Saturday, May 2, 2015

සුරතල්ද මාධ්‍ය?

19 සම්මත වුනා. තුනෙන් දෙකක් නෙමෙයි සරත් වීරසේකර ඇරෙන්න ඔක්කොම ඒකට අත ඉස්සුවා. නාමල් රාජපක්ෂ පවා.. විමල් වීරවංස පවා.. බොරු හේතු හදාගෙන හරි අන්තිමට අත ඉස්සුවා. අත උස්සන්නම බෑ වගේ අය නෑවිත් හිටියා. එතකොට ලංකාවෙ හිටපු එකම දේශපේ‍්‍රමියා සරත් වීරසේකරද?

19 නොගෙනෙන්න මැදමුලන පෙරමුන ද`ග දැම්මා. නානාප‍්‍රකාර විධි වලින් ට‍්‍රයි කළා. මුරුත්තෙට්ටුවෙ ආනන්ද වගේ තක්කඩි චීවරධාරීන්ව පිටපත් පවා නැතුව එලියට දැම්මා, විරෝධය පළ කරන්න. ඒත් ජනතා සංවිධාන වලට පුළුවන් වුනා ආයිමත් කඳවුරක් හදන්න. අවශ්‍ය වෙලාවෙදි පුරවැසි සංවිධාන විදිහට ශක්තිමත් මතයක් ඉදිරියට ගේන එකයි වැදගත්. මහින්දගෙ කාලෙ නම් මේ බලකිරීම් කිසි දෙයක්  ඕන වෙන්නෙ නෑ.

පණත දැනගන්නත් කලින් පණත සම්මතයි. ඒත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතගැටුම් තියෙනවා. තාම ඒක ගෙදර ගිය මහින්දගෙ පිළ සහ අනෙක් බහුතරය විදිහට ළාමක තැනක තිබුණත් එහෙම සංවාදයක් හැදෙන්න ඉඩක් නිර්මාණය වෙලා තියෙනවා. කොහොම වුණත් ජනතා බලවේග විසින් අන්තිමට මැදමුලනෙ මතය ෆ්ලැට් කරලා දැම්මා. එහෙම හ`ඩක් දැන් සමාජයෙ තියෙනවා. මට අනුව මේ දින සියයෙ සිද්ද විය යුතු වැදගත්ම කාරණා දෙක ඒක.

එකක් ආයිමත් නෛතික රාමුවක් පාලනයට අරගෙන එක. කොයිතරම් අවාසිදායක වුනත්, ඉවසීමේ සීමාවෙන් එලියට කොයිතරම් තදින් තල්ලූ කරනවා වුණත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ඇතුලෙ ඒවාට උත්තර හොයන එක. පිරිමි නෑ වගේ පෙනුනත් අමාරු දේ වෙන්නෙත් ඒක. මෛත‍්‍රීට ඒක කරන්න කොන්දක් තිබුන.

දෙවෙනි එක පුරවැසියා නැවත නිර්මාණය කරන එක. ඒක ආණ්ඩුවකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිවිල් සංවිධාන විසින්, ඇති වෙන අවකාශය ඇතුලෙ වැඩ කිරීම හරහායි ඒක නිර්මානය වෙන්නෙ. එහෙම නැවත සංවිධානය වීමේ අවකාශයන්, උවමනාවන් අලූත් පාලනය හරහා ඇති වෙලා තියෙනවා. ඒක මහින්ද විසින් අහෝසි කරපු නැත්තං තහනම් කරපු තත්වයක්. මහින්ද පාලනය කළේ පුරවැසියා රහිත සමාජයක්. භයානක විදිහට ලංකාවෙ බහුතරය ඒකට එක`ග වෙමින් හිටියා.

දවස් සීයක් ඇතුලෙ මේ වෙනස් තත්වයන් දෙක නිර්මාණය වීමම යහපාලනය ගැන ආඩම්බර වෙන්න පුළුවන් ප‍්‍රතිඵල විදිහටයි මං දකින්නෙ. පඩි වැඩ කළාද, බදු අඩු කළාද වගේ සිල්ලර කාරණා වලට වඩා මේ ආණ්ඩුවට කරන්න තියෙන වැඬේ බරපතලයි. නැවත රටට පිළිගත හැකි රාමුවක්, ශික්ෂණයක් අරන් එන එක. තමන්වම ශික්ෂණය කර ගැනීම හරහා ඒක කරන්න වෙන එක. ඒ දේට පපුව පුම්බගත්ත බයියෙකුට වඩා ඇත්තට දැවැන්ත පෞර්ෂයක්  ඕන වෙනවා.

තමන්ගේම බලතල කප්පාදු කරන්න තමන් විසින්ම සංශෝධනයක් ගෙන එන්න තරමට නිර්භීත වුණු පළවෙනි ජනාධිපතිවරයා විදිහට මෛත‍්‍රී ඉතිහාසගත වෙනවා. ඉතිහාසෙ කියන එකේ මොනවා ලියවෙයිද කියල මං දන්නෙ නැති වුණත් ඒක ඓතිහාසික පියවරක්. විධායකය අහෝ්සි කරන්න ජනතාවට දුන්නු පොරොන්දුව රකිමින්, විධායකයා විදිහට හිඳිමින් විධායකය අහෝසි කරපු එකම ජනාධිපතිවරයා හැටියට මෛත‍්‍රීට ඒ ගෞරවය හිමි වෙන්න  ඕන.

‘ඔය පුටුවෙ ඉඳගන්න කවුරුවත් ආයිත් නැගිටින්න හිතන්නෙ නෑ..’ කියලා සම්මත කරගෙන හිටපු ගොඬේ අදහස වෙනස් කරන්න පුළුවන් වුණු දියුණු ශික්ෂනයක් එයා පෙන්නුවා. ලොකු පවුල් පෙළපත් වලින් ආපු කිසිම නායකයෙකුට ඒ දේශපාලන ශික්ෂනය තිබුනෙ නෑ. බලය අත්හැරීම කියන කාරණය නායකත්වයේ ලකුනක් විදිහට ගෙන ඒම මෛත‍්‍රී පාලනයේ සුවිශේෂතාවක්. බයියෙක් වෙන්නෙ හෝ නොවෙන්නෙ ඉපදිච්ච බිම අනුව නෙමෙයි වැඩ කරන විදිහ අනුව කියන එක 19න් ඔප්පු කළා.

මේ අස්සෙ මාධ්‍ය නිදහසට තර්ජනයක් සිද්ද වෙන නීතිත් සම්මත වෙන්න යනවා කියල තව පැත්තකින් විරෝධයක් ආවා. විශේෂයෙන් සිරස වගේ මාධ්‍ය උඩ පැන පැන මේ ජනතා අයිතිය වෙනුවෙන් පෙනී හිටියා.
මැතිවරණ කාලෙකදි පක්ෂග‍්‍රාහීව ක‍්‍රියා කරන මාධ්‍යවල පාලනය මැතිවරණ කොමසාරිස් විසින් පත් කරපු බලධාරියෙකු අතට ගන්න පුළුවන් වෙන එක තමයි මේ හාහෝවට හේතුව වුනේ. මේ ගැන වද වෙවී ඉන්නවට වඩා 19 අනිත් කාරණා සම්මත වෙන එක වැදගත් හින්ද මේ කාරණය අධිකරනයට තියලා ආණ්ඩුව ඉතුරු ටික අරන් පාර්ලිමේන්තුවට ගියා.

අපිව හිතන්න පුරුදු කරලා තියෙන විදිහට බැලූ බැල්මටම මේක මාධ්‍ය නිදහස කප්පාදු කිරීමක් වගේ පේන්න පුළුවන්. එතකොට මැතිවරණයකදි වෙනස් මත දරන මාධ්‍ය මේ හරහා පාලනය කරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා. ඒත් මේ නීතිය අනුව තමන් යම් පක්ෂයකට සහාය දක්වනවා කියල එලිපිට කියලා මාධ්‍යයකට පුළුවන් තමන්ගේ පක්ෂග‍්‍රාහී මත ප‍්‍රචාරය කරන්න.

මේක ජනතාවට වැදගත් වෙන මාධ්‍ය නිදහසක කප්පාදුවක්ද? නැත්තං මාධ්‍ය ජාවාරම්කරුවන්ට අවාසි වෙන දේශපාලන තීන්දුවක්ද? වෙන විදිහකින් කිව්වොත් මාධ්‍ය වලින් ජනතාව ගලවා ගැනීමේ නීතියක්ද?
ජනමාධ්‍ය කිව්වට ඒකෙ තේරුම මේ කිසි මාධ්‍යයක් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක නෙමෙයි. ජනතාවට තමන්ගෙ මාධ්‍ය නිෂ්පාදන අලෙවි කරනවා කරන අදහස. මෙතනදි ඒ මාධ්‍යවල උවමනාව තමන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නා බවක් ප‍්‍රදර්ශනය කරන එක. ඒත් ඒක ජනතා රැවටීමක්.

පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාවෙ කවදාවත් කුඩු ගැන ප‍්‍රවෘත්ති මොකුත් නෑ. සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට කිව්වට ඒ චැනල් එකේ ප‍්‍රවෘත්ති ඔක්කොම ඒ නාලිකාවෙ හිටපු නිවේදකයො ගැන. දැන් ඒ ගොල්ලො මන්ත‍්‍රී නිවේදකයො. සත්‍යය පළමුව කිව්වට කොටස් වෙළඳපොලේ ජාවාරම් ගැන අන්තිමටවත් කියන්න අනිත් චැනල් එකට අමතක වෙනවා.

ජනමාධ්‍ය වලින් තවදුරටත් ජනතාවට තොරතුරු අරන් එන්නෙ නෑ. ඒ වෙනුවට මාධ්‍ය වලින් කරන්නෙ තමන්ට අවශ්‍ය තොරතුරු වසන් කිරීම. නැත්තං වෙනත් තොරතුරු හරහා ජනතාව නොමග යැවීම. එතකොට තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කියල මාධ්‍ය මේ මොහොතෙ ඇත්තට සටන් කරමින් ඉන්නෙ තොරතුරු විකෘති කිරීමේ අයිතිය රැකගන්න.

හැම මාධ්‍ය අයිතිකාරයෙකුටම ඒ අයගෙ සැ`ගවුණු දේශපාලන අරමුණු තියෙනවා. මාධ්‍ය වෙළඳාම කියන්නෙ අනිත් කිසි වෙළඳාමකට වඩා වෙනස් විදිහක එකක්. අනිත් හැම බිස්නස් එකකදිම නිෂ්පාදකයා විසින් තමන්ගෙ නිෂ්පාදනය ජනතාවට විකුණලා ලාභයක් ගන්න අරමුණු කරනවා. ඒ වෙනුවට මාධ්‍ය ලාභය වෙනුවට බලය අරමුණු කරගෙනයි මෙහෙයවෙන්නෙ. ලංකාවෙ හැම මාධ්‍ය ආයතනයක්ම පවත්වාගෙන යන්නෙ පාඩු පිට. ඒ පාඩුවට වඩා විශාල බලඅරමුණක උවමනාවෙන්.

මේ තත්වය අතිශය බරපතලයි. සමහර මාධ්‍ය ආයතන වලින් කරන්නෙම තුට්ටු දෙකේ නිවේදකයන් මහජන නියෝජිතයන් කරන එක. තමන්ගේ මාධ්‍ය හරහාම ප‍්‍රචාරය ලබා දෙමින් ඒ අයව එක එක පක්ෂ හරහා ඡුන්්ද වලට දානවා. ඒ නියෝජිතයන් හරහා ජනතා දේශපාලන පක්ෂවල නායකත්වයන්ට බලපෑම් කරන්න තරමට සදාචාර විරෝධී දේශපාලනයන් මේ මාධ්‍යවලින් කිසි බයක් හිරිකිතයක් නැතුව එලිපිට කරනවා.

මාධ්‍යවල ශික්ෂණය සඳහා නීති ගෙන ඒම අවශ්‍යයි කියලා ආණ්ඩුවට වැටහීමම ප‍්‍රගතිශීලී කාරණයක්. තමන්ට පක්ෂව වැඩ කළ මාධ්‍යයන්ට පවා එරෙහිව යමින් අවශ්‍ය නීති සම්පාදනයට කටයුතු කිරීම ඉතාම ගරු කටයුතු වැඩක්. ජනමාධ්‍ය කියන නමට සහ ඇන්දීමට මුවා වෙමින් මාධ්‍ය ජාවාරමේ යෙදෙන මේ තක්කඩින්ව වහාම පාලනය කරන්න  ඕන.

ලංකාවෙ කිසිම ටීවී චැනල් එකකට මේ වෙලාවෙ තමන් සත්‍යවාදී හෝ පිරිසිදුයි කියලා පෙනී ඉන්න බෑ. එකක අයිතිකාරයා කුඩු වෙළෙන්දෙක්. තව එකක කොටස් වෙළඳපොලේ ඞීල්කාරයෙක්. අනිත් එකේ පොලිටිකල් ගේම්කාරයෙක්. පත්තර ගත්තත් මේ තත්වයෙ වෙනසක් නෑ. එතකොට ජනතාව පෙනී ඉන්න  ඕන මේ අයගෙ නිදහස ආරක්‍ෂා කරන්නද?

නාලක ගුණවර්ධන මේ මාධ්‍ය ශික්ෂණය ඇතිකිරීම ගැන හොඳ සංවිධිත අදහසක් ගේනවා. ඒ විශ්ලේෂණය සහ පැහැදිලි කිරීම එයාගෙ බ්ලොග් එකේ පවර් පොයින්ට් එකක් විදිහට තියෙනවා. මාධ්‍ය ගැන යම් නීති හෝ රීති සකස් කරද්දි ඉතාම වැදගත් වෙන සහ සිතා බැලිය යුතු කාරණා නාලක ඞීටේල් ඇතුව විස්තර කරනවා.
විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය හරහා පුරවැසි මාධ්‍ය කලාප විවෘත වෙලා තියෙන මේ වගේ අවධියක ප‍්‍රධාන ධාරවෙ ජනමාධ්‍ය වල අවශ්‍යතාවය ආයිමත් ප‍්‍රශ්න කරන්න  ඕන එකක්. ජනතාව දැනුවත් කිරීම වෙනුවට මේ මාධ්‍ය හරහා සිද්ද වෙන්නෙ ජනතාව සීමා කිරීම වෙන්න පුළුවන්. පහුගිය අවුරුදු දහයක කාලයක පුරාම ජනමාධ්‍යවේදින් ඉටුකරපු කාර්යය හිතලා බලන්න විතරයි තියෙන්නෙ.

ඒ වගේම මේ මාධ්‍ය කොයිතරම් නූතනද කියන ප‍්‍රශ්නෙත් තියෙනවා. මේ වෙද්දි ටීවී බලනවා කියන්නෙම පරණ පරම්පරාවකට අයිතියි කියන තත්වයක්. දේශපාලන අතින් විතරක් නෙමෙයි සමලිංගික අයිතීන්, අපචාර වැළැක්වීම්, සමාජයේ රසවින්දනය වගේ සංස්කෘතික කලාප අතින් ගත්තත් මේ ජනමාධ්‍ය කරමින් ඉන්නෙ අතිශය පසුගාමී කටයුත්තක්. වෙන විදිහකට කිව්වොත් මැට්ටන් කරනවාට වඩා ජනතාවට ඒකෙන් සිද්ද වෙන සේවයක් නෑ.

මහින්ද තමන්ට අවශ්‍ය විදිහට මාධ්‍ය පාලනය කළේ පාර්ලිමේන්තුවට පනත් ගෙනල්ලා නෙමෙයි. උදේට දාන කෝල් එකෙන්. එතකොට තමන්ට නැතිවෙනවා කියලා නොදැණුන නිදහසක් මේ පණත නිසා නැති වෙයි කියල මාධ්‍ය වලට දැනෙන්නෙ ඇයි?

සමාජය ශිෂ්ට වීම, ශික්ෂණය වීම, සාධාරණ වීම කියන කාරණා වලට දේශපාලකයන් වගේම මාධ්‍ය අයිතිකාරයනුත් බයයි. ඒ අය තමන්ගේ බල සෙල්ලම කරගෙන යන්නෙ අවිචාරයේ මාළු බාමිනුයි. විචාරය, විනිවිදභාවය මාධ්‍යවලට කැඳවන කිසි නීතියකට ඒ අය කැමැත්තෙන් එක`ග වෙන එකක් නෑ.

මාධ්‍යවල අයිතිය සහ ඒ අයිතිකාරයන්ගෙ වෙනත් ව්‍යාපාර ආදිය ගැන විනිවිදභාවයක් මාධ්‍යවලට තියෙන්න  ඕන. තමන්ගේ මතය, තමන් පෙනී ඉන්නා පක්ෂය ගැන ජනතාව රැුවටීමකින් තොරව දැනුවත් කිරීමේ වගකීමක් මාධ්‍යවලට තියෙන්න  ඕන. ඒ වගේම මාධ්‍ය රැුවටීමෙන් නිදහස් වීමේ අයිතිය ජනතාවට තියෙන්නත්  ඕන.
ඒක ආණ්ඩුවෙන් ගේන්න  ඕන නීතියක් නෙමෙයි. මාධ්‍ය ශික්ෂණය කිරීමේ ඉල්ලීම් එන්න  ඕන පුරවැසියන්ගෙ පැත්තෙන්. මාධ්‍ය මගින් මෙහෙයවෙන ජනතාවක් වෙනුවට ජනතාව මගින් මෙහෙයවෙන මාධ්‍යයක් ඇති කිරීමේ ව්‍යායාමයක් මේ මොහොතෙ අවශ්‍යයි.
මාධ්‍ය නිදහස වෙනුවට මාධ්‍ය වලින් නිදහස කියන එක ජනතාවගේ සටන් පාඨයක් වෙන්න  ඕන.

-චින්තන ධර්මදාස

28 comments:

  1. "BATES" ඇඩ්වර්ටයිසින් ඒජන්සියේ වැඩකරන චින්තන ධර්මදාසගෙන් මම අහන්නෙ මාධ්‍ය නරක නම් ඇඩ්වර්ටයිසින් හොදයි ද කියලයි ???

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. hats off chintha. very well written

    ReplyDelete
  4. ලෝකෙ කොහෙවත් පරිපුර්ණ නිදහස් මාධ්‍යයක් නෑ.කොටින්ම බීබීසී සීඑන්එන් පවා එහෙමයි. ජනමාධ්‍යක් තම ස්වාමිත්වය අනුව යම් ස්ථාවරයක ඉන්න පුළුවන්.නමුත් අද ලංකාවේ වෙලා තියෙන්නෙ ඒක බොහොම අසික්කිත විදිහට කිසිම සදාචාරයකින් තොරව පාවිච්චි කිරීමයි.මහරජා කොම්පැනියේ ඔප්පුවක් පිලිබඳ ප්‍රශ්නය සිරසට බ්‍රේකින් නිවුස් එකක් වීමත්, කුඩු දුමින්ද උන්නැහේගෙ නඩුව හිරු නිවුස් වලට මිස් වීමත්,තිලංග සුමතිපාල ලක්බිම දේශපාලන ඕපාදුප තීරුවේ මේන් කැරැක්ටර් එක වීමත් ගාල්තැන්නේ කපුවා රත්තරන් පුජා කරන්න කියල ස්වර්ණවාහිනී නිවුස් වල කීමත් මේ හිරිකිත මාධ්‍ය සදාචාරයට උදාහරණ.ඇත්තටම අසල්වැසි ඉන්දියාවටත් වඩා එහා ගිය බොහොම ජඩ මාධ්‍ය කලාවක් ලංකාවෙ දැනට තියෙන්නෙ.ඉස්සර හොඳයි කියනව නෙමෙයි.අරක්කු වීදුරුවට ලියපු තක්කඩි තමයි ලංකාවෙ මාධ්‍ය ඉතිහාසෙ දැවැන්තයි කියන චරිත.හැබැයි අද ඊටත් එහා ගියපු මාද්‍ය කලාවෙ මුලික සදාචාරය වත් රකින්නෙ නැති හාම්පුතා වෙනුවෙන් රෙදි නැතුව වේසකමේ යන තැනට මාධ්‍ය කාරයෝ පත් වෙලා.සිරස කියන්නේ මේකට තියෙන හොඳම උදාහරණෙ.ජනතාව විසින් පත් කරපු නියෝජිතයෝ අල්ලස් හා වරදාන මගින් තමුන්ගෙ සාක්කුවට දාගෙන උන් ලව්වා තමුන්ට අවශ්‍ය විදිහෙ ප්‍රකාශන ලබා ගනිමින්, දේශපාලන පක්ෂ තමුන්ට ඕනෑ විදිහට නටවමින් එහෙම නටන්නේ නැති උනාම බාල විදිහට මඩ ගහමින් තමුන්ගෙ ගෝල බාලයෝ හැම පක්ෂයකටම රිංග වමින් ලංකාවේ දේශපාලනය වාර්තා කරනවා වෙනුවට තමුන්ට ඕන විදිහට නටවන සිරස නිවුස් ෆස්ට් මාධ්‍ය කලාව අද ලංකාවේ මාධ්‍ය පත් වෙලා තියෙන තැන ගැන හොඳම උදාහරණෙ.

    ReplyDelete
  5. මෙහෙම ඒකක් තියෙනවා

    උන්නු හැටියට මලා මදැයි.................... නේද???

    ReplyDelete
  6. Amila Jayachandra Liyanaarachchi - මාධ්‍ය සහ ඇඩ්වර්ටයිසින් කියන්නෙ එකිනෙක බැඳුනු දෙකක්. මට අනුවනම් ඇඩ්වර්ටයිසින් කමයි ප්‍රබල. හැබැයි ඇඩ්වර්ටයිසිං එළියට එන්නෑ මීඩියා වගේ. ඇඩ්වර්ටයිසින් හදන දේ මාධ්‍ය විකුණනවා. මේක ඇතුලෙ ඉන්න එකෙක්ට තමයි මේක හොඳටම විවේචනය කරන්න පුළුවන්. ඒත් එහෙම කරන උන් අඩුයි. චින්තනට එහෙම විවේචනයක් තිබීම හොඳ දෙයක්. හැබැයි මීඩියා නරකයි ඇඩ්වර්ටයිසින් හොඳයි කියන්නේ නැතුව. මම දන්න විදියට චින්තනට මේ දෙකම ගැන විවේචන තියෙනවා

    ReplyDelete
  7. Reply Of Amila Jayachandra Liyanaarachchi's comment of FB (https://www.facebook.com/photo.php?fbid=10205644573969037&set=a.1329829081184.2048776.1094694722&type=1&theater&notif_t=photo_comment)

    Dasun Rajapakse -
    " මම දන්න විදියට චින්තනට මේ දෙකම ගැන විවේචන තියෙනවා"
    ****
    එයාට තියෙන විවේචන එයා බ්ලොක් එකේ ලියනවා... ඊට පස්සේ ඒව කෘතියකට ගොනු කරල විකුණනවා. මේ සම්බන්ධයෙන් ඔයා තුළ තියෙන අදහස ඉදිරපත් කරනවට වඩා චින්තන ධර්මදාසට තියෙන අදහස එයා මෙම පෝසුටුවට ඉදිරිපත් කරන්නේ නම් අපිට හොද සංවාදයක් ගෙනියන්න පුලුවන්. එයා ලියල තියෙන අදහස් කෘතියක් වුනාට පස්සෙ ඒක මිලදී ගන්න පුද්ගලයන්ට ඒක අනිවාර්යෙන්ම වැදගත්

    ReplyDelete
  8. @දසුන් : වෙළඳ ප්‍රචාරණයේදී භාණ්ඩයක් සේවාවක් හෝ පුද්ගලයෙක් මාකට් කිරීම තමයි මූලික අරමුණ. නමුත් මධ්‍යකින් මිනිස්සු ස්වාධීන මතයක් බලාපොරොත්තු වෙනවා. චින්තන මෙතනදි මතුකරන කාරණය 19 වෙනි සංශෝධනයේ මාධ්‍ය පිලිබඳව තිබුන වගන්තිය සාධාරණ දෙයක් බව. ආටිකල් එකක් කියවලා එකේ නැට්ටෙන් අල්ලගන්නෙ නැතුව එකේ ගැබ්වෙලා තියෙන කරුණු කාරනා අවබෝධ කරගෙන ප්‍රශ්න කිරීමක් කලයුතුයි නේද?

    ReplyDelete
  9. දසුන් නිකං පණ්ඩිතයා නොවී ලියපු දේ කියවපන්. උඹ චින්තනව දාන්න එක මේකට අදාල නෑ නේද ?

    ReplyDelete
  10. දසුන් ඔයාට රිදුනේ මාධ්‍යවේදියෝ කැතයි කියල චින්තන කියන එකද? ඔයා ඒක පුද්ගලිකව ගන්නෙ ඇයි? ඔයා මාධ්‍යවේදියෙක්ද? ඔයාට ඒ රස්සාවත් හරියට කරගන්න බැරුව එලියට වැ‍ටුන කෙනෙක්නෙ. එන්න දසුන්, යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දෙන්න. ඔයා පොරක් කියල ලෝකෙටම පෙන්නන්න. අපි ඔයා එනකම් බලාගෙන ඉන්නව. චින්තනගේ ආටිකල් එක ගැන සංවාදේ අපි මෙතන කරමු.

    ReplyDelete
  11. වසන්ති හුරතල්ද?

    ReplyDelete
  12. දසුන් කියන පුද්ගලයා ගැන කෙනෙක් අදහස් කිහිපයක් ඉදිරිපත් කරල තියෙනවා. මුලින්ම එයාට කියන්නේ ඒ කිසිම දෙයක් දසුන්ට අදාළ නැහැ කියලයි. දසුන් හිස් කියල දන්නවා නම් එයා එහෙම ලියන් නැහැ.
    මම අහන්නේ සරළ ප‍්‍රශ්නයක්.
    ජනමාධ්‍ය නරක නම් ඇඩ්වර්ටයිසින් හොදයිද ?
    මෙම ලිපිය චින්තන ධර්මදාස ලියල තියෙන නිසා අදාළ පැහැදිළි කිරීම ඔහු විසින් කරන්නේ නම් මේ බ්ලොග් එක බලන අනිත් අයටත් ප‍්‍රයෝජනවත්.

    ReplyDelete
  13. යමෙක් තමා ගැන ප්‍රථම පුරුශයෙන් අමතන්නේද, ඔහුට ඇත්තේ පොරක් වීමේ ආසාවයි. තැන තැන බණ දෙසීමට පෙර තමන් තලනා බණ කියවන මෙන් දසුන්ට යෝජනා කරමි.

    ඔබට මා ඇබිත්තයෙකැයි කියුවහොත් එය ඇබිත්තයන්ට කරන නිගාවකි. ඇබිත්තයා ලොකු හාමුදුරුවන් දෙසන දහම නොදනිතත් ගාථාවක් හෝ දනිති. ඔබ සිටින්නේ ඊට බොහෝ පහල මට්ටමකය. ඔබගේ හැසිරීම සමාන කල හැක්කේ තේරුම් රහිතව සියල්ලන්ටම බුර බුරා යන පංසලේ බල්ලාට පමණි.

    ReplyDelete
  14. To - Anonymous
    සාමූහික දේශපාලන දැනුම පත්තර කඩමලුවලින් විකුණාගෙන කෑ ඇඩ්වර්ටයිසින්කාරයන් සහ ජඩමාධ්‍යවේදීන්ට රිදිල වගෙයි.. අවශ්‍ය නම් මේ තක්කඩින් සිදුකළ දේවල් ගැන පොත් ගැසීමටපවා තොරතුරු ඇත. අපේ පරම්පරාව මේ තත්ත්වය ගැන අවබෝධයෙන් ඉන්නේ.. ඒ නිසා 2000 දශකයෙදි වගේ දගලන්න නම් ටිකක් අමාරුයි.

    ReplyDelete
  15. දසුන් ඔබට තක්කඩි ගැන කියන්න යමක් තිබේ නම් පුස් තර්ජන වලින් තොරව ඒවා ඉදිරිපත් කල යුතුයි. මොකද ඔබ ඒවා හංගාගෙන ඉන්නේ ඔබගේ මල්වර මංගල්ලයේදී එළිදැක්වීමටද?

    ReplyDelete
  16. ඇයි හැමවෙලේම අහන ප‍්‍රශ්නය මග අරින්නෙ? චින්තන ධර්මදාස දේශණා කරන බණ ග‍්‍රන්ථාරූඩ වුනාම කඩසාප්පු වලින් ඒව මිල දී ගන්න මිනිස්සු මී හරක් කියලද හිතාන ඉන්නෙ?? පොර වෙන්න අවශ්‍ය නම් මමත් මේ වගේ බ්ලොග් එකක් පටන් අරගෙන පොර ටෝක් දීල ඒවයින් පොත් ගහල මගෙ මීඩියා කොන්ටෑක්ට් පාවිච්චි කරල ඔයිට වඩා හොදට කැරිස්ම එකක් හදාගන්න දන්නවා.. මම නැවත චින්තන ඹර්මදාසට කියන්නෙ මාධ්‍ය නරක නම් ඇඩ්වර්ටයිසින් හොදයිද?? ඒක පහදන්න, වටේ යන්නේ නැතිව..

    ReplyDelete
  17. දසුන්, කෝ ඔයාගේ තක්කඩි කරා කියන දේවල්? චින්තන පොත් පළකරන එකට ඔබට ඉරිසියාවක් ඇත්නම් ඔය තක්කඩි ගැන තියෙන තොරතුරු ඇතුලත් කරල පොතක් පලකරන්න.

    ReplyDelete
  18. කේ.ජී ගහලද ඉන්නෙ ඔ්යි ?? අහන ප‍්‍රශ්නෙට උත්තර දෙනවකො ?

    ReplyDelete
  19. 19 වෙනි සංශෝධනයේ මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ, නමුත් සම්මත නොවූ වගන්තිය ගැන මහාචාර්ය දසුන් රාජපක්ෂ මහතා ගේ අදහස කුමක්ද? චින්තන ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස පැහැදිලිව දක්වා ඇත.

    මහාචාර්යතුමාගේ පිළිතුර අනුමාන කර වටිනා ත්‍යාගයක් දිනා ගැනීමට ඔබට අවස්තාව.

    A. ප්‍රශ්නයට පිලිතුරක් නොලැබෙන අතර චින්තනගේ සමාජ ජීවිතයේ හෝ ලිංගික ජීවිතයේ අප නොදු‍ටු පැතිකඩක් මහාචාර්යතුමා අපට පෙන්වා දෙනු ඇත
    B. මහාචාර්යතුමා අද දින තුල මෙම සංවාදයට නැවතත් දායක නොවන අතර හෙට දිනයේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක් සමග නැවත පැමිනෙනු ඇත.
    C. මහාචාර්යතුමා තම සගයන් සමග පැමිණ චින්තනගේ චරිතාපදානය ඉදිරිපත් කරනු ඇත.
    D. වෙනත් පිළිතුරක්

    ඔබගේ පිළිතුර 7777 ට SMS කරන්න.

    ReplyDelete
    Replies
    1. මහාචාර්යතුමාට මෙතන අමාරුයිලු. ඒසී නැති නිසා.

      Delete
  20. මම හිතන්නේ මේවා චින්තනම හදා ගත්ත ප්රෝෆය්ල් වලින් ඌම ඌට බැනගෙන.
    ෂෝක් සංවාද පොඩ්ඩ ! lol

    ReplyDelete
    Replies
    1. මේ ෆේක්බුක් ප්‍රොෆයිල් එකත් චින්තන හදපු එකක්ද?

      https://www.facebook.com/photo.php?fbid=10205644573969037

      Delete
    2. ලොකු හාමුදුරුවොන්ගෙ අනිත් සුනඛයත් ඇවිත්...

      Delete
  21. Chinthana Dharmadasa
    Answer my question....

    ReplyDelete
    Replies
    1. Dasun Rajapaksha, Chinthana wrote about the 19th amendment and we would like to hear your expert views about that. Why don't you share your views first. Chinthana's target was to discuss further about the impact of 19th amendment.

      Delete
    2. Dasun Rajapakshe
      Piss Off

      Delete
  22. මේ ලිපියේ බේස් එක 19 නෙවෙයි චින්තක අයියෙ.. කතිකා ලෝකයෙ පොන්නයොත් ඉන්නවා කියලා ඔයාගේ පිළිතුරු දීමේ විලාශයෙන් තේරුම් ගියා.. රොහාන්ගෙන් ඉගෙන ගත්තහම ඔහොම තමයි. මොනවා කරන්න ද?? සංවාදය ඉවරයි.

    ReplyDelete
    Replies
    1. රොහාන් නරක නම් කවුද හොඳ? ලොකු ජුන්ඩා හාමුදුරුවොද?

      Delete