ඒත් අදහස් වෙනස් වෙනස් කලාප වල ගැටෙමින් පෙරළෙමින් පරිණාමය වෙන එක මං නොහිතන තවත් ප‍්‍රතිඵල ඇති කරන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. ඒත් සමාජ විචාර සාකච්ඡුාව ඇතුලෙ මං සංගාගේ හාද්ද රොමාන්තිකයි කියලා කියපු කතාවෙ අදාල නැති තැනක පැටළුණා කියල මට හිතෙනවා. රොමාන්තික කියන වචනෙට අර්ත දෙකක් තියෙනවා. එකක් ආදරය ප‍්‍රකාශ කිරීම, ආදරයෙන් මත්වුණු හැසිරීම වගේ දේවල් එක්ක සම්බන්දයි. අනිත් එක මේ සාකච්ඡුාවෙදි පැටළුණු රොමාන්තික යුගය එක්ක සම්බන්දයි. මට සංගා රොමාන්තික වුණෙ පළවෙනි අදහසින්.
මහින්දට දුටුගැමුණුට ෆොන්සේකාට ඇයි මේ හාද්ද දෙන්න බැරි කියන කාරණය හරි සරලයි පැහැදිලියි. ඒ ගොල්ලොන්ගෙ උඩු රැුවුල හින්ද. පාර්ක් එකක අතක් අල්ලගෙන වත් ඉන්න බැරි රටක ලෝකෙටම පේන්න දෙතොල් සිපගැනීමක් මං හිතන්නෙ හොඳ කම්පනයක් ඇති කරනවා. ඒක හින්දම මේ වෙද්දි ඒ පිංතූරෙ අධිවේගයෙන් ඉන්ටර්නෙට් එකෙන් ඉවත් වෙමින් යනවා.
සංගාගේ හාද්දත් එක්ක අපිට තිබුණා හාදු කැම්පේන් එකක් පටන් ගන්න. හැමෝම තමන්ගෙ පෙම්වතියන් හෝ පෙම්වතුන්ගෙ දෙතොල් සිපගැනීමක් ෆේස් බුක් එකේ ෂෙයාර් කරන විදිහෙ වැඩක්. එක පැත්තකින් ආදරය ගැන මොකක් හරි දෙයක් වගේම ආදරය ගැන අපි ඇතුලෙම තියෙන තහංචි ගොඩක් එහා මෙහා වෙන්න පුළුවන් ඒ වගේ ටේරන්ඞ් එකකින්. ‘ඩෙයාර් ටු කිස්’ වගේ හෑෂ් ටැග් එකක් හරහා (#daretokiss) අපිට ඇත්තටම එලිපිට හාද්දක තියෙන සංස්කෘතික වෙනස අත්දකින්න තිබුණ. මං හිතන්නෙ තාමත් පරක්කු නෑ.
මට හිතෙන්නෙ මගේ ජීවිතේ වැදගත්ම උපදේශය මං කියෙව්වෙ මාළු ඔතන පත්තරේකින්. ඒකෙ තිබුණ ලලිත් කොතලාවලගේ ඉස්සර ඉන්ටවිව් එකක්. ජීවිතය ජයගත්ත විදිහ කියනවා වගේ අතිරේකයක ඒක පළවුණේ. එතනදි කොතලාවල එයාගෙ තාත්තා දීපු උපදෙසක් මතක් කරනවා.
‘කොයි වෙලාවක වත් දුවන මී හරකෙක් නවත්තන්න හදන්න එපා. ඌට නගුලක් හයි කර ගන්න විදිහ කල්පනා කරපං’
ගොඩක් දේවල් ගැන හිතද්දි මට ලලිත් කොතලාවලගේ තාත්තාව ආයි ආයිත් මතක් වෙනවා.
ලංකාවෙ චිත‍්‍රපටියක දීපු හොඳම හාද්ද මං දැක්කෙ කොයින්ස් ෆෙස්ටිවල් එකේ තිබ්බ විරාජ් ලියනාරච්චිගේ ෆිල්ම් එකක. ඒකෙ නම තිබුණෙ ‘වෙන් තර්කොව්ස්කි මීට්ස් ගොඩාඞ්’ කියල. ඒ නමට මං එච්චර කැමති නැති වුණත් මං හිතන්නෙ රූප තාක්‍ෂණය පැත්තෙන් හිතලා ඒ සමීකරණය හදාගන්න ඇති.
ලංකාවෙ තියෙන සිනමා උළෙල වලින් වැදගත්ම උළෙල මට අනුව මේ කොයින්ස් ෆෙස්ටිවල් එක. නිකං පිටකසා ගැනීම් සහ සාටෝප අලංකාර විතරක්ම වෙන අනිත් චිත‍්‍රපටි උළෙළ වලට සාපේක්‍ෂව මෙතනදි ඇගෙයන්නෙ ඊළ`ග පරපුරේ චිත‍්‍රපටිකරුවන්ව. විශ‍්‍රාම යන්න ඉන්න අය වෙනුවට එළියට එන්න නියමිත අය. ඒ අයගේ වැඩ එක්ක වෙන රටවල සිනමා ශිෂ්‍යන්ගේ වැඩ කරට කර තියලා කිරා බැලීමක් මෙතනදි සිද්ද වෙනවා. එක පැත්තකින් ඒක විශිෂ්ට තත්වයේ සම්මාන උළෙලක් වෙන අතරෙම තව පැත්තකින් සිනමාවේ ඊළ`ග බලාපොරොත්තුව නිර්මාණය කරනවා. මට හිතෙන්නෙ මේ ගෞරවයේ වැඩි කොටසක් හු`ගක් කාලෙක ඉඳන් මේ සිහිනය ජීවත් කරවන ධනුෂ්කට ලැබෙන්න ඕනි.
චිත‍්‍රපටි පෝලිමම බලාගෙන යද්දි මට දැණුනු හු`ගක් ආනන්දජනක කාරණය වුණේ ඉස්සරට වඩා අපි දැන් වෙන රටවල පවතින සිනමාවෙ මට්ටමට ගොඩක් කිට්ටු වෙලා කියන එක. ඉස්සර විදේශීය චිත‍්‍රපටියක් එක්ක එක පෙළට අපේ ෆිල්ම් එකක් බලන්න බෑ, ලැජ්ජ හිතෙනවා. ඒත් මේ චිත‍්‍රපටි ගොන්නෙ සමහර තැන් වලදි ලංකාවෙ ෆිල්ම් ඒ රටවල ෆිල්ම් වලට වඩා ගොඩක් ඉස්සරහින් තිබුණ.
සිනමාව ඉගෙන ගන්න සිනමා පාසැලක් ඕන කියන කාරණයට මං එච්චර එක`ග නෑ. ඒත් අවුරුදු කීපයක් පුරා ඩිජිටල් සිනමා ඇකඩමියෙ එක එක අධ්‍යක්‍ෂවරයා අතින් ගොඩනැගෙන සිනමාව එක දිගට නරඹන්න මේ ෆෙස්ටිවල් එක හරහා මට අවස්ථාවක් ලැබුණ. මුල අවුරුද්දෙ ඉඳන් අන්තිම අවුරුද්දට එද්දි සිනමාත්මකව ඒ අය අත්කර ගන්න පරිමාව දැකලා මම පුදුම වුණා. සිනමා පාසැලක් හරහා හැම දෙයක්ම නැතත් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා මට පිළිගන්න වෙනවා.
ඒ වගේම විශ්ව විද්‍යාල පද්ධතිය හරහා සිනමාවට සිද්ද වෙන සම්බන්දය අතිශයින් දුර්වලයි වගේම ජරාජීර්ණයි කියන එකත් මේ හරහා දැක්ක ඇත්තක්. විශ්ව විද්‍යාල වල සිනමා විෂය හදාරන්නන් කරලා තිබුණු නිර්මාණ ප‍්‍රදර්ශනය කරන්නවත් බැරි තරම් දුප්පත් මට්ටමක තිබුණෙ. ඒක තාක්‍ෂණික පැත්තෙන් විතරක් නෙමෙයි. අදහස් සහ සිනමාව හැසිරවීම කියන කාරණා අතිනුත් හු`ගක් ප‍්‍රාථමිකයි. මේ බිඳ වැටීම කාලයක පටන් දැනෙමින් තිබුණත් මේ වෙද්දි පිටත නාගරික සිනමාව වේගයෙන් දියුණු වීමත් එක්ක තත්වය තීරණාත්මක වෙලා තියෙනවා.
මේ චිත‍්‍රපටි අතරෙ තිබුණ මං ගොඩක් කැමති චිත‍්‍රපටි තුනක්. තවත් ගොඩක් හොඳ ෆිල්ම්ස් තිබුණත් මේ චිත‍්‍රපටි තුන මාව ටිකක් හොල්මන් කළා. එකක් අර කලින් කියපු තර්කොව්ස්කියි ගොඩාර්ඩුයි මුණගැහෙන තැන. මුලින් ඈත හිඳ සියල්ල දෙස බලා සිටින මුනිවර තර්කොව්ස්කි සෙයියාවෙන් කතාව පටන් ගන්නවා. ඊට පස්සෙ පිස්සු ගොඩාඞ් අතට මාරු වෙනවා. ඒක මරණය ගැන කතාවක්. ඒ මරණය එක්ක අපි සිහිනයක් දකිනවා. මරණය සිද්ද වෙනවා. සිහිනය ඇහැරෙනවා. හැම මරණයකටම සාක්ෂිකාරයෙක් ඉන්න ඕන. ඒ සාක්ෂිය හුස්ම වැටෙන කැමරාවද නැත්තං නැවත ඈත සිට බලා සිටින ඉසිවර බැල්මද? මට චිත‍්‍රපටිය ඇතුලෙ පාදක කතාවත්, සිනමාවත්, තිරය සහ අපිත් අතරෙ එහාට මෙහාට මාරු වෙන සංවාදයක් හැදුවා ඒ චිත‍්‍රපටිය.
මේ අලූත් ප‍්‍රකාශන හරහා සිනමාවට එලියෙන් තවත් ගොඩක් දේවල් සිද්ද වෙනවා. උදා විදිහට මේ ෆිල්ම් එකට සංගීතය කරලා තිබුණෙ චින්තක ගීතදේව.
හා.....මල් පිපෙන්නෙ
ග`ග ගලන්නෙ හ`ඩ නගා
මැණිකෙ නිසා.... ඔබ ගිය නිසා....
හා..... සඳ වැටෙන්නෙ
පිණි අහුරු වල ගුලි වෙලා...
ඔබ නිසා..... ඔබ ගිය නිසා....
මේ අන්තිම ට‍්‍රැක් එකත් එක්ක ෆිල්ම් එක ගොඩක් ගැඹුරු තැනකට අරන් යනවා. මේ විදිහෙ විකල්ප වෙනස් සංගීත රටා, හ`ඩ පරාස එක්ක ගනුදෙනුවකුත් මේ අත්හදා බැලීම් හරහා සිද්ද වෙනවා. ඒක හු`ගක් ලොකු දෙයක් වෙන්නෙ වෙන කිසිම විධිමත් ඇකඩමික් අත්හදා බැලීමක් හරහා මේ සංයෝගය සිද්ද නොවෙන හින්ද. උදා විදිහට ඉතා මෑතක පේරාදෙණියෙ තිබ්බ මේ විදිහෙ වෙනස් සංගීත හැන්දෑවකට පවා ගොඩක් ශාස්ත‍්‍රීය බාල්දි වැටුණ. අලූත් සිනමා අත්හදා බැලීම් හරහා ඒ සමස්ත විකල්ප සංස්කෘතික පරාසයම එකතු කර ගන්න එක ගොඩක් සාධනීයයි.
ඞී‍්‍රමර්ස් ඇන්ඞ් ඞී‍්‍රම් විවර්ස් කියන්නෙත් මං ලංකාවෙ බලාපොරොත්තු නොවුණු විදිහෙ සිනමා ප‍්‍රකාශනයක්. අපි හැමදාම දකින්නෙ තමන් කරපු අපරාධය නිසා විඳවන රස්කොල්නිකව් වර්ගයේ පව්කාරයො. ඒත් ඇත්තටම අපරාධ ඒ තරං බෝරිංද ? අඩුම තරමෙ අපිට සාපරාධී බව ගැන වෙනස් පරිකල්පනයකටවත් යන්න බැරිද? දුර්වල පීඩිතයා හරි පශ්චත්තාප පීඩකයා හරි විතරයි අපේ විෂය වෙන්නෙ. ඒත් මේ ෆිල්ම් එකේදි සැන්ඩි (අධ්‍යක්‍ෂිකාව) රියැලිටි එක මාරු කරනවා. තමන් යම් පමණක් හෝ හොඳින් තමන්ගෙන් පීඩිතයන්ට සළකන්න ඇති කියලා සතුටු වෙන හමුදා පීඩකයෙක්. ඒ වධ වේදනා විඳි අය බලන්න ඉඳහිට මතක කැලෑවට ගොඩ වදින නීතියේ නමින් අපරාධ කරපු පාදඩයෙක්. ඒත් ඒ හෘදය සාක්‍ෂිය අපි දකින්න බලාපොරොත්තු වෙන පරාජිත දුක්ඛිත බව නෙමෙයි. ඒ වෙනුවට එයාටත් තියෙනවා තමන්ව සාධාරණීකරනය කර ගන්න පුළුවන් හේතු. පැවැත්මෙ වඩාත් බියජනක දේ වෙන්නෙ ඒක. ඒ අතීත වධ වේදනා ගැන විපරීත හීන වලින් තමන්ගෙ නින්දට බාධා කරන්න එපා කියලා මේ මහල්ලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මට හිතෙන්නෙ මේක තියුණු සිනමා භාවිතාවක් වගේම ගැඹුරු මිනිස් තේරුම් ගැනීමක්.
තුන්වෙනි ෆිල්ම් එක බියොන්ඞ් ද රියැලිටි. සුපර් ස්ටාර් වෙන්න පුරුදු වෙන ගායිකාවක් සහ එයාව පුරුදු කරන ගුරුවරයා අතර දිවෙන වාර්තා චිත‍්‍රපටියක්. ඒත් මේක ෆික්ෂන් එකකට වඩා හැ`ගීම්බරයි. රියැලිටි සිහිනය සහ අත්විඳින රියැලිටිය අතර දෝලනයෙන් මේ චරිත වලට තුන්වෙනි කියවීමක් දෙන්න අධ්‍යක්‍ෂවරයාට පුළුවන් වෙනවා. ඒක දැනීමක්, විඳීමක් මිස ප‍්‍රකාශිතයක් නෙමෙයි. අපිට පෙන්නන්නෙ රියැලිටි තරග සඳහා පුහුණු කිරීම් කරන සංවේදී සංගීත මාස්ටර් කෙනෙක්ගෙ කතාවක්. ඒත් අපි දකින්නෙ වෙනමම කතාවක්. ඒක ජනප‍්‍රියත්වය හා බැඳුණු කලාව සහ ජීවිතය සමග බැඳුණු කලාව අතර දේශපාලනික සංසන්දනයක් වෙන්නෙ අපිව හිරිවැටෙන තරම් ලස්සන ආදර කතාවක අනාත කරමින්. ඇත්ත, ප‍්‍රබන්ධයකට වඩා කොයිතරම් ගැඹුරුද? විචිත‍්‍රද? ලංකාවෙ අතිශය නොදියුණු ඩොකියුමෙන්ටි‍්‍ර චිත‍්‍රපටි කලාවට බියොන්ඞ් ද රියැලිටි කියන්නෙ අලූත් යෝජනාවක්. වාර්තා චිත‍්‍රපටිය යතාර්ථයෙන් ඔබ්බට අරගෙන එන්න.. මං හිතන්නෙ මේ ටයිට්ල් එක වැඩ කරන්නෙ එතනට.
මේ බලාපොරොත්තු දනවන සිනමාව අපි නැවත නැවත බෙදා ගන්න ඕන කියලයි මට හිතෙන්නෙ. ඒකෙන් තවත් වෙනස් වෙනස් සිනමා ප‍්‍රවේශයන් උපදීවි. කොයින්ස් ෆෙස්ටිවල් එකේ ඇගයීම් ලබපු ලංකාවෙ සහ විදේශීය හැම චිත‍්‍රපටියක්ම එළියෙ නැවත ප‍්‍රදර්ශනය කරන්නත් ඒ ගැන පුළුවන් තරම් කතා බහ කරන්නත් යෝජනා කළේ ඒ අදහසින්. අපේ‍්‍රල් 26 වෙනිදා කොළඹ ටෝකීස් හරහා මේ චිත‍්‍රපටි අපිට ආයිමත් නරඹන්න පුළුවන්. ප‍්‍රශ්න අහන්න, කතා කරන්න පුළුවන්.
මේ නැවත ප‍්‍රදර්ශනය මේ වගේ බලාපොරොත්තුවක් තනා දීම වෙනුවෙන් ඩිජිටල් සිනමා ඇකඩමියට කරන ප‍්‍රණාමයක් වගේම ඒ නිර්මාණකරුවන්ට කරන ආචාරයක්.
-චින්තන ධර්මදාස
No comments:
Post a Comment