Saturday, October 29, 2011
අපිචත්පොන්ග් ගේ පාවෙන සිනමාව සහ අපේ බඩගාන විචාර
පහුගිය සිකුරාදාවක එස්එල්ටීටීඊ යේ අපිචත්පොන්ග් වීරසේතුකල් ගෙ ‘අතීත භවයන් සිහි කළ හැකි අන්කල් බූන්මේ’ පෙන්නුවා. චිත‍්‍රපටිය ගැන කෙටි සංවාදයකට මට කතා කරලා තිබුණ.
චිත‍්‍රපටයෙ තේමාව මරණය. වකුගඩු රෝගයකින් පෙළෙන අන්කල් බූන්මේ තමන්ගෙ ගොවිපොලක ගෙවන අන්තිම දවස් ගැන කතාවක්. අන්කල් බූන්මේට මියගිය බිරිඳගේ අවතාරය මුණගැහෙනවා කෑම මේසෙදි.
‘දිව්‍යලෝකෙ ඒ තරම් ඇති දෙයක් නෑ. ඒක අධිතක්සේරු වෙලයි තියෙන්නෙ’
බිරිඳ බූන්මේ ට කියනවා. ඒ කෑම මේසෙටම බූන්මේ ගෙ අතරුදන් වුණු පුතාත් එනවා. එයා වඳුරෙක් වෙලා. ෆොටෝ ගහන්න කැලේට ගියාම වඳුරු අවතාර එක්ක එයාගෙ ඇතිවෙන බැඳීම නිසා එයා වඳුරෙක් වෙනවා.
‘තාත්තලා මාව හොයනවා මං දැක්කා. අහසෙ පාට වෙනස්වෙනවා මට පෙණුනා. ඒත් මට ආපහු එන්න හිතුණෙ නෑ’ පුතා කැලේ අතුරුදන් වීම ගැන කියනවා.
අපිචත්පොන්ග් මේ චිත‍්‍රපටිය කරන්නෙ හාමුදුරු කෙනෙක් ලියපු පොතක් පාදක කරගෙන. තායිලන්තෙ නබුආ කියන ගමේ 1960 ගණන් වල සිද්ද වුණු ම්ලේච්ඡු තරුණ ඝාතන නිසා හු`ගක් තරුණයො කැලෑ වැදුණ. ඒ අයට කිව්වෙ ‘වඳුරු අවතාර’ කියල. ගමට ආපු හමුදාකාරයො ඇහුවෙ එක ප‍්‍රශ්නයයි.
‘උඹ කොමිනිස්ට්කාරයෙක්ද?’
ඔව් කිව්වොත් එතනම මරණය. නෑ කිව්වොත් බිම දාගෙන තඩි බෑම.
‘මට මේ ලෙඬේ හැදෙන්න හේතුව මං දන්නවා’ අංකල් බූන්මී එක වෙලාවක කියනවා.
‘මං හු`ගක් කොමිනිස්ට්කාරයො මැරුවා’
‘ඒත් ඒක ඔයා කළේ ජාතිය වෙනුවෙන්’ බූන්මීව බලාගන්න ජෙන් කියනවා.
‘ඔයාට තිබ්බ අරමුණ හොඳයි’ එයා තවත් බූන්මි ව අස්වසනවා.
‘ඒත් මං වගාවෙදි හු`ගක් කෘමීන් මැරුවා’
බූන්මි ආයිමත් කල්පනා කරනවා.
‘ඔයා ඒක කළෙත් හොඳ අරමුණකින්’ ජෙන් උත්තර දෙනවා.
මේ භීෂණයෙ ජීවත් වුණා යැයි පුනරුත්පත්තියක් කියන ඇත්ත බූන්මි කෙනෙක් හාමුදුරු කෙනෙකුට තමන් භාවනාවෙදි දකින පෙර භවයන් ගැන කියනවා. ඒ විස්තර හාමුදුරුවො පොතක් විදිහට ලියනවා. අපිචත්පොන්ග් චිත‍්‍රපටියට පාදක කර ගන්නෙ ඒ පොත.
‘හැම කෙනෙක්ම අමතක කරන්න හදන යුගයක් ගැන මතක් කරන බූන්මි ගැන කතාවට මං ආස වුණා’ අපිචත්පොන්ග් පොත ගැන කියනවා. ඒත් ඒ පොතේ කතාව මේ චිත‍්‍රපටියට එනකොට ඒක එහෙම්පිටින්ම අපිචත්පොන්ග්ගෙ ජීවිත ප‍්‍රකාශනයක් වෙලා.
මේ චිත‍්‍රපටිය මරණය ගැන කතාවක්. මේකෙ ඇතුලෙ මරණයන් කීපයක් තියෙනවා. එකක් බූන්මී ගෙ මරණය. ඒ වගේම මේ චිත‍්‍රපටිය මං නෙගටිව් වලින් කරන අන්තිම චිත‍්‍රපටිය වේවි. දැන් හැමෝම ඩිජිටල් වලට ගිහින්. ඉතිං ඒ සිනමාවෙ මරණය මට දැණුනා. මේ චිත‍්‍රපටියෙ රංග ශෛලිය 60 ගණන් වල ටෙලි නාට්‍ය වල ශෛලිය. නළු නිළියො ර`ගපාන්නෙ හැ`ගීමක් නැතුව. ඔහේ දෙබස් කියනවා. ඒ ශෛලිය දැන් මැරිලා. මේ චිත‍්‍රපටියට මම ශෛලීන් කීපයක් පාවිච්චි කරනවා. එකක් පැරණි ‘කොස්ටියුම් ඩ‍්‍රාමා’ කියන ශෛලිය. ඒකත් දැන් මිය ගිහින්’
චිත‍්‍රපටියෙදි අපිචත්පොන්ග් වඳුරු අවතාරය නිරූපණය කරන්නේද පැරණි ටෙලි නාට්‍ය වල හැටියටයි. ඒ කාලෙ තායිලන්තෙ ත‍්‍රාසජනක චිත‍්‍රපටි වල හිටපු කරුවලේම ඉන්න, ඇස්වල එල්ඊඞී පත්තුවෙන වඳුරු අවතාරය වගේම පැරණි සින්ඩ්‍රෝම සහ ශතවර්ෂ චිත‍්‍රපටිය තුල මිය ගිය දර්ශනත් අපිචත්පොන්ග් එකතු කර ගන්නවා. ඒ වගේම අන්කල් බූන්මී තනිකරම පැරණි මිත්‍යා සහ ජනකතා එක්ක පෙළගැහෙනවා (තවත් මරණයක්*.
‘අපිචත්පොන්ග් ගෙ මට අනුව හොඳම කෘතිය මේක’ දේශනේදි මං කිව්වා.
‘මේක මරණය තේමා කරගත්ත ෆිල්ම් එකක්. මරණය ගැන කතා කරන්න ලේසියි. විශේෂයෙන් ආසියාවෙ කෙනෙකුට. ඒත් සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස් වල කතා කරන්නෙ ජීවිතේ ගැන. සාමාන්‍ය නිකම්ම ජීවිතේ හරිම සියුම් තැන් ගැන. මට තාමත් අපිචත්පොන්ග් ගෙ හොඳම ෆිල්ම් එක සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස්’ සත්‍යා මට කෝල් කරලා කිව්වා.
කොහොම වුණත් මේ චිත‍්‍රපටිය සම්මාන උළෙලවල් වල විශේෂ ප‍්‍රසාදයට ලක්වෙන එක පුදුමයක් නෙමෙයි. සම්මාන වට්ටෝරුවට ගැලපෙන දේවල් චිත‍්‍රපටිය පිරෙන්න තියෙනවා. අනිත් හැම චිත‍්‍රපටියකටම වඩා මේකට හොඳ නිමාවක් දීලා තියෙනවා. කතාව හොඳට රවුම් කරලා තියෙනවා. ඒ ගොල්ලො ආස, දාර්ශනික මනසට ගැලපෙන මරණය ගැන කතා වෙනවා. ඒ එක්කම කවදත් අපිචත්පොන්්ග් ගෙ චිත‍්‍රපටිවල ගලාහැලෙන සමලිංගික හුස්ම තියෙනවා.
‘මට මේ චිත‍්‍රපටිය එක්ක තියලා කතා කරන්න පුළුවන් චිත‍්‍රපටියක් ලංකාවෙ තියෙනවා. ඒ විමුක්ති ජයසුන්දරගෙ අහසින් වැටෙයි. ඒත් විමුක්තිට බැරි වෙනවා මේ කාව්‍යයට ළංවෙන්න. එයා දර්ශනවාදයක් ඇතුලෙ හිරවෙනවා. මේ විදිහට ස්ථර ගණනාවක් ඒ චිත‍්‍රපටියෙ නෑ. ඒත් නිමිත්ත හු`ගක් සමීපයි. භාවිතය සමීපයි. ඒත් විමුක්තිට විතරක් නෙමෙයි අපි කාටවත් බෑ මේ සියුම් සැහැල්ලූවට ළංවෙන්න වත්’
වීරසේතුකල් ගෙ කැමරාව, වේගය, නැවතිල්ල, බලන දේවල්, අල්ලන දේවල් හැම එකක්ම විෂම ලිංගික තැනින් වෙනස්. ඒක යතාර්ථය හෝ දේශපාලනිකය වෙනුවට ජීවිතය නැත්තං කාව්‍යය කියන තැනට යනවා. එක විට ඒ ගෑණු ගතියත් ඊට යටින් දැවැන්ත දේශපාලනික පිරිමි ගැඹුරත් පවත්වා ගන්නවා. ඒ එයා සමලිංගික නිසා.
එතන හිටපු කෙනෙක් ඇහුවා, එහෙම සමලිංගික වගේ තැන් පෙන්වන්න පුළුවන්ද කියල.
ඒ කැමරාව යන තැන් බලන්න. එයා බලන්නෙ පිරිමියෙක් බලන දේවල් නෙමෙයි. එයාට රූපෙ ඇතුලෙ වැදගත් වෙන්නෙ පිරිමියෙකුට වැදගත් දේවල් නෙමෙයි. ඒත් ඒක සම්පූර්ණ පිරිමි තාර්කිකත්වයෙන් ගැලවිච්ච එකකුත් නෙමෙයි. ඬේවිඞ් ලින්ච් වගේ අපිචත්පොන්ග් සිහිනයක් දිගේ අපිය අරන් යනවා. ලින්ච් අරන් යන්නෙ මනස ඇතුළට. අපිචත්පොන්ග් යන්නෙ රටේ දේශපාලනය ඇතුලට.
‘මං අහිංසක රසිකාවියක්. මට නං මේ චිත‍්‍රපටිය තනිකරම දේශපාලනිකයි. හරිම සියුම් විදිහට පාලන අධිකාරි වලින් රිංගලා යන්න තරම් ශූර විදිහට අධ්‍යක්‍ෂවරයා රූපක පාවිච්චි කරලා තියෙනවා’
එතන හිටපු කථිකාචාර්යවරියක් චිත‍්‍රපටියෙ එක එක රූපයෙන් රූපයට චිත‍්‍රපටිය දේශපාලනය බවට පත් කරන්න ගත්තා.
‘මේකෙ පදනමේ දේශපාලන කතාවක් තියෙනවා. ඒත් මේක ඒ දේශපාලනය කියන්න හදපු චිත‍්‍රපටියක් නෙමෙයි. මේකෙ ඊට වඩා හු`ගක් දේවල් තියෙනවා. දේශපාලනය කියන්නෙ හරිම ගොඬේ තැනක්.’
මං චිත‍්‍රපටිය බේරගන්න දැ`ගලූවා. ඒත් ලංකාවෙ ශාස්ත‍්‍රාලීය පිලිගැනීම වෙලා තියෙන්නෙ තේරුම් ගැනීම කියන්නෙ ඌනනය කියන එක. ලින්ච්ගෙ චිත‍්‍රපටියක් දැක්ක ගමන් දීප්ති ඒක මනෝ විශ්ලේෂණයට කපලා හදලා ගන්නවා. ලින්ච්ගෙ වෙන වෙන විකාර මට වැඩක් නෑ කියලත් එයා කියනවා. අපිට ලොකු මුහුදක පීනන්න බෑ. පොඩි ටැංකියක් ඕන. ඉතිං අපි හැමදෙයක්ම තේරුම් ගන්න යනවා. දන්න දැනුම් පද්ධතියකට ඔක්කොම ඌනනය කරනවා. අන්තිමට ලෝකෙ ඔක්කොම නිර්මාණ කරලා තියෙන්නෙ අපි පොත් කීපයක් කියවලා දැන ගත්ත දැනුම් පද්ධතිය මාර්කට් කරන්න.
අපිචත්පොන්ග් ගෙ සමලිංගිකත්වය එයාගෙ නිර්මාණයට බලපාලා තියෙනවා කියලා කථිකාචාර්යවරියට පිලිගන්නම බැරි වුණා.
‘මං ගෑණියෙක්. ඒත් මටත් මේකෙ පේන්නෙ දේශපාලනය. ඔය කියන ඒවා අහිංසක මට පේන්නෙ නෑ’
කතාව ගොඩක් දුර දිග ගියා. පස්සෙ එයා කිව්වා අවුරුදු විස්සකට පස්සෙ මං මේ කියන දේ කියන්නෙ නෑ කියල.
ලංකාවෙ වාචරයක් හෝ අලූත් වින්දන මානයකට යන්න බැරි හේතුව ඕකයි. හැමතිස්සෙම බුද්ධිමත් කියල හිතන්නෙ අරමුණ වෙනුවට අරමුණ දිහාවට යොමු වෙච්ච ඇ`ගිල්ල ප‍්‍රශ්න කරන එක. අපිචත්පොන්ග් වෙනුවට අපිචත්පොන්්ග් ගැන කතා කරන මගේ ඥාණ විභාගයෙන් එතන බෙදා ගන්න දෙයක් තිබුණෙ නෑ.
‘මේ චිත‍්‍රපටිය ඔයා කෑලි වලට ගලවනවා. මට මේක එහෙම කෑලි කරලා බලන්න ඕන නෑ. මේක තනි කෘතියක් විදිහට සමස්ත විඳීම ගන්නයි මට ඕනි’
එයා බෞද්ධ තර්කයක් ඉදිරිපත් කළා.
සිනමාව කියන්නෙ මට විෂයක්. මං හිතන්නෙ මෙතන ඇවිත් ඉන්න ගොඩක් අයටත් එහෙමයි. මේ චිත‍්‍රපටිය කියන්නෙ අපේ හැදෑරීමක්.’
විෂය සහ ආතල් එක අතර වෙනස පැහැදිලි කරන්න මට සිද්ද වුණා.
‘‘අපිචත්පොන්ග් බෞද්ධ චිත‍්‍රපටකරුවෙක් කිව්වට මට හිතෙන විදිහට එයා කියන්නෙ බෞද්ධ තැනකට වඩා වෙනස් තැනක්’’ සත්‍යා පහුවෙනිදා ටෙලිෆෝන් එකෙන් මට කිව්වා. අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටිවල තියෙන බෞද්ධකම අනිත්‍යතාව වගේ තැනකට කේන්ද්‍රීය එකක් නෙමෙයි. එයා අනිත්‍යතාව, මරණය වගේ දේවල් රොමැන්තික තැනකිනුයි ගන්නෙ. ඒත් එයාගෙ සිනමා භාවිතාවෙ තියෙන නොඇලීම, බලා සිටීම, විනිශ්චය නොකිරීම වගේ කාරණා නිසා මට අපිචත්පොන්ග් කියන්නෙ බෞද්ධ චිත‍්‍රපටකරුවෙක්. ඒ එයා කියන කතා තේමාවන් හින්ද නෙමෙයි. එයා සිනමාව කියන එක පාවිච්ච කරන හැටි ගැන මට හිතෙන හැටියි.
‘‘බුදු දහම ගැන මගේ තියෙන කැමැත්ත නිසාමත් මගේ ඇතුලෙ ගැටුම් ඇති වුණා. චිත‍්‍රපටියක් කරද්දි පාලනය කියන එක අත්‍යාවශ්‍යයි. අවසාන අරමුණ වෙනුවෙන් හු`ගක් තදින් දේවල් පාලනය කරන්න වෙනවා. ඒත් ඒක බුදු දහමේ පවතින තැනක් නෙමෙයි. ඒ වගේම මගේ සිනමාව කියන්නෙ මගේ අතීතය. මගේ මතක. ඉතින් මෙතැන මේ මොහොතෙ ඉඳගෙන අතීතය ගැන නිර්මාණ කිරීම මානසිකව ගැටුමක්’’
අපිචත්පොන්ග් එයාගෙ බෞද්ධ හුරුව ගැන කියනවා.
එස්එල්ටීටීඊ යේ සාකච්ඡුාව මට හු`ගක් අසීරු එකක් වුණේ පෙන්නන්න තෝර ගෙන තිබුණු චිත‍්‍රපටිය නිසාමයි. එක පැත්තකින් ඒ චිත‍්‍රපටිය සිනමාවෙ ගැඹුරු මානයන් ස්පර්ශ කරන අතරෙම තව පැත්තකින් සම්මාන උළෙලවල නොගැඹුරු දර්ශකයන් එක්ක සමපාත වෙනවා.
අන්තර් ජාතික සිනමා උළෙලවල සම්මාන දිනා ගැනීමම මට අනුව මේ චිත‍්‍රපටිය හෑල්ලූවට ලක්වීමක්. ඒත් එතන චිත‍්‍රපටිය බලන්න ඇවිත් හිටපු පිරිස ඒ සම්මාන නිසාම චිත‍්‍රපටියක් ඉහලින් බාර ගන්න පිරිසක්.
‘‘මේ චිත‍්‍රපටිය බලලා ගෙදර යන අය අපිචත්පොන්ග් ගෙ එකතැන බලා ඉන්න කැමරාව විතරක් කොපි කරලා කටේ තියන්න බැරි චිත‍්‍රපටි තොග පිටින් හදයි’’ මං කිව්වෙ ඇත්ත කතාවක්.
තර්කොව්ස්කිගෙ චිත‍්‍රපටි බලන අපේ කට්ටිය කරන්නෙ මතුපිට පේන්න තියෙන තර්කොව්සිකිගෙ රූපමය භාවිත ටික විතරක් අරගෙන හරිම ළපටි කතා සැකිල්ලකට දාගන්න එක. චිත‍්‍රපටියක් ගැඹුරින් කපා කොටා බැලීම කියන එක අපේ රටේ සිනමා අධ්‍යනයට ආගන්තුකයි. ඒ වෙනුවට සම්මාන ගත්ත චිත‍්‍රපටියක් අරගෙන ඒකෙ හැම අංගයක්ම වර්ණනාවට ලක්වෙන එකයි අපේ විචාර වල විදිහ. සාකච්ඡුාවට ඇවිත් හිටපු කතිකාචාර්යවරිය මට විරුද්ධ වුණේ මං චිත‍්‍රපටිය දිය කරමින් ඇතුලෙ දුවන ධාරාවන් විශ්ලේෂණය කරන්න ගත්ත නිසා.
චිත‍්‍රපටියක විචාරයේදී ඒක විශ්ලේෂණය කරමින් එක එක න්‍යාය අනුව අර්ථකතන දෙන එක හරි කියල මං කියන්නෙ නෑ. චිත‍්‍රපටිය සමස්තයක් ලෙස සංස්ලේෂී අර්ථයකින් විඳින අතරම චිත‍්‍රපටිය ඇතුලට ගිහින් න්‍යාය කණ්ණාඩි නැතුව ඒ ගොඩනැගීම අධ්‍යනය කිරීමේ පුහුණුවක් සිනමාව කරන කෙනෙකුට අවශ්‍යයි. ඒත් ප‍්‍රශ්නය වෙන්නෙ අපිට ඒ විදිහට චිත‍්‍රපටියක් ඇතුලට යන්න දැනුමක් හෝ නිසි පුහුණුවක් හෝ නැතිකම. මේ හින්ද අපිට චිත‍්‍රපටියක් කියල පේන්නේ අපේම මනෝ විකාර. ඒක විෂයික කරුණු සහ ඊට අදාල පසුබිම් එක්ක ගවේෂණය කිරීමේ උවමනාවක් වෙනුවට අපි අපිට පේන දේ කොපි කරන්න උත්සාහ කරනවා. ඒත් අලූත් මානයන්ගෙන් දිගහැරෙන චිත‍්‍රපටියක් අපේ පරණ ඇස් වලට පේන්නෙ කොහොමද? ඒ අලූත් මානයන් හෝ භාවිතයන් ගැන දැනීමක් හෝ කියවීමක් නැති වුණොත් අපිට පේන්නෙ තියෙන දේට වඩා වෙනස් දේවල්. උදාහරණයක් හැටියට අන්කල් බූන්මී එකේ රංග වින්‍යාසය ගැන වැටහීමක් නැතිව චිත‍්‍රපටිය බැලූවොත් අපි ඒ රංගන ශෛලිය ගැන ගන්නෙ වැරදි අදහසක්. ඒ කොහොම වුණත් චිත‍්‍රපටයක් ගැන සංස්ලේෂී වගේම විශ්ලේෂි අදහසකුත් අවශ්‍යයි කියන කතාව අර කථිකාචාර්යවරියට තේරුම් කරන්න මට බැරි වුණා.
‘‘සම්මාන උළෙලවල් වලින් සම්මාන දිනන එක හරි ලේසි දෙයක්. ඒ අය ඉල්ලන දේවල් ගැන ටිකක් අධ්‍යනය කළොත් හරි ලේසියෙන් සම්මාන ගන්න චිත‍්‍රපටියක් හදන්න පුළුවන්. මායි සංජීව පුෂ්පකුමාරයි ‘ඉගිල්ලෙන මාළුවෝ’ පිටපත ලියද්දිම සමහර දර්ශන ලිව්වෙ සම්මාන උළෙලවල් ගැන දැනගෙන. ඒක වැඩ කළා. සම්මාන දිනන එකෙන් චිත‍්‍රපටියක් හොඳයි කියල කියන්න බෑ’’ මං කිව්වා.
පිටරටවල සම්මාන උළෙලවල ඉන්නෙ මේ රට ගැන මෙලෝ මලදානයක් දන්න අය නෙවෙයි. ඒ අය දන්නෙ අපේ රටේ යුද්දෙයි බුද්ධාගමයි වගේ සරල මතුපිටක් ගැන විතරයි. නාගරික ජීවිතේ සංකීර්ණ තත්වයන් ගැන චිත‍්‍රපටියක් හැදුවොත් ඒකෙ සියුම් ලක්ෂණයන් තේරුම් ගන්න තරමට මේ විනිශ්චයන් තියුණු නැහැ. ඒ අය තාමත් අපේ සිනමාව දිහා බලන්නෙත් මානව විද්‍යාත්මක ඇහැකින්. අපේ රටේ සමාජ විද්‍යාත්මක තත්වයන් තේරුම් ගන්න ඒ අයට බැහැ. ඒක නිසා ගම සහ යුද්ධය මිස ලංකාව ගැන වෙන චිත‍්‍රයක් මේ සිනමා විචාරකයො දන්නෙ නෑ. (මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව අතර වෙනස මෙතනදී කියන්න යන්නෙ නෑ)
සම්මාන උළෙල වලදී අපේ වගේ රට වලට සම්මාන ලැබෙන්නෙ මේ පැතලි හේතුවලට. ඒ දේවල් අපේ සිනමාවෙ අනන්‍යතාව ප‍්‍රකට කරනවා කියලයි ඒ අයගෙ මතය. සරල උදාහරණයක් විදිහට කිව්වොත් එක දිගට කැපන්නෙ නැතුව තියෙන තනි රූප රාමු වලට මිස වේගයෙන් කැපෙන රූපාවලියක් ඒ අයගෙ සම්මාන වලට සුදුසු වෙන්නෙ නෑ. මේ විදිහට චිත‍්‍රපටියක රූප ගැලපීම ගැන පවා නිශ්චිත අධිකාරී කලාවකට එක`ග චිත‍්‍රපටි විතරයි සම්මාන ගන්නෙ. අන්කල් බූන්මී චිත‍්‍රපටියට සම්මාන ලැබීමේදීත් බලපාන්නේ ඒ චිත‍්‍රපටියෙ ඇති ගැඹුරු ප‍්‍රවේශයන් නෙමෙයි. ජනකතා, මිත්‍යා, බුදු දහම සහ සමලිංගිකත්වය වගේ චිත‍්‍රපටියට බාහිරින් තීරණය කළ කාරණායි.
අන්කල් බූන්මී චිත‍්‍රපටියට සාපේ්ක්ෂව සම්මාන උළෙලවල් වෙනුවෙන් කළ විමුක්තිගේ ‘අහසින් වැටෙයි’ චිත‍්‍රපටය මම සාකච්ඡාවට ගත්තේ විමුක්තිට වගේම අපි ගොඩක් දෙනෙකුට අපි කරන චිත‍්‍රපටි ඇතුලෙ අපිව මගහැරෙන නිසා. විමුක්තිට අහසින් වැටෙයි චිත‍්‍රපටියට ගේන්න එයාගෙ ජීවිතෙන් කොටසක් නැති වෙනවා. අපිචත්පොන්ග් වගේ අපි කලින් නොදැකපු, නොසිතපු ජීවිතේ සියුම් තැන් විමුක්ති ළ`ග නෑ. ඒත් අහසින් වැටෙයි කතා තේමාව හු`ගක් ප‍්‍රබලයි. තවමත් ග`ග යට ගස් බෙණයෙන් එලියට ආපු නැති පණ්ඩුකාභය ගැන කතාව පශ්චාත් නූතන සිනමාත්මකයන් ඇතුලෙ කියන්න විමුක්ති ද`ගදානවා.
ඒකෙන් වෙන්නෙ චිත‍්‍රපටිය බලද්දි අපිට ඒ මහන්සිය පේන එක. සම්පූර්ණයෙන්ම භෞතික විෂය තත්ව ගැලපීම මිස ආත්මීය සංවේදනා නැති වීම නිසා චිත‍්‍රපටිය බෝරිං වෙනවා. සිංහල පුළුවන් වුණු හැමෝටම කවි ලියන්න බැරි වෙනවා වගේ අහසින් වැටෙයි දැවැන්ත කෘතිය ඇතුලෙ මොකුත් නැති හිස්කමක් පැටලිල්ලක් දැනෙන්න ගන්නවා. අන්තර්ජාතික සිනමා උළෙලවලට ඕන කරන සමීකරණය එතන තියෙනවා. ඒත් ජීවිතය නෑ.
සාකච්ඡුාවට විමුක්ති ඇවිත් ඉඳලා හදිස්සියේ යන්න යනවා.
‘මචං එතන ඔය කරන කතාව වැඩක් වෙන්නෙ නෑ. එතන ඉන්නෙ මෙලෝ දෙයක් සිනමාව ගැන දන්න අය නෙමෙයි. උන් ඉස්සරහ උඹ කරන කතාවෙන් වෙන්නෙ අපිචත්පොන්ග් හෑල්ලූ වෙන එක විතරයි. ඉගෙන ගන්න ඒ වගේ කට්ටියකට උඹ කියන්න ඕන මූලික කාරණා ටිකක් විතරයි. ඔය වගේ සාකච්ඡුා වෙන තැනක කෙරෙන්න ඕන’
පස්සෙ විමුක්ති කතා කරද්දි මට වැදගත් කාරණයක් මතක් කරනවා. ඒක ඇත්තක්. එතන හිටපු ගොඩක් අයට මගේ කතාව තේරුණා කියලා මං හිතන්නෙ නෑ. ඒත් අපිචත්පොන්ග් ගෙ චිත‍්‍රපටියක් බලලා ඒ වගේ කොපියක් කරන්න ගෙදර යන එක්කෙනෙක් හරි මගේ කතාව හින්ද ටිකක් නැවතිලා ආපහු හිතන්න ඇති. චිත‍්‍රපටියක් ගැන ගැඹුරු කතාබහකට අවශ්‍ය වෙනස් වටපිටාවක් අපිට ඕන. ඒත් ඒ වගේ වටපිටාවක සාකච්ඡුා කරන්න එන විදිහෙ සිනමා සංස්කෘතියක් අපිට තියෙනවද කියන එක ප‍්‍රශ්නයක්. තමතමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති ඇරෙන්න සිනමාව කියන එක සංස්කෘතියක් විදිහට බෙදාහදා ගැනීමක් අපේ චිත‍්‍රපටි කරන අය අතරෙ නැහැ. ඒක නිසා කවදාවත් නොකියනවට වඩා ඒ කතාව එදා එතන කියපු එක හොඳයි කියල මං හිතනවා.
ඒත් සිනමාව හදාරන අයට අපිචත්පොන්ග් වගේ ගැඹුරු සිනමාවක් ප‍්‍රදර්ශනය කරනවට වඩා වෙනස්, තමන්ව හොයා ගන්න උදව් වෙන, අධිතක්සේරු නොවුණු චිත‍්‍රපටියක් ප‍්‍රදර්ශනය කළා නම් හොඳයි කියල මටත් හිතෙනවා. වෙන රටවල විකල්ප ප‍්‍රවණතා විදිහට එන, සම්මාන උළෙලවල් ආදියෙන් හඳුනා නොගත් සිනමා ආකෘතීන් හඳුන්වා දෙන එක අලූත් චිත‍්‍රපටකරුවෙකුට අපිචත්පොන්ග්ට හෝ බර්ග්මාන්ට වඩා අතිශයින් ප‍්‍රයෝජනවත් වේවි. ඒ වගේම එකම විදිහකට හැදෙන චිත‍්‍රපට ධාරාව වෙනස් කර ගනිමින් විවිධ ෂොනර හරහා නිර්මාණ කරන්න පෙළඹවීමක් විදිහටත් ඒ කතිකාවන් වැදගත් වේවි.
අපිචත්පොන්ග් ගැන සාකච්ඡුාව ඉවර වෙද්දි ගෑණු කෙනෙක් දුවගෙන ඇවිත් මාත් එක්ක කතා කළා.
ඇයි අර අන්තිමට හමුදුරුවොයි ගෑණු කෙනයි ටීවී බලන අතරෙ ඒ දෙන්නම වෙන රෙස්ටුරන්ට් එකකට යනවා පෙන්නන්නෙ?
අපිචත්පොන්ග් එයාගෙ කලින් චිත‍්‍රපටි එක්ක සම්බන්ධයක් ගොඩනගන අතරෙම (සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස්) නාගරීකරණයත් එක්ක හයිබි‍්‍රඞ් වෙන ජීවිත ගැන කියන්න හදන රූප රාමුව පැහැදිලි කරන්න බැරුව මං ගොළු වුණා. චිත‍්‍රපටියක රූපයකින් කියන්න හදන කතාව වචන වලින් කියන්න වෙන එක හරිම අප්පිරියාවක්.
‘මටත් ඒක තේරුණේ නෑ’ මං සරල විදිහට මගඇරලා ගියා. චිත‍්‍රපටිය බලලා ගෙදර යන අපේ පේ‍්‍රක්‍ෂකයෙකුට අහන්න ඉතුරු වෙන ප‍්‍රශ්නෙ ඒ වගේ වෙද්දි ලන්ඩනයේ චිත‍්‍රපටිය බලලා එලියට ආපු පත්තරේට ලියන කෙනෙක් අපිචත්පොන්ග් ගෙන් අහපු ප‍්‍රශ්නයක් ළ`ග මං නැවතුණා.
ඇයි මේ කැලෑව හැම චිත‍්‍රපටියකටම ගේන්නෙ?
අපිචත්පොන්ග්- කැලෑව කියන්නෙ අපේ ගෙදර නිසා. අපි කොයිතරම් අමතක කරන්න හැදුවත් ඒක එහෙමයි. දැන් මං කැලේකට ගියාම ඒ සද්ද වලට බය වෙනවා. මට තේරුම් ගන්න බෑ කැලෑව. ඒත් ඒක තමයි අපේ නිවහන. අපේ මුතුන්මිත්තන්ගෙ නිවහන. මං හොඳටම විශ්වාස කරනවා ඉස්සර මිනිස්සුන්ට සත්තු එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඇති. කුරුල්ලො කියන දේවල් ඒ අයට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඇති. අපිට ඒ දේවල් නැති වෙලා. ඒත් මං ආසයි මගේ චිත‍්‍රපටි වල චරිත ආපහු ගෙදර අරන් යන්න.
කැලේ නොපෙන්නන තැන් වලත් ඇයි මේ විදිහට කැලේ සද්ද ඇහෙන්නෙ?
අපිචත්පොන්ග් - ජීවිතය දැනෙන්න. ජීවිතේ විශාලත්වය දැනෙන්න. කෘමීන් කෑ ගහන සද්දෙකින් වුණත් හැමතිස්සෙම අපිට පෙන්නන සිද්ධියට වඩා විශාල ජීවිතයක පැවැත්මක් දැනෙනවා. මගේ චිත‍්‍රපටි ඞීවීඞී වලින් බලන්න එපා කියල මං කියන්නෙ ඒ හින්ද. මේ විශාල ජීවිතය මට එතනදි දනවන්න බැරි වෙනවා.
ගොඩක් දේවල් එකතු කරගෙන මං ආපහු ගෙදර ආවා. පැහැදිලි නැති විසිරුණු අදහස් පටලැවිල්ලක් එක්ක සාකච්ඡාවෙ හිටපු අය ගෙදර ගියා නම් මගේ වැඩේ ගොඩ. ඒ ඍජු නිශ්චිත මගේ (චින්තනගේ) අදහසකට වඩා පැහැදිලි නැති විසිරුණු ඒ අදහස් පැල්ලම් ඔලූ ඇතුලෙ පසුකාලීන සිතීම් අවකාශ නිර්මාණය කරන නිසයි.
-චින්තන ධර්මදාස
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment