Friday, April 27, 2018

2020 මොකද වෙන්නෙ?




2020 කවුද එන්නෙ කියල එක එක විදිහෙ කතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තං චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම් පසුගාමී වුනත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී වගේ සුළුතරයක් ඡුන්ද ප‍්‍රතික්‍ෂේප කිරීමකින් සෑහෙන්න ඉඩතියෙනවා. මේ හැම කතාවක්ම තරම් බලාපොරොත්තු සහගත ඒවා නෙමෙයි. වෙන විකල්පයක් නැති තැනදි තියෙන ඒවයින් වඩා හොඳ වගේ පේන එකක් අකමැත්තෙන් හරි තෝරාගැනීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.

ඒත් විකල්ප නෑ කියන්නෙ ග‍්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්න කාලය ඇවිත් කියන එකයි. අලූත් තාක්ෂණය සහ සන්නිවේදනය විසින් යෝජනා කරන අලූත් වටපිටාවට පවතින මොනම දේශපාලනයක් වුනත් නොගැලපෙන වග සහතිකයි. නිසි දිශානතියක් නොවෙන තැන අනන්යතා අර්බුදයකට මුහුනදෙන අලූතෙන් ඡුන්ද හිමිවෙන පරම්පරාව ආයිමත් හම්පඩ ජාතිවාදී රවනතා පැත්තට හැරෙන්නෙ මේ නොගැලපීම නිසාමයි.

 කට්ටියක් විවෘත වීම ඉදිරියේ නැවත ගුහා ඇතුලට රිංගීම තෝරා ගන්නා අතරෙ තවත් වැඩි පිරිසක් දේශපාලනය නොතකා හරිමින් ඉන්නවා. පොලිටික්ස් කියන එක ගොඬේ මාතෘකාවක් වෙන අතරෙ ඡුන්දය දානවා කියන එකම තේරුමක් නැති සම්ප‍්‍රදායක් වෙමින් තියෙනවා. මේ පාර ඡුන්දෙදි ඡුන්දෙ දාන්න කියලා පවා වෙනම ප‍්‍රචාරයක් ගෙනියන්න ආන්ඩුවට සිද්ද වුනෙත් මේ නිසාමයි. මේ තත්වය ඉදිරියෙදි තව තවත් වැඩිවෙන්න නියමිතයි. ඒකෙන් වෙන්නෙ රටේ තීරණ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දිය හැකි බුද්දිමත් තරුණ පිරිස් දේශපාලනයෙන් අයින් වෙන එක. තව තවත් මෝඩයන් අතටම තීරණ ගැනීමේ ඉඩකඩ ලබාදෙන එක. රට ඇතුලෙම වෙනස් විදිහක ඩයස්පෝරාවක් නිර්මාණය වෙන එක. මේ කොයි එකක් වුනත් ඒක තරම් සුබදායී තත්වයක් වෙන්නෙ නෑ.

2020 කියන්නෙ අලූත් දේශපාලනයක ආරම්භයක් විදිහටයි මං දකින්නෙ. මානව අයිතිවාසිකම් සහ නිදහස අවධාරණය කරන, මිත්යාව වෙනුවට විද්‍යාව හොයාගෙන යන, ආගම්වාද ජාතිවාද වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන, නව ආර්ථික ක‍්‍රමෝපායන් සහ සැලසුම් වෙනුවෙන් උනන්දුවෙන, විශේෂයෙන්ම ඔන්ලයින් ලෝකය එක්ක බැඳුණු නව දේශපාලන සංස්කෘතියක යෝජනාවක් 2020 අවශ් වෙනවා. ග‍්‍රාමීය දේශපාලන මතවාද ගැටුම් වෙනුවට ශිෂ්ට නාගරික දේශපාලනයක ලොකු හිඩැසක් මේ වෙද්දි ඇතිවෙමින් තියෙනවා. හිඩැස පුරවන්න පවතින කිසිම දේශපාලන පක්ෂයක මතවාදය අසමත් වෙලා තියෙනවා.

මේක එක්තරා විදිහක හීනයක්. හීන පැත්තෙන් ගත්තත් අතිශය බොළඳ හීනයක්. එහෙම පුළුවන්ද අලූත් පක්ෂ පටන්ගන්න? එහෙම පක්ෂයකට බිම්මට්ටමේ මිනිස් සමූහයක් එකතු වෙයිද? කොහෙන්ද අරමුදල් එන්නෙ? ඔය විදිහට ඒකෙ අතාර්කිකත්වය පෙන්නන්න දහසකුත් එකක් ප‍්‍රශ්න එන්න පුළුවන්. ප‍්‍රශ්නවලට සංයුක්ත විසඳුම් හොයන්න ට‍්‍රයි කරනවා කියන්නෙම අපි පරණ දේශපාලනයටම ආපහු යනවා කියන එකයි. මොකද මේ රශ්න කිරීම් සියල්ල නිර්මාණය වෙන්නෙ පරණ දේශපාලන අත්දැකීම් උඩ. අලූත් දෙයක් පටන්ගන්න  ඕන අලූත් තැනකින්. පරණ ප‍්‍රශ්න පත්තරවලට උත්තර ලියන එකෙන් අලූත් දැනුමක් නිර්මාණය වෙන්නෙ නෑ.

අදාල වෙන්නෙ එක කාරණයයි. අපේ ජීවිතයට අවශ් දේශපාලනය රටේ පවතින දේශපාලනය කියන එක ඇතුලෙ නියෝජනය නොවීම. ඞීල් දාන, පරණ බල ප‍්‍රයෝගයන්  උඩම පවතින, දැක්මක් නැති, ගෝත‍්‍රික බහුතරයක උවමනාවන් නියෝජනය කරන දේශපාලනයක් කියන්නෙ අපේ ජීවිතෙන් බැහැර කරන රියාවලියක් වීම. වෙනුවට වෙනස් අරමුණු කරා යන, වෙනස් දැක්මන් සහිත, වෙනස් පුරවැසි ජීවිතයක් යෝජනා කරන දේශපාලනයක් අපිට අවශ් වීම.
ඒක අවශ් වෙන්නෙ කීයෙන් කී දෙනාටද?

අඩුම තරමෙ මට එහෙම එකක් අවශ්යයි. මං දේශපාලනය කියල විශ්වාස කරන්නෙ එහෙම එකක්. ඒක මාක්ස්වත්, වෙබර්වත්, මැකියාවෙලි, හොබ්ස්, ලොක්, රූසොවත් කියපු එකක් නෙමෙයි. අලූත් අන්තර්ජාල අවකාශය ඇතුලෙ අපේ ජීවිත ලෝකයත් එක්ක සම්බන්දවීමෙන් ඇතිවුණු නව පුරවැසි සවිඥානකත්වයෙන් ඉල්ලා සිටින හැඩයක්.

ඒක පක්ෂයක්ද, කණ්ඩායමක්ද, නැත්තං අදහසක්ද කියන එක වැදගත් නෑ. වැදගත් වෙන්නෙ අලූත් හැඩය නිර්මාණය කිරීම වෙනුවෙන් එකතු වීම විතරයි. 2020 දි මේ අලූත් පුරවැසියා වෙනුවෙන් සංවිධානය වීම සහ `ඩනැගීම කියන්නෙම ජයග‍්‍රහණයක්. අනිත් හැම තෝරාගැනීමක්ම  අවසානයේදී  පරාජයක්.




Friday, April 20, 2018

කංසා කියන්නෙ නිදහස




කංසා නීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක් හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්ද එකක්. මම කැමැත්තෙන් පරිභෝජනය කරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයට හානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුනු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියන එකයි මගේ පිලිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, වෙනුවෙන් දඩුවම් පැමිනවීම, එය වරදක් කරගනිමින් පීඩා පැමිනවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ගැන රශ්න ඇති කරන තත්වයක්. රජයක් කියන්නෙ මට ජීවත්විය යුතු ආකාරය කියල දෙන්න ආපු ආයතනයක් නෙමෙයි. ආන්ඩුවකින් හෝ පොලිසියකින් මගේ විනය හදන්න  ඕන කියල මං විශ්වාස කරන්නෙ නෑ. නිසා කංසා හෝ වෙනත්  ඕනෑම මත්ද්රව්යයක් විසින් සමාජයේ අනෙකාට හිරිහැරයක්, පීඩාවක් ඇති කරනවා කියල රමාණවත් සාක්ෂි නැතුව එය පාවිච්චිය වරදක් කිරීම රජයක බලහත්කාරයක්. පුරවැසියෙක් හැටියට මට කරන අවමානයක්.

මම මත්ද්රව් පාවිච්චි නොකරනවා වෙන්න පුළුවන්. ඒත් මට හෝ වෙනත් කිසිම කෙනෙකුට එය පාවිච්චි කිරීමට කෙනෙකුට ඇති අයිතිය උදුරාගන්න බෑ. සියලූ මත්ද්රව්යයන් කියන්නෙ මනසේ විවිධ තලයන්වල සැරිසැරීමට තියෙන රවේශපත. රොකට්ටුව, ගුවන් යානය, සබ්මැරීනය වගේම මනස ඇතුලෙ එහේ මෙහේ යාතරා කරන්න තියෙන මාර්ග. ගැන පැනවෙන හැම තහංචියක්ම විවිධ රටවල දේශයන්වල සැරිසැරීමට අපිට ඇති අයිතිය පැහැර ගැනීමක් හා සමානයි.

රජයක් විසින් කළ යුත්තේ මත්ද්රව්යයේ ඇති හානි පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරිමේ රවේශයන් ගන්න එකයි. හානි අවමවන තාක්ෂණයන් සහ රමවේදයන් හඳුන්වාදෙන එකයි. මත්ද්රව් නිෂ්පාදනයන් දිරිමත් කරන රියාමාර්ග නොගැනීමයි. ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක වගකීමක් ඇති පුරවැසියන් විසින් කරගත යුතු දෙයක්. රජයක් අවශ් නෑ තාත්තගේ වැඬේ කරන්න. අපේ රටේ කාලෙක ආණ්ඩු කරන්න අප්පච්චි කෙනෙක්  ඕනවෙලා හිටියට ඒක රජයක කාර්යය නෙමෙයි.

ඒත් ජනතාවගේ සෞඛ් සම්බන්ද නොයෙක් හේතු කියමින් ලෝකෙ පුරාම රජයන් මත්ද්රව් තහනමට වැඩ කරනවා. මේ නීති හරහා දඩ ගැසීමේ සහ සිරගත කිරීමේ සිට වෙඩි තබා මරා දැමීම දක්වා පීඩනයන් ජනතාව මත මුදාහරිනවා.  හරහා පුරවැසියන්ගේ නිදහස නෙමෙයි ජීවිත පවා ඍජුව අවතක්සේරු කරනවා විතරක් නෙමෙයි වකරව මත්ද්රව් නිෂ්පාදනයට සහ බෙදා හැරීමට පාතාල රමවේදයන් නිර්මාණය වෙන්න අවශ් තත්ව සම්පාදනය හරහා ජන ජීවිත අවදානමේ හෙලනවා. මත්ද්රව් තහනම වෙනුවට කළමනාකරණය කියන රවේශය ගන්න රජයන් පරිනත වුනා නම් ලෝකෙ පුරාම පාතාල රියාදාමයන් බොහොමයක් අවම කරගන්න තිබුන. ඒත් ආන්ඩු සහ තහනම් ව්යාපාර අතර ඞීල් එක වෙනස්. ඒක ඇත්තටම ජනතා සුබසාධනය සම්බන්ද කාරණයක් නෙමෙයි. ලාබය සම්බන්ද කාරණයක්.

උදා විදිහට ඉතිහාසයේ කිසිම දවසක කංසා  ඕවර්ඩෝස් වීමෙන් සිද්ද වුන මරණයක් ලෝකෙ කොතනකින්වත් වාර්තා වෙලා නෑ. වෙනුවට අනුමත ඖෂධ  ඕවර්ඩෝස් වීමෙන් අවුරුද්දකට 40,000 ආසන්න පිරිසක් මැරෙනවා. ඒත් කංසා පාවිච්චිය නීති විරෝදී කරලා හානි සිදුවෙන බවට සාක්ෂි තියෙන ඖෂධ නිදහස් කරනවා.

විශේෂයෙන්ම කංසා ගත්තොත් ඒකෙන් සිදුවෙනවා කියල කියන හානිය පවා දුම්කොල සහ ඇල්කොහොල්වලට වඩා බෙහෙවින්ම අඩුයි. කංසා වලට කෙනෙක් ඇබ්බැහිවෙන්න තියෙන්නෙ 0.91 ඉඩක් විතරයි. කියන්නෙ ඇබ්බැහියක් නෑ කියන එකයි. ඒත් නීතිගත සිගරට් වලට කෙනෙක් ඇබ්බැහිවීමේ රතිශතය 30%ක් වෙනවා. ඒක කොකේන් තරමෙම ඇබ්බැහියක්. කොටින්ම මහා මත් රකුසා කියන හෙරොයින්වලට කෙනෙක් ඇබ්බැහිවෙන ඉඩකඩ තියෙන්නෙත් 5%ක් විතරයි. ඒත් සිගරට් නීතිගතයි. කංසා නීති විරෝධීයි. මේ තහනම පිටිපස්සෙ තියෙන්නෙ කොහෙත්ම මිනිස්සුන්ගෙ සෞඛ් සම්බන්ද කාරණා නෙමෙයි. අපේ වගේ රටක නං ඔහේ වෙන රටවල් කරන දේ කරගෙන යාමක් විතරයි.

කංසා කියන්නෙ තහනම් කළ යුතු ශාඛයක් නෙමෙයි වහවහා වගා කළ යුතු ශාඛයක් කියන එකට ලෝකෙ පුරාම විවිධාකරයෙන් ජනතා `ඩනැගීම් සිද්ද වුනා. පිළිකා රෝගීන් වෙනුවෙන් කංසා මගින් ලබා දිය හැකි රතිකාරවල පටන් ආතතිය ලිහිල් කිරීමට, ග්ලූකොමා රෝගීන්ට, දියවැඩියාවට ආදී එකීනොකී අටඅනූවක් ලෙඩවලට කංසා මගින් නිපදවිය හැකි ඖෂධ ගැන පර්යේෂණ කෙරුනා. බොහොමයක් ධනාත්මක රතිඵල ලබාගත්තා. වගේම අනෙක් පැත්තෙන් කංසාවලට විරුද්දව සෞඛ් බලධාරීන් විසින් ගතානුගතිකව ගොඩනගාගෙන සිටි කාරණා උන්මත්තක වීමේ සිට අපරාධවලට යොමුවීම, ගේට් වේ රග් එකක් හැටියට රියාකාරීම වගේ දේවල් පදනම් විරහිත බව ඔප්පු කෙරුණා.

උදා විදිහට අපරාධකරුවො ගත්තොත් ලෝකෙ පුරාම වුනත් කංසාවලට හෝ වෙන මොනම රග් එකකටත් වඩා සිගරට් සහ ඇල්කොහොල්වලට සමීප අය. කංසා වගේ දෙයක් නීති විරෝදී හින්ද නීතියට එපිටින් තියෙන සමාජ පරිසරවල වැඩිපුර සැරිසරන ඉඩකුත් ස්වභාවිකව තියෙනවා. මේ දේවල් එක්ක තාර්කිකව බැලූවොත් කංසාවලට වඩා ඇල්කොහොල් හෝ ටොබැකො අපරාධවලට සම්බන්දයි කියලයි නිගමනය කරන්න වෙන්නෙ. ඒත් කංසා එතනට සම්බන්ද කිරීම මිනිස්සුන්ව දැන දැන නොමග යැවීමක්.
ගේට්වේ රග් එකක් කියන කාරණය වුනත් මෙහෙමමයි. බොහොමයක් මත්ද්රව් වර්ග පාවිච්චි වෙන්නෙ ඇල්කොහොල් එක්කයි. ඒත් ඇල්කොහොල් ගේට්වේ රග් එකක් විදිහට ගන්නෙ නැති සෞඛ් ලොක්කො එහෙම කිසිදු සාක්ෂියක් නැති කංසා ගැන එහෙම භීතියක් මවනවා. භීතිය හරහා තහනම සාධාරණීකරනය කරනවා.
\
කංසා ගත්තොත් මත්ද්රව්යයක් විදිහට මෙහෙම අපවාදයට සහ අපකීර්තියට බඳුන් කරන්න කලින් දීර්ග ආධ්යාත්මික ඉතිහාසයක් තියෙන ගහක්. ආයූර්වේදයට වගේම භාවනාවට කංසාවලින් කොහෙත්ම වෙන්ව පවතින්න බෑ. කංසාවලට ත්රෛලෝකවිජයා කියන නම හැදෙන්නෙම තියෙන ආධ්යාත්මික ශක්තිය මුල් කරගත්ත කාරණා හරහා. මේ ආසියාතිකව ඇති ආධ්යාත්මික උරුමයත් බටහිර කංසා තහනම හරහා අපේ රජයන් අපෙන් උදුරාගත්තා. ඒක ඇත්තටම රජය විසින් කරපු අපරාධයක් හැටියටයි ගන්න වෙන්නෙ.

කංසා තහනම උඩ රටේ කීදෙනෙක් අත්අඩංගුවට ගන්නවද? හිරගෙවල්වල දානවද? තහනමේ බොරු කණ්ණාඩි ගලවලා බැලූවොත් වෙලා තියෙන්නෙ ගහක් වවපු සාමාන් මිනිහෙක් අපරාධකාරයෙක් හැටියට හංවඩු ගැහීමක්. සමාජයට හානියක් නොකළ කවුරුන් හෝ මිනිහෙක් වරදකාරයෙක් කිරීම හරහා ඔහුට හෝ ඇයට පාතාල ජීවිතයක් ගත කරනවා විනා වෙනත් විකල්පයක් අහිමි කිරීමක්. හිරගෙවල් කියන්නෙ අපරාධකරුවන් නිර්මාණය කරන විශ්ව විද්යාල මිස පුනරුත්තාපන ආයතන නෙමෙයි. කංසා තහනම හරහා නිකරුනේ සාමාන් මිනිස්සු අපරාධකාරයන් බවට පත්කරනවා.
වගේම මේ නඩු සහ හිරගෙවල් පුරවමින් පවත්වාගෙන යන්න සිද්ද වෙන වියදම්. මේවා ඇත්තටම ජනතා මුදල් නාස්ති කිරීම් විතරයි. සමාජයට හානිදායක නොවෙන යම් නිෂ්පාදනයක හෝ සේවාවක යෙදීම වරදක් කරමින් මිනිහට ලේබල් ගසමින් දඩුවම් කරන්නට මිනිස්සුන්ගෙ බදු සල්ලිම වියදම් කිරිම තකතීරුකමක්. කංසා තහනම ඉවත් කිරීම හරහා මේ වියදම් කපාහැරීමෙන් රජයට ලොකු ඉතිරියක් කරන්න පුළුවන් වෙනවා.

ලෝකෙ පුරාම කංසාවලට පක්ෂ විද්යාත්මක සොයාගැනීම් එක්ක සමගාමීව රජයන් විසින් කංසා නීතිගත කිරීමේ රැුල්ලක් පැතිරෙන්න පටන් අරන්. මේක කංසා රැුල්ලකට වඩා ඇත්තටම ආර්තික රැුල්ලක්. මේ හරහා නීතිගත කරන රටවල් අනෙක් රටවලට නැති අවසරයකින් විශාල ලාබ උපයන්න පටන් ගන්නවා. ඇම්ස්ටර්ඩෑම් කියන්නෙ කාලෙකට කලින්ම මේ නිදහස ලබාදෙමින් තමන්ගේ ආර්තිකය පුළුල් කරගත්ත රටක්. ලෝකෙ හැම රටක්ම මේ නිදහස ලබාදුන්නට පස්සෙ අන්තිමට මේක කරන්න බලන් ඉන්න ලංකාව වගේ රටක් ඇත්තටම කරමින් ඉන්නෙ රත්තරං වටින අවස්ථාවක් දිහා ඇස්කන් පියාගෙන බලන් ඉන්න එකයි.

කංසා පදනම් කරගත්ත ඖෂධ නිෂ්පාදනයට වගේම කඩදාසි (මුල්ම බයිබලය මුද්රණය වුනෙත් කංසාවලින් නිෂ්පාදිත කඩදාසි මතයි), කඹ, රූපලාවන් නිෂ්පාදන ආදී හිතාගන්නවත් බැරි තරම් අලූත් නිෂ්පාදනය තොගයකට දොරවල් ඇරෙනවා. මේ අලූත් ඉල්ලූම වෙනුවෙන් විශාල වගාකිරීමක් අවශ් වෙනවා. මේ වගාවට ඉදිරිපත් වෙන රටවල් ලාබ උපයනවා.

වගේම මේ නිදහස හරහා විශාල සංචාරක ආකර්ශනයක් ලැබෙනවා. කංසා පදනම් කරගත්ත ආහාරපාන, මනස නිවන විවේකාගාර ආදී අලූත් රවේශයක් සංචාරක කර්මාන්තයට නිර්මාණය වෙනවා. මේ වෙනුවෙන් ඇදෙන විශාල විදේශිකයන් පිරිසක් විශේෂයෙන්ම අපේ වගේ නිවර්තන කලාපීය ¥පත් වලට නිවාඩු ගත කරන්න එනවා. මේ ආශරිතව නිර්මාණය වෙන ආධ්යාත්මික කලාපයනුත් මේ සංචාරක ව්යාපාරයට එකතු කිරීමක් වෙනවා.

මේ වගාවන් හරහා මෙතෙක් ආර්තිකයේ නොපැවතුණු රැකියා රාශියක් අලූතෙන් උත්පාදනය වෙනවා. ලෝකෙ පුරා කංසා නීතිගත කරපු රටවල මේ රැකියා වෙනුවෙන් විශාල ඉල්ලූමක් ඇතිවෙමින් තියෙනවා. ග්රෝ මාස්ටර්ස්ලා, කියන්නෙ නොයෙක්  රබේදවල කංසා වවන එක බාර කට්ටිය, ස්ටෝර් මැනේජර්ස්ලා, කංසාවලින් රසායන එක්ස්ටරැක්ට් කරන ටෙක්නීෂියන්ස්ලා, බඞ් ටිරම් කරමින් පැලය රැුකබලාගන්නා පිරිස්, කංසා ව්යාපාර අයිතිකරුවන් ආදී නව රැුකියා ක්ෂේතරයක් මෙතන විවෘත වෙනවා. මං වුනත් කංසා නීතිගත කරපු දවසක මේ හැම දෙයක්ම නවත්තලා මගේම කංසා වගාවක් පටන් ගන්නවා. සම්බන්ද ප්රොඩක්ට් සීරීස් එකක් නිර්මාණය කරනවා. ඒක තමයි මගේ හීනෙ. ආණ්ඩුව මෝඩයෙක් වගේ මේ වෙලාවෙ මගේ හීනෙට හරහට ඉන්නවා.

කංසා කියන්නෙ තහනම් කරන්න නෙමෙයි පර්යේෂණ පවත්වමින්, විවිධ ඇවනියු නිර්මාණය කරමින් වහාම වගා ආරම්භ කළ යුතු ශාඛයක්. පාඩු ලබමින් අක්කර ගනං කුඹුරුවලට නාස්ති කරනවා වෙනුවට රජය ඉදිරි දැක්මකින් යුතුව වහාම මේ ආර්තික රතිලාබය ජනතාවට අත්කර දෙන්න පියවර ගත යුතුයි. වෙනුවෙන් විරුද්දව නැගෙන සාම්පරදායික අතාර්කික මතයන් පරාජය කරන්න දැනුවත් කිරීම් ආරම්භ කළ යුතුයි. ජනතාව හැටියට නිදහස් මනසකින් යුතුව අපි කංසා නීතිගත කිරීම වෙනුවෙන් දිගටම රජයට බලකළ යුතුයි. ආසියාතික කලාපයේ අනෙක් රටවලට කලින් මේ නිදහස ලබා දීම හරහා අපට දිනාගත හැකි සුවිශේෂතාවයන් වෙනුවෙන් මේ ගමන වේගවත් කළ යුතුයි.