Saturday, December 10, 2011

බුදුන් මැරීම




‘‘මා කියන සත්‍යය පුරාතන ධර්ම ග‍්‍රන්ථවල තිබුණු නිසාවෙන් විශ්වාස නොකරන්න. එය ඔබේ ජාතික විශ්වාසයක් නිසාවෙන් විශ්වාස නොකරන්න. ඔබ කුඩා කල පටන් හුරු පුරුදු කළ නිසා යැයි විශ්වාස නොකරන්න. සත්‍යාසත්‍ය බව විමසා විශ්ලේෂණය කොට එය ඔබට හා අන් අයටත් යහපත් වේ යැයි වැටහුණොත් පමණක් සත්‍යයක් ලෙස පිළිගන්න. අන් අයටත් ඒ සත්‍යයේ මග පෙන්වන්න.

-බුද්ධ

ළ`ගදි නැවත ඉපදීම ගැන කතාවක් කරගෙන යද්දි බුදුන් කිව්වා කියල අපිට උගන්නපු දේවල ඇත්තටම ඇත්තද කියල ප‍්‍රශ්නයක් මැද්දට ආවා. බුදුන් කියපු දේකට විරුද්දව කතා කරල වස් වදී කියල බයේ ගොඩක් අය කටවල් වහන් හිටිය. ඒත් මේ ‘බය’ කරන බුදුන් ඉතිහාසයක් තිස්සෙ දේශපාලනිකව ගොඩනගපු බුදු කෙනෙක් කියල හිතන්න හිතීමක් වෙන ගොඩක් දේවල් ගැන විචක්ෂණයක් තියෙන අයටවත් තිබුණෙ නෑ. බුදුන් දිහා ඓතිහාසික, සමාජ දේශපාලන තත්ත්ව හැටියෙන් විශ්ලේෂී කියවීමකට යන්න බැරි හිරවිල්ලක් ගොඩක් ඔලූ ඇතුලෙ තිබුණ. සිංහල බෞද්ධ මනස ආපස්සට හැරිලා ප‍්‍රශ්න කරන්නවත් බය මේ බුදුන් කවුද?

මං බුදුන්ව ප‍්‍රශ්න කළා.
අපි (ලංකාවෙ*බුදුන් කියල කියන්නෙ සිද්ධාර්ථ ගෞතමට (ශාක්‍යමුනි*. ඒත් සිද්ධාර්ථ ගෞතම බුදු වෙන්න කලින් මේ බුද්ධ කියන සංකල්පය ඉන්දියාවෙ තිබුණ. බුදුවරුන් වගේම බුදුවරියන් ඉන්දියාවෙ පහල වෙලා හිටිය. අපේ ථේරවාදෙ අමාරුවෙන් පිළිගන්න හැටියට වුණත් ඊට කලින් මේ දහම දේශනා කරපු අටවිසි බුදුවරුන් ඉඳල තියෙනව. එතකොට සිද්ධාර්ථ ගෞතම අතින් සිද්ධ වෙන්නෙ මේ පැවතුණු දහම අලූත් කියවීමකින් ඉදිරිපත් කරන එක. ඒ කියවීම අශෝක අධිරාජයාගෙ බලහත්කාරය නිසා අපේ රටේ සුවිශේෂ විදිහට වැජඹෙන්න ගත්තට ඉන්දියාවෙ මේ සත්‍ය ගවේෂී කතිකාව ඇතුලෙ මේ කියවීම තවත් එකක් විතරයි. අපේ බුදුන්ට වර්ෂ දහස් ගාණකට  කලින් පැවත එන බුදුවරුන් 24ක් ගැන ජෛන ආගමේ කියවෙනව.

බුද්ධ කියන වචනය ඊජිප්තුවෙ ‘අහස් දෙවියන්’ ට කියපු ‘පුත්තා’ කියන වචනෙන් හැදුණයි කියලයි පිළිගන්නෙ.  පයිතගෝරස් කියන එක හැදෙන්නෙත් මේ විදිහටමයි. ‘පයිත’ කියන එක ‘පුත්තා’ නැත්තං බුද්ධ කියන එකෙන් ඇවිත් ‘ගෝරස්’ කියන එක ගුරු කියන තේරුමට සම්බන්ධ වෙනව. මේ ඊජිප්තියානු දෙවියන්ව තමයි මුල්ම බුදුන් විදිහට සලකන්නෙ.
බුදදහම එක එක නිකායන්, වෙනස් වෙනස් කතිකාවන් විදිහට ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනව. අපේ හාමුදුරුවරු මහ ඉහලින් කියන විදිහට බටහිර වියතුන් බුද්ධාගම දාර්ශනික භාවිතාවක් හැටියෙන් පිළිගන්නෙ අනික් ආගම් වලට වඩා විමර්ශනයට නිදහසක් සහ ප‍්‍රායෝගිකත්වයක් බුද්ධාගම ඇතුලෙ තියෙන නිසා. ඒත් ඒක ලංකාවෙ අපේ බුද්ධාගම ඇතුලෙ ඇත්තක්ද කියන ප‍්‍රශ්නෙ මතුවෙන්නෙ බුදුන්ගෙ වචනයකට පවා අහේතුක බයකින් පෙළෙන සිංහල බෞද්ධ ජනතාව නිතර මුණගැහෙන හින්ද. අපේ යාලූවෙක් මට කියපු විදිහට මේ කතා උන්ගෙ ගෙවල් පැත්තෙ කිව්වා නම් ඇටකටු කුඩු කර ගන්න වෙනවලූ.

සමස්තයක් හැටියට බුදුදහම එහෙම නිදහසක් තිබුණත් බුද්ධ චරිතෙ ඇතුලෙන් මතුවෙන ඇතැම් ප‍්‍රතිවිරෝධයන් ගැන සංවාද ඇතිවෙලා තියෙනවා. උදා විදිහට බුදුදහමෙ අගතීන් සහිත ජාතිවාදී සහ ලිංගවාදී ලක්ෂණ මතු කරන තැන් ගැන සාකච්ඡුා වෙනව. අනිත් බටහිර ආගම් වගේම බුදුදහමත් පීතෘ මූලික තැනක හිරවෙලා. බුදුවරියන් ශාස්තෘන් විදිහට ගන්න ඇතැම් බෞද්ධ කොටස් ලෝකෙ තිබුණත් කාන්තාවන්ට බුද්ධාගම ඇතුලෙ තියෙන ඉඩකඩ සීමිත බව ඇත්තක්.

අපේ බෞද්ධයන්ට අනුව (අන්ධාගමිකයෝ* කවදාවත් බුදුන් කී දෙයක් වැරදිලා නෑ. මේ විශ්වාස කරන බුදුන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත මනුස්ස තත්වෙන් එලියට ගිය කෙනෙක්. අපිට බෑ බුදුන් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට සමීපව දකින්න. ඒත් බුදුන්ටත් වරදින තැන් තියෙනව. වරක් කොසොල් රජතුමා ශාක්‍යයන් හා සටනකට යද්දි බුදුන් කියනව ශාක්‍යයන්ගෙ අපරිහාණීය ධර්ම නිසා ඔවුන් කිසිදාක පරද්දන්න බෑ කියල. කොසොල් කියන්නෙත් බුදුන්ගෙ ශ‍්‍රාවකයෙක්. ශාක්‍ය කියන්නෙ බුදුන්ගෙ වංශය. ඒත් කොසොල් රජු ශාක්‍යයන් හා සටන් කරලා ඒ සියලූ ගැහැණු පිරිමි මරා දාලා රාජ්‍ය අල්ලගන්නව (ගනනාථ ඔබේසේකර*. ඒ වගේම මමත්වය නැති කරපු, අවබෝධයට පත් කෙනෙකුට නොගැලපෙන තැන් බුද්ධ චරිතෙ ඇතුලෙ ගොඩක් මුණගැහෙනව. ඒත් අපේ ලාංකේය බෞද්ධයා මේ සියලූ ප‍්‍රතිවිරෝධතා ගාණකට නැතුව එකට පිළිගන්නව. උදා විදිහට බුදුන් ප‍්‍රාතිහාර්ය පෑමෙන් අන් මතධාරීන් බයට පත් කරලා තමන්ගේ මතය දේශනා කරපු අවස්ථා තියෙනව. ඒත් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න මේ විදිහට ක‍්‍රියා කරන එක බුද්ධත්වයට නොපෑහෙන තත්වයක් (ලංකාවේ අපි පිළිගන්න විදිහට මහියංගණයට ඇවිල්ලත් බුදුන් ඒ අහිංසක යක්ෂ ගෝත‍්‍රිකයන්ව බියපත් කරනව*.
අපි විශ්වාස කරන බුදුදහම ඇතුලෙ මුණගැඅහෙන තවත් සීමාවක් තමයි බුදුන් ලිංගිකත්වයට දක්වන අසීමිත භීතිය. බුදුන් බ‍්‍රහ්මචාරී වෙන අතරෙම අනෙක් අය ඇතැම් විට රැුවටීමෙන් පවා මේ බ‍්‍රහ්මචාරී තැනට ගේනවා. නන්ද කුමාරයා කසාද බඳින්න යන දවසෙ දිව්‍යාංගනාවන් දෙනවා කියල පොරොන්දු වෙලා සසුන්ගත කිරීම ගැන කතාව අපි ඉගෙන ගන්නෙ පොඩි කාලෙ. බුද්ධ චරිතෙ බොහෝ තැන් වල සටහන්  වෙලා තියෙන්නෙ ලිංගික විරෝධී හෝ අලිංගික වගේ තැනකින්. මේක සීමාවක් විදිහට දකිනවට වඩා අපේ බෞද්ධයෝ ඒක ‘මාර’ විදිහටයි ගන්නෙ.

බුද්ධ කියන තත්වය සිද්ධාර්ථ ගෞතමගෙන් එලියට අරන් හැමකෙනෙකුටම ගමන් කළ හැකි තත්වයක් විදිහට දකින්න අපේ බෞද්ධයො කැමති නෑ. ඒක සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම්පුරා ඇවිත් බුදුවරයෙකුටම අවබෝධ වන තත්වයක් හැටියටයි අපේ පන්සල් වල බණේ කියන්නෙ. ඒත් සම්මා දිට්ඨියෙන් බැලූවොත් බුද්ධ කියන තත්වය කිසිම ජාතියකට හෝ වර්ගයකට හෝ කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි. කිසිම ආගමික හෝ වතාවත් විධියකට බුද්ධ තත්වය අයිති වෙන්නෙ නෑ. බුද්ධ කියන්නෙ නිදහස් වූ පැවැත්මක්. සමස්තය හෝ ලෝකය කියන තැන සම්බන්ධය අවසන් කළ පූර්ණ සවිඥාණකත්වයට පත්වුණ කෙනෙක්. මේ නිසාම බුද්ධ කියන තැන ආත්මයක් හෝ මමත්වයක් නෑ. ඒ වගේම එතනදි දකින හොඳ කියන්නෙ අපේ ව්‍යවහාරික පොදු ‘හොඳ’ හෝ කුසල වෙන්න විදිහකුත් නෑ.
අපි බුදුන් දකින්න පුරුදු වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ ඒ කාලෙ තිබුණු අනෙක් දර්ශන සහ සම්ප‍්‍රදායන් එක්ක සංසන්දනාත්මක බැලීමක් නැතුව. කොටින්ම ලංකාවෙ අපේ උත්සාහය බුදුන්ව ලංකාවෙ බුදුවුණු තත්වෙට අරන් එන්න. අපේ හාමුදුරුවරුන්වත් කවදාවත් බුද්ධ චරිතෙ මේ අතිශෝක්තියෙන් මුදවන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ මේ විදිහට බුදුන් දේවත්වයට පත්කිරීම ශාසනික පැවැත්මට ගොඩක් වාසි හින්ද. බුද්ධත්වය හොයාගෙන අභිනිෂ්ක‍්‍රමණය කිරීම හෝ ශ‍්‍රමණ සම්ප‍්‍රදායක් ඇති කිරීම කියන කාරණා අතින් සිද්ධාර්ථ ගෞතම විශේෂ වෙන්නෙ නෑ. ඒ වෙද්දි මේ විදිහට සත්‍යය සොයාගෙන ආපු ගොඩක් අය මේ සම්ප‍්‍රදායන් වල හිටිය. ඒ වගේම බ‍්‍රාහ්මණ ඇදහිලි වලට විරුද්ධ වීම අතිනුත් සිද්ධාර්ථ ගෞතම ලොකු වෙනසක් කරන්නෙ නෑ. ඒ වෙද්දි ජනප‍්‍රිය වෙමින් තිබුණු හැම දර්ශනයක්ම පාහේ සාම්ප‍්‍රදායික බ‍්‍රාහ්මණ ඇදහිලි වලට විරුද්ධ වුණා. ඒ වගේම කටවහරින් කාලාන්තරයක් තිස්සෙ පැවතගෙන ඒමත් එක්ක බුදුදහම (අපේ බුද්ධිමත් අයට අනුව නම් බෞද්ධ දර්ශනය* ඇත්තටම සිද්ධාර්ථ ගෞතමගේම දර්ශනයද කියන එක පැටළිලි සහගත වෙනව. බොහොමයක් ඒ සමකාලීන දර්ශන වල කොටස් එකතුවක් තමයි අපි බුද්ධාගම කියල මාතලේදී ලියන්නෙ. උදා විදිහට ජෛන සහ බෞද්ධ සංකල්පයන් ගොඩක් එක හා සමානයි. ඒ වගේම පුනර්භවය වගේ සංකල්ප ඒ සමකාලීන ගොඩක් දර්ශන වලට පොදුයි. ඒත් ඒ කාලෙ තිබුණු අන්තගාමී සම්ප‍්‍රදායන්ට විරුද්ධව ගොඩනැගුණු අලූත් ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් විදිහට නම් බුදුදහම පැහැදිලිව දකින්න පුළුවන්කමක් තියෙනව.

බුදුදහම කියල අපි එකට තනි දර්ශනයක් විදිහට ගන්න දේ බුදුවරුන් කියල ඒ කාලෙ ඉන්දියාවෙ ප‍්‍රචලිත වුණු ගොඩක් අයගෙ දර්ශන වල කොටස් හැටියෙන් තේරුම් ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ගෞතම කියන නම පවා සිද්ධාර්ථ ගෞතමට සීමා වුණු එකක් නෙමෙයි. ගෞතම කියන නමත් එක්ක හු`ගක් මිත්‍යාමතික ගොඩනැංවීම් ඉන්දියාවෙ තිබුණ. මේ විදිහට එක තනි දර්ශනවාදයක් විදිහට බුද්ධ දර්ශනය ගන්න බැරි වෙන හේතු තැන් තැන් වලදි බෞද්ධ දර්ශනය ඇතුලෙම මුණ ගැහෙනවා.

උදා විදිහට දෙවියන් ප‍්‍රතික්‍ෂේප කරන බුදුන්ම නැවත දෙවියන් හා කරන සංවාද සූත‍්‍ර පිටකයේ එනව. උග‍්‍ර බෞද්ධාගමිකයෙක් විදිහට අපේ අය කියන අශෝක අධීරාජයා පවා තමන්ව හඳුන්වා ගන්නෙ ‘දෙවියන්ට ප‍්‍රියවූ’ කියලා. ඒක බුදුන් වදාල ධර්මයට වඩා හින්දු දර්ශනයට ළ`ග තැනක්. බුදුන් වදාල ධර්මය කියල අපි පිලිගන්න ගොඩක් කාරණා බුදුන්ට හු`ගක් කලින් පැවතුණු ‘සාංඛ්‍ය’ කියන දර්ශනයට අයිති කොටස් කියල හෙලිවෙලා තියෙනව. ඒත් මේ කිසිදෙයක් ගැන සංවාද අපේ රටේ සිද්ද වෙන්නෙ නෑ. ක‍්‍රිස්තියානි පල්ලිය වගේම අපේ ථේරවාදය විමර්ශනය සහ නිදහස් කියවීම වාරණය කරනව. (පිටි¥වේ සිරිධම්මට එරෙහිව අනෙක් හාමුදුරුවරුන්ගෙ විරෝධයේ ඇති අධිපතිවාදී, බලහත්කාරී බව එලිකරන්නෙත් මේ ඇත්තමයි*

එතකොට බුදු දහමට සුවිශේෂී වුණු කාරණා මොනවද? කර්ම කියන එකත් බුදුන් විසින් පාවිච්චි කරපු ඊට කලින් ඉඳන්ම පැවතුණු සංකල්පයක්. සියලූ පූජාවන්ට වඩා ‘පැහැදිලි සිත’ ප‍්‍රධාන වෙනවා කියන කාරණය වුණත් බුදුන්ට කලින් ජෛනයන් විසින් දේශනා කරනව. වේද ග‍්‍රන්ථ වලට වෙනස් විමුක්තියක් දේශනා කිරීමත් ගොඩක් ශාස්තෘන්ට පොදුවුණු කාරණයක්. විමුක්තිය ලැබෙන්නේ පිරිසිදු මාංශයෙන් නොව කරන ක‍්‍රියාවන්ගෙන් සහ සිතන සිතිවිලි වලින් කියන දේත් සිද්ධාර්ථ ගෞතමට කලින් බුදුවරු කරන දේශනාවක්. අත්හැර දැමීමෙන් සහ හික්මවීමෙන් විමුක්තිය ලැබීමේ උත්සාහය වුණත් අපේ බුදුන්ට සීමා වුණු දෙයක් නෙමෙයි. පහල කුලවල අයට විමුක්ති මාර්ගයට එළඹෙන්න ලැබුණු අවස්ථාව වුණත් බුද්ධ ශාසනයේ වගේම අනෙක් ගොඩක් ආධ්‍යාත්මික මාර්ගවල විවෘත වෙලා තිබුණ. කාන්තාවන්ට මහණ වෙන්න දීපු එකත් බුදුන්ට කලින් ජෛනයන් ඇති කරපු නිදහසක්. බුදු වෙලා අවුරුදු 25ට පස්සෙ භික්ෂුනී ශාසනයට අවසර ලබා දුන්නත් ඊට පස්සෙ ඒ නිදහස පුළුල් කරන්න ශාසනය ඇතුලෙ ගත්ත උත්සාහයක් සඳහන් වෙලා නැහැ.

මේ හින්දම අපි කියන ශාක්‍යමුනි චරිතය ගැන දැන් විසංවාදයන් මතුවෙන්න අරන්. වේද සහ සාම්ප‍්‍රදායික ඇදහිලි රටාවන්ට එරෙහිව ගොඩනැගුණු විවිධ ආධ්‍යාත්මික ප‍්‍රවේශයන් මේ එක් බුද්ධ කියන චරිතයක් වටා පෙලගස්සලා කියන එකයි ගොඩක් විශ්ලේෂකයො දකින විදිහ. මේ නිසාම බුද්ධ කියන්නෙ චරිතෙකට වඩා සංකල්පයක් කියන තැනින් හිතන්න විචාරයක් සහිත බටහිර ආධ්‍යාත්මික ගවේෂකයන් පෙළඹිලා තියෙනව.

බුද්ධ කියන සංකල්පය ඇත්තටම බ‍්‍රාහ්මණ දර්ශනයේම අඩංගු වෙලා තිබුණ. බුදුන් බුද්ධත්වය සොයා යන අවධියේදිත් ‘මම බුද්ධ’ කියන අය මුණගැහෙනව. මේ විදිහට විවිධ දාර්ශනික කොටස් එකතුවෙන් නව චරිතයන් නිර්මාණය වීම කියන කාරණය ඇතුලෙන් බුදුන් විතරක් නෙමෙයි ජේසුන් සහ අනෙකුත් ආගමික ශාස්තෘවරුන්ගෙ ඉතිහාසයත් ප‍්‍රශ්න කරන්න පටන් අරගෙන. ඒ එක්කම මානව විද්‍යාඥයන්ගෙ පර්යේෂණ නිසා මේ හැම ශාස්තෘ කෙනෙකුටම පොදු වූ ගොඩනැංවීම් හඳුනාගන්නත් පුළුවන් වෙලා තියෙනව. උදාහරණයක් විදිහට මව කන්‍යාවක් වීම බුදුන්ට වගේම ජේසුන්ටත් පොදු කාරණයක්. ජේසුන් බිහිකරන මරියා ට වඩා වෙනස්ව සිද්ධාර්ථ බිහි කරන ‘මායා’ කාලයක් තිස්සෙ රකින ශීලයක් නිසා කන්‍යා දරු උපතක් ගැන අදහස ගේනව. ඒ ශීලය රකින නිසා මායා සුද්දෝධන සමග සංසර්ගයකින් නෙමෙයි සිද්ධාර්ථ පිළිසිඳ ගන්නෙ. ඒ වගේම මේ ශාස්තෘවරුන් ගේ මව්වරුන්ට ‘ම’ (මරියා, මායා* ශබ්දයෙන් යුත් නම් පාවිච්චි වෙන එකත් පොදු කාරණයක්.

ටිකක් හොඳට බැලූවොත් බුද්ධ චරිතෙ සහ ජේසු ක‍්‍රිස්තුගේ චරිතෙ අතර ගොඩක් සමානකම් මුණගැහෙනව. මේ කාලයක් තිස්සෙ ජන ව්‍යවහාරෙ ඇතුලෙ මේ චරිත ගොඩනැංවීම් සිද්ද වෙන්නෙ එකම සාමූහික සිතීමේ රටාවකින් හින්ද.

බුදුන්ගේ සහ ජේසුන්ගේ සමාන ලක්ෂණ
1. ලිංගික එක්වීමකින් තොරව උත්පත්තිය

2. ජේසුන්ගේ ජෝන් බැප්ටිස්ට්  අත්හැර එන මුල්ම ශිෂ්‍යයෝ පස්දෙනා වගේම බුදුන්ටත් පස්වග මහණුන් මුල්ම සිසුන් විදිහට මුණගැහෙනව

3. බුදුන්ටත් පසුව ජේසුන්ට පරිදිම ප‍්‍රධාන සිසුන් 12 දෙනෙක් ඉන්නව.

4. බුදුන් ඊට පෙරාතුව විසූ බුදුවරු දෙනමක් සමග සංවාද කරන අතර ජේසුන්ද ඊට පෙර සිටි මෝසෙස් සහ එලීජා සමග සංවාද කරන අවස්ථා එනව.

5. බුදුන් බුදු වෙද්දී මාරයා එන්නා සේම ජේසුන් භාවනා කරද්දී සාතන් එනව.

6. ජේසුන් වගේම ඇතැම් තැන්වලදී බුදුන් ජලය මත පාවෙන විදිහට නිර්මාණය කරල තියෙනව (ලංකාවෙ නෙමෙයි*

7. සියල්ලන්ට පේ‍්‍රම කරන්න සහ සියල්ලන්ට මෛත‍්‍රී කරන්න වගේ අදහස් හු`ගක් ළ`ගයි.

මේ විදිහට තවත් ගොඩක් සමානතා ලැයිස්තුවක් ඉන්ටර්නෙට් එකේ තියෙනව. මේ කාරණා එක්ක අපිට පැහැදිලි වෙන්න උවමනා කාරණය වෙන්නෙ ‘බුද්ධ‘ කියන්නෙ ආධ්‍යාත්මික සම්ප‍්‍රදායක් මිස තනි පුද්ගල චරිතයක් නෙමෙයි කියන එක. ඒ වගේම මේ ආධ්‍යාත්මික දර්ශන මානව විද්‍යාත්මකව විශ්ලේෂණය කරද්දි මේ සංකල්ප ලෝකෙ හැම තැනකම මේ විදිහට ගොඩනැගෙන බවත් පැහැදිලි වෙනව. බුද්ධ කියල ලංකාවෙ අපිට කියන දේශපාලනීකරණය වුණු බලහත්කාරී අදහසක් ඇතුලෙ අවිචාරයෙන් ජීවත් නොවී මේ සංකල්ප සහ ගොඩනැංවීම් සමාජ දේශපාලන සහ ඓතිහාසික සංදර්භයන් ඇතුලෙ ආයිමත් කියවන්න උවමනායි. උදාහරණයක් විදිහට ගණනාථ ඔබේසේකර කියන විදිහට පුනර්භවය කියන සංකල්පය ඇබොර්ජීන්වරුන්ටත් පොදුයි. ඒ අය හිතන්නෙ ලිංගික ඇසුරක් නැතිව ආත්මයක් කුස තුලට රිංගා ගැනීමෙන් ඒ හැම කෙනෙකුගේම උත්පත්තිය වෙනවා කියන එක. එතකොට පියා සමග ලිංගික ඇසුර නොතකා හැරීම මනෝ විශ්ලේෂණයේ ඊඩිපස් සංකීර්ණය ඒ සමාජ අවිඥාණය මත ක‍්‍රියා කිරීමක් විදිහට ගණනාථ විස්තර කරනව. (මේක අනෙක් කන්‍යා/අලිංගික උත්පත්ති වලටත් පොදුයි*

මේ දේවල් කියාගෙන යනකොට බුද්ධාගම ඇසුරෙන් ගොඩනැගුණු සිංහල බෞද්ධ අනන්‍යතාවලට රිදෙන්න පුළුවන්. ඒත් ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට බුද්ධ කියන සම්ප‍්‍රදාය මේ කාරණා වලට වඩා පුළුල් තැනක තව තවත් වර්ධනය වෙනව. ඒත් ඒ ලාංකේය ථේරවාදය නම් නෙවෙයි.
මට සෙන් ආචාර්යවරයෙක් වුණු ලින්ජිගේ කතාවක් මතක් වෙනව.

ඔබට යන මගදී බුදුන් මුණ ගැසුණොත්, ‘වහාම බුදුන් මරා දමන්න’, ලින්ජි කියනව. මේ කතාව ඇතුලෙ ආධ්‍යාත්මික පුහුණුවක් හැටියට බුදුදහම ගැන ලොකු කතාවක් තියෙනව. ලින්ජි  මේ කියන ගමන/මාවත භාවනාව හෝ වෙනයම් ආධ්‍යාත්මික පුහුණුවක් වෙන්න පුළුවන්. මේ පුහුණුවේදි ඔබට බුදුන් මුණගැහෙනවා කියන්නෙ නැවත සංකල්පයක්. ඒ සංකල්පය ඔබ විසින් හෝ සමාජය විසින් ඔබේ මනසෙ නිර්මාණය කරපු එකක් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් සියලූ සංකල්පයන් විනිවිද යන්නට ඔබ කරන පුහුණුව ඇතුලෙදි මේ සංකල්පය බාධාවක් විතරයි. ඒ නිසා බුදුන් පිළිබඳ සංකල්පය වුණත් වහාම මරා දමන්න කියල ලින්ජි කියනව.

බුද්ධ සම්ප‍්‍රදාය දේශපාලනීයකරණය කරනවා වෙනුවට ඒ ඇත්ත ආධ්‍යාත්මික මාර්ගය යෝජනා කරනවා නම් අපේ සිංහල බෞද්ධ බුදුන් නැවත විසංයෝජනය කරන්නම වෙනව. බුද්ධ චරිතෙ වටා ගොඩනැගුණු බලකේන්ද්‍රයන් නැවත ප‍්‍රශ්න කරන්න වෙනව. බුද්ධ කියන්නෙ චරිතයක් වෙනුවට සම්ප‍්‍රදායක් නැත්නම් ‘ආධ්‍යාත්මික තත්වයක්’ කියන තැනින් ආයිමත් අපිට අපිව කියවා ගන්න වෙනව.
එතකොට බුදුදහම කියල අපිට පන්සල් වල උගන්නන ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නව.

www.truthbeknown.com  වෙබ් ලිපි පෙලක් ඇසුරෙන්.

-චින්තන ධර්මදාස

19 comments:

  1. "බුද්ධ" නෙවෙයි ගෞතම බුද්ධ ලංකාවෙ ඉන්න සිංහල බෞද්ධයෙක්ගෙ ඒකාධිකාරයක් බවට පත්වෙලයි තියෙන්නෙ. ඉතින් ඔවුන් හිතන්නෙ "බුද්ධ" කියන වදන තමන්ගෙ ගෞතම බුද්ධට හැරුණු කොට වෙන කෙනෙක් සම්බන්ධයෙන් භාවිතා කිරීම හිතන්නත් බෑ කියල. ඒ නිසා ලංකාවෙ උගන්වන බුද්ධාගමේ අනෙක් ශාස්තෘවරුන්(බුදුවරු)අවමානයට පත් කරලයි තියෙන්නෙ. මහාවීර ගෞතම බුද්ධගේ සමකාලීන ශාස්තෘවරයෙක්. ඒත් අපිට පොඩිකාලෙම ඉගැන්නුවෙ මහවීර මිත්‍යාදෘෂ්ඨිකයෙක් විදියටයි. ඒත් මහවීර පවසා ඇති ලෙස කියවෙන දේවල් තුළින් ඔහුද උසස් පුද්ගලයෙකු ඕනෑම අපක්ෂපාතී කෙනෙකුට වටහා ගන්න පුඵවන්. ගෞතම බුද්ධ සියල්ල අත්හරින්න කියනව. මහාවීර කියනව අවසාන වශයෙන් ඇඳුමත් අත් හරින්න කියල. බාහිර ඇඳුම අත්හරින්න බැරිනම් ආත්මයේ ඇඳුම වන "මම" අත්හරින්නේ කොහොමද කියන එක ඔහුගේ තර්කය වෙන්න පුඵවන්.
    අපේ රටේ බෞද්ධයන්ගේ බහුතරය තවම හිතන් ඉන්නව නිර්වාණය නැත්නම් මමත්වය ඉක්මවීම සඳහා බුදුවරයෙක් ළඟම සිටිය යුතුයි කියල. ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් කිසිම වර්තමාන උත්සාහයක් නොදරණ තත්වයට පත්වෙලා. ඒත් ගෞතම බුද්ධට විශ්වය ලබා දීපු දේම අනෙක් හැම දෙනාටමත් විශ්වය ලබා දෙනව. ඒ ලබා දුන් දෙය නිවැරැදිව භාවිතා කිරීම සඳහා බුදුවරයෙක් උපදිනකම් පෙරුම් පිරීම කියන්නෙ කාලය මැරීමක්.
    ඔබ කිවු ලෙසම මේ සංකල්ප අපේ බෞද්ධ මනස් වලට බස්සල තියෙන්නෙ ගෞතම බුද්ධගෙ ලංකාවෙ ඒජන්තල විදියට පෙනී සිටින දේශපාලනික වූ ආගමික ප්‍රජාවක් විසිනුයි. දැන්නම් එහෙම පිටින්ම ඒක දේශපාලනයක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  2. Budunwahanse namak lowa pahala wanne maha sathya hatharak lowata helli kirimitaya.Duka.Dukata hethuwa.Duka nathi kirima.Duka nthi Kierime maga.. saralawama pahadili kirima eyayai.Budun wahanse pilibadawa hadariamta darmaya hadariya yuthumaya (Budda Charithya nowa Budda darmaya awaboda karaganima ) budn wahanse nikayak goda nageema sidu kale natha.enisama kalama suthraye Daramya prashna kirimata awasthawa laba dunneya. eya thama thama nana pamanain dana gatha yuthuya. mema lipiya kiyaweemin mama wikshipthayakata wada kampa wunemi. budu dakkinnam daramaya dakinna,,ewita ththagatha wahanse pilibadawa awaboda wanu atha.mehi sadahan wana atham karunu ithamath anawabodayen sadahan kara ewaya. Budun wahase pilisida ganne mahamaya dewiyage kuse asala (august ) masayadiya.-ibihiwanne -wesak masaya -(may) samaya 10 masayak thuladi siduwana manushaya upathaki ,raja bisawak kanyabawayen daruek pilisida ganaima thath kalina rajakeeya samajaya danna ayekuta nam pahadaili kirima anawahsya we.ehenam siduhath upathata prathaamyen wirudda wanne SUDDODHANA rajathumaya, 2.pasawaga mahanun ga paranima shrawakaya kondchchca thawusa we.budun wenuwen pawadi wanne siddratha kumaruge Nam thabime ulelidi gihigeya athahara ohu buduwana bawa ethuma kalinma danagath nisai.(golayan ha Shrawakayan athara wenasa wataha ganne nam manawi). 3.anupadeshi nirwana samapaththiyata path kenek lowa nawatha waraka pahala wanne natha.budun thawath budu waru denamaka samaga sanwadaye yedune kohedide?( budu hapase budu yanu dewaragayakai.) 4.dasa marasenawa yanu KAMAYA,THRUSHNAWA.THINA MIDDAYA.SAPIPASAWA.BAYA,WI​CHIKICHCHAWA,GUNAMAKUBAWA.​WARADI MARAGAYANGEN LABENA YASASA.THAMAN USASA KOTA ANUN PAHATH KOTA SALAKIMA (SUTHTHANIPATHAY E PARADANA SUTHRYA ) sadahn we. prathiharaya manasa diyunu kala onama kenekuta kala haki we..thawa deyak sadahan karanne nam lingikathwaya unwahanse prathikshepa kale natha..anagami thathwaya ha eta eha thathawayanta pathwuwanta pamanak le pilibadawa asahwa nathiwa yayi.( wisaka situ diyaniya sowan wee darwan 12 denek bihi kalaya) budu wahanse pawasanne wishawasaneeya eka sahakarayekuta pamanak lingika asura seema wanna kiyaya.(THUN WANA SIL PADAYA PANSIL WALA)
    Wishudi maragayen pahadili wanawa sathwa swabawaya wargee karanaya.nanada kumarayata diwayanganawo labadenna kiyala porondduwak koimathanakawath sadahan wenne na.paththaraya athata denawa.budun wahanse pasu pasa nanada akamaththen yanwa patharya dan ganiwi dana ganiwi kiya.magadi wadiryakwa ha diwayanaganakwa penwana.(rupaye anithya penwimata sachcha bawithaya). ema lipiya purama bohho gatalu than pahala wenawa, niwaradi kirimata ida kada pramanawath na.Awasana washayen me de kiynna kamathi ilichchwai raja kuarayek wana sunakkaththa ohoma chodana karanawa."budu radunata minis bawa ikmawu chanaye wisheshayak naha.nuwanin wimasa watahenna wu daramyak pamanak kiya''itha bauthika wadiwa katha karanawa.sariyuth wahanse me pilibadawa budun wahanseta sala kalama Bagawathun wahanse meheam deshna karanawa. "SARI PUTHTHA sUNAKKATHA IKMANIN KOPA WANA HIS PURSHAYEKYA,OHU MAGE DOS PRAKSHA KARAMIN MAGE GUNAYAKMA PARAKASHA KOTA ATHA,, E BAWA OHU NODANNEYA" YANUWEN PAHADILI KALEYA

    ReplyDelete
  3. -චින්තන ධර්මදාස kiwwe how i wonder what u are karapu kenada? eyage chinthane thiyena thana gana danaganna u tube eke eyage short film tika baluwama athi... concept nikan pahala wenne na. balen aruda karagannath ba. amuthu kenek wena ekai amuthu wada karana ekai lesie.. eken porak wenne na. kala karayekuta meetawada hoda drushtiyak thibiya uthui. anukampa sahagathai... cinema becomes you? never...!

    ReplyDelete
  4. good Article..I like this unbiased school of thought.. :P

    ReplyDelete
  5. @ Chinthana Darmadasa : Manasika aabadayakin pelena athamun thaman karana gon tharka ha oya obe gon tharkaya athara ma wenasak nodakee.Bahiren Budu radunwa awaboda karaganeemata yaama mooda kamaki.Unwahansege Darmaya thulin Budun Dakeemata pathweema Pranjawanthaya.mokak ho amuthu kebarayak adabaala naththan andun nathiwa heluwenma wasana amuthu character budun lesa andunwana obada heluwenma wasana kenekai hange.Bahira wasthun ho andun athahareemen nirwanaya nolabeyy.Buduradun wadaale Panchendriyan nirantharayen upaadanaya karana aramunu,sanja manaa sathiyen yuthuwa windanayakin thorawa athaharina lesai.Ema uthum budu paniwidaya Baahiya daaru beeriyata Gauthama Buduradun wahanse dun owadanin pahadili we.Hamotama budu wiya nohaka.Kalpa gananaawakata warak Budun wahanse namak lowa pahala we.ema Buduradun pahala wenne lowa ekama Yathaarthaya loosathungen sampuurnayen giliheegiya yugayakaya.lowata me Nirapeeksha uu yathaarthaya thama thulinma an guruwarayekgen thorawa lowata Wivthra karanne Budu piyaanoomaya,Atawisi Budun wahansela lookayata helikaranne ekama chathuraarya sthyath,patichcha samuppaadayathya,Aarya ashtaangika maargayathya.Buduwarayain wahansela asama samaya.matath,obatath mokak ho kebarayak gasa minissu full apset kara shasthruwarayek wiya haka.Eheth Buddha wishaya achinthaya.Apata budu wiya nohakimuth Budu radun wadaala darmaya pranjawen dakaganeema thulin Budun Dakiya haka.pachchaththan wedithabbo winju heethi...meya thama thamage pranjawen wimansanaya kala yuthu dahamaki.eka deyak pahadiliya...katata enawata kohe hari liyala thiyenawa dakkata,thaman ali mola kaarayek kiyala hithan inna Chinthana Dramadasala wani moha/his minissunta niwana nam bohooooo aaatha bawaya..

    ReplyDelete
  6. මට හිතෙන විදිහට මේ ලිපියෙ කිසියම් අඩු පාඩු කිහිපයක් තියෙනවා. එකක් තමයි බුදුන් ලිංගිකත්වයට අසීමිත බියක් දක්වන බව පැවසීම. මගේ අදහස අනුව බුදුදහම තරම් සාමාන්‍ය ජනයාට ලිංගික නිදහස දුන් වෙනත් ආගමක් ප්‍රධාන ධාරාව තුළ නැහැ. බුදුදහමේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ගිහියන්ට ඇති එකම සීමා කිරීම කාමේ වරදවා හැසිරීමෙන් වැලකීමේ සිල්පදය විතරයි. බයිබලයෙ එහෙම නැත්තන් කුරාණයෙ වගේ පිරිමියෙක්ට ඉන්න ඕනෙ ගෑණු ගණන කීයද, නැත්තන් පිරිමියෙක්ට ඉන්න ඕනෙ ගෑණියක්මද කියල දක්වන සිල්පදයක් බුද්ධාගමේ නෑ. එකම නිර්ණායකය අදාල ලිංගික හැසීරීම සමාජයේ පිලිගත් වරදක් ද නැද්ද කියන කියන එක විතරයි. එතකොට ඒ දවස් වල ඉන්දියාවේ අන්තපුර තියාගෙන හිටිය රජවරු මේ සිල් පදය කඩල නැහැ. ඒ වගේම නුවර යුගයෙ උඩරට එකගෙයි කාපු පිරිමිත් මේ සිල් පදය කඩලා නැහැ. සමලිංගික විවාහය සමාජගත රටක සමලිංගික යුවලක් අතිනුත් මේ සිල්පදය කැඩෙන්නෙ නැහැ. මොකද ඔවුන්ගේ සමාජවලදී ඒ ඒ ලිංගික චර්යා වැරදි නෙවෙයි. ලිංගිකත්වයට බය 18-19 සියවස් වල ඇතිවුන සිංහල බුද්ධාගම මිසක් බුද්ධාගම නෙවෙයි.
    බුදුදහමට අනුව ලිංගිකත්වය කියන්නේ මිනිහා ගිහිගෙයට බැද තබන දේවල් රාශියක් අතරින් එක දෙයක් විතරයි. ලිංගික ආශා මෙන්ම අනෙකුත් ආශාත් බුදුදහමේ කතා කෙරෙන්නේ එකම මට්ටමේ තියලයි. නන්ද කුමාරය සසුන් ගත වෙන්නෙ දිව්‍යාංගනාවන් ගන්න වගේම කිසාගෝතමී සසුන් ගත වෙන්නෙ තමගෙ මියගිය පුතාට නැවත පණ ලබාගන්නයි. එක එක කෙනාගේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා මත ඔවුන්ට බණ දේශනා කළ බව තමයි පෙනෙන්න තියෙන්නේ. නන්ද කුමාරයගෙ සිද්ධිය තනිකරම "ලිංගික විරෝධී" අර්ථයකින් ගතයුතු නැහැ.

    පෙලහර පෑමේ සිදුවීම් ගත්තන් සමස්ත බුද්ධ චරිතයේම තියෙන්නේ එවැනි සිදුවීම් තුනක් හෝ හතරක්. බුදුන් බොහෝ විට එවැනි ක්‍රම වලට පෙලබුනේ අන්තිම විකල්පය ලෙස බව කියැවෙනවා. තමන්ගෙ ශ්‍රාවකයන්ටත් උපදෙස් දුන්නෙ හැකිතරම් ප්‍රාතිහාර්ය කිරීමෙන් වළකින ලෙසයි. කෙනෙක් ප්‍රාතිහාර්ය කරල, එහෙම නැත්තන් බය කරල බෞද්ධයෙක් කරන්න බෑ. බෞද්ධයෙක් විය යුත්තේ බෞද්ධ දර්ශනය අවබෝධ කරගැනීමෙන්. තමන් කියන දේවල්වලට අනිත් අයගේ අවධානය ගන්න පුලුවන් ප්‍රාතිහාර්යක් කරල පමණක් වෙන අවස්ථාවල බුදුන් ප්‍රාතිහාර්ය කරා නම් කරන්න ඇති.
    බුද්ධ චරිතයේ අපට හමුවෙන්නෙ සැතපුම් දහස් ගණන් පයින් ම ගමන් යන, වෙහෙසට පත් වෙන, තැන් තැන් වල නැවතී ගිමන් හරින, සමහර විට හැරමිටියක් පවා පරිහරණය කරන, අතිශය සාමාන්‍ය මනුශ්‍යයෙක්. බුදුන් තමන්ට කරන්න නොහැකි දේවල් ගැන පවා කතාකරල තියෙනවා. බුදුන් සාමාන්‍ය මනුශ්‍ය තත්වයෙන් ඉහලට ඔසවල සර්වබලධාරී දෙවි කෙනෙක්ගෙ තැන තියන්නෙ බෞද්ධ සාහිත්‍ය කරුවා විසින්.

    බුදුදහමේ කිසිම තැනක දෙවියන් ප්‍රතික්ශේප කරල නැහැ. ප්‍රතික්ශේප කරල තියෙන්නෙ සර්වබලධාරි මැවුම්කාර දෙවියන්වයි. බුදුදහම අදේවවාදී ආගමක් ලෙස සැලකෙන්නේ බුදුදහම දෙවියන් ප්‍රතික්ශේප කරන නිසා නෙවෙයි බුදුදහම මැවුම්කාරවාදය(creationism) ප්‍රතික්ශේප කරන නිසයි. දෙවියන් ඉන්නෙ බුදුදහමෙ හරයේ නොවෙයි පරිධියේ. දෙවියන් ගැන සදහනක් වත් නොකර මුලු බුදුදහමම දේශනා කරල අවසන් කරන්න පුලුවන්. බුදුදහමේ එන දෙවියන් ඉංග්‍රිසි God වචනයට ගැලපෙන්නෙ නැහැ. දෙවියන් කියන්නෙත් එක ජීවී කොට්ඨාශයක් පමණයි. බුදුන්ට අනුව ඔවුන් සමහර අවස්ථාවල මනුශ්‍යන්ටත් වඩා දුර්වලයි.

    බුදුන් කියල තියෙන දේවල් බොහොමයක් පැහැදිලිව ඊට කලින් සමාජයේ තිබුන අදහස්. නමුත් ඒ අදහස් වඩා තාර්කිකව නිරවුල් ව ප්‍රකාශ කරන්න පුලුවන් වීම තුලයි බුද්ධකාලීනවත් ඊට පසු ටික කාලයකදීත් බුදුදහම ඉන්දියාවේ ඉක්මනින් පැතිරුණේ. අනික් අතට ඒ වෙනකොටත් සමාජයේ තිබුන ඇතම් වචනවලට නව තේරුම් අර්ථකතන දුන්නා. උදාහණයක් විදිහට "කර්ම" "ආත්ම" "නිර්වාන" වගෙ වචන ජෛන සහ හින්දු ඇතුලු බොහෝ පෙරදිග ආගම් වල තිබුනත් බුද්ධාගමේ එවා යෙදී ඇති තේරුම් සම්පූර්ණයෙන් වෙනස්. මේක තව විදිහකින් තේරුම් ගන්න පුලුවන්. සම්පූර්ණයෙන් අලුත් වචන දාල අලුතෙන් ම යමක් කියනවාට වඩා තියෙන වචන හා සංකල්ප ඇසුරින් පුලුවන් තරම් විග්‍රහ කිරීම තුලින් යමක් එක්තරා මට්ටමකට පැහැදිලි කරන්න පුලුවන්. අන්තිමට බුදුන් කියනවා ගගෙන් එතෙර වී ඔරුව අතහැර දමන මිනිසා මෙන් වචනද අත අරින්න කියලා. බුදුන්ට කලින් ජෛනයින් දේශනා කරල තියෙනව කීමත් නිවැරදි නැහැ ජෛන ආගමත් බුද්ධාගමත් සමකාලීනයි. ක්‍රිස්තියානි ආගම ඊට පසුවයි ඇති වෙන්න.
    යේසුස්ගේ ඇතැම් ඉගැන්වීම් වලත් බෞද්ධාගම ඇතුලු පෙරදිග ආගම් වලත් සමානකම් තියෙන්නේ යේසුස් බයිබලයේ අදුරු යුගයේදි පෙරදිගට පැමිණි නිසා යැයි කියලත් මතයක් තියෙනවා. යෙසුස් ඉපදෙනකොට බුද්ධාගම පර්සියාව ළගටම පැතිරී තිබුණා.

    අනිත් කාරණය සිද්ධාර්ථ ඉපදෙන්නේ අලිංගිකව කියල ඔබ හොයාගත්තෙ කොහෙන්ද? මම නම් එහෙම කිසිම තැනක කියවල නැහැ. සිද්ධාර්ථගෙ පියා පැහැදිලිව සුධෝධන රජු, සිද්ධාර්ථ ශාක්‍ය වංශිකයෙක් වෙන්නෙ පිය උරුමයෙන්.

    ReplyDelete
  7. ශාක්‍යයන්ගෙ අපරිහාණීය ධර්ම නෙවෙයි

    ලිච්ඦ්වින්ගේ සප්ත අපරිහානි ධර්ම

    ඔය කියන ඇමතියා කලේ ලිච්ඡවීන් කොටවලා දාපු එක. එතකොට සප්ත අපරිහාණි ධර්ම ඉවරයි. ලිච්ඡවීන්ව පහසුවෙන් යටත් කරගත්තා.

    ReplyDelete
  8. //ලංකාවේ අපි පිළිගන්න විදිහට මහියංගණයට ඇවිල්ලත් බුදුන් ඒ අහිංසක යක්ෂ ගෝත‍්‍රිකයන්ව බියපත් කරනව*.//


    ඔන්න ඕක වචනාර්ථයෙන් අරගෙන තේරුම් ගන්න බෑ. බුදු රදුන් ලංකාවට වැඩියෙ ඒ ඉන්න යක්ෂයන්ට දහම් දෙසලා ඔවුන්ට බුදු දහම ගැන පහදලා දුන්නා. කැළණියට වැඩියෙත් නාගයන්ගේ ආරවුලක් විසඳන්න.

    ReplyDelete
  9. උදාහරණයක් විදිහට මව කන්‍යාවක් වීම බුදුන්ට වගේම ජේසුන්ටත් පොදු කාරණයක්

    මෙහෙම කතන්දරයක් බුදු දහමේ නෑ. මහාමායා දේවිය සුදු ඇත් පැටවෙක් ගැන සිහිනයක් දැක්කා කියලා විතරයි.

    ජේසුස් ගැන කියනවා නම් ඒ අවදියේ විවාහ අවස්ථා 2. එකක් බහ දීම අනෙත් එක ‍රැගෙන යාම. හරිද? මරියතුමී ගැබ් ගන්නෙ අර බහදීපු අවදියේ. ඒ සමාජ සම්මතය අනුව ඇය ඒ කාලයේ කන්‍යාවක්. ඒ නිසයි ඇය කන්‍යාවක් විදියට දරුවෙක් බිහි කළා කියන්නෙ.

    ඕකත් වචනාර්ථය අරගෙන වෙච්ච පැටැලැවිල්ලක්

    ReplyDelete
  10. // බුදුන් ඊට පෙරාතුව විසූ බුදුවරු දෙනමක් සමග සංවාද කරන අතර //

    මොකක්ද ඒ අවස්ථාව? එහෙම කොහොමද පෙර පිරිනිවන් පෑ බුදු කෙනෙක් එක්ක සංවාදයේ යෙදෙන්නෙ?

    ඔබ හරියට වටහාගෙන නෑ වගේ. මම හිතන්නෙ ඔබ කියන්නෙ සත් සතියෙ එක අවස්ථාවක් ගැන වෙන්න ඕනා.

    ReplyDelete
  11. (Apologies in advance for not using Sinhala to reply.. Comment below is actually a copy-paste of my own comment made on "Sri Lanka Atheists" group, which, at the time is discussing this blog post..)

    I just watched "A Braveheart" by Mel Gibson (I mean, again).. Every idiot ought to know that William Wallace was a man (ordinary or not).. He, however was a great man, and a patriot who was brave and honest and all that (I'm not saying all these as literal truth, but the historical man named Sir Wallace is LIKELY to have been so).. However, the film depicts the legends that are made after him, uttered by fellow Scottish EVEN WHEN HE'S ALIVE.. Those include, 1.He's seven feet tall, 2.Kills Englishmen by hundreds 3.Throws fireballs from his eyes and 4.Fire arrows from his arse :D.. But we all are quite convinced (aren't we?) that he was in reality just a man like ourselves, (perhaps) with some superior qualities?? So, what's the gib deal about Buddha? Buddha was almost certainly a great man, greater than us (and than William Wallace, for sure).. He was likely to be an intelligent man who saw the nature of world before him in a remarkable way, and at least majority of his "core teachings" are quite consistent with the "reality" most of us (including I) perceive.. However, he may well have had his shares of weaknesses, and some of things he said may well have been wrong, who knows?? Those supernatural claims about his character however, are almost certainly made up.. No matter how great those people are, they lived in less enlightened times, and it's no wonder why such legends are made.. Many historical facts in the blog-post however, are either unsubstantiated or inaccurate (including the comparison between Buddha and Jesus, etymology of word "Buddha").. So, my impression is, that most of claims made in the blog-post itself are no less unsubstantiated than the literal belief of every word of Buddhist scripture, which is the predominant trend in this country.. However like any other religion (or non religious ideology), Buddhism should NOT be free from criticism or skepticism, and in that, I'm with the author..

    ReplyDelete
  12. I also agree with the author that concepts like Karma, Re-Birth and Pancha Maha Bhutha were most likely NOT Buddha's own teachings, but were taught by philosophers who lived before him.. (Pancha Maha Bhutha, for instance was taught by a guy called Sanjaya Bellattiputhttha).. Buddha may or may not have used such teachings, perhaps to explain some of his core ideas like "Four Noble Truths" (which the author misses altogether in the blog post).. However I agree with the author that a literal belief of concepts like re-birth, Karma, Gods (or a belief that Buddha taught such stuff himself), is not very evidence based way to look at things, and such beliefs are not very consistent with common sense or scientific discoveries.. In fact beliefs of that nature requires FAITH, which Buddha himself appear to have denounced in Kalama Sutra and elsewhere.. (However, I'm fine by people believing that stuff personally and they have a right to do so.. Afterall, it's FAITH that differentiates us non-believers from "religious cupcakes" isnt that so?? :D.. However, in present Sri Lankan context, Buddhism (and every other religion as well), has leaped out of its bounds and is exerting and undue, unjustifiable pressure on common people's affairs.. That surely has to be contained, for Sri Lanka to progress as a country.. Sinhala-Buddhist Ethno religious supremacy, in fact is THE NUMBER ONE GRAVE CONCERN any fair minded person should have with regards to governance..)

    ReplyDelete
  13. මේක ඔරිජිනල් ලියමනක් ද කොහෙන් හරි අරගත්තු එකක්ද දන්නේ නැහැ. [ඒක මත මේ ගැන අදහස් දක්වන ඒක රඳා පවතිනවා]

    "බුදුන් කිව්වා කියල අපිට උගන්නපු දේවල ඇත්තටම ඇත්තද කියල ප‍්‍රශ්නයක්" විතරක් නොවේ "බුදුන් වහන්සේ කිව්ව දේ ඇත්තද, එතුමන් සර්වඥ ද, සංසාරයක් ඇද්ද, පරම සත්‍යයක් ඇද්ද" යනාදී ලෙස බෞද්ධ ඉගැන්වීම් ඕන තරම් මා ප්‍රශ්න කිරීමට ලක් කරනවා. මෙය පුද්ගලිකවත්, පොදුවේ මේ අදහස් දරා ගත හැකි කාණ්ඩ අතරත් මා කර තිබෙනවා. මට නම් ගුටි කන්න උනේ නැහැ.

    වැදගත් වනුයේ ඔබ කතා කරන කාණ්ඩය ඔබේ අදහසින් 1% වත් තේරුම ගන්න තරමේ සිටීමත් [මං ඔය ප්‍රශ්නේ පන්සලේ සිල් අරන් ඉන්න උපාසක උපාසිකාවන් ගෙන් හෝ බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුගෙන් අසා නැහැ], ඔබ එය කතා කරන ආකාරය හා අරමුණත් [ඇතැමුන් මේක මතු කරන්නේ සත්‍ය ගවේෂණයට නොවේ. සිංහලබෞද්ධ කියා පෙනී හිටින සෙට් ඒකට කෙලවන්න, රිද්දන්න], එමෙන්ම ඔබ එහි පූජනීය සංකේත වලට දක්වන ගරු සැලකිල්ලත් [මා ආගමික සංකේත වලට ගරු කාරන්නේ මා එය අදහන්නන්ට ගරු කරන නිසා - බලන්න මේකේ මාතෘකාව, එය ඔබේ සටහනේ අරුතක් ඇති දෙයක් වුනත්, බාහිර කියවන්නේකුගේ ඇඟේ මාළු නටන එකක්, එහෙම ලියන්න එපා, හිට්ස් වැඩි කර ගන්න පුළුවන් වුනා කියලා] මත රඳා පවතිනවා.

    අපිට අයිතියක් තියෙනවා යමක ඇත්ත නැත්ත ගවේෂණය කරන්න.

    ඔබතුමා දක්වන සියලු කරුණු නිරවද්‍ය නැති බවයි මගේ මතය. ඔබ විවිධ දර්ශන ගොඩක් විශ්ලේෂණය කරනවා. මා ඒ ඔක්කොම දන්නේ නැහැ. එහෙත් බුද්ධ හා ජේසු සංසන්දනය නම් කරුණු අතින් දුප්පත්. ඒ වගේ අඩුපාඩු සහිත දේවල් සැහෙන්න මෙහි තියෙනවා. එමෙන්ම මා ලඟදි දුටුවා සියලු ආගම් ඊජිප්තුවේ හොරස් දෙවියාගෙන් පැවතෙන බවට ඇති යු ටියුබ් වීඩියෝවක්. ඒකෙ කරුණු වැඩි හරියක් සාවද්‍යයි. පේගන් ආගමුත් තියෙන නිසා මට හිතෙන්නේ ඒක ආගමික ප්‍රචාරක උත්සාහයක්. ඔබේ සටහනේ ඒ වීඩියෝවේ තිබු සාවද්‍ය කරුණු සැහෙන්න පෙනෙනවා. සමහර ඊට ඒවා පැතිරෙනවා ඇති.

    ආගමක පරම සත්‍ය ඇතිනම් එය පෙර ආගමකින් ඩිරයිව් වෙන්නේ ඇයි, එහෙනම් පෙර ආගමත් පරම සත්‍යට ඔන්න මෙන්න එකක්ද කියන ප්‍රශ්නය මාත් නැගුවා මෙන්න මෙතන. කැමති නම් කියවන්න.

    Of Religion and lack of it

    කොහොම වුනත් හොඳ ලියමනක්. මට නම් කියන්න තියෙන්නේ ඔබේ නිදහස් චින්තනයට බුදුන් බාධාවක් කර ගන්න එපා. ඔබට එකඟ විය හැකි දේ කැමති පරිදි ගන්න. එකඟ නොවන කොටස අතහරිඉන. විවේචනයන් ඇත්නම් ඒවා මතු කරන්න.

    අපි මේවා ගැන ඕන තරම් කතා කරනවා. එම්ක මහා ටැබූ ටොපික් එකක් නොවේ. බෞද්ධයිනුත් ඒවා කියවනවා, කවුරුත් කඩු පොලු අරන් එන්නේ නැහැ.

    ReplyDelete
  14. Boho karunuvalata ekaga viya nohaki. Namut chintanaya nivaradi
    1 "ලංකාවේ අපි පිළිගන්න විදිහට මහියංගණයට ඇවිල්ලත් බුදුන් ඒ අහිංසක යක්ෂ ගෝත‍්‍රිකයන්ව බියපත් කරනව " - meka waradi
    2 " බුදුන් ඊට පෙරාතුව විසූ බුදුවරු දෙනමක් සමග සංවාද කරන අතර" - meka waradi
    3 - " මව කන්‍යාවක් වීම බුදුන්ට වගේම ජේසුන්ටත් පොදු කාරණයක් " mekat waradi

    ReplyDelete
  15. කුමන කතා කියුවත් බුදුදහමේ තියෙන්නේ හැම දෙයක්ම අපිට ප්‍රයෝගික ජිවිතේ දකින්න පුළුවන් සත්‍ය...අනික බුදු දහම ආගමක් නෙවයි අපේ මිනිස්සු එක අගමක් කරගත්තට එක දර්ශනයක්...මමත් කලින් බුදුන්ව ප්‍රශ්න කර කවදා හරි තෙරුන් යයි සත්‍ය මොකද්ද කියල

    ReplyDelete
  16. Mama Hithanne api okkoma nikan hitha, hitha adahas prakasha karanva kiyala. Atthama puhunuwanam, sithen eha avabodhayakata pamineemai. Ithin, me deval hitha hitah ivara karanna baa...

    Ksitigrhba.

    ReplyDelete
  17. චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය සහ
    සතර සතිපට්ඨානය සොයාගත්තේ
    බුදුන් වහන්සේයි..

    ඔබට පුලුවනි නම්
    බුදුන් වහන්සේට පෙර
    චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය සහ
    සතර සතිපට්ඨානය දේශනා කල කෙනෙක්
    පෙන්වන්න.
    බුදු දහම සත්‍යද කියා සොයන කෙනෙක්
    සැබැවින්ම විමර්ශනය කළයුත්තේ
    චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය සහ
    සතර සතිපට්ඨානය යි.
    වෙනත් කොටස් අරන් විමසන අයගෙ පරමාර්ථය
    සත්‍ය විමසීම නොවෙයි..
    බුදු දහම හෙළා දැකීමයි.

    චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය සහ
    සතර සතිපට්ඨානය විමසන
    යහපත් නිරෝගී මනසක් ඇති ඕනම කෙනෙක්
    බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක් වීම නිසැකයි.

    ReplyDelete
    Replies
    1. සාදු ! සාදු !! සාදු !!! ඔබ කී දේ නම් සත්‍යයක්මයි.... (Y)

      Delete