Friday, April 27, 2018

2020 මොකද වෙන්නෙ?




2020 කවුද එන්නෙ කියල එක එක විදිහෙ කතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තං චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම් පසුගාමී වුනත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී වගේ සුළුතරයක් ඡුන්ද ප‍්‍රතික්‍ෂේප කිරීමකින් සෑහෙන්න ඉඩතියෙනවා. මේ හැම කතාවක්ම තරම් බලාපොරොත්තු සහගත ඒවා නෙමෙයි. වෙන විකල්පයක් නැති තැනදි තියෙන ඒවයින් වඩා හොඳ වගේ පේන එකක් අකමැත්තෙන් හරි තෝරාගැනීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.

ඒත් විකල්ප නෑ කියන්නෙ ග‍්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්න කාලය ඇවිත් කියන එකයි. අලූත් තාක්ෂණය සහ සන්නිවේදනය විසින් යෝජනා කරන අලූත් වටපිටාවට පවතින මොනම දේශපාලනයක් වුනත් නොගැලපෙන වග සහතිකයි. නිසි දිශානතියක් නොවෙන තැන අනන්යතා අර්බුදයකට මුහුනදෙන අලූතෙන් ඡුන්ද හිමිවෙන පරම්පරාව ආයිමත් හම්පඩ ජාතිවාදී රවනතා පැත්තට හැරෙන්නෙ මේ නොගැලපීම නිසාමයි.

 කට්ටියක් විවෘත වීම ඉදිරියේ නැවත ගුහා ඇතුලට රිංගීම තෝරා ගන්නා අතරෙ තවත් වැඩි පිරිසක් දේශපාලනය නොතකා හරිමින් ඉන්නවා. පොලිටික්ස් කියන එක ගොඬේ මාතෘකාවක් වෙන අතරෙ ඡුන්දය දානවා කියන එකම තේරුමක් නැති සම්ප‍්‍රදායක් වෙමින් තියෙනවා. මේ පාර ඡුන්දෙදි ඡුන්දෙ දාන්න කියලා පවා වෙනම ප‍්‍රචාරයක් ගෙනියන්න ආන්ඩුවට සිද්ද වුනෙත් මේ නිසාමයි. මේ තත්වය ඉදිරියෙදි තව තවත් වැඩිවෙන්න නියමිතයි. ඒකෙන් වෙන්නෙ රටේ තීරණ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දිය හැකි බුද්දිමත් තරුණ පිරිස් දේශපාලනයෙන් අයින් වෙන එක. තව තවත් මෝඩයන් අතටම තීරණ ගැනීමේ ඉඩකඩ ලබාදෙන එක. රට ඇතුලෙම වෙනස් විදිහක ඩයස්පෝරාවක් නිර්මාණය වෙන එක. මේ කොයි එකක් වුනත් ඒක තරම් සුබදායී තත්වයක් වෙන්නෙ නෑ.

2020 කියන්නෙ අලූත් දේශපාලනයක ආරම්භයක් විදිහටයි මං දකින්නෙ. මානව අයිතිවාසිකම් සහ නිදහස අවධාරණය කරන, මිත්යාව වෙනුවට විද්‍යාව හොයාගෙන යන, ආගම්වාද ජාතිවාද වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන, නව ආර්ථික ක‍්‍රමෝපායන් සහ සැලසුම් වෙනුවෙන් උනන්දුවෙන, විශේෂයෙන්ම ඔන්ලයින් ලෝකය එක්ක බැඳුණු නව දේශපාලන සංස්කෘතියක යෝජනාවක් 2020 අවශ් වෙනවා. ග‍්‍රාමීය දේශපාලන මතවාද ගැටුම් වෙනුවට ශිෂ්ට නාගරික දේශපාලනයක ලොකු හිඩැසක් මේ වෙද්දි ඇතිවෙමින් තියෙනවා. හිඩැස පුරවන්න පවතින කිසිම දේශපාලන පක්ෂයක මතවාදය අසමත් වෙලා තියෙනවා.

මේක එක්තරා විදිහක හීනයක්. හීන පැත්තෙන් ගත්තත් අතිශය බොළඳ හීනයක්. එහෙම පුළුවන්ද අලූත් පක්ෂ පටන්ගන්න? එහෙම පක්ෂයකට බිම්මට්ටමේ මිනිස් සමූහයක් එකතු වෙයිද? කොහෙන්ද අරමුදල් එන්නෙ? ඔය විදිහට ඒකෙ අතාර්කිකත්වය පෙන්නන්න දහසකුත් එකක් ප‍්‍රශ්න එන්න පුළුවන්. ප‍්‍රශ්නවලට සංයුක්ත විසඳුම් හොයන්න ට‍්‍රයි කරනවා කියන්නෙම අපි පරණ දේශපාලනයටම ආපහු යනවා කියන එකයි. මොකද මේ රශ්න කිරීම් සියල්ල නිර්මාණය වෙන්නෙ පරණ දේශපාලන අත්දැකීම් උඩ. අලූත් දෙයක් පටන්ගන්න  ඕන අලූත් තැනකින්. පරණ ප‍්‍රශ්න පත්තරවලට උත්තර ලියන එකෙන් අලූත් දැනුමක් නිර්මාණය වෙන්නෙ නෑ.

අදාල වෙන්නෙ එක කාරණයයි. අපේ ජීවිතයට අවශ් දේශපාලනය රටේ පවතින දේශපාලනය කියන එක ඇතුලෙ නියෝජනය නොවීම. ඞීල් දාන, පරණ බල ප‍්‍රයෝගයන්  උඩම පවතින, දැක්මක් නැති, ගෝත‍්‍රික බහුතරයක උවමනාවන් නියෝජනය කරන දේශපාලනයක් කියන්නෙ අපේ ජීවිතෙන් බැහැර කරන රියාවලියක් වීම. වෙනුවට වෙනස් අරමුණු කරා යන, වෙනස් දැක්මන් සහිත, වෙනස් පුරවැසි ජීවිතයක් යෝජනා කරන දේශපාලනයක් අපිට අවශ් වීම.
ඒක අවශ් වෙන්නෙ කීයෙන් කී දෙනාටද?

අඩුම තරමෙ මට එහෙම එකක් අවශ්යයි. මං දේශපාලනය කියල විශ්වාස කරන්නෙ එහෙම එකක්. ඒක මාක්ස්වත්, වෙබර්වත්, මැකියාවෙලි, හොබ්ස්, ලොක්, රූසොවත් කියපු එකක් නෙමෙයි. අලූත් අන්තර්ජාල අවකාශය ඇතුලෙ අපේ ජීවිත ලෝකයත් එක්ක සම්බන්දවීමෙන් ඇතිවුණු නව පුරවැසි සවිඥානකත්වයෙන් ඉල්ලා සිටින හැඩයක්.

ඒක පක්ෂයක්ද, කණ්ඩායමක්ද, නැත්තං අදහසක්ද කියන එක වැදගත් නෑ. වැදගත් වෙන්නෙ අලූත් හැඩය නිර්මාණය කිරීම වෙනුවෙන් එකතු වීම විතරයි. 2020 දි මේ අලූත් පුරවැසියා වෙනුවෙන් සංවිධානය වීම සහ `ඩනැගීම කියන්නෙම ජයග‍්‍රහණයක්. අනිත් හැම තෝරාගැනීමක්ම  අවසානයේදී  පරාජයක්.




5 comments:

  1. අන්න ඒකට ජය වේවා ( ජය වේවා කියන එකත් පරනයි)

    ReplyDelete
  2. දැන් රාලහාමිලා 2015 දී සංවිධානය වෙලා ජනාධිපතිකරපු කෙනා වගේ කෙනෙක් 2020 ත් ගේන්නද යන්නේ? මිනිස්සු ගූ ගහයි ඔහෙලා ආයේ එව්වා කතාකරන්න අවොත්.

    ReplyDelete
  3. // මානව අයිතිවාසිකම් සහ නිදහස අවධාරණය කරන, මිත්‍යාව වෙනුවට විද්‍යාව හොයාගෙන යන, ආගම්වාද ජාතිවාද වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන, නව ආර්ථික ක‍්‍රමෝපායන් සහ සැලසුම් වෙනුවෙන් උනන්දුවෙන, විශේෂයෙන්ම ඔන්ලයින් ලෝකය එක්ක බැඳුණු නව දේශපාලන සංස්කෘතියක යෝජනාවක් 2020ට අවශ්‍ය වෙනවා.//

    අඩු ගණනෙ තියන නීතිය පුලුවන් තරම් දුරට ක්‍රියාත්මක වෙන, දූෂණය හා නාස්තිය පුලුවන් තරම් අඩු කරන ක්‍රමයක්වත් ආවොත්

    ReplyDelete
  4. '' විශේෂයෙන්ම ඔන්ලයින් ලෝකය එක්ක බැඳුණු නව දේශපාලන සංස්කෘතියක යෝජනාවක් 2020ට අවශ්‍ය වෙනවා.''

    ඇත්ත සහෝදරයා , ගෙදර ගාව කනුවේ 2G සිට 4.5G දක්වා සිග්නල් බ්ලොක් කලාම ඔන්ලයින් ලෝකය හබක් . ඉතිම් ඊට පස්සේ ඔන්ලයින් ඉන්නේ ....... ද?
    වැලක් බලන්නත් නැ.අනික එහෙම උනොත් ඒ අක්කිල ,ඇන්ටිල අපි ගැන මොනව හිතයිද ..අන්න ඒක වැදගත් නැද්ද 2020 ට වඩා.
    සකර්බරග් වගෙ ටියුබ් අටත් අපි හොයාගෙන එයි.

    ReplyDelete