Saturday, October 19, 2013

බකමූණාගේ ආසම සිංදුව

දැන් ලංකාවෙ සිංදු හැදෙන්නෙ නෑ. ඒ වෙනුවට හැදෙන්නෙ රිංගින් ටෝන්. රිංගින් ටෝන් වලින් එළියෙ මියුසික් වලට පැවැත්මක් නෑ. මේක ගැන එහෙම සිංදු කරන අයම වුණත් කතා කරන්නෙ කණස්සල්ලෙන්. ඒක නිකං මූනිච්චාවක් කියලා මුලින් හිතුණත් දිගටම එහෙම අය මුණගැහෙන කොට හිතනවා සල්ලි ගෙව්වත් මෙතන තියෙන බලහත්කාරයේ වේදනාව ඇත්ත වෙන්න පුළුවන් කියල.

රිංගින් ටෝන් වලින් බාල සිංදු හැදෙනවා වගේ ප‍්‍රබුද්ද මනස්ගාතයක හිර වෙන්නෙ නැතුව බැලූවොත් ඇත්තටම නං වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මීට ටික කාලෙකට කලින් සිංදු කියලා ඉතුරු වුණේ ‘බස් සිංදු’ විතරයි. මේ ආපු හැම රැුල්ලකම ඒවාට අදාල සංගීතමය ගුනාංග තියෙනවා. නාද දේශපාලනයක් තියෙනවා. මේක පක්ෂ දේශපාලනයට වඩා ලොකුයි සහ අදාලයි. උදා විදිහට බස් සිංදු වල ඔක්ටොපෑඞ් එක උස්සලා, ටිස් ටිස් සද්දෙ විතරක් ඇහෙන්න නැගෙන ගෝසාව අහන් ඉන්න පුළුවන් බස් එකකම විතරයි. බස් එකේ වේගෙත් එක්ක ඇහෙන්නෙ වචන කෑලි විතරයි. මේ තාල ගොඩක් බස් වලට නැගලා කියන හි`ගන කවි තාල වලට ළ`ගයි. තේමාවන් මල් වලට සහ පන්සල් වලට ළ`ගයි. මේ සිංදු කියන ගායකයොත් ආපහු ඒ සල්ලි වලින් ගත්තෙ බස්.

මේ කැසට් රැුල්ල බස් එකේ සෙට් එකට පෙන් ඩ‍්‍රයිව් එක ගහන්න පටන් ගත්ත තැනදි අහෝසි වුණා. ඩවුන් ලෝඞ් කරලා සිංදු අහන රැුල්ල වෙන විදිහක මාර්කට් එකකට මාරු වුණා. රිංගින් ටෝන් ආවෙ ඒ විදිහට. හිතාගන්න බැරි තරම් වේගෙන් මේ මාර්කට් එක දැවැන්ත සල්ලි කන්දරාවක් එහෙට මෙහෙට ගලන තැනක් වුණා. මෙතනදි තමන්ට පුද්ගලිකව, හුදකලාව ඇහෙන සිංදු  ඕන වුණා. රත්තරං... නොදැක ඉන්න බෑ... මගේ පණ.... වගේ ගේය පද සාහිත්‍යයක් එක්ක එකම තාලෙක සිංදු පැටව් ගහන්න පටන් ගත්තා. මේක ලොකු පදාසයක පැතිරුණු කර්මාන්තයක්. ඇත්තටම අපේ සිනමාවට වඩා ප‍්‍රායෝගිකයි. සිංදු ලියන්නාගේ ඉඳන්, චැනල් සහ ගොසිප් සයිට් දක්වාම මෙහෙයවෙන්නෙ රිංගින් ටෝන් කොම්පැණිය අයිති කොල්ලට  ඕන විදිහට. මේවා ඇතුලෙ ඉරාජ් ලා කසාද බඳිනවා, රොෂාන් චතුරිකා දාලා ගිය හැටි කියනවා, වැඩියෙන්ම ජනප‍්‍රිය වුනේ අතුලයි සමිතයි පේ‍්‍රම කතාව. ඒක දැන් කොටස් වශයෙන් නිෂ්පාදනය වෙනවා. චැනල් වල අධ්‍යක්‍ෂවරුන්ට මුදල් ගෙවා නැවත නැවත ප‍්‍රචාරය කරන දැන්වීම් වගේ සිංදු වදිනවා. ඒවට කන් ඇබ්බැහි වෙනවා. ඊට පස්සෙ ඒක රිංගින් ටෝන් එකට දාගෙන, දාලා ගිය කොල්ලා හරි කෙල්ල හරි කතා කරන කල් බලාගෙන ඉන්නවා.

මේකෙ ආතල් එකක් මිසක් වැරැුද්දක් මට පේන්නෙ නෑ. සම්භාව්‍ය සිංදු අහන කාලෙත් කට්ටිය කළේ  ඕකමයි. සංදේශ කාව්‍ය වචන වලින් කියන එක දැන් සුජීව ප‍්‍රසන්න ආරච්චිගේ වචන වලට මාරු වෙච්ච එක විතරයි සාහිත්‍ය පැත්තෙන් බැලූවොත් වෙනස. ඒත් අර කැඩිච්ච බිඳිච්ච බස් සංගීතය රිංගින් ටෝන් සංගීතයෙදි ඊට වඩා ගුනාත්මක මට්ටමකට ඉස්සෙනවා. උදා විදිහට දමිත් අසංක කියන ඉස්සර බස් ගීත ගායකයා මේ වෙද්දි අතුල- සමිතා සංගීත ධාරව දක්වා වෙනස් වෙනවා. මියුසික් වීඩියෝ එකක් කරලා වෙන විදිහක ප‍්‍රතිරූපයක් හදා ගන්නවා. ඇත්තටම ගත්තොත් මහා පරිමාණෙන් මේක කොලිටි වෙනසක්. අනිත් එක තමන්ට  ඕන විදිහට කස්ටමයිස් කර ගන්නා තමන්ගේ සන්නිවේදන අවකාශයේ කොටසක් වුණු තමන්ගේ රිංගින් ටෝන් එකට සෙට් වෙන, හුදකලා අත්දැකීමක් බෙදා ගන්න තැනට මියුසික් එන එක හොඳයි. ඒ වගේම ෆෝන් එක කොල් ගන්න තැනින් ගොඩක් ඈතට ඇවිත් ප‍්‍රධානතම මියුසික් උපාංගය දක්වා වෙනස් වෙන එකත් ඒක තමන්ගෙ ආත්ම ප‍්‍රකාශනයක් දක්වා හැඩගැහෙන එකත් හොඳ වෙනසක්. ඇරත් මේක නාගරික වෙනසක් විතරක් නෙමෙයි.

ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ වෙන තැනක.

මේ කාලෙ චෝගම් හින්ද අපේ කලාකාරයො ගොඩකට වැඩ තියෙනවා. මිලියන ගණන් ණයට ගත්ත සල්ලි වලින් සොච්චං ගණං පොඩි පොඩි කලා නඩ වලට දීලා චෝගම් ප‍්‍රචාරනය කරන හින්ද හැමෝටම වගේ කොහෙන් හරි පොඩි ගානක් සෙට් වෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ අපේ කලාකාරයන්ට කීයක් හරි හම්බුවෙන්න චෝගම් එනකංම ඉන්න වෙන එක. ඒ වගේ සුවිශේෂ අවස්තාවකදි නැතුව ඒ ආර්ටිස්ට් ලට සාමාන්‍ය ආදායම් මාර්ග නැති එක. වෙන විදිහකට කිව්වොත් දැන් හැමෝම වෙසක් තොරන් ගහන අය වගේ. අවුරුද්දට එක පාරයි වැඩ තියෙන්නෙ. අඩු ගානෙ වෙසක් එක අවුරුද්දකට සැරයක් වත් අනිවාර්යෙන් එනවා. ඒත් රාජ්‍ය සංදර්ශනයක් කවදා එයිද කියලා දන්නෙ කවුද? (අපරාදෙ කියන්න බෑ මහින්ද රාජපක්ස නං ඒ සුබසාධනය හරියට බලලා කරනවා)

ඒ වගේම රිංගින් ටෝන් වල අර්බුදය වෙන්නෙත් ලංකාවෙ මියුසික් වලට ඒ අඹ ගස හැර වෙනත් අඹ ගසක් නැති එක. මේ හින්ද රිංගින් ටෝන් සමාගමේ හාදයට  ඕන විදිහට සමස්ත ලාංකේය සංගීතය යළි නිර්මාණය වෙනවා. එකක් ජනප‍්‍රිය වෙනකොට ඒ විදිහටම තව එකක් හදනවා. මේකෙන් වෙන්නෙ අපි අහන සංගීතය සමජාතීයකරණය වෙන එක. එකම නාද ව්‍යවස්තාවක් ඇතුලෙ අපි අනාත වෙන එක. රේඩියෝ වල යන්නෙ ඒ කොම්පැණියෙන් සල්ලි ගෙවපු සිංදු විතරයි. එතකොට ටීවී වල යන්නෙ ඒ සිංදු වලට හදපු මියුසික් වීඩියෝ විතරයි. හැම තැනම ඇහෙන්නෙ එකම සිංදුවක් එක එක ගායකයො කියන හැටි විතරයි. මේක ඇත්තටම කාලකණ්ණි අත්දැකීමක්.

ඇමරිකානු දේශපාලන දාර්ශනිකයෙක් වුණු මයිකල් සැන්ඩල් මේ සිද්දිය ගැන ලස්සන කතාවක් කියනවා. එයා කියන්නෙ ඇමරිකානු වෙළඳ ආර්තිකයේ ගමන ගැන. මාර්කට් ඉකොනොමි, වෙළඳ ආර්තිකය කියන එක මාර්කට් සොසයටි, එහෙම නැත්තං වෙළඳ සමාජයක් දක්වා ව්‍යාප්ත වෙන එක බයානක අත්දැකීමක් කියල එයා විස්තර කරනවා. මේක අපේ වමේ අය කියන විදිහට ඇති- නැති පරතරයට එරෙහි දුප්පත් කතාවක් නෙමෙයි. එයා කියන්නෙ ආර්තිකයට අදාල මූලධර්මයන් සමාජ අත්දැකීම් වෙනස් කරන තැන දක්වා වැඩෙන්න ඉඩ නොදිය යුතුයි කියල. උදා විදිහට භාණ්ඩ වල මිළ අනුව සිද්ද වෙන සීමා කිරීම් අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ කලාප වෙන තෙක් වැඩෙන එක සමාජ අර්බුදයක් ඇති කරනවා. ඒ වගේම ඉල්ලූම සැපයුම න්‍යාය අනුව අපේ රස කලාපයන් වාරණය වෙන එක අපේ ජීවිත අත්දැකීම් බාල කරනවා. ඉල්ලූම සැපයුම කියන්නෙ ආර්ථිකයට අදාල නියමයක් විතරයි. ඒක ජීවිතයට, මනුස්ස ගණුදෙනු වලට අදාල නියමයක් දක්වා පැතිරෙන්න ගත්තොත් අපි සමාජයක් විදිහට ලොකු අවදානමකට තල්ලූ වෙනවා කියලා සැන්ඩල් පෙන්නලා දෙනවා.

එයා කියන්නෙ සම්පත් හි`ග, නැති- බැරි පංතිය ගැන හිතලා නෙමෙයි. එයා මේ කතාව කියන්නෙ ඇති- හැකි, සම්පත් බහුල පංතිය වෙනුවෙන්මයි. උදා විදිහට තමන්ගෙ සම්පත් ප‍්‍රමාණය නිසා ඒ අයගේ ජීවිත ඉතා කුඩා කැබලි වලට සීමා වෙමින් යනවා කියලා එයා කියනවා. උදා විදිහට සීමිත පිරිසක් සම්බන්ධ වෙන අධ්‍යාපනය, සීමිත පිරිසක් සම්බන්ධ වෙන සමාජ වටපිටාව, මේ විදිහට හැම දේකදිම මුදල් විසින් ඒ අයගේ අත්දැකීම කුඩා කරනවා. එතකොට සමාජය කුඩා වෙනවා. තවදුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ දේවල් වලංගු නැති අවකාශයකට අපි ගමන් කරනවා. හේතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වලංගු වෙන්නෙ අපි හැමෝම එක පොදු බිමක් බෙදා හදා ගන්නවා නම් විතරයි. එක පොදු ජීවිතයක් ඇතුලෙ පාරිභෝජන විෂමතා ගොඩනැගීම අවුලක් නෙමෙයි. සහ ඒක අවශ්‍යයි. ඒත් ඒ පාරිභෝජන සීමා විසින් අපේ ජීවිතය වඩා සීමිත කරන්නට ඉඩ නොදිය යුතුයි කියන එකයි සැන්ඩල්ගෙ අදහස.

රිංගින් ටෝන් ගැනත් මට දැනෙන්නෙ මේ සංසිද්දියමයි. ඒක මේ වෙද්දි ආර්ථිකයේ සිමාවෙන් එලියට ඇවිත් අපේ නාද අවකාශයට සීමා පනවන තැන දක්වා ඇවිත්. ඒ වෙළඳාම ඇතුළෙම අපේ ඇසීම පාලනය කරන්න හැම උත්සාහයක්ම දරමින් ඉන්නවා. නාද වෙළඳාමෙන් එලියෙ අපේ සිතීමේ, කතා කිරීමේ සහ බෙදා හදා ගැනීමේ විශ්වයන් පවා යලි නිර්මාණය කරමින් ඉන්නවා. මේක හානියක්. අපේ රස විඳීමේ අවකාශයන් පටු කිරීමේ සහ වාරණය කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී උත්සාහයට දැනුවත් මැදිහත් වීමක් සිද්ද වෙන්න  ඕන. ඇසීමේ මිනිස් අත්දැකීම ඉල්ලූම- සැපයුම උඩ පමණක් තීරණය වෙන තැනකට තල්ලූ වෙන එකට අපිට විකල්පයක්  ඕන.

මේක රිංගින් ටෝන් විකුණන කොල්ලො ටික කිසිම දැනුමකින් තොරව කරන එකෙන් සිද්ද වෙන හානිය වැඩියි. තමන්ගෙ බිස්නස් එක පේමන්ට් ක‍්‍රමේට කරලා දවස ඉවර වෙද්දි මාරු වෙන ආකෘතියකින් (ඇන්නා පැන්නා) සකස් වුනු වෙළඳාමක් හින්දම මේක ත‍්‍රස්තවාදයක් විදිහට පැතිරෙන එක අනිවාර්යයි. මෙතනදි මගේ අදහස වෙන්නෙ මේ වෙළඳාමට සීමා දැමීම හෝ මේක හෙළා දැකීම නෙමෙයි. ඒ වෙනුවට රාජ්‍ය අනුග‍්‍රහයක් නැතුව මේ තරම් අන්තර් සම්බන්ධිත විදිහට, පළල් විදිහට ගොඩනැගුණු කර්මාන්තයක් හැටියෙන් රිංගින් ටෝන් ප්‍රොජෙක්ට් එක මං අගය කරනවා. අනිත් පැත්තට නන්නත්තාර වුණු මියුසික් ඉන්ඩස්ට්රිය නමට වත් බේරුනේ මේ හදිස්සි ආක‍්‍රමණය හින්ද.

ඒත් මේ සමජාතීයකරණයට හා බලහත්කාරයට විරුද්දව ක‍්‍රියාත්මක වෙන සවිඥාණක උත්සාහයන් අවශ්‍යයි.
වෙළඳ ආර්තිකයක් සමාජය ආක‍්‍රමණය කිරීම සහ ඒ ගනුදෙනු මැද්දට කඩාපැනීම පාලනය කරන්න ඒ විදිහෙ ප‍්‍රතිවිරෝධතා අනිවාර්යයි. උදා විදිහට මේ වෙලාවෙ රේඩියෝ සහ ටීවී කියන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් ජනතාවගේ ඈත්වීම වේගවත් කරන එක මේ හානිය අවම කරන්නක් වෙන්න පුළුවන්. ඒ වෙනුවට මේ තරගය අන්තර්ජාලය වගේ පිට්ටනියකට කැඳවන එකෙන් යම් සාධාරණ මුනගැසීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතනදී විකල්ප සංගීත ධාරා, නාද ව්‍යවස්තා හුවමාරු වෙන අවකාශය විශාල කර ගැනීමෙන් මේ වෙළඳ බලය අපේ කනට ගහන වේගය අඩු කර ගන්න එකයි වෙන්න  ඕන.

වඩාත් වැදගත් දේ වෙන්නෙ නැවත සජීවී මුණගැසීමක් දක්වා සංගීතය තල්ලූ කරන එකයි. මීඩියා කියන අතරමැදියා වෙනුවට සජීවී විදිහට සංගීතකරුවා සහ ශ‍්‍රාවකයා අතර සම්බන්ධය යළි ගොඩනගන්න  ඕන. ඒ ඇත්ත සම්බන්ධය ගිලිහෙන තැන ඉඳන් අපි තොග පිටින් සමූහ නාද නිශ්පාදන මිනී වළට ඇදන් වැටෙනවා. අවාසනාවට ඇත්ත කතාවක් වෙන්නෙ නැවතත් මේ වෙනස වෙනුවෙන් මාධ්‍යම ඉදිරිපත් වෙන එක. ඒක රේන් කෝට් දාලා නානවට වඩා එහා අත්දැකීමක් වෙන්නෙ නෑ.

මේ ඇත්ත සම්බන්දෙ ආපහු ගොඩනැගෙන කල් අපිට වෙන්නෙ බකමූනගේ, ගෙම්බගේ, පාත්තයාගේ කැමතිම සිංදු අහගෙන ඉවසගෙන ඉන්න.

-චින්තන ධර්මදාස

2 comments:

  1. /////වඩාත් වැදගත් දේ වෙන්නෙ නැවත සජීවී මුණගැසීමක් දක්වා සංගීතය තල්ලූ කරන එකයි. මීඩියා කියන අතරමැදියා වෙනුවට සජීවී විදිහට සංගීතකරුවා සහ ශ‍්‍රාවකයා අතර සම්බන්ධය යළි ගොඩනගන්න ඕන. ඒ ඇත්ත සම්බන්ධය ගිලිහෙන තැන ඉඳන් අපි තොග පිටින් සමූහ නාද නිශ්පාදන මිනී වළට ඇදන් වැටෙනවා. අවාසනාවට ඇත්ත කතාවක් වෙන්නෙ නැවතත් මේ වෙනස වෙනුවෙන් මාධ්‍යම ඉදිරිපත් වෙන එක. ඒක රේන් කෝට් දාලා නානවට වඩා එහා අත්දැකීමක් වෙන්නෙ නෑ.//////

    කලක් ජයතිලක බන්ඩාර ඇතුළු කට්ටියකුත්......දැන් අජිත් කුමාරසිරිලා ඇතුලු කට්ටිය කරන්නෙත් මෙ කියන දේ නේද? මා දැනුවත්ව ජයතිලකලාගේ වැඩවලදී මාධ්‍ය සම්බන්ධ උනේ නැහැ. අජිත්ලාගේ දේවල් බලන්න ලැබිලා නැහැ අහනවා විතරයි. ඔබ කියන කතාව හරි. හැබැයි මුන්ව ජීවත් කරවන්නේ කොහොමද? යුරෝපයේ වගේ සම්ප්‍රදායන් අපිට නැහැනේ. අඩුම ගානේ ඊලඟ නිර්මානය දක්වා තල්ලු කරගෙන යන්නවත්.

    ReplyDelete