මුවම්මර් ගඩාෆිව වතුර බහින කුණු කාණුවකින් අල්ලගෙන මරා දැම්මේය. ගඩාෆි මරපු එක ගැන යුධ අපරාධ පරීක්‍ෂණයක් කරන්න කියල අපේ විදේශ අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබුණේය. භාරත ලක්ෂ්මන්ට මොකද වුණේ කියල අහන්න හදිසි නොවුණු විමල් වීරවංසත් ගඩාෆිට මොකද වුණේ කියල ප‍්‍රශ්න කළේය. ඒ අතරෙ ගඩාෆි මරපු අයට විරුද්ධව පියවර ගන්න කියල බැරක් ඔබාමාත් කියල තිබුණේය.
‘ගඩාෆි මරපු එක හරිද?’
මගෙන් සමහර අය ඇහුවෙ ආවේගෙන්ය.
කවුරු වුණත් මරන එක වැරදිය. ගඩාෆි ඔය විදිහට මරලා දාලා ඊට පස්සෙ ඇතිවෙන ආණ්ඩුවක් ගැන තත්වෙ භයානකය. ඒ කවදාවත් ඝාතනයකින් සාමයක් ඇති කරන්න බැරි නිසාය. එහෙම මං කිව්වට ඒකෙන් ඒ අයගෙ අවුල නම් විසඳුනෙ නැතිය.
‘ගඩාෆිව මැරුවෙ ඇමරිකාවෙන්. තෙල් ටික අල්ල ගන්න’
ගඩාෆි මැරුණ එක පිටස්තර සිද්ධියකට එහා ගිහින් ආවේගයක් තරමට මට ලොකු නොවුණේය. ඒ වගේම ඒකෙන් මගේ ඇතුලෙ ඇමරිකානු විරෝධයක් ද පැන නොනැංගේය.
‘උඹ ඇමරිකන් ගැත්තෙක්’
උන් චෝදනා කරද්දී මං කල්පනා කළේය.
ලිබියාව එක්ක මගේ ජීවිතේ කිසිම ගණුදෙනුවක් නොතිබුණේය. ලිබියාවෙ සාහිත්‍යයක්, ලිබියානු චිත‍්‍රපටියක්, ලිබියාවෙන් අලූත් අදහසක්, අඩුම තරමෙ ලිබියාවෙ ඇල්පෙනිත්තක් වත් මගේ ජීවිතේ එක්ක ගණුදෙනු කරලා තිබුණේ නැතිය. සාක්ෂරතාවය මේ තරම් වැඩියි කියන රටක ඇයි සංස්කෘතික උපරි ව්‍යූහයක් නිර්මාණය වුණේ නැත්තෙ? ගඩාෆි වෙනුවෙන් අ`ඩන අයගෙන් මට අහන්නට ඕන වුණේය.
ඇයි ගඩාෆි දිගටම හමුදා ඇදුමක් ඇඳගෙන හිටියෙ? ඇයි ආයුධ වලට සහ හමුදාවට ලිබියාව පුරා ඒ තරම් ඉඩක් ලැබුණෙ? ඇයි ලිබියාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සංවාදයක් තිබුණෙ නැත්තෙ?
මං ඒ දේවල් ඇහුවෙ ඇත්තටමය. ලිබියාව ගැන මට හැ`ගීමක් නැති වීම ගැන මං හිතන්න අරන් තිබුණේය.
‘උඹ ඇමෙරිකන් ගැත්තෙක්’
ඔවුන්ට ඒ හැමදේකටම තිබුණෙ සරල දේශපේ‍්‍රමියෙක්ද, දේශද්‍රෝහියෙක්ද වගේ උත්තරයක් විතරය. සමහර අය ලිබියාවට පක්ෂ වීම දේශපේ‍්‍රමීත්වය එක්කත්, ඇමරිකාවට පක්ෂ වීම දේශද්‍රෝහීකමත් එක්කත් ගැටගහගෙන හිටියේය.
ඇත්තටම මං ඇමරිකාවට ආසය.
ඒ ඇමරිකාවෙ යුධ පිළිවෙත් වලට නොවේය. අනෙක් රටවලට එරෙහිව කරන දේශපාලන කුමන්ත‍්‍රණ නිසා නොවේය. ඒ ඇමෙරිකානු සමස්තය නිසාමය. කිසිම සංස්කෘතියක් නැති, එක එක රටවලින් පිටුවහල් වූ නැත්නම් නිදහස සොයා ගිය ජනතාව විසින් ගොඩ නැගූ ඇමරිකාව නිසාමය. අසංස්කෘතියේ, ම්ලේච්ඡුත්වයේ සිට අද දක්වා අතීත උරුමයක් නැතිවම සංස්කෘතික වූ ඇමෙරිකාව නිසාමය.
මං ආසම ලේඛකයන් බිහි වුණේ ඇමරිකාවේය. චාල්ස් බුකොව්ස්කි, ඇලන් ගින්්ස්බර්ග්, ජැක් කැරෝ හිටියෙ ඇමෙරිකාවේය. නාසි ජර්මනියෙන් බේරිලා ආපු දැවැන්ත නිර්මාණ ශක්තියක් ඇති අය රැකවරණ ලැබුවේද ඇමරිකාවේය. බර්ග්මාන්, අකිර කුරසෝවා වගේ සිනමාවේ දැවැන්තයින් පවා අන්තිමට නතර වුණේ ඇමරිකාවේය. ඬේවිඩ ලින්ච්, රොඞ්රිගුඅස්, ටැරන්ටිනෝ ඉන්නේද ඇමරිකාවේය. ඇන්ඩි වාර්හෝල් හිටියේද ඇමෙරිකාවේය. ස්ටීව් ජොබ්ස්ගේ රටත් ඇමරිකාවය.
ඉතින් මං ඇමරිකාවට ආදරය නොකර ඉන්නෙ කොහොමද?
ඇමරිකාවේ පාදඩ ව්‍යාපෘතීන් මං නොසලකා හරිනවා නොවේය. ඒත් මේ තරම් සිතීමක්, නිදහස් පරාසයක් නිර්මාණය කරන්න අනිත් කිසිම රටක උපරි ව්‍යූහයකට බැරි වුණේය. ඒක වඩා හොඳ දේවල් කිරීමේ අරමුණින් නිර්මාණය වුණු අවකාශයක් නොවේය. ඒත් ගොඩක් අහම්බයන් එක්තැන් වෙලා නිර්මාණය වුණු අපූර්වත්වයක්ය. ඇමරිකාවෙ දහසකුත් එකක් ගැටළු හා අර්බුද අතරෙ මේ දැවැන්ත විකල්පයන් නිර්මාණය කරන මානසික අවකාශයක් ගොඩනැගුණේය. මට රටක් දැනෙන්නෙ ඒ රටේ ජීවත් වන ජීවිත වලින් විතරය. මට රටක් හැෙ`ගන්නේ ඒ රටේ තනා ඇති මහාමාර්ග, හෝටල්, යන්ත‍්‍රසූත‍්‍ර ආදියෙන් නොවේය. ඒ ජීවිත කොයිතරම් මගේ ජීවිතේ එක්ක ගණුදෙනු කරනවද කියන කාරණෙත් එක්ක විතරය.
සිංගප්පූරුවට, ජපානෙට මං ලිබියාවට තරම්ම විරුද්ධ කාරණය ඒකය. රටක ආර්ථික හා දේශපාලන කාරණා සංස්කෘතික සහ සමාජීය කාරණා වලට වඩා වැදගත් කොට සළකනවා නම් ඒ රටේ සිතීම සහ සංවාදය සීමා වීම හෝ වලපල්ලට යාම අහම්බයක් නොවේය. මට අනුව සාක්ෂරතාව වැනි කරුණු වලින් ඒ අර්බුදය විසඳෙනවා වෙනුවට වැඩිවෙන්නේය.
පෝලන්තෙ ගත කළ කෙටි කාලෙදි මට ඇමරිකානු විරෝධී ඇමරිකානුවො මුණ ගැහුණේය. ඒ අය ඇමරිකාවෙන් ඇවිත් පෝලන්තෙ නැවතිලා නිදහස වෙනුවෙන් අරගල කළ අය විය. ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදය එරෙහිව සංවිධාන ඇති කළේය. කොටින්ම පෝලන්තෙ මිනිස්සුන්ට නොතේරෙන තරම් පෝලන්තෙ ජනතා අයිතීන් ගැන හැ`ගීමක් ඒ අයට තිබුණේය. ඒක නෝර්වේජියන්, ස්විස් ජාතිකයන්ගෙ මං දැක්කෙ නැති ලකුණක්ය. ඇමරිකාවට විරුද්ධ මේ ප‍්‍රගතිශීලීත්වය පවා මට දැනෙන්නේ ඇමරිකානු ගතියක් විදිහටය.
‘ඇමරිකාවෙ දැන් ආර්ථිකේ වැටිලා. රස්සා නැතුව මිනිස්සු පිස්සු වැටිල’
ඇමරිකාව වැටෙන කල් බලන් ඉන්න අපේ රටේ දේශපේ‍්‍රමීන් නිතර කියන්නේය. රස්සා නැති, කන්න නැති, කොටින්ම හි`ගාකන උන් පවා මරා දමන රටක ඉඳන් අපි ඇමරිකාවට හිනාවෙන්න බලන් ඉන්න එක විහිළුවක්ය. ඒත් ඒක අපේ ජාතික සංස්කෘතියේම ලකුණක්ය.
‘ඇපල් කොම්පියුටරයක් අල්ලලාවත් නැති, අයිපොඞ් එකක් දැකලා වත් නැති අය ස්ටීව් ජොබ්ස් මැරුණම ෆේස්බුක් එකේ දාගත්තා. අපේ ටයිටස් තොටවත්ත මැරුණම ඒ අයට ගාණක් වත් නෑ’
මේ ටයිටස් තොටවත්තගේ මරණය ගැන ලාංකීය ශෝකය පළවුණු එක විදිහක්ය. මේ ප‍්‍රකාශය කියන්නෙම ටයිටස් ගැන දුකකට වඩා අපේ දූපත් හිතීමක ලක්ෂණය. ටයිටස් තොටවත්ත අසහාය නිර්මාණාත්මක හැකියාවක් තිබුණු කෙනෙක් බව ඇත්තය. ඒත් එයාට වැඩ කරන්න වුණේ ලංකාවේය. චණ්ඩියා, හඳයා, හාරලක්ෂෙ කරපු ටයිටස් අන්තිමට නතර වුණේ රූපවාහිනියෙ හ`ඩකැවීම් මැදිරියකය. ටයිටස් ගැන දුක්වුණු ලංකාවෙ ගොඩක් අයට මේ හ`ඩකැවීම් මාර වුණාට ටයිටස්ගෙ ජීවිතේ පැත්තෙන් ඒක දරුණු අවපාතයක්ය. ටයිටස් වගේ දැවැන්තයෙක් පවා අන්තිමට මේ වගේ තුට්ටු දෙකේ රස නිෂ්පාදන වලට කොටු කරන සහ ඒ කොටුවීම ‘මාරයි’ කියන සංස්කෘතියක් අවාසනාවන්ත විදිහට අපේ උරුමයක් වී තිබේය. ස්ටීව් ජොබ්ස් ලෝකයක් වෙනස් කරන තැනක් දක්වා යන්නෙත් ටයිටස් රූපවාහිනියෙ හ`ඩකැවීම් මැදිරියක නතර වෙන්නෙත් ඒ අයගේ පුද්ගලික හැකියාවන්ගෙ වෙනසකට වඩා සංස්කෘතික වෙනසක් හින්දාය.
අපේ අපරිණත සංස්කෘතිය ඇතුලෙ සැබෑ නිර්මාණශීලීත්වය අන්තිමට කාණුවට වැටෙන්නේය. දියාරු, බිඳවැටුණු සිතීමම වර්ණනා කෙරෙන්නේය.
ඇත්තටම මං ඇමරිකාවට කැමතිය.
ගඩාෆි මැරුණම වහා යුධ අපරාධ පරීක්‍ෂණයක් ඉල්ලන්න තරම් ඇමරිකානු රජය පරිණත වුණේය (බොරුවට හරි). ඒත් අපේ උතුරේ යුධ අපරාධ පරීක්‍ෂණයක් ගැන අහපු ගමන්ම රජය විතරක් නෙමෙයි රටම කලබල වුණේය.
ඒ ඇමරිකාවය. මේ ලංකාවය.
ඒ මහද්වීපයක් හා දූපතක් අතර වෙනසය.
මං ගඩාෆි ගැන කතා නොකර නතර වුණේය.
-ව්‍යාධදේව
It's not clear how you like America while not liking Japan (just keep Singapore out of the discussion as one can't exactly call it a nation)? Japan is the country that made Kurosawa. He became Kurosawa while in Japan. As a matter of fact, most of the 'great' Americans were not made by America. They were bought by America, after they became successful, only.
ReplyDeleteඑක පිම්මේ ලියන්නේ නැතුව පරිච්චේද වලට කැඩුවානම් නේද හොඳ ?
ReplyDeleteගඩාෆිගේ ලිබියාව වෙනත් බොහෝ අප්‍රිකානු රටවලට වඩා හොද එකක් විය. සාක්ෂරතාව, ඒක පුද්ගල දල ආදායම, සාපේෂව ඉහළ ය. වාරිමාර්ග, මහා මාර්ග විදුලිය තිබුනි. නමුත් ලිබියාවේ මිනිස්සු අවසානයේ ඉල්ලුවේ මේවා නොවේ. ආන්ඩුව හැම චන්දයකට ම උතුරට ගිහින් මොනවා බෙදලා ආවත් අන්තිමට උතුරෙ මිනිස්සුන්ට නොමිලේ අලගෙඩියක් වත් නොදෙන දෙමළ සන්ධානයට ම චන්දේ දෙන්නේ ඇයි? මෙය, ලංකාවේ තියෙන්නේ ජාතික ප්‍රශ්නයක් නොව ආදායම් ව්‍යාප්තිය ගැන ප්‍රශ්නයක් යැයි කියමින් උතුරට ලයිට් කණු පාරවල් සහ ට්‍රැක්ටර් බෙදීමට යෝජනා කරන සියලු දෙනා ගැඹුරින් තේරුම් ගත යුතු කරුණකි. මහා මාර්ග, විදුලිය හෝ නිවාස වැනි දේවල් මිනිස්සුන්ට අවශ්‍ය නමුත් ඒ මිනිස්සුන්ට අවශ්‍ය සියලු දේ නොවේ.
ReplyDeleteSatya is right... thats the exact thing what Chinthana has said in this post. America gave them the freedom to reach higher.
ReplyDelete"ඇත්තටම මං ඇමරිකාවට ආසය. ඒ ඇමරිකාවෙ යුධ පිළිවෙත් වලට නොවේය. අනෙක් රටවලට එරෙහිව කරන දේශපාලන කුමන්ත‍්‍රණ නිසා නොවේය. ඒ ඇමෙරිකානු සමස්තය නිසාමය. කිසිම සංස්කෘතියක් නැති, එක එක රටවලින් පිටුවහල් වූ නැත්නම් නිදහස සොයා ගිය ජනතාව විසින් ගොඩ නැගූ ඇමරිකාව නිසාමය. අසංස්කෘතියේ, ම්ලේච්ඡුත්වයේ සිට අද දක්වා අතීත උරුමයක් නැතිවම සංස්කෘතික වූ ඇමෙරිකාව නිසාමය."