Sunday, December 23, 2012

කොහෙද යන්නෙ මල්ලෙ පොල්



සයිමන් පෙග් එයාගෙ ජීවිත කතාව ලියාගෙන යන ගමන් එයාගෙ ආසම චිත‍්‍රපටියක් වුණු ස්ටාර් වෝර්ස් ගැන කතා කරනවා. ‘මිනිස්සු ගොඩක් අවුල් වෙනවා ජනප‍්‍රිය සංස්කෘතිය සීරියස් විදිහට බාර ගැනීමක් කරපු ගමන්. ජනප‍්‍රිය සංස්කෘතිය සීරියස් නැති විදිහට පෙනී ඉන්න නිසාම ඒක විනෝදයට එහා බාර ගැනීමක් කරන්න  ඕනි නෑ වගේ දෙයක් තමයි මේ පිළිගැනීම. මං එක`ග නෑ කොහොමවත්. හැම ප‍්‍රකාශනයක් කියන්නෙම ඒ වකවානුවෙ පරිසරයෙන් එන, ඒ කාලයේ සමාජ නියුරෝසීය තත්ත්ව පළ කරන දේවල්. ප‍්‍රධාන ධාරාවට ස්වභාවයෙන්ම මූලික සිතීම්-විඳීම් ආකෘති ගැන කතා කරන්න වෙනවා ඒක ප‍්‍රධාන ධාරාව වෙන්න නම්. ඒ විදිහට ගත්තම පොදු ජන ආස්වාදය වෙනුවෙන් කරන ඒවා සීරියස් විදිහට විග‍්‍රහ කරන එක තමයි ඇත්තටම වැෙඩ්"

ආයිමත් කාලෙකට පස්සෙ මං ආසම කලාපය ගැන ලියන්න ඉඳගත්තා.  අලූත් ‘ඇජෙන්ඩා 14’ ඒකට නිමිත්තක් වුණා. ඒකෙ තියෙනවා අශෝක හඳගම ලියන ලිපියක්. ‘අපේ සිනමාවේ විනෝද සාධකය, ස්ත‍්‍රී ශරීරය සහ පේ‍්‍රක්‍ෂාගාර සිහිනය’ තමයි ඒකෙ නම.

භූපති නලින් ඉඳගෙන හිටපු කතාබහකදි මං කිව්වා ‘අපේ ලංකාවෙ ෆිල්ම් වල එන්ටර්නේට්මන්ට් නෑ’ කියල. විනෝද සාධකය කියනවට වඩා ඒකෙ ලොකු කතාවක් තියෙනවා. විනෝදාස්වාදය (විනෝදය සහ ආස්වාදය* කියන එකයි එතන හරි සිංහල වෙන්න  ඕන. එතනදි නිතර ප‍්‍රශ්න නගන මගේ යාලූවා ‘ළහිරු’ ඇහුවා ‘ඔයාගෙ ෆිල්ම් එකේ (හව් අයි වොන්ඩර්)එන්ටර්ටේන්මන්ට් තියෙනවද ’ කියල. මගේ උත්තරය වුනේ ‘නෑ’ කියන එක. (රාවයෙ ලිපිය අවසනාවන්ත විදිහට මට මග ඇරුණ)

විනෝදාස්වාදය කියන කාරනේ ගැන භූපතිගෙ සහ හඳයාගෙ අදහස එකක් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තිබුණට මගේ අදහස ඊට වඩා ගොඩක් වෙනස්. ඒක සිංදු සහ ෆයිට් කියන පැණි බේරෙන කතා සීමාවට වඩා පළල්. ඒක අධ්‍යක්‍ෂවරයා සහ පේ‍්‍රක්‍ෂකයා අතර තියෙන බෙදාහදා ගැනීමක්. සමාජ සත්තාවක් වෙන්න පුළුවන් ඇම්ඩන්ගෙ කතාවක් වෙන්න පුළුවන් ඒක පේ‍්‍රක්‍ෂකයා ඉන්න තැනට බැහැලා කියන්න  ඕන කියන එකයි මගේ අදහස. හඳයාගේ සහ ලංකාවේ ඒ ආශ‍්‍රිතව ‘මාර’ යැයි පිළිගන්නා කතාවල තියෙන්නෙ එක පැත්තකට යන සංවාදයක්. දඩ දෘෂ්ටිවාදයක් තිරය උඩ. අපි බලන් ඉන්නවා. මං අහන්නෙ මොකටද පේ‍්‍රක්‍ෂකයා එහෙම බලන් ඉන්නෙ?

ආයිමත් වැරදි තැනකට යන්න ඉඩ තියෙනවා මේ අදහස. දෘෂ්ටිවාද චිත‍්‍රපටිවලට ගේන්න එපා කියන එක නෙමෙයි මේ කතාව. ඒක බලන් ඉන්න පුළුවන් විදිහකට ගේන්න කියන එක. රටක සංවර්ධනය හෝ අවවර්ධනය වුණු රසඥතාවයන් තියෙනවා. ඒ පොලොවෙ කතාවක් කියන නාඩි වෙන්නෙ ඒවා. ඒත් අපි ආකස්මික විදිහට බර්ග්මාන්ගෙ හරි තර්කොව්ස්කිගෙ වෙනයම් යුරෝපියානු ඇකඩමියක සිනමාකරුවෙක්ගෙ හරි කතා කලාවක් අපේ ප්‍රේක්‍ෂාගාරයක් ඇතුලට ගේන එක ප‍්‍රධාන අදහසක් විය යුතු නෑ කියන එකයි මං කියන්නෙ. සම්භාව්‍ය-ප‍්‍රබුද්ධ වගේ මොකක් හරි කට්ටක් ඇතුලෙ අපේ සිනමාකරුවො ටික පොඩි කල්ට් එකක් හදාගෙන ඒක සිනමාව කියලා විශ්වාස කරන්න කියනවා. හෝල් කඩාගෙන මිනිස්සු එන ෆිල්ම් පීචං කියලා හිත හදාගන්නවා. මට අනුව මේක මඤ්ඤං.

මෙතනදි තේරුම් ගන්න දෙයක් තියෙනවා. මගේ තර්කය චිත‍්‍රපටියක් විනෝදාස්වාදීද කියන එක පදනම් වෙන්නෙ ඒක ආර්ට් හවුස් ද කියන එක උඩ නෙමෙයි. අපි සිනමාකරුවො විදිහට අපේ රටේ ‘සෙමියොටික්ස්’ කොයි තරම් අඳුරනවද කියන කාරනේ උඩ. මට අනුව අපේ කොමර්ෂල් කියන චිත‍්‍රපටිකාරයොයි සම්භාව්‍ය කට්ටියයි දෙගොල්ලොම මෙතනදි බෙදා හදා ගන්න පොදු කරණා වගයක් තියෙනවා. එකක් මේ දෙගොල්ලොම චිත‍්‍රපටියක භාෂාව ගැන දැනුම අතින් නිල්. කොමර්ෂල් චිත‍්‍රපටිකාරයො ටික ටීවී එකේ කියවලා කියවලා මිනිස්සුන්ට ඒක පෙන්නන්න හදද්දි සම්භාව්‍ය කට්ටිය ලොකු දාර්ශනික ටොක්ස් වලින් ඒක කරන්න හදනවා. ඇත්තටම නං තේමාව මොකක් වුණත් භාෂාව හොඳට හසුරුවන්න දන්නවා නං ඒක එන්ටර්ටේනින්.

අනිත් පැත්තට මේ දෙගොල්ලොම චිත‍්‍රපටි හදන්නෙ ‘පේ‍්‍රක්‍ෂකයා’ කියලා ඒ ගොල්ලොම නිර්මාණය කරගත්ත සත්ත්වයෙකුට. මේ කාලෙ නං ‘රජ’ කතා තමයි එකම වාණිජ ප‍්‍රවාහය. සම්භාව්‍ය කට්ටිය ඒ ගොල්ලොන්ගෙ දාර්ශනික සංවාද කුලකය පේ‍්‍රක්‍ෂකයා කියලා හිතාගෙන ඉන්නවා. ඒත් සිනමාව කියන්නෙ මීට වඩා හු`ගක් ලොකු අවකාශයක්. බර්ග්මාන් කියන විදිහට ඒක සිනමාව කියන්නෙ හීනයක්. සිනමාව කියන්නෙ ගීතයක්. හීනයක් කියන්නෙ දාර්ශනික හෝ දේශපාලනික සංවාදයක් නෙමෙයි. ඒක සම්බන්ධ අපේ අවිඥාණයත් එක්ක. ගීතයක් කියන්නෙ ‘සික්ස් එයිට්’ විතරක්ම නෙමෙයි. මට හිතෙන්නෙ මෙතන තියෙනවා අපිට මගඇරෙන තැන. අපි ලංකාවෙ ඇත්ත සෙමියොටික්ස් (සංඥාර්ථයන්* වැඩ කරන කලාපයන් දැනගෙනද අපේ ආර්ට් කරන්නෙ කියන එක.

මං ‘හව් අයි වොන්ඩර්’ එන්ටර්ටේන්මන්ට් නෑ කියලා කිව්වෙ මේ කලාපයන් අ`ඩුලූහු`ඩුතා මං මගේ චිත‍්‍රපටිය ඇතුලෙමත් දකින හින්ද. හඳගමගෙ මං කැමති චිත‍්‍රපටියක් ‘මේ මගේ සඳයි’. මේ චිත‍්‍රපටිය බලලා ඩෙනිස් ලස්සන කතාවක් කිව්වා.

‘මචං මේ ෆිල්ම් එකේ හැම ෆේ‍්‍රම් එකක්ම නුවර යුගයෙ චිත‍්‍රයක් වගේ. හඳයාත් උඹ කියන එකම කරන්න තමයි ට‍්‍රයි කරලා තියෙන්නෙ. අර පැත්තට හැරිච්ච රූප. අපේ පරණ විෂුවල් ෆෝර්ම් එකක් පාවිච්චි කරන්න යන්නෙ. ඒත් ඒක එහෙම වැඩ කරන්නෙ නෑ’

මේ කතාව ඇත්තක්. අපි සාහිත්‍යමය හෝ ප‍්‍රබුද්ධමය තැනකින් ලේසියට අපේ සෙමියොටික්ස් පාවිච්චි කරන්න හැදුවට ඒක එහෙම සිද්ද වෙන්නෙ නෑ. ඒවා යුරෝපෙට විකුණන්න පුළුවන්. සම්මාන සිනමාකරුවෙක් වෙනවට වඩා මේ රටේ ඇත්ත චිත‍්‍රපටිකාරයෙක් වෙන එක අමාරු ඒ හින්ද. ඒක පොලොවට බැහැලා කරන අධ්‍යනයක්. මහබැංකු වාර්තා වල ලංකාව ගැන ඇත්ත නෑ.

ෆ්ලයින් ෆිෂ් චිත‍්‍රපටියේ එන්ටර්ටේනින් කියන්නෙ නැරඹුම්කාමී ආශාවන් සංසිඳුවීමක් හැටියෙන් හඳයා ප‍්‍රශ්න කරනවා. අක්ෂරයේ සහ තනි තටුවේ නැති වුනේ ඒකද කියලත් අහනවා. මේ කතාව එක විදිහකින් ඇත්ත. ෆ්ලයින් ෆිෂ් එන්ටර්ටේනින් වෙන තවත් ගොඩක් කාරනා තිබුනත් මේක හඳයාට මගේ තර්කය තේරුම් කරන්න හොඳ තැනක්. නැරඹුම්කාමී ආශාව ෆ්ලයින් ෆිෂ් චිත‍්‍රපටියෙදි පේ‍්‍රක්‍ෂකයා එක්ක බෙදා ගන්නවා නම් සහ හඳයා තමන්ගෙ නිරුවත් ජවනිකා වල එහෙම එකක් නොකරනවා නම් ඒ කියන්නෙ මොකක්ද? හඳයා වෙන දෙයක් බෙදාගන්න හදනවා. ඒ තමයි පේ‍්‍රක්‍ෂකයාට අදාල නැති තමන්ගෙ දෘෂ්ටිවාදය. සංජීව නැරඹුම්කාමය හරහා තමන්ගෙ දෘෂ්ටිවාදය අරන් එනවා. ඒක ඇ`ග වෙව්ලන අත්දැකීමක් වෙනවා. වෛරය, පිලිකුල, ආසාව, විචිකිච්ඡුාව මේ  ඕනම එකක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඉමෝෂනල් අවුලක්. හඳයාගෙ චිත‍්‍රපටියෙදි මේක වෙන්නෙ නෑ. ඒ වෙනුවට වැදගැම්මකට නැති තාර්කික අවුලක් එතන යෝජනා වෙන්නෙ. සාමාන්‍ය මිනිස්සු ව්‍යවහාරයෙදි හඳයාගෙ ෆිල්ම් ගැන කියන කතාවක් තියෙනවා.

‘අර කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ උත්තර දෙන ෆිල්ම් කරන්නෙ...’
මේ කියන්නෙ අර කියන කතාව. හැ`ගීම් කලාපයක් හරහා නැතුව දෘෂ්ටිවාදයකට ඇතුල් වීම. පේ‍්‍රක්‍ෂකයා දොර ගාව නතර වෙනවා. මේක සිනමා භාෂාව පාවිච්චි කිරීමෙ හැකියාවෙ අඩුවක්. ඒක අපේ චිත‍්‍රපටිකරුවන්ගෙන් ප‍්‍රකාශ වෙන්නෙ ඒගොල්ලොන්ගෙ ස්ටයිල් එක විදිහට.
හඳයා අදහස් දැක්වීම මට සතුටක්. ඒත් ඒ අදහස් නිශ්චිත සංවාදයක් තෝර ගන්නවා වෙනුවට පටු දෘෂ්ටිවාදී තැන් වලම ගිලී යාම දුකක්. ඒත් ඒක ලංකාවෙ සිනමාවෙ ස්ටයිල් එක.

ළ`ගදි සුමනා ගෝමස් කාලෙකට පස්සෙ ලංකාවට ආවා. එයාර් පෝර්ට් එකේ පැය ගානක් එයාව තියාගෙන පරීක්‍ෂා කරල තිබුණ.
‘ඔයා අර සුමනා ගෝමස්මද?’ එතන නිලධාරියෙක් තමන්ගෙන් ඇහුවා කියලා සුමනා කියනවා.
ඒ පැය ගාන අතරෙ තමන්ව දැක ගන්න වරින් වර නිලධාරීන් ආපු හැටිත් එලියට යනකොට පවා පෙළ ගැහිලා තමන් දිහා බලන් හිටපු හැටිත් එයා ඔහේ කියල දානවා.
මේක සුමනා බාර ගන්නෙ තමන්ගෙ පේ‍්‍රක්‍ෂකයන්ට තමන් ගැන තියෙන ආදරේ විදිහට. ඒකෙ තාර්කිකත්වය කොහොම වුනත් සුමනා තාමත් එලිය දිහා බලන්නෙ සිනමාව ඇතුලෙන්. පේ‍්‍රක්‍ෂකයා සහ නිළිය අතර සම්බන්දෙකට වඩා දෙයක් එයා කියන්නෙ නෑ.

ඒත් මේ නිලධාරින් සහ ගොසිප් ලිපියට කතා කරමින් සුමනාගෙ ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලන හුදී ජනතාව සුමනා දිහා බලන්නෙ ඇත්තටම නිළියක් විදිහටද?
ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයො නෑ. හැමෝම බලන් හිටියෙ නිරුවත් සුමනා දිහා විතරයි. සුමනාගෙ නිරුවත සිනමා අත්දැකීමක් විදිහට විඳින්න පුළුවන් පේ‍්‍රක්‍ෂාගාරයක් සුමනාට හිටියෙ නෑ. ඒත් ඒක සුමනට විතරක් නෙමෙයි අනිත් හැම නිළියකටමත් එහෙමයි. හඳගම එයාගෙ ලිපියෙ කියන විදිහටම අක්ෂරයෙ ර`ගපෑ නිළිය රටින් ගිය නිසාම සිද්ද වෙන්න තිබ්බ ලොකු විනාසෙකින් ගැලවෙනවා. ඒකයි ඇත්ත. නූගත් සාමාන්‍ය සුමනාගෙ පේ‍්‍රක්‍ෂකයො විතරක් නෙමෙයි එයාර් පෝර්ට් එකේ මහත්තුරුත් පෙල ගැහිලා බලන් හිටියෙ නිළියක් දිහා නෙමෙයි. හෙළුවක් දිහා.

ඒ සිනමාවක් අහිමි ලංකාවෙ හෙළුව.
ඒත් සුමනා අත වන වනා සුබ පැතුවෙ තමන්ගෙ ප්‍රේක්‍ෂකයට. සුමනාට සිනමාවක් තිබුණ....

No comments:

Post a Comment