Saturday, October 29, 2011

සමලිංගික පත්තර සදාචාරය

මිනිසෙකුගේ ලිංගිකත්වයේ වර්ගය සහ මට්ටම ඔහුගේ හෝ ඇයගේ ආධ්‍යාත්මයේ ගැඹුරු තැන දක්වාම දිවෙන්නකි. -ෆෙඞ්රික් නීට්ෂේ 

පසුගිය සතියක ජාතික යැයි කියාගන්නා බාල ටැබ්ලොයිඞ් වර්ගයේ ඉරිදා පුවත්පතක මුල් පුවත වුණේ සමලිංගික සංවිධාන වලට විදේශ ආධාර ලැබීමක් ගැනයි. සමලිංගික සංවිධාන ව්‍යාප්තියට විදෙස් රටවලින් ආධාර දී ඇතැයිද, වහා අපේ සංස්කෘතිය රැුක ගත යුතු යැයිද, කියන ඒ ලියූ නිලීන සමලිංගිකයා (ඒ ගැන ඊළ`ග ඡේදයේ පැහැදිලි කරන්නම්) ඒ සංවිධාන පවත්වන තැන් වලට ගොස් කළ (අපි නොදන්න) ගවේෂණය තවත් පිටු ගාණක් ලියා ඇත. මුලින්ම මෙබඳු හිස් පුවතක් හෙඞ්ලයින් එකක් වෙන්නත්, එසේ වීම පිටුපස කියවෙන සමාජ අර්බුදයත් (පාඨකයාගේ හෝ මාධ්‍ය විසින් තීරණය කරන පාඨකයාගේ) හඳුනා ගත යුතුය. යුද්ධයේ පුවත් විකුණමින් මෙතෙක් ලාබ ලැබූ පත්තර වලට දැන් විකුණන්න එබඳු උණු උණු මහා ව්‍යසන නොමැතිය. මේ නිසා එක් පසෙකින් ග‍්‍රීස් යකා බඳු පුවත් මවන අතර තවත් පසෙකින් මෙසේ සමලිංගික හෝ වෙන මොකක් හෝ අනෙකෙක්, තර්ජනයක් මැවීමට මාධ්‍ය කටයුතු කරයි. ඒ පොදු හතුරා නිර්මාණය කිරීම මේ බාල මාධ්‍ය ඉව කරන අලෙවියයි.

යුද්ධයේ ලේ විකුණා ලාබ ලැබූ ලංකාවේ මාධ්‍යයෙන් මෙබඳු සාපරාධී පුවත් පළකිරීමකින් විය හැකි සමාජ හානිය ගැන හැ`ගීමක් නැත්දැයි ඇසීමත් විහිළුවකි. මෙගා නාට්‍ය බලන, එකතැන කුණු වෙන, සිංහල බෞද්ධ පාඨකයාගේ මනදොල පිනවීමට මාධ්‍ය විසින් කුණු රසයන් මවමින් සිටී. ඒ මේ මොහොතේ දේශපාලනයයි. වරෙක තවත් මේ වර්ගයේ ජාතික පුවත්පතක් රජයේ ඉල්ලීම පරිදි අන්තර්ජාලයේ තිබූ මේ රටේ තරුණියන්ගේ නිරුවත් ඡායාරූප පිටු පුරා පළ කලේ කිසි හිරිකිතයක් නැතිවය. ඒ වෙලාවෙ පුවත්පත් සදාචාරය මත පිහිටා එය කළ නොහැකි යැයි කියා සිටින්නට අනෙක් මාධ්‍ය වලට කොන්දක් තිබුණි. නමුත් දැන් සමාජ වගකීමක් ගැන හැ`ගීම් මාත‍්‍රයක් හෝ නැති තවත් පුවත්පත් බෝම්බ හෝ විකුණා තමන්ගේ ලාබය ගැනීමට පසුබට නොවන වග මේ හෙඞ්ලයින් එක යට ඇති නොකී කතාවයි. 

පළමුවෙන්ම මට මේ ලියමන ලියන්නට වෙන්නේම මා නොදන්නා දෙයක් ගැනයි (පෙර කී පත්තරේ ලියන්නා දන්නවා කියල හිතන). සමලිංගිකත්වය ගැන මට යම් දැනුමක් තිබුණත් සමලිංගික සංස්කෘතිය ගැන මගේ දැනුම අල්පය. දැනුමෙන් සහ උපකල්පනයෙන් සංස්කෘතියක් ගැන දේවල් කියන්න යනවා වෙනුවට මම කරන්නේ දේශපාලනිකව හා සමාජීයව මේ කරුණු දිහා බලන්නට උත්සාහ කරන එකය. දෙවනුව මේ පුවත එය ලියන්නා විසින් හිතුමතේට විකෘති කරන ආකාරය පැහැදිලිය. ‘ලංකාවේ සංස්කෘතිය සභ්‍යත්වය හා සදාචාරය වැනසීමේ යටි අරමුණින් යුක්තව ඒඞ්ස් රෝගය තුරන් කිරීමේ මුවාවෙන්......’ යනුවෙන් තමන්ගේ ප‍්‍රවෘත්තිය අරඹන ලියන්නා අනුන්ගේ ලිංගික කතාවක් මුවාවෙන් තමන්ගේ විකෘති කාමයක් හෙළි කරයි. ලංකාවේ සංස්කෘතිය වනසන්න යැයි ගෝලීය අරමුදල් සල්ලි දෙන වගක් මා නම් දන්නේ නැත. එවැන්නක් තිබුණත් එය දැනගන්න සමලිංගිකත්වය පවා මැජික් එකක් වුණු මේ ප‍්‍රවෘත්තිකාර ගොඩයාට හැකිවන්නේ ද නැත. මෙතැන තිබිය හැකි ඇත්ත පුවත කුමක්ද? ලංකාවේ හා දකුණු ආසියාතික රටවල ඒඞ්ස් රෝගය වැලැක්වීම සඳහා සමලිංගික සංවිධානවලට ආධාර ලබා දීමයි. මේ ප‍්‍රවෘත්තියේ කියවෙන ‘ගමන්මගේ සහකරුවෝ’ සංවිධානය එසේ ඒඞ්ස් රෝගය තුරන් කිරීම සඳහා මැදිහත් වුණේ අද ඊයෙක නොවේ. ඒ මදිවාට මේ ආධාර දී ඇත්තේ ඒඞ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්දනය කිරීමේ ගෝලීය අරමුදලයි. මේ ප‍්‍රවෘත්තිය මෙසේ විකෘති කොට එය සමාජ ලිංගික භීතිකාවක තැනට වර්ධනය කිරීම ලියන්නා මෙන්ම ඒ පුවත හෙඞ්ලයින් කළ පත්තරය හෙලි කරන ඔවුන් පෙළෙන විකෘති කාමයයි.

 සමලිංගිකත්වය දැන් අමුතු දෙයක් වෙන්නේ කාටද? අපේ සංස්කෘතියේ මෙවන් විකෘති නැතැයි මේ ලියන්නා කියන්නේ කවර දැනුමක් ඇතිවද? අපේ ඉතිහාසයේ සියුම් කලා කුශලතාවයන් පෙන්වූ නිශ්ශංක මල්ලව රජු පවා සමලිංගික සේවනයේ යෙදුණු අයෙක් වගට සාක්ෂි තිබේ. ඉස්කෝලෙවත් ගිය නැති කෙතරම් ‘නොදැනුමෙක්’ මේ ලිපිය ලියන්නේද කියතොත් අපේ රටේ ඒකභාර්යා විවාහ ක‍්‍රමය ඉතිහාසයේ පටන් පැවැති සංස්කෘතියක් යැයි කියන්නත් ඔහු ඉක්මන් වෙයි. අපේ රජවරුන්ට තිබූ අන්තපුර ගැනත්, මෑතක් වනතෙක් නුවර පළාතේ තිබූ එකගෙයි කෑම ගැනවත්, කසාද ලියාපදිංචි නොකරන කාලයේදී අපේ හෙළ පවුල් තුල වූ ලිංගික නිදහස ගැනවත් මේ පත්තරයේ හෙඩිම ලියන අය නොදනී. නමුත් පත්තරයේ උඩින් ජාතික පුවත්පතක් කියා ලොකුවට ලියා ඇත. මේ ලියන්නා කතා කරන්නේ අපේ සංස්කෘතිය ගැන නොවේ. ඉංග‍්‍රීසින් විසින් අප පිට පැටවූ වික්ටෝරියානු සංස්කෘතිය ගැනයි. ක‍්‍රිස්තියානි පල්ලියේ මතවාදයයි. එය හෙළ බෞද්ධ යැයි කියන්නට උත්සාහ කිරීම මේ පුවත යට ඇති අනෙක් අපරාධයයි.

 මේ ලියන්නා නිලීන සමලිංගිකයෙක්(latent homosexual )යැයි මා කිව්වේ ඇයි? තමන් තමන්ගේ ඇතුලෙන්ම ස්ථාවර විෂම ලිංගිකයෙක් නම් සමලිංගික හෝ වෙනත් ලිංගික සංස්කෘතීන් ගැන මේ විදිහට බය වෙන්නේ නැත. ‘සමලිංගික ඇසුර මතු නොව එවන් අය සමග කතාවත් අපි පිළිකුල් කළද.....(ඒ ලියන්නා රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ උදාර අරමුණින්ම මේ (අපි නොදන්න) ගවේෂණය කළ බව කියයි. මේ හෙලිවන්නේ ඔහු සමලිංගිකයෙක් හැටියෙන් වටහා ගනිවී යැයි ඔහු තුලම ඇති අවිඥාණක බියයි. තමා තුල ඇති සමලිංගකත්වය තමන්ටම අනාවරණය වීමේ බියෙන් ලියමන පුරාම නොයක් තැන්වල ලියන්නා තමන්ගේ විෂම ලිංගිකත්වය අවධාරණය කරයි. ලංකාවේ මෙබඳු නිලීන සමලිංගිකයෝ බොහෝය. නිසි සංස්කෘතික අවකාශයක් සහ අයිතියක් නැති නිසාම බොහෝ සමලිංගිකයන් තමන් තුලම සැගවී සිටී. තමන්ටම විරුද්ධව සටන් කරයි. (නිශ්චිතවම මේ ලියන්නා ගමෙන් කොළඹට ආ අයෙක් විය යුතුය)

තමන්ගේ ඇත්ත තැන යමෙක් සිටීම බලන්න හිරිකිතයක් ඇති නොකරයි. ඒත් තමන් ගේ ඇත්තට වඩා වෙනස් තැනක ඉන්නට කෙනෙකුට ඇති ආශාව බලන්න හිරිකිතය. - ජෝන් කේජ්

සමලිංගිකත්වය ජීව විද්‍යාත්මක බවත්, එය අපරාධයක් හෝ විකෘතියක් හෝ සුව කළ යුතු මානසික රෝගයක් නොවන බව විද්‍යාත්මකව පිලිගෙන අවසානය. සමලිංගිකත්වයට නිසි සංස්කෘතික පද්ධතීන් තවම නිර්මාණය වී නැති නිසා ලිංගිකව බෝ විය හැකි රෝග මර්දනය කරන්නට ඔවුන් අතර ‘විශ්වාසවන්ත එක් අයෙකුට සීමා වූ ලිංගික ඇසුරක්’ ගැන මතයක් සහ ආරක්ෂක කොපු භාවිතයට උනන්දුවක් ඇති කිරීමට ගෝලීය සංවිධාන වෙහෙසෙයි. ඒ වෙනුවෙන් ඔවුන් සංවිධානය කරමින්, ඔවුන්ගේ සංස්කෘතික අවකාශයක් නිර්මාණය කිරීමට උදව් දෙමින් එම සංවිධාන කරන්නේ රහසිගත හෝ සැ`ගව සිදුවන සමලිංගික චර්යාවන්ගේ අපචාරමය තත්වයන් සහ රෝග පැතිරිය හැකි තත්වයන් දියුණු ආකාරයකින් තුරන් කිරීමටය. එනම් සමාජයක මානව පැවැත්මෙහි විවිධතා එක්ව පැවතීම පිළිගනිමින් එයින් විය හැකි ආපදාවන් කලමනාකරණය කිරීමය. නමුත් පත්තරේ ලියන්නාට එය පෙනෙන්නේ සමලිංගික සංස්කෘතිය ව්‍යාප්ත කරමින් අපේ සංස්කෘතිය වැනසීමට උදව් දීමක් හැටියටය. ඔහුට අනුව පැවතිය යුත්තේ එක ලිංගික දහමකි. ඒ ඔහු අයත් වන දහමයි. එය ස්වභාවිකය. අන් සියල්ල විකෘතිය. මේ සියලූ විකෘතිතා අතුගා දමා සමාජය ශුද්ධ කළ යුතුය.

මේ ලිපිය පිටුපස ඇති මේ දේශපාලනය දිහා නැවත බලන්න. මේ යුද්ධයෙන් අපේ රටට ඉතිරි කළ දැක්මයි. විවිධතා පිළිගැනීම වෙනුවට බලෙන් මැඩ එකම අධිපති සංස්කෘතියක් රජ කිරීමේ දර්ශනයයි. පත්තරකාරයෙක් මානුෂික හැ`ගීමෙන් පිරි, අසාධාරණයට ලක්වන ජනතාව වෙනුවෙන් සටන් කරන්නෙක් යැයි පිළිගැනීමක් අපේ සමාජයේ තිබුණි. නමුත් මේ දැන් අපිට ඉන්න පත්තරකාරයන්ගේ හැටිය. සමලිංගික සංවිධානයට යුද්ද කාලේ යාපනේට ඇතුල් වුණු රහස් ඔත්තුකාරයෙකුටත් වඩා රහස් හැටියෙන් ඇතුල් වෙන මේ ලියන්නා බොරුවක් කියමින් තමන්ට උදව් කරන මෙන් එතැන අයගෙන් ඉල්ලයි. මේ සංවිධානය ඇතුලට යන්නට මේ තරම් ඇඹරෙන්නේ ඇයි? ඕනෑම කෙනෙකුට ඕනෑම විටෙක එතැනට යන්නට දොරටු විවෘතය. ඔවුන් ප‍්‍රශ්නයක් හෝ අසන්නේ නම් ඒ ආරක්ෂාව ගැන යම් සැකයක් ඇතිවුණොත් විතරය. (මා අවස්ථා කීපයක ඔවුන් සමග විවිධ කරුණු ගැන සාකච්ඡුා පවත්වා ඇත). එසේ ඇතුල්වන ඔහු තමන් ගොතා කියන කතාවට අසා සිටි අයගේ ඇසේ කඳුළු පවා මතුවූ බව කියන්නේ ආඩම්බරයෙනි. ඉන් කියන්නේ මේ සංවිධානයේ අය කොයිතරම් සංවේදීද කියා මිසක් වෙනයම් වැරැද්දක් නොවේ. පිටතින් කඩා පනින ආගන්තුකයෙකුගේ වේදනාවෙන් පවා එතැන සිටි අයගේ හිත උණු වී ඇත. මේ ලියුම්කරු වහා වනසා දැමිය යුතු අපරාධකරුවන් මෙන් කියන්නේ ඔහුට මුණගැසුණු මෙබඳු හදවතක් ඇති අයවයි. පත්තරකාරයා ගැන අපේ පාඨකයා තුල ඇති අදහස වෙනස් කර ගත යුතු බවට මේ ප‍්‍රවෘත්තිය යෝජනා කරයි. මේ ලියන්නා සුළු සංස්කෘතින්ට පීඩා කරන්නෙකි. ඒවාට එරෙහිව ජනතාව උසි ගන්වන්නෙකි. මෙය දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව ද`ඩුවම් ලැබිය යුතු වරදක් බව ලියන්නා අවධාරණය කරන්නේ පොලීසිය කිතිකැවීමටයි. ලෝකයේ මේ වන විට රටවල් සමලිංගික විවාහයන් පවා නීතිගත කිරීමට කටයුතු කරමින් සිටිද්දී මේ ලියන්නාගේ උවමනාව ඒ අය සිරගත කොට හෝ ඒ අයට ද`ඩුවම් කරමින් මානව අයිතිවාසිකම් ගැන ලංකාව දැනටත් දිනා ඇති ‘හොඳ’ නාමය අලූත් කිරීමටය. දණ්ඩ නීති සංග‍්‍රහයේ හැටියට වරදක් වෙන්නේ සමලිංගික හැසිරීමේ යෙදීම මිස ඒ පිළිබඳ අදහස් දැරීම නොවන වගවත් මේ පත්තරකාරයා දන්නේ නැත. නීතිය තියෙන්නේ සමාජයක් පාලනය කරනු පිණිසය. සාමය හා සහජීවනය ආරක්ෂා කරනු පිණිසය. සමලිංගිකත්වය නිසා සමාජයේ අනෙක් අයට සිදුවන අපරාධයක් නැත. එය බෝවෙන තත්වයක් නොවේ. එමගින් විෂම ලිංගිකයන්ට සිදුවන පීඩාවක් හෝ අසාධාරණයක් ඇත්තේද නැත. එසේ නම් එහි ඇති නීති විරෝධිතාව ගැන දෙවරක් සිතා බැලිය යුතුය. පෙර කාලයක තහනම් වූ බොහෝ දේ තව කාලයකදී නිදහස් වේ. එක්තරා කාලයක සමාජයේ වහල් බව පවා නීතිගත වී තිබුණි. මේ ලියන්නා යෝජනා කරන්නේ එය නීතිය වූ පමණින් නිවැරදියි කියාද? ඒ නිසා නීතිය යනු සමාජය අනුව වෙනස් වන දෙයක් මිස සමාජය යනු නීතියේ හැටියට වෙනස් වන්නක් නොවන බව මේ නොපැහුණු ලියන්නා තේරුම් ගත යුතුය.


සමලිංගිකත්වය විකෘතියක් හැටියට පිළිගත් යුගය අවසන්ය. එය ස්වභාවික තත්වයකි. කෙනෙක් සමලිංගිකයෙක් හැටියෙන් භාර ගැනීමට තරම් සමාජයක් පරිණත විය යුතුය. එසේ නොවීමෙන් කියා පාන්නේ ඒ සමාජයේ ඇති නොදියුණු බවට වැඩි යමක් නොවේ. එය පෙරකී ජාතික පත්තරයේ හැටියට අපේ සංස්කෘතියයි. සතුන් අතර පවා සමලිංගික හැසිරීම් දක්නට ඇති බව අනාවරණය වී ඇත. විකිපීඩියා ගොස් ඒ සත්ව වර්ග දැන ගත හැකිය. එසේම සමලිංගිකත්වය කෙනෙක් මත බලෙන් පටවන දෙයක් හෝ තෝරා ගැනීමක් නොව එය උපතින් ගෙනෙන ස්වභාවිකයක් බවද මේ වන විට ලෝකය තේරුම් ගෙන අවසානය.

සමලිංගිකයෙක් යම්හෙයකින් විෂම ලිංගිකයෙක් හැටියට හැසිරෙනවා නම් විකෘතිය ඇත්තේ එතැනය. තමන්ගේම ලිංගයේ කෙනෙක් සමග යහන්ගත වීමේ කිසිදු වරදක් නැත. මිනිස්සුන්ට ලිංගික නිදහස තිබිය යුතුය. ඉරි ඇඳ වෙන් කළ යුත්තේ එළුවන්ය   -එල්ටන් ජෝන් 

විකෘති කාමුකයන් හෝ තුරන් කළ යුතු උපද්‍රවයක් හැටියෙන් සමලිංගිකයන් ගැන කියන මේ ලියන්නා ලෝකයේ ශ්‍රේෂටත්වය පත් සමලිංගික ජීවිත ගත කළ අය ගැන කියන්නේ මොනවාද? සොක‍්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මහා ඇලෙක්සැන්දර්, හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්, බයිරන් සාමි, ෆ‍්‍රැන්සිස් බේකන්, ඔස්කා වයිල්ඞ්, ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ආන්ජලෝ වැනි දිගට යන ලැයිස්තුවක් ශ්‍රේෂටයන් විපරීතයන් කරමින් අප ආරක්ෂා කර ගත යුත්තේ මේ ලියන්නා වැනි වගකීම් රහිත පත්තරකාරයන්වද? 


ලංකාවේ සංස්කෘතිය සමස්තයක් හැටියෙන්ම සමලිංගිකත්වයට නැඹුරුය. කොල්ලෙක් සහ කෙල්ලක් කාමරේක හිටියත් එය වරදක්, ඇතැම් විට පොලිසියට අල්ලාගෙන යා යුතු තරම් දෙයක් හැටියෙන් දකින අපේ සමාජය කොල්ලන් දෙන්නෙකු එක කාමරේක සිටීම අමුත්තක් හැටියෙන්වත් දකින්නේ නැත. අපේ පාසැල් සියල්ලම පාහේ සමලිංගිකය. ඒවා කාන්තා හෝ පිරිමිය. අප විෂම ලිංගික හැසිරීම් වලට බියෙන් මිශ‍්‍ර පාසැල් වඳ කළේය. අපේ ආගමික සංස්කෘතීන් සමලිංගිකය. හාමුදුරුවරුන්ට, කතෝලික පූජකවරුන්ට කාන්තා ඇසුර පවා අකැපය. මුස්ලිම් ආගමිකයන් කාන්තාවන් නිතරම තබන්නේ වෙන් කොටය. සමලිංගිකත්වය යනු ලිංගික අවයව අතර සිදුවෙන දෙයක් හැටියෙන් පමණක් ගැනීම එය පටු අර්ථයකට ලඝු කිරීමකි. අපේ සමාජ දැක්ම සමලිංගිකත්වයට බර වැඩිය. එහි විෂම ලිංගිකත්වය වාරණය වූවකි. තහනමකි. වරදකි. ඒ තත්වයන් ගැන මේ ජාතික පත්තරේට ඇති වැඩක් නැත. ඔවුන්ට උවමනා කවුරුන් හෝ හිරේ දමා ප‍්‍රවෘත්තියක් වනා ගැනීමයි. සමාජයක් සමග කරන අදහස් ගණුදෙනුවක් වෙනුවට ඔවුන්ගේ විශ්වාසය පේමන්ට් එකේ ගණිකා ව්‍යාපාරයක් ගැනය (පිම්පි කමකි).

මේ සංවිධානය අසල ඇති පාසැල් වල දරුවන් පවා ඉවත් කරන මෙන් ලියන්නා ජනතාව බියපත් කරන්නේ ඔහු සමලිංගිකත්වය පමණක් නොව විෂම ලිංගිකත්වය ගැනද නොදැනුම ප‍්‍රදර්ශනය කරමිනුයි. කුඩා දරුවන් සමග වැඩිහිටියන් පවත්වන ලිංගික ඇසුර ගැනෙන්නේ ‘පීඩෝෆයිල්’ ගණයටයි. එය ලෝකයේ සෑම රටකම පාහේ නීතියෙන් වරදකි. සමලිංගික සංවිධාන පීඩෝෆයිල් ක‍්‍රියාකාරකම් අනුමත කරන්නේ නැත. අනෙක් ගොඩනැගිල්ලේ සමලිංගික සංවිධානයක් තිබීම නිසා බෝවන රෝගයකදී බඳුව තමන්ගේ දරුවන් පාසැලෙන් ඉවත් කර ගැනීමට හෝ විරෝධතා දැක්වීමට මේ ලියන්නා මවුපියන් පොළඹවන්නේ තමන්ගේ නූගත්කම මුද්‍රිත පත්තර අකුරු වලින් ප‍්‍රකාශ කිරීමෙන් එය බලයක් බවට පත් කරමිනි. කරුණාකර පත්තර මහතුනි, මේ බාලවැඩ නවතන්න. ප‍්‍රවෘත්ති පිණිස ජීවිත වැනසීමේ වෙළඳාම අත්හැර සදාචාරයක් ඇතිව බුලත් විටි කඩයක් හෝ අරඹන්න. මෙසේ අනෙකා පිළිබඳ සතුරු අවතාර නිර්මාණය කර දෙමින් සමාජයක සාමය හා සහජීවනය විනාශ කරමින් අවුල් ඇති කිරීම මේ රට තවත් ගොඩගත නොහැකි ප‍්‍රපාතයකට ඇද දමන නිසාය.

 තේරුම් ගන්න, ලිංගිකත්වය මුහුදක් තරම් විශාල වග. තේරුම් ගන්න, ඔබේ සදාචාරය නීතිය නොවන වග. තේරුම් ගන්න, අපි කියන්නේ ඔබ වග. තේරුම් ගන්න, අප කෙනෙක් හා ලිංගික එක්වන්නට තීරණය කළොත්, එය ආරක්ෂිත හෝ අනාරක්ෂිත වුවත් ඒ අපේ ආදරය ගැන අපේ තීරණය වග සහ ඒ ගැන ඔබට අයිතියක් නැති වග. -ඩෙරික් ජාමන්. 

-චින්තන ධර්මදාස

17 comments:

  1. බොහොම අගේ ඇති ලිපියක්!අද දවසේ පුවත් වාර්තාකරනයේ යෙදෙන්නන්ට තමන් ලියන දෙය ගැන පැහැදිලි අවබෝදයක් නෑ!වගකීමෙන් යුත් මාධ්යකරනයක නියැලෙන මාධ්්යවේදීන් සිටින්නේ බොහොම අඩුවෙන්!

    ReplyDelete
  2. මේ වාර්තාකාර්යා සමලිංගික සංවිධානයක් වෙත ගොස් දුක හිතෙන කතාවක් කීවාට පසු ඔවුන් තමන්ට සගයෙක් සොයා දෙන්නට පවා ඉදිරිපත් වුන බව කියන්නේ මහා සොයාගැනීමක් කළ පරිද්දෙනි. මොහු විරුද්ධ ලිංගිකයෙක් විදිහට එතනට ගිය පසු එතන සිටි අය මොහුව පොළබවා ගැනීමට උත්සාහ කළානම් හෝ මොහුගේ ඇගේ සමලිංගික පිරිමියෙකු එල්ලීමට හැදුවා නම් ඔන්න වැරදිය. නමුත් මේ ආයතනයේ අය මොහුට උදව් කරන්න හදන්නේ මොහුගේ රගපෑම් වලට රැවටී මොහුද සමලිංගිකයෙක් යැයි සිතාගෙන‍ය. ස්වකැමැත්තෙන් බාර් එකකට යන මිහිහෙක් අරක්කු බෝතලයක් ඉල්ලා ඒ ඉල්ලපු අරක්කු බෝතලය අතට ලැබුනාට පසුව "මෙන්න මේ මිහිහා මට අරක්කු පොවන්න හදනවෝ...අරක්කු බොන එක කොච්චර නරක දෙයක් ද" ආදි වශයෙන් බාර් කීපර්ට බැණ අඩගැසීම කෙතරම් දුරට සාධාරණද?

    ReplyDelete
  3. පසුව නඩු හබ වල පටලවා අමාරුවේ දැමීමේ අරමුණින් පිරිමි කුලප්පු කරවාගෙන තමන්ව දූෂණය කරවා ගන්නා ගෑණු ද සිටිති. මේ වාර්තාකාරයා උන්ට අන්ත ය.

    ReplyDelete
  4. අපේ රජවරුන්ට තිබූ අන්තපුර, එකගෙයි කෑම වැනි වැරදි අතීතයේ තිබුණු පමණින් සමලිංගිකත්වයද නිවැරදි යයි තීරණයට එළඹීම තර්කානුකුල නොවේ. අන්තපුර හෝ එකගෙයි කෑම අතීතයේ සිදුවුණා හෝ දැන් සිදු වුවද වරදකි.

    ඔබේ ලිපියෙන් සැලකිය යුතු කොටසක් රිවිර පුවත්පතෙහි අඩුපාඩු කම් පෙන්වයි. Your article is a fine example for "Attempts to counter a claim or conclusion by attacking the person, rather than addressing the argument itself"

    මගේ අදහස නම රිවිර යනු දේශපාලන පක්ෂවලට කඩේ නොයන පුවත් පතක් බවයි. එනිසා එය අනෙක් පුවත් පත් මෙන් වඩාත් පාඨකයන් අතර ප්‍රචලිත වුයේ නැත. සමලිංගිකත්වය ගැන රිවිර පුවත් පත හෝ කතා කිරීම ගැන මම සතුටු වෙමි.
    සමලිංගිකත්වයට විරිද්ධව කතා කරන සියලු පුද්ගලයන් හට "නිලින සමලිංගික" "Closeted Homosexual" යන ලේබලය ඇලවීම ඔබ වැනි පුද්ගලයන් විසින් බහුලව සිදු කරන්නකි. සමලිංගිකත්වය යහපත් දෙයක් යයී පවසන පුද්ගලයන්ටද එයම සිදුවේ.

    "සමලිංගිකත්වය ජීව විද්‍යාත්මක බවත්, එය අපරාධයක් හෝ විකෘතියක් හෝ සුව කළ යුතු මානසික රෝගයක් නොවන බව විද්‍යාත්මකව පිලිගෙන අවසානය." මෙය අමුලික බොරුවකි. පුද්ගලයෙකු සමලිංගික හෝ විෂම ලිංගික වන්නේ ජිව විද්‍යාත්මක හේතුන් නිසා නොවේ. සමලිංගිකලිංගිකත්වය ඇති වන්නේ ඇති බොහෝ විට සාමජ්යිය හේතුන් මතය. ඇති සුළුතර අවස්ථාවන්හිදී හොර්මොනමය බලපෑම නිසා පිරිමියෙකු පිරිමියෙකුට ආකර්ෂණය වී ඇති අවස්ථා වාර්තා වේ. නව යොවුන් වියේ සමලිංගික හැසිරීම් ඇති පුද්ගලයන් පසුව විෂම ලිංගික වූ බවට බොහෝ සමීක්ෂණ පෙන්වයි. සමලිංගිකත්වය ජිව විද්‍යාත්මක නම් එය එසේ සිදු නොවේ.
    මිනිස් ලිංගික අවයව වර්ධනය වී ඇත්තේ විෂම ලිංගිකත්වයට සඳහාය යන්න මතක් කල යුතුය.
    ලෝක සෞක්‍ය සංවිධානය විසින් අනවශ්‍ය සමලිංගිකයන් (ego-dystonic) සඳහා මානසික උදවි කිරීමට අවසරය දී ඇත.
    සමලිංගික හෝ විෂමලිංගික වීම මිනිස් තෝරාගැනීමක් නොවුනද එක් පුද්ගලයෙකු හා පමණක් එක්වීමට තීරණය ගැනීම මිනිස් තොරගනිමකි. එය බොහෝ විට එසේ සිදුවන්නක් දැයි මට සැකයක් පවතී. නිතිපතා මත්පැන් සමඟ සංදර්ශන හා සාද පවත්වන්නේ සුහද හමුවලට පමණිද?
    කොන්ඩම් බෙදා දීම ගැන මගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. නමුත් එය තාවකාලික ප්‍රතිකර්මයක් පමණි. ගෝලීය සංවිධානයේ අනුග්‍රහය ඔබවැනි පුද්ගලයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කරති.
    සමලිංගිකත්වය නිසා සමාජයට අසාධාරණයක් සිදී වේ හෝ නොවේ යයි මම තීරණය නොකරමි. නමුත් ඒඩ්ස් ව්‍යාප්තියට සමලිංගික හැසිරීම් සෘජුවම වගකිය යුතුය. http://www.cdc.gov/msmhealth/HIV.htm . ඇමෙරිකාවේ සමලිංගික ප්‍රතිශතය 2% පමණ වේ එහෙත් ඔවුන් ඒඩ්ස් රෝගීන්ගෙන් 62% කට වගකියයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිශයතය එයට වඩා දරුණු විය හැකිය.

    නිතිය හා සමාජ ආචාර ධර්ම පටලවා නොගත යුතුය. සමහර රටවල ගණිකා සේවනය, කාම චිත්‍රපට වෙළඳාම, බහු භාර්යා සේවනය නිතිගතය. ඒවා නිවැරදි යයි අප පිළිගන්නේ නැත.

    සතුන් අතර සමලිංගිකත්වය සිදු වන්නේ සතුන්ගේ මානසික හැකියාව සුවඳ හා ආඝ්‍රාණයට සිමිත වී ඇති නිසාය. පිරිමි සත්වයෙකු ගැහැණු සත්වයෙකු හා එක් වූ විට ගැහැණු සත්වයාගේ තරල පිරිමි සත්වගේ අවයවයන් හි රැඳෙ.වෙනත් පිරිමි සත්වයෙකු එය වැරදියට හඳුනා ගනී. සතුන් අතර (Cannibalism) තම වර්ගයාම අනුභවය දක්නට ලැබේ. නමුත් මිනිසුන් වන අප එය සිදු නොකරයි. බොහෝ අවස්තාවන් හිදී ඔබ ගැහැනුන් අතර ඇති සමලිංගිකත්වය මග හැර ඇති බව පෙනේ.

    සමලිංගිකයකු හට මානසික උදව් ඇතිව විෂම ලිංගිකයෙකු විය හැකිය. එය ලෙහෙසියෙන් සිදු කල හැකි දෙයක් නොවේ. නමුත් සිදු වී ඇති හා සිදු කල හැකි දෙයකි. මෙවැනි ලිපි නිසා මානසික උදව් ඇතිව විෂම ලිංගික හැකියාවට පත්වීමට ඇති මාර්ග අවහිර වේ.
    සොක‍්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මහා ඇලෙක්සැන්දර්, හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්, බයිරන් සාමි, ෆ‍්‍රැන්සිස් බේකන්, ඔස්කා වයිල්ඞ්, ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ආන්ජලෝ සහ නිශ්ශංක මල්ලව රජු - පිලිබඳ පරස්පර විරෝදී මතවාද ඇත.එමනිසා මෙසේ තීරණ වලට එළඹීම සිදු නොකළ යුතුය. එල්ටන් ජෝන් සමලිංගිකයෙකි එමනිසා ඔහුගේ මතවාද පුද්ගල නිශ්‍රිත වේ. ඔහු මනෝ විද්‍යාඥයකු නොවේ, සංගීතඥයෙකි. ඔබේ තර්කවලට අනුව මට මෙසේද පැවසිය හැකිය -- මාලන් බ්‍රෑන්ඩෝ මුලිකව සමලිංගිකයෙකුව සිට පසුව විෂම ලිංගිකයෙකු වූ පුද්ගලයෙකි.

    සියලු සමලිංගිකයෝ පෙඩෝපයිල් Pedophile ගණයට අයත් නොවේ. එහෙත් බොහෝ පෙඩෝපයිල් පුද්ගලයන් සමලිංගිකයන් වන බවට සාක්ෂි තිබේ.

    රිවිර පුවතෙහි තිබු යටි හැඟීමට මමද එකඟ නොවෙමි. එහෙත් ඔබගේ ලිපියද එයට දෙවැනි නොවේ. ඔබගේ හැඟීම් නිසා ඔබට සත්‍ය වටහාගත නොහැකි සැටියක් මට පෙනේ. හැඟීම පසෙක ල දකින්නට පුරුදුවන්න.
    quitbeinggay.blogspot.com

    ReplyDelete
  5. ලිංගික අවයව සෑදී ඇත්තේ සමලිංගික ක්‍රියාවල යෙදීමට නොවේ. ඒ වාගේ ම ලිංගික අවයව සෑදී ඇත්තේ මුඛ සංසර්ගය කිරීමට හෝ පියයුරු සංසර්ගය කිරීමට ද නොවේ. එමෙන්ම ස්වයංවින්දනය කිරිමට ද නොවේ. ලිංගික අවයව යොදා ගත යුත්තේ එවා සෑදී ඇති කාර්යයට පමණක් නම් සමලිංගිකත්වය පමණක් නොව විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන මුඛ සංසර්ගය, ගුද සංසර්ගය හෝ යෝනික නොවන වෙනත් ඕනෑම සංසර්ගයක් මෙන්ම ස්වයංවින්දනයද සමලිංගිකත්වය සමගම තහනම් කළ යුතු දේවල් ලයිස්තුවට ඇතුලත් කළ යුතුය.
    බොහෝ අවස්ථා වලදී සමලිංගිකත්වය මිදිය හැකි තත්වයක් යන්නට මම ද එකග වෙමි. විශේෂයෙන් සාමාජීය හේතූන් මත සමලිංගිකත්වයට යොමු වන පිරිසක් සිටින අතර ඔවුන්ට එයින් මිදීම අපහසු නොවේ. ඒ සදහා සායනික හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර මෙන්ම මෝහන ප්‍රතිකාරද (සමලිංගිකත්වයට යොමු වීමට බල පෑ හේතු අමතක කරවීම මගින් ) යොදා ගත හැකිය. නමුත් සමලිංගිකත්වයට හේතුව ජානමය හේතුවක් නම් එවැනි ක්‍රම මගින් සමලිංගිකත්වයෙන් මිදිය නොහැක.
    නමුත් ගැටලුව වන්නේ, සහමරු සමලිංගිකත්වය මිදිය හැකි තත්වයක් යැයි පෙන්වමින් සමලිංගිකයන් එයින් බලෙන් මුදවන්නට යාමය. පුද්ගලයෙකුගේ ලිංගිකත්වය ගැන තීරණ ගැනීමෙ බලය ලැබිය යුත්තේ එම පුද්ගලයාට ය. ඔහු සමලිංගිකයෙක් වශයෙන් සිටිනවාද එයින් මිදෙනවා ද යන්න තීරණය කළ යුත්තේ එම පුද්ගලයා මිස බාහිර සමාජය නොවේ. ඔහු සමලිංගිකයෙකු වශයෙන් ම සිටින්නට තීරණය කරගෙන ඉන්නවා නම්, ඔහුගෙන් බාහිර සමාජයට කරදරයක් නැති තාක් ඒ තීරණය ගැන බාහිර සමාජය වද විය යුතු නොවේ. ඔහුට සමලිංගිකත්වයෙන් මිදෙන්නට අවශ්‍ය නම් ඔහුට ඒ සදහා උදව් කිරීම බාහිර සමාජයට කළ හැකිය. ඊට අමරතව, සමලිංගිකත්වය මිදිය හැකි තත්වයක් බවට අවබෝධයක් ජනතාව අතර ඇති කළ හැක. එවිට, එයින් මිදීමට අවශ්ය, නමුන් නොදැනුවත්කම නිසා එහිම යෙදී සිටින අය සිටිත් නම් ඔවුන් ඒ අදාළ ප්‍රතිකාර වලට යොමු වනු ඇත. එයින් ඔබ්බට ගොසින්, බාහිර සමාජය නිදන කාමර තුළට එබෙමින් පුද්ගලයන් කළ යුතු හා නොකළ යුතු දේ "බහුතර මතය" අනුව තීරණය කරන්නට යන්නේ නම් එය අනුමත කළකිසිසේත් අනුමත කළ හැකි නොවේ.

    ReplyDelete
  6. කවුද මේ You can Quit being Gay? ඔබ සමලිංගිකත්වය ගැන ලියවුනු හැම ලිපියකම එකම බයීලාවක් කියන බව මම දැකල තියෙනව.
    ඒ අනික් හැම තැනම වගේම මෙතනත් ඔබ කියල තියෙන දේවල් වලින් බොහොමයක් අමූලික බොරු බව මම විෂ්වාසයෙන් කියනව. ඒකට පොඩි උදාහරනයක් දෙනවනම්, මොහු කියනව තම වර්ගයාම අනුභවය මිනිසුන් අතර නැති බව. http://en.wikipedia.org/wiki/Cannibalism
    මෙම ලිපිය කියවේමෙන් ඔබට තෙරුම් ගන්න පුලුවන් ඒක බොරුවක් බව.

    ඔබ ඔය වෛද්‍ය විද්යාත්මක කරුනු යැය් කියනා කිසිවකටත් ඔබට සාක්ෂි ඉදිරිපත් කල හැකිද?වෛද්‍ය විද්යාව ඉගෙනගත් අයෙකු වෂයෙන්,ඔබ කියු කාරනා කිසිවකට නිෂ්ච්ත සාක්ෂි නැති බව මම දන්නව. ඒ නිසා බොරු මතවාද ඉදිරිපත් කරල මිනුස්සු නොමග යවන්න එපා කියල මම ඉල්ලා සිටිනව.

    " එල්ටන් ජෝන් සමලිංගිකයෙකි එමනිසා ඔහුගේ මතවාද පුද්ගල නිශ්‍රිත වේ "
    එහෙනම් මහත්මයා ඔබ විෂම ලිංගිකයකු නිසා ඔබගේ මතවාදය ද පුද්ගල නිශ්‍රිත නොවන්නේද? ඉතින් ඒවා අන් අයට බලෙන් කාවද්දන්න ඔතරම් උත්සහ කරන්නෙ ඇයි?සමලිංගිකයන්ට ඔවුගේ පාඪුවේ සිටීමට ඉඪදෙන්න. Live and let live.

    ReplyDelete
  7. To Swan Lake
    ගැහැණියෙකු හා මිනිසේක්ය් අතර ඇතිවන සංසර්ගයට උදාර පරමාර්ථයක් තිබෙනවා.දරුවන් බිහි කිරීම ඉන ඒක කර්තව්යක්. ගණිකාවන් ගැන නෙමෙයි මම කතා කරන්නේ. එකිනෙකට ගරුකරන පවුලක මුඛ සංසර්ගය හෝ ගුද සංසර්ගය අවශ්‍ය වෙන්නේ නැහැ.

    සමලින්ගිකත්වයට ජානමය පදනමක් නැහැ.ඒක මම පහත විග්‍රහ කරලා තියෙනචා.ජානමය පදනමක් තිබුන නම් මානව පරිණාමනය සමග සමලිංගිකත්වය තුරන් වෙලා අවුරුදු කොටි ගණනකටත් වැඩියි.

    අනාචාරයේ හැසිරීම, ගණිකා වුර්තිය, නිල චිත්‍රපට බැලීම සිදු වන්නේත් දොරවල් වපු කාමර වලයි.එත් ඒවායෙහි බලපෑම සමාජයට පොදුවේ බලපානවා.

    To Cham and Swan Lake too

    තම වර්ගය අනුභවය අප අතර නැහැ. ආදී කාලයේ මානවයන් අතර තිබුනේ නැහැ කියල මම කිව්වේ නැහැ. ආදී කාලේ වුනත් දැන් වුනත් තම වර්ගය අනුභවය වැරදයි.

    ඔබ ඔය වෛද්‍ය විද්යාත්මක කරුනු යැය් කියනා කිසිවකටත් ඔබට සාක්ෂි ඉදිරිපත් කල හැකිද? ඔබ ඇසු ප්‍රශ්නයම මම පෙරලා ඔබගෙන් අසමි. දශක ගණනාවක් තිස්සේ ලෝකය පුරා විද්‍යාඥයින් විසින් මෑතකදී හමාර කරපු Human Genome Project මගින් ලිංගිකත්වය තීරණය කරන කිසිදු ජානයක් හොයා ගත්තේ නැහැ. සයිමන් ලෙවි විසින් සමලින්ගිකයන්ගේ මොළයෙහි ප්‍රමාණය කුඩායි කියල නිගමනය කලේ සමලිංගිකත්වය නිසා නෙවෙයි.ඔවුන්ගෙන 10/11 ඒඩ්ස් රෝගයෙන් මියගියපු නිසයි.

    වෛද්‍ය විද්‍යාව කියන්නේ කායික වෛද්‍ය විද්‍යාව පමණක්ම නොවෙයි. මනෝ විද්‍යාවත් ඇතුලත්. සමාජ විද්‍යාත්මක කරුනු වලිනුත් සමලින්ගිකත්වයට ජිව විද්‍යාත්මක පසුබිමක් නැහැයි කියන ඒක සනාථ කරනවා. ඉතාමත් සුළුතරයක් ජානමය හේතුන් නිසා ලිංගික විපර්යාසවලට බඳුන් වෙනවා.

    මම විෂම ලිංගිකයෙක් කියල ඔබ තීරණය කලේ කොහොමද. මම මුලින් සමලින්ගිකයෙක්. ලංකාවේ ඉන්න gay activists ල පතුරන ටොම් පච නිසා මගේ ජිවිතෙන් සැලකිය යුතු කාලයක් නාස්ති වුන. මම ඒගැන පසුතැවෙන්නේ නැහැ.

    සියලු සමලින්ගිකයෝ විෂම ලින්ගිකයෝ වෙන්න ඕනේ කියල මම කියන්නේ නැහැ. ඕන කමක් නැත්තම් වෙනස් වෙන්නත් බැහැ. එත් ලංකාවේයි ලෝකෙයි ඉන්න gay activists ලා තරුණ පරපුර මුල කරනවා. ඒක හරිම වැරදයි.

    මමත් මනෝ විද්‍යාව ගැන ඉගෙන ගතපු කෙනෙක්.
    ____________________________________________
    "කවුද මේ You can Quit being Gay? ඔබ සමලිංගිකත්වය ගැන ලියවුනු හැම ලිපියකම එකම බයීලාවක් කියන බව මම දැකල තියෙනව" Very Funny - වල් වටාරන් නැතිව කියන්න තියෙන දේ කියන්න.

    ReplyDelete
  8. ඔබ කියන විදිහට සංසර්ගය කළ යුත්තේ දරුවන් හැදීම කියන උදාර පරමාර්ථය අතුව පමණයි? එහෙනම් විවාහක යුවලකටත් සංසර්ගයක් කරන්න වෙන්නේ ජීවිතේට ම දෙතුන් සැරයක් විතරයි. මොකද ළමයි දෙතුන් දෙනෙක් හැදුනහම ඔබ ඔය කියන උදාර පරමාර්ථය සම්පූර්ණයි. ඊට පස්සෙ තියෙන්නේ හදා ගත්ත ළමයි ටික ලොකු මහත් කරගෙන ඒ උදාර පරමාර්‍ථයේ දෙවැනි කොටස සම්පූර්ණ කරන්න.මගේ වෘත්තිය නිසා මම පෞද්ගලිකව දන්න දෙයක්, ලංකාවෙ දික්කසාද වලින් 80%කට වඩා හේතුව ලිංගික අසංතෘප්තිය. ගොඩක් විට සැමියා කැමති දේවල් කරන්න බිරිද එකග නැහැ එහෙම නැත්තන් බිරිදට ඇත්තතම අවශ්‍ය දේවල් මොනවද කියන එක ගැන සැමියාට අවබෝධයක් නැහැ. ඊට පස්සෙ එක්කෝ සැමියා හෝ බිරිද පවුල් ජීවිතේ නොලැබෙන දේවල් හොයාගෙන යනවා. මේක තමයි ලිංගික නොහැකියාව නැත්තන් ද්වේශ සහගත අතහැර යාම ආදී වශයෙන් එලියට එන්නේ. කොහොමත් ලංකාවෙ දික්කසාද නීතිය තදයි. අනික් අතට දික්කසාදයක් කියන්නේ සමාජයේ තවමත් ගර්හාවට ලක් වෙන දෙයක් . ඒනිසා දික්කසාද නොවී ලෝකෙට පේන්න පවුල් කන අය තව දහස් ගනණක් ඇති. දික්කසාද නීතිය ලිහිල් රටවල නම් විවාහයේ පදනම බොහෝ දුරට ආදරය. ආදරය කියන්න සමහර විට වෙනස් වෙන දෙයක්, එහෙම වෙනසක් වුනොත් ඒ වෙනසට සමගාමී ව තමන්ගෙ විවාහ ජීවිතය වෙනස් කරගන්න ඒ රට වල පුලුවන්. නමුත් ලංකාවෙ තවමත් විවාහ කියන්නෙ සමහර අවස්ථාවලදී ගෙදරින් හොයල දෙන දෙයක්. සල්ලි වලට තත්වෙට විවාහ වෙන අයත් ඕන තරම් ඉන්නව. ආදරේ කරල විවාහ වුනත් කල් යද්දි ඒ ආදරේ වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ ඔය කියන ක** දෙන්නෙ නැති පු* අරින්නෙ නැති ආදරය මත පදනම් වුන උත්තරීතර පවුල් ජීවිතය ගත කරන්න ලංකාවෙ ගොඩ දෙනෙක්ට ලැබෙන්නෙ නැහැ. දික්කසාද නොවුනත් ඒ අයගෙ පවුල් ජීවිත කාලයත් එක්ක අසාර්ථක හෝ නාමික වෙනවා. ඒ නිසා, පවුල් ජීවිතේ සාර්ථක කර ගන්න නම් දරුවන් හැදීමේ පරමාර්ථයට පමණක් සීමා නොවී පරිපූර්ණ ලිංගික ජීවිතයක් ගතකළ යුතුම වෙනවා. ඒකට ඇතුලත් වියයුතු දේවල් මොනවද කියල තීරණය කළ යුත්තේ විවාහක යුවල විසින්.

    මිනිස්සු කියන්නේ සත්තු නෙවෙයි. සත්තුන්ට නම් ලිංගිකව එකතු වීම කියන්නේ තමන්ගෙ පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් වර්ගයා බෝ කිරීමේ පරමාර්ථයෙන් පමණක් ජීවත් වීම මට හිතෙන හැටියට ශිෂ්ටාචාරයට පෙර යුගයට අයිති අදහසක්. දැන් මිනිස්සුන්ගේ පැවැත්ම සංකීර්ණයි. මිනිස්සු විවිධ දේවල් කරන්නෙ "පරමාර්ථ" මත පදනම් වෙලා ම නෙවෙයි. මිනිස්සුන්ට ජීවිතය විදින්න අවශ්‍යයි. ඒ නිසා, ඔවුන්ට කැමති විදිහට ජීවිතය විදින්න දිය යුතුයි.

    මම විද්‍යාඥයෙක් නෙවෙයි, නමුත් පරිණාමවාදය කියන්නේ තවමත් වාදයක් විතරයි. අනික ඔබ ඔය කියන අනවශ්‍ය ලක්ෂණ නිලීන වීම හැම අවස්ථාවකදිම අවශ්‍යයෙන් ම වෙන්නෙ නැහැනේ?

    අනිත් එක, ගණිකා වෘතිය හෝ නිල් චිත්‍රපට බැලීම හෝ ස්වයංවින්දනය කිරීම සම්බන්ධයෙන් මට නම් ගැටලුවක් නැහැ. එක අතකට ගණිකා වෘත්තිය වැඩිවීමට හේතුවත් මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය ලිංගික තෘප්තිය විවාහය තුළ නොලැබීමයි. තවත් සමහර අයට විවාහයක් කරගන්න ලැබෙන්නේ ම නැහැ. සමහරවිට මිනිස්සුන්ට තමන්ගේ ලිංගික හැගීම් සංතර්පනය කරගැනීමට නොහැකි වුනාම අපරාධකාරයෝ වෙනවා. කාන්තාවක් බලෙන් දූෂණය කරනවට වඩා ගණිකාවක් ඇසුරුකිරීම දාහෙන් හොදයි. නිල් චිත්‍රපටි බැලීම සමහර යුවලවලට වෛද්‍යවරු නිර්දේශ කරනවා. මොකද නිල් චිත්‍රපටියක් බලලා අලුත් දෙයක් ඉගෙනගෙන අලුත් අත්හදා බැලීම් කරලා විවාහ ජීවිතය ප්‍රීතිමත් කරගන්න පුලුවන්නම් ඒක දික්කසාද වෙනවට හෝ නාමික විවාහ ජීවිතයක් ගත කරනවට වඩා හොදයි.

    ReplyDelete
  9. අමතක කරන්න එපා, මිනිස්සු කියන්නෙ එක්කෙනෙකුට එක්කෙනෙක් සම්පූර්ණයෙන් ම වෙනස් ජාතියක් බව. කෙනෙක් සමලිංගික වෙන්න පුලුවන් තව කෙනෙක් විෂම ලිංගික වෙන්න පුලුවන්. කෙනෙක්ට සමලිංගිකත්වයෙන් මිදෙන්න පුලුවන් වෙන්න පුලුවන් තව කෙනෙකුට එහෙම මිදෙන්න අමාරු, නැත්තම් අනවශ්‍ය වෙන්න පුලුවන්. හැමෝටම එක වගේ හරියන ජීවත් වීමේ ක්‍රමයක් හෝ ආකෘතියක් නැහැ. ඒ නිසා, ඔබ ප්‍රායෝගික කෙනෙක් නම්, ඔබට තියෙන්නේ අනිත් අයගේ වෙනස්කම් වලට ගරු කිරීම සහ ඒවාට ඉඩදීමයි

    ReplyDelete
  10. සමලිංගිකත්වය සෑම විටම ජිව විද්‍යාත්මකව ඇතිවන දෙයක් යයි පැවසීම ලංකාවේ ඉන්න සමලින්ගික ක්‍රියාකාරීන් ඉතා ප්‍රබල ලෙස කරන දෙයක්.

    පුද්ගලයෙකුට මානසික ප්‍රතිකාර ගෙන ක්‍රියාකාරී විෂම ලින්ගිකයෙකු වීමට ස්ව කැමැත්ත, හා අධිෂ්ඨානය තිබිය යුතුයි. මානසික උදව් බලෙන් ලබා දීමෙන් මනෝ චිකිත්සාව සාර්ථක වෙන්නේ නැහැ. කිසිම් මනෝ වෛද්‍ය වරයෙක් එසේ සිදු කරන්නෙත් නැහැ. නමුත් මානසික ප්‍රතිකාර වලින් ලිංගික යොමුව වෙනස් කරන්න පුළුවන් බව සෑම සමලින්ගිකයෙක්ම දන ගත යුතුයි. සමලින්ගිකයෙක් වෙනස් වීමට තැත් දරනවනං ඒ පුද්ගලයාව කොන් කිරීමයි අද සිද්ද වෙන්නේ.

    සමලිංගිකත්වය ජිව විද්‍යාත්මක හා වෙනස් කල නොහැකි දෙයක් යයි සිතන පුද්ගලයින් සියදිවි හානි කිරීමට පවා පෙළඹෙනවා.

    ලිංගික තෘප්තිය නොලැබීම,ලිංගික අපරාධ සහ දුෂණ වලට ගණිකා සේවනය හෝ නිල් චිත්‍රපට පිලියමක් නෙවෙයි. ඒවායින් ප්‍රශ්න තවත් වැඩිවෙනවා. මුදල් නාස්ති වෙනවා. සියලු ආගමික ශාස්තෘන් ඒවා ප්‍රතික්ෂේප කලේ ඒ හින්ද වෙන්නැති. ඇමෙරිකාවේ වුනත් ගණිකා සේවනය නීතිගත කරලා තියෙන්නේ ඒක ප්‍රාන්තයක කොටසක පමණයි. මේවා මුලික සමාජ ධර්ම. නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වීම සිදුවුනොත් එය මානසික ප්‍රතිකාර ගත යුතු තත්වයක්.

    ලංකාවේ වුනත් ලෝකේ කොහේ වුනත් දික්කසාද වලට හේතුව සන්නිවේදන ප්‍රශ්නයි. ලංකාවේ මිනිස්සු මානසික ප්‍රතිකාර වලට යන්නේ පිස්සු හැදුනොත් විතරයි. යුරෝපා රටවල සෑම පවුලකටම මානසික වෛද්‍ය වරයෙක් ඉන්නවා.

    " ක** දෙන්නෙ නැති පු* අරින්නෙ නැති ආදරය මත පදනම් වුන උත්තරීතර පවුල් ජීවිතය ගත කරන්න ලංකාවෙ ගොඩ දෙනෙක්ට ලැබෙන්නෙ නැහැ." නිල් චිත්‍රපට බලන බොහෝ දෙනෙක් සිතන්නේ මෙවැනි ලිංගික ක්‍රියාකාරකම් වලට හැමෝම කැමතියි කියල. මම හිතනහටියට ක** දීම, පු* ඇරීම වලට මිනිස්සු පෙළඹිලා තියෙන්නේ නිල් චිත්‍රපට හින්දයි. මේවා නිසයි සමහර පවුල් අවුල් වෙන්නේ. බහුතරයක් ගෑනු මේවට කැමති නැහැ. සංවේදීව ආදරය කරන කිසිම මිනිහෙක්ට ක** දීම, පු* ඇරීම අවශ්‍ය වෙන්නෙත් නැහැ.

    ගෝලීයකරණයේ එක් නරක පැතිකඩක් තමයි මේකත්. මිනිස්සු ලිංගිකත්වයට අනවශ්‍ය ප්‍රධානත්වයක් දෙනවා. නිල් චිතපට බලපු මිනිහෙක් ගෑනියෙක් දිහා බලන්නේ බඩුවක් විදිහට. බුදු දහම අනුගමනය කරන පුද්ගලයෙක් විදිහට සෑම පුද්ගලයෙකුගේම පරමාර්ථය විය යුත්තේ නිවන් දැකීමට මග පාදගනිමයි.

    සමලින්ගික හෝ විෂමලින්ගික හෝ වේවා තම ලිංගික සිතිවිලි මත පිහිටලා කටයුතු කිරීම නිවන් මග ඇහිරීමක්.

    ReplyDelete
  11. සමලිංගිකත්වය සමාජීය හේතු බලපාන බව මගේ මුල් කමෙනට් වලත් මම කිව්වා.
    ඒවගේම ගණිකා වෘත්තිය එහෙම නැත්තම් නිල් චිත්‍රපට මම සර්වසුභවාදීව දකින්නෙත් නැහැ. වෙනත් ඕනෑම දෙයකට වගේ ඒවාටත් ආවේණික ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ කාටත් නොපෙනන හොද පැත්තකුත් ඒවායේ තියෙන බව විතරයි. ඒ නිසා ඒවගේ දේවල් මුලුමනින් ම ප්‍රතික්ෂේප කරන මානසිකත්වයෙන් මිදිය යුතුයි..

    සංවේදීව ආදරය කරන කෙනෙක් ක දීම පු ඇරීම නොකරනවා වෙන්න පුලුවන්. නමුත් මම ඇහුවේ එහෙම සංවේදී ආදරයක් මත පදනම් වෙච්ච පවුල් ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද කියලයි. එහෙම නැතිව විවාහ වෙන අය, එහෙම නැත්තන් විවාහ වුනාට පස්සෙ පෙනෙන නොගැලපීම් මත ඒ ආදරේ අඩු වෙන වෙනස් වෙන අයත් තව දුරටත් විවාහ සංස්ථාව පවත්වාගෙන යා යුතුයි. ආදරයත් නැති වෙලා දෙදෙනාගේම ලිංගික සංතෘප්තියත් නැති වුනොත් ඒක නිකම් ම නිකන් ලෝකෙට පේන්න කන දීගයක් වෙනවා. ක දීම පු ඇරීම පුරුදු වුනේ කොහෙන්ද කියන එක වැදගත් නැහැ, ඒ දේවල් ලිංගික ජීවිතයේ වැඩි දියුණුවට ප්‍රයෝජනයට ගතහැකි නම් ඒකයි වැදගත්. අනික, කජුරාහෝ විහාරයේ කැටයම් අතර මෙන්ම ඉන්දියාවේ ඉපැරණි කාමසුත්‍ර වැනි පොත් වලත් මුඛ සංසර්ගය ඇතුලු ලෞකික ජීවිතයේ වැඩි දියුණුවට යොදා ගත හැකි විවිධ ලිංගික චර්යා සවිස්තරාත්මක ව දක්වලා තියෙනවා. ඉන්දියාවේ ඉන්න දේවදාසියන් මේව තමන්ගේ ගැනුම්කාරයන් සංතර්පනය කරන්න කටපාඩම් කරනවා. මෙවැනි දේවල් චීන මෝගල් වැනි ශිෂ්ටාචාර ඇසුරෙනුත් සොයා ගන්න පුලුවන්. සමහර විට ක දීම පු ඇරීම ලංකාවට හදුන්වලා දුන්නේ නිල් චිත්‍රපට වෙන්න පුලුවන්, නමුත් අමතක කරන්න එපා ඔය කියන ලංකාවෙම තමා බහුභාර්යා සේවනය, බහුපුරුෂ සේවනය ඉතාම ඉහල මට්ටමක තිබුනෙත්. මම ඒව වැරදි කියල කියනවත් නෙවෙයි ඒත් එදා මිනිස්සු අදට සාපේක්ෂව ලිංගික වශයෙන් තෘප්තිමත් නැත්තම් නිශ්ක්‍රීය ජීවිත ගත කලා නමුත් ගෝලීයකරණය නිසා ඒව වෙනස් වුනා කියල කියන්න අමාරුයි.
    අනිත් එක බුදුන් වහන්සේ ගණිකා වෘත්තිය වෘත්තියක් වශයෙන් හෙලා දැක්ක කියල මම හිතන්නේ නැහැ. එදා සමාජයේ ඒක සාමාන්‍ය වෘත්තියක්. බුදුන් වහන්සේ ළග අම්බපාලි මහණ වුනා තමයි. ඒත් බුදුන් වහන්සේ ළග ගණිකාවන් නොවුනු තව බොහෝ කාන්තාවනුත් විවාහ වුනා. අම්බපාලි මහණ වුනේ ගණිකාවක් වීම නිසා කියනවාට වඩ අම්බපාලිත් අනෙකුත් කාන්තාවනුත් සියලු දෙනා ම මහණ වුනේ ලෞකික ජීවිතේ පොදුවේ ඇති අර්ථශුන්‍යත්වය නිසා කිව්වොත් නිවැරදියි. බුදුන් වහන්සේ කාමෙහි වැරදි හැසිරීම් පවක් කියල කියල තියෙනවා. නමුත් කාමේ වැරදි හැසිරීම් මොනවද කියල එහෙම නැත්තන් බයිබලයේ වගේ එක පිරිමියාට සිටිය යුත්තේ එක ගැහැණියයි, එක ගැහැණියට එක පිරිමියයි වශයෙන් දේශනා කරල නැහැ. එහෙම දේශනා කරල තිබුණනම්, මුලින්ම පන්සිල් කඩන අය වෙන්නේ බුද්ධාගමේ ප්‍රධාන දායකයෝ වුන අන්තපුර තියාගෙන හිටිය රජවරු සහ සිටුවරු. එතකොට පේනවා, කාමෙහි වැරදි හැසිරීමක් කියන්නෙ මොකක්ද කියල තීරණය වෙන්නෙ ඒ ඒ කාලයේ තියෙන සමාජ වටපිටාව අනුව බව.

    කෙසේ නමුත් මේ සියලු දේම අවශේෂ කරුණු. සමලිංගිකයෙක් වෙනස් වෙන්න බැරි වුනාම දිවිනසාගන්නේ ඇයි? ඒ සමලිංගිකත්වය වැරැද්දක් වශයෙන් සමාජය තුල මුල් බැහැලා තියෙන නිසයි. මම කියන්නේ, කෙනෙක් විරුද්ධ ලිංගිකයෙක් වෙනවද නැත්තන් සමලිංගිකයෙක් වෙනවද කියන දේ තීරණය කළ යුත්තේ අදාල පුද්ගයලා විසින් බවයි. ඒ තීරණාය කුමක් වුනත් සමාජය ඒ ගැන වද විය යුතු නැහැ. එහෙම නැතුව සෑම සමලිංගිකයෙක්ම අනිවාර්යෙන් ම විශමලිංගික වීමට උත්සාහ ගතයුතුයි වැනි අදහසකට එකග වෙන්න බැහැ. විරුද්ධ ලිංගිකයෙක් වීමට අවශ්‍ය සමලිංගිකයෙක්ගේ ඔලුවට එහෙම වෙනස්වෙන්න බෑ කියල අදහසක් දාලා ඔහුව දිගටම ඒ තත්වයේ තියන්න හදනවානම් ඒක වැරදියි. ඒ වගේම සියලු සමලිංගිකයන් වෙනස් විය යුතුයි ඒ සදහා උපරිම උත්සාහ ගතයුතුයි කියනවා නම් ඒකත් වැරදියි.

    ReplyDelete
  12. හරියට කන්න බොන්න නැති රටක මිනිස්සුන්ට බන දේශනා කරලා වැඩක් නැහැ තමයි. මුලික මිනිස් අවශ්‍යතා සපුරා ගන්න බැරි මිනිහෙකට භාවනා කරන්න කියන්නේ කොහොමද?

    නෙදර්ලන්තය කියන්නේ සමලිංගිකයන්ට ඇති පුර්ණ නිදහස දීල තියෙන රටක්‌. එත් නෙදර්ලන්තයේත් සමලිංගිකයන් අතර මානසික ප්‍රශ්න වැඩි බව හොයාගෙන තියෙනවා.

    අතීතයේ තිබුනේ සර්ව සාධාරණ සමාජයක් නෙවෙයි. අතීත ඉන්දියාවේ කාන්තාවන්ට සැලකුවේ ශුද්‍රයින්ටත් පහත විදියට. කුල භේධයත් තදබලව තිබුන. නමුත් බුදුන් වහන්සේ බ්‍රාහ්මණ ධර්ම පැහැදිලිවම හෙලා දැක්කා.

    බුදුන් වහන්සේ ගණිකා සේවනය සෘජුව ප්‍රතික්ෂේප කලේ නැතිවෙන්න පුළුවන්.රජවරු සිටුවරුන්ගේ අනුග්‍රහය බුදු දහමේ ව්‍යාප්තියට අතිශය බලපෑම එකට හේතුව වෙන්න ඇති. නමුත් ගණිකා සේවනය කියන්නේ විනාශ මුඛයක් කියන එක බුදුන් වහන්සේ දේශනා කරනවා. ස්වාමි පුරුෂයා පර අඹුවන් කරා නොයා යුතු බව දේශනා කරනවා. ජිවත් වීමට වෙනත් විකල්පයක් නැති නිසාත ගැහැනියක් ගණිකා සේවනයට යොමු වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ වහල් වෙලන්දමත් ප්‍රතික්ෂේප කල. වැරදි කරපු අය බුදු දහමේ හෙලා දැක්කේ නැති වුනත් එවැනි ක්‍රියාවන් කිසිසේත් නිවරදියි කියල කිව්වේ නැහැ.

    "Working in the sex industry as a stripper, prostitute, or purveyor of Internet porn is perhaps a more subtle form of wrong livelihood. Sexuality is natural and sex for sale is an ancient profession, but, again, if we look deeply, it is not hard to see that the lust that motivates such an industry has negative effects on both the workers and the customers. At the very least, participation in the sex industry is dependent for profit on lust and attachment, the very causes of suffering and dissatisfaction for people."

    යම ක්‍රියාවක් හරිද වැරදිද කියල තීරණය කරන්න පුළුවන විදිහක් තියෙනවා.යම් ක්‍රියාවක් කිරීමෙන් තමන්ට හෝ අනුන්ට යහපතක් සිදුවෙනවානම එය යහපත් ක්‍රියාවක්. අවැඩක් සිදුවෙනවානම් එය අයහපත් ක්‍රියාවක්.

    ඔබ අන්තිමට කියපු දේට මම එකඟ වෙනවා.

    ReplyDelete
  13. මෙ පිළිබද’ව අදහස් ඉදිරිපත් කරන්න ලරබීමත් මට ඉතාමත් සතුටුයි. සමලිංගිකත්වය මම ප‍්‍රතික්‍ෂප කරන්නේ නැත. ඔවුන්ගේ නිදහසක් ඇති තමන් කැමති ලිංගික චර්්‍යාවක යෙදීමට. අර කගින් කෙනෙක් කිව්වා වගේ සහ මගේ හොදම යාළුවෙක් කිව්ව දෙයක් තමයි මට ‘‘ ජීවිතය තියෙන්නේ විදින්න මිස විදවන්න නොවෙ’’ යනුවෙන් මේ කියමන මට කිසිදා අමතක වොවන්නේ මගේ ජීවිතයට ඉතා තදින් බැදී ඇති බවත් එය සමාජ යථාර්තයක් වන නිසාය.

    ReplyDelete
  14. සමලින්ගිකත්වය කියන්නෙත් මිනිස්සුන්ගෙ හිතෙ ඇති වෙන හරිම අහින්සක ඒ වගේම ගොඩක් බලවත් අදරනීය හැගීමක් ගොඩක් අය ඔය වචනෙ ගැන අහපු ගමන් හිතට එන්නෙ ලින්ගික දෙවල් නමුත් ඔයාල දන්නවද මේ වචනෙ ඇතුලෙ කොච්චර ආදරයක් පිරිල තියෙනවද කියල
    සමහරු කියයි කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරනව කියන්නෙ මොන පිස්සු කතාවක්ද කියල
    එක තමයි අපෙ හැගීම් වල විවිදත්වය සමලින්ගික නොවෙන අයෙකුට කවදාවත් මෙ දේ තෙරුම් ගන්න බැහැ

    ReplyDelete
  15. aniwa chamath oya hariyatama hari

    ReplyDelete
  16. Mata denaganna oni samalingika kenek kemathinam aka nethikaraganna ekata wisadumak aththa nedda.

    ReplyDelete
  17. එකෙක් පත්තරේකට සත පහක් වටින් නැති ලිපියක් ලියලා ,තව ගොනෙක් ඒ ලිපිය අරගෙන සත පහක වටින් නැති විවේචනයක් ලියලා , මමත් ඒ සත පහක් වටින් නැති ඒ විවේචනයට ,සත පහක් වටින් නැති කොමෙන්ට් එකක් දැම්මා මෙන්න

    ReplyDelete