Thursday, August 11, 2016

ළිදේම සිටීම මැඩියන්ගේ අයිතියකි



ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ඇතිවෙලා තියෙන සංවාදය ටිකක් නෙමෙයි ගොඩක් විකාරරූපී එකක්. ඒත් ඇත්තටම අපේ වගේ රටවල අධ්‍යාපනය හැසිරෙන්නෙ කොහොමද සහ එයින් නිෂ්පාදනය වෙන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඒක හොඳ සංදර්භයක් සපයනවා. මේ සංවාදය වඩාත් ආකර්ශනීය වෙන්නෙ මේකටම ගැටගැහිලා සයිටම් එකෙන් පුද්ගලික දොස්තරලා බිහිකරනවාට එරෙහි අරගලයකුත් දියත් වෙන නිසා. 

මේ වෙනුවෙන් ‘නිදහස් අධ්‍යාපනය සුරකිනු’ කියල බෝඞ් ලෑල්ලක් ගහගෙන මං පොඩිකාලෙ ඉඳන්ම අහපු සටන් පාට කියමින් ආචාර්ය මහාචාර්ය සහ ශිෂ්‍ය අනුගාමික පිරිසක් එක පැත්තක ඉන්නවා. ‘අධ්‍යාපනයේ නිදහස සුරකිනු’ කියලා තව බෝඞ් ලෑල්ලක් ගහගෙන තවත් ආචාර්ය මහාචාර්ය ශිෂ්‍ය අනුගාමික පිරිසක් අනිත් පැත්තෙ ඉන්නවා. ඒතනදි අලූත් අදහසක් තියෙන්නෙ දෙවෙනි කට්ටියට. පලවෙනි එක ටිකක් පිළුනුයි.
ෆේස්බුක් වගේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මීඩියා නිසා  ඕනම බුද්දිමතෙක්ගෙන් නැවත හැරිලා ප‍්‍රශ්න කිරීමේ අයිතියක් හැදිලා තියෙනවා. ඒක නිසා ‘කියවලා එන්න’‘තව හදාරන්න’ වගේ ඇකඩමික් තගවල් වැඩකරන්නෙ නැතුව යනවා. ඉස්සර නම් මාධ්‍ය කීපයකට ඇවිත් ඒ සිවිල් ආරක්ෂාව යටතේ තමන්ගෙ මතය දමා ගැසීමෙන් සහ මහජන පුස්තකාලෙ රැුස්වීමක් පැවැත්වීමෙන් තමන්ගෙ තත්වය ආරක්ෂා කරගන්න බුද්දිමතුන්ට පුළුවන් වුණා. ඒත් දැන් ඒ අය කොයිතරම් අකමැති වුනත් ඊට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් විවෘත වෙලා තියෙනවා. 

මේ විදිහට හිත හිත ඉන්නකොට එක දවසක් විශ්ව විද්‍යාල ප‍්‍රයිවෙට් කරන එක ගැන කරපු ‘විද්වත්’ වර්ගයේ සාකච්චාවක් යූටියුබ් එකේ තියෙනවා දැක්ක. ඉස්සරහට ලියන්න යන අදහස් ඇත්තටම ඉන්ස්පයර් වුනේ ඒ සාකච්චාවෙන්. (ලින්කුව පහතින්)

අධ්‍යාපනය ප‍්‍රයිවටයිස් වෙන එකෙන් සිද්ද වෙන්න පුළුවන් මොකක්ද? මේකට විරුද්දව පෙනී ඉන්න කට්ටියට අනුව මේකෙන් අධ්‍යාපනයේ තත්වය බාල වෙන්න පුළුවන්. තරගය ඇතුලෙ කොලිටිය බාල වෙනවා කියල ඇහුවමයි මම. එතනදි අමතක කරන කාරනේ වෙන්නෙ කොලිටිය නැත්නම් ගුනාත්මකය කියන එක පටන්ගන්නෙම තරගය ඇතුලෙ කියන එකයි. සමස්තයක් හැටියට නැත්තං පුළුල්ව දෙයක් දිහා බලන්න තියෙන නොහැකියාවෙන් පෙලෙන්නෙ නැති   ඕන කෙනෙකුට තරගය හරහා  ඕනම අංශයක ඍජුව සහ වක‍්‍රව සිද්ද වෙන ගුනාත්මක වර්ධනයන් දැකගන්න පුළුවන්. බාල දේවල් ගොඩක් ප්‍රොඩියුස් වෙනවා නම් ඊළ`ග මාර්කට් එක හැදෙන්නෙ ඊට වඩා යම් පමණක් හෝ කොලිටි ප්‍රොඩක්ට් එකකට. පරිභෝජනය කළ හැකි පිරිස අඩු වෙන්න පුළුවන්. ඒත් ඒක නැවත සමස්තයේ කොලිටිය ඉහල නැංවෙන්න බලපානවා. උදා විදිහට අද අපි පාවිච්චි කරන චයිනීස් ෆෝන් එකක් වුනත් සාපේක්‍ෂව ඉහල කොලිටියක් මේන්ටේන් කරනවා. 
ආර්තික විද්‍යාව පැත්තකට දැම්මත් මේ කොලිටි ප‍්‍රශ්නෙදි සාමාන්‍ය පෘතග්ජන ජනතාවට එනවා ප‍්‍රශ්නයක්. ඒ තමයි, 
එතකොට දැනට මේ පවත්වාගෙන යන අධ්‍යාපනයේ කොලිටිය මාරයිද? 

ඒක ගොඩදාන්න ප‍්‍රයිවෙට් අරහං පිරිස නැවත යෝජනා කරන්නෙ රාජ්‍ය කළමනාකාරීත්වය. මේ රටේ ආචාර්ය මහාචාර්යවරු නොවෙන  ඕනම සාමාන්‍ය මනුස්සයෙක් දන්න කාරණයක් අපේ රටේ ඒ රාජ්‍ය කටයුතු කොයි වගේද කියන එක.

මේ සාකච්චාවෙදිම ප‍්‍රයිවෙට් එපා කියන පැත්තට කතා කරන ආචාර්යවරයෙක් පැහැදිලිව කියනවා ලංකාවෙ ඒ ලෙවල් වලින් කැම්පස් එකට තෝර ගැනීමේ ක‍්‍රමයෙ ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා කියල. කිසිම දෙයක් කරගන්න විශාල පිරිසක් ආර්ට් ෆැකල්ටිවලට තෝරගන්නවා කියල. මේ තෝරා ගැනීමේ වැරැුද්ද කරන්නෙ ඒ කියන රාජ්‍ය ක‍්‍රමයම තමයි. මං දන්න කාලෙ ඉඳන් අහන මේ අවුලට තාම විසඳුමක් හදාගන්න බැරි රාජ්‍ය අංශයට නැවත අධ්‍යාපනය පැවරිය යුතුයි කියන එකේ සිහිබුද්දිය මොකක්ද?

තව මාර කතා වගයක් එයා කියනවා. තොග පිටින් එලියට දාන උපාදිදාරීන්ට රැුකියා නැති වීම උපාදියෙ ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඒක ආර්තික කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රශ්නයක් කියල එයා බෝලෙ කැම්පස් එකෙන් එලියට දානවා. එතකොට ඒ ආර්තික කටයුතු අමාත්‍යංසෙ ඉන්නෙ කවුද? ඒ අය මේ විශ්ව විද්‍යාලවල උපාදිදාරීන් නෙමෙයිද? මේ රටේ ආර්තික ප‍්‍රතිපත්තිවලට උපදෙස් දෙන ඒවා සකස් කරන අය මේ කැම්පස්වලින් එලියට ආපු අය නෙමෙයිද? එතකොට මේ දැවැන්ත අර්බුදයට හේතුවම නැවත රාජ්‍ය අධ්‍යාපනයේ අවුල නෙමෙයිද?

අධ්‍යාපනයේ ගුනාත්මක තත්වය ගැන උනන්දු වෙන මේ පිරිස කවදාවත් තොග පිටින් උපාදිදාරීන් රාජ්‍ය සේවයට බඳවාගනිද්දි ඒකට විරුද්ද වෙන්නෙ නෑ. මේ තොග පිටින් සහතිකය විතරක් හින්ද රස්සාවලට ගන්නා පිරිස් නිසා රාජ්‍ය අංශයෙන් විශාල ජනතාවකට සැපයෙන සේවාවන් පිරිසක් අර්බුදයට යාමේදී මේ අයට කොලිටිය ගැන කිසි කතාවක් නෑ. 

මේ ආචාර්යවරයා පැහැදිලිව කියනවා විශ්ව විද්‍යාල වලින් සැපයෙන්නෙ ක‍්‍රිඩෙන්ෂල් එකක් කියල. ඊට පස්සෙ කියනවා අපේ අධ්‍යාපනය ඉස්සරහින් ආර්තිකය පස්සෙන් කියල. ඒක හින්ද උපාදිදාරීන්ට රැකියා නෑ කියල. ක‍්‍රිඩෙන්ෂල් වලට දෙන අධ්‍යාපනයක් කොහොමද මර්වින් සිල්වාට දෙන ආචාර්ය උපාදියකින් වෙනස් වෙන්නෙ? එතකොට විශ්ව විද්‍යාල ඇතුලෙ අධ්‍යාපනය යනු තවදුරටත් දැනුම නෙමෙයි. අධ්‍යාපනය යනු සහතිකයක්. මොකද්ද මේ සහතිකය?

මෙතනදි මේ ආචාර්යවරයා විසින්ම අතිශය හිරිකිත කතාවක් කියනවා. ඒ කතාව අධ්‍යාපනය පුද්ගලීකරණය ගැන සංවාදය ඇතුලෙ ඉන්න අය නැවත නැවත අහන්න  ඕන එකක්. එයා කියනවා, විශ්ව විද්‍යාල වලින් දෙන්නෙ අධ්‍යාපනයක් නෙමෙයි සමාජ සහතිකයක් කියල. ඒක ආවාට ගියාට දෙන්නත් බෑ කියල. 
ඒකයි අධ්‍යාපනය පුද්ගලීකරණයට විරුද්ද ඇත්ත තැන.

විශ්ව විද්‍යාලවලින් අපිට සමාජ සහතික  ඕනද? මේ කියන්නෙ සමාජ තත්වය ගැන රදල වැඩවසම් කතාවක් නෙමෙයිද? මේක බමුණු කුලයක් ගැන අදහසක් නෙමෙයිද? විශ්ව විද්‍යාලවලින් අවශ්‍ය දැනුම හෝ හැකියාව වෙනුවට සමාජ තත්වයක් සහතික කිරීමේ අදහසම මේ විද්‍යාල වර්තමානයට නොගැලපෙන වගට සහතිකය නෙමෙයිද?

අධ්‍යාපනයේ තත්වය ගැන කතා කරාට මේ ප‍්‍රයිවෙට් විරෝදී පිරිස ලෝක මට්ටමේ රෑන්කින් පිලිගන්නෙත් නෑ. අපේ කතාවෙ ප‍්‍රධාන චරිතය විදිහට එන ආචාර්යවරයා ඒ ගැන ලොකු අධ්‍යනයක් කරලා ඒ රෑන්කින් අපිට පිළිගන්න බෑ කියල ඔප්පු කරනවා. ඒක මාර සොයා ගැනීමක්. 

එතකොට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ඉන්න ඉදිරිපෙල චරිත විදිහට මේ රෑන්කින් අවුල ගැන මේ අය මොනවද කළේ? අධ්‍යාපනය කියන්නෙ ලොකු වෙළඳපොලක්. අපේ රටේ අධ්‍යාපනය අසමසම මට්ටමකින් තියෙද්දිත් ලෝකය මේ විදිහට ඒ තත්වය අවතක්සේරු කිරීමට එරෙහිව අඩු ගානෙ කලාපයටවත් එකග විය හැකි රෑන්කින් ක‍්‍රමයක් මේ අය අඳුන්නලා දීලා තියෙනවද? ඒ වගේ රෑන්කින් ක‍්‍රමයකට අඩු තරමෙ කලාපයවත් එකග කර ගන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවද? ඇකඩමික්ලා විදිහට තමන්ගෙ වගකීම මේ අය ඉටු කරලා තියෙනවද?

මේක මහින්ද රාජපක්ෂ වර්ගයේ සිතීමක්. ලෝකෙ අඩුම බජට් මාර එෆිෂන්ට් හෙල්ත් සර්විස් එක කියල ලෝකෙ රෑන්කින් අනුව ලංකාව පිළිගනිද්දි ඒකෙ අවුලක් නෑ. රටේ ඇත්ත සෞඛ්‍ය වියදම මේ බජට් එකේ පරාවර්තනය වෙන්නෙ නෑ නේද කියල ඒ අයට මතක් වෙන්නෙ නෑ. ඒත් රජයේ කැම්පස් ටික ?න්කින් වලින් එහා කොනට විසි වෙද්දි ඒ ?න්කින් අවුල්. ඒවා විදේශීය කුමන්ත‍්‍රණ.

තමන්ගෙ සමාජ තත්ව සහතිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ අය සටන් වැදීම ස්වබාවිකයි වගේම වෙන්න  ඕන දෙයක්. ඒත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න රටේ මිනිස්සුන්ට තියෙන උවමනාව මොකක්ද? අධ්‍යාපනය පෞද්ගලීකරණය හරහා අභියෝග වෙන්නෙ ඒ සමාජ සහතිකය නම් කළ යුත්තෙ වහාම ඒ ක‍්‍රියාවලිය ඉක්මන් කරන එකයි. රදල වැඩවසම් අගයන් පුළුවන් තරම් ඉක්මනට වලදාන්න කටයුතු කරන එකයි.

මේක චිත‍්‍රපටි වලදිත් වුනා. ලංකාවට ඩිජිටල් කැමරා ගේනකොට ඒ ක්‍ෂේත‍්‍රයේ දැනමුත්තො කිව්වෙ, දැන් ඉතින් කොල්ලයි බල්ලයි ඔක්කොම ෆිල්ම් හදයි කියල. එක එක කඩතුරා වලින් වහගෙන හිටපු තමන්ගෙ වැඩවසම් ආදිපත්‍යයන් හෙල්ලෙන කොට ප‍්‍රතිවිරෝදයන් එනවා. ඒත් තාක්‍ෂණය විසින් අනිවාර්යෙන්ම පරණ සිස්ටම් එක පරාද කරනවා. උදා විදිහට ඉන්ටර්නෙට් එක විසින් රාජ්‍ය උසස් අධ්‍යාපනයේ ඔය කියන අගය දෙකේ කොලේට වට්ටනවා.

පුද්ගලික විශ්ව විද්‍යාල හරහා තොග පිටින් උපාදිදාරීන් බිහි වුනාම මොකද වෙන්නෙ? එතකොට උපාදියට රස්සාවක් කියන කතාව ඉවර වෙලා යනවා. ඒ වෙනුවට දක්ෂතා ඇති අයට රැුකියා වෙළඳපොල විවෘත වෙනවා. උපාදිදාරීන්ට රැුකියා නැති වීම ආර්තික කටයුතු අමාත්‍යංසෙ ප‍්‍රශ්නයක් කියපු ආචාර්යවරයා නිතරම අමතක කරන්නෙ තමන් ජීවත් වෙන යුගයයි. මේ උපාදිදාරීන් ඔය කියන තරම් ගුනාත්මක නම් ආසාර්තක රාජ්‍ය යාන්ත‍්‍රනයෙන්ම රැකියා ඉල්ලන්නෙ ඇයි? තමන්ගේ හැකියාවෙන්, තමන්ගෙම අදහස් ආයෝජනයෙන් ස්ටාර්ට්-අප්ස් වගේ දේවල් පටන් ගන්නෙ නැත්තෙ ඇයි? අන්තිමට කිසිදු නිර්මාණාත්මක හැකියාවක් නැති සමාජෙන් යැපෙන්නො පිරිසක් බවට පත්වෙලා තියෙන්නෙ ඇයි?

මේක සිතීම ගැන ප‍්‍රශ්නයක්. අභ්‍යන්තර තත්ව පාලන ක‍්‍රම හරහා තමන්ගෙ හැකියා පුහුණුව යම් මට්ටමකින් පවත්වාගෙන යන වෛද්‍ය අංශයට පවා මේ සිතීමේ බංකොලොත් බව අදාලයි. වෛද්‍යවරුන් සයිටම් එකට විරුද්ද වන්නේත් මූලිකවම මේ සමාජ තත්ව සහතිකය අර්බුදයට යාමේ වැඩවසම් ප‍්‍රශ්නය උඩයි. ඒ කිසිදු නිර්මාණාත්මක දැක්මක් වර්ධනය කරගෙන නැති නිසා තමන්ගේ හැකියාව (ස්කිල් එක) ලේසියෙන්ම තවත් කෙනෙකුට රිප්ලේස් කළ හැකි බව දන්නා නිසයි. එතකොට ජනතාවගේ පැත්තෙන් මට කියන්නෙ තියෙන්නෙ මොකක්ද?

‘බළලා මැට්ටෙන්ද ලීයෙන්ද කියල මට අදාල නෑ. ඌ මීයො අල්ලනවා නම්...’ 

මේ මාතෘකා කරගත් යූටියුබ් වීඩියෝවෙ එක තැනකදි මේ ප‍්‍රධාන ආචාර්යවරයාට සපෝර්ට් එක පිනිස තව අචාර්යවරයෙක් උදාහරනයක් ගේනවා. ඒ උදාහරනෙ ඇත්තටම මරු තැනක් පෙන්නනවා මේ ප‍්‍රයිවෙට් විරෝදී සිතීමේ දුප්පත්කමට.

ඔන්න එයා අහනවා,
‘තරගය ඇතුලෙ ගුනාත්මක තත්වය වැඩිවෙනවා නම් ඉස්සර ගුවන් විදුලි සංස්තාවෙ තිබුන ගුනාත්මක තත්වය දැන් ඔය කිසි රේඩියෝ චැනල් එකක තියෙනවද?’ 

එතකොටම අනිත් ආචාර්යවරයා කියනවා, අද ටෙලි නාට්‍ය කලාවට මොකද වෙලා තියෙන්නෙ? (ඉස්සර තිබ්බ එක කොච්චර හොඳද) කියල.

මේක අහපු ගමන් මාව ෂොක් වුනා. ලංකාවෙ ගුවන් විදුලි සංස්තාව කියන්නෙ මොකක්ද? තමන්ට උවමනා දේ බලෙන් ඇස්සවීමට පිටින් ලංකාවෙ ගුවන් විදුලිය මිනිස්සුන්ගෙ උවමනාවලට කන්දීපු මාධ්‍යයක් නෙමෙයි. මේ ආචාර්යවරුන් වගේ පිරිස් විසින් නඩත්තු කරපු සම්භාව්‍යවාදයට කඬේ ගියා මිස ගුවන් විදුලිය ජන මාධ්‍යයක භූමිකාව කළේ නෑ. 

මේ ආචාර්යවරයා විසින් කියන්නෙ සුප‍්‍රිමසි ගැන කතාවක්. තමන්ගේ ඇගයුම් පද්දතියට පිටින් බහුතරයක උවමනා වෙනුවෙන් මාධ්‍ය හැඩගැසීම ගැන චෝදනාවක්. මොකක්ද මේ ගුනාත්මක තත්වය ගැන කියන්න එයාට ගන්න පුළුවන් නිර්නායක?

තාක්‍ෂණික උපකරණ අතින්, භාවිතාවන් අතින්, විවිධත්වය අතින්, මිනිස්සු එක්ක සම්බන්ද වීම අතින් දැන් තියෙන රේඩියෝ චැනල් හැම එකක්ම වගේ හොඳටම දියුණුයි. ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් පරණ ගුවන් විදුලි සංස්තාව එක්ක සමාන කරන්න යනවා කියන්නෙ වොල්වො එකකුයි බක්කි කරත්තෙකුයි කම්පෙයාර් කළා වගේ වැඩක්. ඒත් මේ ආචාර්යවරයාගේ ඔලූව තියෙන්නෙ තාම අර නොස්තැල්ජියාව උත්තරීතරයි කියල. පැහැදිලියි කතාව. අධ්‍යාපනයත් පරණ ගුවන් විදුලි සංස්තාව වගේ කරන එකයි මේ ප‍්‍රයිවෙට් විරෝදී උවමනාවේ ෆිලොසොෆිය.

ලංකාවෙ ගුවන් විදුලි මාධ්‍ය මිනිස්සු ඉන්න තැනට ගෙනල්ලා ඒකෙ ගුනාත්මක තත්වය දැන් තියෙන තැනට ගේන්න මුල් වුනෙ සිරස එෆ්එම් එක. එතනදි විශ්ව විද්‍යාලෙ නොගිය නිමල් ලක්ෂපතිආරච්චිට දැක්මක් තිබුන ගුවන් විදුලියෙ ළිඳෙන් එලියට එන්න. මේ ආචාර්යවරයා කරන්නෙ ඒ නිර්මාණශීලීත්වය අවතක්සේරු කරන එක. මොකද ඒක ඇකඩමික් නෑනෙ. ප‍්‍රබුද්ද කට්ටියට සම්බාව්‍ය දේවල් රස විඳින්නත් මාධ්‍ය තියෙන්න  ඕන. ඒත් මහ ජනතාවට තමන් කැමති දේවල් කොලිටියක් ඇතුව රස විඳින්න ඊට වඩා මාධ්‍ය  ඕන.

මේ සම්භාව්‍ය කිතිය දකිද්දි මට මතක් වුනේ චාමර ගුරුගේ ළ`ගදි දාපු පෝස්ට් එකක්. එයා 83 අවුරුදු උදාවෙදි මරියසෙල් කියන යොවුන් සිහින ලෝකෙ සිංදුව ෆේස්බුක් දාන ගමන් අහලා තිබුන, 83දි මරියසෙල් කියපු දේ ඇහුවා නම් මීට වඩා දේවල් කොච්චර වෙනස්ද කියල. හොඳට ඇස් ඇරෙන කතාවක් ඒක. මේ සම්බාව්‍ය බලහත්කාරය නිසා අපිට මරියසෙල් මගඇරුන. ඒ වෙනුවට අපි ඇහුවෙ නන්දා කියපු දේ. ඒ පාර දිගේ අපි ආපු ගමන ගැන බලනකොට අහන්න තියෙන්නේ, ආචාර්යවරුනි ඔබට සතුටුයිද දැන්?

ජිප්සීස් සුනිල් පෙරේරා පවා තහනම් කරපු ගුවන් විදුලි සංස්තාවක කොලිටියක් ඉල්ලා සිටින ආචාර්ය පරපුරක් අපේ ඇකඩමියාවෙන් බිහි කරලා තියෙනවා. ආඩම්බරයි තේරුමක් නැතුව.
මේ සංවාදෙ හිටපු මහාචාර්ය සුනේත‍්‍රා වීරකෝන් ඇත්තම කාරනේ එලිපිට කියනවා. 

”ක‍්‍රිඩෙන්ෂල්ස් කියන එක දෙන්න විතරයි අපි උත්සාහ කරන්නෙ. ළමයින්ව ටේ‍්‍රන් කරන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ ගැනයි අපි කතා කරන්න  ඕන. රටේ ක‍්‍රීම් එක අපි ගන්නවා නම් අපේ ප්‍රොඩක්ට් එක අපි හරියට දෙන්න  ඕන. මට තියෙන ප‍්‍රශ්නෙ ඒකයි. මම කියන්නෙ නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල නතර කරන්න  ඕන කියල. ඒක එතිකලි රෝන්ග්. මේක නිදහස් ලෝකයක්. මිනිස්සුන්ට  ඕන දෙයක් කරගන්න තියෙන්න  ඕන. අපේ එක අපි හදාගන්න  ඕන. මම සයිටම් එක උස්සන්නෙත් නෑ. අපේ එක පාත් කරන්නෙත් නෑ. මං දකින දේ තමයි අපේ විශ්ව විද්‍යාල වල ඔය කියන තත්වය කියන එක කාලයට ඔබින විදිහට පවතින්නෙ නෑ”
සහතික වලින් තමන්ගෙ සමාජ තත්වෙ හදාගන්න හීනමානයක් නැති උගත් මිනිස්සු කීපදෙනෙක් හරි තාම ඉතුරුවෙලා ඉන්න එක ගැන ඒ කතාවෙන් හීනි සතුටක් ඇති වුනා.  

-චින්තන ධර්මදාස




12 comments:

  1. ලෝකෙ අධ්‍යාපනය දියුණු වෙලා තියෙන තැනත් එක්ක අපි ඉන්නෙ කොතනද? අන්තර්ජාලය හරහා ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පොත් වෙනුවට ටැබ්ලට් පාවිච්චි වෙන යුගයක කළු ලෑලි, කට පාඩම් වන පොත් කිරීම් එක්ක අපි තාමත් ගල් යුගේ.පඩයක් ගියත් රජය මැදිහත් වෙන්න ඕනි කියන රටක හම්බුකරන හැම සීයකින්ම අනු නමයක් ණය ගෙවන රජයකට කරන්න පුළුවන් කෙන්ගෙඩිය මොකද්ද ?

    ReplyDelete
  2. චින්තන ඔය කතා ඔක්කොම පැත්තකට දාපන්.. ඇත්තටම උබට හිතෙන්නේ නැද්ද අපි මේ කරන්නේ බොරු වැඩක් කියලා..

    උබ cult එකෙ මොනා හරි ලියනවා.. අපි තුන් හතර පස් දෙනෙක් එක කියවනවා.. උබ ලියනවා අපි කියවනවා.. දන්නෙම නැතුව උබත් වයසට ගිහිල්ලා මැරිලා යනවා.. අපිත් මැරිලා යනවා

    අපි හිටියත් නැතත් ලොකේ යන ගමන යනවා ඔකනේ ඇත්ත...ඔය ඇත්ත (ඔය හිඩස) පුරව ගන්න නේද මෙච්චර වලිකන්නේ ?

    උත්තර ගොඩක් තියනවා අපි ලඟ නොතෙරෙන ගැටලුවකට..


    ReplyDelete
  3. පිස්සුද ළමයෝ. මං ඕනැ තැං විතරක් අරං කරකවන හැටියට, උඹලට මේව කියවන කොට නිකං ඇත්ත වගේ හිතෙනවා. රජය නං දැන් හොඳට ම වන කොරල ඉවර වුනත්, රජය අතේ තියෙන කෙලවිලා ගිය හැම තැනක්ම බිස්නස් කාරයින්ගේ අතට ගන්න තාම ඉතුරැ වෙලා තියෙනවා. තාම රජය රෙපයාර් කරන්න හදන ගොබ්බ එවුන්ටත් කෙළවල, රජයේ ඉස්කෝල, විශ්ව විජ්ජාල, ඉස්පිරිතාල ඔක්කොම ඒ අයට අරං දෙනකං මට මේව ලියන්න වෙනවා. ඒ ගමං හිමිහිට හිමිහිට 'හිඩස' පුරෝ ගන්නවා. ආතල් කඩනැතුව ඔයා නිකං යන්ඩ ගැටලුව තේරෙන්නැත්තං....

    ReplyDelete
  4. මේ! අපි ඔය ගොබ්බ ආචාරියො කියන ඒව අහන මැට්ටො නෙමේ හරිද? නන්දයි මරියසෙල්වයි ගෙනාවෙ ඇයි මෙතනට ඒ කාලෙන්ම? නොස්තැල්ජියාවද? ඒ වෙනුවට අපි බස් අජිත්නෙ අහන්නෙ දැන්? නිමල් ගෙනාපු සිරස වගේ ද දැන් එෆ් එම්? ඇයි නිමල් අඩවල් කර කර ඇරපු දොර කඩාගෙනම ඇවිත් දැන්නෙ තියෙන්නේ නියම එෆ් එම්? සම්භාව්‍යවාදයටකඩේ ගිය ගුවන් විදුලිය වෙනුවට අපි 'ඇහුවොත් සල්ලි එෆ් එම්' අහනවනේ දැන්? ටෙලි නාට්ටි ගැන ඔයා මතක් කරල, පස්සෙ හෙමීට නිකං හිටියත් අපි මෙගා වැල් බලනවනේ දැන්? ඉතිං මේකටත් එහෙමම කරමුකො. ඔයා කියන්න මොනවද අපි කරන්න ඕනැ කියල. බඩු විකුණන්න ලේසි වෙන ඕනැ විදිහකට අපි උඩිම්ම එකඟ යි.

    ReplyDelete
  5. 83දි මරියසෙල් කියපු දේ ඇහුවා නම් මීට වඩා දේවල් කොච්චර වෙනස්ද කියල. හොඳට ඇස් ඇරෙන කතාවක් ඒක. මේ සම්බාව්‍ය බලහත්කාරය නිසා අපිට මරියසෙල් මගඇරුන. ඒ වෙනුවට අපි ඇහුවෙ නන්දා කියපු දේ.//////////// +++++++++++

    ගන්ධබ්බයෙකු වූ මා
    බොහෝ වේදනාවල් විඳ
    ටයර් සෑයක් හරහා
    විමුක්තිය ලැබුවෙක්මි

    මවුබිම නැත්නම්
    මරණය කියමින්
    කුණු කයක් දරාගෙන
    ඝනඳුරු මැදියම
    අරුණලු දකින්නට
    කල උත්සහය
    මට කුණු කය අහිමි කලේය

    නන්දා සහ සුනිල් විසින්
    විප්ලවීය මායාවෙන් අවධි කල
    බොහෝ ගන්ධබ්බයන් සමග
    මමද පාවෙමින් සිටිමි
    පහතින් පෙනෙන
    මායා ලෝකය දකිමි

    අපට පන්තිකලවුන්
    ඝනඳුරු මැදියම
    අරුණලු පෙන්වූවන්
    විරු ගීත වලින් මායම්කලවුන්
    මෙරට සහ පිටරට සිට
    ජීවිත විඳින අයුරු දකින්නෙමු

    උන් ගේ දරුවන්
    ප්‍රවේසම් කරවමින්
    අපව දං ගෙඩියට දෑක්කූ
    බක තපස්සුන්
    ඉඳ හිට අහස දෙස බලා
    අපට විරිත්තති

    මුන් ගේ බක තපස් බලමින්
    නිදහසේ පාවෙමින්
    සිටින්නෙමු
    සිරුරු අහිමි වූ
    ගන්ධබ්බයන් වූ අප

    ReplyDelete
  6. මේ ලියන කියන කතා අහක යන කාලයක අපි ඉන්නවා කියන එකේ පොඩි ඇත්තකුත් ඇති.ඒත් යහපත් බොහෝ දේ බිහි කරන්නට අපිට ඊට වඩා ලොකු හැකියාවක් තියෙනවා.

    ReplyDelete
  7. තමුසේ අන්ගොඩින් පැන්නේ කවද්ද

    ReplyDelete
  8. සංවාදය හරි හැටි වුනැයි නොසිතමි. අප අරමුණ වුනේ රජයේ විශ්ව විද්‍යාලවල ගුණාත්මක බව දියුණු කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමයි. හොඳ ප්‍රතිපල සඳහා බාහිර පීඩන අත්‍යවශ්‍ය නමුත් ප්‍රමාණවත් නොවේ. ලංකාවේ විශ්වවිද්‍යාල වල ගුණාත්මකබවේ කිසිදු ප්‍රශ්නයක් නැති බවත් ඒවා අද්විතීය ආයතන බවත් කියන අනුරුද්ධ ප්‍රදීප් මහතා සාකච්ඡාව පුද්ගලික විශ්වවිද්‍යාල පිලිබඳ වාදයකට පරිවර්තනය කරන්නට උත්සාහ කළේය. ජපුර උප කුලපතිතුමා ඇතුළු විශ්වවිද්‍යාල කථිකයන් වැඩි දෙනෙක් ලබා දෙන අධ්‍යාපනයේ ප්‍රමිතිය පිලිබඳ කිසිදු වගකීමක් භාර නොගෙන, පුද්ගලික අංශයට දොස් පැවරූ ආකාරය මවිතයට කරුණක් විය. ප්‍රශ්නයක් ඇති බව පිළිගන්නේ නැත්නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට විසඳුම් සෙවීමේ කාර්යයට දායක වීමට ඇති ඉඩ සීමාසහිත බව පෙනේ.

    ReplyDelete
  9. ඉතා හොඳින් ප්‍රවේශය ගත් හොඳ ලිපියක්.
    එක් සාකච්චාවක් පදනම් කරගෙන ලියුවද ප්‍රශ්ණය සාකච්චා වී තිබෙනවා.
    පෞද්ගලික අධ්‍යාපනය දෙකයි පණහේ එෆ් එම් වල ප්‍රමිතියට සම කිරීම කූට වෑයමක්.
    එෆ් එම් වල පාරිභෝගිකයා හා උසස් අධ්‍යාපනයේ පාරිභෝගිකයා කියන කුලක දෙක සැසඳිය හැක්කේ කෙසේද?
    ප්‍රමිතිය හා තරඟය ඇතිවන්නේ පාරිභෝගිකයා අයත් වන සමාජ කුලකය අනුවයි.
    පුද්ගලික සමාගම් නිපදවන බ්‍රිතාන්‍ය විස්කි වල ප්‍රමිතියයි, ලංකාවේ සමාගම් නිපදවන අරක්කු වල ප්‍රමිතියයි, ලංකාවේ පඳුරු යට නිපදවන කසිප්පු වල ප්‍රමිතියයි ගැන සිතා බලන්න. මේ එක් එක් නිශ්පාදනය තමන්ගේ ප්‍රමිතිය ගැන වෙහෙසෙන්නේ රාජ්‍ය මැදිහත් වීමක් නිසාද නැතහොත් ත්ම පාරිභෝගිකයාගේ දැනුම් මට්ටම මතද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උසස් අධ්‍යාපනයේ ගැනුම්කරැවා කසිප්පුකරැවාට සමයි. අධ්‍යාපනයේ විස්කිකරැවා එංගලන්තයට යයි. අරක්කුකරැවා පාඩම් කර රජයේ විශ්ව විද්‍යාලයට යයි. රටයන්න සල්ලි නැති ඉගෙන ගන්න බැරි එකා පෞද්ගලික කඩවලට යයි... එවැනි ඉල්ලුමකට සරිලන සල්ලි ගසාකන අධ්‍යාපනයක් තමයි බලාපොරොත්තු වෙන්න ඇහැකි...

      Delete
  10. අප වැනි මෝඩ බයියන්ගෙ ඇසට නොපෙනෙන කනට නෝ ඇසෙන බඩට නොදැනෙන නමුත් උගත් බුද්දිමත් ටොයි මොලවලට පමනක් පෙනෙන දැනෙන ඒ අනබිබ්හවනීය යහපාලන් කදිම හුකෑසයන් අතරින් බිදක්
    චන්දිරික 3/4ක්ද යූඇන්පිය 1/4ට ටිකක් අඩුවෙනුත් යුද්දය ඉවර කර තිබෙන අතර මහින්ද බලය ගෙන වැඩේ කා තිබීම.එසේ යුද්දෙ කල අය සුදනන් වී මහින්ද යුද අපරාද කරුවෙක් වීම.
    මේ අතර පොන්සේකද තනියම යුද්දයක් කර තිබීම(එතකොට යුද්ද 2යි නෙ යකෝ)සහ එමයුද්දයේ යුද අපරාද සිදු නොවීම
    පුද්ගලයන් අතුරුදහන් වී ඇත්තේ එම(මහින්දගෙ) කාලයේ පමනක් වන අතර 88,89 කිසිවෙකු මැරී හෝ අතුරුදහන්වී නැත.මානව හිමිකම් කඩවීඩ නැත.
    ඇහට පෙනෙන සන්වර්දනයක් කල මහින්ද කර ඇත්තෙ රටේ අය නයකාරයින් කිරීම වන අතර ඊට වඩා දෙගුනයක පමන නයගෙන යහපාලනෙන් මොකුත් නොකෙරීම ආර්තික කලමනාකරනයයි.
    රටට ජාතියට කරන ලොකුම හතුරුකම නව පක්ශයක් හැදීම වන අතර රාජපක්ශලාගෙ ලොකුම රහස් හෙලි කරන්න්නෙ එසේ කලොත් පමනකි.මෙතෙක් ඔවුන්ට දඩුවම් කලෙ සිල්ලර වැරදි වලට පමනකි.එවිට ලම්බොගිනි,රන් අශ්වයින්,හෙලිකොප්ටර් ආදි සියල්ල හෙලිවනු ඇත.
    එතෙක් මෙතෙක් ශ්‍රී ලන්කා ද්වීපයෙ ම්යගිය 1ම තරුනයා තජුදීන් වන අතර මාද්යවේඩියා එක්නැලිගොඩය.60000 ක් තරුන තරුනියන් මරා දමා නැත.ප්‍රේමකීර්ති,සාගරිකා,රිචඩ් ඩ් සොයිසා ආදීන් මද්යවේදීන් නොවේ.
    යහපාලනේට සම්බන්ද නොවන ඕනෑම කෙනෙකු අල්පෙනිත්තක වන්චාවක් කලද ඔහුට නීතිය ක්‍රියත්මක වීමගැන රහස්පරීක්ශක රන්ජන්,ඩී අයි ජී අනුර,නීතිය නමන කූජිත වගබලා ගන්නා අතර මහබැන්කු කොල්ලය,ගල් අගුරු වන්චා,රේගු බදු වන්චා,නැව් වන්චා ආදී දේවල් යහපාලනේ නාමයෙන් නොසෙවිය යුතුය.
    වරින්වර චන්ද තබමින් මහජන මතය විමසීම ඒකදිපතිත්වය වන අතර චන්ඩ කල් දාමින් මාද්යයට තර්ජන කිරීම,විපක්ශය මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයයි.
    එකල කබිනට්ටුව 100 පැනීම මහජන මුඩල් විනස කිරීමක් වන අතර දැන් එය යහපාලනය ගෙන ඒමට අත්යාවශ්ය දෙයකි.
    එකල පොර්ට් සිටිය සෑදීමෙන් මහත් පරිසර විනාශයක් සිදුවී මෙරට චීන කොලනියක් වන අතර දැන් ඊතත්වඩා ලොකුවට එය සෑදීමෙන් පරිසරය ආරක්ශා වේ.
    මෙරට චීන කොලනියක් වූවොත් පමනකි ප්‍රශ්නයක් වන්නේ.ඉන්දියන් කොලනියක් වීම ප්‍රශ්නයක් නොවේ.
    යහපාලනය පැමිනිපසු එකදිගට මැච් පැරදීම යහපාලනයට අදාල නැති මුත් යම්හෙයකින් මැච් දිනුවොත් ඒ යහපාලනේ ආනුබ්හාවෙනි.
    එකී මෙකී නොකී විවිදාකාරවූ කදිම හුකෑසයන් කොතෙකුත් පවතින මේ යහපාලන ප්‍රහසනය තුලින් කිසිවක් සිදුවී නැති බව පැවසීම හුදෙක් ඔබේ බුද්දියේ දිගපලල අඩුකම ප්‍රදර්ශනය කිරීමකි.ඒ සදහ කලයුත්තේ ඔබේ හිසිකබල තුල ගොම පුරවා ගැනීම පමනි.

    ReplyDelete