කොළපාට වනාන්තරේක පාමුල නවාතැනක ආලින්දයේ මං ඉඳගෙන. දිගටම හිරිකඩ වැස්ස. මං මෝබයිල් ෆෝන් එකෙන් සිංදුවක් හෙව්වා.
නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රඛීලයක් සේ....
සීතලට එලියෙ පින්න බැඳිච්ච ලයන් බියර් කෑන් එකක් ළ`ගම කනප්පුව උඩ. උගුර හීතල කරගෙන ක්ලැසික් තිත්තක් එක්ක උගුරෙන් පහලට ගලන පළවෙනි බියර් උගුරෙ ආස්වාදය මං තවත් පරක්කු කළා.
මේ සිංදුව මං හිතන් හිටියෙ දිලීප අබේසේකර ලියපු එකක් කියල. ඒත් ඒක බර්ට‍්‍රම් නිහාල් අතින් ලියවුණා කියල දැන ගත්තම මං පුදුම වුණා. දඩබිමේ රූප රාමු කීපෙකුත් ඇස් ඉස්සරහ කැපි කැපී නොපෙනී ගියා. ඒක බර්ට‍්‍රම් ගැන මට නොතිබිච්ච සංඥාවක්.
ජිමී ක්ලිෆ් 1969 කියපු මැනි රිවර්ස් ටු ක්රොස් වල සිංහල කොපියනේ කියල හු`ගක් අය මේ චිත‍්‍රාල් කියන සිංදුව මගඅරිනවා. ඒත් ඒක මට ලංකාවෙ කෙරිච්ච හොඳම සිංදුව. මං රහට බොන්න ඕන නං තෝර ගන්නෙ කාල්ස්බර්ග්. ඒත් කැරැක්ටර් එකක්, හැ`ගීමක් දැනෙන්න ඕන වෙලාවක නං බොන්නෙ ලයන්.
‘බියර් වලින් මාව අන්දලා’,
බියර් බිව්වම ගඳයි කියල පෝස්ටර් ගහන ඇඩික් එකේ පොරක් කියන්න පුළුවන්.
අන්දලා වෙනුවට මට අලූත් සංකල්පයක් දීලා, මං ඒක ගන්නෙ ඒ විදිහට. ඊටත් වඩා ඒක සාමාන්‍ය, පොදු සංස්කෘතියෙන් එහා ජීවිතයක් ගැන සංකල්පයක්. මට සමාජය නොතකා මගේ පුද්ගලික ජීවිතය බාර ගන්න ධෛර්ය දෙන සංකල්පයක්. ඇඩික් එක බියර් වලට විරුද්ධව අරන් ආපු හැම කැම්පේන් එකක්ම තුට්ටු දෙකේ ඒවා. ගෑණු මූලික කරගෙන හදපු ඒ කැම්පේන් පිරිමින්ට හදපු බියර් සංකල්පෙට තර්ජනයක් වුණේ නෑ. ගෑණු වගේ පිරිමි ටිකක් විතරක් ඒවා තැන් තැන් වල කිය කිය හිටියා.
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ.....සිංහ ලෝකයේ
නදී ගංගා තරණයේ කියන්නෙ ජිමී ක්ලිෆ්ගෙ සිංදුවෙ අමු පරිවර්තනයක් නෙමෙයි. ඒ අදහස ඒ රාමුව ඇතුලෙම ඉඳන් වෙනස් තැනකට අරන් යන ගමනක්. ජිමී ක්ලිෆ්ගේ සිංදුවට වඩා චිත‍්‍රාල් ගෙ සිංදුව බලාපොරොත්තු සහගතයි. අහද්දි ඇගේ හිරිගඩු පිපෙනවා. ඒක ඔරිජිනල් කියන සිංදුවට වඩා වෙනස් වර්ණයක්. වෙනස් සංකල්පයක්.
ඒ මියුසික් ඇරෙන්ජ්මන්ට් එක පුදුම ලස්සනයි. ගිටාර් තත් උඩින් ඇ`ගිලි වේදනාවෙන් ලිස්සන හ`ඩ ඒ මොහොත අනුරාගී කරනවා. චිත‍්‍රාල් ගේ හ`ඩ.... මාර රේන්ජ් එකක එහා මෙහා යන ඒ තරුණකම නොදැනීම පපුව ඉස්සරහට කරනවා. අලූත් හුස්මකින් පෙනහළු පුරවනවා. ඒක මැජික් එකක්.
මේ සිංදුව හැදෙන්නෙ බියර් ඇඞ්වර්ටයිස් කරන්න තහනම පටන් ගත්ත කාලෙ. මේ බාධකය ඇතුලෙන් ගිහින් ලයන් බියර් එකට වෙනස්ම පෞර්ෂයක් හදන්න මේ කැම්පේන් එකට පුළුවන් වෙනවා. මේක කරන්නෙ ග‍්‍රාන්ට්ස් (ඇඩවර්ටයිසින්) එකෙන්.
‘ස්ටොක් ඉමේජ් ටිකක් දාලා කරපු ජිමික් එකක්. ලොකුවට පුම්බන්න එපා’
තවත් ඇඞ්වර්ටයිසින් යාලූවෙක් කිව්වා.
ප‍්‍රශ්නෙ තියෙන්නෙ පාවිච්චි කරපු ඉමේජ් වර්ගයේ නෙමෙයි. කන්සෙප්ට් එකේ. ඒ වර්ණ, හැඩතල, සිංහ ඇස් අපිට කියන කතාව. අපේ ජීවිත වලට අරන් එන නව හැගවුම. බියර් වලින් සමාජයට පිටස්තර හුදකලා වීර සිංහයෙක් (ගැහැණුන්ගේ පිරිමියෙක්)යෝජනා කරද්දි ඇඩික් එකෙන් යෝජනා කළේ සමාජෙ හොඳ නම වෙනුවෙන් දේවල් කරන ගැහැණු පිරිමියෙක්.
කොකා කෝලා ලංකාවට අරන් ආපු ජනප‍්‍රිය සංස්කෘතිය වගේම ලයන් බියර් එකේ සිංහයත් අපේ ජීවිත පොහොසත් කරනවා. අලූත් මානයක ජීවිතයක් වෙනුවෙන් අපිව නිර්භීත කරනවා.
සුළං රැුල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මන්දාකිණී
හඹා යමි හමුවෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්.......
ජිමී ක්ලිෆ් කියන්නෙ ගෑණියෙක් නැති දුකක් එක්ක එන හුදකලාවක් ගැන. ඒත් නදී ගංගා තරණය කියන්නෙ ඊට වඩා පුළුල් පැවැත්ම ගැන කතාවක්. තනිව ජීවත් වීමේ අභිමානය ගැන කතාවක්. සිංහ චර්යාවන් එක්ක ගළපමින් ඇවිත් අපේ පැවැත්ම අවදිකරන ආධ්‍යාත්මික යෝජනාවක්.
ඇඞ්වර්ටයිසින් වලින් කරන්න පුළුවන් විශිෂ්ටතම මෙහෙයක් මෙතනදී ග‍්‍රාන්ට්ස් එකෙන් කරනවා (දැන හෝ නොදැන). ඒ සමාජයට විකල්ප පෞර්ෂත්වයක් හඳුන්වා දීම. මේ වෙනකොට ඒතරම් පළල් අදහසකින් සමාජය එක්ක සංවාද කරන ඇඞ් කැම්පේන් නැති තරම්. බියර් වල තිත්ත, පෙණ පිපෙන සෞන්දර්ය, ගිනි දවාලක දැනෙන සිසිලස මේ හැම දෙයක්ම ඒ සිංහ පෞර්ෂයට ගැලපෙනවා. බියර් ඇඞ්වර්ටයිස් කරන්න දාපු තහනමෙන් දැවැන්ත බ‍්‍රෑන්ඞ් ඉමේජ් එකක් හැදෙන කැම්පේන් එකක් එලියට එනවා.
මගේ බියර් කෑන් එක වටේ දැන් පොකුණක් වගේ වතුර. බියර් එක තාම සීතලයි. වැස්ස තව ගොඩක් වෙලා තියෙයි. මං මගේ පළවෙනි බියර් උගුර තවත් පරක්කු කළා.
මංමුලා නොවේ කිසිදා
ජවය මා සතුවේ
දිරිය ගන්නෙමි......
චාපා දවසක් මේ සිංදුව කිව්වා. ඊට පස්සෙ ඇත්තම කතාවක් කිව්වා.
‘චිත‍්‍රාල් තරම් හොඳට මට මේක කියන්න බෑ’...
චිත‍්‍රාල්ගේ කටහ`ඩ ඒ රොක් සංගීත පරාසය ඇතුලෙ පෙන්නන්නෙ පුදුම පරිණතකමක්. ගායනයක තියෙන්න ඕන විශිෂ්ටත්වය ඒ හ`ඩ හැගීමක් ගැන කොයිතරම් දන්නවද කියන එකයි. ඒ සංගීතයෙන් ඒ වචන වලින් යෝජනා කරන හැ`ගීම්වලට හඩෙන් කරන වර්ණ ගැන්වීමයි. මේ සිංදුවෙදි සංගීතයත්, පදවැලත් ඉක්මවා චිත‍්‍රාල්ගෙ හ`ඩ ඒ හැ`ගීමට හුස්ම දෙනවා. ගායකයෙක් විදිහට තියෙන ශිල්පීය දක්ෂතාවට අමතරව චිත‍්‍රාල්ගේ වෙනස් සමාජ-මානසික අවකාශය මේ විදිහට හැ`ගීමක් ඇතුලෙ දියවෙලා යන්න එයාට උදව්වක් වෙන්න ඇති. උදා විදිහට එයාගෙ ප‍්‍රතිරූපය හදලා දුන්නෙ ලංකාවෙ මාධ්‍ය නෙමෙයි. ලාංකේය සිංහල බෞද්ධ සමාජය නෙමෙයි. මේ නිසා එයාගෙ හ`ඩ ශික්ෂණය තියෙන්නෙ අපේ ව්‍යවස්ථාවට පිටින්. මේ සිංදුවෙ වචන වලින් යෝජනා කරන ඒ සිංහ පෞර්ෂය තියෙන්නෙත් අපේ ව්‍යවස්ථාවෙන් එලියෙ. ඒක චිත‍්‍රාල්ට ළ`ගයි. චාපාට යන්න බැරි චිත‍්‍රාල් යන දුර ඒකයි.
නදී ගංගා තරණයෙන් යෝජනා කරන සිංහයා ලංකාවට අලූත් සිංහයෙක්. ඒ අපි අදහන සිංහල සිංහයා නෙමෙයි. ගෝත‍්‍ර විදිහට ජීවත් වෙන, ස්වාධීන සිතීමක් අහිමි දුර්වල සිංහයා නෙමෙයි. තනියම ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්, සාමූහික ගොහොරුවෙන් පිටත නිදහසේ සරන අභිමානවත් සිංහයෙක්. ඒ නීට්ෂේ කිව්වා වගේ ‘සුපිරි මිනිසෙක්’ ගැන අලූත් අදහසක්. කලාවෙන් හෝ දර්ශනයෙන් කරන්න ඕන වැඩක් ඇඞ්වර්ටයිසින් වලින් කරන සුවිශේෂ තැනක්. වඩාත් වැදගත් වෙන්නෙ ඒක සමාජගත කරන්න තිබුණු හැකියාව.
තහනම, සමාජයේ පොදු මතය විසින් පාලනය වීම, ජීවිතේ ගැන බිය, මේ හැම කාරණයක්ම මේ එක වැඩෙන් ආමන්ත‍්‍රණය වෙනවා. ඒ සියල්ල ඉක්මවා යන්න තියෙන පිරිමි ආශාව ඇහැරවන්න මේ සංකල්පයට පුළුවන් වෙනවා. ඇත්තට පවතින සමාජ මතයට දේශපාලනික විකල්පයක් යෝජනා කරමින් මේ සංකල්පය සටන් කරනවා, සිංහ පෞර්ෂයක් වෙනුවෙන්.
ගලා යන දහසක් නදී
බලා සිටියි මා එනතුරා
නිරතුරුව අභිමානයෙන්.....
මේ තනුවට අනුව වචන හදපු බව පැහැදිලියි. ඒත් ඒ සංගීතය ගැන, ශබ්ද රසය ගැන, නූතන සාහිත්‍යය ගැන බර්ට‍්‍රම් ට තිබුණු දැනීමත් ඒ වගේම පැහැදිලියි. වචනෙන් වචනෙට තේරුම් ගලපමින් එක සමස්ත අදහසකට සිංදුව පටු කරනවා වෙනුවට බර්ට‍්‍රම් අදහස එක හැ`ගීමක් ඇතුලෙ විසුරුවා හරිනවා. ඒක බටහිර ගීත රචනයේ දකින්න ලැබෙන, අපේ සිංදු වල වැරදීමකින් මිස දකින්න නොලැබෙන ලකුණක්. අපේ සිංදු කියන්නෙ සරල රේඛීය කතාවක්. ඒත් බටහිර සිංදු වල තියෙන්නෙ මිටියාවතක් වගේ නිදහස් අවකාශයක්. නදී ගංගා තරණයේ වචන පෙලගැස්වීමත් මේ නිදහස හා ස්වාධීනත්වයම අවධාරණය කරනවා.
‘අපි සිංහ වංශයේ. ඔබ?’
ඊට පස්සෙ මේ ෆැන්ටසි පරපුරක් ගැන කතාව හැම බාර් එකකම උඩ ලියවුණා. බියර් වල නම තහනම් වුණාට සිංහයා ගැන ලියන්න තහනමක් තිබුණෙ නෑ. ජාතික කොඩියෙ සිංහයාට වෙනස් රැඩිකල් සිංහයෙක් තිත්ත බියර් එක්ක කෝප්ප වල පිරෙන්න ගත්තා. කහ පාට බියර් උඩ පෙණ පොකුරු පොකුරු පිපෙන්න ගත්තා. (සිංහ වංශෙ කට්ටිය වැඩි වුණාම බලූ ගාණට වැටෙන එක වෙනම කතාවක්).
වචන, සංගීතය, හ`ඩ සහ රූප මේ හැමදෙයක්ම හොඳටම ගැලපුණු සිංදුවක්. දැන්වීමක අදහසට එහා ගිහින් විකල්ප ජීවිතයක් ගැන සංකල්පයක් කියන නිර්මාණාත්මක අදහසක්. මේ හැමදෙයක්ම ලයන් බියර් විකුණන්න කරපු වැඩක්.
මට අනුව මේ සංකලනය මේ අදහසේ ගැඹුර තවත් වැඩි කරනවා. කලා කෘතියක් හෝ වෙන මොකක් හරි විශිෂ්ට දෙයක් හෝ විදිහට නැතිව ඇඞ් එකක් ඇතුලෙන් ඉපදිච්ච අලූත් ජීවිතයක් ගැන අදහසක්. සමහර විට කැම්පේන් එක කරපු අය දැනුවත් මේකෙ වාණිජ පරමාර්ථ ගැන විතරක් වෙන්න ඇති. ඒත් ඒ වාණිජ පරමාර්ථ වලට වඩා විශාල සංකල්පයක් මේ හරහා සමාජගත වෙනවා.
මගේ හුදකලාව, පැවැත්ම මට ගැටළුවක් වෙන හැම තැනකදිම මං නදී ගංගා තරණයට යනවා. ඉර එලියෙ දිලිසෙන පතන බිම් වල වැතිරිලා මං සිංහයෝ දිහා බලන් ඉන්නවා.
ඇ`ග කිළිපොලා යන ගිටාර් වාදනයක් එක්ක චිත‍්‍රාල් නිහ`ඩ වුණා. මගේ බියර් එකත් නිවෙන්න හු`ගක් ළ`ගයි. මං කෑන් එකේ පියන ඇරියා.
උගුර තෙමාගෙන පහලට ගලන පලවෙනි තිත්ත බියර් උගුර...
ගර්ර්ර්ර්ර්......................
-චින්තන ධර්මදාස
gosh??? is this u cult ?? :D
ReplyDelete