Tuesday, February 13, 2018

ඕම් නමං ශිවාය!




මේ ලියවිල්ල අදාල වෙන්නෙ මේ කතා කරන රියැලිටියෙ අත්දැකීම් තියෙන අයට විතරයි. ඒ මැජිකල් මිතිකල් රියැලිටි එකත් ජීවිතේ කොටසක් හැටියෙන් පවත්වාගෙන යන අයට විතරයි. අනිත් අයට මේක විකාරයක් හැටියට ගංජා හීනයක් විදිහට නැත්තං තව නොයෙක් නොයෙක් තමන් දන්න ආතල් ප‍්‍රමානයන්ගෙන් කියවගන්න පුළුවන්. 

එක කාලෙක අවුරුදු ගානක පරිච්ෙඡ්දයක් මං සායිබාබා අනුගාමිකයෙක් වෙලා හිටියා. උගත් බුද්දිමත් විචාරශීලී කවවල ගොඩක් වෙලාවට සායිබාබා ආධ්‍යාත්මික පැත්තෙන් සීරියස් විදිහට බාරගන්නෙවත් නෑ. මාල මුදු මවන, අළු මවන, මැජික් දාන සායිබාබාට පිටින් වෙන කිසි දෙයක් නෑ. උදා විදිහට බුදුන්ට,  ඕෂොට මේ කතිකා ඇතුලෙ යම් බරක් තියෙනවා. ඒත් හදවතින් තමන්ගේ ධර්මය හරි අත්දැකීම හරි ෂෙයාර් කරගන්න, ඉමෝෂනල් ජර්නි එකක් යෝජනා කරන සායිබාබා නැත්තං ජේසුස් වගේ චරිත දාර්ශනිකව බාරගන්න අමාරු වෙනවා.

එක අතකට එතන තියෙන්න  ඕන දේත් ඒකමයි. ඒ අය දාර්ශනික නෑ. ඒ වෙනුවට ක‍්‍රියාවක් හරහා අවබෝධයකට යන මාර්ගයක් ඒ ගොල්ලො කියනවා. මෝඩ අන්ධ විදිහට හඳුන්වන භක්තිය හරහා ලබන ආධ්‍යාත්මික අත්දැකීමක් ගැන ඒ ගොල්ලො කතා කරනවා. විද ්‍යාත්මක මිනිහට මේ භක්තිය කියන කාරනේ දුරයි. ඒත් ඒ තමයි සුවහසක් ජනීජනයාට ආධ්‍යාත්මික අත්දැකීමක් ගන්න තියෙන එකම ප‍්‍රවේශය. ඒ මහා ජනතාවට ඥානයෙන් අවබෝදයට පත්වෙන මාර්ගය දුරයි. 

සායිබාබා කියන චරිතයෙ පෙනුමෙන් ඉරියව්වලින් පවා මට කිසිම හැගීමක් දැනෙව්වෙ නෑ. අනිත් පැත්තට මං ලේසියෙන්ම මේකා මිනිස්සු ගසාකන මෝඩ බිස්නස්කාරයෙක් කියල හිතාගත්තා. මොකක් හරි දේකට භක්තියක් ඇතිවෙන්න නම් ඒක තර්කයේ බිත්තිය කඩාගෙන යන්න  ඕන. ඒක භාෂාවකින් තොරව එකපාරටම දැනෙන්න  ඕන. ඒත් මට සායිබාබා ගැන එහෙම දෙයක් දැනුනෙ නෑ. මං කල්පනා කරලා බැලූවම මට කිසි කෙනෙක් ගැන එහෙම දෙයක් දැනෙන්නෙ නෑ කියල තේරුනා. හැම මිනිහෙකුටම තියෙන අතිසාමාන්‍ය ඉතාම සුන්දර වගේම ලේසියෙන්ම ගැඹුරට තල්ලූ කරන මාර්ගය මට අවහිර වෙලා තිබුනා. 
මේ මං ජගත් මාරසිංහ එක්ක දවස් ගනං දිග සාකච්ඡුා සහ ගතකිරීම් කරන කාලෙ. මාරයා ජ්‍යොතිශය භෞතිකයි කියල පෙන්නන්න තනියම සටන් කරන කාලෙ. 

‘උඹට ස්වාමිව බාරගන්න බැරි උඹේ මාන්නෙ හින්ද නේද?’
මාරයා මට කිව්වා. ‘බුද්ධිය ගැන දැනුම ගැන තර්කය ගැන උඹට තියෙන මාන්නෙ.. උඹට අනිත් මිනිහව පේන්නෙ මෝඩයෙක් වගේ...’

ඒ කතාවෙන් මගේ ඇතුලෙ දොරඅගුල් කීපයක් කඩාගෙන යනවා මට දැනුනා. බුද්දිය ගැන තියෙන මාන්නය අභියෝග කරන්න මෝඩකම තරම් ගැලපෙන මුනගැහීමක් තියෙනවද? මගේ දැනුම බුද්දිය විසින් එලියෙ තියෙන දේවල් ගැන මට විනිවිදිය නොහැකි තරමෙ විනිශ්චයන් ගොඩනැගිලා තියෙන වග මං දැක්කා.
හැම මිනිහෙකුගෙම ඇතුලෙ දැනුමට බුද්දියට උගත්කමට හෝ සමාජ තත්වයට එපිටින් ගැඹුරු ආධ්‍යාත්මික අවකාශයක් පවතිනවා කියල මට අමතක වෙලා තිබුනා. අපි අනෙකා සමග සම්බන්ද වෙන්නෙ අපි විසින් තෝරාගන්නා ලද යතාර්ථයක් ඔස්සේ කියල මට මගඇරිලා තිබුනා. අනෙක් අතට මගේ අවබෝධයට අනෙකාගේ බුද්ධත්වය ඇත්තක්ද බොරුවක්ද කියන ප‍්‍රශ්නය කොහොමවත් අදාල නැති වග තේරුම් ගන්න මට බැරිවෙලා තිබුනා. 

මේ ගුරුවරයාගෙන් මට ඉගෙනගන්න තියෙන්නෙ මොකක්ද?’  කියන නිහතමානී මොහොත මං අත්දැක්කා. 
සායි බජන් අහන්න හැම සිකුරාදම මං යන්න පටන් ගත්තා. බජන් පටන් ගන්නෙ හරිම හෙමින්. ඊට පස්සෙ ඒක ටිකෙන් ටික වේගවත් වෙනවා. අන්තිමට ඇ`ග ඇතුලෙ වයිබ්රේෂන් එකක් දැනෙනකල්ම උස්සලා එක පාරට නතර වෙනවා. ඒ නිහඩතාවයට අපි ඇදන් වැටෙනවා.  ඕනම මෝඩයෙකුට බ්ලිස්ෆුල් කියන එක නිමේෂයකට ස්පර්ශ කරන වෙලාවක් ඒක. 

බජන් කියද්දි මිනිස්සුන්ගෙ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා මං දැකලා තියෙනවා. ඒ අය තමන් ඉස්සරහ දෙවියන් දකිනවා. ගොඩක් වෙලාවට වැඩිපුර සල්ලි, නැත්තං දියුනුව, ලෙඩරෝග වලින් සුවය වගේ දේවල් ඒ අය ප‍්‍රාර්ථනා කරනවා ඇති. ඒත් ඒ අය සම්පූර්ණයෙන්ම තමන්ගේ ආත්මීය සීමාවලින් එලියෙ විශාල පැවැත්මකට සම්බන්ධ වෙලා හිටියා. ඒ ට‍්‍රාන්ස් අත්දැකීම එතන ඉන්න හැම ශරීරයකටම දැනෙන තරමෙ එකක්.

මං සමහර දවස්වල දවල්ට පැය ගනං නිකං සායි ආශ‍්‍රමයෙ ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒ ලොකු ශාලාව ඇතුලෙ නිකං ඉඳන් ඉන්න එකම භාවනාවක්. සැරින් සැරේ එන තව එක්කෙනෙක් දෙන්නෙක් වැඳගෙන සායිබාබා හිඳගෙන ඉන්නවා කියලා විශ්වාස කරන පුටුව දිහා බලාගෙන ඉන්නවා. අපි ඉතාම කුඩා අංශූ තරමට කුඩාවුනු, අපිට වඩා විශාල නොපෙනෙන පැවැත්මක් ඉස්සරහ අපි දණගහගෙන ඉන්න, ඒ වෙලාව මේ ලෝකෙ වෙලාවක් නෙමෙයි. ලෞකික පන්සල්ගත ආකෘතිය ඇතුලෙ දැන් අපිට නැතිවෙලා ගිහින් තියෙන්නෙ මේ ආධ්‍යාත්මික මොහොත.

සිත පිළිබඳ තේරුම් ගැනීම් හෝ තර්ක කළ හැකි න්‍යායන් හෝ සායිබාබා ධර්මයෙ නෑ. ඒ වෙනුවට හොඳ හිතින් යහපතේ යෙදෙන්න වගේ සරල මාර්ගයක් එතන යෝජනා වෙන්නෙ. බජන් වලට පස්සෙ කවුරු හරි දානයක් දෙනවා. පැනිරස සහ පළතුරුවලින් හැමෝටම සංග‍්‍රහ කරනවා. එකිනෙකා අතර අපි සංස්කෘතිකව පනවාගත් පටු සීමාවලින් එහාට ගිය මනුස්ස ආදරයක, භක්තියක මොහොතක් ස්පර්ශ වෙනවා. ඇත්තටම පූජනීයයි කියන්න පුළුවන් ඒ අත්දැකීම සම්පූර්ණ වෙන්නෙ මේ සාමූහිකත්වයත් එක්ක. 
හරිම පුදුම විදිහට  ඕනම කෙනෙකුට තමන්ගෙ ඇතුලෙ තියෙන ඒ දිව්‍යමය මොහොත අත්දකින්න පුළුවන් විදිහට ඒ සම්පූර්ණ වන්දනාව නිර්මාණය වෙලා තියෙනවා. මේක සායිබාබා ගැන විතරක් නෙමෙයි. තව ගොඩක් අපි අතිසරල විදිහට බැහැර කරන ආගමික කාරණා ඇතුලෙ තියෙනවා.

උදා විදිහට පහන් පත්තු කරන එක. ගින්දර තරම් අපිව අපේ ප‍්‍රාකෘතික තත්වයට අරන් යන්න පුළුවන් වෙන කිසිම දෙයක් නෑ. ගින්දර කියන්නෙ අපේ සවිඥානය. ඒ පහන් දැල්ල දිහා බලාගෙන ඉන්න අපි ඒ වෙලාවෙදි ගිනිමැලය වටා එකතු වුනු අපේ ආදිතම මානවයා දක්වාම අවිඥානිකව බැඳෙනවා. මොහොතකට අපි අපේ සාමූහික අවිඥානය ෂෙයාර් කරගන්නවා. අපේ ආත්මීය සීමාවලින් මිදෙනවා.

දැනුමත් එක්ක අපේ ජිවිත සීමා වෙනවා. අපේ මිතිකල් පැවැත්ම අපි තාර්කික දැනුම වෙනුවෙන් පාවා දෙනවා. අන්තිම සාමාන්‍ය දෛනික මිනිස් ජීවිතේ ඉඳන් අපේ ශරීරය ඉක්මවූ මහා සමස්තයක් දක්වා ජීවිතේ විඳින්න, පවතින්න තියෙන හැකියාව අපි අහිමි කරගන්නවා. ඇත්තටම කිව්වොත් සම්පූර්ණ ජීවිතයක් කියන එක අපි දන්නෙම නැතුව අපිට නැති වෙනවා. 

ඇයි මං මේක ලියන්නෙ කියල මං දන්නෙ නෑ. ඒක හින්දම මේක මෙතනින් ඉවර වෙන්න  ඕන කියල තාර්කික අවසානයකුත් මගේ ඔලූවෙ නෑ. ඒත් ළ`ගදි ආපහු මාරසිංහ ගැන කල්පනා කරද්දි ඒ අතීතෙ ගැන දැනිච්ච භක්තිමත් හැගීම මට එලියට දාන්න  ඕන වුනා වෙන්න ඇති. 

සාමාන්‍ය ජීවිතේ තරම් ශුද්ධ වූ වෙනත් ආධ්‍යාත්මික ජීවිතයක් නෑ.
මෝඩකම තරම් දැනුම කවදාවත් පරිණත නෑ.

Thursday, February 8, 2018

එන්න ඡුන්දෙ දාන්න.





ලබන සෙනසුරාදා ඒ කියන්නෙ 10 වෙනිද ප‍්‍රදේශීය සභා- මහ නගරසභා ඡුන්දෙ. මේ පාර ඡුන්දෙදි වමේ අදහස් දෙකක් තරග කරනවා. ඒ එක පිලක් කියන්නෙ ඡුන්දෙ වර්ජනය කරන්න කියල. විරෝධය දක්වන්න කියල. ඒකටත් සෑහෙන සද්දයක් තියෙනවා. කලාකාරයො කතිකාචාරියො වගේ හැමදාම ඡුන්දයක් කිට්ටු වෙද්දි සොරි කලින් වැරදුනා කියලා අලූත් එකකට සපෝර්ට් කරන සෙට් එක මේ පාර කියන්නෙ ජවිපෙට ඡුන්දෙ දෙන්න කියල. රණ විරුවො, මතට තිත, සිංහල බෞද්ද කැම්පේන් එකෙන් ගොඩයන්න නිදහස් පක්ෂෙයි පොහොට්ටුවයි අතර තියෙන්නෙ තරගයක්. අන්තිම මොහොතෙදි බි‍්‍රතාන්‍ය එම්බසිය ඉස්සරහ බෙල්ල කසපු බි‍්‍රගේඩියර් යන්තං මෙතනදි මෛත‍්‍රී පිලට තුරුම්පුවක් ඇදලා දුන්නා. යූඇන්පිය තමන්ගෙ සුපුරුදු ලිබරල් කතා ටිකම කියාගෙන වැඩි ගානක් නැතුව යන්නෙ දිනන එක ගැන වැඩි ෂුවර් එකක් තියෙන හින්ද.

ඡුන්දෙ වර්ජනය කරන එක මෝඩ වැඩක්. ඡුන්දෙ කියන්නෙ ඉතාම උවමනාවෙන් රැුකගන්න  ඕන පුරවැසි අයිතියක්. ඡුන්දයක් වෙනුවෙන් ජනතාව එකතු වෙන එක, අදහස් හුවමාරු කරගන්න එක, සහභාගි වෙන එක මොන තත්වයක් යටතේ වුනත් හොඳ දෙයක්. ඒක මතවාදයක් අදහසක් වෙනුවෙන් සමස්ත රටවැසියන්ගෙ පෙළගැසීමක්. ඒ සක‍්‍රීය සහභාගීත්වය නිශ්ක‍්‍රීය කරගන්නවා කියන්නෙ සාර්තකබවේ ප‍්‍රතිශතය මොකක් වුනත් දශක ගානක් පුරා එක එක විදිවලින් සිද්දවෙච්ච පුරවැසියන් සංවිධානය කිරීමේ වෑයමක් ආපහු හරවනවා වගේ වැඩක්.  කාලයක් තිස්සෙ ගොඩනැගුන සමාජ දේශපාලන ආකෘතියක්, සංස්කෘතියක් වඩා ඵලදායී විදිහට පාවිච්චි කරනවා වෙනුවට අත්හැර දැමීමක්. ඒ යෝජනාව අතිශයින්ම අරාජිකවාදී යෝජනාවක්.

ඡුන්දෙ ජවිපෙට දෙන්න කියල ආචාර්ය කලාකාර සෙට් එක යෝජනා කරන්නෙ වෙන දෙන්න කෙනෙක් නැති හින්ද. මෛත‍්‍රී ඒ ගොල්ලොන්ව රවට්ටපු හින්ද. කොයිතරම් සංස්කෘතික ආකල්පමය පැත්තෙන් විරෝදතා තිබුනත් හොරකම් කරන්නෙ නැති හින්ද ජවිපෙට සහාය දෙමු කියල ඒ ගොල්ලො කියනවා. හොරකම් නොකිරීම කියන එක හොඳ ගුනයක් වුනාට ඒක රටක ගමක වැඩකට තෝරගන්න මූලික සුදුසුකමක් නෙමෙයි. හොරකම් නොකිරීමන් නාස්තිය අවම කරගන්න පුළුවන් වුනාට පළාතක් සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒකට  ඕන වෙනවා දැක්මක්. සැලැස්මක්. ජවිපෙ කියන්නෙ එහෙම එකක් තියෙන පක්ෂයක් නෙමෙයි. ඒ වෙනුවට ග‍්‍රාම්‍ය හෘදය සාක්ෂිය උඩ දුවන බොළඳ පක්ෂයක්. ඉතාම හානිකර විදිහට ජනප‍්‍රිය මතය වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී නිදහස් විරෝධී ස්ථාවරයන් උඩ හිටගන්න පක්ෂයක්. හොරකම් නොකිරීම කියන කාරණයට මුවාවීම හරහා මේ කලාකාර ආචාර්ය නඩය ජවිපෙ තියෙන හානිකර පැත්ත සහමුලින් වසන් කරනවා. ඒකම හොරකමක්.

ඡුන්දයක් කියන්නෙ අදහසක්. මේ පාර ඡුන්දයක් කියන්නෙ පුද්ගලයෙකුට වඩා පක්ෂයක්. පක්ෂයක මතවාදයක්. එතනදි කාන්තාවන්ගෙ සම අයිතිය පිළිනොගන්නා, සමලිංගිකයන් රෝගීන් පිරිසක් විදිහට දකින, කලාවේ නිදහස බාර නොගන්න, ආර්තික සංවර්ධනයක් ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති පක්ෂයක් වෙනුවෙන් මිනිස්සු සංවිධානය කිරීම සමාජය පැත්තෙන් ඉතාම හානිකර වෑයමක්. හොරකම් නොකිරීම ඉස්සරහට දාලා මේ කට්ටිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ජවිපෙ මේ ගතානුගතික සාම්ප‍්‍රදායිකත්වයට සුජාතභාවයක් අරන් දෙනවා. හයිවේ හදන්නෙ රේස් පදින්නද කියල අහපු, නෙළුම් කුළුණ තරු ගනින්නද කියල අහපු මානසිකත්වයක් ජවිපෙට තියෙන්නෙ. හොරකම කියන කාරණය ඇරුනම මහින්ද සමග හෝ සිරිසේන සමග හිටගන්න බැරි වෙන කිසිම මතවාදිමය වෙනසක් ජවිපෙට නෑ. 

නිදහස් පක්ෂය සහ පොහොට්ටුව තමන්ගෙ සුපුරුදු සිංහල බෞද්ද ඡුන්ද ටික වෙනුවෙන් සටන් වදිනවා. නිදහසක් ගැන කිසිම හැගීමක් නැති සිරිසේන නිදහසට පක්ෂ වෙන්න කියල කියද්දි මහින්ද නවත්තපු තැනින් පටන් ගන්න කට්ටිය එකතු කරනවා. ඒක ඇත්තටම අවංක පෙනී සිටීමක්. හොරකම් කරන එක, මිනීමරන එක, දුෂණය හැමදේම ආයිමත් නවත්තපු තැනින් පටන් ගමු කියල එයා කෙලින් කියනවා. කොළඹට ඒ පක්ෂෙන් ඉල්ලන අපේක්ෂකයෙක් ගෝටාගෙ ලිගසි එක ආපහු ගේන්න එයා එනවා කියලම කියනවා. අහද්දි ඇෙ`ග් හිරගඩු පිපෙනවා.

ඒ කොහොම වුනත් ජාතිකවාදී ජාතිවාදී ආගම්වාදී මත්විරෝදී, සදාචාරවාදී කට්ටියට පුළුවන් සිරිසේන හරි මහින්ද හරි තෝරගන්න. යුක්තිය, සාධාරණය, රාජ්‍ය තාන්ත‍්‍රිකබව, මානව නිදහස වගේ අනවශ්‍ය දේවල් ගනං ගන්නෙ නැතුව තමන්ට වාසි දේශපාලනය කරගෙන යන්න. මහින්ද මේ මතවාදෙ ඔරිජිනල් එක හින්ද සිරිසේනට ඉන්න වෙන්නෙ ටිකක් පස්සෙන්. ගැම්ම තියෙන්නෙ මහින්ද එක්ක. ගේම තියෙන්නෙ සිරිසේන එක්ක. ඒත් මතවාදයක් විදිහට දෙකේ වෙනසක් නෑ. සිරිසේන යන්නෙ මහින්ද හදපු පාරෙ.

යූඇන්පිය මේ ඡුන්දෙදි වැඩිය ද`ගලන්න යන්නෙ නෑ.  මහ බැංකු හොරකම ගැන කතාවත් එක්ක යූඇන්පිය නාගනිමින් හිටියෙ. ඒත් ඡුන්දෙ කිට්ටු වෙද්දි මංගල ගෙනාපු අමුතු යෝජනා ටිකකින් කතාව සෑහෙන දුරට අනිත් පැත්ත හැරුනා. ගෑනුන්ට මත්පැන් මිලදී ගන්න, පාවිච්චි කරන්න අයිතිය ලබාදීම හරහා මෙතෙක් නීතියෙන් කාන්තාව විෂයෙහි පැනවුන අසමානතාවය නිවැරදි කරන්න මංගල ජනප‍්‍රිය නොවන,  මතභේදයට තුඩුදෙන පියවරක් ගත්තා. ගත්ත සැනින් සිරිසේන ඒක අවලංගු කරමින් තමන්ගෙ සංස්කෘතික රෙද්ද හෝදගත්තා. රටක් විදිහට අපිට සාමාන්‍ය වෙලා තියෙන සෙක්සිස්ට් පැවැත්ම අභියෝග කරන එක හොඳ වැඩක්. ඒ අභියෝගයත් එක්කම සමානතා එලියට ආවා. සිරිසේන වගේම ජවිපෙත් කාන්තා අයිතිය ගැන යෝජනාවට විරුද්ද වුනා. ඊට පස්සෙ බෙල්ල කසපු බි‍්‍රගේඩියර්ව රාජ්‍ය තාන්ත‍්‍රික දැක්මකින් සහ විනයකින් යුතුව විදේශ සේවා අමාත්‍යංශය වහා වැඩ තහනමකට ලක්කළා. ඒත් ලංකාවෙ ජනතාව මේ අවිනීතකම වීරකමක් විදිහට උඩදාන්න ගත්තා. සිරිසේන වහාම රණවිරුවාව ආයිමත් සේවයේ පිහිටුවාලමින් මහින්දගෙ ලිගසියෙන් ටිකක් සාක්කුවෙ දාගන්න බැලූවා.

ඡුන්දෙට තියෙන්නෙ තව දවසයි. පක්ෂ ඔක්කොම ගත්තත් සංවර්ධනය පැත්තෙන් හෝ රටේ ස්ථාවරත්වයක්, දිශානතියක්, දියුණුවක් ඇති කිරීම පැත්තෙන් අන්තිම අසාර්ථක වෙලයි ඉන්නෙ. මේ අසාර්ථකත්වය හින්දම ආපහු ලෙන්වාසී ගෝත‍්‍රවාදය පැත්තට තල්ලූවක් ඇතිවෙමිනුයි තියෙන්නෙ. මේ අතරෙ රටටම වයිෆයි දෙන්න රනිල් ඡුන්ද පොරොන්දුවක් දෙනවා. ඒක සෑහෙන ජෝක් එකක් වෙනවා.

ඒත් මේ ඡුන්දෙදි මතවාදිමය අතින් යූඇන්පිය තාමත් අනිත් පක්ෂ ඔක්කොටම වඩා ප‍්‍රගතිශීලී තැනක ඉන්නවා කියන එකයි මගේ අදහස. හොරකම, දුෂණය, අකාර්යක්ෂමතාව වගේ කාරණාවලදි ඒකත් එහෙමම තමයි. ඒත් ශිෂ්ටත්වයක්, දියුණුවක් ගැන අඩුම තරමෙ විශ්වාසයක් පැවතීම, නිදහස, සමානාත්මතාවය වගේ කාරණාවලදි රටේ බහුතරයට ජනප‍්‍රිය නොවෙන ප‍්‍රවේශයන් පවා ගනිමින් යම් ප‍්‍රගතිශීලී උත්සාහයන් දැරීම, වැඩියෙන්ම ලෝකෙ අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙමින් සංස්කෘතීන් හුවමාරු කරගනිමින් ජීවත් විය යුතුයි කියන විශ්වාසය දැරීම වගේ කාරණා හින්ද යූඇන්පිය මට අනුව  වඩා ඉදිරිගාමීයි. ගැලරියේ විසිල් එකට වඩා රටක් විදිහට යම් ශිෂ්ට සැලැස්මකට අනුගතව වැඩකිරීම මේ වෙලාවෙදි පෙන්නන්නෙ යූඇන්පිය විතරයි. ග‍්‍රාම්‍යත්වය වෙනුවට නාගරිකත්වය වෙත යන ගමනක යෝජනාව තියෙන්නෙ ඔවුන් ළ`ග විතරයි. රනිල් සහ මංගලගෙන් පස්සෙ යූඇන්පියෙ තත්වයත් නිදහස් පක්ෂෙ ගානටම වැටෙයි.  

ඒත් තාමත් ග‍්‍රාම්‍යත්වය වෙනුවට නාගරිකත්වය තෝරගන්න අයට ඉතුරු වෙලා තියෙන්නෙ ඒක විතරයි.