ඌ මට ගොඩක් අලූත් දේවල් මුණගස්සපු යාලූවෙක්. ජේසන් සිල්වා, ගොස්වාමි, ජෝ රෝගන් වගේ හාදයන් වගේම ඇනිමි කාටූන්, මික්ස් මාර්ෂල් ආර්ට්ස් වගේ තවත් අලූත් විෂය පථයන් ගොඩක් ඉස්තෙපාන් කතාවට ගත්තා.
‘මචං ලෝකෙ ශිෂ්ටත්වෙ දියුණුවත් එක්ක මිනිස්සු මෘදු වෙන එක සංවේදී වෙන එක භයානකයි. හැම තිස්සෙම ඉතිහාසෙ වෙලා තියෙන්නෙ ඒ විදිහෙ සංවේදී සීමාවකට ආවට පස්සෙ ප‍්‍රචන්ඩ රළු ශිෂ්ටත්වයෙන් අඩු කණ්ඩායමක් ඒ වඩා ශිෂ්ට අයව යටත් කර ගන්න එක’ ඉස්තෙපාන් කරුණු සහිතව කියන්න ගත්ත එක කතාවක් ඒක.
‘මට මගේ කියල සංස්කෘතියක්වත් රටක්වත් නෑ මචං. මං ඉපදිච්ච රටේ මං ඉඳලා තියෙන්නෙ මට තේරෙන්නෙ නැති කාලෙ විතරයි. ඊට පස්සෙ ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකාව හැම තැනම මට ජීවත් වෙන්න වුණා. මචං ඒ හැම රටකම මං පිටස්තරයෙක්. මං උන් නෙමෙයි. මං උඹලා නෙමෙයි. ඒක මාර අවුලක්’
ඇමරිකානු සුපිරි වීරත්වය ගැන හරිම විස්තරාත්මක කතාවක් ඉස්තෙපාන්ට තිබුණ. කොමික් බුක්ස්, වීඩියෝ ගේම් හරහා පරිණත වුණු තෙවෙනි සිතීමක් ඌට තිබුණ. ඒක ඩිජිටල් විදිහට මනුස්ස පැවැත්ම විස්තර කිරීමක් වගේ. කොහෙට හරි ඈඳුණු දෘෂ්ටිවාදයක් උඩ කතා කරගෙන යනවට වඩා ජීවිතය ඇතුල් පැත්තට ප‍්‍රශ්න කර කර යන්න පුළුවන් විදිහෙ ගැඹුරු සංවාද විනයක් ඌට තිබුණ. අවුරුදු විසි ගානකට ඌ පැහිලා වැඩියි හොඳටම.
‘ඇමරිකාවට මචං ඇතුලක් නෑ. එලියක් විතරයි තියෙන්නෙ. උඹ හිතුවට ඇමරිකාව නිදහස් කියල ඇමරිකාව තරම් කන්වෙන්ෂනල් රටක් වෙන නැතුව ඇති. ඔස්ටේ‍්‍රලියාව එහෙම ඇමරිකාවට වඩා ගොඩක් නිදහස්. කොටින්ම ඉන්ග්ලන්ඞ් වලටත් වඩා ඇමරිකාව ගතානුගතිකයි. ඒත් ලෝකෙ වෙන කොහේවත් කිසි දෙයක් සිද්ද වුණාට ඒක ලොකුවට කතා වෙන්නෙ නෑ. ඕන ආර්ට් එකක් ලෝකෙ වෙන කොහෙන් හරි මතු වෙලා ඇමරිකාවට ගියාම විතරයි ඒක ලෝකෙ හැම තැනම හිට් එකක් වෙන්නෙ. ඒක උන්ගෙ මාර්කට් එක’
ඒ වුණත් ඒවා කියලා මං ඇමරිකාවට දෙන දීම නතර කරන්න ඌට බැරි වුණා. ඇන්ඩි වාර්හෝල් වගේ චරිත ඇමරිකාවෙන් විතරක් බිහිවෙන්නෙ ඇයි කියන එකට පිළිගත හැකි උත්තරයක් ඉස්තෙපාන්ට තිබුණෙත් නෑ. ඌට අනුව ‘සීරෝ ඩාර්ක් තර්ටි’ ෆිල්ම් එකේ මායා කියන්නෙ ඇමරිකාවෙ නව සුපිරි වීරත්වයේ මනස. තමන්ව හොයා ගන්න බැරි අවුලක් ඇතුලෙ සම්පූර්ණ පිටස්තර මෙහෙයුමක් වෙනුවෙන් ජීවත් වෙන එක. තමන්ට කොහෙත්ම අදාල නැති ඒ බාහිර වීර චාරිකාව යන එක. ඒ වීරත්වයෙන් නොපිරෙන තමන්ගේ තමන් සොයා ගැනීමට නොහැකි ඛේදවාචකය ජීවිතය කර ගන්න එක. පරාරෝපණය සහ සුපිරි වීරයා අතර හොලිවුඞ් සම්බන්ධය ඉස්තෙපාන් විස්තර කළා.
බොදු බල සේනාව ගැන ඌට තිබ්බ උනන්දුව මට තේරුං ගන්න බැරි වුණා. ඌට නොතේරෙන සංදර්භ ඇතුලෙ ඒ සිද්ද වෙන අවුල තේරුම් ගන්න ඌ ද`ග දැම්මා. ඉංගී‍්‍රසි මැද පංතියට එන ලෝකල් පොලිටික්ස් ගැන ළදරු වලිප්පු තත්වයක් කියලා මං වැඩිය නොහිත හිටියා.
‘මචං උඹ හිතුවට මේක තව දරුණු පැත්තට යන්න පුළුවන්. බොබසෙ ඉවර වෙයි. ඒත් බොබසෙ කියන මිනිස්සුන්ගෙ ඔලූ ඇතුලෙ තියෙන අදහස ඉවර වෙන්නෙ නෑ. ආයිත් කාලෙක වෙන කෙනෙක් ඕක ඇදලා උන්ගෙ පොලිටික්ස් වලට පාවිච්චි කරනවා’
‘ඉතිං හැමදාම එහෙම තමයි. ඒක ඕන කාලෙක කැම්පේන් කරන්න පුළුවන් අයිඩියා එකක්, ධර්මපාලගෙ කාලෙ ඉඳන් හෝද හෝද මඬේ දාන’ මං සමූහ දේශපාලනය ගැන මගේ තියෙන නොපැහැදීම පළ කලා.
‘ඒත් මචං උඹට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නං කරපං. මේ ඇති කරන්න හදන මුස්ලිම් සිංහල ප‍්‍රශ්නෙදි මොන විදිහකින් හරි උඹ උඹේ කොටස කරපං’
ඉස්තෙපාන් නැවත නැවත කිව්වා. ඊමේල් වලත් ලිව්වා. මං එච්චර ගානකට ගත්තෙ නෑ. ඒත් ඉස්තෙපාන් යන දවසෙ ආයිමත් ඊමේල් එකක් එව්වා. ඒකෙ ඌ පළවෙනි වතාවට ඌ ගැන ලියලා තිබුණ.
‘මගේ තාත්තා උඹේ වයසෙදි ඒ කියන්නෙ අපේ අම්මව කසාද බැඳලා මාව වඩාගෙන ඉන්න කාලෙදි සිංහල මිනිස්සු වගයක් මගේ තාත්තව මැරුවා. එයා පල්ලියෙ බේස්මන්ට් එකේ හැංගිලා හිටියෙ. දෙමළ වුණු එක ඇරෙන්න උන්ට තාත්තව මරන්න වෙන කිසි හේතුවක් තිබ්බෙ නෑ.
මට දැනෙනවා මචං අපි ආයිත් ඒ වගේ කාලෙකට යන්න හදනවා කියලා. ඒ ගමන වළක්වන්න උඹට පුළුවන් දෙයක් තියෙනවා නම් කරපං’
ඉස්තෙපාන්ගෙ හැම අමුත්තක්ම විස්තර කරන තනි ඉර මං කියෙව්වෙ එහෙම. උගේ පරාරෝපණයට මං කවදාවත් නොහිතපු විදිහක මුදුන් මුලක් තිබුණ.
ඉන්ෂල්ලා.
කෙටි කාලෙකට මුණගැහුණු දාර්ශනික යාලූවට ආයුබෝවන්
( ඉන්ෂල්ලා කියන්නෙ දෙවියන්ගෙ කැමැත්ත අනුව සිදුවේවා කියන එක. දෙයක් වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කිරීමෙන් පස්සෙ තමන්ට සැපිරිය නොහැකි දහසකුත් කාරණා වෙනුවෙන් නිහතමානී භාර ගැනීම, දණ නැවීම කියන ආධ්‍යාත්මික අදහසෙන් ඉස්තෙපාන් ඒ වචනෙ පාවිච්චි කළා. ‘ඒක පට්ට මචං’ ඌ කිව්වෙ එහෙම.
වාසනාවකට හෝ අවාසනාවකට මේ ලියන කිසි දෙයක් කියවන්න ඌට බෑ. ඒක හින්ද පුද්ගල සම්බන්ධයක් ඇතුලෙ ලියවෙන ආදර ලියමනක සීමාවෙන් එලියට මේ ලියවිල්ල වැටේවි)
රාවණාගේ බාප්පද මල්ලිද කියල කෙනෙක් ෆේස් බුක් එකේ හරක් මරන එක ගැන අමුතු කතාවක් දාලා තිබුණ. කීප දවසකට කලින් මාරෙ අයියත් කතා කරලා මේ කතාවම මාත් එක්ක කිව්වා. මාරෙත් වැඩි කැමැත්තක් නෑ හරක් මරන එකට.
කතාවෙ සරල අදහස මේකයි.
‘අපි (පිරිමි) වෙන වෙන කොයි ගෑණු එක්ක නිදා ගත්තත් අපේ අම්මා එක්ක නිදා ගන්නෙ නෑනෙ. ඒ අපේ සංස්කෘතික සීමාව. දකුණු ආසියාවෙ විශේෂයෙන්ම අපේ වගේ රටවල මනුස්ස ශ‍්‍රමය අඩු කරන්න ඒ තරං දායක වුණු අපිත් එක්ක ළ`ග සම්බන්ධයක් හදා ගත්තු හරකා කියන සතා අපි මස් කරන්නෙ නෑ. ඒක හරියට අපි වෙන කවුරු එක්ක රමණයේ යෙදුනත් මව හා රමණය නොකරනු හා සමයි’
මටත් මේ ගැන උත්තරයක් නැති වුණා. සිතීමේ උරුමය, චෛතසික උරුමය පැත්තෙන් ආපු අදහසක් හින්ද මට පොඩි වැදගත්කමකුත් පෙණුනා.
මං ඒ කතාව අපේ අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලගෙන් ඇහුවා. ඌ ඔලූව දෙපැත්තට වනලා පොඞ්ඩක් කල්පනා කරලා මගෙන් ආපිට ප‍්‍රශ්නයක් ඇහුවා.
‘අයියෙ, ඒ කතාවෙ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවනෙ’
‘අපි අපේ ගෙදර අම්මා එක්ක රමණය නොකරනවා ඇති. ඒත් අපි රමණය කරන අනිත් ගෑණු කියන්නෙත් කාගෙ හරි අම්මා කෙනෙක් සහෝදරියෙක් තමයිනෙ. ඒකෙ අපිට අවුලක් දැනෙන්නෙ නෑනෙ. ඒ වගේ ඉතිං ගෙදර හරකාව මරාගෙන නොකෑවට කමක් නෑ. වෙන කාගෙ හරි හරකෙක් මරාගෙන කන්න පුළුවන්’
හරක් මස් කන එක අශිෂ්ට නමුත් අනුන්ගේ ගෑණු හොරකම් කරන එක ශිෂ්ට වුණු රාවණාගෙ නෑදෑයන්ගෙ කතාව එතනම හාන්සියි (රාවණා කියන්නෙ ගෑණු හොරෙක්). හරක් මස් කෑමෙන් මානසික බලපෑමක් දැනෙන අය ඒ මස් නොකා ඉන්න ඕන. ඒක ගිල්ටියක්. පවක්. ඒත් ඒ පුද්ගලික ගිල්ටිය සදාචාරයකිනුත් එහාට අරගෙන ගිහින් නීතියක් තත්වෙට ගේන්න යනවා කියන්නෙ ටිකක් ‘ඔබ්සෙසිව්’ චර්යාවක්, ලෙඩක්. ඒක හරක් මරනවට වඩා අතිශය ප‍්‍රචන්ඩවාදී තැනකට සමාජය තල්ලූ කරන හරක් අදහසක්.
බුද්ධාගම ලංකාවට තෑග්ගක් විදිහට එවපු අශෝක රජු සෙල්ලිපියක ලියන්නෙ මෙහෙමයි.
‘ස්වකීය ලබ්ධියට පමණක් ගරු කරමින් අන්‍ය ලබ්ධීන්ට ගර්හා නොකට යුතුයි. යම් යම් කාරණා නිසා අන්‍ය භක්තිකයන්ටද පූජා කටයුතු වේ. එයින් උභය පක්ෂයේම අභිවෘද්ධිය සිදුවේ. එසේ නොකළහොත් තමන්ගේ ලබ්ධියට පාඩුද අන්‍ය ලබ්ධිකයන්ට අපකාරද වේ. ඉදින් යමෙක් තමන්ගේ නිකාය කෙරෙහි ආදරය නිසා හෝ තම නිකාය කෙරෙහි ගෞරවය පිණිස හෝ ස්වකීය ලබ්දියට පූජා කරමින් අන්‍ය ලබ්ධීන්ට නිග‍්‍රහ කෙරේ නම් හෙතෙම තම නිකායට හානි පමුණුවයි. එබැවින් සාමග‍්‍රිය උතුම් වේ. සියල්ලෝම ඔවුනොවුන්ගේ ආගම ධර්මයන් දැන ශ‍්‍රවණය කරත්වා. අනුන් අදහන ධර්මය ඇසීමට රුචි උපදවත්වා’
-අශෝක 12 සෙල්ලිපිය (ලක්දිව බුදුසමයේ ඉතිහාසය- වල්පොල රාහුල හිමි)
ඒත් අශෝකටත් වඩා බෞද්ධ බොබසෙ හරක් අදහස ගොඩක් හරක් එක්ක නෑකම් තියෙන පිරිස් විසින් කරට අරගෙන තිබුණ. සිංහල බෞද්ධයාට අප්සෙට් නිසා රටේම හරක් මරන එක තහනං කරන්න තමයි ඒ අයගෙ ඉල්ලීම වුණේ. බුදුන් දෙසූ දහමට වඩා හරක් එක්ක ළ`ග ජානගත සම්බන්ධයක් තියෙන චීවරයක් ලාගත් මනුස්සයෙක් දළදාව ඉස්සරහ ගිනි තියාගෙනත් මැරුණ. තව ගොඩක් අය ගිනි තියාගන්න පෝලිමේ ඉන්න වගත් කියල තිබුණ. තමන් ගිනි තියාගත්තත් අනුන් ගිනි තිබ්බත් මේ අවුළන්නෙ ප‍්‍රචන්ඩත්වය මිස අවිහිංසාවාදය ගැන කතාවක් නෙමෙයි.
හරක් මස් නොකන්නෙක් වුණත් හරකා ලකුණින් මේ අරගෙන යන සංස්කෘතික වාරණය, තහංචිය, පීඩනය ඉවසන්න අමාරු තැන මං හරක් මස් වලට මාරු වුණා. මේ වගේ ළමා සමාජ ඉල්ලීම් වලට විරුද්දව වීදි බහින්නවත් කැම්පේන් කරන්නවත් මහන්සි වෙන්නවත් අවශ්‍ය නෑ. තමුන්ගෙ පාඩුවෙ වැඩිපුර බෙදාගෙන දිගටම හරක් මස් කන්න. ඒක මෙතැන් පටන් නිකං මස් කෑමක් නෙමෙයි තමන්ගෙ සහෝදර ප‍්‍රජාවකගේ ආහාර සංස්කෘතික නිදහස වෙනුවෙන් තමන්ගෙ කෑම පි`ගානෙන් ඇරඹෙන අරගලයක් වෙනවා. කවදාවත් නැතුව හරක් මස් කන එක සාමයේ, නිදහසේ, සහෝදරත්වයේ ප‍්‍රකාශනයක් වෙලා. ඒ වගේම වෙන රටවලින් මස් ආනයනය කරන්න සිද්ද වීමෙන් ජාතික ආර්ථිකය තවත් කඩන් වැටෙන එක නවත්තන්නත් ඒ පොඩි බීෆ් පි`ගාන ලොකු දායකත්වයක් දෙනවා.
ඔබ හරකා ලකුණද මිනිස් ලකුණද? තෝරා ගැනීම ඒ තරම් සරලයි.
ඉන්ෂල්ලා.
-චින්තන ධර්මදාස
//‘මචං ලෝකෙ ශිෂ්ටත්වෙ දියුණුවත් එක්ක මිනිස්සු මෘදු වෙන එක සංවේදී වෙන එක භයානකයි. හැම තිස්සෙම ඉතිහාසෙ වෙලා තියෙන්නෙ ඒ විදිහෙ සංවේදී සීමාවකට ආවට පස්සෙ ප‍්‍රචන්ඩ රළු ශිෂ්ටත්වයෙන් අඩු කණ්ඩායමක් ඒ වඩා ශිෂ්ට අයව යටත් කර ගන්න එක’//
ReplyDeleteමේක ලඟදීම දැකගන්න ලැබුනෙ බොස්ටන් මැරතන් එකේදී.
කාට හරි තර්ක කරන්ඩ පුලුවන් මේවා අයිසොලේටඩ් සිද්ධි කියල. ඒත් ඒකම ලංඩන් වලදිත් ම්ලේච්ඡ ආකාරයෙන් වුනා, මිනීමරුවෝ දෙන්නා ලේ පෙරෙන කඩු පිතෝල පෙන්වමින් මාධ්‍ය වලටත් කතා කලා. මේ සිද්ධි පමනක් නෙවෙයි ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධ බොහෝ සිද්ධි වල අයිඩියොලොජිකල් පදනම එකයි.
එහෙම අන්තවාදී ව්‍යාපාර ලංකාවේ තිබේ නම් බො.බ.සේ වගේ කවටයොන්ට ඒකට එරෙහි රෝල් එකක් නැහැ. වෘත්තීය තොරතුරු එක් රැස් කරන රාජ්‍ය ආයතන ඒවා ගැන අවදියෙන් සිටිය යුතුයි.
හරක් මස් කන උන්ට ඒවා නොකන්න කියලා ගිණි තියාගන්න එකෙයි, උන් ගිණිතියාගන්න නිසා හරක් මස් නොකන උන් හරක් මස් කන්න ගන්න එකෙයි මටනම් කිසිම වෙනසක් පේන්නේ නෑ!
ReplyDeleteඋඹ හරි, උන් දෙගොල්ලොන්ම ගොන් නාම්බෝ!!! :D
Deleteඔය කියලා කට ගන්නකොටම දාලා තියෙන්නේ හරක් මසුත් චිකන් වගේ උයන විදිහක් [ඡායාරූප විස්තර සහිතව].
Deleteඅනේ මෙහෙමත් බත් කන හරක්..!
ලංකා e news එකෙන් , මම download කරගෙන බැලුවා , බොදු බල`සේනාවේ ගලබොඩ අත්තේ ඥාණිස්සර ගේ 2000 නඩු වාර්තාවක් . එයා රාජගිරියේ පන්සලේ ඉන්නකොට බීල Van එකක් drive කරගෙන ගිහින් අහිංසක ත්‍රී වීල් කාරයේක් හප්පලා නවත්තන්නේවත් නැතුව ගිහිල්ල .ඒකේ නඩුව (report ) තමයි pdf එකක් දාල තිබුනේ .අපිට නම් අදාළ නෑ එයා මොනවා කරලා තිබුනත් .එත් එයා දැන් කරන වැඩේ නම් අපිට අදාලයි .මොකද මොනවත් කරලා නැති සුද්දවන්තයෙක් වගේ මොනවත් නොදන්නා මිනිස්සු මිනීමරුවෝ කරන්න try කරන එකට`.
ReplyDeletereport එක බලන්න කැමති අයට මෙන්න link එක . http://142.4.27.83/pdf/Gnanasara_Case.pdf
https://www.facebook.com/photo.php?v=573841489335119&set=vb.369549889764281&type=2&theater
ReplyDeleteහරක් මරනවාට වඩා අන්ත විදියට මිනිසුන් මරූ කාලේ නිහඬව සිටි මිනිසුන්ට හරක් ගැන ඇති වී ඇති මේ ලව් එක නම් සැක අන්තිම සහිතය.
ReplyDeleteපාලකයෝ බිල්ලෝ සොයමින් සිටී,
විනාශයට පෙර, පලමුව මානසිකත්වයක් ඇති කරති.
ලේබල් ගසති.
චේගුවේරා කාරයොනෙ
ජේ වී පී කාරයොනෙ
නැක්සලයිට් කාරයොනෙ
කොටිනෙ
දෙමලුනෙ
හරක් මස් කන එවුන්නේ
හම්බයොනෙ
(ඔසාමා නම් බිල්ලා බිහිකොට, ඔසාමා බින් ලාඩන්ගේ කතාව අවසන් කල හැටි බලන්න.)
ශ්‍රී ලාංකිකයින් ලේ දැකීමට ඇති ආශාවෙන් පෙලෙන ජාතියක් බවට පත් කොට ඇත.