හු`ගක් කාලෙකින් චිත‍්‍රපටි ගැන ආයිමත් ලියන්නෙ. ලංකාවෙ ඉඳහිටලා පෙන්නන ඉංග‍්‍රීසි හරි හින්දි හරි චිත‍්‍රපටියක් ඇරුණම දැන් මෙහේ සිනමාව කියලා එකක් නැති ගානයි. ගන්න දෙයක් නැති හින්දම ලියන්න වෙන්නෙ හිස්කම ගැන විතරයි. ඒ හිස්කම මැද්දට එකපාරට අවුරුද්දකට සැරයක් එන දෙරන ෆිල්ම් අවෝර්ඞ්ස් කඩං පාත් වුණා. ඒත් සිනමාව නන්නත්තාර වෙච්ච රටක සම්මාන දෙන්නෙ මොනවටද? එතකොට සම්මානත් නන්නත්තාර වෙනවා.
ඒත් සිනමාව කියලා එකකට ආස කරන අයට එකතු වෙන්න, දිලිසෙන්න, සිනමාවක් නැති වුණත් තියෙනවා වගේ දැනෙන්න මේ වගේ එකක් ඕන. මං කියන්නෙ මොකක්වත්ම නැති කාන්තාරයක් මැද්දට මේ වගේ වතුර පොල්කට්ටක්වත් හැලෙන එක ලොකු දෙයක්. විශේෂයෙන්ම ඒක ටීවී චැනල් එකකින් කරන එක.
ජාතික මට්ටමේ වැඩකට මේ විදිහට පුළුවන් තරමින් හරි කර තියෙන එක ගැන දෙරනට ස්තුතිය හිමි වෙන්න ඕන. ඒ වගේම ලංකාවෙ අනිත් කිසිම සිනමා උළෙලක නැති අලංකාරයක්, ප‍්‍රසාංගික බවක් වගේම අංශ ගණනාවක් ඔස්සේ විවිධාංගීකරණයක් දෙරන අවෝර්ඞ්ස් වල තියෙනවා. ඒක අර නැති සිනමාව ගැන හීනය වඩා හොඳින් තෘප්තිමත් කරනවා. අපි ඔක්කොම හරියට ලොකු එකක් තියෙන රටක උන් වගේ එදාට යනවා.
මේ උළෙලේ මං අර කලින් කිව්වා වගේ වෙනස් විදිහක උත්සාහයන් කීපයක් තියෙනවා. එකක් නිල ලත් කලාකරුවන්ට වගේම නිල නොලත් කලාකරුවන්ටත් මේක විවෘත කරලා තියෙන එක. ඒ කියන්නෙ චිත‍්‍රපටි සංස්ථාවෙ ලියාපදිංචි සිනමාකරුවන්ට විතරක් නෙමෙයි කෙටි චිත‍්‍රපටි හදන, වෙනස් වෙනස් සිනමා භාවිතාවන් වල යෙදෙන අයටත් මේ සම්මාන උළෙලෙ ඉඩක් තිබුණ. සමහර ප‍්‍රවීන සිනමාවෙ කට්ටිය ඒ වගේ විකල්ප සිනමාවක් තියෙනවා කියලා දැන ගත්තෙත් ඒ වේදිකාව උඩදි. එතකොට ඒ ගොල්ලො කට ඇරගෙන බලන් ඉන්නවා.
ඒත් සම්මාන උළෙලට ඉදිරිපත් වුණු චිත‍්‍රපටි වගේම මේ වතාවෙ සම්මාන තෝරන්න පත් කරලා තිබුණු ජූරියත් එක වගේ බංකොලොත්. මං හිතන්නෙ පවතින සිනමාවට සාපේක්‍ෂයි මේ වගේ උළෙලවල ජූරි වුණත්. මෙතන හිටපු සිනමාකරුවන්ගෙ නිර්මාණ හැකියාව ගැන පුද්ගලිකව ප‍්‍රශ්න කරනවා නෙමෙයි. ඒත් අවංකව සිනමා සම්මාන උළෙලක ජූරි තීරණ ගන්න හැකියාවක් තියෙන තරමෙ පරිචයක් මේ මන්ඩලයෙ කවුරුවත් පෙන්නලා නැති වගයි මගේ හැ`ගීම. බෙනට් රත්නායක, චන්ද්‍රන්රත්නම් සිනමා අධ්‍යක්‍ෂණය පැත්තෙනුත් ශ‍්‍රියානි අමරසේන රංගනය පැත්තෙනුත්, ලක්ෂ්මන් ජෝෂප් (මං හිතන්නෙ) සිනමා සංගීතය පැත්තෙනුත්, දිලීප අබේසේකර (ආපහු මං හිතන්නෙ) ප‍්‍රචාරන සම්බන්ද පැත්තකිනුත් ගන්න ඇති කියලයි පෙණුනෙ. එතනදි චන්ද්‍රන්රත්නම්ව අඳුන්නා දෙමින් ලෝක ප‍්‍රකට අධ්‍යක්‍ෂවරයෙක් කියල බොරු ජංගියක් අන්ඳන්නත් ගියා. මේක ලංකාවෙ අලූත්ම විලාසිතාව මං හිතන්නෙ. ජගත් චමිල හොඳම නළුවා වුණු මේ අමුතු ඇටේ ඇතුලෙ චන්ද්‍රන් ලෝකෙ හොඳම අධ්‍යක්‍ෂ වුණත් වෙන්න පුළුවන්. මට ඇත්තටම තේරුම්ගන්න අමාරුයි කොහෙන්ද මේ අමුතු ටයිට්ල් එක එන්නෙ කියලා. ඒක එන්නෙ කොමන් මෑන් වලින් නම් විහිළුවට වගේ ඞීවීඞී කඬේකට ගිහින් ‘වෙන්ඞ්ස්ඬේ’ ෆිල්ම් එකත් අරන් බලන්න. ලෝකෙ කොහොම වුණත් අල්ලපු රට ඉන්දියාව එක්කවත් ගලපලා අපේ තරම තේරුම් ගන්න පුළුවන් වෙයි එතකොට. ලක්ෂ්මන් විතරයි එතන දෙන තීරනේකට තේරුමක් තියෙන චරිතයක් වුනේ. (දිලීප සිනමාවට බාහිර කාරණයක්)
ඇයි අපි ලංකාවෙ නටඹුන් සිනමාවම සම්මාන උළෙලකටත් සීමාව කර ගන්නෙ. දෙරනට පුළුවන් වුණා නම් මේ ජූරියට අඩුම තරමෙ ඉන්දියාවෙන් වත් සිනමා ප‍්‍රවීනයෙක් හෝ දෙන්නෙක් එකතු කර ගන්න, ඒක හු`ගක් සාධනීය දෙයක් වෙන්න තිබුණ. අඩුම තරමෙ අපි මේ කරමින් ඉන්න විහිළුව ගැන හරි හමන් තක්සේරුවක් ගන්න තිබුණ. ඒක ලංකාවෙ මී හරක් සිනමාවට යන්තං ඇටමැස්සෙක් ඇනපු තරම්වත් වෙන්න ඉඩ තිබුණ. ඒත් අපි අපේ පංතියෙ ළමයින්ට කියලම ලකුණු දෙන්න තීරණය කරලා.
ජනප‍්‍රියම චිත‍්‍රපටිය වුනේ සුනිල් ආරියරත්නගේ කුස පබා. මිනිස්සු වැඩි පුරම ගිහින් බලපු ජාතක කතාවක් හින්ද ඒකට ඒ සම්මානෙ කැපයි කියමුකො. ඒත් අකැප සම්මාන කීපෙකුත් ඒකටම ගිහින් තිබුණ. විශේෂයෙන් හොඳම කලා අධ්‍යක්‍ෂණය. කුස පබාගේ කලා අධ්‍යක්‍ෂණය හරියට වෙසක් නාට්ටියක වගේ. ඒකත් එක්ක ඒ සම්මාන උළෙලෙම තිබ්බ, කිසිම සම්මානයක් නොලබපු කර්ම වගේ චිත‍්‍රපටියක් බැලූවොත් කලා අධ්‍යක්‍ෂණයෙ මොකක් හරි ට‍්‍රයි එකක් එතන තිබුණ (කර්ම මං කැමති චිත‍්‍රපටියක් නෙමෙයි) ඒත් කලා අධ්‍යක්‍ෂණය කියන්නෙ ලොකුවට සෙට් ගහන එක කියලා තේරුම් ගත්ත ලංකාවෙ ප‍්‍රවීනයෙකුගෙ අතින් මේ වගේ තේරීම් සිද්ද වෙන එක අහම්බයක් නෙමෙයි. එතකොට ලක්ෂ්මන් හොඳම සංගීතය කරලා තිබුනෙ ඇත්තටම රෝහණද?
ඊට පස්සෙ හොඳම තිර රචනය ගියා හඳයාගෙ ඉනි-අවන් වලට. ඉන් අවන් වල තිබුණ ලොකුම අඩුවත් තිර රචනයමයි. ඒත් බැරි බාසාවකින් අමාරුවෙන් ලියන්න ට‍්‍රයි කරපු හින්දද කොහෙද ඒකට සම්මානයක් දෙන්න මණ්ඩලේ තීරණය කරලා තිබුණ. හැරෙන තැපෑලෙන් හොඳම චිත‍්‍රපටිය වුනෙත් ඒක. ඉනි අවන් කියන්නෙ ලාංකේය දෙමළ සිනමාවෙ මාර නැගිටීමක් විදිහට කට්ටියම අන්දන්න සහ නැවත ඇඳගන්න පටන් ගත්තා. හඳයාගෙ ඉනි අවන් කියන්නෙ ලංකාවෙ දෙමළ සිනමාවට කරපු ලොකුම අසාධාරනය කියලයි මං කියන්නෙ. මේ පාර උතුරෙ පලාත් සබාවෙන් ඔප්පු කරලා පෙන්නපු දෙමළ ජීවිතේ හඳයාගෙ ඉනි අවන් වල තියෙනවද? එතකොට මේ මිනිස්සු ඡන්දෙ ගැහුවෙ දෙමළ කුඩු බිස්නස්කාරයන්ට විරුද්දවද? දෙමළ ජාතියෙ නිර්මාණ අයිතිය කොල්ලකෑමක් සහ අසාධාරණ විදිහට අපේ කියවීම් ඒ ශරීර උඩ අලවලා වෙන්දේසි කිරීමකට වඩා දෙයක් මට ඉනි අවන් වල පේන්නෙ නෑ. මං ඇත්තටම තාම පුදුම වෙනවා ලොකු හදවතක් ඇති අතීතයක් උරුම හඳයා මේක කරන්නෙ කොහොමද කියල.
මාලනී නැගලා හොඳම නළුවා, නිළිය සම්මාන දෙමළ නළු නිළියන් විසින් දිනන හැටි නවනින්දන් පිල්ලෙට පෙන්නන්න ඕන කියල උදම් ඇනුවා. අපි, මහ ජාතිය විසින් අපිට ඕන කතාව කියන්න දෙමළ ඇ`ගවල් පාවිච්චි කරන හැටි පෙන්නලා ලැජ්ජාවක් නැතුව පිල්ලෙට මොනා පෙන්නන්නද? එහෙම ලැජ්ජාවක් නැති බව නැවත නැවත ඔප්පු කරපු චරිත හරි ආඩම්බරෙන් ඒ වගේ කතා කියද්දි බලන් ඉන්න අපි ලැජ්ජ වෙනවා ඇරෙන්න මොනවා කරන්නද? පව් හඳයා...
පළවෙනි වතාවට තව දෙයක් සිද්ද වුණා. දෙරනෙන් ඊඒපී එකටත් සම්මානයක් දුන්නා. ලංකාවෙ හෝල් හදලා ඒ හෝල් වලට මිනිස්සු පුරවන්න වුණු මහන්සිය වෙනුවෙනුයි දෙරනෙ ලක්සිරි ඒ සම්මානෙ සෝමාට දුන්නෙ. ලංකාවෙ සිනමා කර්මාන්තය වෙනුවෙන් අබා රැුල්ල ආරම්භ කරපු ජැක්සන් ඇන්තනිටත් ස්තුතිවන්ත වෙන්න එයා අමතක කළේ නෑ. චිත‍්‍රපටියක් කියලා වෙසක් නාට්ටියක් හෝල් එකක පෙන්නීම සිනමා කර්මාන්තය නගා සිටුවීමක් වෙන්නෙ කොහොමද මට හිතාගන්න අමාරු වුණා. ඒ වෙලාවෙ මයික් එක ළ`ග හිටපු නිවේදකයා ලක්සිරිව අඳුන්නලා දුන්නෙ අසාමාන්‍ය වතාවක් තුෂාරා නැරඹූ සිනමාලෝලියෙක් විදිහට. එහෙම සිනමාවක් විඳපු චරිතයක් අද මෙහෙම සිනමාවක් මාරයි කියන තැනට වැටෙන කොට අපි තේරුම් ගන්න ඕන කාරණය මොකක්ද?
වයසට යන ප‍්‍රවීනයන්ගෙන් තාමත් හිතීම වයසට නොගිය අතලොස්සෙන් එක්කෙනෙක් වෙන එම් ඞී මහින්දපාල (කැමරා අධ්‍යක්‍ෂ) ගිය සතියෙ ලක්සිරිට උත්තරයක් දීලා තිබුණ.
‘සිංහල රජ කතා හා බෞද්ධ පුරාවෘත්ත නැරඹීමට මෙරට බහුතර පේ‍්‍රක්‍ෂක පිරිස් ඇල්මක් දැක්වීම පිළිබඳව කිසිවෙකුටත් උරණ වීමට පුළුවන්කමක් නැත. බුදුන් වහන්සේ කිසි දිනෙක අනුමත නොකළ අසූ හාර දාහේ පහන් පූජා, අසූ අට රියන් බුද්ධ ප‍්‍රතිමා තැනීම, මහා පිච්ච මල් පූජා, මෙන්ම තරුණ භික්ෂූන්ට යාන වාහන, අසපු වැනි දෑ පූජා කිරීමට ලොබ නැතුව වියදම් කරන එහෙත් පාසැලකට යාමට පොතක් පතක් නැති දරුවෙකුට පිහිට වීමට, දුප්පතෙකුට සත පහක් වියදම් කිරීමට හෝ රෝගියෙකුට පිළිසරණක් වීමට අකමැති බෝඞ් ලෑලි බෞද්ධයන් බහුතරයක් සිටිනා රටක මෙවැනි දෑ සිදුවීම අස්වාභාවික නොවේ. එවැනි පිරිසක් කුලමත් කිරීමෙන් සිය අතමිට සරු කර ගැනීමටත්, ඒ හරහා සිනමා කර්මාන්තය යැයි ඔවුන් විශ්වාස කරන කුමක්දෝ රැුක ගැනීමට මාන බලන පිරිසක්ද සිටිනා බව පැහැදිලිය.
පේ‍්‍රක්‍ෂකයා සතුටු කිරීමෙන් පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ඔවුන් බුද්ධිමත් දැනුවත් එමෙන්ම නිදහස් මනසකින් යුත් පිරිසක් බවට පත් කිරීමේ අභිලාෂයෙන් කිසියම් නිර්මාණයක් කිරීමට උත්සාහ ගන්නා සිනමාකරුවන් අතලොස්ස මෙකී සිනමා ප‍්‍රවාහය ඉදිරියේ මුහුණ දී සිටින්නේ බෙහෙවින්ම අසරණ තත්වයකටයි’
- සිරි පැරකුම් මුට්ටි කාසි සිනමාව සහ ඩිජිටල් සිහිනය - එම්ඞී මහින්දපාල (රාවය)
මහින්දපාල මුට්ටි කාසි සිනමාව කියන්නේ ලක්සිරි උඩ දාන්න හදන සිනමාවටයි. මේක වාණිජමය හා සම්භාව්‍ය අතර ප‍්‍රශ්නයක් නෙමෙයි. මට අනුව මේක සිනමාව පාදඩකරණය වීම ගැන ප‍්‍රශ්නයක්. බාල මොකක් හෝ ජරාජීර්ණ නාඩගමක් කැමරාව ඉස්සරහ ර`ග දක්වා තමන්ගේ දේශපාලන ඇඳුනුම්කම් හරහා ඒක රටේ ලොකුම වැඬේ කරමින් මාධ්‍ය හරහා මිනිස්සු දක්කා උන්ගේ තුට්ටු දෙකට අනින ජාවාරම ලක්සිරිට සිනමාව නම් දෙරන- ඊඒපී ඔන්න එක ලයින් එකකට ඇවිල්ලා. මං හිතන්නෙ ඒ සම්මානෙ දීමේ අරමුණත් ඒක වෙන්න පුළුවන්.
ලංකාවෙ හෝල් හදලා සීට් කුෂන් කළා කියලා හෝ සද්දෙ ටිකක් හයියෙන් දැම්මා කියලා සිනමා කර්මාන්තය හැදෙනවා කියලා හිතුවොත් ඒක ජෝක් එකක්. කොළඹ ඉන්න කීප දෙනාට ඇරුණම ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයො කියන බහුතරයට කොලිටි කියන එක ගැන හැ`ගීමක් නෑ. තාම ගෙවල් ගොඩක ඇන්ටෙනා කරකව කරකව දිනපතා බලන්නෙ තිත් දුවන ටීවී චැනල්. එක දෙබසක් වත් ඇහුනෙ නැතත් මිනිස්සු ආදරණීය වස්සානෙ බලන්න හෝල් කඩාගෙන ආවෙ. අනිත් අතට සුපිරි හෝල් එකක වුණත් තාම පෙන්නන්නෙ අජාසත්ත නං අපි මොකද කරන්නෙ?
ඊඒපී එකෙන් සිනමා කර්මාන්තෙ ගොඩදාන එකට වඩා ඒකෙන් කරන සංස්කෘතික සීමා කිරීමක් තියෙනවා. ඒක හෝල් එකක් ඒසී කරනවට වඩා ගොඩක් බරපතලයි. ඊඒපී හෝල් වල පෙන්නන්නෙ පවුලේ සැමට චිත‍්‍රපටි විතරයි. රටේ හොඳම හෝල් ටික අයිති සහ මාධ්‍ය බලය වැඩිම පිරිස හින්ද හැම චිත‍්‍රපටිකාරයෙක්ම බලන්නෙ මේ මන්ඩලේටම චිත‍්‍රපටිය විකුණගන්න. එතනදි දන්නෙම නැතුව මහින්ද චින්තන වර්ගයේ සංස්කෘතික සීමාව රකින්න දායක වීමකුත් සිද්ද වෙනවා. සිනමාව පැත්තෙන් මේ විදිහෙ සමජාතීයකරණයකට බලපාන ඒකාධිකාරියක් කියන්නෙ කොහෙත්ම හොඳ තත්වයක් නෙමෙයි.
මේ අතරෙ පරම ජීවන සම්මානය ලෙස්ටර්ට පිදීමකුත් සිද්ද වුණා. ඒ වැඬේ හොඳයි. ඒත් සංවිධානය වෙලා තිබුණු පිළිවෙල වේදනාවක් වුණා. හිටගෙන ඉන්නත් අමාරු තවත් ඒ වයසෙම ප‍්‍රවීනයො පිරිසක් (අමරදේව, අයිරාංගනී සේරසිංහ සහ තිස්ස ලියනසූරිය ඒ අතරෙ හිටියා) වේදකාව මැද්දෙ අතරමං කරලා එතන බලන් ඉන්න අපහසුතාවයක් ඇති කළා. ඒ ගෞරවනීය සම්මානය තවත් අයට නිගරුවක් නොවෙන විදිහකට දුන්නා නම් තමයි හොඳ. (මේක දෙරන හිතාමතා කළ දෙයක් නොවන බව පැහැදිලියි)
මේ හැම දෙයක් අතරෙම කීපයක් වුණත් එතන තිබුණු හොඳ දේවල් නරක ඔක්කොටම වඩා විශාලයි කියලයි මගේ හැ`ගීම. විශේෂයෙන් අලූත් සිනමාකරුවන් වෙනුවෙන් සුළු හෝ ඉඩක් වෙන් කිරීම. ඉල්හාම්ට පිරිනමපු හොඳම කෙටි චිත‍්‍රපටය වෙනුවෙන් වූ සම්මානය එයින් එකක්. ඒ වගේම හෙට දවසේ සිනමාව කියල වෙන් කරලා තියෙන තාම නොපෙන්නූ චිත‍්‍රපටියක් වෙනුවෙන් තියෙන ඉඩ. සම්මානයක ඇත්ත වටිනකම වෙන්නෙ කරපු දේකට ලැබෙන නම්බු නාමයකට වඩා ඉස්සරහට කරන්න තියෙන දේකට ලැබෙන අවසරයක්, තල්ලූවක් වෙන එක කියලයි මට හිතෙන්නෙ. එතනදි මේ අලූත් සිනමාකරුවන් කීප දෙනෙකුට ලැබෙන පොඩි ඉඩ වුනත් මහ දෙයක්.
මොනවා වුනත් ඉදිරිපත් වුණු චිත‍්‍රපටි දිහා බැලූවම ජූරියේ කවුරු හිටියත් සමස්තයක් විදිහට තීරණ වල ලොකු වෙනසක් වෙන්න විදිහක් නෑ. එතන තෝරන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් මං කලින් කිව්වා වගේ වෙන රටක සිනමාකරුවෙක් එහෙම හිටියා නං අඩුම තරමෙ හොඳ විචාරයක් එන්න ඉඩ තිබුණ. චිත‍්‍රපටි නැති වුණත් දෙරන සිනමා සම්මාන උළෙල හාන්සි වෙලා හිටපු සිනමා ජනතාවට පොඩි කික් එකක් දුන්නා. ඒත් දියුණු අදහසක් ඇතුව වෙනස් පෙලගැහීමක් නොකළොත් ඊළ`ග අවුරුද්ද සම්මාන ටික බෙදෙන විදිහත් දැන්ම කියන්න පුළුවන් මගේ හිතේ. එහෙම වුනොත් ඒක මිනියක් නැවත නැවත එම්බාම් කරනවට වඩා ලස්සන දෙයක් වෙන එකක් නෑ.
-චින්තන ධර්මදාස
චින්තන[ය] එම්බාම් කරනු ලැබේ !
ReplyDeleteචින්තන චින්තනය එම්බාම් කරනු ලැබේ !
ReplyDeleteචින්තනය, චින්තනව එම්බාම් කර ඇත !
ReplyDeleteපිචෑර් බැලීම සහ සිනමාව කියවීම යනු දෙකක්ම වේ
ReplyDeleteඒක ඇත්ත.....
Deletey
Deletemamath me award function ekata virudda venava. hodama naluva, hodama niliya, Janapriya niliya okkoma awards demala ayata dunnoth apita monada ithuruvenne? api demala ayava ape cinemavata ganna hoda naha. Hodama niliya award dinapu ara niliya hariyata make up vath daanne nethuva award function ekata evith thibuna. me vage gam palath niliyanta award dunnama thiyana palak monada? Ara naluva rangapanne hemathissema thrasthavadhiyage charithaya. oo thamai ape lankava vinasha kale. Pooja demala chithrapatavala ragapaana kenek. eyata lankave chance denna hoda naha. api mekata virudda venna one.
ReplyDeleteමේ කමෙන්ට් එක කියවා මම ෆුල් හොල්මන් වුනෙමි.මේ වගේ ගොන් හුකන්නෙක්..... මු කන්නේ පුන්නක්කුද ?
Deleteඉනි අවන් චිත්‍රපටිය හොදම චිත්‍රපටියට නොසුදුසු වීම ලේඛකයා කියන විදියට ඒකෙන් ලංකාවේ දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න හෝ අභිලාෂ නිරූපනය නොවීම නම් (ලේඛකයාගේ දේශපාලන දෘෂ්ටියට අනුව) ඒක සැලකිය යුතු හේතුවක් නොවේ. සිනමා කෘතියකින් සැබෑ තත්වයක් පෙන්වන්ඩ ඕන කියලා නියමයක් නෑනේ. සමහර විට චිත්‍රපටියෙන් පෙන්වන්නේ සැබෑ ප්‍රශ්නයක එක පැත්තක් වෙන්ඩ පුළුවන්. චිත්‍රපටියකින් පට්ටපල් බොරුවක් පෙන්නුවත් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද චිත්‍රපටිය කියන්නේ කොහොමත් මායාවක් නිසා (ඉගිල්ලෙන මාළු චිත්‍රපටිය ගැන ඉදිරිපත් උනෙත් මේ තර්කයමයි). එහි සිනමාත්මක ගුණය ඉදිරිපත් වූ චිත්‍රපටි අතරින් උසස්නම් කතාව පට්ටපල් බොරුවක් ඉදිරිපත් කරත් ඒකට හොදම චිත්‍රපටිය සම්මානය ලැබිය යුතුයි. ඔන්න බැරිවෙලාවත් සිනමාත්මක ගුණයෙන් පහත් චිත්‍රපටියකට හොදම සම්මානය ලැබුනොත් (ඒකේ ‘ඇත්ත‘ කියලා බොහෝ දෙනා පිළිගන්න දේවල් පමණක් තිබුනත්) ඒක නම් ප්‍රශ්නයක්. වෙලාවකට හිතෙනවා ලංකාවේ සිනමාවට තියෙන ලොකුම ප්‍රශ්නය සිනමාවේ කලාවට වඩා දේශපාලනය මුලට ගැනීමද කියලා.
ReplyDeleteසිනමාව නන්නත්තාර වෙච්ච රටක සම්මාන දෙන්නේ මොනවටද? එතකොට සම්මානත් නන්නත්තාර වෙනවා. ---- පට්ට
ReplyDeleteබූඩිලා iPhone 5s වලින් පිච්චර් හදන කාලෙම..
ReplyDeleteඅනේ මන්දා නිර්දේශ වෙලා තිබ්බ ෆිල්ම්ස් ටික දැක්කහම මට හිතුනෙ හොදම ෆිල්ම් තෝරන එක නෙමෙ අඩුවෙන්ම නරක ෆිල්ම් එක තෝරන්න ට්‍රයි කරල තිබුන බවයි........!!!
ReplyDeleteහොලිවුඩ් බොලිවුඩ් සිනමා සම්මාන උළෙලවල් දැකලා හූල්ල හූල්ල හිටපු අපේ අයට පොඩි ස්වය0 වින්දනයක් ගන්න දෙරණ කල දේ නම් හොදයි.ඒකනෙ රතුපලසින් වැඩලා කුස පබා ( ජැක උමා) වගේ ගොන්පාට් වලට සම්මාන දෙන්න උනෙ....!!
Blackadder
Ilham ekka set wela bona hinda wenna aiti eyata dipu award eka witharak hoda deyak unae... anika award eka dunneath oyamanae... thaman karana dae thama mara hoda kiyalanae hithgena innae... anae oyath ithin ekthara widiyakata kadae yana kenek Thama
ReplyDeletechintha th film karanna heduwa. ekak wath karaganna beruwagiya lipiya honda unata tharah tikak wediya thiyenne ekai
ReplyDeleteඅපේ රටේ සිනමාවේ විතරක් නෙමේ හැම කලාවකට වෙච්ච සහ වෙන්න නියමිත දේ තමයි ඔය මහින්දපාල මහත්තයා කියලා තියෙන්නේ. අපි තාම කරඬියෙන් මැනලා තමයි ලීටර් වලට හරවන්නේ.
ReplyDeleteරියැලිටි ෂෝත් හරියට රටේ ආශ්චර්ය වගේ. විදේශිකයෙකුට පෙන්නනවා තියා අපිට බලන්න එපා වෙනවා. තරහා ගන්න එපා මෙහෙම ලිව්වට. මම X FACTOR (ROOM AUDITION) බලලා දෙරන DREAM STAR 2ND ROUND බැලුවා. අපේ අහිංසක මිනිස්සුන්ව තව තවත් ගොනාට අන්දවනවා. නදීක ගුරුගේලා, ඉන්ද්‍රචාපලා ගැනත් දුකයි, ලැජ්ජයි.
Zero Dark Thirty, Iron man වගේ ඇමරිකානූ දේශපාලනික චිත්‍රපට ඉතා ඉහලින් හිරු එකේ කතා කල චින්තක වරක් පැවසුවේ Zero Dark Thirty ඇමරිකානු පාලන තන්ත්‍රයට වඩා බිල්ලාඩන්ට පක්ශව නිර්මාණය කෙරූවක් බවය. සුපුරු පරිදි ඇමරිකන් යුධ කාව්‍යක් වූ ගැන එසේ කතා දොඩවන්න පුළුවන් චින්තකලට ජැක්සන්ලා ගැන තියෙන්නෙ පුදුම කුහකත්වයක්.
ReplyDeleteඅර ප්‍රංශ බසින් දොඩවපූ එකා ගේ පෞර්ශත්වය දැක්කම ලාංකික සිනමාවේ ඉදිරිය ගැන හිතා ගත්තැකි.
XYZ FILM AWARD 2011
ReplyDeletebest film ever made in this island --------- iiiiiiiiissssssssssss
How i wonder what you are.....
chinthana darmadasa & udaya darmawardena
OMG!
AnGEls dOn'T HEaR bUt TheY PreTEnD
මේ සැරේ බ්ලොග් එකෙන් කට්ටියකට තරු විසිවෙන්න රිදිලා , පස්සෙන් පන්න පන්න ඇවිත් චින්තනට ගහනවා.
ReplyDeleteListten to this.....
ReplyDeletehttps://www.facebook.com/photo.php?v=10201557878042821&set=vb.1053514074&type=2&theater
http://www.youtube.com/watch?v=EK8WHY5d-Qg
Delete*this story is in sinhala medium at 1:34:10 time
http://www.youtube.com/watch?v=EK8WHY5d-Qg
ReplyDelete*this story is in sinhala medium at 1:34:10 time
Cool and I have a super give: Who Does House Renovation house renovation advice
ReplyDeleteRespect and that i have a swell offer: How Much Remodel House home addition contractors
ReplyDeleteThank You and that i have a nifty offer you: House Renovation What Order house renovation software
ReplyDelete