Thursday, December 20, 2018

නව ලිබරල්වාදය ඉවර නෑ



ලංකාවෙ ගොඩක් අය මේ වෙද්දි නව ලිබරල්වාදය කුනුහරුපයක් විදිහට සලකමින් ඉන්නවා. මේ අදහස ඇත්තටම ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයේ වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් ආපු මතයකට වඩා වමේ කන්ඩායම් ඔහේ කියන කාරනා මත පදනම් වෙලා එල්ලූන මතවාදයන්. පෞද්ගලීකරනය, රාජ්‍ය මැදිහත්වීම අවම කිරීම, වෙළඳපොල මූලික තීරණ ආදිය ගැන තමයි ප‍්‍රධානවම විරෝධය එල්ලවෙන්නෙ. ඒත් මගේ අදහස ලංකාවට නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි කියන එකයි. මේ නම වෙනස් වෙන්න පුළුවන්. නැත්තං සමහර පියවර අපිට ගැලපෙන විදිහට සංශෝධනය වෙන්න පුළුවන්. ඒත් නව ලිබරල්වාදය ඇතුලෙ ලෝකෙ මේ වෙද්දිත් අත්පත් කරගනිමින් ඉන්න සංවර්ධනයන් කොහෙත්ම සුලූකොට තකන්න බෑ. ඇත්තටම ලෝකෙ වඩාත්ම දියුණු තත්වයන් අත්පත් කරගත්තෙ සමාජවාදය හෝ වෙනයම් මහ ඉහලින් වර්ණනා කරන අදහස් පද්ධතියක් නිසා නෙමෙයි කෝකටත් ලේසියට බැනවදිමින් නැවත වැළඳගනිමින් ඉන්න නව ලිබරල් අදහස් ආර්තික ක‍්‍රියාවලියක් ඇතුලෙයි.

මේ ගැන යොහාන් නෝර්බර්ග් කියන ස්වීඩන් ජාතිකයා ප්‍රොග‍්‍රස් කියල පොතක් ලියනවා. එයා සම්මානනීය ආර්තික විද ්‍යාඥයෙක්. ඒ වගේම සමාජ න්‍යායවේදියෙක්. නව ලිබරල්වාදය ලෝකෙන් ප‍්‍රතික්‍ෂේප වෙමින් යනවා කියල අදහන වමේ ළාබාල මනස්වලට යොහාන් එයාගෙ පොත ගැන ඉන්ටවිව් එකකදි හිතන්න වටින කාරණා ටිකක් ඉදිරිපත් කරනවා.

ප‍්‍රශ්නය- ඔයාගෙ පොතේ තියෙන විදිහට දේවල් එන්න එන්නම හොඳ අතට හැරෙනවා. මොනවද එහෙම වෙන්නෙ?

යොහාන්- මූලිකවම ලෝකෙ එන්න එන්නම හොඳ වෙනවා. සමාජය, ආර්ථිකය, සංස්කෘතිය. හැබැයි දේශපාලනය නම් එහෙම වෙන්නෙ නෑ. දේශපාලකයො කරන දේවල් ඔවුන් අපේ නිදහස එක්ක කරන සෙල්ලම් ගැන ප‍්‍රවෘත්ති දකිද්දි මාත් ඩිප්‍රෙස් වෙනවා.  ඒත් මේ පොතෙන් කියන්නෙ මිනිස්සු විසින් ඔවුන්ට අලූත් සහ වෙනස් අදහස් හොයාගෙන යන්න නිදහස තියෙද්දි කරන දේවල් ගැන. පහුගිය අවුරුදු 25 ගැන කතා කරද්දි අපි පුරුද්දට කියන්නෙ කැපිටලිසම් සහ නියෝලිබරලිසම් ලොකු අවුලක් ඇති කළා කියල. ඒත් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ. අපි ලෝකෙ මන්දපෝෂණය 40%කින් අඩු කරලා  තියෙනවා. ළමා මරණ සහ සාක්ෂරතාව නොමැතිවීම අඩකින් විතර අඩු කරගෙන තියෙනවා. අන්ත දුක්ඛිතබව 37% ඉඳන් 10%ට අඩු කරගෙන තියෙනවා. හැම මිනිත්තුවකදිම මිනිස්සු 100ක් දුප්පත්කමෙන් ගොඩ එනවා.

ප‍්‍රශ්නය- ඒත් දැන් අලූතෙන් නැගී එන ජාතිවාදී සහ සෙනෆෝබික් පිබිදීම් ඔබ දකින්නෙ කොහොමද ?

යොහාන්- මං මේ පොත ලිව්වෙ ලෝකෙ ගැන මට ආපු සතුටට නෙමෙයි. ඒ ගැන මට දැනුන බය හින්ද. මොකද මිනිස්සු හිතනවා ලෝකෙ තියෙන්නෙ අවුලක කියල. මිනිස්සු හිතනවා ලෝකෙ තියෙන්නෙ ගිනි ගනිමින් කියල. වැරදි හේතු මත ඒ ගොල්ලො එහෙම හිතනවා. එක විදිහකට අපි තොරතුරු පරිභෝජනය කරන විදිහ සහ දේශපාලකයන් මිනිස්සුන්ව බය කරන එක ඒකට හේතු වෙන්න පුළුවන්. එහෙම බය කළාම මිනිස්සු ආරක්ෂාවක් ඉල්ලනවා. ශක්තිමත් පාලකයන්ව ඉල්ලනවා.

මේ බයවෙන මිනිස්සු ටොලරන්ට් නැති අය. ඒ ගොල්ලො ලිබරල් නෑ. ඒ ගොල්ලො මිනිස්සු විසින් දේශසීමා තරණය කරමින්,  වෙළඳපොල දියුනු කරමින් ඉන්නවා කියල දකින්නෙ නෑ.

ප‍්‍රශ්නය- ඒත් ඇයි මිනිස්සු එහෙම බය වෙන්නෙ? අපේ සීයලා අවුරුදු 30 ජීවත්වෙද්දි අපි අවුරුදු 70ක් ජීවත්වෙනවා නම් ඇයි අපි එහෙම කතා විශ්වාස කරන්නෙ?

යොහාන් - මං හිතන්නෙ අපි බය වෙන්නෙ අපිට නැති වෙන්න ගොඩක් දේවල් තියෙන හින්දමයි. අපිට දැන් තියෙනවා සුවපහසු ජීවිත ක‍්‍රමයක්. ඒත් ලෝකෙ හරි අමුතුයි. අපිට තේරුම් ගන්න බෑ මොකක්ද වෙන්න යන්නෙ කියල. ඒක හරියටම එකම කාසියෙ දෙපැත්තක් වගේ. මොකද ජීවිතේ සැපවත් මිනිස්සු හිතන්නෙම ඒ ගොල්ලොන්ට නැතිවෙන්නෙ මොකක්ද කියන එකයි. මං චීනෙට ඉන්දියාවට වියට්නාමෙට ගියාම මට මුනගැහිලා තියෙනවා ඉතාම සුබවාදී මිනිස්සු. ඒ ගොල්ලො හිතන්නෙ අලූත් බිස්නස් මොඩල්ස්, ටෙක්නොලොජීස් වලින් ඒ ගොල්ලොන්ගෙ ජීවිත වඩා දියුණු කරන ආකාර ගැන. ඒත් ඇමරිකාව යුරෝපය වගේ රටවල මිනිස්සු ඩිප්‍රෙස් වෙලා. ඒ ගොල්ලො ගොඩක් බයෙන් ඉන්නෙ ලෝකෙ මොකක්ද වෙන්නෙ කියල. ඒ ගොල්ලො ප‍්‍රවෘත්ති බලලා බය වෙනවා. ඒ ගොල්ලො දන්නෙ නෑ සිද්ද වෙන අපරාධ පහුගිය අවුරුදු 20දි  බාගෙකින් අඩුවෙලා කියල. ඒ ගොල්ලො දකින්නෙ එක සීරියල් මර්ඩරර් කෙනෙක් ගැන කතාවක් වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා හින්ද අපි ඒ ප‍්‍රවෘත්ති ත‍්‍රස්තවාදය, මූල්‍ය අර්බුදය, නව භූදේශපාලන තත්වයන් ආදී නොයෙක් දේවල් එක්ක ගැටගහගන්නවා.  මිනිස්සු තවදුරටත් දන්නෙ නෑ මොකක්ද වෙන්නෙ කියල. ඒ ගොල්ලොන්ට  ඕනවෙනවා හැමදේම ආරක්ෂිත යැයි හැගීමක් දෙන කවුරු හරි දැවැන්ත චරිතයක්.

ප‍්‍රශ්නය- ඇත්තටම ඔබේ පොතේ දක්වන දත්තයන් ගත්තොත් ඒවා විකල්ප දත්තයන් නෙමෙයි. ඒවා පිලිගත් වාර්තාගත දත්ත මත පදනම් වෙලා තියෙන්නෙ. ඔයා ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගැන කියනකොට එයා නෙගටිව්, අසුබවාදී නැරටිව් එකක් සමාජගත කරන අර කියන වර්ගයේ දැවැන්ත චරිතයක්. එයා තමයි එකම විසඳුම වගේ මවාපෑමක්.  දශක ගානක් තිස්සෙ හැම විදිහකම අපරාධ අඩුවෙලා අඩුවෙලා යද්දි ඇයි මිනිස්සු මේ වගේ දෙයක් විශ්වාස කරන්නෙ කියන එක හරිම පුදුමයක්. ට‍්‍රම්ප් කැම්පේන් කළේ ලෝ ඇන්ඞ් ඔර්ඩර් ආපහු ගේන්න එයා එන්න  ඕන කියල. ඒක අපරාධ රැුල්ල වැඩිවෙමින් ගිය 60-70 දශකෙ නම් පුදුමයක් නෙමෙයි. ඒත් මිනිස්සු ඇයි ට‍්‍රම්ප්ගෙ කතා විශ්වාස කරන්නෙ? වොෂින්ටන් ඞීසී ගත්තොත් කාලෙකට ඉස්සර ලේ ගලන අපරාද සිද්ද වෙච්ච නගර කොන්වල දැන් තියෙන්නෙ ගෝමේ ඩෝග් බිස්කට් සාප්පු. ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා හොඳ අතට. එක විදිහකට මට හිතෙනවා මේක දේශපාලනය කියන සාධකය හැසිරෙන විදිහෙ වරදක්ද කියල. දේශපාලනය විසින් ඊට ඔබ්බෙන් සිදුවන සියලූ සාර්තක වෙනස්කම් අමතක කරලා සියල්ල නැවත ඒකට අවශ්‍ය නෙගටිව් රවුම ඇතුලට ඇදලා ගන්නවද කියල මට හිතෙනවා.

යොහාන්- අපි හිතලා බැලූවොත් ආපස්සට, කාර්මික විප්ලවය කාලෙ තමයි අපි දුප්පත්කම කියන එක හොයාගත්තෙ. ඒ කාලෙ තමයි අපි ළමා ශ‍්‍රමය කියන එක හඳුනගත්තෙ. ඒවා ගැන අපි උනන්දු වෙලා දේශපාලකයන්ගෙන් අහන්න ගත්තා ඇයි මේවා ගැන මොකුත් කරන්නෙ නැත්තෙ කියල. ඒ දේවල් වැඩිවුන හින්ද නෙමෙයි. ඇත්තටම ඒ දේවල් අඩුවෙමිනුයි තිබුනෙ. මිනිස්සු හිතන්න පටන් අරන් තිබුනා අපිට ඇයි වැදගත් සුවපහසු ජීවිතයක් ගත කරන්න බැරි කියල. ඒකට බාධා කරන තත්වයන් මිනිස්සු ප‍්‍රශ්න කළා. අපරාධ ගැන තත්වයත් එහෙමමයි. ඒක තවදුරටත් ගනන් ගන්නෙ නැති දෙයක් නෙමෙයි. මිනිස්සු ඒකට විරුද්දව නැගී සිටිනවා. ඒවා නතර කරන්න බලධාරීන්ව පොළඹවනවා. ඒක ලේසියෙන්ම ජනතාවාදය විසින් පාවිච්චි කරන්න පුළුවන් තත්වයක්.  ඒ ගොල්ලොන්ට පුළුවන් මේ හැම දෙයක් ගැනම අනතුරක් මවාපාලා ලේසියෙන්ම ජනප‍්‍රිය වෙන්න.

ප‍්‍රශ්නය- ඔයා එකගවෙනවා මේකම නොවුනත් මීට සමාන තත්වයක් යුරෝපයෙත් සිද්ද වෙනවා කියන එක. ඒක අහම්බයක් නෙමෙයි සාපේක්ෂව ධනවත් රටවලම මේ තත්වෙ දකින්න තියෙන එක.

යොහාන්- ඔව් ඒකට අපිට කියන්න පුළුවන් ව්‍යසන කාංසාව නැත්තං කලැප්ස් ඇන්සයටි කියල. හොඳ ජීවිතයක් තියෙද්දියි මේක ඇතිවෙන්නෙ.

ප‍්‍රශ්නය- ඒක එක විදිහක සුඛෝපභෝගිතාවයක්. දුප්පත් රටවලට ඒ විදිහෙ මායාවක් වෙනුවෙන් ආයෝජනය කරන්න බැරිවෙනවා.

යොහාන්- ඔව් පරණ කතාවක් තියෙනවා. ඔයාට තියෙන්නෙ කෑම නැති ප‍්‍රශ්නයක් නම් ඔයාට තියෙන්නෙ එක ප‍්‍රශ්නයයි. ඒත් කෑම තිබුනොත් ඔයාට ප‍්‍රශ්න දාහක් තියෙනවා කියල.

ප‍්‍රශ්නය- ඔයා තරුණ ශිෂ්‍යයො එහෙම ගත්තොත් ඒ ගොල්ලො මේක දකින්නෙ කොහොමද? ඉතිහාසය සුබවාදීව අරගෙන ඉදිරිය කළමනාකරනය කරනවද නැත්තං අසුබවාදී දැක්මක හිරවෙලාද?

යොහාන්- ඔව් මං හිතනවා ඒ ගොල්ලො තමයි  අපේ අනාගතය කියල. ලෝකෙ කොහෙවත් කවුරුවත් දේශපාලකයො විශ්වාස කරන්නෙ නෑ. ඒක වොෂින්ටන් වුනත් බ‍්‍රසල්ස් වුනත් වෙනසක් නෑ. ඒත් ටිකක් වැඩිමහල් පරම්පරාව හිතනවා ඔක්කොම දේශපාලකයො අසමත් වෙලා ඉන්න නිසා අපිට  ඕන වඩා ශක්තිමත් පාලකයෙක් කියල. හැමදේම විසඳන්න එක ලොකු විසඳුමක් ඒ ගොල්ලොන්ට  ඕන. ඒත් තරුණ අය මේ දිහා බලන්නෙ උපහාසෙන්. ඒ ගොල්ලො වැඩිපුර විශ්වාස කරන්නෙ තාක්‍ෂණය සහ ඒ ගොල්ලන් විසින් තමන්ගෙ ගැටලූවලට නිර්මාණය කරගන්නා විසඳුම්. ඒක සමාජයෙන් ස්වේච්ඡුාවෙන් සිද්ද වෙන දෙයක්. දේශපාලකයන්ගෙන් කරගන්න බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. ඔබ හරියටම බැලූවොත් යුරෝපයේ සහ ඇමරිකාවෙ නැගී එන මේ ජනතාවාදී රැුල්ල පිටිපස්සෙ ඉන්න ඡුන්ද දායකයො බහුතරයක් පරණ පරම්පරාවෙ අය. දැන් විශ‍්‍රාම යන මේ පරණ පරපුරේ අය හිතනවා යලිකැඳවිය යුතු මාර හොඳ අතීතයක් තිබුනා කියල. ඩොනල්ඞ් ට‍්‍රම්ප් කතා කරන්නෙ මෙතනට. එයා යෝජනා කරන්නෙ ඇමරිකා ඉස් ගේ‍්‍රට් කියන ඒ අතීතෙට ආපහු යමු කියල. ඒ කියන්නෙ පනස්ගනං වලට. ඒත් තරුණ පරම්පරාව මේකෙ නෑ. ඒ ගොල්ලො ජනතාවාදයට ඡුන්දෙ දෙන්නෙ නෑ මේ පරණ පරම්පරාව වගේ.

ප‍්‍රශ්නය- මේ තරුන පරම්පරාව පොලිටික්ස් වල එන්ගේජ් වෙන්නෙ නැති එක අනිත් දේවල්වලටත් මේ විදිහටම බලපාන්නෙ නැද්ද? ඒ ගොල්ලො අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් තමන්ගෙ මැදිහත්වීම කරන්නෙ නෑ කියල හිතන්න බැරිද?

යොහාන්- මං නං එහෙම හිතන්නෙ නෑ. මං දකින්නෙ ඒ ගොල්ලො ගැටලූවලට වඩා ඉදිරියෙන් හිතනවා කියල. පරණ පරම්පරාවලට වගේම මේ අයටත් ගැටලූ තියෙනවා. ඒත් ඒවාට විසඳුම් හොයන ක‍්‍රමවේද ගැන දැනුමක් ඒ ගොල්ලොන්ට තියෙනවා. ඒ ගොල්ලො වෙනස් විදිහටයි තත්වයන් එක්ක ගනුදෙනු කරන්නෙ. ඒක විසඳුම් සෙවීම පිනිස දේශපාලනය කරලා පස්සෙ ඒ බලාපොරොත්තු බිඳවැටීමෙන් කනස්සලූ වෙන විදිහ නෙමෙයි. ඒ ගොල්ලො පාරිභෝගික සමාජයක් ගැන විශ්වාස කරනවා. වෙනම සමාජ ක‍්‍රමයක් නිර්මාණය කිරීම ඒ ගොල්ලො කරමින් ඉන්නවා. ඒක ප‍්‍රධාන වෙනසක්.
ප‍්‍රශ්නය- ඔව් ඔබ කියන්නෙ ටැක්සි කොම්පැනියක් ඉස්සරහ කාර් ගාන වැඩි කරන්න කියල උද්ගෝෂන කරනවා වෙනුවට ඒ ගොල්ලො ඌබර් වගේ විසඳුම් නිර්මාණය කළා කියන එක.

යොහාන් - ඇත්තටම ඔව්.

චින්තන ධර්මදාස



3 comments:

  1. සුජිත් අන්නමලේගේ ද්‍රවිඩ සම්භවය හෙළිදරව් කරමු. චින්තන ධර්මදාසගේ පියා කිතුනු පුජකයෙක් වීම හෙළිදරව් වී හමාරය. රන්දුලා සමලිංගික කාන්තාවක් බව හෙළිදරව් කරමු.

    ReplyDelete
  2. චින්තන ධර්මදාස කියන්නේ තමුන්ගේ ගෑනිට හුකන මිනිහා උනත් උනත් ගංජා බොන්න කතා කරනවා නං යන එකෙක්. ක්‍රිස්තියානිකාරයෙක්.

    රසික සූරියආරච්චි කියන්නේ පරකන්දෙණියේ අඩු කුලේ පරයෙක්. මිනිහගේ දුව පොඩි කාලෙම සල්ලන් උනේ දෙමළෙක් අතින්.

    සුජිත් අන්නමලේ කියන්නේ දෙමල සක්කිලියෙක්.

    ReplyDelete
  3. මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ්‍ය බව අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි. එතුමා මේ බව සදහන් කරමින් වැඩි දුරටත් කියා සිටියේ වැසිකිළි ගොස් ගුදයෙන් පිට කරනා මළපහ තමන්ගේ බඩ ඇතුලේ සිට එලියට යන ඒවා වන බැවින්, ඒවා ස්වල්පයක් දෑතේ තැවරීම ගැටළුවක් නොවන බවයි. දෑත් වල තැවරී ඇති මළපහ කෑම සමග මිශ්‍රව ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව කීවත් එය සබන් නිශ්පාදකයන් විසින් කියනු ලබන අසත්‍ය ප්‍රචාරයක් බවයි මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ. ශරීරය තුල තිබෙන මළපහ පිටකිරීමෙන් පසු, ඒවා නැවත ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා යන්න සම්පුර්ණ අසත්‍යයක් බවයි එතුමා සදහන් කරේ.

    මේ අනුව ඉදිරියේදී මළපහ කෑමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බවට සදහන් කරමින් විශේෂ ගැසට්ටුවක් එලියට දැමීමට තමන් කටයුතු කරනා බවයි මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩි දුරටත් කිය සිටියේ.

    ReplyDelete