Saturday, October 26, 2013

මරාකරණය-

 රිංගින් ටෝන් ගැන මගේ ගිය සුමානෙ ලිපියට කමෙන්ට් එකක් දාපු යාලූවෙක් අහලා තිබුන, ජයතිලක බණ්ඩාර, අජිත් වගේ අය කරමින් ඉන්නෙ පේ‍්‍රක්‍ෂකයා හා සංගීතකරුවා අතර මේ මම යෝජනා කරන සජීවී සම්බන්දය ගොඩනැගීමම නේද කියලා. ඒත් එතකොට ඔවුන්ගෙ පැවැත්ම අර්බුදයට යාම ගැන ගැටළුව ඉස්සරහ අසරණ වීමේ යතාර්ථයට පිළියම් මොනවද කියන එක හිතන්න වෙනවා. ඒක ඇත්ත ප‍්‍රශ්නයක්. එක අතකින් අජිත් සහ විමුක්ති ගී කියන ජයතිලක බණ්ඩාර අතර මට සමානකමකට වඩා පේන්නෙ වෙනසක්. ජයතිලක බණ්ඩාර අතින් නොදැනුවත්ව සිද්ද වුණේ පේ‍්‍රක්‍ෂකයා සමග මේ සජීවී සම්බන්දය සීමා කර ගැනීමක් කියලයි මං හිතන්නෙ. තනි දේශපාලනික අදහසක් වටේ සංගීතය හැසිරවීම කැම්පේන් එකක කොටසක්.

කොයිතරං දුර්වලතා මැද වුණත් අජිත් පොදු පේ‍්‍රක්‍ෂාගාරයක් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. දේශපාලන කේන්ද්‍රයක් වටේට සංගීතය හැසිරවීම වෙනුවට අජිත් දේශපාලනය දිහා අදේශපාලනිකව බලන්න ට‍්‍රයි කරනවා. ඒත් කාලයක් තිස්සෙ සංගීත ඇසුර ඇතුලෙ අජිත් ගොඩනගා ගත්ත වාමාංශික සම්බන්ධතා වල සීමා කිරීම් හින්ද එයාට මුහුද දකින්න බැරි වෙනවා.

ලංකාවෙ මේ වමේ සීමා කිරීම් හරිම අමුතුයි. උදා විදිහට කලින් සිද්ද වුණු ඩවුන් ටවුන් පල්ස් වැඩෙන් මහා සමාජය එක්ක හොඳට වැඩ කරන්න පුළුවන් අලූත් සිංදු ගොඩක් එලියට ආවා. ඒ නිර්මාණ කතිකාව ඊට වඩා එහාට ගෙනියන්න මං යෝජනා කළා. ඒකට ඒ කාලෙ කිරුළ කරපු කිංග්ස්ලිත් එක`ග වුණා. අරමුණ තිබුනෙ ලැබුණු පුංචි අවසරයක් ඇතුලෙන් මීඩියා එකක බීම් එක අත්පත් කර ගැනීම. ඒ හරහා අපේ හ`ඩ විශාල පේ‍්‍රක්‍ෂාගාරයකට ඇහෙන්න සැලැස්සීම. ඒත් මේ අලූත් සංගීත පරපුර ඇතුලෙ මේ යෝජනාවට ලොකු විරෝධයක් ආවා. කිංග්ස්ලි සහ මහාරාජාගේ උවමනාවන් ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා. අන්තිමට සන්නස්ගල පවා මේ අයට කතා කරලා මේ විකිණීමට විරෝදය දැක්කුවා. වැඬේ එතනම නතර වුණා.

සන්නස්ගල මේකට විරුද්ද වුණේ ඇයි? මේ සංවෘත සංවාදය විවෘත වීම වළක්වමින් ඒ වටේම ඉන්න සහ ඒ වේදිකාවට අයිතිය කියා ගන්න මුදලාලිලා කීප දෙනෙක් අතින් මේ ගේට්ටු පාලනය වෙනවා. කන්‍යා භාවය ප‍්‍රශ්න කර කර මේ ළමිස්සියන්ව ගේ ඇතුළෙ හිර කරනවා. විකල්ප ධාරාව කියන්නෙම සීමාවක්. විකල්පය විදිහට ලේබල් වෙනවා වෙනුවට අපි කරන්න  ඕන ප‍්‍රධාන ධාරාව ඇතුළට කඩා පනින එක. සන්නස්ගල ගැන කතාව ඇදුන හින්දම මේ ලාංකේය වාමවාදය පැහැදිලි කරන්න තවත් උදාහරණයක් එතනින්ම ගන්නං. 

මෑතක පත්තරේක සන්නස්ගල එයාගෙ පිරිමි ගොඩයි මං විතරයි පොත ගැන කතා කරනවා. එතනදි එයා කියනවා ඒ පොත කිසිම පත්තරේක පළ වුනේ නෑ, එයාගෙ තවත් රාහුල හාමුදුරුවන්ගෙ ලව් එකක් ගැන කතාවක් කිසි පත්තරේකින් ගත්තෙ නෑ, මේ මීඩියා හරිම සීමිතයි වගේ කතා ගොඩක්. ඒත් ඊට කලින් මං පිරිමි ගොඩයි මං විතරයි මේ රන්දිවෙන්ම කියෙව්වා. රාහුලගේ කතාවත් මේ පත්තරේම කොටස් වශයෙන් පළවුනා මට මතකයි. ඒත් සන්නාට මේක අමතක වෙන්නෙ ඇයි? මීඩියා වල එයාගෙ නවකතාව කොටස් වශයෙන් විකිණුනේ නෑ කියන්න  ඕන වෙන්නෙ ඇයි? මේක බොළඳ රැඩිකල් වීමේ උවමනාවක්. ඒ සීමිත බවෙන් එළියෙදි මේ රැඩිකල් වටිනාකම් ඇකිලෙන්න ගන්නවා (රැඩිකල් දූපත් මනස). අනිත් පැත්තට මේ තමන් මීඩියා වලට එලියෙන් පවතින මාර විකල්පයක් වීමේ ලාංකේය වමේ ෆන් එක. 

අපි අපේ කටුව කඩා ගන්න එක ඇතුලෙ ගොඩක් උත්තර තියෙනවා කියලයි මං හිතන්නෙ. අපේ කන්‍යාභාවය පාදඩයෙකුගෙ අතින් කෙළෙසෙන්න  ඕන. සාන්තුවරිය දක්වා පාර වැටිලා තියෙන්නෙ ගණිකා මඩමක් හරහා වීම ගැන පසුතැවිලි වෙලා වැඩක් නෑ. මීඩියා පාවිච්චි කරන්නම  ඕන. ඒක හරියට දෙමළ ජාතික සංධානය පළාත් සභා පාවිච්චි කරනවා වගේ වැඩක්. මීඩියා වලට පාවිච්චි වෙනවා වෙනුවට මීඩියා තමන් වෙනුවෙන් පාවිච්චි කරන තරමේ දැනුමක් සහ සන්නද්දභාවයක් ආර්ටිස්ට් කෙනෙකුට තියෙන්න  ඕන. උදේට ටීවී එකට ගොඩවෙන කේන්දරකාරයො, බියුටි කල්චර් කට්ටිය කරන තරමෙ දෙයක් වත් කරගන්න මීඩියා දැනුමක් නැති පිරිසකගෙන් ආර්ට් එකක ඊළ`ග හැරවුමක් බලාපොරොත්තු වෙන එකම විහිළුවක්.

මගේ අදහස නිෂ්පාදනය සහ ඒ ආශ‍්‍රිත සියලූම මෙවලම් වඩා සාර්ථකව තමන්ගේ අදහස වෙනුවෙන් පාවිච්චියට ගන්න  ඕන කියන එක. මෝඩයන් සහ තක්කඩියන් අතින් පාලනය වෙන ආර්තිකය ඇතුලට අපේ ආර්ට් අරගෙන යන්න  ඕන. මේ වෙලාවෙ අපිට  ඕන තව අවුරුදු සීයකින් මහා කලාකරුවො කියල ඇගයුම් ලබන පිරිසක් නෙමෙයි. ඒ වෙනුවට තමන් පවතින වටපිටාවෙ සෙමියොටික්ස් තේරුම් ගත්ත, ඒ සමාජය හරහා පරාරෝපණය වෙනුවට පරිණාමය තෝරා ගත්, අලූත් සිතීමක් සහිත සංස්කෘතික නිෂ්පාදකයින් පිරිසක්. ඒත් අපිට හැමදාම මුණගැහෙන්නෙ දූෂණය වෙයි කියලා හැන්දෑවෙ එළියට නොබහින,  කොන්වෙලා ඉන්න ලැජ්ජාශීලී ළමිස්සියො ටිකක්. ඒ ගොල්ලො කියන්නෙ ගම්පෙරළියෙ නන්දා වගේ කතන්දර.

පියල් ලියුම කියෙව්වද ඇහුවම, නෑ විසි කළා කියනවා. කොහෙටද ඇහුවම, අල්මාරිය අස්සට කියනවා.
‘මචං, බලං ඉඳලා හරියන්නෙ නෑ. මහින්දටවත් එකතු වෙලා වැඩක් කරන්නයි වෙන්නෙ’
මේ දවස්වල මට මුණගැහෙන මගේ යාලූවො ගොඩක් මේ කතාව එක එක විදි වලින් කියනවා. මේ ප‍්‍රශ්නෙ ඇතුලෙ එක පැහැදිලි ඇත්තක් තියෙනවා. ඒ තමයි ආණ්ඩව විසින් පාලනය කරන ධාර වලින් එලියෙ ඉපැයුම් මාර්ග (නිෂ්පාදන) සියල්ල අහෝසියි කියන එක. අනිත් පැත්තෙන් අපිට ඉතුරු වෙලා ඉන්නෙ රාජ්‍ය කලාකරුවො පිරිසක් විතරයි කියන එක. වැඩි පොලියට ණයට ගන්න සල්ලි වුණත් ආණ්ඩුවෙන් බෙදන්නෙ ආණ්ඩුවට හිතවත් ආර්ට් වලට. 

 මං ඒ හැමෝටම කියන්නෙ, ‘අනිවා, ඒක තමයි කරන්න  ඕනි’ කියල. ඒක මං කියන්නෙ ඇත්තටම. හේතුව මහින්දයි අපියි දෙන්නෙක් කියලා හිතාගෙන ඉන්න කල් අපි ඉන්නෙ අවුලක. ඒ වෙනුවට මහින්ද කියන්නෙ අපිම තමයි කියන පිළිගැනීම ඇත්ත වෙනසකට හොඳ පදනමක් ගේනවා. උදා විදිහට පුද්ගලික සම්බන්ධතා වලින් එලියෙන් පුරවැසි සම්බන්ධතා කියලා දෙයක් නොදැනීම මං හිතන්නෙ ආන්ඩුවටයි අපියි හිටගන්න එක පොදු කොටුවක්. තමන් කේන්ද්‍ර කරගත්තු රටක් ලෝකයක් ගැන මිස රටක් ලෝකයක් ඇතුළෙ තමන් කියන සිතීම ලාංකේය මනසෙ නෑ. (ළමාකම)

මෑතක රාජිතගේ ආදර වස්තුව ගැන රාවයෙ විචාරයක් ලියන හෙන්රි වර්ණකුල මෙහෙම කියනවා. යුරේකා යුරේකා, ආදර වස්තුවෙ තියෙන්නෙ ධම්ම දිසානායකගෙ කතාව. මං අන්දොස් වුණා. මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියෙ හෙන්රි වර්ණකුල කියන්නෙ ටිකක්වත් පැසුණු මිනිහෙක් කියලා. ඒත් එකපාරටම එයා බකමූනා වීදි බසියි බලලා ආන්ඩුවට මාර කනේ පාරක් කියලා පිනා ගිය ජනතාව වගේම වෙනවා. 

තමන්ගෙ යාලූවෙක් වුණු ධම්ම ගැන රාජිත ආදර වස්තුව කළා නං මට හිතෙන්නෙ ඒක පීචං වැඩක්. එහෙම සීමිත දේශපාලන දෘෂ්ටියකින් තමන්ගෙ අසල්වැසියා විවේචනය කරනවා වෙනුවට ඊට වඩා ගැඹුරු ජීවිත අවලෝකනයකට නොයනවා නං රාජිතගේ උත්සාහය පුස් වෙඩිල්ලටත් අන්තයි. කොහොමටත් ආදර වස්තුව මට පැතළි නාට්ටියක්. ඒත් ඒකෙ ශ්‍යාම් කරපු ඔය ධම්මගේ කියන චරිතෙ විතරයි ටිකක් වත් ලේ මස් ඇතුව නිර්මාණය වෙලා තිබුණෙ. පේ‍්‍රක්‍ෂකයා බැඳෙන්නෙ ඒ ජීවිතය වටේ විතරයි. කාඞ්බෝඞ් ශිෂ්‍ය සංගම් නායකයාවත්, මොට්ට මීඩියා අධිපතියාවත්, කිසිම තේරුමක් නැති පරණ පෙම්වතියගේ චරිතයවත් ඒ නාට්ටියට කිසිම හුස්මක් එකතු කරන්නෙ නෑ. ඒ හරහා රාජිත කියන්න හදන්නෙ ජීවිතය එහි සියලූ පාපයන් වේදනාවන් හා පරිතාපයන් සහිතව විඳින එකම චරිතය මේ විශ්ව විද්‍යාල ආචාර්යවරයා කියන එක නම් ආදර වස්තුව මට ආයිමත් බලන්න වෙනවා. ඒත් හෙන්රි මෙතනදි පිනා යන්නෙ මේ විශ්ව විද්‍යාල ආචාර්යවරයා කවුද කියලා එයා හොයා ගත්තා කියන ආනන්දයෙන්. මට හිතුණෙ, ඉතිං අපිට ලපංද?

මහින්ද සහ අපි යනුවෙන් දෙකොටසක් නෑ කියලත්, අපි කියන්නෙමත් මහින්දගෙ එක කොන්දේසියක් කියලත් මං හිතන්නෙ මේ වගේ තව ගොඩක් දේවල් එක්ක. මේ වෙනකොට අපේ තේරුම් ගැනීම සහ රස විඳීම කියන සීමාවන් මහින්ද චින්තනය තරමටම පටු වෙලා නැද්ද? අපි ලියන කියන කියවන දේවල් කොයිතරමක සීමිත පරාසයක සහ ඇගයුම් පද්දතියක් ඇතුලෙ හැසිරෙන දේවල්ද? හෙන්රි වර්ණකුල තමන්ගෙ මිත‍්‍රයා සමච්චලයට ලක් කිරීම නාට්ටියේ අර්තය විදිහට ධනාත්මකව අරගෙන ලියන විචාරය මේකට එක උදාහරණයක්. මහින්දට ප‍්‍රතිවිරුද්දව කියලත් අපි නැවත නිර්මාණය කරන්නෙ මහින්දවමයි. පිට්ටනිය වෙනස් කිරීමේ අවංක උත්සාහයකට අපිට අත පොවන්න පුළුවන් වෙන්නෙ මේ චින්තනයේ සීමාවන් අපිටත් නොදැනීම අපිව ආක‍්‍රමණය කරන විත්තිය තේරුම් ගැනීම ඇතුලෙ විතරයි.

උදා විදිහට මේ වෙද්දි ටීවී එකේ අපි දකින වෙළඳ දැන්වීම් දිහා බලාගෙන හිටියොත් අපිට සමස්ත ආර්තික රටාවම මරාකරණය වීමේ (සීමිත වීමේ) අර්බුදය හොඳටම තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ ප්‍රොඩක්ට් එකට (බ‍්‍රෑන්ඞ් එකට) අදාල සංස්කෘතියක්, ජීවිතයක් නිර්මාණය කරන්න අඩු ගානෙ උත්සාහ කරන එකයි මෙච්චර කාලයක් අපි ප‍්‍රචාරණය ඇතුලෙ දැක්කෙ. ඒ ඒ දැන්වීම් ඇතුලෙ ඒ ඒ නිෂ්පාදනයට අදාල ලෝකයක් නිර්මාණය කරනවා. නිකංම බඩුවක් ගන්නවා වෙනුවට සංස්කෘතියක් පරිභෝජනය කරනවා කියන හැ`ගීම පාරිභෝගිකයන්ට දෙනවා. කොකා කෝලා මේකට හොඳම උදාහරණයක්. 

ඒත් මේ වෙද්දි බ‍්‍රෑන්ඞ්ස් (සන්නා) කියලා දෙයක් නෑ. පිටකොටුවෙ පේමන්ට් එකේ ලාබයි ලාබයි කියනවට එහා දෙයක් ඇඞ්වර්ටයිසින් වලින් කරන්නෙ නෑ. හේතුව අනාගතයක් ගැන හිතලා ශක්තිමත්ව එහෙම සංස්කෘතියක් ගොඩනැගීමේ වෙළඳ උවමනාව අහෝසියි. අද කීයක් හරි අඩු කරලා තොගේ විකුණගන්නවට එහා වෙළඳාමක් ගැන බලාපොරොත්තු මහා පරිමාණ නිෂ්පාදකයින් පවා අත් ඇරලා. ටීවී එකේ පෙන්නන බැංකු දැන්වීම් ටික ගත්තොත් රුපියල් දහදාහක් දැම්මොත් ඇතුල් වෙන සිතූ පැතූ සම්පත් දෙන මහා තෑගි තරගයක් ගැනයි හැම බැංකුවක්ම කියන්නෙ. අනිත් බැංකුවට වඩා වෙනස්ව තමන්ගේ පාරිභෝගිකයන් එක්ක සම්බන්ද වීම වෙනුවට එකම පාරිභෝගික පිරිසක් බෙදා ගන්න මේ හැමෝම පොරකනවා.
රේඩියෝ චැනල් ටික ගත්තොත් ඔක්කොම කියන්නෙ එකම කතාව. ඇහුවොත් සල්ලි, එක්කෙනෙක් කියනවා. ඇහුවොත් සල්ලිම තමයි, ඊළ`ග එක්කෙනා කියනවා. ඇහුවොත් සල්ලි සල්ලි, තව එක්කෙනෙක් කියනවා. වෙනස් වෙන්න කාටවත් තවදුරටත්  ඕන නෑ. හැමෝම එකයි.

මේ වෙද්දි අපේ සුපිරි වෙළඳ සැල් ස්වයං නිෂ්පාදන අලෙවි සැල් දක්වා පුංචි වෙමින් යනවා. තව දුරටත් කාර්ගිල්ස්, කීල්ස් වලින් අති විශාල පරිමාණයක තෝරා ගැනීම් කරන්න ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට තොග ලාබෙට අරගෙන තමන්ගේ නමින් පැක් කිරීමේ ස්වයං තේ කුඩු බිස්නස් කලාව දක්වා සුපර් මාර්කට් පහුබැහැලා. තෝරා ගැනීම ලාබයි. සීමිතයි. 

මේ විදිහෙ ලාබ බාල වෙළඳ සංස්කෘතියක් සහ දෙමළු මරා දැමීමේ ගිල්ටිය වහ ගන්නා අපේකමක් ඇතුළෙ ඇති දැඩි වෙන ප‍්‍රජාවක් තමයි අපිට එළියට බැස්සම මුණගැහෙන්නෙ. මේ සමාජයට සාපේක්‍ෂ සිතීමක් තමයි අපිට උරුම වෙන්නෙ. බුදුන්ගෙ වුණත් සිතීම ඒ කාලෙ සමාජයට සාපේක්‍ෂ වෙනවා.


මරාකරණය කියලා මං දකින්නෙ මේ අර්බුදය. මහින්ද රාජපක්ෂ කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. තත්වයක්. ඒක සමග වීම හෝ එහි අනිකා වීම කියන්නෙ එකම දෙයක්. වෙනස් දේ වෙන්නෙ මේ තත්වයේ කොන්දේසි වෙනස් කරන්න දායක වීම කියලයි මං හිතන්නෙ. ඒත් අපි නොදැනුවත්වම වුණත් කරමින් ඉන්නෙ මහින්දට එරෙහිව රනිල් කියන (රනිල් කියන්නෙ මහින්ද කියන තත්වය වෙනස් කරන අදහසක් නෙමෙයි. ඒ තත්වයේම පැවැත්මෙ කොන්දේසියක්) තර්කනයම අනිත් හැම ක්‍ෂෙත‍්‍රයකත් පවත්වාගෙන යන එක. අපිට වෙනස් අදහසක් නෑ. ඒකට හේතුවම වෙන්නෙ මහින්ද කියන තත්වය තේරුම් ගැනීම මග අරින එක වෙන්න පුළුවන්. මහින්ද තත්වය හරහා සංතර්පනය වෙන සමාජ සංස්කෘතික උවමනා සහ ගතිකයන් ගැන මැදිහත් තේරුම් ගැනීමක් නැතුව ආන්ඩුවෙ වැඩකට සම්බන්ද නොවීමෙන් පමණක් තමන් විකල්පය කියා හිතාගැනීම ඇත්තටම මෝඩකමක්.


ඒ වෙනුවට මේ තත්වයේ කොටස්කරුවෙක් විදිහට තමන්ගෙ පැවැත්ම තේරුම් අරගෙන තමන්ගේ පැවැත්මේ කොන්දේසි වෙනස් කිරීම හරහා දේශපාලන වෙනසකට උත්සාහ කරන එක ප‍්‍රායෝගිකයි. ඒක අමාරුයි. ආපහු නොඑන අය ගොඩක් එතන නතර වෙයි. ඒත් ඒ හැම උත්සාහයක්ම මේ ගමන් දිශාව අංශකයකින් හෝ වෙනස් කරාවි.

-චින්තන ධර්මදාස

3 comments:

  1. අපේ රටේ දැන්වීම් කලාව කියන්නේ ඉරිදා පොලේ බඩු විකුණනවා වගේ දෙයක් වෙලා දන්න කාලේ ඉඳලාම. මම එංගලන්තයේ මාධ්‍ය තුල දැන්වීම් කලාව භාවිතාකරන අපූරුව (මුද්‍රිත මාධ්‍ය තුල පවා ) දැකලා තියෙනවා. නිර්මානශීලි මිනිස්සු නැද්ද....එහෙම නැත්නම් ව්‍යාපාරිකයා ඉල්ලන දේ කරලා ඉන්න වෙලාද...කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඔය මට පේන දේ. මගේ ඥාතියෙක් හිටියා ඔය ෆීල්ඩ් එකේ වානිජ සහ ක්‍රියේටිව් පැති දෙකම දන්න ඉතාම ඉහලයෙක්. එයා කියනවා මේක උඩු යටිකුරු කරන්න වෙයිලු නිර්මාන කරුවාට හරි දෙයක් කරන්න නම්. ගොබ්බ මානසිකත්වයෙන් මුදවන්න අමාරුයි. මරාකරණය වගේම තමයි.

    අජිත් ගීතය තුලින් සමාජයට එකතු වෙන්න හදපු විදිහට මගේ කැමැත්තක් තිබුනා මීට අවුරුදු 5-6 කට ඉඳන් සිටම අන්තර්ජාලයේ දැකලා. ඩවුන්ටවුන් පල්ස් මහල්වරාව වැනි දේවල් තුලින් අජිත්ලා කරනදේ සමාජය තුලට ගමන් කරනවාද (අඩුම වශයෙන් ඔළු ගෙඩි ගණනින් වත් )?

    සන්නස්ගලගේ ලිපිය මම කියෙව්වා. මම හිතපු දේ නෙමෙයි දැන් පෙනෙන්නේ.

    ඔබේ ලිපිය කියවා තේරුම් ගතිමි.

    ReplyDelete
  2. දෙමළු මරා දැමීමේ ගිල්ටිය??
    කාටද එහෙම ගිල්ටියක් තියෙන්නෙ දෙමලු මරාදැමීමේ උද්දාමයක් මිස? සමහර විට වැලිවේරියේ ප්‍රහාරයට ලක්වුන මිනිස්සුන්ට නම් ඔය කියන ගිල්ටිය දැනුනා වෙන්න පුලුවන්. පත්තර වලට එහෙම කියලා තිබුනා.

    වම ඔහු එක්ක රස්තියාදු ගහන එකනම් ඇත්ත තමයි ඒ වුනත්, මට තේරෙන්නෙ නැහැ ලාංකීය වම ගැන පැහැදිලි කරන එකට සන්නස්ගල සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා.

    - Dimithri

    ReplyDelete
  3. හෙන් රි කියන්නේම අන්ත පසුගාමි මෝඩයෙක්. ඌ කලාකාරයෙක්, විචාරකයෙක් කියලා සලකන අයට කියන්න තියෙන්නේ දීප්ති ලා ක්ෂුද්‍ර දේශපාලනය ගැන සමාජ ගත කළ දේ තාමත් හරි කියලයි.ල්

    ReplyDelete