Friday, November 23, 2012

හිට්ලර් ට මං ආසයි


වැලිකඩ හිරගෙට පැනලා රැුඳවියො එක්ක එස්ටීඑෆ් එක ඇති කර ගත්ත ගැටුම හින්ද තිහකට ආසන්න ගානක් මැරුණ. මත් පෙති බීලා, ආයුද ගබඩා කඩලා, රත්තරං හොරකං කරලා ආදී දාහකුත් දේවල් කියල ආණ්ඩුව මීඩියා වලින් ජනතාවට ‘සිරකරුවොත් මනුෂ්‍යයෝය’ කියන පාඨය අමතක කළා.

‘ඔක්කොමටම තියල දාවි’ වහල උඩ නැගලා නටන හිරකාරයො දිහා බලාගෙන ජනතාව ටීවී ඉස්සරහ ඉඳන් කිව්වා. මගේ ඇ`ග හිරි වැටුණ. අපි මිනිස්සු ටිකක් දිහා වෙඩි තියලා දාන කං බලාගෙන ඉන්නවා.
‘ඔක්කොම අපරාධකාරයොනෙ. ඉවරයක් කරපු එක හොඳයි’

තියල දැම්මට පස්සෙ ජනතාව සැහැල්ලූ වුණා. හිර ගෙදරට ආයුධ අරගෙන සන්නද්ධ හමුදා ඇතුල් වීම කොයි තරම් නීත්‍යානුකූලද කියලා ජනතාවට වැදගත් වුණේ නෑ.

‘ඔහොම ඉවරයක් කළේ නැත්තං නඩු කියලා උන් එලියට එනවා’

තවත් සමහරු රේඩියෝ චැනල් වලට කෝල් කරලා පවා කිව්වා. හිර ගෙදර ද`ඩුවම් විඳින අයට තුවක්කු දික් කිරීම හා ඒක අනුමත කිරීම හරහා තමනුත් හිරගෙදර සිටිය යුතු අපරාධකරුවන් ගොඩට වැටෙනවා කියන එක දැනෙන්න හෘදය සාක්ෂියක් සිංහල බෞද්ධ ජනතාවට තිබුණෙ නෑ. සුනිල් පෙරේරා කියනවා වගේ හරක් මරනවට විරුද්ද සිංහල බෞද්ද ජනතාව වැලිකඩ තමන්ගෙ ඇස් ඉස්සරහ හිරකාරයො මරනවට විරුද්ද වුණේ නෑ. සමාජ ශෝධනයක් විදිහට ඒක බාර ගන්න මීඩියා වලින් ආණ්ඩුව කරන ප‍්‍රබන්ධයට ඒ ජනතාව කැමැත්තෙන් එක`ග වුණා.
සාපරාධී සමාජයක්....අපි ජීවත් වෙන්නෙ ඒකෙ.

හරි පුදුම රටක් මේක. නීතිය විතරක් නෙමෙයි හැම විධිමත් ආකෘතියක්ම බිඳහෙලනවට රටේ ජනතාවම පක්ෂයි. මෙතනදි ආණ්ඩුව විසින් ජනතාව බොරුවක් කියලා රවට්ටනවා නෙමෙයි. ජනතාවම තමන්ගෙ සාපරාධී මනස මුවා කර ගන්න මොකක් හරි බොරුවක් ඉල්ලා සිටිනවා. ඒ බොරුවට වහන් වෙලා තමන් කැමති විදිහට තමන්ගෙ ත‍්‍රිල ගන්න පුළුවන් හින්ද.

හරියට මිනිමැරුම්, දූෂණ ගැන විස්තර කියවනවා වගේම. ‘බලන්නකො මෙහෙමත් අපරාධ’ කියලා සම්මුතියට කිව්වට පුදුම ආතල් එකක් අපරාධයක් වුණාම. මේක තමයි ලාංකේය ජනතාවගේ ඇත්ත. නිකං ජනතාව විතරක් නෙමෙයි මට මුණගැහුණු ප‍්‍රවීණ සිනමාකරුවො කලාකරුවො පවා හිරකාරයොන්ට වෙඩි තැබීම අනුමත කරද්දි මාව හිරිවැටිලා ගියා. මේ රටේ අපි ආර්ට් කියලා බලන් ඉන්නෙ ඒ වගේ අය කරන වැඩ.

ෆේස් බුක් එකේ වීරත්වයෙන් තුවක්කු අරන් ඉන්න රැුඳවියන්ව ෂෙයාර් කරපු අයත් හිරකාරයන්ට වෙඩි තැබීමේ සමාජ ශෝධනය පිළිගත් අයත් එකම දෙයක් බෙදා හදා ගනිමින් හිටියා. ඒ එකම අපරාධකාරී ත‍්‍රිලක්. ත‍්‍රීවිල් ඇතුලෙ තෙරපි තෙරපි වෙඩි වැදුණු මිනිස්සු දැක්කට ජනතාව බය වුණේ නෑ. තමන් ජීවත් වෙන අනාරක්‍ෂිත අනීතික වටපිටාව ගැන ත‍්‍රාසයක් වෙනුවට එකම පාතාලයක් විදිහට හැමෝම ඝාතනය රස වින්දා. රෙස්ලින් වීඩියෝ පෝලිමේ ඉඳලා බලන සාමාන්‍ය ජනතාවක් අපිට ඉන්නෙ. ඒ ජනතාව විසින් ඡුන්දෙ දීලා පත් කරපු ආණ්ඩුවක් රට කරන්නෙ. ඒ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු අපරාධකාරයො ටිකක් හිරේ හිටියෙ.

මට ඩැනියෙල් ජොන්ස්ටන්ව මතක් වුණා.


zI was living in a Devil Town
Didn't know it was a Devil Town
Oh, Lord, it really brings me down 
About the Devil Town 

And all my friend were vampires 
Didn't know they were vampires 
Turns out I was a vampire myself 
In the Devil Town

හිර ගෙදර ඇත්තට වුනේ මොකක්ද කියලා හිරකාරයොයි ආණ්ඩුවයි ඇරෙන්න කවුරුවත් දන්නෙ නෑ. ඒ වෙනුවට හිර ගෙදර තාප්පෙට වඩා උස ප‍්‍රබන්ධයකින් සිද්ධිය නීතියට වඩා ඉහලින් සාධාරණියකරනය වුණා. ඒ ප‍්‍රබන්ධ තාප්පෙන් එබෙන්න කාටවත්  ඕන නෑ.

යූ ටියුබ් එකේ තිබිලා හිට්ලර් සහ ඇන්ටාර්ක්ටිකාව ගැන ඩොකියුමෙන්ටරියක් බැලූවා. ඒක රුසියානුවන් කරපු එකක්. හිට්ලර් සතුව ඇන්ටාර්ක්ටිකාවේ බලකොටුවක් තිබුණු බවත් පාවෙන පීරිසි පවා හිට්ලර් විසින් යුද්දෙදි පාවිච්චි කරපු බවත් ඒ ගොල්ලො යම් යම් සාක්ෂි උඩ පෙන්නනවා. හිට්ලර් අභ්‍යවකාශ ජීවීන් එක්ක සම්බන්ධ වෙන්න පවා උත්සාහ දරනවා. ඒක හුදෙක් කුමන්ත‍්‍රණ න්‍යාය උඩ ගොඩ නැගිච්ච ප‍්‍රබන්ධයක් වෙන්න පුළුවන්. ඒත් ආදි කල්පික මිත්‍යාවන් විද්‍යාව තුලින් ගවේෂණය කරමින් හිට්ලර් විශාල මිනිස් ශක්‍යතාවයක් නිර්මාණය කරන්න ගත්ත වෑයම ඒ ඩොකියුමෙන්ටරිය ඇතුලෙ දැනෙනවා. ශිෂ්ටාචාරයන් විසින් අත්පත් කරගත් සමස්ත මිනිස් දැනුම තමන් නතු කර ගන්නත් ඒක පාවිච්චි කරන්නත් හිට්ලර් ගන්න වෑයම විශිෂ්ටයි. අභ්‍යවකාශයට යානා යවන්න පවා එයා පර්යේෂණ කරනවා. ලෝකයේ හොඳම දැනුම තියෙන පුස්තකාල කොල්ල කනවා. ඒත් අපි හිට්ලර් ගැන දන්නෙ ලෝකය යටත් කර ගන්න ගිය අපරාධකාරයෙක් විදිහට විතරයි. ඒ ගැන පොසිටිව් චිත‍්‍රපටියක් හැදුවා කියලා ලාර්ස් වොන් ටි‍්‍රයර්ව කාන් සිනමා උළෙලෙන් පවා එලියට දානවා. මට ඒ වාර්තා චිත‍්‍රපටිය බලද්දි දැණුනෙ හිට්ලර් ගැන අපි දන්නෙත් වැලිකඩ ගැන වගේම ප‍්‍රබන්ධයක් නෙමෙයිද කියල.

මේක ටිකක් විසංවාදී ගොඩනැංවීමක් වෙන්න පුළුවන්. වැලිකඩ ප‍්‍රවෘත්තිය එක්ක ඒකාධිපති ආණ්ඩුව කියන තැනට ගොනු වෙනවට වඩා ඒකාධිපතියෙකුගෙ දුෂ්ට නොවන අන්තයක් ගැන කතා කරන එක. මහින්ද වගේ චරිත වලට හිට්ලර් කියනවට මං විරුද්දයි. හිට්ලර් කියන්නෙ ඇත්තට දැවැන්තයෙක්. නීට්ෂේ විසින් කියන සුපර් මෑන් හොයාගෙන ගිය මිනිහෙක්. යුදෙව්වො මැරුවා, රටවල් යටත් කර ගත්තා වගේ අපේ උතුරෙ දෙකයි පනහෙ යුද්දෙ වගේ තැන් වලට සාපේක්ෂ නොකර ඊට වඩා නිර්මාණශීලී තැනකින් හිට්ලර්ව ගන්න සිද්ද වෙනවා. එයා උත්සාහ කරන්නෙ අලූත් ශිෂ්ටාචාරයකට. ඒක ස්විස් ගිණුම් සහ පුද්ගල බල ව්‍යාපෘතියකට වඩා පුළුල් අරමුණක්. ඒත් හිට්ලර් ගැන අපාරධකාරයෙක් සහ තහනම් මිනිහෙක් කියන ප‍්‍රබන්ධ තාප්පෙට උඩින් හිට්ලර් දිහා බලන්න කාටවත් උවමනා නෑ.

ඒත් හිට්ලර් විසින් අත්පත් කර ගත් මේ තාක්‍ෂණික දියුණුව බලවත් රටවල් විසින් කොල්ල කනවා. රුසියානුවන් මේ කරන ඩොකියුමෙන්ටරියෙ පවා ඒ ඇත්ත බෙදා ගන්නවා කියලා මං විශ්වාස කරන්නෙ නෑ. දුෂ්ටත්වය කියන්නෙ ලෝක ප‍්‍රජාවට ඒ සැබෑ ජර්මානු කලාපයට ඇතුල් වීම වළක්වන ප‍්‍රබන්ධය. ඒ දැනුම යළි ලෝකයට බෙදී යාම වෙනුවට රහසින් තමන් නතු කර ගැනීමේ බල සැලැස්මක් වෙනුවෙන් ඒ ප‍්‍රබන්ධය වැඩ කරනවා. හරියට වැලිකඩ හිරගෙදර සිද්දියෙදි වගේම.

අපි ජීවත් වෙන්නෙ ඒ වගේ ප‍්‍රබන්ධ විශ්වයක. පුද්ගලයා වෙනුවට අදහසක් කියන තැනින් අපි ගණුදෙනු පටන් ගන්න  ඕන කියලා මං කලින් කියපු කතාවකට මගෙ යාලූවෙක් විරුද්ද වුණා.
‘මට නං කියන පුද්ගලයා ඒ වෙනුවෙන් පෙනී ඉන්න  ඕන’ එයා කිව්වා.
‘පුද්ගලයා කියන කෙනා දැනගන්න අපිට විදිහක් නෑ. අපි දන්නෙ අදහසක් විතරයි’ කියන එකයි මගේ අදහස වුණේ.
‘කොටින්ම පුද්ගලයා අදහසක් වෙනුවෙන් පෙනී ඉන්න  ඕන කියන එකමත් ඒ විදිහෙ ප‍්‍රබන්ධයක්’ මං පැහැදිලි කළා. ඒ හැම දෙයක්ම ප‍්‍රබන්ධයක්, තත්වයක් හෝ අදහසක් කියන තැනින් ගන්නෙ නැතුව ඇත්තක්, යතාර්ථයක් කියන තැනින් ගත්තොත් අපි වෙන කෙනෙකුගෙ ප‍්‍රබන්ධයක් ඇතුලෙ චරිත විතරක් වෙනවා. අපිට සිද්ද වෙනවා අපි සාමාන්‍ය සහ ස්වභාවික කියලා පිළිගත් හැම ධර්මතාවයක්ම ආයිමත් පරීක්‍ෂා කරන්න. වීරයින් සහ දුෂ්ටයින් විතරක් නෙමෙයි ආධ්‍යාත්මික මාර්ග පවා සමාජ අර්ථයන්ගෙන් ප‍්‍රශ්න කරන්න. ඒ හැම දෙයක්ම ජීවිතේට එබෙන්න අපිට බැරි කරන තාප්ප හින්ද. ඒ තාප්ප ඇතුලෙ පාදඩයන් සහ කපටින් ජාවාරම් කරමින් ඉන්න හින්ද.

‘ඒකට ෆයිට් කරන්න  ඕන නැද්ද?’ එතකොට මගේ යාලූවා ඇහුවා.
‘කා එක්ක ෆයිට් කරන්නද? මට විරුද්ධ වෙන්න වෙලා තියෙන්නෙ මං එක්කමයි. මාව විසංයෝජනය කරලා නැවත මගේ නිර්මාණයක් විදිහට හදා ගන්න එකයි තියෙන චැලෙන්ජ් එක’
කොච්චර කිව්වත් මං කියන තැන බාර ගන්න මගේ යාලූවට පුළුවන් වුණේ නෑ. ඒක එකපාරට දැනෙන්නෙ අරාජිකත්වයක් වගේ තැනකින්. ජීවිතයක් නෑ වගේ තැනකින්.

ඒත් ඒ ජීවිතය ගැන අදහස කාගෙ හරි ප‍්‍රබන්ධයක් නම් මං ජීවිතය කියලා බාර ගනිමින් ඉන්නෙ ඒ කවුරු හරි දැනුවත්ව නිර්මාණය කරපු සහ නිර්මාණය කරමින් ඉන්න දේ නම් තත්වය ඇත්තට ඊට වඩා අරාජික වෙනවා.

ඇමරිකානුවන්ගෙ හඳ ගමන වගේම ලංකාවෙ දෙමළා ගැන ප‍්‍රබන්ධයත්, ආසියාවේ ආශ්චර්යය බවට පත්වීමේ නවකතාවත් අපේ ඇත්තේ සීමාවල් සළකුණු කරනවා.

කමක් නෑ. ප‍්‍රබන්ධයක් ඇතුලෙ ජීවිතය ඒ තරම් නරක නෑ යුරෝපයේ වගේ රටක නම්. ඒත් මෙහේ ඒ ප‍්‍රබන්ධය ඇතුලෙ අපිට තියෙන්නෙ අපරාධකාරයන්ගෙ චරිත. ඒක කරනවද නැද්ද කියල කල්පනා කරන්න අඩු ගානෙ ස්ක‍්‍රිප්ට් එකවත් කියවන්න  ඕන කියලයි මං කියන්නෙ.

-චින්තන ධර්මදාස

5 comments:

  1. මට නම් මේ රටේ මිනිස්සු තේරුම් ගන්න හරිම අපහසුයි. හිර ගෙදරට පැනලා මිනිස්සු මරපු එක අසාධාරනයි. අපරාධකාරයෝ එලියෙ තියන එකත් අසාධාරනයි, මහ දවාලේ මිනිහෙක් කපලා දාන එකත් අසාධාරණයි. වෙඩි තියපු උන් මැරුණම ඒකත අසාධාරණයි. පොඩි දරුවෝ රේප් කරණ එකත් අසාධාරණයි. එහෙම කරපු උන් ඇප දීලා එලියට දාන එකත් අසාධාරනයි. අපරාධකාරයෝ 96% මුදල් අරගෙන බොරු තර්ක ශාක්ෂි හදලා, සාක්කිකාරයෝ බය කරලා නඩු දිනන එක සාධාරණයි. සල්ලි අරගෙන එලියට දාන උන් පොරවල්. යුදෙව් ජාතිකයෙක් වූ පමණින් මරලා දාපු එකා පොරක්..

    මම චින්තන වැරදියි කියන්නෙ නෑ. නමුත් අපේ හිතත්. මේ සාධාරනේ, අසාධාරනේ තීරණය කර ගන්න බැරි, අපරාධකාරයෙක් කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  2. චින්තන ඔය කියන කථාව පට්ට සාපේක්ෂ කථාවක්. උදාහරණයක් විදියට මට පට්ට අවුලක් දැනුනා මිනිස්සු ආණ්ඩුව කියපු සුරංගනා කථා ටික ඔක්කොම පිළිඅරගෙන "මුන් ඔක්කොම දරුණු අපරාදකාරයොනේ. ඒ නිසා මැරුවට කමක් නෑ" කියනකොට. ඒත් කවුරුහරි මගේ මුළු පවුලම, නැතිනම් මම ආදරේ කරන කෙනෙක්ව මැරුවොත්, මට අවස්ථාවක් තියෙනවනම් ඒ මිනීමරුවගෙන් පළි ගන්න, මම නීතිය නඩු අහලා ඌව ජීවීතාන්තය දක්වා හිරේ යවනකල් ඉඳීද? මම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගත්තොත්, එහෙම වෙන්නේ මට තව මිනිහෙක්ව ඉවර කරන්න ගට නැති නිසා විතරයි. ඒත් මම හිතෙන් ඌව කී පාරක් මරනවද? අපි පොඩි ළමයෙක්ව දූෂණය කරලා කියලා නිව්ස් එකක් දකිනකොට දූෂකයාව හිතින් මරන්නෙ නැද්ද? එතකොට අපි හරිද වැරදිද? ඒක එහෙම සරල සමීකරණයකින් විසඳන්න පුළුවන් කථාවක් නෙවෙයි නේද.
    හිට්ලර් කියන්නේ මටත් මාර මිනිහෙක්. මාර විෂනරි මිනිහෙක්. හැබැයි මට බැට්මෑන් මාර සිරා වෙනව වගේම බැට්මෑන් ගේ පරම හතුරා ජෝකර්, ඌත් මට මාර සිරා. ඒ සිරා කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ, හරි හෝ වැරදි කියන එක, මම හිතන්නේ චින්තන කියන්න උත්සාහ කරන්නේ ඒක.
    හිට්ලර් හෝ නාසි පක්ෂයේ හිටි ප්‍රබලයෝ ගොඩක් දෙනෙක් නූගත් ක්‍රෑර මිනිස්සු නෙවෙයි. හොඳ මොළ. උන් යුදෙව්වෝ සංහාරය කිරීම පිටුපස්සේ ඊට වඩා ලොකු ස්ට්‍රැටජි ප්ලෑන් එකක් තිබුනා. ඒත් ඒක සරලව හොඳයි නරකයි, පවු පින් වගේ ද්වෛතවාදී අදහස් වලින් විග්‍රහ කරන්න බෑ.
    වියට්නාමයේ තියෙනවා ඌරෙක්ව පණපිටින් දෙකට කපලා මරන චාරිත්‍රයක්. ඒක ඒ මිනිස්සුන්ට අවුලක් නෑ. ඒක සම්ප්‍රදායක්. ඒත් ඒක දැකලා මගේ ජපන් යාළුවෙක් කම්පා වුනා. ඒත් උන්ගේ ෆුඩ් කල්චර් එකේ තියෙනවා අමු මාළු පණ තියෙනකොට බාගෙට බැදලා මේසෙට එව්වහම කන සීන්. ඒක මට මුලින්ම කිව්වෙත් ඒ යාළුවා. ඒත් ඌට ඒක අවුල් නෑ. මට ඒ දෙකම අවුල්.
    මාතලන්ට කියන්න තියෙන්නෙත් ඒකමයි. ඔච්චර සරල විදියට දේවල් නිර්වචනය කරන්න පුළුවන් නම් මාරයි. ඒත් ඇත්ත ලෝකේ එහෙම බෑ. අඩු තරමේ අපේ හිත් ඇතුලේ එහෙම බෑ.

    ReplyDelete
    Replies
    1. මට තාම ලංකාව අඹ ගෙඩියක් විතරයි.

      Delete
  3. නමුත් මේ සිර ගෙදර සිඳුවීම ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ නෑ දැන් ජනප්‍රිය විකල්ප මතය වන නම් ලිස්ට් එකකට සෙට් ගේම් එකක් ගියා කියන එක. ඒ කියන විදියට ගේම දීලා තියෙන්නේ හමුදාවෙන්. නමුත් හමුදාව මේක වට කරන්නෙ ඔය කියන් විදියට එස් ටී එෆ් එක ෆේල් උන නිසා. කොහොමත් හරි දේ එලියට එන එකක් නෑ. මට තියෙන ප්‍රශ්නෙ තමයි. දැන් මිනිස්සූ, ආන්ඩුව මරාගෙන කන්න හදනවා නේ. එල්ලුම් ගහ ගේන්න. එතකොට මිනී මරණ එකා විතරක් නෙමෙයි. කුඩු ගේන එකයි, රේප් කරන එකයි, කාන්තා හිංසනේ කරන එකයි ඔක්කෝම එල්ලලා මරන්න කියලා. ඉතින් දැන් මේ ඒක ගේන්න කියන්නෙ ඇත්තටම නෙමෙයිනේ.

    කොහොම හරි මගේ අදහස නම්, වනචාරින් ජීවත් වන රටක, ඒ ගති නැතිවෙන්න තව සෑහෙන කල් යයි කියන එකයි. මේ තරමට හරි තියෙන්නෙ සුද්දගෙ නීතිය නිසා නේ. නැත්නම් ඉතින් තාමත් තියෙන්නෙ බෙල්ල කපලා දාන සිස්ටම් එකනේ.

    ReplyDelete
    Replies
    1. @මාතලන්: රටේ මිනිස්සු වනචාරී කියන ගමන්ම ඔයා කවුද කියලත් ගැඹුරින් හොයල බලන්න.

      Delete