මේ ලියමන කුහක හෝ ද්වේශ සහගත වගේ පුංචි ලාංකේය තැන් වල හිර කරන්නෙ නැතුව තවත් එක අදහසක් කියන තැනකින් කියවන්න කියල මුලින්ම ඉල්ලනවා. ඒ පුද්ගලිකව මගේ ගැන කලූ චිත‍්‍රයක් ඇඳෙන එක ගැන අවුලකට නෙමෙයි. ඒක සංවාදයක් වෙනුවෙන් මගේ අදහස කැන්සල් කරන හින්ද.
රාවය පත්තරේ මාත් කාලෙක ඉඳන් කියවන පත්තරයක්. ඒ ව්‍යාකරණානුකූල භාෂා සීමාවල්, සීරියස් වැඩි ගතිය, ගමේ ඇකඩමික් ප‍්‍රතිරූපය ආරක්‍ෂා කිරීම වගේ ද්විතීයික කාරණා වලින් මං රාවයට නොඑක`ග තැන් තිබුණත් පුරවැසි අදහස් මාධ්‍යයක් විදිහට මං රාවයට ගරු කරනවා. වික්ටර් අයිවන් මහින්ද ළ`ගට ගිය එක සහ ජනරංජන විසින් අන්තර්ගතය හැසිරවීම ගැන මතුවෙච්ච කන්‍යාසිවි වර්ගයේ ප‍්‍රශ්න වලදිත් මගේ අදහස වුණේ ඒක හරිම ඉදිරිගාමී පියවරක් කියන එක. අයිවන් තමන්ගේ අදහස තමන්ගේ කොලමට සීමා කර ගැනීම සහ පත්තරේ අනිත් අදහස් වෙනුවෙන් නිදහස දීම කියන එක දියුණු නාගරික දේශපාලනික විනයක ලකුණක් මට අනුව.
මොනවා වුණත් රාවය පාඩු පිට දුවන පත්තරයක්. ඒක ලාබ අරමුණු රහිත පත්තරයක් කියන තැනට වඩා මං ඒක කියවන්නෙ ලාබයක් හෝ වඩා විශාල කියවන පිරිසක් සංවිධානය කිරීමෙහි ලා අසමත් වූ කළමනාකරණයක් විදිහට. අදහස් වල ගැඹුර පවත්වාගනිමින් ප‍්‍රකාශනය සරල කරන්න රාවයට බැරි වුණා. ඒ වෙනුවට රාවය සම්භාව්‍ය, සම්මානනීය, වැදගත්, ඇකඩමික් වගේ තැනක නතර වුණා. කල්ට් භාවිතාවක් විදිහට ඒකත් නරක නෑ. ඒත් පැතිරීම ව්‍යාප්තිය වෙනුවට සීමා වීම භාවිතාවක් විදිහට අරගෙන යාම රාවයේ සීමිතකමක්. ඒක මට අනුව පුහු සංකේතීය වටිනාකමක් වෙනුවෙන් ප‍්‍රායෝගික වටිනාකම් කැපකිරීමක්. අන්තිමට අපි වැඩ කරමින් ඉන්නෙ ජන මාධ්‍යයක් ඇතුලෙ කියන වටහා ගැනීම අහිමි වීම එතනදි ප‍්‍රශ්නයක්.
රාවය වටා වාමවාදී බුද්ධිමතුන් පිරිසක් එකතු වුණා. ඒ බුද්ධිමතුන් කියන පිරිස විසින් රාවයේ හැඩය ගල් කරලා පවත්වාගෙන යමින් හිටියා. පත්තරේ ඇතුලෙ ලංකාවේ වාමවාදී බුද්ධිමතුන්ගෙ තියෙන සීමාව ජයගැනීම රාවයට රටේ දේශපාලනික සීමාවන් ජයගැනීමට වඩා අමාරු වැඩක් වුණා. ඒක වැඩවසම් ආකෘතියක්. ඒක සංරක්‍ෂණය හෝ වඳ වී යාමට වඩා ඉරණමක් උරුම කරගෙන නෑ.
දැන් මේ ලියමන ලියන ඇත්ත කාරණාවට එන්නං. රාවය මෙහෙම පාඩු පිට පවත්වාගෙන යාම දුෂ්කර නිසා එහි අයිතිය පැවරීම ගැන ලොකු හාහෝවක් එලියට ආවා. මිලින්ද මොරගොඩ විසින් මෙහි අයිතිය පවරාගැනීම ගැන කතාව ගොඩක් අය කිව්වෙ කන්‍යාභාවය අහිමි වීම වගේ වේදනා සිත් ඇතිව. ඊට පස්සෙ බුද්ධිමය කලාකාර පිරිසක් රාවයේ ජනතා අයිතය ආරක්‍ෂා කර දීමේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. මේක බහුතරයක් විසින් කියෙව්වෙ රාවය රැුක ගැනීමක් විදිහට. මට හිතෙන්නෙ රාවය කියන්නෙ මේ බුද්ධිමය කීපදෙනාගේ පවුලේ පත්තරය කියන තැනින් ගත්තොත් ඒ හැ`ගීම සාධාරනයි. ඒත් රාවය මේ අනිකුත් මාධ්‍ය අතර ජනමාධ්‍යයක් කියන තැනින්, මට වටින දේ ඒ කියන්නෙ පුරවැසි ප‍්‍රකාශනයක් කියන තැනින් ගත්තොත් මේක ආපහු පරණ ළිඳේම ඉන්න තෝරා ගැනීමක්.
උදා විදිහට කිව්වොත් මිලින්ද මොරගොඩ කියන ව්‍යාපාරික, දේශපාලන චරිතය කරන බිස්නස්, ගන්න ලාභ වගේ ඔය වමට උඩින්ම පේන ඕපදූප ටිකට යටින් බැලූවොත් භාවිතාව සහ තමන්ව චරිතයක් විදිහට පොසිෂන් කරලා පවත්වාගෙන ඒම ඇතුලෙ ලංකාවෙ ගොඩක් වාමාංශික දේශපාලන චරිත වලට වඩා විනයක් ශිෂ්ටත්වයක් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මිලින්දගේ ධනවාදී භාවිතාව ඇතුලෙ රාවයට මුදල් යෙදවීම කියන්නෙ හරියට නාගරික ආර්ට් කලෙක්ටර් කෙනෙක් කලාපොලෙන් විකල්ප චිත‍්‍රයක් අරගෙන ගෙදර බිත්තියෙ එල්ල ගන්නවා වගේ වැඩක්. ඒක රාවය සංරක්‍ෂණය කළා වගේ වැඩක් මට හිතෙන්නෙ. මිලින්දගෙ බිස්නස් ඇතුලෙ ලොකු ලොකු වංචා දූෂණ චෝදනා ඇති. ඒත් ඒවා රාවය තමන්ගෙ පුද්ගලික රාවයක් කරගන්න යනවා තරං පුංචි නෑ.
ඊට විකල්පයක් විදිහට මේ බුද්ධි-කලා එකමුතුව විසින් රාවයට යෝජනා කරන ජනතා හැඩය මට අනුව අතිශය හානිකරයි. ඒක වඳ වී යාමේ විකල්පය තෝරා ගැනීමට සමානයි. අඩුම තරමින් මිලින්ද වගේ කෙනෙක් රාවය ගත්තොත් ඒකෙ ව්‍යවසාය අංශය දියුණු තැනකට ඒවි. සරල විදිහට කිව්වොත් ඇපල් ලැප්ටොප් ටිකක් වත් අලූතෙන් රාවය කන්තෝරුවට ඒවි. මේ ලේඛකයන්ට සේවකයන්ට යම් තරමකින් යහපත් ජීවන පහසුකම් ටිකක් ඇතිවේවි. මිලින්ද එක්ක වැඩ කරන රොහාන් සමරජීව වගේ ටිකක් ඕල්ඞ් ෆැෂන් නැති බුද්ධිමතුන්ගෙ අදහස් මේ කළමනාකරණයට මුහු වේවි. ඒකෙ මට මොකක් හරි පාරක් පේනවා.
ඒත් මේ බුද්ධි කලා එකමුතුවට කරන්න පුළුවන් මොනවද? මං ඒ අයගෙ නිර්මාණ සහ අදහස් වල තියෙන වටිනාකම් පොඞ්ඩකින් වත් අවතක්සේරු කරනවා නෙමෙයි. ඒත් ව්‍යවසාය සහ කළමනාකරණය කියන්නෙ මේ පිරිස (විතරක් නෙමෙයි ලංකාවෙ ගොඩක් වාමාංශික බුද්ධිමතුන්) දුර්වලම විෂයක්. උදා විදිහට ඔවුන් මේ රාවයේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන සැ`ගවුණු අදහස වෙන්නෙම මිලින්ද රාවය ගත්තොත් මේ සංවාදය, මේ අදහස් ආණ්ඩු පාක්‍ෂික හෝ මිලින්දගේ උවමනාවන්ට පාක්‍ෂික වීමෙන් තමන්ට (අපිට) රාවය නැති වෙයි කියන එක. ඒත් මිලින්ද මට අනුව මීට වඩා අඩි දෙකක්වත් එහායින් හිතන්නෙ. රාවයේ හැඩය නැති වුණොත් මිලින්දට රාවයෙන් ඇති වැඩක් නෑ. මේ විකල්ප හ`ඩත් තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයේ කොටසක් කර ගැනීමේ සංකේතීය, බුදධිමය වැලියු ඇඩිෂන් එකක් විදහට මිසක් මිලින්දට රාවයේ තමන්ගෙ ඇඞ් එකක් හෝ කොලමක් දානවට එහායින් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒත් මේ බුද්ධි කලා එකමුතුව (ලාංකේය) පෙළෙන්නෙ වඩාත් විශාල වූ අවකාශයකට, පිළිවෙලකට, සංස්කෘතියකට තමන් ඇතුල්වීමේ ‘කුඩා බව’ පිළිබඳ භීතිකාව කියලයි මට හිතෙන්නෙ. මිලින්ද මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන් නාගරික බුද්ධිමය හෘදය සාක්ෂියක් ගොඩනගා ගන්න. රාවය එතනදි එක කොටසක්. ඒත් වාමවාදී බුද්ධිමත්තු මහන්සි වෙන්නෙ තමන්ගේ ග‍්‍රාමීය බුද්ධිමය සම්ප‍්‍රදාය ආරක්‍ෂා කර ගන්න. තමන්ගෙ අදහස් වෙනුවෙන් හැමදාම ඔහේ දොරවල් ඇරලා තියෙන මාධ්‍යයක් වෙනුවට තර`ගකාරී අදහස් මාධ්‍යයකට නිර්මාණකරුවන් බුද්ධිමතුන් ඇතුල් වෙන්න අවශ්‍යයි. අසාධාරණ විදිහට තමන්ගේ අදහස් වලට දොරටු වැහෙනවා නම් විකල්ප මාධ්‍ය ප‍්‍රවේශ අත්හදා බලන්න ඕන. ඒ වෙනුවට මාධ්‍ය ජනතාකරණය කරනවා කියන අදහස මට හිතෙන්නෙ මාධ්‍ය ගල් යුගයෙම තියා ගැනීම වගේ යෝජනාවක්. ගුහාගත සම්ප‍්‍රදායක්.
මං කලින් කිව්වා වගේ ඉතා සංවේදී දේකට මං අසංවේදී මැදිහත්වීමක් කළා වෙන්න පුළුවන්. ඒත් මාධ්‍යය සහ ඇත්ත ජනතාව අතර සිවිල් තාප්පයක් තියෙන්න ඕන නෑ කියලයි මං හිතන්නෙ. ජන මාධ්‍ය ජනතාවට කතා කරන්න ඕන. සීමා වීම වෙනුවට ව්‍යාප්ත වීම පිළිගන්න ඕන. ජනමාධ්‍යයක් දාහක දෙදාහක ස්වයං වින්දනයක් වෙනුවෙන් පවත්වාගෙන යාම තේරුමක් නැති වැඩක්.
ගුහාව වෙනුවට අපි එළිමහන තෝරා ගනිමු. තර්ජන ඇතිවේවි. ඒත් අපි ඒ අනුව පරිණාමය වේවි.
- චින්තන ධර්මදාස
අපි නම් දන්න තරමට ලෝකේ කොහේවත් නිදහස් මාධ්‍ය කියලා දෙයක් නෑ....තියෙනවා නම් ඒවා ඇත්තේ සමහරුන්ගේ හීන ලෝක වල විතරයි...හැමෝම කරන්නේ මතය ප්‍රකාශ කිරීමක්..ඇතැම් අය විරුද්ධ අදහසට ඉඩ දෙනවා..ඒත් අවසාන නිගමනය ලියැවෙන්නේ තමන්ගේ මතය නොබිදා.....
ReplyDeleteමිලින්දට රාවය ගැනීම තාමන්ගේ දේශපාලන ප්‍රතිරූපය සම්පූරණ කර ගැනීම සදහා ගත් තවත් එක් ක්‍රියාමාර්ගයක් වෙන්න පුලුවන්...ඒ වගේමම සාමාන්‍ය සමාජ දේශපාලන වටපිටාවකදී රාවය තමන්ගේ අනන්‍යතාවය රක ගනී කියලත් හිතන්න පුලුවන්. ඒත් තීරණාත්මක් මොහොතක දී රාවයේ මථය හැසිරිවීමට ඔහු උත්සහයක් නොගනියි කියා හිතා ගන්න එක දේශපාලන බොලද කමක්...අපි බබ්බු උනාට දේශපාලකයා බබෙක් නෙවෙයි...
මිලින්දගේ දේශපාලන මතය සහ රාවයේ දේශපාලන මතය අතර කොහොමත් අදටත් වෙනසක් නැහැ. දෙකම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුයි පෙනී සිටින්නේ. රාවයේ වාමාංශික පාඨකයන්ට තමයි එක තේරෙන්නේ නැත්තේ. ඒ නිසා මිලින්ද මේකට ආයෝජනය කරන්න සුදානම් වෙලා නම් ඉන්නේ දෙන එක තමයි තියෙන්නේ. කොහොමත් අද ඉන්න බොහෝ දේශපාලකයන්ට වඩා මිලින්ද හොඳයි. රාවයට තියෙන්නේ මිලින්දට උදව් කරන්න. මේක රාවයට නුපුරුදු වැඩකුත් නොවෙයි. හොඳට කරයි.
ReplyDeleteමිලින්ද මිලට ගත්තම කියල තියෙන විදියට ඉන්න අයටවත් සෙතක් සැල සෙන්නෙ නැතෑ.
ReplyDeleteකොහොමත් ලොක්කට අප්‍රිය,කපල දාන්න ඕන අයනම් කී දෙනෙක් ඉන්නවද.
කලින් කලට ඒ අයගේ දුෂණ වංචා දැම්මමත් අපිට චූන් එකේ බල බල ආතල් ගන්න බැරි වෙන එකක් නැහැ.
සාමාන්‍ය ජනතාව කොටස් ගත්තොත් ගන්න අයට අබ සරණයි ඝච්චාමි තමයි.!
කොහොමත් ව්‍යපාරයක් විදිහට, ව්‍යපාරයයි අයිතිකාරයයි කියන්නෙ දෙන්නෙක් නමුත් ඒක ලංකාව වගේ රටක ක්‍රියාත්මක වෙනවද කියන්න මං දැන් නැහැ.......
ReplyDeleteලංකාවේ ජනමාධ්‍ය මොන තරම් කෑ ගැහුවත් ගොඩක් මිනිස්සු විශේෂයෙන් තරුණ කොටස් පුවත් පත කියන මාධ්‍ය මග හැරලා ගිහින් ගොඩක් කල්. මොකද, ගැණියෙක් දුෂණය කරලා මරල දාපු සිද්දියක් හෙන අතල් එක්ක වගේ (කොටකෙත සිද්දි මාලාව වගේ )මවන්න උත්සහ කරන නිර්දය ගණයේ උත්සහ අර වගේ(තරුණ) වයස් පරතර වල අයට නොගැලපෙන නිසාත්....ඒවා ලියන පුද්ගලයන් ගේ සහ එම වයස් ඛාන්ඩ වල සිටින පුද්ගලයන්ට පමණක් ගැලපෙන නිසාත්(මෙය හොදටම පැහැදිලි වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ලංකාවේ ප්‍රචාරය වන චිත්‍රපට නැරබීමට වැඩිපුරම යන්නේ එම වයස් ඛාණ්ඩ වල පුද්ගයන්) ගොඩක් තරුණ කොටස් වලට පුවත් පතමග හැරුනා.....
ලංකාවේ තරුණ කොටස් වල චින්තන පරාස එක්ක ගනුදෙනු කරන පුවත් පතක අඩුව හොදටම දැන් දැනෙනවා.....
කොහොමටත් රාවය තුලින් අපි බලාපොරොත්තු වන තෘප්තිය අපිට නොලැබුන හොත් අපි එයිනුත් ඉවතට සංක්‍රමණ වීම මිලින්දල පවා වැලක් විය නොහැකි. එම නිසා මිලින්ද ඔහුගේ පැත්තෙන් එම පාඩුව විදීමට කැමති වේද කියන ගැටලුව අපි සිතා බැලිය යුතුයි...
2014 වෙද්දී media වල සියල්ලම පාහේ මහින්දගේ control එකට ගන්න කියල order එකක් ඇවිත් .
ReplyDeleteපත්තර විතරක් නෙමෙයි අනෙකුත් media වලටත් මේ දවස්වල උණු උණු දුම් දාන market එකක් ඇවිත් .
කාට හරි කියන්න පුළුවන්නේ දැනටමත් එහෙමයි කියල .නෑ මේක ඊට වඩා ගැඹුරින් වෙන වැඩක් .
මේ පිළිබඳව ලොකු ලොකු තැන්වල අය දන්නෝ දනිති .
දන්නේ නැත්නම් අහල දැනගන්න පුළුවන් වෙයි .හැබැයි දැන්ම නෙවෙයි .
Fm එකක් අරගෙන තිබ්බනම් මේ වෙලාවේ අපිත් ගොඩ.
ඒක ඇත්ත , අද අලුත් පනතකුත් parliment ඒකට ගේනවා media තව හිර කරන්න .අයියෝ ආයේ සැරයක් යුද්ධ කාලේ වගේ වෙව්ල වෙව්ල තමා ඉන්න වෙන්නේ .අනේ එහෙම හිර වෙච්ච ජීවිතයක් නම් අපිට එපා ..
ReplyDelete