Saturday, December 28, 2013

අවුරුද්දෙ අන්තිම වැස්ස...


අවුරුද්දෙ අන්තිම කෙළවර. මං ගාල්ල කොටුවෙ  ඕලන්ද හැඬේට හදපු පුංචි හෝටලේක බැල්කනියට වෙලා මේ අවුරුද්දෙ අන්තිම ලිපිය ලියනවා. හීනියට හිරිපොද වැස්සක් වැටිලා මුහුද තෙමෙනවා.

අවුරුද්දෙ මගේ ආසම මාසෙ දෙසැම්බර්. හීතලට, ලා අව්වට, නිතරම ඇඟේ හැපෙන හුළ`ගට අමතරව දෙසැම්බරයේ හැ`ගීමට මං ගොඩක් කැමතියි. ඒක උත්සව මාසයක්. හැම දෙයක්ම ලස්සනට සැරසෙන, මිනිස්සු උණුහුම් වෙන, පාටි දාන, කන්තෝරු වැහෙන මාසයක්. ජීවත් වෙන්න ආසාව ඇති කරවන අවුරුද්දෙ අන්තිම පරිච්ෙඡ්දය. හොඳට බීලා, බදාගෙන ඉඹලා, නටලා, සිංදු කියල පරණ අවුරුද්දට සමුදෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතේට පෙම්බඳින මාස කැලෙන්ඩරේටම තියෙන්නෙ එකයි.

දෙසැම්බර් වල මේ හැ`ගීමට ලොකුම හේතුව ඉස්සරහට එන අලූත් අවුරුද්ද නෙමෙයි. ඒක නත්තල් මාසෙ වුණු එක. නිකං හරි වෙසක් වගේ එකක් දෙසැම්බර් වල තිබුණ නං මේ මාසෙ ජීවිතේ වෙනුවට සරසන්න වෙන්නෙ මරණය. සුනාමිය වේවා, සෝම හාමුදුරුවො අපවත් වුණු එක වේවා, මේ දුර්වර්ණ හැ`ගීමකට දෙසැම්බරය කරුවල කරන්න බැරි වුනේ ඒ නත්තලට අයිති ලෞකික ප‍්‍රීතිය ඒ තරම්ම විශාල වුණු හින්ද.
වෙසක් කොයිතරම් විසිතුරු වුණත් ඒක මොකද්දෝ බෞද්ද කුණුකමකින්, කුහකකමකින් පිරෙනවා. පාර පුරා දන්සැල් දුන්නත් පිනක් ගන්න තියෙන තෘෂ්නාව හින්ද ඒ කිසි දෙයක් මනුස්සකමෙන් පිරෙන්නෙ නෑ. දානයක් දුන්නත්, දුප්පතෙකුට දුන්නත් පරලොවකට හරි, මියපරලොව ගිය කාට හරි ඒක ආයිමත් ආයෝජනය කරන්න තියෙන කැත උවමනාව ඒ ආදරයේ, බෙදාහදා ගැනීමේ, සංවේදිකම නැති කරනවා. ඒක බුදුන්ගෙ වැරැුද්දක් නෙමෙයි. දූපතක සංස්කෘතිය විසින් නිර්මාණය කරපු දුප්පත් හැ`ගීමක් සහ මහද්වීපික සංස්කෘතියකින් නිර්මාණය වුණු (අපි ආනයනය කළ) පොහොසත් හැ`ගීමක් අතර වෙනස. (ඒ සංස්කෘතික උත්සව පදනම් කරගෙන අපි බෙදාහදා ගන්නා හැ`ගීම)

නත්තලට පස්සෙ එනවා 31. මාස දොලහක කෙලවර. එදා ? සමරන අලූත් අවුරුද්ද එක්ක මට අපේ‍්‍රල් වල සිංහල අලූත් අවුරුද්ද මතක් වුණා. මේ තියෙන උත්සව හැ`ගීම වෙනුවට ඒ කාලෙ තියෙන්නෙ තෙල්ම තෙල් හැ`ගීමක්. හැම ගෙදරකම කැවුම්, කොකිස්, මුං, අතිරහ. එච්චරමයි. පාරෙ කඩ වහලා, මිනිස්සු කැතම කැත අලූත් ඇඳුම් ඇඳන් බුලත් වට්ටි අරං... දේශගුණයෙ වුණත් නෑ මේ රොමැන්ටික් ගතිය. ඔක්කොටම වඩා ටීවී එකේ දවසෙම යන අවුරුදු නාටක. මට හිතෙන්නෙ මේ උත්සව වෙනස ලොකු සංස්කෘතික සිතීමක වෙනසක් ගැන කියනවා. එකක් තාම කුඹුරට බැඳුනු, කුහක සදාචාරයෙන් පිරුණු, ගෝත‍්‍ර හැ`ගීම් දල්වන එකක්. අනික ජීවිතය හා බැඳුණු, ගෝත‍්‍රයක් වෙනුවට තනි තනි මිනිස් ජීවිත වල සතුට, විනෝදය පදනම් වුණු ලෝකයක් එක්ක සම්බන්ධ එකක්.

අවුරුද්දෙ මේ ලස්සන අවසානය කෙලවර වෙන්නෙ අලූත් අවුරුද්දෙ ඔක්කොම මැෂින් එක සද්දෙට පටන් ගන්න පළවෙනිදායින්. හැමෝම ආපහු පැය අටේ දහයේ තමන්ගේ රවුම දුවන්න පටන් ගන්න  ඕන. ඒ අවුරුද්ද ගැන අපිට එක එක විදිහෙ සැලසුම් තියෙනවා. ගොඩක් වෙලාවට මේ අවුරුද්දෙ අපිට බැරි වුණ දේවල් අපි ඊළ`ග අවුරුද්දට හර කරනවා. ගිනුම පටන් ගන්න කොටම ඉදිරියට ගෙන ආ ශේෂයක් තියෙනවා. අලූත් අවුරුද්දක් ගැන අපි හිතන්න  ඕන විදිහ රාජනීශ් එක තැනක ලස්සනට කියනවා.

‘තියෙන්න පුළුවන් එකම එකම ප‍්‍රාර්ථනයයි. ඊට වඩා කිසි දෙයක් ඉස්සරහ ගැන හිතන්න එපා. එකම දේ වෙන්න  ඕන ඒ අනාගතය ගැන කිසිම ප‍්‍රාර්ථනාවක් නැතුව ඉන්න එක. හැම ප‍්‍රාර්ථනාවක්ම කියන්නෙ හිර කූඩුවක්. අපි ඇයි අපේ හෙට ඒ විදිහට සීමා කර ගන්නෙ?

හෙටට හෙට විදිහට එන්න දෙන්න. එයාගෙ පැවැත්ම එයාට බාර දෙන්න. අද හිතලා හෙට තියෙන ඒ ලස්සන නැති කර ගන්න එපා.

අපි අධිෂ්ටානයක්, ප‍්‍රාර්ථනාවක් කරනවා කියන්නෙ අපි ඒක ඇරෙන්න වෙන කිසි දෙයක් බාර ගන්න ලෑස්ති නෑ. ඉර නැගෙනහිරෙන් පායනවා කියලා අපි නිශ්චිත කර ගෙන තියෙන නිසා නිකං හරි ඉර බටහිරෙන් පෑයුවොත් අපේ ජනේලේ අරින්න අපි සූදානම් නෑ.

හැම අධිෂ්ටානයක් කියන්නෙම සටනක්. ලොකු මමත්වයක්. ඔයාට බැරි නං මේ මොහොත ඒඑ න විදිහට බාරගෙන ඒකෙ ජීවත් වෙන්න, ඔයා ජීවත් වෙලා නෑ. ඔයා කරන්නෙ බොරුවක්.
ජීවිතේ ඒඑ න විදිහට බාර ගන්න. ඒක නිර්මාණය කරන්න යන්න එපා. ජීවිතේ ගැන තියෙන එකම ස්වර්ණමය නීතිය තමයි එහෙම ස්වර්ණමය නීති නැති එක.
-භගවාන් ශ‍්‍රී රාජ්නීශ්

බලාපොරොත්තුවක්, ඉලක්කයක් කියන්නෙ අපේ අතෘප්තියක ප‍්‍රකාශනයක්. අපේ ජීවිතය සම්පූර්ණ වෙන්න තව මොකක් හෝ මදි කියල හිතෙන තැනක් එක්ක ඒක ගැටගැහෙනවා. මොකක් හරි අපේ හිස්කමක් වහන්න බලාපොරොත්තුව, අධිෂ්ටානය, ප‍්‍රාර්ථනාව ඉස්සරහට එනවා. ඒක නිර්මාණයක් වෙන්න පුළුවන්, ලැම්බොගිනියක් වෙන්න පුළුවන්, නිර්වාණය වගේ ආධ්‍යාත්මික කඳු මුදුනක් වෙන්න පුළුවන්. ඒ දේ වෙතට හෝ ඉන් ඉවතට සිද්ද වෙන අපේ අභ්‍යන්තරයෙ ස්වභාවික වැඞීමක් වෙනුවට ඒක අරමුණක්, නිශ්චිතයක් කරගෙන ජීවිතේ ඒ දිහාවට දක්කන එක ඇත්තටම අපි අපේ ජීවිතය මගහරින්න ගන්න වෑයමක් වෙනවා.
මේක ගැන ක‍්‍රිෂ්නමූර්ති ලොකු විස්තරයක් කරනවා. එක දවසක අලූත් අවුරුද්දක මුල ක‍්‍රිෂ්නමූර්ති පිරිසක් අමතනවා. ඒත් එයා කතාවට ලෑස්ති වෙලා එන්නෙ අලූත් අවුරුද්දක් ආරම්භක කතාවක් විදිහට නෙමෙයි.

‘මං කතා කරන්නෙ අතෘප්තිය ගැන. අපි සෑහීමකට පත් නොවීම ගැන. ලෝකෙ ගොඩක් අය ජීවත් වෙන්නෙ මෙහෙම. ඒක තමයි ස්වභාවිකය වෙලා තියෙන්නෙ. අතෘප්තියෙන් පෙලෙමින් ජීවත් වෙන එක. මේ අතෘප්තිය එන්නෙ අපේ ඇතුලෙ හිස් බව දැනීමත් එක්ක. අපිට අපි ගැනම එන බෝරිං වීමක්. එතකොට අපිට  ඕන වෙනවා අපෙන් ඉවතට ගමන් කරන්න. අපි නොවෙන යමක් වෙන්න. මේ හිස්තැන මග අරින්න. ඔයාට  ඕන සාර්ථක මිනිහෙක් වෙන්න. මිනිස්සු ලොකු බයකින් පෙළෙනවා තමන් අසාර්ථක වෙයි කියල.
මේ තමන් නොවෙන වෙන දෙයක් බලෙන් ආරෝපණය කර ගනිමින් තමන්ගේ හිස්කම වහගන්න යාම ඇතුලෙ අපේ ගොඩක් ලස්සන දේවල් නැති වෙනවා. හරි කෘතිම මිනිස්සු හැදෙනවා. එතකොට තවත් හිස්කම දැනෙනවා. තවත් දේවල් වෙන්න  ඕන වෙනවා.

මට මොකක් හරි දෙයක්  ඕන වෙනවා. මං ද`ගලලා ද`ගලලා ඒක අයිති කර ගන්නවා. ටික දවසකින් මට ඒකෙ සතුට නැති වෙනවා. මට තව දෙයක්  ඕන වෙනවා. මේක අත්ඇරලා මං ඒකට ද`ගදානවා. ඒක ලබා ගන්නවා. ඒ සතුටත් ටික දවසකින් දිය වෙලා යනවා. කිසි භෞතික දෙයක් අයිති කර ගැනීමෙන් මේ සදාකාලික සතුට අයිති කර ගන්න බෑ කියලා මං ආදරය, මිත‍්‍රත්වය වගේ සම්බන්ධතා පැත්තට හැරෙනවා.
අදහස් පැත්තට හැරෙනවා. ඒවත් සදාකාලික තෘප්තියක් දෙන්නෙ නෑ කියලා තේරුම් අරන් ඊළ`ගට මං දෙවියන් පිළිබඳ සත්‍යය පැත්තට හැරෙනවා. ආධ්‍යාත්මික නිශ්චිත තෘප්තියක් හොයන්න පටන් ගන්නවා. මේ එකම ආශාවක වස්තු මාරුවක් විතරයි. මේක තමයි ආශාවේ පරිණාමය. මේ හැමදේකම අනිවාර්ය කෙලවර අතෘප්තිය.

මේ අතෘප්තියේ අනෙකා විදිහට තෘප්තිය හොයාගෙන යාම නතර වෙන්න  ඕන. කොයි විදිහකටවත් ඒ ආරෝපිතය විසින් මේක යටපත් කරන්න බෑ. නැවත නැවත මතුවෙනවා. අපි නැවත නැවත බලාපොරොත්තු හදා ගන්නවා. ඊට වඩා ටිකක් නැවතිලා මේ අතෘප්තිය දිහා කෙලින් බලන්න. වෙන ආදේශක නොහොයා ඒ දිහාවම. ඒ අතෘප්තියට යටින් තියෙන හිස්කම තේරුම් ගන්න. මේ මගහැර යන්න උවමනා කරන බය විසින් අපිට කියන්න යන දෙයක් තියෙනවා. මරණය ගැන බයෙන් දෙවියන් හෝ නිර්වාණය ගැන දේශනා කන්වල පුරවගෙන තෘප්තිමත් වෙන්න බෑ. මේ පැවැත්මෙන් කියන දේට සාවධාන වෙන්න  ඕන. ඉස්සෙල්ලම අපි ඒ පණිවුඩය අහගෙන ඉන්න  ඕන’
ජිඞ්ඩු ක‍්‍රිෂ්නමූර්ති.

පරණ අවුරුද්දෙ සතුටට, ඊළ`ග අවුරුද්ද ගැන බලාපොරොත්තුවට, මේ හැමදේටම ගැඹුරින් ලොකු සාවධාන වීමක් අපිට අපේ පැවැත්මෙ වෙනස් ගැඹුරක හ`ඩක් ඇහෙන්න සලස්සාවි. ක‍්‍රිෂ්නමූර්ති කියනවා වගේ ඒක දෙවියන්ගේ හෝ නිර්වාණයේ හ`ඩ නොවේවි. ඒත් මට විශ්වාසයි අනිවාර්යෙන්ම ඒක බේබදු බුකොව්ස්කිගේ හ`ඩ විත්තිය.

‘හරියටම රෑ දොලහට
1973-74
ලොස් ඇන්ජලීස්
ජනේලෙන් එපිට පාම්ගස් උඩට
වහින්න ගත්තා මහ වැස්ස
නලා සද්දෙයි, රතිඤ්ඤයි අහස්කුන්ඩුයි
පුපුරනවා සද්දෙට

මං ඇඳට යන්න ඇත්තෙ 9ට විතර
ලයිට් නිමලා, රෙද්දත් පොරවගෙන
උන්ගෙ ප‍්‍රීතිය උන්ගෙ සතුට
උන්ගේ කෑ ගැහිල්ල, උන්ගෙ කරදාසි තොප්පි
උන්ගෙ වාහන, උන්ගෙ ගෑනු
උන්ටම පුරුදු නැති උන්ගෙ බීම
අවුරුද්ද දවසෙ රෑ
හැමදාම බයකරනවා මාව.
ජීවිතේ දන්නෙ නෑ
අවුරුදු ගත වෙනවා කියල කතාවක්.

ඔන්න දැන් නලා සද්දෙ නෑ
රතිඤ්ඤයි අහස්කුන්ඩුයි පත්තු වෙලත් ඉවරයි
ඒ ඔක්කොම විනාඩි පහක් විතරයි
මට දැන් ඇහෙන්නෙ
පාම් කොල උඩ වැස්ස විතරයි.
මට මෙහෙම හිතෙනවා,
මට කවදාවත් බැරි වෙයි තේරුම් ගන්න මේ මිනිස්සු
ඒත් මං ජීවත් වෙනවා උන්ව ඉවසගෙන.

-චාර්ල්ස් බුකොව්ස්කි
(අමු පරිවර්තනය මගේ)

- චින්තන ධර්මදාස.




Saturday, December 21, 2013

පෙති හයක අරලියා මලක්

අහම්බෙන් ආපු කෝල් එකක් මට ෆිල්ම් එකක් බලන්න ආරාධනා කළා. නිල සම්මත විදිහ නැතුව සරල අවිධිමත් විදිහට මේ කරපු ආරාධනය හින්දම මං ෆිල්ම් එක බලන්න යන්න හිතා ගත්තා. ප‍්‍රීමියර් එකක් කිව්වට මං හිතුවෙ ඒක ප්‍රෙස් එකට වගේ කරන ස්ක‍්‍රීනින් එකක් කියල. වැඬේ තිබුණෙත් පුංචි තියටර් එකේ.

පුංචි තියටර් එකේ ෆිල්ම් බලන්න මං මාර ආසයි. ඒ තියෙන පසුබිම, පොඩි සෙනග හැමදෙයක්ම එතන ඔල්ටර්නේටිව් වැඩකට හොඳම තැනක් කරනවා. පුංචි තියටර් එක පොඩි ඩිජිටල් තියටර් එකක් කරන්න පුළුවන් නම් ඒක වෙනස් සිනමා සංස්කෘතියකට පාවිච්චි කරන්න පුළුවන් ලස්සන ඉඩක් වෙන්න තිබුණ.

කොහොම වුණත් පුංචි තියටර් එකේ එදා තිබුණෙ ඒ ෆිල්ම් එකේ ප‍්‍රීමියර් එකම තමයි. ඒත් වෙන ප‍්‍රීමියර් වල තියෙන සම්භාව්‍යත්වය හෝ අලංකාර මෙතන තිබුණෙ නෑ. තරු නළු නිළියොන්ගෙ හිනා කතා වලින් ආලින්දය පිරිලා තිබුනෙත් නෑ. මීඩියා කැමරාවලින් පස්සෙන් පන්න පන්න හිටියෙත් නෑ. හැමදාම දන්න, විකල්ප වැඩකදි මුනගැහෙන යාලූවො ටිකට අමතරව මෙට්‍රො සංස්කෘතියක පිරිසකුත් ඒ සෙනග අතරෙ හිටියා. ඒක නුපුරුදු සංකලනයක්, වෙනස් පේ‍්‍රක්‍ෂාගාරයක් හැදුවා.

ෆිල්ම් එක පටන් ගත්තා. ෆ‍්‍රැන්ජිපානි. සිංහලෙන් අරලිය කියන නම කොතනකවත් පාවිච්චි වුනේ නෑ. ෆ‍්‍රැන්ජිපානිම තමයි සිංහලෙනුත්.

‘මේ පෙති හයක අරලියා මලක්...’
‘එහෙම වෙන්නෙ කොහොමද.. අරලිය මලට පෙති පහයි නේ...’

දසුනුයි, ජෙහානුයි, යශෝධයි (ඉස්සියි) වටේ ගෙතෙන සරල ආදර කතාවක්. කොටින්ම සුදෝ සුදු වලටත් වඩා සරලයි. ඒත් මේ කතාව වෙනස් වෙන්නෙ මේක පිරිමි දෙන්නා අතරෙ ඇති වෙන ආදරයක් සහ ගැහැණිය එතනදි තෙවැන්නා වෙන එක. මේ සරලකම ඇතුලෙම ඒ ට්විස්ට් එක ලොකු කම්පනයක් ඇති කරනවා.

කාලෙකට ඉස්සර මේ තුන්කොන් පේ‍්‍රමයම ගැන මං ෂෝර්ට් ෆිල්ම් එකක් කළා. ඒත් ඒ ෆිල්ම් එක ආයිමත් විෂම ලිංගික සීමාවකම හිර වෙච්ච කොටළු වර්ගයේ එකක් වුණා මිස මට  ඕන කරන කතාව වුනේ නෑ. සමලිංගික ආදරයක් ගැන කියන්න ගියත් අන්තිමට ෆිල්ම් එක බලන පිරිමි දැක්කෙ ඇඳුම් අඩු කෙල්ලෙක්ව විතරයි. මං හිතන්නෙ මගේ අවුරුදු දා හතරෙ පහළොවේ ගත වුණු සමලිංගික අත්දැකීම් වල ගැඹුර මදි ඒ චරිත වලට ජීවිතේ දෙන්න.

ඒත් විසාකේස චන්ද්‍රසේකරම් ඒක කරනවා. තමන් අත්විඳින ජීවිතේ ගැන කියන කතාවක් හින්දම එයා ඒක කරන්නෙ හරිම නිරායාසව. ඒ ජීවිත, ඒ අත්දැකීම ඒ තරම් දන්න නිසාම කතාවෙ සමහර ගැටගැසීම් වල දුර්වලතා පවා නොතකා එයා යන්නෙ හිතුවක්කාර විදිහට. ඒ නිදහස, ඒ පිරිමැදුනු නිමාවක් නැතිකමම පළමු අධ්‍යක්‍ෂවරයෙකුගේ විතරක් දකින්න ලැබෙන තරුණකම ඒ ෆිල්ම් එකට දීලා තිබුණ. විශේෂයෙන්ම දෙබස්. ඒ ඇත්ත ව්‍යවහාරය ඇතුලෙන් ආදරය, භාවය දැනවීමම ලොකු චැලෙන්ජ් එකක්. ඒකට පූර්වාදර්ශ නෑ.
මුලූ හෝල් එකම ගල්ගැහිලා වගේ ෆිල්ම් එක දිහා බලන් ඉන්නවා. යන්තං කැස්සක් වත් නෑ. සමහරු හේතුවක් නොදන්නා බයකින්, චකිතයකින් හිරිවැටිලා හිටි වග පැහැදිලියි. මේ තිගැස්ම මේ ෆිල්ම් එක පොදු පේ‍්‍රක්‍ෂකයාට විවෘත වෙන තැනදි මීට වඩා කීප ගුණයකින් වැඩිවෙලා එන වග ස්ථිරයි. (තමන්ගේ ලිංගික චකිතය උත්සන්න වෙලා මේ ලාංකේය ජනතාව ප‍්‍රකෝප වෙන්නත් පුළුවන්)

ලංකාවෙ ගොඩක් පිරිමින්ට සමලිංගිකත්වය ගැන තියෙන්නෙ බයක්. ඒක තමන්ට අදාල නොවීමක් හෝ නොකැමැත්තකට වඩා තමන්ගෙ ඇතුලෙ අනන්‍යතාවය අර්බුදයට යවන තැනක් විදිහටයි ඒ ගොල්ලොන්ට මුණගැහෙන්නෙ. ගොඩක් වෙලාවට ලංකාවෙ ලිංගික ජීවිතේ ගතවෙන අතිශය සුළු කාලයට පිටින් කෙනෙකුගේ සම්පූර්ණ සමාජ ජීවිතයම සමලිංගිකයි. මුණගැසීම්, විනෝද වීම්, සමීපතම සම්බන්ධතා මේ හැම දෙයක්ම පිරිමි නම් පිරිමි. ගෑණු නම් ගෑණු. අවිවාහක ගෑනියෙක් සහ පිරිමියෙක් එක කාමරයක හිටියොත් නීතියට ප‍්‍රශ්නයක් වුණත් පිරිමි දෙන්නෙක් හෝ ගැහැණු දෙන්නෙක් එක කාමරයක හිටියට කිසිම ප‍්‍රශ්නයක් නෑ. අපි රටක් විදිහට සමලිංගික සංස්කෘතියක ජීවත් වෙන්නෙ.

ලංකාවෙ ගොඩක් පිරිමින්ට ෂුවර් නෑ තමන් ඇත්තටම විෂම ලිංගිකද කියන එක. සමහර විට ලිංගික ආශාවේ දිශාව පැහැදිලිව ගොඩනැගෙන තරමට අපේ ලිංගික මනස සමාජීයව වර්ධනය වෙලා නෑ. නගරෙන් ටිකක් ඇතුලට හැරෙන කොට තමන් ලිංගිකව එකතු වෙන්නෙ පිරිමියෙක් එක්කද ගෑනියෙක් එක්කද කියන එක ගැනවත් පැහැදිලි දැනීමක් නැති ගානට ශිෂ්ටාචාරයේ දුර්වල තැන් මුණගැහෙනවා.

ඉතින් මේ තමන්ගේ ලිංගිකභාවය ගැන හරියට ඛන්ඩනය වුණු දැනීමක් නැති හින්දම ලංකාවෙ විෂම ලිංගිකයො ගොඩක් සමලිංගිකත්වය ඉස්සරහ අවුල් වෙනවා. තමන්ගේ පිරිමිකම (ගොඩක් වෙලාවට පිරිමින්ට මේක වෙන්නෙ) අර්බුදයට යවන අවුලෙදි සමහර වෙලාවට ප‍්‍රචණ්ඩ වෙනවා. මේ ෆිල්ම් එක කවදාවත් හෝල්වලට එයි කියලා මට විශ්වාසයක් නැත්තෙ ඒ සිංහල බෞද්ධ නිලීන සමලිංගික බහුතරය ගැන දන්න හින්දමයි.

පිරිමියෙක් ගෑනු ඇඳුම් අඳින්නෙ විරෝධය පාන්න කියලා අමු දේශපාලන කතාවක් ෆිල්ම් එක පටන් ගත්ත ගමන් කඩාගෙන පනිනවා. ඒත් ඒ විරෝධය මොකක්ද කියලා ඒක ඉවර වෙනකලූත් පැහැදිලි නෑ. (ඒ දේශපාලන කතාව දිගේ ෆිල්ම් එක නොගිය එක ලොකු දෙයක්)
ඒත් ඊට පස්සෙ මං ආයිමත් කල්පනා කළා.

ඒ ගැහැණිය කියන පිරිමි ගොඩනැංවීම ගැන විරෝධයද? ගවුම් අඳින, තොල් සායම් ගාන ළඳ බොළඳ ගැහැණිය ගැන භෞතික හීනය අර්බුදයට යැවීමද මේ විරෝධය? ගැහැණුකම (පොදු සම්මත) ස්වභාවිකයක් නෙමෙයි ඒක සංස්කෘතික දෙයක් කියන එක සහ ඒ මත ගොඩනැගුණු ලිංගික සම්බන්ධතා අතාර්කික කරන එක ගැනද මේ කියන්නෙ? ගැහැණු පිරිමි ආදරයක් මැද්දට පිරිමියෙක් එනවා මුලින්ම. ඊට පස්සෙ ඒක පිරිමි පිරිමි ආදරයක් මැද ගැහැණියෙක් බවට පෙරලෙනවා.

ලිංගික සම්බන්ධතා විදිහෙන් විතරක් කියවන සමලිංගික සම්බන්ධතා වලට විසාකේස චන්ද්‍රසේකරම් ආත්මයක් දෙනවා. ඒ ගැන රොමාන්තික කියවීමක් කරනවා. ඒ සංවේදිතා, දරා ගැනීම් සහ අත්හැර දැමීම් එයා විෂම ලිංගික නහර වලටත් දැනෙන ගානට ගේනවා.

මං කැමතිම මේ කතාව එයා කියන විදිහට. බොහොම ලේසියෙන් වෙන කොහේ හරි රටක පරාරෝපිත අත්දැකීමක් වෙන්න ඉඩ තියෙන මේ ආදර කතාව ලාංකේය සමාජය ඇතුලෙන්ම එහිම ස්වභාවිකයක් විදිහට එයා කරන ගොඩනැංවීම හරි දියුණු එකක්. අපේ රටේ විෂම ලිංගික ආදරය ගැන ගොළු හදවතේ ගොඩනැංවීම කොයි වගේද, එතනටම ගිහින් විසාකේස චන්ද්‍රසේකරම් සමලිංගික පේ‍්‍රමය ගැන එදා නොකී කතාව මෙදා කියනවා.

ගොළු හදවතේ පාවිච්චි වෙන සංගීතය විෂම ලිංගික පේ‍්‍රමයේ මෙලඩිය විදිහට කියෙව්වොත් ෆ‍්‍රැන්ජපානි වල මියුසික් මං කියවන්නෙ මෙට්‍රො ආදරයේ මෙලඩිය විදිහටයි. ගිටාර් තත් ගානක් මැද්දෙ නිරන්තරයෙන් වැයෙන ඒ සංගීතය සමහර තැනකදී ෆිල්ම් එකට බාධාවක් වුණත් ඒකෙන් ලොකු මූඞ් එකක් ෆිල්ම් එකට අරන් දෙනවා. ඒ වගේම කවියක් වගේ අන්තිම වෙනකල් ගලාබහින්න කතාවට ඉඩ හදලා දෙනවා.
මට කියන්න  ඕන වුනේ මේ අපෙන් පිට කියල හිතෙන තේමාවක් අපේම තැනකින් නිර්මාණය කරන්න අධ්‍යක්‍ෂවරයා දක්ෂ වෙලා තියෙන විදිහ ගැන. ඒ රබර් වතු මැද්දෙ වලව් වලට පස්සෙ හැදුනු ලිපිකරු වර්ගයේ ගෙවල් අතරෙ, ගමේ පන්සලේ, වෙසක් කූඩු අලවන කාලෙ, මේ පරිසරය අපිට මේ කතාව තවත් සජීවී කරනවා. විශේෂයෙන්ම මේ චරිත තුනේ අව්‍යාජ ඉදිරිපත් කිරීමත් නිසා සම- විෂම මොකක් වුණත් අපිව කතාවට අලවනවා.

පළවෙනි ෆීචර් එක වුණත් කුලරුවන්ගෙ කැමරාව ඒ නොස්තැල්ජියානු සුන්දරත්වය හොඳට බෝ කරනවා. එක රාමුවක ගේ ඇතුලෙ සිද්දියක් මිදුලෙ තියෙන කැමරාවට පේන්නෙ පොලූ ජනෙල් අතරින්. ඇතුලෙ පත්තු වෙන මළානික කහ එලිය ජනෙල් පොලූ වලින් එලියට ගලනවා. ඒ එලියෙන් ජනෙල් පඩිය වෙනකල් වැවිච්ච සමන්පිච්ච ගාල සිලූවට් වෙලා පේනවා. මේ විස්තර මේ විදිහට ගොඩනැගෙන රූප අපිට කතාවේ ප‍්‍රතිවිරෝධයට වඩා ඒ හැ`ගීම්වල සෞන්දර්යය උත්සන්න කරනවා.

මට හිතෙන්නෙ ලිංගිකභාවය ගැන ප‍්‍රශ්නයක් නැතුව මේ හැ`ගීම බෙදා ගන්න අපි ඇතුලතින් පෙළඹෙන්නෙ මේ කතාවෙ දැනෙන අව්‍යාජත්වයක් එක්ක. මොකද්ද පිවිතුරු බවක්, හරි වචනෙ ඉනසන්ස් එකක් ෆිල්ම් එක ඇතුලෙ වැඩ කරනවා. ඒක අධ්‍යක්‍ෂවරයා තමන්ගෙ කෘතියත් එක්ක ඇත්තට රමණයේ යෙදීමෙන් විතරක්ම තිරය උඩට එන දෙයක්. ඒ හින්දම විරල දෙයක්.

ඒ ෆිල්ම් එකෙන් දැකීමෙන් මාව පිනා ගියා. යුද්දෙ ගැන කරපු විකල්ප චිත‍්‍රපටි වලට වඩා ඇත්තටම ෆ‍්‍රැන්ජිපානි නිර්භීත පියවරක්.  ඒක එහෙම්පිටින්ම සමාජ කැරැුල්ලක් වෙන නිසා. අයිතීන්, නිදහස සහ බාර ගැනීම වෙනුවෙන් කරන ඇත්ත සටනක් ඒ ඇතුලෙ තියෙන හින්ද. පළවෙනි වතාවට ෆිල්ම් එකක් කරන කෙනෙක් විදිහට මේ හැම ආතතියක්ම, දේශපාලනයක්ම තමන්ගේ කෘතියට බලපෑමක් වෙන්න ඉඩ නොදී එතන හුස්ම වැටෙන රිද්මය පාලනය කරගන්න විසාකේසට පුළුවන් වීම ලොකු දෙයක්.

මේ සමාජ අසම්මත, ප‍්‍රතික්‍ෂේපිත, නීති විරෝධී චරිත ඇතුලට යන්න නිර්භීත වුණු මෙන්ම පොතෙන් ඉගෙන ගත්ත දේකට එහා ගිහින් ලේ මස් නහර ඇති, දැනෙන මිනිසුන් කැමරාව ඉස්සරහ නිර්මාණය කරන්න සමත් වුණු ජෙහාන් සහ දසුන්, උන් ඇත්තටම සිරා නළුවො. මේ පිරිමි ආදරයේ දුෂ්ටිය වෙන ඉස්සිත් උතුරා යන ජීවිතයකින් ඒ (හදවත් රෝගී) විෂම ලිංගික ගැහැණිය ජීවත් කරනවා.

මේ ලංකාවෙ මේ සංස්කෘතික අඳුනාගැනීම සිනමාවෙදි සිද්ද වුණු පලවෙනි වතාව. සහ ඒක ඉතා විශිෂ්ට විදිහට වෙලා තියෙනවා. මේ වගේ ෆිල්ම් එකක් නැවත නැවතත් සුළු හෝ පේ‍්‍රක්‍ෂාගාර වලට ප‍්‍රදර්ශනය වෙන්න  ඕන කියලයි මං හිතන්නෙ. ඒ වගේම ඔලිව් කොල වැටෙන කල් බලන් නොඉඳ මේ විදිහෙ වෙනස් සිනමා අත්දැකීමක් විඳින්න ලැබුණම කුහක නොවී අත් දෙක උස්සලා අත්පුඩි ගහන්න පුළුවන් වෙන්න  ඕන.

Saturday, December 14, 2013

වාවා ගත නොහැකි ඔක්කාරය


ජුගුප්සාව 1

පෝල් වෝකර් මැරුණම ෆේස් බුක් එක පිරෙන්න ඒකට සුදු කොඩි එල්ලන ලාංකේය ජනතාව දැක්කම මට අප්පිරිය හිතුණ. පෝල් වෝකර් ගැන ඇත්තට එහෙම දැනෙන සම්බන්ධයක් ලංකාවෙ කීප දෙනෙකුට ඇරෙන්න තියෙන්න පුළුවන්ද? නැත්තං මේ තමන් ඉන්නෙ ලන්ඩන් හරි බි‍්‍රස්බන් හරි කියලා තමන්ගේ සිහින නගරයකින් ෆේස් බුක් එකේ පෙනී ඉන්නවා වගේම පොඩි බෝවෙන හීනමානයක්ද? කොහොමටත් මට පෝල් ගැනවත් එයාගෙ රේස් චිත‍්‍රපටි ගැනවත් කිසි හැ`ගීමක් නැති හින්ද මං කරබාගෙන හිටියා.

ඒත් ත‍්‍රිමාන එකේ මේ ගැන මාර කතාවක් ලිව්වා. පෝල් ඇත්තටම ජීවත් වුනේ නැති හින්ද මැරුනෙත් නෑ කියල ඒකෙ පළවුනා ලිපියක. පෝල් කියන්නෙ අපේ වේගය ගැන, සුපිරි වීරත්වය ගැන තියෙන විපරීත උවමනාවෙ ප‍්‍රකාශනයක් මිස එතනින් එහාට එයාට ඇත්ත පැවැත්මක් තිබුනෙ නෑ කියල ‘විපරීත අනෙකා’ ගැන මනෝ විශ්ලේෂණ තියරියකින් පෝල්ගෙ ජීවිතේ ලිහන්න අරන් තිබුණ. ඒ ට‍්‍රයි එක දැක්කම මට පළවෙනි වතාවටත් වඩා අප්පිරිය හිතුණ. අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා මනෝ විශ්ලේෂණය කියන්නෙ ලෙඩ ගැන හොයන්න ගිහින් එළිදරව් වෙන කරුණු විස්තර ගොඩක් කියන එක. ඒ දෘෂ්ටිය නැත්තං කියවීම දෙයක් දිහා බලන්නෙම රෝගී ඇහැකින්. මේක විධිමත්ව සායනිකව හදාරපු ෆ්‍රොයිඞ්ගේ පරපුරේ අය නැවත නැවත පර්යේෂණ කරමින් වෙනම තල ගණනාවකට, ගැඹුරු මිනිස් අවිඥාණයේ සැබෑ තේරුම් ගැනීමකට මේ හරහා ගමන් කළා. ඒත් මේක පොත් වලින් කියවපු එක්ස් පරපුරේ අය ඒකෙන් නිකම්ම දොස්තරලා වෙලා සමාජය ලෙඩක් විදිහට දකින්න පටන් ගත්තා. වෙන විදිහකට කිව්වොත් සමාජය ලෙඩ කරන්න පටන් ගත්තා. කොයි වෙලාවකවත් මනෝ විශ්ලේෂණය ඒ විෂය ඇතුලෙ මිනිස් පැවැත්මට වඩා විශාල වුණේ නෑ. ඒ පැවැත්ම ඌනනය කරන්න ගියේ නෑ. ඒත් මේ අපේ ලෝකල් දොස්තරවරු මිනිස්සුන්ගෙ ජීවිත නිකම්ම වචන වලින් කියන ලෙඩ බවට කුඩා කරන්න ගත්තා. ඒක මාර කියවීමක් විදිහට බෝවෙන්නත් ගත්තා. ගොඩක් වෙලාවට බූපති නලින්ගෙ ලියමන් කියවද්දි මං පොඩි කාලෙ අපේ ඇදහිලි මතක් කරලා නොස්තැල්ජියා ත‍්‍රිලක් අරං නිකං ඉන්නවා.  (සමන් වික‍්‍රමාරච්චිගේ වයසට නොගැලපෙන විකාර කියවන එක මං ගොඩක් කලින් අත් ඇරලා තිබුණෙ) ඒත් පෝල් වෝකර්ට ජීවිතයක් තියෙනවද නැද්ද කියල මහේෂ් හපුගොඩ හොයන්න ගිහින් තියෙන හැටි දැක්කම මට ත‍්‍රිල වැඩිවෙලා මේ ජෝක් එක මැද්දට සක‍්‍රීයව සම්බන්ද වෙන්නත්  ඕන වුණා. වඩා ආතල්ජනක දේ මේ ප‍්‍රබුද්ද කියවීම තමන්ගෙ පිටුවල බෙදා හදා ගන්න ඉක්මන් වුණු ෆේස්බුක් වම්මු (වමේ මානසික) රොත්ත.

පෝල් වෝකර්ගෙ ජීවිතේට එබෙන්න මං හිතන්නෙ මේ දූපතේ අපේ පැවැත්ම දුප්පත් වැඩියි. ඒ වගේ ලොකු කලාප මේ වගේ පොඩි ඇස්වලින් කියවන්න ගියාම රෝස මගේ නටුවෙ කටු වගේ ළමා කවියකට එහා දෙයක් කියාගන්න බැරි වෙන එක ස්වභාවිකයි. මේ හින්දමයි ලංකාවෙ අය ලෝකෙ එක එක තැන්වල තියෙන ඓතිහාසික උදාහරණ ගන්න කොටත් මට විහිළුවක් වගේ හිතෙන්නෙ. අපිට සාර්ව විදිහකට තේරුම් ගන්න පුළුවන්ද ඒ වගේ මහද්වීපික පැවැත්මක් ගැන. නැත්තං අපි මොකක් හරි නිව්ස් එකක් කියවලා අපේ ග‍්‍රාමීය සීමිත පරිකල්පනයෙන් පොඩි මැටි ගුලියක් අනනවා විතරද? (අපිට  ඕන කාරනේට සාක්ෂි විදිහට හිටවන්න)

පෝල් වෝකර්ගෙ මරණය ගැන ඒ පැත්තෙ එහෙ මෙහෙ යන ගොසිප් වල මෙහෙම කතාවක් තිබුණ. (පෝල් වෝකර් කියල කෙනෙක් ජීවත් වුනේ නෑ කියල කිව්වෙ ලංකාවෙන් විතරයි) පෝල් වෝකර්ගේ මරණය වුණු වෙලාවෙම මාධ්‍ය වලින් එයාගෙ හොඳම යාලූවා වින් ඞීසල් (මහේෂ්ට අනුව වින් ඞීසල්ට නම් ආත්මයක් තියෙන්නෙම බෑ) හොයාගෙන දුවනවා. එයාගෙන් අහනවා ‘පෝල් වෝකර් නැතුව ඊළ`ග ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් මොනවා වෙයිද කියල’. වින් ඞීසල්ට මළ පනිනවා. ‘මේක මගේ පුද්ගලික ජීවිතේ ලොකු අහිමිවීමක් වෙච්ච වෙලාවක්. මට පාඩුවෙ ඉන්න දෙන්න’ එයා කියනවා. චිත‍්‍රපටි වලින් එලියෙ ඇත්ත යාලූකමක්, ජීවිතේ බෙදාගැනීමක් පෝල්ටත් වින් ඞීසල්ටත් තිබුණ. ඒක අපි ත‍්‍රිල් ගන්න සුපිරි වීරත්වයට වඩා විශාලයි. ක්ෂතිමය බුබ්බක් නෙමෙයි.

ඊට පස්සෙ එයා පෝල්ගෙ ගෙදර එනවා. වින් ඞීසල් පෝල්ගෙ අම්මට කියනවා, මට හු`ගක් දුකයි ඔයාට නැති වුණු දේ ගැන...’

පෝල්ගෙ අම්මා කියනවා, මට නැති වුනේ මගේ පුතා. ඒත් ඔයාට නැති වුනේ ඔයාගෙ ජීවිතේ බාගයක්.
මේ චරිත අපි දකින්නෙ මාධ්‍ය වලින්, ස්ක‍්‍රීන් එක උඩ විතරක් වෙන්න පුළුවන්. ඒත් ඒ ජීවිත අපිට වඩා විශාල සමාන්තර යතාර්ථයන් ගණනාවක් ඇතුලෙ එකවිට ජීවත් වෙනවා. ඒ චරිත වල මනුස්ස සම්බන්ධතා, බැඳීම්, සංවේදිතා හැම දෙයක්ම අපි ඒ දකින සීමිත රූපය උඩින් කියවන්න යනවා කියන්නෙ අපිටයි ජීවිතයක් නැත්තෙ. අපියි ජීවත් වෙලා නැත්තෙ. ඇත්තටම අපියි පව්.

ජුගුප්සාව 2

මේ අනෙකා ගැන නිතර ඇදෙන කතාවත් එක්ක මං ලංකාවෙ අපිට (මං ඇතුළු සුළුතරයකට) අනෙකා වුණු ලාංකේය ප‍්‍රධාන ධාරාවෙ සිනමාව ගැන වෙනම කල්පනාවකට වැටුණ. රජ- බණ චිත‍්‍රපටි ධාරාව.
මොකක් හරි අදහසක් නිර්මාණය කරන්න පරිකල්පනීය අනෙකෙක් හරි  ඕන වෙනවා. ඒක ඇත්තක්. ඒත් ඒක අනෙකාගේ එකම ඇත්ත තේරුම කියල ගත්තොත් අපිට වරදිනවා. ඒ අනෙකා විසින් මොකක් හරි කලාපයක ඉටු කරමින් ඉන්න ප‍්‍රගතිශීලී වැඩ ටිකක් තියෙනවා. හොඳම උදාහරණය තමයි මං කලින් කියපු අපේ (මගේ) අනෙකා වුණු සිනමාව.

යුද්දෙත් එක්ක ලංකාවෙ විනෝදාස්වාදය කියන බඩ පිටට ඇලෙන තරමට දිය වෙනවා. ත‍්‍රාසය භීතිය කුතහලය කැටි වුණු ඒ යුධ සංදර්ශනය එක්ක වෙන කිසි තැනක යොදවන්න පුළුවන් මානසික ආයෝජනයක් රටේ ජනතාවට නැති වෙනවා. ආර්ට් අනාත වෙනවා.

යුද්දෙ ඉවර වුනාට පස්සෙ ආර්ට් කරන්න සිද්ද වෙන්නෙ සරණාගත ජනතා මනසකට (උතුරේ ජනතාව කායිකව සරණාගත වෙද්දි දකුණ මානසිකව සරණාගත වෙනවා) එතනට අපි විශ්වාස කරන, ඒත් කීප දෙනෙක් නරඹන සිනමාවට කරන්න පුළුවන් බබ්බක් නෑ.  යුද්දෙ දිහා ඈත ඉඳන් සත්තු බලනවා වගේ බලාගෙන ඉන්න, වෙන රටවල සානුකම්පික සම්මානයට බඳුන් වෙන චිත‍්‍රපටි එකක් දෙකක් සහ ජුගුප්සාජනක ඊඒපී වර්ගයේ විහිළු චිත‍්‍රපටි කීපයක් ඇරුණම සිංහල චිත‍්‍රපටි බංකොලොත් කාලයක්. අබා එලියට එන්නෙ එතනදි. සිනමාත්මක තේමාවලට යන්න තරම් ජන මනසක් නැති තැනදි සිනමාව රටේ තියෙන එකම දේශපාලන තේමාවත් එක්ක ගැටගැහෙනවා. මහින්ද චින්තන සිනමාවෙ පොසිටිව් පැත්ත මං දකින්නෙ ඒ විදිහට. ඒක මහින්දගෙවත් ආණ්ඩුවෙවත් නැත්තං මේ සිනමාකරුවන්ගෙවත් වැරැුද්දක් විදිහට මං දකින්නෙ නෑ. වෙන කිසිම විදිහක අදහස් නිෂ්පාදනයක්, කතිකාවක් කිසි දෙයක් ආරම්භ නොකරපු ‘ලංකාවට චිත‍්‍රපටි හදලා වැඩක් නෑ’ කියන ප‍්‍රබුද්ධ කලා පිරිසට වඩා නම් මහින්ද චින්තනේ එල්ලිලා හරි මේ චිත‍්‍රපටි කරපු අය වැදගත්.  ඒක සිනමාත්මකව, රස වින්දනය අතින් පහළ මට්ටමකින් එලියට ආපු එක සහ ඒක තව තවත් ලාභ අධිනිශ්චය වෙමින් ලොකු වෙන එකට ප‍්‍රතිවිරුද්ද අදහසක් මට තියෙන එක ඇත්ත. ඒත් මහා සිනමාවෙ එක පත  බිංදුවක් උඩදි ගන්න තිබුණු එකම සහ හොඳම පියවර ඒක කියලා මං පිළිගන්නවා.

ඇත්තටම මේ රජ- බණ කතා සිනමාවට වඩා මට අප්පිරිය හිතෙන්නෙ ස්වාධීන හෝ කලාත්මක හෝ කියන සම්මාන සිනමා කතිකාවෙ තියෙන කුහකකමට. මේ සිනමා පරපුරේ ප‍්‍රකාශනයක් විදිහට එලියට එන 14 ස`ගරාව කියවද්දි මට මේ අප්පිරියාව වමනෙ යන තරමට වැඩි වුණා. එක විදිහකට අපිත් අනන්‍ය වෙන්නෙ (එලයින් වෙන්නෙ) මේ පිරිස එක්ක නේද කියන හිතුවිල්ල අප්පිරියාව කේන්තියක් දක්වා උත්සන්න කළා.
මේ ස`ගරාව පටන් ගනිද්දි අනෝමා මටත් කිව්වා මේකට ලියන්න කියල. මං ලිව්වා. ඒ ලිවීමෙදි මං පාවිච්චි කළේ මගේ භාෂාව. ඒ කියන්නෙ කැඩිච්ච බිඳිච්ච, ව්‍යාකරණානුකූල නැති අප‍්‍රබුද්ද භාෂාව. කියන්න තියෙන අදහසේ වෙනස ඒ අදහස කියන භාෂාවෙනුත් ප‍්‍රකාශ වෙන්න  ඕන කියන එක මං විශ්වාස කරන දෙයක්.

කොහොම හරි ඒ ලිපිය පළ වුණේ නෑ. ඒකට හේතුව විදිහට අනෝමා මට කිව්වෙ මේක ඇකඩමික් ස`ගරාවක් හින්ද ඒ භාෂාව ඇතුළට ගන්න බෑ කියල. ඒක අවුලක් නෙමෙයි. ඒක තෝරා ගැනීමක්. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ ස්ත‍්‍රී පුරුෂ භාවය නිසා වෙන පීඩනයෙන් නිදහස, දේශපාලන පීඩාවෙන් නිදහස, සහ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න ස්වාධීන ප‍්‍රකාශනයකට භාෂාවෙ නිදහස බාර ගන්න බැරි වීම. මං හිතන්නෙ 14 කරන  ඕන වැඩක සීමාව තේරුම් ගන්න මේක ඇත්ත කොණක්. නිදහස කියන එක ඇතුලෙ ආරක්‍ෂා කරන්න යන ප‍්‍රබුද්දවාදී කුලකය අහෝසි වෙන එකමයි ඇත්ත නිදහසක් වෙන්නෙ කියන එකයි 14න් වහන් කරන ඇත්ත.

මේ ස`ගරාවෙ ඒ බාසාවෙන් ලියන්න හඳගමට විතරක් විශේෂ අවසරයක් තියෙනවා. ඒ අවසරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව කොහොම වුණත් හඳයා විතරක් හරි ඒ බාසාවෙන් ලියන එක ලොකු දෙයක්. කොයි තරං අලූත් දෙයක් වුණත් පරණ බසාවෙන් කියද්දි පිළුණු ගඳයි. (භාෂාව ආගමක් වීම)
ඒක ගැන නෙමෙයි මං කියන්න ගියේ. මේ ස`ගරාවෙ ලිපි පෙළ කියාගෙන යද්දි දැනෙන එක දෙයක් ගැන. මේකෙ ලිපි ලියන හැමෝම සිනමාව කියන්නෙ වෙන රටවලින් සම්මාන දිනන, එළියට හදන (ඇතුලක් නැති)සිනමාවට කියන එක පැහැදිලියි. ඒ අයට පිටින් ඉඳන් ලංකාව දිහා බලනවා ඇරෙන්න ලංකාවෙ ජීවිත ඇතුලෙන් එලිය බලන දැක්මක් නෑ. මේ හින්දම හැම ලිපියකින්ම පතුරන්නෙ එකම ආගමක්. ‘ලංකාවෙ සිනමාවක් නෑ, මෙහෙට චිත‍්‍රපටි කරලා වැඩක් නෑ, වෙන රටවල විතරයි මාර සිනමාකරුවො හිටියෙ...’ මේ විදිහෙ අදහස් රොත්තක් හැම වචන පේලියක් ඇතුලෙම.

ප‍්‍රසන්න විතානගේ එක්ක තියෙන සම්මුඛ සාකච්චාව මේකට උදාහරණ කොට ගන්න පුළුවන් ඛේදවාචකයක්. එයාට අනුව මෙහේ මොන චිත‍්‍රපටිය කළත් පාඩුයි. සිද්ධාර්ත ගෞතමත් පාඩුයි. ඉතින් කරන්න තියෙන්නෙ වෙන රටවලට එයා වගේ දියාරු චිත‍්‍රපටි හදලා කොහොම හරි බුකියෙ රේස් අල්ලනවා වගේ තැන් තැන් වල ඔට්ටු අල්ලන එක විතරයි. මට වැඩියෙන්ම දුක හිතුනෙ ප‍්‍රසන්න මහ ඉහළින් අගය කරමින් කතා කරන අලූත් සිනමාකරුවො ගැන කොටස කියවද්දි. ප‍්‍රංසෙට විතැන් වෙලා යුද්දෙ ගැන චිත‍්‍රපටි හදන, සම්මාන ලබන ප‍්‍රදීපන් (මේ චිත‍්‍රපටකරුවාගේ අවුලක් නෙමෙයි) ඇරුණම ප‍්‍රසන්නට ලංකාවෙ කිසි අලූත් චිත‍්‍රපටිකරුවෙක් ගැන කියන්න දෙයක් නෑ. එහෙම චිත‍්‍රපටි හදලා වැඩක් නෑ, පෙන්නන්න බෑ, කියන කතාව විතරයි එයා කියන්නෙ. මං හිතන්නෙ ලංකාවෙ ප‍්‍රවීනයි කියන සිනමාකරුවෙක් විදිහට ප‍්‍රසන්නට මීට වඩා ආත්මයක් තියෙන්න  ඕන. මේ හීනමානය හෝ දුප්පත්කමට වඩා කියන්න දෙයක් එයාට තියෙන්න  ඕන. මේ කියන දේ තේරෙන්නෙ නැත්තං අනුරාග් කාශ්‍යප් වගේ කෙනෙක් ඉන්දියාවෙ අලූත් පරම්පරාවෙ සිනමාව ගැන කතා කරන හැටි අහන්න.

මේ අවුලම විමුක්තිගෙත් එනවා. එයාට ආභාෂයක් වුණු සිනමාකරුවො කවුරුවත් ලංකාවෙ අය නෙමෙයි (ලෙස්ටර් ඇරුණම). ඔක්කොම වෙන වෙන රටවල සම්මාන උළෙලවල රජ කරන ඇත්තො. ලංකාවෙ ටයිටස් තොටවත්තගෙන්, සුගතපාල සෙනරත් යාපා ගෙන්, හර්බට් රංජිත්ගෙන් ආභාෂයක් ලැබිලා නැත්තං මං හිතන්නෙ එයා ලංකාවෙ සිනමාකරුවෙක් නෙමෙයි. එතකොට මේ පරපුර ගැන ආණ්ඩුව එන්ජී ඕ චිත‍්‍රපටිකාරයො කියන කතාවෙ වෙන විදිහක ඇත්තක් තියෙනවා.

තිසර ඉඹුලාන කරපු ලබ්බෙ තොවිලෙ, ඔස්කා රුමේෂ් කරපු කැම්පස් එකේ තමන්ගේ ජීවිතේ ගැන ෂොර්ට් ෆිල්ම් එක, මේ වගේ තවත් විශිෂ්ට ගණයෙ කෙටි චිත‍්‍රපටි ගොඩක් හැදෙනවා ලංකාවෙ මේ ප‍්‍රවීන කට්ටිය දන්නෙ නැති. පදනම් ආයතනයේ ඩිජිටල් ඇකඩමියෙ, එස්එල්ටීටීඅයි එකේ පැවරුම් විදිහට කෙරෙන සමහර වැඩ දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. ඒ සිතීම් අපි හෝල් වල තිරය උඩ දකින සිනමාවට වඩා ගව් ගානක් ඉස්සරහින්. ඒත් අපේ ප‍්‍රවීනයෝ කිසි තැනක මේ වගේ නිර්මාණ ගැන කතා කරන්නෙ නෑ. ඒ වෙනුවට තමන් කරමින් ඉන්න ස්වයං රැුකියාවට අදාල සහ ඒකට තර්ජනයක් නොවෙන නිර්මාණ සහ පුද්ගලයන් ගැන විතරයි ඒ ගොල්ලො කතා කරන්නෙ.

14 මං කියවන්නෙ ලංකාවෙ සිනමාවට අපලයක් විදිහට. කට ඇරගෙන පිටරට ඔලිව් කොළ දිහා බලාගෙන ඉන්න හීනමාන සිනමාවෙ ප‍්‍රකාශනයක් විදිහට. ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි. එහෙම ප‍්‍රකාශනත් තියෙන්න  ඕන. ඒත් ඒකෙන් මේ රටේ හැදෙන සිනමා පරම්පරාවක් දිය කරනවා. සමාජය හා කරට කර හිඳිමින් ඒ රස වින්දන අභියෝගයන් එක්ක හැදෙන සිනමාවක් වෙනුවට මේ රටට අදාල නැති පරාරෝපිත රෝගී සිනමාවක් අධිනිශ්චය කරනවා. ඒක බරපතලයි.

ඒත් ඇත්ත කාරණය ප‍්‍රසන්නලා පෙන්නන බොරුවට වඩා වෙනස්. ‘සිනමාවෙන් ජීවත් වීම කියන තත්වය අහෝසි වෙමින් යනවා සහ ඒ හින්ද ගාන කවර් කර ගන්න හදන්න වෙන්නෙ මේ වගේ චිත‍්‍රපටි’ කියලා එයා කියනවා නම් මං එක`ගයි. ඒත් ලංකාවෙ සිනමාව අර්බුදයකට යනවා කියලා මං විශ්වාස කරන්නෙ නෑ. ඒ වෙනුවට සිනමාව වඩා විශාල පරාසයක පැතිරෙමින්, වඩා සන්නද්ධ වෙමින් යනව කියලයි මං හිතන්නෙ.
උදා විදිහට දැන් ෆේස් බුක්, ට්විටර් හරහා ගනුදෙනු කරන අලූත් සිනමා පරම්පරාවෙ දැනුම ලංකාවෙ ප‍්‍රවීනයි කියන ගොඩක් අයට වඩා ඉස්සරහින්. ඒ අයගෙ භාවිතාවන් සහ සිනමා අත්හදා බැලීම් කියන දේවල් මේ රටේ කවදාවත් තිබුණට වඩා අවංකයි වගේම දියුණුයි. මියුසික් වීඩියෝ, ටීවී කොමර්ෂල්, යූ ටියුබ් චිත‍්‍රපටි හරහා ඒ ගොල්ලො පරණ හණමිටි සිනමාකරුවො අන්දොස් වෙන දේවල් කරනවා. මේ අලූත් සිනමා පරම්පරාව අනුරාදපුරෙන්, පොලොන්නරුවෙන් කොළඹ ඇවිත් සිනමාව කරලා ගොඩයන්න හදන පිරිසක් නෙමෙයි. ඒ වෙනුවට ආර්ට් එකක් විදිහට, තමන්ගේ ප‍්‍රකාශනයක් විදිහට, බෙදා හදා ගන්න සිනමාව කරන කට්ටියක්.

එකම දෘෂ්ටිවාදයක ඇළිලා, දේශපාලනයක ගිලිලා, එකම ලෝක සිනමාවක වැළලිලා යනවා වෙනුවට මේ අය ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් දේවල් එක විට ඇසුරු කරනවා. මෝබයිල් පෝර්න් ක්ලිප් එකක ඉඳන් නිකුත් වෙන්නට නියමිත අලූත්ම හොලිවුඞ් ත‍්‍රීඞී ෆිල්ම් එකක මේකින් ඔෆ් දක්වා (ලංකාවෙ ඇනිමේෂන් කරන උන් අඩු තාක්‍ෂණික පහසුකම් යටතේ කරන සිරා වැඩ ගැන කොතනකදිවත් කතා වෙන්නෙ නෑ) ඒ ගොල්ලො ආභාෂය ලබනවා. එතනදි බර්ග්මාන් තර්කොව්ස්කි අන්තෝනියෝනි කියන්නෙ ටොරන්ට් කීපයක් විතරයි. යුරෝපියානු චිත‍්‍රපටියක් බලන්න ෆෙස්ටිවල් එකක් එනකල් බලාගෙන හිටපු ඒ දුප්පත් සිනමා වංශය දැන් ඉවරයි.

මේ සිනමාව ප‍්‍රසන්න කියනවා වගේ තිරයක් උඩට එනකල් බලාගෙන ඉඳලා සාර්ථක අසාර්තක බව කියන්න පුළුවන් එකක් නෙමෙයි. තිරය උඩ සිනමාව කියන්නෙ අතිශය සීමිත පේ‍්‍රක්‍ෂක පිරිසක් සහ ලාබය ගැන කාරණාවක් විතරයි. ඒත් මේක සිනමාව කියන ආර්ට් එක ගැන කතාවක්. ඒක ලොකු තිරයක ඉඳන් මෝබයිල් ෆෝන් එකක් දක්වා වෙන්න පුළුවන්. ඒක ඉතින් අපි එක එක්කෙනා සිනමාව ගැන විශ්වාස කරන විදිහ. නෙගටිව් නැත්තං සිනමාව නෙමෙයි කියපු ඒ පරණ පරම්පරාවෙ බහුතරය දැන් ඩිජිටල් ගැන කතා කරන කොට මතක අයට හිනා යනවා. ඒ බහුතරය ඩිජිටල් ගැන කතා කරන 14 කියවද්දි මට ලැජ්ජ හිතෙනවා. එතකොට මර්සි එදිරිසිංහ කියන සිංදුවක් මතක් වෙනවා.

මඬේ ලගින තාරවන් නාවන්නද මං?
ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නද මං?

(14 විසින් සංවිධානය කළ කෙටි චිත‍්‍රපට තරගය සහ සිනමා උළෙල වල පිටුපස ඇති මහන්සිය කොහෙත්ම අවතක්සේරු කරනවා නොවේ)

-චින්තන ධර්මදාස

Saturday, December 7, 2013

ස්නේහයේ නගරයයි (ගම නෙමෙයි) ඔබ මගේ

අපේ ජීවිතේ තේරුම් ගන්න හරි අපේ ඉස්සරහ ජීවිතේ තේරුම් ගන්න හරි අතීතෙට හැරෙන්න  ඕනද? අතීතෙ හරි ඉතිහාසෙ හරි කියල අපි ලංකාවෙ කතිකාව ඇතුලට අරගෙන ඉන්න සීමාව එක්ක හිතුවොත් මට හිතෙන්නෙ ඉතිහාසයක් නැතුව ජීවත් වෙන එක වඩා හොඳයි කියල. හේතුව අපි සංවාද කරමින් ඉන්නෙ මළ ඉතිහාසයක් ගැන. ඒක හුස්ම වැටෙන ඉතිහාසයක් නෙමෙයි. වෙන විදිහකින් කිව්වොත් කරුණුමය ඉතිහාසයක් මිස හැ`ගීම්මය ඉතිහාසයක්, ඉංග‍්‍රීසියෙන් කිව්වොත් ඉමෝෂනල් හිස්ටරි එකක් ගැන අපේ කතිකාවක් නෑ.

ඇත්තටම ඒ ඉතිහාසෙ (අජිත් කුමාරසිරි කියන විදිහට හිස්- ස්ටෝරි වෙනුවට හර්- ස්ටෝරි /ඔහුගේ කතාව වෙනුවට ඇගේ කතාව) කියවන එක අපි අද හිරවෙන ගොඩක් සිතීම් නිරවුල් කරන්න තිබුණ.
‘අවුරුදු 3000ක අතීතෙන් කිසි දෙයක් ඉගෙන නොගත්තු මිනිහා ජීවත් වෙන්නෙ කන්න විතරයි’ කියල ගොතේ කියන්නෙ මේ ගැන.

මේකට කියන්න පුළුවන් ඇප්ලයිඞ් හිස්ටරි කියල. ව්‍යවහාර ඉතිහාසය. මේ ඉතිහාසය එක්ක අද අපේ මනුස්ස සම්බන්ධතා සාපේක්‍ෂව තියලා රෝමන් ක‍්‍රිස්නරික් කියන සංස්කෘතික චින්තකයා (ඉතිහාසඥයෙක් සහ දාර්ශනිකයෙක්) නොගැලපීම් ගනනාවක් යටට හාරන්න පටන් ගන්නවා. මේ නොගැලපීම් වර්ෂ හෝ කාබන් පර්යේෂණ දත්ත නොගැලපීම් නෙමෙයි. ඒ වෙනුවට මිනිස් සිතීම ඇතුලෙ වුණු වෙනස්කම්.
ඒ විදිහට බලලා ක‍්‍රිස්නරික් යෝජනා කරන්නෙ අපි අපේ ජීවිතය කුඩා කරගනිමින් යනවා කියල. (කෙනෙකුගේ ජීවිතේ කියන්නෙ එයාගෙ සිතීමේ පරාසය කියන පිළිගැනීම ඇතුලෙ) ඒ පැහැදිලි කිරීමට එයා මනුස්ස සම්බන්ධතා වල කේන්ද්‍ර කීපයක් තෝර ගන්නවා. ආදරය එයින් එකක්.

අපි අද කියන රොමාන්තික ආදරය, නැත්තං ආත්මෙන් ආත්මය පතා ආ එකම කෙනෙක් ගැන විශ්වාසය ක‍්‍රිස්නරික් ග‍්‍රීක කාලෙත් එක්ක සංසන්දනය කරනවා. එයා කියන්නෙ ග‍්‍රීකයන් අතරෙ මේ රොමාන්තික පේ‍්‍රමය නැත්නම්, එක් අයෙකු සමග පමණක් ලිංගිකව එක්වීමේ ගිවිසුම ආදරයේ එක ආකාරයක් විතරක් වුණා කියල. ඒක ඊරොස් කියන ආදරයේ ප‍්‍රභේදය වෙද්දි ඒ හා සමානවම කෙනෙක් ජීවත් වෙන තව ආදර ප‍්‍රභේදයන් කීපයක් ග‍්‍රීක සිතීම ඇතුලෙ තිබුණ. ෆීලියා, මිතුරන් සමග ආදරය, ලූඩුස්, ආගන්තුකයන් සමග ආදරය, ප‍්‍රැග්මා හෙවත් පරිණත අවබෝධයේ ආදරය, ඇගපෙ, ඒ කියන්නෙ තමන්ව දිය කර හරින විශාල මානව පේ‍්‍රමය වගේ එක සහ ෆිලව්ටියා, තමන් ගැනම ඇති පොසිටිව් ආදරය, මේ විදිහට.

මේක හරි ලස්සන කතාවක්. ක‍්‍රිස්නරික් කියන්නෙ ඉතිහාසයේ මෑත අවධියක මේ ඊරොස් යන සරාගික පේ‍්‍රමය අධිතක්සේරු වීම නිසා මේ රොමාන්තික මිත්‍යාව ඉපදුනා කියල. ඒ වගේම කතෝලික පල්ලියේ ආගමිකත්වයත් මේකට ගැටගැහීමෙන් තත්වෙ තවත් උග‍්‍ර වුණා කියල. ඒත් ග‍්‍රීකයන් මේ ප‍්‍රභේදය බාරගෙන තියෙන්නෙ අවදානම්කාරීම, නැත්තං භයානකම ආදර විශේෂය විදිහට. මේක ආදරය කරන කෙනාගෙ සවිඥාණක බව අහෝසි කරන හින්දම ඒ පිස්සුව විනාශකාරී ආදරයක් විදිහටයි ග‍්‍රීකයො දකින්නෙ. ඒත් මේ වෙද්දි ඒක ජීවිතේ එකම දොරටුව වෙනවා. එතනින් පවුල, ඊට පස්සෙ දරුවන්... ටිකෙන් ටික කටුවක් ඇතුලට යනවා මිස කටුවෙන් එළියට ඒමක් නැති පාරක්. ඒක තමයි මිනිස් සමාජයේ තෝරා ගැනීම වෙලා තියෙන්නෙ. ඒකට විවිධ සමාජ දේශපාලන හේතු ඇති. ඒ හේතු වලින් මේ සිතීමේ ඇකිලීම සාධාරනීකරණය කර ගන්නවට මේ කුඩා වීම තේරුම් ගන්න එකෙන් අපිට ආපහු හිතන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එකයි රෝමන් ක‍්‍රිස්නරික්ගෙ යෝජනාව.

ෆීලියා නැත්තං මිතුරන් සමග ආලය සමහර වෙලාවක ලිංගික පේ‍්‍රමයෙන් කවදාකවත් යන්න බැරි පරාසයන් ස්පර්ශ කරනවා. උදා විදිහට යුද්දයේ භයානකම අදියරක තමන් ළ`ගම ඉන්න සහෝදර සොල්දාදුවා එක්ක තියෙන සම්බන්ධය. මේ පක්ෂපාත බව, විශ්වාසය සමහර විට මේ තරං තදට දැනෙන්නෙ මේ කලාපයේම විතරක් වෙන්න පුළුවන්. යාලූවො එක්ක බෙදාගන්න මේ ආදරය සරාගී ආලයට වඩා අතිශය ප‍්‍රගතිශීලියි කියලයි ග‍්‍රීකයො පිළිගත්තෙ.

ක‍්‍රිස්නරික් කියන්නෙ මේ එක පේ‍්‍රම ප‍්‍රවර්ගයක් විතරක් අධිනිශ්චය වීමෙන් අනිත් හැම ආදර කතාවක්ම වැහිලා ගියා කියල. උදා විදිහට තමන්ගෙ පවුල සමග සම්බන්ධය විතරක් එකම ඇත්ත සම්බන්ධය වෙනවා සමාජයේ අනිත් හැම මිනිස් ගනුදෙනුවක්ම බොරුවක් වෙනවා කියන එක. නැත්තං අර එකම සම්බන්ධය වෙනුවෙන් පාවිච්චි වෙනවා. ඒකෙන් ජීවිතේ එකම කොටුවක කැරකෙන්න ගන්නවා.

ඊළ`ගට මෙතනට මාර්කට් එක සෙට් වෙනවා. වෙළඳ පොල හරහා මේ මිත්‍යාව නැවත නැවත යතාර්ථයක් කරමින් ඉන්නවා. ටීවී එකේ දුවන්නෙ රූප නෙමෙයි තනි තිතත් කියල නොපෙනෙන තරම් වේගයෙන් වෙළඳපොල හරහා මේ ආදර කාණ්ඩය උත්කර්ෂයට නංවමින් ස්වභාවිකත්වයට අරගෙන එනවා.
ලූඩුස් කියන්නෙ ආගන්තුකයන් සමග ආදරය. සැමියා හෝ බිරිඳ නොවෙන වෙන කෙනෙකු සමග ටැංගො නර්තනයක යෙදීමෙ ඉඳන් පොඩි උන් රැලක් එක්ක ප‍්‍රීතියෙන් උඩ පැනීම දක්වා ලොකු පරාසයක් මේ ආදරය ඇතුලෙ කතා වෙනවා.

ඇගපෙ කියන්නෙ ත්‍යාගවන්ත පේ‍්‍රමය. මේකට  ඕනම කරනවා එම්පති නැත්තං අනෙකාව දැනීම කියන කාරණය. රෝමන් ක‍්‍රිස්නරික් එම්පති ගැන වෙනම පරිච්ෙඡ්දයක් කතා කරනවා. ඇගපෙ කියන වචනෙ ලතින් වචනෙන් කැඩිලා තමයි චැරිටි (පුන්‍යාධාර) කියන එක හැදෙන්නෙ. ඒත් එම්පති ගැන කරන පැහැදිලි කිරීමත් එක්ක තේරෙනවා මේ මානව දයාව කියන පරාසයට ඇතුල් වෙන්න කොයිතරං ඇතුළතින් විශාල වීමක්  ඕනද කියල.

ප‍්‍රැග්මා, පරිණත පේ‍්‍රමය. ගත කිරීමෙන් සහ එක්ව වයස්ගත වීමෙන් ඇති වෙන ගැඹුරු අවබෝධය. ආදරේදි සාමාන්‍යයෙන් කියන්නෙ ෆෝලින් ඉන් ලව් කියල. ආදරේට වැටෙනවා. ඒත් එරික් ෆ්‍රොම් කියන ඇමරිකානු මනෝ විද්‍යාඥයා කියනවා වැටෙන්න ආදරේ කරන්න එපා කියල. හිටගෙන ඉන්න පුළුවන් තරමට විතරක් ආදරේ කරන්න කියල. තමන්ගේ දෙපයින්, අවබෝධයෙන් අනිකා එක්ක ජීවිතය බෙදා ගැනීමක් මිස දුර්වලයෙක් වගේ අනිකා මත වැටීම ආදරය නොවෙන වගයි එරික් ෆ්‍රොම් කියන්නෙ. මේ අදහස එක්ක ප‍්‍රැග්මා ආදරය ගොඩක් ළ`ගයි කියලයි ක‍්‍රිස්නරික්ගෙ අදහස.

හය වෙනි ආදර කතාව ෆිලව්ටියා කියන්නෙ තමන් ගැන ඇති ආදරය. මේක නාසිස්මය හරි ඔබ්සෙෂනල් එකක් හරි නෙමෙයි. ඒ වෙනුවට තමන් ගැන තියෙන ධනාත්මක බාර ගැනීම. ස්වයං විනාශකාරී නොවීම. මේ ලව් එක නැත්තං වෙන කිසිම ලව් එකක් සිද්ද වෙන්න බෑ කියල මෙයා අවධාරණය කරනවා.

කොහොම වුණත් මේ ආදර වර්ග හයක් තනි එකකට ඇකිලීමෙන් ජීවිත පරාසයේ වෙන්න ඉඩ තියෙන කුඩා වීම තේරුම් ගන්න පුළුවන්. ඒ මදිවට මේ හයම එක්කෙනෙක්ගෙන් හෙවීම දක්වා මේ රොමාන්තිකකරණය උඩු දුවනවා. ඒක කිසි දවසක සිද්ද වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල මේ සංස්කෘතික චින්තකයා පෙන්නලා දෙනවා. මේ ආදර කලාප හය පුද්ගලයා සමාජය එක්ක ඇත්ත සම්බන්දෙකින් වෙළනවා. ඒත් පුද්ගලික ජීවිතට හෝ ශෘංගාර පේ‍්‍රමය කියන කලාපයටත් ඉඩක් තියනවා. නැවත මිත‍්‍ර සමාජ ඇති වෙන්න, විශ්වාසය හා බෙදාහදා ගැනීම පුළුල් වෙන්න, පරිණත වෙන්න සහ නිරෝගී වෙන්න මේ සය විධ ආදරයේ බාර ගැනීම පොළඹවනවා.

ඇගපෙ නැත්තං ත්‍යාගවන්ත පේ‍්‍රමයට අදාල එම්පති, අනෙකාව දැනීම කියන එක ගැන පොතේ තියෙන දේ ලියන්න කලින් කටේ තියෙන කතාවක් ලියන්න මං හදිස්සි වෙනවා. මේක ජන වරහක්.

ඔන්න එක ෂූට් එකක් ඉවර වෙලා විජය කුමාරතුංග කෑම කනවලූ. එයාට බිරියානිලූ. අනිත් අයට රයිස් ඇන්ඞ් කරී ලූ. විජය බත් බෙදන කොල්ලගෙන් අනිත් අයව පෙන්නලා අහනවලූ, මොනවද මේ මල්ලිලට? කියල. සර්ට බිරියානි මේ ගොල්ලොන්ට රයිස් ඇන්ඞ් කරී කියල කොල්ලා කණට කරලා කියනවලූ. විජය තියනවලූ බිරියානි එක පැත්තකින්. ‘මටත් ගේනවා රයිස් ඇන්ඞ් කරී’ එයා අනිත් අය ගානට එනවලූ.
මේකම වෙනවා ගාමිනීට. ‘සර්ට බිරියානි, මේ ගොල්ලොන්ට රයිස් ඇන්ඞ් කරී’ කොල්ලා කණට කරලා කියනවලූ. ‘ගේනවා ඔක්කොමටම බිරියානි’ ගාමිනී අනිත් අයවත් එයා ගානට ගේනවලූ.

මේ යාං එක කොහොම වුණත් මෙතන තියෙන්නෙ අපි අනිකාව තේරුම් ගැනීම කියන කාරනේ.
‘එම්පති කියන්නෙ ඔබ ඔබට සිදු වෙනු දකින්නට කැමති පරිදි අනෙකාට සළකව කියන ගෝල්ඩන් රූල් එක නෙමෙයි. ඒක හොඳ කතාවක්. ඒත් එම්පති කියන්නෙ ඒකට නෙමෙයි. ඔයාගෙ ආශාවන්, ඔයා ගැන තියෙන විශ්වාසයන් සහ මතාන්තර අනුව අනෙකා තක්සේරු කරන කල් ඒක එම්පති වෙන්නෙ නෑ. එම්පති කියන එක අමාරුයි. අනිත් කෙනාගෙ සපත්තුවට බැහැලා එයාව තේරුම් ගන්න  ඕනි. අපි ඉන්න තැන ඉඳන් එයා ගැන හිතලා වැඩක් නෑ. ජෝර්ජ් බර්නාඞ් ෂෝට මේක තේරුණා. ඔයා ඔයාට වෙනවා දකින්න කැමති විදිහට අනිත් අයට කරන්න යන්න එපා. ඒ ගොල්ලොන්ට වෙනස් රසයන්, කැමැත්තන් ඇති, බර්නාඞ් ෂෝ කියන්නෙ ඒකයි’
-අපි ජීවත් විය යුත්තේ කෙසේද?
රෝමන් ක‍්‍රිස්නරික්

උදා විදිහට අපේ ගීත රචකයො වීදි ගණිකාවන් ගැන ලඳුනේ ලඳුනේ වගේ සිංදු ලියන එක සහනුභූතිය (එම්පති කියන එකට සාහිත්‍යමය වචනෙ) නෙමෙයි. සමහර විට ඊට වඩා බජාර් එකේ ලලක්කා කියද්දි මේ දැනීම තියෙන්න පුළුවන්. ජොර්ජ්  ඕවෙල් දුප්පතුන් ගැන දැනෙන කල් දුප්පතෙක් විදිහට පාරවල් ගානෙ රස්තියාදු වෙමින් ගත කරපු ඉතිහාසයක් මේ ලේඛකයා උපුටා ගන්නවා. ඒ දුප්පත්කම ඇතුලෙන් දුප්පත්කම කියන එක දැනගන්න කල්  ඕවෙල් දුප්පත්කම ගැන ලිව්වෙ නෑ.

‘එම්පති කියන අදහස අද පාවිච්චි වෙන්නෙ ‘හොඳ’ වගේ තේරුමක් එක්ක. ඒත් ඇත්ත එම්පති කියන එක නොදන්නා කලාපයක සැලසුම් නොකරපු චාරිකාවක් වගේ’
රෝමන් ක‍්‍රිස්නරික්

එතකොට චැරිටි කියල අද මාධ්‍ය අනුග‍්‍රහයෙන් දියත් වෙන මානව පේ‍්‍රමයට වඩා වෙනස් පේ‍්‍රමයක් ඇගපෙ විදිහට ග‍්‍රීකයො හඳුන්නපු වග තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ විශාලතර වූ සය විධ පේ‍්‍රමයන් වෙනුවෙන් තමන් ඉන්න කටුව බිඳගෙන යන්න දරන අනවබෝධී වෑයම විනාශකාරී වෙන්න පුළුවන් කියලත් ක‍්‍රිස්නරික් මතක් කරනවා. විශේෂයෙන්ම අපි තුල ඇති ලිංගික ඊර්ශ්‍යාව වගේ සීමාවන්ට ගරු කරමින් වැඩි වැඩියෙන් සමාජය පැත්තට නැවත විවෘත වීමක් එයා ආදරය හරහා යෝජනා කරනවා.

සමහර සම්බන්ධතා ශෘංගාර ආලයෙන් පටන් අරගෙන ෆීලියා සහ ප‍්‍රැග්මා කලාප වලට මාරු වෙන්න පුළුවන්. එතකොට

යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්... මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්’ වගේ නොමේරූ ආදර කතා නොකියා ඒ අලූත් තත්වයේ ආදරයට නතු වෙන්න කියල එයා යෝජනා කරනවා. ආදරයේ පරිණත වීමට මේ අත්හැරීම කියන කාරණය අවශ්‍යම වග ක‍්‍රිස්නරික් මතක් කරනවා.
මේ සංස්කෘතිකමය සිතීමේ පරාසය හැකිලීම ආදරයේ හැකිලීමක් විදිහට අරගෙන නැවත සමාජය කියන්නෙ විශාල ආදර සම්බන්ධතා ගොන්නක් වෙත දෑත දිගු කිරීම කියන එකයි රෝමන් ක‍්‍රිස්නරික්ගෙ මේ ආදර පිළිබඳ තිසීසයේ පදනම.

අපිට නැවත ගොඩක් උත්තර කියන්න පුළුවන්. මේ සමාජ දේශපාලන වෙනස්කම් වල විකාශනය, නැත්තං තනි ශෘංගාර පේ‍්‍රමය තුල මේ සෑම මුහුණුවරක්ම මුණගැහීම වගේ ප‍්‍රලාප ගොඩක් අපිට තියේවි. ඒත් අන්තිමට අපි ආරක්‍ෂා කරන්න උත්සාහ කරන මේ කටුව මොකක්ද? අනාරක්‍ෂිත බවට බයෙන් අපි ලොකු කරන මේ තාප්පෙ මොකක්ද?

ඇත්තටම අපි ඒකට ආදරය කියනවද?

අනිත් ආදර සම්බන්ධතා සියල්ල වසාගෙන වැඞීම හරහා මේ රැුකගත් එකම පේ‍්‍රමයත් වඳ වෙමින් යන වගට මේ සිතන්නා කියන තර්කය අපිට බාර ගන්න වෙනවා මං හිතන්නෙ. ආදරය ගමක් කර ගන්නවා වෙනුවට ආදර නගරයක අපි පුරවැසියො වෙන්නට එයා කරන මේ යෝජනාවෙ සිත්ගන්නා සුළු බව නිසාම මං හැරෙන තැපෑලෙන් පාවිච්චි කරපු පොතක් ඊබේ එකෙන් ඉල්ලූවා.

(අපි ජීවත් විය යුත්තේ කෙසේද? පොතෙන් උපුටා ගත් පරිච්ෙඡ්ද කීපයක් ඇසුරෙන්)
චින්තන ධර්මදාස

Saturday, November 30, 2013

V for Vendetta හෙවත් ඩයිනසෝරයන්ගේ අවසානය

මේ ලිපිය කොහොම පටන් අරගෙන කොහොම ලියාගෙන යන්නද කියල තාම මං ඉන්නෙ පැටළිල්ලක. සමහර වෙලාවට විෂයක්ම ලිපියකින් කියන්න වුණාම මේ අවුල එනවා. සාරාංශගත කරනවා කියන එක හැමදාම මං පේල් වැඩක්. අනිත් පැත්තට ඒ ලියමනට මගේ ඇතුලෙ තියෙන නිමිත්ත නැත්තං මාව ඒකට පොළඹවපු කාරනේ හරියට නිශ්චිතව කොලයක් උඩට දාගන්න බැරි කම. ඒ නිමිත්ත නැතුව කතාව කියාගෙන ගියොත් ඒක මළ වාක්‍ය රචනාවක් වෙනවා. ඒක හින්දම මේ ලියමන අරාජික ලියමනක් වෙයි. අදහස් සංවිධානයක් නැති, ආකෘතියේ අධිකාරියක් නැති ඔහේ වාක්‍යයෙන් වාක්‍යයට තනි තේරුම් හදන සමස්තයක්. ඒත් මොකක් හරි තේමාවක්, හැඩයක් ඒ සමස්තය විසින් නිර්මාණය කර ගනීවි. ඒක මේක ලියන මට තීරණය කරන්න බැරි එකක්.

ඇනාකිස්ම් (අරාජිකවාදය) ගැන මං හිතන්න උනන්දු වුනේ හරියටම කොහොමද කියල මතක නෑ. ඇනාකිස්ම් කියන ඉංගී‍්‍රසි වචනෙ තියෙන අදහස මට අරාජිකවාදය කියන සිංහල වචනෙන් දැනෙන්නෙ නෑ. ඒක නිකං පාරාජිකාවක් වගේ සද්ද වෙන්නෙ. ඒ හින්දම මං ඇනාකිස්ම් කියන ඉංග‍්‍රීසි වචනෙන් කතාව කරගෙන යන්නං. 

දවසක් අපි කීපදෙනෙක් ලංකාවෙ ඉතිහාසෙ ගැන කතා කරගෙන ගියා. දත්තමය ඉතිහාසයක් ගැන මගේ මතකෙ කරුණු අඩු හින්ද මං කතා කළේම ප‍්‍රබන්ධමය ඉතිහාසයක් ගැන. ඒත් යම් සංකීර්ණ සවිඥාණක අවිඥාණක ධාරාවන්, විශේෂයෙන්ම දත්තමය ඉතිහාසයකට වඩා පුළුල් කාරණාවන් ප‍්‍රබන්ධමය ඉතිහාසයක තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ. මහා වංශය කියන්නෙත් මහා සිංහලයේ වංශකතාව වගේම අතීත ප‍්‍රබන්ධයක් විතරයි. කොහොමටත් මිනිහා කියන සතාට තමන් දකින දේ ඒ විදිහටම නිශ්චිතව වාර්තා කරන්න බැරි වෙනවා. ඒකට එයාගෙ දෘෂ්ටිවාදයක්, නැත්තං අර්ථ කතනයක් එනවමයි. 

‘වී ෆෝ වැන්ඩෙටා’, ‘වොච්මෙන්’ වගේ කොමික් කතා ලියපු හරියටම කොමික් පොත් කලාවෙ ගෝඞ් ෆාදර් වගේ වුණු ඇලන් මුවර් මේ ගැන ලස්සන කතාවක් කියනවා.

‘ඔන්න ඉස්සර ස්වභාවවේදියො සත්තු ගැන අධ්‍යනය කරනවා. ඔන්න මේ සතා නම් ඇල්ෆා මේල්. අනිවාර්යෙන්ම මෙයා තමයි මේ කණ්ඩායමේ නායකයා. පස්සෙ කරපු පර්යේෂණ වලින් හොයා ගත්තා මේ සත්තු සම්බන්ධ කාරනේකට වඩා අර ස්වභාවවේදීන් විසින් සත්තු මත ආරෝපණය කරන තමන්ගේ දෘෂ්ටිය කියන එක. ඇත්ත, ඒ කන්ඩායමේ ශක්තියෙන් වැඩි, හැඩිදැඩියෙක් ඉන්න පුළුවන්. සටන් වලදී ඒ හැඩිදැඩියා ඉස්සරහින් ඉන්න පුළුවන්. ඒත් කන්ඩායමේ ඇත්තට නායකත්වය තියෙන්නෙ පිටිපස්සෙ ඉන්න ගැහැණු සතෙකුට වෙන්න පුළුවන්. හැම ගැටුමකදිම හැමෝම ගොනුවෙන්නෙ ඒ ගැහැණු සතා වටේ වෙන්න පුළුවන්’
-ඇලන් මුවර්

ඇලන් මුවර් මේක කියන්නෙ නායකත්වය, අධිකාරිය කියන එක ස්වභාවික තත්වයක් කියන කතාව බිඳහෙලන්න. මොකද ඇනාකිස්ම් කියන්නෙම අධිකාරියක්, නායකත්වයක් නොපිළිගැනීම. නිශ්චිත අරමුණු වෙනුවෙන් එක්ව පෙළගැහෙනවට වඩා විවිධ අරමුණු රාශියක් වෙනුවෙන් විවිධ ආකාරයේ පෙළගැසීම් සමූහයක්. සමාජයක් කණ්ඩායමක් වෙනුවට නැවත තනි පුද්ගලයා විෂය කර ගැනීමක්. ඒ පුද්ගලයාගේ අවශ්‍යතා, සිතීම්, අදහස් වලට ඇහුම්කන් දීම දක්වා සමාජය සාවධාන කිරීමක්.

‘අපි නිරන්තරයෙන්ම අපේ අත්දැකීම් ප‍්‍රබන්ධකරණය කරමින් ඉන්නවා. අපි අපේ අත්දැකීම් සංස්කරණය කරනවා. ඒ හැම එකකම අපිට හරියට මතක නැති තැන් තියෙනවා. ඒ වගේම අපි හිතා මතා එඩිට් කරන කොටස් තියෙනවා. ඒවා අපිට එච්චර සෙට් වෙන්නෙ නැති හින්ද. ඉතින් අපි නිරන්තරයෙන් නැවත නැවත මේ අත්දැකීම් ලියනවා. පුද්ගලයන් විදිහටත්, ජාතීන් විදිහටත් අපි අපේ අතීතෙ නැවත ලියනවා. අවස්ථාවෙන් අවස්ථාවට අපි අතීතය ප‍්‍රබන්ධකරණය කරනවා. මේක තමයි අපේ දෛනික යතාර්ථය විදහට අපි බාර ගන්නෙ. අපි කිසි විටක යතාර්ථය අත්දකින්නෙ නෑ. අපි අත්දකින්නෙ යතාර්ථය ගැන අපේ දෘෂ්ටිය’
-ඇලන් මුවර්

මං කියාගෙන ගියේ ඇනාකිස්ම් ගැන මං උනන්දු වුණු හේතුව. අර සංවාදෙදි මං යෝජනා කළේ අනිත් අයටත් ඉතිහාසය ගැන තම තමන්ගෙ ප‍්‍රබන්ධය කියන විදිහට. එතකොට ඒ ප‍්‍රබන්ධ අතර අන්තර් සම්බන්ධතා ඔස්සේ අපිට ආයිමත් එක වඩා පරිණත ප‍්‍රබන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්.

ඒත් එතන හිටපු ඇකඩමිකයෝ ඒකට එක`ග වුනේ නෑ. උන් දත්තම ඉල්ල ඉල්ල මාව කන්න පටන් ගත්තා. එතකොට මට මතක් වුණා ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්න ගිය කෝර්ස් එකකදි සුනන්ද මහේන්ද්‍ර සහ එඞ්වින් ආරියදාස අතරෙ වුනු සිද්දියක්.

මේ දෙන්නම ඇවිත් හිටියෙ එදා කෝර්ස් එක පටන් ගනිද්දි පොඩි ලල් එකක් දෙන්න. එඞ්වින් ඉතින් පුරුදු විදිහට තමන්ගේ දත්තමය කතන්දර කිය කියා ජන සන්නිවේදනය ගැන පැහැදිලි කළා. කවදත් වගේ එදත් බෝරිං. මං එච්චර කැමති නැති චරිතයක් වුණත් සුනන්ද මහේන්ද්‍ර එදා අමුතු කතාවක් කිව්වා. ‘මේ එඞ්වින් ආරියදාස ශූරීන් ඉන්නවනේ. කොම්පියුටරයක් වගේ දත්ත ගබඩාවක්. (එතකොට එඞ්වින් ආඩම්බරෙන් හිනාවෙනවා) මට ඔය දත්ත ඔක්කොම මතක නෑ. එතකොට මං කරන්නෙ එඞ්වින් ආරියදාස වගේ කොම්පියුටරයක් ඔන් කරලා මගේ දත්ත ටික අරගෙන මට  ඕන තොරතුරු නිෂ්පාදනය කරන එක’
මේක මොන අදහසකින් කිව්වද මං දන්නෙ නෑ. ඒත් දත්ත එකතු කිරීම ගැන හොඳ කතාවක් ඒක. 
ඔන්න එතනදි කෙනෙක් මට චෝදනා කළා ‘ඔයා ඇනාකිස්ට් කෙනෙක්’ කියල. මං ඒක නොපිළිගත්තත් ඒ චෝදනාව එක විදිහකට මට ඇනාකිස්ම් ගැන නැවත කියවන්න බල කළා.

දෙවෙනි කාරණේ වෙන්නෙ ‘වී ෆො වැන්ඩෙටා’ ෆිල්ම් එක ලංකාවෙ වාමාංශිකයන් බාර ගත්ත උද්යෝගය. ‘වී ෆො වැන්ඩෙටා’ ඇලන් මුවර් ලිව්වට පස්සෙ වොචොව්ස්කි සහෝදරයන් විසින් මේකෙන් හොලිවුඞ් ෆිල්ම් එකක් හදනවා. මේ ෆිල්ම් එක ලෝකෙ පුරාම දේශපාලන ක‍්‍රියාකාරීන් කරේ තියාගෙන ගියා. ලංකාවෙත් එක්ස් එක වගේම ජවිපෙත් මේ හරහා මොඩර්න් වෙස්මූණක් දාගන්න ට‍්‍රයි කළා. ඒත් මේක ලියපු ඇලන් මුවර් එයාගෙ නමවත් ෆිල්ම් එකේ දාන්න එපා කියලා එතනින් අයින් වුණා.

හේතුව චිත‍්‍රපටිය විසින් සම්පූර්ණයෙන්ම ග‍්‍රැෆික් නවල් එකේ අදහස විකෘති කිරීම. ‘වී’ කියන්නෙ ඇලන් මුවර්ට අනුව ඇනාකිස්ට් කෙනෙක්. එයා පවතින පද්ධතිය විනාශ කරන්නයි යන්නෙ. ඒකට එයා ගයි ෆෝක්ස් කියන කලින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව පුපුරවන්න වෙඩි බෙහෙත් ගෙනියන්න උත්සාහ කළ කැරලිකරුවාගේ මූණ පාවිච්චි කරනවා. මේ කතාව මුවර් ලියන්නෙ මාග‍්‍රට් තැචර්ගෙ ආන්ඩුවට විරුද්දව. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහට ස්ථාපිත වුණු ආඥාදායකත්වයක්. හරියට මේ වෙද්දි ලංකාවෙ වගේ. වී පුපුරවා හරින්න උත්සාහ කරන්න මේ රාජ්‍ය සංස්ථාව. ඒ වගේම වී කියන්නෙ වීරයෙක් නෙමෙයි. එයා ප‍්‍රචණ්ඩත්වයක් විතරයි. ඊළ`ග නිර්මාණය ගැන අදහසක් එයාට නෑ. එයා කරන්නෙ විනාශ කිරිම. ඇලන් මුවර් කියන්නෙ කිසි දවසක ඒ විදිහෙ ප‍්‍රචණ්ඩත්වයකින් අවශ්‍ය දේශපාලන වෙනස කරන්න බෑ කියල. ඒක හින්දම එයා කතාවෙ අන්තිමට වී මරා දානවා. අලූතෙන් බිහිවන සමාජයක වී ට කරන්න දෙයක් නෑ. 

‘මං ඇත්තටම හිතන්නෙ නෑ ප‍්‍රචණ්ඩ විප්ලවයකින් කවදාවත් සාමාන්‍ය මිනිහාගෙ ඇත්ත ප‍්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල. මං හිතන්නෙ ඒක අපි විසින් කර ගන්න  ඕන කාර්යයක්. ඒක වෙන්නෙ සමාජ පරිණාමයක් ඇතුලෙ විතරයි. කවදා හරි බටහිර සමාජය යන මග දිගේ මේක සිද්ද වේවි. ඒත් ගැටළුව තියෙන්නෙ අපිට ඒ තරං කාලයක් බලන් ඉන්න පුළුවන්ද කියන එක’
ඇලන් මුවර්

මුවර් ‘වී ෆොර් වැන්ඩෙටා’ කතාවට ගේන ‘වී’ එයා දකින්නෙ අනාගතය විදිහට නෙමෙයි. ඒත් වොචොව්ස්කි සහෝදරයො මේක වෙනස් කරනවා. ළබාලා වයසෙ ගණිකාවක් වුණු ‘ඊවි’ චිත‍්‍රපටියෙදි මාධ්‍ය ආයතනේක වැඩකරන තරුණියක් වෙනවා. ඒකාධිපති රජයක් වෙනුවට චිත‍්‍රපටියෙ තියෙන්නෙ නව කන්සවේටිව් රජයක පසුබිම. ‘වී’ ගේ ප‍්‍රචණ්ඩ අරාජිකවාදී අරගලය චිත‍්‍රපටියෙදි විමුක්තිකාමී අරගලයක් වෙනවා. ලංකාවෙ වාමාංශිකයන්ට ‘වී ෆෝර් වැන්ඩෙටා’ ත‍්‍රිල් වුනේ මේ කාරණය හින්ද. ඒක වොචොව්ස්කි සහෝදරයන් හොලිවුඞ් වලට ගලපන්න කරන මාර්කටින් කෑල්ල. ඒ හොලිවුඞ් ෆන් එකේ ත‍්‍රිල් ගත්තා මිස ඇලන් මුවර්ගේ සංකීර්ණ වී චරිතය ඇතුළට එබෙන්න කිසි වමේ සහෝදරයෙක් උනන්දු වෙන්න ඇති කියල මං හිතන්නෙ නෑ.

‘ඒ ගොල්ලොන්ට ජෝර්ජ් බුෂ්ට විරුද්දව ප්‍රොටෙස්ට් කරන්න සහ 9-11 වලින් පස්සෙ ඇමරිකාව යන විදිහට විරුද්දව ප්‍රොටෙස්ට් කරන්න  ඕන වුණා නම් (ඒක තේරුම් ගන්න පුළුවන්) ඇයි ඒ ගොල්ලො මං 1980දි කරපු දේම කළේ නැත්තෙ? මං කළේ තැචර්ගෙ ආන්ඩුව ගැන. ඒ දේවල් මගේ රටේ ඇත්තට සිද්ද වුණ දේවල්. ඒවා බලද්දි  ඕන කෙනෙකුට තේරෙනවා මං මොකක් ගැනද කතා කරන්නෙ කියල. හොලිවුඞ් වලට වී ෆොර් වැන්ඩෙටා හදන්න  ඕන වුණා කිව්වම මට හිතාගන්න බැරි වුණා. ඇමරිකානු ලිබරල්වාදීන් මේ තරම් බෙලහීනද කිසිම අවදානමක් නොගෙන තමන්ගෙ විරෝධය පෙන්නන්න යන්නෙ? ’
- ඇලන් මුවර්

සමාජවාදය ඇතුලට මේ අදහස ගන්න බැරි කාරණයක් තියෙනවා. ඇනාකිස්ම් වල කිසිම විදිහක අධිකාරියක් හෝ මධ්‍යගතවාදයක් පිළි නොගන්න එක. රාජ්‍යය කියන එක සම්පූර්ණයෙන් අහෝසි කරන තත්වයක්. සමාජය වෙනුවට පුද්ගලයා විශාල වන තර්කනයක්. කිසිම පොදුයි කියන අරමුණක් වෙනුවෙන් තමන්ගෙ පුද්ගලික අරමුණු හෝ ආශාවන් පාවා දෙන්න උවමනාවක් නෑ කියලයි ඇනාකිස්ට්ලා කියන්නෙ. ඒ තමන්ගෙ පුද්ගලික ආශාවන් සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කරන අරගලය ඇතුලෙ සමස්තය වෙනස් වෙයි කියල ඒ ගොල්ලො හිතනවා. ඒ හින්දම අපේ රතුපස්වල වතුර වගේ සමාජ ප‍්‍රශ්න එක්ක ඒ අය වැඩ කරනවා. ඒ ප‍්‍රශ්න වෙනත් දේශපාලන මතවාදයකට ඈඳන්න නෙමෙයි. ඒ වෙනුවට දැනුවත්, වඩා පරිණත, රාජ්‍යයට අභියෝග කළ හැකි පුරවැසියන් හදන්න.

බහුතරයකගේ කැමැත්ත කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට වඩා නිර්මාණශීලී සහ අනාගතවාදී අදහස් නිෂ්පාදනය කරන සුළුතරයට වැඩි වැදගත්කමක් හිමිවන ක‍්‍රමයක් ඇනාකිස්ම් ඇතුලෙ යෝජනා වෙනවා. බහුතරයක් ඇතෙුල නෑසී වැළලී යාම වෙනුවට ස්වාධීන පැවැත්මන් සහ අදහස් ඇති පුද්ගලයන් සමස්තයක් සමාජය විදිහට බාර ගන්න තරමට ඒ අදහස පුළුල්. 

මාක්ස්වාදී පක්ෂ වලට ඇලන් මුවර්ගෙ වී ගන්න බැරි වෙන ප‍්‍රශ්නෙ ඒක. එක අරමුණක් වෙනුවෙන් සංවිධානය වීම කියන පදනම ඇනාකිස්ම් ඇතුලෙ බිඳවැටෙන එක. සමාජවාදය ඇතුලෙත් නැවත නිර්මාණය කරන්නෙ රාජ්‍යයම නේද කියල ඒක ඇතුලෙන් ප‍්‍රශ්න කරන එක. තනි පුද්ගලයාට වඩා විශාල රාජ්‍යයක් ඇතුලෙ ජීවිතය පුංචි කරගන්නවට එරෙහි වීම ම ඇනාකිස්ම් කියන එක. 

රාජ්‍යයෙන් හෝ සමාජයෙන් පුද්ගලයා පාලනය හෝ හික්මවිය යුතු නෑ කියන එකයි ඇනාකිස්ට්ලගෙ අදහස. මේ හින්දම තවත් පැත්තකින් මේ නිදහස දරන්න පුළුවන් සමාජයක්  ඕන කරනවා. සවිඥාණක බවක් තියෙන, වගකීමක් දරන්න පුළුවන් වැඩිහිටි සමාජයක්. තමන්ගේ පුද්ගල පැවැත්ම තේරුම් ගත්ත, එමෙන්ම අනෙකාගේ පැවැත්මට ඒ අයුරෙන්ම ගරු කිරීමට තරම් අවබෝධයක් තියෙන පුරවැසියන් පිරිසක්. ඒකටයි අධ්‍යාපනය  ඕන. ඒ වෙනුවෙනුයි වැඩ කරන්න  ඕන.

‘අපි හෙට මේ නායකයො කියන ඔක්කොම එලියට ඇදලා අරන් වෙඩි තියලා දැම්මොත් කොහොමද? ඒක මරු අදහසක්. ඉතින් මට ඉඩ දෙන්න ඒ අදහස විසි කරන්න කලින් පොඞ්ඩක් ඒක උඩ ෆන් එකක් ගන්න. අපි එහෙම කළොත් සමාජය කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ජනතාවගෙන් බහුතරය කියන්නෙ අවුරුදු දහස් ගානක් තිස්සෙ මේ නායකත්වයක් යටතේ පාලනය වෙන්න පුරුදු කරපු පිරිසක්. ඒඅ යට ඒ අයව පාලනය කර ගන්න බෑ. පිටතින් යම් බලයක්  ඕන. එකපාරට අපි නායකයා කියන කෙනාව අයින් කළොත් මේ අය මුලූ සමාජයමත් ඇදගෙන වලට වැටෙනවා. ඒක හින්ද ඇනාර්කි කියන තත්වයේ මොනම දෙයක් හරි සිද්ද වෙන්න නම් මුලින්ම මිනිස්සුන්ව දැනුවත් කරන්න වෙනවා. ඒක ලොකුවටම කරන්න  ඕන දෙයක්. තමන් කරන ක‍්‍රියාවන්ගේ වගකීම දරන්න පුළුවන්, තමන් වඩා විශාල ප‍්‍රජාවක් අතරෙ ඉන්නවා කියන අවබෝධයක් තියෙන තත්වයක් දක්වා මේ අයට අධ්‍යාපනය දෙන්න  ඕන. රාජ්‍යය කියන එක නැතුව පවුලක්, යාලූවො ටිකක් විදිහට ලෝකෙ ජීවත් වෙන්න ඉගෙන ගන්න.’
- ඇලන් මුවර්

ඇනාකිස්ම් කියන වචනෙ එන්න ගොඩක් කලින් මේ සිතීමේ විදිහ ලෝකෙ තිබුණ. විකිපීඩියාව කියන විදිහට සමහරු ජේසුස් ක‍්‍රිස්තුස් පළවෙනි ඇනාකිස්ට් විදිහට දක්වනවා. ඒ පවතින සංස්ථාපිත ආගමට විරුද්දව එය සටන් කිරීම හින්ද. තවත් අය ලා ඕසු ඇනාකිස්ට් කෙනෙක් කියල ගේනවා. ඒ කොන්ෆියුසියස්ට සාපේක්‍ෂව ලා ඕසු ගේන අසංවිධානාත්මක බව, පැවැත්ම මූලික අදහස් හින්ද. සංස්ථාපිත ආගමිකත්වය, සදාචාරය, හෝ විනය කියන දේවල් නොපිලිගැනීමත් ඒ වෙනුවට තමන් විසින් අවබෝධ කර ගන්නා සදාචාරයක්, ආධ්‍යාත්මිකත්වයක් ඇතුලෙ ජීවිතය යලි නිර්මාණය කිරීමත් හින්ද.

ඒත් අනිත් පැත්තට බුදුන් තනිකරම සංස්ථාපිත අධිකාරිවාදයේ ගිලෙන ආගමික ශාස්තෘ කෙනෙක් වෙනවා. සියලූ රාජ්‍ය තන්ත‍්‍ර හා සමාජ නිලධරවාදයන් බාර ගනිමින් තමයි බුදුන් නිර්වාණය ගැන කියන්නෙ. ඒ විමුක්තිය පවා සංස්ථාපිත විමුක්තියක්. අෂ්ට ලෝක ධර්මය, චතුරාර්ය සත්‍යය, මේ විදිහට ඒ අවබෝධයේ පවා විධිමත් පරිපාටියක්, ආකෘතියක්, තාප්පයක් බුදුන් ගේනවා. එයා සංඝ සමාජයක් පවා හදනවා. ඒකෙ වෙනම සමූහ අර්ත නිර්මාණය කරනවා. මේ කාරණා හිතාගෙන යද්දි ඇත්තටම පේනවා බුදුන් ඒ තරම්ම ප‍්‍රගතිශීලී චරිතයක් නොවුණු වග. ඒ වගේම එයාගෙ දර්ශනය ඒ තරම්ම නිදහස් නොවෙන වග. 
‘ඇනාකිස්ම් ඇතුලෙ සංස්ථාපිත ආයතන පද්ධතිය දකින්නෙ ඩයිනසෝරයන් විදිහට. ඒ විශාලත්වය නිසාම ඩයිනසෝරයන්ගේ ගමන් වේගය අඩුයි.  ඒ නිසාම ඔවුන් වඩා වේගයෙන් මාංශ භක්ෂයන්ට ගොදුරු වෙනවා. 

ධනවාදී ක‍්‍රමයේ මේ ඩයිනසෝරයන්ට කෙළ වෙන කල් බලා ඉන්න ප‍්‍රමාණයෙන් කුඩා ඩයිනසෝරයන් විශේෂත් ඉන්නවා. ඒ මාක්ස්වාදීන් වගේ කට්ටිය. විශාල ඩයිනසෝරයන් වඳ වුණු යුගයක තමන් විශාලතමයන් වුණු යුගයක් ආරම්භ කරන්නයි ඔවුන්ගේ උවමනාව. කවදා හරි ලොකු වෙනකල් බලන් ඉන්න පොඩි ළමයි වගේ මේ ගොල්ලො අර ක‍්‍රමයම තමන් යටතට ගන්න බලන් ඉන්නවා.  මේ යෝද හෙවනැලි අතරෙ එහා මෙහා යන කුඩා උණුසුම් ජීවී සමූහ විදිහට ඇනාකිස්ට්ලා ඒ ගොල්ලො ගැන විස්තර කරන්නෙ. අවිධිමත් බව සහ කුඩා බවම ඒ අයට වාසි වෙන තත්ව. වඩා ඉක්මණින් හැඩගැසිය හැකි වීම සහ වේගවත් බව කියන කාරණා හින්දම පරිණාමය ඇතුලෙ මේ කුඩා ජීවීන් වඩා සාර්ථක පැවැත්මක් හිමි කර ගන්නවා කියල ඒ ගොල්ලො තර්ක කරනවා.’ (ඇනාර්කි ඉන්ද ඒජ් ඔෆ් ඩයිනසෝර්ස්)

දැන් මේක කතාව ලිව්ව හින්ද මං ඇනාකිස්ට් කෙනෙක් වෙන්නෙ නෑ. ඒත් සමාජය වෙනුවට පුද්ගලයා කියන බාර ගැනීම ඇතුලෙත්, අධිකාරි බලය කිව්වම සමාජයේ හැම අධිකාරියකටම (රජය, ආගම, පවුල, ස්ත‍්‍රී පුරුෂ භාවය, න්‍යායාත්මක හෝ ඇකඩමික්* එක විදිහට විරුද්ද වීමේ පුළුල්, පැවැත්ම මූලික තර්කනය නිසාත් මේ සිතීම අනිත් පටු දෘෂ්ටිවාදයන්ට වඩා පරිණතයි කියල මං හිතනවා. 

ලියන කොට කලින් හිතුවා වගේම විෂයක් ලිපියකට හරවන්න මං ගොඩක් අසමත්. අතරින් පතර කෑලි ටිකකට වඩා සංයුක්ත කිසි දෙයක් කියාගන්න බෑ. ඒත් ඒ අසංවිධානාත්මක බව ඇතුලෙ මොකක් හරි අදහසක් දත්තයකට හෝ තොරතුරකට වඩා ලොකුවට ඇඳෙන්න පුළුවන් කියල මට හිතෙනවා. ඇලන් මුවර් කියන මං ආසම ක්ලයිමැක්ස් එකකින් මං කතාව ඉවර කරන්නං.

‘එක විදිහකට, කතා තමයි මිනිස් පැවැත්මෙ න්‍යෂ්ටිය වෙන්නෙ. සමහර වෙලාවට විනාශකාරී විදිහට. හිතල බලන්න උපමා කතා තරමට පරණ අපේ ආගමික ප‍්‍රබන්ධ නිසා කොයිතරං යුද්ධ ඇති වෙලා තියෙනවද සහ අදත් සිද්ද වෙනවද? ඇත්තටම අපි අපේ ජීවිත පදනම් කරගෙන ඉන්න ප‍්‍රබන්ධය නිසා සමහර වෙලාවට අපි භයානක අවසානයන් කරා ගමන් කරනවා. කතා වලට ලොකු කොටසක් කරන්න තියෙනවා. ඒක නීතියේ වර්ධනයට හෝ වෙන කිසිම සමාජ විද ්‍යාත්මක වර්ධනයකට වඩා විශාලයි. මං හිතන්නෙ අපේ කතා සහ අපේ ප‍්‍රබන්ධයේ වර්ධනයෙන් තමයි අපිට ඇත්ත සමාජ වර්ධනය මනින්න පුළුවන්’
-ඇලන් මුවර්

චින්තන ධර්මදාස

Saturday, November 23, 2013

හෝල් කඩාගෙන එන්නෙ!


මං ෆිල්ම් එකක් කරන්න යන්නෙ?
මෙහෙම කියපු ගමන් ගොඩක් වෙලාවට මුලින්ම ආපිට ඇහෙන්නෙ එක ප‍්‍රශ්නයක්.

‘ප්‍රොඩියුසර් කෙනෙක් හම්බුණාද?’

‘මොකද්ද මචං ස්ටෝරි එක’ වගේ කතා එන්නෙ ඊට පස්සෙ. මේක වැරැුද්දක් නෙමෙයි. ඇත්ත ප‍්‍රශ්නයක්. පළවෙනි දේ මේක වෙන වැඩක්ද නොවෙන වැඩක්ද කියල දැන ගන්න එක.

ඒත් ඒ ප‍්‍රශ්නෙ මාත් ඇතුළු ගොඩක් චිත‍්‍රපටි හදන්න ට‍්‍රයි කරන උන්ව අධෛර්ය කරනවා. ඒ ප්‍රොඩියුසර් කෙනෙක් නැති ඇත්ත තත්වය හින්ද නෙමෙයි. දෙන්න උත්තරයක් නැති හින්ද.

පිටපතත් අරගෙන එක එක ඇඳුනුම් මාර්ග වලින් ප්‍රොඩියුසර්ලා හම්බුවෙන්න යන එකයි සාමාන්‍ය සිරිත. මැණික් මුදලාලිලා, අල මුදලාලිලා එහෙම නැත්තං ටයි ඇඳගත්තු රස්සා කරන ඒත් මුදලාලිලා වගේ නානාප‍්‍රකාර අය මේ ගමනෙදි මුණගැහෙන්න පුළුවන්. එතකොට ඒ ගොල්ලොත් ආපිට අහන ඇත්ත ප‍්‍රශ්නයක් තියෙනවා.

‘ගාන හොයන්න පුළුවන්ද?’

මේ ප‍්‍රශ්නෙට කොයි තරං ක‍්‍රියේටිව් විදිහට උත්තර දෙනවද කියන කාරණේ උඩ මුදලාලි ඉන්ද, අවුට්ද කියන එක තීරණය වෙනවා. අවුලකට තියෙන්නෙ මේ ප‍්‍රශ්නෙ ඇහිච්ච ගමන් මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙන එක. මට ගෑණියෙක් විකුණන පිම්පියෙක් ගානට ලැජ්ජ හිතෙනවා. ඒ චිත‍්‍රපටියක් කරලා ඒකෙන් ආදායම් ගන්න එක සැලසුම් කිරීම ගැන අපුලකට නෙමෙයි. අපේ හීනෙට එකපාරටම වැටෙන ලංසුව ගැන දැනෙන මොකද්ද නොගැලපීමක් හින්ද.

අනිත් අතට ‘අම්මට හුඩු හෝල් කඩාගෙන එන්නෙ’ වගේ පචයක් කියන්න කොයි තරං ගටක් තියෙන්න  ඕනද? මේ සිරි සිද්ධාර්ත බලන උපාසක ජනතාව මගේ වගේ ෆිල්ම් එකක් බලන්න පෝලිමේ එයිද? පෝස්ටර් ගහන්න, පබ්ලිසිටි දෙන්න තව කීයක්  ඕන වෙයිද? අඩුගානෙ මහින්ද එක්ක ෆොටෝ එකක් ගහලා දිනමිනේ දා ගන්නවත් පුළුවන් වෙයිද?

මං හිතන්නෙ ලංකාවෙ චිත‍්‍රපටි කරන්න හිතන අයට ඒවා කරන්න තියෙන්නෙ පාරවල් දෙකයි. එකක් කොහොම හරි මේ මුදලාලි කෙනෙක් මරාගන්න එක. අනිත් එක යුරෝපියානු සම්මාන උළෙලක් දිහා බලාගෙන ඉඳලා හරියට ඉත්තා අදින එක. වෙන රටවලින් ප‍්‍රකාශන නිදහස නැති නිසා සම්මාන උළෙල වලට චිත‍්‍රපටි ඉදිරිපත් වෙද්දි  අපේ රටෙන් ඒවට ඉදිරිපත් වෙන ඇත්ත හේතුව වෙන්නෙ පේ‍්‍රක්‍ෂාගාරයක්, කර්මාන්තයක් නැතිකම. ඒකෙ වැරැුද්දක් නෑ.  සිනමාව තමන්ගේ ප‍්‍රකාශනය වුනු කෙනෙක් ඒක කොයි විදිහකින් එළියට දාන්න  ඕන.

මේ දෙකම කරන්න බැරි මට වෙන පාරක් හිතන්න වුණා. අඩුම තරමෙ පළවෙනි ප‍්‍රශ්නෙ මගඇරලා කතාව මොකක්ද කියන ප‍්‍රශ්නෙට පැනගන්නවත්. යාලූවෙක් එක්ක වාඩිවෙලා ඔලූවෙ ඇඳිච්ච චිත‍්‍රපටියක කතාවක් කියන ආතල්ජනක වැඩක්. කියන කියන වතාවෙන් වතාවට, කෙනාගෙන් කෙනාට ඒ ෆිල්ම් එකට අලූත් පාට එකතු වෙනවා. කවදාවත් නොහැදෙන ෆිල්ම් එකක් වුණත් විසිතිස් වතාවක් එක එක ඈන්ගල් වලින් විඳින්න ඉඩක් ලැබෙනවා. සමහර වෙලාවට බලලා බලලා ඒ චිත‍්‍රපටිය එපා වෙලත් යනවා. එතකොට අලූත් එකක් ලියනවා.

‘යාලූවන්ගෙන් කීය කීය හරි ඉල්ලගෙන ලෝ බජට් ගහනවා බං’
මං හදාගත්ත උත්තරේ ඒක. ඒත් මුංගෙන් බේරෙන්න බෑ සමහර වෙලාවට.

‘ලෝ බජට් වුණත් කොලිටිය තියාගනින්. ඔය ලොකු ෆෙස්ටිවල් නැති වුණාට පොඩි වෙන වෙන ඒවා තියෙනවා. දාන්න පුළුවන්...’
එතකොට කතාව යන්නෙ වෙන අතක. ෆිල්ම් එක බලන්න ඌ ලෑස්ති නෑ.

මේ යාලූවන්ගෙන් එකතු කරන කතාව මෙහේ විතරක් නෙමෙයි බටහිරත් ප‍්‍රධාන ධාරවෙන් එළියෙ වෙනස් වැඩ කරන අයට හොයාගන්න සිද්ද වුණු උත්තරයක්. ඒත් සුද්දා අපි වගේ නෙමෙයි. කිය කියා ඉන්නෙ නෑ, ඌ කරනවා. මේ වෙද්දි මේ උත්තරේ ආර්ට් කියන දේ ආකෘතිය, හැසිරීම ආදී ගොඩක් දේවල් යළි වෙනස් ලෙස නිර්වචනය කරමින් ඉන්නවා. ‘ක‍්‍රවුඞ් ෆන්ඩින්’ (සමූහ අරමුදල්) කියන්නෙ මේකට කියන විධිමත් නම. ඉන්ටර්නෙට් එන්න කලින් ලංකාවෙ තාමත් ඇෙ`ග් මයිල් කෙලින් වෙන ක‍්‍රවුඞ් ෆන්ඩින් වැඩක් සිද්ද වුණා. ඒ සුනිල් මාධවලා හිරු පත්තරේ පටන් ගන්නකොට. රොමාන්තික වුණත් පුදුම ආදරයක් හෘදයාංගම බවක් දැනිච්ච පටන්ගැන්මක් ඒක. (ඒ පත්තරේ ලියවිච්ච ජවිපෙ හිතවාදී මනස්ගාත ගැන අමතක කරන්න)

ඇමන්ඩා පාමර් කියන්නෙ මේ විදිහට ක‍්‍රවුඞ් ෆන්ඩින් වලින් තමන්ගෙ මියුසික් කරන ඇමරිකානු පර්ෆෝමර් කෙනෙක්. එයා ටෙඞ් ටෝක්ස් වලට ඇවිත් මේ අලූත් අදහස හරහා වෙනස් වීමට යෝජනා කරන මිනිස් සිතීම ගැන කතා කරනවා. කවදාවත් ඒන්ජල්ස් ලා (සුර`ගනන්, දෙව`ගනන් වගේ සිංහල වචන මේ අදහස හරියට දෙන්නෙ නෑ) ඉන්නවා කියලා නොපිළිගන්න අයට මං කියන්නෙ ඇමෙන්ඩා පාමර්ව අහන්න කියල. ඒක හරියට නව සයිබර් සම්බන්ධතා හරහා ගොඩනැගෙන අනාගත සමාජය ගැන සුබාරංචියක් වගේ.

‘සංගීතය කියන්නෙ මගේ රැුකියාව නෙමෙයි..’ ඇමෙන්ඩා පටන් ගන්නෙ එහෙම. එයා කලින් ඇ`ග පුරා තීන්ත ගාගෙන පාරක් අයිනෙ පෙට්ටියක් උඩ පිළිමයක් වගේ හිටගෙන හිටපු කාලය ගැන මතක් කරනවා. ඒ මනුස්ස ප‍්‍රතිමාවට මිනිස්සු කීයක් හරි දානවා. එතකොට ඇමෙන්ඩා රෝස මලක් දෙනවා. ඒ රෝස මල දෙන අතරෙ එයා කෙලින්ම අර මනුස්සයාගේ ඇස් දිහා බලනවා.

‘ඔබට ස්තුතියි. මට ඔබව පේනවා...’ ඇමෙන්ඩා ඇස් වලින් කියනවා.

සංකීර්ණ නාගරික සම්බන්ධතා ඇතුලෙ කතා කරන්න කවුරුවත් නැතිව හුදකලා වුනු මිනිස්සුන්ට ඒ ඇස් වලින් මුණගැහෙන නිහ`ඩ තත්පර කීපයත් ලොකු දෙයක් වෙනවා. ඇරත් නාගරීකරණය සමග මැෂින් වගේ දුවන ජීවිත වලට අමතක වෙන තමන් ළ`ගම ඉන්න අනෙකා ගැන ඇමෙන්ඩාගේ ඇස් මතක් කරනවා.

‘මට ඔබව පේනවා...’

මේ අතරෙදි එයාව පහුකරගෙන යන වාහනේකින් කෙනෙක් ඔලූව එලියට දාලා කෑ ගහනවා.
‘රස්සාවක් හොයාගනිං ගෑනියෙ....’

එතකොට ඇමෙන්ඩා තේරුං ගන්නවා තමන් අවට ජීවත් වෙන මිනිස්සු පෙළෙන සදාතනික බිය. ‘තමන්ගෙ රස්සාව (පිළිගැනීම) ගැන බය’ ‘කාගෙන්වත් ඉල්ලන්න තියෙන බය’

‘මේ තමයි මං කරන රස්සාව’ ඇමෙන්ඩා පෙට්ටිය උඩ හිටගෙන හිතනවා. මිනිස්සු එක්ක මෙහෙම කෙලින් ඇසට ඇස මුණගැසුණු ඒ උණුහුම එයා සයිබර් සම්බන්ධතා ඇතුලට ගේනවා. ට්විටර් වලින් සම්බන්ද වෙමින් එයා එක එක තැන මියුසික් වැඩ කරනවා. ඒ ඒ පළාත් වල ආර්ටිස්ට්ලත් එක්ක එකතු වෙලා එයා ලෝකෙ වටේම ප‍්‍රසංග පවත්වනවා. ඇත්තටම රුසියානු විප්ලවලය ගැන රොමාන්තික නවකතාවකට වඩා ඇමෙන්ඩාගෙ ජීවිතය හරිම උණුහුම්.
ට්විටර් කියන්නෙ තාක්‍ෂණයකට වඩා කොන්දේසි විරහිත මනුස්ස බැඳිමක තත්වයක් කියල ඇමෙන්ඩා පැහැදිලි කරනවා.

නොදන්නා නගරයක නාඳුනන කෝපි කඬේක ඉඳන් දවසක් එයා තමන් පෙළෙන මොකද්ද පොඩි අසනීපයක් ගැන ට්විට් කරනවා. පැය බාගයක් ඇතුළත හෙදියක් විදිහට රස්සාව කරන තරුණියක් ඒකට බෙහෙතකුත් අරගෙන කෝපි කඬේට ගොඩ වෙනවා. ඒ ගොල්ලො කෝපි බිබී ගොඩක් වෙලා කතා කරනවා. ඒක අහම්බෙන් සිද්ද වුනු ලස්සන මුණගැහීමක්. ඇමෙන්ඩා ට්විටර් කියන්නෙ ඒ හෘදයාංගම බවට.
එයා කවුච් සර්ෆින් කරනවා. ඒ කියන්නෙ නෙට් එක හරහා අඳුරගත්ත සයිබර් යාලූවන්ගෙ ගෙවල් වල නැවතෙමින් ලෝකෙ තැනින් තැන ඇවිදිනවා. එතනදි ඉල්ලන අවම පහසුකම නිදාගන්න සාලෙ කවිච්චිය විතරයි. සමහර තැන් වලදි ගෙදර අය තමන්ට ඇඳ දීලා බිම නිදාගත්ත අවස්තා ගැන ඇමෙන්ඩා කතා කරන්නෙ හරිම හැ`ගීම්බරව. අනෙකා ගැන තියන මේ විශ්වාසය තමයි සයිබර් සම්බන්දතා වලින් ඇති කරන මනුස්ස වෙනස. අවිශ්වාසය සහ අනාරක්‍ෂිත බව පුරුදු කරපු මනුස්ස වර්ගයාට ආයිමත් විශ්වාසය සහ අනෙකා බාර ගැනීම කියන දේ හුරු කරන්න ඇමෙන්ඩා වගේ සයිබර් දේවතාවියන් වැඩ කරමින් ඉන්නවා. ඒත් ලංකාවෙ අපි තාම ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නෙ සෙක්ස් සහ ගොසිප් වලට විතරයි.

ඇමෙන්ඩා මේ නාඳුනන මිනිසා විශ්වාස කිරීමේ ව්‍යාපෘතියෙ ගොඩක් දුර යනවා. එයා කවුච් සර්ෆින් කියන අදහස ක‍්‍රවුඞ් සර්ෆින් කියන තැනට අරගෙන එනවා. එයාගෙ ඇල්බම් ගහන්න එයා ‘කික් ස්ටාර්ටර් (කවුඞ් ෆන්ඩින් සඳහා තැනූ සයිබර් වේදිකාවක්) හරහා සල්ලි එකතු කරනවා. මේ දක්වා කික් ස්ටාර්ටර් එකේ වැඩිම අරමුදලක් එකතු කළ ආර්ටිස්ට් වෙන්නෙ ඇමෙන්ඩා පාමර්.

එයා වරක් නිරුවතින් තමන්ගෙ පේ‍්‍රක්‍ෂකයන් අතරට යනවා. ඇත්තටම බීමත් ජර්මානුවන් පිරිසක් අතරට. තමන්ගේ කලාව විශ්වාස කරන, ඒ වෙනුවෙන් තමන් හම්බකරපු මුදලින් කොටසක් කැප කරන එයාගෙ රසිකයන්ට තමන්ගෙ නිරුවත් සිරුර මත කැමති සටහනක් තබන්න කියලා එයා කියනවා. ඇමෙන්ඩා ඒක ගන්නෙ අනෙක් නාඳුනන මිනිසා ගැන තමන්ගේ විශ්වාසය තමන් ඇතුළෙන්ම විස්තාරණය කර ගැනීමේ වෑයමක් විදිහට.

මේ හැම තැනකදිම එයාට නැවත නැවත පාර අයිනෙ පෙට්ටියක් උඩ ඉඳගෙන තමන් අනෙකා දිහා බලා හිටපු හැටි මතක් වෙනවා. නොපෙනෙන තාක්‍ෂණික මෙවලම් අස්සෙන් වුණත් වැඩ කරන්නෙ ඒ ඇසට ඇස මුණගැසීමක මිනිස් උණුසුම.

‘පයිරසි හින්ද මියුසික් ඉන්ඩස්ටි‍්‍ර එක වල පල්ලට යනවා. ඇමෙන්ඩා ඔයා මොනවද මේ කරන්නෙ?’ මාධ්‍ය වලදි එයාගෙන් දරුණුවට ප‍්‍රශ්න කරනවා. මොකද එයා මේ බුද්ධිමය දේපොල අයිතීන් නොතකා  ඕන විදිහකට තමන්ගේ නිර්මාණ බෙදා හදා ගන්න උනන්දු කරන හින්ද. එතනදි එයා එක්තරා ප‍්‍රසංගයකදි තමන් මුනගැහෙන්න ආපු රසිකයෙක් ගැන මතක් කරනවා. ඒ රසිකයා එයාට ඩොලර් දහයක නෝට්ටුවක් දික් කරනවා.

‘මං ඔයාගෙ සිංදු සීඞී එකකට ගැහුවා. මට සමාවෙන්න..’ එයා ඇමෙන්ඩාට කියනවා. මේ හෘදය සාක්ෂියත් එක්ක තමන් සල්ලි වලින් ගනුදෙනු කරන්නෙ කොහොමද? මේක සල්ලි වල කතාවට වඩා දැවැන්ත ආදර කතාවක්.

‘අපි කොහොමද මිනිස්සුන්ව ගෙවන්න පොළඹවන්නෙ?’ ඇමෙරිකාවෙදි මේ විදිහට අහන ප‍්‍රශ්නෙම තමයි මෙහෙදි ‘ ගාන හොයන්න පුළුවන්ද?’ කියල අහන්නෙ.
ඒත් ඇමෙන්ඩා පාමර්ට තියෙන්නෙ වෙනස් උත්තරයක්. ‘අපි කොහොමද මිනිස්සුන්ට උදව් කරන්න ඉඩ හදන්නෙ?’

මෙච්චර කාලයක් ආර්ටිස්ට් සහ පේ‍්‍රක්‍ෂකයා අතර තිබ්බ සම්බන්ධයේ ආර්තිකය තීරණය වුණේ දුරස්ත බව උඩ. ඒක සෙලිබ්රිටි වැඩක්. ආර්ටිස්ට්ට බයයි මිනිස්සුන්ට ළං වෙන්න, මොකද ඇත්ත මිනිහට ඒ සෙන`ග ආදරේ කරන්නෙ නැති වෙයි කියල.

ඒත් ඇමෙන්ඩා කියන්නෙ වෙනස් විදිහක ආර්ටිස්ට් කෙනෙක් ගැන.  ආර්ටිස්ට් හිනාවෙන, අ`ඩන, කණස්සලූ වෙන, නන්නත්තාර වෙන ජීවිතේ ඒ විදිහටම පේ‍්‍රක්‍ෂකයන් එක්ක බෙදා හදා ගන්න සම්බන්ධයක් එයා යෝජනා කරන්නෙ. එතකොට තමන්ගෙ පේ‍්‍රක්‍ෂකයා කියන්නෙ තමන්ගෙ යාලූවෙක්. යාලූවො එකිනෙකා උදව් කරගන්නවා. ඒකයි ආර්ට් එක.

ඒත් මේකට අපේ මානව චර්යාවෙ ලොකු පුරුද්දක් වෙනස් කර ගන්න වෙනවා. ගන්න එක වෙනුවට ඉල්ලන එක. ඉල්ලන්න  කොයි තරං අමාරුද කියල ඇමෙන්ඩා පැහැදිලි කරනවා. සමහර තමන්ගේ සහෝදර සංගීතකරුවන්ට පවා තොප්පියක් අරගෙන මිනිස්සු අතරට යන්න කිව්වොත් ඒ අයගෙ කකුල් වේවලන හැටි එයා කියනවා. මේ එදා පාර අයිනෙ පෙට්ටියක් උඩ හිටගෙන ඉඳිද්දි කෑ ගහගෙන ගිය මනුස්සයාගෙයි ආර්ටිස්ට්ගෙයි දෙන්නගෙම තියෙන එක හා සමාන බයක්. තමන්ගේ දියවීම දරා ගන්න බැරිකම.
ඇස් දිහා කෙලින් බලාගෙන, ‘ස්තුතියි. මට ඔබව පේනවා’ කියන්න බැරි කම.

ලංකාවෙ නං තව පරම්පරා හත අටක්වත් යනකං මේ විදිහෙ මනුස්ස ගනුදෙනුවක් හදාගන්න අපිට බැරි වෙයි. බටහිර ‘ඉල්ලන’ එක ලොකුම ප‍්‍රශ්නයක් වුණත් මං හිතන්නෙ මෙහෙට ලොකුම ප‍්‍රශ්නය වෙන්නෙ ‘දෙන’ එක. කොච්චර දානය පුරුදු කරපු රටක් වුණත් අපි ඒක දෙන්නෙත් ඊළ`ග ආත්මෙ ඊට වඩා ලැබෙන පොරොන්දුව පිට. පන්සල් ගානෙ හාමුදුරුවරුන්ට පැය ගණන් වටාපත් වලින් මූණ වහගෙන මේ පචේ කියන්න වෙනවා දානෙ ටික ගන්න. අපිට ඉල්ලන එකා පේන්නෙම හොරෙක්, තක්කඩියෙක් නැත්තං ත‍්‍රස්තවාදියෙක් විදිහට (උදා උතුරේ දෙමළ ජනතාව). දෙන එක පේන්නෙ අහුවීමක් විදිහට. ඒ අපේ සිල්ලර සමාජ ගනුදෙනුවෙ දිග පළල. පත්තර සහ ටෙලි නාට්ටි හරහා පැය විසි හතරෙ වගුරන මේ අනෙකාව සැක කිරීමේ අපේකම බිඳගෙන යන්න අපි කීපදෙනෙකුගෙ වෑයම මදි. ඒත් ඇමෙන්ඩා එයාගෙ ඇතුලෙ අනෙකා ගැන විශ්වාසය විස්තාරණය කරන්න තමන්ගේ අභ්‍යාසයක් විදිහට දේවල් කරනවා වගේ අපිටත් කරන්න වෙන්නෙ අපේ බෙලිකටුව කඩා ගන්න එක. නාඳුනන අනෙකා කොන්දේසි විරහිතව විශ්වාස කරන්න පටන් ගන්න එක. පාවිච්චි වීම, අහුවීම, සූරා කෑම වගේ නිතර එළන හි`ගන ලේන්සු අකුළගෙන මිනිහෙක් විදිහට තවත් මිනිහෙක්ගෙ පැවැත්ම බෙදා ගන්න පුළුවන් තරමට වැඩෙන එක.

අන්තිමට චිත‍්‍රපටියක් හදාගන්න බැරි වුණත් ඊළ`ග ආත්මෙක මේ කොට කැත දූපත් පැවැත්ම වෙනුවට මිනිස්සු එකිනෙකා විශ්වාස කරන පොහොසත් ලෝකෙක ඉපදෙන්නවත් ඒ පින හේතු වාසනා වේවා කියල හිතාගෙන හැමෝම සාදුකාරයක් දෙන්න....’

-චින්තන ධර්මදාස