Wednesday, May 7, 2014

කැතී ආපහු ඒවිද?


මීට අවුරුදු 5ට කලින් තරංගනී හෝල් එකේදි අපි අපේ පළවෙනි ෆිල්ම් එක පෙන්නුවා. ගොඩක් සෙනග ඇවිත් හිටියා. අපිව ඇතුලෙන් වෙව්ලනවා දැණුනා. ඒක පිපිරිලා යන්න තරම් බලාපොරොත්තු ඉතිරිච්ච මොහොතක්. How I Wonder What You Are.. සිංහලෙන් කිව්වොත් ආදරයේ අංශූමාත‍්‍රයක්, ඒකයි ඒකෙ නම.

ඒ හිතපු හැම දෙයක්ම ඒ විදිහට සිද්ද වුණේ නෑ. ඒත් අපි කොහෙත්ම නොහිතපු ගොඩක් හොඳ දේවල් සිද්ද වුණා. මිනිස්සු අපිව විශ්වාස කළා. ඒ විශ්වාසය වෙනුවෙන් කැප වුණා. අපි අහස පොලොව ගැන නොහිතා අපිට  ඕනි චිත‍්‍රපටිය හැදුවා. කොටින්ම ඒක පෙන්නන විදිහක්වත් කල්පනා නොකර. එහෙම හිතුවක්කාර වෙන්න පුළුවන් කෙනෙක්ගෙ පළවෙනි ෆිල්ම් එකේදි විතරයි. 

අපිව ගොඩක් අයට ඇහුනෙ නෑ. ඒත් කීප දෙනෙකුට ඇහුණ. අලූත් සහෝදරකම් ඇති වුණා. මගෙයි උදයාගෙයි ජීවිත කාලයක් ගැඹුරු යාලූකමක් ගොඩනැගුණ. තිරය උඩට නාවට ෆිල්ම් එක කොපි වෙවී අතින් අත ගියා. හඳගම ලියපු චාපා කියන ආදරේ අංශූමාත‍්‍රයක් සිංදුව, ඒක ලෙජන්ඞ් එකක් වුණා. කොටින්ම මෑතක චාපා පාර්ක් ස්ටී‍්‍රට් මිව්ස් එකේ ඒ සිංදුව ලයිව් කියද්දි මගේ ඇඟේ හිරිගඩු පිපුණ. ඉසුරු කුමාරසිංහ එක්ක රෑ එළි වෙනකල් ඉසුරුගෙ ගෙදර කාමරේ මේ සිංදුව රෙකෝර්ඞ් කරපු හැටි මතක් වෙලා. අපි කරපු මහා දේවල් කියලා ආඩම්බරයක් නෙමෙයි. අපිත් නොදැනිම අපෙන් මෝචනය වුණු දේවල් කියල ආසාවක් ඒක.

අපි අපේ විදිහට ලංකාවෙ ස්වාධීන සිනමාවක් පටන් ගත්තා. සල්ලි ගැන, හෝල් ගැන නොහිතා තමන්ට කැමති සිනමාව නිර්මාණය කරන්න, බෙදාහදා ගන්න අපි එක මුරණ්ඩු උත්සාහයක් ගත්තා.

අපි හීන දකින එවුන් කියලා අපි දන්නවා. ඒත් ඒ හීනෙ දකින්නෙ අපි විතරක් නෙමෙයි.

-2014 අප්‍රේල් 30


2 comments:

  1. How can we watch this film? Is it available on youtube or somewhere??

    ReplyDelete