කාලයක් තිස්සෙ එක එක සාම්ප‍්‍රදායික සීමාවන් එක්ක ගැටි ගැටී ඉඳලා අන්තිමට ලංකාවෙ ඩිජිටල් ෆිල්ම් තියටර්ස් පටන් ගන්න අවසර ලැබුණ. ඒ ප‍්‍රවෘත්තිය අහපු ගමන් මට දැණුනෙ මාර ත‍්‍රිල් එකක්. අපි පොඩි HD කැමරා උස්සන් low budget කරපු වැඩ ප‍්‍රදර්ශනයට දැන් ඉඩක් හම්බු වෙනවා කියල. නෙගටිව් ප්‍රොජෙක්ටර් වෙනුවෙන්ම පෙනී හිටපු ප‍්‍රසන්න විතානගේ මාධ්‍යයකදි එක පාරක් අහලා තිබුණ විදිහට, ඕවා කළාට පෙන්නන්නෙ කොහෙද, කියන ප‍්‍රශ්නෙට උත්තරයක් දැන් තියෙනවා. හැබැයි ඒත් එක්ක තවත් ප‍්‍රශ්නයක් ඉස්සරහට එනවා. ප‍්‍රසන්නලා වගේ අයගෙ සිනමාවෙ අනාගතය කොහාටද කියන එක. සිනමාව කියන්නෙ පළමුවත් දෙවනුවත් තෙවනුවත් නෙගටිව්මය කියල හිතාගෙන හිටපු අයට කටුගෙට යනවද කියල තීරණයක් ගන්න සිද්ද වෙනවා.
'' දැන් ඇත්තටම චිත‍්‍රපටි කරන්න ඕන උන්ට චිත‍්‍රපටි හදන්න පුළුවන් වෙයි. කෝටි ගණන් වියදම් කරන්න ඇති හැකියාව සිනමාව කියලා වැජඹෙන එක වෙනුවට නිර්මාණශීලිත්වය සිනමාවෙ මූලික කාරණයක් විදිහට දකින තත්වයක් නිර්මාණය වේවි'' අලූත් ඩිජිටල් රැුල්ලත් එක්ක මං ටිකක් වැඩියෙන් සුබවාදී වුණා.
ඒත් මේ ඩිජිටල් සිනමාවට තිබුණු තහංචි අහක් වෙන්නෙ එහෙම නිර්මාණශීලි වුණු අයගෙ සටන් කිරීමක් නිසා නෙමෙයි. ලංකාවෙ විකල්ප සිනමාවෙ පුරෝගාමියෝ විදිහට පෙනී ඉන්න කිසි කෙනෙක් ඩිජිටල් සිනාමාව එනවට කැමති වුණේ නෑ.
‘හැමෝම චිත‍්‍රපටි හදයි. හැමෝම අධ්‍යක්‍ෂවරු වෙයි’ කියල බය වෙලා ඒ අය නෙගටිව් එකත් එක්ක ඒ අයට ලැබෙන ගෞරවය ආරක්‍ෂා කර ගන්න බැලූවා. ඒත් සුනිල් ටී පෙත්සම් ගහද්දි රිකී එකේ ඞීවීඞී එකෙන් චිත‍්‍රපටි පෙන්නුවා. ලංකාවෙ ඩිජිටල් සිනමාවට දොරවල් ඇරෙන්නෙ නිර්මාණකරුවන්ගෙ පෙනී සිටීමක් හින්ද නෙවෙයි. ආයෝජන හැකියාවන් ඇති ව්‍යාපාරිකයන්ගෙ උවමනාව හින්දයි. (මාත් ඇතුළු අලූත් චිත‍්‍රපටිකරුවන් කීප දෙනෙක් ඩිජිටල් මාධ්‍යයෙන් කරපු චිත‍්‍රපටි නිසා මේ අලූත් සිනමාව ඇති වුණා කියල හිතන එක ලොකු මෝඩකමක්)
එතකොට මේ නව ඩිජිටල් සිනමාවෙ අරමුණු නිර්මාණකරුවන්ට අවශ්‍ය තැනක් දක්වා අරන් එන්න නම් වෙනම කතිකාවන් සහ සංස්කෘතීන් වැඩ කරන්න වෙනවා.
සිනමාව ඩිජිටල් වුණත් අන්තිමට පෙන්නන්නෙ කාටද? ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරයේ රසවින්දනය නිර්මාණය කරන දේශපාලනය තියෙන්නෙ කොතනද?
ව්‍යාපාරිකයෙක් ආයෝජනයක් කරන්නෙ ලාභය ගැන අදහසකින් මිස සමාජ පෙරලියක් වෙනුවෙන් ප‍්‍රජා සත්කාර අදහසකින් නෙමෙයි. මේ අලූත් ඩිජිටල් සිනමාව සම්බන්ධ ආයෝජනයෙ ලාභය කියන එකයි මේ දූපතේ කලාව සම්බන්ධ දේශපාලනයයි (පේ‍්‍රක්‍ෂාගාරය) අතර සම්බන්ධය හරි දුරයි. අනිවාර්යෙන්ම කලාපීය හෝ අන්තර්ජාතික සිනමා කර්මාන්තමය තත්වයන් සමග සාපේක්‍ෂ වෙමින් ගොඩනගන ඩිජිටල් සිනමාවෙ රස වින්දනය මේ රටට සීමා වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට ඉදිරියට චිත‍්‍රපටියක් කරද්දි කෙනෙකුට ලංකාවට වඩා ඉන්දියාව ගැන හිතන්න වේවි. මේක නරක තත්වයක් නෙමෙයි. ලංකාව රටක් හැටියෙන් පටු කොදෙව් තැනක සංවෘත වෙද්දි තාක්‍ෂණිකව අපි ලෝකෙටම විවෘත වෙන්න යනවා. අපේ ලාංකීය මනස් ජාතිකවාදී තැනක පල් වෙද්දි විනෝදාස්වාදය ඇතුළු පරිභෝජන සංස්කෘතිය අන්තර්ජාතික වෙනවා. ආයෝජන සහ ව්‍යාපාරික තත්වයන් එක්ක විවෘත වෙන අලූත් තාක්‍ෂණික සහ සංස්කෘතික ප‍්‍රවේශයන් සම්බන්ධයෙන් නිර්මාණාත්මක ව්‍යවසායකත්වයක් (ජාතික චින්තනය ඇතුලෙ මේ තත්ව කළමනාකරණය කරන්න බෑ) අහිමි වෙන එකෙන් අපි හුදෙක් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න තැනට වැටෙනවා. ඩිජිටල් සිනමාව සමග විවෘත වෙන මේ නව තත්වයන් එක්ක ලංකාවෙ සිනමාව සහ අනෙකුත් සියලූ කලාවන් අලූතෙන් අර්ථකතනය කරන්න සිද්ද වෙන එක අනිවාර්යක්.
අපේ චිත‍්‍රපටි වලට ඉඩක් තියෙයිද? ඩිජිටල් සිනමාව ගැන ජේම්ස් කැමරන්ටත් වඩා බලාපොරොත්තු තබා හුන් අපේ විකල්ප ධාරාවෙ චිත‍්‍රපටිකරුවෙක්ට තියෙන ඇත්ත ප‍්‍රශ්නයක්. (විකල්ප කිව්වට කොයි විදිහෙන් මේ බෙදීම කරන්නද කියල හිතන්න අමාරුයි. ලංකාවෙ මේ වෙනකල් ප‍්‍රධාන ධාරාව වුණෙත් විකල්ප චිත‍්‍රපටි. උදා විදිහට ප‍්‍රසන්න විතානගේ ලංකාවෙ ප‍්‍රධාන ධාරාවෙ සිනමාකරුවෙක්. ඒත් ලෝකෙ කිසිම රටක් ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටි ප‍්‍රධාන ධාරාව විදිහට බාර ගනීවිද කියල මං දන්නෙ නෑ.)
ඒ කොහොම වුණත් වෙන රටවල් හා තරගකාරීව මුහුණට මුහුණ මුණ ගැසෙන ඊළ`ග ඩිජිටල් සිනමා අවිධියෙදි අපිට වඩා යුග ගණන් වලින් ඉදිරියේ සිටින වෙනත් රටවල ප‍්‍රධාන ධාරාව සමග එකට හිටගන්නට අපිට සිද්ද වෙනවා. එතැනදි අප ඉන්දියානු සිනමා කොදෙව්වක් බවට පත් නොවන්න නම් මීට වඩා විශාල දැනුවත් බවක් වගේම උපක‍්‍රමශීලීත්වයක් (strategic) අපේ චිත‍්‍රපටිකරුවන්ට අවශ්‍ය වෙනවා.
මේ අලූත් වෙනස එක්ක තමන්ව ජාත්‍යන්තර සිනමා තත්වයන් හා ගලපමින් කියවා ගන්නට වෙහෙසෙන අලූත් සිනමාකරුවන්ට යම් ඉඩක් විවර වෙන්න පුළුවන්. ඒත් අපේ රටේ සිනමා භාවිතය පිළිබඳ නිසි කතිකාවන් හා සිනමා ශාලාවට පිටත සිනමා සංස්කෘතියට අදාල තත්වයන් නිර්මාණය නොවුණොත් මේ තාක්‍ෂණික පෙරලිය අපිට අවාසිදායක වෙන එක වලක්වන්න බැරි දෙයක්. නව තාක්‍ෂණික වෙනස්කම තේරුම් ගන්නට සහ ඒ වෙනස එක්ක ගැලපෙන සිතීමක් නැති වීම කියන්නෙ ආයිමත් පරාරෝපණ තත්වයක්. අපිට වෙන්නෙ ඔලූව කචල් කඳ ඩිජිටල් වෙන සිද්දියක්.
සිනමාව ඩිජිටල් වෙන එක ගැන ලෝකෙම ව්‍යාපාරිකයෝ සහ ආයෝජකයො උනන්දු වෙන්නෙ එකිනෙක අන්තර් සම්බන්ධිත සමස්ත ඩිජිටල් මාධ්‍යකරණයට සිනමාව එකතු වීමෙන් නිර්මාණය වෙන දැවැන්ත වෙළඳ අවකාශය නිසයි. (උදා විදිහට මෝබයිල් ෆෝන් එකෙන් සිනමාව රස විඳින තැන දක්වා බහුවිවිධාංගීකරණය වෙන වෙළඳපොල අවස්ථා)
”වෙන මොන දේවල් වුණත් ඩයලොග් එකයි මහරාජා එකයි හින්ද අපිට තාක්‍ෂණය ආවා”
-නිමල් ලක්ෂපතිආරච්චි
සිනමාව ඩිජිටල් වෙන්නට යන මේ මොහොතේ ඒ පසුතලයේ ඇති තාක්‍ෂණික දේශපාලනය ගැන අපේ ඇති නොදැනීම බරපතල හානියක්. මේ කියන්නෙ අලූත් තාක්‍ෂණය වාරණය විය යුතුයි කියන එක නෙමෙයි. ඒ විවරය හරි විදිහට පාවිච්චි වෙන දැනුම් පද්ධති නිර්මාණය වෙන්න ඕන කියන කාරණය. ඩිජිටල්කරණය තාක්‍ෂණික වෙනසක් විදිහට විතරක් තේරුම් ගන්න එකම අර්බුදයක්. ඩිජිටල් සිනමාව කියන්නෙ පැරණි සිනමාව ඩිජිටල් මාධ්‍යයට පෙරලෙන එකට නෙවෙයි. නොගටිව් වලින් කරපු චිත‍්‍රපටිය ඩිජිටල් චිප් එකට මාරු වීම කියන්නෙ හරිම සරල තැනක්. ඩිජිටල් සිනමාව එක්ක මෙතෙක් පැවති සිනමාවේ අනන්‍යතාවය මාරු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඩිජිටල් සිනමාව කියන්නෙම මෙතෙක් අපි සිනමාව කියල හිතපු එකේ මළගමයි.
දැන් අපිට මුහුණ දෙන්න වෙන ඇත්ත ප‍්‍රශ්නය මුණගැහෙනවා.
මේ අලූත් සිනමාවෙ සිනමාකරුවන් වෙන්න අපිට පුළුවන්ද? මේ සිනමාවේ භාෂාව ගැන අපි දන්නේ මොනවද?
සාම්ප‍්‍රදායක නැත්නම් මෙතෙක් පැවති සිනමාවේ, ඒක සම්භාව්‍ය, වාණිජ, විකල්ප මොන එකක් වුණත් ඒකෙ තිබ්බ පොදු තත්වය වුණේ කතන්දර කියන එක. සාම්ප‍්‍රදායික සිනමාවම ගොඩනැගිලා තියෙන්නේ මේ කතා කියන එක උඩ. (narrative) ඩිජිටල් සිනමාව අභියෝග කර්නනෙ සාම්ප‍්‍රදායික සිනමාවෙ මේ පදනමටයි. ඒක ඇතුලෙ ඒඅ ය වැඩි පුරම උත්සාහ කරන්නෙ පේ‍්‍රක්‍ෂකයා එක්ක සම්බන්ධ විය හැකි අලූත් ආඛ්‍යානයන් ගොඩනගන්නයි. ( interactive narrative)
අපි මෙතෙක් දන්න සිනමාවට මූලික වුණේ මොකක් හරි භෞතික යතාර්ථයක්. සිද්ධි හෝ චරිත විදිහට යතාර්ථවාදය එක්ක මොන විදිහකින් හරි සම්බන්ධ වෙන චිත‍්‍රපටි තමයි අපිට දැන් සාම්ප‍්‍රදායික විදිහට හඳුන්වන ඒ සිනමාවෙදි මුණගැහෙන්නෙ. ඩිජිටල් සිනමාවෙදි චිත‍්‍රපටයක භෞතික යතාර්ථය කියන්නෙ එක ඔප්ෂන් එකක් විතරයි. සාම්ප‍්‍රදායික සිනමාවෙදි හරි වැදගත් කාරණා වන චරිත, ආඛ්‍යාන වගේ දේවල් මෙතනදි ඩිෆෝල්ට් ඔප්ෂන් වගේ.
සිනමාව ඉගෙන ගන්න හදන අයට දැන් එක කාරණයක් පැහැදිලි වෙන්න ඕන. සිනමාව කියලා අපි දන්න විෂය තත්වයන් වෙනස් වෙන්න යනවා කියන එක. ඩිජිටල් සිනමාව පැවති සිනමාවේ අනන්‍යතාව වෙනස් කරනවා කියන්නේ ඒ හින්ද. එතකොට සිනමාකරුවා කියන අර්ථයත්, සිනාමාව ගැන දැනුමත් මේ අලූත් තත්වයෙදි වෙනස් වෙනවා.
1970දි ක‍්‍රිස්ටියන් මෙට්ස් කියල විචාරකයෙක් කියනවා,
චිත‍්‍රපටිවල හොඳ, නරක, ඔරිජිනල්, කොපි, කලාත්මක, වාණිජ මේ මොන දේ කිව්වත් ඒ හැමෝටම එක දෙයක් පොදුයි. ඒ හැම චිත‍්‍රපටියක්ම කියන්නෙ කතාවක්.
ඒ විදිහට ගත්තම මේ ඔක්කොම එක පොදු ෂොනරයකට වැටෙනවා. ඒක සුපර් ෂොනරයක් කියල. අපි මෙතෙක් කල් සිනමාව කියන්නෙ සජීවී ව සිදු වෙන දෙයක් පටිගත කිරීමේ ක‍්‍රියාවලියකට. සිනමාව සම්බන්ධයෙන් මෙතෙක් වුණු හැම තාක්‍ෂණික දියුණුවකම අවශ්‍යතාවය වුණේ මේ පටිගත කිරීමේ තත්වයන් වඩා හොඳ කරන්නයි. මේ විදිහට යතාර්ථය වාර්තා කිරීම කියන එකට හිර වුණු සාම්ප‍්‍රදායික සිනමාව ගැන මෙට්ස් කියන්නෙ ‘ අඩි සටහනකින් කලා කෘතියක් කරන්න යනවා’ කියල.
සිනමාව ස්වභාවිකවාදයේ තත්වයන් එක්ක ගැටගැහිලයි තියෙන්නෙ. ඒක උසාවියක ස්ටෙනෝ ටයිපින් හෝ වැක්ස් මියුසියම් එකකට වඩා වැඩි දෙයක් නෙමෙයි කියල අලූත් සිනමාව ගැන උනන්දු වෙන විචාරකයන් කියන්නෙ නෝන්ඩියට. ඒ අය කලාවක් විදිහට මෙච්චර කල් පැවතුණු සිනමාවෙ සීමිත බව ප‍්‍රශ්න කරනවා.
තර්කොව්ස්කිගෙන් එකපාරක් කෙනෙක් ප‍්‍රශ්නයක් අහනවා. ‘ඔයාට බැරිද ඇබ්ස්ට‍්‍රෑක්ට් දෙයක් කරන්න?’
තර්කොව්ස්කි කියනවා එහෙම වියුක්ත දෙයක් පවතින්න බෑ කියල. සිනමාවෙදි සිද්ද වෙන ප‍්‍රධානතම කාරණය වෙන්නෙ කාචය ඇරලා සිනමා පටය දුවන්නට දී ඉදිරියේ ඇති දේ සටහන් කර ගැනීමයි කියල තර්කොව්ස්කි කියනවා. එයාට අනුව එතන ඇබ්ස්ට‍්‍රෑක්ට් මොකවත් නෑ.
ඒත් සිනමාවෙ හැම දෙයක්ම කැමරාවකින් රූ ගත නොකර කොම්පියුටරේකින්ම කරන්න පුළුවන් වුණොත් සිනමාවට මොකද වෙන්නෙ?
හොලිවුඞ් සිනමාව දැනටමත් වැඩි බරක් දෙන්නෙ මේ ඩිජිටල් නැත්නම් ඇනිමේෂන් කොටසට. මෑතක නිකුත්වුණු චිත‍්‍රපටි බොහොමයක සාර්ථක වුණේ ඒවායෙ තිබුණ ඇනිමේෂන් කොටස් හින්ද. (transformers, avatar) මේ වෙද්දි හොලිවුඞ් චිත‍්‍රපටියක් වෙළඳපොලට එද්දි ඒ චිත‍්‍රපටියෙ මාදිලි ගණනාවකින් නිකුත් වෙනවා. ප‍්‍රධාන සිනමා ශාලාවලට අමතරව චිත‍්‍රපටයට ඇතුලත් නොකල දර්ශන හා සාකච්ඡුා අඩංගු ඞීවීඞී තැටියක් සහ චිත‍්‍රපටය පාදක කරගෙන නිර්මාණය කළ ඩිජිටල් ගේම් එකක් අනිවාර්යෙන් නිෂ්පාදනය වෙනවා. චිත‍්‍රපටියක විශේෂ ප‍්‍රයෝග කළ ආකාරය ඇතුලත් making of පොත් වලටත් තියෙන්නෙ එන්න එන්නම වැඩිවෙන ඉල්ලූමක්.
මේ විදිහට කොම්පියුටර් විලින් ඩිසයින් කරන යතාර්ථයක් විසින් සිනමාව බාර ගන්න එකටයි ඩිජිටල් සිනමාව කියන්නෙ. සාම්ප‍්‍රදායික සිනමාව ඡුායාරූප කලාව උඩ පදනම් වෙද්දි ඩිජිටල් සිනමාව වඩාත් ළංවෙන්නෙ චිත‍්‍ර කලාවට. photographic සහ cinematic කියන තැනින් සිනමාව graphic සහ painting තැනකට මාරුවෙන එක මේ මොහොතේ සිද්ද වෙමින් තියෙනවා.
මේ හැම දෙයක්ම අතරෙ අපේ සිනමාව තාම මහින්දාගමනය තරම් පිටිපස්සට ගිහින්. නැත්තං උතුරු නැගෙනහිර යුද්දෙ පට්ට ගගහා එක්ක සම්මාන පස්සෙ ගිහින්.
ඩිජිටල් සිනමාවට අනුව සජීවී ක‍්‍රියාව රූ ගත කිරීම කියන තැන තමයි සාම්ප‍්‍රදායික සිනමාවේ සීමාව. ඒත් ඩිජිටල් චිත‍්‍රපටියකදි ඒ රූපය තවත් එක පික්සල් (pixel) වලින් හැදිච්ච frame එකක් විතරයි.
forest gump චිත‍්‍රපටිය පටන් ගන්න හැටි මතක නම් ඒ පිහාටුව පාවෙන එක හරහා අපි ඇතුල් වෙන්නෙ ඩිජිටල් යතාර්ථයකට. ඒක ඇත්තක් නෙමෙයි. පාවෙන පිහාටුවක් රූ ගත කරලා ඒක විවිධ පසුතලයන් උඩට ගෙනැත් එක් පෙලක් හැටියෙන් අරගෙන නිර්මාණය කරපු ඒ දර්ශනය ගොඩනගන්නෙ යතාර්ථයෙන් බැහැර යතාර්ථයක්. ඒක සිනමා කෘතියට විතරක් විශේෂ වුණු යතාර්ථයක්.
ඩිජිටල් චිත‍්‍රපටයක් නිර්මාණය වෙන විදිහ පවා පැරණි සිනමාවට වඩා වෙනස්. කොතනින් හෝ රෙකෝඞ් කරපු නැත්නම් කෘතිමව හදපු රූපය painting, image processing, animation ආදී අදියර ගණනාවක් තුලින් යනවා. මෙතනදි පැරණි සිනමාවෙ තිබුණු පෙර - පසු නිෂ්පාදන(pre production-post production) කියන බෙදීම ඉවර වෙනවා. මූලික අර්ථයෙන්ම ඩිජිටල් සිනමාව කියන්නෙ animation. එතනදි කැමරාවෙන් රූ ගත වෙන්නෙ මුල් අවස්ථාවට ඕන වුණොත් ගන්න රූපය විතරයි.
ඩිජිටල් සිනමාව එනවත් එක්ක කර්මාන්ත සම්බන්ධතා රටාව වෙනස් වෙනවා. මෙච්චර කල් නිර්මාණයක බලය පැවරුණු පිටපත් රචකයන්, කලා අධ්‍යක්‍ෂවරුන්, කැමරා ශිල්පීන් වගේ කොටස් මේ අලූත් පරිසරයෙදි අවතැන් වෙනවා. ඒ වෙනුවට අලූත් සෞන්දර්යවාදයක් සහ අලූත් නිර්මාණ ක‍්‍රමවේදයක් පටන් ගන්නවා.
ලෝක තත්වයෙන් ගත්තොත් දැන් පවතින සිනමාවෙ තත්ව දෙකක් අපිට අඳුරගන්න පුළුවන්. එකක් මාධ්‍ය භාවිතාවක් විදිහට සිනමාව. ඒ කියන්නෙ යතාර්ථය ගබඩා කරන මාධ්‍යයක් විදිහට සිනමාවෙ කරන වැඩකොටස. ඩිජිටල් සිනමාව ඇරඹෙන්නෙ සාමප‍්‍රදායික සිනමාවෙ මේ කාර්යය සීමාවක් විදිහට අරගෙන ඒකට අභියෝග කරන තැනින්.
දෙවෙනි තත්වය දෘෂ්‍ය යතාර්ථය. සැබෑ යතාර්ථය වෙනුවට කෘතියෙන් යෝජනා කරන යතාර්ථය. ඒ යතාර්ථය දැන් නිර්මාණය වෙන්නෙ ඉස්සර වගේ කැමරාවෙන් නෙමෙයි. පරිගණක පින්සලකින්. ඒක සිනමා ඇස වෙනුවට සිනමා පින්සල පාවිච්චි කිරීමක්. (kino eye to kino brush)
මේ ඩිජිටල්කරණයත් එක්ක සිනමාවට කලින් තිබුණු මහේශාඛ්‍ය අනන්‍යතාව බිඳ වැටෙනවා. ඒ වෙනුවට අනන්ත ඩිජිටල් මාධ්‍ය අතරෙ සිනමාව තවත් එකක් විතරක් වෙනවා.
අපි මේ කියවගෙන යන්නෙ අපිට ඉස්සරහට නියමිත අනාගතය. කොහොමත් සිංගප්පූරුවට ගිහින් අරන් ඇවිත් මේ අලූත් තාක්‍ෂණික මෙවලම් ටික පාවිච්චි කරන්න අපිට පුළුවන් වෙයි. ඒත් ඒ වර්චුවල් යතාර්ථයන් සහිත ප‍්‍රබන්ධ ලෝකයක් ගැන අපේ නිර්මාණ අවකාශය කොයි තරම් පටුද? යතාර්ථයේ පවා හු`ගක් මතුපිට අතගාන අපේ ලාංකීය නිර්මාණ මේ වගේ අවකාශයක නන්නත්තාර වීම ගැන කිසි සැකයක් නැහැ. විෂය තත්වයන් ගැන අපේ සිනමාකරුවන්ට තියෙන නොදැනීම සහ වර්චුවල් රියැලිටි වලට පියාඹන්න තරම් අපේ නිර්මාණකරුවන් සැහැල්ලූ නැති කාරණය නිසා මේ අලූත් තත්වය ඉස්සරහ අපි අවලංගු වෙන්න පුළුවන්.
තාම අපේ නිර්මාණ සිතුවිලි වපසරිය හැසිරෙන්නෙ ඇල්කොහොලික් තැනකයි. (භෞතිකවාදී, යතාර්ථවාදී, හැ`ගීම්බර, පිරිමි). මෙතනදි මට ඇපල් සමාගමේ ස්ටීව් ජොබ්ස් කියපු කතාවක් මතක් වෙනවා.
බිල් ගේට්ස් දක්ෂයි. ඒත් එයා ගැන මට දුකයි. එයා හරි සීමිතයි. අඩුම තරමේ LSD ටිකක් වත් නැත්නම් සෙන් භාවනාවක් වත් ලැබුනොත් එයාගෙ පරිකල්පනය ටිකක් පළල් වෙයි’
ලංකාවෙ ප‍්‍රධාන ධාරව කියන්නෙ කොහොමත් අපත සිනමාවට. ඒ ගැන කතා කරන එක තේරුමක් නෑ. ඒත් අපේ විකල්ප යැයි කියන චිත‍්‍රපටිකරුවොත් උනන්දු වෙන්නෙ ඩිජිටල් සිනමාව නිසා තමන්ගේ යතාර්ථවාදී කතන්දරේ අඩු ගානට රූ ගත කරලා ප‍්‍රදර්ශනයට විදිහක් හැදෙන කල් මිස ඩිජිටල් සිනමාවට ආවේණික පරිකල්පන තත්වයන් (සිතීම) මේ රටේ ගොඩනැගෙන විදිහක් ගැන නෙමෙයි. ලෝකයේ සිදුවෙන කලා-වාණිජ ආකෘතීන් වල වෙනස්කම් ගැන දැනුවත්ව හැඩගැහෙනවා වෙනුවට ඒ අය තාමත් ඉන්නෙ සම්මානයක් ගන්න පුළුවන් චිත‍්‍රපටියක් හදන සිහිනයක. නමුත් ඩිජිටල් සෞන්දර්යවේදය පිළිබඳ කතිකාවන් සහ නිර්මාණ සංස්කෘතියක් ඇති කර ගන්න අපිට බැරි වුණොත් සිනමාව ඩිජිටල් වෙන වේගයත් එක්කම අපිට සිනමාවක් අහිමි වෙන වේගය පාලනය කරන්නට කාටවත් බැරි වෙයි.
ඒ නිසා ඩිජිටල් සිනමාවේ ආරම්භය කියන්නෙ මෙතෙක් අපි විශ්වාස කළ සිනමාවේ සහ සිනමා විරුවන්ගේ අවසානය බව වටහා ගන්න එක සහ එළඹෙන අලූත් සිනමාවේ භාෂාවන් දැන කියා ගන්න ඉක්මන් වෙන එක මේ මොහොතේ චිත‍්‍රපටිකරුවෙකුට වඳ වී නොගොස් ඉතිරි වෙන්න අවශ්‍යම වෙන පියවරක්.
Lev Manovich ගේ ලිපියක් ඇසුරින්.
-චින්තන ධර්මදාස
No comments:
Post a Comment