Friday, July 30, 2010

අවබෝධය ලත් අය සහ අවබෝධය නොලත් අය කියල කොටස් දෙකක් ලෝකෙ නෑ. විමුක්තිය දේශනා කරන ඔක්කොමල්ලා මංකොල්ලකාරයො.-යූ. ජී. ක‍්‍රිෂ්ණමූර්ති


මිනිස්සු මට කියනවා මං අවබෝධය ලද්දෙක් කියල. මං පිළිගන්නෙ නෑ ඒ වචනය. ඒත් ඒ අයට හොයා ගන්න බැරුව ඇති වෙන වචනයක් මං ජීවත් වෙන හැටි ගැන කියන්න. මං කියන්නෙ එහෙම අවබෝධය ලැබීම කියල දෙයක් නෑ. මං එහෙම කියන්නෙ මගේ මුලූ ජීවිතේම මං ඔය කියන අවබෝධය ලබා ගන්න කැප කළ හින්ද. අන්තිමට මං තේරුම් ගත්තා අවබෝධය ලැබීම කියල් සිද්ධියක් නැති වග. ඒ හින්ද අවබෝධය ලත් අය සහ අවබෝධය නොලත් අය කියල කොටස් දෙකක් ලෝකෙ නැහැ. බුද්ධ වර්ෂ 600ට එහා ඉපදුණු බුද්ධ ගැන මං තුට්ටුවකටවත් ගණං ගන්නෙ නෑ. ඒ වගේමයි ඊට පස්සෙ ආපු බුදු වුණා කියල කියන කට්ටිය ගැනත්. ඔවුන් ඔක්කොම බොරුකාරයො. මිනිස්සුන්ගෙ දුර්වලතාවයක් තමන්ගෙ වැඩක් වෙනුවෙන් පාවිච්චි කරපු සූරාකන්නො රොත්තක්. මිනිසාට මිනිසාගේ ශක්තිය ඇරෙන්න වෙන ශක්තියක් නැහැ. දෙවියන්ව මැව්වෙත් මිනිසාමයි. ඒ ඔහුගේ බය නිසා. ඒක නිසා ප‍්‍රශ්නය තියෙන්නෙ බය කියන කාරණේ ගැනයි. දෙවියන් ගැන නෙමෙයි.


මං මා වෙනුවෙන්ම සහ මා විසින්ම තේරුම් ගත්තා අවබෝධ කර ගන්න කියලා ආත්මයක් නැති වග. මං කතා කරන්නෙ ඒ තේරුම් ගැනීම ගැනයි. ඒක එක්වරම එන කුණාටුවක් වගේ දැනෙන තේරුම් යාමක්. හරියට අකුණක් වගේ. ඔබ හැම දෙයක්ම ආත්මය අවබෝධ කර ගැනීම කියන කාරණය වෙනුවෙන් කැප කරල තියෙද්දි එකපාරටම ඔබට තේරුම් යනවා අවබෝධ කර ගන්න කියල ආත්මයක් නැති වග. ඒතකොට ඔබට හිතෙනවා මොන ඉලව්වක්ද මං මුළු ජීවිතේම කර කර හිටියෙ කියල. මේ තේරුම් ගැනීමත් එක්ක ඔබව පුපුරා යනවා.

මට හැම විදිහකම දේවල් සිද්ද වුණා. මං ඒ දේවල් ඇතුලෙන් ගමන් කළා. මට දැණුන කායික වේදනාව හු`ගක් දරුණුයි. ඒකයි මං කියන්නෙ ඔබ කීයටවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ මේ දේ කියල. මං හු`ගක් කැමතියි එයින් බිංදු මාත‍්‍රයක් වත් ඔබට දනවන්න මට පුළුවන් නම්. එතකොට ආයිමත් කවදාවත් ඔබ මේ දේ හොයා ගෙන යන්නෙ නෑ. ඔබ හොයා ගෙන යන දේ මේ ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි. ඒක මිත්‍යාවක්. ඒකත් එක්ක ඔබට කරන්න කිසි දෙයක් ඇත්තෙ නෑ.


ක‍්‍රිෂ්ණමූර්ති - මං කැමති නෑ අවබෝධය ලැබීම, නිදහස, හෝ මෝක්ෂය වගේ වචන පාවිච්චි කරන්න. ඒ හැම වචනයක්ම පට්ට ගහපු වචන. ඒවා ඇතළෙ හැංගිච්ච වෙන තේරුම් තියෙනවා. මේ දේ ඔබට උත්සාහ කරල ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සිද්ද වෙනවා. ඒත් ඒ දේ එක්කෙනෙකුට වෙන්නයි තව කෙනෙකුට නොවෙන්නයි හේතුව මං දන්නෙ නෑ.

ප‍්‍රශ්නය- ඉතිං ඔබට ඒ දේ සිද්ද වුණාද?

ක‍්‍රිෂ්ණමූර්ති - ඔව් මට ඒ දේ වුණා

ප‍්‍රශ්නය - කවදද?

ක‍්‍රිෂ්ණමූර්ති - මගේ 49 වෙනි අවුරුද්දෙදි
ඒත් විමුක්තිය කියල ඔබ හොයාගෙන යන දේ වෙනුවෙන් ඔබ කරන කිසිම උත්සාහයක් මේකට අදාල නෑ. ඒ හැම උත්සාහයකින්ම ඔබට ඔබව අහිමි කරනවා. මේ දේ ඔබ උත්සාහ කිරීමෙන් හෝ උත්සාහයේ ප‍්‍රතිඵලයක් හැටියට ලැබෙන දෙයක් නෙමෙයි. ඒ නිසයි මං මේකට අහේතුකයි කියන්නෙ. කිසි හේතුවක් නෑ. ඒත් ඒ සොයා යාම කෙළවරක් වෙනවා.

ප‍්‍රශ්නය - ඔබ කියන්නෙ මේ ඔෙබ් සොයා යාමේ ප‍්‍රතිඵලයක් නෙවෙයි කියලද? මං අහන්නෙ ඔබ දර්ශනය හදාරලා තියෙනවා. බොහෝ ආධ්‍යාත්මික මිනිසුන් ආශ‍්‍රය කරල තියෙනවා....

ක‍්‍රිෂ්ණමූර්ති - ඒ සොයා යාම හරි අස්වාභාවිකයි. ඇත්ටම ඉන් ඔබව ගෙන යන්නෙ විරුද්ධ දිශාවටයි. මේකට ඒ උත්සාහයේ සම්බන්ධයක් නැහැ.
ප‍්‍රශ්නය - ඒ දේ වෙනුවෙන් නොසිටියදීත් ඒ දේ සිදු වුනා. නමුත් ඒ ඔබ එසේ සිටීම නිසා නෙමෙයිද?

ක‍්‍රිෂ්ණමූර්ති - අන්න හරි. ඔබ නිවැරදියි. ඔබ කරන හැම දෙයකින්ම වෙන්නෙ දැනටමත් ඔබ ළ`ග තියෙන ඒ දේ ප‍්‍රකාශ වෙන්න විදිහක් නැති වෙන එකයි. ගෙදර වැටිච්ච ඉඳිකටුවක් ඔබ මහපාරේ සොයමින් ඉන්නවා වගේ. මං කියන මේ දේ හරිම ස්වභාවිකයි. ඔබ හිතන ශුද්ධ දේ හෝ ආධ්‍යාත්මික විමුක්තිය එක්ක ඒකෙ සම්බන්ධයක් නෑ. ඒ හැම දෙයක්ම විකාර (සිනා නගයි)

මට පුළුවන් නම් මං මේ දේ ඔබට දෙනවා. ඒත් කොහොම දෙන්නද? ඒක දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ ගාව දැනටමත් තියෙන දෙයක් මං දෙන්නෙ කොහොමද? මොනවටද?

ප‍්‍රශ්නය -ඒත් මට ඒක දැනෙන්නෙ නෑ. ඔබට දැනෙනවා.

ක‍්‍රිෂ්ණමූර්ති - නෑ නෑ. ඒක දැනීම ගැන කාරණයක් නෙමෙයි. දැන ගන්න තියෙන දේකුත් නෙමෙයි. ඔබට කවදාවත් බෑ ඒ දේ දැන ගන්න. ඒ දේ ඒ දෙය විසින්ම ප‍්‍රකාශ වෙන්න උවමනායි. ඒක සවිඥාණක වීම ගැන කාරණයක් නෙමෙයි. එතන සවිඥාණයක් හෝ අවිඥාණයක් පවතින්නෙ නැහැ.

ප‍්‍රශ්නය - මං කැමතියි ඔබ පුද්ගලිකව මේ තත්වයට පත්වුණු හැටි විස්තර කරනවා නම්...

ක‍්‍රිෂ්ණමූර්ති - වැඩක් නෑ. ඒක දිග කතාවක් වෙයි. මට මගේ ගැන ගොඩක් දේවල් කියාගෙන යන්න වෙයි. මගේ ජීවිතය එක තැනකට වෙන කල් ගමන් කළා. එැතිනින් එහාට ගමනක් නෑ. කතාව ඉවරයි.
මගේ ජීවිත කතාව ලියන්න ආපු රචකයො දෙන්නෙක් දෙවිදිහකට ලියන්න උත්සාහ කළා. එක්කෙනෙක් කියනවා මගේ සාධනාව (ආධ්‍යාත්මික පුහුණුව) සහ අධ්‍යාපනය මාව මෙතැනට ගෙනාවා කියල. ඒත් මං කියන්නෙ ඒ දේවල් හැරුණු කොට අනිත් හැම දේම මාව මෙතැනට ගෙනාවා කියල. දෙවැනි එක්කෙනත් උනන්දු වුණේ නෑ ඒ විදිහනේ ලියන්න. මොකද එයාට වැඩි දෙයක් නෑ එතකොට මගේ ගැන ලියාගෙන යන්න. ප‍්‍රකාශකයන්ටත් ඕන හේතුවක් තියෙන දේවල් ගැන ලියන්න නෙ. ඒක ස්වභාවිකයි. අපි ජීවත් වෙන්නෙ හේතු ඵල සම්බන්ධතා වැඩ කරන දේවල් එක්ක. ඉතිං හැමදේම අපිට ඒ විදිහට ඕන. ඒකයි ඔබ අහන්නෙ කොහොමද මං මේ තත්වෙට පත්වුණේ කියල. අපි ආයිමත් මුල්ම තැන. කොච්චර වුණත් එකේ වර්ගයත් එකමයි. තාම අපි අහනවා කොහොමද ? කියල.
මගේ කතාව වැදගැම්මකට නෑ. මොකද කාටවත් ඒ වගේ වෙන්න බෑ. ඔබේ කතාව විශේෂයි. ඒක කාගෙවත් වගේ වෙන්න උවමනා නෑ. ඔබට සිද්ද වෙන හැම සිදුවීමක්ම ඊටම විශේෂ වූ ආකාරයක් දරනවා. ඔබේ තත්වය, ඔබේ පරිසරය, ඔබේ අතීතය, මේ හැම දෙයක්ම වෙනස්. ඔබේ ජීවිතයේ දේවල් වෙන්නෙ මගේ විදිහට නෙමෙයි.

No comments:

Post a Comment