Saturday, August 20, 2011

සිනමා නවරැුල්ලේ සිහින සැබෑ කරන්නා


සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් සිනමා උළෙලේ කීනෝෆෝරම් අංශයේ හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය දිනා ගත්තා. ඒ චිත‍්‍රපටය සංජීවගේ පළමු චිත‍්‍රපටය වන අතරම එය නිර්මාණය කළේ ැං1 ඩිජිටල් කැමරාවකින්. අඩු පිරිවැයකින් වඩා හොඳ චිත‍්‍රපට ගොඩක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන අපේ චිත‍්‍රපට කර්මාන්තයට එක්වුණු ඒෂියා ඩිජිටල් හි සභාපති මනෝ නානායක්කාර මේ චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමේ වගකීම බාර ගත්තා. ඒ වගේම ඉදිරියට නිර්මාණය වීමට නියමිත තවත් තරුණ චිත‍්‍රපටකරුවන් බොහොමයකගේ නිර්මාණ වෙනුවෙන් මනෝ වේදිකාවක් නිර්මාණය කරමින් සිටිනවා. මෙතෙක් අපේ රටේ සිනමාවෙ නොඇසුණු හ`ඩක් ඇසෙන්නට, නව ප‍්‍රවණතාවයන් එලිදකින්නට මනෝ ගේ මේ ව්‍යායාමය ප‍්‍රබල අත්වැලක් වෙනවා. මේ මනෝ නානායක්කාර සමග කළ කෙටි සංවාදයක්.

1. මනෝ ඇයි සංජීවගෙ ෆිල්ම් එක (ඉගිල්ලෙන මාළුවෝ* නිෂ්පාදනය කළේ?

මම පිටපත කියවලා බැලූවා. මම කැමති වුණා ඒ චිත‍්‍රපටිය කරන්න. ඇත්තටම මට ඕන වුණා ප‍්‍රධාන චරිතයක් විදිහට ප‍්‍රශ්ණ වලට ශක්තිමත්ව මුහුණ දෙන කාන්තා චරිතයක්. දේවල් දරා ගන්නවා වෙනුවට දේවල් වෙනස් කරන්න උත්සාහ කරන ගැහැණු චරිතයක්. 1970 ගණන් වල සුසාන් බ‍්‍රවුන් මිලර් කියන ඇමරිකානු ස්ත‍්‍රීවාදී ලේඛිකාවගේ රචනා කියවලා තිබීමත් එක්ක මට මේ චිත‍්‍රපටියෙ තේමාවෙහි ප‍්‍රබලකම දැණුන. එය කලාත්මකව චිත‍්‍රපටියක් දක්වා ගේන්න පුළුවන් කියල මට වැටහුණ.

2. හු`ගක් නිෂ්පාදකයන් හිතන්නෙ ආපිට ලැබෙන මුදල්මය ලාභය ගැන. විකුණන්න පුළුවන් චිත‍්‍රපටියක් වෙනුවට මුදල් සහ දේශපාලනික අතිනුත් අවදානම්කාරී වැඩකට අතගැහුවෙ ඇයි?

යමක් වාණිජමය අතින් සාර්ථක වෙන්න නම් ඒකෙ සාර්ථක සහ ඉල්ලූමක් සහිත කාරණා තියෙන්න ඕන. මට නම් හිතෙන්නෙ නෑ සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් හම්බුවෙලා ගස් වටේ දුවන කතාවක ඒ වාණිජ අගයන් තියෙනවා කියල.

3. අලූත් චිත‍්‍රපටකරුවෙකුට මුදල් යෙදවීමේදි ඔයා මොන දේවල්ද කල්පනා කළේ?

මම බලන්නෙ එයා කොයිතරම් එයාගෙ කෘතියට අවංකද, කොයිතරම් ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න ලෑස්තිද කියන එකයි. එයා නිර්මාණකරනයේ කොයි තරම් දක්ෂද සහ එයාගෙ නිර්මාණ තුල යම් සුවිශේෂී බවක් තියෙනවද කියන එකත් වැදගත්. චිත‍්‍රපටියක් වගේ සංකීර්ණ වයාපෘතියක් නියමිත කාලයක් තුල සාර්ථකව අවසන් කරන්න එයාට පුළුවන්ද, එයාගෙ අදහස අනිත් අයට දනවන්න එයා කොයිතරම් දක්ෂද කියන කාරණාත් මම බලනවා. වෙන විදිහකින් කිව්වොත් ඒ පුද්ගලයා ආයෝජනයක් විදිහට කොහොමද කියන එක. මට හැම අලූත් චිත‍්‍රපටකරුවෙක් කියන්නෙම ව්‍යවසායකයෙක්. ඒ නිසා මම බලනවා එයා සතු ව්‍යවසායක ගුණයන් ගැන.

4. ඔයා දක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවෙ සිනමාව කඩාගෙන වැටෙන මේ වගේ මොහොතක චිත‍්‍රපටි නිෂ්පාදනයට ආවෙ ඇයි?

ලංකාවෙ චිත‍්‍රපටි කර්මාන්තය දුර්වල වෙලා තියෙන්නෙ හේතු ගණනාවක් හින්ද. ප‍්‍රධානම එකක් වෙන්නෙ අපේ අය පාවිච්චි කරන පරණ තාක්‍ෂණය. ඒක චිත‍්‍රපටියක් බලද්දිම පේනවා. මගේ වෘත්තිමය ජීවිතේම කැපවුණේ තාක්‍ෂණය වැඩි දියුණු කිරීමේ ක්‍ෂේත‍්‍ර සම්බන්ධව. උදාහරණයක් විදිහට කොළඹ කොටස් හුවමාරුව, මධ්‍යම තැන්පතු ක‍්‍රමය සහ වෙළඳ ක‍්‍රමය හඳුන්වා දුන්නෙ මම. තවම ලංකාවෙ චිත‍්‍රපට කර්මාන්තය නෙගටිව් වලින් එලියට ඇවිත් නෑ. ඒක චිත‍්‍රපටියක් නිෂ්පාදනය කරන්නත් බෙදා හරින්නත් විශාල වියදමක් වැය වෙන ක‍්‍රමයක්. අපි අවුරුද්දක් තිස්සෙ වැඩ කරගෙන යන්නෙ මේක ඩිජිටල් කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්නයි. ඩිජිටල් චිත‍්‍රපටි නිර්මාණය කිරීම තමයි මේ රටේ හදන චිත‍්‍රපට වලින් අපේ චිත‍්‍රපටශාලා ආයෙමත් පුරවන්න පුළුවන් එකම විදිහ.

5. අපේ චිත‍්‍රපට කර්මාන්තෙ වාණිජමය කඩාගෙන වැටීම ඔයාට පේන්නෙ කොයි විදිහටද?

මට හිතෙන්නෙ ඒක අපි පේ‍්‍රක්‍ෂකයා විඳින අත්දැකීම වෙනුවෙන් නැවත මුදල් ආයෝජනය නොකිරීම නිසා වෙච්ච දෙයක්. අපිට ආපස්සට ගිහින් තේරුම් ගන්න වෙනවා අපේ පේ‍්‍රක්‍ෂකයන් චිත‍්‍රපටි බලන්න යන එක අත්ඇරපු වකවානුව ගැන. ජාතික චිත‍්‍රපටි සංස්ථාවෙ ඇතිවුණු ඇමරිකානු චිත‍්‍රපට ගැන විරෝධය නිසා අපේ පේ‍්‍රක්‍ෂකයන්ට බාල රුසියානු සහ ප‍්‍රංශ වාණිජ චිත‍්‍රපට පමණක් ප‍්‍රදර්ශනය කරන්න ගත්තා. එකෙන් චිත‍්‍රපටි බලන්න මිනිස්සු එන්නෙ නැතුව ගියා.

6. ඔයා හු`ගක් අලූත් චිත‍්‍රපටකරුවන්ට උදව් කරනවා. ඒ අයගෙ හු`ගක් ආන්දෝලනාත්මක තේමාවන් පවා ඔයා එලියට දාන්න උදව් කරනවා. මේක ලංකාවෙ මීට කලින් කිසි නිෂ්පාදකයෙක් කරපු විදිහෙ වැඩක් නෙමෙයි. ඇයි ඔයා මේක කරන්නෙ?

ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයට අපි ලක්ෂ තිස් පහක් පමණ වියදම් කළා. ඒ ආයෝජනය වෙනුවෙන් අපට ලක්ෂ 10ක බදු සහනයක් ලැබෙනවා. චිත‍්‍රපටයෙ පසු නිෂ්පාදන කටයුතු වෙනුවෙන් වැයුවුණු වියදම් සියල්ල දැරුවෙ හර්බට් බාස් පදනමෙන්. ඒ නිසා ඒ කටයුතු සඳහා අපිට පිරිවැයක් දරන්න සිදු වුණේ නෑ. අපි බලාපොරොත්තු වෙන්නෙ විදෙස් රටවල ප‍්‍රදර්ශනයෙන් සහ ඞීවීඞී පිටපත් අලෙවියෙන් අපේ වියදම් පියවා ගන්නයි. දැනටමත් චිත‍්‍රපටය විවිධ සම්මාන උළෙල වල ප‍්‍රදර්ශනය වෙන අතර ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

උදාහරණ විදිහට

Rotterdam International Film Festival, Seattle International Film Festival, 1st Ars Independent Katowice IFF, 47th Pesaro International Film Festival, Cinematek (The Belgian Royal Film Archive), Museum of Modern Art (aka MoMA), 2nd Saint Petersburg International Film Festival (aka Kinoforum) සිනමා උළෙලවල චිත‍්‍රපටයට හොඳ ඇගයීම් ලැබුණ.

මෑතකදි නිව්යෝර්ක් මොඩර්න් ආර්ට් මියුසියම් එකේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබුණ. ඒකෙන් බොහෝ ස`ගරා සහ නිව්යෝර්ක් ටයිම්ස් හි පවා චිත‍්‍රපටය ගැන විචාර ලියවුණා. අපි දැනටමත් සාකච්ඡුා කරමින් ඉන්නවා ඇමරිකාවෙ සහ කැනඩාවෙ ප‍්‍රදර්ශන අයිතිය එහි සමාගමකට අලෙවි කරන්න. අපි විශ්වාස කරනවා ඒ රටවල සිටින ශ‍්‍රී ලාංකික පිරිස් වල හොඳ ප‍්‍රතිචාර චිත‍්‍රපටයට ලැබෙයි කියල. උදාහරණයක් විදිහට ත‍්‍රස්තවාදීන් විසින් කළ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳ කතාව දෙමළ ඩයස්පොරාවෙ අවධානයට ලක්වේවි. මේක දැන් ලෝකෙ පුරාම උණුසුම් මාතෘකාවක්. අවුරුදු එකහමාරකට කලින් මම චිත‍්‍රපටය දකිද්දි මට පෙණුනා මේ කාරණය. ඒ එක්කම කාන්තා සංවිධාන ආදියත් මේ චිත‍්‍රපටයෙන් මතු කරන කාන්තාව සම්බන්ධ ප‍්‍රශ්න වලට සංවේදී වේවි. අපි චිත‍්‍රපටය ලංකාවෙ ප‍්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. චිත‍්‍රපටයෙ ප‍්‍රබල මතභේදයන්ට තුඩුදෙන ස්වභාවය නිසා ඒක අපේ රටේ ප‍්‍රදර්ශනය කිරීම ප‍්‍රශ්න ඇතිකරන්න පුළුවන්. ලංකාවෙ ප‍්‍රදර්ශනය නොකළත් අපිට චිත‍්‍රපටයෙන් අවශ්‍ය ආදායම් උපයාගන්න පුළුවන්.

7. ඩිජිටල් සිනමාව දියුණු ව්‍යවසායකයෙක් විදිහට ඔයා දකින්නෙ කොහොමද?

මම විශ්වාස කරන විදිහට මේක අප විසින් ගත යුතු වැදගත්ම තීරණයක්. අපිට තීරණ දෙකක් ගන්න පුළුවන්. එකක් මේ තාක්‍ෂණය සමග ඉදිරියට යාම. නැත්නම් කාලයට වඩා පිටිපස්සෙන් පසුගාමී විදිහට ළතවෙන එක. මම හිතන්නෙ මේ ඩිජිටල් තාක්‍ෂණය අපි බාර නොගත්තොත් ආර්ට් ෆිල්ම් හෝ කොමර්ෂල් ෆිල්ම් හෝ මොන එකකින් වුණත් චිත‍්‍රපටි කර්මාන්තෙට අලූත් දක්ෂතා එකතු වෙන එක අවහිරි වේවි. මේ දක්වාත් අපේ කර්මාන්තෙට අලූත් ප‍්‍රවණතා සහ දක්ෂතා එකතු වීමක් නැහැ.

8. මනෝ මේ චිත‍්‍රපටියට පස්සෙත් තව වැඩ කීපයක් කළා. ඩෙනිස් පෙරේරාගේ ත‍්‍රීවීල් ඩයරීස් එයින් එකක්. ඒ චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන්න හිතුවෙ මොකක් නිසාද?

ත‍්‍රීවීල් ඩයරීස් ලංකාවෙ පළවෙනි රෝඞ් මූවි එක විදිහට සටහන් වේවි. ඒ කතාව ලියවිලා තියෙන්නෙ තරුණයන් දෙදෙනෙක් ඇත්ත ලංකාවෙ තත්වෙ හොයාගෙන ත‍්‍රීවිලරයකින් රට වටේ යන ගමනක් එක්ක. ප‍්‍රචණ්ඩත්වය සහ එදිනෙදා ජීවිතය එක්ක මිනිස්සු පොරබදන හැටි ගැන ඇත්ත දෙයක් චිත‍්‍රපටියෙන් ග‍්‍රහණය කරනවා.චිත‍්‍රපටියෙ පිටපත කියවද්දි මට තරුණ කාලෙ මම කියවපු පොතක් මතක් වුණා. ඒ හර්බට් සෙල්බි ජේආර් විසින් රචිත ‘ද ලාස්ට් එක්සිට් ටු බෘක්ලින්’ කියන පොත. ඒ නවකතාව කියන්නෙ 1960 ගණන් වල එදිනෙදා ජීවිතය තුල මුණගැහුණු සැබෑ ප‍්‍රචණ්ඩත්වය ගැන.මේ චිත‍්‍රපටයෙ අවසානෙයදිත් ඒ පොතේ සමහර ලක්ෂණ අඩංගුයි කියල මට හිතෙනවා. මේ චිත‍්‍රපටයත් ඉගිල්ලෙන මාළුවෝ වගේම බලය සහ සූරාකෑම ගැන කතාවක් කියනවා. බලය ගැන මේ විදිහෙ අධ්‍යනයන් සහ අභ්‍යන්තරයටම කා වැදී ඇති ප‍්‍රචණ්ඩත්වය කියන්නෙ ලංකාවෙ දේශපාලනය. මගේ පෙර චිත‍්‍රපටය වගේම ත‍්‍රීවීල් ඩයරීස් චිත‍්‍රපටයත් මේ සංවාදයට දායක වේවි.

9. පවුලේ චිත‍්‍රපටි ඇරුණම කිසි එකක් ලංකාවෙ හෝල් වල දාලා දුවන්න බෑ. ඒත් ඔයා නිෂ්පාදන කරන්නේ පවුලේ චිත‍්‍රපටි නෙමෙයි. චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය පැත්තෙන් තියෙන මේ අර්බුදය ඔයා දකින්නෙ කොහොමද? ඒකට විකල්පයක් හැටියට ඔයාට අදහසක් තියෙනවද?

මම කලින් කිව්වා වගේම අභියෝගය තියෙන්නෙ වෙනත් විකල්ප වාණිජ ප‍්‍රවේශයන් හඳුනාගන්න එක. අපි පාවිච්චි කරන්නෙ අපිට ලබා ගන්න පහසුම ඩිජිටල් තාක්‍ෂණය. ඒක නිසා අපිට අත්හදාබැලීම් කරන්න පුළුවන්. ඒක තමයි වාණිජ විෂයකදි අවදානම් කලමනාකරණය කරන හොඳම විදිහ. මම හිතන්නෙ අපි නිතරම විදේශීය වෙළෙඳපොල ගැන හිතන්න ඕන ලංකාවෙ වෙළඳපොල වෙනුවට. අපි කරන හැම චිත‍්‍රපට ව්‍යාපෘතියකදිම අපි වෙනත් භාෂා වලට හ`ඩකවා ඒ චිත‍්‍රපට බෙදා හරින්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට අලිමංකඩ අපි දෙමළ බාෂාවෙන් හ`ඩකැව්වා. ඒ චිත‍්‍රපටය දෙමළ භාෂාවෙන් නිව්යෝර්ක් සිනමා උළෙලේදී ප‍්‍රදර්ශනය කලා.

10. ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටිය අන්තර්ජාතික සිනමා උළෙලවලදී ඇගයීමට ලක් වෙද්දි මනෝට හිතෙන්නෙ කොහොමද?

ඇත්තටම හු`ගක් සතුටුයි අන්තර්ජාතික පේ‍්‍රක්‍ෂකයන් චිත‍්‍රපටය ගැඹුරින් බාර ගැනීම ගැන. මට හිතෙනවා ඔවුන්ට අපේ හ`ඩ ඇසුණා කියල.

No comments:

Post a Comment