Thursday, August 5, 2010

ලංකාවෙ පරිවර්තන කරන ගොයියෝ


ළ`ගදී මං පාවුලෝ කොයියෝ කියවන්න ගත්තා. ඉංග‍්‍රීසි පොතකින් පටන් අරන් ආසාව වැඩිවුණ හින්ද පරිවර්තනය වෙලා තිබ්බ සිංහල පොත් කීපෙකුත් කියවන්න පටන් ගත්තා. ඉංග‍්‍රීසි පොත්ම ගන්න සල්ලි අතේ නොතිබ්බ එකත් ඒකට බලපෑවා. මොකද හු`ගක් කාලෙකට කලින් මං සිංහල පරිවර්තන කියවන එක අත්ඇරලා දැම්මා. ඒ පරිවර්තන විදිහ මට දිරවගන්න අමාරු වුණ හින්දමයි. කොයි කර්තෘ කෙනෙක්ගේ පරිවර්තනයක් කියෙව්වත් එකම විදිහක් වගේ ගතියක් ලංකාවෙ පරිවර්තනවල තියෙනවා. උදාහරණයක් විදිහට මොරාවියා කියෙව්වත්, කැල්විනෝ කියෙව්වත් කියවන්න වෙන්නෙ එකම බාසාවෙන්. ටික දුරක් යද්දි ඔරිජිනල් කර්තෘගේ බලපෑම අඩුවෙලා අඩුවෙලා ගිහින් පරිවර්තකයාගේ ඒකතානමය ගතිය ඇතුලෙ අපි මෝහනය වෙන්න ගන්නවා. ලංකාවෙ පොත් පරිවර්තනය කියන්නෙ හරි කම්මැලි මිනිස්සුන්ගෙ වැඩක්. ගොඩක් වෙලාවට ඉංග‍්‍රීසි හරි නැත්නම් ‘දැදිගම වී රුද්රිගු‘ වගේ වෙන බාසාවක් හරි පුළුවන් වුණාම ගෙදර විශ‍්‍රාමික සුවයෙන් ඉඳන් පරිවර්තනය කරගෙන යනවා. ඉතිං අර පරිවර්තකයාගේ තියෙන ඕලාරිකකම ඇරෙන්න පොතේ අලූත් ඉර එළියක් විඳගන්න නෑ. ඒක හිස්. රසයක් නෑ. කොයියෝගේ ‘ඇල්කෙමිස්ට්‘ සිංහලෙන් කියවන්න ගිහින් මං නාගත්තට පස්සෙ ඉංග‍්‍රීසි පොත අරං කියවන්න ගත්තා. සිංහල පොත හරියටම කොයියෝ ගේ නෙමෙයි වගේ. ඒකෙ පාවුලෝ නෑ.

ලංකාවෙ පරිවර්තකයො පොතක් පරිවර්තනය කරනවා කියන එක අරගෙන තියෙන්නෙ හරි ලේසියට. පොතක් පරිවර්තනය වෙද්දි භාෂා දැනීම කියන්නෙ පුංචි කාරණයක් විතරයි. පරිවර්තකයා සතු සමාජ සංඥාර්ථවේද ගැන දැනුම එතනදි ලොකු දෙයක් කරනවා. ඒක පරිවර්තනය වෙන භාෂාව අයිති සමාජය වගේම ඔරිජිනල් පොත අයිති භාෂා සමාජය පිළිබඳවත් තියෙන දැනුමක්. ඒත් අපේ රටේ පරිවර්තන වල තියෙන්නෙ විලාසිතාවක්. පරිවර්තන පොත්වල වෙනම භාෂාවක් ලියවෙන්නෙ. ඒක පරණ රුසියන් සාහිත්‍ය පරිවර්තන වල ඉඳන්ම එහෙමයි. ඒක කියවන අය සිංහල ඇතුලෙ සිංහල නොවෙන තැනකට යනවා. සිංහල රුසියානුවො මෑතක් වෙනකල් අම්බානක හිටියා කොළඹ. දැන් ටිකක් අඩුයි. පරිවර්තනය හරියට සිද්ද නොවුණොත් එතනදි ඔරිජිනල් ලේඛකයා මරලා දාන එක විතරක් නෙමෙයි, කියවන සමාජය පරාරෝපණය කිරීමකුත් සිද්ද වෙනවා. අපේ පරිවර්තන කීපයක් කියවන්න ගත්තොත් කොයි ලේඛකයා ලිව්වත් ඒක අන්තිමට කෙළවර වෙලා තියෙන්නෙ පරිවර්තකයාගේ භාෂා උවමනාව උඩ. ඉතිං කොයි පොතක් කියෙව්වත් එක වගේ. ඒවයේ දෙබස් කියල ලියවෙන්නෙ විකාර. ඒ පොත් වල චරිත කතා කරන්නෙ ‘නුඹ මා කියූ දේ ඇසුවා නම්..‘ වගේ අමුතු භාෂාවකින්. ලංකාවෙ පරිවර්තන නන්නත්තාර වෙන්න එක හේතුවක් තමයි පොත් පරිවර්තනය කියන එක සංස්කෘතික සමාජ වටිනාකම්වල පරිවර්තනයක් හැටියෙන් දකින්න තරම් දැනීමක් මේ පරිවර්තකයන්ට නැති එක. ඒක ඒ අයට පුද්ගලික වැඩක්. තමන් කැමති පොතක් පරිවර්තනය කරගෙන යනවා. කෘතියෙන් පරිවර්තකයාට කිසිම අභියෝගයක් නෑ.

පොතක් පරිවර්තනය වෙද්දි ඔරිජිනල් පොත ගැන අධ්‍යනය කරන්න ඕන කරන කාරණා කීපයක් තියෙනවා. එකක් කතාවේ ආඛ්‍යාන විලාසය. කතාව ගොඩ නැගෙන හැටි. උදාහරණයක් විදිහට ඉතාලෝ කැල්විනෝගේ පොතක් ලියවෙන්නෙ ආඛ්‍යානයේ ලොකු වෙනස්කම් එක්ක. ඒ ආඛ්‍යාන වෙනස්කම් ඒ සමකාලීන අනික් කර්තෘවරුන් අතර ඉටුකරන සමාජ උවමනාව ගැන වැටහීමක් ඇතුව පරිවර්තනයේදී ඒ වෙනස්කම කරන්න සිද්ද වෙනවා. පොතේ භාෂාමය විදිහට ආකෘතිය මාරු වුණු පමණින් ඒ වෙනස සිද්ද වෙන්නෙ නෑ. ඒ ආකෘතික වෙනස කියවන්නාගේ ඔලූව ඇතලෙ කරන විප්ලවය ගැනත් පරිවර්තකයාට හැ`ගීමක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ටැරන්ටිනෝගේ චිත‍්‍රපටියක් කොපි කරලා අපිට රෝයිද සිල්වා වගේ වැඩක් කරන්න පුළුවන් වෙයි. ඒත් ඒක ඔරිජිනල් ටැරන්ටිනොගේ වැඩක් වගේ දැනෙන්න ඒ ආකෘතියෙන් ජීවිතය අල්ලන තැන ගැන දැනීමක් තියෙන්න ඕන. ඒ එක්ක ඔරිජිනල් පොතේ චරිත ගොඩ නැගෙන හැටි. ඒ චරිත කතා තේමාව එක්ක බැඳෙන විදිහ..කතාව ඇතලෙන් මතු කරන ප‍්‍රධාන ගැටළුව, එ ගැටළුව සමාජය ඇතුලෙ වැඩ කරන කතිකාව, සහ අන්තිමට ලේඛකයාගේ විලාසිතාව කියන කාරණා ගණනාවක් පරිවර්තනයේදී අදාලයි. පරිවර්තනය කියන්නෙ අධ්‍යනමය වැඩක්. නැත්නම් වෙන්නෙ ‘සෙසෑන්‘ පරිවර්තනය කරන පරිවර්තකයාගේ සද්ධර්ම රත්නාවලී වර්ගයේ චින්තාව පරිවර්තනය ඇතුලෙ පේන්න ගන්න එක.

ලංකාවෙ හු`ගක් අමාරුවන් කරපු වැඩක් තමයි ‘ලොලිටා‘ පරිවර්තනය. ඒත් ඒක මෙලෝ යකෙකුට කියවන්න බෑ. නබකොව්ගේ ඉංග‍්‍රීසි පොතේ තියෙන රහෙන් මංචාඩියක් වත් සිංහලට ගන්න පරිවර්තකයන්ට බැරිවෙනවා. ඒ පරිවර්තනය ශාස්තී‍්‍රය කතිකාවක් ඇතුලෙ කරපු වැඩක්. ඒ වුණාට වැඩක් නෑ. පරිවර්තනය ඇතලෙ ශාස්ත‍්‍රීය අධ්‍යනය විතරයි තියෙන්නෙ. හැ`ගීම නැතිනම් ජීවිතය නෑ. මේ සමබරතාවය ආරක්‍ෂා කරගන්න එක පරිවර්තනයකදී අනිවාර්යයි. නැතිනම් අපි පොතක් ලියනවා නෙමෙයි. පොතක් මරනවා.

පරිවර්තනයක් කියන්නෙ භාෂාවන් දෙකක් අතරෙ සිද්ද වෙන හුවමාරුවක් නෙමෙයි. ඒක සංස්කෘතින් දෙකක් අතරෙ හුවමාරුවක්. මේ කාරණය කපටි විදිහට අපේ පරිවර්තකයො මුල ඉඳන් පාවිච්චි කළා. රුසියාවෙ ඉඳලා ආපු අය රුසියන් කතා පරිවර්තනය කරන්න ගත්තා. සමහර අය ප‍්‍රංස ඔරිජිනල් භාෂාවෙන් පරිවර්තන කරන්න ගත්තා. ඒත් වැඬේ සිද්ද වුණේ නෑ. හැම පරිවර්තනයක්ම පරිවර්තකයාගේ දූපත් ඔලූ ගෙඩිය ඇතුලෙ ගිලූණා.

පරිවර්තන ගැන අධ්‍යනය කරන කට්ටිය පරිවර්තකයෙක් දකින්න ඕන ප‍්‍රධාන අංශ දෙකක් ගැන කතා කරනවා. එකක් text style එක. ඒ කියන්නෙ වියමන පරිවර්තනය කරන ආකාරය. පරිවර්තකයාගේ ඇත්ත අභියෝගය තියෙන්නෙ මෙතන. සමාජ වියමනක් හැටියෙන් ඔරිජිනල් පොතේ වියමන, සංඥාර්ථ අපේ භාෂාවට පරිවර්තනය කරන්නෙ කෙහොමද කියන එක. කියවන්නා පරාරෝපණයකට අහු කරන්නෙ නැතුව ඔරිජිනල් පොතේ වියමන උඩින් ගමන් කරවන්න පරිවර්තකයාට පුළුවන් වෙන්න ඕන. අනිත් කාරණය authoral style එක. ලේඛකයාගේ ලේඛන විලාසය අපිට පරිවර්තනය කර්නනෙ කොහොමද කියන එක. අපේ උක්ත ආඛ්‍යාත, සිංහල කියවන පණ්ඩිතයන්ගේ මනස්ගාත ආදී ඔක්කොමගෙන්ම වුණත් එලියට ගිහින් පරිවර්තනය වෙනුවෙන් භාෂාව නිර්මාණය කරන්න මෙතනදි පරිවර්තකයා නිර්භීත වෙන්න ඕන.

බයිබලය පරිවර්තනය කරපු ඉයුජින් ඒ නීඩා‘ මේ ගැන හොඳ කතාවක් කියනවා. එයා කියන විදිහට සමහර විට පරිවර්තනයකදි තීරණාත්මකම වෙන කාරණය සමාජ සංඥාර්ථවේදයන් හඳුනා ගැනීමයි. මිනිස් සමාජ අතර සියලූ සංඥාවන් ග‍්‍රහණය කළ හැකි පොදු බිමක් ගොඩ නගා ගැනීමයි. පරිවර්තනයේ කිසිම ශුද්ධභාවයකින් මේ සංඥාවන් කේතකරණය සහ විකේතකරණය නොතකා හරින්න බෑ කියලා එයා අවධාරණය කරනවා.

මෑතකදි අපේ රටේ ඕෂෝ පරිවර්තනය වෙන්න ගත්තා. ඕෂෝගේ දේශන වලින් ගත්ත නිසා හැම කෙනෙක්ම වගේ කතා කරන භාෂාවෙන් පරිවර්තනය කරගෙන ගියා. ඒත් ඒ පොත් කියවද්දි අපිට ඕෂෝව තේරෙනවද? ඕෂෝ ඔරිජිනල් පොතේ කියන කාරණා පරිවර්තනයේදි මග ඇරුණෙ කොහොමද? ආධ්‍යාත්මික හෝ වෙනයම් ආත්මීය ගැඹුරකට යන පොතක් පරිවර්තනය කරද්දි පරිවර්තකයා ඒ ලේඛකයාගේ සිතිවිලි අවබෝධ කර ගත්ත හැටි වචන වලට දැනෙනවා. උදාහරණයක් විදිහට ඕෂෝ ගේ නිහ`ඩතාවයන්, පාවිච්චි කරන වචන වල තියෙන ගැබ්බර ගතිය, අපේ පරිවර්තකයාට අහුවුණේ නෑ. අනික ඉංග‍්‍රීසි හැම පොතක්ම ලියවුණේ ඕෂෝගේ ආශ‍්‍රමයේ සන්‍යාසි අතින්. ඒ වන්දනා ගමන අරන් යන්න අපේ එදිනෙදා පරිවර්තකයාට බෑ. ඉතිං ඒ දෙවල් නිකං දැනුම් කෑලි විදිහට එක එක තැන ගණිකා සේවයේ පාවිච්චි වෙලා වසංගත වෙලා මැරිලා ගියා.

පොතක් පරිවර්තනය වෙද්දි වචන වල තේරුම් වෙනුවට වාක්‍ය සහ කතිකාවන් අතර තේරුම් අල්ලගන්න ඕන. වාග්මය සහ වාග්මය නොවන සමාජ සංදර්භයන් දැනෙන්න පටන් ගන්න ඕන. ඔරිජිනල් පොතේ තියෙන මේ සංද්ර්භ තේරුම් ගැනීම කෙහොම වුණත් අපේ කට්ටියයට අපේ රටේ සංදර්භයන් ගැන තියෙන තේරුම් ගැනීමත් පට්ට අල්පයි.

හැම පොතක්ම යම් කිසි පණිවුඩයක් අරන් යනවා. ඒ පණිවුඩය සාහිත්‍යයේදී බහුතලීයයි. අපිට එක දිගට කතාව පරිවර්තනය කරගෙන ගියාට ඒ පණිවුඩයේ සමස්තය අහුවෙන්නෙ නෑ. ඒක සරල රේඛීය වෙන්න ගන්නවා. ඒ එකක්ම ඔරිජිනල් පොත කර්තෘ සහ කියවන්නා අතර යෝජනා කරන සම්බන්දය ගැනත් පරිවර්තකයාගේ දැනුමක් තියෙන්න ඕන. ඒක අපේ පරිවර්තනය සහ කියවන්නා අතර ගොඩනැගෙන සම්බන්යට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලේඛකයෙන් නිතරම ලියන්නෙ තමන්ගෙ කියවන්නා සම`ග ගොඩ නැගෙන ආදරය තුල. ඒ ආදරය ඇතෙුල කියවෙන වචන එතනින් එළියට ගත්තොත් වෙන්නෙ වෙන වැඩක්. අපේ පරිවර්තන වල ආදරය නැති වුණේ ඒ විදිහට.
අපේ රටේ පරිවර්තන වලින් වෙච්ච විනාසය සුළුපටු නැහැ. සමහර අය තාමත් පාළු රුසියානු සිහින වල නන්නත්තාර වෙනවා. අපේ සිංහලෙන් කියවපු මාක්ස්වාදියො පිස්සු කෙලින්න ගත්තා. ඕෂෝ සිංහලෙන් කියවලා ගොඩක් කට්ටිය බඩු කාරයො වුණා. ඔරිජිනල් ලේඛකයාව මරලා හංගනවට අමතරව කියවන අය රොතු පිටින් ගෙ`ග් ගියා.
මෑතදි දේශපාලනිකව X එකේ කට්ටිය මරා ගත්තා ෆ්‍රොයිඞ් පරිවර්තනය වැරදියි කියලා. ඊට පස්සෙ තවත් කට්ටියක් ‘ජිජැක්‘ ව පරිවර්තනය කරන්න ගත්තා. මේ හැම දෙයක්ම වෙන්න ගත්තෙ අපේ රටේ තියෙන අවිධිමත්, අශාස්ත‍්‍රීය පිස්සුව ඇතුලෙ. දැනුම, රසය විතරක් නෙමෙයි සිතීම පවා මේ හින්ද විකෘති වෙන එක අනිවාර්යක්.

ඒක නිසා ලංකාවේ සිංහල පරිවර්තන කියවන එක අතිශය භයානකයි.
ඩික්ෂනරිය පෙරල පෙරල හරි ඉංග‍්‍රීසියෙන් කියවන එක සෞඛ්‍යයට හිතකරයි.

චින්තන ධර්මදාස

8 comments:

  1. ඔය x එකේ කට්ටිය කිව්වේ අර පස්චාත් නූතනවාදියෝද

    ReplyDelete
  2. ඔය x එකේ කට්ටිය කිව්වේ අර පස්චාත් නූතනවාදියෝද

    ReplyDelete
  3. චින්තන ධර්මදාස නම් බූරුවාගේ ගොංපාට් ගැන
    චින්තන ධර්මදාස වැනි පුද්ගලයින් සිනමා දේශකයින් , බුද්ධිමතුන් බවට පත් වන්නේ මාධ්‍ය වේශ නිරූපන විපරිත සංඥා මඟිනි.මේ සඳහා හොඳම උදාහරණය දොරමඩලාවයි. දොරමඩලාව යනු ඉන්දියාවේ ගංගා නදිය වැනිම එකකි. ගංගා නදියෙන් දිය නෑ විට ආත්මය පිරිසිදු වන බවට ඉන්දියානුවන් දැඩිව විශ්වාස කරයි. ලංකාවේ මිනිසුන් I T N නාලිකාවේ දොරමඩලාවට ගෙන්වන ඕනෑම පුද්ගලයෙක් බුද්ධිමතෙකු බවට විශ්වාස කරන්නේද එලෙසිනි. අද වන විට බුද්ධිමතුන් නිර්වචනය වන්නේ චින්තන ධර්මදාස වැනි විපරිතයින් ආශ්‍රයෙනි. රැවුල, කනේ කරාඹුව, සරම,ගංජා සුරුට්ටුව යනු මේ බුද්ධිමතාගේ හැඩයයි.

    ReplyDelete
  4. එදා වේල අමාරුවෙන් සොයාගෙන ජීවත් වූ අනාගත සුරක්ශිත භාවයක් නොතිබුන පිරිමියෙක්ට වත් පොහොසත් ගැහැනියක් මුන ගැසුනු විට ඔහුගේ ආශාව තෘප්තිමත් වී ඔහුට ද්‍රව්‍යමය නිදහසක් ලැබේ.ඒ ලැබූ නිදහස ඔහු හසුරවන්නේ තමන්ගේ විපරිතකම් අනෙකාට බෝ කරමිනි.ඒ සරලවම ධර්මදාසගේ කතාවයි. දෘශ්ටිවාදීව කියවීමේදී පිලිතුර සැකසෙන්නේ මෙවැනි පිරිමින් ගැහැනුන් රවට්ටාගෙන ඇත කියා වුවද සත්‍ය වන්නේ මෙවැනි විපරිත පිරිමින්ගේ තුවාල වූ ආත්ම තුලට ඇතුලු වීමට පෙරම ඒ ගැහැනුන් රැවටී ඇති බවය.
    චින්තනගේ බිරිඳගේ මනසේ සිටින බුද්ධිමතා නිර්මානය වන්නේ මාධ්‍ය සංඥා මඟිනි . සිනමාව සහ කලාව ගැන කතා කරන, නිදහස ගැන විවිධ නිර්වචන දෙන,සමාජීය ගැටලු වලදී ෆේස් බුක් අරගල කරන,කොන්ඩය රැවුල අපිලිවෙලට නඩත්තු කරන,ශරීරය සිදුරු කර කරාඹු දමන,ගංජා සුරුට්ටුව පත්තු කරගෙන ඕශෝ ගැන කතා කරන මේ විපරිත පිරිමි ශරීරය රැඩිකල් බුද්ධිමතෙක් ලෙස මාධ්‍ය විසින් සමාජයට මුදා හරී….මේ නව අදහස චින්තනගේ බිරිඳගේ මනසේ තැන්පත් වෙයි.බුද්ධිමතෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ට. ඇය සිතයි.

    ReplyDelete
  5. මධ්‍යම පාංතික ගැහැනියක් විසින් ධර්මදාසගේ හිස් ආත්මය බුද්ධිමතෙකු ලෙස හඳුනා ගැනීම නිසා විපරිත බුද්ධිමතාට ද්‍රව්‍යමය නිදහස හිමි වේ.ඒ නිදහස ලැබුනු ආකාරය නිසා එකී නිදහස වැරදිකාරී , එසේත් නැත්නම් සාපරාධි නිදහසකි. එසේම තම බුද්ධිමත් කම නිරූපනය කිරීමට ධර්මදාසට නිරන්තරයෙන් සිනමා කෘති ගැන කතා කිරීමට සිදු වෙයි.කලින් කලට කතා බහට ලක් වන සමාජ ගැටලු වලට අදාළව තම ෆේස් බුක් ප්‍රොෆයිල් පින්තූරය මාරු කිරීමට සිදුවෙයි.මේ හැසිරීම මත ඔහුගේ ද්‍රව්‍යම නිදහස රැදී තිබෙයි. ව්‍යාජ රැඩිකල් සිවිල් බුද්ධිමතාගේ චරිතයෙන් නිදහස් වීමට හෙට දිනයේ ධර්මදාස තීරනය කලහොත් ප්‍රථමයෙන් ඔහුට අහිමි වන්නේ ඔහුගේ බිරිඳයි.එනිසා මොහුට වරද්දා හෝ කාල් මාක්ස් ගැන ලියා ෆේස් බුක් එකේ කුනුහරුපෙන් බැනුම් ඇසීමද එක්තරා සැපකි.

    ReplyDelete
  6. අද බොරුකීම රැඩිකල් සහ සදාචාරසම්පන්නය. සමාජ ආකර්ශනය ඇත්තේ එතනය. ඇඩ්වටයිසින් ආයතනවලට , ටීවී චැනල් වලට වැඩි වැඩියෙන් අවශ්‍ය කරන්නේ විපරි පිස්සු මංඤඤං ආත්මයි. සමාජය ඉල්ලන්නේ ස්වාභාවික මරණ නොව සමූල ඝාතනයි. මෙවැනි විකාර සහගත සමාජයක කොටස්කරුවන් වන චින්තනලා වැනි ව්‍යාජ සිවිල් බුද්ධිමතුන් විසින් මාකට් කරන්නේ නපුරයි.නිදහස් චතුරශ්‍රයේ පෙම් කෙළින්නට නිදහස ඉල්ලීම,ගංජා වලට රාජ්‍ය අනුමැතිය ඉල්ලීම, අනියම්[?] සබඳතා , නිදහස් ආදර ලෙස ප්‍රමෝට් කිරීම වැනි දේවල් කිරීමෙන් මොවුන් කරන්නේ පොදු අවකාශය පුද්ගලීකරණය කිරීමයි. එසේම මොවුන් බෝ කරන තවත් විපරිතයක් වන්නේ පවුල නිදහස් තැනක් නොවේ.සමාජය යනු නිදහස් තැනක් යන්නයි.නිදන කාමර මහ පාරට එන්නේ එතැනිනි. පවුල උදාසීන තැනක් වීම නිසා පවුල් කෑමට නම් කානිවල් එකක් අනිවාර්‍ය වේ. විවාහ ඇනවසරි එකට චින්තන තම බිරිඳගේ දෙතොල් සිප ගන්නා පින්තූරයක් ෆේස් බුක් පිටුවේ දමා බලාපොරොත්තු වූයේද කලින් කී ආකාරයේ කානිවල් එකකි.

    ReplyDelete
  7. රැඩිකල් වාම වාදීන් විසින් ඇකඩමිකව සුජාතකරණය කරන මෙවැනි විපරිත බුද්ධිමතුන් කිසිවක්ම නොදන්නා තමන්ගේ ආත්මය පෝශණය කර ගැනීමට පමනක් සිතන තක්කඩියන්‍ ය. හිරු ටීවී රංගනලා , නදීශා හේමමාලිලාව මැදිරියට ගෙන්වා නැළවෙන්නේ නදීශලා ගැන නොදැන නොවේ.එසේම මාධ්‍ය සහ සමහර ඊනියා තක්කඩි වාම බුද්ධිමතුන් චින්තන ධර්මදාසලා වැනි විපරිතයින් සමඟ සීරියස් කතිකාවන් කරන්නේ ඔවුන් ගැන නොදැන නොවේ.මේ මොහොතේ විපරිතය සදාචාරසම්පන්න වී ඇති නිසාය. මාධ්‍යය විසින් ප්‍රමෝට් කරන විපරිත සදාචාරය කොතරම් දුරට ලංකාවේ මිනිසුන්ගේ ඇට මිඳුලු දක්වා කිඳා බැස ඇතිද යන්නට ඕනෑ තරම් ජීවමාන උදාහරණ ඇත.
    මම කවියෙක්, දේශකයෙක්,දේශපාලඥයෙක්,නළුවෙක්,ස්ත්‍රීවාදිනියක් යැයි කියාගෙන මාධ්‍ය සංදර්ශන පවත්වනා බොහෝමයක් දෙනා දෙස බලන සමාජය හිතන්නේ මේ අය අපි නොදන්නා දෙයක් දන්නවා කියාය. සමාජයට නොපෙනෙන සමාජය හිතන අන්න ඒ රහසට සමාජය ආකර්ශනය වෙයි. ඔවුන්ගේ සාරයක් නැත. චින්තන ධර්මදාස ලග ඔබ නොදන්නා රහසක් නැත.ඔහු නිකම්ම නිකම් බූරු තක්කඩියෙක් පමණි. ඔහු හිතන්නේ ඔහු ලග අපිට නොපෙනෙන්නට හංඟා ගෙන ඇති ආත්මීය යමක් ඇති බවකි. එහෙව් එකක් තිබ්බා නම් මේ කියවීමෙන් ඒකත් නැත්තටම නැති වනු ඇත.

    ReplyDelete
  8. සාරයක්, ගැඹුරක් නොමැති ධර්මදාසලාගේ ආත්ම කියවා පළක් නැත. ඔහු මේ කරමින් සිටින්නේ ආශාව ඔහුට හිමි වී ඇති වැරදිකාරී නිදහස තුල උම්ම්න්තකව හැසිරීමයි. ඔහු වටා එකතු වී සිටින්නේද ඒ විපරිත බව තම ආශාව කරගත් පිරිසක් පමණි. චින්තන වටා සිටින චින්තන ලියන පල් හෑලි සංවාදාත්මකව පිළිගන්නා මේ පිරිස නොදැනුවත්ම චින්තනගේ ව්‍යූහය යටතේ පාලනය වෙයි.ඒ ව්‍යූහය නිර්මානය කර ඇත්තේද චින්තන වටා සිටින පිරිස විසිනි.

    ReplyDelete