මේ පාර ලියන්නෙ මොකක් ගැනද කියල කල්පනා කරද්දි මට කාලෙකට ඉස්සර සිරිමල්
පාරාදීසෙට ලියපු පෙරවදනක් මතක් වුණා. සිරිමල් පාරාදීසෙ කරද්දි පත්තරේට ආවෙ
පෙරවදන ලියන්න විතරයි. ලොකු පත්තරේ හිස් පිටුවක් මැද්දෙ ඌ මෙහෙම ලිව්වා,
කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...
එච්චරයි.
පාරාදීසෙ කවදාවත් ලංකාවෙ සිද්ද නොවුණු විදිහෙ වැඩක් වුණෙ සිරිමලාගෙ මේ
හිතුවක්කාරකම හින්ද. ආයිමත් එහෙම පත්තරයක් ලංකාවෙ වෙන එකක් නෑ. ඒ සිරිමලාට
ඇරෙන්න එහෙම වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නැති හින්ද.
කිසිම
දෙයක් ලියන්න හිතෙන් නැති කාලයක්...ආයිමත් එහෙමයි. කිසි දෙයක් සිද්ද
වෙන්නෙ නැති, කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නැති කාලකණ්ණි කාලයක්. හැමෝම තමන්
මැරෙන කල් ඉවසන් ජීවත් වෙනවා. කාගෙවත් ජීවිත පුංචි පුද්ගලික තිතකින් එහාට
ලොකු වෙන්නෙ නෑ. අතීතෙන් එහාට වැඩෙන්න භෞතිකයක් නෑ. දේශපාලනයක් නෑ. පාලකයො
ඇරෙන්න වෙන කාටවත් ජීවිතේ ගැන අදහසක් නෑ. ජීවිතේ හැමතැනම. කෑලි කෑලි.
මේ පත්තරේම කොමර්ෂල් බ්‍රේක් කියලා පළවෙන ආර්ටිකල් එකක ඒක ලස්සන විදිහකට කියල තිබුණ.
‘අපේ
සිනමාව, කලාව හාරන්නෙත් අතීතය. කියන්නෙත් අතීතෙ හාරන්න කියල මිසක් අනාගතේ
ගැන හිතන්න නෙමෙයි. ඉතිං හොරුත් අතීතෙ හාරන්න පටන් අරං. නිධන් හාරනවා
කියන්නෙ ඒ අතීතෙ හාරන එකේ භෞතික මුහුණුවර’
වචන වෙනස් වෙන්න පුළුවන්. ඒත් අදහස වුණේ ඒක.
කාලෙකට
පස්සෙ මියුසික් වැඩක් තිබ්බ හින්ද පාර්ක් ස්ටී‍්‍රට් පැත්තට ගියේ අලූත්
මොකක් හරි අහන්න පෙරේතකමට. ගොඩක් දේවල් ලස්සනට තිබුණ. බොන්න තිබුණ. කන්න
තිබුණ. ලස්සනට ඇඳගෙන කට්ටිය ඇවිත් හිටියා. වාදනය වුණත් සෑහෙන මට්ටමක තිබුණ.
ඒත් ලොකු දෙයක් හිස්. කොච්චර බලන් හිටියත් ඇ`ගට දැනෙන්නෙ නැති දුරක්.
පිටස්තර ගතියක්.
ඒ වැඬේ ඇතුලෙ අදහසක් තිබුණෙ නෑ. විෂයක්
විදිහට සංගීතය ඇතුලෙ ඒකෙම වූ ශ‍්‍රව්‍ය ව්‍යවස්ථා එක්ක හැප්පෙනවට වඩා
එහායින් ජීවිතේ ව්‍යවස්ථාව එක්ක හැප්පෙන්න ඒ සංගීතය පරිණත වෙලා තිබුණෙ නෑ.
ඒක තමයි අවුල. මිනිස්සු පුංචි පුංචි තිත් ඇතුලෙ ලොකු වෙන එක. මං මේ කතාව
කෙලින් අහලා තියෙන්නෙ අජිත් ගෙන් විතරයි.
මට සංගීතය කියන්නෙ පැෂන් එකක් නෙමෙයි. ඒක මට මිෂන් එකක්.
එලියට
බැස්සොත් මරණයක්. පත්තරයක් පෙරළුවොත් මිනීමැරුමක්. ටීවී එක දැම්මොත් ලෙඩක්
ගැන කතාවක්. මගේ යාලූවො ගොඩක් අසනීපෙන්. තව අය භාවනා කරලා ඵලාවබෝධය කරලා.
මං වගේ අය එලිවෙච්ච වෙලාවෙ ඉඳන් ? යක්කු ගස් නගින වෙලාව වෙනකල්වැඩ. ඉස්සර
වගේ හැන්දෑවට ප්ලේන්ටියක් ගහලා ඕපදූපයක් කතා කරන්න කවුරුවත් නෑ. ජීවිතේ මේ
තරං හුදකලාවක් දැනිච්ච කාලයක් මට මතක නෑ.
යුද්දෙ තියෙද්දි මිනිස්සු
හැමෝම ට‍්‍රයි කළේ ජීවත් වෙන්න. නීට්ෂේ කියනවා වගේ ගිනිකන්දක් උඩ ඉන්න කොට
තමයි ජීවිතේ හරියට දැනෙන්නෙ. සටන් බිමක් විදිහට විතරයි ජීවිතේ විඳින්න
පුළුවන්. යුද්දෙ නැති වුණාට පස්සෙ ඒ හිස්කම පිරෙව්වෙ මරණය. ලංකාවෙ හැමෝම
පැසිව් ජීවත ගත කරන්න පටන් අරං. බුදුන් කියනවා වගේ ‘ජීවත් වුණත් මළාක්
වැනි’ ජීවිත අපිට තියෙන්නෙ. සිකුරු මාරු වෙන කල් අහස දිහා බලන් ඉන්න සහ ඒ
අපල මැකෙන්න බෝධි පූජා කරන අසරණ ජනතාවක් උදේට හවසට ඇෙ`ග් හැපෙනවා. අපි
දන්නෙ නැති වුණාට සමාජය වාෂ්ප වෙලා ගිහින්. ආණ්ඩුවට දොස් කියලා වැඩක් නෑ.
මහින්ද රාජපක්‍ෂ කියන්නෙත් මේ හිස්කමේ ප‍්‍රකාශනයක් විතරයි. රත්තරං, නිධන්,
ගුරුකම්, වෙදකම් සහ හින්දි නිළියන්ට එපිටින් රාජ්‍ය තන්ත‍්‍රයක් නෑ.
ෆොන්සේකා කියන්නෙත් මේ කාසියෙම අනිත් පැත්ත මිසක් අලූත් විකල්පයක් නෙමෙයි.
පුරාවිද්‍යා
චක‍්‍රවර්ති හාමුදුරුවොත් කිව්වා, ‘ආණ්ඩුව නිධන් හාරන්න ඕන තමයි. ඒකෙ
වැරැුද්දක් නෑ’ කියල. ඒකට දයාසිරි ජයසේකර හොඳ උත්තරේකුත් දුන්න.
‘දන්න
විදිහට මේ රටේ චක‍්‍රවර්තිලා හිටියෙ දෙන්නයි. එක්කෙනෙක් බයිලා චක‍්‍රවර්ති
එම්එස් ප‍්‍රනාන්දු. අනිත් එක්කෙනා පුරාවිද්‍යා චක‍්‍රවර්ති අපේ
හාමුදුරුවො. මං කියන්නෙ හාමුදුරුවනේ ඔය දෙක පටල ගන්න එපා’
මේ අපි
මුහුණ දෙන්නෙ අපේ ඇත්තට. අපේ ඇතුලෙ හැමදාම තිබුණු බොරුවට. උතුරෙ
ප‍්‍රභාකරන් හින්ද අපිට අරමුණක් තිබුණ. අපි ලෝකෙ දරුණුම ත‍්‍රස්තවාදී
කණ්ඩායමේ අනෙකා විදිහට අපි ලොකුවට පෙණුනෙ. ඒකෙන් අපේ දූපත් ගතිය වැහුණ.
හැමදාම පුපුරන බෝම්බ මැද්දෙ මිනිස්සු ජීවත් වෙන්න ආසාවෙන් පොරබැදුවා.
ඒත්
යුද්දෙ ඉවර වුණත් එක්කම අපි ලෝකෙන්ම හුදකලා වුණා. අපේ රටේ නායකයට වත්
බටහිර රටකට යන්න බැරි තත්වයක් ඇති වුණා. රටේ ඇමතිවරු කොකා කෝලා සහ ගූගල්
තහනම් කරන්න කතා කළා. අපි ආයිමත් දූපතක් වුණා. වෙළඳ දැන්වීම් ඔක්කොමත් ‘පරණ
කතා’ ගැන. චිත‍්‍රපටි ඔක්කොම රජ කතා වුණා. අන්තිමට ඉතිහාසෙ කුවේණි ඇඳුමෙ
පාටට ගැළපෙන ජංගියක් පවා ඇන්දා. ඒ ගැන ලස්සන කමෙන්ට් එකක් දාලා තිබුණ.
‘විජය
කුමාරයා එන විට කුවේණි සිටියේ කපු කැට කැටය. ඉන් අදහස් වන්නේ අපට දියුණු
සංස්කෘතියක් තිබුණු බවය. කපු කැට්ටේ ඇඳුම් හදා ගන්නය. ඇඳුම් හදාගන්න
පුළුවන් නම් ජංගියක් හදා ගන්නවා කියන්නේ සිම්පල් වැඩකි. ඇඳුම් හදාගෙන ජංගි
මසාගෙන අඳිනවා පමණක් නොව ඒවා රෝස පාටින් වර්ණ ගැන්වීමට පවා අපේ මුතුන්
මිත්තන් දැන සිටියාය යන්න චිත්තර පටියකින් හෝ අනාවරණය වීම අපට මහත්
ආඩම්බරයකි’
ඊට පස්සෙ රාවණා එලියට ආවා. දැන් හැම පත්තරේකම
පිටුවක් හෝ දෙකක් රාවණා ගැන පට්ට කෙප්ප වලින් පිරිලා. තවත් කට්ටියක් රාවණා
ආයිමත් ඇහැරෙනකල් බලන් ඉන්නවා. ඉතුරු පිටු ටික පුරවන්නෙ හදි හූනියම් සහ
යක්‍ෂ කතා. භාවනා සහ මේ සෝවාන් සකෘදාගාමී ඵල ලැබීම ගැන කතා වලටත් තියෙන්නෙ
හොඳ ඉල්ලූමක්. මේ අපි කියවන්නෙ සහ ලියන්නෙ මොනවද කියන එක ගැන කියවන උන්ටවත්
ලියන උන්ටවත් ලැජ්ජාවක් නෑ. මගේ එහාපැත්තෙ අවුරුදු විස්සෙ කොපි ලියන
කොල්ලත් උනන්දු වෙන්නෙ මැරුණට පස්සෙ ඉපදෙනවද නැද්ද කියල හොයන්න. මාත්
අන්තිමට නතර වෙලා කියවමින් ඉන්නෙ දීපක් චොප්රා ගෙ ‘ලයිෆ් ආෆ්ටර් ඩෙත්.
මේක
විෂබීජයක් වගේ ආසාදනය වෙනවා. ආර්ථිකය, දේශපාලනය හා සමාජය මිත්‍යාවක්
වෙද්දි මිත්‍යා සියල්ල ඇත්ත වෙන්න පටන් ගන්නවා. හැම පංතියකම අය එක එක
විදිහට මේ ලෙඬේට ගොදුරු වෙනවා. ඒ දවස්වල පශ්චාත් නූතන තත්ව ගැන සංවාද කරපු
විශ්ව විද්‍යාල අචාර්යවරු තමන්ගෙ ළමයින්ට ජනප‍්‍රිය පාසැල් ඉල්ලලා ගේට්ටුවල
එල්ලිලා වැඩවර්ජන පටන් අරගෙන. සමස්ත සමාජයේ මානසික බිඳ වැටීමක්, සමාජ
මානසික අවපාතයක් උඩුදුවන වග පැහැදිලි වුණත් ඒ ගැන බෝධි පූජාවකින් එහාට
කරන්න දෙයක් කවුරුවත් දන්නෙ නෑ.
මට සිරිමලා ගැන ඉරිසියා
හිතුණ. එදා මහජන පුස්තකාලෙ, විශ්ව විද්‍යාල ඇතුලෙ සංවාදයක් හැදෙන්න
අවකාශයක් තිබුණ. එදා කොල්ලො කෙල්ලො මැරෙන දවස බලාගෙන ජීවත් වුණේ නෑ. ඒ
වෙනුවට දේශපාලන සමාජ සවිඥාණකත්වයක් ජීවත් වෙන්න තේරුමක් හදලා දුන්නා.
පාරාදීසෙ වැඩියෙන්ම විකිණෙන යොවුන් මාසිකය වුනේ ඒකයි. ඒත් අද මොකක්ද
විකුණන්න පුළුවන්?
අද වැඩියෙන් ආර්ට් කරන්න කට්ටිය එකතු
වෙනවා කියලා අපිට පේන්න පුළුවන්. ඒත් ආයිමත් ඒ කරන ආර්ට් ඇතුලෙ පේන්නෙ මේ
තියෙන හිස්කමම විතරයි. කොටින්ම චිත‍්‍රපටියක් කෙරෙන්නෙ පිටරට සම්මාන
වෙනුවෙන් විතරයි. (මේ රටේ පෙන්නන්න කරන චිත‍්‍රපටි ඇතුලෙ තියෙන්නෙ ටැක්ස්
සහ තවත් නොයෙක් මගඩි) මෙතනදි චිත‍්‍රපටි කරන අය අනිත් අය වගේමයි. ඔහේ අහස
දිහා බලාගෙන ඉන්න එක ඇරුණම අනිත් හැම ශ‍්‍රී ලාංකිකයෙක්ම ට‍්‍රයි කරන්නෙ
කොහොම හරි රට පනින්න. මියුසික් කරන, ෆිල්ම් කරන, ලොකු ආර්ටිස්ට් ලා පවා
පොඩි ජොබ් එකක් සෙට් වෙනකල් ඉන්නෙ ඇමරිකාවට හරි වෙන කොහේ හරි පැන ගන්න. ඒ
බංකොලොත්කම අපේ රටේ මේ වෙලාවෙ ඇත්තක්. ලියන්න ගත්තම කිසි අදහසක් නොඑන
හිස්කමත් ඒ අරාජිකකමේ පුද්ගලික ප‍්‍රකාශනයක්.
‘මචං, මේ
ළ`ගදි කියවපු එකක තිබ්බ අදහසක්. අපි සවුන්ඞ්ස් කියලා කිව්වට එහෙම සවුන්ඞ්ස්
කියන එක ඇත්ත නෙමෙයි කියලා ඩයලොග් එකක් යනවා. ඒක මරු. උන් කියන්නෙ සවුන්ඞ්
එකක් ඇහෙන්නෙ, ඒකට අදහසක් දෙන්නෙ ඔලූව ඇතුලෙ තියෙන ඉමේජ් එකක් කියල.
හීනවලදි වගේ. සද්දෙ ඇහෙනවා වගේ දැණුනට ඇත්තට පේනවා විතරයි. හොඳට බැලූවොත්
අපිට හැම සවුන්ඞ් එකක් එක්කම පේන්නේ රූපයක්. එතකොට සද්දෙ කියන්නෙ
ස්වභාවයෙන්ම ද්විතියික කාරණයක් කියලා උන් ඒක දෙකේ කොලේට දානවා. මචං ලෝකෙ
එහෙම තැනක සංවාද යනකොට මගේ ‘පිච් අවුට්’ කියලා අපේ ප‍්‍රශ්න කරන්න එනවා.
අනේ මචං මං කියන්නෙ මේකයි. ‘මං උඹලට සිංදු කියන්න ආවෙ නෑ. කරුණාකරලා
පටලවාගන්න එපා. මං සිංදු කියන්නෙ නෑ. මං උඹලව අවුල් කරනවා විතරයි’.
අජිත්
කුමාරසිරි ජාඇල ඉඳන් ඇවිත් හවස චැට් එකකට සෙට් වුණා. ගොඩක් කාලෙකින් ගොඩක්
දුර ඉඳන් ඇවිත් හරි කරන කතා බහ මිසක් වෙන කිසිම දෙයක් නැති සංස්කෘතික
කාන්තාරෙක අපි. තාමත් එකතු වෙන්න තරම් මනුස්සකමක් තියෙන, එකතු වෙලා කතා
කරන්න තරම් අදහසක් තියෙන යාලූවන්ව වෙනදට වඩා වටින්නෙ ඒකයි.
නැත්තං මේ දූපත ගොඩක් පාළුයි.
-චින්තන ධර්මදාස
Sunday, June 17, 2012
ටෙලිවිෂන් වංශකතාවක කෙලවර. හිරු නගීද? නැත්තං බහීද?
ජීවිතේ යන්නෙ කලාව කියන හැටියට නෙමෙයි. ජීවිතේ යන්නෙ ටීවී එකේ නරකම දේවල් වල හැටියට.
-වූඩි ඇලන්
අලුත් ටීවී චැනල් එකක් එනවා කිිව්වම හැමෝටම ඕන වුනේ වෙනසක්. හැම චැනල් එකක්ම තිබ්බෙ එකම රාමුවක. එකම වෙලාවට ටෙලි නාට්ටි. එකම වෙලාවට ප‍්‍රවෘත්ති. හරි බෝරිං. ඕනකරන්නෙ කොයි වගේ දෙයක්ද කියලා හරියට නොතේරුණත් මොකක් හරි දෙයක් හැමෝටම ඕන වෙලා තිබුණ.
ටීවී එක පුදුම විදිහට දියවෙලා යමින් තිබුණෙ.(සහ තියෙන්නෙ) ලෝකෙන් සම්පූර්ණයෙන් හුදකලා වුණු විශ‍්‍රාමික දෙමව්පියෝ විතරක් ටීවී එක ඉස්සරහ වාඩි වෙලා හිටියා. තරුණ කියලා කොටසක් හිටියෙ නෑ. ඒ ගොල්ලො ටීවී එකෙන් අයින් වෙලා ඉන්ටර්නෙට් එකට සෙට් වුණා. ඉතුරු කීපදෙනා වයසක මතවාදම තරුණ කියලා බෙදාහදා ගත්තා. පෝය බණත් එකට වැඩිහිටියො එක්ක බෙදා හදා ගන්න නව ගංගොඩවිල සෝම විසින් ඇති කරපු තරුණ පරපුර වගේ කොටස් මෙතන හිටියා. තාමත් වැඩිම පිරිසක් බලන්නෙ මේක කියල සංඛ්‍යා දත්ත වලින් කියන හින්ද දිගට ඇඞ් හම්බුණා. ඒත් මේ ඇඞ් බලන්නෙ සල්ලි දීලා බඩුවක් ගන්න පිරිසද කියල හොයන්න ඒ ප‍්‍රචාරකයන්ට උවමනා වුනේ නෑ. එකම කට්ටියක් ඇඩුත් බැලූවා. බණත් ඇහුවා. මෙගාත් බැලූවා. එන්න එන්න සරල ප‍්‍රාථමික කතා වලින් දවස රැුක ගන්න චැනල් පුරුදු වුණා.
‘ගොඩක් නොසතුටෙන් ජීවත් වෙන මිනිසුන් වැඩි වශයෙන් ටීවී බලන අතර සතුටෙන් ජීවත් වෙන අය වඩාත් කියවීමට සහ සමාජ ආශ‍්‍රයන්ට යොමු වෙයි. වැඩියෙන් ටීවී බැලීම ඔවුන්ට ඒ මොහොතේ සතුටක් දෙන නමුත් කල් යන තත්වය වඩා නරක අතට හැරෙන්නට ඒක හේතුවක්’
-සෝෂල් ඉන්ඩිකේටර් රිසර්ච්
ජාතික නාලිකා වලට පස්සෙ ටීවී ඇත්ත අභියෝගයක් විදිහට බාර ගත්තෙ සිරස. ලක්‍ෂපතිආරච්චිට සිරස යන තැන ගැන හොඳ දැනීමක් තිබ්බා. වෙනස්ම වැඩසටහන් මාලාවක්, වෙනස් කාල සටහනක් එක්ක සිරස අලූතෙන් ටෙලිවිෂන් පටන් ගත්තා. එච්චර කල් එක තැන හිටවුණු කැමරාව එහාට මෙහාට හෙල්ලෙන, නාගරික අත්දැකීමක් එතන තිබුණ. ඒත් හැම ව්‍යාපෘතියක් වගේම ඒකත් ඉවර වුණා. සිරස ගන්න දෙයක් නැති තැනට පල්ලම් බැස්සා. යුද්දෙ අන්තිම වෙද්දි සිරසෙ දේශපාලනය බංකොලොත් වුණු එක මේකට හේතුවක් වෙන්න පුළුවන්. සිරස ප‍්‍රවෘත්ති පවා ඇල්වතුර වගේ වුණා.
මේ අතරෙ වෙන දේශපාලනේක වැඩ පටන් ගත්තා. මොලේට වෙඩි වැදිලා දුමින්ද සිංගප්පූරුවෙ ඉද්දි රෙනේද සිල්වා හිරු ටීවී ගුවන්ගත කළා. එතන නිමල් ලක්‍ෂපතිත් හිටියා. සිරසෙන් ආපු ගොඩක් අයත් හිටියා. සල්ලිත් තිබුණ. දේශපාලනෙත් තිබුණ.
‘හිරු හොඳට නගියි’ මටත් හිතුණ.
මටත් ටීවී චැනල් එකක් ගැන අලූත් බලාපොරොත්තුවක් තිබුණ. ඒවෙද්දි ටීවී එක පවුල් අතර සම්බන්දෙ අන්තිම පුරුක වුණු හින්ද. චිත‍්‍රපටියක්වත් බලන්න නොයන ශ‍්‍රී ලාංකේය පවුල එකට ඉඳගෙන බලන් ඉන්න අන්තිම පුංචි තිරේ හින්ද. එතනින් එහාට හැමෝම තම තමන්ගෙ කාමරවල තනි තනි ලැප්ටොප් දිග ඇරගෙන. ලෝකයක් එක්ක එකපාර සම්බන්ධ වුණත් අපිට එහා කාමරේ මිනිහත් එක්ක තේකක් බොන තරම් සම්බන්ධයක් නෑ. ඒක නිසා අලූත් ටීවී එකක් ගැන මට බලාපොරොත්තුවක් තිබුණ.
හිරු බය නැතුව තරුණ පිරිසකට ඉලක්ක කරන්න තීරණය කරල තිබුණ. ඉන්දියන් එම්ටීවී එක සිංහලෙන් කරන්නයි සැලසුම් කරලා තිබුණෙ. ඒත් අන්තිම වෙද්දි අවදානම ගැන බයක් එන්න ඇති.
සුපුරුදු උදේ වැඩසටහන් ටික ආවා. දොස්තරලා, සාස්තරකාරයො, නළු නිළියො ආවා. ඒ මැද්දෙ කොහෙටවත් නැති කෑලි කෑලිත් ආවා. ? මෙගා ටිකත් ආවා. තිබුණට වඩා හු`ගක් කැතට ඒවා වීඩියෝ කරලත් තිබුණ. හැමතැනම සිංදු තිබුණ. හැමතැනම ප්‍රෝග‍්‍රෑම් තිබුණ. ඒවා මොනවද කියල වෙන වෙනම හොයාගන්න බැරි තරම් ඔක්කොම එක වගේ. එක ගොඬේ.
හිරු ටෙලි නාට්ටි බෙල්ට් එක කිසිම සැලසුමක් නෑ. මෙලෝ රහක් නෑ. එක්ටැම්ගේ ෆිල්ම් එක ටෙලියකට අරං ඒක කාලා. මේක්අප් පුරෝගත්ත පියුමි එක්ක හැ`ගීමක් ඇතුව දෙබසක්වත් කියාගන්න බැරි අමිලව දාලා. ජෝගෙ ඒ අද්විතීය චරිතෙ කොපි කරන්නෙ රොජර්. හර්බට් රංජිත් පීරිස්ව මතක් වෙලා ඇත්තටම මට ඇ`ඩුණ.
ලංකාවෙ පළවෙනි ඩිජිටල් බ්‍රෝඞ්කාස්ට් එක හිරු ටීවී. මෙච්චර කල් ලංකාවෙ 95%ක් බලන්නෙ අපේ එක කියල කිය කිය හිටපු අයිටීඑන් එකේ තනි බලය අභියෝග කරේ හිරු. ඒත් හිරු මොනාද පෙන්නන්නෙ?
ජාතික රූපවාහිනියටත් වඩා අන්ත මැදිරියක් ඇතුලෙ මළානික නිවේදක නිවේදිකාවො ටිකක් එලෝ මෙලෝ දැනුමක් නැතුව උදේ වැඩසටහන් පටන් ගත්තා. තමන් කියන්න ඕන මොනවද, තමන් වැඩසටහන අරං යන පදනම හෝ හේතුව මොකක්ද කියන තාර්කිකත්වය වෙනුවට ඒකට අපි කියන්නෙ ‘මරු කියවනවා’ කියල.
කිසිම සංවාදයක් ඒ අවශ්‍ය කාරණා දක්වා අරං එන්න අවශ්‍ය අවම කාලය, මූඞ් එක වගේ දේවල් ගැන කිසි දැනුමක් නැති විදිහට වැඩසටහන් අතන මෙතන මාරු වුණා. දකින මුල් රූප රාමු කීපෙකින්ම චැනල් එක ගැන කියන්න පුළුවන් වෙන නරකම අදහසක්, අතිශය ආධුනික කාලසටහන් සකස් කිරීමක්. ඒ වගේම එක්තරා වැඩසටහනකින් ඊළග වැඩසටහනට රූප මාරු වුණාට මනස මාරුවෙන්න ගත වෙන කාලය වගේ දේවල් හිරුට කොහෙත්ම වැදගත් නෑ. ආයුර්වේදෙ ගැන කතා කර කර ඉඳලා එක පාරට හනිමුන් එකක නොකිය යුතු කරුණු දහයක් මැද්දට වැටෙන්න ඉඩ තියෙනවා. ඊටපස්සෙ ඇඞ් ගෝනියක්. රැුඳී සිටින්න පෝලිමක්. වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර් එක හත් අට වතාවක් රිබන් වලින් ඔතලා ඉරේ කෑලි හයි කරලා ආයිමත් නළුවෙක් එක්ක කතාවක්.
‘පරණ දේවල් ආයිමත් සමාජයට මතක් කරන එක වැදගත් නේද?’
මෙහෙම ලිව්වට මේක නොතේරෙන්න පුළුවන්. පුදුම හිතෙන දේ කිසිම ආරාධිතයෙක් වාක්‍ය දෙකකට වඩා කතා නොකරන එක. ආවා නම කියන්නත් කලින් එයා ගිහින්. අපි ඊළ`ග වැඩසටහනේ. මේක දිහා ටික වෙලාවක් එක දිගට බලන් හිටියොත් ඔලූව රිදෙන්න ගන්නවා. ඒ අර්ථයක් රහිත රූප හුවමාරුව ඔක්කාරය ඇතිකරනවා.
උදාහරණයක් විදිහට ‘17 අගේන්’ කියලා ඒකෙ යන ප්‍රෝගෑම් එකට එකපාර දුසිමක් විතර ආරාධිතයො එනවා. දා හතේදී ඒ ගොල්ලො ගැන කියාගෙන යනවා. එහා පැත්තට මෙහා පැත්තට කැපෙද්දි සමහර වෙලාවට මේ කවුද මොනවද කරන්නෙ කියලවත් මතක නෑ. අඩු ගානෙ ටින් නම දාන්නෙ වත් නෑ. බලන් ඉද්දි ඔලූව ඔල්මොරොංදං.
‘බෝරිං වෙයි කියල බය හින්ද ප්‍රොඩියුසර්ලා වැඩියෙන් ගැටුම් ඇති කරන්න දේවල් කරනවා. ඒ ගොල්ලො කැමතියි පුද්ගලයො අතර ගැටෙනවට. ඔවුන්ගෙ මතවාද අතර ගැටෙනවට වඩා. ඒ ගොල්ලො අවධානය ඇදලා ගන්නෙ ක‍්‍රීඩාව සහ ක‍්‍රීඩකයන් වෙත. ඒ වෙනුවෙන් අවදානමේ ඇති දේ ගැන ඒ අය කියන්නෙ නෑ. ඒකට තමයි වෘත්තිමය පළපුරුද්ද කියන්නෙ’
-පියරෙ බෝර්ඩියෝ
මේකට තෝරගෙන ඉන්න වැඩසටහන් ඉදිරිපත් කරන අයගෙන් ගොඩක් අයත් කතා කිරීමේ කලාව දන්න අය නෙමෙයි. කිසිම ආකර්ශනයක් වැඩසටහන එක්ක තියාගන්න ඒ ගොල්ලන්ට බෑ. (කැරිස්මා එකක් නෑ) ඉරියවු අතින් වගේම අදහස් අතිනුත් මේ ඉදිරිපත් කරන්නන් හු`ගක් පිටිපස්සෙන්. පළවෙනි වතාවට මට අයිටීඑන් වගේ චැනල් වුණත් මොකක් හරි දෙයක් දන්නවා කියලා හිතුණ. අඩු ගානෙ පරණ හණමිටි අදහස් ගැන හරි උන් කන්ෆිඩන්ට්. මේකෙ ප‍්‍රසන්ටර්ස් ලට තමන් කියන දේ විශ්වාස නෑ.
චැනල් එකක් විදිහට ගොඩක් දේවල් තිබිලත් හරියට ඕන තැනට හිරු ගන්න බැරි වුණේ ඇයි? හරි දිශානතියක් නැති වීමේ අවුල පැහැදිලියි. තරුණ කියන කොටසට පටන් ගත්තට අන්තිමට අනිත් හැම චැනල් එකකම දේවල් එම්ටීවී දේවල් එක්ක කෑලි කෑලි කොත්තු කරන එකෙන් හිරු කොහෙටවත් නැති වෙනවා. ඔහේ රූප ගොඩක් එහේ මෙහේ යනවට අමතරව කිසි වැඩසටහනක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගන්න කාලයක් හිරුගෙ නෑ.
අනිත් අතට හිරු රේඩියෝ එක විෂුවල් කරන්න ගන්න ට‍්‍රයි එකකුත් ඒක ඇතුලෙ පේනවා. හිරු මෙගා බ්ලාස්ට් වගේ රේඩියෝ දැන්වීම් ලොකු අකුරු වලට කපලා ඔක්ටපෑඞ් තාලෙට හොල්ල හොල්ල නටවලා කතා කරන්නෙ කාටද? එම්ටීවී එක්ක මේ මෙගා බ්ලාස්ට් කොහොම ගැලපෙනවද කියලා හිතාගන්න බෑ. ඇත්තටම හිරු පායන්නෙ අගුණකොලපැලැස්සටද?
‘මොකද්ද අනේ ඒ චැනල් එක? මොකුත් නෑනෙ.’
ගොඩක් අය මට කිව්වෙ එහෙම. ලොකු හිස්කමත් ඇරෙන්න කිසි දෙයක් හිරු අරං ඇවිත් තිබුනෙ නෑ. අනිත් චැනල් වල තියෙන ප‍්‍රවෘත්ති වත් නැති වුණාම සම්පූර්ණයෙන්ම හිස් වගේ. නිමල් මේ මොකද කරගත්තෙ? මට හිතුණ.
බරපතල වැරදි කීපයක් එතන තිබුන. ඉන්දියාවෙ එම්ටීවී එක ලංකාවට ගැලපෙන තරම ගැන හොඳ සමීක්‍ෂණයක් හිරු එකට නැති වග පැහැදිලියි. ‘නෝ මාස්ක්’ වගේ වැඩසටහනක් ගත්තොත් ඒ ආකෘතියම නැවත හිතන්න ඕන තත්වයක්. වෙස්මූණක් ඇඳන් කෙනෙක් කියන අදහසකට ලංකාවෙ තියෙන වලංගුකම මොකක්ද? ඒක සීරියස් විදිහට මේ රටේ බාර ගනීද?
දෙවෙනි එක කිසි තේරුමක් නැති වේගය. වැඩසටහන් සහ රූප මාරු වීම් ගැන ඇස කන හා මනස සම්බන්ධ වෙන කාලය ගැන වැටහීමක් නැතිකම බරපතලයි. හැම වැඩසටහනකම තියෙන මේ හදිස්සියෙන් මොඩර්න් ගතියක් එකතු වෙන්නෙ නෑ. ඒ වෙනුවට පේ‍්‍රක්‍ෂකයා කිසි දෙයක් දකින්නෙ නැතුව යනවා.
අපිළිවෙල- හැම අපිලිවෙලක් යටම ඒකට අදාල පිලිවෙලක් තියෙන්න වෙනවා. එහෙම නොවුණු අපිලිවෙල දේවල් ඔහේ තිබිලා නැති වෙලා ගියා. කිසි කෙනෙක් බාර ගන්නෙ නැතුව. චැනල් එකක මේ අපිලිවෙල ඉලක්ක ගත පේ‍්‍රක්‍ෂක මනසෙ එහා මෙහා යාම් එක්ක සමපාත වෙන්න ඕන. හිරු එකේ මේ ඉලක්ක ප‍්‍රජාව අන්තිම අවුලක්. අවුරුදු හැට ගානක ඉඳන් විසි ගාණට විනාඩියෙන් මාරුවෙනවා කියන්නෙ ඇ`ග රිදෙන වැඩක්. ඒක ටීවී බලන ජනතාව කරන්න කැමති වෙන දෙයක් නෙමෙයි.
‘ටෙලිවිෂන් බලන්නෙ හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන්නවත් වෙන කිසිම දෙයක් කරන්නවත් කම්මැලි මිනිස්සු. ඒ ගොල්ලො කොටින්ම හිතන්නවත් කැමති නෑ’
- සෝෂල් ඉන්ඩිකේටර් රිසර්ච්
අදහසක් නැතිකම- තරුණ කියන කොටසට කතා කරන, ඒ කියන්නෙ ෆේස්බුක් එකෙන් එලියට ඒ අයව අරන් එන්න හිතන වැඩකට අදහසක් තියෙන්න ඕන. උදා විදිහට එම්ටීවී එක (ඉන්දියාවෙ නෙමෙයි) වාරණයන්ට එරෙහිව, අයිතිවාසිකම් ගැන විවිධ අරගල කරන්නෙ මේ අදහසත් එක්ක. ඒ ප‍්‍රජාවට ඒක සීරයස්. ඒක ජීවිත ක‍්‍රමයක්. විලාසිතාවක් නෙමෙයි. හිරුගෙ තියෙන ලොකුම අඩුවත් මේකයි. අද තියෙන අනිත් හැම බාල චැනල් එකක්මත් ජීවිත ක‍්‍රමයක් යෝජනා කරද්දි හිරු කියන්නෙ විලාසිතාවක් වෙනවා. පෝයට මිහින්තලේ යන එකෙන් භාවමය වටිනාකමක් ලැබෙනවා වෙනුවට හිරු ටීවී එකට ඒක අවාසියක්.
ටීවී කියන්නෙ රේඩියෝ නෙමෙයි- රේඩියෝ එකේ කරන දේවල් ටීවී එකේ කරන්න බෑ. ඒ වගේ කරන්න පුළුවන් එකම දේ බණ කියන එක විතරයි. (බුඩිස්ට් එකයි ටීඑන්එල් කරන්නෙ ඒක) විෂුවල් මීඩියම් එකේ වේගය සහ ඒ රූප මාරු වීම් සංස්කෘතික විදිහට කියවා ගැනීම (රේඩියෝ එකේ) සද්ද එහා මෙහා මාරු වීමට වඩා විශාලයි. ඒ වගේම රේඩියෝ එකට හිතාගන්නවත් බැරි ඔලූවෙ කැක්කුමක් ටීවී එකට දෙන්න පුළුවන් ඒ විදිහට. අනික රේඩියෝ අහන ජනතාවමයි ටීවී බලන්නෙත් කියල හිතුවොත් වෙන්නෙ ලොකු අනාගැනීමක්. රේඩියෝ අහන ජනතාව ටීවී එක ඉස්සරහ වාඩිවෙද්දි ඒ ගොල්ලො ඉල්ලන්නෙ වෙන දෙයක්. එකම ජනතාව පංති මාරු කරනවා. ඒත් පාරවල් ගහලා තියෙන හෝර්ඩින් දකිද්දි හිරු ටීවී කියලා ට‍්‍රයි කරන්නෙත් හිරු රේඩියෝ එකේම ඒ කිසි දෙයක් නැති සද්දෙ විතරද කියල සැක හිතෙනවා. ඒ හෝර්ඩින් පට්ට කැතයි. බාලයි. ඒ කොහොම වුණත් හිරු රේඩියෝ එක ටීවී එකට ගෙනාවොත් නං කියන්න වෙන්නෙ හිරු නෙමෙයි මරු.
‘ඔයා තරුණ කාලෙදි හිතනවා මේ මාධ්‍යයට පිටිපස්සෙ කුමන්ත‍්‍රණයක් ඇති. අපිව මෝඩයො කරන එකයි ඒකෙ සැලසුම කියල. ඒත් ඔයා පරිණත වෙද්දි තේරෙනවා ඒක වැරදියි කියල. මීඩියා කරන්නෙ මිනිස්සු ඉල්ලන දේවල් විකුණන එක විතරයි කියල’
-ස්ටීව් ජොබ්ස්
හිරු ගැන තිබ්බ බලාපොරොත්තුවත් ඉවරයි කියන්නෙ අපිට ටීවී එක ගැන තිබ්බ බලාපොරොත්තු ඉවරයි කියන එක. ජීවිත විලාසයක් විදිහට ටීවී ආපහු ගේන්න බැරිද කියන ඇත්ත අභියෝගෙට මුහුණ දෙනවා වෙනුවට හිරු ගියේ වෙනම අවුලක් ඇතුලට. මාධ්‍යයක කාලෙ ඉවරයි කියන්නෙ ඇත්තටම ඒකට වෙන්න ඇති. එතනින් එහාට මැජික් නෑ. පිස්සු කෙලිනවා විතරයි.
-චින්තන ධර්මදාස
Sunday, June 3, 2012
Story of O
අසාමාන්‍ය කිසි දෙයක් නෑ.. කිසි දෙයක් අමුතු නෑ
මොකක්වත්ම නැති ගානයි
පරණ විදිහමයි... ඒ පරණ වැස්සමයි
මෙතන එක්ස්ප්ලෝෂන්ස් නෑ
ඊට පස්සෙ
සාමාන්‍ය නැති දෙයක්... මොකද්දෝ අමුත්තක්..
ඒ කිසි දෙයක් නැති හිස්තැනින්..
මං දැක්කා පියාඹන පීරිසියක්
ඉගිල්ලෙනවා ඔයාගෙ ජනේලෙට එහායින්
ඔයා දැක්කද... ඒක නොපෙනී ගියා...
ඒමී... එන්න මගෙ තාප්පෙ උඩින් ඉන්න...
ඇවිත් කියවන්න ‘ස්ටෝරි ඔෆ් ඕ’
කියන්න විශ්වාසෙන් වගේ
මේ ශතවර්ෂෙ අන්තිමේ
වෙනසක් තියෙයි
ඔයාටයි....මටයි...
මේ ලෝකෙ මං ආසම සිංදුව. ඒක කියන්නෙ ඬේමියන් රයිස්...එයාගෙ පපුව ගැඹුරෙන්ම එන කෙඳිරියත් එක්ක... ඬේමියන් රයිස් මේ සිංදුව කියල නොතිබුණා නම් මං කවදාවත් ඔයා ළ`ගට එන එකක් නෑ... ඒමී මට කිව්වා.
ඬේමියන් රයිස් කියන්නෙ අයිරිෂ් ගායකයෙක්. තමන්ගෙම සිංදු ලියන..තමන්ම ලියන සිංදු කියන.. ඇත්ත ගායකයෙක්.. රයිස් මුලින් වැඩ කරන්නෙ ‘ජුනිපර්’ කියලා බෑන්ඞ් එකක් එක්ක. පස්සෙ රෙකෝර්ඞ් ලේබල් එක්ක එයාගෙ ආර්ට් එකට කරන්න වෙන සීමාවන් වලින් කළකිරිලා එයා බෑන්ඞ් එකෙන් අයින් වෙනවා. සිංදු කියන එක අත්ඇරලා ආයිමත් ගම් පළාතට ගිහින් වගා කරන්න පටන් ගන්නවා. එහෙදි අහම්බෙන් එයාගෙ සිංදු අහන හිතවතෙක් තමයි එයාට මෝබයිල් ස්ටුඩියෝ එකක් දෙන්නෙ ඉස්සරහට වැඩ කරගෙන යන්න.
ඒමී සිංදුව එන්නෙ රයිස්ගෙ ‘ ඕ’ කියන ඇල්බම් එකේ. මොකක්ද මේ ‘ ඕ ගේ කතාව’?
අවුරුදු දා හතරෙ පහලොවෙ කාලෙදි අපි ෆිල්ම් බලන්න එකතු වෙනවා වීඩියෝ ප්ලේයර් එකක් තියෙන කවුරු හරි යාලූවෙකුගෙ ගෙදරට. ඒ ගෙදර කවුරුවත් නැති දවසට. හොඳට සෙක්ස් තියෙන වීඩියෝ එකක් හොයාගෙන ඇවිත් බලන එක කියන්නෙ මාර ලොකු වැඩක්. ආතල්ජනක අපරාදයක්. ඒ කාලෙ තියෙන්නෙත් වීඑච්එස්. ගොඩක් වෙලාවට ඒවායෙ පුස්.
ඔහොම දවසක අපි මෝටර් බයිිසිකලේකුත් තල්ලූ කරගෙන (ඒක පැද්දට වඩා කළේ තල්ලූ කරපු එක) වීඩියෝ සෙන්ටර් එකට ගිහින් යාන්තං රැවුල වැවිලා තිබ්බ අපේ යාලූවෙක් ඉස්සරහට දාලා අරං ආපු සොෆ්ට් පෝර්න් එකක නම ‘ස්ටෝරි ඔෆ් ඕ’. ඒ වීඩියෝ කඩවල ‘පෝර්න්’ කියලා ගොඩක් වෙලාවට දෙන්නෙ (සම්භාව්‍ය) ෆිල්ම්ස්. මං මුලින්ම ‘ලේඩි චැටර්ලි ගේ ආදරවන්තයා’ බැලූවෙත් ඒ වගේ හොරෙන් ගෙනාපු වීඑච්එස් එකකින්. ඊට පස්සෙ ඒ නම හොයාගෙන මෙල්වින් ගුණසේකර පරිවර්තනය කරපු ‘අවසර කල් රහස් තැන’ තඩි පොත පුස්තකාලෙ පෙරළලා අරං ඇවිත් කියවන්න ගත්තා. හරිහමන් කෑලි හොය හොය මුලූ පොතම කියවන්න වුණා.
කොහොම වුණත් ‘ස්ටෝරි ඔෆ් ඕ’ බලපු දවසෙ කරන්ට් ගිහින් අපිට වීඩියෝ එක එලියට ගන්න බැරි වුණා. ගෙදර අයට අතේ මාට්ටු. පස්සෙ කට්ටියම පෝලිමට තියලා ‘මොනවද මේ බලන්නෙ?’ කියල උන්ගෙ අම්මයි තාත්තයි ඇහුවා.
මං කිව්වා,
‘ඒක සම්භාව්‍ය චිත‍්‍රපටියක්’ කියල.
ඇත්තටම තාමත් මට ‘ෆිල්ම්’ කිව්වම එන ශෘංගාරය මේ හැම රහස් දෙයක්මත් එක්ක එකතුවුණු අමුතු නිදහසක් ගැන හැ`ගීමක්.
‘ස්ටෝරි ඔෆ් ඕ’ ගැන මගේ මතකය ආයිමත් ඇවිස්සුණේ මේ සිංදුව අහද්දි. මොකක්ද මේ ‘ස්ටෝරි ඔෆ් ඕ’?
‘ස්ටෝරි ඔෆ් ඕ’ කියන්නෙ 1954 පීඩකකාමය සහ ලිංගික යටත්වීම වගේ කලාප හරහා ලියවෙච්ච ප‍්‍රංශ ශෘංගාරාත්මක නවකතාවක්. ඒකෙ කර්තෘ විදිහට සඳහන් වෙන්නෙ ‘පෝලින් රේගේ’ කියලා නමක්. ඒත් ‘ඈන් ඩිස්ක්ලෝස්’ කියන ප‍්‍රංශ ලේඛිකාවයි මේ කතාව ලියන්නෙ. ඒ ‘මාර්ක්ස් ඩි සාද්’ ගෙ රචනා වලට මාර විදිහට ආශක්ත වෙලා හිටපු එයාගෙ පෙම්වතා වෙනුවෙන්. මේ පෙම්වතා ‘ජීන් පෝලන්’ ඡයාරූප ශිල්පියෙක්. එයා ඈන්ට කිව්වෙ කවදාවත් ගෑණියෙකුට ‘සබ්මිෂන්’ කියන වර්ගයේ සාද් තරම් භාවමය කෘති කරන්න බෑ කියලා. ඈන් අභියෝගය බාර ගන්නවා. එයා ජීන්ට එවන ආදර හසුන් විදිහට මේ නවකතාව ලියන්න පටන් ගන්නවා. ඇත්තටම ඒ ලියවිල්ලෙන් ජීන් අන්දමන්ද වෙනවා.
මේ පොතට පූර්විකාව ලියන්නෙත් ඒ පෙම්වතා, තමන් මේ ලේඛිකාව ගැන කිසි දෙයක් නොදන්න ගානට. මේක ඇත්තටම ඒ දෙන්නා අතර ආදර ගණුදෙනුවක්. පොත මුද්‍රණය වෙන්නෙ ඒ ආදරේ ලකුණක් විදිහට. තමන් නොසිතපු තරම් අඳුරු ගැඹුරු තැන් දක්වා කිමිදෙන්න තමන්ගේ පෙම්වතියට තිබුණු හැකියාව ගැන ආඩම්බරයක් විදිහට. පිරිමි කවුරුවත් විශ්වාස කළේ නෑ මේ පොත ඇත්තටම ගැහැණියක් විසින් කළා කියන එක.
1955දි මේ පොතට ප‍්‍රංශ සාහිත්‍යය සම්මානය පිරිනමනවා. (ඒ සම්මානෙ නම කියන්න ගියොත් මගේ දිව උළුක් වෙනවා) ඒත් පොත අසභ්‍ය රචනාවක් කියන චෝදනාව යටතේ අධිකරණයට යනවා. මේ ගැන ප‍්‍රංශ සදාචාර කමිටුව විසින් යෝජනා කරන ද`ඩුවම් ප‍්‍රතික්‍ෂෙප කරත් වර්ෂ ගණනාවකට මෙහි මුද්‍රණය තහනම් කරන්න අධිකරනෙට සිද්ද වෙනවා.
අවුරුදු ගාණකට පස්සෙ අසූ ගාණක් වයස ඩොමිනික් අවුරි කියන විද්වත් කාන්තාවක් පිළිගන්නවා මේ වෙස්මුහුණු හා කොටු කළ මාළිගා ආශ‍්‍රිත පරිකල්පනය තමන්ගේ කියලා. ඊට අවුරුදු දහයකට විතර පස්සෙ ඈන් ඩිස්ක්ලෝස් මරණාසන්නව ඉඳිද්දී හෙලි කරනවා ‘ස්ටෝරි ඔෆ් ඕ’ ගැන ඇත්ත. එතකොට එයාට වයස 90ක් සහ ඊට කලින් ඩොමිනික් කියන නමින් පෙනී ඉන්නෙත් ඇයමයි..මේ විදිහට ජීවිතේ ඇතුලෙ කැරලි ගහන දෙයක් හැටියට කලාව පාවිච්චි වෙද්දි ඒක හැමදාටම හුස්ම ගන්න දෙයක් විදිහට දැනෙනවා කියල මට හිතෙනවා. ආයිමත් මට ඬේමියන්ගෙ සිංදුව මතක් වෙනවා.
ඒත්, මං ප‍්‍රාතිහාර්යයක් නෙමෙයි..
ඔයා සාන්තුවරියක් නෙමෙයි
ගමනාන්තයක් නැති මේ පාරෙ
තවත් එක සොල්දාදුවෙක් විතරයි....
‘ ඕ’ ගෙ පෙම්වතා විසින් ශෘංගාරයේදී තමන්ගෙ සිරුර සහ අනන්‍යතාව දියකිරීම, කැපකිරීම ගැන පුහුණු වෙන්න ඇයව පිරිමි කණ්ඩායමක් අතට පත් කරනවා. පියවරෙන් පියවර තමන්ව සම්පූර්ණයෙන් දිය කර හැරීමෙන් තෘප්තිය ලැබීම ප‍්‍රගුණ කරන ඇය සම්පූර්ණ වස්තුවක් බවට පත්වෙන තුරුම ඇගේ පුහුණුව තීව්ර කරනවා. ඒක නෙගටිව් දෙයක් විදිහට නෙමෙයි කතාව ඇතුලෙ එන්නෙ. ආර්ට් එකක් විදිහට. වෙනස් ගැඹුරු වින්දන මානයන් විදිහට. ඒ පරිකල්පනයේ අපූර්වත්වය වෙන්නෙ ආත්මය ඇතුලෙන් ඇත්ත ගැහැණියක් පිරිමියෙකුගේ වස්තුවක් බවට පරිවර්තනය වීමේ සංතෘප්තිය අත්දකින ඇත්තක් එතන නිර්මාණය වෙන හින්ද. සහ දේශපාලනය, හෝ දර්ශනය වෙනුවට මේ ගමනෙදි ආදරය සහ ශෘංගාරය පමණක්ම ආගම වෙන හින්ද. මේ අත්දැකීම සහ අත්විඳීම ගැන ප‍්‍රබන්ධය වෙනස් යතාර්ථයක් ඒ අවංකකම ඇතුලෙ. අවසානෙ කොහොම වුණත් මේක ආදරයේ අභ්‍යාසයක්. පීඩකකාමයේ (සේඩිස්ම්) පියා විදිහට සැලකෙන මාර්කස් ඩි සාද්ට වඩා එහාට යන්න ඈන්ට පුළුවන් වෙනවා. සාද් දකින පිරිමි ආස්වාදය ඇතුලෙන් ගිහින් ඊට විෂය වෙන ගැහැණු මනසෙ තෘප්ත සංවේදනා අවදි කරන්න ඈන් ‘ස්ටෝරි ඔෆ් ඕ’ කරනවා. අවසානයේ වෙස්මුහුණකින් සැරසී, දම්වැලකින් බැඳී සුරතල් සතෙක් සේ මහා ප‍්‍රභූ පිරිසක් අතරට ඇවිද එද්දී ‘ ඕ’ අත්විඳින ‘සේඩිස්ම්’ වල ස්ත‍්‍රී අර්ධය (ස්වපීඩකකාමයේ ප‍්‍රාතිහාර්යය) ඈන් පලවෙනි වතාවට ලෝකෙට අඳුන්නා දෙනවා.
‘ස්ටෝරි ඔෆ් ඕ’ කියන්නෙ ඒ කතාව.
මේ කතාව ගැන විචාරකයො එක එක දේවල් කිව්වා. ‘ ඕ’ කියන නම පාවිච්චි කිරීමේ හේතුව පවා ඒ ගොල්ලො කතා කළා. ඒ චරිතයේ නම කෙටි කිරීමට අමතරව ‘ඔබ්ජෙක්ට්’ (වස්තුව) කියන තේරුමත් මෙතනදි බලපාන්න ඇති කියලා මත පළවුණා. ඒ වගේම ‘ ඕ’ කියන අකුරෙ ස්වරූපය හැටියට නිකම්ම ‘හිලක්’ කියන රූපමය අදහසත් මේ නමේ තියෙනවා කියලා සමහරු කිව්වා. කොහොම වුණත් ස්ත‍්‍රීවාදියෝ මේ කතාවට මුල ඉඳලාම තදටම විරුද්ධ වුණා. ගැහැණියක් වස්තුවක් බවට පත්කිරීමේ පිරිමි අධමභාවය උත්කර්ෂයට නංවනවා කියලා ඒ ගොල්ලොන්ට ජුවල් නැග්ගා. කොහොම වුණත් ‘බීඞීඑස්එම්’ (බොන්ඩෙජ් සහ ඩිසිප්ලින්/ඩොමිනන්ස් සහ සබ්මිෂන්/සේඩිස්ම් සහ මැසොකිස්ම්) කියන ශෘංගාර කලාපෙ යෙදුම් ගණනාවක් ‘ස්ටෝරි ඔෆ් ඕ’ නිසා බිහිවුණා.
ස්ත‍්‍රීවාදීන්ගේ විරෝධය ගැන කියද්දි මට සයිමන් ගැන අහපු ප‍්‍රබන්ධයක් මතක් වෙනවා. සයිමන්ගෙ කෘතිවල පිරිමි ලිංගික දෘෂ්ටියට තදින්ම විරුද්ධ ‘කුමාරි’ කියලා විද්වත් ඒත් ලස්සන ගෑණියෙක් මහජන පුස්තකාලෙ වේදිකාව උඩ සයිමන්ට පට්ට යන්න බනිනව(ලූ). සයිමන් හරිම ආසාවෙන් වේදිකාව පහළ ඉඳන් අහන් ඉන්නව(ලූ). බැනලා ඉවර වුණාම සයිමන් කියනව(ලූ), කුමාරි... ඔය තරම් සියුමැලි රතුපාට දෙතොල් තියෙන්නෙ ඔය තරං නපුරු වචන කියලා බනින්න නෙමෙය කුමාරි....ඔය රතුපාට සරාගී දෙතොල් තියෙන්නෙ මං වගේ පිරිමින්ව ඉඹින්න... කියල.
-චින්තන ධර්මදාස
Tuesday, May 29, 2012
කැමරා අරං රන්මිහිතැන්නට එන්න
ඇයි වසන්ත සිංහලෙන් ලියන් නැතුව කැඩිච්ච ඉංග‍්‍රීසියෙන් පොලොවෙ කුරුටු ගෑවෙ?
දිවි නසා ගැනීම ගැන බ්ලොග් එකේ ගිය ලිපියට එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුණ. ඇත්තටම ඇයි ඒ අන්තිම වචන ටික ඉංග‍්‍රීසියෙන් පොලොවෙ කුරුටු ගෑවෙ? ඒක හීනමානයක් හෝ බටහිර ගැති සිතුවිලි පරම්පරාවක් ගැන ලකුණක්ද?
මට හිතෙන විදිහට ඒ වසන්තගෙ මීඩියා ගැන දැනුම. තමන්ගෙ මරණය ගැන සටහන සිංහලෙන් ලිව්වොත් ඒක ස්ථානගත වෙන විදිහ සහ ඒක ඉංග‍්‍රීසියෙන් කියවද්දි ඒක ස්ථානගත වෙන විදිහ ගැන දළ හෝ අදහසක් වසන්තට තිබුණ. ඒක සිංහල භාෂාවෙ පුංචිකම ඇත්තට මුණගැහෙන තැනක්. සිංහලෙන් ඒ වගේ අදහසක් බාර ගන්න සංස්කෘතියක් නෑ. ඒ වෙනුවට ඒක හු`ගක් බාල, නූගත් තැනකට සීමා වෙනවා. ඒ රොමාන්තික හෝ පවතින පද්ධතියට එහායින් සිද්ද වෙන ක‍්‍රියාවලිය සිංහලෙන් කියෙව්වොත් යන්නෙ වෙනස්ම තැනකට. ඒක වසන්ත තමන්ගෙ මරණයවත් තියන්න කැමති තැනක් නෙමෙයි.
මේ දිවි නසා ගැනීමෙ තියෙන වැදගත්කම ඒක. හුදකලා මරණයකට බාහිර ලොකු සමාජ සංස්කෘතික ප‍්‍රශ්න කිරීම් ගණනාවක් එතන තියෙනවා. ඒ හැම පුංචි විස්තරයක්ම අපේ සිංහල බෞද්ධ සමාජ ක‍්‍රමයට අභියෝගයක්. ඒත් අපි හරි ලේසියෙන් අභියෝගය මගඅරිනවා.
මේ කියන්න යන්නෙ වෙනස් කතාවක්. එක විදිහකට මේ කතාවත් මටම ලියන්න වුණු එක හිනා යන කාරණයක්. ඒත් කවුරුවත් ලියන්නෙ නැත්තං මං ලියනවා ඒක.
මට හම්බන්තොට පැත්තෙ යන්න වුණා ෂූට් එකකට. මිනිස් පුළුටක් නැති, තැන තැන යට වෙච්ච බල්ලන්ගෙ මළකුණු විතරක් තියෙන මූසල අධිවේගි මාර්ගය දිගේ. ආයිමත් ගාල්ලෙන් මනුස්ස ජීවිතේ මුණගැහෙන කල් මට දැණුනෙ හුස්ම හිරවෙන තරම් කාන්සියක්. කාලය කොයි තරං වටිනවා වුණත් මං ආයිමත් ඒ පාරෙන් යන්නෙ නං නෑ. මුහුද අයිනෙ එහා මෙහා ඇවිදින මනුස්ස ජීවිත කොයි තරං අපිට හුස්ම පුරවනවද කියල මට දැණුනෙ ඒ ගමනෙදි. ඒ වෙනකල් කවදාවත් ඒ ඇස්වල වැදි වැදි යන හෙවනැලි වලට මං වටිනකමක් දුන්නෙ නෑ.
හම්බන්තොට හැමතැනම මහින්ද. ලයිට් කණු වල වටේට කැරකි කැරකි ඉන්නවා රාජපක්‍ෂ පවුලම. පාරවල් කපලා අහසට යනකල් උසට හුළෙ`ග යනවා දූවිල්ල. (හම්බන්තොට සංවර්ධනය වෙන්නෙ පාරවල් විතරයි. මනුස්ස ජීවිත තාම තිබුණු තැනම) ඒ දුක් විඳින කාන්තාර බිම් මැද්දෙ අඩි ගණන් ලොකු පාට පාට දැන්වීම්. ඒ ජීවිතයක් අහිමි පොලොවෙ තමන්ගෙ භාණ්ඩය ප‍්‍රදර්ශනය වෙද්දි දකින මිනිස්සුන්ට එන හැ`ගීම ගැන වගක් ඒ ප‍්‍රචාරකයන්ට නෑ. කනත්තක් මැද වුණත් කටවුට් එක ගහනවා ඇරෙන්න, ජීවිතයක් ගැන හැ`ගීමක් දැනවෙන්න උවමනායි කියන කාරණය ගැන දැනුවත් නැති මෝඩ මාර්කටිං පාර දෙපැත්තෙ. ලඳු කැලෑ මැද්දෙ.
වැඩේ ඉවර වෙලා ආපහු එද්දි අහම්බෙන් හැරුණ ‘රන්මිහිතැන්න’ බලන්න. ඒක ඒ ගමේ නම. ආණ්ඩුවෙන් හදපු චිත‍්‍රාගාරෙට තියෙන්නෙ ‘මහින්ද රාජපක්‍ෂ, මොකක්ද මොකක්ද කියල දිගට කියවෙන හෑල්ලක්. එක්කෙනෙකුට රුපියල් පනහ ගානෙ දීලා ටිකට් එකක් අරන් අපි ඇතුල් වුණා.
ඒක හොඳටම නඩත්තු කරගෙන යන බිමක්. හම්බන්තොට කියල හිතාගන්න බැරි හෙවණ, සිසිල් පරිසරයක්. එක යායට පැතිරුණු බිමක්. වාහන වුණත් ඇතුලට අරන් ෂූට් කරන්න පුළුවන් දැවැන්ත ස්ටුඩියෝ එකක් ඒකෙ තිබුණ. තාක්‍ෂණික පහසුකම් අතින් කොහොමද කියල බලන්න අපිට බැරි වුණා. ඒත් ලොකු වැඩක් කරන්න පුළුවන් තරම් ඉඩක්. ඒත් තාම කරලා තියෙන්නෙ කටේ තියන්න බැරි වැඩ කීපයක් විතරයි.
ඊට ටිකක් පස්සෙ කොළඹ, ගාල්ල නගර නිර්මාණ. කාර්ගිල්ස් බිල්ඩින් එක, නිපොන් හෝටලය, අරලිය ගහ මන්දිරය, උසාවිය වගේ ගොඩනැගිලි ආකෘති වලින් කරපු සෙට් එකක්. තණකොල නිල්ලක් මැද්දෙ, පොකුණකට එපිටින් රෝයල් කොලිජිය. කවුරු හරි කෙනෙකුට කොළඹ හරහා ගාල්ලට මාරු වෙන වගේ ඇබ්ස්ට‍්‍රෑක්ට් වැඩකට නියමයි. මට හැම තැනම චිත‍්‍රපටි පේන්න පටන් ගත්තා. එහාට මෙහාට ට‍්‍රැක් වෙන කැමරා කණ්ඩායම් වලින් පිරෙන්න ඕන මේ බිමේ කිසි කෙනෙක් නෑ. කිසි වැඩක් නෑ. සිද්ධස්ථාන බලන්න වගේ එන තේරුමක් නැති නඩ විතරයි. ‘අබා ෂූට් කරෙත් මෙතන’ වගේ දේකට වැඩි අර්ථයක් ඒ ගොල්ලොන්ට එතන නෑ.
තැනින් තැනට විස්තර කරන්න සාරි ඇඳගත්ත අයව ඉන්දලා තියෙනවා. ඒ විස්තරය මං බලාපොරොත්තු වුණාට වඩා හරිම සම්පූර්ණ එකක්. පිට පැති සඳහා මේ ආකෘති පාවිච්චි කරලා ස්ටුඩියෝ එකේ පොඩි සෙට් එක්ක ඇතුළත ජවනිකා රූගත කරන හැටි පවා ඒ ගොල්ලො හරිම සරලව පැහැදිලි කරනවා. රන්මිහිතැන්න ගැන මට ආස හිතුණ.
ගාල්ල පොල, උසාවිය, ඕලන්දක්කාර ආකෘති මේ හැම දෙයක්ම එතන තිබුණ. ඒත් මිනිස්සු දුවගෙන ගියේ කෝරළේ මහත්තයාගෙ වලව්ව බලන්න. මොකක්ද ටෙලි නාට්‍යයක පිනාගෙ ගෙදර කියන තැනත් මිනිස්සු පොර කකා හිටියා. හරිම ලස්සන වැවක් අද්දර තැනි තලාවක්, ඉලූක් කැලෑවක් අතරින් රන්මිහිතැන්නෙ ලොකේෂන් මාරු වෙනවා. එතනින් එහා ගමක්. සොල්දර කඩවීදි, පැල්පත්, පරණ තැපැල් කන්තෝරු.... හීනයක් මැද්දෙ ඇවිදිනවා වගේ. හරියටම චිත‍්‍රපටියක් මැද්දෙ අපි.
මේ වෙනකල් ආණ්ඩුව එක්ක යාලූ බාල චිත‍්‍රපටිකාරයො කීප දෙනෙක් සහ ටෙලි නාට්‍යකාරයො වැඩිදෙනෙක් මේ හැම වටිනාකමක්ම තේරුමක් නැතුව පාවිච්චි කරලා. අපේ ආණ්ඩු විරෝධී විකල්ප කලා පිරිස් මේක මහින්දගෙ ව්‍යාපෘතියක් හින්ද නිකම්ම දෙකේ කොලේට දාලා. ඒත් මේ ලංකාවෙ මේ විදිහෙ දෙයක් සිද්ද වුණු පළවෙනි වතාව. සිනමාව වෙනුවෙන් ඒක ඇත්තටම ලොකු දෙයක්. අවුල තියෙන්නෙ මේ දේවල් කොහොම පාවිච්චි කරන්නද කියලා දැනුමක් අපිට නැති එක. ඒ වෙනුවට අපි ඉන්දියාවෙ සහ වෙන එක එක රටවල විශාල චිත‍්‍රාගාර ගැන කිය කිය ඉන්නවා.
මහින්දගෙ දේශපාලනික ව්‍යාපෘතියට කොයි තරම් විරුද්ධ වුණත් ඒ මත්තෙන් සිද්ද වෙන හැම දෙයක්ම වැරැුද්දක් විදිහට දකින එක කුහකකමක්. රන්මිහිතැන්න කියන්නෙ සිනමාව වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ කරපු ඓතිහාසික වැඩක්. ඒක කොළඹ ළ`ග තියෙන්න ඕන, ට‍්‍රාන්ස්පෝර්ට් වියදං වගේ බොරු මනස්ගාත කියනවට වඩා මේ දේවල් ප‍්‍රයෝජනයට ගැනීමේ සහ ඒවායින් යම් කර්මාන්තමය තත්වයේ නිර්මාණ කරන විදිහක් ගැන යෝජනා වීමයි වැදගත්.
මේ පිට බෝඞ් ටික දිරලා ගියාම මේක අපරාදෙ....
මේ ලොකේෂන් ටිකද ඔක්කොම චිත‍්‍රපටිවලට ගන්නෙ?
චිත‍්‍රපටි කන්නලා පළ කරන විදග්ධ අදහස් මං කලින් කියවලා තිබුණ. සහ මාත් ඒවා විශ්වාස කළා. මේ තාවකාලික මුහුණතට යටින් තියෙන සිමෙන්ති ආකෘතිය වෙන ඕනම ගොඩනැගිල්ලක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. පිට බෝඞ් ටික විතරයි ඕන වෙන්නෙ. චිත‍්‍රාගාරයක් විදිහට විවෘත වෙද්දි ඒකෙ දැවැන්තකම පේන්න මේ විදිහෙ විවිධ නගර ආකෘති හදපු එක මට අනුව නම් මාර වැඩක්.
අනික ලොකේෂන් විදිහට මීට වඩා ගොඩක් දේවල් ඕන අධ්‍යක්‍ෂවරු මේ තියෙන දේවල් වලින්වත් තාම කළේ මොනවද? රන්මිහිතැන්නෙ කළා කියලා ඒ විස්තර කියන ගෑණු ළමයි කියාගෙන යන චිත‍්‍රපටි ටෙලි නාට්‍ය ලැයිස්තුව ඇහුවම හිනා යනවා. තාම කවුරුත් කිසිම සීරියස් වැඩක් මේ ඉඬේ කරලා නෑ.
හතලිස් ගාණකට නවතින්න පුළුවන් තරම් විශාල ලොජ් එකක්. හිතාගන්න වත් බැරි තරම් අඩු ගාණට කෑම බීම. ලොකේෂන් එකේ ඉඳන් නවතින තැනට තියෙන අඩු දුර, සහ ෂූට් එකකට තියෙන නිදහස වගේ කාරණා බලද්දි මෙතන ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේකෙ කැන්ටිම ඇත්තටම මාව වෙනස් කළා. ඒක හරියට හීනයක් වගේ. හැම බිත්තියකම ලෝක ප‍්‍රකට සිනමා අධ්‍යක්‍ෂවරුන්ගෙ පිංතූර ඒ ගොල්ලො ගැන විස්තර. මිලස් ෆෝමන් ගැන විස්තර කියාගෙන යද්දි ‘වන් ෆ්ල්ව් අවේ ෆ්‍රොම් ද කුකූස් නෙට්’ කියන එක සිංහලෙන් පරිවර්තනය කරලා තිබුණ මාරම ලස්සනට. ‘කෝකිල කැදැල්ලට ඉහලින් එකෙකු ඉගිල ගියේය’...
අල්මදෝවා, චාන් වුක් පාර්ක් වගේ රැුඩිකල් අධ්‍යක්‍ෂවරුන්ගෙ පිංතූර වලටත් බිත්ති වෙන් වෙලා තිබුණ. මට සිනමාව ගැන තියෙන හැ`ගීම ඇස් වලට කඳුළු එන තරම් ළ`ගට දැණුන. විනෝද මාධ්‍යයක් විදිහට සිනමාව කියන කාරණේදි මට හැමදාම අඩුවක් විදිහට දැණුනු ගොඩක් දේවල් රන්මිහිතැන්න සම්පූර්ණ කළා.
මේ ඉඩ අලූත් චිත‍්‍රපටි කරන කොල්ලො කෙල්ලො අතට පත් වෙන්න ඕන. කරන්න තිබුණු හොඳම දේ මේ චිත‍්‍රාගාරය ඇතුළෙම සිනමා පාසැලක් පටන් ගන්න එක. එතකොට මේ හැම දෙයක්ම වඩාත් ඵලදායී විදිහට පාවිච්චි වෙන්න තිබුණ. හොඳ පරිපූර්ණ සිනමා අධ්‍යාපනයක් දෙන්නත් තිබුණ. මේ දේවල් වඩාත් ඵලදායී සහ කර්මාන්තමය තත්වයන් දක්වා සංවර්ධනය කරන සැලසුමක් නැති වීම ගැන ආණ්ඩුවට දොස් කියන්න බෑ. ඒක අපේ සිනමා පොරවල් කියන අයගෙ වගකීමක්. ඒත් ඇත්තට වෙන්නෙ ඒ වගේ අවස්ථාවන් කෝරලේ මහත්තයා වගේ වැඩ වලට දිය වෙලා යන එක. අපේ රටේ සිනමාව නැති වෙන්නෙ දේශපාලනය හෝ ආර්ථිකය හින්ද නෙමෙයි. සිනමාව කරන පිරිසෙ ඔලූ ගෙඩි ඒ තරං පුංචි හින්ද. ස්වයං රැකියාවක් වගේ තැනකින් එහාට සිනමාව තේරුම් ගන්න බැරි මේ අයට කර්මාන්තමය සිනමාවක් අවුල්. ඒ ගොල්ලො උනන්දු පුද්ගලික සිනමාවක් ගැන විතරයි. ඒත් රන්මිහිතැන්න ඒ කර්මාන්තමය සිනමාවක ආරම්භය වෙනුවෙන් කරපු වැඩක්. වෙන මොකක් හරි යටි අරමුණක් තිබුණත් ඒ වගේ ආරම්භයක් වෙනුවෙන් හොඳටම පාවිච්චි කරන්න පුළුවන් තැනක්.
ඉතිං අපි තවත් බලන් ඉන්නවද?

Sunday, May 20, 2012
I NEVER FORGET STILL . I KILL : සියදිවි නසා ගැනීම ආත්මීය වීර කැරැල්ලක් ලෙස
සියදිවි නසා ගැනීමට එන සිතුවිල්ලමත් ලොකු සැනසීමක්. කෙනෙකුට ගත කරන්නට නියමිත භයානක රාත‍්‍රීන් ගණනාවකින් නිදහසක් ඉන් ලැබෙන නිසා.
- ෆෙඞ්රික් නීට්ෂෙ
එප්පාවල වසන්ත ප‍්‍රදීප් ගේ ඇතුලෙ එල්ලිලා මැරණ. ලංකාවෙ තමන්ම වීඩියෝ කරපු මුල්ම සිය දිවි නසා ගැනීම ඒක. තමන්ගෙ අතින් තමන්ගෙ මරණය පටිගත කිරීම... ඒක සාමාන්‍ය දිව නසා ගැනීමකට එහා ගිය ඇඟේ හිරිගඩු පිපෙන වැඩක්. දිවි නහගන්න කලින් ලියන ලියුම් ගැන කතන්දර ඉස්සර ඉඳන් තිබුණ. ඒත් මෝබයිල් එකෙන් මරණය වීඩියෝ කරලා ඒක තමන්ගෙ අවසන් ප‍්‍රකාශය කරපු පළවෙනි වතාව මේක (ලංකාවෙ). මැරෙන්න කලින් වසන්ත කැඩිච්ච ඉංග‍්‍රීසියෙන් තමන්ගෙ ආවේගය පොලොවෙ කුරුටු ගාලා තිබුණ.
‘මට තාම අමතක නෑ. මං මැරෙනවා’
වීඩියෝ දෙකෙන් මාධ්‍ය එලියට දැම්මෙ එක ක්ලිප් එකයි. ඒකත් සදාචාරයට අනුව කැපිලා කෙටිලා. පෙම් සබඳතාවයක් බිඳීම නිසා කියන සරල නිගමනයෙන් ඔක්කොම කෙලවර කරන්න මාධ්‍ය ලොකු සහයෝගයක් දුන්නා.
‘අයියෝ මෝඩයෙක්’
අප‍්‍රකාශිත සමාජ ප‍්‍රතිචාරය වුණේ ඒක. වසන්තගෙ දිවි නසා ගැනීම සීරියස් විදිහට බාර ගන්න කවුරුවත් ලෑස්ති වුණේ නෑ. කාටවත් වසන්තව ඇහුනෙ නෑ. පුළුවන් තරම් ඉක්මණට සරල හේතුවකින් ඒ මරණය මුවා කරන්න හේතුවක් තිබුණ. ඒ අපිත් සිය දිවි නසා ගනීද කියල දැනෙන අවිඥාණක භීතිය.
‘කෙනෙක් මැරෙනවද, තවදුරටත් ජීවත් වෙනවද කියල තීරණය කරද්දි ගැඹුරු දාර්ශනික ගැටළුවකට මුහුණ දෙනවා. මිනිසා තමන්ට ඉහලින් දෙවියන්ව මැවුවෙමත් තමන්ට තමන්වම නැසීමේ උවමනාවක් ඇතිවෙයි කියල බයට. නමුත් සැබෑ මනුෂ්‍ය නිදහස පවතින්නේ මරණය භාරගැනීම තුල.
-ඇල්බෙයා කැමු
ඒ ප‍්‍රවෘත්තියෙ තවත් අපිට අමතක කාරණා තිබුණ. වසන්තගේ සහෝදරයෙක් සහ සහෝදරියක් මීට කලින් දිවි නසාගෙන තිබුණ. ඒ ඇරුණම එප්පාවල හෙඞ් ලයින් වදින විදිහෙ දිවි නසාගැනීම් එකදිගට සිදුවෙමින් තිබුණ.
දිවි නසා ගැනීමක් කියන්නෙ පුද්ගලික මනෝ ව්‍යාධියකට වඩා පුද්ගලයාට බාහිර සමාජ බාධකයක් ගැන ප‍්‍රකාශනයක් කියල එමිල් ඩුර්කයිම් කිව්වෙ දශක ගානකට කලින්. ඒත් අපේ මාධ්‍ය හා දැනුවත් සමාජය මේ දිවි නසා ගැනීම් මොකක් හරි සමාජ අර්බුදයක් ගැන එක දිගට සිද්ද වෙන ප‍්‍රකාශයක් විදිහට බාර ගන්න තාම ලෑස්ති නෑ.
මිනිසාට ජීවිතාශාව සහ මරණාශාව කියල මූලික ආශාවන් දෙකක් තියෙනවා කියල සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් කියනවා. මේ ආශාවන් දෙකේම උවමනාව ආතතියෙන් නිදහස් වෙන එක. ලිංගිකව පීඩිත සහ ගැටුම්කාරී බිමක දිවි නසා ගැනීම් වැඩි වෙන හැටි ගැන එයා කතා කරනවා.
අවුරුදු තිහක යුද්ධයක් ඇතුලෙ විශාල මිනිස් සංහාරයක අත්දැකීම් දැන් එලියට ගලන්න පටන් අරගෙන. දිවි නසා ගැනීම්, භූතාවේශ සහ පිටසක්වල ජීවින් ගැන කතා දවස ගානෙ පත්තරවල. භූතාවේශයක් වගේම පිටසක්වල ජීවින් දැකීමත් දිවි නසා ගැනීම වගේම තමන් වෙනුවට වෙන කෙනෙක්, වෙනස් ජීවිතයක් ප‍්‍රාර්ථනා කිරීමේ වෙනස් විධි. අපි හරියට මිනී වළ දාලා නෑ.
මේ වෙද්දි දැවැන්ත සමාජ පරාරෝපණයක තත්ව ගම්මාන පිටින් ප‍්‍රදර්ශනය කරන්න අරගෙන. ඒත් ලංකාවට ජ්‍යොතිෂය තරම් සමාජ විද්‍යාවෙන් හෝ මනෝ විද්‍යාවෙන් ඇති වැඩක් නෑ. අපි ඉල්ලන්නෙ විද්‍යාවකට වඩා භක්තියක්. ලොකු සමස්තයක්. රටක් විදිහටම අපි තාම මරණයේ ආතතිය ඇතුලෙ.
සියදිවි නසා ගැනීම කියන එකට ලෝකෙ විෂයක් විදිහට වෙනම අධ්‍යයන කලාපයක් පවා තියෙනවා. සියදිවි නසා ගැනීම පිළිබ විද්‍යාවෙ පියා වදිහට සළකන එඞ්වන් ෂ්නිඞ්මෑන් කියන්නෙ ‘සියදිවි නසා ගැනීම තමන් විසින් තමන්ව විනාශ කර ගන්නා සවිඥාණක නැත්නම් දැනුවත් ක‍්‍රියාවක්’ කියල. එහෙම තියෙද්දිත්, පෙම් හබ, මානසික අවුල් වගේ පුද්ගලික හේතුවකට මේ ජීවිතයක් ඇතුලෙන්ම කරන ගැඹුරු පුපුරුවා හැරීම ලඝු කිරීම (ලංකාවෙ මාධ්‍ය සහ ජනතාව කරන විදිහ) චාටර්. ඒක අපේ මානසික සීමාව.
එක එක කාල වල සියදිවි නසා ගැනීම ගැන වෙනස් අදහස් තිබුණ. ඒ අදහස් නැවත කියවීම වැදගත් වෙන්නෙ අද සියදිවි නසා ගැනීම ගැන කියන කතන්දර එන තැන් හොයා ගන්න.
ග‍්‍රීක යුගයෙදි ප‍්‍රභූවරයෙක් හරි දාර්ශනිකයෙක් හරි සියදිවි නසා ගැනීම මාර වැඩක්. ඒත් සාමාන්‍ය පොදු ජනතාවගෙන් එකෙක් දිවි නහ ගත්තොත් ඒක බාල වැඩක් වුණා. රෝම යුගයෙදි නම් ඇතිවෙච්ච දුෂ්කරතා නිසාම දිවි නසා ගැනීම ගැන පොසිටිව් විදිහට බලන්න පවා ගත්ත.
දිවි නසා ගැනීම අපරාධයක් වෙන්නෙ ඒකට විරුද්ධව ක‍්‍රිස්තියානි දෙවියන්ගෙ නීතිය ගෙනාවට පස්සෙ. දස පණතෙ හයවෙනි ආඥාවෙන් ‘තමා විසින් තමා නොමැරිය යුතුය’ කියල මිනිස්සු තමන්ටම මාංචු දා ගන්නවා. සියදිවි නසා ගැනීම නිකං සාමාන්‍ය මනුස්ස පාපයක් නෙමෙයි, ඒක දෙවියන් අතේ මනුස්ස ජීවිතේ ගැන තීරණ ගැනීමට ඇති බලය අභියෝග කරන්නක් කියල සාන්ත ඇක්වයිනාස් කියනවා. ඒ කියන්නෙ සිය දිවි නසා ගැනීමේ ක‍්‍රියාව තුල පුද්ගලයෙක් දෙවියන්ව චැලෙන්ජ් කරනවා කියන එක. එක විදිහකට ඒක වීරකමක්.
‘අර්නස්ට් හෙමින්ග් වේ ඩබල් බැරල් තුවක්කුවෙන් ඔලූ කෑලි බිත්තියෙ හිටින්න වෙඩි තියා ගනිද්දි එතන තියෙනවා ස්ටයිල් එකක්’
- චාල්ස් බුකොව්ස්කි
එප්පාවල මේ එල්ලිලා මැරුණු හැම සිද්ධියකම මේ ‘ස්ටයිල්’ එක තිබුණ. තුන්කොන් පේ‍්‍රමයක අයිතිය වෙනුවෙන් රූස්ස ගහක මුදුනේ තුන්දෙනක් ගෙල වැල ලා ගැනීමේ සිද්ධියෙදි ඒ ගොල්ලො කතා වෙනවා, ‘අපි පත්තරේ වැටෙන විදිහට මැරෙමු’ කියල. වසන්තත් වීඩියෝවෙන් සහ බිම ලියන ඉංග‍්‍රීසි අකුරු වලින් ලොකු මාධ්‍ය ප‍්‍රචාරණයක් ඉල්ලනවා. ඒක ළ`ග නෑයන්ට විතරක් කියන පණිවුඩයක් නෙමෙයි. පුද්ගලික සීමාවෙන් එලියට ගිහින් මේ මරණ සමාජ ගනුදෙනුවක්, ප‍්‍රතිචාරයක් ඉල්ලා සිටිනවා.
ජීවිතේ ගොඩක් දේවල් වලට වඩා වෙනස් විදිහට දිවි නසා ගැනීම කියන්නෙ හොඳින්ම දැනුවත් ක‍්‍රියාවක්. ඒ ක‍්‍රියාවට අපිටත් ගොඩක් හේතු තියෙන නිසාම සහ එසේ කරාවි යැයි බයෙන් අපි දිවි නසා ගැනීම විරල රෝගී තත්වයක් වගේ කරනවා. ඒත් බලාපොරොත්තුවක් නැති දේශයක, අනාගතයක් වෙනුවට අතීතයක් විතරක් තියෙන රටක, හොරු හාරන්න කලින් ආණ්ඩුව නිධන් ටික හාරන්න ඕන කියලා පුරාවිද්‍යා චක‍්‍රවර්තිවරුන් දේශනා කරන බිමක, හීනයක් වත් නැතුව ජීවත් වෙනවා වෙනුවට මැරෙන්න තෝරා ගන්න එක අසිහියෙන් ගත් තීරණයක් වෙන්නෙ කොහොමද?
ඒක අරගලකාරී ප‍්‍රකාශනයක්.
මේ දිවි නසා ගැනීම් ආදර ප‍්‍රශ්න නිසා සිද්ද වීම කියන්නෙ කාරණය සැහැල්ලූ කරන දෙයක් නෙමෙයි. පුංචි ආදර අවුලකින් පවා ජීවිතේ නැති කර ගන්නවා කියන්නෙ තවත් අල්පමාත‍්‍ර ආතතියක් පවා දරන්න බැරි තරම් ජීවිතේ හෙම්බත් වෙලා කියන එක. එකම ගැලවීම, එකම සැනසීම විදිහට දකින්නෙ තමන්ට සමීප සම්බන්ධය විතරයි. ඒ වෙනුවෙන් හැම දෙයක්ම කැප කරන්න ලෑස්ති තරමට ජීවිතේ පුංචි වෙලා. සමාජය ඇකිළිලා.
දිවි නසා ගැනීමකින් හැම තිස්සෙම දෙන්නෙක් මැරෙනවා මැගී. ඒකෙ තේරුම ඒකයි.
-ආතර් මිලර්
සමාජයක්, පද්ධතියක්, සමස්තයක් තියෙනවා කියන එකට විරුද්ධව නැත්තං ඒකෙ වෙනසක් වෙනුවෙන් ගහන ආත්මීය කැරැල්ලක්. ඒත් අපි ඒක බාර ගන්න ලෑස්ති ඒ පුද්ගල ජීවිතේ ඇතුලෙ ප‍්‍රශ්නයක් විදිහට විතරයි. ඒ තරමට අපිට ජීවිතය පේන්නෙ නෑ. අපි දකින්නෙ මරණය විතරයි. අපි කියවන්නෙ මරණයේ ප‍්‍රවෘත්තිය විතරයි. ජීවිතේ පණිවුඩය අපිට මගඇරෙනවා. ලංකාදීපෙ තුන්වෙනි පිටුවෙ තිබ්බ කතා හැම පත්තරේකම පළවෙනි පිටුවට එන්න ගන්න එක ගැන අපිට අවුලක් නෑ.
කිසිම දවසක මෝඩයෙක් දිවි නහ ගන්නෙ නෑ කියල කතාවක් තියෙනවා. දැනඋගත් නැතිකම දිව නසා ගැනීමට හේතුවක් කියල හිතහදා ගත්ත අයට වසන්ත උත්තරයක් දෙනවා. එයා සේවය කරන්නෙ පරිගණක ආයතනේක. මෝබයිල් එකෙන් තමන්ගෙ මරණය වීඩියෝ කරන්න තරමට එයා මොඩර්න්. මේක කෘමි නාශක බීලා මැරෙන ගොවියෙක් ගැන සිද්ධියකට වඩා වෙනස්.
මේ විදිහට මැරෙන හැටි වීඩියෝ කරන එක මෙතන ඉඳන් රැල්ලක් වෙන්න ඉඩ තියෙනවා. ලංකාවෙ තමන්ගෙ පෙම්වතියන්ගෙ නිරුවත වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකට දාන්න පටන් ගත්ත රැල්ල වගේම මරණය පටිගත කිරීම දැන් විලාසිතාවක් වෙන්න ගනීවි.
සමාජ කොන්දේසි වලට එරෙහිව මේ විරෝධය පටන් ගන්න තැනදිම අපි පුද්ගල ගැටළුවකින් එහා සමාජ අවුලක් විදිහට මේක තේරුම් නොගන්නවා කියන්නෙ ඒක ලොකු ව්‍යසනයක් විදිහට අපිට මුණගැහෙන කල් බලන් ඉන්නවා කියනවා එක. තියෙන්නෙ එක ප‍්‍රශ්නයයි. මේක මරණයක් නොව මරා දැමීමක් කියන තැනට එන්න අපිට තව කොච්චර මරණ ඕනද?
‘දේවදූතයන් ඉක්මණට යනවා. පව්කාරයෝ ඉතිරි වෙනවා’

Tuesday, May 15, 2012
වෙසක් බෞද්ධ නෑ
වෙසක් දවසෙ මං එලියට බැස්සා. තවත් මහා ජන ග`ගක් මගේ ඉස්සරහෙන් සහ පිටිපස්සෙන්. පුදුම සතුටකින් හැමෝම. හරියට ශ‍්‍රී ලාංකිකයො නෙමෙයි වගේ. එහෙම සතුටකින් ඉන්න ශ‍්‍රී ලාංකිකයො මං වෙසක් දවසට කලින් දැකලා තිබ්බෙ නෑ. ඒක ඇත්තටම සැණකෙලියක්.
එක එක ගෙවල් වල එක එක විදිහෙ පාට, ලයිට්, කූඩු, තොරන්. හැමෝම තමන්ගෙ විදිහට මොනවා මොනවා හරි නිර්මාණය කරලා. ඊට පස්සෙ පාරට බැහැලා අනිත් අය කරලා තියෙන ඒවා බලන්න යනවා පවුල් පිටින්. නඩ පිටින්. ඒක අමුතු සංස්කෘතියක්.
ලංකාවෙ මිනිස්සු විනෝද වෙන ජනතාවක් නෙමෙයි. එලියට එනවට වඩා ඒ ගොල්ලො තල්ලූ වෙන්නෙ ගේ ඇතුලට. දේශපාලනය, ආගම, සංස්කෘතිය හැම එකක්ම හැදිලා තියෙන්නෙ එතෙන්ට. අවුරුද්ද වුණත් එලියට එන්න, විනෝද වෙන්න ඉඩ දෙන උත්සවේකට වඩා විකට නාටක ගතියට බරයි. ඒත් වෙසක්. ඒක ඇත්තටම විනෝද වෙන්න ඉඩක්.
නලා පිඹගෙන යන කොලූ නඩ, ටැක්ටර්, බර කරත්ත හැමෝම තෙරපි තෙරපි ගාලූ පාරෙ. කාටවත් හදිස්සියක් නෑ. කවුරුවත් පාරට පැනලා කුණුහරපෙන් බැන ගන්නෙ නෑ. ට‍්‍රැෆික් එකේ උන් සිංදු කියනවා. ෆොටෝ ගහනවා. හතර වටේම එක එක පාට ලයිට් එලි වැස්සක්. චම්පික මොනවා කිව්වත්, මේ වගේ ලස්සනකට නැති ලයිට් මළ ගෙවල් වල පත්තු කරන්නද?
පලවෙනි වතාවට අරක්කු කඩ වහපු එක ගැන මං සතුටු වුණා. අපේ රටේ මිනිස්සු අරක්කු එක්ක සතුටු වෙන්න දන්න මිනිස්සු නෙමෙයි. මේකෙ තැවරිලා තියෙන ආගමික ගතියත් එක්ක වෙනස් නිදහස් විනෝදයක් හැදිලා. බඩු ගණන්, ජිනීවා ප‍්‍රශ්න, සුදු වෑන් ගැන වගක් වත් නැතුව ජනතාව වීදිවල සතුට බෙදා ගන්නවා. පළවෙනි වතාවට මට ලාංකිකයෙක් වීම ගැන ආදරයක් හිතුණ.
ක‍්‍රිස්තියානි ගෙවල් වලත් කූඩු පත්තු වුණා. පාරට ගෙවල් කඩලා ඉස්තෝප්පුවක් පවා නැති වෙලා තියෙන ගෙවල් වල ඒ කඩපු බිත්ති මැද්දෙ ලොකු කූඩු කැරකුණා. පොලිසිය කවදාවත් නැති තරං හොඳ වෙලා. කිසිම වෛරයක් නැතුව මිනිස්සු එක්ක එකට විනෝද වෙවී හිටියා. පොලිස් නලාවයි කොල්ලොන්ගෙ ප්ලාස්ටික් නලාවයි එකට සද්ද වුණා තාලෙට. දඩ කොල ලියන්නෙ නැති පොලිසියේ අය එක්ක හෙල්මට් නැති මෝටර් බයිසිකල් නතර වුණා, කතා කරලා යන්න. නිදහස.... ඒ නිදහස වෙසක් දවසෙ තිබුණ.
සමහර අය ඉංජිනේරු වැඩ දාලා මැජික් කූඩු හදලා තිබුණ. මොරටුමුල්ලෙ කොක් නැටුමක් තිබුණ පට්ට. සමහර අය කැටයම්. ඒ මොකක්වත් බැරි අය ඔලූ බක්කෙක් හරි දාගෙන පාරෙ ඉන්න අය වෙනුවෙන් නටනවා. පාරෙ යන ජනතාව සතුටු කරන්න මොකක් හෝ දෙයක් කරන්න ස්වභාවික උවමනාවක් හැමෝටම තිබුණ. ඩෙංගු මර්දනයට වගේ ඒකට දඩ ගහන්න ඕන වුණේ නෑ.
කනත්තෙත් බකට් පත්තු වුණා. සොහොන් වල පහන් දැල්වුණා. ඒක හරි වෙනස් ලස්සනක්. හැමතැනම එලිය වෙද්දි මළවුන්වත් කරුවලේ හිටියෙ නෑ.
අතේ සතේ නැතත් මිනිස්සු දන්සැල් දුන්නා. නිකං නෙමෙයි මහා දන්සැල්. ඇති නැති භේදයක් නැතුව හැමෝම දන්සැල් පෝලිම් වල හිටියා. බයිසිකල් වල පැච් දැමීමේ දන්සැල් පවා තිබුණා. මගේ අතේ කැමරාවක් තිබුණෙ නෑ.
පැපිලියාන හන්දියේ ලොකු තොරණක්. මහා සුපින ජාතකය. ගානකට ගන්නෙ නැතුව මං පහු කරන් ගියා. ජාතක නං මොකටද? ඒත් එන ගමන් ඒකෙ කියන දෙබස් වෙනස් නිසා ටිකක් අහන් හිටියා. කොසොල් රජුගෙ හීන ටික ගැන කිය කිය තොරණෙ කියන්නෙ ලොකු පොලිටිකල් කතාවක්. හැමෝටම තේරෙන බාසාවෙන් දැන් කරගෙන යන පාලනේ ගැන තොරණ කියනවා දැහැමිව. එක දෙබසක් මට තාම මතකයි.
ගැහැණු- කවුද මේ දේශපාලන හීන දකින්නෙ?
පිරිමි - ඒ රටේ ජනතාව වෙන්න ඕන.
ගැහැණු- ජනතාව කොහොමද දේශපාලන හීන දකින්නෙ? හෙට වෙද්දි බඩු මිල කොහොම වෙයිද කියල බඬේ ගින්දරෙන් නෙ ජනතාව නිදා ගන්නෙ. දේශපාලන හීන දකින්නෙ පාලකයො. තමන්ගෙ බලය ගැන...
මේ පාර වෙසක් එකට වෙස් මූණු තිබ්බෙ නෑ. ඒ වෙනුවට හැලොවින් මූණු ගොඩක් කඩවලට ඇවිත්. ඉස්සර කඩදාසි පල්ප් වලින් හදන යක් මූණු වෙසක් එකට අමුතු හැ`ගීමක් ගෙනාවා. ඒක ඇතුලෙන් එන සුවඳ වෙසක් එකේම කෑල්ලක්. මේ හොල්මන් මූණු කිසි වෙසක් ගතියක් නෑ.
පාරවල් දිගට පත්තු වෙන පහන් එලි වැටි දිගේ, වියන් ඇදුණු තරු වගේ චූටි ලයිට් වැල් යටින්, දෙපැත්තෙ එලිය පිරිච්ච පාරක් මැද්දෙ ඇවිදන් යද්දි හරියට චිත‍්‍රපටියක් වගේ. මේ ඔක්කොම මැද්දෙ රත්මලානෙ හමුදා කඳවුරෙත් කූඩු පේලියක් හදලා තිබුණ. ඒත් කඳවුරේ කම්බි වැටට එහායින්. මිනිස්සුන්ට ළ`ගට ගිහින් බලන්න බෑ. පොඩි ළමයි කම්බි වැටේ එල්ලිලා බලන් ඉන්නවා. සමහරු කම්බි අයිනටම ගිහින් කූඩුවල පිංතූර ගන්නවා. ඒත් ඒ වෙසක් තියෙන්නෙ කම්බි වැටකින් එහා. හරිම හමුදාමය ගතියක්.
වෙසක් කලාප කියන එක නං හරි චාටර් වැඩක්. ඒ දැනෙන නිදහස, තෘප්තිය වෙනුවට වෙනම කොටසකට සීමා කරලා තරගයක් වගේ මේ කරන කලාපගත කිරීමෙන් වෙසක් කියන එක නැති වෙනවා. වෙසක් කියන්නෙ කලාප වැඩක් නෙමෙයි. ඒක මේ රටේ හැමෝම තමන්ගෙ ආත්ම තෘප්තියෙන් කරන වැඩක්. ඒක තරගයක් නෙමෙයි.
සමහරු ටීවී එකේ සහ තැන් තැන් වල ‘පිලිවෙතින් පෙල ගැහෙන්න’ කතා කළා. වෙසක් කියන්නෙ ප‍්‍රතිපත්ති පූජාවට දවසක් නෙමෙයි. ලංකාවෙ තියෙන මිනිස්සු සංස්කෘතික විදිහට සමාජය ඇතුලෙ විනෝද වෙන එකම දවසත් නැති කරන්නයි ඒ චීවරධාරීන්ගෙ සැලැස්ම. ප‍්‍රතිපත්ති පූජාව කියන්නෙ ආයිමත් හුදකලා වැඩක්. තනි විමුක්තියක්. ඒක වෙන දවසකට තියා ගන්න. වෙසක් කියන්නෙ උත්සව දවසක්. ආමිෂ පූජාවෙ දවසක්.
සුදු ඇඳගෙන, පන්සල් ඇතුලෙ, සිල් අරගෙන, බණ අහ අහා ගෙවන දවසක් වෙනුවට මේ මහා පෝය දවස තමන්ගෙන් ගිලිහෙන එක සමහර හාමුදුරුවරුන්ට දරා ගන්න බෑ (සමහර කිව්වෙ අර ආචාර ධර්ම ආරක්ෂා කරන්න ඕන නිසා) ලංකාවෙ බුද්ධාගම මේ හාමුදුරුවරු විසින් අරන් ඇවිත් තියෙන්නෙම ජීවිත විරෝධී තැනකට. ජීවිතය වෙනුවට මරණය ගැන හිතන්න බල කරන තැනකට. ගත කරන ජීවිතේ ආස්වාදය නොතකා මරණින් මතු ජීවිතේ ආස්වාදය ගැන හිතන්න පෙළන තෘෂ්ණාවකට.
හාමුදුරුවරු දැන් බණ කියන්නෙ කොට ගවුම් වලට විරුද්ධව. කෙල්ලො කොල්ලො එක්ක සෙක්ස් කරනවට විරුද්ධව. සෝම හාමුදුරුවො බණ කිව්වෙ කොන්ඩොම් පාවිච්චි කරනවට විරුද්ධව. පස්සෙ දෙමළ ජාතියට විරුද්ධව. නිවනයි මේ ඔක්කොමයි එකට ගැටගහන්න පුළුවන් අමුතු සූත‍්‍රයක් ඒ ගොල්ලො ළ`ග තිබුණ. අලූත් වෙන සමාජ වෙනස ආගමිකව කියවාගන්න පුළුවන් තැනකට මනස ගොඩනගන වගකීම වෙනුවට හාමුදුරුවරු කරන්නෙ ලිංමැ`ඩි මානසිකත්වයෙම බෞද්ධයාව හිර කර ගන්න එක. එහෙම හිරවෙන නාකි පිරිස තමන්ගෙ මාර්කට් එක කරගන්න එක.
බෞද්ධයා කියන නාලිකාව මෙතනදි මතක් කරන්නම වෙනවා. වෙසක් දවසෙ පහන් සංවේගය ටික ටික මාළු නටන තත්වෙකට එන්න පටන් ගන්නවා. දවස පුරාම ඒ චැනල් එකේ දෙකයි පනහෙ බණ කිය කිය රටට කරන්නෙ බරපතල අවුලක්. දෙකයි පනහෙ බණ කියන්නෙ මේ බණ වල තියෙන අදහස් ලෝකෙ අද පවතින අදහස් එක්ක බලද්දි ඒ තරං අබලන් නිසා. දවස් හතේ උදේ ඉඳන් රෑ වෙනකල්ම එක එක විදිහෙ බණ කිය කිය මේ චැනල් එකෙන් ගෙවල් වල ඉන්න අම්මලාගෙ ඔලූ කනවා. ඒ අම්මලා ජීවත් වෙනවට වඩා තමන්ගෙ මැරෙන දවස වෙනකල් මෙනෙහි කර කර කල් ගත කරනවා. ආදරය, සතුට, බෙදාහදා ගැනීම, තමන්ගේ සමාජ වගකීම් වෙනුවට නාලිකාවක් හැටියට බුඩිස්ට් නාලිකාව යෝජනා කරන්නෙ නොදියුණු, පරාජිත සමාජ විරෝධී (හුදකලා) මානසිකත්වයක්. ඒ මදිවට ඒ වැඩසටහන් නිවේදක නිවේදිකාවන් සහ නිෂ්පාදන තත්වයන් පුදුම තරම් බාලයි.
ටීවී එකක් කියන්නෙ නිතර ඇස ගැටීමෙන් තමන් ඉදිරියේ ඉන්න පේ‍්‍රක්‍ෂකයාගෙ රූපමය ලෝකය ගොඩනගන අතිශය මනෝ විද්‍යාත්මක මෙවලමක්. කිසිම රූපවාහිනී දැනුමකින් තොරව, කිසි ප‍්‍රමිතියක් නැති බණ ගොඩක් දවස පුරා විකාශය කිරීමේ අවුල තේරුම් ගන්න සමාජ විද්‍යාවක් ආණ්ඩුවට නෑ. මේක දවස පුරා බයිලා විකාශය කරනවට වඩා දරුණුයි.
වෙසක් දවස මේ හාමුදුරුවරුන්ගෙ ව්‍යාපෘතිය ඇතුලට යන්න නොදී මේ සමාජ සංස්කෘතික අවකාශයෙම තවත් ඉස්සරහට අරන් යන එකයි අභියෝගය. වෙසක් කියන්නෙ බුදුන් උපන්, බුදුවුණු සහ පිරිනිවන් පෑ දවස කියන තැනට වඩා හු`ගක් සර්වාගමික තැනකට දැන් වෙසක් ඇවිත් තියෙන්නෙ. බණ සහ පිළිවෙත් සහ පන්සල් ආශ‍්‍රිත තැනකට වඩා පුළුල් සංස්කෘතික අවකාශයක් ඒකෙන් නිර්මාණය වෙනවා. ඒක හැම ආගමකටම උත්සව දවසක්. මට අනුව නං ඇත්තටම ආගමික දවසක්.
ඒ නිදහස් වෙසක් ඊළ`ග අවුරුද්දෙත් තියෙයි කියලා මං විශ්වාස කරනවා. එදාට මං අනිවාර්යෙන් කැමරාවක් අරං එලියට බහිනවා.

Saturday, May 5, 2012
දාවිත් ගේ කැටපෝලයෙන් ගොලායත් මැරීම.
පරණ අවුරුද්දෙ බූඩිව හම්බුවෙන්න ගියා. හු`ගක් කාලෙකට පස්සෙ. ‘මාතා’ (බූඩිගේ චිත‍්‍රපටිය) ගැන එයාට තියෙන්නෙ වෙන අදහසක්. ඒක දේශපාලනෙන් ගලවලා සිනමාව කියලා වෙනම තැනක තියාගෙන කතා කරන්න ඕන වගේ එකක් බූඩි හිතන්නෙ. උතුරු නැගෙනහිර දහස් ගණන් මිනිස්සු මැරිච්ච යුද්ධයක් ගැන පොලිටිකල් නොවෙන තැනකින් ගන්නවා කියලා ආණ්ඩුව යුද්දෙ ගැන කියන කතාව චිත‍්‍රපටියකට ගනිද්දිම, ඒක දේශපාලනික සහ ආණ්ඩුවට කඬේ යන වැඩක් වෙන විදිහ බූඩිට තේරෙන්නෙ නෑ. නැත්තං තේරුං ගන්න අකමැතියි. අනික අපොලිටිකල් ආර්ට් එකක් නෑ කියන එක කවදාවත් බූඩිට තේරුම් කරන්න බෑ. ඒක තේරුම් ගත්තොත් එයාට වැඩ කරන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපිට ලංකාවෙ ඉන්න එකම අවංක චිත‍්‍රපටිකරුවා අහිමි වෙනවා. මට ඒක කරන්න ඕන නැති හින්ද මං කටවහ ගත්තා.
විචාරකයන් මාතා ගත්ත විදිහ ගැනත් බූඩිට අවුල්. එයාට අනුව ඒකට මාත් හවුල්.
‘ඔයා මොනාද ඔය කරමින් ඉන්නෙ?’ බූඩි සීරියස් විදිහට මාව ප‍්‍රශ්න කළා.
‘කල්ට්’ කියල එකක් ඔහොම හදන්න බෑ. එයා අභියෝග කළා.
මම ආපහු මගේ පැත්තට හැරිලා කල්පනා කළා.
‘මං සිනමාකරුවෙක් නෙමෙයි. මං ඇඞ්වර්ටයිසර් කෙනෙකුත් නෙමෙයි. මං ලේඛකයෙක් නෙමෙයි. මං වැඩ කරන්නෙ මොකක් වෙනුවෙන්ද?’
‘මං ඇක්ටිවිස්ට් කෙනෙක්’
ඒ වෙලාවෙ හිතාගන්න ළ`ගම දේ මං බූඩිට කිව්වා. ‘කල්ට්’ කියන එක ගැන බූඩිට තියෙන අවුල මගේ තව යාලූවො ගොඩකට තිබුණ. ‘පහේ කල්ලිය’ කියල අපි පටන් ගත්ත වැඬේටත් ආපු මූලික චෝදනාව වුණේ ‘කල්ලි’ කතාව. ඇයි ලංකාවෙ අයට ‘කල්ට්’ තේරෙන්නෙ නැත්තෙ? ඇයි ඒ ගොල්ලො ‘කල්ට්’ වලට බය?
‘චින්තා පොරක් වෙන්නයි කල්ලි හදන්නෙ’
හැමතිස්සෙම දෙවෙනියට කියවෙන මේ කතාවෙන් කල්ට් වලට තියෙන අවුල පැහැදිලි වෙනවා. මේක බලය ගැන ප‍්‍රශ්නයක්. නායකත්වයක් හරි යාලූකමක් හරි ඇතුලෙ වැඩ කරන්න විනයක් හෝ පුහුණුවක් නැතිකම. හැමතිස්සෙම ඉලිප්පිලා එලියට එන්න හදන ලංකාවෙ හීනමානය. තමන්ට වඩා විශාල වැඩක තමන්ගේ කොටස ඉටු කරන්න තියෙන ඇත්ත ඕනකම ගැන හෘදය සාක්‍ෂියක් අපේ සමාජෙට නෑ.
කල්ට් හරි වෙන මොකක් හරි සමාජ ව්‍යාපෘතියක්, සරලව කිව්වොත් අදහසක් වෙනුවෙන් වැඩක් පටන් ගන්න තියෙන ඕනකම ‘පුද්ගලික බලය’ ගැන ආශාවකට වඩා ලොකුයි. උදාහරණයක් විදිහට අපි බලන්න කැමති නාට්‍ය, අහන්න කැමති සිංදු, විඳින්න කැමති ජීවිතය මහින්දගෙ ආණ්ඩුව යටතෙ ඇකිලෙන්න පටන් ගනිද්දි ඒ සාමාජීය බෙදාහදා ගැනීම් වෙනුවෙන් වැඩකරන්න වෙන එක ජීවිතේ අවශ්‍යතාවයක්. සාමාන්‍යයෙන් සමාජ ජීවිතයක් ගැන අදහසක්වත් තියෙන කෙනෙකුට මේ උවමනාවෙන් ගැලවෙන්න බෑ. ඒක සිද්ද වෙනවා. මහා සමාජය වෙනුවෙන් නෙමෙයි. ඉතා පුංචි පිරිසක් වෙනුවෙන්. ඔවුන් අතරෙ හුවමාරු වෙන පුංචි අදහස් වෙනුවෙන් කල්ට් වැඩ පටන් ගන්නවා.
‘බුද්ධාගම කියන්නෙ පටන් ගනිද්දි ‘කල්ට්’ එකක්. වෙජිටේරියන් කියන්නෙ ‘කල්ට්’ එකක්’ මං බූඩිට තේරෙන තැනකට කතාව ගෙනාවා.
කල්ට් කියන වචනෙ එන්නෙ ප‍්‍රංශ culte කුල්ටෙ කියන වචනෙන්. ඒකෙ මුල ලතින් ‘කුල්ටුස්’ cultus කියන එක. ඒකෙ අදහස වුණේ රැකබලා ගැනීම, ආදරය කිරීම වගේ දෙයක්. ඒ තේරුම හැදෙන්නෙ to cultivate ‘වගා කිරීම සඳහා‘ කියන අදහසින්.
ඒත් දැන් මේ වචනය පාවිච්චි වෙන්නෙ වෙනත් සංදර්භවල. එක විදිහකට මේකෙ ආගමික ගතියක් තියෙනවා. ඒ වගේම විශ්වාස සහ ඇදහිලි වගේ පැත්තකුත් තියෙනවා. අපි ‘කල්ට්’ කියල පාවිච්චි කරන අදහස යම් කලාවක් හෝ අදහසක් වෙනුවෙන් තියෙන සීරියස් කැපවීම. ඒක සමාජගත කිරීම වෙනුවෙන් තියෙන වැඩ කොටස.
මේක දේශපාලන පක්ෂයක් වගේ අදහසකින් වෙනස්. දේශපාලන පක්ෂයක තාර්කික, බල කේන්ද්‍රීය, තරගකාරීත්වය වෙනුවය කල්ට් එකක් ඇතුලෙ තියෙන්නෙ ආධ්‍යාත්මික පැත්තට බර ‘ස්වයං’ පුහුණුවක්. ඒ වගේම ඒක වෙනස් සංස්කෘතියක්, වෙනස් ජීවිතයක් යෝජනා කරනවා. සම්මත මහා සමාජ ජීවිතයට වඩා විකල්ප ජීවිත රටාවන් පර්යේෂණය කරනවා. මේ විදිහට දේශපාලන අදහසකට වඩා කල්ට් එකක අදහස ගැඹුරුයි. ජීවිත බද්ධයි. විශේෂයෙන්ම ආධ්‍යාත්මිකයි.
”කල්ට් පොතක් බෙස්ට් සෙලර් පොතකට වඩා වෙනස්. ඒත් ගොඩක් කල්ට් පොත් බෙස්ට් සෙලර්ස් වෙනවා. කාපට් බැගර් කියන්නෙ බෙස්ට් සෙලර් පොතක්. ‘සෙන් ඇන්ඞ් ආර්ට් ඔෆ් මෝටර් සයිකල් මේන්ටනන්ස්’ කියන්නෙ කල්ට් පොතක්.
ඒ පොත් ලොකු අදහස් තියෙන මහා පොත් වලින් වෙනස්. ඒත් කල්ට් පොත් ගොඩක් ඒ වගේ ලොකු බලපෑමක් ඇති අදහස් ගෙනාවා. ‘ඔරිජින් ඔෆ් ස්පෙසීස්’ කියන පොත ඉතිහාසෙ වෙනස් කළා. ඒත් ‘සරතුස්ත‍්‍රා මෙසේ දේශනා කළ වගයි’ කියන්නෙ කල්ට් වැඩක්.
බයිබලය, කුරානය සහ කොමියුනිස්ට් ප‍්‍රකාශනය ජීවිත වෙනස් කළා තමයි. ඒත් ඒ වෙනස් කළේ ප‍්‍රජාවකගේ ජීවිත. තනි පුද්ගල ජීවිතය නෙමෙයි. කල්ට් වැඩකින් කතා කරන්නෙ එතනට’
දුප්පත් විදිහට හරි ලංකාවෙ කල්ට් පොත් ලියන්න පටන් ගත්තෙ මුලින්ම ඩබ්ගඒ සිල්වා. පස්සෙ ඞීමන් ආනන්ද. ඒත් මෙහේ කල්ට් වැඩ හරියට වැඩ කළේ නෑ. ඒකට හේතුව එහෙම ‘කල්ට්’ උවමනාවක් ඇතුලෙන් නෙමෙයි ඒවා එලියට ආවෙ. බූඩි ‘කල්ට්’ ්එහෙම හදන්න බෑ කියන්නෙ මේ අදහස හින්ද. ඒත් ප‍්‍රධාන ධාරවෙ ජීවිතේකට වඩා වෙනස් පැවැත්මක් සහ ඒ පැවැත්ම වෙනුවෙන් සංවාදයක් තියෙන තනි ජීවිතයක් වුණත් කල්ට් එකක්.
‘බුද්ධ’ කියන්නෙ කල්ට් එකක්.
‘ජේසු’ කියන්නෙ කල්ට් එකක්.
චාල්ස් මැන්සන් කියන්නෙ කල්ට් එකක්.
ප‍්‍රභාකරන් කියන්නෙත් කල්ට් එකක්.
අමතක කරන්න බෑ, මහින්ද රාජපක්‍ෂ කියන්නෙත් කල්ට් එකක්. අද ඒක ප‍්‍රධාන ධාරාව වෙලා. මේ කල්ට් එක ඇති වුණේ ‘ගංගොඩවිල සෝම’ එක්ක. සිහල උරුමය, කුරහන් සාටකය, මේ ඔක්කොම කල්ට් වැඩ. ඒත් ඒ සමාජ විද්‍යාව කියවන්න අපිට තේරෙන්නෙ නෑ.
කල්ට් එකක හොඳ නරක, සදාචාරය වගේ දේවල් පිට ඉඳන් තීරණය කරන්න බෑ. ඒ සදාචාරය එකින් එකට වෙනස් වෙනවා. උදා විදිහට මුස්ලිම් ආගමික විශ්වාස ගැන බුද්ධාගමේ ඉඳන් ප‍්‍රශ්න කරන්න බෑ වගේ. බුද්ධාගම කියන්නෙ කල්ට් එකක් විදිහට ඇවිත් රාජ්‍ය ආගමක් දක්වා ව්‍යාප්ත වුණු සංස්කෘතියක්. ඒත් ලංකාවෙ දැන් ආයිමත් බුද්ධාගම කල්ට් එකක් වෙනකල් ඇකිලෙන්න පටන් අරං. ‘සෙනසුන’ ‘සදහම් ආශ‍්‍රම’ ‘මහමෙව්නා’ වගේ වෙනස් වෙනස් අලූත් නිකායන් බිහිවෙන එක සහ ෆේස් බුක් පිරෙන්න මුස්ලිම් පල්ලි කඩන්න යන ත‍්‍රස්තවාදී බෞද්ධ කණ්ඩායම් වලින් කියන්නෙ බුද්ධාගමේ මේ පසුබැස්ම. කල්ට් එකක් කාලයක් යද්දි ප‍්‍රධාන ධාරාව වෙලා පස්සෙ ආයිමත් කල්ට් ගණනාවකට කැඩිලා නැති වෙලා යන්න පුළුවන්.
ඒක හින්ද අපි ‘කල්ට්’ කියන එක සදාකාලික යමක් නෙමෙයි. ඒක මේ මොහොතේ අවශ්‍යතාවයක් නියෝජනය කරනවා විතරයි. අපි යමක් ගැන කියන අදහසක් ඒ ගැන එකම අදහස හෝ නිවැරදිම අදහස නෙමෙයි. ‘නිවන’ ද ඇත්ත ‘ස්වර්ගෙ’ ද ඇත්ත කියලා හොයන එකේ තේරුමක් නෑ වගේ අපේ අදහස්වල ඇත්ත හෝ බොරුව හොයන එක තේරුමක් නෑ. ඒක අපේ ජීවිත වලින් හොයන එක්තරා හැඩයක්. තවත් වෙනස් අදහස් ගොඩක් ඇතිවෙන්න ඕන. සාකච්ඡා වෙන්න ඕන. අපිට වැදගත් වෙන්නෙ වැදගත් මාතෘකාවක් යටතේ සංවාදයක් පටන් ගන්න එක විතරයි.
කල්ට් එකක තියෙන වැදගත්ම කාරණේ අපි එතනදි අපේ ජීවිතේ අලූතෙන්ම නිර්මාණය කරන්න පටන් ගන්න එක. ස්වභාවිකයි කියලා අපි එක`ග වුණු මහා සංස්කෘතියෙ හැම පැවැත්මක්ම කල්ට් එක ඇතුලෙදි ප‍්‍රශ්න වෙනවා. එතකොට වෙනස් අදහස් සහ පැවතුම් නිර්මාණය කරන්න වෙනවා. ඒක අලූත්. ඒක සවිඥාණක ව්‍යායාමයක්. මට හිතෙන්නෙ ජීවත් වෙනවා කියන්නෙ ඒකට. අනිකට කියන්නෙ උපන්නාට මේ ලොව වැනෙනවා විනා කියල.
කල්ට් වැඩ වලට මහා සංස්කෘතියෙ ආර්ට් වලට දෙන විචාර අදාල වෙන්නෙ නෑ. ඒවා විඳින්නෙ ‘මාර’ කෘති හින්ද නෙමෙයි. ඒ ‘මාර’ කියන එක නැත්තං ‘ප‍්‍රබුද්ධ’ අදහස එන්නෙම ප‍්‍රධාන ධාරාවට තියෙන ගැතිකමත් එක්ක.
‘මචං, අමරසිරි පීරිස්ගෙ වගේ සිංදුවල තියෙන වචන උඹ විඳින්නෙ නැද්ද? මේ අලූත් සිංදු වල වචන එහෙම විඳින්න බෑනෙ’
මගේ යාලූවෙක් ඇහුවා.
මේ කතාකරන වචන ඇතුලෙ තියෙන බලය එයාට තේරෙන්නෙ නැති දෙයක්. ඒක සාමාන්‍යයක්. ඒක සිංහල සාහිත්‍යය වගේ දෙයක්. ඒ වචන භාවිතය ඇතුලෙ ගොඩනගන ප‍්‍රබුද්ධ කියන පචය ප‍්‍රශ්න කරන්න එයාට උවමනාවක් වෙන්නෙ නෑ. හේතුව ප‍්‍රධාන ධාරාවෙ ජීවිතේකට පිටින් විකල්ප අවශ්‍යතාවයක් ඒ රස ඉන්ද්‍රියන්ට නෑ. මට තියෙන ගැටළුව වචන නෙමෙයි. ඒ වචන පිටිපස්සෙ තවදුරටත් ජීවිතේ තියෙනවද කියන එක.
සමහර වෙලාවට කෑලි කෑලි වචන වලින් ගැටගහන ‘පීචං’ සිංදු ඇතුලෙ මට ඒ ජීවිතේ දැනෙනවා. මං ආර්ට් කියන්නෙ එතෙන්ට. අමරසිරි පීරිස්ට වඩා සට නිහාල් නෙල්සන් (ඉස්සර) ‘පොරක්’ වෙන්නෙ ඒ හින්ද.
‘ආසි හේරු පොරෝ බූරු රජවෙලා ඇත්තෙ
පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ’
මේ කියන්නෙ වෙනස් ජීවිත කලාපයක් ගැන. ඒක මනක්කල්පිතයක් නෙමෙයි. ඒක වෙනස්. කලාව කියන එක අයිති ප‍්‍රධාන ධාරවට. වෙනස් ආර්ට් එකක් හැදෙන හැම වෙලාවකම ඒක මේ ‘කලාව’ කියන එකට ප‍්‍රතිවිරුද්ධ වීම අනිවාර්යයක්. මේ සදාචාර සීමා වලින් එහාට යන එකම තමයි එතනදි වැදගත්. වචන වැදගත් වෙන්නෙ මේ පවතින ‘කලාවට’.
කල්ට් වැඩක් ඇතුලෙ හැමතිස්සෙම සංසන්දනය වෙන්නෙ ඇත්ත ජීවිතේ. ප‍්‍රධාන ධාරව එක්ක ඞීල් දාන අතරෙ ‘කල්ට්’ වැඩ කරන්න බෑ. එතකොට ඒක ෆැෂන් වැඩක් වෙනවා. අපි ‘පොලිටික්ස්’ කියන්නෙ මේ කතාවට. බූඩිට හැමදාම වරදින්නෙ එතන.
-චින්තන ධර්මදාස
Subscribe to:
Posts (Atom)