Friday, February 24, 2012

කොත්තු රොටියෙ තාලෙ අහං සල්සා හිපොප් නටමු....


සෙනසුරාදා හවස බේකරියෙ කරනවා කියල තිබ්බ ෂෝ එක බලන්න ගියා. ඇත්තටම අපි (පහේ කල්ලිය) පෙන්නන්න හිටපු ‘පාර දිගේ’ ෆිල්ම් එක ඊළ`ග සතියට කල්දැම්මෙත් ඒක හින්ද. මේ හැම දේකදිම අපි මුණගැහෙන්න ඉන්නෙ පොඩි පිරිසක්. තනි තනියෙන් අඳුරන යාලූවො ටිකක්. වෙනස් වෙනස් විදිහෙ පාරවල් වුණත් අපි මුණගැහෙන, විඳින තැන් එකක්. ඉතිං හවස බේකරියෙ ‘සැටර්ඩෙ නයිට්’ එකට යන එකත් ‘අපේ වැඩක්’.

බේකරිය ගැන මං දැනගත්තෙ හු`ගක් මෑතක. ෆේස් බුක් එකේ කවි ලියන විරාජ් (රාජා) සහ යාලූවො ටිකක් පොඩි පොඩි වෙනස් හමුවීම් වෙනුවෙන් මේ බේකරියෙ පිටිපස්සෙ ඉඩ පාවිච්චි කරනවා. වෙසක් එකට කූඩුවකුත් ගහනවා. අනික් පැත්තට සැටර්ඩෙ නයිට් එකත් කරනවා. ඒත් ඒ කරන හැම එකකදිම තමන්ගෙ වෙච්ච හැඩයකට ඒ වැඩ අරන් එන්න බේකරියෙ සෙට් එකට පුළුවන් වුණා.

මේ කතාව සැටර්ඩෙ නයිට් එක පටන් ගනිද්දි ඒකෙ නිවේදකයා කියන්න ගිහින් අනාගත්තා. ‘හැමතිස්සෙම වෙනස් දෙයක්..වෙනස් විදිහක්...’ වගේ එක දිගට වෙනසක් ගැන කියන්න ගිය නිසා ඒකෙ වෙනසක් නැති වෙලා ගියා. අනික් අතට සැටර්ඩෙ නයිට් කියන නම. කිිසිම හැ`ගීමක් නැති පට්ට ගහලා කාණුවට විසිකරපු නමක් ඒක. ඒත් මේ හැම පැටලිල්ලක් එක්කම වුණත් ඒ වැඬේ ‘මාර’ විදිහට සෙට් වෙලා තිබුණ. ස්ටේජ් එකක් ගහලා, බෑන්ඞ් හතක් සෙල්ලම් කරන ඒ වගේ ලොකු වැඩක් කිසිම මුදලක් අය නොකර කරන්න හයියක් උන්ට තිබුණ.

චිත‍්‍රපටියක් එහෙම පෙන්නන විදිහක් තාම හදාගන්න බැරි එක ගැන මට දුක හිතුණ. මේ වෙද්දි ලංකාවෙ අලූතෙන් චිත‍්‍රපටි හදන අයට තියෙන ලොකුම ගැටළුව ඒ චිත‍්‍රපටි පෙන්නන්න තැනක් නැති එක. නිනෝ ලයිව් හදලා අවුරුදු දෙකකටත් ළ`ගයි, තාම හෝල් එකකට නිදහස් කර ගන්න විදිහක් නෑ. ඒත් කුස පබා වගේ කටේ තියන්න බැරි ජරාවල් කරන පරක්කුවෙන් හෝල් එකට එනවා. හොඳට දුවන්න හැකියාවක් තිබුණත් අලූත් එකෙකුට චිත‍්‍රපටියක් දා ගන්න මේ පරණ සම්ප‍්‍රදායෙ ඉඩක් නෑ. ඩිජිටල් හෝල් අරින්න යන එක ගැන මට තිබ්බ ලොකුම ත‍්‍රිල ඒක. ඒත් ඒකත් තවත් එක ප‍්‍රධාන ධාරාවෙම කෑල්ලක් වෙනවා මිස අලූත් චිත‍්‍රපටි සම්ප‍්‍රදායක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හැටියක් මට පේන්නෙ නෑ. මේ වෙද්දි ඔක්කොම නෙගටිව් අධ්‍යක්‍ෂවරු ඩිජිටල් වලටත් එතැනිනුත් එහාට ලක්ෂ පහට හයට චිත‍්‍රපටි කරන තැනටත් මාරු වෙලා. ඒක අලූතෙන් එන එකෙකුට පිවිසුම් මාර්ගයක් විදිහට ඉතුරු කරලා තවත් කර්මාන්තමය ඉඩකඩ ලොකු කරන්න දැනීමක් ඒ ලොකු උන්ට නෑ. ඉතින් මේක තවත් ඇකිළෙනවා.

බේකරියෙ ඉස්සරහ සෙනසුරාදා එකතු වුණා වගේ පොඩි පිරිස් වලට තැනින් තැන ගිහින් චිත‍්‍රපටි පෙන්නන හරිම ඇ`ගට දැනෙන සම්ප‍්‍රදායක්...ඒ විදිහට වෙනස් වෙනස් වැඩ කරන චිත‍්‍රපටි හදන උන්ගෙ සංස්කෘතියක්...එහෙම එකක් හදාගන්නවා වෙනුවට තාමත් හැම චිත‍්‍රපටි හදන එකෙක්ම උත්සාහ කරන්නෙ ප‍්‍රධාන ධාරාව ඇතුළට රිංගන්න. නැත්නම් සම්මාන උළෙලවල් වලින් ජාත්‍යන්තරත්වයට පත් වෙන්න. ‘ඇට දෙකෙන්’ චිත‍්‍රපටි කරන උන් අතලොස්සක් කල්චර් එකක් නැති කමට හූල්ල හූල්ල බලන් ඉන්නවා. මං බේකරිය ඉස්සරහ බලන් හිටියා වගේ.

සැටර්ඩෙ නයිට් එක පටන් ගනිද්දිම කූල් බියර් බොන්න පුළුවන් තැනක් ඇරුණ. වේදිකා නාට්‍ය වල විදිහට ආලෝකමත් වුනු ස්ටේජ් එකක් ඉස්සරහ ජෙහාන්, අමිල, පාලිත සහ තවත් දෙන්නෙක් ඉඳගෙන හිටියා. මියුසික් ස්ටේජ් එක උඩ ලොකු ලයිට් වැඩ දාන්න සල්ලි තමන්ට නැත්නම් ඒක කන්සෙප්ට් එකක් විදිහටම වෙනස් තැනකින් හිතන එක හොඳ විදිහක්. සමහර විට ඒ වැඬේ එක්ක හිටපු හැමෝම වේදිකාවට හු`ගක් ළ`ග හින්ද වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒ ලයිට් කරලා තිබ්බ විදිහ ඒ වැඬේ එක්ක හොඳට සෙට් වුණා. පළවෙනි සිංදුව පටන් ගනිද්දි ඇ`ග හිරිවැටිලා ඇස් වලට කඳුළු ආවා.

අමිල ජෝන් සීනා සිංදුව කිව්වා. ජෝන් සීනා කියන්නෙ ලංකාවෙ වෙච්ච පට්ට අහම්බයක්. ඒක එහෙම්පිටින්ම සූස්ති සිංදුවක්. ඒ අත්චැකීම විතරක් නෙමෙයි, හිනාවත් එක්ක සිංදුව කියන විදිහ වගේ හැම අතකින්ම ඒක ‘කල්ට්’ වැඩක්. ඒත් එකපාරටම ඒ සිංදුව ප‍්‍රධාන ධාරාවෙන් උස්ස ගන්නවා. සිංදුවත් එක්ක ජෙහාන් කරලා තිබුණ විෂුවල් එකත් පට්ට. ඒ තරම් සරලව, ඒ උපහාසයත් එක්ක යන විෂුවල් එකක් හිතන්න ජෙහාන්ට පුළුවන් වුණ එකත් මට මාර ආතල්. මේ හැම එකක්ම ප‍්‍රධාන ධාරාවෙන් ගත්තත් අමිලව සුපර් ස්ටාර් කෙනෙක් කරන්න මීඩියා වලට බැරි වෙනවා. මොකක් හරි දෙයක් හින්ද (ගොඩක් වෙලාවට වාමාංශික අදහසක් වෙන්න ඇති* අමිල මීඩියා වෙනුවට ජීවිතේ තෝර ගන්නවා. එදා බේකරිය ඉස්සරහ මට දැණුන හොඳම ආර්ටිස්ට් අමිල. ඒ සිංදු කියන ස්ටයිල් එක, ඒ වචන, ඒ අත්විඳීම අමිලටම අනන්‍ය එකක්. මීඩියා ඉස්සරහට ඇවිත් කුණු වෙලා නොගිය අමිල බේකරියෙ ස්ටේජ් එක උඩ ඒ සිංදු කියද්දි වාමාංශික ත‍්‍රිලකින් මාව ආයිමත් හිරිවැටුණ.

පාලිත එයාගෙ සිංදු කීපයක් එක්ක ලොකු ගමනක් ඇවිත් තිබුණ. කටහ`ඩ එහා මෙහා ගෙන යාම් වලින් සහ ඒ වචන වලට හැ`ගීමක් දෙන්න ගත්ත වෑයමත් එක්ක පාලිත ගෙ සිංදු හැමෝටම වැදුණ. මාරයි කිය කිය ලංකාවෙ මිනිස්සු අහන අපේ ප‍්‍රවීණයන්ගෙ සිංදු මට කණ අහලකට ගන්න බැරි හේතුව ඒක. උදා විදිහට අමරසිරි පීරිස් ගෙ සිංදු ඇහෙන මානෙක මට ඉන්න බෑ. කිසි හැ`ගීමක් නැති වේලිච්ච කටහ`ඩක් ගාණට සීරුවට ස්වර උඩින් එහා මෙහා යද්දි මට ලැජ්ජ හිතෙනවා. මැෂින් එකක සද්දයක් අහගෙන ඉන්නවා වගේ. නන්දා මාලනීගේ සිංදු නං දැන් ඇහෙද්දි වමනෙ යනවා. මේ ගායකයොත් ඒ අයගෙ මුල් කාලෙදි මේ වචන එක්ක ඒ හැ`ගීම් එක්ක ඉන්න ඇති. ඒත් දැන් ඒ ගොල්ලො වයසයි. ඒ ගොල්ලොන්ට හැ`ගීම් තියෙන්නෙ හාල්, පොල් වගේ දේවල් එක්ක. ඒ වචන කියන්න දැන් ඒ අයට බෑ. මේ සිංදු අලූත් අය කියනවට මං කැමති ඒ හින්ද. උන් දන්න වැඩ ඔක්කොම දාලා ආයිමත් මේ වචන පණ ගහන්න හදනවා. ඒත් ගයාන් පෙරේරා ජයමංගල ගාථා රැුප් කරා කියලා මැරෙන්න හදන සිංහල බෞද්ධ ජනතාව මේ මැරිච්ච මිනිස්සු කරේ තියාගෙන යනවා. ජාතික ගීය අලූතෙන් සංගීතවත් කරන්නවත් ඉඩක් නෑ. අහද්දි හිනා යන ඒ පරණ යල්පැනපු මියුසික් අහගෙන ජාතිය ගැන ආඩම්බරේකින් නැගී ඉන්නෙ කොහොමද? එම්සී එකේ ෆිල්ම් එකක් බලද්දි මේ ජෝක් වැඬේ කරනකොට මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙනවා ලැජ්ජාවට. කසුන් කල්හාර වගේ කෙනෙකුට දීලා (රෝහණ වීරසිංහට එහෙම දෙනවට වඩා තියෙන විදිහ හොඳයි* ජාතික ගීය අලූතෙන් සංගීතවත් කළොත් ආයිමත් අලූත් හැ`ගීමකින් අපිට ඒක ඇහේවි. ඒත් ඉතිං අලූත් ශ‍්‍රී ලංකාවක් කිය කිය පරණ ටිකම කරගෙන යන ලාංකේය සිංහල බෞද්ධ ජනතාවට මේ වෙනස දරා ගන්න අමාරුයි.

ඒ වුණත් දෙවෙනියට ස්ටේජ් එකට ආපු ස්කිට්සො බෑන්ඞ් එක වැඬේ කෑවා. හරිම වැදගත් විදිහට, ආරිය සිංහල ආචාරශීලත්වයකින් විජේවීර තරුණ කාලෙ වගේ සිංදු කියපු ඒ බෑන්ඞ් එකේ ගායකයා මුලින් කට්ටිය අරගෙන දීපු ගැම්ම එහෙම්පිටින්ම නැති කළා. ඊට පස්සෙ වෙන වෙන දේවල් පේන්න පටන් ගත්ත.

පාලිතගේ සිංදු වල පවා වචන වල මට දැණුන ලොකු අවුලක් තිබුණ. වේදනාව ගැන කියන්න යන හැමතැනකදිම මේ කට්ටිය ‘අම්මේ’ කියලා කෑ ගහන්න ගත්තා. ඒ වගේම පොඩියට පොඩියට ඇවිත් ස්කිට්සො කට්ටිය කියද්දි වාමාංශික දේශපාලනික අවුල් ගතිය හොඳටම දැනෙන්න පටන් ගත්තා. දේශපාලනය ගැන කතා කරන මේ තාරුණ්‍යය වේදනාවකදි අම්මාගේ තුරුල්ලට දුවන්න තියෙන සූදානම සහ ඒකම අවධාරණය මට ඒ සෙට් එක ගැන තිබ්බ අලූත් කියන හැ`ගීම නැති කළා.

ඊට පස්සෙ චින්තක ගීතදේව කියපු සිංදු නම් අහන් ඉන්නම අමාරු ගාණට ආවා. මොනවා කියනවද නොකියනවද නොතේරෙන ගාණට ගීතදේවට බොබ්මාලේ ව ආවේශ වෙලා තිබුණ. බොබ් මාලෙ සිංදු කියද්දි යන ට‍්‍රාන්ස් එකට ගීතදේව ගියේ අපේ ජේවීපී ස්ටේජ් වල පට්ට ගහපු වචන කිය කිය. චේ ගුවේරා, බොබ් මාලේ ගැන වාමාංශිකයන්ට තියෙන්නෙ ළදරු වළිප්පුවක්. ඒක එක්කො ඒ බටහිර මානයන්ගෙන්ම අල්ලගෙන ඒ සංස්කෘතිය අත්පත් කර ගන්න  ඕන. නැත්තං වැල්ලෙ බීච් බෝයිස් ලා වගේ සුද්දියො අල්ල ගන්න පාවිච්චි කරන්න  ඕන. බොබ් මාලෙ වගේ ඇවිත් සිංහල සංස්කෘතික සීමා ඇතුලෙම හැප්පෙන කොට දැනෙන්නෙ හරි පොඩිකමක්. ගීතදේව අන්තිම වෙද්දි තොවිල් බෙර ගාණටම එයාගෙ මියුසික් අරගෙන ආවා. අහන් ඉන්න බැරුව ගොඩක් අය ගෙදර ගියා. මටත් ඉන්ටර්වල් එකෙන් පස්සෙ සිංදු ටික අහන්න ඉන්න බය හිතුණෙ අන්තිම වෙද්දි තත්වය එන්න එන්නම දරුණු වෙමින් ආපු නිසා.

සිංදු ටික කියලා අවසන් කරන්න කලින් ගීතදේව ඇත්ත කතාවක් කිව්වා. ඉස්සර බස්වල කෝච්චි වල සිංදු කියලා මෙතනට ආපු කතාවක් එයා මොන හේතුවකට මන්දා එතන කිව්වා. ඒ වගේම ඒක කියද්දි එයාගෙ කටහ`ඩ ඒ බස්වල කෝච්චි වල අපි අහලා පුරුදු තැනටම ගියා. ඒක බොරුවක් නෙමෙයි. ඇත්තක්. ගීතදේව ඒ බස්වල මිනිස්සුන්ව ඇහැරවලා, සල්ලි දෙන්න හිතෙන ගාණට ගේන්න තිබ්බ ටැලන්ට් එක මේ දේශපාලනික සීමාවල් ඇතුලෙ හිර කර ගත්තෙ නැත්තං ඌ මාර වෙන්න තිබුණ. ආර්ටිස්ට් කෙනෙකුට බොබ් මාලෙගෙ හරි කාල් මාක්ස් ගෙ හරි රැුවුලෙ එල්ලෙන්නෙ නැතුව දුර ඇවිදින්න පුළුවන් වෙන්න  ඕන. දේශපාලනය වෙනුවෙන් ආර්ට් පාවිච්චි කරනවා කියන්නෙ නාස්තියක්.

බේකරියෙ වැඬේදි මට දැනිච්ච ලොකුම අවුල ඒක. සිංදු කියපු හැම කෙනෙක්ම (මං අහපු* තමන්ගෙ ආර්ට් එක ඇතුලෙ ට‍්‍රයි කරලා තිබුණෙ උපරිම දේශපාලනික වෙන්න. (මේ කාරණය අමිලටත් පොදුයි* ඒත් මේ මොහොතෙ දේශපාලනික වෙන්නෙ අදේශපාලනය කියල තේරුම් ගන්න තරමටවත් ඒ අය පරිණත වෙලා හිටියෙ නෑ. තර්කොව්ස්කි කොමියුනිස්ට් පාලනය යටතෙ ස්ටෝල්කර් චිත‍්‍රපටිය හදනවා. ඒ වෙලාවෙ ආණ්ඩුව ඒක මාර වැඩක් විදිහට බාර ගන්නවා. ආණ්ඩුවට අවුරුදු පහක් විතර (මට මතක හැටියට* ඒක තමන්ට විරුද්ධව හදපු ෆිල්ම් එකක් කියල තේරෙන්න.

ආර්ට් එකක් දේශපාලනයක් හරි මතවාදයක් හරි ඇතුලෙ කොටු කරන්න හදන හැම තැනකදිම ඒකෙ තියෙන ආර්ට් එක නැති වෙලා යනවා. දේශපාලනය කියන්නෙ ගොඬේ වැඩක්. ආර්ට් කියන්නෙ ඊට වඩා දියුණු තැනක්. (ෆිල්ම් හදන්න බැරි වුණ අය දේශපාලනය කරන්නෙ යන්නෙ ඒකයි)

මේ මොන දේවල් තිබුණත් බේකරියෙ සෙනසුරාදා ? වැඬේ මගේ ඇතුලෙ ගොඩක් බලාපොරොත්තු පත්තු කළා. එතන ලොකු යාලූකමක්, උණුහුමක් තිබුණ. ගතවෙන ජීවිතෙ ඇතුලෙ හැමදාම තියෙන පාළුව (සමාජ-සංස්කෘතික) පොඩි වෙලාවකට අමතක වෙලා ගියා. ඒත් ඉන්ටර්වල් එකේ පෙට්ටි කඬේකින් ආප්ප කාලා මං ගෙදර ගියා.

-චින්තන ධර්මදාස

3 comments:

  1. එත් ඉන්ටෙර්වල් එකෙන් පස්සේ ටික බලන්න තිබ්බේ

    ReplyDelete
  2. මේක මිස් වුණ එකනං කරගත්තු ලොකු අපරාධයක්!

    ReplyDelete
  3. හොඳයි ගොඩක්..අසාවෙන් බැලුවා...දිගටම ලියන්න...

    ReplyDelete