Friday, February 15, 2019

කොන්ඩම් ළ`ග තබා ගැනීම නීතියෙන් තහනම්ද?



 ලංකාව ඉතා වේගයෙන් ලිංගික නිදහස කරා තල්ලූ වෙමින් යන රටක් විදිහටයි මං දකින්නෙ. හැම අවුරුද්දකම ගූගල්වල සෙක්ස් හොයලා මුල් තැන්වලට එන එක ගැන ගොඩක් අය අවලාද කිව්වට මං දකින්නෙ මිනිස්සු සෙක්ස් හොයන එක හොඳ දෙයක් විදිහට. එක්කම ඉන්ටර්නෙට් එකේ තමන්ගෙ ෆෝන් එකෙන් වීඩියෝ කරපු පර්සනල් පෝර්න් එන්න එන්නම වැඩිවෙනවා. ඒවා බලද්දි පැහැදිලිවම පේන දෙයක් තමයි අපි ටිකෙන් ටික ආර්ට් එකක් විදිහට නැත්තං ප්ලෙෂර් එකක් විදිහට සෙක්ස් විඳින්න පටන් ගනිමින් තියෙනවා. මුල්කාලෙක ඉඳන් ලංකාවෙ පෝර්න් ක්ලිප් දිහා බලාගෙන ඉඳපු කෙනෙක් විදිහට මං ඉතාම දියුණු පරිවර්තනයක් දියුනුවක් ලිංගික සම්බන්දතාවල දකිනවා. මං මේක කියවන්නෙ තාක්ෂණය හරහා සිද්ද වෙන සෙක්ස් රෙවලූෂන් එකක් විදිහට.

මේකත් එක්ක මිනිස්සු ජීවිතේ හිරවුනු සීමා වලින් ගැලවෙන්න පටන් ගන්නවා. හොඳට අඳින්න පළදින්න, සුවඳ ගහන්න, ` ලස්සනට තියාගන්න, විනෝද වෙන්න කැමති මානසිකත්වයක් නිර්මානය වෙනවා. හුදෙක් කාමරයක් ඇතුලෙ ලයිට් නිමාගෙන යන්තම් රෙද්ද උස්සගෙන සෙක්ස් කරපු හෙළ කලාව ටිකෙන් ටික ජාත්යන්තරය එක්ක මුහු වෙනවා.

අතරෙ පවුලට කොටුවුන ලිංගික ජීවිතය එන්න එන්න විවෘත වෙන්න පටන් ගන්නවා. . වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියාගත්ත පමනින් මිනිමරාගත්ත යුගය වෙනුවට වඩා විවෘතව නිදහසේ ආදරය බෙදා ගන්න සංස්කෘතියක් නිර්මානය වෙන්න පටන් අරන් තියෙනවා. පුද්ගලිකව මං දකින අවශ්යම සමාජ පරිවර්තනයක් මේක. මගේ පොත වෙනුවෙන් පටන් ගත්ත ෆේස්බුක් පිටුවෙ මං පලකරපු ලිපියකට අවුරුදු දෙකක් පහුවෙලත් තවමත් වැටෙන කමෙන්ට්ස් ටික මේකට හොඳ සාක්ෂියක්.

ලිපිය මං රීසම් නැත්තං තුන්දෙනෙක් එක්ව ලිංගිකව හැසිරීම ගැන ලියපු එකක්. චර්යාවේ ඉතිහාසය සහ ඒක සංකල්පයක්, සංස්කෘතියක් විදිහට ස්ථානගත වෙන තැන ගැන සාකච්ඡුාවක් තමයි ලිපිය. ඒත් වැටෙන කමෙන්ට්ස් වෙන දිහාවක යන්න පටන් ගත්තා. විවාහක පවුල් තමන් සමග ලිංගික අත්දැකීම් බෙදාහදාගන්න වෙනත් අය සම්බන්ද කරගැනීමට හරහා විවෘතව කතා කරන්න ගත්තා. මේ ආරාධනා කරන  අයගෙ පිටුවල මං ටිකක් ඇවිද්දා. අපි ලංකාවෙ තියෙනවා කියල කොහොමවත්ම විශ්වාස නොකරන තරම් නිදහස් ලිංගික ජීවිත ගත කරන පිරිස් අතර හිටියා. අයට සංස්කෘතික දැනුමෙහි පවතින අඩුපාඩුවක් නිසාම තරමක් අඳුරු පසුබිමක මේ සියල්ල වෙමින් තිබුනත් ඒක ස්වාමි-භාර්යා වෘතයට බැහැරින් විකල්ප ලිංගික හැසිරීම්වල යෙදෙන විශාල පිරිසක් සංස්කෘතික- සදාචාර ලේබල්වලට යට නොවී තමන් කැමති ජීවිතය අත්හදා බලමින් හිටියා.

කොයිතරම් අඩුපාඩු සහිත වුනත් මේ විවෘත පැවැත්ම සාධනීයයි. ස්තරී දුෂන, බලහත්කාරකම්, අපරාධ වගේම ලංකාවෙ ගුලිගැහුනු ලිංගික කුහකකම, ලිංගික ආතතිකර තත්වය වෙනස් කරනසුලූයි. පිළිලයක් හැටියට ගොඩක් දෙනෙක් හංවඩු ගහන්න ඉඩ තියෙන මේ රවනතාවය අනාගතයේ වඩා නිදහස් මනසක් ඇති විවෘත සමාජ බාරගැනීමක් යෝජනා කරනවා කියල මං හිතනවා.

වගේම අපරසිද්දියේ ෆේස්බුක් හරහා සෙක්ස් පාර්ටි  ඕගනයිස් වෙනවා. මේ දේවල් අපි දැනගන්නෙත් පහුවෙනිදා පොලිසිය පැනලා අල්ලපු සිද්දි මාධ්යවලින් කුනු රස උඩ දදා කියද්දි. මේ විදිහෙ සාමූහික ශෘංගාර විනෝදවීම් ඉහල පංතිවල සෑහෙන කාලෙක ඉඳන් තිබුනා. ඒත් මේ වෙද්දි විවෘත සංස්කෘතියට පහල පංතිවල තරුන තරුනියන් පවා ඇතුල්වෙමින් ඉන්නවා.  මට තාම පැහැදිලි නෑ එහෙම සෙක්ස් පාර්ටියකට පොලිසිය පනින්නෙ මොන පදනමකින්ද කියල. මොකද ඒවා පුද්ගලික මට්ටමෙන් තමන්ට රිසි ආස්වාදයක් ලැබීම වෙනුවෙන් ස්වාධීනව පිරිස් සංවිදානය වෙලා කරන වැඩ. වෙන කාටවත් හානියක් සිද්ද වෙන වැඩ නෙමෙයි. ඒත් ගොඩක් වෙලාවට මත්ද්රව් තිබුනා කියල මේ පාර්ටිවලට පනින අතරෙ එහෙම නැත්තං කොන්ඩම් තියාගත්ත කෙල්ලො හිටියා කියල මේවට පනිනවා.

අන්තිමට බැලූවම කොන්ඩම් එකක් කියන්නෙත්  ලංකාවෙ තහනං භාන්ඩයක්.
නිකං හරි කොන්ඩම් එකක් ` තියාගෙන ඉඳලා රාතරියක පොලිසිය චෙක් කරද්දි එහෙම අහුවුනොත් බඩුම තමයි. කොල්ලෙක්ගෙ පර්ස් එකක තිබුනොත් උගේ ළග ඉන්න කෙල්ල හෝ යාලූවා හෝ බඩුව විදිහට දාලා තමයි පොලිසිය නීතිය ක්‍‍රියාත්මක කරන්න පටන් ගන්නෙ. කෙල්ලෙක්ගෙ ` තිබුනොත් කිසිම සැකයක් නැතුව එයා බඩුවක් කියල තීරනය කරන්න පොලිසිය සමත් වෙනවා. ඒක හින්ද කොන්ඩම් එකක් කියන්නෙ මගදි අහුවුනොත් අත්අඩංගුවට පත්වෙන්න ඉඩ තියෙන නඩු භාන්ඩයක්. වගේමයි කොන්ඩම් එකක් ගෙදර අරන් ගියත්. ලංකාවෙ පිරිමි තමන්ගේ බිරිඳත් එක්ක සෙක්ස් කරද්දි කොන්ඩම් පාවිච්චි කරන්නෙ ගොඩක් අඩුවෙන්. ඒක හින්දම ඇක්සිඩන්ට් බේබීස්ලත් වැඩියි. කොහොම වුනත් කොන්ඩම් එකක් මිනිහගෙ සාක්කුවක තිබිලා අහුවුනොත් මිනිහා මාට්ටු වෙනවා පිට කවුරු හරි එක්ක සෙක්ස් කරනවා කියල. ඒකත් ඉතින් නඩුවක් තමයි. සමහර විට පොලිසියට අහුවෙනවට වඩා නීතිය තදයි ගෙදරදි අහුවුනොත්. ඒක හින්ද කොන්ඩම් එකක් කියන්නෙ කඩේක ඇරෙන්න තියාගන්න තැනක් නැති භාන්ඩයක්. සමාජ රෝග බෝවෙන්නත් අනවශ් ගැබ් ගැනීම් වැඩි වෙන්නත් මේ ටැබූ එකෙන් කරන සේවය සුලූපටු නෑ. ගොබ්බ මාධ් මේ කොන්ඩම් තහංචි පුම්බ පුම්බ උඩ අරිනවා. ඒකෙන් මාධ්යවලට විකුනන්න පුළුවන් කුනුරස නිව්ස් තව උපදිනවා. ඇත්තටම කොන්ඩම් එකක් තරම් සමාජය ආරක්ෂා කරන්න දිවිහිමියෙන් කැපවෙන වෙනුවෙන් රටක අවලාද උහුලන වෙන කිසිම දෙයක් නැති තරම්.

ඇත්තටම සමාජයක් විදිහට අපි මේ දේවල් දකින්න  ඕන පරන සදාචාරවාදී ඇස්වලින් නෙමෙයි. ඊට වඩා පළල් විදිහෙ බාරගැනීමක් එක්ක මේ අලූතෙන් විවෘතවෙන ලිංගික කලාපයන්ට දියුණු සංස්කෘතියක් අරගෙන යන එකයි ඇත්ත අභියෝගය වෙන්නෙ. වෙනුවට පොලිසිය කියන්නෙ ජෝක් එකක් විතරයි.