
ලාංකේය කිව්වම මට මතක් වෙන්නෙ පරණ සිද්ධියක්. මං ඒක මෙහෙම කියන්නම්. පොඩි කාලෙ මං ගිය ඉස්කෝලෙ නිදහස් දවසක උත්සවයක් තිබුණා. පිට්ටනිය මැද්දෙ ජාතික කොඩි උස්සලා කිරිබත් කන්න දුන්නා. මටත් බඩගිනි නිසා පිට්ටනිය දිගේ ඇවිදගෙන ගියා කොඩිය යටට කිරිබත් කන්න. එතකොට ඔක්කොම කාලා. මට එක කිරිබත් කෑල්ලක් වත් හම්බුණේ නෑ. දැන් ආපහු ඇවිදන් යන්න ඕනි පිට්ටනිය කෙළවරට. කට්ටිය බලාගෙන ඉන්නවා. මං කරපු දේ මාත් කිරිබත් කෑවා වගේ කට හොල්ල හොල්ල ඇවිදගෙන ආවා. ඔන්න ඕක තමයි මට ශ‍්‍රී ලාංකික කිව්වම මතක් වෙන්නෙ. ලෝකෙ අපිව ගණං ගන්නෙවත් නෑනෙ. ඉතින් අපි බොරුවට කට හොල්ල හොල්ල එනවා.
- අජිත් කුමාරසිරි
No comments:
Post a Comment