Sunday, May 26, 2013

සංසුන් නොසංසුන් හෙවත් මා ගිය වන්දනා ගමනක්

නිවාඩුවකට මං ලංකාවෙ යන්න කැමතිම තැනක් අනුරාධපුරේ. අව්ව, කාශ්ටක ගතිය හින්ද ගොඩක් මගේ යාලූවන්ට ඒක චාටර් ගමනක් වුණාට රෑ ලයිට් එලි යටින් පාලූවට ගිය ස්තූප, ගල්කණු මැද්දෙ ඇවිදින්න මං ආසයි. ඒ ගොරෝසු තණකොල උඩින් තැනින් තැන වැවිච්ච ගස් අතරෙ මට මාර සැදැහැයක් ඇති වෙනවා. ඒක හාමුදුරුවරු බණට කියන සැදැහැයට වඩා වෙනස්. ඒත් හිරිගඩු පිපෙන තරම් ශ‍්‍රද්ධා හැ`ගීමකින් මං අනුරාධපුරේ පුල්ලි පුල්ලි ලයිට් එළි වැටුණු මහමෙව්නාව මැද්දෙ ඇවිදන් යනවා.

මේ පාර අනුරාධපුරේ ගිය ගමනෙදි මං කවදාවත් බලන්න යන්න අකමැති තැන් දෙකකට යන්න සිද්ද වුණා මට (අපිත් එක්ක ගිය වැඩිහිටියන්ගෙ බරපතල උවමනාවට) එකක් ජය සිරි මහ බෝධිය. අනික රුවන් වැලි සෑය. මේ දෙකම කවදාවත් මට ඒ විදිහෙ ටි‍්‍රප් එකක් දෙන තැන් දෙකක් නෙමෙයි. ඒ වෙනුවට ආණ්ඩුව, දේශපාලනය, රාජ්‍ය ඉතිහාසය වගේ වාත හැ`ගීම් වලින් මාව තෙරපන තැන්. කරන්න දෙයක් තිබුනෙ නෑ. හරිත වර්ණ නිදිකුම්බා සුවඳින් සිත කය සංසුන්ව නිරාමිස හැ`ගීම් පෙරදැරිව මාත් යන්න ලෑස්ති වුණා.

අඳින්න හොඳ ඇඳුමක් මගේ බිරිඳ මගෙන් ඇහුවා. ඉතින් ඒ ඇඳුම් අතරෙ තිබුණු මට වඩාත්ම සංවර ඇඳුම මං තෝරලා දුන්නා. ඒ ඇඳුම මට හරි සැහැල්ලූ, සන්‍යාසි හැ`ගීමක් අරන් එන නිසා. ඒත් බෝධිය ඉස්සරහ ලොකු පොලිස් මුර පොලක්. එතනින් සංවරකම පරීක්‍ෂා කරනවා. අත් කපපු ඇඳුමක් නිසා මං තෝරපු ඇඳුම අසංවරයි කියල පොලිසිය කිව්වා. එයාට බෝ මළුවට ඇතුල් වෙන්න බැරි වුණා. මගේ සංවරම ඇඳුම උඩමළුවෙ පොලිසියට අසංවර ඇඳුමක්. සංවරකමේ නිර්ණායක හොයාගන්න බැරුව මං ගේට්ටුව ළ`ග බිරිඳ එක්ක ඉඳගෙන කල්පනා කළා.

බෝධිය ඉස්සරහ පොලිසියක් දැමීමම කොයිතරං අසංවරද? මට හිතුනෙ එහෙම. හිත නිවෙන්න පන්සල් හැ`ගීමෙන් යන තැනක් වෙනුවට එතන හරියට වැලිකඩ හිරගෙදරට ඇතුල් වෙන තැනක් වගේ. මේ පොලිසිය හිටියා නං කීයට වත් පටාචාරාවට බුදුන් ළ`ගට එන්න වෙන්නෙ නෑ. හේමමාලාට කීයටවත් දන්ත ධාතුව කොණ්ඩෙ අස්සෙ හංගගෙන එන්න වෙන්නෙ නෑ.

ඇ`ගට කිටි කිටියෙ තද වෙන ඇඳුම් ඇඳගෙන කෙල්ලො බෝධිය වඳින්න ගියා. පොලිසියට ඒ ඇඳුම් අසංවර වුණේ නෑ. බුරිය පේන්න සාරි ඇඳගෙන ගෑණු බෝධිය වඳින්න ගියා. උඩමළුවෙ පොලිසියට අසංවරකමේ සීමාව වුණේ හම පෙනෙන ප‍්‍රමාණය. ඒත් වැඩිපුරම හම පෙනෙන ප‍්‍රමාණය වැඩි සාරිය මේ බෝ මළුවෙ පොලිස් ගේට්ටුවෙන් ඇතුළට ගියේ ගෞරවනීය විදිහට. අනිත් අතට මේ සංවර අසංවර භේදය බලපෑවෙ ගෑණුන්ට විතරයි. පිරිමි කොහොම ගියත් ඒ ගැන මේ සංස්කෘතික පොලිසියට ගැටළුවක් තිබුණෙ නෑ.

මං රෑ හඳ එළිය වැටුණු මහමෙව්නාව දිහා බලාගෙන ඉඳගෙන හිටියා. මං නිරුවතින් නෙළුම් මලක් අරන් රුවන්වැලිසෑය පැත්තට ඇවිදන් යනවා මං දැක්කා. ඒක හරි ලස්සන රූපයක් වෙයි ෆිල්ම් එකකට කියල මට හිතුණ (මං හෙළුවෙන් ඇවිදින එක නෙමෙයි, නළුවෙක් එහෙම යන එක) ඊට පස්සෙ මං ෆේ‍්‍රම්  එකේ ජෙන්ඩර් චේන්ජ් එකක් කළා. දැන් මං වෙනුවට මගේ බිරිඳ නෙළුමක් අරන් මහමෙව්නාව හරහා රුවන්වැලි සෑය දිහාවට ඇවිදන් යනවා හෙළුවෙන්. ඉස්සෙල්ලා රූපෙට වඩා දෙවෙනි රූපෙන් දෙන හැ`ගීම වෙනස්. ඒ වෙනස තියෙන්නෙ එළියෙ ඇවිදන් යන හෙළුවෙද? නැත්තං මගේ ඇතුලෙ තියෙන මගේ ඇත්ත හෙළුවෙද?

බුදුන් වදාල ධර්මයේ මූලික හරය වෙන්නෙ මේ තමන්ගෙ හෙළුව හොයා ගන්න එක. ඒ වෙනුවට අනුන්ගෙ හෙළුව වහන්න යන එක මුස්ලිම් ආගමේ සදාචාරයක්. ඒත් අපි ආධ්‍යාත්මික තැන් වලටත් සදාචාරය අරන් ඇවිත්. ඇත්තටම කවුරු හරි කොට ඇඳුමක් ඇඳන් ඉන්න එකෙන් අපි කැළඹෙනවා නම් හොඳයි. කාට හරි බෝධිමූලයේ ලබන්න පුළුවන් ලොකුම අවබෝධයක් එතන තියෙනවා. ඒ තමන් මල් පහන් කොයි තරම් පත්තු කරමින් බුදු රූප වැන්ඳත් තමන්ගේ ඇතුලෙ තාමත් ඉන්න නොදියුණු දුර්වල සතා දකින එක. කොට ඇඳුම ඒකට නිමිත්ත වෙනවා. ඒත් ලංකාවෙ බෞද්ධ සම්ප‍්‍රදාය වෙලා තියෙන්නෙ ඒ සතාව පරිස්සම් කර ගන්න එක (ශිෂ්ටත්වට කරා පරිණාමය වෙනුවට අශිෂ්ටත්වය රැුකවල් ලා ආරක්‍ෂා කිරීම) සාමූහික බාල සදාචාරයක් බුදුන්ගේ ධර්මයෙ ආචාර පද්ධතිය වෙලා. මට බුදු හාමුදුරුවො ගැන දුක හිතුණ.

බෝධිය වඳින්න බැරි වීම මගේ බිරිඳට මයිල් ගහක් තරං අවුලක් නොවුණට ඒක පොලිසියට බෝ ගහක් තරං ලොකු අවුලක් වුණා. ඒ ගොල්ලො ඇවිත් රෙද්දක් පොරවලා එයාව සංවර කරලා බෝධිය වන්ඳවන්නම හදනවා.

‘ලොකු හාමුදුරුවොන්ට පේන්න බෑ අත් කර කපපු ඇඳුම්. අපිටයි බනින්නෙ’
පොලිසියෙ අය කිව්වා. පව්.

රුවන්වැලි සෑය රෑට මාර ලස්සනයි. දුටුගැමුණු නොහැදුවා නම් මේ දාගැබ මීට වඩා ලස්සන වෙන්න තිබුණ. මට මගේ මාක්ස්වාදී යාලූවෙක් රුවන්වැලිසෑය ගැන කියපු කතාවක් මතක් වුණා.

එයා උගන්නන ඉස්කෝලෙ ළමයින්ට රුවන්සැලිසෑය හැදුවෙ කවුද කියල ප‍්‍රශ්නයක්.
රුවන්වැලි සෑය හැදුවෙ කවුද? මගේ යාලූවා (ටීචර්) අහනවා.

‘දුටුගැමුණු’ ළමයි ඔක්කොම උත්තර දෙනවා.

‘රුවන්වැලි සෑය හැදුවෙ දුටුගැමුණු නෙමෙයි. කම්කරුවො. ඒත් විභාගෙට ඇහුවොත් දුටුගැමුණු කියල ලියන්න. ඒත් ඇත්තට හැදුවෙ කම්කරුවො’

දැන් විභාගෙට අහනවා කියල ඔන්න මගේ යාලූවා ආයිමත් අහනවා  ‘රුවන්වැලි සෑය හැදුවෙ කවුද?’
‘කම්කරුවො’ ළමයි ඔක්කොම එකපාර සද්දෙට කෑ ගහනවා.

ඇත්තට රුවන්වැලි සෑය වඳින ඒ වටේ සිවුරු ඔතන බෞද්ධයන්ට මේ සෑය ආධ්‍යාත්මිකව කොහොම සම්බන්ධ වෙනවද කියල මට හිතාගන්න අමාරුයි. දුටුගැමුණු කියන නමේම තේරුම දුෂ්ට ගාමිණී කියන එක. එයා කාවන්තිස්ස කියන අතිශය පරිණත බුද්ධිමත් රජෙක් වුණු එයාගෙ තාත්තාට ගෑණු යට ඇඳුම් යවලා අපහාස කරනවා. ඒ මදිවට සද්ධාතිස්ස (ශ‍්‍රද්ධා සම්පන්න තිස්ස) වුණු එයාගෙ මල්ලි එක්කත් යුද්ධ කරනවා. ධාර්මික පාලකයෙක් වුණු එළාරව යුද්ධ කරලා මරනවා. ඒ පිස්සු යුද්ධ හින්ද ජීවිත තොග පිටින් විනාස කරනවා. ඒ ඔක්කොම කරලා එයා ඒ පව් බරෙන් මිදෙන්න ලොකුම ලොකු චෛත්‍යයක් හදනවා. ඒ පව්කාර ආත්මය මතු මෛත‍්‍රී බුදුන් වෙනකල් බෞද්ධයො බලාගෙන ඉන්නවා.

මට රුවන්වැලි සෑයෙ ලොකුකමෙන් පේන්නේ දැවැන්ත පව්කඳක්. ඒත් මේ දුෂ්ටත්වය සහ බුද්ධත්වය අතර සිංහල බෞද්ධයන් විසින් ගොඩනගාගෙන තියෙන සම්බන්ධය ප‍්‍රචණ්ඩ එකක්. මේ සම්බන්දෙ තමයි උතුරෙ දෙමළ මිනිස්සු මැරුවෙ. මේ සම්බන්දෙ තමයි බොබසෙන් මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව පාවිච්චි කරන්නෙ. රුවන්වැලි සෑයටත් අපිට ඇතුල් වෙන්න දුන්නෙ නෑ. මං තෝරපු අසංවර ඇඳුම හින්ද අපි දෙන්නට ආයිමත් පඩිපෙළේ ඉඳන් ඉන්න වුණා.

රුවන්වැලි සෑය, ශ‍්‍රී මහා බෝධිය කියන්නෙ කොහොමත් ආධ්‍යාත්මික අගයකට වඩා රාජ්‍ය අගයන් මුල්බැහැගත්තු තැන්. ආධ්‍යාත්මික වටිනාකම් කියන්නෙ ඇතුලෙන් සිද්ද වෙන ගවේෂණයක්, තේරුම් ගැනීමක් වෙද්දි මේ වගේ සිද්ධස්ථාන එක්ක තියෙන්නෙ පිටට පෙන්නන සාටෝප අගයන්. ඒත් අපි ජාතියක් හැටියටම මේ සදාචාරය කියන එක වාරණය හෝ තහංචිය එක්ක ගැටගහගෙන තාමත් ජීවත් වෙනවද කියන එක ටිකක් බරපතල කාරණයක්. නීට්ෂෙ කියන විදිහට සමූහ සදාචාරය කියන්නෙම පුද්ගලික නිදහස අවතක්සේරු කිරීමක්. දුර්වල බාල ගෝත‍්‍රික එකමුතුවක් වෙනුවෙන් පැවැත්ම මූලික සැබෑ සදාචාරයට විලංගු දැමීමක්. ඒත් ශිෂ්ටාචාරයන් ප‍්‍රජාවන් දියුණු වෙද්දි මේ තේරුම් ගැනීම් වෙනස් වෙනවා. උදා විදිහට ස්කැන්ඩිනේවියානු රටවල් විශේෂයෙන් නෝර්වේ, හොලන්ඞ් වගේ රටවල සාමූහික සදාචාරය ක‍්‍රියාත්මක වෙන්නෙ පුද්ගල නිදහස අත්පත් කර දීම වෙනුවෙන්. වඩ වඩාත් පැවැත්ම මූලික තනි සදාචාර අගයන් පිළිගන්නා තැනකට සමාජය අරන් යන්න ඒ සාමූහික සදාචාරය ඇතුලෙ කතිකා ගොඩනැගෙනවා. ඒත් අපි යන්නෙ විරුද්ද අතට.

සත්‍යජිත් මාඉටිපෙ බොර දිය පොකුණ චිත‍්‍රපටිය කරලා දැන් අවුරුදු 7ටත් වැඩියි මගෙ හිතේ. මුලින් ලංකාවෙ වාරණ මණ්ඩලය මේක හිර කරගෙන හිටියා බෞද්ධාගමික සංකල්ප වලට හානියක් වෙනවා කියල. චිත‍්‍රපටියකින් ආගමකට හානි කරනවා කියල කියන එකම ආගමකට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නෙ. ආගම ආධ්‍යාත්මික පුහුණුවක් නම් මේ එක චිත‍්‍රපටියක් හින්ද ඒ සංකල්ප හානි වෙනවා කියන්නෙ ඒආගම ඉතා දුර්වල බොළඳ අවධියක් පසු කරනවා කියන එකයි. කොහොම වුණත් වාරණ මණ්ඩලෙන් අසංවර කෑලි කපලා රෙදි අන්දලා බොර දිය පොකුණ පෙන්නන්න අවසර දුන්නා. ඊට පස්සෙ මෑතක ඒක  ඕස්ටේ‍්‍රලියාවෙ ප‍්‍රදර්ශනයකට ගියා. ඒ කියන්නෙ  ඕස්ටේ‍්‍රලියාවෙ ජීවත් වෙන අපේ කට්ටිය ඒක එහේ පෙන්නන්න සංවිධානය කළා. එතනදි ඒ සංවිධායකයො එහෙදි ආයිමත් ඒකෙ කෑලි කපනවා. වාරණ මණ්ඩලයට පස්සෙත් තව තව අනු වාරණ මණ්ඩල විසින් ඒ ඒ අයගෙ සදාචාර සීමා අනුව ඒ වගේ කප්පාදු කිරීම් කරනවා. කොටින්ම ඔස්ටේ‍්‍රලියාවෙදි ලංකාවෙ වාරණ මණ්ඩලයට වඩා තදට මේ සදාචාර සීමාව බලපානවා.

කපන එකෙන් සදාචාරය රකින මේ පිළිවෙත බුදුන් වදාල ධර්මයට වඩා කිට්ටු වෙන්නෙ මුස්ලිම් සදාචාර නීතියට. මේ වෙද්දි අපි මුස්ලිම් අය එක්ක පැටළෙන සංස්කෘතික අවුලෙ හේතුව තියෙන්නෙත් මෙතන. සිංහල බෞද්ධ සංස්කෘතික සදාචාර සීමාවන් සහ මුස්ලිම් සදාචාර සීමාවන් අතර තියෙන ළ`ග වැඩි කම. මේ හින්දම වැඩිපුර ළමයි හැදීම, සදාචාර තහංචි, හම නොපෙනෙන්න ඇඳුම් ඇඳීම වගේ මතුපිට සදාචාර අගයන් සිංහල මුස්ලිම් දෙකොටසම එක වගේ බෙදා හදා ගන්නවා. ඒවා සමාජ සීමාවලින් එලියට ගිහින් ආධ්‍යාත්මික සීමාවන් දක්වාම පැතිරිලත් තියෙනවා. ආගම් දෙකක් වුණත් අපි පුරුදු පුහුණු කරන්නෙ එකම සදාචාර ශික්ෂණයක් නේද කියල මට රුවන්වැලි සෑ පාමුලදි හිතුණ.

මට දෙවෙනි වතාවටත් බුදුන් ගැන ලොකු දුකක් ඉපදුණා.

-චින්තන ධර්මදාස

28 comments:

  1. ද්වේශය මිශ්‍රිත පෝස්ට් එකක් ... පවතින ක්‍රමය එක්ක යන්න ඕනේ...රට හදන්න බැහැ..බිරිඳට අත් ආවරණය වී ඇති ඇඳුමක් අන්දවා මීළඟ අවස්ථාවේදී හෝ යා ගැනීමට උත්සාහ කරන්න.. අනුන්ගේ බිරින්දෑ වරුන්ගේ නාභිය දෙස බලා සිටියේ ඇයි ...?

    මෙය අවසාන කමෙන්ටුව බව නොසලකන්න ..මා නැවත පැමිණෙමි...

    ReplyDelete
    Replies
    1. ඔබ නැවත පැමිණෙන තුරු බලා සිටිමු! (වෙන වැඩක් නැත්නම්)

      Delete
    2. මා නැවත පැමිණියා ...

      Delete
    3. දැන් මොකෝ කරන්නේ?

      Delete
    4. මා ඔබේ නිවහනට පැමිණ ඔබ ගැන සොයා බැලීමක් කරා..එපමණයි...

      Delete
    5. SilentSahan
      බිරිඳට අත් ආවරණය වී ඇති ඇඳුමක් අන්දවා මීළඟ අවස්ථාවේදී හෝ යා ගැනීමට උත්සාහ කරන්න..//

      මචන්....
      ඇයි අත් දෙක දැක්කමත් කෙලින් වෙනවද?
      niqab එකක් වගේ ඇන්දොත් කොහොමද?

      Delete
    6. මචන් ඔය නීති දාල තියෙන්නේ මම නෙවේ..මම කිසිම දේකට සම්බන්දයක් නැහැ...

      Delete
    7. උඹ සම්බන්ධ නැති වුනාට උඹ පටන් ගත්තේ හෙන ලොකු ටෝකක් දීලනේ.
      //ද්වේශය මිශ්‍රිත පෝස්ට් එකක් ... පවතින ක්‍රමය එක්ක යන්න ඕනේ...රට හදන්න බැහැ..බිරිඳට අත් ආවරණය වී ඇති ඇඳුමක් අන්දවා මීළඟ අවස්ථාවේදී හෝ යා ගැනීමට උත්සාහ කරන්න..//
      උඹ පලයන් මචන් පවතින ක්‍රමය එක්ක. ඇයි එතකොට ගෑණියෙක්ගේ අත් පේන එකද මාරම අවුල. උඹට පේන්නෙ නැද්ද මේ සිරි ලංකාවෙ හැම දේකටම සංස්කෘතිය කියලා හිතාගෙන ඉන්න දේශපාලනයක් හරස් වෙනවා කියලා? සොරි මචන්, මේ වගේ සීන් උඹට තේරෙන්නෙ නෑ කියල මට අමතක වුනා. චින්තා එක්ක අපේත් පට්ට මතවාදීමය අවුල් තියෙනවා ( ඒවා මම උඹව ඊලඟට හම්බුවුනහම කියන්නම් චින්තා, නැතිනම් මේකෙම කමෙන්ට් එකක් විදියට දාන්නම්) ඒත් සහන්, මේක නිකම්ම ලොලිපොප් බ්ලොග් කට්ටක් නෙවෙයි උඹට ඔය වගේ ගොන් ජෝක් දන්න.

      //අනුන්ගේ බිරින්දෑ වරුන්ගේ නාභිය දෙස බලා සිටියේ ඇයි ...?//
      මේ කෑල්ල දැක්කහම උඹට බනින්නද අනුකම්පා කරන්නද කියලා හිතාගන්න බැරි වුනා. :D

      Delete
    8. ""1. සොරි මචන්, මේ වගේ සීන් උඹට තේරෙන්නෙ නෑ කියල මට අමතක වුනා
      2. චින්තා එක්ක අපේත් පට්ට මතවාදීමය අවුල් තියෙනවා ( ඒවා මම උඹව ඊලඟට හම්බුවුනහම කියන්නම් චින්තා, නැතිනම් මේකෙම කමෙන්ට් එකක් විදියට දාන්නම්)
      3. ඒත් සහන්, මේක නිකම්ම ලොලිපොප් බ්ලොග් කට්ටක් නෙවෙයි උඹට ඔය වගේ ගොන් ජෝක් දන්න.""

      @ඇනෝ,

      උඹෙයි අර පොලිසියෙයි වෙනස මොකක්ද මචන්..? ඒ නෝනානම් උඹ කාසියේ අනිත් පැත්ත පොල්ල.

      "චින්තන එක්ක මතවාදීමය ගැටුම්". මයි ෆුට්..! :D

      Delete
    9. @ ඇනෝ

      \\\ඒත් සහන්, මේක නිකම්ම ලොලිපොප් බ්ලොග් කට්ටක් නෙවෙයි උඹට ඔය වගේ ගොන් ජෝක් දන්න. \\\

      අන්න ඒක තමයි මචන් මටත් දැනගන්න ඕනේ උනේ සහසුද්දෙන්ම..මේක සිරාවටම ලොලි පොප්ද නැද්ද කියලා...

      දැන් දැන ගත්ත මචන්..ස්තූතියි..

      @ මාලන්

      තේරුණාද වෙනස මාලන්.ඉහළ යැයි සම්මත දේවල් පවා විටක මූළික සාධන මට්ටමට වත් ළඟා වෙලා නැහැ..නිකම්ම නිකම් පැත්ත මාරු වීමක් විතරයි වෙලා තියෙන්නේ...ස්තූතියි මාලන් තේරුම් ගෙන කරුණු දැක්වීම ගැන...

      Delete
  2. @SilentSahan
    //පවතින ක්‍රමය එක්ක යන්න ඕනේ//
    ඉතින් පලයල්ලකෝ.....
    අපිව එක්කන් යන්න හදන්නේ

    ReplyDelete
    Replies
    1. ඉතින් අනේ මමද දැන් යන්න උනේ නැහැ කියලා කිව්වේ ...? මම කිව්වේ ශ්‍රී මහා බෝධියට යන්න ආස නම් ඊළඟ පාර වත් අපි යන ක්‍රමේට එන්න කියලානේ..

      Delete
    2. @SilentSahan

      //මේ පාර අනුරාධපුරේ ගිය ගමනෙදි මං කවදාවත් බලන්න යන්න අකමැති තැන් දෙකකට යන්න සිද්ද වුණා //

      මම දැකලා තියෙනවා සමහර වෙබ් අඩවි වල ලෝඩ් වෙන්න කලින් ප්‍රශ්න කීපයක් අහනවා. ඒවාට හරියට උත්තර දෙන්න පුළුවන් අයට තමයි සයිට් එක ලෝඩ් වෙන්නේ. මේ බ්ලොග් එකටත් එහෙම කලානම් හරි.

      Delete
  3. මා මෙයට පළමු කමෙන්ටුව දැමුවේ මෙහි කතෘ තුමා හා මදක් කතා බහ කිරීමට අපේක්ෂාවෙන්..ඔහුත් දෙයක් දෙස විමසිල්ලෙන් බලන පුද්ගලයෙක් බව මීට කළින් ඉඳන් තේරිලා තිබුණ නිසයි තරමක් නොරිස්සුම් සහගත කමෙන්ටුවක් දැම්මේ...

    නමුත් මේ ලිපිය කියවීමට පැමිණි පිරිස් එහි අර්ථය වටහා නොගෙන පුද්ගලිකව මා සමග අරෝවට මෙන් පැමිණීම ගැන විමසිලි මත් වෙමි... මා මේ ලිපිය හෝ එහි සඳහන් කරුණු සුළු කොට තැකීමක් කර නැහැ..මට අවශ්‍ය උනේ කතෘ සමග කතා බහ කිරීමක් පමණයි...

    රුවන්වැලි සෑය , ශ්‍රී මහා බෝධිය වැනි ස්ථාන වල එදා සිට එවැනි නීති රාමුවක් පවතී.. එයට සාමාන්‍ය මිනිසුන් වන අපට කල හැක්කක් නැත..කොටිම්ම රාත්‍රී 9 පසු එහි රැඳී සිටීමත් තහනම් ...කාටද කියන්නේ ...? පන්සලක ගිහින් පිළිසරණක් ලබන්නත් අද කාලේ තහංචි...කාටද කියන්නේ මේවා...

    මම කියන්න හැදුවේ මේ දේ...සියලු දෙනාට වූ සිත් රිදවීම් ගැන සමාව යදිමි...!

    ReplyDelete
    Replies
    1. සිරාවට, කිතුල් ගහට නැග්ග හාදයත් කිව්වලු මචන් තණකොල කපන්න ආවෙ කියලා. :D

      Delete
    2. සහන්,

      කාගෙන්වත් සමාව ඉල්ලන්න තරම් වැරද්දක් උඹ කරලා නෑ. උඹේ මතය කාටවත් සාධාරණීකරනය කරන්න ඕනෙත් නෑ.

      Delete
  4. @ ඇනෝ
    :D

    @ මාලන්

    නැහැ මම එහෙම කිව්වේ හේතුවක් නිසා මාලන්..කෙනෙක් දෙයක් කිව්වම ඒක පුද්ගලිකව බාර අරන් ඉන් පසු දිගින් දිගටම ඒ මත්තේ යන පිරිසක් ඉන්නවනේ...හඳ එළිය කිසිම දාක දකින්න බැහැ ඒ පිරිසට.. අනිත් දේ මම එවැනි දෙයක් කිව්වේ වෛද්‍යදේව හා සංවාදයකට යෑමේ අරමුණින්..ඔහුත් හිටියේ තරමක නොරිස්සුම් සහගත ස්වභාවයෙන් ..මට ඕනේ උනා දිගින් දිගටම ඔහු එය ගෙන යනවාදැයි බලන්න..( පසුව නිවී හැනහිල්ලේ කතා කරන්න පුළුවන් කම ලැබෙන්නේ ද්වේශය පිට උනාමනේ )

    කොහොම හරි මාලන් ඔය උඩ මළුවේ ලොකු තැන එක්ක මාත් ඔය ගැන කතා කරලා තියෙනවා.. මට කිව්වේ " මේවා ඉතින් මහත්තයෝ දේව භූමි නෙව..දේවි දේව තාවෝ වඩින්නේ රෑ මද්දහනේ..උන්නාසෙලට මේවා වෙන් කරන්න එපැයි " කියලා...?

    මන් මොනවද වෙන කියන්නේ ...? අපි දෙවිවරු නෙවේනේ ...මම හා කියලා ආව..

    ( ඕවගේ අභාන්තරය වෙනම කතාවක්..අපි වගේ අයට ඒවා අකැපයි මාලන්...අපි ගොවිගම නෙවේනේ )

    ReplyDelete
  5. @ මාලන්

    උඩම ඇනෝත් මමයි. මාලන් කියන දේ ඇත්ත විදියට මම පිළිගන්නවා. මම එතනදී සහන් කියූ දේට කුපිත වුනා වැඩියි. ඒ කුපිත වීම එක්ක, සහන්ට ගොන් පාට් එකක් වුනත් දාන්න සම්පූර්ණ අයිතිය තියෙනවා කියන එක මට අමතක වෙනවා. ඒ සම්බන්ධයෙන් මට කණගාටුයි.
    කොහොම වුනත් මාලන්ගේ ඉදිරිපත් වීම සමගින් සහන් මුලින් කියපු කථාව සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බවට පරිවර්තනය කළා කියන එක නොදකින්න තරම් මාලන් මෝඩයෙක් වෙන්න බෑ. හිතාමතාම කේන්ති යන විදියේ කමෙන්ට් එකක් දැම්මහම චින්තන ඇවිස්සිලා එනවා කියලා හිතන්න එක විකාරයක්. (චින්තා හොඳායි කියනවා නෙවෙයි, ඌ කවදාවත් කමෙන්ට් එකකට රිප්ලයි කරන්නේ නැති ගල් කම්මැලියෙක් නැතිනම් කුහකයෙක්)
    අනෙක මාලන්, චින්තන සහ අනෙක් මිනිස්සු අතර මතවාදීමය ගැටුම් තියෙනවා කියන කථාව ඔයා හෙලා දකින තැන මට පේන්නෙ නෑ. චින්තනගේ වෙනත් පෝස්ට් වල මම කමෙන්ට් කරලා තියෙනවා, ඒවල තියෙන මතභේදකාරී කරුණු පෙන්නලා.

    ReplyDelete
  6. ඇනෝ ,

    මෙහෙමයි මෙතන ඉන්නේ මාලන් මම සහ ඇනෝ නිසා මාත් මේ කතාවට හවුල් වෙන්නම්.." උඹ පලයන් " කියලා කියන්න එපා දැන්...

    \\\කොහොම වුනත් මාලන්ගේ ඉදිරිපත් වීම සමගින් සහන් මුලින් කියපු කථාව සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බවට පරිවර්තනය කළා කියන එක නොදකින්න තරම් මාලන් මෝඩයෙක් වෙන්න බෑ. ///

    මම මේ ගැන කරුණු පැහැදිළි කිරීම කරලා තිබුණේ මාලන් කමෙන්ට් කරන්න පෙර..මගේ disclaimer එක දැක්කට පස්සෙයි මාලන් පවා කමෙන්ට් කරලා තිබුණේ..

    අනිත් මේ ඇනෝ දැකලා තියෙනවද මම එක එක තැන් වල කමෙන්ට් දාන විදිහ ..? හැම වෙලේම මහා බර දේවල් එක්ක මම කමෙන්ට් කරන්නේ නැහැ..මේ ලඟදි සමකය වටේ බ්ලොග් එකේ තිබුණා

    " කොළඹ වරාය ගිණි ගනී " කියලා

    මම ඒකට කමෙන්ට් කරේ මෙහෙම ...
    SilentSahan
    May 24, 2013 at 12:21 PM
    ලොකු විනාශයක් වෙලා තියෙන හැඩයි...ඉක්මනට නිවා ගන්න ලැබීම නම් ලොකු දෙයක්..නැවකට ගින්න පැතිරිලා ඒ ගින්න එක්ක වෙන රටකට ගියා නම් ඒ රටත් ගිණි ගන්න තිබ්බා..

    =========================
    දැන් මේක දැකපු ඇනෝ කෙනෙක් මෙහෙම කියලා තිබුණා මට ..


    AnonymousMay 24, 2013 at 2:54 PM

    Don't be so stupid Sahan ! A SHIP CARRYING A FIRE FORM SRILANKA TO ANOTHER COUNTRY !

    =========================
    ඔය අවස්ථාව බැලුවොත් කව්ද ස්ටුපිඩ් ...?





    මෙතැනදී ඇනෝ විසින් මාව මුව හම බවට පත් කරගත්තා ශ්‍රී මහා බෝධියේ ඇඳුම් සම්බන්ද ගැටළුවට චූදිතයා විදිහට.." ඇයි එතකොට ගෑණියෙක්ගේ අත් පේන එකද මාරම අවුල." කියලා කිව්වේ ඒකයි...

    අන්න ඒකයි ලොලි පොප් වීම සහ නොවීම කියන්නේ...

    ඇනෝ සමග මෙවැනි කතා බහක් ඇති වීම ගැන සතුටු වෙනවා ..දැන් තමයි අපි ටික ටික හරි මාර්ගෙට එනවා වගේ පේන්නේ..

    ( සැළකිය යුතුයි එනවා වගේ පේනවා කියලා විතරයි මම කිව්වේ )

    ReplyDelete
  7. ශ්‍රී මහා බෝධිය 9 ට වහන්නේ එහි ආරක්ෂාවටයි. බෞධයන්ට ද්වේෂකරන බෞධයන්ම පිරි ඉතිරෙන ලංකාවේ එවැනි පිස්සෙක් රෑ මැදියමේ මළුවට පැන ගස කපා දැමුවොත් හෝ ඇසිඩ් වත් කර එය මරා දැමුවොත් ඔබ එයට වගකියනවාද ? ඔබ වග කිව්වත් බෞධයන් ඉන්පසු වඳින්නේ ඔබගේ පශ්චාත් භාගයටද ?

    මෙය නොර්වේ නොව සිගිරි චිත්‍ර වල තර ගෑ සහ මෑතකදී හෝල් සෙල් දෙමල කුරුටු ගා විනාශ කර දැමු අසික්කිත අපරාධකාරී අමනුෂ්‍යයන් සිටින රටක් බව ඔබට අමතකද ?

    සෑම ආයතනයක් ම යම්කිසි රාමුවක් තුල නිශ්චිත ක්‍රියා පටිපාටියක් අනුව ක්‍රියාත්මක වීම එය සේවය සපයන සියලු දෙනාට .පහසුවකි. ශ්‍රී මහා බෝධිය වැනි ලක්ෂ ගණනක් යන එන පන්සලකටද එසේ නොකර එහි සේවාවන් නිසිපරිදි කළමනාකරණය කර ගත නොහැක. මේක තේරෙන්නේ නැති ඔය බබා.

    හිඟන්නෙක් ටත් අඩු තරමේ ෂර්ට් එකක් , කලිසමක් ඇත. ඔබට එහෙම වත් ඇඳුමක් නැද්ද ? තියෙන්නේ එහෙන් මෙහෙන් පලාපු කඩමලු පමණද ?

    අනිත් ලියා ඇති මෝඩ චූන් වලට පිළිතුරු දීමට වෙලා නැත.

    ReplyDelete
    Replies
    1. //සිගිරි චිත්‍ර වල තර ගෑ සහ මෑතකදී හෝල් සෙල් දෙමල කුරුටු ගා විනාශ කර දැමු අසික්කිත අපරාධකාරී අමනුෂ්‍යයන් සිටින රටක් බව ඔබට අමතකද ?//

      කනෙක්ෂන් ඇතිවිට තොපි වගේ මෝල්ලුද චින්තකයෝය.

      Delete
    2. අනේ ගොනෝ සීගිරියට කළු තෙල් ගැහුවේ Security නැති වෙලාවෙද .
      TV channel එකක්වත් හරියට බලල නැති උන්ට ඉන්ටෙර්නෙට් එකේ බ්ලොග් එකක් දැම්මහම ඔහොම තමයි .
      ITN බලන හරක් උදේ පාන්දරම කරන්නේ හඩ්සන් ගොබ්බයගේ Radio එක අහන එක .
      තොපි වගේ උන් හින්ද අපිටත් රටක් නෑ යකෝ .

      Delete
  8. පන්සලකට යන්න ඇඳගෙන යන ඇඳුමට නීති දැමිල්ල මහ විකාරයක් මට... ආගම තියෙන්නේ හිතේ... සංස්කෘතිය කියන්නේ සමාජමය ආකල්ප මිසක් නීති නෙවෙයි... තමන් සුදු ඇඳුමක් ඇඳන් යනවද, සාරියක් ඇඳන් යනවද, සායක් අඳන් යනවද කියලා තීරණය කරන්නේ තමන් ඒ ගැන තේරුම් අරන් තියෙන තරමටයි... කොට කලිසමක්, ස්කීනි එකක් ඇඳගෙන පන්සලකට යන කෙනෙක් දිහා අනුකම්පාවෙන් බලලා, ඒ අයට ඒ තැනට, ඒ ඇඳුම නොගැලපෙන බව තේරුම් ගන්න ඉඩ දීම මිසක්, ගේට්ටුව ළඟදි රෙද්දක් පොරවල ඒ ආගමෙත්, ඒ සංස්කෘතියත් වැරැද්ද නිසා ආගමික දර්ශනය ගැන ඇතුල් වෙන්නත් කලින්ම මහා විසාල කළකිරීමක් ඇතිවෙන්න වැඩ කරන එක ගැන නම් මාත් ගොඩක් මේ දවස්වල හිතනවා... විශේෂයෙන්ම දැන් ජනප්‍රිය වෙලා තියෙන එක එක ජාතියේ “ ශුද්ධ වූ බෞද්ධ” අසපු සහ සෙනසුන් වලදි මම දකින දේ නිසා.....

    ReplyDelete
  9. චින්තා උබේ අර කතාව හරි යාගෙන වගේ එන්නේ.......එත් කතාව යන්නේ ඕනේ දේ ගැන නෙමේ වගේ......

    ලංකාව ඇතුලේ ආගමක් කියන්නේ මට නම් මහා අවුලක්...එක ඇති කලේ ආගමට වඩා ඒ අතර ඇති දේශපාලනය....ලංකාව ඇතුලේ වෙළද භාන්දයක් වෙච්ච ආගම, ඒකෙ තියන අද්යාත්මික පැත්ත ගැන නැබුරුව නැති කලා.....ඒක නිකන් පොල් ගෙඩියේ මදේ ගැන කතා නොකර පොල් ලෙල්ල ගැන කතා කරනවා වගේ වැඩක් ....

    දැන් මාර්කට් වෙන්නේ එකේ තියෙන තියෙන බෞතික දෘෂ්ටිය විතරයි....
    මටත් ඕක එපා වෙලා ගොඩක් කල් සරම ඇදන් ඔලුවෙන් හිට ගමුද

    ReplyDelete
    Replies
    1. උඹ එහෙ මෙහෙ කමෙන්ට් හලාගෙන යනකොට දැනෙනවා උබ තාමත් යම් යම් දේ තේරුම්ගන්න උත්සාහ කරන බවක්. ඒත් උඹ කියවන්නේ චින්තනලව විතරයි වගේ. චින්තන කියන්නේ දෙවියෙක් කියලයි උඹ හිතාගෙන ඉන්නේ. එහෙම දෙයක් නෑ. චින්තනලා ලියන හැමදේම ඇත්ත නෙමෙයි. චින්තනලට වඩා වටිනදේවල් තව තැන් වල සිංහලෙන් ලියවිලා තියෙනවා. හොයාගෙන කියවපං.

      Delete
    2. අනිවා... අපි තාම ඉගෙන ගනිමින් තමා ඉන්නේ.....ඒක මැරෙනකම්ම කරන දෙයක් නේ බං......හැබැයි උබ කියනවා වගේ චින්තව මට දෙවියෙක් නම් නෙමේ.....මොකෝ මගේ ජිවිතේ මට දෙවිවරු නැහැ බං......මුලින්නම මට අධ්‍යත්මිය දෙවිවරු කොහොමත් නැහැ. ඒත් චින්තගේ තියන විකල්ප දැක්මට මම හෙන කැමතියි.......

      උබ ඔය කියන කියනවා වගේ සිංහලෙන් ලියවෙන් හොද මොනා හරි තියෙනවනම් ඒ මොනාද කියලා කියපං......මෙහෙම බැරි නම් මට mail කරපං.....rasthiyadukarayamo@gmail.com

      Delete
  10. උඹල වපුරගෙන කනවා....
    එක තැන් පල් වෙවී.....

    ReplyDelete
    Replies
    1. එතකොට උඹට upset ද ? මීට කලින් Cult දැකල නැද්ද . තමුසෙගෙ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න

      Delete