Saturday, April 25, 2015

අප්පච්චි මළා....


ළගදි මගේ යාලූවෙක් එයාගෙ අලූත් පොතක් එළිදක්වන උත්සවයක් සංවිධානය කළා. ඒකට පරණ කතිකයො පෝලිමකටත් කතා කරලා තිබුණ.

‘මචං ඇයි අලූත් පොතක් පරණ විදිහටම එලිදක්වන්නෙ?’
මං යාලූවාගෙන් ඇහුවා.

‘අපි ඇත්තටම පරණ තැනෙන් ඉස්සරහට ගිහින් තියෙනවද?’
යාලූවා මගෙන් ආපිට ඇහුවා.

අපි තාම ඉන්නෙ පරණ තැනමද? නැත්තං අපි අලූත් තැන් පවා පරණ විදිහට තේරුම් ගන්න ට‍්‍රයි කරනවද? මං කල්පනා කළා.

අපේ කියවීම් සහ තේරුම් ගැනීම් තාමත් පරණ තැන්වලින්ම සිද්ද වුනත් මට හිතෙන්නෙ තාක්‍ෂනය විසින් අපේ කැමැත්ත අකමැත්ත නොතකා අපිව අලූත් තැනකට තල්ලූ කරලා තියෙනවා කියල. අපි මේ වෙද්දි වර්චුවල් ආත්ම සහිත මිනිස්සු. මුහුණට මුහුණ ගනුදෙනු වෙනුවට අපි කරන්නෙ ඔන්ලයින් ගනුදෙනු. ලංකාවෙ වුනත් අපි පාලකයො මාරු කරන්නෙ ෆේස්බුක් එකෙන්.

තවදුරටත් මේ සමාජය කියවන්න, අර්ථ ගන්වන්න පරණ තියරි වලින් පුළුවන්ද? නැත්තං මේ වෙන්නෙත් පැරදිච්ච මහින්ද බලන්න බස් පිටින් මැදමුලනෙ යනවා වගේම වැඩක්ද?

‘අප්පච්චි මළා. මිනිය කුණු වෙවී තියාගෙන වැඩක් නෑ වළලන්න  ඕන...’
විජිතමුනි සොයිසා කියපු කතාව මිනිහෙකුට නෙමෙයි යුගයකටම අදාලයි.

අපිව අලූත් අභියෝග වලට තල්ලූ කරන්න තල්ලූ කරන්න අපි පරණ දේවල් වලම එල්ලෙන්න හදනවා. අලූත් වීම තියෙන්නෙ වර්තමානය විසින් අතීතය අර්තකතනය කිරීමේ මිස අතීතය විසින් වර්තමානය අර්තකතනය කරන තැන නෙමෙයි. අපි ප‍්‍රගතිශීලී විද්වත් කතිකාවන් විදිහටත් නූගත් ජනතාවක් විදිහටත් කරමින් ඉන්නෙ එකම දෙයක්. වර්තමානය අතීතයට පාවා දීම.

කෝපි එකක් බොන්න ස්ටෙෆාන් මුනගැහුන වෙලාවක අතීතෙන් උගත හැකි පාඩම් ගැන අපි පොඩි කතාවකට වැටුන.

‘මචං අපිට කිසි දෙයක් නෑ අපේ අතීතෙන් ගන්න. රටක් විදිහට අපි අපේම රටේ මිනිස්සු එක්ක අවුරුදු 30ක් යුද්ද කරලා තියෙනවා. ඒ තමයි අපේ කලින් පරම්පරාවෙ තරම. ඉඩම් වලට, කුල වලට, ජාති වලට මරාගත්ත අතීතෙකින් අපිට ඉගෙන ගන්න තියෙන්නෙ මොනවද? මං කියන්නෙ අපේ අම්මලා තාත්තලාගෙන් අපි කිසි දෙයක් ඉගෙන ගන්න හොඳ නෑ...’

මේ වචනම නොවුනත් ස්ටෙෆාන් කියපු අදහස වුනේ මේක.

ඒක බරපතල ඇත්තක්. ආඩම්බර වෙන්න පුළුවන් අතීතයක් නෙමෙයි අපේ පිටිපස්සෙ තියෙන්නෙ. වර්ගවාදී, ජාතිවාදී, මානව විරෝධී, නිදහස් විරෝධී අතීත පරම්පරාවන්ගෙන් අපි මොනවා කියල ගන්නද? අතීතයක් පුරා අපේ පැවත එන්නෙ සමාජ රෝග විතරයි.

ඒත් අපි දැනුම හොයන්නෙ අතීතෙන්. විශේෂයෙන්ම ලංකාවෙ වගේ රටවල දැනුම භාෂාව මූලිකයි. භාෂාව හද්දා පරණයි.  අලූත් දැනුමක් හිතීමක් බාර ගන්න තරමට අපේ අතීතෙන් අපි නිදහස් නෑ.

සමහර විට මේක ථේරවාදී උරුමයක් වෙන්න ඇති. කටපාඩම් මූලික, ආචිණ්ණ කල්පික දැනුම් සම්ප‍්‍රදායක් තියෙන රටක අපි ඉන්නෙ. අනවශ්‍ය දැනුම වළදාන්න තාම අපි ලෑස්ති නෑ. කුණු ගඳ ගැහුවත් සාලෙ මැද්දෙ තියාගන්නමයි ට‍්‍රයි එක. ගොඩක් සිද්ද වෙන බුද්දිමය කතිකා සංවාද සංස්කෘතිකව පිළුණු වුණු ඒවා. අලූත් පරපුරක් හැදෙන්න එතන ඉඩක් නෑ.

අතීතය කියන්නෙ අපේ ඔලූවෙ තියෙන කල්පිතයක්. ඒක ඇත්තට තියෙන හෝ ඒ විදිහට පැවතුණු දෙයක් නෙමෙයි. ප‍්‍රසන්ටිසම් නැත්තං වර්තමානවාදීන් කියන අය මේ කතාව ගොඩක් ගැඹුරට විස්තර කරනවා. ඒ කියන්නෙ වර්තමානයේ නොපවතින කිසිම අතීත කාරණාවක් හෝ සංසිද්ධියක් සැබවින් නොපවතී කියලා ඒ අය තර්ක කරනවා. ඒ කියන්නෙ යමක් සැබවින් පවතින්නෙ ඒ පැවැත්මට අදාල සංදර්භය ඇතුලෙ විතරයි කියන එක. සංදර්භයෙන් තොරව යමකට අර්ථයක් හෝ පැවැත්මක් නැති වෙනවා.

ඒක මිත්‍යාවක් වෙනවා. මනස් ප‍්‍රබන්ධයක් වෙනවා. ඒත් අපිට අවශ්‍ය ප‍්‍රබන්ධ අර්ථ දෙන්න පුළුවන් නිසා අපි ඒ අතීතෙට ඇලෙනවා. ඉතිහාසය කියන්නෙම ඇත්තක් විදිහට නොපවතින ප‍්‍රබන්ධයක් වෙන්නෙ මේ තේරුම් ගැනීම ඇතුලෙ.

අපි අපේ විමුක්තිය හොයන්නෙ අතීතේ හිරගෙවල් ඇතුලෙ නම්
රැුකවරණය හොයන්නේ කවදාවත් වෙනස් නොවේ යැයි අපිට ඉගැන්නූ සිස්ටම් ඇතුලෙ නම්
හැ`ගීම් තමයි රුවලට අන්ධ විශ්වාසය විතරයි හයියට
සැබෑ නිදහසේ හුස්මක් නැතුව අපි කොහේවත් යන්නෙ නෑ ඉක්මනට

දෙවියො මැරිලා දැන් නළුවෙක් දෙවියන්ට ර`ගනවා නම්
එයාගෙ බියකරු වචන ලගීවී අපේ හිත් පතුලෙත්
හරි හමන් විචාරයක් නැති හැම විශ්වාසයක්ම සාපයක්
අතීතෙන් නිදහස් නැත්තං පිරිහෙනවා විතරයි හැමදාමත්

(ස්ටින්ග් විසින් ගයන ‘හිස්ටරි විල් ටීච් අස් නතින්ග්’ සිංදුවේ කොටසක දුර්වල පරිවර්තනයක්)

පොදු උදාහරණයක් විදිහට ගත්තොත්  ඕනම සංකීර්ණ, නූතන ජීවිත ගැටළුවක් ගැන කතා කරද්දි ලංකාවෙ කොතනක වුණත්, කවුරු හරි කෙනෙක් තාමත් බුදුනුත් කියලා තියෙනවා කියල මොකක් හරි උපුටාගැනීමක් කරන්නෙ ලොකු විශ්වාසෙකින්. භක්තියකින්. බුදුන් කිව්වා නම් ඒක වෙනස් වෙන්න බෑ වගේ හිතකින්. ඒත් බුදුන් කියපු දෙයක්ම වුනත් කොහොමද අද සංදර්භයට අදාල වෙන්නෙ? අද බුදුන් කියන්නෙ අපේ තනි තනි මනසෙ කල්පිතයක් විතරයි. බුදුන් තවදුරටත් ඇත්තක් නෙමෙයි, මිත්‍යාවක්. මේක අනිත් කොයි අතීත ආගමක් ගත්තත් එච්චරයි.

අපි කොයිතරම් අතීතවාදී විදිහට බාරගත්තත් බුදුන්ගෙ දැක්ම පදනම් වුනෙත් වර්තමානවාදයක. අතීතයේ හෝ අනාගතයේ නොරැඳී මෙතන මේ මොහොතේ පැවැත්ම බුදුන්ගෙ දැක්මේ පදනම වුනා. අතීතය කියන්නෙ රෝගයක් කියන එක බුදුනුත් දැනං හිටියා. ඒත් බුදුන් වදාල දහමටම පටහැනිව අපි බුදුන්ගේ දහම පාවිච්චි කරනවා.

මේ විදිහට අපිට අතීතය මාර වෙන්න දෙවිදියක් බලපාන්න පුළුවන්. එකක් අපිට ඒ දේ මාර වෙන්නෙ අපි ඒ දේ සමග ගත කළ ඒ කාලයට සාපේක්‍ෂව වෙන්න පුළුවන්. උදා විදිහට අපි පොඩි කාලෙ ටීවී එකේ බලපු කතාවක් ලොකු වෙලත් අපිට මතක මාර කතාවක් විදිහට. ‘දැන් ඒ වගේ කතා යන්නෙ නෑනෙ....’ අපි පරණ මතක රත්තරං කරනවා.

අහම්බෙන් අපිට ඒ කතා පෙළ ඞීවීඞී එකක හම්බුවෙනවා. අපි මාර එකෙන් ඒක බලන්න වාඩි වෙනවා. ඒත් ඒක දැන් කටේ තියන්න බෑ. සමහර වෙලාවට ඇත්ත එක බ්ලැක් ඇන්ඞ් වයිට් ඒත් අපිට මතක එක කලර්ඞ්. එදා කන්ටෙක්ස්ට් එක ඇතුලෙ ඒ කාලයට සාපේක්‍ෂව මාර වුණු කිසි දෙයක් අද මාර වෙන්නෙ නෑ. ඒක ෆිල්ම් වල ඉඳන් ඒ කාලෙ යාලූ වෙච්ච කෙල්ලො කොල්ලො දක්වාම එකයි. එක විදිහකට අපිට මේ අතීත කාරණා ගැන තියෙන මාරකම කියන්නෙ එක්තරා කාලයක අපේ වින්දන මට්ටම- තේරුම් ගැනීම ගැන කතාවක්.

තව විදිහකට අපිට අද බැලූවත් ඒ අතීත කතා පෙළ මාරම වෙන්න පුළුවන්. මට හිතෙන්නෙ වඩා දුක්ඛිත තත්වය වෙන්නෙ මේක. ඒ කියන්නෙ අපි ඒ අතීත මට්ටමෙන් එහාට තාම වැඩිලා නෑ කියන එක. කාලයට සාපේක්‍ෂව අපේ වින්දනය සහ අවබෝධය පරිණත වෙලා නෑ. ඇ`ග ලොකු වුනාට මොළේ හැදෙන එක නතර වෙලා. අලූත් ජීවිතේ අර්බුද විසඳන්න පරණ මතවාදම හොයාගෙන යන බුද්දිමය සගයො දැක්කම මට දැනෙන බය ඒක.

රටක් විදිහටම අපිට අතීතය බර වැඩියි. ජනගහනය විදිහටත් තරුණයන්ට වඩා වැඩිහිටියො වැඩියි. අනෙක් පැත්තෙන් අනුරාධපුරේ පොලොන්නරුවො ගල්කණු බර වැඩියි. ඉතිහාසෙ ආයිමත් කැරකෙනවා කියලා හිතාගෙන අපි අතීතෙ හාරනවා. ඉතිහාසෙ කවදාවත් එකම දෙයක් එකම විදිහට තාම දෙපාරක් සිද්ද වුනේ නෑ. ඉතිහාසයක් නැති රටවල් ඉස්සරහට යද්දි අපි පස්සට යනවා.

පැරදිලා ගිය මහින්ද ආපහු ගේන්න ද`ගළන දැ`ගලිල්ලත් මේ අතීතෙට යාමෙ උවමනාවෙම ලකුණක්. මහින්ද කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. මහින්ද කියන්නෙ සිංහල බෞද්ද අතීතය ගැන ප‍්‍රබන්ධය. (බුදුන්ගෙ ඥාතියා).  ඒ බොරුව නැති වුනාම ලොකු හිස්කමක් දැනෙන්න ගන්නවා. ‘මේකද යහපාලනේ?’ කියලා අහන්නෙ ඒ හිස්තැන. රජකතා බණකතා නැති ජීවිතයක් අපිට නෑ.

මේ මහා ප‍්‍රවාහයෙන් ගැලවෙන අතලොස්ස වෙනමම පොතක් පෙරලනවා. ඒ ගොල්ලො මහා වංශය වෙනුවට දාස් කැපිටාල් පෙරලනවා. තරාතිරමක් වෙනසක් නැතුව අපි ඔක්කොම අතීතවාදීන්.

එතකොට පරණ අත්දැකීම් වලින් ඉගෙන ගන්න නරකද?

පරණ අත්දැකීම් වලින් ඉගෙනීම සහ ඒ අත්දැකීම් අලූත් අත්දැකීම් වලට සීමාවක් කර ගැනීම කියන්නෙ දෙකක්. අපි අලූත් දේ අලූත් විදිහට බාර ගන්න මැළි වෙනවා. අලූත් දේ මානසික ලෙඩක නමකින් හෝ දේශපාලන අවුලක නමකින් ලේබල් කරනවා. ඒ ලේබල් කරන දැනුම අදාල වෙන්නෙ ඒ දැනුමට අදාල පසුබිමට විතරයි කියන එක අපි සහමුලින්ම අමතක කරනවා. ගොඩක් වෙලාවට ලංකාවෙ ප‍්‍රශ්න විස්තර කරන්න වෙන රටවල උදාහරණ ගන්න විද්වත්තු පවා පෙන්නන නොදැනුවත්කම ඒක.

අලූත් තත්වයන් විස්තර කරන්න අලූත් දැනුම  ඕන. ඒ අලූත් දැනුම ගන්න අලූත් විදිහට ඒ අත්දැකීම් වලට මුහුණ දෙන්න  ඕන. ඇත්තට මේ මොහොතේ අපි පැවැත්මක් විදිහට මුහුණ දෙන සංස්කෘතික, සාමාජීය, සාංදෘෂ්ටික අර්බුද විස්තර කරන්න කිසිම පරණ දැනුමකට පුළුවන්කමක් නෑ. ඒ හැම දැනුමක්ම උදව් වෙන්නෙ අපිට අලූත් තත්වය මගහැර ටිකක් පස්සෙන් ඉන්න විතරයි. උදා විදිහට මහින්ද එළවන්න සමහර ප‍්‍රගතිශීලී වාමාංශිකයො පවා කැමති වුනේ නෑ. ඒ අයගෙ කිව්වෙ මහින්ද එලවීමෙන් පස්සෙ ඇති වෙන තත්වයට තාම රට සූදානම් නැති හින්ද මහින්දව තියා ගන්න  ඕන කියල. මේ අනාරක්‍ෂාව ගැන ගුහාගත හැ`ගීම එන්නෙම අතීතවාදය ඇතුලෙ. ගොඩක් ප‍්‍රගතිශීලී කතා තියෙන්නෙ අතීතවාදයේ ගිලිලා. සද්දෙ අලූත් වුනාට වචන පරණයි.

මගේ යාලූවගෙ පොත ගොඩක් නූතන ජීවිතේ තැන් ස්පර්ශ කරනවා. සමහර තැන් ලංකාවෙ පළවෙනි වතාවට. ඒත් ඒ පොතට අර්ථකතන එන්නෙ පරණ කතිකාවකින්. ඒක හරියටම ලංකාවෙ සමහර අය පශ්චාත් නූතනවාදය ජාතක පොත ඇසුරින් පැහැදිලි කරන්න ගියා වගේ.

අලූත් දේකට අලූත් හැඩයක් දෙන්න  ඕන. අලූත් දෙයක් වුනත් පරණ හැඩයක් ඇතුලෙ නිකංම වැළලෙනවා විතරයි. මට හිතෙන්නෙ ගොඩක් දේවල් කරන්න කලින් අපි ලාංකිකයො විදිහට මතක් කර ගන්න  ඕන වදනක් තියෙනවා. ඒක නීට්ෂෙ කියපු ‘දෙවියන් මැරිලා..’ තරම්ම ප‍්‍රබලයි. අදාලයි.

‘අප්පච්චි මැරිලා.... මිනිය තියාගෙන මොකටද? .’


-චින්තන ධර්මදාස







Saturday, April 11, 2015

ඔයා මොනොගමේද? Are You monogamous?


imagine there are more heavens
it's easy if you try
more hells below us
above us many skies

you may say im a dreamer
but im not the only one

ජෝන් ලෙනන්ගෙ සිංදුව මම වෙනස් කළා. ලෙනන් මේ සිංදුව කියන්නෙ පවතින විශ්වාසයට විරුද්ධව. පවතින එක ස්වර්ගයක්, එක අපායක් ගැන විශ්වාසය. ඒ වෙනුවට ලෙනන් යෝජනා කරන්නෙ ස්වර්ගයක් හෝ අපායක් නැති ලෝකයක්. අපිට පුළුවන් එකයි බිංදුවයි අතර හිතන්න විතරද? ඇයි ගොඩක් ගැන අදහසක් අපිට නොඑන්නෙ?

ස්වර්ගයන් ගොඩක් ගැන හිතන්න
ඒක එච්චර අමාරු නෑ
අපිට යටින් අපායවල් ගොඩක්
අපිට උඩින් අහසවල් ගොඩක්....

අපි බහුලතාවය, විවිධත්වය, විශාලත්වය, පැතිරීම වෙනුවට හැකිලීමක්, සරලවීමක්, අල්පේච්ඡතාවයක් ප‍්‍රාර්ථනා කරනවා හිතීමෙන්ම. ඒක අපේ තේරුම් ගැනීම ලේසි කළාට විඳීම අවම කරනවා. ජීවිතය ද්විමානී කරනවා.

අපේ ආදරය වුණත් එහෙමයි. අපි අදහන්නෙ මොනොගමස් ආදරයක්. සිංහලෙන් මේ වචනෙට තියෙන්නෙ ඒක- විවාහ සහ ඒක- භාර්යා කියන තේරුම් දෙක. ඉංග‍්‍රීසියෙන් ඊට වඩා පළල් තේරුම් කිරීමක් තිබුනත් මේ සිංහල වචන පිටිපස්සෙ තියෙනවා ඇත්තටම මොනොගමස් ආදරය පදනම් වුණු ප‍්‍රාථමික කොන්දේසි.

ඉංග‍්‍රීසි තේරුමේ හැටියට මොනොගමි කියන්නෙ එක සහකරුවෙක් හෝ සහකාරියක් පමණක් ජීවිත කාලය පුරාම හෝ අවස්ථාවෙන් අවස්ථාවට  ඇසුරු කිරීම කියන අදහස (වරකට එක බැගින්). මෙතනදි අපි තේරුම් ගන්නෙ සහ ගන්න කැමති ‘ජීවිත කාලය පුරාම’ කියන ක්ලෝස් එක යටතේ වුනත් සීරියල් මොනොගමි  කියන්නෙත් මේ ඒක ස්වාමි- භාර්යා ව‍්‍රතයෙම තව ප‍්‍රභේදයක්. ඒ කියන්නෙ එක පාරකට එක්කෙනා බැගින් ජීවිත කාලයකදි කීපදෙනෙක් සමග සහකරුවන්/සහකාරියන් විදිහට සම්බන්ධ වීම. ක්ලැසිකල් අදහස කොහොම වුනත් ගොඩක් වෙලාවට ප‍්‍රැක්ටිකලි දකින්න තියෙන දේ වෙන්නෙ මේක.

මේකෙ අනිත් පැත්ත පොලිගමි. ඒ කියන්නෙ සහකරුවන් හෝ සහකාරියන් කීප දෙනෙක් සමග එක විට සබඳතා පැවැත්වීම. මේක අපිට සංස්කෘතිකව ඇ`ග කිළිපොලා යන තත්වයක්. ගොඩක් වෙලාවට පිරිමි තමන් සම්බන්ධයෙන් එක`ග වුනත් ගැහැණුන් සම්බන්ධයෙන් එකහෙලා විරුද්ධ වෙන තත්වයක්. මේ සිතීමේ සහ තේරුම් ගැනීමේ නැඹුරුවම තමයි මේ තේරුම් වලට සිංහල වචන සකස් වීම පිටිපස්සෙත් තියෙන්නෙ. මොනොගමි අදහසම ගොඩනැගෙන්නෙ ගැහැනිය කේන්ද්‍ර කරගෙන. ගැහැනිය තමන්ගෙ වත්කමක්, බූදලයක්, උරුමයක් කියන ද්‍රව්‍යමය අදහස උඩ. අදටත් කෑල්ල, බඩුව තැන ඉඳන් වස්තුව රත්තරං වෙනකල් යන්නෙ මේ අදහස් උරුමය.

නිකං හරි සීරියස් ගත්තොත් මේක ව‍්‍රතයක්. ශික්ෂාවක්. ශීලයක්. අපේ ලෞකික පැවැත්ම පවා හෑල්ලූ කරන මේ විදිහෙ අල්පේච්ඡ ව‍්‍රතයකට අපි එක`ග වෙන්නෙ කුමන නිර්වාණයක් පතාගෙනද? අඩුම තරමෙ බහුතරයක් හාමුදුරුවරුවත් මෙතනදි අපි තරම් අල්පේච්ඡ නෑ.

මේක ගොවි උරුමයක්. වෙන විදිහකට කිව්වොත් අවුරුදු දහදාහකට විතර කලින් ඇති වෙච්ච අපේ කෘෂි ආර්ථිකයත් එක්ක ආපු ආකෘතියක්. අවුරුදු ලක්ෂ දෙකක් විතර පරණ මානව ශිෂ්ටාචාරෙ විස්සෙන් එකක විතර කාලයක හැදී වැඩුනු මේ චර්යාව අපිට මේ වෙද්දි ස්වභාවික වෙලා. ජානගත වෙන තරම් ප‍්‍රබල විදිහට මේක ඇතුලෙ අපිව කන්ඩිෂන් කරලා.

තමන්ගේ ඉඩම් වල අයිතිය තමන්ගේම ශුක‍්‍රානු වලින් උපන් අයට පමණක් පැවරීමේ පෞද්ගලික දේපොල උරුමය සම්බන්ධ කාරනයක් මිස එකම සැමියෙක් එකම බිරිඳක් එක්ක ජීවත් වීමේ උවමනාව පිටිපස්සෙ ඇත්ත ආදරයක කොන්දේසි නෑ. ඒත් සාහිත්‍යය, ගීත, සිනමාව විතරක් නෙමෙයි එකී නොකී හැම සන්නිවේදනයක්ම පාවිච්චි කරමින් මේ ඉඩම් අයිතියේ (ශූක‍්‍ර අයිතියේ) කතාව ආදරය විදිහට සනාථ කරනවා.

කෘෂි ආර්ථිකය කාලෙදි අපි ජීවත් වෙන්නෙ අපේ සැබෑ මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ අල්පේච්ඡ අවකාශයක් ඇතුලෙ. එතනදි අපේ ආශා විශ්වය පටුයි. පරිකල්පනය සීමිතයි. ඒත් කෘෂි කටයුතු වලට තාක්‍ෂණය මැදිහත් වෙමින් කීප දෙනෙක් විසින් ගොඩ දෙනෙකුට බත සපයන කාර්මික රටාවක් ඇති වෙනවා.

එතනදි හැමෝටම කුඹුරට බහින්න  ඕනි නෑ. ටික දෙනෙක් කුඹුරෙ ඉඳිද්දි වැඩි දෙනෙක් වැඩක් නැතුව ගොඩ ඉන්නවා. එතනදියි අපිට නැවත අපි වෙනුවෙන් අවශ්‍යතා නිෂ්පාදනය කරන්න වෙන්නෙ. අපි දැන් ඉන්නෙ ආශා නිෂ්පාදන ආර්ථිකයක. මූලික අවශ්‍යතා ගැන අදහස ගොඩක් පරණයි. අවුරුද්දෙන් අවුරුද්ද කිසි තේරුමක් නැතත් අපිට අලූත් අයිෆෝන් එක ගන්න  ඕන වෙනවා. නැත්තං අපි මැරෙන්න ඉඩ තියෙනවා. අපේ ජීවිත ගත වෙන්න නිමක් නැති ආශා විශ්වයන් අපිට  ඕන.

ඒත් අපේ ජීවිත සැකැස්මන් තාම තියෙන්නෙ කෘෂි යුගයෙ. අයිෆෝන් අතට ගත්තට අපි තාම උදැල්ල පැත්තකින් තියල නෑ. ලංකාව වගේ රටක නම් තාම විධායක ජනාධිපතිවරයාගේ මල්ලිව පොරොවෙන් ගහලා මරන තරමට අපි ගොයියො. අපේ මූලික පවුල් සැකැස්ම ගොවි පවුලෙන් වෙනස් කරන ආකෘතියක් අපිට නෑ.

ඒ වෙනුවට අපි කරන්නෙ බොරුව, රැුවටීම සහ නොතකා හැරීම පවුල ඇතුලට ගේන එක. පවුල කියන්නෙ තවදුරටත් වඩාත්ම වංචනික, අතිශය පසුගාමී සහ නිර්මාණාත්මකව විනාශකාරී ආයතනයක් විතරයි. සමාජ කොන්දේසියක් විදිහට හැමෝම අසරණව මේකට එක`ග වෙනවා. තමන්ගේ පුද්ගලික අනාරක්‍ෂිතභාවය නිසා (විශේෂයෙන්ම සමාජ ආරක්‍ෂාවක් නැති අපේ වගේ රටක) මේක ආගමක් මෙන් ආරක්‍ෂා කරනවා. එතනදි වැලැක්විය නොහැකි විදිහට මානසික ආතතීන්ට සහ මානසික රෝගයන්ට ගොදුරු වෙනවා. සමාජ න්‍යාය පත‍්‍රයට එක`ගව ගෙනියන කිසි පවුලක් හොයාගන්න බෑ මානසික රෝගයක් නැති. ඒ හරහා ඊළ`ග පරම්පරාව එලියට එනවා. එන්න එන්නම රෝගී අසහනකාරී සමාජයක් නිර්මානය වෙන්නෙ ඒ විදිහට.

අයිතිය ගැන පොදු පිලිගැනීම ඊට පස්සෙ ආගම වෙනවා. ආගමෙන් ඒක නීතියට එනවා. වැදගත්ම දේ ඒක ආදරයටත් එන එක. නීතියට එක`ගව ආදරය කරන්න පුළුවන්ද? එතකොට ඒක ආදරයද? අඩුම තරමෙ තම තමන්ගෙ පුද්ගලික සීමාවන් ඇතුලෙ පවා නීතිය කඩ කරන්න සිද්ද වෙනවා, ආදරය ජීවත් කරන්න.

මේ ඉඩමේ අයිතිය සහ ආදරය ප‍්‍රවර්ගය එතනින් කුලය, ගෝත‍්‍රය, ජාතිය දක්වා යනවා. පොරොවෙන් කෙටීමේ ඉඳන් හමුදා පිටින් මරා ගැනීම දක්වා විශාල වෙනවා. ඒත් කවුරුවත් මොනොගමි සම්බන්ධයේ ප‍්‍රශ්නය එලියෙ කතා කරන්නෙ නෑ.

ක‍්‍රිස්ටෝපර් රයන් කියන ඇමරිකානු ලේඛකයා එයාගෙ බිරිඳ කැසිල්ඩා එක්ක එකතු වෙලා මානව විද්‍යාත්මක සොයා ගැනීම් හරහා මේ ‘ඒක සහකරු- සහකාරී’ ප‍්‍රමුඛ සම්බන්ධතාව ප‍්‍රශ්න කරනවා. වඩා වැදගත්ම දේ වෙන්නෙ සැමියෙක් සහ බිරිඳක් විදිහටම තමන් ජීවත් වන සංස්ථාවෙ බොරුව එලිපිට කතා කරන්න තරම් ඒ දෙන්නා නිර්භීත වුණු එක. ගොඩක් දෙනෙකුට ඒක දනිස් පණ නැතිවෙන වැඩක්.

එයාලා පෙන්නලා දෙනවා දඩයම් යුගයේදී තිබුණු බෙදාහදා ගැනීම් ක‍්‍රමයෙන් සමාජ සමතුලිතතාව සහ සාමය ආරක්‍ෂා වුන හැටි. මොනොගමි යනු අපේ එක්තරා මෑත අවධියක තෝරා ගැනීමක් මිස ස්වභාවිකයක් නොවෙන හැටි එයා ලෝකෙ පුරා විවිධ ගෝත‍්‍ර ජන වර්ග හැදෑරීම් හරහා ඔප්පු කරනවා දෙනවා. රයන් ඒක ලස්සනට කියනවා.

‘ඒක හරියට අපි වෙජිටේරියන් වෙනවා වගේ. අපි දැන් වෙජිටේරියන් වුනා කියල ඒකෙන් කියවෙන්නෙ නෑ අපේ අතීතයේ මුතුන්මිත්තො සර්වභක්ෂකයන් නෙමෙයි කියල. අපි හදිස්සියේ වෙජිටේරියන් වුනා කියල බේකන් කෑල්ලක් සුවඳ නැති වෙන්න විදිහක් නෑ...’

සමලිංගිකයන් තමන් හැංගිලා ඉන්න අල්මාරි ඇතුලෙන් එලියට එන්න  ඕන වගේම විෂම ලිංගික බහුතරයටත් තමන් වහගෙන ඉන්න බොරුවෙන් එලියට එන්න කාලය ඇවිත් කියල එයා මතක් කරනවා.
තවදුරටත් මේ වික්ටෝරියානු පවුල් සංස්ථාව ඇතුලට අපේ ජීවිතය ඔරොත්තු දෙන්නෙ නෑ. සම්බන්ධතා ඇතුලෙ අසීමිතව බොරු කියනවාද, ඇත්ත බෙදාහදා ගැනීමක් කරනවාද කියන තෝරා ගැනීම අපි ඉස්සරහ තියෙනවා. හැම බොරුවක් ඇතුලෙම අපිට දෙගුනයක් අපිව මගඇරෙනවා.

ආදරය අයිතියක් කියන තැනින් ආදරය බෙදාහදා ගැනීමක් කියන තැනට සංකල්පීකරනය වෙන්න  ඕන. ඒක ලොකු විප්ලවයක්. අපේ පවතින සියලූ කලාවන් දේශපාලනයන් සහ ආකෘතීන් අර්බුදයකට යැවීමක්. ඒත් තාක්‍ෂනිකව ඒ පරිවර්තනය සිද්ද වෙන්න පටන් අරගෙන ඉවරයි. ෆේස්බුක්, යූ ටියුබ් හරහා අපි නැවත බෙදාහදා ගැනීමේ සංස්කෘතියක ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. හැම අදහසක්ම, මදහසක්ම බෙදා හදා ගනිමින් ජීවත් වෙන වඩා විවෘත අවකාශයක උවමනාවන් එතන නිර්මානය වෙනවා. අනේක සංඛ්‍යාත විකල්ප ගනනාවක් ඇතුලෙ අපි එකවිට ප‍්‍රමෝදය ලබනවා. අපි මේ ඇත්ත අපේ පවුල ඇතුලට ගෙනියන්න ලෑස්තිද කියන එක විතරයි ප‍්‍රශ්නය.

ලංකාවෙ බහුතරයක් පිරිමි ගැහැණු තමන්ගේ පවුල් ඇතුලෙ රහසින් මේ සීමාවන් කඩනවා. ඒ රහසිගත බව (හොර එක) තව තවත් තත්වය විපරීත කරනවාට වැඩි හොඳක් කරන්නෙ නෑ. ඒ වෙනුවට රයන් මෙතනදි යෝජනා කරන්නෙ තමන්ව වඩාත් නිදහස් විය හැකි, තමන්ට තමන්ව විවෘතව බාර ගත හැකි උසස් මිනිස් තත්වයක්. සම්බන්ධතාවයක් ඇතුලෙ දෙදෙනා අතර සංවාදයේ, පැවැත්මේ වඩාත් ගැඹුරු තැන්වලට එක්ව ගමන් කළ හැකි ප‍්‍රවේශයක්. ‘එතිකල් නන්-මොනොගමි’ නැත්තං ‘සදාචාරාත්මකව එක් සහකරුවෙකුගේ හෝ සහකාරියගේ අයිතියට සීමා නොවී ආදරය කිරීම’ විදිහට එයා සාකච්ඡුාවට ගන්නෙ තමන්ගේ සියලූ ආශා විශ්වයන් අනෙකා සමග බෙදාහදා ගන්න පුළුවන් අලූත් සම්බන්ධතා ප‍්‍රවර්ගයක්. අඳුර වෙනුවට එලිය පැත්තට පියවරක්. පොරොවක් වෙනුවට කවියක් සිංදුවක්.

සදාචාරය යළි ස්ථාපිත කිරීමයි වැදගත්. ඒක සමාජයක අත්‍යාවශ්‍ය කොන්දේසියක්. සදාචාරය ස්ථාපිත කිරීම තියෙන්නෙ අපි කොයිතරම් අපිව බාර ගත හැකි පරිසරයක් නිර්මාණය කර ගන්නවද කියන එක උඩ. අපි කොයිතරම් ඇත්තට ආදරණීයද කියන එක උඩ.

 ඕෂෝ මේක එක තැනක කියනවා.
‘සැබෑ විවාහයක් කියන්නෙ එකදිගට සිද්ද වෙන මධුසමයන් සහ දික්කසාද පෝලිමක්.

මධුසමයක්, දික්කසාදයක් නැවත මධුසමයක්..
පුංචි මධුසමයන්, පුංචි පුංචි දික්කසාදයන්
ලොකු මධුසමයන්, ලොකු දික්කසාදයන්
ඒක හරියට දවල් වෙනවා රෑ වෙනවා වගේ....’

 ඕෂෝ කියන්නෙ විවාහයේ සුන්දරත්වයම වෙන්නෙ මේ අස්ථාවරබව කියල.
තාම පොරොවෙන් ගහලා මිනිස්සු මරන රටක මේ වගේ කතා ජෝක් වුනත් ඇත්තට හිනා යන ජෝක් එක වෙන්නෙ එදා කුඹුර වටේ ගහගෙන හිටපු වැට අපි තාම ඇඳ වටේ ගහගෙන ඉන්න එකයි.
කොහොම වුනත්  එතනදි පොරොව තහනම් කරන එකට වඩා අමුඩෙ මාරු කරන එක වටිනවා.

-චින්තන ධර්මදාස




Saturday, April 4, 2015

ගොම්බෙට්ටේ මල් පිපේ...




ෆේස් බුක් එකත් එක්ක දැන් හැමෝම විවේචකයො සහ විචාරකයො වෙලා. හරියට සේකර ප‍්‍රාර්ථනා කරපු  ප‍්‍රබුද්ධත්වය වගේ. හැමෝටම එකපාර. ඒක නරක දෙයක් නෙමෙයි. පළල් සංවාදයක් හදන්න හු`ගක් හොඳ තත්වයක්. මෝබයිල් ෆෝන් සහ අඩු ගානට ඩිජිටල් කැමරා ලැබීමත් එක්ක හැම කෙනෙක්ම සිනමාකරුවෙක් වීම වගේම ඒකත් නොවැලැක්විය හැකි තත්වයක්.

ඒත් මේ හින්දම විවේචනයක අර්ථය සහ ධර්මය අහෝසි වෙලා යමින් වෙන ලෙඩ ගොඩක් විවේචන/ විචාර හැටියට පෙනී ඉන්න පටන් අරන් තියෙනවා. කනගාටුදායක විදිහට රටේ සංස්කෘතික -දේශපාලන මැදිහත්වීම් කරන දැනුවත් විදිහට පෙනී කළ පිරිස්වල පවා විවේචනයේ ශික්ෂනය බිංදුවයි. සමාජීයව අතිශය දුප්පත්, පහත් පෙලේ, ‘නාසිස්මය පහ කිරීමක්’ විවේචනය විදිහට තේරුම් ගනිමින් තියෙනවා. (නාසිස්මය -තමන් ගැනම උවමනාවට වඩා ඇළුනු, පිටතින් තමන් පිළිබඳ ඇගයීම් අපේක්‍ෂාවෙන් මෙහෙයවෙන, එම්පතියෙන් (වෙන කෙනෙක් තේරුම් ගැනීමේ හැකියාවෙන්) තොර, අවිඥානකව තමන් තුල තමන් පිළිබඳ හීනමානයකින් පෙළෙන පෞර්ෂ ව්‍යාකූලතාවයක්). ගොඩක් දේවල් ගැන හොඳ කියන අතරෙම මේ රෝගී විචාරය සමාජගත කිරීමේ නරක බාරගන්නත් එක්ස් කණ්ඩායමට සිද්ද වෙනවා.

විවේචනය සහ විචාරය කියන්නෙම තේරුම් දෙකක් (ක‍්‍රිටිසයිස් සහ ක‍්‍රිටීක්). විවේචනයකදි නරක කීමක්, දොස් දැක්වීමක්, තදින් කතා කිරීමක් වගේ අදහසක් තියෙනවා. විචාරයකදි වඩාත් විධිමත්ව, පුළුල්ව, තාර්කිකව විමසා බැලීමක් බලාපොරොත්තු වෙනවා. විවේචනය විචාරය ඇතුලෙ උපකරණයක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්.

විවේචනය කියන්නෙම තල්ලූ කිරීමක්. සමහර විට පහර දීමක්. අපේ තල්ලූව හෝ පහර කොයිතරම් ලොකුද කුඩාද කියන එකයි වෙනස. එතනදියි විවේචනයක දිග පළල ලකුණු වෙන්නෙ. හැදෙන්න කරන විවේචන තියෙනවා, නැති වෙන්න කරන විවේචන තියෙනවා, යම් කාරණා ඇතුලෙන් වෙනත්ම මානයන් මතු කරන විවේචන තියෙනවා.  ඕනම විවේචනයක ඒකට අනන්‍ය වූ ලස්සනක් තියෙනවා නම් ඒකෙ ගැටළුවක් නෑ. ඒත් සමහර විවේචන කියවද්දි අහද්දි දත් හිරිවැටෙන්න ගන්නවා.

විවේචනයක ගැඹුර හෝ ගතයුත්ත තියෙන්නෙ එක කාරණයක් උඩයි. ඒ ඒක පුද්ගල ක‍්‍රියාවක ඉඳන් සමාජ ක‍්‍රියාවක් දක්වා කොයිතරම් දුරක් ඇවිත් තියෙනවද එකයි. පුද්ගල සීමාවෙන් කරන විවේචන (නාසිස්මය විවේචන) ත‍්‍රිල් එකක් දෙන්නෙ හන්දිවල නැවතීගෙන අනුන්ගෙ රන්ඩු බලන ජනතාවට විතරයි.

මාර්ක් ට්වේන් විවේචකයන්/ විචාරකයන් ගැන ටිකක් රිදෙන්න කතා කරනවා. විචාරකයන් හරියට අසූචි ගොඩවල බිත්තර දාන කුරුමිනියො වගේ කියලයි එයා කියන්නෙ. මේක මෙහෙම නෙමෙයි කියල මගඅරිනවට වඩා මට හිතෙන්නෙ විවේචකයෙකුට වැදගත් වෙන්නෙ මේක බාර ගැනීම. ඒ තමන් කරමින් ඉන්නෙ ද්විතියික කාර්යයක් කියන මූලික කොන්දේසිය බාර ගන්න තරමට නිහතමානී වීම. තමන් තව කෙනෙක් විසින් හපා කොටා දිරවා පහ කළ යමක් උඩ වැඩ කරමින් ඉන්නවා කියල පිලිගන්න එක. එතනදි විවේචකයා වීමෙන්ම අපි එක දෙයක් සනාථ කරනවා. ඒ අප විසින් විවේචනය කරනු ලබන්නා අපිට දැනෙන සුළු බලපෑමක් කළ කෙනෙක් කියන එක. ඒ බලපෑම තමයි අපිව (විවේචනය) ඉන්ස්පයර් කරන්නෙ.

ඒ නිහතමානීත්වය ඇතුලෙ විවේචකයෙකුට බෑ ‘විවේචනය කරනු ලබන්නාගේ’ පැවැත්ම ප‍්‍රශ්න කරන්න. ඒක අවිචාරී දෙයක්. විවේචනය කරනු ලබන දේ නැතුව විවේචනයට පැවැත්මකුත් නෑ. මේ විදිහෙ අවිචාරී විචාර තමයි ගොඩක් වෙලාවට නාසිස්මය පහ කිරීම් විදිහට අපිට කියවන්න ලැබෙන්නෙ.

නාසිස්මය විචාරයක හැටියක් තමයි ඒක ආර්ට් එකකට වඩා ආවේගයක් විසින් මෙහෙයවීම. මෙතනදී විවේචකයාව මේ ආවේගය විසින් පාලනය කරන්න ගන්නවා. කරුණු හෝ තාර්කික හෝ පදනම් නොතකා හරිමින් තමන්ව යලි යලිත් සනාථ කරන්න හදනවා. විවේචනය පුරාම ලොකු ඊගෝ ප‍්‍රශ්නයක් දැනෙනවා. තමන්ගේ ආත්මය විශාල කර ගැනීමම, පුම්බා ගැනීමම හැර ඊට වඩා දිගක් පළලක් ඇති කිසි දෙයක් කියන්න  නාසිස්මය විවේචකයා අසමත්. එයා කරමින් ඉන්නෙ එයාගෙ ඇතුලෙ අරගලයක්. ඒක පුද්ගල ක‍්‍රියාවක්. සමාජයේ අනෙක් අයට සම්බන්ද වෙන්න ඒකෙ තැනක් නෑ.

එක්ස් කණ්ඩායම මේ වර්ගයේ විවේචන තොග පිටින් කළා. එක එක චරිත නිදා ගත්ත ගෑනු ගැන, ඒ අය කන බොන දේවල් ගැන ලියන එක දේශපාලනිකයි කිව්වා. ඒක අනෙක් පැත්තෙන් ලියන්නා තුල තියෙන හීනමානයේ ප‍්‍රකාශනයක් වෙන වග අමතක කළා.

තියරියේ හැටියට කිසි කෙනෙක් උත්පත්තියෙන් නාසිස්මිකයෙක් වෙන්නෙ නෑ. විශේෂයෙන් ළමා කාලෙ අත්විඳින්න සිද්ද වෙන නොතකා හැරීම, වටිනාකමක් හිමි නොවීම වගේ දේවල් එක්කයි නාසිස්මිකයෙක් හැදෙන්නෙ. ෆේස් බුක් වගේ මාධ්‍ය මේ නාසිස්මික ආවේග පහ කිරීම සඳහා වැඩිපුර පාවිච්චි වෙනවා. ඒක එහෙම වෙන එක වැදගත්. නැත්තං ඒවා වෙන වැදගත් තැන්වලදි පහවෙන්න පටන් ගන්නවා. සංස්කෘත- දේශපාලන කතිකා විදිහට වේදිකා වලට ගොඩවෙන්න ගන්නවා.

විවේචනයක් ආර්ට් එකක් වෙන්නෙම ඒක කොයිතරම් සවිඥානකද කියන එකත් එක්ක. මුලින්ම ඒ විවේචනය කරන්න අපිට අදාල හේතුව ගැන දැනීමක් අපිට තියෙන්න  ඕන. ඒ කාරණය මොකක් වුනත් ඒක ගැන ඇත්ත වැටහීමක් විවේචනය පිටිපස්සෙ තියෙන්න  ඕන.

විවේචනයක ලස්සන තියෙන්නෙම ඒකෙ තියෙන ‘රඳා පැවැත්ම’ කියන කාරනයත් එක්ක. ඒක යෝජනා කරන්නෙම සම්බන්ධයක්. සංවාදයක්. අසූචි ගොඩක වුනත් මාර්ක් ට්වේන්ගෙ කුරුමිනියො හැදෙන්නත් පුළුවන්, ඇසිඞ් (එල්එස්ඞී) හතු පිපෙන්නත් පුළුවන්.

ඒ රඳා පැවැත්ම කියන කාරණය බාර ගැනීම හරහා විවේචකයෙක් ‘එම්පති’ කියන හැ`ගීමට ඇතුල් වෙනවා. අනෙකාව දැනීම. ඔහු හෝ ඇය ගැන තමන්ගෙ විනිශ්චය නෙමෙයි, මැදිහත් දැනීම. ඒ දැනීම ඇතුලෙන් ගොඩනැගෙන විවේචනයකයි සංවේදී බවක් තියෙන්නෙ. පුද්ගල ක‍්‍රියාව යම් බෙදා ගැනීමක්, සමාජ ක‍්‍රියාවක් දක්වා වර්ධනය වීම සිද්ද වෙන්නෙ. තමන් විසින් විවේචනය කරනු ලබන්නාගේ ජීවිතය සහ පැවැත්ම ගැන ගෞරවයක් නැති කිසිවෙකුට හොඳ විවේචනයක් කරන්න බෑ. සටන් කලාවක වගේම විවේචනයකදිත් අනෙකා පිළිබඳ ගැඹුරු ගෞරවය වැදගත්. නාසිස්මික විචාරයකදි නැති වෙන්නෙ ඒක.

ඒත් එන්න එන්නම ඩිජිටල් මාධ්‍ය බෝවීමත් එක්ක අපේ විවේචනය ඇකිලීගෙන යනවා. තමන්ගේ කුදු බවම මිස විවේචනයක ප‍්‍රමෝදය දෙන්න අසමත් වෙමින් යනවා. හිරිකිතයක්ම මිස ත‍්‍රිලක් ජනනය කරන්න බැරිවෙමින් යනවා. තේරෙන වචන වලින් කිව්වොත් විවේචනය ගූ වෙමින් යනවා.

විවේචනයක් ස්වභාවයෙන්ම රළුයි. ඒත් ඒ රළුබව බොරළු කැටයක ඉඳන් මහ මුහුදක් වෙනකල් වෙනස් වෙන්න පුළුවන්. විවේචනයක ආර්ට් එක කියන්නෙ ඒ රළු බවේ චමත්කාරය.

දේශපාලනය කරන්න වගේම විවේචනය කරන්නත් විශාල මමත්වයන්  ඕන කරනවා. අවාසනාවකට ලංකාවෙ දේශපාලනය කරන අය වගේම විවේචනය කරන අයත් ක්ෂුද්‍ර මමත්වයන්ගෙන් පීඩා විඳින අය. මේ හින්ද විශාල විෂයන් විදිහට අපිට මුනගැහෙන්නෙ තමන්ගේ කටු ඇතුලෙ තමන්ව හිර කර ගත්තු, හීනමාන පුංචි ජීවිත. අපේ ආර්ට් ඇතුලෙ, පොලිටික්ස් ඇතුලෙ, ක‍්‍රිටික්ස් ඇතුලෙ තියෙන ලොකුම අර්බුදය ඒක. පුංචි ජීවිත වල අර්බුද විශාල විෂයන් දක්වා මාරුවීම. එතකොට අපි දාර්ශනික හෝ විදග්ධ වචන යටින් බෙදා ගනිමින් ඉන්නෙ දෙකයි පණහෙ ගැලරි රසයක්.

අද අපි සංවාද වේදිකාවල විවේචන හෝ විචාර කියල දකින්නෙ මේ කෝන්තර. පත්තරවල, බ්ලොග්වල, ෆේස්බුක් වල කියවන්නෙ මේ පඩංගු විස්තර. වැඩියෙන්ම අර්බුදය වෙන්නෙ අපි මේවා කියවමින් ඉන්නෙ බුද්්ධිමය සංවාද කියන ලේබලය යටතෙ වෙන එක. මේ ගොඩනැගෙමින් යන හීනමානී විචාර කතිකාව ඉතා ඉක්මනින් ශරීරය කරා එනවා. ශරීරයෙන් ඈත් වෙමින් අදහස් සමග ගැටීමක් විදිහට නිර්මාණය වුණු විචාර විෂය නැවත අතින් පයින් බේරා ගැනීම දක්වා පල්ලම් බහිනවා. නාසිස්මික විචාරයේ තියෙන ගතිකයක් ඒක. තමන් විසින් අනුන්ව විවේචනය කළත් අනුන් විසින් තමන්ට කරන විවේචනය බාර ගන්න බැරිකම. ඉන් කුපිත වීම සහ ඊට පස්සෙ කුජීත වීම.

අපිට ලැජ්ජාවෙන් අහක බලන් ඉන්න සිද්ද වෙලා තියෙන ගොඩක් දාර්ශනික ගුටිකෙළ ගැනීම් වල යටිතලය මේක. නාසිස්මික ආවේගයන් එකිනෙකා මුනගැහීම. ඒ හරහා දරුණු අනන්‍යතා අර්බුදවලට යාම. න්‍යාය නෙමෙයි කලිසම පවා ගලවලා පැත්තකින් තියල තමන් ආරක්‍ෂා කර ගන්න දිවි හිමියෙන් සටන් වැදීම.
නාසිස්මික විචාර ඇබ්බැහියෙන් ගැලවෙන්න අපිට විවේචනයකදි විධි දෙකක් අභ්‍යාස කරන්න පුළුවන්. එකක් අපි හෝ මම වෙනුවට අදහසක් වෙනුවෙන් පෙනී සිටීම. අපිව ආරක්‍ෂා කරන්න යනවා වෙනුවට අදහස් ගැටෙමින්, සංසර්ගයේ යෙදෙමින් නව අදහස් බිහිවෙන්න ඉඩ හැරීම. දෙවෙනි එක පුද්ගලයෙක් වෙනුවට ක‍්‍රියාවක් අනෙකා කර ගැනීම. පුද්ගලික දේ වෙනුවට සමාජයට බලපාන ක‍්‍රියාව විවේචනයට පාදක කර ගන්න එක. අපි කරමින් ඉන්නෙම මේකෙ රිවර්ස් එක.

විවේචකයා අසූචි ගොඩක කුරුමිනියෙක් කියල මාර්ක් ට්වේන් කියපු කතාවට ඩැනියෙල් ඩෙනට් කියන මොඩර්න් දාර්ශනිකයා එක`ග වෙන්නෙ නෑ. එයා යෝජනා කරනවා විවේචකයාට/ විචාරකයාට එතනින් එහාට වැඩෙන්න පුළුවන් කියල. මේකට විවේචනාත්මක වෙන අතරෙම ත්‍යාගශීලී වෙන්නත් අවශ්‍යයි කියලයි ඩෙනට් කියන්නෙ. ‘පරාජය කිරීම වෙනුවට සත්‍යය මතු කර ගැනීම, සියල්ල පරදුවට තබා තමා නිවැරදි වීම වෙනුවට සාමූහිකව සිතීම වඩාත් පළල් තැනකට ගෙනයාම විවේචනයකදි අරමුණු කර ගන්න  ඕන කියල එයා විස්තර කරනවා.

මේ හැම කාරණයක්ම අදාල වෙන්නෙ එක කොන්දේසියක් උඩ.
ඒ අපි කොච්චර අපි කරමින් ඉන්න දේ ගැන දන්නවද කියන එක උඩ.

-චින්තන ධර්මදාස