Saturday, July 24, 2010

අලූත් චිත‍්‍රපටි ෂානරයක් ගැන හීනයක්


චිත‍්‍රපටි ගැන ලියන්න තරම් මං පොරක් නෙමෙයි. ඒත් මං කියපු අදහසක් කොලේකට දාලා දෙන්න කියල චින්තන කියපු හින්ද මං ලියන්න try කරනවා. චිත‍්‍රපට කර්මාන්තය කියල එකක් ගැන අපි නිතරම අහනවා. ඒක කොහෙත්ම ලාබ ලබන්නෙ නැති මහ කාලකණ්ණි කර්මාන්තයක්. මං ඒ ගැන අහපු දවසෙ ඉඳන් ඒ කර්මාන්තෙ පාඩුයි. ඒත් තාමත් මිනිස්සු චිත‍්‍රපටි හදනවා. හදලා චිත‍්‍රපටි කර්මාන්තෙ ගැන කතා කරනවා.
ලංකාවෙ චිත‍්‍රපටි හදලා පෙන්නලා සල්ලි හොයන්න බෑ. චිත‍්‍රපටියක් දිව්වොත් දුවන්නෙ ඒ චිත‍්‍රපටියට පිටින් තියෙන කාරණා වගයක් හින්ද මිසක් ජනතාව චිත‍්‍රපටි බලන හින්ද නෙමෙයි. නැත්තං ජනතාව බලන්නෙ පිටරට චිත‍්‍රපටි. ඇත්තටම ලංකාවෙ චිත‍්‍රපටි අජූතයි තමයි.
ටිකක් වෙන රටවල හදන චිත‍්‍රපටි බැලූවොත් හරියටම තේරෙන්න ගන්නවා ලංකාවෙ අයට චිත‍්‍රපටි හදන්න බැරි වග. ෂොට් එකක් ගන්න හැටි, ලයිට් අල්ලන හැටි, කැමරාව කරකවන හැටි දැනගත්තට හැම චිත‍්‍රපටියකම වගේ rhythm අවුල්. දෙන්නෙක් අතර සංවාදයක් උණුහුම් වෙන හැටි වගේ සරල දෙයක් හරියට build up කරන්න අපේ ප‍්‍රවීණයෙකුටවත් බෑ. film වල රගපාන නළු නිළියන්ගෙ rhythm පිස්සු වගේ. edit එකේදි රූප කැපෙන්නෙ මෙලෝ රහකට නැතුව. අපේ කවුරුවත් චිත‍්‍රපටි කරන්න දන්නෙ නෑ. ඉතිං අපි හදන චිත‍්‍රපටි වල සෞන්දර්ය අගය බින්දුවයි. ඒ මදිවට කර්මාන්තයක් ගැන කතා කර කර ලෝක සිනමාවට යන්න කෘතිමව දගළද්දි ඒ චිත‍්‍රපටිවල ආත්මයක් පවා නැති වෙනවා. චිත‍්‍රපටියක් පෙන්නද්දි ඒ චිත‍්‍රපටියෙ රූපරාමු හුස්ම ගන්න හැටියෙන් කියන්න පුළුවන් අධ්‍යක්‍ෂවරයාගේ පරිණතකම. අනික් අතට චිත‍්‍රපටියක් පරිණත වෙන්නෙ ඒ චිත‍්‍රපටියෙ තියෙන ශිල්ප හරඹ නිසා නෙමෙයි. චිත‍්‍රපටියට අධ්‍යක්‍ෂවරයා ගේන ජීවිතේ ගැඹුර නිසා. ඒක චිත‍්‍රපටියක් බලද්දි පේ‍්‍රක්‍ෂකයාට දැනෙන්න ගන්නවා. තමන්ට නොතේරෙන චිත‍්‍රපටියක් වුණත් ඒ ගැඹුරු මනුස්ස හැගීම දැනෙද්දි බලාගෙන ඉන්න පුළුවන්. අපේ චිත‍්‍රපටි වල ඒ හෘදයාංගම බව නැහැ.

මං චින්තනත් එක්ක කතා කළේ කර්මාන්තයක් වෙනුවට ආර්ට් එකක් විදිහට චිත‍්‍රපටි හදන්න බැරිද කියන එක ගැන. කවියක්, කතාවක් ලියන තරමටම චිත‍්‍රපටි හදන එකත් සරල වෙන්න බැරිද කියන එක ගැන. චිත‍්‍රපටියක් හදන්න මහන්සි වෙන්න සිද්ද වෙන පිරිස සහ වැයවන කාලයත් එක්ක චිත‍්‍රපටිය බලන්න මිළක් නියම වීම අනිවාර්යක්. ඒත් ඒක හුගක් සරල ඇත්තක් කියන එකයි මගේ හැගීම. digital තාක්‍ෂණය මේ තරම් සුලබ වෙද්දි, web එක මේ තරම් දනෙක් අතේ ගැවසෙද්දි ඔය පර චිත‍්‍රපටි ගැන කියන කතා තව දුරටත් වලංගු නෑ. දැන් චිත‍්‍රපටියක් වෙන්න ඒක ශාලා වල දුවන්නම ඕන නෑ. නිදහස් පේ‍්‍රක්‍ෂාගාරයක් ඕනම චිත‍්‍රපටියක් වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. දැන් චිත‍්‍රපටියක් චිත‍්‍රපටියක් නොවෙන් තියෙන්නෙ කාරණා දෙකයි. එකක් ඒ චිත‍්‍රපටිය කරන අයගේ ඔලූවෙ චිත‍්‍රපටි ගැන තියෙන අදහස වැඩවසම් වීම.
මේක ඇත්තක්. එක දවසක් මට ඇහුණ මං හිටපු තැනකදි චිත‍්‍රපටි පොරක් කියන කතාවක්.
‘ ඔය digital ලෙඩෙන් වුණේ film director කෙනෙක් කිව්වම රටේ තිබ්බ තැන බාල්දු වුණ එක විතරයි. තැන් ඕන එකෙකුට පුළුවන්නෙ චිත‍්‍රපටි හදන්න. කර්මාන්ෙත් ඉවරයි ඕකෙන්”

මොලේ ඇතුලෙ තියන මේ හං ගඳ ඇරුණම දෙවෙනි බාධාව මුදල්. ඒත් අපිට චිත‍්‍රපටියකින් කියන්න ඇත්ත කතාවක් තියෙනවා නම් අපි කොහොමත් චිත‍්‍රපටියක් හදනවා. දැන් අවුල තියෙන්නෙ එහෙම කියන්න දෙයක් නැති අය චිත‍්‍රපටි හදන එක.

‘චිත‍්‍රපටි හදන්න එන්නෙ ඉතින් අනිත් වැඩ මොකක්වත්ම බැරි අයනෙ” තවත් director කෙනෙක් ජෝන්ද සිල්වා එකේදි කිව්වා.

චිත‍්‍රපටිය වලින් සල්ලි හොයන්න බෑ. අපේ ආත්ම ප‍්‍රකාශන බලන්න මිනිස්සු සල්ලි ගෙවන්නෙ මොකටද? චිත‍්‍රපටි පෙන්නන්න ඕන නොමිලේ. නොමිලේ පෙන්නනවා කියන අදහසින්මයි චිත‍්‍රපටිය කරන්න ඕන. එතකොට ඒ චිත‍්‍රපටිය හැදෙන්නෙම මනුෂ්‍ය ආත්ම ප‍්‍රකාශනයක් විදිහට. ඒක කර්මාන්තයක් නෙමෙයි. art එකක්. හුගක් ගැඹුරු, පුද්ගලික සීමාවන් දක්වා චිත‍්‍රපටි අරගෙන යන්න අපිට එතනදි පුළුවන්. මුදල කියන සාධකයම ප‍්‍රකාශනය පාවා දීමක්. ආත්ම ප‍්‍රකාශනයක් කොහොමද පොදු පේ‍්‍රක්‍ෂාගාරය කියන කරණය එක්ක හෙට්ටු කරන්නෙ?

අනික් අතට දැන් ප‍්‍රධාන ධාරාව මැරිලා. එක එක විදිහට චිත‍්‍රපටි හදලා try කළත් ඒ ධාරාව ආයිමත් නැගිටින්නෙ නෑ. පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටිශාලාව අත්ඇරලා ගිහින් හුගක් කල්. අපේ චිත‍්‍රපටි අධ්‍යක්‍ෂවරුන්ට අපේ මිනිස්සුන්ගෙ ජීවිතේ අහු වුණේ නෑ. ඒ වෙනුවට ඒ ගොල්ලො විකුණන්න කියල චිත‍්‍රපටි ජාතියක් හදන්න ගත්තා. කට්ටියක් මෙහේ විකුණන්න, තව කට්ටියක් එහේ රට රටවල විකුණන්න චිත‍්‍රපටි හැදුවා. චිත‍්‍රපටි වල ඇතුලෙ හරි බොල්කමක්, බොරුවක් දැනෙන්න ගත්තා. හඳයාගෙ අක්‍ෂරය ළමා අපචාර කියල ආණ්ඩුවෙන් තහනම් කළා. හඳයාව හිරේ දාන්න ගියා. ඊට පස්සෙ හඳයා ළමා චිත‍්‍රපටියක් හදනවා ‘විදු‘ කියල. ඒකට ආණ්ඩුවේ නිල සිනමා පොරක් වුණු සෝමරත්න දිසානායක ‘මාර වැඩක්‘ කියනවා. ප‍්‍රධාන ධාරව මැරුණෙ ඔය විදිහට.

මගේ අදහස වුණේ ලංකාවෙ අලූත් චිත‍්‍රපටි ධාරාවක් ගැන. මුදල් කියන කාරණය අදාල නොවෙන, මිනිස්සු ළ`ගට යන, මිනිස්සුන්ට නිකං පෙන්නන ඇෙග් අමාරුවටම හදන ඇත්ත චිත‍්‍රපටි රැල්ලක් ගැන. චින්තගෙයි උදයගෙයි චිත‍්‍රපටිය තැනින් තැන අරන් යන කතාවත් එක්කයි මට මේ අදහස ආවෙ. දැනට තියෙන බිමේ දේශපාලනය එක්ක ගත්තොත් මං කියන්නෙ පිස්සු කතාවක්. ඒත් සංකල්පයක් විදිහට හිතුවොත් මං කියන්නෙ වැඩ කරන්න පුළුවන් අලූත් දේහපාලනයක්. මුල ඉඳන් පටන් ගන්න වෙනවා. ආයිමත් මිනිස්සු එක්ක ඇත්තට ජීවිතය බෙදා ගන්න සිද්ද වෙනවා. සල්ලි නැතුව හිතන්න වෙනවා.

අලූත් ෂානරයක්. සල්ලි නැතුව නිෂ්පාදනය කරලා සල්ලි නැතුව පෙන්නන චිත‍්‍රපටි ෂානරයක්.

ලෝකෙ වෙන කොහේවත් මේක තියෙනවද කියල බලන්න මට උවමනා වුණේ නෑ. අලූතෙන් සිනමාව ගැන හිතන්න, ඒ එක්කම හැමදාම අපිට මග ඇරුණු සිනමාව සහ ජීවිතය අතර rhythm එක අඳුන ගන්න, වැඩියෙන්ම චිත‍්‍රපටියක විනය ගැන හැගීමක් ඇති කර ගන්න මේ විදිහෙ විකල්ප සිනමාවක් හොඳ පටන් ගැන්මක් වේවි.

ඒත් අපිට art එකක් විදිහට සිනමාවක් ඕනද කියන කාරණය මට කල්පනා කරන්න අමතක වුණා.

-තුෂාර පෙරේරා

No comments:

Post a Comment