Saturday, March 7, 2015

සමන්ත බද්දගේ අබද්ද කකුළු හොද්ද.



සමන්ත බද්ද එයාගෙ උපන්දින සාදය ආයිමත් පාරක් ආන්ෙදා්ලනාත්මක විදිහට සැමරුවා. මේ පාර ගිය පාරටත් වඩා. චිකන්, මටන්්, පෝර්ක්, සීෆූඞ් ඔක්කොමත් එක්ක කියලයි ප‍්‍රචාරය ගියේ. මේ පාර ඒක ජාතික රූපවාහිනී නාලිකාවල පවා හිට් නිව්ස් එකක් කරන්න සමන්ත බද්දට පුළුවන් වුණා. ආඩම්බරකාර විදිහට ඔෆීෂල් ෆොටෝ වෙබ් සයිට් වල පළවුණා. ඒවට විරුද්දව නැගෙන සාම්ප‍්‍රදායික බෞද්ධ තර්ක වලට උත්තර දෙන්න ‘බද්දවාදී’ වෙබ් පිටු හැදුන. සමන්ත බද්ද අන්තිමට මහ නායක හාමුදුරුවරුන්ට පවා අභියෝග කළා.
කුල මල රහිතව සමාන මහණකමක් දෙන්න, අවචාරයේ හැසිරෙන පිළිගත් හිමිවරුන්ට එරෙහිව කටයුතු කරන්න, ඔය වගේ තවත් බොහොම තාර්කික සහ දියුණු විදිහට පේන කාරණා කීපයක් ගැන බද්ද බෞද්ද නායක හිමිවරුන්ට අභියෝග කරලා තිබුණ.

සමන්ත බද්ද මේ කරමින් ඉන්නෙ මොකක්ද? හාමුදුරු කෙනෙක් මස් මාළු කෑම හෝ ගෑණු සමග බුදියා ගැනීම වැරැුදියි සහ ඒකෙන් බුද්ධාගම වැනසෙනවා වගේ කතන්දර ඇත්තටම ළදරුයි. ඒ වගේම බුදුන් ඒවා අකැපයි කියල තියෙනවද වගේ තර්ක මතින් බුද්දාගම ප්‍රෝග්‍රෙසිව් කරන්න යන එකත් අමනයි. වැදගත් වෙන්නෙ බුදුන් එහෙම කියල තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. ඒකෙන් සිද්දවෙන ආධ්‍යාත්මික බලපෑම මොකක්ද කියන එකයි. බුදුන් කී හෝ නොකී පමණින් යමක් විශ්වාස හෝ අවිශ්වාස කිරීම අන්ධ භක්තියකට හෝ යම් ආගමික බලාධිකාරියක යටත්වැසියෙක් වෙනවාට වැඩි දෙයක් නෙමෙයි. බුදුන් කිව්වා වුණත් එයින් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික වෙනසයි තේරුම් ගන්න අවශ්‍ය. ඒක සමාජයට සහ තමන්ට අදාල වෙන විදිහ ගැන සබුද්ධික වීමයි වැදගත් වෙන්නෙ. වෙන විදිහකින් කිව්වොත් ආධ්‍යාත්මික කාරණයක ලා වැදගත් වෙන්නෙ සවිඥණක බවට යමකින් ලැබෙන රුකුල හෝ නුරුකුල විතරයි. අනෙක් දේවල් අදාල වෙන්නෙ දේශපාලනයට. බලයට හෝ ඇටෙන්ෂන් එකට.

සමන්ත බද්දගේ කකුළු හොද්ද දානයක කාරණයක් හෝ සාදයක කාරණයක් යන දෙකෙන් එකක්වත් සම්පූර්ණ කරනවද කියන එකයි මට වැදගත්. දානයක් වගේම සාදයක් කියන්නෙත් ආධ්‍යාත්මික සාධනාවක් වෙන්න පුළුවන්. ඝාතනයක් වුණත් භාවනාවක් වෙන්න පුළුවන්.

පරණ සෙන් කතාවක් තියෙනවා.

එක ආරාමයක පොඩි හාමුදුරුවරු කට්ටියක් ලස්සන පූස් පැටියෙක් එක්ක සෙල්ලම් කරනවා. එතකොට ගුරු හාමුදුරුවො ඒ ළඟින් වඩිනවා. පොඞ්ඩො ටික පූස් පැටියා දික් කරගෙන ගුරු හාමුදුරුවො ළඟට වඩිනවා. පූස් පැටියා ගත්ත ගමන් ගුරු හාමුදුරුවො උගෙ බෙල්ල කරකවලා මරලා විසි කරනවා. පොඩි හාමුදුරුවරු අන්දොස්. මේ තරම් අවිහිංසාව වදාරන, භාවනාව උගන්වන ගුරු හාමුදුරුවන්ගෙ ම්ලේච්ඡු ක‍්‍රියාව අදහාගන්න බැරුව ඒ ගොල්ලො තුෂ්නිම්භූත වෙනවා. ඒ අතරෙ එක්කෙනෙක් හයියෙන් හිනාවෙන්න ගන්නවා. එයා ඒ ගැප් එක ඇතුලෙ අවබෝධයට පත්වෙනවා.

මේක සාම්ප‍්‍රදායික ථේරවාදය ඇතුලෙ පැහැදිලි කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. එතනදි මේක ප‍්‍රාණඝාතයක් හෝ වෙන මොකක් හරි පාප කර්මයක් වෙන්න පුළුවන්. ඒත් සෙන් දර්ශනය ඇතුලෙ එහෙම දැඩි පණත් කෙටුම්පත් නෑ. හොඳ හෝ නරකට වඩා අදාල වෙන්නෙ අවබෝධයේ ඇති කරන පැල්ම. සතෝරිය.

ඔබේ මාර්ගයේදී ඔබට බුදුන් මුණගැහුනොත් වහාම මරා දමන්න... එක සෙන් ආචාර්යවරයෙක් තමන්ගෙ ශිෂ්‍යයන්ට උපදෙස් දෙනවා. ථේරවාදයට අනුව ඒක බුද්ධ ඝාතක ආනන්තරීය අකුසලයක්. ඒත් සෙන් දහමට අනුව බුදුන් පවා ඔබේ අවබෝධයේ බාධාවක්. එය ඉවත් කරන්න  ඕන.

දානයක් වගේම සාදයක් ආධ්‍යාත්මික පිළිවෙතක් වෙන්න පුළුවන්. ඒ සාදයේ සතුට, සිනහව, ඇතුළතින් විවෘත වීම භාවනාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව වගේ කඩුකේඩු, ගුලිවෙච්ච, යමක් නැවත ලබා ගැනීමේ අරමුණින් මිස පූර්ණ සිතින් දීම හුරු නොකළ සමාජයක සාදය දානයකට වඩා ඒ අර්ථයෙන් වැඩකරන්නත් පුළුවන්. බටහිරට දානය වැඩියෙන් අදාල වෙද්දි පෙරදිගට සාදය අදාල වෙන්න පුළුවන්.

මේ කාරණා මේ විදිහට සිද්ද වෙන්නෙ අදාල ක‍්‍රියාව ඇතලෙ තියෙන සවිඥණක බව, අවදි බව ඇතුලෙදි විතරයි. සමන්ත බද්දගේ කකුළු හොද්දෙ ඒ අභ්‍යන්තර විවෘත වීම, අවදි බව තිබුණද?

ගැටළුව තියෙන තැන එතනයි. බුදුන් මස් මාළු කන්න කිව්වද නැද්ද කියන එකේ නෙමෙයි. බුදු කෙනෙක් පටන් පෘතග්ජන සාමාන්‍ය මනුස්සයා දක්වාම කියන යමක් අදාල වෙන්නෙ ඊට අදාල සංදර්භයක් ඇතුලෙ විතරයි. බුදුන් වදාල ධර්මය අකාලිකය, සියලූ තැන්හි අදාලය වගේ පිළිගැනීම් මෝහයකට වැඩි දිහාවකට දක්කන්නෙ නෑ. බුදුන් වදාල කාරණා පවා අදාල දේශපාලන, සංස්කෘතික සමාජ වපසරියේ ලා තුලනාත්මක මෙන්ම මධ්‍යස්ථ වටහා ගැනීමක් නැතුව ගැඹුරු අවබෝධයකට යන්න පුළුවන් කියල මං හිතන්නෙ නෑ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික පිළිවෙත් හැටියෙන් ගන්නා දේවල් නම් වඩා ගැඹුරු ආත්මීය විශ්ලේෂනයක් නැතුව බාර ගැනීමම රෝගයක්. උදා විදිහට කොසොල් වගේ බඩජහරි රජෙකුට දුන් උපදෙසක් දවසට එක වේලක් කාලා ජීවිතේ ගැටගහගන්න අපේ උපාසක අම්මා කෙනෙකුට කොහෙත්ම අදාල වෙන්න විදිහක් නෑ. ඒ වගේම වජ්ජින්ට කියපු සප්ත අපරිහානීය ධර්ම ලංකාවෙ පාර්ලිමේන්තුවටත් කොහෙත්ම අදාල නෑ.

සමන්ත බද්දගේ කකුළු හොද්ද මට අබද්ද වෙන්නෙ ඒකෙ පිටතක් මිස ඇතුළතක් නොතිබුණු නිසයි. කේක් ගෙඩිය කපන්න එන සෝමා එදිරිසිංහගේ පටන් මල් ගහපු ලලනාවන්, අනේක අලංකාර සහ සැරසිලි හැම දේකම තිබුනෙ පිටතක්, එලියට පේන්න කරන යමක් විතරයි. ඒක ඇඞ් එකක්, සාම්ප‍්‍රදායික ථේරවාදය සමග ගැටෙමින් එයින් ප‍්‍රසිද්දියක් ලබා ගැනීමේ බාල වෑයමකට වැඩිය දුර යන්නෙ නෑ.

යම් කෙනෙක් තමන් තුල මස් මාළු නොකෑම නිසාම තමන් සිල්වත්ය, දියුණුය වැනි මාන්නයක් හදාගෙන ඉන්නවා නම්, ඒකම ඒ අයගෙ ඇතුළත ගමනට බාධාවක් නම් ඊට අදාල වෙන්නෙ ඒ ඒ අයට වෙන් කර දෙන කමටහන් හෝ පිළිවෙත් මිස මේ වගේ සැනකෙලි නෙමෙයි. අනෙක් පැත්තෙන් මේ උත්සවාකාරයෙන් මස් වැළඳීම හරහා ඇතිවෙන්නෙ ප‍්‍රතිවිරෝධයක් සහ ආතතියක් කියන එක පැහැදිලියි. කොටින්ම ඒ සමස්ත දානයම මස් මාළු කෑම වුනා මිස වෙන කිසිම ආධ්‍යාත්මික බෙදාගැනීමක් එතන තිබුනෙ නෑ. ඒක ප්‍රොටෙස්ට් එකක් විතරයි.  ඒක නිකාය භේදයට පස්සෙ ඇතිවෙන සාසනේ ඊළ`ග අවධිය. ආරාම භේදය. සමන්ත බද්දගේ ආරාමය, ඥානානන්දගේ ආරාමය, ධම්මාලෝකගේ ආරාමය, සසුන, පොඩි පොඩි සාසන කල්ට්.


සමන්ත බද්දගේ සාදයේ වෙන කිසි ආධ්‍යාත්මික ගුණයක් තිබුනෙ නෑ. හුදු ප‍්‍රචාරාත්මක වෑයමක් වඩා දියුණු ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් විදිහට ගැනීමේ වැරැුද්දයි අවුල වෙන්නෙ. මේ විදිහෙ නව අර්ත කථන හරහා වඩා පුළුල් ආධ්‍යාත්මික සම්බන්ධතා යෝජනා කරපු සීරියස් අය හිටියා. බද්දගේ හිස් ටින් එකක් වගේ වැඩ හින්ද හෑල්ලූ වෙන්නෙ ඒ සවිඥාණක උත්සාහයන්. පේන්න කරන හෝ ඇහෙන්න කියන දේ නෙමෙයි වැදගත් කාරණය. ඊට ඇතුලතින් දරන සමාධිය, ධාරණය මොකක්ද කියන එකයි. සමන්ත බද්දගේ ඇවතුම් පැවතුම් හෝ ඒ ඉරියව් වලින් පවා පළවෙන්නෙ එහෙම සීරියස් ධාරණාවකට වඩා බෙහෙත් ගන්න  ඕන තත්වයක්.

යම් අලූත් ආධ්‍යාත්මික අදහසක්, ප‍්‍රවේශයක් සමාජගත කිරීම මේ මොහොතෙ අවශ්‍යතාවයක්. සාම්ප‍්‍රදායික ආගම් වලින් විස්තර කරගන්න බැරි ආධ්‍යාත්මික අභියෝග ගොඩකට අද අපි විවෘත වෙනවත් එක්ක අලූත් ආගමක, සම්ප‍්‍රදායක උවමනාව බරපතල වෙනවා.  ඒත් සමන්ත බද්දගේ ආගම එහෙම ඇත්ත උවමනාවක ප‍්‍රකාශනයක් නෙමෙයි. ඒ වෙනුවට මීඩියා බලය, මුදල් බලය සහ ශාසනික (දේශපාලනික) බලය අත්පත් කර ගැනීමේ පහත් උවමනාවක් වෙනුවෙනුයි වැඩ කරන්නෙ. ඒකෙන් යම් ආතපාත නැති ආධ්‍යාත්මික සරණාගත පිරිසකට (නූතන බෞද්ධයා) බරපතල හානිවෙන්න පුළුවන්. ඒ සරණාගතබව අපේ රටේ බරපතල නිසාම ඒක ඔඩුදුවන්නත් පුළුවන්. ගොඩක් කමෙන්ට්ස් වල කියල තිබුණ විදිහට සමන්ත බද්දගේ ඊළඟ උපන්දිනය නයිට් ක්ලබ් එකක පැවැත්වෙන්නත් පුළුවන්. බුදුන් කියල තියෙනවද නයිට් ක්ලබ් නරකයි කියල? ඒ අතැවැසි උවැසි පිරිස් එතකොට අහන්නත් පුළුවන්.

මේක වැරැුද්දක් හෝ වහාම තහනම් කළ යුතුයි කියන එක නෙමෙයි මගේ අදහස. ඒ දේවල් පිළිකා මට්ටමෙන් පැතිරිය හැකි තත්ව අවම කරන වගකිව යුතු සමාජ දේහයක් තියෙන්න  ඕන. උදා විදිහට විවිධ මාධ්‍ය නාලිකා හරහා මාර ආන්ෙදා්ලනාත්මක විදිහට මේ ප‍්‍රවෘත්තිය විචිත‍්‍ර විශේෂාංගයක් විදිහට ඉස්සරහට ගැනීම මෙන්ම ඒ ගැන සාකච්ඡුා, වාද විවාද සංවිධානය කිරීම සිද්ද වුනේ සමන්ත බද්දගේ අබද්ද වෑයමට සහාය පළකරන හැටියටයි. සමාජයක ආධ්‍යාත්මික කාරණා විෂයෙහි ගනුදෙනු කරන එක ගොඩක් සෙන්සිටිව් වැඩක්. අනවශ්‍ය විහිළු වලට ඇයි මේ තරම් ප‍්‍රසිද්දියක් අවශ්‍ය? සමාජ දේහයක සාම්ප‍්‍රදායිකව පිළිගත් කාලාන්තරයක් මුළුල්ලේ මිනිස්සු හුරුකරපු ආධ්‍යාත්මික භාවිතාවන් එක්ක වගකීම් රහිත විදිහට සෙල්ලම් කරන්න ඉඩදීම සමන්ත බද්දගේ නෙමෙයි අනිත් අයගෙ වැරැද්දක්.

සමන්ත බද්දගේ වැඬේ අබද්ද වෙන්නෙ ඒකෙ ඇතුල හිස් හින්ද. ඒ පිට පොත්ත රකින්න ආධ්‍යාත්මික කියන වචනය පාවිච්චි කිරීම ඒ තේරුම ගණිකා වෘත්තියෙ යෙදවීමක් විතරක් හින්ද. සමන්ත බද්දගේ අබද්ද කකුළු හොද්ද මට රහ නැති වෙන්නෙ ඒකෙ තියෙන්නෙ බොරු පාට විතරක් හින්ද. හොඳට රහට ලූණු ගොරක ඇතුව පිහෙන හොද්දක පැහෙන්න කකුළුවෙක් වුණත් අකමැති වෙන එකක් නෑ. එහෙම හොද්දක් නං ඒක පැහෙන්නෙ පන්සලකද අගුපිලකද කියල ප‍්‍රශ්නෙකුත් නෑ.


චින්තන ධර්මදාස






15 comments:

  1. සෙන් බුදු දහම ගැන නාෙදැන සිටි බොහොමයක් දේවල් දැනගත්තා.... ඒත් ගැටුම් නැතුවා නොවේ

    ReplyDelete
  2. http://lankadaily.com/latestnews/featured/item/5530-2015-03-07-08-11-10

    ReplyDelete
  3. This is the best post I have read in this Samanthabadda b'day party issue. Well balanced, well written.

    ReplyDelete
  4. chinthana, mata hithenne oya zen katha dannawa unata theravadaya gana danne na kiyalai..theravadayedith budun osawa gena awabodayata path wenne na..budun mara damiya yuthui..ethanadi thama awabodayata path wenne..nathnam wenne budun wate karakawemin dance karala athal ekak ganna eka witharai..e nisa theravadaye athi budun mara dameema pilibandawath danuwath wenna..anith eka kenek siwurak age otha ganne budun paramadarshaya kota genai..e aya hithanawa budun kiyanne parama pavithra charithaya kiyala..ehi athi waradk na..e nisa e aya thaman kiyana karana de sadaraneekaranaya karanna budun karapu kiyapu de yoda gannawa..habai e dewal budunge paudgalika charya ratawa wenna puluwan..habai siwurak dagaththa ayata eka parama adarshayak..ehi gataluwak thiyenne siwurak noda gaththa ayatai..samanthabadrage danaya ho partiya advertisement ekak thamai..kenek thaman pilibanda danawanna advertisement karanda one..nathuwa ithin apiwa ganan ganda kenek swechchawen idiripath wenneth nane..budunuth ad damma ( sorry budunwa adarshayata gaththata)..ad eken thama loke duwanne..minissu anith miniha gana wisheshayak danaganne..anith eka oya kiyanawa samanthabadra ge danaya ho partiya athule his kiyala..mama kiyanawa oya waradi..buddagama poth wala liyapu kattiya liyala thiyenne appata siri meken wadak na..me hathilaw hama deyakma dukai, apita ada ada thama hama dama inda wenne .ayyo deiyane apita una de..dukama thama ranjani kiyalai..eth budun kiyanne duka ikmawa giya sapathak..ara poth path walin athal gaththa minissu anichche dukke sansare kiya kiya duka athal ekak karagena innawa..samanthabadra onna oya de kadanawa eka parata..dane partiyak karanawa..aththa..mokatada oka karanna puluwan nam anichche dukke sansare kiya kiya inne..night club scene ekath sirawata karanda puluwan..eken full athal nam anik unta eken kisi shareerika ho manasika awulak wenne nathnam night club ekaka danamaya partiyak thiyena eke awulak na..

    ReplyDelete
  5. film ekak gana liyala athal ekak gannawa wage newei meka..oya issella sen kathada arawada mewada kiyawa kiyawa athal gannawata wada hodai theravadaya kiyawala athal kudu karaganna eka..mokada oya patan gaththa thanama na gaththa..theravadaye budun mara dameema ananthareeya papa karmayak kiyala kattiya hithanawalu..aththa thama kattiya hithanawa thama..kattiya hitha hitha inna ewa oya liyanda giyoth thawa liyanda godak dewal thiyenawa..kattiya hithana ewa newe aththatama theravadaye thiyenne mokakda kiyala balanna..eke thiyenne budun , daham, sangun siyall mara dameemak..oya na gannawa me game gode upasaka ammala hithan inna ewa liyanna gihin..theravadaye budun mara dameema gamburin hadarala balanda..oyata hoda uththarayak hambei me moda lipiyata adalawa

    ReplyDelete
  6. anith eka chinthana kollo umba oya kiyana mohaya e kiyanne budun kerehi anda bakthiyen inna ona kiyana ekatama thama e kale shraddawa kiwweth..umba ithin okata wachana dala mohayai arakai mekai..umba dannawada mokak hari wedak karanda patan ganna kota ekata denda one full attention eka..nathnam e wade magadi mastha baldu wenawa..e kiyanne mokakda dannawada e kiyanne e wade gana hena bakthiyakin wiswasekin wadeta bahinda oni..eka andada nadda kiyala ithin wena ehekuta thama kiyanda puluwan..anna e wage awaboda karaganna yanakota mulinma anda bakthiyen thama wadeta bahinne..ohoma anda bakthiyen wadeta bahala tika kalayak yanakota therenawa meka ain karanda one kiyala onna anda bakthiya winasa karala danawa..anna ekata thama budn maranawai kiwwe..dn umbe gon moleta therunada kollo meke thiyena de?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරල මහන්සිත් ඇතිනෙ.... බොමුද සීතල වතුර වීදුරුවක් ??

      Delete
  7. සමබර විග්‍රහයක්.. ස්තුතියි...

    ReplyDelete
  8. ඇයි චින්තන මේ සිද්ධිය මෙච්චරම සීරියස් අරගෙන?

    ".....යම් අලූත් ආධ්‍යාත්මික අදහසක්, ප‍්‍රවේශයක් සමාජගත කිරීම මේ මොහොතෙ අවශ්‍යතාවයක්......" සමන්ත බද්දගෙන්????

    - Dimithri

    ReplyDelete
  9. මන් මේක කලිනුත් කියල තියෙනව, චින්තක තෙරවාද බුද්ධාගම ඉගෙන ගෙන තියෙන්නෙ සති අන්ත පත්තර වලින්. තෙරවාද බුද්ධාගම ගැන ගැඹුරින් ඉගෙන ගෙන ඒ ගැන කතා කරන්න එන්න කියල මන් චින්තකට ආරාධනා කරනව.

    ReplyDelete
  10. ස්තුතී සියළු පැහැදිළි කිරීම් වලට

    ReplyDelete
  11. //ඇවතුම් පැවතුම් හෝ ඒ ඉරියව් වලින් පවා පළවෙන්නෙ එහෙම සීරියස් ධාරණාවකට වඩා බෙහෙත් ගන්න ඕන තත්වයක්.//
    සියලු අන්තවාදීන්ට පොදු ලක්ෂණයක් නේද?

    ReplyDelete
  12. පොත් වල ලියා ඇති බුදුන්ගේ දහම මට කොහොමවත් අදාල නැත. ඒ අදාල වන්නේ බෞද්ද ඇකඩමියාවටයි. මට ථේරවාදී බුදුදහම ලෙස අදාල වන්නේ ලංකාවේ මුල්බැස ගත්, හාමුදුරුවරුන් විසින් කාලාන්තරයක් තිස්සේ බණට දෙසමින් රටේ ආධ්‍යාත්මයේ ගැඹුරේ තැන්පත් කළ, අප දැනුවත්ව සහ නොදැනුවත්ව මෙහෙයවන බුදු දහමයි. අලූවිහාරේදී පොතේ ලියූ පිටක තුන එක එක විදිහට අරුත් ගන්වන්නට පුළුවන් අතරම ඒ ලියා ඇති දේ ගැනද නානා ප‍්‍රකාර සංවාද ඇති කළ හැක. ඒත් වැදගත් වෙන්නේ සමාජ විඥානයක් ලෙස වැඩකරන බුදු දහමයි. පවතින දහම සහ නොපවතින දහම විදිහට මේ දෙක තේරුම් කර ගන්නට පුළුවන. හැමතිස්සෙම ථේරවාදය ගැන යමක් කියූ සැණින් ‘හොඳට කියවන්න’, ‘සැබෑ ථේරවාදී දර්ශනය මෙය නොවේ’ වගේ කතන්දර නිකංම හෙළුව වහගැනීමේ බුද්ධිමය උත්සාහයන් විතරය. බුදුන් සැබවින් කළ කී දේ ගැන කිසි කෙනෙකුට සැබෑ අදහසක් තිබිය නොහැක. කොටින්ම මේ ථේරවාදය යනුවෙන් කෙටුම්පත් කළ සියල්ල පවා මෝඩ ආනන්ද විසින් කටපාඩමින් කියූ දේය. ඉතින් ඇ`ගිල්ල දෙස නොබලා ඇ`ගිල්ල දිගු වන දිශාව ගැන හිතන එක වැදගත් කියලයි මගේ අදහස.

    ReplyDelete
  13. ramuwak athule idam meka balanna epa

    ReplyDelete
  14. Chintha didn't know the whole story and he just wrote about it.You just got trapped into frames.After marriage you have trapped into more frames than ever before and your creativity and bliss has started to fade away.

    ReplyDelete