Saturday, March 15, 2014

Be Stupid!

ෆේස් බුක් එකේ එක දිගට ෂෙයාර් වෙන තමන් විහින්ම තමන්ගෙ පිංතූර ගන්න ‘සෙල්ෆීස්’ ගැන ගොඩක් අය හිතන්නෙ ලෙඩක් කියල. ලංකාවෙ හැම අලූත් දෙයක්ම ලෙඩක් හෝ භීතියක් වෙන එක ස්වභාවික වුණත් සෙල්ෆීස් කියන්නෙ දරුණු නාසිස්මය තත්වයක්ද කියන එක ගැන වෙන රටවලත් කතා බහ ඇති වෙනවා. ඒ කොච්චර කතා බහ ඇති වුණත් මේ ටෙ‍්‍රන්ඞ් එක නතර වෙන්නෙ නෑ. හිතාගන්න බැරි තරම් විවිධ වූ ප‍්‍රදේශ දක්වා සෙල්ෆීස් ව්‍යාප්ත වෙමින් යනවා.

මේක ආර්ට් එකක්ද?

 ආර්ට් එකක් විදිහට සෙල්ෆීස් තේරුම් ගන්න මං හිතන්නෙ ආර්ට් ගැන අපේ තියෙන අදහස වෙනස් වෙන්න වෙනවා. ආර්ට් කියල හරි වෙන මොකක් හරි විදිහට ඇකඩමික් හෝ පිළිගත් න්‍යාය වලින් කරන අධිපති අදහස් නන්නත්තාර කරන එකමයි මේ වගේ අලූත් මුදාහැරීම් වලින් වෙන වැදගත්ම දේ. පුද්ගලික මට්ටමෙන් කොයි ආකාර ව්‍යාදියක් වෙන්න පුළුවන් වුණත් සෙල්ෆීස් සංස්කෘතික විදිහට ලොකු වෙනසක් කරනවා. සාරය හෝ අර්ථය හොයා ගෙන යන හරිම ද්විමාන කලා හෝ වින්දන අවකාශය මේ හින්ද පුළුල් වෙනවා.

‘තේරුමක් නැති කම’ විඳින්න (තේරුමට තියෙන අයිතියම තේරුමක් නැති කමටත් දෙන්න) අපිට පුරුදු වෙන්න වෙනවා. ඉස්සරහට ආර්ට් වෙන දේවල් තේරුම් ගන්න මේ තත්වය අනිවාර්යයක් මං හිතන්නෙ.

සෙල්ෆි කියන එක මේ වෙද්දි ශබ්දකෝෂ වචනයක් වෙලා ඉවරයි. අර්බන් ඩික්ෂනරියෙ මේක අර්ත ගන්වන විදිහට, ‘ෆේස් බුක්, මයි ස්පේස් හෝ වෙනයම් සමාජ ජාල වෙබ් අඩවියක පළකිරීම වෙනුවෙන්ම ඔබ විසින්ම ගන්නා ඔබේ ඡුායාරූපයක්. ගොඩක් වෙලාවට කැමරාව අල්ලාගෙන ඉන්න ඔබේම අත පවා මෙතනදි පේනවා. මේකෙන් පැහැදිලිවම පේන්නෙ අඩුම ගානෙ ඡුායාරූපයක් ගන්නවත් ඔබට මිතුරෙක් හෝ මිතුරියක් නැති කම’

මේක ටිකක් උපහාසෙන් ලියපු අදහසක්.  මට හිතෙන්නෙ අපිට සෙල්ෆීස් දිහා බලන්න වෙන්නෙ ‘සෙල්ෆ් පෝර්ට්රේට්ස්’ විදිහට.  ඒ ගැනගැන සම්භාව්‍ය අදහස් දරන අයට මේක ටිකක් අවුල් සහගත වෙන්න පුළුවන් වුණත් සෙල්ෆීස් නිසා සෙල්ෆ් පෝර්ට්රේට් ආර්ට් එක වෙනස් වුණා. අතීතයේ ඉඳන් ගත්තොත් තමන්ගේ ආලේඛ්‍ය ඡුායාරූපයක් හෝ සිත්තමක් කරන හැකියාව තිබුණෙ වංශවත් කීප දෙනෙකුට විතරයි. උදා විදිහට ලූවී වගේ රජ කෙනෙක් දක්ෂ සිත්තරෙක්ව ගෙන්නගෙන තමන්ගෙ රූපය අඳින්න බාර දෙනවා. ගොඩක් මාර සිත්තරුන් කළේ මේ විදිහට ලොක්කන්ට  ඕන චිත‍්‍ර ඇඳපු එක තමයි. මේක ටිකෙන් ටික පරිණාමය වෙලා ඊට පස්සෙ දක්ෂ ඡුායාරූප ශිල්පියෙක් අතට වැඬේ පැවරෙනවා. එතකොට කලාත්මක පෝර්ට්රේට් ගන්න කලාත්මක ඡුායාරූප ශිල්පියො බිහිවෙනවා. ඒත් ආර්ට් එක තියෙන්නෙ අපෙන් පිට, ඡුායාරූප ශිල්පියා අතේ. කැමරාවක් තියෙන මෝබයිල් ෆෝන් සහ එතනින් නිරන්තර අන්තර්ජාලය එක්ක සම්බන්ධ ස්මාර්ට් ෆෝන් එනවත් එක්කම අපේ කලාව අපේ අතට එනවා. තවදුරටත් අපේ ඡුායාරූපය ගන්න වෙන කෙනෙක්  ඕන වෙන්නෙ නෑ. ඒක අපිට  ඕන විදිහට, අපිට  ඕන වෙලාවක, අපිට  ඕන තැනක ගන්න පුළුවන්. මං කියන්නෙ කලාව ඒක හිර කරලා තිබුණු ආකෘති ඔක්කොම කඩාගෙන නැවත ආකෘතියක් ගොඩනැගීම පවා අසීරු විශ්වයකට ඇතුල් වෙනවා කියල.

උදා විදිහට විදර්ශන කන්නන්ගර වගේ කෙනෙක් මේ වගේ අදහසකින් ගොඩක් අවුලට යන්න පුළුවන්. (විදර්ශන මේ කතාවට ඇදලා ගන්නෙ ඌ මං ගැන කරන විචාර හෝ විවේචන නිසා මට ඇති වුණු අමනාපයක් හින්ද නෙමෙයි. ඒ වෙනුවට විදර්ශන කියන්නෙ මං ගොඩක් කැමති චරිතයක්. වෙන විදිහකට කිව්වොත් මං උගේ රසිකයෙක්. ඒ කැමැත්තට ලොකු හේතුවක් වෙන්නෙ ඌ පුද්ගලික ද්වේශයකින් හෝ කුහකත්වයකින් පෙළෙන චරිතයක් නොවෙන එක. වෙන විදිහකට කිව්වොත් ඇත්තටම විදර්ශන මේ සංවාද අවකාශයේ මගේ පාලූව මකන කීප දෙනෙක් යාලූවන්ගෙන් කෙනෙක්) විදර්ශන සර්පයාගෙ පොත නැවත එළි දැකීම දවසෙ කරපු දේශනයකදි කිව්වෙ, දැන් හදන ෂෝර්ට් ෆිල්ම් කියන්නෙ අසනීපයක් කියල. ඒවා ෂොර්ට් ෆිල්ම් නෙමෙයි විකාර වගේ අදහසක්. මේ අලූත් ෂෝර්ට් ෆිල්ම් හදන සංස්කෘතිය හින්ද විදර්ශන වගේ චරිත (මාත් එක යුගයක) ජීවිතය ගැන ගොඩනගා ගත්ත අදහස අවුල් වෙන්න ගන්නවා. මාක්ස්ගේ හො ෆ්‍රොයිඞ්ගෙ අර්ථකතන චුයින්ගම් එකකට වඩා එහාට වැඩ නොකරන්න පටන් ගන්නවා. සර්පයාගේ මරණය කියල විදර්ශන කියන්නෙ ඒ ජීවිතයේ සාරය හොයාගෙන දුක තරණය කල නොස්තැල්ජික පරම්පරාවක සංකේතීය මරණය. මං කියන්නෙ අපිට ඒක වළදාන්නම වෙනවා.

මහපොලොවෙ පයින් ඇවිදලා අත්දැකීම් එකතු නොකරපු ජීවිත වලින් සිනමාව නිර්මාණය වෙන්නෙ නෑ කියන අදහස මේ පරණ පරම්පරාවෙ එකක්. සයිබර් අවකාශයත් එක්ක බැලූවම මේ කියන මහපොලොව කොච්චර පුංචිද? මේ කියන දුක්ඛිත අත්දැකීම් විඳවන ජීවිතය කොයිතරම් ක්ෂුද්‍ර ද? යතාර්ථය කියල එකක් මූලික කරගත්ත මේ සිතීම කොයිතරම් දුප්පත්ද? ජීවිතයේ අත්දැකීම් වලින් නිර්මාණය වෙනවා කියන මේ මුස්පේන්තු සිනමාව සහ කලාව අවසානයි. ඒ කියන්නෙ ඒ සිනමාව හා කලාව තමන්ගේ අදහස් ප‍්‍රකාශනයට පාවිච්චි කළ දෙකයි පණහෙ දේශපාලනයත් ඉවරයි කියන එක. දැන් තියෙන්නෙ ඒ වෙනුවෙන් මාරාන්තික උපවාස හෝ සත්‍යග‍්‍රහ කරන එක විතරයි. අපිට මහජන පුස්තකාලෙදි සහ තවත් තැන් වලදි මුණගැහෙන්නෙ මේ වඳවෙන අදහස් පරපුරක අවසන් සටන්.

සෙල්ෆීස් ගැන ඍණාත්මක මුලපිරීමක් නැතුව අධ්‍යනය කළොත් පේනවා අපි මාර කලාත්මකයි කියලා අගයන නිර්මාණ වල ලක්ෂණ නිරායාසයෙන්ම සෙල්ෆීස් වලට ඇවිත් තියෙනවා කියලා. උදා විදිහට ජිම් එකේ ඇ`ග හදන ගමන් සමහරු අප්ලෝඞ් කරන සෙල්ෆීස් (මට අප්පිරියම ජාතිය) ඒ වගේ වීරත්වය දනවන්න නිර්මාණය කළ හර්කියුලීස්ගේ ප‍්‍රතිමාව වගේ දෙයක් එක්ක සංසන්දනය කළොත් ඒ නිර්මාණකරුවා පෞර්ෂය දැනවීමට පාවිච්චි කරන ටෙක්නීක්ස් මේ සෙල්ෆීස් වලට එනවා. ඒ ඒ භාවයන් දැනවීම වෙනුවෙන් කරපු මහා නිර්මාණ , ඒ අදහසම පිණිස ගත්ත පුංචි සෙල්ෆීස් එක්ක සංසන්දය කරන මරු වැඩක්. (සෙල්ෆීස් - දෘෂ්‍යමය විශ්ලේෂණයක්. එලිසබෙත් අර්බන්ස්කි බලන්න http://www.youtube.com/watch?v=2Kk9R2rhwlQ)

ඉතිහාසයක් පුරා කලාත්මක හෝ වෙනයම් ආධිපත්‍යයික අදහසකින් පිටතින් ගොඩනගන සංකේත අගයන් මේ වෙද්දි සාමාන්‍යකරණය වෙනවා. ඒ ඉතිහාසය ගැන දැනීමක් නැති කෙනෙක් අතින් පවා අවිඥාණකව  මේ දේවල් ප‍්‍රතිනිර්මාණය වෙනවා. කලාව තවදුරටත් සීමිත පිරිසක දෙයක් නෙමෙයි. ඒක හැමෝම අතින් යළි යළිත් මොහොතක් පාසා නිර්මාණය වෙමින් යනවා. මේක අතිශයින්ම සුබදායී තත්වයක්. මං මැරෙන්න කලින් මේ සීමිත ආඛ්‍යාන වලින් මිදෙන්න ලැබිච්ච එක ගැන මට තියෙන්නෙ බුදුන් විසින් නිර්වාණය හොයාගත්තටත් වැඩි සතුටක්.

සෙල්ෆීස් අරගෙන බැලූවොත් ඇත්තටම පුදුම දනවන කාරණයක් වෙන්නෙ මේ අයට මෝබයිල් කැමරාව එක්ක ඇෙ`ග් කෑල්ලක් තරමටම ළ`ග සම්බන්ධය. අතේ තියෙන මේ කැමරාව තමන්ට අවශ්‍යම හැ`ගීම අල්ලගන්න ස්ථානගත කරන්න දෙපාරක් හිතන්න වෙන්නෙ නෑ. මේ හැකියාවේ සුරුකම එක්ක සෙල්ෆීස් වල ටෙ‍්‍රන්ඞ් ඇති වෙනවා.

උදා විදිහට මුලින්ම තිබුණෙ හැමෝම ඇ`ගිලි දෙකකින් වී අකුර හදාගෙන ගන්න සෙල්ෆීස්. ෆේස් බුක් පිරෙන්න මේ වී අකුරු මිනිස්සු එලියට ආවා. ඊට කාලෙකට පස්සෙ ‘ඩක් ෆේස්’. තොල් තාරවෙක් වගේ උල් කරගෙන ඡුායාරූපයට මුහුණ දෙන විලාසිතාවක්. එක පොඩි ලස්සනක් තියෙන තැනකින් මේ වගේ දෙයක් නිර්මාණය වුණු ගමන් කරන්න පුළුවන් බැරි හැමෝම මේ එකම විදිහෙ ෆොටෝ එක දානවා. ඒක තමයි සෙල්ෆීස් ටෙ‍්‍රන්ඞ් එකේ ඉන්නවා කියන්නෙ.  මෑතකදිම ආපු සෙල්ෆි ටෙ‍්‍රන්ඞ් එක ‘ස්පැරෝ ෆේස්’. හරියටම ගේ කුරුල්ලෙක් පණුවෙක්ව දැක්කම වගේ ඇස් ලොකු කරගෙන, කට උල් කරගෙන කරන එක්ස්ප්‍රෙෂන් එකක් තමයි මෙතනදි ප‍්‍රතිනිර්මාණය වෙන්නෙ. ජපානය වගේ රටවල මේක පිස්සුවක් වගේ යනවා. ඒත් මේ විලාසය ඩක්ෆේස් එකට වඩා සියුම්. ඒ හින්ද තමන්ගෙන් නියම ස්පැරෝ ෆේස් එකක් හදන එක ටිකක් ට‍්‍රයි කරන්න වෙන වැඩක්.

වෙන ආර්ට් එකක් අනුව කියවන්න යන්නෙ නැතුව මං හිතන්නෙ සෙල්ෆීස් වගේ අලූත් නිර්මාණ අවකාශ තේරුම් ගන්න ඒ වපසරිය ඇතුලෙන්ම දේවල් හොයාගන්න  ඕන. ඒ හා බැඳෙන පිරිස, උවමනාව, මනෝ භාවය, රූපකය වගේ කාරණා ඇතුලෙන් අපිට යම් අදහසක් හදාගන්න පුළුවන්. ඒත් ඒක පරණ කලා මිනිතයන්ගෙන් විනිශ්චය කරන්න යන එක ජෝක් වැඩක්. මොකද මේ අලූත් ප‍්‍රවණතාවයේ අදහස වෙන්නෙම ඒ පරණ කලාවන්ට තේරුම් ගත නොහැකි අවකාශයක් දක්වා විස්තාපනය වෙන එක.

මුල් කාලෙ තමන්ගේම වූ සෙල්ෆ් පෝර්ට්රේට් එකක අදහස තිබුණෙ ‘තමන්ගෙ අභිමානය හෝ මහේශාඛ්‍ය බව’ අනුන්ට පෙන්නන්න. ඒත් හැමදාම ආර්ට් නෙමෙයි කියල පරණ මතවාදය විසින් වලි දාමින් මකන්න හදපු අලූත් ආර්ට් එක (උදා විදිහට සිත්තමෙන් ඡුායාරූපයට) ටිකෙන් ටික සෙල්ෆ් පෝර්ට්රේට් එකකට තියෙන අදහස වෙනස් කරනවා. මහේශාඛ්‍ය බව පෙන්නීමේ ඉඳන් තමන්වම සෙවීම දක්වා මේ අදහස සංයුක්ත වෙනවා. සෙල්ෆීස් කියන්නෙ තමන් තමන්වම හොයන්න කරන උත්සාහයන් විදිහටයි තේරුම් ගන්න වෙන්නෙ. තමන්ගෙ අනන්‍යතාවය, තමන්ගෙ ස්වරූපය, තමන්ගේ විලාසිතාව මේ ආදී දේවලූයි සෙල්ෆීස් හරහා නොදැනුවත්වම ගවේෂණය වෙන්නෙ.

අපේ ජීවිතයේ සෑම අවස්ථාවක්ම වගේ සෙල්ෆීස් විදිහට වාර්තා වෙනවා. මෙච්චර කාලයක් කවදාවත් නොතිබුණු තත්වයක් ඒක. හැම මනුස්සයෙක්ගෙම හැම තත්පරයක් ගැනම රූපමය වාර්තාවක්. ඒක දැවැන්තයි. අපි ලෝකයේ විවිධ සංස්කෘතීන් ඇතුලෙ ජීවත් වෙමින් එක ප‍්‍රකාශනයක්, ධාරාවක් හරහා එකට සම්බන්ධ වෙනවා.

ඒ වගේම මෙච්චර කාලයක් හුදකලා කණ්ණාඩියක් හෝ අසල්වැසියෙක් එක්ක පමණක් බෙදා ගත් අපේ ජීවිතේ වැඩකට නෑ කියල කොන් කරපු ලොකු කොටස අපි දැන් සමාජයක් එක්ක බෙදා ගන්නවා. අපි දුකෙන් ඉන්න හැටි, අලූත් ඇඳුමක් අඳින හැටි, කෑමක් කන හැටි, හැම දේකදිම අපි මහා සමාජය අපේ කණ්ණාඩිය කර ගන්නවා. අපි ගැන අපි තේරුම් ගත්ත මේ කණ්ණාඩිය මේතරම් විශාල වීම ලොකු මනුස්ස වෙනසක් යෝජනා කරනවා කියලයි මං හිතන්නෙ. තේරුම් ගැනීම, බෙදා හදා ගැනීම, බාර ගැනීම වගේ මනුස්ස සම්බන්ධතා කලාපයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස නැතුව සෙල්ෆීස් ඇතුලට යන කෙනෙක් නන්නත්තාර වීමේ සිට පාදඩකම දක්වා යන්න නියමිතයි.

මෙච්චර කාලයක් සමාජය අපි එක්ක ගණුදෙනු කළ අර්ථයක් සහිත යැයි කියපු දේශපාලන, කලා හෝ සංස්කෘතික ආකෘති වලට වඩා විශාල ඇත්ත ජීවිතයකින් අපි සමාජය එක්ක බැඳීමක් යෝජනා කරනවා. තවදුරටත් දෙකට නොපැළුණු මනුස්ස ජීවිතයක්, එකම විටක පුද්ගලික හා සමාජ වශයෙන් තියෙන ඒකත්වයක් මේ හරහා නිර්මාණය වෙනවා. ඒක සුළුපටු වෙනසක් නෙමෙයි.

ගොඩක් උන් කියන්නෙ මේක ‘ඇටෙන්ෂන් කේ‍්‍රස්’ එකක් කියල. ඒ කියන්නෙ අවධානය ලබා ගැනීමේ පිස්සුවක්. කොහොමත් හැම කෙනෙක්ම කැමතියි අවධානයට ලක්වෙන්න. ඒක මෙච්චර කාලයක් හංගගෙන ජීවත් වුණු එක විතරයි සිද්ද වුණේ. අපි හැමෝම සමාජයෙන් පිළිගැනීමක්, ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. ඒක අලූත් තත්වයක් නෙමෙයි. ඒත් සයිබර් සම්බන්ධතා හරහා අපි හිරගෙන හිටපු අපිව නිදහස් වෙන්න අවකාශයක් හැදෙනවා. අපිට අවශ්‍ය පිරිස අතර අපේ ජීවිතය බෙදා ගන්න එක සාමාන්‍යයක් වෙනවා. මෙතනදි විචාර හෝ විශ්ලේෂණ කියන්නෙ කුහකයන්ගේ අදාල නොවෙන ප‍්‍රලාප විතරයි.

වෙන විදිහකින් ගත්තොත් සෙල්ෆීස් වගේ ප‍්‍රවණතා නිසා මෙච්චර කාලයක් කලාත්මක හෝ පරිපූර්ණ කියලා නිර්මාණය කළ ජීවිතයෙන් දුරස්ත අසාමාන්‍ය තත්වය ආපහු සාමාන්‍ය ජීවිතේට ගේනවා. තවදුරටත් සිනමා තරුවක් වුණත් අපේ ජීවිතෙන් ඒ තරම් දුරස් වෙන්නෙ නෑ. එයාගෙ සාමාන්‍ය ජීවිතේ සිනමාවට වඩා විශාල විදිහට සයිබර් අවකාශයේ නිදහස් වෙනවා. හැම කලාත්මකයි කියපු දේකටම වඩා මේ අලූත් කලාවන් ජීවිතේට ළ`ග වෙනවා. ඇත්ත වෙනවා.

තමන්ගේ මුහුණ විතරක් විෂය වුණු සෙල්ෆීස් මේ වෙද්දි තවත් අනුකාණ්ඩ ගණනාවක් දක්වා පැතිරෙන්න පටන් අරං. උදා විදිහට පියයුරු අතර පැල්ම (ක්ලීවේජ්) සෙල්ෆීස් හරහා කාන්තාවො තමන්ගෙ ශෘංගාරය නිදහස් කරන
උන්මාදයන් ඇති වුණා. ඒ වගේම ප්ලෑන්කින් (විශ්වාස කළ නොහැකි තැන් වල ලෑල්ලක් මෙන් වැතිර සිටීම) අවුලින් (යම් උස ස්ථානයකට නැග බකමූනෙක් මෙන් පොරවාගෙන හිඳීම) ස්ලැප් කැම් (යමකින් එක්වරම අසල සිටින්නාගේ මුහුණට දමා ගසා ක්‍ෂණික ප‍්‍රතිචාරය ඡුායාරූපයට නැගීම) මේ වගේ විකාරරූපී කියල අපිට දැනට කියන්න පුළුවන් ධාරාවන් ගණනාවක් ලෝකය පුරාම පැතිරෙමින් යනවා.

මේ දේවල් වල කිසි අදහසක් නෑ, පිස්සුවක් වගේ කියන තේරුම් ගැනීම් වලින් අපි කියන්න හදන එකම දේ වෙන්නෙ අපිට තේරෙන්නෙ නෑ කියන එක විතරයි. නැත්තං මේ හැම ප‍්‍රකාශනයක් හරහාම කියන සහ බෙදාගන්නා හැ`ගීමක් හෝ හැ`ගීම් සමුදායක් තියෙනවා. මේ ධාරාවන් හරහා සම්බන්ධ වෙමින් ඔවුන් කියන යම් අදහසක් තියෙනවා. සමහර විට ඒක තේරුම් ගැනීම කියන ආකෘතියට පිටින් පාර්ටිසිපේෂන් හෝ අත්දැකිය යුතු කියන තලයේ දිවෙනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මෙතන වැදගත්ම දේ වෙන්නෙ නිදහස. අපි අපෙන් සහ අපිව පාලනය කරන සමාජ අර්ථ, ආකෘති වලින් ලබන නිදහස.

ඒක බුදුන්ගෙ විමුක්තියට වඩා අපිට වටිනවා කියලා මං කිව්වෙ ඒක අපි හැමෝටම එකවර ලැබිය හැකි විමුක්තියක් හින්ද.

-චින්තන ධර්මදාස

2 comments:

  1. ‘තේරුමක් නැති කම’ විඳින්න (තේරුමට තියෙන අයිතියම තේරුමක් නැති කමටත් දෙන්න) අපිට පුරුදු වෙන්න වෙනවා. ඉස්සරහට ආර්ට් වෙන දේවල් තේරුම් ගන්න මේ තත්වය අනිවාර්යයක් මං හිතන්නෙ.

    ReplyDelete
  2. අලුත් කලාවක් හොයා ගත්ත මං! - “Be Stupid! “ -චින්තන ධර්මදාස“

    තකතීරු වෙන්න කියලා සමාජයට චින්තන ධර්මදාස කියනවා. හැබැයි ඔහු තමාට පවරා ගන්නේ තකතීරුවන්ගේ න්‍යායධාරියා ගේ චරිතය යි!

    ...................

    චින්තනට අනුව කලාවට මෙතෙක් කල් බාධා කළේ ආකෘතිය. සම්ප්‍රධායිකව සැළකුනේ කලාව කියන්නෙ මානව අත්දැකීමට ආකෘතියක් ෆෝර්ම් එකක් දීමක් කියල.
    චින්තකට අනුව ජීවිතයේ සාරයක් හරයක් නැහැ. ඒක සොයන එක වැරදියි. එහෙනම් මෙතෙක් කල් දාර්ශනිකයො කරල තියෙන්නේ වැරදි වැඩක්. බුදුන් කළේත් ඒකමයි. හැබැයි බුදුන් වැනි දාර්ශනිකයො නිසා දැන් අපිට කියන්න පුළුවන් ජිවිතේ හරයක් නැහැ කියල.

    ඉස්සරහට එන්නේ ජීවිතේ සාරයක් නොසොයන අයගේ කාලය. ඒ අය ඔහේ ජීවත් වෙනව. චින්තන වගේ චිත්‍රපටි හදන්නෙ හෝ ගාලා ලිපි ලියන්නේ මොකටද?
    චින්තන ලා ‘ආදරයේ අංශූ මාත්‍රයක්‘ චිත්‍රපටියෙන් කියන්න හදන දේ දැන් වලංගු නැහැ කියල චින්තන කියනව වගේ. යථාර්තය කියල දෙයක් නැහැ. ජීවිතය නිර්මාණය වෙන්නෙ අත්දැකීම් වලින් නෙවෙයි. අන්තර්ජාලය ස්මාර්ට් ෆෝන් හරහා. ඒවා තියෙන්නෙ අත්දැකීම් වලින් පිටස්තර තැනක. තකතීරු කමේ ලෝකය. මේකයි සිතීමෙන් පොහොසත් ලෝකය. එතකොට සිතීම තකතීරු කමට අයිති වෙන්නෙ කොහොමද?

    තකතීරු ලෝකයට කොයි තරම් කැමති වුනත් චින්තනගේ ලෝකය තකතීරු නෙවෙයි කියල චින්තන ගේ ලිවීම පෙන්වනව. ඔහු ගේ භාෂාවේ සංකල්පී කරණයන්, විනිශ්චයන්, ඇගයීම් පිරිලා. මේව තකතීරු ද?

    read more .....


    සමාජ විචාර
    facebook පිටුවෙන්

    ReplyDelete