මං හිතන්නෙ ආදරය කියන්නෙ අපි ඕනවට වඩා ලොකු කරපු පොඩි දෙයක්. ආදරයට මුල් වෙන්නෙ ඇගයීම. අපිට පේනවා මාර දෙයක් ඒ ආදරය කරන වස්තුව ඇතුළෙ. මේ ඇගයීම එන්නෙම අපි ඒ ගැන නොදන්නාකම නිසා. කොටින්ම ප‍්‍රායෝගිකව ආදරය කරපු සෞඛ්‍යසම්පන්න ඕනම කෙනෙක් දන්නවා, ආදරය කාලයක් යද්දි අඩුවේගෙන යනවා කියල. ඉතින් ඒ ආදරේ රඳවගන්න අපි ගොඩක් දේවල් කරනවා. ඒත් අපි ආදරය කරන අයව අපි තේරුම් ගන්න තේරුම් ගන්න, ඒඅ ය එක්ක අපි ගැඹුරෙන් බැඳෙන්න බැඳෙන්න ආදරය තුනී වෙනවා.
හැමදාම එකවගේ ආදරේ කරන අය නැද්ද? අපි කොච්චර එහෙම අය දැකලා තියෙනවද? එතකොට ආදරය වෙනුවෙන් සටන් කරන අය අහවි. එහෙම අය ඉන්න පුළුවන්. ඒත් අයට තියෙන්න පුළුවන් හු`ගක් බෝරිං, පටු ජීවිත. ඒ හින්ද එකම ටැංකියෙ කරකැවෙන මාළුවා වගේ එකම දේ අලූතෙන් දකිනවා කියලා හිතාගෙන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්.
එහෙම නැත්තං ආදරය මැරෙන්නම ඕන. ආකර්ශනය උදාසීන වෙන්නම ඕන. ඊට පස්සෙයි අපි පැවැත්මෙන් මුණගැහෙන්නෙ. ඒ පැවැත්මට කොන්දේසි නැහැ. ඒ පැවැත්ම අපිට වඩා විශාලයි. අපිට හසුරුවන්න බෑ. ඒත් පැවැත්ම හරහා ඇති වෙන බැඳීම ආදරයට වඩා ගොඩක් විශාලයි.
ඒක ගැඹුරු ආදරයක් වගේ කියන එක තවත් රොමාන්තිකකරණයක් විතරයි. ඒක ආදරය හෝ අනාදරය නොවෙන තැනක්. ඒක නිකංම නිකං මනුස්ස තැනක්. ආදරය කියන්නෙ පොඩි උන්ගෙ විහිළුවක් වගේ මේ වගේ පැවැත්මක් එක්ක සසඳද්දි. ඒක කාලය සහ අවකාශය එකට බෙදා ගැනීම නිසා ඇති වුණු ගැඹුරු සම්බන්ධයක්.
එතන මල් පොකුරු නැති වෙන්න පුළුවන්. දවසෙම මරා ගන්නවා වෙන්න පුළුවන්. හොඳ නරක ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ අතර සම්බන්ධය එලියෙන් දෙන විනිශ්චයක් මත රැුඳෙන දෙයක් නෙමෙයි. ඒක ඒ චරිත අතර ඒ අය විතරක්ම දන්නා- නොදන්නා තත්වයක්. ජීවත් වීමෙන් විතරක්ම කවදා හරි තේරුම් ගන්නා තත්වයක්.
අපි පුළුවන් තරම් ඉක්මණට ආදරය අවසන් කරන්න ඕන. පැවැත්මෙ හැම සුන්දර ශුන්‍යතාවයක්ම ආදරයේ රොමාන්තික වචන වලින් පිරවීම නවත්තන්න ඕන. විශේෂයෙන්ම පාවුලෝ කොයෙලො වගේ ගැඹුරු දැක්මක් ඇති අයගේ පවා ලියමනට මං නොඑක`ග තැන වෙන්නෙ මෙතන. හැමදෙයක්ම ආදරයෙන් රොමාන්තික කිරීම. ඒක ජීවිතය පුංචි කර ගැනීමක්. හැ`ගීම් වල ඒ අතට මේ අතට පැද්දෙන එක ජීවිතය කියලා හඹා යාමක්. ආදරය කරපු කවුරුත් මේ ඇත්ත දන්නවා. ඒත් හැමෝම ඊළ`ග වතාවෙ වඩා නිවැරදිව ආදරය කරන්න තීරණය කරනවා. ඒත් එහෙම නිවැරදි ආදරයක් කොහෙවත් නෑ. ඒක එක අහම්බ මොහොතක් විතරයි. ආදරය ලස්සන වෙන්නෙත් එක නිමේෂයකින් පිපිලා අවසන් වෙන හින්දමයි.
ආදරයෙන් එළියට වැඩෙන්න. ඒ කියන්නෙ අනාදරයට නෙමෙයි. ආදරය නොවෙන විශාල පැවැත්මක් දෙසට. ඒක සංකල්පීකරණය නොකළ අතිශය පුද්ගලික කලාපයක්. ඒ ගැන සිංදු නවකතා නෑ. එතන තියෙන්නෙ ඉන්න විතරයි. හදිස්සියක් නැතුව. කුල්මත් නොවී. දෙවියෙක් හෝ යක්ෂයෙක්, කවියෙක් හෝ සොල්දාදුවෙක් නොවී මිනිහෙක් විදිහට එතන ඉන්න.
Chemical Buddha
ආදරයෙන් එළියට වැඩෙන්න. ඒ කියන්නෙ අනාදරයට නෙමෙයි. ආදරය නොවෙන විශාල පැවැත්මක් දෙසට. ඒක සංකල්පීකරණය නොකළ අතිශය පුද්ගලික කලාපයක්. ඒ ගැන සිංදු නවකතා නෑ. එතන තියෙන්නෙ ඉන්න විතරයි. හදිස්සියක් නැතුව. කුල්මත් නොවී. දෙවියෙක් හෝ යක්ෂයෙක්, කවියෙක් හෝ සොල්දාදුවෙක් නොවී මිනිහෙක් විදිහට එතන ඉන්න., මම මේකට එකඟයි.
ReplyDeleteහරියටම හරි!! මම හිතන්නෙත් එහෙමයි.
Deleteආදරය අල්ලා ගැනිම තුළම ආදරය වාෂ්ප නොවන්නේද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදෙදෙනෙකු අතර ඇති ඔබ ඔය කියන ආදරය මෙන්න මෙහෙම කෙටියෙන් කියන්න පුළුවන් Live, Let Live. ඔය ආදරය ප්‍රත්‍යක්ෂව දැනෙන , අත්දකින පුද්ගලයාට විතරයි මුළු ලොවටම අවංකව මෛත්‍රි කරන්න පුළුවන්...
ReplyDeleteනිතර රංඩු දබර කරන ජෝඩුවක ආදරයේ රහස ඒ රන්ඩු දබර අස්සෙ රැදිල තිබෙනවා.
ReplyDeleteAdare kiyanne hathpasinma wenas deyak ...awanka nam!!!!
ReplyDelete