා දවසක ඇවිත් බලන්න හැන්දෑවක් කැප කරනවා කියන එක තමන්ට අත්වෙන හුදකලා තෘප්තියක් නැතුව සිද්ද වෙන්න අමාරු දෙයක්.

පුංචි තියටර් එක හරි ලස්සන ෆීල් එකක් දෙන පුංචි ගුලක්. ඒකෙ බකට්පුටු වල ඉඳගත්තම වටේ ළංවෙලා දැනෙන පේ‍්‍රක්‍ෂාගාරයත් එක්ක එතනටම අනන්‍ය කල්ට් හැ`ගීමක් දෙනවා. දැන් ටිකක් නඩත්තුව නම් පිරිහීගෙන යන ගතියක් පේනවා.

ආදරණීය යාලූවෙකුගෙ වැඩක් බැලූවම ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උසස්ම තෑග්ග අවංක විචාරයක් කියල මං විශ්වාස කරනවා. කලින් නාට්‍යය බලලා මේ අදහස් කිව්වා නම් අත්කර ගන්න තිබුන මොනවා හරි වැඩිහොඳක් මගේ ප‍්‍රමාදය නිසා මිස්වෙලා නම් ඒකටත් සමාව ඉල්ලනවා. ඒත් චාමර තව ඉස්සරහට නාට්ටි කරනවා. ඒවට හරි මේ ෂෙයාරින්ග් එකේ මොකක් හරි වැදගත්කමක් තියෙන්න පුළුවන්.

මේ නාට්ටිය මට දිගින් දිගටම මිස් වුනේ ඇයි? මං කල්පනා කළා. මට එක එක වැඩ වැටුන එක ඇත්ත. ඒත් මොකක් හරි හින්ද කල් ඇතුව මේ වෙලාව සැලසුම් කරලා තියාගන්න මාව අතපසු කළා. ඒ නාට්ටිය බැලීමේ උවමනාව විසින් මාව තියටර් එකට තල්ලූ කළේ නෑ.

ඒකට හේතුව කියල මට හිතෙන්නෙ නාට්‍යයේ ප‍්‍රචාරය විසින් ඒකෙ නාට්‍යමය ගුණය ගැන ෆීල් එකක් දෙන්න බැරිවුන එක කියල මට හිතෙනවා. විශේෂයෙන්ම ෆොන්ට් එක වුනත්. ඉංග‍්‍රීසී නමක් සහ හීනි ෆොන්ට් එකක් අපිට ඩ‍්‍රාමා එකක් ගැන දනවනවා අඩුයි. උදා විදිහට වට් අ නයිස් කපල් කියන එක සිංහලෙන් තික් ෆොන්ට් එකකින් පාවිච්චි කළා නම් ඒක නාට්ටියක් කියල අපිට හිතවන සංවේදනය වැඩියි. හැමෝමව සම්බන්ද කරගනිමින් නාට්ටිය ගැන කරපු එෆ්බී කැම්පේන් ඉතාම හොඳ ඒවා වෙන අතරෙම මේකට  ඕනකරන නාට්‍යමය හැ`ගීම දෙන්න ඒ කැම්පේන් එක ඇතුලෙ අතපහු වෙලා තියෙනවා කියල මට හිතෙනවා.

මේක මොන විදිහකින් හරි මට මිස් වුනා නම් මං ජීවිතේ අතපසුවීමක් කළා කියල පසුතැවෙන වර්ගයේ නාට්‍යයක්. නයිස් කපල් මාව පුදුමයට පත්කළා. ඒ චරිත, ඒ දෙබස්, අතිසියුම් හැ`ගීම් කලාප උඩ ක්‍රොස් වෙන පිටපත, නාට්‍යමය විකාරසහගත බව නැති සජීවී රංගනය ආදී ගොඩක් දේවල් මාව අමන්දානන්දයට පත් කළා.

 අලූතෙන් නාගරික මධ්‍යම පාංතික ජීවිතයට පුරුදු වෙන මේ තාරුණයේ කතාව ලංකාවෙ වේදිකාව උඩට ගෙනාපු පළවෙනි වතාව. මං මේක දකින්නෙ පසු නූතන තාරුණ්‍යය ගැන තේමාවක් විදිහට. අපි මෙච්චර කාලයක් අලූත් තරුණයා ගැන කතා කරමින් හිටියෙ පරණ හැඩයක් ඇතුලෙ. ඒ තරුණයා ඩෙනිම් ඇන්දට,  කතා කරන්නෙ, හිතන්නෙ සහ ජීවත් වෙන්නෙ අපි මේ ජීවත්වෙනවට වඩා දශක ගානක් එහා පැත්තෙ. මේ නූතනවාදී සිතීමේ රාමුවෙන් එහාට ජීවිතේ ටච් කරන්න පුළුවන් ස්පේස් එකක් චාමර අල්ලගන්නවා.

මෙතනදි පෙම්වතිය නැත්තම් බිරිඳ ගෙදර ඉන්න කෙනෙක් වෙන අතරෙ පෙම්වතා නැත්නම් සැමියා ඇඞ්වර්ටයිසින් වගේ කලාපයක වැඩ කරන කෙනෙක්. එතකොට පෙම්වතිය එලිය දකින සම්පූර්ණ කවුළුව වෙන්නෙ මේ පිරිමියා. ඒ හින්දම ලොකුකමේ වගේම ඇගේ ඉරිසියාවෙ, සැකයෙ වස්තුව වෙන්නෙත් මේ පිරිමියා. ඒ අතරෙ පිරිමියාගෙ ලෝකෙ වෙනම අර්බුද කට්ටලයක් තියෙනවා. වාත සිංහල බෞද්ද පන්නයේ බොස් කෙනෙකුගේ සෙල්ෆ් බූස්ටර් එක විදිහට කටයුතු කරන එක, ක්ලයන්ට්ලාගෙ බිස්නස්වලට අමතරව අනිත් පවුල් ප‍්‍රශ්නවලටත් සර්වසින්ග් කරන්න වෙන එක, සහ මූලිකවම තමන්ගේ අරාජික තාරුණ්‍යය මිස්වීමේ ගැටලූව. ඒ කියන්නෙ ඒ අරාජිකත්වය විසින් තමන්ට ලබාදුන් අනන්‍යතාවය හෝ පෞර්ෂය කියන එක මේ ගිවිසුම්ගත ලෝකය ඇතුලෙ අහිමි වෙන එක.

පෙම්වතිය සමග ගත කරන පවුල් බුබුළ ආරක්ෂිතව තියාගන්න එයාට සිද්ද වෙනවා සමහර එයාගෙ ජීවිතේ සමහර ප‍්‍රවෘත්ති ගෙදර ඇතුලෙ වාරණය කරන්න. ඒත් පෙම්වතිය තමන්ගෙ සීමාසහිත ලෝකෙ ඇතුලෙ සියල්ල පෙම්වතා සමග බෙදා ගනිමින්නෙ පුදුම උනන්දුවකින්. ඈ ඒ වගේම පෙම්වතාගෙ අසීමිත ලෝකෙ සියල්ලත් තමන් හා බෙදාගත යුතුයි කියල විශ්වාස කරනවා. 

වට් අ නයිස් කපල් කියන්නෙ මේ ලෝක දෙක එක්ව සාමකාමීව පැවතීමේ සොඳුරු අර්බුදය. චාමර ඒක හරිම සංයමයකින් වගේම ඉතාම දුර්ලභ විදිහෙ විස්තර ඇතුව ගොනු කරනවා. මේ පෙම්වතියට වීස් එක තියෙන එක වගේ පුංචි කාරණාවලින් පවා මේ චරිතවල ස්වභාවය ගැන හැ`ගීම් දැනීම් නිර්මාණය කරනවා. සමහර පුංචි ඞීටේල්වලින් මේ නාට්‍යය අපේ වේදිකාව හිරවුන එක සෞන්දර්යවේදයක සීමාවල් කඩාගෙන යනවා කියල මං හිතනවා. උදා විදිහට මේ චරිත ගොඩනැංවීමේදි පෙම්වතාගෙ පුකට පයින් ගහන පෙම්වතිය අපි කලින් දැකලා නැති වේදිකා චරිතයක්.

ඇනිවර්සරිය කියන්නෙ කේක් ගෙඩියක් කියල හිතන එක වුනත් මේ අලූතෙන් මධ්‍යම පාංතික ජීවිතයට අතපොවපු තාරණ්‍යයේ හැඩය හරිම ලස්සනට ටච් කරන තැනක්. ඒක ෆැබ් එකේ කේක් එකක් වෙන එක එතනදි අයිකොනික්. ඇඞ්වර්ටයිසින් වගේ ෆීල්ඞ් ඇතුලෙ ලේසියෙන්ම සිද්ද වෙන පංති සංස්කෘති මාරුවත් එක්ක, එයින් පිටත වෙනම කලාපයක ජීවත්වෙන බිරිඳක් බැලන්ස් කරන්නෙ කොහොමද කියන අර්බුදය වගේ සංකීර්ණ තේමාවක් චාමර මේ නාට්ටිය ඇතුලට ගේනවා. ඒක හරිම අමාරු වැඩක් කියලයි මං හිතන්නෙ. වට් අ නයිස් කපල් ඇතුලෙ තියෙනවා සිංහලෙන් ඇඞ්වර්ටයිසින් වලට ආපු හැමෝගෙම කතාව.

මේ දෙන්නා විඳවන්නෙ දෙන්නාගෙ ලෝක දෙකක ප‍්‍රශ්න. ඒත් හැ`ගීම්වලින් විතරක් ඒ ප‍්‍රශ්න සමපාත වෙනවා. පෙම්වතිය ඇගෙන් දේවල් හැංගීම ගැන අහද්දි පෙම්වතා කියන්නෙ බොස්ගෙන් හම්බුවෙන චාටර් එක ගැන. ඒත් මේ ලෝක දෙක එකට පිහිටන තැන නාට්ටිය අවසානයෙදි එනවා. ඒ තමයි ආර්තිකය. ඒ කාරනේදි මේ ලෝක දෙකේම ප‍්‍රශ්න සියල්ල අත්හැර එකගතාවයකට එනවා. හෙට රස්සාවට යන්න  ඕනි.. ඒ තීරණයෙන් ආයිමත් ආදරය, එකට හිඳීම ආරම්භ වෙනවා. කවදාහරි නිදහස හොයාගෙන  ඕස්ටේ‍්‍රලියාවට යනකල් ඒක එහෙමයි. එහෙ ගිහිල්ලත් බලාපොරොත්තුව පැටියෙක් හදන්නයි.

මේක නාට්ටියෙ කෙලින්ම කියවෙන්නෙ නැති වුනත් මට හිතෙනවා හරි ආතල්ජනක ඇත්තක් මේ නාට්ටිය ඇතුලෙ තියෙනවා කියල. බාහිරින් කොයිතරම් පංතිය මාරු කළත් තමන් විසින් තෝරාගන්නා බිරිඳගෙන් හෝ සැමියාගෙන් ඇත්තට කෙනෙක් දරන සංස්කෘතිය එලිදරව් වෙනවා කියන එක. ඒක ටිකක් සාහසික කතාවක් වුනත් හොඳ අයිරනි එකක්.

වට් අ නයිස් කපල් නාට්ටියෙ රංගනය විශිෂ්ටයි. විශේෂයෙන්ම කල්හාරිගෙ. ඒක මයිල් කෙලින්වෙන තරමෙ තාත්වික රංගනයක්. ජොයින්ට් එකක්වත් නැතුව හිටපු මට කීපවතාවක්ම ඇස්වලට කඳුළු ගේන තරමට ඒක වැඩකළා. කිසිම දෙයක් දිගක් පළලක් ඇතුව නොතේරෙන, සීමිත ලෝකයක ජීවත් වෙන පෙම්වතියගේ අහිංසකකම දනවන්න ඒ ඇක්ට් එක සමත් වුනා. මං හිතන්නෙ ඒක නිර්මාණයක ‘මියුස්’ කෙනෙක් හින්දම එකතු වෙන පණක්. චාමරට අවශ්‍ය දේ හිතනවටත් වඩා එහායින් දෙන්න කල්හාරිගෙ තේරුම් ගැනීමට පුළුවන් වෙනවා. කොල්ලාගෙ චරිතයත් ප‍්‍රශස්ත මට්ටමක තිබුනත් තාමත් වේදිකාමය ලක්ෂණ ඒක ඇතුලෙ පෙනුනා කියලයි මං හිතන්නෙ.

ඒ වගේම චාමර පාවිච්චි කරන වේදිකා තාක්‍ෂණ ප‍්‍රයෝග කීපයක් තිබුන. ඒවා හරිම අලූත් වගේම දැනෙනසුලූ ඒවා. ඇඳ උඩ ඉඳන් ටීවී බලද්දි මූන උඩ පාට මාරු වෙන හැටි, වේදිකාවෙ බිම ඉඳන් ආරධනා සිංදුව කියන හැටි වගේ දේවල් ඇ`ගකිලිපොලා යන තරමෙ වැඩ. මං ඇත්තටම පුදුම වෙනවා මීට කලින් වේදිකා නාට්‍යය ගැන හොඳින්ම දන්න අය මේ ගැන ලියපු කිසි දෙයක් මට කියවන්න නොලැබුන එක ගැන. වට් අ නයිස් කපල් කියන්නෙ වට් අ ඩිෆරන්ස් කියන්න පුළුවන් තරමෙ නාට්ටියක්.

ඒ වගේම සිංදු නැටුම් විශේෂ විනෝදාස්වාදන කිසිම දෙයක් නැතුව නාට්ටිය අන්තිම වෙනකල් තිතටම ගලාගෙන යනවා. මේ දෙන්නාගෙ කතාවෙන් අපිට ගැලවෙන්න බැරිවෙනවා. මියුසික් වුනත් නිකම් නෝට් කීපයක මොනොටනස් බවක් විතරයි. ඒත් මූඞ් එක අවසානය දක්වාම ඉන්ටෙන්ස්.

අන්තිම හරියෙදි ආපහු චාමර පොඞ්ඩක් වාමාංශික කෑල්ලකට යනවා කියලයි මං හිතන්නෙ. කොල්ලා තමන් දිහා කවුරු හරි බලන් ඉන්නවා කියල බයවෙන එක, තමන් හෙලූවෙන් කියල හිතන එක වගේ තැන් ටිකක් වැඩියෙන් පාවිච්චි වුන වමේ මනස්ගාත.

අවසානය මේ තරම් ඩිප්‍රෙස් තැනකින් නැතුව හියුමර් වගේ තැනකට ගියානම් හොඳයි කියලයි මං හිතන්නෙ. කොයිතරම් දරණු අවපාතයකින් නාට්‍යය කෙලවර වෙනවද කිව්වොත් පුටුවෙන් නැගිටගන්නත් ටිකක් වෙලා ඉන්න වෙනවා. ඒ වෙනුවට පොඩි සැහැල්ලූවක් ඉතුරු කරන්න පුළුවන් වුනානම් පේ‍්‍රක්‍ෂකයෙක් විදහට මං චාමරට ස්තුතිවන්ත වෙනවා. ඒත් මේ තෝරාගැනීම චාමරගෙ නිර්මාණාත්මක අයිතිය.

මේ අංශූමාත‍්‍ර ඩ්‍රොප්වීම් තිබුනත් ඒවා නොසැලකිය හැකි තරම් ඒවා. ඒක හරිම ලේයර්ඞ්, මිනිමල්, සිම්පල් ඒත් ඇතුලට ගැඹුරට කැපෙන වැඩක්. කෙටියෙන් මගතොටේදි යාලූවෙක් ඇහුවොත් මගේ රිවිව් එක වෙන්නෙ,
වට් අ නයිස් කපල් කියන්නෙ පට්ට වැඩක් මචං කියන එක විතරයි.

-චින්තන ධර්මදාස

Monday, October 9, 2017

දස්සා!!



දස්සා ගැන මං මේ ටික ලියන්නම  ඕනි. ඒ දස්සා නළුවෙක් වෙන හැටි මං බලන් හිටපු හින්ද. ඌ අද හොඳම නළුවා විදිහට සම්මාන ගනිද්දි මට දැනෙන ආදරය ඇත්තටම ඒ ට‍්‍රයි එක, කට්ට, ජීවිතේ බාර ගැනීම ගැන දැනෙන මනුස්සකමේ ආදරයක්. එහෙම නැතුව හොඳම නළුවා කියන සම්මානෙ ඇති බුබ්බක් නෙමෙයි. ඒත් ඒක දස්සා වගේ එකෙකුට ලැබුනම ඒ සම්මානයට වෙනම තේරුමක් එනවා.

දස්සව මට මුනගැහෙන්නෙ මහරගම ස්ටුඩියෝ ආටිසන් එකේදි. ඒක මහේන්ද්‍ර පෙරේරා ඇක්ටින් උගන්නන්න දාපු ඉස්කෝලයක්. මහේන්ද්‍ර පුළුවන් තරම් විධිමත්ව ඒ වැඬේ කරන්න බැලූවා. කොටින්ම මැටියෙන් හදපු ෆිල්ම් තියටර් එකක් පවා තිබුන. රංගනයට අමතරව ස්ක‍්‍රිප්ට් රයිටින්ග්, ඩිරෙක්ටින්ග්, මියුසික් වගේ තව ගොඩක් දේවල් එතන ඉගැන්නුවා. ඒක හරි ලස්සන ජොයින්ට් එකක්. ඒත් හැමතිස්සෙම වෙන්න නියමිත විදිහටම ආර්ථික කාරණා කළමනාකරණය කරගන්න එතනදිත් බැරිවුනා.

ස්ටුඩියෝ ආර්ටිසන් ප්‍රොජෙක්ට් එක අසාර්තක වුනාට ඒකෙන් ගොඩක් කට්ටිය නිර්මාණය වුනා. විශේෂයෙන්ම නළුවො. මහේන්ද්‍ර නළුකම ඉගැන්නුවෙ කොහොමද කියන්න මං දන්නෙ නෑ. මූලික ශාරීරික අභ්‍යාසවලින් පස්සෙ උන්ව සාමාන්‍ය සමාජෙට තල්ලූ කරලා දැම්මා. වඩාත්ම වැදගත් දේ විදිහට මං දැක්කෙ සදාචාරමය සීමාවලින් එපිට ජීවිතේ වගේම මිනිස්සු ආශ‍්‍රය කරන්න මහේන්ද්‍රගෙන් ලැබුන පෙළඹවීම. මං දස්සා හැදෙනවා දැක්ක තැන එතන.

පොඩි පොඩි සල්ලි නැති ෂෝර්ට් ෆිල්ම්වලට, වේදිකා නාට්ටිවලට, අහුවෙන  ඕනදේකට වැයවෙන්න මහේන්ද්‍ර උන්ව පුරුදු කළා. ර`ගපාන්න ආපු උන් නළුවො විදිහට විතරක් නෙමෙයි, සෙට් වල ප්‍රොඩක්ෂන් කරන්න පවා ආවා. ඒක අවිධිමත් වුනත් පූර්ණ අත්දැකීම් කලාපයක්. කවුරුහරි නැවත රංගන පාසැලක් ගැන උනන්දු වෙනවා නම් ස්ටුඩියෝ ආර්ටිසන් ප්‍රොජෙක්ට් එක ස්ටඩි කරන්නම  ඕනි.

දස්සා නිතරම ආටිසන් එකේ හිටියා. නිකං ඉන්න වෙලාවට ඌ තනියම මහේන්ද්‍රගෙ ස්ලෝමෝෂන් වගේ එක්සර්සයිසස් කර කර හිටියා.  ඕනම දුසිරිතකට ඌ හිනාවෙවී එකතු වුනා. ජොයින්ට් එකක් හොයන්න වුනත්, ඔතන්න වුනත්,  ඕන තැනක පත්තු කරන්න වුනත් දස්සා වටපිට බැලූවෙ පැකිලූනෙ නෑ. ජොයින්ට් විතරක් නෙමෙයි, අනිත් කොයිදේකදි වුනත් ඌ පනින්න කලින් හිතලා බැලූවෙ නෑ.

ඒක දස්සාගෙ තියෙන ලස්සනම ගුනයක්. කොයි වෙලාවකවත් ජීවිතේ කිසිම දේකට උගේ සතුට හොරකම් කරන්න බැරිවුනා. දස්සා ලොකු පවුලක, අතමිට ඇතුව හැදුන එකෙක් නෙමෙයි. ඉබ්බන්වල හන්දියෙ අනවසර ඉඩමක දස්සලට කෑම කඩයක් තිබුන. ඒකෙන් තමයි කීයක් හරි හොයාගන්න පුළුවන් රස්සාවකට යන්නෙ නැතුව, කවදා හරි නළුවෙක් වෙනවා කියන ආසාවෙන් අවුරුදු ගනං පාරෙ රස්තියාදු වුන දස්සා නඩත්තු වුනේ. කොයිතරම් අමාරුකම් තිබුනත් දස්සාගෙ හීනය විශ්වාස කරන්න උන්ගෙ පවුලෙ අයට පුළුවන් වුනා. ඒක තමයි දස්සට තිබුන හයිය.

එක දවසක දස්සලගෙ කඬේ ඩෝසර් කරලා අයින් කළා.
‘කඬේ කඩලා දැම්මනේ...’ දස්සා ඒකත් කිව්වෙ හිනාවෙවී.
ඒ හැම අමාරුකමකදිම කිසිම කුහකකමක්, වෛරයක් නැතුව හිනාවෙන් ජීවිතේ බාරගන්න පුළුවන් එක දස්සාගෙ තිබුන දිව්‍යමය ගතියක්.

දස්සා නළුවෙකුට  ඕනකරන දේහලක්ෂණ ඇතුව ආපු එකෙකුත් නෙමෙයි. ඌ පුංචියි. ඒ මදිවට දෙබස් කියද්දි ගොඩක් පැටලෙන අවුලකුත් තිබුන. මූනත් පොඩි එකෙකුගෙ වගෙයි. මූට නළුවෙක් වෙන්න ගොඩක් අමාරු වෙයි කියල මාත් හිතුවා. ඒත් දස්සා අත්ඇරියෙ නෑ. ඌට මහේන්ද්‍ර පෙරේරා ඉන්ස්පිරේෂන් එකක් වුනා.
බූඩිගේ නිම්නය කරන කාලෙදි ප්‍රොඩක්ෂන් එකේ කෑම සප්ලයි කළේ දස්සා. එතකොට අර කඬේ තිබුන. බත්මුල් බැඳගෙන සෙට් එකට වෙලාවට ගේනවට අමතරව දස්සා ෆිල්ම් එකේ කරන්න තිබුන හැම වැඩකටම පුළුවන් උපරිම සප් එකක් දුන්නා. සමහර ලොකේෂන් පවා හෙව්වෙ ඌ. අපි වැඬේ අත්ඇරලා ගියාට පස්සෙත් ෆිල්ම් එක ඉවර වෙනකල් දස්සා බූඩිට ලොකු හයියක් වුනා.

එක කාලෙක අපි වසන්තිලාගෙ ගෙදර හැමදාම සෙට් වෙන පුරුද්දක් තිබුන. එතන  ඕන වෙලාවක කංසා තිබුන. දවසක් කාගෙ හරි ඔත්තුවකට ඒ ගෙදරට පොලිසිය පැන්නා. කංසාත් එක්ක දස්සලා අපි ඔක්කොම පොලිසියට ගෙනිච්චා. දස්සා දවස් දාහතරකට කිට්ටු වෙන්න රිමාන්ඞ් එකේ හිටියා. රිමාන්ඞ් එක ගැනවත් දස්සාට නරක කතාවක් කියන්න තිබුනෙ නෑ.

‘එතන මාර ආතල්.. මාර පොරවල් ඉන්නෙ.. වෙනම ලෝකයක්...’

දස්සා හැමතිස්සෙම අලූත් අත්දැකීම් වලින් අමන්දානන්දයට පත්වුනා. ඒවා හොඳද නරකද කියලා විනිශ්චයක් ඌට තිබුනෙ නෑ. ඒක හරිහමන් නළුවෙකුට තියෙන්නම  ඕන ගුනයක්.
නළුවෙක් විදිහට දස්සාගෙ ගමන මටසිළුටු එකක් නෙමෙයි කොහොමවත්. ඌට මේ තරම් මිනිස්සු ආදරේ ඒකයි. ඌ කරන ර`ගපෑම මොකක් වුනත් මේ තරම් දැනෙන්නෙ ඒකයි. ඌ කොන්දේසි විරහිතව ජීවත් වෙන එකෙක්.

මේක දස්සාගෙ විතරක් නෙමෙයි. කළණ, ජගත් වගේ තව ගොඩක් මේ පරම්පරාවෙ නළුවන්ගෙ ඇත්ත කතාව. උන් සීනිබෝල නෙමෙයි. උන්ගෙ ජීවිත කොළඹ නන්නත්තාරෙ ගිය ජීවිත. පොඩි එහාමෙහා වීමකින් උන් ජීවිතේ නැතිවෙන තරම් අවදානම් ගත්තා. කිසිම හව්හරණක් නැතුව ජීවිතේට මූනදුන්නා. උන් නළුවො විදිහට සම්මාන ගනිද්දි මට දැනෙන්නෙ ඒ ජීවිතේ ගැන භක්තියක්.

අද මේ පරම්පරාවෙ එවුන් අත්පත් කරගත්ත සාර්ථකත්වය කොයිතරම් වුනත් උන් එතනට අතිශයින්ම සුදුසුයි. එයින් එකෙක් ලංකාවෙ හොඳම නළුවා වෙද්දි උගේ හැම වචනයක්ම, හුස්මක්ම, බදාවැළඳ ගැනීමක්ම ඒ තරම් කම්පනයක් ඇති කරන්නෙ උන්ගෙ ජීවිතවල තියෙන මේ බර දැනෙන හින්දමයි.

මහේන්ද්‍ර හොඳම නළුවා විදිහට සම්මාන ගත්තද කියන්න මතකයක් මට නෑ. ඒත් මහේන්ද්‍ර හොඳම නළුවො පරම්පරාවක් හැදුවා. ඒ ඇති.

Monday, September 25, 2017

ස්තූතියි!




ෆැකල්ටි ඔෆ් සෙක්ස් විකුණන්න මං මාකටින් පාවිච්චි කළා කියල එක එක විදිහෙ නෝක්කාඩු ඇහෙනවා. සමහරු මේක වැල පත්තර විකිනීමකට සමාන කරනවා. ඒ අතරෙ මේවා මාකටින් නෙමෙයි කියල රන්ඩු කරන අයත් ඉන්නවා. ඒ කතා මොනවා ගැන වුනත්  ඇතිවුන හැම සංවාදයක්ම සාකච්ඡුාවක්ම බැනුමක්ම අපවාදයක්ම පොත තව තවත් මිනිස්සු අතරට යන්න උදව් කළා.

බැනුම් අපවාදවලට මං වෙනම පෝස්ට් හැදුවා. බැන්නත් මාර්කට් කරනවා කියල ඒකට අවුල් වුන අයත් හිටියා. ඒත් ලියපු පොතක් ගැන කියන හොඳ වගේම නරකටත් ප‍්‍රකාශ වෙන්න ඉඩක් දෙන්න  ඕන කියල මං හිතනවා. මගේ වැඩකදි නම් හොඳට වඩා නරක එලියට කියන්න මං පුළුවන් සපෝර්ට් එකක් දෙනවා. ඒකෙන් කතාබහ වඩා පළල් වෙනවා. ඉන්ටරෙස්ටින්ග් වෙනවා. හොඳක් කිව්වත් නරකක් කිව්වත් ඒ කතා කරන්නෙ පොත ගැන. මගේ ව්‍යාපෘතිය ගැන.  ඊට අදාලව ලියවෙන  ඕනම දෙයක් මං දකින්නෙ මං කරපු වැඬේ වෙනුවෙන් දරන මහන්සියක් කියල. තරහවක් ආවේගයක් වුනත් මගේ වැඩෙන් ඇතිවුන බලපෑමක් කියල. ඒවා නිදහස් වෙන්න  ඕන. සමහර විට ඒකට කියන්නෙ මාකටින් වෙන්න ඇති.

ඇත්තටම මට පොත කියන්නෙ නිමිත්තක් විතරයි. පොතකින් ලැබෙන මුදල ගැන මට දැනෙන වටිනාකමක් නෑ.  ඕන නම් හාර පන්දාහක් පොත් විකිනෙයි. මං වඩා වැදගත් විදිහට දකින්නෙ පොත වටේට නිර්මාණය වෙන සංස්කෘතිය. ඒක  ඕනම භාන්ඩයක් හෝ සේවාවක් සඳහා නිර්මාණය වෙන්න  ඕන කියලයි මං හිතන්නෙ. ඒකෙනුයි ඒකට හැ`ගීමක්, ආත්මයක් දෙන්නෙ. සමාජයට වඩා වැදගත් වෙන්නෙ එහෙම දෙයක් වටේට ගොඩනගන ෆීල් එක නැත්තං කල්චර් එකයි. නිකං පොතක් එලියට දාලා ඒක එලියට එනවා කියල දැන්වීමක් ගහන එක මට දැනෙන්නෙ පාරිභෝගිකයෙක් විදිහට මාව අවතක්සේරු කිරීමක් හැටියට. මං මුදල ගෙවලා ගන්න භාන්ඩයට හෝ සේවාවට වඩා විශාල අවකාශයක්, උපයෝගිතාවයක් මට ලැබෙන්න  ඕන. අනන්‍යතාවයක්, සම්බන්ධයක්, මාව ප‍්‍රකාශමාන වීමක් ඒ හරහා සිද්ද වෙන්න  ඕන. පොතක් හෝ ආර්ට් වැඩක් කියන්නෙ මේ ගුණය අනිවාර්යෙන් තියෙන්න  ඕන තැනක්. නැත්තං මට නිර්මාණකරුවාගෙ දැක්ම ගැන ඇතිවෙන්නෙ පරණ හැගීමක්.

සමහර විට ඒකට කියන්නෙ මාකටින් වෙන්න ඇති.

ඒක එහෙම නං  විමුක්තිය හොයාගෙන යන මාර්ගය කියපු බුදුන් පවා මාකටින් පාවිච්චි කළා. එයාගෙ ධර්මය කියන්න හවුස් ටු හවුස් කැම්පේන් එකක් කළා. මැසේජ් එක ඩිස්ටෝර්ට් වෙයි කියල එක මග දෙන්නෙකුට යන්න එපා කිව්වා. ඇවිදින කතාකරන ඉරියව් පවා නිර්මාණය කළා. එයා කියන්න ගිය ධර්මයට අදහස දුන්නෙ මේ බාහිර සමස්තය නැත්තං ආකෘතිය. අපේ ආර්ට්වලට සම්බන්ද අය තාම විශ්වාස කරන්නෙ අන්තර්ගතය තමයි මාර කියල. ඒත් මං හිතන්නෙ ආකෘතියයි අන්තර්ගතයයි දෙකක් නෙමෙයි එකක් කියල. පොතට කරපු කැම්පේන් එක තමයි මගේ වැඬේ. පොත කියන්නෙ ඒකෙ කොටසක් විතරයි.

මට  ඕන වුනේ ඉරොටික් සංස්කෘතිය ගැන සාකච්ඡුාවක් හදන්න. සෙක්ස් කියන්නෙ අඳුරෙ කාමරයක් ඇතුලෙ රහසෙ සිද්ද වෙන අතිශය පුද්ගලික පටු තැනින් ඒක නිදහස්, එලිමහනෙ රස විඳින්න පුළුවන්, වරදකාරී නොවෙන, සීමා මායිම් නැති මනුස්ස බැඳීමක් කියන යෝජනාව ගේන්න. බුද්දිමත්තු කියන කොටස මේක කරන්න හදන්නෙ සෙක්ස් දේශපාලනිකව කියවන්න ගිහින්. ඒත් දේශපාලනය එනකොටම එතන සෙක්ස් නැති වෙනවා. මට අනුව සෙක්ස්වල තියෙන සුන්දරත්වය වෙන්නෙම ඒක කිසිම දර්ශනයක් න්‍යායක් නැතිව ප‍්‍රාථමික නිරුවත් ආශාවක් විදිහටම පවතින එකේ. විශ්ලේෂණයට යනවා වෙනුවට මිනිස්සු ආදරෙන් බෙදාහදාගන්නා ශෘංගාරයක් ගැන කතා කරන්න මං කැමතියි.

අනිත් පැත්තට සෙක්ස් හෝ ශෘංගාරය කියන එක සුන්දර විඳිය යුතු විවෘත මිනිස් මුහුවීමක් කියලා බාරගැනීමත් එක්කම අපි දැන නොදැන පනවාගත් ගොඩක් සීමා මායිම් වෙනස් වෙන්න ගන්නවා. ඒක සෝෂල් ඩිස්රප්ෂන් එකක්. ආදරෙන් වැළඳගන්නවා හෝ වෛරයෙන් ප‍්‍රතික්‍ෂේප කරනවා මිස මැද්දක් එතන නෑ.

 ආගමට හෝ පොලිටික්ස්වලට පෙනී ඉන්න බැරි කලාපයක් ඒක. ඇත්තටම සෙක්ස් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන වාම කණ්ඩායම් පවා අවසාන අර්ථයෙන් උත්සාහ ගන්නෙ සෙක්ස් පාලනය කරන්න. ලිංගිකත්වය දේශපාලනිකව කියවීම අවශ්‍යයි කියන කතාවෙ තේරුමම ඒක. ඒ නිදහස් මිනිස් සම්බන්ධතාවයත් න්‍යායික බලයෙන් නතු කරන්න. ආගමට  ඕන වුනෙත් ඒ ටිකමයි. ඇත්තම හේතුව නිදහස් ලිංගික සම්බන්ධතා විසින් නිදහස් මිනිස්සු නිර්මාණය කරන එක. ඒකෙන් සමාජ සම්බන්ධතා නැවත ප‍්‍රතිසංවිධානය කරන්න බල කරන එක. සාම්ප‍්‍රදායික ගම්මුන්ටත් වඩා වම්මු බයයි මේ පවතින සම්බන්ධතා ව්‍යූහය ප‍්‍රතිසංවිධානය වෙනවට.

මේක වැල කතාවක් විදිහට කියවන්න සමහරු උත්සාහ කරද්දි මේක වැල කතාවක් තරමට නෑ කියල තව කට්ටියක් මැසිවිලි කිව්වා. ශෘංගාර නවකතාවක් යනු මෙයද කියල ප‍්‍රශ්න කිරීම් මතුවුනා. ඒක මට අනුව අවශ්‍යම සංවාද කලාපයක්. ශෘංගාර සාහිත්‍යයක් නැති ලංකාව වගේ රටක ශෘංගාර සාහිත්‍ය කතිකාවක ආරම්භය සටහන් වෙන්නෙ එහෙම.

ලංකාවෙ ශෘංගාර නවකතා මීට කලින් ලියවිලා නෑ. වැල පත්තර පත‍්‍රිකා විදිහට ලියවුනෙත් කෙටි අසම්බන්ධිත ලියවිලි විතරයි. මං කිසිසේත්ම ඒ වැල කියල හඳුන්වන පෝර්නොග‍්‍රැෆික් ප‍්‍රකාශන අවතක්සේරු කරන්නෙ නෑ. මං ඒවා උපරිමෙන් රස විඳින සහ ඒවායින් උපරිමයෙන් පෝෂණය වෙන කෙනෙක්. ඒත් මේ වෙද්දි වැල (පෝර්න්) සහ ශෘංගාර (ඉරොටික්) කියන රචනා ගැන ඒ සාහිත්‍යයන් දියුණු රටවල වෙනස් කතිකාවන් නිර්මාණය වෙලා තියෙනවා.


ශෘංගාර නවකතාවක් විදිහට අපි හඳුන්වන්නෙ විවිධ ලිංගික ක‍්‍රියාකාරකම් හරහා ගමන් කරන චරිත ඇසුරු කරගනිමින් අපි කරන ප‍්‍රබන්ධයක්. එතනදි ක‍්‍රියාකාරකමට බැහැරව ඒ චරිතවල මානසිකත්වයන් සාකච්ඡුාවට ගන්නවා. සිද්ධි මූලික වෙනවට වඩා මිනිස් සම්බන්ධතා විදිහට සෙක්ස් කියවන්න ගන්නවා. එතනදි පෝර්න් මට්ටමටම  යන ශෘංගාර ප‍්‍රබන්ධ තියෙනවා. ඒත් ලිංගික ඇසුර විෂයෙහි නිර්මාණය කරන මිනිස් විෂය නිසා ඒවා පෝර්න් කියන කැටගරියට ගන්නෙ නෑ. 

මං හිතන්නෙ මේක වැල කතාවක් විදිහට කියවන්න උත්සාහ කරපු අයට ඇතිවෙන බිඳවැටීම තියෙන්නෙ එතන. ඒක වෙනස් රසයක්. අපි බ්ලූ බලනකොට වුනත් සමහරු කැමතියි ස්ටෝරි එකක් එක්ක තියෙන බ්ලූ බලන්න. තවත් සමහරු කැමතියි කෙලින්ම ඇක්ෂන් එකට යන්න. ඒක රුචිකත්වයේ වෙනසක්.
වැල කියද්දි අපි නිතරම සෙක්ස්වලින් මනුස්ස කියන කෑල්ල ගලවනවා. වැල හෝ පෝර්න් කියන අදහසම ඩි-හියුමනයිස් කරපු සෙක්ස්. ඒක ද්‍රව්‍යමයයි. මට ඒ සාහිත්‍ය ඇසුරෙදි නිතර දැනුන අඩුවක් වුනේ ඒක. මං කැමතියි හුස්ම ගන්න, සංස්කෘතියක් තියෙන මිනිස්සු වනචර වෙනවට. හෙන්රි මිලර්ලා, ඇනායි නීන්ලා ලියන ඒවට මං වඩා බැඳෙන්නෙ ඒකයි.

තව තැනක මේක ඊඑල් ජේම්ස්ගෙ ෆිෆ්ටි ෂේඞ්ස් ඔෆ් ගේ‍්‍ර එක්ක පවා සංසන්දනය කරලා තිබුනා. ඒක ගොඩක් හොඳ දෙයක්. කම්පැරේටිව් විදිහට කෘතියක් කියවන්න උත්සාහ ගන්න එක. ඉරොටික් ෆික්ෂන් සහ ඉරොටික් ෆිල්ම්ස් වලට දැඩි ලෙස ඇබ්බැහි වෙලා ඉන්න මට ෆිෆ්ටි ෂේඞ්ස් කියවන්න අමාරු වුනා. මට ඒකට හේතුව වුනේ ඊඑල් ජේම්ස්ගෙ ලියන විලාසය හුගක්ම ළාබාල එකයි. ඒත් ලෝකෙ විශාල පිරිසක් ෆිෆ්ටි ෂේඞ්ස් ආදරෙන් වැළඳගත්තා. වඩාත්ම ඉන්ටරෙස්ටින්ග් දේ ෆිෆ්ටි ෂේඞ්ස් ඇසුරෙන් බිහිවුණු ෆැන්ස්ලගෙ නිර්මාණ. ඒවා ගොඩක් ඇත්තටම ෆිෆ්ටි ෂේඞ්ස් වලට වඩා ඉස්සරහින් දැනුනා. වැඩිපුරම ඊඑල් ජේම්ස්ට බැඳුනෙ කාන්තාවන් වීමත් විශේෂයක්. සමහර විට ෆිෆ්ටි ෂේඞ්ස් හරහා අපි බලාපොරොත්තු වෙන පිරිමි ලිවීමක විලාසයක් අභියෝග වුනා වෙන්නත් පුළුවන්.

ලංකාවෙ පළවෙනි වතාවට වැල පත්තර විදිහට කඬේ ලෑල්ල යට ගුලිවෙලා තිබ්බ පිරිමින්ට සීමාවෙච්ච ශෘංංගාරය එලිමහනෙ පොත් ප‍්‍රදර්ශනේකට ආවා. මහා ජන විරෝදයක් ඇවිත් පොත තහනමකට යයි කියල මුලින් බලපොරොත්තු වුනත් එහෙම දෙයක් වුනේ නෑ. මිනිස්සු හුගක් කැමැත්තෙන් වගේම විවෘතව පොත බාරගත්තා. පොත එක්ක ගිය ෆේස්බුක් සාකච්ඡුාවලදි බලාපොරොත්තු නොවෙන තරම් විවෘතව නිදහස්ව මිනිස්සු අදහස් කිව්වා. සෙක්ස් කියන එක යම් පමණකට හරි අන්ටැබූ වීමක් සිද්ද වෙන්න මේ පොත එලිමහනෙ කතාබහ කිරීම බලපෑවා. ඇත්තටම විදග්ද බුද්දිමත් කියල පෙනී ඉන්න අය ඇඹරුන තරමට සාමාන්‍ය ජනතාව පොත ඉස්සරහ ඇඹුරුනෙ වෙව්ලූවේ නෑ. ඒක ගොඩක් මැචුවර් බාරගැනීමක්.

පොත් ස්ටෝල් එක ළ`ගදි සුන්දර ගැහැණුන් ඇවිත් පොත ගන්න හැටි මං බලන් හිටියා. අනෙක් වැදගත් යැයි සම්මත පොත් කීපයක් පෙරලා තෝරා ගත්තට පස්සෙ කිසි වගවිභාගයකින් තොරව මේ පොත ඒ පොත් යටින් තියාගෙන ඒ ගොල්ලො කැෂියර් එකට ගියා. ඒක හරි ලස්සන ගැහැණුකමක්. ඉනසන්ට් මුරන්ඩුකමක්.
ගොඩක් අය තමන්ගෙ ජීවිතේ සුන්දර ශෘංගාර අත්දැකීම් මාත් එක්ක බෙදාගත්තා. පිරිමි වෙනුවට ගෑනු ගොඩක් මේ පොතේ සෙක්ස්වලට එහා මනුස්ස හැ`ගීම් දැක්කා. පොතේ දෙවෙනි මුද්‍රණයත් ඉවර වුනා.
මේ පොත ප‍්‍රින්ට් කරන්න කොන්දක් වගේම නිදහස් මනසක් තිබුන සන්නාටත්, පොත කියවපු, කමෙන්ට් කරපු, අදහස් හුවමාරු කරපු, ඒකෙන් විනෝද වුනු, විවෘත මිනිස්සු හැමෝ ගැනමත් මට තියෙන්නෙ භක්තියක්. සමාජයෙන් අහිමි කරලා තිබුනු මිනිස් සංවේදන කලාපයක අපි හැමෝම මේ පොතත් එක්ක ජීවත් වුනා. ඒක කාලෙකට පස්සෙ දැනුන සුන්දර අත්දැකීමක්.

මට ඒක පොතක් හෝ වැල හෝ මාකටින් වලට වඩා ගොඩක් ලොකු මනුස්ස අවකාශයක්.
ඒ වෙනුවෙන් ස්තුතියි.

Monday, September 18, 2017

Story Of O


ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්න මාව ඉන්ස්පයර් කළේ මීට අවුරුදු ගානකට කලින් කියවපු ස්ටෝරි ඔෆ්  ඕ පොත. පොත කියවන්නත් අවුරුදු ගානකට කලින් මං ඒ ෆිල්ම් එක බලලා තිබුන.

ඒ කාලෙ වීඩියෝ ඩෙක්වලින් ෆිල්ම් බලන කාලෙ. ගොඩක් වෙලාවට ටීවී එක තියෙන ගෙදර ඩෙක් එක නෑ. ඉතිං එකෙක් ගෙදරට හොරෙන් ඩෙක් එක පන්නගෙන ටීවී එක තියෙන එකාගෙ ගෙදරට යනවා. තව දෙන්නෙක් කැසට් පීස් එකක් ගේන්න වීඩියෝ සෙන්ටර් එකට යනවා. කොහොමටත් එතන ඉන්න එකා ටිකක් ගෑස් දානවා. අන්තිමට ඌ රෙකමන්්ඞ් කරන එකක් අරගෙන එන්න වෙනවා.

ස්ටෝරි ඔෆ්  ඕ මුලින්ම මුනගැහුනෙත් එහෙම. ඒත් අනිත් ගොඩක් සාමාන්‍ය ෆිල්ම්ස් වගේ මේ ෆිල්ම් එක ඔලූවෙන් අමතක වෙලා ගියේ නෑ. ආපහු ආපහු බලන්න හිතෙන මතකයක් ඉතුරු කළා. පස්සෙ ෆිල්ම් එක ගැන වැඩිදුර හොයන්න ගියහම ඒකෙ ඔරිජිනල් නවකතාව හම්බුනා. ඒක මට ෆොටෝකොපි කරපු ප‍්‍රින්ට් එකක් විදිහට තෑගි ලැබුනා.

ස්ටෝරි ඔෆ්  ඕ කතාව පිටිපස්සෙ තියෙනවා ඒ කතාවට වඩා ලස්සන රොමැන්ටික් කතාවක්. ඒ ඇත්ත කතාව ෆික්ෂන් එක තවත් මාර කරනවා.

මේක ඉරොටික් නවල් එකක් විදිහට පබ්ලිෂ් වෙන්නෙ 1954දි. ඈන් ඩෙස්ක්ලෝස් කියන ප‍්‍රංශ ලේඛිකාව මේක ලියන්නෙ පෝලින් රේආෂ කියන බොරු නමකින්. මුල් කෘතිය පලවෙලා අවුරුදු 40කුත් ගතවෙන කල් ඩෙස්ක්ලෝස් එයාගෙ ඇත්ත අනන්‍යතාවය එලි කරන්නෙ නෑ. ස්ටෝරි ඔෆ්  ඕ විදිහට එන්නෙ එයා එයාගෙ පෙම්වතා වුණු ෂෝ පෝලෝට ලියපු ආදර හසුන් එකතුවක් කියල ඩෙස්ක්ලෝස් පස්සෙ එලිකරනවා. ෂෝ පෝලෝ කියන්නෙ මාකස් ඩි සාද්ව ඔලූව උඩ තියාගෙන හිටපු තරුණ ප‍්‍රංශ ලේඛකයෙක්.

මේ කතාවෙ ප්ලොට් එක ගැන මං මොකුත් කියන්නෙ නෑ. ඒක කියවලා හරි නරඹලා හරිම විඳින්න  ඕන දෙයක්. මේක 1955 මාර සාහිත්‍යමය වැඩක් විදිහට සම්මාන ගන්නවා. ඒත් ප‍්‍රංශ අධිකාරීන් පොතට විරුද්දව නඩු දානවා. පොත තහනම් කරනවා. ඒත් උසාවිය තීන්දු කරනවා පොත ප‍්‍රකාශ වෙන්න නිදහස දෙන්න  ඕන කියල.

1965දි මේකෙ ඉංග‍්‍රීසි වර්ෂන් එක ඔලිම්පියා ප්‍රෙස් එකේදි අච්චු ගහද්දි නිව්යෝර්ක් ටයිම්ස් සටහන් තබනවා ඒක සුවිශේෂ සංසිද්ධියක් කියල.

විචාරකයො මේකට විරුද්දව එක එක අදහස් ගේනවා. විශේෂයෙන්ම ස්ත‍්‍රීවාදී කට්ටිය. මේ කෘතිය ඇතුලෙ ස්ත‍්‍රිය සම්පූර්ණයෙන්ම ඔබ්ජෙක්ටිෆයි වෙනවා කියන එක තමයි සද්දෙටම එන්නෙ. මේකෙ ප‍්‍රධාන චරිතය වෙන්නෙ  ඕ.  ඕඩිල් කියන නම කොට කරලා  ඕ කියන අරගෙන තිබුනත් මේ  ඕ අකුර විසින් ඔබ්ජෙක්ට් කියන එකත්,  ඕ හැඩයෙන් හෝල් නැත්තං හිල කියන එකත් හ`ගවනවා කියල සමහරු කියන්න ගත්ත. මේක ස්ත‍්‍රිය අපචාරයට ලක්කිරීම වර්ණනා කරමින් ලියපු එකක් කියල ෆෙමිනිස්ට්ලා සෑහෙන ලෙඬේ දැම්මා. මේකෙ ෆිල්ම් එක හැදුනම ඒ වෙනුවෙන් ලිපියක් පළකලා කියල ලෙ එක්ස්ප‍්‍රස් මැගසින් එක ඉස්සරහ පිකට් පවා සිද්ද වුනා.

මේ ලේඛිකාවගේ බොරු නම පස්සෙ තවත් බොරු නමකින් රිප්ලේස් වුනා. අන්තිමට ඩෙස්ක්ලෝස් මැරෙන්න ටිකක් කලින් මේ පොත තමන් විසින් තමන්ගෙ පෙම්වතාට ලියපු එකක් කියල අනාවරණය කළා. ෂෝ පෝලෝ, ඒ පෙම්වතා තමයි මේ ලේඛිකාව තමන් නොදන්නා විදිහට මේකට පෙරවදන ලියන්නෙ.
මේ පොතට ෂෝ පෝලෝ ‘හැපිනස් ඔෆ් ස්ලේවරි’ කියන පෙරවදනක් ලියනවා. පොත ප‍්‍රකාශකයෙකුට යෝජනා කරන්නෙත් එයා. හරියට කියවගෙන ගියොත් ෂෝ පෝලෝ පෙරවදන ඇතුලෙ සියුම් විදිහට උත්තර දෙන්නෙ තමන්ගෙ පෙම්වතියගෙ ලියුම්වලට.

 ඕ පෙනී ඉන්නෙ තමන්ගෙ ශරීරය සහ මනස සම්පූර්ණයෙන්ම පවරා දීමෙන් ලබන ආධ්‍යාත්මික නිදහසක් වෙනුවෙන් කියල ඩෙස්ක්ලෝස් සම්මුඛ සාකච්ඡුාවකදි කියනවා.

මේ පොත ලියන්න ඩෙස්ක්ලෝස්ට  ඕන වෙන්නෙ ෂෝ පෝලෝ කරන චැලෙන්ජ් එකක් හින්ද. මාකස් ඩි සාද් ගැන මාර එකකින් හිතාගෙන ඉන්න පෝලෝ කියනවා කිසි දවසක ගෑනියෙකුට එහෙම පොතක් ලියන්න බෑ කියල. ඩෙස්ක්ලෝස් අභියෝගය බාරගන්නවා.

ස්ටෝරි ඔෆ්  ඕ ලියවෙන්නෙ ඒ විදිහට.

හොරෙන් බලන සෙක්ස් ෆිල්ම් එකක් විදිහට අහම්බෙන් මුනගැහිලා, ඊට අවුරුදු ගානකට පස්සෙ ඒකෙ පොත හොයාගෙන ගිහින් කියවලා, ඒ කතාවෙන් නතර නොවී ඊට පිටිපස්සෙ තියෙන රොමැන්ටික් ආදර කතාව වෙනකලූත් එතනින් මගේ අතින් ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියවෙන තුරුත් ස්ටෝරි ඔෆ්  ඕ මාව අරන් ආවා.
මට වගේම ඬේමියන් රයිස්ටත් ස්ටෝරි ඔෆ්  ඕ වැදිලා තිබුනා.

Amie come sit on my wall
And read me the story of O
And tell me it like you still believe
That end of the century
Brings a change for you and me…


Sunday, September 10, 2017

දඹුල්ල මරණයේ ඇත්ත පොලිසිය


දඹුල්ලේදී කාන්තා ඇඳුම් ඇඳගෙන රෑ පාරෙ හිටපු තරුණයෙක් පොලූවලින් පහර දීලා මරලා දාලා තියෙනවා කියල ප‍්‍රවෘත්තියක් පල වෙනවා. ඒ ප‍්‍රවෘත්තියෙම පොලිසිය විසින් මේ තරුණයා කීප වරක්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. මේ ප‍්‍රවෘත්තිය මාධ්‍යවල පලවෙන්නෙ ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක ගැනවත් කිසිම දැනීමකින් තොරවයි. තනිකරම බෝරිං සමාජ ජීවිතවලට බයිට් එකට තලූමරන්න දෙන නිව්ස් එකක් විදිහටයි.

පොලූවලින් මිනිහෙක්ව ගහලා මරනවා කියන එකේ බරපතලකම පවා ඒ කතාවෙ තරුණයා ට‍්‍රාන්ස්ජෙන්ඩර් වීම හරහා අවතක්සේරු කරනවා.

කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාංතික කීප දෙනෙක් ඇරුනම ලංකාවෙ පොදු ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන පිරිස මානව අයිතීන්වත් හිමි නැති පිරිසක් තරමට පීඩනයටත් නොතකා හැරීමටත් ලක්වෙනවා. පිරිමි විසින් තාප්පවලට හේත්තු කරගෙන කටට දෙන සහ ඊට පස්සෙ ගගහා එලවන පරිසරයක් ට‍්‍රාන්ස්ජෙන්ඩර් අයට බාරගන්න සිද්ද වෙනවා. ඒ අය වෙනුවෙන් සාධාරණය ඉටුකරන නීතියක් නෑ.  ඒ අයව ළ`ගින් ඇසුරු කරන නිසාම ඒ මිනිස්සු තමන්ගේ ලිංගිකත්වය නිසා අත්විඳින තාඩන පීඩන මං දන්නවා. පවුලෙන් එලියට වැටෙන තැන  ඉඳන් රස්සාවක් විතරක් නෙමෙයි ඉන්න හිටින්න තැනක්වත් හොයාගන්න බැරි තත්වයක් දක්වා ඒ අය අනාත වෙනවා.

ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක මානව ගරුත්වයක් ඇතුව බාරගන්න අපේ හෙට්‍රො සොසයටිය පරිණත වෙලා නෑ විතරක් නෙමෙයි ඒ අය  තමන්ගේ සාමාන්‍ය ජීවිතය විදිහට අත්විඳිමින් ඉන්න අසාධාරණය සහ පීඩාව ඇත්තක් විදිහට බාරගන්නත් මේ හෙට්‍රො උන් ලෑස්ති නෑ.

ඒ හින්දම මේ තරුණයාගෙ මරණය විහිළුවක් වෙනවා.

මේ මරණය සම්බන්ද ඇත්ත කතාව කියන එකම බොරුවක්. මාධ්‍යවල වාර්තා වුනෙම සහ මිනිස්සු විසින් රසවින්දෙම ඒ ඇත්ත කතාව නෙමෙයි. ඇත්ත කතාව ට‍්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු විඳින වේදනාව පිළිගන්න බහුතරය මගඅරින එකයි. මේක පුද්ගලික මරණයක් කියන එක ඇතුලෙන් තවමත් අපි හංගමින් ඉන්න ඇත්ත ඒකයි. පොලිසිය විසින් දිනපතා මේ අයට හිරිහැර සිද්ද වෙන වග පොලිසියම කියනවා. ඒත් අපිට ඒක ස්වභාවිකයි.

පිරිමි සමාජයේ රියැක්ෂන් එක ඉතා පැහැදිලියි. විනෝදවීම, මගහැරීම හෝ ඒක තරම් අවුලක් නෑ, නැත්තං උන්ගෙ ප‍්‍රශ්නයක් වෙන්න ඇති කියන මගහැරිම. උන්ගෙ ප‍්‍රශ්නයක් වෙන්න ඇති කියන එකම නිතර සුලූතර ප‍්‍රශ්නවලදි බලය හිමි බහුතරය පාවිච්චි කරන ලේසියක්. මේ වගේ සිද්දිවල පුද්ගලික ඇත්ත කතා නෑ.

සිද්දියක් මාධ්‍යවල වාර්තා වුන තැන ඉඳන් ඒක පුද්ගලික අවකාශයෙන් සමාජ අවකාශයට එනවා. එතකොට ඒ පුද්ගලික තැන සිද්ද වුන ඇත්ත නැත්තට වඩා අදාල වෙන්නෙ සමාජ අවකාශය තුල සිද්ද වුන ඇත්ත නැත්තයි. මාධ්‍ය සහ පිරිමි සමාජයේ අවිඥානය විසින් මේ ට‍්‍රාන්ස්ජෙන්ඩර් තරුණයාගේ මරණය හෑල්ලූ කරමින් හිටියා. නැත්තං නැවත නැවත මරාදමමින් තිබුන.

දෙමළ සමාජය මුහුණ දෙන ප‍්‍රශ්නවල වගකීම සිංහල බහුතර සමාජය විසින් බාරගන්න  ඕන වගේම සුළුතර වෙනස් ලිංගික අනන්‍යතාවයන් හිමි පිරිස් මුහුණ දෙන තාඩන පීඩනවල වගකීම අධිපති හෙට්‍රො සමාජය විසින් බාරගන්න  ඕන. දඹුල්ලෙදි කවුරු හරි කෙනෙක් පොල්ලක් උස්සලා ගහන  එක පුද්ගලික කාරණයක් නෙමෙයි. ඒ පොල්ල උස්සන්න සමස්ත සංස්කෘතික සමාජ කතිකාවක්ම දායක වෙලා තියෙනවා. ඒ මරණය සමාජයට සහ මාධ්‍යයට විසිතුරු පුවතක් වෙන්නෙම ඒ හින්ද.

සුළුතරයකගේ අයිතියක් වෙනුවෙන් අධිපති සමාජ බලය අභියෝග කිරීමේ වැරැුද්දක් නෑ. කිසිම දවසක ඒ සුලූතරය වෙනුවෙන් ඇත්ත එලිවෙනවා කියල එකක් නෑ. මොකද ඒ අයට එලිකරන්න ඇත්තක් නෑ. ඇත්ත තියෙන්නෙ එලියෙ. ඒක අපි බාරගන්නෙ නැති එක විතරයි.

උදා විදිහට උතුරෙ දෙමල මනුස්සයෙක් දකුනෙ පාරක ගහලා මරලා දාලා තිබුනොත් මුලින්ම සිංහල සමාජයට ඇගිල්ල දික්කරන එක පසුතැවිලි වෙන්න කාරණයක් නෙමෙයි. මොකද අනිවාර්යෙන්ම ඒ මරණය සිදුකරන අන්තිම පොලූපාරට, ඒ අවසන් තීන්දුවට ඒ මනුස්සයා දෙමළවීම බලපානවා. ඒ වගෙම මේ තරුණයාට වැදුන අන්තිම පොලූපාරටත් එයා ට‍්‍රාන්ස්ජෙන්ඩර් වීම බලපානවා. ඒ අධිපති සමාජ කතිකාව උඩ හිටගෙන කරන රිපෝර්ට් කිරීමෙදි කවුරුන් හෝ එය අභියෝග කිරීම විසින් සුලූතර ප‍්‍රජාවට ඒ වෙලාවෙ අවශ්‍යම සමාජ ආරක්ෂාවක් යම්පමණකින් හරි ගොඩනැගෙනවා.

ඒ තරුණයා වෙනුවෙන් පිරිමි සමාජයට ඇගිල්ල දික්කරලා මතුකරපු විරෝදය හැමපැත්තකින්ම සාර්තක එකක්. ඒකෙන් ට‍්‍රාන්ස්ජෙන්ඩර් කියන එක ගැනම සමාජයේ ලොකු කතිකාවක් මතුවුනා. ඒ අයගෙ අයිතිවාසිකම් ගැන කතා වුනා. ට‍්‍රාන්ස්ජෙන්ඩර් කතාව අමතක කරලා මිනිහෙක් විදිහට අපි දුක්වෙමු කියන තැනටවත් බහුතරයකට එන්න පීඩනයක් හැදුනා. මාධ්‍යවල හැසිරීම විවේචනය වුනා. අර තරුණයාගේ මරණයට ගරුත්වයක් වටිනාකමක් ලැබුන.

දැන් ඒ මරණය පිටිපස්සෙ තියෙන ඇත්ත කතාව කියල කම්කරු තරුණයෙක් සහ රුපියල් 35000ක් ඇවිත් තියෙනවා. තවත් පැත්තකින් ඒ අයගෙම කල්ට් දෙකක් විසින් නගරයේ කරපු මරාගැනීමක් කියල කතාවකුත් ඇවිත් තියෙනවා. සිංහල බෞද්ද පිරිමින්ට විරුද්දව අදහස් පලකරපු මං වගේ අයව පෝලිමේ ගන්න පටන් අරන් තියෙනවා.

ට‍්‍රාන්ස්ජෙන්ඩර් තරුණයෙකුට අත්වෙච්ච ඉරණමක් ගැන ඇත්ත හොයන්න හෙට්‍රො පොලිසියකට කවදාවත් බෑ. ඒ ඇත්ත බාරගන්න අපේ වගේ හෙට්‍රො සමාජයකට පුළුවන්කමකුත් නෑ. ඒ හින්ද අපි දරාගන්න පුළුවන් විදිහෙ ඇත්තක් නිර්මාණය කරලා බාරගන්නවා.
ඒක පුද්ගලික ප‍්‍රශ්නයක්.

ඒක තමයි ලේසිම විදිහ. ඒත් ප‍්‍රශ්න කවදාවත් පුද්ගලික නෑ. හැම ප‍්‍රශ්නයක්ම සමාජ ප‍්‍රශ්නයක්. අධිපති කතිකාව (පොලිසිය) විසින් අදාල නොවේ කියල බැහැර කරන දේම තමයි අදාල කාරණා තියෙන්නෙ.
අපි හැමෝම අමතක කරන කාරණයක් තමයි දඹුල්ලෙදි ගහලා මැරුවෙ තරුණයෙක් නෙමෙයි කියන එක. මේ මරණය තරුණයෙක්ගෙ කියන එකමත් ඒ ලිංගික ප‍්‍රකාශනය නොතකා බැහැර කිරීමක්. දඹුල්ලෙදි ගහලා මැරුවෙ තරුණියක්. මරා දැමුනු තරුණියක් ගැන පොලිසියටවත් සමාජයටවත් වාර්තා වෙලා නෑ. ඇයට පැවැත්මක් නෑ.

ඒ නිසා ප‍්‍රවෘත්ති වැරදුනා කියලා මාව ජෝක් කර සන්තෝස වෙන නෝනාවරු මහත්තුරුන්ට කියන්න තියෙන්නෙ තව හයියෙන් හිනාවෙන්න. ඒක හොඳ ව්‍යායාමයක්. මොකද ඒ ගිල්ටිය නැත්තං ඔයාලව ලෙඩ කරන්න ඉඩ තියෙනවා. තාමත් මේ කිසිම කෙනෙක් නැවත නැවත කියවෙන පොලිසියෙ අඩන්තේට්ටම් ගැන වචනයක කතාවක් නෑ. ඒ පොලිසිය විසින්ම මේ සිද්දයෙ ඇත්ත කතාවක් කියනකල් හැමෝම කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා.

(සංස්කෘතික) පොලිසිය පැත්තෙ හිටගෙන මං වැරදියි කියල ඔප්පු කරන්න හදන හැම කමෙන්ටුවක්ම නැවත නැවතත් ඔප්පු කරන්නෙ උද්දච්ඡු පීඩක පිරිමිකමමයි. වෙන විදිහකට කිව්වොත් මේ මරණය ගැන මං දරන අදහස සමාජීයව කොයිතරම් නිවැරදිද කියන එකයි.

- චින්තන ධර්මදාස

Thursday, July 20, 2017

ක්ලියෝපැට්රා මාරයිද?



පැරා ලියන ගොඩක් දේවල්වලට මං එකගයි. ලංකාවෙ වමේ විද්වත් බහුතරයකට නැති විදිහෙ විවෘත දැක්මක් පැරාට ගොඩක් දේශපාලන කාරණා ගැන තියෙනවා. ඒත් සමහර සංස්කෘතික, මාධ්‍ය භාවිතා ගැන පැරා සදාචාර විනිශ්චයකට යන බවක් පේනවා. ඒක මං හිතන්නෙ සමාජීයව නරක ප‍්‍රතිඵල ඇතිකරන්න පුළුවන් භාවිතාවක්.

මොකද සදාචාරය කියන එක පුද්ගලයා අනුවත් කාලය අනුවත් අතිශයින්ම සාපේක්ෂයි. හැමතිස්සෙම මේ සදාචාර සීමාවන් හිතුවක්කාර විදිහට තරණය කරන අපරාධකාරයින් තමයි ඊළ`ග මොහොතේ සමාජය වඩා පරිණත සහ විවෘත කරන්නෙ.

මං මේ කියන්නෙ පැරා ඉරාජ්ගෙ ක්ලියොපැට්රා ගැන ලියපු ලිපිය පදනම් කරගෙන. ඊට කලින් දරුවන් වෙනුවෙන් යම් යම් නාලිකා බ්ලොක් කිරීමක් ගැනත් පැරා ලියලා තිබුන. මං ඒකට එක`ග නැති වුනත් ඒක තම තමන්ගෙ පුද්ගලික කැමැත්ත. ඒත් ක්ලියොපැට්රා ගැන ලියමනේදි පැරා සමාජයට කියනවා ඉරාජ් විසින් වපුරන ස්ත‍්‍රී පීඩකත්වය, ප‍්‍රචණ්ඩත්වය වගේ කරුණු අරඹයා මැදිහත් වෙන්න කියල. වෙන විදිහකට කිව්වොත් මට ඒ ලියමන ඇතුලෙ දැනෙනවා වාරණයක් ඉල්ලා සිටීමක් වගේ දෙයක්. සමහර විට මං වැරදි වෙන්න පුළුවන්.

මං දකින විදිහට චිත‍්‍රපටියක්, සිංදුවක්, කවියක්, චිත‍්‍රයක් කියන  ඕනම දෙයක් ෆැන්ටසියක්. නිශ්චිතව යතාර්ථය එක්ක ගැටගැහීමක් යෝජනා නොකරන  ඕනම ආර්ට් එකක් හදන්නෙ ෆැන්ටසි අවකාශයක්. පෝර්න් කියන්නෙ ෆැන්ටසියක්. ඒත් සමහර ස්නෆ් පෝර්න් එනවා ඒ වෙනුවෙන් ඇත්තටම තව ජීවිතයක් මත ප‍්‍රචන්ඩත්වය මුදාහරින. අන්න ඒ වගේ තැනකදි ඒ නීතිය හෝ සමාජය හෝ පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් බලය පාවිච්චි කිරීම අවුලක් නෙමෙයි. ඒත් ඒ සම්බන්ධ කෘතියට විරුද්දව බලය පාවිච්චි කරනවා කියන්නෙ ප‍්‍රකාශනයේ නිදහස ගැන ප‍්‍රශ්නයක් වෙනවා. උදා විදිහට සයිබීරියන් ෆිල්ම් කියන චිත‍්‍රපටිය ආර්ට්පීස් එකක් වෙන්නෙ ඒ හින්ද. මොනම හේතුවක් හින්දවත් ප‍්‍රකාශනයේ නිදහස වාරණය වෙනවා කියන්නෙ ඒක අපි අපිවම සීමාකර ගැනීමක්.

ඉරාජ් කරන්නෙ මොනවා හරි විකුණලා සල්ලි හම්බුකරන්න ට‍්‍රයි කරන එක. සිංදුවක් මියුසික්වලින් හෝ ලිරික්ස්වලින් හිට් කරගන්න බැරි තැනදි එයා කරන්නෙ රෙදි ගලවන එක. මට ඉරාජ් තමන්ගෙ වැඬේ කරන අරමුණ අදාල වෙන්නෙ නෑ. මට අදාල වෙන්නෙ ඒ වැඩෙන් මාව යම් කම්පනයකට, තල්ලූ කිරීමකට ලක්කරනවද කියන එක විතරයි. මං ඒක දිහා බලන්නෙ ඉරාජ්ව ඉරේස් කරලා. මට හිතෙන විදිහට චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන එක ආර්ට්වලට අදාල නෑ.

ඉරාජ් කරන්නෙ පොප් වැඩක්. එතනදි සෙක්ස් වගේම ධම්මපදයත් එයා එක විදිහට පාවිච්චි කරනවා. රෙදි ගලවනවා වගේම සිවුරු අන්දනවා. මං හරි කැමති දෙයක් තමයි සදාචාරයයි අපචාරයයි කියන දෙකම එයා එක වැඩක් ඇතුලෙ විකුනන එක. ඒක මං හිතන්නෙ ලංකාවෙ ආර්ට්වල හරි ඉන්ටරෙස්ටින්ග් තැනක්.
විශේෂ කාරණයක් වෙන්නෙ ඉරාජ්ගෙ ක්ලියොපැට්රා වලට විරුද්ද වෙන්නෙත් සාමාන්‍ය සිංහල බෞද්ද ජනතාව නෙමෙයි. ගොඩක් විකල්ප අයගෙනුයි වැඩියෙන් බැනුම් අහන්නෙ. සදාචාරය වෙනුවෙන් රෙදි උස්සන් එන්න  ඕන බෞද්ද බහුතරය වෙනුවට යම් විකල්ප කියවීමක් තියෙන අය ප‍්‍රකාශනයක සදාචාරය වෙනුවෙන් මැදිහත් වෙන එකම ටිකක් අමුතුයි. සමහර විට මේ විරෝදය එන්නෙ ඉරාජ්ගෙ අමු විකිනිල්ල එක්ක තියෙන අප‍්‍රසාදය නිසාම වෙන්නත් පුළුවන්. ඒත් ලෝකෙ ගොඩක් විශිෂ්ට දේවල් නිර්මාණය වෙලා තියෙනවා සල්ලි හොයන පරමාර්ථය නිසාම. දොස්තයෙව්ස්කි පවා පොත් ලිව්වා සූදු කෙලින්න සල්ලි හොයාගන්න.

ඉරාජ්ගෙ ක්ලියොපැට්රා විෂුවල් වැඬේට මං කැමතියි. ඒකෙන් ඊජිප්තු ක්ලියොපැට්රා වෙනුවට මට  ඇහෙන්නෙ ක්ලියොපැට්රා නයිට් ක්ලබ් එකේ නම. නයිට් ක්ලබ් එකක ආශාවන් වෙනුවෙන් වැයවෙමින් මුදල් උපයන ගැහැණියක් මුහුණ දෙන ඛේදවාචකයක් තමයි ක්ලියොපැට්රා කියන්නෙ.
නයිට්ක්ලබ් එකේ දකින ඒ ගැහැණිය ඇඳේදි මේ වගේ ඇති කියල මවාගන්න සල්ලාලයෙක් ඉන්නවා. ඒ සල්ලාලයා විදිහට තෝරගෙන තියෙන මූණට මං ගොඩක් කැමතියි. අනංමනං වැඩිය කියන්න  ඕන නෑ, ඒ මූනෙම තියෙනවා පාපය.

සරාගී විදිහට රාත‍්‍රියේ මුනගැහෙන ගැහැණුන් ගැන අවලං හීන දකින එක ලංකාවෙ සාමාන්‍යයක්. කොට ගවුමක් වුනත් ඇති ගැහැණියක් ගණිකාවක් කරන්න. ඒක සල්ලාල අපරාධකාරයන්ට වගේම පොලිස්කාරයන්ටත් පොදුයි.  ක්ලබ් එකේ රාගී දෑසින් දකින, දුවෙක් එක්ක තනිව ජීවිත අරගලයක යෙදෙන මේ ගැහැණිය, බීඞීඑස්එම් වස්තුවක් විදිහට සළෙල මනසක පරිකල්පනය වෙනවා.

ෆැන්ටසිය සහ යතාර්ථය අතර බෙදීමක් නොදන්නා මේ නොදියුණු පිරිමියා බලහත්කාරයෙන් තමන්ගේ ෆැන්ටසිය මේ ගැහැණිය ලවා නිමවාගන්න හදනවා. ඒ උත්සාහය අවසන් වෙන්නෙ ඝාතනයකින්. ඒක වටේ යුක්තිය ඉටුවීම, හොල්මන් සහ අද්බූත ජවනිකා වගේ කීපයකුත් තියෙනවා. බීඞීඑස්එම් ෆැන්ටසියක් ලංකාවෙ සාමාන්‍ය ගැහැණියකගෙන් ඉටුකරගන්න ගිහින් ඒක මිනීමැරුමක් දක්වා යන එක මරු තේමාවක්. ඒ කතාව ඉරාජ් හදන්නෙ කොටස් දෙකකට. එකක් මේ ගැහැණිය ශෘංගාරකරණයෙන් අපේ ආශාව පුබුදු කරන කොටස. අනෙක යුක්තිය ඉටුවීම හරහා අපරාධකාරයාට ද`ඩුවම් ලැබෙන කොටස. මං කලින් කිව්වා වගේම මේ දෙකම එකම ආශා වේදිකාවක ක්ලියොපැට්රා ඇතුලෙ විකුණනවා.

ඇත්තටම ගත්තොත් ලංකාවෙ ශෘංගාරය යම් මට්ටමකින්, ලස්සන විදිහකට සමාජගත කිරීම සිද්ද වුනේ සිනමාවෙන් නෙමෙයි, ඉරාජ්ගෙ මියුසික් වීඩියෝ වලින්. වෙන රටවල නිෂ්පාදිත අනුරාගී සිහින පාට පාටින් ලාංකේයකරණය කරන්න ඉරාජ්ට පුළුවන් වුනා. ඒවා නිසා ලංකාවෙ ශෘංගාර විෂුවල් කලාපය හොඳ විදිහකට වර්ධනය වුනා. (නැත්තං අපිට තිබුනෙ ඇගේ වෛරය ගනයෙ ශෘංගාර කලාවක්)

ප‍්‍රචණ්ඩත්වය ෆැන්ටසියක රසවිඳින්න මං කැමතියි. ඒක හින්දම රාම් ගෝපාල් වර්මාට මං ගොඩක් කැමතියි. හොලිවුඞ් ෆිල්ම් එකකටවත් බෑ රාම් ගෝපාල් වර්මාගෙ වයලන්ස් ෆැන්ටසියක චමත්කාරය මවන්න. ඉරාජ් ක්ලියොපැට්රා එක්ක සමහර තැන් ආර්ජීවීට ගොඩක් කිට්ටු තරමට නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇචීව්මන්ට් එකක්.

සදාචාරය වෙනුවෙන් ෆැන්ටසි සීමා කරන්න  ඕන නෑ. ෆැන්ටසියක් මාර වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්. ඒත් හැම ෆැන්ටසියකටම අනෙකාට හිංසාවක් නැතුව ප‍්‍රකාශමාන වෙන්න නිදහස තියෙන්න  ඕන. මිනිස්සුන්ට පුළුවන් අකමැති නම් නොබලා ඉන්න. බලලා බනින්න. පොඩි උන්ට නොපෙන්නා ඉන්න. ඒත් කිසිම ෆැන්ටසියක් සදාචාර විනිශ්චයකට ලක්වෙලා වාරණයට හෝ තහනමට ලක්වීම නොවිය යුතු දෙයක්.

Friday, June 9, 2017

මාර විචාර සහ මළ විචාර


මනෝ විශ්ලේෂණයෙන් සහ දේශපාලන මතවාදවලින් බැහැරව සිනමාවේ සෞන්දර්යය ගැන කතාබහක් කරනවා කියල ඇල්ෆා එකේ ප‍්‍රියන්ත ෆොන්සේකා එක්ක කරන වැඬේ පෝස්ට් එකක් එෆ්බී එකේ වැටුන. ඒකෙන් කුපිත වුණු විදර්ශන, වංගීස ඇතුලූ පිරිස ඒ දෙකෙන් තොරව ආර්ට් ගැන කතා කරන්න පුළුවන්ද කියල ඒක ජෝක් කරන්න ගත්තා.

ඇත්තටම සිනමාව ගැන කතා කරන්න මනෝ විශ්ලේෂණය, නැත්තං දේශපාලන දර්ශනවාද වගේ ඒවා  ඕනද? ආර්ට් නම් වමේ වෙන්න  ඕන කියල හිතන මට්ටමේ මානසිකත්වයකට මේ තත්වය හරිම ස්වභාවිකයි. ඒත් සිනමාව ගැන කතා කරන්න මේ න්‍යායන්  ඕනද? කවුරු හරි කියන කවර හෝ අදහසක් අරගෙන ඒක දේශපාලනිකයි කියල කොහෙට හරි සම්බන්ද කරන්න පුළුවන්. ඒ විදිහට  ඕනම දෙයක් අතර සම්බන්ධතා තියෙනවා. ඒත් ප‍්‍රශ්නෙ වෙන්නෙ අපි න්‍යායක් ඇතුලෙන් චිත‍්‍රපටිය කියවන්න හදනවද කියන එකයි.

ලංකාවෙ සිනමා විචාර සහ කියවීම් ඔක්කොම පාදක වෙන්නෙ මේ තියරි උඩයි. ඇත්තටම ලංකාවේ සිනමාව කියවන්න යන ගොඩක් අයට සිනමාව විඳීමේ හැකියාව අඩුයි. ඒ ගොල්ලො තමන්ගෙ තියරියත් එක්ක චිත‍්‍රපටිය සමීකරණය කරනවා. ඒක සෙට් වෙන්නෙ නැත්තං චාටර්, පසුගාමී, නව ලිබරල්වාදී මොකක් හරි දේකින් ෆිල්ම් එක පීචං කරනවා. සෙට් වෙනවා නම් ඒ තියරිය වෙනුවෙන් නිර්මාණය වීමේ ප‍්‍රීතියෙන් චිත‍්‍රපටිය උස්සගෙන යනවා.

ඒ තියරිය හරියට කළාම චිත‍්‍රපටියක් හරිද? සුචරිත ගම්ලත් කාලෙ ඉඳලම එන ලංකාවෙ විචාරය ඔච්චරයි.
මේ විදිහෙ තියරි උඩ හිටගෙන විචාර ලියන අය ලෝකෙ නැත්තෙ නෑ. ඒත් ට බාහිරින් එක එක අදහස් එලියට එනවා. චිත‍්‍රපටි ගැන විෂයමූලික සහ ආත්මමූලික කියන පැති දෙකෙන්ම කියවන්න පුළුවන්. මං පුද්ගලිකව වඩා කැමති ආත්මමූලික කියවීමට. ඒ කියන්නෙ ෆිල්ම් එකක් තමන්ට දැනුනෙ කොහොමද කියන පුද්ගලික අදහස. ඒක නොයෙක් දේශපාලන, මිත්‍යා, මනෝ විද්‍යා, බහුබූත දේවල්වල මිශ‍්‍රණයක් වෙන්න පුළුවන්. ඒත් ඒ ෆිල්ම් එකෙන් ඒ පුද්ගලයාට ඇති කරපු වෙනස සජීවීව ඒ ප‍්‍රකාශනයෙ තියෙනවා. ආත්මමූලික විචාර කියන්නෙ ආයිමත් ආර්ට් එකක්. චිත‍්‍රපටියක බලපෑමෙන් බිහිවෙන තවත් කෘතියක්. ඒක නැවත විඳින්න පුළුවන්. මාරයි, ආතල්, හිරිවැටිලා යනවා වගේ වචනවලට ඒ ආත්මමූලික විචාර ඇතුලෙ ගොඩක් දේවල් ප‍්‍රකාශ කරන්න පුළුවන්. වැදගත් වෙන්නෙ කියවන්නාව ජර්නි එකක අරන් යනවද කියන එකයි.

අනිත් එක විෂයමූලික විචාර. මනෝ විශ්ලේෂණ වේවා සමාජ සත්තාවාදී වේවා, ස්ත‍්‍රීවාදී වේවා කවර හෝ න්‍යායක්, විෂයක් සාධනය කරමින් කෘතියක් ගැන කරන අදහස් දැක්වීම්. ඒවා තමයි ලංකාවෙ මෙතෙක් කල් පැවතගෙන එන්නෙ. ඒ හින්ද තමයි ඒවා නැතුව කොහෙද විචාර කියල වගේ ප‍්‍රශ්න ඇහෙන්නෙ.

මේ විචාර වලින් කරන්නෙ පවතින යම් න්‍යායික විෂය පදනමක් මත කෘතියක් ඇනලයිස් කිරීම. මේක ඇකඩමික් වර්ගයේ වැඩක්. විඳීමක් වෙනුවට විශ්ලේෂණයක්. කලින් කියපු ආත්මමූලික විචාරය සංස්ලේෂී එකක් නම් මේක විශ්ලේෂී එකක්. මේ සම්බන්ධයෙන් පොදු එකගතා තියෙනවා. කොටින්ම ප‍්‍රියන්ත මෙතනදි කතා කරන සෞන්දර්යවේදය පවා ඒ විදිහෙ විෂයක්. මනෝ විශ්ලේෂණයෙන් වගේම සෞන්දර්යවේදයෙනුත් කෘතියක් කියවන්න පුළුවන්.

මං පුද්ගලිකව ඒ සෞන්දර්යවේදී කියවීමට පවා කැමති නෑ.  ඕනම එකක් විෂයයක් එක්ක සාධනය කරමින් කරන අදහස් දැක්වීම මට මළගෙදර කතාවක් වගේ. අපි කෘතිය එක්ක සජීවී ගනුදෙනුවක් කරන්නෙ නෑ වගේ. කෘතිය ආශ‍්‍රය කරන්නෙ හරියට ගණිකාවක් වගේ. විනිශ්චයකාරී තැනකින්. ඒක මට ආර්ට් එක්ක කරන රමණයක් වගේ දැනෙන්නෙ නෑ.

ඒත් ඒ විදිහෙ විචාරත් පවතිනවා. ඒවා කියවන සහ ඒවා ඇසුරෙන් නැවත නැවත කෘති කියවන ලොකු පිරිසක් ඉන්නවා. මේ දෙවෙනි වර්ගයේ විචාර නැවත ආර්ට් එකක් නිර්මාණය කරන්නෙ නෑ. ඒක එන්ඞ් එකක්. නිශ්චිතයක්. මාරයි වගේ වචන ඒවායෙ නැත්තෙ ඒකයි. විවෘත අදහස් තියෙන වචන වලින් සන්නිවේදනය කරන්න ඒ පිට්ටනියෙ බෑ.

ඒත් මේ එකකින් අනිත් එක වාරණය වෙන්නෙ නෑ. අපි ඇත්තටම ෆිල්ම් එකක් බලන්නෙ කවුරු හරි ඒක මනෝ විශ්ලේෂණයට හරි මාක්ස්වාදයට හරි එකගයි කියන හින්ද නෙමෙයි, බලලා ඇවිත් මාරයි මචං ගිහින් බලපං කියන එකෙන්.. ඒක විචාරයකට එහා ගිය ෂෙයාර් කර ගැනීමක්.

- චින්තන ධර්මදාස

Monday, June 5, 2017

පරක්කු වෙච්ච ස්ටාර්ට් එකක්




නිනෝ ලයිව් ගැන මට තියෙන්නෙ ඉමෝෂනල් කියවීමක්. ඒක ෆිල්ම් එකකට වඩා ලංකාවෙ එක පරම්පරාවක කතාවක්. ඒ අතින් කල්ට් මාස්ටර්පීස් එකක්. නිනෝ ලයිව් ස්ක‍්‍රීන් එකේ දැක්ක ගමන් මට ආපු ඇ`ග කිළිපොලා යන හිතුවිල්ල, උද්දාමය වුනේ ලංකාවෙ මීට අවුරුදු දහයකට විතර කලින් පටන් ගත්ත සිනමා නව රැුල්ලෙ ප‍්‍රතිඵල තිරය උඩට මුදාහැරීම ඇරඹුනා කියන එකයි.

යතාර්තවාදය එක්ක එක දිගට හතිවැටෙන කල් පොරබැදපු, ජීවිතේ දුක්ඛ සත්‍යය පසක් කළ ආධ්‍යාත්මයකින් හෙබි, ගමේ සෞන්දර්යයෙන් සහ කර්කශත්වයෙන් මෝහනය වුණු එක සිනමා ධාරාවක අවසානය නිනෝ ලයිව් සටහන් කරනවා. ඇත්තටම මේ සිනමාව පටන් ගත්තෙ මීට දශකයකට විතර කලින්. ඒත් ඒ පරම්පරාවෙ සිනමාකරුවන් නොදැනුවත්වම වුනත් හරි කාලය එනකල් ඒ චිත‍්‍රපටි පුස්කන්න නියමිතව තිබුනා. ඒ දශකය බාර වුනේ රජකතා බණකතා සිනමාවට.

ඒක ගැන මට අප‍්‍රසාදයක් නෑ. ඇත්තටම ඒ දශකයේ සිනමාව විසින් ලංකාවෙ මහා සිනමාව වෙනස් කළා. ආන්ඩුවේ දේශපාලන මතවාදී බලයේ සපෝර්ට් එකෙන් වුනත් වෙනත් ජනප‍්‍රිය සිනමාවක් නිර්මාණය වුනා. මහින්දගේ දේශපාලන ව්‍යාපෘතියේ මාධ්‍යයක් වීම ඇරුනත් ඒකෙ ලංකාවෙ ඇත්ත ජනප‍්‍රිය සිනමාවක යම් ලක්ෂණ තිබුනා කියල මං හිතනවා.

ඒත් ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට් එක්ක ගතවෙන අලූත් තාරුණ්‍යයට ලංකාවෙ සිනමාවක් හැදුනෙ නෑ. නගරය සම්පූර්ණයෙන්ම අයින් කරලයි තේමාවන් නිර්මාණය කළේ. අපිට කොහේ හරි වැරදුනා කියන එක තමයි හැමෝම බාරගන්න ලෑස්ති හැ`ගීම වුනේ. නගරයේ වුනත් මිනිස්සුන්ට තිබුනෙ පොඩි ඇපොලොජටිකල් හිතීමේ සහ වින්දනයේ රටාවක්. ඒ හින්දම කලාව බර වුනෙත් වමට.  අලූත් පරම්පරාව සිංහල චිත‍්‍රපටි නොබලා ටොරන්ට් ඩවුන්ලෝඞ් කරගෙන පිටරට චිත‍්‍රපටි බැලූවා. සිනමා ශාලාවලට යන සංස්කෘතිය ටික ටික ඞීවීඞී සංස්කෘතියකට පෙරලූනා.

මේ වෙනස්වීම් අතරෙ, රට නතර වෙලා තියෙද්දි ඇත්තටම වැඩකළේ ටීවී එකයි. දැවැන්ත රියැලිටි ටීවී වැඩසටහන් මාලාවක් ඇතුලෙ ලංකාවෙ පොප් එක වැඩකරන්න පටන් ගත්තා. සිනමාවෙන් ගිලිහිච්ච හීන නඩත්තු කරන්න ටීවී එක ඇපකැප වුනා. ඒක ලොකු ලාබ ලබන ව්‍යාපෘතියක් වුනා. හරියටම බැලූවොත් රියැලිටි ටීවී ආර්ට් එක හරියට දැනගෙන හිටියෙ සිරස විතරයි. ආන්ඩුවේ සහ යුද්දයේ ව්‍යාපෘතියෙන් හිරකරපු පොප් ආසාවලට සිරස තරු හීන හදලා දුන්නා.

ඒ කාලෙ සිනමාවෙ ප‍්‍රවීනයො විසින් ප‍්‍රතික්‍ෂේප කරපු පොඩි ඩිජිටල් කැමරා අරගෙන තරුණ උන් වැඩකළා. ඒ වැඩ කලින් තිබුනු සිනමාවට වඩා වෙනස් සිනමාවක් යෝජනා කළා. වෙනස් තේමාවන්, වෙනස් මිනිස්සු, කොටින්ම වෙනස් සිනමා ආකෘතියක් ඒ චිත‍්‍රපටිවල හැදුනා. හරියටම බැලූවොත් මොලිවුඞ් නව රැල්ල (මලයාලම් සිනමාවෙ) හැදෙන්නත් කලින් ලංකාවෙ මේ නව රැල්ල නිර්මාණය වුනා. ඒත් අපේ ප‍්‍රවීනයන්ගෙ කුහකකම, පසුගාමීත්වය සහ රටේ අතීතකාමය ඇතුලෙ මේ චිත‍්‍රපටි ධාරාව හිරවුනා. දැන් අවුරුදු 10ට විතර පස්සෙ අපි මේ නරඹමින් ඉන්නෙ අපිට පුරෝගාමී වෙන්න තිබුණු සිනමා රැුල්ලක මගහැරුනු ඒ මොහොත. අලූත් නිර්මාණකාරයො තමන්ගෙ වැඩකොටස කළා. ඒත් රට ලෑස්ති වෙලා තිබුනෙ නෑ,

නිනෝ ලයිව් වලින් පටන් ගන්න මේ සිනමාවෙ කසකාරයා වුනේ බූඩි. ඒ නිම්නයක හුදකලාවත් එක්ක. ඒ ෆිල්ම් එකත් අවුරුදු නවයක් විතර පදම් වුනා. බූඩි ඊට පස්සෙ කරපු මාතා පවා කලින් රිලීස් වුනා. ඒකයි මං කියන්නෙ කාලය එනකල් අපිට ඉන්න වුනා කියල. නිනෝගෙන් පස්සෙ මේ විදිහෙ චිත‍්‍රපටි රැල්ලක්ම එන්න තියෙනවා. පරක්කු වෙලා හරි ඒ රැල්ල විසින් වෙනස් සිනමාවක් ස්ථාපිත කරනවා. ඒක අඳුරගන්න නිනෝ ලයිව් හොඳ විවරයක් හදනවා.

නිනෝ ලයිව් පටන් ගන්නෙ ලංකාවෙ ජනප‍්‍රිය හීනය නතර වුන තැනින්. ඒ කියන්නෙ ටීවී එකෙන්. අවුරුදු දහයකට කලින් සිනමාවෙන් ගැලවිලා ටීවී එකට ගිය පොප් එක නැවත සිනමාවට ගේන්න නිනෝ ලයිව් ට‍්‍රයි කරනවා. ටීවී එක ඉස්සරහ ඉන්න අයව හෝල් එකට ගේන්න අභියෝගයක් ඒ ගොල්ලො බාරගන්නවා.

ඒක ලව් ස්ටෝරි එකක්. හරියටම කිව්වොත් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව්ස්ටෝරි එකක්. මීට කලින් මෝටර් බයිසිකල් වලත් මේ මොඩර්න් කියුට් ආදරය ටච් කරලා තිබුන. නිනෝ ලයිව් ඊට වඩා ලේයර්ඞ් අත්දැකීමක්.

ෆිල්ම් එකට පාදක කරගන්නෙ පීටර් වොයර්ගෙ ටෲමන් ෂෝ කියන ෆිල්ම් එක. ලංකාවෙ ගොඩක් අය වෙන ෆිල්ම්වලින් බඩුගන්න බයයි. ගත්තත් හොරෙන් ගන්නවා මිසක් කෙලින් කියල, ඒ දේට ගරුත්වය දීලා ගන්න විදිහ දන්නෙ නෑ. ඒ වෙනුවට තිසර සහ පිරිස ටෲමන් ෂෝ එකට හොමාජ් එකක් විදිහටම තමන්ගෙ කතාව නිර්මාණය කරනවා. ඒක විතරක් නෙමෙයි, ෂොන් පියර් ෂූනෙ ගෙ ‘අමෙලි’ ෆිල්ම් එකේ ආභාෂයත් තදටම දැනෙනවා. විශේෂයෙන්ම නැරේෂන් එකත් එක්ක කතාව බිල්ඞ් අප් වෙන විදිහ. ඒත් ඉන්ටවල් එකට කලින් ටෲමන් ෂෝ එකේ කලාපය ඉවර වෙනවා. රියැලිටි ෂෝ එක ඉවරයි. ඊට පස්සෙ ඒක බලපු උන්ගෙ රියැලිටි එක.

අපේ ටීවී බලන  ඕඩියන්ස් එක ජීවත් වෙන්නෙ ටීවී එකෙන් නිර්මාණය කරලා දීපු යතාර්ථයකයි. දැන් ඉන්ටර්නෙට් ඇවිත් තත්වෙ ටිකක් වෙනස් වුනත් මාස් එක පරණ විදිහමයි. ඒ ගොල්ලො හිතන්නෙ, පතන්නෙ විතරක් නෙමෙයි කතා කරන්නෙ, ආදරේ කරන්නෙ වුනත් ටීවී එකෙන් කියල දීපු විදිහට. තිසරගේ කතාව වෙන්නෙ රියැලිටි ෂෝ අස්සෙ එක කට්ටියක් කෙළවා ගනිද්දි තව කට්ටියක් කෙළවාගන්න ආසාවෙන් පොරකන එකයි. ඇත්තටම ගත්තොත් නොදැන කෙලවා ගැනීම කියන එක දැනගෙන කෙලවා ගැනීමේ ආතල් එකක්, උන්මාදයක් බවට පෙරලෙන එකයි. ‘කෙලවා ගැනීම’ කියන්නෙමත් සාපේක්ෂ අදහසක් විතරයි. මොකක්වත්ම නැති ජීවිතේක කෙලවාගැනීම කියන්නෙත් ලොකු දෙයක් වෙන්න පුළුවන්.

මේ අලූත් රැුල්ලෙ චිත‍්‍රපටි එක්ක අලූත් නළුනිළියො සෙට් එකකුත් සමාජගත වෙනවා. දස්සා ඒකෙ ප‍්‍රමුඛයෙක්. ලංකාවෙ කියුට් පෙම්වතා කියන අලූත් ආකෘතිය හැදෙන්නෙ දස්සා අතින්. මෙච්චර කල් චන්ඩි පෙම්වතා, සීරියස් පෙම්වතා, රොමැන්ටික් පෙම්වතා හිටියට මේ හුරතලේට හදාගන්න ආස හිතෙන කියුට් කොල්ලා අපේ සිනමාවෙ හිටියෙ නෑ. දස්සා එක්ක සමනලී, යුරේනි, උමාලි, නිනෝ, ජගා, කළණ වගේ වෙනම විදිහක නළු නිළි පරම්පරාවක් මේ සිනමාව අයිති කරගන්නවා. පරණ තරු ක්ලැසික්වලට සීමා වෙනවා.

නිනෝ කියන්නෙත් සුවිශේෂ සොයාගැනීමක්. උගේ ර`ගපෑමෙ මොකක්ද රියල් එකට එහා ගතියක් ස්වභාවිකවම තියෙනවා. ඒක වෙනම ස්ටයිල් එකක් සහ ලස්සනක් ගේනවා. මේ දේවල් අපි නිතර දකින ස්ටීරියෝටිපිකල් ර`ගපෑම් සහ ර`ගපාන්න ට‍්‍රයිකිරීම් ඉක්මවා යනවා. උන් ඇත්තටම නළුවො කියන එක අපිට දැනෙනවා.

තුසිත ඉන්නෙ හරිම පුංචි කෑල්ලකට වුනත් උගේ සල්ලාල නැටුම මේ ලියන වෙලාවෙත් මතක් වෙන තරම් ප‍්‍රබලයි. හම්බුවෙන පොඩි චරිතෙ වුනත් පුළුවන් උපරිමෙන් කරන්න හැමෝම ට‍්‍රයි කරලා තියෙනවා. යාලූකම්, මනුස්සකම් සහ ෆිල්ම් ගැන තියෙන නොනිමෙන ඇම්ම කියන එක චිත‍්‍රපටිය පුරාම දැනෙනවා.

තිසර අතින් නිර්මාණය වෙන කතාවට වඩා මං දකින්නෙ ඒ කතාවෙ සිද්දි නිර්මාණය වෙන ලස්සන. යුරේනි ඉඹින්න කලින් පැලට් එක ගලවන්න හදන තැන වගේ මේකට හොඳ උදාහරණ. පුංචි පුංචි ඞීටේල් වලින් ලස්සන කරලා ඒ විදිහෙ සිද්දි හරහා හරිම සැහැල්ලූවෙන් ගැඹුරු කතාවක් කියාගෙන යන එකයි තිසරගෙ ටැලන්ට් එක. මේ සම්මාන හෝ කලාත්මක සිනමාව නෙමෙයි. නිනෝ ලයිව් කියන්නෙ අපේ වාණිජ සිනමාවට හොඳ බෙන්ච් මාර්ක් එකක්.

රියැලිටි තරුවක් විදිහට එලියට ආපු සංක දිනෙත්ට නිනෝ ලයිව් ලොකු ඇඞ් එකක්. ඒකෙ ටීවී තරුවක් විදිහටම සංක පෙනී ඉන්න අතරෙම ෆිල්ම් එකේ මියුසිකුත් කරනවා. නිනෝ ලයිව් කියන්නෙ මියුසිකල් ෆිල්ම් එකක්. වෙන විදිහකට කිව්වොත් ෆිල්ම් එක පුරාම තියෙන්නෙ මියුසික්.   ඕනකරන රොමැන්ටික් මූඞ් එක හදන්න සහ දිගටම පවත්වාගෙන යන්න සංක එතන ලොකු වැඩකොටසක් කරනවා. ඇත්තටම සංක කියන්නෙ රියැලිටි ෂෝ වලින් හැදිච්ච ඇත්ත එකෙක්. ජනප‍්‍රිය සංගීතයේ නාඩිය ගැන ඌට හොඳ වැටහීමක් තියෙනවා. කලින් මියුසික් කරපු කලර් ෆිල්ම් එකේදී වගේම නිනෝ ලයිව් වලත් සංක මතක හිටින සංගීතයක් නරඹන්නාගෙ ඔලූවෙ ඉතුරු කරනවා.

මියැදෙන්නට පෙර මොහොතක් වත්... ජීවත් වෙන්න.... වගේ තැන් හිරිග`ඩු පිපෙන තරම් ආතල්.
නිනෝ ලයිව් ෆිල්ම් එක ඇතුලෙ ඒ කාලෙ ෆිල්ම් කරන්න, ආර්ට් කරන්න ද`ගලපු හැම කෙනෙක්ම වගේ ඉන්නවා. පස්සෙ මද්දුම බන්ඩාරට බැනපු කසුන්- ශ‍්‍රීනාත් ඩබල ලිෆ්ට් එකක් ඇතුලෙ ඉන්න එක එහෙම ෆන් එකට කළත් මරු වැඩ. ෆිල්ම් කියන්නෙ අපේ ලයිෆ්මයි කියන එක දැනෙන තැන්. ඒ කාලෙම මායි උදයයි කරපු ‘ආදරේ අංශු මාත‍්‍රයක්’ ෆිල්ම් එකෙන් කෑල්ලකුත් තියටර් එකක් ඇතුලෙ ප්ලේ වෙනවා. මේ එකලස් කිරීම් හරි අපූරුයි. ඒවා අපේ රටට අලූත්.

ෆිල්ම් එකේ අඩුපාඩු කොතෙකුත් තියෙනවා. ඒත් ඒ කිසි දෙයක් මට අදාල වෙන්නෙ නෑ. ඒ අඩුපාඩු ගැන හිතන්නවත් බැරි තරම් දුරට නිනෝ ලයිව් මාව ඉමෝෂනලි අරන් ගිය දුර හින්ද. කතාව ඉවර වෙන විදිහ එහෙම පට්ට. ඒ විදිහෙ අවසානයන්ට අපේ සිනමාවෙ කලින් උදාහරණ නෑ. කවුරු හරි අහස් ගව්ව, හංස විලක්, බඹරු ඇවිත් වගේ ෆිල්ම් ලංකාවෙ සිනමාවෙ මාර තැන් කියල මාර්ක් කරනවා නම් මං කියන්නෙ නිනෝ ලයිව් කියන්නෙත් ඒ වගේ මාර තැනක්.

මේ ෆිල්ම් එක පෙන්නන්න අවුරුදු හතක් පුරා එක එක ප‍්‍රදර්ශකයො පස්සෙ ගියා. ඒත් මේකෙ තියෙන පොටෙන්ෂලිටි එක දකින්න ඒ කිසි ප‍්‍රදර්ශකයෙකුට පුළුවන් වුනේ නෑ. මේ අභියෝගය බාරගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. ඒකෙ තේරුම වෙන්නෙම කර්මාන්තයක් විදිහට ඉස්සරහ ඊළ`ග ස්ටෙප් එක අඳුරගන්න තරමෙ ප‍්‍රදර්ශකයො අපේ සිනමාවෙ නෑ කියන එක.

මේ අලූත් සිනමාව හිරවෙලා තියෙන මැෂින් වලින් එලියට අරන් තිරයක් උඩ පෙන්නන්න අවස්ථාවක් හදන එකට සුනිල් ටී ට විශේෂයෙන් ප‍්‍රශංසාව හිමිවෙන්න  ඕන. ඇත්තටම ගත්තොත් සිනමාවෙ අනාගතය වෙනුවෙන් අවශ්‍යම වැඩකොටසක් මේ වෙද්දි මේ චිත‍්‍රපටි වෙළෙන්දා අතින් ඉටුවෙමින් තියෙනවා.

ප.ලි - මීට අවුරුදු ගානකට කලින් මහේන්ද්‍ර පෙරේරා මහරගම ස්ටුඩියෝ ආර්ටිසන් කියල රංගනය පුහුණු කරන්න ආයතනයක් පටන් ගත්තා. ඒකට කොල්ලො කෙල්ලො ර`ගපාන්න ආවා. දස්සලා, නිනෝලා, රුචීලා, තිසරලා ඔක්කොම එතන හිටියා. සමහරු ර`ගපෑම බෑ කියල ඩිරෙක්ටින් කරන්න, ඇසිස්ට් කරන්න, මේක්අප් කරන්න ගියා. නිනෝ ලයිව් කියන්නෙ තනිකරම වගේ ඒ ස්ටුඩියො ආර්ටිසන් එකෙන් එලියට ආපු කට්ටියෙ වැඩක්. අවුරුදු කීපයක් කරගෙන ගිය ඒ ප්‍රොජෙක්ට් එකෙන් මහේන්ද්‍ර ඇති කරපු ඉම්පැක්ට් එක කොහෙත්ම පොඩි එකක් නම් නෙමෙයි.

-චින්තන ධර්මදාස

Sunday, May 14, 2017

මා මහලූ වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ..


මේක ගොඩක් වෙලාවට සංවාදවලට අදාල නොවෙන නැත්තං අපොලිටිකල් ගතියක් තියෙන මාතෘකාවක්. ඒත් සැරින් සැරේ ඇවිත් මූනෙ හැපෙද්දි ඒ ගැන කල්පනා නොකර ඉන්න බැරි වුනා. තැන් තැන්වල අසරණ වුන වයසක මිනිස්සු මගේ කම්ෆර්ට් සෝන් එක අවුල් කළා.

අපේ රටේ වයසක පරම්පරාව ගැන නිසි සමාජ සැලසුමක් නැති එක දුක හිතෙන තත්වයක්. එහෙම අසරණ වෙන අයගෙ දරුවන්ට නෑයන්ට පුද්ගලිකව වගකීම තල්ලූ කරලා අපි සදාචාරවත් හැ`ගීමක්, මනුස්සකමක් ආස්වාදනය කරනවට එහායින් කිසි දෙයක් නෑ. නැවත නැවත රටේ හත දිග්බාගෙන් මුනගැහෙන මේ අසරන මිනිස්සු විසින් ඉදිරියෙදි එන්න එන්න දරුණු වෙන සමාජ අර්බුදයක් ගැන කියනවා කියල සැලකිලිමත් නෑ.
මෙහෙම කියද්දි වෙන රටවල වයසක අය ගැන නිසි වැඩපිලිවෙලක් තියෙනවා කියල අදහස් කරන්නෙ නෑ. විශේෂයෙන්ම බටහිර ගොඩක් රටවලට වඩා ආසියාතික රටවල වයසක අයට යම් හෝ ආරක්ෂණ ක‍්‍රමවේදයක් තියෙනවා. ඒක සම්ප‍්‍රදාය විසින් ඇතිකරපු එකක්. සදාචාරවත් හැ`ගීම උඩ පදනම් එකක්. පවුලක දරුවන් විසින් තමතමන්ගෙ අම්මලා තාත්තලා රැුකබලාගත යුතුයි කියන එක තමයි ඒක. කොටින්ම දෙන්නෙක් කසාද බැඳලා ළමයෙක් හදනකොට පවා කවදා හරි තමන්ට වතුර උගුරක් දෙන්න එකෙක් ඉන්න  ඕන කියල හිතන තැන දක්වාම මේ සම්ප‍්‍රදාය මුල්බැහැලා තියෙනවා.

මෙතනදි බුද්දාගමෙනුත් මේ වැඩිහිටි ප‍්‍රශ්නය කළමනාකරනය කරගන්න ලොකු සපෝර්ට් එකක් දෙනවා. (බුද්දාගම විතරක් සඳහන් කළේ ලංකාවෙ මහා සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නෙ ඒ උඩ හින්ද) මේ වයස්ගත පරපුර වෙනුවෙන් වැඩකරන එකම කතිකාව වෙලා තියෙන්නෙ මේ ආගමික කතිකාව. බණ කිය කිය, දහම්පාසැල් වල පුරුදු කර කර කොහොම හරි අලූත් පරම්පරාවට පැරණි පරපුර ගැන වගකීමක් ඇති කරනවා විතරක් නෙමෙයි ඒ වයසක පරපුර එන්ටර්ටේන් කිරීම, ඒ අයට ක‍්‍රියාකාරකම් නිර්මානය කිරීම, පරලොවක් ගැන බලාපොරොත්තුවක් ඇති කිරීම වගේම ඒ ආශ‍්‍රයෙන් ආගමික සංස්තාවට පැවැත්මක් ඇති කරගැනීම දක්වා මේ මෙහෙවර පුළුල්වෙලා තියෙනවා. ඒක ඇත්තටම සේවයක්. ටීවී එකයි පන්සලයි නොතිබුනා නම් මේ රටේ වයසක පරපුරට මොනවා වෙයිද කියල හිතාගන්න අමාරුයි.

රටක බාල පරපුරට දක්වන සැලකිල්ල, වැඩිහිටි පරපුරට දක්වන සැලකිල්ල සහ සත්තු විෂයෙහි දක්වන සැලකිල්ල කියන කාරණා මං හිතන්නෙ සමාජයක කොන්ෂස්නස් කියන එක මැනගන්න තියෙන හොඳම තැන්. අපිට ඉස්සර වැඩිහිටියන්ට සළකන මාර පුරුද්දක් තිබුනා, දැන් ඒක නැතිවෙලා යමින් තියෙන්නෙ කියන එක පන්සල්වල ප‍්‍රචාරය කරන පචයක් විතරයි. ඉස්සර තත්වය මීට වඩා අන්තයි. අපේ විතරක් නෙමෙයි ගොඩක් ගෝත‍්‍රික සමාජවල ඉඳන්ම වයසක මිනිස්සුන්ගෙ තත්වය ගැටලූවක් වෙලයි තිබුනෙ. වන්දනා ගමන් යන්න කියල ගෙනිහින් කොහේ හරි දාලා එන එක අපේ  ගැමි සමාජවල තිබුන දෙයක්. ජාතක කතා ගත්තත් සොහොන් වලට ගිහින් දාන දෙමව්පියන් ගැන කතන්දර එන්නෙ එහෙමයි. දේපොල තියෙන දෙයක් ලියලා දීලා දිග වන්දනා ගමන් යන වයසක උන්දැලා සෑහෙන්න හිටියා. ඇත්තටම ඒ අය යන්නෙ මරණය බලාපොරොත්තතුවෙන්. ජීවිතේට එතනින් එහා අරමුණක් නෑ. සමාජයට ඈඳෙන්න පුරුකක් නෑ. තමන්ගෙ බිරිඳ හෝ සැමියා නැතිවුනාට පස්සෙ මේ තත්වය තවත් බරපතල වෙනවා. වයස්ගත වීමත් එක්ක ඇතිවෙන අසරණකම හා බරක් වීමේ ගැටලූව සදාතනිකව අපිට තිබුන.

ඇත්තටම කාලයත් එක්ක තත්වය එන්න එන්න හොඳවුනා. දෙමව්පියන්ට සැලකීම කියන්නෙ දරුවන්ගෙ කොලිටිය මනින සාධකයක් කියන තැනටම ගේන්න සදාචාර කතිකාව ඇතුලෙ පුළුවන් වුනා. ඒත් තාමත් වයසක අයව පාරවල්වල දාලා යනවා. එතකොට ඒ පිංතූර ෆේස්බුක් එනවා. ටීවී වල අනේ අපොයි කිය කිය පෙන්නනවා. එතකොට හැමෝම ඒ අයගෙ දරුවොන්ට දෙස්දෙවොල් තියලා හිත හදා ගන්නවා.

සමාජයක් විදිහට අපිට මේ වයස්ගත වීම ගැන සැලසුමක් තියෙන්න  ඕන නැද්ද? විස්තෘත පවුල කියන එකෙන් ක‍්‍රමක‍්‍රමයෙන් න්‍යෂ්ටික පවුල්වලට පුංචි වෙවී යන නූතන සමාජ ඒකකයත් එක්ක අම්මලා තාත්තලා ගැන ප‍්‍රශ්නය වඩාත් සීරියස් වෙනවා. අනිත් පැත්තට ලංකාව වගේ රටක දෙමව්පියන් කියන්නෙ එක්තරා විදිහක සංස්කෘතික ආධිපත්‍යයක්. එතනදි ඒ අය එක්කම කොටුවෙන ජීවිතය විසින් ඊළ`ග පරම්පරාවෙ අලූත් ජීවිතවල දිශානතීන් බ්ලොක් කරනවා. උදා විදිහට ආච්චි අම්මලා විසින් රැුකබලාගන්නා පොඩි උන් අන්ත ග‍්‍රාම්‍ය මනස්ගාතවලින් පිරෙනවා. (මේ පරම්පරාව හරහා ලැබෙන පැරණි සංස්කෘතික දැනීම කොහෙත්ම අවතක්සේරු කරනවා නෙමෙයි. ඒත් අත්හැර දැමීමේ සංස්කෘතියක් ඇතුලෙ ගාල්වීම හරහා ඒ අය දුක්කිත පසුගාමී අදහස්වල වාහකයන් වෙනවා)

අනෙක් අතට කෙනෙකුට ඇතිවෙන ආර්තික දුෂ්කරතා, දෙමව්පියන්ගෙ මානසික තත්ව ගැන ප‍්‍රශ්න, පුද්ගලික කෝන්තර ආදී නොයෙකුත් හේතු නිසත් වයස්ගත අයට මේ පුද්ගලික මටටමේ පිළිසරන නැති වෙන්න පුළුවන්. උදා විදිහට මං වගේ නිතර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, ගෙදර හෙලූවැල්ලෙන් ඉන්න දරුවෙක් ඉන්න එක දෙමව්පියන්ටත් ෂොක් එකක්. තමන්ගෙ පවුල් ආශ‍්‍රිතව අම්මලා තාත්තලට හොඳ සුරක්ෂිත වයස්ගත කාලයක් තහවුරු කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. ඒත් ඒක එන්න එන්නම ප‍්‍රැක්ටිකල් නැති දෙයක් වෙනවා.

තව පැත්තකින් මේ වෙද්දි ගොඩක් කාන්තාවනුත් රස්සාවලට යනවා. එතකොට මේ වයසක අය ගැන බලාකියා ගන්න ගෙදර රැුඳෙන කෙනෙක් නෑ. පවුල් පිටින් නිතර එලියේ ගැවසෙන විනෝදවන ඉඩ ප‍්‍රස්තා වැඩිවෙමින් යනවා. දියුණු වෙන සමාජයක් විදිහට ඒක උනන්දු කළ යුතු තත්වයක්. ඒත් මෙතනදිත් නැවත වයසක අය හුදකලා වෙනවා.

මට විතරක් නෙමෙයි, ලෝකෙ ගොඩක් රටවලටත් මේ ප‍්‍රශ්නෙට හරි උත්තරයක් නෑ. ඒත් වයස්ගත වීම ගැන කතිකාව ආගමික හෝ පුද්ගල සදාචාරය ගැන තැනින් ගලවලා එලියට ගන්න සිද්ද වෙනවා. ඒක ලෞකික සමාජ ප‍්‍රශ්නයක් විදිහට උත්තර හොයන්න  ඕන කාරණයක්.

වයසක අය වෙනුවෙන් ලෝකෝත්තර වැඩ වෙනුවට ලෞකික වැඩ සංවිධානය වෙන්න  ඕන. මගේ අදහස නම් වඩවඩාත් වයස්ගත පිරිස් ලෞකික ආසාවල් පැත්තට යොමු කිරීමයි සිද්ද වෙන්න  ඕන. වික්ටර් වුනත් එයාගෙ අලූත් පේ‍්‍රමය හරහා ඉතාම වැදගත් අදහසක් සමාජගත කරනවා කියල මං හිතනවා. ඒ තමයි මරණය වෙනුවට ජීවිතය තෝරා ගැනීම කියන එක.

සමහර විට අපේ ඉපැයුම්වලින් යම් බද්දක් මේ වයස්ගත ප‍්‍රජාවන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීමෙන් යම් ආකාරයක විසඳුම් නිර්මාණය කරන්න  පුළුවන්. ඒ විදිහෙ මොකක්හරි අරමුදලකින් හැම ප‍්‍රදේශයකම වයස්ගත පිරිස් වෙනුවෙන් ආයතන ඇති කරන්න පුළුවන්. මහලූ මඩම් කියන මිනිස්සුන්ව දාලා යන දුක්ඛිත පරිසරයන් නෙමෙයි, ඒ වෙනුවට මිනිස්සු කැමැත්තෙන් එකතුවෙන, සිංදු කියන, ආදරය කරන, ඔවුන්ගේම ලෞකික සංස්කෘතීන් නිර්මාණය කරගන්නා පරිසරයන් ගොඩනගන්න වෙනවා. එතනදිත් වැදගත්ම දේ වෙන්නෙ වයස්ගතවීම දිහා අත්හැරීමේ සහ මරණයේ පැත්තෙන් නොබලන නැවත ජීවිතය පැත්තෙන් බලන දැක්මක් නිර්මාණය වෙන එකයි.

රක්ෂණ ක‍්‍රමයන් පවා මිනිස්සුන්ගෙ වයස්ගත වීමේ ප‍්‍රශ්නය ගැන මීට වඩා උනන්දුවෙන් බලන්න  ඕන. හුදෙක් විශ‍්‍රාම වැටුප කියන එක ගැන කතා නොකර වයස්ගත කාලය ඉතා සැපවත්ව ගත කළ හැකි නිකේතන පහසුකම් සලසන රක්ෂණ ක‍්‍රමයන් නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තටම විශ‍්‍රාම වැටුප් ලබාදුන්නත් ඒ අයට ආශා සංස්කෘතියක් නිර්මාණය වෙලා නැති තත්වයක් යටතෙ නැවත ඒ සල්ලි ආගමික ආයතනවලට එකතු වෙන එකයි වෙන්නෙ.

වයස්ගත පරම්පරාව ආගම් වටා එකතු වෙන්නෙ ගොඩක් වෙලාවට නිර්වාණය හෝ ස්වර්ගය හෝ බලාපොරොත්තුවෙන් නෙමෙයි. ජීවත්වෙන්න ඉන්වොල්ව්මන්ට් එකක්, ඇක්ටිවිටි එකක්  ඕන වෙන හින්ද. ඒකයි ටීවී එකට පුළුවන් වෙන්නෙ මේ අයගෙ ජීවිතේ පන්සල තරම්ම ඉඩක් ගන්න. ආගමික සංස්තා හරහා මේ සරල මනුස්ස උවමනාව ලෝකෝත්තර හීනයක් වෙනුවෙන් පාවිච්චි වෙනවා.

හැමදේකදිම නැවතත් මුල්වෙන්නෙ ඇටිටියුඞ් එක කියන එකයි. වයස්ගත වීම එක්ක දැනට තියෙන ආගමික බැඳියාව වෙනුවට ලෞකික සමාජ බැඳීමක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නෙ ඒකයි. පව්, කළගුන සැලකීම, වගකීම, කියන දෘෂ්ටිය වෙනුවට සතුට ආදරය විනෝදය වගේ සංකල්ප එක්කයි මේ ප‍්‍රශ්නය දිහා බලන්න  ඕන වෙන්නෙ. එතකොට සමාජයෙන් වෙන් වුනු හෝ වෙන්ව යන්න බලන් ඉන්න පිරිසක් දිහා බලනවා වගේ නැතුව (සිම්පති වෙනුවට) අපිට පුළුවන් එම්පති හරහා ඒ අයගෙ ප‍්‍රශ්න දිහා බලන්න.

මේක ආණ්ඩුවකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කේවල කඳුළු සැලීම් හෝ ඉමෝෂනල් වීම් වලින් එලියට ඇවිත් අපි සමාජයක් හැටියට මෙතන තියෙන හිඩැස තේරුම් ගන්න වෙනවා. ඒ වෙනුවෙන් නිර්මාණශීලී විසඳුම් කල්පනා කරන්න වෙනවා.

දෙමව්පියන්ට සැලකීම කියන පුද්ගල සදාචාරය වැඩිහිටියන්ගේ සුරක්ෂිතභාවය කියන සමාජ සදාචාරයට විතැන් කරගන්න වෙනවා.

-චින්තන ධර්මදාස

Tuesday, April 25, 2017

මීතොටමුල්ලේ ජේතවනය


ජේතවනය කියන්නෙ නිකම්ම විහාරයක් නෙමෙයි. ඒක හැදෙන්නෙ තේරවාදී භික්ෂූන්ගේ ලොකුම තැන වුණ මහා විහාරය විනාශ කරලා. එක විදිහකට ඒක අපේ සංග සාසනේ කියන එකේ සදාතනික බල අරගලය ගැන හොඳ ආර්ට් පීස් එකක්.

අනිත් පැත්තට කටවහරෙ අපි ජේතවනය කියන්නෙ විශාල වණයකට, තුවාලෙකට. මාර ජේතවනයක්නෙ කියල යෙදෙන්නෙ මාර වාතයක් කියන අදහසින්. දැන් හෙළ උරුමයෙ හාදයො ටික ජේතවනය වෙනුවෙන් පෙනී ඉන්න කියල පොලිස්පතිට ලියුම් ලිවීමේ ජෝක් එක හරහා මේ විහාරෙ හරි ආර්ට් පීස් එක හරි අර තුවාලය කියන තේරුමට තල්ලූ කරගෙන යනවා.

මුවිඳු බිනෝයි මේ ඩිජිටල් කොලාජ් කියන ආර්ට් ප‍්‍රවේශය ලංකාවට අඳුන්නලා දෙන්න වැඩකරපු කීපදෙනාගෙන් කෙනෙක්. මුවිඳුගෙ වැඩවල තිබුන විශේෂත්වය වෙන්නෙ ඒවා අපේ සමාජ සංස්කෘතික දේශපාලනික සංසිද්ධි ගැන කිසිම විචාරයකට හෝ විනිශ්චයකට නොගිහින් හුදු ප‍්‍රකෘති නිරීක්ෂණයක් විදිහට ඉදිරිපත් වෙන එක. කොලාජ් කියන්නෙම තැනින් තැනින් එකතු කරගත්ත කෑලි වලින් අමුනල හදන ආර්ට් එකක් කියන අදහස. එතකොට ඒ එකතු කිරීම් නිකම්ම කොල කෑලි හෝ රෙදි කෑලි වෙනවට වඩා මුවිඳු එයාගෙ ආර්ට් එක ඇතුලෙන් කොලාජ්වලට වෙන ගැඹුරු අදහසක් ඇඞ් කරනවා. ඒවා ඇත්තටම කල්චර් කොලාජ්. එයා අමුණන්නෙ සංස්කෘතියෙ එක එක කෑලි. එකම මොහොතක එක එක තැන විසිරිලා තියෙන ඒ සංස්කෘතික කෑලි එක චිත‍්‍රයක් උඩට දැම්මම ඒකට වෙනම තේරුමක් හැදෙනවා. අපි පිනා යන්නත් හෙළ උරුමයට මළ පනින්නත් හේතු වෙන්නෙ මේ තුන්වෙනි තේරුම. නැත්තං මීතොටමුල්ල මෙහේ තිබුන, ජේතවනය අනුරාදපුරේ තිබුන. ඒත් මුවිඳු ජේතවනය උඩට මීතොටමුල්ලෙ කුණුගොඩ සමපාත කිරීම හරහා මේ සංස්කෘතික කලාප  දෙක කොලාජ් කළා. ඇත්තටම කිව්වොත් කුණු ප‍්‍රශ්නය ආගමික ප‍්‍රශ්නයක්,  ආධ්‍යාත්මික ප‍්‍රශ්නයක්, ජාතික ප‍්‍රශ්නයක් කියන තැනට සංවාදය ලොකු කළා.

මේ කොලාජ් එක ගැන කරන හැම දේශපාලන පැත්තට බර සංවාදයකින්ම වෙන්නෙ ඒකෙ තියෙන ආර්ට් එක හෑල්ලූ වෙන එකයි. ඒක ඒ චිත‍්‍රය දුටු සැනින් හිතේ ඇතිවෙන ක්ෂනික අවබෝදය හෝ රසය කියන තැනින් ගලවලා බුද්දාගම හෝ ඊට ප‍්‍රතිවිරුද්දව ආගමික විරෝදය කියන තැනට ගෙනියන එකෙන් ආර්ට් එක මැරෙනවා. එතනින් එහාට ඒ ආර්ට් එක වැඩ කරන්නෙ මේ ප‍්‍රතිවිරුද්ද අන්තයන් දෙකේ තේරුම් අතරෙ විතරයි. ඒකට අදාල බහුවිද අර්ත රස නිරූපන හැකියාව ඒකෙන් අවලංගු වෙනවා. බෝලෙ වැටෙන්නෙ වෙන පිට්ටනියකට. මොනවා කරන්නද?

අපි හැම තැනම දාගැබ් හදහද ගිය රටක්. දැන් හන්දියක් හන්දියක් ගානෙ බුදු පිළිම හිටවනවා වගේම ඒ කාලෙ රජෙක් රජෙක් ගානෙ දාගැබ් හැදුවා. ඒක අපේ උරුමය. ඒ දාගැබ් වගේම අපි දැන් තැනින් තැන කුණු කඳු ගොඩගහනවා. ඒ කුණු කඳු නිසා සියගනං ජනතාව එකවර නිවන් යනවා. ඒක බලන් ඉඳලා තවත් ජනතාව නිවන් අවබෝද කරගන්නවා. මේ වෙද්දි වල්වැදී තියෙන ජේතවනයට වඩා මීතොටමුල්ල කුණු දාගැබ සමාජය ගඳෙන් අවදිකරනවා.

එකක් පරයා එකක් නැගෙන උස දාගැබ් වගේම එකකට පස්සෙ එකක් නැගෙන කුණු කඳු කියන්නෙ අපේ ගිල්ටිය නෙමෙයිද. අපි පව් වලින් අත්මිදෙන්න දාගැබ් හදනවා වගේම කුණු වලින් අත්මිදෙන්න කුණුකඳු හදනවා.

මං තේරුම් ගත්ත බුද්දාගම පැත්තෙන් ගත්තත් කුණු කියන්නෙ දහමට නිගාවක් නෙමෙයි. ඒ වෙනුවට කුණු තමයි දහම. ක්ලේශය. තෘෂ්ණාව. ඒක ගැන තමයි බුදුන් බණ කියන්නෙ. බුද්ද ශරීරය වුනත් කුණු ගොඩක් කියලයි බුදුන් උපමා කරන්නෙ. එතකොට මීතොටමුල්ල කුණු කන්ද ජේතවන විහාරය උඩින් තැබීමම බුදු දහම නැවත අවධාරණය කිරීමක් වෙනවා. කිසි පණක් නැතුව ඔහේ අවතැන් වෙලා හිටපු ජේතවනයට මේ චිත‍්‍රය හරහා ප‍්‍රබල ආධ්‍යාත්මික පණිවුඩයක් ඇතුල් වෙනවා. මේ තෘෂ්නා කන්ද, මේ කෙලෙස් කන්ද පිරියම් කරලා වහගෙන ඉන්නෙ නැතුව සත්‍යය අවබෝද කරගන්න කොලාජ් එක බණක් කියනවා.

මේ චිත‍්‍රය බුදුන්ගේ දහමට නිගාවක් වෙන්නෙ කොහොමද කියල හෙළ උරුමය පැහැදිලි කරන්න  ඕන. බුදුන් වදාල ධර්මය, සිංහල බුද්දාගම කියල ලේබල් කරගෙන ඒ දහමෙ සතු සියලූ ආධ්‍යාත්මික ගුණයන් එහෙම්පිටින්ම වල දාපු, පන්සලේ හිටපු භික්ෂුන් පාර්ලිමේන්තුවට යවපු, අන්තිමට මිනීමරන එක පවා බුදුන්ගේ නමින් ලෙජිට් කරපු, හෙළ උරුමය, බොදු බල සේනා, රාවනා බලය වගේ සංවිදානවලට තව රකින්න ඉතුරු වෙලා තියෙන බුදුදහමෙ ගරුත්වය මොකක්ද?

ඇත්තටම නං මේ වැඩෙන් වෙන්නෙ මේ ආර්ට් පීස් එකට වැඩි පබ්ලිසිටියක් හම්බුවෙන එක. ඒක වැඩි පිරිසක් විසින් නරඹන එක. විඳන එක සහ ඒ මත පහරන එක. ඒක හොඳ දෙයක්. මුවිඳුගෙ ආර්ට් එකට කෙළවුනාට කරන්න දෙයක් නෑ. මේ තමයි අපි ආර්ට් විඳින විදිහ.

ප.ලි. ජේතවනය කුණු වලින් පුරවමු කියල මේ ආර්ට් එකේ අදහස මැටිම ලිටරල් තැනකින් ගත්තත් ඒකෙන් කියන කතාව ලොකුයි. ජේතවනය වගේ විහාර ඉස්සරහ යන තැනක අරන් යන්න කුසල් කඳු ගහන අයගෙම කසල තමයි මීතොටමුල්ලෙ නාය යන්නෙත්. ඒ කුසල් කන්ද ඉස්සරහ තමන් පුරවන කුණු කන්ද තියලා පෙන්නන එකම ලංකාවෙ බොරු උපාසකකමට හොඳ කම්මුල් පාරක්, ඇහැරෙන්න. සිහියට එළඹෙන්න.

මේ චිත‍්‍රයෙ අර්තයන් අනන්තයි. ඒ හින්දම ලියල ඉවර කරන්න අමාරුයි. ඒත් ජේතවනය වගේ මහා දාගැබ් කියන්නෙ අපේ උරුමයක අබිමානය වගේ දෙයක් නම් මීතොටමුල්ල කුණුකන්ද කියන්නෙත් ඒ තරමටම උස අපේ අවමානයේ සළකුණක් නෙමෙයිද. මේ චිත‍්‍රයට විරුද්ද පැමිනිල්ල කියන්නෙත් අපි ආගමික අතින් ඉතියෝපියාවත් එක්ක කොච්චර ළ`ගට ඇවිත්ද කියන එක යලි මතක් කිරීමක් නෙමෙයිද.

-චින්තන ධර්මදාස

Monday, April 17, 2017

කුණුවෙන්න කලින් ඇහැරෙන්න



මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය ගමන් හැමෝම බැලූවෙ ආණ්ඩුවට බැනලා හිත නිදහස් කරගන්න. ඒක තමයි සිද්දයකදි වෙන්න පුළුවන් නරකම දේ මට හිතෙන්නෙ. බෝලෙ කාට හරි පාස් කරන එක. යමක් සිද්ද වුනාම ඒකෙ තමන් වගකිව යුතු කොටස ගැන හැගීමක් පුරවැසියො විදිහට අපිට නෑ. තාත්තාගෙන් වගේ ආන්ඩුවකින් හැමදෙයක්ම කෙරෙන කල් බලන් ඉන්නවා.

මීතොටමුල්ල ගැන ආන්ඩුවෙ වගකීමක් නෑ කියනවා නෙමෙයි. මේ අවදානම්කාරී තත්වය ගැන ඉක්මණින් කටයුතු කිරීමේ වගකීම ආන්ඩුව පැහැර හැරලා තියෙනවා. ඊටත් වඩා සමාව දිය නොහැකිම, ආණ්ඩුවේ දුබලතාවය ලැජ්ජාසහගත විදිහට පේන තැන වෙන්නෙ කන්ද නාය ගියාට පස්සෙත් ? දෙක වෙනකල්  කිසි දෙයක් නොකර බලන් හිටපු එක.

ආණ්ඩුව මේ ගැන යම් යම් උත්සාහයන් දැරුවා. ඒත් කුණු කන්ද වෙන තැනකට මාරු කරනවා ඇරෙන්න වෙන විකල්පයක් ආණ්ඩුවට නෑ. ඒක පුත්තලම පැත්තට අරන් යන්න හදනකොට ඒ පළාතෙන් ඒකට විරුද්දව උද්ගෝෂණ ඇතිවුනා.

ඊට පස්සෙ ඉතාම මෑතක කුණු වර්ග කිරීමේ පිලිවෙතක් ආන්ඩුවෙන් අඳුන්නලා දුන්නා. කුණු වර්ග කරලා මුදාහරින්නෙ නැතුව කුණු ප‍්‍රශ්නෙට කිිසිම දිගුකාලීන විසඳුමක් යොදන්න පුළුවන්කමක් නෑ. ඒත් ඒකට බැක් එන්ඞ් එකක් නිර්මාණය කරගන්න ආන්ඩුවට පුළුවන්කමක් තිබුනෙ නෑ,
කුණු ප‍්‍රශ්නය කුණු වෙවී තිබුන.

කුණු කන්ද මිනිස්සුන්ගෙ ඔලූව උඩට කඩා වැටෙන්නෙ මේ අතරෙ. දැන් ආණ්ඩුව මේ ගැන මොන විදිහක ක‍්‍රියාමාර්ග ගත්තත් ඒ වෙනුවෙන් මිනිස්සුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ද වෙලා ඉවරයි.
මේ වෙලාවෙ ඇ`ග බේරගන්න මොකක් හෝ ඉක්මන් ගැටයක් ගහනවා වෙනුවට කුණු ප‍්‍රශ්නෙට තිරසාර විසඳුමක් දෙන්න ආන්ඩුව කල්පනා කරන්න  ඕන. මේ කුණු කන්ද තව කොහෙට හරි ගිහින් දාන්න පුළුවන්. ඒත් ඒක තව ප‍්‍රශ්නෙක ආරම්භයක් විතරයි.

ආණ්ඩුව වගේම මේ රටේ ජීවත් වුන, දිනපතා කුණු බැහැර කරපු නාගරික අපි හැමෝමත් මේ කන්දෙ වගකීම බාරගන්න  ඕන. බබ්බු වගේ ආන්ඩුවලට අත් දික් කර කර අ`ඩනවට වඩා පරිණතව ප‍්‍රශ්නය බාරගන්න  ඕන. මේ කුණු කන්ද නවත්තන්න අපි කවුරුවත් මොනවවත් කරලා තියෙනවද?
නොදැනුවත්කම නිදහසට කාරණයක් වෙනවා නම් අපි වගේම ෂුවර් එකටම ආන්ඩුවත් කල්පනා කළේ නෑ මේක මේ වෙලාවෙ කඩන් වැටෙයි කියල.

අපි නාගරික කුණු බැහැර කිරීමේ සංස්කෘතියක් නැති ජනතාවක්. පාරක් පාරක් ගානෙ කුණු දැමීම බල්ලන්ට පමණයි කියල නොනැවතී දාන උන්ගේ අම්මලවත් මතක් කරලා බෝර්ඞ් ගහලා තියෙන්නෙ ඒකයි. මීතොටමුල්ලෙත් ‘කුණු දැමීම බල්ලන්ට පමණි’ කියල ලොකු බෝර්ඞ් එකක් තිබුන නං එතන කන්දක් උසට කුණු දාපු බල්ලො වෙන්නෙ කවුද?

අධිකරණ නියෝග පවා නොතකමින් මේ කුණු දැමීම කරගෙන යන එක සිවිල් සමාජ පුරවැසියො කාටවත් ගැටලූවක් වුනේ නෑ. අපි කාටවත් මේ වෙනකල් කුණු ප‍්‍රශ්නෙ අදාල වුනේ නෑ.
 ඕනම ප‍්‍රශ්නයකට විසඳුමක් හොයන්න නම් ඒ ප‍්‍රශ්නෙ සමාජගත කරන්න  ඕන. ඒක සිද්ද වෙන්නෙ ඒ වෙනුවෙන් මැදිහත්වෙන සිවිල් ක‍්‍රියාකාරිකයො අතින්. වෙන තේරෙන විදිහකට කිව්වොත් ඒක මිනිස්සුන්ගෙ ජීවිත ඩිස්්රප්ට් කරන කැම්පේන් එකක් බවට පත්වෙන්න  ඕන. ආණ්ඩුව වගේම ජනතාවත් මොකක් හරි දෙයක් සීරියස් විදිහට බාරගන්නෙ ඒකට ලැබෙන ඇටෙන්ෂන් එක උඩ. මේක සාධාරණ නෑ හෝ  නොමිනිස් තත්වයක් හෝ කියල කාට හරි තර්ක කරන්න පුළුවන්. ඒත් ඒක මේ වෙනකල් සිද්ද වෙලා තියෙන්නෙ ඒ විදිහට.

ලංකාවෙ ගොඩක් දේවල් එහෙම කැම්පේන් එකක් වෙන්නෙ ඒක පිටපස්සෙ සෙට්වෙන පොලිටිකල් උවමනා අනුවයි. සයිටම් ප‍්‍රශ්නෙ රටේ තීරණාත්මක ප‍්‍රශ්නයක් වෙලා කුණු කන්ද නෑසී යන්නෙ ඒ පොලිටිකල් උවමනාවල වෙනස හින්ද. මීතොටමුල්ල කුණු කන්ද කාටවත් වාසියක් තියෙන කැම්පේන් එකක් බවට පත් වුනේ නෑ.

මේක මීතොටමුල්ලට වගේම රටේ තවත් ගොඩක් ව්‍යසන සම්බන්දයෙන් පොදුයි. බන්ඩාරවෙල පැත්ත තනිකරම කාන්තාරයක් කරමින් ක‍්‍රියාත්මක වෙන උමා ඔය ප‍්‍රශ්නය කාටවත් අදාල නෑ. ඒ පලාත්වල මිනිස්සු බවුසර් එනකල් බලන් ඉන්නවා වතුර බොන්න. තවත් ප‍්‍රදේශ ගනනාවක් මේ විදිහටම මේ ව්‍යාපෘතිය නිසා හිඳිලා යන්න නියමිතයි. ඒත් මේ තැන්වල විරෝදතා නැගලා යන්නෙ නෑ. ඒත් විල්පත්තුව ඇවිලිලා යනවා. එතන ජාතිවාදී පෙට‍්‍රල් තියෙන හින්ද. සයිටම් ඇවිලිලා යනවා. ලංකාවෙ ඇරිස්ටොක‍්‍රසිය සලිත වෙලා තියෙන හින්ද. ඒත් කුණු කන්දක් වෙනුවෙන් ස්ට‍්‍රයික් කරන්න කවුරුවත් හිතන්නෙවත් නෑ.

මේ වගේ ප‍්‍රශ්නෙක වගකීමේ ලොකු කොටසක් පැවරෙන්නෙ සිවිල් බුද්දිමතුන්ට. නාය ගියාට පස්සෙ ඒ ගැන අනාවැකි කී අපේ ආචාර්යවරයා කියල ආඩම්බර වෙන දුප්පත්කම මිස ඒ පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න තමන්ට නොහැකිවීම ගැන පශ්චාත්තාපයක් අපේ උගතුන්ට නෑ.  පත්තරේකට ගිහින් ලිපියකට කතාව කියල තමන්ගෙ කාරිය කොළා කියන ජයග‍්‍රාහී හැගීමෙන් ඉතින් ඉන්නවා.

ලංකාවෙ කුණු ප‍්‍රශ්නය ගැන මීට වඩා සිවිල් බුද්දිමතුන් මැදිහත් විය යුතුව තිබුන. ඒ වෙනුවෙන් මැදිහත් වුනු පිරිස්වලට බැරි වුනා මේක දැනෙන ප‍්‍රශ්නයක් බවට පත්කරන්න. ඒ අයට පත්තර, ටීවී වගේ පරණ මාධ්‍ය වෙනුවට නූතන මාධ්‍ය පාවිච්චි කරන සන්නිවේදන දැනුම හි`ගකම මේ වගේ තැන්වලදි ලොකුවට බලපානවා. (කීපදෙනෙක් තමන්ට පුළුවන් උපරිමයෙන් මේ ගැන කරපු වැඩකොටස අවතක්සේරු කරනවා නෙමෙයි).

මේ වගකීමෙන් මං වුනත් නිදහස් නෑ. බැහැර කරන දේට වෙන්නෙ මොකද්ද කියන සවිඥාණකත්වයෙන් තොරව ජීවත්වීමෙන් මං ජීවිත ගානක් හානි කරලා තියෙනවා. පුරවැසියෙක් හැටියට මගේ ශික්ෂණයෙ ප‍්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා එතනදි මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? අපි අපිට වඩා හොඳ ආණ්ඩුවක් ගැන හීනයක ජිවත් වෙනවද?

ඊළ`ගට වෙන්න නියමිත දේ තමයි මේක වෙනත් රොමැන්ටික් අන්තයකට ඇදගෙන යන එක. මං විසි කරන ටොපි කොලය පවා අප්සෙට් කියල පරණ සීනි ගොටු සංස්කෘතියට ආපසු යාමේ නොස්තැල්ජියාවක් දක්වා මේක දුරදිග යන්න පුළුවන්. ප්ලාස්ටික් භාවිතය මේ හැමදේකම දරුණු හතුරා කරලා අපිට පුළුවන් බොරු හරිත බුබුළක් හදාගන්න.

ඒත් මේ ටීනේජ් ගතියට වඩා අපි ප‍්‍රයෝගික වෙන්න  ඕන. ප්ලාස්ටික් නෙමෙයි ප‍්‍රශ්නෙ. ප්ලාස්ටික් කියන්නෙ මිනිස්සු අතින් නිර්මාණය වුණු සුවිශේෂීම දෙයක්. ලෝකෙ දෙවෙනි කාර්මික යුගය නිර්මාණය වුනේ ප්ලාස්ටික්වලින්. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ප්ලාස්ටික් දිරාපත් කරන ක‍්‍රමයක් අපි තාම හොයාගෙන නැති එකයි. දිරාපත්වන ප්ලාස්ටික් හෝ ප්ලාස්ටික් දිරාපත් කළ හැකි තාක්‍ෂණයක් හෝ මිනිස්සු ඉදිරියේදී හොයාගනීවී. එතකල් අපිට සිද්ද වෙනවා පුළුවන් උපරිමයෙන් ප්ලාස්ටික් කළමනාකරණය කරන්න. අපි හිතන්න  ඕන ප්ලාස්ටික්වලින් ඔබ්බට නැත්තං පෝස්ට්-ප්ලිස්ටික් යුගයක් ගැන මිස ප‍්‍රි-ප්ලාස්ටික් විසඳුම් ගැන නෙමෙයි.

කාවවත් වැරදිකාරයෙක් කිරීම හෝ බැක්වර්ඞ් ටයිම් ට‍්‍රැවලින් මෙතනදි වැඩක් වෙන්නෙ නෑ.

අපිට සිද්ද වෙනවා මීතොටමුල්ල කුණුකන්ද ගෙට ගන්න. ඒක දියවන්නාවට තල්ලූකරලා අත්හෝදගෙන ගෙදර එන්න  කාටවත් බෑ.

Sunday, April 9, 2017

දැනුමයි විනෝදයයි



මට මෑතක අලූත් යාලූවෙක් මුනගැහුන. එයා ඉංජිනේරුවෙක්. ඒ වගේම සමාජ කාරණා ගැනත් ගොඩක් උනන්දු වෙන කෙනෙක්. දේවල් දකින විදිහ වෙනස්. හැමදෙයක්ම හරියට ගනං ගැටලූවක් වගේ. එයා මට ගෙනාවා අදහසක්. ලංකාව පොලිටීෂන්ස්ලගෙන් තොර රටක් කරමු කියල. ‘ඩිමොක‍්‍රසි විතවුට් පොලිටිෂන්ස්’.  එයාගෙ අදහස වුනේ දේශපාලකයො එක්ක යහපත් රාජ්‍යය කියන කන්සෙප්ට් එකට යන්න බෑ කියල. ඒ වෙනුවෙන් දේශපාලන ක‍්‍රමය නැත්තං සිස්ටම් එක වෙනස් කරන්න වෙනවා කියල.

මං හිතන්නෙ අපි හැමෝම එකපාරට එකග වෙන්න බලනවා ‘දේශපාලකයො නිවාඩු යවමු’ වගේ තේමාවකට. කතාව තවත් දිගට යනවා. මගේ යාලූවා කියන්නෙ මිනිස්සුන්ගෙ ඡුන්දෙන් මේ තෝරගන්න ක‍්‍රමය තනිකරම බොරුවක් කියල. ඒකෙ ජනතා මතය හරි මොකක් හරි නිරූපනය වෙනවා වෙනුවට නිරුපනය වෙන්නෙ රැුවටීම, දුෂණය වගේ කාරනා කියන එක.

ඒ වෙනුවට එයා විකල්පයක් යෝජනා කරනවා. සියලූ වගකිව යුතු ධූරයන් අදාල විෂයන්වල ප‍්‍රවීනයන්ට පවරන්න  ඕන කියල. අමාත්‍යවරු කියල කට්ටියක් නෑ. ඒ වෙනුවට තෝරාගන්නා ලද බුද්දිමතුන් සෙට් එකක් ඉන්නවා. ඒ තෝරා ගැනීම කරන්නෙ ජොබ් එකකට බඳවා ගන්නවා වගේ විධිමත් අපක්ෂපාතී සිස්ටම් එකක් ඇතුලෙන්.  ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ අයදුම් පත‍්‍රය අදාල ධූරයට එවන්න.

දේශපාලකයන්ව නිවාඩු යවන්නෙ කොහොමද කියන එක ගැනත් එයාගෙ අදහසක් තිබුන. ඒක එච්චර අදාල නැති නිසා මං ලියන්නෙ නෑ. ඒ සැලැස්ම අනුව හැමදෙයක්ම හරිම ප්‍රොෆෙෂනල් සිස්ටම් එකක රන් වෙනවා. ජනතාවගේ කැමැත්ත විමසන්නෙ අවශේෂ ඔවුන්ට ඍජුව බලපාන සහ ඔවුන්ට ඇත්තටම අදහසක් ඇති කාරණා ගැන විතරයි. දැනට ජනතා මතය විමසන කාරණා ගැන ඒ මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා එතන වෙන්නෙ රැුවටීමක්. විශේෂයෙන්ම ජනතාව කියන එකමත් දේශපාලකයො විසින් ගොඩනගා ගත්ත බොරුවක් කියල එයා තර්ක කළා.

මාත් එක්ක හිටපු අනෙක් අය ගොඩක් එකග වුනා මේ කතාවට. කරන්න අමාරුයි තමයි ඒත් කළොත් ඒක තමයි වැඬේ වගේ තැනක හිටියෙ. මේක ගොඩක් දුරට ටෙක්නොක‍්‍රසිවලට ළ`ග අදහසක්. සමාජ ආර්තික ප‍්‍රශ්න විසඳන්න සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක‍්‍රමයන් පාවිච්චි කළ යුතුයි කියන වර්ගයේ යෝජනාවක්. හයිපොතිසීසයක්. මෙතනදි ආගම, සදාචාරය වගේ දේවල් පුද්ගලික කාරණා බවට පත්වෙනවා. ඒවා රාජ්‍ය සම්බන්ද වෙන දේවල් නෙමෙයි. රාජ්‍යය තනිකරම සමාජයේ සම්පත් බෙදාහැරීමේ පාලනය, සංවර්ධනය වගේ කාරණා වෙනුවෙන් මැදිහත්වෙනවා. හැමදෙයක්ම ක‍්‍රියාත්මක වෙන්නෙ පර්යේෂණ මගින් ඔප්පු කරන ලද න්‍යායන් හරහා. වරදින්න කිසිම විදිහක් නෑ. වැරදුනත් නැවත වෙන දිශාවකින් ට‍්‍රයි කරන්න කිසි බාධාවක් නෑ.

මේ දැනුවත් අය විතරක් සහභාගි වෙලා රටේ සමාජයේ ප‍්‍රශ්න විසඳන අදහස මගේ යාලූවට විතරක් නෙමෙයි දැනඋගත් කියල හිතන- සම්මත ගොඩක් හාදයන්ට තියෙනවා. කියවලා එන්න, හදාරලා එන්න, ඔයා දන්නෙ මොනවද, කරලා තියෙන්නෙ මොනවද වගේ ප‍්‍රශ්න එන්නෙ එතනින්. ඒක මිනිස්සු දැනුවත් කිරීමේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ඒ වෙනුවට දැනුම බලයක් හැටියට පාවිච්චි කිරීමේ ප්‍රොජෙක්ට් එකක්. සමහර අය මේ ගැන දැනුවත්වත් සමහර අය නොදැනුවත්වත් මේ අදහසේ එල්ලිලා ඉන්නවා.

මගේ යාලූවා ලස්සන කතාවක් කිව්ව. දෙවියො නැත්තං ආගම ගැන විශ්වාසය හරියට මාස්ටර්බේෂන් එකක් කියල. මට යතුරක් ඇරුන.

දෙවියන් ගැන විශ්වාසය මාස්ටර්බේෂන් එකක්. විද්‍යාව ගැන විශ්වාසය සංසර්ගයක්. සංසර්ගය වඩා ප්‍රොඩක්ටිව් වෙන්න පුළුවන්. ඒත් මාස්ටර්බේෂන් එක වඩා තෘප්තිමත් නිදහස් ප‍්‍රකාශනයක්.
විද්‍යාව කියන්නෙ දන්න දේ. දෙවියන් කියන්නෙ නොදන්න දේ. දෙවියො විශ්වාස නැති කිසි කෙනෙක් මට අනුව ගැඹුරු මිනිහෙක් නෙමෙයි. (මේ කියන්නෙ ආයතනික දෙවියන් ගැන නෙමෙයි. තමන්ට පර්සනල් දේවත්වයක්. ආයතනික දෙවියන් කියන්නෙත් ටෙක්නොක‍්‍රසි ප‍්‍රකාශනයක්)

අපේ දේශපාලන ක‍්‍රමය ඇතුලෙ අපි නිතර දුර්වලතාවයක් විදිහට දකින දේක අතිශය වැදගත්කමක් මට පේන්න ගත්ත. අපේ ආයතනික මට්ටමේ ගොඩක් තැන්වලට තනතුරුවලට පුද්ගලයො ගනිද්දි වැඩකරන්නෙ අපේ යාලූවා කියන විදිහට.  සුදුසුකම් අනුව, ප‍්‍රවීනතා අනුව. (මෙතනදිත් සම්බන්දකම්, ගොට්ට ඇල්ලීම් වැඩ කරන්න පුළුවන්. ඒත් සම්මතය අර විදිහයි*. ඒත් ඊට උඩින් අපි ඇමති කෙනෙක් දානවා. ඒ ඇමති එන්නෙ සුදුසුකම් අනුව නෙමෙයි. කිසිම සුදුසුකමක් නැති වුනත් මිනිස්සු කැමති නම් එයාට ඇමති කෙනෙක් දක්වා යන්න පුළුවන්. කොලිෆිකේෂන් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක තනිකරම අතාර්කික මිනිස් කැමැත්ත මත තීරණය වෙන දෙයක්. බොරුව, මෝඩකම, නොදැනීම, ආදරය, කැමැත්ත, උදව්පදව් ආදී අනේකවිධ කාරණා බලපෑම් මත තීරණය වෙන දෙයක්. හැම තාර්කික පිළිවෙතකම මුදුනෙ මේ අවිනිශ්චිතතාවය, අතාර්කික ඔටුන්න අපි තියනවා.

මම ඇත්තටම හිතන විදිහට මිනිස්සු පාලනය වෙන්න  ඕන මිනිස්සු වගේම දුර්වල, වැරදි කරන, ප‍්‍රතිවිරෝධතා සහිත, සාමාන්‍ය මිනිස්සු අතින්. උත්තරීතරකම වෙනුවට පරිණත මිනිස්කම තෝරාගැනීම වෙන්න  ඕන.
ඒක හරියටම නොදන්නා දෙවියන් පවත්වාගන්නවා වගේම වැඩක්. අතිශය වැදගත් කාරණයක්. තමන් දන්නවා කියා විශ්වාස කරන දෙය විසින් නිශ්චිතව කරන පාලනයකට වඩා නොදැනීම විසින් කරන අවිනිශ්චිත පාලනයක නිදහස වගේම නිර්මාණශීලීත්වයත් වැඩියි. ඇහුම්කන් දීම සහ පවතින තත්වයන් අනුව වෙනස් වෙමින් හැඩගැහීම දියුණුයි. ඒ වගේ අවකාශයක දැනුමට සිද්ද වෙනවා ආධිපත්‍යය අත්ඇරලා ජන ජිවිතයේ කොටසක් වෙන්න. දන්නා අයට සිද්ද වෙනවා නොදන්නා අය ළ`ගට ගිහින් තමන් දන්නා දේ කියල දෙන්න. නැත්තං ඒ දැනුමට වැටුපකට එහා කිසි බලයක් හිමි නොවී යනවා.

අපි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ අර්බුද, දොස්තර අර්බුද ආදිය විදිහට දකින්නෙ මේ දැනුමේ ආධිපත්‍යය හෑල්ලූ වීමේ අර්බුදය. ෆේස්බුක් එකේ දොස්තරලා, ලෙක්චරර්ලා, සහ ගොඩක් වම්මු පෙන්නමින් ඉන්නෙ ටෙක්නොක‍්‍රසි මානසිකත්වයේ අවුල.

සමාජයේ බලය තියෙන්න  ඕන දන්නා මිනිස්සු අතේ නෙමෙයි, නොදන්නා මිනිස්සු අතේයි. ඒ මොකද කියල කිව්වොත් දන්නා මිනිස්සු ඉතා සුළු කාලෙකින් නොදන්නා මිනිස්සු බවට පත්වෙන හින්දයි. උදා විදිහට ලංකාවෙ බුද්දිමතුන් යයි සම්මත  ඕනම කෙනෙක් යම් අතීත කාරණයක් ගැන පළකල අදහසක් අරන් බලන්න පුළුවන්. ටීවී එක ලංකාවට එනකොට අපේ විද්වත්තු මොනවද කිව්වෙ? රේඩියෝව විසින් පරිකල්පනය වැඩි කරනවා සහ මේ ටීවී එක විසින් පරිකල්පනය මොට්ට කරනවා කිව්වා. ඒක මහා අවුලක් ඇතිකරන තත්වයක් විදහට දැක්කා. ළමයින්ගෙ ටීවී බැලීම පාලනය කළා. ඒත් මිනිස්සු ටීවී බැලූවා. හැම ගෙදරකම සාලෙ ටීවී එකක් තිබුන. ඒක පොදුජන රාසාස්වාදන, සන්නිවේදන මාධ්‍යයක් විදිහට දැවැන්ත මෙහෙවරක් කළා. රේඩියෝවෙ තිබුණු විද්වතුන්ගෙ ආකෘතිය ටීවී එකට එද්දි හෑල්ලූ වුනා. ඒ වෙනුවට ජනප‍්‍රිය දේවල් වලින් ටීවී එක පිරුනා. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යයක් නිර්මාණය වුනා. එෆ්එම් චැනල්වලටත් මෙහෙමයි. ෆිල්ම් වලටත් ඒකමයි.  ඕනම කාරණයක් ගැන ලංකාවෙ විද්වතුන්ට තියෙන්නෙ පසුගාමී මතයක්. එක අතකට විද්වතුන් ලෙස පෙනී සිටීමම පසුගාමී තත්වයක්.

 නොදන්නා මිනිස්සු යම් අලූත් අදහසක් බාරගන්න ලෑස්තියි. නොදන්නාකම නිසාම ඒ අයගෙ බාරගැනීමේ හැකියාව ලොකුයි. ඒක නූතන විද්‍යාත්මක හොයාගැනීමක ඉඳන් බුදු පිළිමෙකින් රැුස් විහිදීම වෙනකල් පළල්.
ඒත් දන්නා මිනිස්සු කිසි දෙයක් අලූතෙන් බාරගන්න ලෑස්ති නෑ. ඒ අය තමන්ගේ දන්නා දේ පරිස්සම් කර ගැනීම වෙනුවෙන් සටන් කරන්න ගන්නවා. තමන් දන්නා දේ පරණ වීම වළක්වාගන්න සියලූ අලූත් දේවල් පස්සට තල්ලූ කරනවා. හැම අලූත් දැනුමක්ම ඉස්සරහට එන්නෙ ‘නොදන්නා’ මිනිස්සුන්ගෙ තල්ලූව හින්දයි. කිසි දවසක පවතින දැනුම් පද්ධතියෙන් පිට වෙනත් පැරඩයිමයක් දකින්න ‘දන්නා’ මනසක් උත්සාහ ගන්නෙ නෑ.

මේක ආධ්‍යාත්මික කාරණාවලදි හොඳට පැහැදිලි කරනවා. බුදුන් පවා කියන්නෙ අවබෝධය ලබා ගන්න නම් දන්නා සියල්ල පැත්තකින් තියල එන්න කියලයි. (ථේරවාදී බුදුන් මෙහෙම කියන්නෙ නෑ. ථේරවාදය කියන්නෙම ඇකඩමියාවක්* මෙතනදි මූලික දේ වෙන්නෙ තමන් දන්නා බව අත්හැරීමයි. තමන් නොදන්නා බව නොදන්නා අය මෝඩයන් වගේම නොදන්නා බව දන්නා අය විශිෂ්ටයන් වෙනවා. ඒ කියන්නෙ තමන්ගේ දැනුමේ සීමිතබව ගැන අභ්‍යන්තර දැනීමක් ඇතිකමයි. ඒ සීමිතබව වෙනුවට අසීමිත නොදැනුමට  ඕන වෙලාවක දක්වන විවෘතබවයි. මෝඩකමට තමන් තුල ඇති ගෞරවයයි. ගොඩක් මහායානික, සෙන් දර්ශනවලදි මෝඩයා ප‍්‍රඥාවන්තයෙක් විදිහට නිරූපණය වෙන්නෙ ඒ හින්ද.

සමාජයක බලය හිමිවිය යුත්තෙ නොදන්නා බහුතරයක් මිනිස්සුන්ට. දන්නා සුළුතරයකට නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ තියෙන වැදගත්ම ලක්ෂණය ඒක. තීරණය පවතින්නෙ බහුතරය අතේ.  ඕනෑම බලයක් ඒ නාඳුනන බහුතරය අතින් අභියෝග වෙන්න පුළුවන්. තමන් දන්නා දේ අරගෙන ඒ නොදන්නාකමේ ගිලෙන්න පීනන්න මිනිස්සු ලෑස්ති වෙන්න  ඕන. සමාජයකට වැදගත්ම කාරණය වෙන්නෙ සංවර්ධනය හෝ සම්පත් බෙදී යාම නෙමෙයි. නිදහස සහ නිර්මාණශීලීත්වයයි.

අජිත් මුතුකුමාරණ කියන්නෙ ලංකාවෙ දැවැන්ත ආර්ටිස්ට් කෙනෙක් කියල බාරගැනීමත්, ෆේස්බුක් එකේ  ඕනෑම කෙනෙකුට  ඕනෑම මතයක් ගැන අදහස් දැක්වීමට ඇති අයිතිය ගරු කිරීමත්, පුද්ගලික විශ්ව විද්‍යාල වල මුදල් ගෙවා දැනුම ලබා ගැනීමේ අයිතිය පිලිගැනීමත් ආදී සියල්ල වැදගත් වෙන්නෙ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කරන හින්දයි.

නිදහස සහ නිර්මාණශීලීත්වය කියන දෙකටමත් මේ විද්වත්තු අත්දෙකම උස්සනවා.  ඒත් යටින් කොන්දේසි සහිතයි කියල දානවා. ‘නොදන්නවා’ කියන මිනිස්සු කොන්දේසි විරහිතව නිදහස සහ නිර්මාණශීලීත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා.

විද්‍යාව හැම තිස්සෙම සීමිතයි. අවිද්‍යාව ගැඹුරුයි, පරිණතයි.