Thursday, December 20, 2018

නව ලිබරල්වාදය ඉවර නෑ



ලංකාවෙ ගොඩක් අය මේ වෙද්දි නව ලිබරල්වාදය කුනුහරුපයක් විදිහට සලකමින් ඉන්නවා. මේ අදහස ඇත්තටම ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයේ වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් ආපු මතයකට වඩා වමේ කන්ඩායම් ඔහේ කියන කාරනා මත පදනම් වෙලා එල්ලූන මතවාදයන්. පෞද්ගලීකරනය, රාජ්‍ය මැදිහත්වීම අවම කිරීම, වෙළඳපොල මූලික තීරණ ආදිය ගැන තමයි ප‍්‍රධානවම විරෝධය එල්ලවෙන්නෙ. ඒත් මගේ අදහස ලංකාවට නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි කියන එකයි. මේ නම වෙනස් වෙන්න පුළුවන්. නැත්තං සමහර පියවර අපිට ගැලපෙන විදිහට සංශෝධනය වෙන්න පුළුවන්. ඒත් නව ලිබරල්වාදය ඇතුලෙ ලෝකෙ මේ වෙද්දිත් අත්පත් කරගනිමින් ඉන්න සංවර්ධනයන් කොහෙත්ම සුලූකොට තකන්න බෑ. ඇත්තටම ලෝකෙ වඩාත්ම දියුණු තත්වයන් අත්පත් කරගත්තෙ සමාජවාදය හෝ වෙනයම් මහ ඉහලින් වර්ණනා කරන අදහස් පද්ධතියක් නිසා නෙමෙයි කෝකටත් ලේසියට බැනවදිමින් නැවත වැළඳගනිමින් ඉන්න නව ලිබරල් අදහස් ආර්තික ක‍්‍රියාවලියක් ඇතුලෙයි.

මේ ගැන යොහාන් නෝර්බර්ග් කියන ස්වීඩන් ජාතිකයා ප්‍රොග‍්‍රස් කියල පොතක් ලියනවා. එයා සම්මානනීය ආර්තික විද ්‍යාඥයෙක්. ඒ වගේම සමාජ න්‍යායවේදියෙක්. නව ලිබරල්වාදය ලෝකෙන් ප‍්‍රතික්‍ෂේප වෙමින් යනවා කියල අදහන වමේ ළාබාල මනස්වලට යොහාන් එයාගෙ පොත ගැන ඉන්ටවිව් එකකදි හිතන්න වටින කාරණා ටිකක් ඉදිරිපත් කරනවා.

ප‍්‍රශ්නය- ඔයාගෙ පොතේ තියෙන විදිහට දේවල් එන්න එන්නම හොඳ අතට හැරෙනවා. මොනවද එහෙම වෙන්නෙ?

යොහාන්- මූලිකවම ලෝකෙ එන්න එන්නම හොඳ වෙනවා. සමාජය, ආර්ථිකය, සංස්කෘතිය. හැබැයි දේශපාලනය නම් එහෙම වෙන්නෙ නෑ. දේශපාලකයො කරන දේවල් ඔවුන් අපේ නිදහස එක්ක කරන සෙල්ලම් ගැන ප‍්‍රවෘත්ති දකිද්දි මාත් ඩිප්‍රෙස් වෙනවා.  ඒත් මේ පොතෙන් කියන්නෙ මිනිස්සු විසින් ඔවුන්ට අලූත් සහ වෙනස් අදහස් හොයාගෙන යන්න නිදහස තියෙද්දි කරන දේවල් ගැන. පහුගිය අවුරුදු 25 ගැන කතා කරද්දි අපි පුරුද්දට කියන්නෙ කැපිටලිසම් සහ නියෝලිබරලිසම් ලොකු අවුලක් ඇති කළා කියල. ඒත් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ. අපි ලෝකෙ මන්දපෝෂණය 40%කින් අඩු කරලා  තියෙනවා. ළමා මරණ සහ සාක්ෂරතාව නොමැතිවීම අඩකින් විතර අඩු කරගෙන තියෙනවා. අන්ත දුක්ඛිතබව 37% ඉඳන් 10%ට අඩු කරගෙන තියෙනවා. හැම මිනිත්තුවකදිම මිනිස්සු 100ක් දුප්පත්කමෙන් ගොඩ එනවා.

ප‍්‍රශ්නය- ඒත් දැන් අලූතෙන් නැගී එන ජාතිවාදී සහ සෙනෆෝබික් පිබිදීම් ඔබ දකින්නෙ කොහොමද ?

යොහාන්- මං මේ පොත ලිව්වෙ ලෝකෙ ගැන මට ආපු සතුටට නෙමෙයි. ඒ ගැන මට දැනුන බය හින්ද. මොකද මිනිස්සු හිතනවා ලෝකෙ තියෙන්නෙ අවුලක කියල. මිනිස්සු හිතනවා ලෝකෙ තියෙන්නෙ ගිනි ගනිමින් කියල. වැරදි හේතු මත ඒ ගොල්ලො එහෙම හිතනවා. එක විදිහකට අපි තොරතුරු පරිභෝජනය කරන විදිහ සහ දේශපාලකයන් මිනිස්සුන්ව බය කරන එක ඒකට හේතු වෙන්න පුළුවන්. එහෙම බය කළාම මිනිස්සු ආරක්ෂාවක් ඉල්ලනවා. ශක්තිමත් පාලකයන්ව ඉල්ලනවා.

මේ බයවෙන මිනිස්සු ටොලරන්ට් නැති අය. ඒ ගොල්ලො ලිබරල් නෑ. ඒ ගොල්ලො මිනිස්සු විසින් දේශසීමා තරණය කරමින්,  වෙළඳපොල දියුනු කරමින් ඉන්නවා කියල දකින්නෙ නෑ.

ප‍්‍රශ්නය- ඒත් ඇයි මිනිස්සු එහෙම බය වෙන්නෙ? අපේ සීයලා අවුරුදු 30 ජීවත්වෙද්දි අපි අවුරුදු 70ක් ජීවත්වෙනවා නම් ඇයි අපි එහෙම කතා විශ්වාස කරන්නෙ?

යොහාන් - මං හිතන්නෙ අපි බය වෙන්නෙ අපිට නැති වෙන්න ගොඩක් දේවල් තියෙන හින්දමයි. අපිට දැන් තියෙනවා සුවපහසු ජීවිත ක‍්‍රමයක්. ඒත් ලෝකෙ හරි අමුතුයි. අපිට තේරුම් ගන්න බෑ මොකක්ද වෙන්න යන්නෙ කියල. ඒක හරියටම එකම කාසියෙ දෙපැත්තක් වගේ. මොකද ජීවිතේ සැපවත් මිනිස්සු හිතන්නෙම ඒ ගොල්ලොන්ට නැතිවෙන්නෙ මොකක්ද කියන එකයි. මං චීනෙට ඉන්දියාවට වියට්නාමෙට ගියාම මට මුනගැහිලා තියෙනවා ඉතාම සුබවාදී මිනිස්සු. ඒ ගොල්ලො හිතන්නෙ අලූත් බිස්නස් මොඩල්ස්, ටෙක්නොලොජීස් වලින් ඒ ගොල්ලොන්ගෙ ජීවිත වඩා දියුණු කරන ආකාර ගැන. ඒත් ඇමරිකාව යුරෝපය වගේ රටවල මිනිස්සු ඩිප්‍රෙස් වෙලා. ඒ ගොල්ලො ගොඩක් බයෙන් ඉන්නෙ ලෝකෙ මොකක්ද වෙන්නෙ කියල. ඒ ගොල්ලො ප‍්‍රවෘත්ති බලලා බය වෙනවා. ඒ ගොල්ලො දන්නෙ නෑ සිද්ද වෙන අපරාධ පහුගිය අවුරුදු 20දි  බාගෙකින් අඩුවෙලා කියල. ඒ ගොල්ලො දකින්නෙ එක සීරියල් මර්ඩරර් කෙනෙක් ගැන කතාවක් වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා හින්ද අපි ඒ ප‍්‍රවෘත්ති ත‍්‍රස්තවාදය, මූල්‍ය අර්බුදය, නව භූදේශපාලන තත්වයන් ආදී නොයෙක් දේවල් එක්ක ගැටගහගන්නවා.  මිනිස්සු තවදුරටත් දන්නෙ නෑ මොකක්ද වෙන්නෙ කියල. ඒ ගොල්ලොන්ට  ඕනවෙනවා හැමදේම ආරක්ෂිත යැයි හැගීමක් දෙන කවුරු හරි දැවැන්ත චරිතයක්.

ප‍්‍රශ්නය- ඇත්තටම ඔබේ පොතේ දක්වන දත්තයන් ගත්තොත් ඒවා විකල්ප දත්තයන් නෙමෙයි. ඒවා පිලිගත් වාර්තාගත දත්ත මත පදනම් වෙලා තියෙන්නෙ. ඔයා ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන කියනකොට එයා නෙගටිව්, අසුබවාදී නැරටිව් එකක් සමාජගත කරන අර කියන වර්ගයේ දැවැන්ත චරිතයක්. එයා තමයි එකම විසඳුම වගේ මවාපෑමක්.  දශක ගානක් තිස්සෙ හැම විදිහකම අපරාධ අඩුවෙලා අඩුවෙලා යද්දි ඇයි මිනිස්සු මේ වගේ දෙයක් විශ්වාස කරන්නෙ කියන එක හරිම පුදුමයක්. ට‍්‍රම්ප් කැම්පේන් කළේ ලෝ ඇන්ඞ් ඔර්ඩර් ආපහු ගේන්න එයා එන්න  ඕන කියල. ඒක අපරාධ රැුල්ල වැඩිවෙමින් ගිය 60-70 දශකෙ නම් පුදුමයක් නෙමෙයි. ඒත් මිනිස්සු ඇයි ට‍්‍රම්ප්ගෙ කතා විශ්වාස කරන්නෙ? වොෂින්ටන් ඞීසී ගත්තොත් කාලෙකට ඉස්සර ලේ ගලන අපරාද සිද්ද වෙච්ච නගර කොන්වල දැන් තියෙන්නෙ ගෝමේ ඩෝග් බිස්කට් සාප්පු. ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා හොඳ අතට. එක විදිහකට මට හිතෙනවා මේක දේශපාලනය කියන සාධකය හැසිරෙන විදිහෙ වරදක්ද කියල. දේශපාලනය විසින් ඊට ඔබ්බෙන් සිදුවන සියලූ සාර්තක වෙනස්කම් අමතක කරලා සියල්ල නැවත ඒකට අවශ්‍ය නෙගටිව් රවුම ඇතුලට ඇදලා ගන්නවද කියල මට හිතෙනවා.

යොහාන්- අපි හිතලා බැලූවොත් ආපස්සට, කාර්මික විප්ලවය කාලෙ තමයි අපි දුප්පත්කම කියන එක හොයාගත්තෙ. ඒ කාලෙ තමයි අපි ළමා ශ‍්‍රමය කියන එක හඳුනගත්තෙ. ඒවා ගැන අපි උනන්දු වෙලා දේශපාලකයන්ගෙන් අහන්න ගත්තා ඇයි මේවා ගැන මොකුත් කරන්නෙ නැත්තෙ කියල. ඒ දේවල් වැඩිවුන හින්ද නෙමෙයි. ඇත්තටම ඒ දේවල් අඩුවෙමිනුයි තිබුනෙ. මිනිස්සු හිතන්න පටන් අරන් තිබුනා අපිට ඇයි වැදගත් සුවපහසු ජීවිතයක් ගත කරන්න බැරි කියල. ඒකට බාධා කරන තත්වයන් මිනිස්සු ප‍්‍රශ්න කළා. අපරාධ ගැන තත්වයත් එහෙමමයි. ඒක තවදුරටත් ගනන් ගන්නෙ නැති දෙයක් නෙමෙයි. මිනිස්සු ඒකට විරුද්දව නැගී සිටිනවා. ඒවා නතර කරන්න බලධාරීන්ව පොළඹවනවා. ඒක ලේසියෙන්ම ජනතාවාදය විසින් පාවිච්චි කරන්න පුළුවන් තත්වයක්.  ඒ ගොල්ලොන්ට පුළුවන් මේ හැම දෙයක් ගැනම අනතුරක් මවාපාලා ලේසියෙන්ම ජනප‍්‍රිය වෙන්න.

ප‍්‍රශ්නය- ඔයා එකගවෙනවා මේකම නොවුනත් මීට සමාන තත්වයක් යුරෝපයෙත් සිද්ද වෙනවා කියන එක. ඒක අහම්බයක් නෙමෙයි සාපේක්ෂව ධනවත් රටවලම මේ තත්වෙ දකින්න තියෙන එක.

යොහාන්- ඔව් ඒකට අපිට කියන්න පුළුවන් ව්‍යසන කාංසාව නැත්තං කලැප්ස් ඇන්සයටි කියල. හොඳ ජීවිතයක් තියෙද්දියි මේක ඇතිවෙන්නෙ.

ප‍්‍රශ්නය- ඒක එක විදිහක සුඛෝපභෝගිතාවයක්. දුප්පත් රටවලට ඒ විදිහෙ මායාවක් වෙනුවෙන් ආයෝජනය කරන්න බැරිවෙනවා.

යොහාන්- ඔව් පරණ කතාවක් තියෙනවා. ඔයාට තියෙන්නෙ කෑම නැති ප‍්‍රශ්නයක් නම් ඔයාට තියෙන්නෙ එක ප‍්‍රශ්නයයි. ඒත් කෑම තිබුනොත් ඔයාට ප‍්‍රශ්න දාහක් තියෙනවා කියල.

ප‍්‍රශ්නය- ඔයා තරුණ ශිෂ්‍යයො එහෙම ගත්තොත් ඒ ගොල්ලො මේක දකින්නෙ කොහොමද? ඉතිහාසය සුබවාදීව අරගෙන ඉදිරිය කළමනාකරනය කරනවද නැත්තං අසුබවාදී දැක්මක හිරවෙලාද?

යොහාන්- ඔව් මං හිතනවා ඒ ගොල්ලො තමයි  අපේ අනාගතය කියල. ලෝකෙ කොහෙවත් කවුරුවත් දේශපාලකයො විශ්වාස කරන්නෙ නෑ. ඒක වොෂින්ටන් වුනත් බ‍්‍රසල්ස් වුනත් වෙනසක් නෑ. ඒත් ටිකක් වැඩිමහල් පරම්පරාව හිතනවා ඔක්කොම දේශපාලකයො අසමත් වෙලා ඉන්න නිසා අපිට  ඕන වඩා ශක්තිමත් පාලකයෙක් කියල. හැමදේම විසඳන්න එක ලොකු විසඳුමක් ඒ ගොල්ලොන්ට  ඕන. ඒත් තරුණ අය මේ දිහා බලන්නෙ උපහාසෙන්. ඒ ගොල්ලො වැඩිපුර විශ්වාස කරන්නෙ තාක්‍ෂණය සහ ඒ ගොල්ලන් විසින් තමන්ගෙ ගැටලූවලට නිර්මාණය කරගන්නා විසඳුම්. ඒක සමාජයෙන් ස්වේච්ඡුාවෙන් සිද්ද වෙන දෙයක්. දේශපාලකයන්ගෙන් කරගන්න බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. ඔබ හරියටම බැලූවොත් යුරෝපයේ සහ ඇමරිකාවෙ නැගී එන මේ ජනතාවාදී රැුල්ල පිටිපස්සෙ ඉන්න ඡුන්ද දායකයො බහුතරයක් පරණ පරම්පරාවෙ අය. දැන් විශ‍්‍රාම යන මේ පරණ පරපුරේ අය හිතනවා යලිකැඳවිය යුතු මාර හොඳ අතීතයක් තිබුනා කියල. ඩොනල්ඞ් ට‍්‍රම්ප් කතා කරන්නෙ මෙතනට. එයා යෝජනා කරන්නෙ ඇමරිකා ඉස් ගේ‍්‍රට් කියන ඒ අතීතෙට ආපහු යමු කියල. ඒ කියන්නෙ පනස්ගනං වලට. ඒත් තරුණ පරම්පරාව මේකෙ නෑ. ඒ ගොල්ලො ජනතාවාදයට ඡුන්දෙ දෙන්නෙ නෑ මේ පරණ පරම්පරාව වගේ.

ප‍්‍රශ්නය- මේ තරුන පරම්පරාව පොලිටික්ස් වල එන්ගේජ් වෙන්නෙ නැති එක අනිත් දේවල්වලටත් මේ විදිහටම බලපාන්නෙ නැද්ද? ඒ ගොල්ලො අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් තමන්ගෙ මැදිහත්වීම කරන්නෙ නෑ කියල හිතන්න බැරිද?

යොහාන්- මං නං එහෙම හිතන්නෙ නෑ. මං දකින්නෙ ඒ ගොල්ලො ගැටලූවලට වඩා ඉදිරියෙන් හිතනවා කියල. පරණ පරම්පරාවලට වගේම මේ අයටත් ගැටලූ තියෙනවා. ඒත් ඒවාට විසඳුම් හොයන ක‍්‍රමවේද ගැන දැනුමක් ඒ ගොල්ලොන්ට තියෙනවා. ඒ ගොල්ලො වෙනස් විදිහටයි තත්වයන් එක්ක ගනුදෙනු කරන්නෙ. ඒක විසඳුම් සෙවීම පිනිස දේශපාලනය කරලා පස්සෙ ඒ බලාපොරොත්තු බිඳවැටීමෙන් කනස්සලූ වෙන විදිහ නෙමෙයි. ඒ ගොල්ලො පාරිභෝගික සමාජයක් ගැන විශ්වාස කරනවා. වෙනම සමාජ ක‍්‍රමයක් නිර්මාණය කිරීම ඒ ගොල්ලො කරමින් ඉන්නවා. ඒක ප‍්‍රධාන වෙනසක්.
ප‍්‍රශ්නය- ඔව් ඔබ කියන්නෙ ටැක්සි කොම්පැනියක් ඉස්සරහ කාර් ගාන වැඩි කරන්න කියල උද්ගෝෂන කරනවා වෙනුවට ඒ ගොල්ලො ඌබර් වගේ විසඳුම් නිර්මාණය කළා කියන එක.

යොහාන් - ඇත්තටම ඔව්.

චින්තන ධර්මදාස



Tuesday, November 27, 2018

මගේ උපන්දින පණිවුඩය


(ජනාදිපතිට පුළුවන් නම් මට බැරි මොකද?)

අවුරුදුු හතලිස් දෙකක්. එච්චර කාලයක් නොමැරි ජීවත් වුනෙ කිසිම විශේෂ බුද්ධියක්, තේරුමක් දැනුමක්, හරි තීරණයක් හින්ද නෙමෙයි. තනිකරම අහම්බයක් විදිහට. හැම මොහොතකදිම ජීවිතය විසින් මං හිතාමතා ගත්තා නං ගන්න තීරණයට වඩා ලොකු අවකාශයකට මාව තල්ලූ කළා. මට හිතෙන්නෙ කාට වුනත් එහෙමයි. වරදින්න කියල කිසි දෙයක් ජීවිතේ නෑ.

ඉස්සර අම්මා ඉන්න කාලෙ එයා නිතරම කියන දෙයක් තමයි උඹට දවසක තේරෙයි කියල. මං ඒ හැම වෙලාවකම එයාට කියනවා, මං කිසිම දවසක ඒ තේරුම් ගැනීම තෝර ගන්නෙ නෑ කියල. මං වෙන ඔප්ෂන් එකක් තෝරගන්නවා කියල. ඒක එයාට කවදාවත් තේරුනෙ නෑ.

ජිවිතේ ආපස්සට ගිහින් ගත කරන්න තිබුනා නං කියල මට කොයි මොහොතකවත් හිතිලා නෑ. ඒ වෙනුවට ඒ තෝරාගැනීම් මගේ අතින් නොදැනුවත්ව සිද්ද වෙලා තියෙන හැටි මතක් කර කර මං පුදුම වෙලා තියෙනවා. වයස්ගත වෙන හැම අවුරුද්දක්ම ඊට කලින් අවුරුද්දට වඩා විශාල වීමක් ජීවිතේට යෝජනා කරනවා.

මගේ ජීවිතේ වෙනුවෙන් මං ස්තුතිවන්ත වෙන දේවල් සහ අය ගැන මං උදේ මතක් කළා. එතනදි අංක එක වෙන්නෙ කංසා. කංසා මගේ ජීවිතේට ඇතුල් නොවෙන්න මං කොයිම විදිහකින්වත් මේ ඉන්න මං වෙන්නෙ නෑ. ඒක මගේ සිතීමේ බරපතල වෙනසක් ඇති කරපු රසායන පර්යේෂණයක්. ඒක ආධ්‍යාත්මික වෙනසක්. ඒ කොලපාට තහනම් කොලේ ආදම් සහ ඒවාට තහනම් ගෙඩියෙන් කළාට වඩා ලස්සන ජීවිතයක් ගැන පර්ස්පෙක්ට් එකක් මට ලබා දුන්නා. ඒ ගරුත්වය ඒ ගහට ලැබෙන්න  ඕන.

ඊට පස්සෙ මං ආදරය කරපු මට ආදරය කරපු ගැහැණු. ඒ හැම කෙනෙක්ම මාව යලි යලිත් නිර්මාණය කළා. ඒ අයගෙ මාස්ටර් පීස් එක විදිහට. ආදරේ කියන්නෙ අපි කොයිතරම් දැනුවත්ව සහ නොදැනුවත්ව අනෙකා අතින් ප‍්‍රතිනිර්මාණය වෙනවද කියන එක. ඒක තමයි මිනිස්සු දෙන්නෙකුට කරන්න පුළුවන් ලස්සනම නිර්මාණ කාර්යය. අපි ආදරය කරන අනෙකා විසින් පෙන්නනවා අපේ ආදරේ නිර්මාණශීලීත්වයේ තරම. ආදරෙන් ඇඳට ගත්ත සහ පයින් ගහලා ඇඳෙන් බිමට දාපු හැමෝම මට ගැඹුරු දේවල් ඉගැන්නුවා. සමහර දේවල් ඒ අයත් නොදැන හිටි තරම්. මේ අවුරුදු හතලිස් දෙක ඒ ගැහැණුන්ගෙ නිර්මාණයක්.

ඊළ`ගට මගේ ඉතාමත් පුංචි යාලූවො පිරිසට. උන් මාව ආසාදනය කරනවා. ඉන්ස්පයර් කරනවා. මං කියන දේවල් කොයිතරම් උන් නොපිලිගන්නා දේවල් වුනත් ඒවා බාරගන්න තරමට උන් ලොකුයි. උන් සමාජෙට උන් විශ්වාස කරන හොඳම දේවල් කරමින් ඉන්නවා. එහෙම තක්කඩි නොවූ ලස්සන යාලූවො ටිකක් මට ඉන්න එක අවුරුදු හතලිස් දෙකක් ජීවිතේ ගැන ආදරේ බඳවන්නක්.

මගේ ජීවිතේ මේ කාලයටම මට දැනුන සුවිශේෂම වෙනස ඉන්ටර්නෙට් එක. ඊට කලින් හිටපු ජීවිතේ කුඩා බව ඉතාම බයජනක මතකයක් වෙන තරමට ඉන්ටර්නෙට් ජීවිතය අපිව විශාල කළා. අපේ පැවැත්ම නෙට්වර්ක් කළා. අපිට සාමූහික සවිඥානකත්වයක් ලබා දුන්නා. ඒ වෙනස මාරයි. මිනිස්සු සම්පූර්ණයෙන් වෙනස් වුනා. තාමත් අපි දන්නෙ නෑ ඉන්ටර්නෙට් එක අපිව කොයිතරම් වෙනස් මිනිස් සංහතියක් කළාද කරමින් ඉන්නවද කියල. ඒක ආශ්චර්යයක්. ඒ යුගයේ ජිවත් වෙන්න ලැබීම වාසනාවක්. ඇත්තටම මම බුදුන් දැකීමට වඩා පිනක් කියල හිතනවා ඉන්ටර්නෙට් දැකීම.

මං කැමතිම විෂය මොකක්ද කියල මං කල්පනා කළා. ඒක මාර්කටිං. කිසිම විෂයක් ඒ තරම් මාව කුල්මත් කරන්නෙ නෑ. මට මාර්කටිං කියන්නෙ දෙයක් විකිනීම ගැන විෂයක් නෙමෙයි. ඒක මට දර්ශනයක්. අවබෝධයක්. යාවත්කාලීන වීමක්. මං හිතන්නෙ තාක්ෂණයට පස්සෙ ඊළ`ගට වේගවත්ම සහ ප‍්‍රගතිශීලීම සිතීමේ කලාව මාර්කටිං කියල. ඒ විෂය මං හැමතිස්සෙම දකින්නෙ බීන්ග් ජෝන් මැල්කෙවිච් ෆිල්ම් එකේ රහසිගත තට්ටුව වගේ. ඒක අතරමැදක්. කුරුබිලියක්. වෙනම ලෝකයක්. මට විෂයක් විදිහට වැදගත්ම වුණු මුනගැහීම ඒක.

ඒ වගේම අවුරුදු හතලිස් දෙකකටම මගේ ජීවිතේ මෙහෙම ජනාදිපති කෙනෙක් දැකලත් නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමකටද කියන ප‍්‍රශ්නෙ මේ තරම් තදට සමාජයට එල්ලවෙලා තිබුනෙ නෑ. අපි දැන් අපි නොදැනුවත්ව ඉබේ පහල වෙලා තිබුනු ආයතනවල ඇත්ත පැවැත්මේ ප‍්‍රශ්නයට මූන දීලා තියෙනවා. අපේ ග‍්‍රාමීය චින්තනය විසින් ව්‍යවස්තාව කියන මිනිස් සම්මුතියෙ සදාචාරය අර්බුදයට යවලා තියෙනවා. මං හරිම කැමතියි මේ පිබිදීමට. සමාජයක් විදිහට විනාශයන් මතින් හෝ සිද්ද වෙන පරිණත වීමට. ඒ හින්ද සිරිසේනටත් ස්තුතිවන්ත වෙන්න  ඕන මේ එක්සයිට්මන්ට් එකට.

අපි රටක් විදිහට ආපස්සට තල්ලූ වීමට එරෙහිව ඉතාම ප‍්‍රබල බලයක් ගොඩනගන සමාජයක්. ඒක ගොඩක් බලාපොරොත්තු දනවන්නක්.

Wednesday, November 7, 2018

භාෂාව හරහා දේශපාලනය ප‍්‍රතිහෙජමොනික කිරීම (හරිද මංදා)



කන්නංගරගේ භාෂා භාවිතාව මට ගොඩක් දේවල් ගැන හිතන්න ඉන්සයිට් එකක් වුනා. කෙනෙකුගේ භාෂාව කියන්නෙ ඒ කෙනා වහරන දේශපාලනය හෝ වෙන  ඕනම විෂයකට වඩා විශාල පදාසයක් එක්ස්ප්‍රෙස් කරන කලාපයක්. පාවිච්චි කරන වචන, ව්‍යවහාරය, ටෝන් එක, සද්දය මේ සියල්ලෙන් කෙනෙක් ගැන සමස්තයක් එලිකරනවා. සරලව කිව්වොත් මිනිහෙකුට මෙතෙක් ළ`ගා වෙන්න පුළුවන් වුණු තමන්ගේ චරිතය, අභ්‍යන්තරය, සිතීම, ප‍්‍රතිවිරෝදය ආදී සියල්ල මනාව හෙලි කරන ටූල් එක වෙන්නෙ භාෂාව.

කන්නංගර පාවිච්චි කරන භාෂා දෙකක් තියෙනවා. එකක් දයලෙක්තිකය, ආපෝහකය, හෙජමොනිය, භෞතිකය වගේ වචන ගලපා කරන නොතේරෙන භාෂාව. එහෙම බරට සද්ද වෙන වචන ළ`ග ළ`ග කියන එකෙන් ගන්න විනෝදයක් එතන තියෙනවා. ඒක හරියට ඇබ්ස්ට‍්‍රෑක්ට් වචන ගොඩක් වගේ. ඒ මැද කැමති කෙනෙකුට කැමති දෙයක් හිතාගන්න පුළුවන්. ගොඩක් අය තම තමන්ගේ දේවල් වලින් ඒ වචන අර්තගන්වගෙන මොකක්දෝ සාමූහික බවක් හදාගන්න වග ඒවට ලැබෙන ප‍්‍රතිචාරවලින් පැහැදිලියි. භාෂාවෙන් යමක් සරලව කියන්න බැරි වෙන්නෙ අපිට ඒ දේ ගැන හරි අවබෝධයක් නැති වුනාම කියන එක භාෂා භාවිතාවෙ තියෙන පිළිගැනීමක්. සිංහල භාෂාවෙ මේ දෝෂය බරපතලයි. හැමදේකටම උවමනාවට වඩා බරපතල සද්ද දෙන සිංහල වචන පාවිච්චි කිරීම හරහා ගොඩක් විෂයවල මේ අර්බුදය මුනගැහෙනවා. සරලව අපේ ඇටසැකිල්ල සිංහලෙන් කියවලා බලන්න පුළුවන්. ඒ වචනවල බර සද්දයෙන් විෂය බර බවට හැගීමක් දෙන්න ට‍්‍රයි කරනවා. බුද්දාගමේ ලොකු ලොකු කාරනා පාලියෙන්ම පාවිච්චිවෙන්න හේතුවත් මේකයි. මාක්ස්වාදය වුනත් තේරෙන්න නොකියන්න හේතුව ඒකයි. වචනවල සද්දෙ බරට ශාස්ත‍්‍රීයත්වයක් තියෙනවා. තේරුම දුරස්ත ප‍්‍රමානය අනුව සම්භාව්‍යත්වයක් තියෙනවා. අඩුම පිරිසකට විතරක් තේරීම ඇතුලෙ සුවිශේෂී බවක් තියෙනවා. මාක්ස්වාදය වගේ නිර්ධන පාංතිකයාගේ විප්ලවයද මොකක්ද ඉලක්ක කරන දර්ශනයක් මේ ආකෘතිය ගැනීම ඇතුලෙ ලොකු කුනුහරුපයක් තියෙනවා. මේ භාෂා තෝරාගැනීම කියන්නෙ ලංකාවෙ ග‍්‍රාම්‍ය සිංහලයාගේ අවිඥානික ආශාවද? ඒක උගත් වියත් පණ්ඩිත, ප‍්‍රබුද්ද වගේ දෙයක් වෙන්න පුළුවන්. මං හිතන්නෙ කන්නංගරගෙ භාෂා වර්ග දෙක අතර එයාගෙ දේශපාලනය අපිට මුනගැහෙනවා කියන එකයි.

කුනුහරුප කියන්නෙ භාෂාවක තියෙන ඇනලයිස් කරන්නම වටින කොටසක්. සිංහලෙන් ගත්තොත් කුනුහරුප මූලික කුණුහරුප තියෙන්නෙ අටයි. හුත්ත, පයිය, හුකනවා, කිම්බ, පක, කැරි, වේසි, පොන්න. මේ කුනුහරුප අට එක එක අතට එක එක තේරුම් වලට පාවිච්චි කරනවා. එකට ගලපලා සංකීර්ණ තේරුම් හදාගන්නවා. කුනුහරුපයක් කියල අපි කියන්නෙ ලිංගික දේකට පාවිච්චි කරන වචනෙකට නෙමෙයි. උදා විදිහට හුත්ත කුනුහරුපයක් වුනත් යෝනිය කුනුහරුපයක් නෙමෙයි. කුනුහරුප ගැන හොඳට බැලූවොත් ඒවා හැදෙන්නෙ ලිංගික අවයව සහ ක‍්‍රියාවලට පාවිච්චි කරපු වචන ඒ අදාල පාවිච්චියෙන් ගලවලා අරන් අපහාසය, වෛරය මුසු තේරුමක් වෙනුවෙන් පාවිච්චි කරන කොට. කුනුහරුපයක කැත බව දැනෙන ප‍්‍රමානය තීරනය වෙන්නෙ ලිංගික දේ ගැන තම තමන් ඇත්තටම පවත්වාගෙන යන දෘෂ්ටිකෝනය අනුව. උදා විදිහට අම්මට හුකපං කියන එක මට හිනායන වචනයක් වෙද්දි තව කෙනෙක් මන්නෙන් කොටන තරමෙ වචනයක් වෙනවා. කුනුහරුපවල තියෙන විශේෂ ලක්ෂනයක් වෙන්නෙ ග‍්‍රාම්‍යත්වය. ලිංගික දේ ගැන ග‍්‍රාම්‍ය කියවීමක්, මිනිස් සංවේදීතාවයන් ගලවලා දාපු වචනයක් කුනුහරුපයක් බවට පෙරලෙනවා. ඒ වෛරී අවකාශය ඇතුලෙ පාවිච්චි කරන කුනුහරුපයක් කිසිම විදිහකට නැවත භාෂාව ඇතුලෙ අදාල සංදර්භයේ පළල් අර්ත වෙනුවෙන් පාවිච්චි කරන්න බැරි වෙනවා. උදා විදිහට හුත්ත පයිය කියන වචන පාවිච්චි කරලා අපිට කිසිම විදිහකින් ලිංගික කාරණා ගැන සංවාදයක් ඇති කරගන්න බෑ. ඒක මළ වචනයක්. වෛරයක්, හෙලාදැකීමක් වෙනුවෙන් විතරක් පාවිච්චි කරන්න පුළුවන් අරුත්සුන් වචනයක්. අපි හුත්ත කියන එක කොල්ලන්ටත් පාවිච්චි කරනවා.

මේ කුනුහරුප ප‍්‍රවර්ගය අදාල සංදර්භය අනුව වෙනස් වෙන එකක් නෙමෙයි. ඒත් පෙට්ටිය, පොල්ල, වල්ල වගේ කොහෙත්ම ලිංගික තේරුම් ගන්නෙ නැති වචන ලිංගික සංදර්භයක් ඇතුලෙ පාවිච්චි කිරීමෙන් කුනුහරුප විදිහට අර්තගන්වන වෙලාවලූත් තියෙනවා. කුනුහරුපවල තියෙන සුවිශේෂ ලක්ෂණයක් වෙන්නෙ ඒවා හුදෙක් ද්‍රව්‍යාත්මක විදිහට, සීමිත විදිහට, පහත් කර සැලකිය යුතු දේවල් හැටියට ලිංගික කාරණා ගැන දැකීමයි. කෙටියෙන් කිව්වොත් සෙක්ස් ගැන රෙස්පෙක්ට් එකක් නැති කම කුනුහරුපයක් බිහිවෙන තැනක් වෙනවා.

කන්නංගරගෙ දෙවෙනි සහ ප‍්‍රධාන භාෂා ප‍්‍රවේශය වෙන්නෙ කුනුහරුප. අංපිටියෙ සුමනගෙ සංවාද භාෂාවත් ඒක. කෙනෙක් මේ වෛරයේ භාෂාව පාවිච්චි කිරීම ඇතුලෙ එයා සළකුනු කරන සීමාවන් කීපයක් තියෙනවා. පලවෙනි එක තමන්ගේ ආතතිය සහ කේන්තිය. එතනදි තමන් ඉවසීම සහ පැසුනු බවකින් දෙයක් ගැන බලන කෙනෙක් නොවෙන වග එයා සහතික කරනවා. ඊළ`ගට ග‍්‍රාම්‍යත්වය. ලිංගික කාරනා ගැන තමන් දරන පසුගාමී ආකල්ප වගේම අනෙකා සමග සංවාද භාෂාවක ශිෂ්ට පරිනාමයක් තමන්ට නැති වගත් එතනදි කෙනෙක් එලිදරව් කරනවා. ඒක ලැජ්ජා විය යුතු කාරණයක් නෙමෙයි. අපි එක එක්කෙනා එන්නෙ එක එක සමාජ පසුබිම්වලින්. අපේ සංවාද භාෂාව කියන්නෙ අපිට අදාල වැටහෙන සමාජ වපසරියෙ දිග පළල.

මට හිතෙන්නෙ කන්නංගර ග‍්‍රාම්‍ය විප්ලවය වෙනුවෙන් ඒ ව්‍යවහාරය පාවිච්චි කරන එක හරි. ඒ විප්ලවයේ ගාමක බලය වෙන්නෙම වෛරය. සාමූහික නොවීම. පහර ගැසීම. අපි ආයුදයක් විදිහට භාෂාව පාවිච්චි කළත් ඒ තෝරගන්න ආයුධය අපේ මිලේච්ඡුත්වය ගැන කියනවා. අපිට පුළුවන් තුවක්කුවක් තෝරගෙන දුරස්ත බවක් තියාගෙන ආරක්ෂාව හෝ ආවේගය වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න. නැත්තං අපිට පුළුවන් මන්නයක් අරන් ඒ කෑලි කැපෙන, ලේ විදින එක ආස්වාද කරන්න. ඒක අපේ සැබෑ ම්ලේච්ඡුත්වයේ චොයිස් එකක්.

මට හිතෙන්නෙ අපි වඩා විධිමත්ව අපි එකිනෙකා පාවිච්චි කරන භාෂාවන් අධ්‍යනය කරන්න  ඕන. ඒ හරහා ඒ අයගෙ සැබෑ දේශපාලනයේ සීමාවන් තේරුම් ගන්න  ඕන. මගේ මේ අධ්‍යනය අතිශය සීමිත එකක්. ඒත් ලංකාවෙ කුනුහරුප ගැන ගැඹුරු ශාස්ත‍්‍රීය අධ්‍යනයක් කාට හරි කරන්න පුළුවන් නම් ඒක වටිනවා. භාෂාව ඇනලයිස් කිරීම හරහා අපිට විෂයක් වගේම විෂය කියවන්නා නැවත කියවාගන්නත් ප‍්‍රවේශයක් ලැබෙනවා.

කන්නංගර පාවිච්චි කළේ උදාහරණයක් පිනිස සහ මේ ඔස්සේ මට හිතන්න පොළඹවපු එකට ගෞරවයක් පිනිස පමනක් වග කරුනාවෙන් සළකන්න. මං අංපිටිය සුමනෙගෙ වගේම කන්නංගරගෙත් ෆෑන් කෙනෙක්.

Sunday, October 21, 2018

හඳට යන්න බය නොවන්න



ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ  මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප‍්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක් ජාති ආගම්වලට විරුද්දව කතා කරනවා මං අහලා නෑ. ගොඩක් වෙලාවට ඒ අයත් ඒ ඇබ්බැහියෙ කොටසක්. අනික ලංකාවෙ දොස්තරලා තමයි විද්‍යාඥයො විදිහට පෙනී ඉන්නෙත්. එක එක සෞඛ්‍ය වාර්තා පෙන්නමින් ඒ ගොල්ලො මිනිස්සුන්ව ප‍්‍රවේශම්කාරී ජීවිතයකට ගාල් කරන්න හදනවා. ඒක හුදු මධ්‍යස්ත කරුණු කියාදීමක් නෙමෙයි. වෘත්තීය ආධිපත්‍යය, රැුවටීම, මෝඩකම, විද්‍යාව අවිදන්‍ාව හැටියෙන් කියවීම, තග වගේ ගොඩක් කාරණා මතින් කරන දරුණු බුද්ධි පරිහානියක්. සමාජ ජීවිත කොටු කිරීමක්. ජනතාව ගොනාට ඇන්දවීමක්.

විද්‍යාව කියන එක  ඕනෑම මොහොතක පරිණාමය වෙමින් තියෙන දෙයක් කියල මේ විදන්‍ාත්මක පිරිස පිළිගන්නෙ නෑ. ඒක පරම සත්‍යයක් විදිහට තමයි ඒ ගොල්ලො දේශනා කරන්නෙ. සමාජ අරගල විසින් සහ සමාජ පරිණාමයන් විසින් විද්‍යාව වෙනස් කරන වග ඒ ගොල්ලො දකින්නෙ නෑ. උදා විදිහට ලංකාවෙ දොස්තරලා කාලෙකදි කිව්වා සමලිංගික සේවනය කියන්නෙ මොලේ ආබාධයක් කියල. තව වෙලාවක කිව්වා අජිනොමොටෝ ප‍්‍රමුඛතම පිළිකාකාරයකයක් කියල. අවුරුද ගනං ටීවීවල පත්තරවල මේ පචය කෙලිනවා. මිනිස්සු බයවෙලා එම්එස්ජී නැත කියල බෝඞ් අලවනවා. ඒත් මේ වෙද්දි අජිනමොටෝ වලින් පිළිකා හැදෙන්නෙ නෑ. සමලිංගික සේවනය ස්වභාවික මිනිස් චර්යාවක්. ඒත් මේ දේවල් නැවත නිවැරදි කරන්නවත් මේ දොස්තරවරුන් මැදිහත් වෙන්නෙ නෑ. එතකොට තමන්ගේ ස්ථිතික ආගමික විද්‍යාව අභියෝග වෙන හින්ද. මේ මෑතක එක්කෙනෙක් කිව්වා කාමරංගා වලින් වකුගඩු දියවෙනවද කොහෙද කියල. තව කෙනෙක් කියමින් යනවා මස්මාළු කෑවම ජීවිතේ කොට වෙනවා කියල.

විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියල පෙන්නන්න හදන මේ අයට විද්‍යාව මගඇරෙන්නෙ කොහොමද? සෑම පර්යේෂණයකම ඊට අදාල තාක්‍ෂණික සීමා සහ පරිකල්පන සීමා තියෙන වග ඔවුන් නොදන්නේ කොහොමද? සෑම විද්‍යාවක්ම ඊට අදාල සමාජ වපසරියේ සීමාවන් මත අර්ත කථනය වෙන යතාර්ථයට ඔවුන් අන්ධ වුනේ කොහොමද? ඒක ඉතාම සරල කාරණයක්. ඔවුන්ට විද්‍යාව ලැබෙන්නෙත් ආගමක් විදිහටම නිසා. විද්‍යාව කියන්නෙ ලංකාවට කවුරු හරි කියන දෙයක් තමනුත් කියමින් දැනුමේ ආධිපත්‍යයක් ගොඩනංවා ගන්නවාට වඩා දෙයක් නෙමෙයි. සජීවීව ඒ විද්‍යා පරිණාම ක‍්‍රියාවලියෙ අපි කොටස්කාරයො නෙමෙයි. ලංකාවෙ දොස්තරලා ගත්තොත් ඒ ගොල්ලො වෙන රටවල බෙහෙත් කොම්පැනි නියෝජිතයන්ට වඩා කිසිම වෙනසක් නෑ. ඒ බෙහෙත් හෝ රෝගයන් සම්බන්ධ පර්යේෂණ, මතිමතාන්තර, සංස්කෘතික ගැටුම් ගැන කිසි අවබෝධයක් ඒ අයට නෑ.

අපි විද්‍යාව දකින්න පුරුදු වෙලා තියෙන්නෙ ආරක්ෂාව මූලික කරගෙන. අපේ පරිස්සමට, සේෆ්ටියට තියෙන දෙයක් නිකං පාවිච්චි කරලා විද්‍යාත්මක වෙන විදිහට. අපි ඇපල් ෆෝන් එකක ඉඳන් කැන්සර් ටී‍්‍රට්මන්ට් වෙනකල්ම කරන්නෙ එච්චරයි. ඩෙංගු පැතිරිච්ච කාලෙ පැපොල් ඉස්ම දෙන එක ගැනවත් විද්‍යාත්මක මධ්‍යස්ත පර්යේෂණයක් කරන්න මේ අයගෙ ඔලූව හැදිලා තිබුනෙ නෑ. අඩුම තරමෙ ක‍්‍රමෝපායක් විදිහට මදුරුවා අත්ඇරලා රෝගියා කොටු කරමු කියන උපන්‍යාසය බාරගන්නවත් ලංකාවෙ දොස්තරලා නිහතමානී වුනේ නෑ. මේ තමයි අපේ වෛද්‍ය විද්‍යාව.

ඒත් වෛද්‍ය විද්‍යාව සහ අනෙක් සියලූ විද්‍යාවන් දියුණු වුනේ ඒ මිනිස්සු තමන්ගෙ සේෆ්ටිය පැත්තකින් තියලා කරපු තියුණු පර්යේෂණවලින්. කිසිම විදිහකට විද්‍යාව කියන්නෙ සේෆ් පාරක යන එකක් නෙමෙයි. හැම තිස්සෙම අභියෝගකාරී, අන්තරායකාරී පාරවල් වලිනුයි විද්‍යාව දියුණු වුනේ. මිනිස්සු පිරිසක් තමන්ගේ ජීවිත කැපකරමින් ඒ සොයාගැනීම් කරන්න ඉදිරිපත් වුනා. ජාතික වීරයො වෙන්න නෙමෙයි. නොනවතින කුතහලයෙන්. අවදානම් බාරගැනීමෙන්. ඒ පිම්ම ගන්න ඔවුන් නිර්භීත වුනා.

මේ දවස්වල රයන් ගොස්ලින් රගපාන ෆස්ට් මෑන් ෆිල්ම් එක පෙන්නනවා. ඒක නීල් ආම්ස්ට්‍රෝං හඳ මත අඩිය තිබ්බ කතන්දරය. අපිට හඳ කියන්නෙ මොකක්ද? කේන්දරේටයි, කවියටයි, ඉස්කෝලෙ පොතේ හඳගමනටයි වඩා අපි හඳ ගැන දන්නෙ මොනවද? ඒ රටවල මිනිස්සු තමන් සීයට අනූනවයක මිය යාමේ සම්භාවිතාවක් තියෙනවා කියල දැන දැනත් පර්යේෂණ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්නෙ එහෙම. ඒත් ඒ හඳ උඩ තිබ්බ අඩියෙන් අපි මිනිස් වර්ගයක් විදිහට යෝද පියවරක් තියනවා. අපි විශ්වයේ ඉඳන් නැවත අපි දිහා බලනවා. ඒක ලොකු වියදමක් සහ අවදානමක් දරලා අපි ගත්ත පර්ස්පෙක්ට් එකක්. ඒත් අපි හඳ දිහා බලාගෙන කේන්දර හදනවා. කවි ලියනවා. බාර් එකක ඉඳගෙන හඳට ගිය එක්ක ඇත්තක්ද බොරුවක්ද කියල වාද කරනවා. අපිට ඒ මිනිස් ප‍්‍රයත්නය මගඇරෙනවා. අපිට ඒ නොනිමෙන කුතුහලය මගඇරෙනවා. අපිට මිනිස්සු විදිහට අපි අඩියක් ඉස්සරහින් තියල ගත යුතු අවදානම මගඇරෙනවා.

මිනිස්සු එවරස්ට් නගින්නෙත් එහෙමයි. මැරෙන්න පුළුවන් වග දැන දැන. නොමැරෙන ශක්තිය තහවුරු කරන්න. රේඩියම් හොයාගත්ත මාරි කියුරි රේඩියේෂන්වලට එක්ස්පෝස් වීමෙන් ලෙඩ වෙලා මැරෙනවා. අයිසෙක් නිව්ටන් ඇසේ ආලෝක ක‍්‍රියාවලිය තේරුම් ගන්න තමන්ගේ ඇහැට ඉඳිකටුවකින් ඇනගන්නවා. හොෆ්මන් එල්එස්ඞී හොයාගත්ත ගමන් කටේ දාගෙන බලනවා. සොක‍්‍රටීස් සමාජයට අහිතකර යැයි පාලකයන් විසින් නියම කරපු අදහස් ගැන සමාව නොයැද වහ බීලා මැරෙනවා. විද්‍යාව හැමතිස්සෙම අවදානම්කාරී ඉදිරි පියවර ගන්නවා. විද්‍යාව කොයිම වෙලාවකවත් ආරක්ෂාකාරී පැරණි දෙය මත පිහිටන්නෙ නෑ.

ඒත් ඒ විද්‍යාත්මක සමාජයක ජීවත් නොවුනු අපි නිතරම උත්සාහ කරන්නෙ විද්‍යාවෙ පිහිටෙන් අපේ ලෙන්ගත ආකල්ප පරිස්සම් කරන්න. බුද්දාගම විද්‍යාත්මකයි වගේ කතා කියන්නෙ එතකොට. අපිට විද්‍යාව ආගමිකයි.
මත්ද්‍රව්‍ය ගැන කතිකාවෙදි මේ කාරණය හොඳටම කැපිලා පේනවා. කංසා නීතිගත කරද්දි විද්‍යාවෙ නාමයෙන් එහි අහිතකර තත්වයන් ගැන සීමිත පර්යේෂණ ගොනුකරනවා විනා මෙය ඇල්කොහොල් වලට වඩා හානියෙන් අඩුයි කියන එක සඳහන් කරන්නෙ නෑ. මුලින් කංසා යනු උමතුව ඇති කරන්නක්ය, අපරාධ වැඩි කරන්නක්ය ආදී වශයෙන් විද්‍යාත්මක විදිහට ඉදිරිපත් කරපු අදහස් මේ වෙද්දි වෙනස් වුනු හැටි කියන්නෙ නෑ. ඒ විද්‍යාත්මක පිළිගැනීම්වලට විරුද්ධව කෙරෙමින් තියෙන පර්යේෂණ ගැන මතක් කරන්නෙ නෑ. ඇත්තෙන්ම අවශ්‍යතාවය තියෙන්නෙ තමන්ගේ ඔලූව ඇතුලෙ කංසා ගැන තියෙන ආදිකල්පික මතය ආරක්ෂා කරගන්න. කොයිම වෙලාවකදිවත් එල්එස්ඞී යනු මෙතෙක් විද්‍යාත්මකව කිසිදු හානියක් සිදුවෙනවා යැයි සොයා නොගත් තහනම් මත්ද්‍රව්‍යයක් වග ලංකාවෙ කිසිම විද්‍යා භවතෙක් කොතනවත් කියන්නෙ නෑ. ඒ අයගෙ විද්‍යාව ආගමික සදාචාරයෙන් සීමිතයි.

ඒ වගේම සම්මත සදාචාරය අභියෝග නොකරන කිසිම මනසක් විද්‍යාත්මක නෙමෙයි. අන්න එතනදි නම් අපේ විද්‍යා ප‍්‍රවීනයන්ට බුදුන්ගේ කාලාම සූත‍්‍රයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කාලාම සූත‍්‍රය කංසාවලට ඇප්ලයි කළාම වෙන්නෙ මෙහෙමයි.

කංසා ගැන,
දිගින් දිගටම කවුරුන් හෝ කියනවා ඇහුවා කියල බාරගන්න එපා
පරම්පරාවෙන් ඉතිහාසෙන් ආවා කියල බාරගන්න එපා
 ඔ්පාදුප නිසා බාරගන්න එපා
පොත්වල තිබුනා කියලා බාරගන්න එපා
හිතලා බලලා, උපකල්පනය කරලා බාරගන්න එපා.
සමාජයේ පිළිගන්න සත්‍යය කියල බාරගන්න එපා
රැුවටෙනසුලූ තර්ක නිසා බාරගන්න එපා
නිතර නිතර ඔබ විසින් සිතා බැලූ කාරණාවලට එකග නිසා බාරගන්න එපා
කාගේ හෝ ප‍්‍රභාවක්, උගත්කමක් විශ්වාස කරලා බාරගන්න එපා
ශ‍්‍රමනයෙක් හෝ කෝට්කාරයෙක් කිව්වා කියලා බාරගන්න එපා
ඔබ විසින්ම අත්හදා බැලීමෙන්, මෙය හොඳය, මෙයට අවමන් නොකල යුතුය, මෙය ප‍්‍රඥාවන්තයන්ට සුදුසුය, මෙයින් සාමය සහ සතුට පැතිරෙයි. හොඳින් පාවිච්චි කිරීමෙන් අවබෝධය ලැබීමි. යන නිශ්චයට පැමිනි පසු කංසා බාරගන්න.

මෙය කංසා සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි කිසිම දහඩියක් මහන්සියක් නොහෙලා නොමිලේම ආරක්ෂිත නිසා බාරගනිමින් ඉන්න  ඕනෑම සත්‍යයක් පිලිගැනීමක් සම්බන්දයෙන් අදාලයි. ජාතියක් විදිහට අවදානමක් බාර අරගෙන අලූත් ටෙරිටරියක් උත්සාහ කර නොබලන තාක් කල් අපි මිනිස් වර්ගයා පැත්තෙන් ගත්තොත් ලෝකෙට බරක්.


Friday, October 19, 2018

කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ


කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි අරක්කු සිගරට් වගේ කිව්වම ලංකාවෙ අරක්කු සිගරට් එක්ක සංසන්දනය කරලා හිතාගන්න එක වැරදියි. එහේ අරක්කුවලට මෙහේ වගේ සදාචාරාත්මක ආගමික තහංචි නෑ. හොරෙන් හංගං බොන්න දෙයක් නෑ. පෝයට වහනවා වගේ විකාර නෑ. ගෑනුන්ට දෙන්නෙ නෑ වගේ ඩිස්ක‍්‍රිමිනේෂනුත් නෑ. ඒවා මිනිස්සු තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන සාමාන්‍ය මත්ද්‍රව්‍ය. ඒ පාවිච්චියෙන් අනුන්ට වෙන කරදර අවම කරන්න විතරක් ආන්ඩුවලින් පියවර ගන්නවා.  ඒ විදිහටම කංසා ඉදිරියෙදි සාමාන්‍ය පාවිච්චියක් වෙනවා. මං දන්න විදිහට අවශ්‍ය ප‍්‍රමානය ඇනවුම් කළාම ආන්ඩුවෙන්  තැපැල් කරලා ගෙදරටම එවනවා. කංසා වලින් බීම ජාති, කෑම ජාති, ආලේපන වගේ ගොඩක් අංශ දියුණු වෙනවා. අලූත් කර්මාන්ත ඇති වෙනවා. රස්සා ඉපදෙනවා.

ඒ අතරෙදි අපි පුකක් පෙන්නුවා කියලා කොල්ලො ටිකක් ඇප නැතුව හිරේ දානවා. බිකිනි ඇඳන් පාරෙ යන්න තහනම් කරනවා. අක්කර ගනං කංසා හේන් පුච්ච පුච්ච ටීවී එකේ පෙන්නනවා. අපේ මෝඩකම අපි සෙලිබ්‍රේට් කරනවා. පෙනි පෙනී ආර්තිකයක් ගිනි තියනවා.

ගැලරියේ විසිල් එකට රටක නීති ප‍්‍රතිපත්ති හදන එක නමන එක විහිලූවක්. මෝඩචූන් දෙමින් අඳබාල සමාජයක් හැටියට ලෝකෙට විහිලූ සැපයීම ගැන රටක පුරවැසියො ලැජ්ජා වෙන්න  ඕන. ඒ වෙනුවට ඉදිරිගාමී ප‍්‍රතිපත්ති වෙනුවෙන් ගැලරිය දැනුවත් කරන ව්‍යාපාර අහිමි වීම ගැන කණගාටු වෙන්න  ඕන. ඒත් අපේ රටේ මිනිස්සු වෙනස්. මුල් පුරවැසියා පටන්ම අපි මෝඩකම සංස්කෘතිය කරගත් ජාතියක්.

මුලින්ම රටක් විදිහට තමන්ගේ පුරවැසියන් වැඩිහිටියන් හැටියට දකින පර්ස්පෙක්ට් එකක් තිබීම වැදගත්. අපේ රටේ හැමෝම හිතන්නෙ මේ රට කියන්නෙ ළමා සමාජයක් කියල. තමන් කළ යුතු සහ නොකළ යුතු දේ ආන්ඩුවෙන් කියල දෙන්න  ඕන කියල. හිතකර අහිතකර දේ ගැන දැනුවත් කිරීම් හරහා තමන්ගේ තෝරාගැනීමක් කරන්න රටේ මිනිස්සුන්ට නිදහස තිබිය යුතුයි කියන වැඩිහිටි අදහසක් ආන්ඩුවට නෑ. අනෙක් පැත්තෙන් එහෙම නිදහසක් බාරගන්න සමාජයත් බයයි. ඒ රටවල ඔහොම වුනාට අපේ රටේ නං වෙන්නෙ ලොකු විනාසයක් වගේ ලැජ්ජා නැති කතා කියන අය බහුලයි. තමන් ඇරෙන්න අනිත් හැමෝම මෝඩයි කියල හිතන සිතුවිල්ලෙන් ගහනයි.

මගේ ජීවිතයේ විඳිය යුතු දේවල් තෝරා ගැනීමේ නිදහසක් මට නැති වීම ගැන මට තියෙන්නෙ ලැජ්ජාවක්. වයස්ගත වෙනතුරුත් අවුරුදු දහඅටට අඩු පිලිගැනීමක් ලැබීම ආඩම්බරයට කාරණයක් නෙමෙයි. ඒත් රටේ බහුතරය හිතන්නෙ කවුරුන් හෝ විසින් අපිව පාලනය කරමින් යා යුතු මග කියා දිය යුතුයි කියල. දොස්තරලා, පූජකයො වගේම ආන්ඩුවත් කරමින් ඉන්නෙ මේ අප්පච්චිගෙ පාර්ට් එක.

මත්ද්‍රව්‍යයක් ගැන මං සැලකිල්ලට ගන්න ප‍්‍රධාන කාරණය වෙන්නෙ ඒ මත්ද්‍රව්‍ය වටා නිර්මාණය වෙලා තියෙන සංස්කෘතිය. උදා විදිහට හොරොයින් සංස්කෘතිය අතිශයින් විනාශකාරීයි. ඒත් කංසා වටා තියෙන සංස්කෘතිය මොකක්ද? ඒක  සාමය කේන්ද්‍රීය එකක්. සෞන්දර්ය වටා නිර්මාණය වෙලා තියෙන එකක්. ආර්ට් ඉන්ස්පයර් කරන එකක්. ආදරය උපද්දන එකක්. එතකොට ඇයි එවන් සංස්කෘතියකට මෙවන් තහනමක්?
ලංකාව කියන්නෙ ආදරය තහනම් රටක්. ආයුද තියාගන්න එකට වඩා වෙරලක ලව් කරන එක වැරැුද්දක් වුනු රටක්. ඒ නිසා කංසා වගේ සංස්කෘතියක් ලංකාවට නොගැලපීම වෙන්න පුළුවන් දෙයක්.

අනෙක ලංකාව දුවන්නෙ ඇල්කොහොලික් සංස්කෘතියක. ගහගන්න, බැනගන්න, අනිත් ජාතීන් එක්ක ඇවිලෙන්න බලන් ඉන්න ආධ්‍යාත්මයක. කංසා කියන්නෙම ඒ සංස්කෘතියෙ ප‍්‍රතිවිරෝධය. බාර ගැනීම, වැළඳ ගැනීම, බෙදා ගැනීම යෝජනා කරන රසායනිකය. එතකොට අපේ ජාතිය ආගම අර්බුදයට යන්න පුළුවන්. විකුනාගත හැකි බෙදුම්වාදය ප‍්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික මාර්ග විදිහට දැනට ආගමික සංස්ථාවන් ගෙනියන ප‍්‍රචන්ඩත්වයට මුලාවට මිනිස්සු විරු්දද වෙන්න පුළුවන්.
කංසා කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක්. මනස ඇතුලට නැඹුරු කරන, සිතුවිලි ගැන සවිඥානක බව වැඩි කරන ඖෂධයක්. සංස්ථාපිත ආගම් මිනිස්සුන්ගෙ ස්වයං ආගමිකත්වයට විරුද්ද වෙන එක අහම්බයක් නෙමෙයි.

ගගනගාමියෙක්, අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වුනු කාල් සේගන් කංසා ගැන මෙහෙම කියනවා.

‘කංසාවලට පනවා ඇති තහනම විකාරයක්. වේගයෙන් උමතුව සහ අන්තරාය කරා යන මේ ලෝකයට අවශ්‍යම සවිඥානකත්වය, සංවේදීතාවය සහ සහෝදරත්වය පිරුනු සාමකාමී හැගීම් වෙනුවෙන් මේ මත්ද්‍රව්‍යයේ හැකියාව පාවිච්චි කරන්න දරුණු බාධාවක්.’
කාල් සේගන්.

නාසා එකේ වැඩකරද්දි අත්සන් කරන්න සිද්ද වෙන ගිවිසුමක් එයා ප‍්‍රශ්න කරනවා. ඒකෙ තියෙන්නෙ කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරමි කියල.

‘‘අනෙක් අපරාධ එක්ක බලද්දි මේක කොහෙත්ම නොගැලපෙන තරමෙ එකක්. උදා විදිහට අපි අපේ සහෝදර කාර්ය මණ්ඩලය මරණයට පත් කරන්නෙ නෑ කියල කොතනවත් පොරොන්දු වෙන්නෙ නෑ..’’ සේගන් මේ විකාරරූපීබව ප‍්‍රශ්න කරනවා.

කාල් සේගන් දිනපතා මරිජුවානා පාවිච්චි කරනවා. අන්තිම කාලෙදි එයා පිළිකාවකින් දරුණු විදිහට පීඩා විඳිද්දි කංසා එයාගෙ වේදනාව වගේම ජීවිතේ ඉතුරු දවස් ගැන ප‍්‍රීතිමත් හැගීම් ඇති කරන්න උදව් වුන හැටි එයාගෙ බිරිඳ සටහන් කරනවා. බිරිඳගේ නම ඈන් ඞ්රුයාන්. කංසා පිළිබඳ නීති ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ ජාතික සංවිධානයේ එයා සභාපතිනිය. පවුල් අතර ආදර සබඳතා වැඩිදියුණු කරන්න කංසා යොදා ගැනීම ගැන ඈන් ගොඩක් උනන්දු වෙනවා.

‘‘මට කංසා කියන්නෙ පවුලේ ආදරය වෙනුවෙන් බුද්දිමත්ව පාවිච්චි කළ යුතු සෙක‍්‍රමේන්තුවක්’’
 ඈන් කියනවා.

විද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක් කියන්නෙ වඩා බුද්දිමත් ප‍්‍රතිපත්තිමය තෝරා ගැනීම් කරන එකක් කියල සේගන් විශ්වාස කළා. ඒත් අපිට කලබල වෙන්න දෙයක් නෑ. ලංකාව කියන්නෙ කොහොමත් මෝඩ තෝරාගැනීම් කරන අවිද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක්.

ඒ හින්ද අපි ලෝකෙ අනිත් ඔක්කොම රටවල් කංසා නිදහස් කළත් කංසා තහනම් එකම දහම් පාසැල් සමාජය විදිහට දිගටම ඉන්න ට‍්‍රයි කරමු.

කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ
විඳිනවා සිරගත දූපතක සිට
හැමදාම අපි ඉන්නෙ නීතියෙන් පිට
සාමයයි කොලපාට මුනිවරයි වරද

Friday, October 12, 2018

තනිකමට ඉඩ දෙන්න



තනිකම කියන්නෙ හරි පුදුම දෙයක්. ඒ කියන්නෙ බොන්න යාලූවෙක් නැතිකම, කතා කරන්න කෙනෙක් නැතිකම, ගැවසෙන්න පිරිසක් නැතිකම වගේ දෙයක් නෙමෙයි. ඒක මතුපිට තනිකමක්. ස්පේස් එක ෂෙයාර් කරගැනීමේ ෆිසිකල් තනිකමක්.  ඒත් තමන් කියන දේ ඇහෙන කෙනෙක් නැතිකම කියන්නෙ වෙන දෙයක්. කවුරු කොහොම ළ`ග හිටියත් කතා කරන එකේ තේරුමක් නෑ කියල දැනෙන විදිහක්. වෙන කෙනෙකුට උදව්වට එන්න බැරි වෙලාවක්. කොයිතරම් සාවධාන වුනත් අපිට දැනෙන හැගීම සින්ක් වෙන්නෙ නැති මොහොතක්. අපි සමස්ත ටෙම්පො එකෙන් එලියෙ. මිනිස් නෙට්වර්ක් එකෙන් අපේ සම්බන්දෙ ගිලිහිලා හෝ බාධාවෙලා හෝ තියෙන අමුතු අත්දැකීමක්. අපිව පෘතුවියෙන් ගැලවිලා අභ්යවකාශෙට විසිවෙලා යන හැගීමක්. අපිට ලේසියෙන්ම පුළුවන් ආපහු අල්ලගන්න දරන උත්සාහයක් ඇතුලෙ විඩාපත් වෙන්න. ඩිප්රෙෂන් එකකට තල්ලූ වෙන්න. අපේ ගැලවී යාම හිරගෙයක්, ගුලක් කරගන්න. ඊට ප්රතිවිරුද්දව අනෙක් පැත්තෙන් අපිට පුළුවන් ඒ දිහා බලන් ඉන්න. කණස්සල්ලක් නැතුව. මොකද ඒ තනිකම කියන්නෙ අපිට අපිව විතරක්ම මුනගැහෙන මොහොත. අපි අපේ ඇතුලට යන්න නියමිත මොහොත. එතනදි අපිට අපිව කොයිතරම් ප්රමානවත්ද කියන එක බලපානවා. 


අපිට අපි එක්ක ඉන්න පුළුවන් වෙන්න   ඕන. ආපහු ගුරුත්ව තරංගවලට සමපාත වෙනකල්. පොලොවක් මුනගැහෙනකල් අපි අපේ අභ්යන්තර විශ්වයේ සෞන්දර්යය අත්විඳින්න   ඕන. 

තනිකම කියන්නෙ නිදහස. ඒක එක විදිහකට රැුුඩිකල් නිදහසක්. කොන්දේසි විරහිත නිදහසක්. ජීවිතේ කිසිම දෙයක් කිසිම දෙයක් වෙනුවෙන් කැප නොකරන නිදහසක්. අනෙක් අතට අපිට   ඕන නම් ජීවිතේ හැමදෙයක්ම අපි කැමති දෙයක් වෙනුවෙන් කැප කරන්න පුළුවන් නිදහසක්. මේ කොන්දේසි විරහිත තනිකම ඇතුලෙ වැදගත්ම දේ වෙන්නෙ අපි මරණයෙන් ඔබ්බට යන එක. මරණය බයක් දුකක් වෙන්නෙ ඒක ඇතුලෙ දැනෙන තනිකමත් එක්ක. කලින්ම හුරුපුරුදු තනිකමට මරණය වේදනාවක් නෙමෙයි. ඒක නින්දක් විතරයි. 
වෙනදට වඩා ඉර එලිය ලස්සනයි. වෙනදට වඩා කෝපි එක තිත්තයි. වෙනදට වඩා සිංදු  සංවේදීයි. වෙනදට වඩා ලෝකෙ ඞීටේල් මාරයි. සාමූහික ජීවිතය ඇතුලෙ මගඇරුනු හැම ලස්සනක්ම තනිකම ඇතුලෙන් එකපාරට ඇතුලට කඩා වදිනවා. වෙනදට වඩා පොත් එක්ක ෆිල්ම් එක්ක ඩොකියුමෙන්ටරි එක්ක ගතවෙන්න ආස හිතෙනවා. ඒ අතර වැස්සත් එලියෙ වහිනවා නම් සෞන්දර්ය අසීමිත වෙනවා.

එතකොට ආදරය..  මිස් වෙනවද?

තනිකම එබිකම් කරන හැමවෙලාවකම අපිට වැඩියෙන්ම මතක් වෙන්නෙ ආදරය. ඒකට හේතුව වෙන්නෙම අපි ආදරය හොයන්නෙ තනිකමෙන් ගැලවෙන්න හින්දයි. ඒත් ඒක තමයි වෙන්න තියෙන නරකම දේ. තනිකමේ ඉඳිද්දි ආදරෙන් හැංගෙන එක. එතකොට අපි අනිකාව පුළුවන් තරම් හයියෙන් අල්ලගන්නවා. හුස්ම ගන්නවත් බැරි තරම් තදට. අනෙකාගෙ මුලූ ලෝකෙම අපේ ඇතුලට ගන්න හදනවා. තනිකමක් ඉතුරු නොවෙන තරම් ලොකුවට. අපි නොදැනුවත්වම අපේත් අනෙකාගේත් පුද්ගලික මොහොත අතුරුදන් කරනවා. ඒක ආදරය නෙමෙයි. ඒ වෙනුවට බියපත් රෝගයක්.

ඒ වෙනුවට තනිකම අපි අපි ගැන ආදරෙන් වෙළෙන කාලයක් කරන්න පුළුවන්. අපි ගැන හිතන, අපි ගැනම පුදුම වෙන, අපේ හයිය වගේම දුර්වලකම දකින, අපිට අපිව කම්මැලි නැති කාලයක්. වෙන විදිහකට කිව්වොත් අපි ඇතුලෙම අපි සම්පූර්ණ වෙන කාලයක්. අපිට අපිව මගඅරින්න උවමනා නැති තෘප්තිමත් මොහොතක අපිට පුළුවන් අනෙකාට ආදරය කරන්න. අපේ තනිකමෙන් ගැලවීම වෙනුවට අනෙකාගේ සැබෑ සුන්දරත්වයට ආදරෙන් බැෙක්‍ෂන්න. අනෙකාව අහන් ඉන්න. අනෙකා දිහා බලන් ඉන්න.

ඒ කොහොම කිව්වත් තනිකම අපිව බයට පත් කරනවා. මරණය වගේම. කොයිතරම් කිව්වත් මරණය කියන්නෙ දොරටුවක් විතරයි කියල අපේ ශරීරය මූලික මනසට බෑ ඒක තේරුම් ගන්න. අපි බලන්නෙ දොරටුව පුළුවන් තරම් මග අරින්න. තනිකමත් ඒ වගේමයි. ඒක අපිට මුනගැහෙන්නෙම සෞන්දර්යයක් විදිහට නෙමෙයි. අඳුරක් බයක් රෝගයක් විදිහට. 

හැම සම්බන්දයක් ඇතුලෙම අපි ගොඩක් වෙලාවට දකින්නෙ තනිකමෙන් ගැලවෙන්න කරන අරගලය. තමන් පවතිනවා කියල එලියෙන් නිශ්චය කරන සාධනය. පුළුවන් තරම් කල්ලිගත වෙන්න, ජාති ආගම්වලට අයිති වෙන්න කරන දාංගලය.

හෙන්රි මිලර් කියනවා ආර්ටිස්ට් කෙනෙක් නම් හැමතිස්සෙම තනියි. මොකද ආර්ටිස්ට් කෙනෙකුට   ඕනම දේ වෙන්නෙ තනිකම කියල.

ෆ්රාන්ස් කෆ්කා කියනවා මගේ යාලූවො මත්වීමත් එක්ක ගොඩක් මිතුරුයි. ඒ ගොල්ලො තනිකම මගඅරින්න විවිද මත්වීම් පාවිච්චි කරනවා. ඒත් මං කැමති නෑ කිසි දෙයක් වෙනුවෙන් මගේ තනිකම අත්අරින්න කියල. 

සිංහලෙන් පරිවර්තනය කරන්න බැරි කතාවක්   ඕෂො කියනවා. එයා කියන විදිහට ලෝන්ලිනස් කියන එකයි අලෝන්නස් කියන එකයි දෙකක්. ඩික්ෂනරියෙ තියෙන විදිහට ඒවා සමාන පද වුනත් ඒ තේරුම සම්පූර්ණයෙන් වෙනස්. ලෝන්ලිනස් කියන්නෙ අපිට නිතරම අනෙකා අපි සමග නැති වග හැගෙන මොහොතක්. ඒත් අලෝන්නස් කියන්නෙ අපි අපි ඇතුලෙම තෘප්තිමත් කියල දැනෙන මොහොතක්. ලෝන්ලිනස් එක ඇතුලෙ අපි යම් කිසි දෙයක් පිටතින් ඉල්ලමින් යදිනවා. ඒත් අලෝන්නස් කියන්නෙ ගැඹුරු තෘප්තියක භාවනාවක්. එලියෙන් හොයන්න කිසි දෙයක් නැතුව අපි අපි ඇතුලෙම උත්සව පවත්වන මොහොතක්. 

මං අන්තිමට රූමිගේ කතාවක් එක්ක තනිකමට ඉඩදෙනවා.
''ජීවිතේට වඩා වටින තනිකමක් තියෙනවා. ලෝකයට වඩා වටින නිදහසක් තියෙනවා. කෙනෙක් දෙවියන් සමග තනිවන මොහොත ජීවිතයටයි ලෝකයටයි වඩා අනන්තයක් වටිනවා..''

රූමි මෙතන දෙවියන් කියන්නෙ කාටද කියන එක තේරුම් ගැනීම තනි තනි හිත්වලට බාරයි.

-චින්තන ධර්මදාස-



Thursday, September 20, 2018

රොමාන්තික පේ‍්‍රමය ලෙඩක්.



ඉලියුමිනාටි කියන සීක‍්‍රට් සොසයටි එක ගැන විස්තර හොයන්න මට උනන්දුවක් තිබුනා. ඩෑන් බ‍්‍රවුන්ගෙ පොත්වල ඒ ගැන තියෙන රෙෆරන්ස් හින්ද ඒ උනන්දුව තවත් වැඩිවුනා. මේක එක කණ්ඩායමක් විදිහට සැලකුනත් කණ්ඩායම් ගානක් මේ නම යටතේ පැවතිලා තියෙනවා. ඉලියුමිනාටි කියන්නෙ එන්ලයිට්න්ඞ්, නැත්තං අවබෝධයට පත්වූ කියන අදහස. මේ නමින් ඇත්ත කණ්ඩායම් වගේම ප‍්‍රබන්ධ කණ්ඩායම් පවා තියෙනවා. ඒත් ඉලියුමිනාටි කියල පොදුවෙ රිෆර් කරන්නෙ දාර්ශනික සියවස විදිහට හඳුන්වන 18 වෙනි සියවසේ පැවතුනු බැවේරියන් ඉලියුමිනාටි සමාජය. මේකෙ අරමුණු වුනේ පුරවැසියන්ගෙ ජීවිතය මිත්‍යාවෙන්, ගූඪත්වයෙන්  සහ ආගමික බලපෑම්වලින් නිදහස් කරන එක. ඒ වගේම රාජ්‍ය පීඩනයට විරුද්ද වෙන එක. ආධිපත්‍යයෙන් තොරව ජනතාව පාලනය කළ හැකි ක‍්‍රමවේදයන් නිර්මාණය කරන එක. ඒත් බැවේරියන් පාලකයෙක් වුන චාල්ස් තියඩෝර් ඉලියුමිනාටි වගේම ඒ කාලෙ තිබුනු ෆ‍්‍රිමේසන්රි වගේ සමාජයනුත් තහනම් කරනවා. ඒ කතෝලික පල්ලියේ බලපෑම නිසා. එහෙම කළත් ඉලියුමානාටි කණ්ඩායම අන්ඩර්ග‍්‍රවුන්ඞ් විදිහට ක‍්‍රියාත්මක වුන වගත් ප‍්‍රංශ විප්ලවයට ප‍්‍රධානව වග කිව යුතු බවටත් කතන්දර තියෙනවා.

වැඩියෙන් වැදගත් වෙන්නෙ මේ ඉලියුමිනාටි කණ්ඩායමට එකතු වුණු සුවිශේෂ බුද්දිමතුන්. විශේෂයෙන්ම ජොආන් වොන් ගොතේ කියන ලේඛකයා මාරම අදහස් තිබුනු චරිතයක්. මේ නම හරියට උච්චාරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ජර්මන් නෙමෙයි නම් කටපැටලෙන එක අනිවාර්යයි. ජර්මානු විදිහට ඒක ගර්ත වගේ අමුතු සද්දෙකට කියවෙන්නෙ. වොන් ගොතේ යුරෝපයේ හිටපු ලොකුම සංස්කෘතික විප්ලවකාරයෙක්. ෂේක්ස්පියර්, ඩාන්ටෙ, හෝමර් අපිට පේන්නෙ කොයි වගේද ගොතේත් ඊට කොහෙත්ම දෙවෙනි නෑ.  එයා කවි ලිව්වා. නවකතා ලිව්වා. භූ විද්‍යාව, උද්භිත විද්‍යාව, කායික විද්‍යාව වගේ විෂයන්වල වැඩ දැම්මා. එයා ඩිප්ලොමැට් කෙනෙක්. ෆැෂන් ගුරු කෙනෙක්. සිවිල් සේවකයෙක්. ඒ වගේම පෝර්නොග‍්‍රැෆර් කෙනෙක්. ආර්ටිස්ට් කෙනෙක්. සංචාරකයෙක්. කැනීම් සමාගමකත් ලොක්කෙක්. මේ විදිහෙ එකකට එකක් නොගැලපෙන ගොඩක් දේවල් ඇතුලෙ ගොතේ ලොකු වැඩ කොටසක් කරනවා. ඇන්ඩි වාර්හෝල් කියන විදිහට ගොතේ කියන්නෙ එයාගෙ වීරයො සෙට් එකේ පෙරමුනේ කෙනෙක්.

ගොතේ ගොඩක් අයව ඉන්ස්පයර් කරන දේවල් ලිව්වා. ඒත් ඊටත් වඩා ලෝකය ඉන්ස්පයර් කරන විදිහෙ ජීවිතයක් එයා ගත කළා. ඇත්තටම එයාගෙ ජීවිතය එයාගෙ ලේඛනවලට හෝ සාහිත්‍යයට වඩා සුවිශේෂීයි.

එයා ගතකළේ ඉහළ පාංතික ජීවිතයක්. එයා ඉගෙන ගත්තෙ ගෙදර ඉඳන්. අවුරුදු දොලහෙ ඉඳන්ම කඩුවක් පවා පැළදුවා. ලෙප්සිග් යුනිවර්සිටියෙ උපාදිය කළ අතරෙ ස්ට‍්‍රැස්බර්ග්වල නීතිය මාස්ටර් කළා. ඒත් එයා නිතරම ලෙක්චර්ස් කට් කළා. උස තැන් වලට ගිහින් බිම බලාගෙන ඉන්න කැමති වුනා. ඇත්තටම නං ගොතේ උස තැන් ගැන ෆෝබියාවෙන් පෙලූන කෙනෙක්. ඒත් එයාටම අභියෝග කරගන්න එක එයාට විනෝදයක් වුනා.

ආදරය රොමාන්තිකයෙන් ඔබ්බට. ඒ තමයි ගොතේ ආදරය ගැන හිතපු විදිහ.
උපාදිය ගත්තට පස්සෙ එයා උසාවියක ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ කාලෙදි එයාගෙ යාලූවෙකුගෙ පෙම්වතියක් ගැන එයාට ලොකු ආදරයක් ඇතිවෙනවා.  මේ ආදරය කාගෙන එයා පොතක් ලියනවා. සොරෝස් ඔෆ් වර්දර්.. වර්දර් කියන්නෙ ගොතේ නවකතාව ඇතුලෙ එයාට දීලා තිබුන නම.

මේක උපරිම රොමාන්තික කතාවක්. ඇය ගැන උනන්දුව ඇතිවෙන හැටි, සියුම් සියුම් දෙයින් පවා ආදරේ දැනෙන හැටි, එකට නටද්දි දැනෙන ගැටෙන සියුම් පහසකින් පවා පිබිදෙන හැටි, ගොතේ විස්තරාත්මකව ලියනවා. එයා මේ පොතේ කියනවා ආදරේ කිරීම තමයි ජිවිතේ වැදගත්ම දේ කියල. රොමැන්ටික් ආදරේ නැතුව ජීවිතේ කියන්නෙ මොකක්ද? වර්දර් අහනවා. ඒක හරියට දැල්වෙන එලියක් නැති ලන්තෑරුමක් වගේ.

මේක ඊළ`ග අවුරුදු 25ක් පුරා යුරෝපයේ බෙස්ට් සෙලින්ග් පොත වෙනවා. නැපෝලියන් මේ පොත හත් පාරක් කියෙව්වා කියල ආඩම්බර වෙනවා. ඒත් මේ පොතේ අවසානය ඛේදාන්තයක්. තරුණිය වර්දර්ගේ ආදරය ප‍්‍රතික්‍ෂේප කරනවා. හිත් වේදනාවෙන් වර්දර් දිවි නසා ගන්නවා. මේ පොතේ අවසානය විසින් ගොතේ රොමාන්තික පේ‍්‍රමයේ සීමාවන් ඉස්මතු කරනවා. රොමාන්තික ආදරය සුන්දරයි. ඒත් ඒක දරුණු විදිහට අර්බුදකාරීයි.

ගොතේ දකින විදිහට රොමාන්තික ආදරයේ අර්බුදය වෙන්නෙ එක මොහොතක් නතර කරගන්න හදන උත්සාහයයි. ගිම්හානයේ උයන්වතු මැදින් පෙම්වතිය සමග ඇවිද යන මොහොතක් වෙන්න පුළුවන්.. තරු වියන් යට හුරතලෙන් ගතවුනු මොහොතක් වෙන්න පුළුවන්.. රොමාන්තික ආදරය මේ මොහොත සදාකාලයක් දික්වෙන්න ප‍්‍රාර්තනා කරනවා. විවාහ වෙන්න, දරුවන් හදන්න ප‍්‍රාර්තනා කරනවා. ඒත් විවාහය රොමාන්තික ආදරය බිඳ වැටෙන තැනක්. මුදල් උපයන්න වෙනවා, බිල් ගෙවන්න වෙනවා, රන්ඩුසරුවල් වෙනවා, එපා වෙනවා. මේ විදිහට රොමාන්තික ආදරය එය විසින්ම ප‍්‍රාර්ථනා කරන ඊළ`ග මොහොතේදී දරුණු බිඳවැටීමකට ලක්වෙනවා. රොමාන්තික පේ‍්‍රමය සියදිවි නසාගන්නවා. මේකෙන් රොමාන්තික පෙම්වතුන් සිත් තැවුලට අවුලට, වේදනාවට පත්වෙනවා. බලාපොරොත්තු සුන්වීම, රොමාන්තික ආදරයේ අනිවාර්යයක් කියල ගොතේ කියනවා.

මේ හින්ද එයා රොමාන්තික ආදරය වෙනුවට තාර්කික නැත්තං යතාර්ථවාදී ආදරයක් යෝජනා කරනවා. අර්බුද ගැටුම් සමග වර්ධනය වෙන, තේරුම් ගැනීම් තුලින් ඉදිරියට ඇදෙන, ජීවිතයේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන යතාර්ථවාදී ආදරයක් ගොතේ වඩාත් අගය කරනවා. ඒක එකපාර ඇතවෙන පිපී විකසිත වෙන ආහ්ලාදජනක ආදරයට වඩා වෙනස්. ඒ ආදරය රොමාන්තික අවධියෙන් ඔබ්බට වැඩෙන එකක්. ෙ සිහනමය බලාපොරොත්තු වෙනුවට එදිනෙදා එකට ජීවිතෙන් බැඳෙන සබඳතාවයක්.  ගොතේ රොමැන්ටික් අයිඩියොලොජිය විවේචනය කරන්නෙ එයාට ඒක විඳින්න අවශ්‍ය පරිකල්පනය නොතිබුනු හින්ද නෙමෙයි. ඒකෙන් සිද්ද වෙන අනතුර, සීමාවීම දැකපු හින්ද.

ගොතේ වර්දර්ගේ රොමාන්තික පේ‍්‍රමයේ ඉඳන් සම්භාව්‍ය පේ‍්‍රමය දක්වා එයාගෙ දැක්ම පරිණත කරනවා. පස්සෙ එයා අතින් ලියවෙන ඉෆිජීනියා නාට්‍යය ඇතුලෙ රොමාන්තික පේ‍්‍රමයට එයාගෙ විකල්පය අරන් එනවා.

ඉෆිජීනියා කියන්නෙ ට්‍රොජන් යුද්දෙ කාලෙ හිටපු ග‍්‍රීක කුමාරිකාවක්. එයා ග‍්‍රීකයන්ගෙ ප‍්‍රධාන රජු වුනු ඇගමෙම්නොන්ගෙ දුව. ඉෆිජීනියාගෙ පවුල ඉතාම බිහිසුණු අපරාධයන්ට සහ ආරවුල්වලට මැදිවෙනවා. ඒක හරියටම සාමාන්‍ය පවුල් ජීවිතයේ අර්බුද එක්සැජරේට් කරලා පෙන්නීමක් වගේ.

පරම්පරාවෙන් පරම්පරාවට ආශාවෙ මූලයන් ගමන් කරනවා. ගොතේ කියන්නෙ මේ සියල්ල අවසාන කරමින් සාමය සහ සමාව දීම අරගෙන එන්නෙ ඉෆිජීනියා කියලයි. ඉෆිජීනියා ඇගේ ජීවිතයේ අර්ථය තේරුම් ගන්නෙ පිරිමින්ව මෘදු කිරීම නැත්තං පිරිමි හිත් වඩාත් ආදරනීය කිරීම විදිහටයි. එයා නිරන්තරයෙන්ම මිනිස්සුන්ව සංසුන් වෙන්නත් සානුකම්පිත වෙන්නත් පොළඹවනවා. එයා ආදරය වෙනුවෙන් කැපවෙනවා. ඒත් නොදැමුණු, ළදරු වලිප්පු ආශාවන් වෙනුවෙන් නෙමෙයි. තේරුම් ගැනීමෙන්, අනුකම්පාවෙන් සහ සාමයෙන් පිරුනු ආදරෙන්.

අප සියල්ලන් කෙදින හෝ මියෙන වග දන්නා අප විසින්
ඉතාම දැඩි හදවතත් මෘදු බව වෙතට කැඳවිය යුතු නොවේද?
අනෙකා වෙනුවෙන් අප ජීවිතේ දන්නා
උපරිම කාරුණිකබවෙන් සංග‍්‍රහ කළ යුතු නොවේද?

ගොතේගේ පළමු පොතේ රොමාන්තිකබවට වශී වුනු පිරිස මේ පරිණත පණිවුඩය බාරගන්න ටිකක් පරක්කු වෙනවා. ගොතේ රොමාන්තික පේ‍්‍රමයට පිටුපානවද? කෝ එයා කලින් දැනවූ අනුරාගී බව? ඒ ගොල්ලො ඉෆිජීනියා දැක්කෙ අලූපාට දුමාරයක් විදිහට.

ගොතේ මේ වෙද්දි හිටියෙ මැදිවයසෙ. ඒ හින්ද මේ ප‍්‍රතික්‍ෂේප වීම් වලින් එයා සැලූනෙ නෑ. එයාට වර්දර්ගේ මනසෙ ජීවත්වෙලා ඇතිවෙලා තිබුනෙ. එයා කියනවා, රොමාන්තික පේ‍්‍රමය කියන්නෙ රෝගයක් කියල. සම්භාව්‍ය පේ‍්‍රමය නිරෝගී මිනිස් සම්බන්ධතාවයක්.
ඒත් අපි රොමාන්තික පේ‍්‍රමයේ ඉඳන් අවබෝධාත්මක පේ‍්‍රමයක් දක්වා පරිණත වෙන්න ලෑස්තිද?

තව කොටසක් ඊළ`ගට.

Wednesday, September 12, 2018

මයිලපත් සමනල්ලූ


කළුවර වැටෙන්න කලින් ඔෆිස් එකෙන් පැනලා ගෙදර ආවා. අන්තිම ඉර රැුල්ල ජනෙල් පඩියට වැටෙනවා බලන්න  ඕන. උණු උණු ප්ලේන්ටියක් ළ`ගට  ඕන. ඔතාගත් ජොයින්ට් එක හීන් සැරේ පත්තු වෙන්න  ඕන. පුටුවෙ සුවපහසුවට දිගාවෙලා සුජීවගේ මයිලපත් සමනල්ලූ කියවන්න  ඕන.

මං එහෙම කළා. ඒ කවි ලස්සන හැන්දෑවක් මැව්වා. ඒ කවි වලින් මාව අරන් යන නොස්තැල්ජියාව ගැන මට ආසාවක් තිබුනා. ඒ හැපෙන විසිරෙන ඉනස්න්ස් එක පිරුන වචන මට මිස්වෙලා තිබුන.

ඒ වචන අලූතෙන් ආදරෙන් බැඳෙන තැන්වල වර්ජිනිටි එකක් තිබුන. ඇල්ලූවොත් තැලෙයි පොඩිවෙයි කියල හිතෙන සියුමැලිකමක් දැනුන. මං හීතල හන්තාන හුළ`ගකුත් එක්ක මයිලපත් සමනල්ලූන්ට ඇලූන.

පේරාදෙනිය කියපු ගමන් මට දැනෙන හැගීමක් තියෙනවා. ඒක රූපයක් නෙමෙයි. රූප ගොන්නක්. සීතලක්. කොලපාටක්. හිරිකඩක්. තෙතක්.. ඒ අතරෙ සුජීවයි සංජීවයි එලිදක්වපු කවි පොතකුත් එතන තියෙනවා. ඒක මට මතක විදිහට උන්ගෙ පලවෙනි කවි පොත. උන් දෙන්නා තමයි අපේ කාලෙ පේරා හිටපු කවියො දෙන්නා. උන් හිටියෙමත් කවියො විදිහටමයි. කතා කළේ හිනා වුනේ වුනත් එහෙමමයි.

ඊට පස්සෙ අපි ඔහේ විසිරිලා යනවා. සුජීව සිංහල ටියුෂන්කාරයෙක් විදිහට මට මුනගැහෙනවා. සංජීව ෆේස්බුක් එකෙන් මුනගැහෙනවා. උන් දෙන්නා තාමත් කවි ලියනවා.
මයිලපත් සමනල්ලූ සහ ඔබට නොවේ බටිත්තන්ට කියන්නෙ ආපහු දෙවෙනි පාරටත් උන් එකතු වෙලා කරන කවිපොත. පේරා වෙනුවට මෙදා මහවැලියෙ.

කවියො දෙන්නෙක් ගැන එකට ලියන්න බෑ. මං සංජීවගේ කවි පස්සෙ දවසකට තියලා සුජීවගෙ කවි ගැන ලියනවා.

ඒවා හරි තෙතයි. ඇලෙනසුලූයි. හිරිකඩ හීතලට පෙගුන මෙට්ටයක වැතිරෙන ගානයි. මං ඒ කවි වලට ආසයි. ඒවා පෝස්ට් මොඩර්න් කවි නෙමෙයි. කොහෙත්ම රැුඩිකල් නෙමෙයි. මතකයන්, ආදරයන්, අතීතයන් එක්ක මනුස්ස බැඳීමකින් පැටලෙන ඇස් තෙත් කරන මිස් එකක්.

මධු විතක කිඳී
මතක සැමරුම්වලට
ගල්මුල් ගසන්නට
ඉඩක් නැත

මහ රැු
පෙට්ටිකඩ හොයාගෙන ගිහින්
පේමන්ට් දිගේ
දුම්වළලූ යව යවා
තැවුල් සිත තම්බන්ට
ඉඩක් නැත..

සුජීවගේ කවි දිගයි. ඒ මූඞ් එක දිගේම පහලට ගහගෙන යන්න  ඕන. අතරමැදින් උපුටලා පෙන්නුවට අහුවෙන්නෙ අහුරයි. ඒකෙන් පද පෙරලිවල අපූරුව මිස කවියෙ තියෙන ටි‍්‍රප් එක ගන්න අමාරුයි.

ආයෙත් සැරයක්
නින්දෙදිත් දැක්කා ළ`ගටම
හුස්ම සුවඳත් දැනෙන ගානට
ළංවෙලා හිටියා මූණට
රෝස පාට පියයුරු තුඩු
උරාබොන
බිළිඳෙකුව සිටියා මම
ඇහැරෙන කොටත්
සියොළ`ගම හිරිවැටී තිබුනා
හොඳටම

දුල් නයිටියක් පැටලෙන්නෙ නැතුව
ගෑනු සුවඳක්
හීන් කෙඳිරිල්ලක් නැතුව
තනියම බුදියන එක
එපා වෙලා දැන් මට

ඒ කවිවල මොකුත් වහලා කවිකම් හදන්න යන්නෙ නෑ. දැනෙන පේන දේ සරලව කියනවා මූනට. එතකොට දැනෙන කතාවෙ අපි ඇවිදින්නෙ අත්දැකීම අපේ කරගෙන. සුජියා කවි ඇතුලෙ බලය වෙනුවට ගේන්නෙ වස`ගය. මට දැනෙන්නෙ මේ කවි හරිම ගෑනුයි.

පරණ කෝච්චි පෙට්ටිවලයි
සිල්පර කොටවලයි
සුවඳ මතකද
හැමතැනම
කළුතෙල් පැල්ලම් වැකුණු
බිම් තඹුරු මල් පවා
කළුපාට තැවරූ
මතකයක
සුවඳ මතකද..

කෝච්චි පාර දිගේ කතා කරන්න දෙයක් නැතුව අත්අල්ලන් යන කාලෙදි වැඩියෙන්ම බැලෙන්නෙ සිල්පර කොටං අතර. ඒ වැවෙන පුංචි පැල, ලොකු ඇණ, කළු තෙල් තාර... ඒ රූපෙත් එක්ක එහා පැත්තෙ ඉන්නෙ කවුද කියල මතක නැති ආදරයක් මතක් වෙනවා. සුජියා හරියටම ඞීටේල් අල්ලනවා.

මේ කවි එකින් එක මෙතන ලියලා දනවන්න බැරි තරම් මං කැමති කවි ගොඩයි. අකමැති කවි ටිකයි. ඉඳලා හිටලා පරාක‍්‍රම කොඩිතුවක්කුලගෙ, මොනිකලගෙ සමාජ සාධාරණය ගැන කවි කීපය තමයි මගේ ටි‍්‍රප් එකට තිබුන එකම බාධාව.

සුජීවගෙ කවි ගැන ඇහුවොත් මට කියන්න තියෙන්නෙ එක වචනයයි.
ඉනසන්ස්..
මාව  බැඳුන කවිය තිබුනෙ එතනයි.

Thursday, September 6, 2018

සෙක්ස් දේශපාලනිකද?



චරිත්ගෙ යූටියුබ් චැනල් එකට පොත ගැන ඉන්ටවිව් එකක් කරද්දි චරිත් මගෙන් අමුතු ප‍්‍රශ්නයක් ඇහුවා. මේ කරන සෙක්ස් වැඬේ දේශපාලනිකද කියල. ඒකෙන් මං මොහොතකට කල්පනාවකට වැටුනා. ඒක එහෙමද? මොකක්ද දේශපාලනිකයි කියන්නෙ? අපිට පුළුවන්ද එහෙම යම් දෙයක් දේශපාලනිකයි කියල හිතලා කරන්න. අනිත් පැත්තට දේශපාලනික නොවෙන වැඩ තියෙන්න පුළුවන්ද?

උදා විදිහට මට මධූ රොක්ස් දේශපාලනිකයි වමේ පක්ෂයකට වඩා. මධූ රොක්ස්ට පුළුවන් වෙනවා එක දවසකින් ලංකාව ලේයර්ස් ගනනාවකින් තිගැස්මකට ලක් කරන්න. මේක අපිට කියන්න පුළුවන් ඩිස්රප්ෂන් එකක් කියල. අපි සීරියස් කියලා හිතන්නෙ මොකක්ද, ආර්ට් කියල හිතන්නෙ මොකක්ද, පොලිටික්ස් කියල හිතන්නෙ මොකක්ද, ඉතිහාසෙ කියල හිතන්නෙ මොකක්ද වගේ කලාප ගනනාවක පැරඩියක් එයා හදනවා. පැරඩියක් කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව ලංකාවම අනාත වෙනවා. මට අනුව මධූ රොක්ස් කරන්නෙ දේශපාලනික වැඩක්. ඒත් ඒක එයා කරන්නෙ එහෙම දැනගෙන නෙමෙයි.  ඕන නං අපිට එහෙම කියවන්න පුළුවන්.

අපි දේශපාලනිකයි කියල හිතාගෙන කරමින් ඉන්නෙ මොනවද? පිකට්, රැුලි, පාගමන් මේවා තවදුරටත් දේශපාලනිකද? නැත්තං මධූ රොක්ස්ට වඩා පරණ පැරඩිද? දේශපාලනිකයි කියල මගේ යාලූවො කරමින් ඉන්න ගොඩක් දේවල් ගැනත් මට එහෙම හිතෙනවා. සමහර විට දේශපාලනිකයි කියල හිතාගෙන දෙයක් කරන්න ගියහම ඒක ජෝක් එකක් වෙලා නතර වෙනවා වෙන්න පුළුවන්.

මට හිතෙන්නෙ පවතින තත්වයන් ගැන නූතන තේරුම් ගැනීමකින්,
ප‍්‍රායෝගිකව වැඩ කරන,
මිනිස්සු එදිනෙදා එන්ගේජ් වෙන දේවල් දේශපාලනිකයි.
ඒ වෙනුවට පවතින තත්වයන් ගැන පුරාතන හෝ න්‍යායික හෝ තේරුම් ගැනීමකින්, ප‍්‍රායෝගිකව වැඩ කරන්නෙ නැති, මිනිස්සුන්ව බලෙන් දක්කන්න සිද්ද වෙන වැඩ අදේශපාලනිකයි.

එහෙම වුනහම මට මං කරන දේ දේශපාලනිකද කියල තීරණය කරන්න බෑ. ඒක තීරණය වෙන්නෙ සමාජය එක්ක සිද්ද වෙන ඉන්ටරැුක්ෂන් එක අනුව.
ඊට පස්සෙ මිනිහා තවත් හොඳ ප‍්‍රශ්නයක් ඇහුවා. ආගම සහ සෙක්ස් ගැන. ඒක හරිම ඉන්ටරෙස්ටින්ග් මාතෘකාවක්.  ඕනම ආගමකට තියෙන ප‍්‍රතිවිරෝධය තමයි සෙක්ස්. ආගමක් දියවෙන තැන.  කිසිම ආගමකට සෙක්ස් බාරගන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ආගමක් කියන්නෙ රෝගයක් වීම. ආගමක් කියන්නෙ අපි අපේ ඇත්ත යටපත් කරමින් අපේ නැති ඇත්තකට බුහුමන් කරන්න එකතු වෙන සාමූහික ඇදහිල්ලක්. එතන තියෙන්නෙම අපේ ඇත්ත, ඒ කියන්නෙ ආශාව යටපත් කිරීම, වාරණය කිරීම හරහා ශුද්ධවන්තභාවයක් බලාපොරොත්තු වෙන එක. සෙක්ස් කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. අපේ ආශාව වැළඳගැනීම, තෘප්තිමත් කිරීම කියන අර්ධය. මිනිස්සුන්ව මිනිස්සු විදිහට බාර ගැනීම. ආගමක් කියන්නෙ මිනිස්සුන්ව නැති දේවත්වයකට ඇන්දීම. මේ ලෝකෙ වෙනුවට පරලෝකෙකට ඇන්දීම.  ඕනම ආගමක් මූලිකම අර්ථයෙන් ආශාවට බයයි.

පුද්ගල අභ්‍යන්තරය වටහා ගැනීම වෙනුවෙන් කරන ආධ්‍යාත්මික ගවේෂණයක් කිසිම විදිහකින් ආගමක් වෙන්න බෑ. ආගමක් කියන්නෙ ස්වයං සහ පොදු රැුවටීමක්.  ආධ්‍යාත්මික ගවේෂණයක් අනිවාර්යෙන්ම පුද්ගලික වෙන්න  ඕන. ඒක කොහෙත්ම සාමූහික විනයක් ශික්ෂණයක් වෙන්න බෑ. මේ ගැන ඇත්තටම  ඕෂෝ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

මේ ආගමික එක වමේ දේශපාලනිකයි කියන දේවල් ඇතුලෙත් තියෙනවා. සාමූහික ඇදහිල්ල, ආශාවට විරුද්ද වීම, වාරණය වගේ දේවල්. අපි දේශපාලනිකයි කියල හිතන ගොඩක් දේවල් දේශපාලනික වෙනුවට ආගමිකයි.

තමන්ගේ පුද්ගලික ආශාව යටපත් කරමින් පොදු යහපත හෝ ස්වර්ගය හෝ නිර්වාණය හෝ වෙන විප්ලවය හෝ වෙන  ඕනම දෙයක් වෙනුවෙන් පෙනී සිටීම ආගමික පුහුණුවක්. ඒ වගේම ආගමික හැමදෙයක්ම සමාජයක් එකතැන පල් කරනසුලූයි. අලූත් දේට විරුද්ද වෙනසුලූයි. තමන්ගේ මතවාදය වෙනුවෙන් මරාගන්නාසුලූයි. ආදරය වුනත් ආගමික වුනොත් එතන මේ අවුල හැදෙනවා.

ඒක නිසා සෙක්ස් කියන්නෙ අපි නැවත අපිව අත්පත් කරගැනීමේ කැරැුල්ලක් වෙනවා. අපේ ශරීර ආශාවන්ගේ මූලයන් බාරගැනීමේ මොහොතක් වෙනවා. ආගමෙන් ගැලවීමෙන් ලබන සැබෑ විමුක්තියක් වෙනවා.

මට හිතෙන්නෙ සෙක්ස් වඩාත් උත්සවශ‍්‍රීයෙන් සමරන්න  ඕන වෙන්නෙම ආගමික විකාරයන්ගෙන් සිද්ද වෙමින් තියෙන හානිය දරුණු හින්ද. සියලූ දේ ආගම් විසින් පවරාගනිමින් අපිට අපිව අහිමි කරමින් තියෙන හින්ද.
අපි අපේ නිරුවත වෙනුවෙන් පෙනී ඉන්න  ඕන.

Friday, May 11, 2018

මත්ද්‍රව්‍ය යනු රකුසෙක් නොව හිස් පඹයෙකි



මං ඩ‍්‍රග්ස් ප‍්‍රමෝට් කරනවා කියල සහ ඒ හරහා තරුණ පරපුර නොමග යවනවා කියල සමහරු චෝදනා කරනවා. තරුණ පරපුර මේ මත් උවදුරෙන් මුදවා ගන්න  ඕන කියල සහ ජීවිතේ මේ මත්වීමට වැඩි සෞන්දර්යයක් ඇතිබව ඔවුන්ට කියාදෙන කැම්පේන් එකක් ඇරඹිය යුතුයි කියලත් එක්කෙනෙක් එෆ්බී එකේ ලියල තිබුන. පළවෙනි එක ඩ‍්‍රග්ස් කියන්නෙ ප‍්‍රමෝෂන් අවශ්‍ය දෙයක් නෙමෙයි. දෙවෙනි එක තරුණ පරපුරක් නොමග යවන්න මං කවුද? නොමග නෙමෙයි කිසිම මගක තරුණ පරපුරක් යවන්න මට හැකියාවක් තියෙනවා කියල මං හීනෙකින්වත් විශ්වාස කරන්නෙ නෑ. තුන්වෙනි එක අර ලියමනට මං පක්ෂයි. මත්ද්‍රව්‍යවල ඇති සෞන්දර්යයට විරුද්ධව හරි යතාර්ථ ජීවිතේ සෞන්දර්යය ගැන තරුණයන් සම්බන්ද කරගනිමින් ව්‍යාපෘති දියත්වීම ඉතා හොඳ දෙයක්. මං මත්ද්‍රව්‍යවලට කොයිතරම් පක්ෂද මං ඒ තරමට ඒ යෝජනාවටත් පක්ෂයි.
මත්ද්‍රව්‍ය නිසා මිනිස්සු විනාශ වෙනවා කියන චෝදනාව මං ප‍්‍රතික්‍ෂේප කරන එකක් නෙමෙයි. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් තමන් එහෙම නරක අත්දැකීම් ලැබුවොත් හෝ තමන්ගේ ආසන්නතමයෙක් එහෙම ව්‍යසනයකට බඳුන්වෙනවා දැකපු කෙනෙකුට මත්ද්‍රව්‍ය ගැන ඇතිවෙන භීතිකාව සාධාරණයි. එහෙම නැතුව නිකං මත්ද්‍රව්‍ය නරකයි කියල ඉස්කෝලවල ඉඳන් අහලා පුරුද්දට හයියෙන් කෑගහන අයයි වැඩි. ඒක බොරු රැුල්ලට එන සද්දයක්.

ඒත් මත්ද්‍රව්‍ය නැත්තං ඩ‍්‍රග්ස් ගැන මට පුද්ගලිකව මගේ ජීවිතේ ඇතුලෙ ලැබිලා තියෙන අත්දැකීම වෙනස්. ලෝකෙ තියෙනවා කියන සයිකොඇක්ටිව් ඩ‍්‍රග්ස්වලින් අනිවාර්යෙන් සීයට අනූවකට වැඩි ප‍්‍රමානයක් ගැන ෆස්ට් හෑන්ඞ් එක්ස්පීරියන්ස් මට තියෙනවා. ඒත් මට ඩ‍්‍රග්ස් ගැන කිසිම අන්ධකාර අර්ථකතනයක් නෑ. ඒ වෙනුවට මගේ ජීවිතය වඩා පුළුල් කරපු, මගේ නිර්මාණශීලී හැකියාවන් වඩාත් දියුණු කරන්න උදව් දීපු, මගේ යාලූවො, පෙම්වතියො එක්ක සම්බන්ධතා වඩා සුන්දර කරන්න හේතු වුනු දෙයක් විදිහටයි මට ඩ‍්‍රග්ස් ගැන කතා කරන්න වෙන්නෙ. ජීවිතේ මං ආසකරන ගරු කරන සියලූ දාර්ශනිකයෝ කලාකරුවො , ආධ්‍යාත්මික ගුරුවරු සහ මිනිස්සු මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු අය.  එහෙම තියෙද්දි මං මත්ද්‍රව්‍ය යනු රකුසෙකි කියල කිව්වොත් මං බොරුකාරයෙක් වෙනවා. මං කැමතියි ඇත්ත කියන්න.

මත්ද්‍රව්‍යයක් කියන්නෙ මොකක්ද? මේක හෙරොයින්, කොකේන්, කංසා, අරක්කු වගේ කීපයක් දේවල් එක්ක ගැටගහලා කතා කළත් ඇත්තටම ඩ‍්‍රග්ස් ගැන තේරුම්ගන්න වෙන්නෙ ඊට වඩා ලොකු දැක්මකින්. කොයිම ආකාරයකින් හෝ ශරීරගත වුනාට පස්සෙ මානසික ක‍්‍රියාකාරීත්වයට යම් බලපෑමක් ඇතිකරන  ඕනම දෙයක් ඩ‍්‍රග් එකක්. එතනදි පැනඩෝල් පෙත්ත වගේම ඇල්වතුර පවා ඩ‍්‍රග් එකක්. මිනිස්සු හැමෝම දරුණුවටම ඇබ්බැහිවෙලා ඉන්න ඩ‍්‍රග්ස් වෙන්නෙ සීනි, ලූණු, කෝපි වගේ දේවල්. මේවයේ ඇබ්බැහිය ඉතා දරුණුයි. ඒ වගේම ඇල්කොහොල් ගත්තත් ඇබ්බැහිවීමේ ප‍්‍රතිශතය හෙරොයින් වලට වඩා ගොඩක් වැඩියි. ඇතිවෙන නරක ප‍්‍රතිඵලත් ඊට වැඩියි. ඒත් සමාජෙ ඇල්කොහොල් ඒ තරම් රකුසෙක් නෙමෙයි.

හොඳ නරක ප‍්‍රතිඵල ඇතිකළත් මේ මත්ද්‍රව්‍ය කියල හඳුන්වන හැමදෙයක්ම මානව ශිෂ්ටාචාරෙ ඉතා දියුණු සොයාගැනීම්. මේවා මුලින්ම පාවිච්චියට එන්නෙමත් බෙහෙත් විදිහට. හෙරොයින් මුලින් පාවිච්චි වුනේ පොඩි දරුවන්ට දෙන කැස්ස පැණියක් විදිහට.
මගේ අත්දැකීම්වල හැටියට සහ දැනට විද්‍යාත්මක සොයාගැනීම් වලින් තහවුරු වෙලා තියෙන විදිහට මිනිස්සු බයකරන මේ ඇඩික්ෂන් කියන එක පවා මිත්‍යාවක්. මීයන් යොදාගෙන කරපු පර්යේෂණ මගින් මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනවා ඇබ්බැහිය එන්නෙ ඩ‍්‍රග් එකෙන් නෙමෙයි ජීවිතෙන් කියල. උදා විදිහට අපේ ජීවිතේ තියෙන අවුලකට අපි ඩ‍්‍රග්ස්වලට ගියොත් ඒ අවුලත් එක්ක අපි ඒක ස්වයං විනාශකාරී අන්තයකට අරගෙන යන්න පුළුවන්. මීයන්ගෙ පර්යේෂණයෙදි මේක මීට වඩා පැහැදිලිව සරලව තේරෙනවා. තනි මීයෙක් කූඩුවක දාලා ඌට වතුරට කලවම් කරපු හෙරොයින් දෙනවා. ඒ මීයා ඉතා කෙටි කාලෙකින් හෙරොයින්වලට ඇබ්බැහිවෙනවා. මේ පර්යේෂණය කරපු ගමන් හෙරොයින් වලින් බරපතල ඇඩික්ෂන් එකක් ඇතිවෙනවා කියල විද්‍යාත්මක ප‍්‍රවාදයක් ලෝකෙ පුරාම පැතිර යනවා. ඊට කාලෙකට පස්සෙ මේ ප‍්‍රතිඵල සැකකරපු තව කෙනෙක් නැවත මේ පර්යේෂණය කරනවා. එතනදි ඒ මීයා තනියම නැතුව තව කණ්ඩායමක් එක්ක හොඳ ඉඩ තියෙන කූඩුවක දාලා තියනවා. ඒ කූඩුවේ ඇතිතරම් කෑම බීම වගේම සෙල්ලම් කරන්නත් ඉඩකඩ තියෙනවා. ඒ අතරෙ උන්ට හෙරොයින් දෙනවා. උන් හෙරොයින් බොනවා. ඒත් හෙරොයින් නැතිවුනා කියල උන් ඇබ්බැහියක දුක්ඛ ප‍්‍රතිඵල පෙන්නන්නෙ නෑ. උන් මොකුත් වුනේ නෑ වගේ සතුටින් ජීවත් වෙනවා. මෙතනදි ඔප්පු වුනු කාරණය වුනේ ඇබ්බැහිය කියන්නෙ ඩ‍්‍රග් එකක ප‍්‍රතිඵලයක් නෙමෙයි ඒක සමාජීය ප‍්‍රතිඵලයක් කියන එක. කුඩුවලට ඇබ්බැහිවෙලා ඉන්න සමස්තයකගෙ යතාර්ථය වෙන්නෙ මේක. ඒත් අපිට ලේසියි සමාජීය අවුල අමතක කරලා කෙමිකල් එකක් වෙත සියලූ වැරදි පවරන්න. 

මත්ද්‍රව්‍ය නිසා ජීවිත හානිවුනා කියන බහුතරයකගේ ජීවිතවල මත්ද්‍රව්‍ය එන්න කලින් ලොකු අර්බුදයක් තිබිලා තියෙනවා. ඒක සමාජ හේතුවක්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම කියන්නෙ ඒ අර්බුදයට හොයාගෙන යන සරල උත්තරයක් වෙනවා. ඒ වගේම ස්වයං විනාශය ඇතුලෙ තමන්ගෙන් සහ සමාජයෙන් පලිගැනීම, හුදකලාව වගේ තත්වයන් ක‍්‍රියාත්මක වෙනවා.

මත්ද්‍රව්‍ය නිසා වෙන විනාශය අවම කරගන්න ලෝකෙ ගොඩක් රටවල් මේ වෙද්දි ඒ මත්ද්‍රව්‍යවලට පනවා ඇති තහනම් ඉවත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට ප‍්‍රධානතම හේතුවක් වෙන්නෙ ඒ නීතිවිරෝධීභාවය ඇතුලෙ මිනිස්සුන්ට කෙරෙන විනාශය මත්ද්‍රව්‍ය වලින් කෙරෙන විනාශයට වඩා වැඩිවීම. සිරගත කිරීම්, සමාජයෙන් කොන්කිරීම්, පාතාල සම්බන්ධතා හරහා මත්ද්‍රව්‍ය සපයා ගැනීමට සිදුවීම් වගේ කාරණා නිසා තරුණයන්ගෙ ජීවිතවලට ඒ ඩ‍්‍රග් එකට වඩා ලොකු විනාශයන් සිද්ද වෙනවා. ඒ වගේම ප‍්‍රමිතියක් නැති ඩ‍්‍රග්ස් වෙළඳපොලට එන එකත් මේ නීතිවිරෝදීභාවයේම ප‍්‍රතිඵලයක්. ඇත්තටම ශරීරයට සිදුවෙන අහිතකර ප‍්‍රතිඵල වැඩි කොටසකට වගකියන්නෙ මේ විදිහට ප‍්‍රමිතියක් නැතිව විවිධ දේ එකතු කිරීම. හොඳම උදාහරණය කසිප්පු. කසිප්පු පෙරන එක නීතිවිරෝධිවීම නිසාම නයිපොලොංගු වැටිලා, කටුකම්බි, මදුරුකොයිල් දාලා පෙරන කසිප්පු මිනිස්සුන්ට බොන්න සිද්ද වෙනවා. ඇත්තටම සිදුවෙන සමාජ හානිය ගැන පසුතැවිලි වෙනවා නම් කරන්න තියෙන වැදගත්ම දේ නිසි ප‍්‍රමිතියක් ඇති මත්ද්‍රව්‍ය ප‍්‍රමිතියක් ඇති තැන්වලින් ලබාගැනීමේ පහසුකම් ඇතිකරන එක. ඒ වගේම හානිදායක නොවන කංසා වැනි මත්ද්‍රව්‍යයන් වැඩිවශයෙන් ව්‍යාප්ත කරන එක. ලංකාව වගේ රටක ඇල්කොහොල් මතින් බරවුණු සමාජයක් කංසා පැත්තට යොමු කිරීම කියන්නෙම විශාල ප‍්‍රගතියක්.

මත්ද්‍රව්‍යවලින් සිද්දවෙන විනාශයන් අවම කරගන්න ගතානුගතික පියවර වලින් බෑ. ඉතිහාසය පුරාම තහනමට ලක්වුනත් මේ හැම මත්ද්‍රව්‍යයක්ම ලෝකෙ පුරාම ව්‍යාප්තයි. මරණ දඩුවම දෙන අරාබිකරයේ පවා මිනිස්සු මරණය පෙනි පෙනී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒක අවශ්‍යතාවයක්. සමාජ හානියක් නැතිව තමන්ගේ පුද්ගලික උවමනාවට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් සැලකීමම පුද්ගලයා මත බලය, ප‍්‍රචන්ඩත්වය මුදාහැරීමක් විදිහටයි මං දකින්නෙ.  ඕනම දේකදි පුද්ගලයාගේ තෝරාගැනීමට සහ කැමැත්තට හරස්වෙන්න රජයකට බලයක් නෑ. ඒක අසාධාරණයක්.
මත්ද්‍රව්‍ය පිළිබඳ පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භවෙන්න දැන් කාලෙ හරි. බොරුවට පාට ලෝක සහ ප‍්‍රචන්ඩ ක‍්‍රියා පෙන්න පෙන්න ඩ‍්‍රග්ස්වලට බය කරන එකෙන් වෙන්නෙ පාවිච්චි කරන පළමු අවස්ථාවෙම මෙච්චර කල් සමාජයේ හැමෝම පතුරලා තියෙන්නෙ අලි පචයක් කියලා හිනායන එකයි. ඊට පස්සෙ ඩ‍්‍රග්ස්වලට බයේ ඇකිලෙන මිනිස්සුන්ව දැක්කම පව් කියල හිතෙන එකයි.

ඒත් මේ ඩ‍්‍රග්ස් ගැන නොදැනුවත්කම සහ හොඳ ඩ‍්‍රග්ස් සමාජයට මුදා නොහැරීම කියන කාරණා නිසා අත්වෙලා තියෙන ප‍්‍රතිඵල අතිභයානකයි. ලංකාවෙ ඉතාම හොඳ කංසා වෙනුවට එක එක ජරාව ගහපු කේජී ගහන්න තරුණ තරුණියන්ට සිද්ද වුනේ තහනම හින්දයි. කේජී කියන්නෙ ඇපල් පෙති වගේ අන්ත බාල ඩ‍්‍රග්ස්වලට ඇරෙන දොරක්. ඒ වෙනුවට එල්එස්ඞී, කොකේන්, එම්ඞීඑම්ඒ වගේ යම් ප‍්‍රමිතියක් ඇති, හානිකර බවෙන් අඩු ඩ‍්‍රග්ස් වැඩිපුර සමාජයේ පැතිරෙනවා නම් ඒකෙන් මිල අඩුවීම වගේම හානිකර බවෙන් අඩු මත්ද්‍රව්‍යවලට යොමු වීම ඇතිකරනවා.

ප‍්‍රධානවම ඒ ඒ මත්ද්‍රව්‍යයන් පිළිබඳව සහ ඒවායින් ඇතිකරන හොඳ නරක ප‍්‍රතිඵල පිළිබඳව පුහු සදාචාරාත්මක විග‍්‍රහයන්ගෙන් තොරව මැදිහත් දැනුවත් කිරීම් කෙරෙන්න  ඕන. එතනදි තමන් මත්ද්‍රව්‍ය ඇතුලෙ හොයන්නෙ මොකක්ද, තමන්ට වඩාත් ගැලපෙන මත්ද්‍රව්‍ය මොකක්ද, ඒ මත්ද්‍රව්‍යය ස්වයං විනාශකාරී නොවෙන ආකාරයකින් එහෙම නැත්තං ඵලදායී ආකාරයකින් ජීවිතේට එකතු කරගන්නෙ කොහොමද කියන දැනීම මිනිස්සුන්ට ලැබෙනවා.

ඒත් මේ කිසි දෙයක් කිසි කෙනෙක් බාරගන්න ලෑස්ති නෑ. ඒ වෙනුවට ඒ ගොල්ලො කැමති පඹයො හිටවන්න. කතාව ඉවර කරන්න කලින් මට හන්ටර් තොම්ප්සන් කියන කතාවක් මතක් වෙනවා.

‘මං ඩ‍්‍රග්ස් කියන දේ හැමෝටම නිර්දේශ කරන්නෙ නෑ. ඒත් මට නං ඒවා හැමවෙලාවෙම වැඩකරලා තියෙනවා’
හන්ටර් තොම්ප්සන්.


Friday, April 27, 2018

2020 මොකද වෙන්නෙ?




2020 කවුද එන්නෙ කියල එක එක විදිහෙ කතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තං චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම් පසුගාමී වුනත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී වගේ සුළුතරයක් ඡුන්ද ප‍්‍රතික්‍ෂේප කිරීමකින් සෑහෙන්න ඉඩතියෙනවා. මේ හැම කතාවක්ම තරම් බලාපොරොත්තු සහගත ඒවා නෙමෙයි. වෙන විකල්පයක් නැති තැනදි තියෙන ඒවයින් වඩා හොඳ වගේ පේන එකක් අකමැත්තෙන් හරි තෝරාගැනීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.

ඒත් විකල්ප නෑ කියන්නෙ ග‍්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්න කාලය ඇවිත් කියන එකයි. අලූත් තාක්ෂණය සහ සන්නිවේදනය විසින් යෝජනා කරන අලූත් වටපිටාවට පවතින මොනම දේශපාලනයක් වුනත් නොගැලපෙන වග සහතිකයි. නිසි දිශානතියක් නොවෙන තැන අනන්යතා අර්බුදයකට මුහුනදෙන අලූතෙන් ඡුන්ද හිමිවෙන පරම්පරාව ආයිමත් හම්පඩ ජාතිවාදී රවනතා පැත්තට හැරෙන්නෙ මේ නොගැලපීම නිසාමයි.

 කට්ටියක් විවෘත වීම ඉදිරියේ නැවත ගුහා ඇතුලට රිංගීම තෝරා ගන්නා අතරෙ තවත් වැඩි පිරිසක් දේශපාලනය නොතකා හරිමින් ඉන්නවා. පොලිටික්ස් කියන එක ගොඬේ මාතෘකාවක් වෙන අතරෙ ඡුන්දය දානවා කියන එකම තේරුමක් නැති සම්ප‍්‍රදායක් වෙමින් තියෙනවා. මේ පාර ඡුන්දෙදි ඡුන්දෙ දාන්න කියලා පවා වෙනම ප‍්‍රචාරයක් ගෙනියන්න ආන්ඩුවට සිද්ද වුනෙත් මේ නිසාමයි. මේ තත්වය ඉදිරියෙදි තව තවත් වැඩිවෙන්න නියමිතයි. ඒකෙන් වෙන්නෙ රටේ තීරණ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දිය හැකි බුද්දිමත් තරුණ පිරිස් දේශපාලනයෙන් අයින් වෙන එක. තව තවත් මෝඩයන් අතටම තීරණ ගැනීමේ ඉඩකඩ ලබාදෙන එක. රට ඇතුලෙම වෙනස් විදිහක ඩයස්පෝරාවක් නිර්මාණය වෙන එක. මේ කොයි එකක් වුනත් ඒක තරම් සුබදායී තත්වයක් වෙන්නෙ නෑ.

2020 කියන්නෙ අලූත් දේශපාලනයක ආරම්භයක් විදිහටයි මං දකින්නෙ. මානව අයිතිවාසිකම් සහ නිදහස අවධාරණය කරන, මිත්යාව වෙනුවට විද්‍යාව හොයාගෙන යන, ආගම්වාද ජාතිවාද වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන, නව ආර්ථික ක‍්‍රමෝපායන් සහ සැලසුම් වෙනුවෙන් උනන්දුවෙන, විශේෂයෙන්ම ඔන්ලයින් ලෝකය එක්ක බැඳුණු නව දේශපාලන සංස්කෘතියක යෝජනාවක් 2020 අවශ් වෙනවා. ග‍්‍රාමීය දේශපාලන මතවාද ගැටුම් වෙනුවට ශිෂ්ට නාගරික දේශපාලනයක ලොකු හිඩැසක් මේ වෙද්දි ඇතිවෙමින් තියෙනවා. හිඩැස පුරවන්න පවතින කිසිම දේශපාලන පක්ෂයක මතවාදය අසමත් වෙලා තියෙනවා.

මේක එක්තරා විදිහක හීනයක්. හීන පැත්තෙන් ගත්තත් අතිශය බොළඳ හීනයක්. එහෙම පුළුවන්ද අලූත් පක්ෂ පටන්ගන්න? එහෙම පක්ෂයකට බිම්මට්ටමේ මිනිස් සමූහයක් එකතු වෙයිද? කොහෙන්ද අරමුදල් එන්නෙ? ඔය විදිහට ඒකෙ අතාර්කිකත්වය පෙන්නන්න දහසකුත් එකක් ප‍්‍රශ්න එන්න පුළුවන්. ප‍්‍රශ්නවලට සංයුක්ත විසඳුම් හොයන්න ට‍්‍රයි කරනවා කියන්නෙම අපි පරණ දේශපාලනයටම ආපහු යනවා කියන එකයි. මොකද මේ රශ්න කිරීම් සියල්ල නිර්මාණය වෙන්නෙ පරණ දේශපාලන අත්දැකීම් උඩ. අලූත් දෙයක් පටන්ගන්න  ඕන අලූත් තැනකින්. පරණ ප‍්‍රශ්න පත්තරවලට උත්තර ලියන එකෙන් අලූත් දැනුමක් නිර්මාණය වෙන්නෙ නෑ.

අදාල වෙන්නෙ එක කාරණයයි. අපේ ජීවිතයට අවශ් දේශපාලනය රටේ පවතින දේශපාලනය කියන එක ඇතුලෙ නියෝජනය නොවීම. ඞීල් දාන, පරණ බල ප‍්‍රයෝගයන්  උඩම පවතින, දැක්මක් නැති, ගෝත‍්‍රික බහුතරයක උවමනාවන් නියෝජනය කරන දේශපාලනයක් කියන්නෙ අපේ ජීවිතෙන් බැහැර කරන රියාවලියක් වීම. වෙනුවට වෙනස් අරමුණු කරා යන, වෙනස් දැක්මන් සහිත, වෙනස් පුරවැසි ජීවිතයක් යෝජනා කරන දේශපාලනයක් අපිට අවශ් වීම.
ඒක අවශ් වෙන්නෙ කීයෙන් කී දෙනාටද?

අඩුම තරමෙ මට එහෙම එකක් අවශ්යයි. මං දේශපාලනය කියල විශ්වාස කරන්නෙ එහෙම එකක්. ඒක මාක්ස්වත්, වෙබර්වත්, මැකියාවෙලි, හොබ්ස්, ලොක්, රූසොවත් කියපු එකක් නෙමෙයි. අලූත් අන්තර්ජාල අවකාශය ඇතුලෙ අපේ ජීවිත ලෝකයත් එක්ක සම්බන්දවීමෙන් ඇතිවුණු නව පුරවැසි සවිඥානකත්වයෙන් ඉල්ලා සිටින හැඩයක්.

ඒක පක්ෂයක්ද, කණ්ඩායමක්ද, නැත්තං අදහසක්ද කියන එක වැදගත් නෑ. වැදගත් වෙන්නෙ අලූත් හැඩය නිර්මාණය කිරීම වෙනුවෙන් එකතු වීම විතරයි. 2020 දි මේ අලූත් පුරවැසියා වෙනුවෙන් සංවිධානය වීම සහ `ඩනැගීම කියන්නෙම ජයග‍්‍රහණයක්. අනිත් හැම තෝරාගැනීමක්ම  අවසානයේදී  පරාජයක්.