Sunday, June 17, 2012
ටෙලිවිෂන් වංශකතාවක කෙලවර. හිරු නගීද? නැත්තං බහීද?
ජීවිතේ යන්නෙ කලාව කියන හැටියට නෙමෙයි. ජීවිතේ යන්නෙ ටීවී එකේ නරකම දේවල් වල හැටියට.
-වූඩි ඇලන්
අලුත් ටීවී චැනල් එකක් එනවා කිිව්වම හැමෝටම ඕන වුනේ වෙනසක්. හැම චැනල් එකක්ම තිබ්බෙ එකම රාමුවක. එකම වෙලාවට ටෙලි නාට්ටි. එකම වෙලාවට ප‍්‍රවෘත්ති. හරි බෝරිං. ඕනකරන්නෙ කොයි වගේ දෙයක්ද කියලා හරියට නොතේරුණත් මොකක් හරි දෙයක් හැමෝටම ඕන වෙලා තිබුණ.
ටීවී එක පුදුම විදිහට දියවෙලා යමින් තිබුණෙ.(සහ තියෙන්නෙ) ලෝකෙන් සම්පූර්ණයෙන් හුදකලා වුණු විශ‍්‍රාමික දෙමව්පියෝ විතරක් ටීවී එක ඉස්සරහ වාඩි වෙලා හිටියා. තරුණ කියලා කොටසක් හිටියෙ නෑ. ඒ ගොල්ලො ටීවී එකෙන් අයින් වෙලා ඉන්ටර්නෙට් එකට සෙට් වුණා. ඉතුරු කීපදෙනා වයසක මතවාදම තරුණ කියලා බෙදාහදා ගත්තා. පෝය බණත් එකට වැඩිහිටියො එක්ක බෙදා හදා ගන්න නව ගංගොඩවිල සෝම විසින් ඇති කරපු තරුණ පරපුර වගේ කොටස් මෙතන හිටියා. තාමත් වැඩිම පිරිසක් බලන්නෙ මේක කියල සංඛ්‍යා දත්ත වලින් කියන හින්ද දිගට ඇඞ් හම්බුණා. ඒත් මේ ඇඞ් බලන්නෙ සල්ලි දීලා බඩුවක් ගන්න පිරිසද කියල හොයන්න ඒ ප‍්‍රචාරකයන්ට උවමනා වුනේ නෑ. එකම කට්ටියක් ඇඩුත් බැලූවා. බණත් ඇහුවා. මෙගාත් බැලූවා. එන්න එන්න සරල ප‍්‍රාථමික කතා වලින් දවස රැුක ගන්න චැනල් පුරුදු වුණා.
‘ගොඩක් නොසතුටෙන් ජීවත් වෙන මිනිසුන් වැඩි වශයෙන් ටීවී බලන අතර සතුටෙන් ජීවත් වෙන අය වඩාත් කියවීමට සහ සමාජ ආශ‍්‍රයන්ට යොමු වෙයි. වැඩියෙන් ටීවී බැලීම ඔවුන්ට ඒ මොහොතේ සතුටක් දෙන නමුත් කල් යන තත්වය වඩා නරක අතට හැරෙන්නට ඒක හේතුවක්’
-සෝෂල් ඉන්ඩිකේටර් රිසර්ච්
ජාතික නාලිකා වලට පස්සෙ ටීවී ඇත්ත අභියෝගයක් විදිහට බාර ගත්තෙ සිරස. ලක්‍ෂපතිආරච්චිට සිරස යන තැන ගැන හොඳ දැනීමක් තිබ්බා. වෙනස්ම වැඩසටහන් මාලාවක්, වෙනස් කාල සටහනක් එක්ක සිරස අලූතෙන් ටෙලිවිෂන් පටන් ගත්තා. එච්චර කල් එක තැන හිටවුණු කැමරාව එහාට මෙහාට හෙල්ලෙන, නාගරික අත්දැකීමක් එතන තිබුණ. ඒත් හැම ව්‍යාපෘතියක් වගේම ඒකත් ඉවර වුණා. සිරස ගන්න දෙයක් නැති තැනට පල්ලම් බැස්සා. යුද්දෙ අන්තිම වෙද්දි සිරසෙ දේශපාලනය බංකොලොත් වුණු එක මේකට හේතුවක් වෙන්න පුළුවන්. සිරස ප‍්‍රවෘත්ති පවා ඇල්වතුර වගේ වුණා.
මේ අතරෙ වෙන දේශපාලනේක වැඩ පටන් ගත්තා. මොලේට වෙඩි වැදිලා දුමින්ද සිංගප්පූරුවෙ ඉද්දි රෙනේද සිල්වා හිරු ටීවී ගුවන්ගත කළා. එතන නිමල් ලක්‍ෂපතිත් හිටියා. සිරසෙන් ආපු ගොඩක් අයත් හිටියා. සල්ලිත් තිබුණ. දේශපාලනෙත් තිබුණ.
‘හිරු හොඳට නගියි’ මටත් හිතුණ.
මටත් ටීවී චැනල් එකක් ගැන අලූත් බලාපොරොත්තුවක් තිබුණ. ඒවෙද්දි ටීවී එක පවුල් අතර සම්බන්දෙ අන්තිම පුරුක වුණු හින්ද. චිත‍්‍රපටියක්වත් බලන්න නොයන ශ‍්‍රී ලාංකේය පවුල එකට ඉඳගෙන බලන් ඉන්න අන්තිම පුංචි තිරේ හින්ද. එතනින් එහාට හැමෝම තම තමන්ගෙ කාමරවල තනි තනි ලැප්ටොප් දිග ඇරගෙන. ලෝකයක් එක්ක එකපාර සම්බන්ධ වුණත් අපිට එහා කාමරේ මිනිහත් එක්ක තේකක් බොන තරම් සම්බන්ධයක් නෑ. ඒක නිසා අලූත් ටීවී එකක් ගැන මට බලාපොරොත්තුවක් තිබුණ.
හිරු බය නැතුව තරුණ පිරිසකට ඉලක්ක කරන්න තීරණය කරල තිබුණ. ඉන්දියන් එම්ටීවී එක සිංහලෙන් කරන්නයි සැලසුම් කරලා තිබුණෙ. ඒත් අන්තිම වෙද්දි අවදානම ගැන බයක් එන්න ඇති.
සුපුරුදු උදේ වැඩසටහන් ටික ආවා. දොස්තරලා, සාස්තරකාරයො, නළු නිළියො ආවා. ඒ මැද්දෙ කොහෙටවත් නැති කෑලි කෑලිත් ආවා. ? මෙගා ටිකත් ආවා. තිබුණට වඩා හු`ගක් කැතට ඒවා වීඩියෝ කරලත් තිබුණ. හැමතැනම සිංදු තිබුණ. හැමතැනම ප්‍රෝග‍්‍රෑම් තිබුණ. ඒවා මොනවද කියල වෙන වෙනම හොයාගන්න බැරි තරම් ඔක්කොම එක වගේ. එක ගොඬේ.
හිරු ටෙලි නාට්ටි බෙල්ට් එක කිසිම සැලසුමක් නෑ. මෙලෝ රහක් නෑ. එක්ටැම්ගේ ෆිල්ම් එක ටෙලියකට අරං ඒක කාලා. මේක්අප් පුරෝගත්ත පියුමි එක්ක හැ`ගීමක් ඇතුව දෙබසක්වත් කියාගන්න බැරි අමිලව දාලා. ජෝගෙ ඒ අද්විතීය චරිතෙ කොපි කරන්නෙ රොජර්. හර්බට් රංජිත් පීරිස්ව මතක් වෙලා ඇත්තටම මට ඇ`ඩුණ.
ලංකාවෙ පළවෙනි ඩිජිටල් බ්‍රෝඞ්කාස්ට් එක හිරු ටීවී. මෙච්චර කල් ලංකාවෙ 95%ක් බලන්නෙ අපේ එක කියල කිය කිය හිටපු අයිටීඑන් එකේ තනි බලය අභියෝග කරේ හිරු. ඒත් හිරු මොනාද පෙන්නන්නෙ?
ජාතික රූපවාහිනියටත් වඩා අන්ත මැදිරියක් ඇතුලෙ මළානික නිවේදක නිවේදිකාවො ටිකක් එලෝ මෙලෝ දැනුමක් නැතුව උදේ වැඩසටහන් පටන් ගත්තා. තමන් කියන්න ඕන මොනවද, තමන් වැඩසටහන අරං යන පදනම හෝ හේතුව මොකක්ද කියන තාර්කිකත්වය වෙනුවට ඒකට අපි කියන්නෙ ‘මරු කියවනවා’ කියල.
කිසිම සංවාදයක් ඒ අවශ්‍ය කාරණා දක්වා අරං එන්න අවශ්‍ය අවම කාලය, මූඞ් එක වගේ දේවල් ගැන කිසි දැනුමක් නැති විදිහට වැඩසටහන් අතන මෙතන මාරු වුණා. දකින මුල් රූප රාමු කීපෙකින්ම චැනල් එක ගැන කියන්න පුළුවන් වෙන නරකම අදහසක්, අතිශය ආධුනික කාලසටහන් සකස් කිරීමක්. ඒ වගේම එක්තරා වැඩසටහනකින් ඊළග වැඩසටහනට රූප මාරු වුණාට මනස මාරුවෙන්න ගත වෙන කාලය වගේ දේවල් හිරුට කොහෙත්ම වැදගත් නෑ. ආයුර්වේදෙ ගැන කතා කර කර ඉඳලා එක පාරට හනිමුන් එකක නොකිය යුතු කරුණු දහයක් මැද්දට වැටෙන්න ඉඩ තියෙනවා. ඊටපස්සෙ ඇඞ් ගෝනියක්. රැුඳී සිටින්න පෝලිමක්. වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් එක හත් අට වතාවක් රිබන් වලින් ඔතලා ඉරේ කෑලි හයි කරලා ආයිමත් නළුවෙක් එක්ක කතාවක්.
‘පරණ දේවල් ආයිමත් සමාජයට මතක් කරන එක වැදගත් නේද?’
මෙහෙම ලිව්වට මේක නොතේරෙන්න පුළුවන්. පුදුම හිතෙන දේ කිසිම ආරාධිතයෙක් වාක්‍ය දෙකකට වඩා කතා නොකරන එක. ආවා නම කියන්නත් කලින් එයා ගිහින්. අපි ඊළ`ග වැඩසටහනේ. මේක දිහා ටික වෙලාවක් එක දිගට බලන් හිටියොත් ඔලූව රිදෙන්න ගන්නවා. ඒ අර්ථයක් රහිත රූප හුවමාරුව ඔක්කාරය ඇතිකරනවා.
උදාහරණයක් විදිහට ‘17 අගේන්’ කියලා ඒකෙ යන ප්‍රෝගෑම් එකට එකපාර දුසිමක් විතර ආරාධිතයො එනවා. දා හතේදී ඒ ගොල්ලො ගැන කියාගෙන යනවා. එහා පැත්තට මෙහා පැත්තට කැපෙද්දි සමහර වෙලාවට මේ කවුද මොනවද කරන්නෙ කියලවත් මතක නෑ. අඩු ගානෙ ටින් නම දාන්නෙ වත් නෑ. බලන් ඉද්දි ඔලූව ඔල්මොරොංදං.
‘බෝරිං වෙයි කියල බය හින්ද ප්‍රොඩියුසර්ලා වැඩියෙන් ගැටුම් ඇති කරන්න දේවල් කරනවා. ඒ ගොල්ලො කැමතියි පුද්ගලයො අතර ගැටෙනවට. ඔවුන්ගෙ මතවාද අතර ගැටෙනවට වඩා. ඒ ගොල්ලො අවධානය ඇදලා ගන්නෙ ක‍්‍රීඩාව සහ ක‍්‍රීඩකයන් වෙත. ඒ වෙනුවෙන් අවදානමේ ඇති දේ ගැන ඒ අය කියන්නෙ නෑ. ඒකට තමයි වෘත්තිමය පළපුරුද්ද කියන්නෙ’
-පියරෙ බෝර්ඩියෝ
මේකට තෝරගෙන ඉන්න වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් ගොඩක් අයත් කතා කිරීමේ කලාව දන්න අය නෙමෙයි. කිසිම ආකර්ශනයක් වැඩසටහන එක්ක තියාගන්න ඒ ගොල්ලන්ට බෑ. (කැරිස්මා එකක් නෑ) ඉරියවු අතින් වගේම අදහස් අතිනුත් මේ ඉදිරිපත් කරන්නන් හු`ගක් පිටිපස්සෙන්. පළවෙනි වතාවට මට අයිටීඑන් වගේ චැනල් වුණත් මොකක් හරි දෙයක් දන්නවා කියලා හිතුණ. අඩු ගානෙ පරණ හණමිටි අදහස් ගැන හරි උන් කන්ෆිඩන්ට්. මේකෙ ප‍්‍රසන්ටර්ස් ලට තමන් කියන දේ විශ්වාස නෑ.
චැනල් එකක් විදිහට ගොඩක් දේවල් තිබිලත් හරියට ඕන තැනට හිරු ගන්න බැරි වුණේ ඇයි? හරි දිශානතියක් නැති වීමේ අවුල පැහැදිලියි. තරුණ කියන කොටසට පටන් ගත්තට අන්තිමට අනිත් හැම චැනල් එකකම දේවල් එම්ටීවී දේවල් එක්ක කෑලි කෑලි කොත්තු කරන එකෙන් හිරු කොහෙටවත් නැති වෙනවා. ඔහේ රූප ගොඩක් එහේ මෙහේ යනවට අමතරව කිසි වැඩසටහනක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගන්න කාලයක් හිරුගෙ නෑ.
අනිත් අතට හිරු රේඩියෝ එක විෂුවල් කරන්න ගන්න ට‍්‍රයි එකකුත් ඒක ඇතුලෙ පේනවා. හිරු මෙගා බ්ලාස්ට් වගේ රේඩියෝ දැන්වීම් ලොකු අකුරු වලට කපලා ඔක්ටපෑඞ් තාලෙට හොල්ල හොල්ල නටවලා කතා කරන්නෙ කාටද? එම්ටීවී එක්ක මේ මෙගා බ්ලාස්ට් කොහොම ගැලපෙනවද කියලා හිතාගන්න බෑ. ඇත්තටම හිරු පායන්නෙ අගුණකොලපැලැස්සටද?
‘මොකද්ද අනේ ඒ චැනල් එක? මොකුත් නෑනෙ.’
ගොඩක් අය මට කිව්වෙ එහෙම. ලොකු හිස්කමත් ඇරෙන්න කිසි දෙයක් හිරු අරං ඇවිත් තිබුනෙ නෑ. අනිත් චැනල් වල තියෙන ප‍්‍රවෘත්ති වත් නැති වුණාම සම්පූර්ණයෙන්ම හිස් වගේ. නිමල් මේ මොකද කරගත්තෙ? මට හිතුණ.
බරපතල වැරදි කීපයක් එතන තිබුන. ඉන්දියාවෙ එම්ටීවී එක ලංකාවට ගැලපෙන තරම ගැන හොඳ සමීක්‍ෂණයක් හිරු එකට නැති වග පැහැදිලියි. ‘නෝ මාස්ක්’ වගේ වැඩසටහනක් ගත්තොත් ඒ ආකෘතියම නැවත හිතන්න ඕන තත්වයක්. වෙස්මූණක් ඇඳන් කෙනෙක් කියන අදහසකට ලංකාවෙ තියෙන වලංගුකම මොකක්ද? ඒක සීරියස් විදිහට මේ රටේ බාර ගනීද?
දෙවෙනි එක කිසි තේරුමක් නැති වේගය. වැඩසටහන් සහ රූප මාරු වීම් ගැන ඇස කන හා මනස සම්බන්ධ වෙන කාලය ගැන වැටහීමක් නැතිකම බරපතලයි. හැම වැඩසටහනකම තියෙන මේ හදිස්සියෙන් මොඩර්න් ගතියක් එකතු වෙන්නෙ නෑ. ඒ වෙනුවට පේ‍්‍රක්‍ෂකයා කිසි දෙයක් දකින්නෙ නැතුව යනවා.
අපිළිවෙල- හැම අපිලිවෙලක් යටම ඒකට අදාල පිලිවෙලක් තියෙන්න වෙනවා. එහෙම නොවුණු අපිලිවෙල දේවල් ඔහේ තිබිලා නැති වෙලා ගියා. කිසි කෙනෙක් බාර ගන්නෙ නැතුව. චැනල් එකක මේ අපිලිවෙල ඉලක්ක ගත පේ‍්‍රක්‍ෂක මනසෙ එහා මෙහා යාම් එක්ක සමපාත වෙන්න ඕන. හිරු එකේ මේ ඉලක්ක ප‍්‍රජාව අන්තිම අවුලක්. අවුරුදු හැට ගානක ඉඳන් විසි ගාණට විනාඩියෙන් මාරුවෙනවා කියන්නෙ ඇ`ග රිදෙන වැඩක්. ඒක ටීවී බලන ජනතාව කරන්න කැමති වෙන දෙයක් නෙමෙයි.
‘ටෙලිවිෂන් බලන්නෙ හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන්නවත් වෙන කිසිම දෙයක් කරන්නවත් කම්මැලි මිනිස්සු. ඒ ගොල්ලො කොටින්ම හිතන්නවත් කැමති නෑ’
- සෝෂල් ඉන්ඩිකේටර් රිසර්ච්
අදහසක් නැතිකම- තරුණ කියන කොටසට කතා කරන, ඒ කියන්නෙ ෆේස්බුක් එකෙන් එලියට ඒ අයව අරන් එන්න හිතන වැඩකට අදහසක් තියෙන්න ඕන. උදා විදිහට එම්ටීවී එක (ඉන්දියාවෙ නෙමෙයි) වාරණයන්ට එරෙහිව, අයිතිවාසිකම් ගැන විවිධ අරගල කරන්නෙ මේ අදහසත් එක්ක. ඒ ප‍්‍රජාවට ඒක සීරයස්. ඒක ජීවිත ක‍්‍රමයක්. විලාසිතාවක් නෙමෙයි. හිරුගෙ තියෙන ලොකුම අඩුවත් මේකයි. අද තියෙන අනිත් හැම බාල චැනල් එකක්මත් ජීවිත ක‍්‍රමයක් යෝජනා කරද්දි හිරු කියන්නෙ විලාසිතාවක් වෙනවා. පෝයට මිහින්තලේ යන එකෙන් භාවමය වටිනාකමක් ලැබෙනවා වෙනුවට හිරු ටීවී එකට ඒක අවාසියක්.
ටීවී කියන්නෙ රේඩියෝ නෙමෙයි- රේඩියෝ එකේ කරන දේවල් ටීවී එකේ කරන්න බෑ. ඒ වගේ කරන්න පුළුවන් එකම දේ බණ කියන එක විතරයි. (බුඩිස්ට් එකයි ටීඑන්එල් කරන්නෙ ඒක) විෂුවල් මීඩියම් එකේ වේගය සහ ඒ රූප මාරු වීම් සංස්කෘතික විදිහට කියවා ගැනීම (රේඩියෝ එකේ) සද්ද එහා මෙහා මාරු වීමට වඩා විශාලයි. ඒ වගේම රේඩියෝ එකට හිතාගන්නවත් බැරි ඔලූවෙ කැක්කුමක් ටීවී එකට දෙන්න පුළුවන් ඒ විදිහට. අනික රේඩියෝ අහන ජනතාවමයි ටීවී බලන්නෙත් කියල හිතුවොත් වෙන්නෙ ලොකු අනාගැනීමක්. රේඩියෝ අහන ජනතාව ටීවී එක ඉස්සරහ වාඩිවෙද්දි ඒ ගොල්ලො ඉල්ලන්නෙ වෙන දෙයක්. එකම ජනතාව පංති මාරු කරනවා. ඒත් පාරවල් ගහලා තියෙන හෝර්ඩින් දකිද්දි හිරු ටීවී කියලා ට‍්‍රයි කරන්නෙත් හිරු රේඩියෝ එකේම ඒ කිසි දෙයක් නැති සද්දෙ විතරද කියල සැක හිතෙනවා. ඒ හෝර්ඩින් පට්ට කැතයි. බාලයි. ඒ කොහොම වුණත් හිරු රේඩියෝ එක ටීවී එකට ගෙනාවොත් නං කියන්න වෙන්නෙ හිරු නෙමෙයි මරු.
‘ඔයා තරුණ කාලෙදි හිතනවා මේ මාධ්‍යයට පිටිපස්සෙ කුමන්ත‍්‍රණයක් ඇති. අපිව මෝඩයො කරන එකයි ඒකෙ සැලසුම කියල. ඒත් ඔයා පරිණත වෙද්දි තේරෙනවා ඒක වැරදියි කියල. මීඩියා කරන්නෙ මිනිස්සු ඉල්ලන දේවල් විකුණන එක විතරයි කියල’
-ස්ටීව් ජොබ්ස්
හිරු ගැන තිබ්බ බලාපොරොත්තුවත් ඉවරයි කියන්නෙ අපිට ටීවී එක ගැන තිබ්බ බලාපොරොත්තු ඉවරයි කියන එක. ජීවිත විලාසයක් විදිහට ටීවී ආපහු ගේන්න බැරිද කියන ඇත්ත අභියෝගෙට මුහුණ දෙනවා වෙනුවට හිරු ගියේ වෙනම අවුලක් ඇතුලට. මාධ්‍යයක කාලෙ ඉවරයි කියන්නෙ ඇත්තටම ඒකට වෙන්න ඇති. එතනින් එහාට මැජික් නෑ. පිස්සු කෙලිනවා විතරයි.
-චින්තන ධර්මදාස
Subscribe to:
Post Comments (Atom)
පවුල් අතර සම්බන්ධයේ අවසාන පුරුක රූපවාහිනිය කියන කතාව මා ලඟකදි අහපු වැදගත්ම ප්‍රකාශයක්..ඉස්සර රූපවාහිනිය කන වෙලාවට හරි පවුලේ අය එකට බලනවා...දැන් ඒකත් වෙන්නේ තනි තනිව ලැප්ටොප් එකක් ඉස්සරහා!
ReplyDeleteAththa kathawa chintha aiye...
ReplyDeleteNuwan...
උඹ ඉතින් එක ෆිල්ම් එකක් ගහලා අනෙක් හැම එකකටම බනින එකනෙ කොරන්නෙ. උඹ හිතන් ඉන්නෙ උඹ හරි ඩයල් එක කියල.
ReplyDeleteහොඳ පසුවිපරමක්..
ReplyDeleteමම දන්නෙ නැ මේ ලියන කෙනාමද හිරු එකේ කල්ට් කරන්නෙ කියලා..ඒත් ඒකෙ තියෙන වචන මට දිරවන්නෙ නෑ..ලේඛනයක වචන අපිට මීටර් වෙනව වගේ නෙමෙයි ටීවි එකෙ ්වචන මීටර් වෙන්නෙ...ඒකත් මහ අඳබාල වැඩසටහනක්....
ReplyDeleteඅපේ අනික් චැනල්වල වරදක් නෑ.. තියෙන්නෙ එයාල ප්‍රෝග්‍රැම් එකක් වෙනුවෙන් කරන කැපවීම අඩුයි...දරන ශ්‍රමය අඩුයි...
උදාහරණ විදියට අටපට්ටම රේඩියෝ සාකච්චාවකින් ඈත්වෙන්නෙ රූප පේන එකින් විතරයි...එතනින් එහාට වීඩියෝ එක්ක අටපට්ටම කරන්න..අඩු තරමෙ පවර් පොයින්ට් ස්ලයිඩ් එක්ක අටපට්ටම කරන්න අයිඩියා එක්ක නෑ...
මේ ක්‍රමය එකපාර කඩාදාන්න බෑ...මේක අස්සෙම තියෙන බාල දේවල් වලට කොලටියක් එකුතු කරන්න පුලුවන් නම් ඒක වටිනවා...
අපි නොදන්න ලයිව් කියන්නෙ මට අනුව විප්ලවයක්...එයාල ජෝක් එකක් අපිට පෙන්වන්න පස්ට කස්ටක් කනවා..එයාල වතාවක් රියලිටි ප්‍රෝග්‍රැම් එකක ජෝක් එක්ක කරනවා..ඒක ඇත්තටම රියලිටි ප්‍රොග්‍රැම් එකක් වගේමයි...
අනික තමයි කොළම්බු සෙවන් ට්‍රෙන්ඩ් එක ගමට ගෙනියන්න හදන එක..ගමේ මිනිස්සු ආසයි කොළඹට ඒත් ඔය සූකිරි බටිල්ලන්ට නම් නෙමෙයි...
Randiwa Paththare Pradan Katru Saman Smarakkodita TeleVision Ekata Enna thiyen Uwamanawata Chance ekak nethi wenakota Televion ekata Attack Karanna Hith Hadagena Thiyenne Chinthana Harahada....???
ReplyDeleteEyata amathaka Wela Thiyen De thamai Eyage Paththare Wikunganna Televion Wala Commercial daganna Kapu katta.. Hebi Television Eke Commercial Giyama Paththre Wikunana bawa Eyeata Amathakai Hiru Ekka Eyata thiyen Ariyas Eka Thamai Eyawa Presenter kenek Widiyata Gaththe Nethi eka... E Hinda Hiru TV Balnne Nethiwa Chinthana Liyapu Me Kelepaththaraya Gena Hiru Tv Ekema Chinthnawa Daramadaswa Dakinakota Hina Yanawa... Kohoma Wunath Api danna Widiyata den Chinthana Hiru TV Balanawa...
Eke Thiyen Honda Dewal Genath Den Liayanawa nam Honda Wei... Ehema Neda Chinthana.....???
Saman Smaharkkoditath Hiru Tv Balanna Mathak karana Ekath Hoda Wei....
ඔව් හිතපු තරම් හිරු ටීවී එකේ ඇති දෙයක් නැ . පට්ටම බෝරිං. කල්ට් එක බලන්න විතරයි හිරු ටිව් එකට මාරු වෙන්නේ මම නම් . මොකද ඒකේ අනිත් චැනල් වල ප්‍රෝග්‍රෑම් වලට වඩා වෙනස් දෙයක් කතා කරන නිසා :)
ReplyDelete"Media is constructed, and Media construct reality" -Marshall Mcluhann
ReplyDeleteHiru TV has constructed on a dubious platform where it has no well-built agenda. The general audience who do not have proper media literacy seek "anything" entertains them. But unfortunately the expected change was not took place. The program like "උත්තරීතර" can be developed more while the "Cult" can think about the visual rhythm of the program according to the evening belt. The surveillance function is truly out of order in "Hiru News".
What I believe is We need to contribute more & more to develop mass media rather than neglecting the total content.