Saturday, December 13, 2014

කතිර අතර වැතිර


ලංකාවේ බුද්ධිමතෙකුට කාලයත් සමග නොදැනීම විය හැකි ඛේදවාචකය ගැන මට ඇ`ග හිරිවැටෙන තේරුම් ගැනීමක් සිද්ද වුණේ දීප්තිගෙ අලූත් වීඩියෝවක් දැකලා. ඒක ජනාධිපතිවරනෙ ගැන දීප්තිගේ දේශපාලනික විග‍්‍රහය. ඡුන්දෙ පාවිච්චි කරන ජනතාව සයිකෝසීය සහ නියුරෝසීය කියල කාණ්ඩ දෙකකට බෙදාගෙන මොනවදෝ කතාවක් දීප්ති කියනවා. ඒත් ඒ විග‍්‍රහය කාටවත් අදාල නැති එකක්. අදාල නැති විග‍්‍රහයක් දේශපාලනික වෙන්නෙ කොහොමද? මේ වෙද්දි දීප්ති අදාල නොවන දෙයක් කීමෙන් දේශපාලනික වෙන්න හදන කාණ්ඩයට වැටිලා. මේ පාර ඡුන්දෙදි සයිකෝසිකයො කාටද ඡුන්දෙ දෙන්නෙ, නියුරෝසිකයො කාටද ඡුන්දෙ දෙන්නෙ කියන එක ගංජාකාරයෙක්වත් නොකරන විහිළුවක්.

මං මේ කතාව කියන්නෙ කොහෙත්ම දීප්තිට පහර ගැහීමේ උවමනාවකින් නෙමෙයි. දීප්ති කියන්නෙ එක්තරා වකවානුවක වඩාත්ම ඉදිරිගාමී අදහස පළකරපු විචාරකයා. විලාසිතා ගැන, පෙනී සිටීම ගැන, දියුණු සංස්කෘතික කතිකාවක් ඇති කරපු කෙනෙක්. ඒත් මේ වෙද්දි කොල පාට තාප්පයක් ඉස්සරහ ඒකට නොගැලපෙන කමිසයකුත් එක්ක අදාල නොවෙන කතාවක් කියමින් එයා මෙගා බෝතලේක වතුර හලනවා. 

මේකයි ඛේදවාචකය. අපේ දැනුමත් එක්ක අපිව සමාජ කතිකාවෙන් එලියට තල්ලූ වෙනවා. අපි දැනුම කියල විශ්වාස කරන දේම අපේ බාධාව වෙනවා. අපි අදාල නොවෙන ප‍්‍රදේශයේ කතිකාවලට පිටමං වෙනවා. අපි දන්නෙ නෑ. අපි ළ`ග ඉන්න කවුරුවත් කියන්නෙ නෑ. දීප්ති කියන්නෙ එතන ඉන්න  ඕන මිනිහෙක් නෙමෙයි.
ඊට අනිත් පැත්තෙන්් ජවිපෙ ලංකාවෙ වඩාත්ම දියුණු දේශපාලනික ප‍්‍රවේශය බවට පත්වෙනවා. අතිශය තියුණු ප‍්‍රශ්න කිරීම් මේ වෙද්දි ආණ්ඩුවට එල්ල කරන්නෙ ජවිපෙ. අනිත් හැමෝම ගන්නෙ ජවිපෙ කියන තොරතුරු. ඒවා උඩටමත් පහලටමත් එක විදිහට අදාල කාරණා. 

ලංකාවෙ පළවෙනි වතාවට ශ‍්‍රීලනිපය සහ එජාපය එකතු වෙන මොහොත මේක. හැමදාම දෙපැත්තෙ ඉඳන් බලය හුවමාරු කර ගත්ත පක්ෂ දෙක එකතු කරන තත්වයක් පැන නගිනවා. සමාජ වෙනසක් ඇති වෙන්න ගන්නවා. මෛත‍්‍රී කියන්නෙ ඒ උවමනාවෙ ප‍්‍රකාශනයක් විතරයි. ඒ උවමනාව මෛත‍්‍රීට වඩා ගොඩක් ලොකුයි. ඒක ඩිජිටල් යුගය එක්ක ඇති වෙන ලෝකෙ අනිත් රටවල් එක්ක මොහොතින් මොහොත දේවල් බෙදා හදාගන්න සංස්කෘතියකට  ඕන දේශපාලනය. එක කාර්තුවක අවසාන මොහොතට අපේ රටේ දේශපාලනය ගාට ගාට හරි ඇවිත්. ඒක ධනේශ්වරයෙ ඊළ`ග පියවරක්. වඩා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී උවමනාවන් වෙනුවෙන් සිද්ද වෙන වෙනසක්. අනිවාර්ය තත්වයක්. මෛත‍්‍රී කියන්නෙ ඒ උවමනාව වෙනුවෙන් බහුතරයක් ස්පර්ශ කරන්න පුළුවන් චරිතය විතරයි.

එතනදි අවශ්‍ය ධනේශ්වර ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ප‍්‍රධාන පක්ෂ එකතු වෙනවා. එතකොට වඩා දියුණු විකල්පයක අවශ්‍යතාවය ඉතුරු වෙනවා. ජවිපෙ කල්ඇතුවම ඒ හිඩැස තේරුම් ගන්නවා. මෛත‍්‍රීගෙන් එහාටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ගෙනයන සටන කියන්නෙ ඒ විකල්පයේ අවකාශය. අනිත් හැමෝම ජනාධිපතිවරණය දිහා විතරක් බලද්දි ජවිපෙ ඊට වඩා අඩියක් එහාට හිතනවා. රටේ ප‍්‍රධාන ජනතාවාදී විකල්පය වීමේ භූමිකාව. ඒක දියුණු තේරුම් ගැනීමක්. අපේ රටේ වඩා පැහැදිලි කන්සෙවේටිව්, ලේබර් දේශපාලන බෙදීමක් සළකුණු වෙනවා. රටක් හැටියටත් ඒක වඩා හොඳ තත්වයක්.


 දිනන්නෙ මහින්දද මෛත‍්‍රීද කියන එකට වඩා මට වැදගත් කාරණා කීපයක් මේ ඡුන්දෙදි තීරණය වෙනවා. එකක් ලංකාවෙ මිත්‍යා විශ්වාස පදනමට කෙළ වෙන එක (ඒක මගේ උවමනාව). ජ්‍යොතිෂ අනාවැකිකාරයො, දේවාල ගානෙ පූජා, වශී ගුලි, සුබ නැකැත් ආදී ගුප්ත විශ්වාස පද්ධති කොයිතරම් ඇත්තද, නැත්තං කොයිතරං පචද කියන එකත් මේ පාර ඡුන්දෙ තීරණයක්. මේ ආණ්ඩු කාලෙ ඇතුලෙ රාජ්‍ය දේවල් විතරක් නෙමෙයි, මාධ්‍ය, එතනින් මිනිස්සුන්ගෙ ජීවිත ඔක්කොම වහගෙන මේ ගුප්ත බලි යාග පැතිරෙන්න ගත්තා. කිසිම දවසක රජයක් මේ තරම් ජ්‍යොතිෂකරණය වෙලා තිබුණෙ නෑ. තම තමන්ගේ පුද්ගලික විශ්වාස ගැන ගැරහීමක් නෙමෙයි මෙතන කියන්නෙ. ඒක ජාතික මට්ටමේ දෙයක් වීමේ අමුතු අත්දැකීමක් ගැන. මේ පාර ඡුන්දෙන් දෙකක් නැතුව කියන්න පුළුවන් ඒ බලියාග, හදි හූනියම්, කේන්දර, ජප ඇත්තද නැත්තං මඤ්ඤංද කියන එක.


අනිත් කාරණේ තමයි ඇඞ්වර්ටයිසින් සහ මීඩියා කියන දෙක දේශපාලනයේදී කොයිතරං දුරට අදාලද කියන එක. මේ වෙලාවෙ තත්වය ගත්තොත් ආණ්ඩුවට තියෙන ඇඞ්වර්ටයිසින් හැකියාව වැඩියි. විපක්ෂයට කටවුට් එකක් ගහන්න කණුවක් හොයාගන්න බැරි ගානට රටේම කටවුට් ගහන්න ආණ්ඩුවට පුළුවන්. ඒ වගේම  ඕන දෙයක් කරලා දෙන්න රටේ ලොකු ඇඞ්වර්ටයිසින් කොම්පැනිත් තියෙනවා. මාධ්‍ය බලයත් එහෙමමයි. රජයේ මාධ්‍ය ටික පැත්තකින් තිබ්බම, අනිත්  ඕනම මාධ්‍යයක වුණත් තමන්ගෙ බලය ක‍්‍රියාත්මක කරන්න ආණ්ඩුවට පුළුවන්්. මෑතක ප‍්‍රචාරය වුණු එක වාද- විවාද වැඩසටහනකදි මහින්දානන්ද ඇමතිවරයා ඒ පුද්ගලික නාලිකාවට ප‍්‍රසිද්දියේ කියනවා, ‘මේ චැනල් වලට ලයිසන් දුන්නෙ අපි’ කියල. ඒක අයිතිය ගැන ප‍්‍රකාශයක්. 

හරිවැරැද්ද කොහොම වුණත් මාධ්‍ය බලයෙනුත් ඉදිරියෙන් ඉන්නෙ මහින්ද. දිව්රුම් දෙන දවසෙ ලංකාවෙ පත්තර ඔක්කොම පරණ නිව්ස් එකක් කවරෙට දාන්න එක`ග වෙනවා. මෙය මුදල් ගෙවා ප‍්‍රචාරය කරන දැන්වීමකි කියල ගහන්නෙ නැතුව.

ඉතින් එක විදිහකට මේ ඡුන්දෙ මාධ්‍ය හා ප‍්‍රචාරණ හැකියාව සහ ජනතාවගේ දේශපාලනය ගැන හොඳ ස්ටඩි එකකුත් වෙනවා. මාධ්‍ය සහ ඇඞ් කොයිතරම් දුරටද ජනතාවට දේශපාලනික තීරණයකදි බලපානවද කියන කාරනේ මේ ඡන්දෙ දිනන්නෙ කවුද කියන තීන්දුවෙ අතුරු පණිවුඩයක්. අනිත් පැත්තට මේ වෙලාවෙ ප‍්‍රධාන මාධ්‍ය සහ ඒවායේ ප‍්‍රචාරණයට ඩිජිටල් මාධ්‍ය හොඳ තරගයක් දෙනවා. මේ දෙක අතරින් වඩා ප‍්‍රබල වෙන එක ගැන හැ`ගීමකුත් මේ කතිරෙ තියෙනවා.

ඡන්දෙත් එක්ක ෆේස්බුක්වල ෂෙයාර් වෙන සමහර ක‍්‍රියේටිව් දේවල් ගැන කතා කරද්දි මගේ ගොඩක් යාලූවො කිව්වෙ, ‘ ඕවායේ මොනවා ගියත් වැඩක් නෑ. ගම්වලට ෆේස්බුක් නෑනෙ’ වගේ කතන්දර. ඒ ඇරුණම, කොළඹ වෙනස් වුණාට ගම එහෙමමයි’ වගේ දේවල්. ඒත් මගේ අදහස ගම කියල දෙයක් නෑ කියන එක. ලංකාව කියන්නෙ කොළඹ. 

මෙතනදි කොළඹ කියන්නෙ දිස්ත‍්‍රික්ක සීමාව නෙමෙයි. නාගරික දැනුම- තොරතුරු හුවමාරු වෙන වපසරියට අයිති කියන එක. පොලොවෙන් සීමාව මනින විදිහ දැන් ටිකක් පරණයි. මේ කොළඹ අපි හිතනවට වඩා ලොකුයි සහ තීරණාත්මකයි. ගම කියන්නෙ මේ කොළඹ මිනිස්සු දකින හීනයක්. හීන වල ඡුන්ද ගනං කරන්නෙ නෑ.

ගම නගරය කියල නෑ දැන් හැම කොල්ලෙකුටම කෙල්ලෙකුටම ෆේස්බුක් පිටුවක් තියෙනවා. ලැප්ටොප් නැත්තං ස්මාර්ට් ෆෝන් තියෙනවා. ගෙදර වයසක උන්දැලට නැත්තං රට ගිය දරුවන්ට තියෙනවා. කොහොම හරි ගෙදර තීරණ ගන්න වැඩි පිරිසක් ඩිජිටල් මාධ්‍ය තොරතුරු හුවමාරු කර ගන්නවා. අයිටීඑන්, රූපවාහිනී බලන පිරිස වැඩියි කියන මාර්කටින් දත්ත වලට වඩා විකෘතියි ඇත්ත. ඇතුලෙ ගම් වල වුණත් දියුණු වෙන්න ටිකක් හරි  ඕන උන් ඩයලොග් බැරි නං පිටකොටුවෙන් සැටලයිට් ඇන්ටනාවක් හරි ගහගන්නවා. බට ඇන්ටෙනාවෙ සීමාවෙන් මිදෙනවා. එතකොට අයිටීඑන් රූපවාහිනී දේශපාලනය තාම කොච්චර අදාලද කියන කාරනේ ප‍්‍රශ්නකාරී වෙනවා. මේ පාර ඡන්දෙදි ලංකාව කියන්නෙ කොළඹ කියල එක්කො ඔප්පු වෙනවා, නැත්තං බොරු වෙනවා.

මෛත‍්‍රී පාලනයක් ගැන කතිකාව ඇති වෙන්නෙ කොළඹ (නාගරිකව). ඒ සංවාදය පැතිරෙන්නෙ ඩිජිටල් මාධ්‍ය පෙරටුකරගෙන. මේ අදහස කොයිතරම් ලංකාව වෙනස් කරන්න සමත් වෙයිද? මෛත‍්‍රී පොලොන්නරුවෙ වුණාට තරගය තියෙන්නෙ ගමද නගරයද කියන එක අතරෙ. ගමේ උවමනාවන්ද, නාගරික උවමනාවන්ද වඩා ප‍්‍රබල කියන එක. ආණ්ඩුව පෙනී ඉන්නෙ රට බේරා ගැනීම, විදේශීය කුමන්ත‍්‍රණ වගේ ග‍්‍රාමීය සංවාද තලයක. ආණ්ඩුවෙ ඇමති කෙනෙක්ම ප‍්‍රසිද්දියෙ කිව්වා ‘අපි දැන් බඩ පිරෙන්න කාලා තියෙන්නෙ. ඉතින් තව  ඕන නං අතුරුපස ටිකක් කයි’ කියල. විපක්ෂය මේ වෙලාවෙ පෙනී ඉන්නෙ යහපාලනය, සාධාරණය වගේ නාගරික කතිකාවක. දයාන් ජයතිලක කියන්නෙ මේ කතිකාව ජනතාවට වැඩක නෑ කියල.

මට හිතෙන්නෙ මේ ඡන්දයේ පුද්ගලයන් අතර තරගෙට වඩා ඉන්ටරෙස්ටින් වෙන්නෙ මේ සංස්කෘතීන්, කතිකාවන් අතර තරගය. සමාජ ගතිකයන් යළි සකස් වීම කොහොම සිද්ද වෙනවද කියල බලන් ඉන්න එක. ජනතාව කියන මහා සාමූහිකයෙන් බැහැර කරන්නෙ හෝ තෝරා ගන්නෙ අදහසක්, සංස්කෘතියක් මිස පුද්ගලයෙක් නෙමෙයි. 

මේක අපේ තනි තනි ක්ෂුද්‍ර දේශපාලන තර්ක උඩ අදාල නොවී ඉඳීමේ වෙලාව නෙමෙයි. වෙන විදිහකින් කිව්වොත් එහෙම ඉඳීම දේශපාලනය නෙමෙයි. ඒ වෙනුවට මේ සක‍්‍රීය ප‍්‍රවාහයේ කොටසක් වෙන්න, පුළුවන් තරම් සංස්කෘතික වෙනසක් විදිහට මැදිහත් වෙන්න, ජනතාවක් විදිහට බෙදාහදා ගන්න මොහොතක් මේක. 
කතිරයකින් හරි ඒකට දායක වෙන්න  ඕන.

-චින්තන ධර්මදාස

Saturday, December 6, 2014

මොන්රො එක්ක එක යහනක



මයිවීක් විත් මැරලින් ෆිල්ම් එක ගෙනල්ලත් ඒක බලන එක මං අතපහු කර කර හිටියෙ මැරලින් ගැන තව මොනවා දැනගන්නද කියල හිත කියපු හින්ද වෙන්නැති. මේ සිතුවිල්ල මට විතරක් නෙමෙයි අවුරුදු 08ට කලින් මැරලින් ගැන ෆිල්ම් එකක් කරන අදහස සයිමන් කර්ටිස් ස්ටුඩියෝස් වලට යෝජනා කරද්දි ඒ හැමෝටමත් තිබුණ. හැම කෙනෙක්ම ඒක හොඳ අදහසක් විදිහට එක`ග වුණා. ඒත් මැරලින් ගැන කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද? එයාගෙ නරක ළමා කාලය ගැන, අසාර්ථක විවාහ ජීවිතේ ගැන, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන, දිවි නසා ගැනීම ගැන හැම විස්තරයක්ම එලියට ඇවිත් ඉවරයි. ඊට වඩා හොඳ නැද්ද ප‍්‍රින්සස් ඩයනා ගැන කළොත්?

කොහොම හරි වෙන කිසි ෆිල්ම් එකක් ළ`ග ඉතුරු වෙලා නැති වෙලාවකදි මං සයිමන් කර්ටිස් අවුරුදු 08ක් විතර හිතේ තියාගෙන ඉඳලා කරපු මයි වීක් විත් මැරලින් බලන්න ඉඳගත්තා. කර්ටිස්ට මේ තැන අහුවෙන්නෙ කොලින් ක්ලාර්ක්ගෙ පොතකින්. එක පොතක් නෙමෙයි ඒක පොත් දෙකක්. කොලින් ක්ලාර්ක් 1957 ‘ද ප‍්‍රින්ස් විත් ෂෝ ගර්ල්’ කියල ලෝරන්ස් ඔලිවියර්, මැරලින් එක්ක හදන ෆිල්ම් එකේ තුන්වෙනි සහාය අධ්‍යක්‍ෂවරයා විදිහට වැඩ කරනවා. කොලින්ගෙ පළවෙනි රස්සාව. මැරලින් කියන්නෙ ඒ වෙලාවෙ ලෝකෙම අවුළන සරාගී ගිනි සිළුව. සතියක පුංචි කාලයක්. ඒක මැරලින්ගෙ ජීවිත කතාව නෙමෙයි. හැම කෙනෙකුගෙම ජීවිත වෙනස් කරපු එක නිශ්චිත කුඩා කාලයක්. මැරලින් කුණාටුවක් වගේ ඒ හැමෝගෙම ජීවිත කණපිට ගස්වමින් හමා යනවා.

එක විදිහකට මේ වෙද්දි ලෝරන්ස් ඔලිවියර් නළුවෙක් විදිහට දියවෙලා යමින් ඉන්නෙ. එයාට  ඕනවෙනවා මැරලින් එක්ක ර`ගපාලා තමන්ගෙ දීප්තිය නැවත දල්වගන්න. නිව්යෝර්ක් වල ඉඳන් මැරලින්ව බි‍්‍රතාන්‍යයට ගේන්නෙ ඒ වෙනුවෙන්. ඒත් ෆිල්ම් එක ඇතුලෙ ඔලිවියර් කියන්නෙ නවසිය පනස් ගණං වල බි‍්‍රතාන්‍ය සමාජය/ සංස්කෘතිය කියන රූපකයක් වගේ. ඒ විනය, ආචාර සම්පන්න බව, දැඩි ශික්ෂණය, සම්භාවනීය බව, වටිනාකම්, මහා බි‍්‍රතාන්‍යයේ හැමදෙයක්ම ඔලිවියර් ඇතුලෙන් පේනවා.

අනිත් පැත්තෙන් මැරලින්. කිසිම විනයක් නැති, විසිරුණු, කිසි දෙයක් ගැන කිසි වගක් නැති, හිතුවක්කාර, උන්මාදනීය තාරුණ්‍යය... හරියටම ඇමරිකාව වගේ. ඇමරිකාව බි‍්‍රතාන්‍යයට කරපු දේ ගැන වෙනම දේශපාලනයක් මැරලින් සහ ඔලිවියර් ගෙන් පේනවා. මට බය හිතුනෙ එතකොට. හැම මනුස්ස චරිතයක්ම තමන් ජීවත් වෙන රටේ සංස්කෘතිය, ෆීල් එක, මූඞ් එක දරනවා නම් අපි ලංකාවෙ මිනිස්සු විදිහට මොනවා පෙන්වමින් ඇද්ද? අනිත් පැත්තට රටක තත්වය ගැන හැ`ගීම්මය අවබෝධයක් ගන්න ඒ රටේ මිනිහෙක් මුණගැහීමම ප‍්‍රමාණවත් නැද්ද?

නැවතත් මං ඇමෙරිකාවට ආදරේ ඒකයි. මැරලින්, මැඩෝනා, වාර්හෝල් මේ හැම ජීවිතයකින්ම පේන්නෙ ඒ සොඳුරු වල්මත් බවෙන් පෙළෙන ඇමෙරිකාව හින්ද.

මේ වෙද්දි මැරලින් බැඳලා ඉන්නෙ ආතර් මිලර් කියන ලෝක ප‍්‍රසිද්ද ලේඛකයව. ආතර් මැරලින්ව දාලා දුවනවා. මැරලින් එක්ක ඉන්නකොට තමන්ව විනාස වෙලා යනවා දැනෙනවා කියලා එයා යාලූවොත් එක්ක කියනවා. මැරලින්ට  ඕන අනවරත ඉමෝෂනල් ස්පාර්ක් එක, ගින්න අවුළන්න මේ ලෝකෙ කිසිම පිරිමියෙකුට බෑ. ඒක හැමතිස්සෙම එක මොහොතක් විතරයි. අපිට ආදරයක් මුණගැහෙන පළවෙනි මොහොත. මුලූ ලෝකෙම ඇසිඞ් ටි‍්‍රප් එකක් වගේ වෙන ඒ මොහොත. ඊට පස්සෙ තියෙන්නෙ වියපත් වීම. සුරතාන්තය එක නිමේෂයක් විතරයි. මැරලින්ට ඒක හැම මොහොතක්ම වෙන්න  ඕන. ඉතින් පිරිමි දුවනවා.

මේ විදිහට ලේයර්ස් ගානක් හරහා ජීවිත ගණනාවක් හරහා ගෙනියන්න පුළුවන්, මැරලින් ‘මැරලින්’ නොවෙන කලාපයක් කර්ටිස්ට අහුවෙනවා. මෙතනදි මැරලින්ගෙ චරිතය කරන්නෙ මිෂෙල් විලියම්ස්. මං ජීවිතේට විශ්වාස නොකරපු අතිවිශාල හැ`ගීම් පරිමාණයක, මානසික වියවුල් ගොන්නක මිෂෙල් මැරලින්ව ගෑනියෙක් විදිහට පොලොවට ගේනවා. අපිට ඒ තරුව වෙනුවට ගැහැණියව තේරුම් යන්න පටන් ගන්නවා.

හැම දක්ෂ නිළියකගෙම අපිට පේන, ඒත් තේරුම් ගන්න බැරි ස්ත‍්‍රී අවුල, අන්තිමට පිරිමි භක්ෂණය කරන රාස්සියන් කියල අපි හංවඩු ගහන අපේ දුර්වලකම මිෂෙල් මැරලින් ඇතුලෙන් විස්තර කරනවා. යුරෝපීය සිනමාවෙ තමයි මාර බඩු තියෙන්නෙ කියල ස්වයං වින්දනයක යෙදෙන සිනමා ප‍්‍රබුද්ධයන්ට හක්ක මාට්ටු වෙන රංගනයක් ඒක. අපිට ඇෙ`ඩනවා මැරලින්ගෙ ජීවිතේ දැකලා. ඒ ජීවිතේ දරුණුම වේදනාවන්ගෙන්, ව්‍යසනයන්ගෙන් සහ මානසික අවුල්වලින් නිර්මාණය වුණු අපේ ශෘංගාර කේන්ද්‍රය දැකලා. අපිට අපිව පේන්න පටන් ගන්නවා. තවදුරටත් ජංගිය පේන තරමට ගවුම උඩ යන පිංතූරෙ අපි දිහා බලන් ඉන්න මැරිලින් මොන්රෝ එතන නැති වෙනවා. අපි ඒ දකින්නේ මොකද්ද? මයි වීක් විත් මැරලින් ෆිල්ම් එක අහන ප‍්‍රශ්නෙ ඒක. මට ගෑණු හින්ද අවුලට යන මගේ පිරිමි යාලූවො ගොඩක් මතක් වුණා. මගේ අතීතෙ මතක් වුණා. ආතර් මිලර් කියන්නෙ අපි වගේම තවත් එක සරල පිරිමියෙක් විතරයි. ඒත් මැරලින් කියන්නෙ වියවුල්කාරී ස්ත‍්‍රීත්වයේ පරිසමාප්තියක්.

මුළු ලෝකෙම වස`ග කළ සරාගී ගිනි සිළුව කියන්නෙ මැරලින්ගෙ එලියෙන් පේන පැත්ත. නැත්තං පිරිමි දැක්ක පැත්ත. ඒත් කොලින් ගේ නවකතා හරහා කර්ටිස් කියන්නෙ ඒ ගිනිසිළුව වුණු මැරලින්ගෙ කටවුට් එකේ ඇතුල් පැත්ත. ඒ කියන්නෙ ජීන් මොටෙන්සන් (මැරලින්ගෙ ඇත්ත නම) තේරුම් ගන්න කර්ටිස් අපිව පොළඹවනවා. ඒත් ඒක ජීන් මොටෙන්සන් මැරලින් මොන්රෝ දක්වා ආපු හැටි කියන ජීවිත කතාවකට වඩා ලොකුයි. මැරලින් සහ මැරලින් අතර හිඩැස, ඒ සදාතනික අතෘප්තිය, සුන්දර නන්නත්තාරකම, ඒකයි ඒ සතියක කතාව.

මොන්රොට පිටපත් මතක හිටින්නෙ නෑ. එයාට පිළිවෙලට වැඩක් කරන්න බෑ. පුදුමාකාර අනාරක්‍ෂිත මානසිකත්වයකින් එයා පීඩා විඳිනවා. ඔලිවියර් කියන්නෙ විධිමත් දක්ෂ නළුවෙක් සහ අධ්‍යක්‍ෂවරයෙක්. මැරලින්ගෙ මේ අවුල්සහගත බව ඔලිවියර්ව දිවිනසා ගන්න තැනට තල්ලූ කරනවා. එයාගෙ සැලසුම්සහගත ජීවිතේ මැරලින් ඉස්සරහ දූවිල්ලක් වගේ ගහගෙන යනවා.

ඒ වෙද්දි මැරලින් ඉන්නෙ ආතර් මිලර් එක්ක අවුලෙන්. මිලර්ගෙන් එයාට අවශ්‍ය හැ`ගීම්මය පිරිපුන් බව ලැබෙන්නෙ නෑ. තවදුරටත් එතන පත්තු වෙන්නෙ නෑ. කොලින් ක්ලාර්ක් කියන නවයොවුන් තරුණයා පපුව දෙන්නෙ මෙතනදි. ඒ අතාර්කික, අවිනිශ්චිත, වගකීම් රහිත ආදරේ ඇතුලෙ මැරලින් ප‍්‍රමුදිත වෙනවා. එයා ආපහු ජීවයෙන් පිරෙනවා. එකපාරටම එයාගෙ රංගනය ස්පාර්ක් වෙනවා. ඔලිවියර් අ`ඩ අඩා බලන් ඉන්නවා මේ මැජික් එක වෙන්නෙ කොහොමද කියල. මැරලින් ර`ගපාන්නෙ පිටපත නෙමෙයි. එයා ර`ගපාන්නෙ ආදරය. ඒකට එයාට ඒ දැල්වෙන කන්‍යා නිමේෂයම  ඕන. මට මතක් වුනේ ඔස්කා වයිල්ඞ්ගෙ ද රෝස් ඇන්ඞ් ද නයිටින්ගේල් කෙටිකතාව. හිම කාලෙ රෝස පිපෙන්න නම් ගී කියන කුරුල්ලාගේ හදවත සිදුරු වෙන්නම  ඕන. ලේ ගලන්නම  ඕන.

කරටිස්ගෙ ෆිල්ම් එක හින්ද මං ආපහු මැරලින්ව කියවන්න පටන් ගත්තා.

ජින් මොටෙන්සන් හැදෙන්නෙ භාරකාර පවුල් ඇතුලෙ. එයාට පොඩි කාලෙදිම අම්මා කෙනෙකුගෙන් ලැබෙන පූරණය මගඇරෙනවා. ඒ මදිවට එයාගෙ අම්මා භින්නෝන්මාදයෙන් පෙළෙනවා. ඒක ඒ පවුලෙන් එන ජානමය උරුමයක්. මැරලින් මුලූ ජීවිත කාලෙ පුරාම (අවුරුදු 36ක) බයෙන් ඉන්නෙ තමන්ට පිස්සු හැදෙයිද කියල. ඒ වගේම තමන්ගෙන් ආබාධිත දරුවෙක් ඉපදේවි කියල. මැරලින් ජීවිත කාලය පුරාම හොයාගෙන යන ආදරේ සමහර විට මේ ළමාකාලයේ අහිමි වීම වෙන්න පුළුවන්. එයාගෙ අනන්‍යතා අර්බුදය තියෙන්නෙ ඒ අතීතෙ වෙන්න පුළුවන්. එතකොට අපි දැක්කෙ, අපිට නැග්ගෙ මොකක් දැකලද?

මැරලින්ගෙ හැම විවාහයක්ම අසාර්ථක වෙනවා. ඒ හැම විවාහයකම සහකාරයො හෙළි කරනවා මැරලින් ඇඳේදි කිසිම විදිහකින් ශෘංගාරාත්මක වුනේ නෑ කියල. මාලන් බ‍්‍රැන්ඩො පවා වරෙක කියනවා මොන්රො ඇඳේදි මළකඳක් කියල.

මිෂෙල් මෝර්ගන් කියන ලේඛකයා මොන්රො ගැන ටිකක් ගැඹුරෙන් හොයලා එයාගෙ විස්තරාත්මක ජීවිත කතාවක් ලියනවා. ඒකෙදි මෝර්ගන් කියනවා එයාට එක වරක් ජීවිතේදි මොන්රොව මුණගැහුන කියල. ඒ අවුරුදු 15දි. මොන්රො ‘ද ප‍්‍රින්ස් ඇන්ඞ් ද ෂෝර් ගර්ල්’ කරන්න ආතර් මිලර් එක්ක ඇවිල්ලා ඉන්න කොට.

පාරෙදි මෝර්ගන් මල් පොකුරක් දෙනවා මොන්රොට. එයා ආරක්‍ෂාවට ඉන්න පොලිස්කාරයො තල්ලූ කරගෙන ඇවිත් මේ මල් පොකුර ගන්නවා. ඊට පස්සෙ එකපාරටම අනපේක්‍ෂිත විදිහට මෝර්ගන්ගෙ දෙතොල් සිපගන්නවා. ඒ අසිරිමත් මොහොත මෝර්ගන් ලියනවා.

‘එතන ශෘංගාරයක් තිබුනෙම නෑ. ඒ පුංචි දරුවෙක් දුන්නා වගේ මෘදු අහිංසක හාද්දක්’

මොන්රොගේ ශෘංගාරය කියල අපි දකින හැමතැනකම තියෙන්නෙ මේ ළමාකම වෙන්න බැරිද? කර්ටිස් එයාගෙ චිත‍්‍රපටිය ඇතුලෙ මේ ගැඹුරු තැන ස්පර්ශ කරනවා. කොලින් එක්ක නිරුවතින් ග`ග මැද පීනන තමන් නිසා කොලින් ඇවිලෙන ගින්න මොන්රො දන්නෙ නෑ. එයා පොඩි එකෙක් වගේ විනෝද වෙනවා. ඇත්තටම කිව්වොත් ‘වැඩිහිටි’ පිරිමි අතින් මොන්රො අපචාරයට ලක්වෙනවා.

මැරලින් එක්ක ‘හව් ටු මැරි අ මිලියනයර්’ චිත‍්‍රපටිය කරපු ජීන් නෙගුලෙස්කො මෝර්ගන්ට ලස්සන කතාවක් කියනවා.

‘එයාගෙ මුලූ ජීවිතේම වුණේ එයාගෙ අනන්‍යතාවය හොයාගෙන යන එක. එයාගෙ ලිංගික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම බොරුවක්. එක දවසක් එයා මට කිව්වා එයාගෙ මුලූ ජීවිත කාලෙම කිසිම පිරිමියෙක් හින්ද සුරතාන්තයට පත් වෙලා නෑ කියල’

ඒක කොයිතරම් විශ්වාස කරන්න අමාරු දෙයක් වුණත් මැරලින්ගෙ මනෝවෛද්‍යවරයා වුණු රැල්ෆ් ග‍්‍රීන්සන්ගෙ වාර්තා පවා මේ කාරනේ ඔප්පු කරනවා.

‘මං ඔයාට මුලින්ම කියපු කතාව ඇත්ත. මං කවදාවත් සුරතාන්තයක් ලබලා නෑ. මට මතකයි ඔයා කියනවා සුරතාන්තය කියන්නෙ මනසේ මිසක් ලිංගික ඉන්ද්‍රිය වල සිද්ද වෙන දෙයක් නෙමෙයි කියල’
මැරලින්ගෙ ප‍්‍රකාශ එයා ළ`ග ලියවිලා තියෙනවා.

සෙලෙස්ටි හෝම්, මැරලින් එක්ක ළ`ගින් වැඩකරපු නිළියක් එයාගෙ ජීවිතේ ගැන නොහිතන විදිහෙ හෙළිදරව්වක් කරනවා. මැරලින්ගෙ යෝනි මාර්ගයේ ඇතිවෙන දරුණු වේදනාවක්, සහ ඉතාම දුෂ්කර මාස්ශූද්ධියකින් එයා ජීවිත කාලයම දුක් වින්ද බව. මේ වේදනාව නිසා කිසිසේත්ම මැරලින්ට පිරිමියෙක් සමග යහන්ගතවීම සුන්දර දෙයක් වුණේ නෑ කියල හෝම් කියනවා.

මේ හින්දම මැරලින් වැඩිමල් ගැහැණුන්ව එයාගෙ සෙක්සුවල් රෝල් මොඞ්ල්ස්ලා කර ගන්නවා. මැරලින්ගේ පළවෙනි කසාද පිරිමියා වුණු ජිම් ඩෆර්ටි ප‍්‍රසිද්දියෙ ‘ඒ වගේ සෙක්ස් විඳින කෙල්ලෙක් එක්ක නං මං කවදාවත් ඉඳලා නෑ’ කියන කතාව මේ හින්ද පචයක් වෙනවා.

ඒ වෙනුවට ඒ කසාදෙ කාලෙ පුරා වැඩි රාත‍්‍රී ගානක් මැරිලින් නානකාමරේට වෙලා දොර ලොක් කරගෙන හිටපු වග ජිම් ළ`ගම යාලූවන්ට කියල තියෙනවා.

ඒ වෙනුවට මැරලින් එයාගෙ පුහුණුකාරියන් විදිහට සම්බන්ධ වෙන ගොඩක් දැඩි ස්ත‍්‍රී චරිත එක්ක සමලිංගික සම්බන්ධතාවලට යනවා.

‘සෙක්ස් කියන්නෙ ඔයා කැමති කෙනෙක් එක්ක ඔයා කරන දෙයක්. ඉතිං ඒ වගේ දෙයක් කොහොම කළත් තියෙන වැරැුද්ද මොකක්ද?’ මැරලින් ප‍්‍රශ්න කරනවා.

ජෝන් ක්රෝෆර්ඞ්, බාබරා ස්ටැන්වික්, මැරලින් ඩියෙටි‍්‍රච් සහ එලිසබෙත් ටේලර් වගේ සුප‍්‍රකට නිළියන් එක්ක මැරලින්ගෙ රහස් සම්බන්ධතා තියෙනවා. ඒ වගේම එයාගෙ පුහුණුකාරිනියන් වෙන නටාෂා ලයිටස් සහ පෝලා ස්ට‍්‍රැස්බර්ග් සමගත් මොන්රොගෙ පේ‍්‍රමයන් තිබිලා තියෙනවා. කර්ටිස්ගෙ සතිය ඇතුලෙ අපි දකින්නෙ පෝලාගේ කාර්තුව.

රැුල්ෆ් ග‍්‍රීන්සන් එක්ක ඇතිවෙන සංවාද වලදි පවා මැරලින් පිළිගන්නවා එයාගෙ ලෙස්බියන් සම්බන්ධතා ගැන. ජෝන් ක්රෝෆර්ඞ් කියන බයිසෙක්සුවල් චරිතය එක්ක එයාගෙ සම්බන්ධතාවයේ මොහොතක් ගැන එයා කියනවා.

‘ඔව් ක්රෝෆර්ඞ් ගැන.. අපි ජෝන්ගෙ නිදන කාමරේට ගියා. කෙලවරේදි ක්රෝෆර්ඞ් දරුණු  ඕගස්ම් එකකට ගියා. එයා පිස්සෙක් වගේ කෑ ගහුවා. ඇත්තටම ඒකෙ ක්‍රෙඩිට් එක නටාෂාට දෙන්න  ඕන. එයා ර`ගපෑමට වඩා ගොඩක් දේවල් මට උගන්නලා තිබුණ’

මැරලින් රැුල්්ෆ්ට විස්තර කරනවා. ලෙස්බියන් සම්බන්ධතා ඇතුලෙ මැරලින්ට එයාගෙ සුරතාන්තය මුණගැහුනද? එහෙම නැත්තං එයාගෙ වේදනාව විසින් එයාව අන්තිමට වෙනත් සුවපහසු අන්තයකට තල්ලූ කළා විතරද? මැරලින් කොතනකදිවත් එයාගෙ සුරතාන්තයක් ගැන විස්තර කරන්නෙ නෑ.

ඒ වගේම පිරිමි සම්බන්ධතා විදිහටම මැරලින්ගෙ ගැහැණු සම්බන්ධතාත් ඛේදවාචක විදිහට බිඳවැටෙනවා. එයා නිතර දිවිනසා ගන්න උත්සාහ කරනවා. සමහර විට මැරලින් හොයාගෙන ගිය දේ එයාවත් දන්නෙ නැතුව ඇති. සම්බන්ධතාවයක් ගොඩනැගීම, ආදරය කිරීම ගැන ඉගෙන ගත යුතු දේවල් එයාගෙ ළමා කාලය විසින්ම අහිමි කරන්න ඇති. මැරලින් මොන්රෝ කියන්නෙ තමන් නොදන්නා වූ තෘප්තියක් ජීවිත කාලය පුරාම හඹා ගිය ගැහැණියකගේ චාරිකාවද?

අපි මොන්රො කියල විඳින්නෙ ඒ ජීවිතය ඇතුලෙ නිරන්තරයෙන් පැහැවන වේදනාවේ සෞන්දර්යය. මොන්රො තිරය උඩ පත්තු කරන්නෙ දෙවියන් බඳු වූ, විශාල එහෙත් නොදන්නා ආශාවේ රූපය. ඒ රූපය අපිව කිළිපොලා යන තරම් දැවැන්තයි. තියුණුයි.

මොන්රො ජීවිත කාලයක් පුරා විඳි වේදනාව තරම්ම ඒ ශෘංගාරය දරුණුයි. පිරිමි ආශාව වෙනුවෙන් දැල්වුණු ඒ අවිහිංසක, මරියා තරම්ම කන්‍යා ගැහැණිය, මැරලින් මොන්රො කියන්නෙ මගේ ජීවිතේ ශුද්ධ වූ සුරුවමක්.

-චින්තන ධර්මදාස