Monday, December 3, 2012

අලූත් ආගමක් උවමනා කර තිබේ.

මං කලින් අවුරුද්දකත් ලියපු හි`ගමන් ඉල්ලන දාර්ශනිකයා තාමත් අපේ ගේට්ටුව ළ`ගට එනවා. එක දවසක් සල්ලි දීපු ගෙදරකට මිනිහා ආයිත් එන්නෙ ටිකක් කාලෙකින්. ලොකු වටයක් ගිහින්.

‘මට සල්ලි දෙන අය කෝටිපතියො වෙන්න  ඕනි. මොකද එතකොටනෙ මට වැඩියෙන් සල්ලි ලැබෙන්නෙ’
සරමක්, ඊට උඩින් අත් දිග ඩෙනිම් කමිසයක්, ඊට උඩින් කිසි හේතුවක් නැතුව රෝස පාට ජැකට් එකක්, පරණ ටොප් හැට් එකක් ඇඳගෙන ඒ මනුස්සයා ගියා ඊළ`ග ගෙදරට.

‘මං කසිප්පු බොන රහතන් වහන්සේ නමක්. මට දීලා පින් ලබා ගන්නයි තියෙන්නෙ’
කියලා ඉවර කරන්න කලින් දුවගෙන ආපු ඒ ගෙදර මනුස්සයා පොල්ලකින් ගැහුවා ගේට්ටුව ළ`ග උන්නු වයසක දාර්ශනිකයාට.

‘බුද්දාගමට මොනවත් කියන්න එපා. උඹේ අම්මට......’

තත්පර කීපෙකින් අවට වටපිටාවම එතන. හැමෝම කැමතියි අර මනුස්සයාට ගහපු එකට.
ඒ අයට අනුව රහතන් වහන්සේ කෙනෙකුට කසිප්පු බොන එක කරන්න බෑ. ඒක රහතුන්ගෙ සීමාවක්. රහතුන්ගේ සහ බුදුන්ගේ සියලූ සීමාවන් සහ කොන්දේසින් දන්නේ මේ ලාංකේය ගිහියො.
ඒ ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට මේ වෙද්දි බුද්දාගම ලංකාවෙ වැඩ කරන හැටි ගැන එක කතාවක්. මේ දෙවෙනි කතාව.

සිල් ගන්න ගිහින් එන උපාසකම්මලා ටිකක් පිටිපස්සෙන් මං යන ගමන්. ඒ ගොල්ලොන්ගෙ වයසෙ සාමාන්‍යය (ඇවරේජ් එක) කිව්වොත් 65ක් විතර.
‘හාමුදුරුවො කියන කතාව හරි. දැන් කොළඹම මුස්ලිම්...’
‘අර කිව්වා වගේ සිංහල උන් ළමයි හදන්නෙත් නෑනෙ. උපත් පාලනේ..හාමුදුරුවො කොහෙන්ද අනේ ඔව්වා හොයා ගන්නෙ..අනේ මන්දා...හිහි..හිහි’
එතනින් තුන්වෙනි කතාවට.

අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා සිංදුවක් දැම්මා ෆේස් බුක් එකට. ඒකෙ පිංතූරෙ තියෙන්නෙ පොඩි හාමුදුරුවරු ටිකක් නටන වීඩියො එකක්. දාන පරක්කුවට කමෙන්ට් වැස්සක් වැස්සා. හැම කමෙන්ට් එකක්ම මේ වීඩියෝ එක බොරුවක් සහ බුද්දාගමට නිග‍්‍රහ කිරීමේ අරමුණ ඇතුව මේ වීඩියෝ එක තනා ඇති වගට තමන්ටම සනාථ කර ගන්නා වර්ගයේ ඒවා.

‘මේ වෙලාවෙ තම්බියො අපේ වැරැුද්දක් හොය හොය ඉන්නෙ. මේවා උන් දැක්කොත් එහෙම...’
කියල ඊ මේල් පවා එවලා තිබුණ කියල ඌ කිව්වා.

ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට මේ වෙලාවෙ බුද්දාගම වැඩෙන්නෙ මුස්ලිම් විරෝධයකුත් එක්ක. හාමුදුරුවරු බණට දෙසන්නෙ පවා මේ වෛරය. ගව ඝාතනයට විරුද්ද ෆේස් බුක් පිංතූර, මුස්ලිම් පිරිස් බෞද්දාගමික තැන් විනාස කරනවා ආදී කියන ප‍්‍රවාද හැම එකක්ම දිශානත වෙන්නෙ එකම පැත්තකට. ප‍්‍රභාකරන්ගෙ මරණෙන් පස්සෙ නිිමිත්තක් නැතුව ගිය මේ ක‍්‍රමවත්ව සංවිධානය කරලා දේශපාලනිකව පාවිච්චි කරපු සහ කරන සමූහ ආගමික උන්මාදය දැන් නැගෙනහිර පැත්තට හැරෙමින් තියෙනවා.

ඒ සියල්ල ප‍්‍රීතිමත් විදිහට කරන්න බුදුන්ගෙ දහම ඩ‍්‍රග් එකක් වගේ පාවිච්චි වෙනවා.

ආධ්‍යාත්මික මාර්ගයක් විදිිහට බුද්දාගමට හිමි තැන අහිමියි. තව දුරටත් ඒක මාර්ගයක් නෙමෙයි. ආයුධයක්.
”තුන්වෙනි සහශ‍්‍රය පාලනය කරනු ඇත්තේ ආගම සහ ආධ්‍යාත්මය අතර ගැටළුව විසිනුයි. එක පැත්තකින් සංවිධානගත ආගම් පිරිහී යද්දි ආධ්‍යාත්මික සහ ප‍්‍රඥාව සොයා යාමේ උනන්දුව වැඩි වෙනු ඇති. මේ නිසා ආධ්‍යාත්මික ප‍්‍රමුඛතාවයන් ආයිමත් පෙළගස්වන්නටත් ඒවාට අදාල නව විශ්වාස පද්ධතියක් ගොඩනගා ගන්නටත් සිද්ද වේවි. අදාල නව විශ්වාස යැයි මා හඳුන්වන්නේ අපගේ වර්තමාන සහ අනාගත ගැටළු සඳහා උත්තර සහිත විශ්වාස පද්ධතියක්”
-කැලබ් රොසාඩෝ- ආධ්‍යාත්මිකත්වය යනු කුමක්ද?

”සිදුවෙමින් යන විනාශය තේරුම් ගන්නට හෝ ඒ ගැන පිළිගත හැකි අදහසක් කියන්නට සාම්ප‍්‍රදායික ආගම් සහ මානව විශ්වාස පද්ධතීන්ට පුළුවන්කමක් නෑ. පෘතුවියේ ප‍්‍රධාන ජීව පද්ධති සඳහා වන ක‍්‍රියාකාරීත්වයන් ප‍්‍රථම වතාවට අර්බුදයට යද්දි අපේ ආචාර ධාර්මික ජීවිතයත් අවුලෙන් අවුලට යනවා. මේ සාම්ප‍්‍රදායික ආගමික විශ්වාස වලට පුළුවන් වුණත් සියදිවි නසා ගැනීම්, අපරාධ හෝ සමූලඝාතන එක්ක ගණුදෙනු කරන්න, ඔවුන්ට බෑ සමස්ත ජීව විපර්යාසයන් තේරුම් ගන්න. පෘතුවිය අවසාන වෙමින් යන්නෙ. ඒ අතරෙ අපි සංස්කෘතික අවුලක. රැුඩිකල් අලූත් ආකෘතියක් උවමනායි මේක තේරුම් ගන්න”
-තෝමස් බෙරී- අනාගතයට වැටී ඇති මාවත

ආධ්‍යාත්මික මාර්ගයන් ගැන වූ ඉතිහාසය කෙන් විල්බර් ලස්සනට විස්තර කරනවා. දහසකුත් ආධ්‍යාත්මික විශ්වාසයන් ඇතුලෙ බුදුන් ගැන අපේ විශ්වාසය වැටෙන්නෙ කොයි ආකෘතියටද කියලත් එතන කියනවා. කෙන් විල්බර් විස්තර කරන විදිහට ආධ්‍යාත්මික ප‍්‍රවේශයන් තුන් ආකාරයකින් අඳුරගන්න පුළුවන්. එකක් කූටප‍්‍රාප්ති අත්දැකීම. ඒ කියන්නෙ කවදා හරි කවුරුන් හරි විසින් ලැබුවා කියන මාර ආධ්‍යාත්මික අත්දැකීමක විශ්වාසය උඩ පදනම් වෙච්ච මාර්ගයක්. ඒක සතෝරි වෙන්න පුළුවන්, දෙවියන්ගෙ මොකක් හරි වෙන්න පුළුවන්, එළි විහිදුවීමක් වෙන්න පුළුවන්. ඒ එක්කම මහා කරුණාව, පේ‍්‍රමය පහළ වුනා වෙන්න පුළුවන්. ලෝකෙ ගොඩක් ආගම් පහළ වෙලා තියෙන්නෙ මෙතනින්. ශාස්තෘ කෙනෙක්ගෙ එක්වරම සිද්ද වුණා කියන මහා අවබෝධයක් උඩ පදනම් වෙලා.

තව වඩා වියත් විදිහක ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් තමයි කොයි විදිහකින් හරි මානව සිතීමේ සිද්ද වෙන වර්ධනයන් ආධ්‍යාත්මික තත්වයන් විදිහට තේරුම් ගන්න එක. ඒක ප‍්‍රජානනය වෙන්න පුළුවන්, හැ`ගීම් පැත්තෙන් වෙන්න පුළුවන්, ශාරීරික-ලිංගික හෝ අන්තර් පුද්ගල සම්බන්ධතා වලින් වෙන්න පුළුවන්. සිතීමේ තත්වයන් ඉහළ යද්දි ආධ්‍යාත්මික වර්ධනයන් විදිහට සළකන්න ගන්න එක. එතනදි වෛරය, පලිගැනීම, ගැටුම් වගේ තත්වයන් අපිට අඳුරගන්න වෙන්නෙ මේ වර්ධනයෙ පහත්ම තත්වයන් විදිහට. තමන්ගෙන් පිටත විශාල අවකාශයක මෛත‍්‍රිය වගේ හැ`ගීම් පතුරුවන්න පුළුවන් කියන එක උසස් තත්වයක්.

තුන්වෙනි එක ආධ්‍යාත්මකත්වය තත්වයක් හෝ වර්ධනයක් නෙවෙයි, ඒ විසින්ම ඉබේටම සිද්ද වෙන දෙයක් විදිහට ගන්න එක. අපි ආධ්‍යාත්මිකව ප‍්‍රාථමික වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්. කරන්න දෙයක් නෑ. ආධ්‍යාත්මිකත්වයේ ලා අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක හැටි.

මේ ආකාර තුනෙන් තමයි ලෝකෙ හැම ආධ්‍යාත්මික ප‍්‍රවේශයක්ම ගනුදෙනු වෙන්නෙ. මේ ආධ්‍යාත්මික මාර්ග ගත්තම අපිට දකින්න පුළුවන් මේවා සංවර්ධන වෙච්ච විදිහක් තියෙනවා. පුරාතන ආගම්, ඊට පස්සෙ මැජිකල් ආගම්, මිත්‍යාමූලික ආගම්, තාර්කික ආගම්, ඒ වගේම අලූතෙන් එකිනෙක අන්තර් සම්බන්ධිත තත්වයන් පිළිගන්නා ආගම්. තෝමස් බෙරී ආදීන් කියන්නෙ මේ මැජික් සහ මිත්‍යා මූලික ආගම් වලින් තව දුරටත් ලෝකය ගලවා ගන්න බෑ කියන එක. ඒ වෙනුවට අපි එකිනෙක අන්තර් සමබන්ධිත සමස්තයක් විදහට දකින ආගමිකත්වයකට ඇතුල් වෙන්න  ඕන. ඒත් ලංකාව මේ වෙලාවෙ ඇතුල් වෙමින් ඉන්නෙ ගෝත‍්‍රික විච්ýන්න ආගමික ඇදහිලි කලාපයකට. ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට බුදුන්ගෙ තාර්කිකත්වය පවා මෙතනදි අසාධාරණ විදිහට පහත හෙලනවා.

කෙන් විල්බර් විස්තර කරන විදිහට මේ කිසිම ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් ඔරිජිනල් තැනදි අපිට වැරදියි කියන්න බෑ. සාන්තුවරයින්, ඍෂින් විසින් ලෝකයේ ආකෘතියට පිටින් පවතින අපිත් සම්බන්ධිත අකාලික මහා ශුන්‍යතාවය අවබෝධ කර ගන්න ඇති. විශේෂයෙන් ගෞතම බුදුන් වගේ චරිත නිර්වාණය කියන ඒ ශුන්‍යතාවය එක්ක සම්බන්ධ වෙන්න ඇති. ඒත් මේ හැම දේකටම පිටින් ආකෘතිකමය ලෝකය වෙනස් වෙන්න ගන්නවා. නිර්වාණය ගැන බුදුන්ගෙ අවබෝධය පැවතුණත් පරිණාමය වෙන ලෝකයෙදි වෙනස් වෙන ආකෘති රටා ගැන කියන්න ඒ දහම ප‍්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒක බුදුන්ගෙ හෝ වෙනත් ශෘස්තෘ කෙනෙක්ගෙ අවබෝධය ගැන ගැටළුවක් නෙමෙයි. අපේ නූතනත්වයට ඒ විස්තර කිරීම් ගැලපෙන්නෙ නෑ. එතකොට ඒවා වැරදි විදිහට අර්ථ ගැන්වෙනවා. දෙමළට විරුද්ද බුද්දාගම, මුස්ලිම් විරෝධි බුද්දාගම වගේ ඒවා එන්නෙ ඒ විදිහට. එතකොට මේ ආගමික අදහස් වැඩ කරන්නෙ වෙන ලෞකික ව්‍යාපෘති ඇතුලෙ.
මෙතනදි කෙන් විල්බර් ගෙන් ප‍්‍රශ්නයක් අහනවා.

ඔබ කියන විදිහට මේ වෙනස් වෙන ලෝකය කියන කාරණය නොතකා හැරීම නිසා කතන්දරේ බාගයක් අපිට අහිමි වෙනවා. අපේ ප‍්‍රතිචාර දැක්වීම අවාසනාවන්ත විදිහට යල්පනිනවා?

කෙන් විල්බර්- ඔව්. ඇත්තටම මේ කාලෙ 2%ක් වත් මිනිස්සු නිවැරදි, තමන් සහ අනෙකා යනු එකම සමස්තයක් විදිහට ඇත්තට දකින ආධ්‍යාත්මික තේරුම් ගැනීමක නෑ. 70%ට වඩා ලෝක ජනතාවක් ඉන්නෙ බොහොම පහත්, මිත්‍යාකල්පික, ජාති හෝ වර්ග මූලික ආගමික විශ්වාස මත.

කීප දෙනෙක් ඉන්නවා ලෝකය සමස්තයක් විදිහට, අපි එකිනෙක සම්බන්ධිත තනි පැවැත්මක් විදිහට තේරුම් ගන්න තරම් ප‍්‍රඥාව වැඩුණු. ඒත් බහුතරයක් ඉන්නෙ මමත්ව කේන්ද්‍රීය රතු ඉරේ. තවත් වැඩි කොටසක් නියතිවාදයක් පිළිගන්නා නිල් ඉරේ. ඊළ`ග පිරිස තාර්කික හෝ විද්‍යාත්මක ක‍්‍රමය පිළිගන්නා තැඹිලි ඉරේ. ඉතින් මං විශ්වාස කරන්නෙ නෑ ලෝකය ගමන් කරන විනාශයෙන් බේර ගන්න පුළුවන් ආධ්‍යාත්මික වෙනසක් පේන තෙක් මානයක තියෙනවා කියලා.

බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන් තත්වයන් ඇත්තටම නිල්.
(කෙන් විල්බර් යනු ඇමරිකානු ආධ්‍යාත්මික ගවේෂකයෙක්- දේශකයෙක් සහ ලේඛකයෙකි)

-චින්තන ධර්මදාස

4 comments:

  1. මම මේ දැන් යාළුවෙක් ශෙයාර් කරලා තිබ්බ පොටෝ එකකට ෆේස්බුක් එකේ දැම්ම කමෙන්ට් එකේ අන්තිම වාක්‍යය මෙනත අලවන්නම්!

    "පන්සල් පල්ලි කෝවිල් වලින් ආගම පැත්තකින් තියලා මිනිසාට මනුෂ්‍යත්වය උගන්නන්න ක්‍රමයක් තිබ්බනම්........"

    ReplyDelete
  2. ලාංකික සිංහල බුද්ධාගම හා බෞද්ධ දර්ශනය යනු එකක් නොව දෙකකි. සිංහල බෞද්ධාගම තුලින් බලා බෞද්ධ දර්ශනය මගින් ලෝකයට වැඩදායි යම්ක් සිදුවේද යන්න නිගමනය නිවෑරදි නැත.

    මිනිසා සතෙකි. ඔහුගේ සත්ව ගතිගුණ එලියට එන්නේ විවිධාකාරයේනි.ඇතැම් විට අමු අමුවේ එලියට පනින අතර තවත් විටෙක් ශිෂ්ටත්වයේ දවටනය සමග කල එලි බසී.

    බෞද්ධ දර්ශනය මෙම සත්ව හැසිරීමේ න්‍යශ්ටිය ආමන්ත්‍රණය කරයි. සත්ව හැසිරීමේ න්‍යශ්ටිය යනු තන්හාව හා ක්‍රොධයයි...

    ReplyDelete
    Replies
    1. //ලාංකික සිංහල බුද්ධාගම හා බෞද්ධ දර්ශනය යනු එකක් නොව දෙක//

      +++++++++++++++

      Delete
  3. mama ayeth kiyannam. agama kiyanne sim ekak. issara rajawaru yudda karala epa wunama me sim eka use karala ratawal thamanta hithawath ewa karagaththta. ape aya budsm wuneth ehemai. a nisa agama hamadama yuddaya samaga badunu deyak. ada wenakota lankawa paththen gaththama anthawadi thathwayak. hariyata budsm kiyanne sinhalayanta pamanai wage patta patu adahasak. me wage gothrika molayak tiyana ayata thamai api shunyathawa gana kiyala denne. ethanadi marx hari. agama kiyanne manasika rogayak.
    sahodarathwaya , humanism wage wada pulul sankalpayak loka agama bawata path karanna thawa koi tharam kal yaida
    @madulupura

    ReplyDelete