මාත්තෙක්ක කාලයක් වැඩ කරපු අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා ලොකු වෙලා වෙන තැනකට යනවා. නිකංම එකට රස්සාවක් කරපු එකෙක් වෙන් වෙලා යනවට වඩා ගොඩක් අමාරුයි එකට හිතපු එකෙක් වෙන් වෙලා යනකොට. එහෙම එක දිශාවක් දිගේ එක දිගට හිතන්න, අනෙකා හිතන අදහසේ පය තියලා ඊළ`ග පිම්ම පනින්න, ඒ සිතුවිල්ලෙන් එකම රූපය දකින්න, මේ විදිහෙ සම්බන්දතාවක් ගොඩනගා ගන්න ලොකු කාලයක් ගත වෙනවා. අතක් පයක් කඩලා දැම්මට වඩා අමාරුයි එකට හිතන සගයා අහිමි වෙන එක. ඌ යන එක ගැන කවියක් ලිව්වා.
විස්සෙ කණුව ළං වෙනකොට
දේවාලේ හම්බ වුණා
ගලෙන් නෙළපු දෙවි පිළිමේ
පටෝ.... ර් ගාලා හිසා වැදුනා
තරු පෙණුනා හඳ පෙණුනා
හිත් තුටිනා හිනාවුණා
ඇස් ඇරුණා ඇස් වැහුණා
තුන් වසරක් නිමා වුණා
කාරණාව ඉස්ට කරන තව දෙවොලක හ`ඩ ඇසේ
පමා නොවී යන්ට එපැයි වන්දනාව දිග නැතේ
මල්පැන් ඉස සුවඳ ධූප දොහොත් මුදුන් දී හිතේ
යන්ට අවසරයි එහෙනං මෙහෙම ප`ඩුරු දා කැටේ
හැම වෙන්වීමක්ම කියන්නෙ අලූත් මුණගැහීමක්. ඒ අතින් මුණගැහීමකට වඩා ඇත්තටම වෙන්වීමක් බලාපොරොත්තු සහගතයි. මට හිතෙන්නෙ කොයි විදිහක වුණත් වෙන්වීමක් හැමතිස්සෙම ප‍්‍රතිඵලදායකයි. ඒ හුදකලා වෙන පුංචි ඇසිල්ලෙ අපි හැම දෙයක් ගැනම සවිඥාණක වෙන හින්ද. ඒ අවිනිශ්චිත බව අපිව ආයිමත් ඇහැරවන හින්ද.
ලංකාවෙ සිනමාවට මේ මොහොතෙ වැදගත්ම වැඩ කොටසක් කරමින් ඉන්නෙ කවුද කියල ඇහුවොත් මං කියන්නෙ වෙබ් එකේ බයිස්කෝප්, සූම්.එල්කේ වගේ එවුන් කියල. කිසිම මූල්‍යමය ප‍්‍රතිලාභයක් නැතුව බෙදාහදා ගැනීමේ ත‍්‍රිලටම මේ වෙන මහන්සිය ඇත්තටම අගය කරන්න ඕන. මේක සුළුපටු වැඩක් නෙමෙයි.
අයිඑම්ඞීබී රේටින් වල හොඳ අගයක් අරන් තියෙන චිත‍්‍රපටි තෝ්රගෙන ඒවායේ ඉංග‍්‍රීසි උපසිරැුසි නිවැරදි සිංහලට දාලා නෙට් එකට අප්ලෝඞ් කරනවා කියන්නෙ කලින් පරම්පරාවෙ නම් ‘අපිට තියෙන ලාබෙ මොකක්ද?’ කියන ප‍්‍රශ්නෙන්ම කෙලවර වෙන උත්සාහයක්. ඉංග‍්‍රීසි නොවන වෙන භාෂාවල ෆිල්ම් පවා ගූගල් ට‍්‍රාන්ස්ලේටර් සහ තවත් නොයෙක් ප‍්‍රයෝග වලින් කොහොම හරි නිවැරදි තේරුම හොයාගෙන උන් සිංහලට දානවා. ක්ලවුඞ් ඇට්ලස් වගේ සංකීර්ණ චිත‍්‍රපටියක උපසිරැුසි පවා සිංහලට පරිවර්තනය කරලා තිබුණ හැටි දැකලා මං ගල් වුණා.
මේක පොඩි වැඩක් නෙමෙයි කිව්වෙ මේ උපසිරැුසි නෙට් එකේ විතරක් නෙමෙයි ලංකාව වටේම චිත‍්‍රපටි බෙදෙන ජාලයකට සම්බන්ධ වෙන හින්ද. මේ සයිට් වලින් තොග පිටින් ඩවුන්ලෝඞ් වෙන ෆිල්ම් රට වටේම පොඩි පොඩි වීඩියෝ කඩ වලට යනවා. ෆිල්ම් එකේ හැඳින්වීම ගැන ලියලා තියෙන සරල විස්තරයම පස්සෙ පිටට අලවලා හොඳටම සිංහලෙන් රස විඳින්න පුළුවන් කිට්ටුකමක් හදනවා. ඒත් මේ හුවමාරු වෙන්නෙ ඇත්තටම ඒ අවුරුද්දෙ ලෝකෙ නිෂ්පාදනය වුණු හොඳම චිත‍්‍රපටි. අන්තිමට කොහොම හරි අපි එක සිනමා භාෂාවක පොඞ්ඩක් දුරින් හරි සම්බන්ද වෙනවා.
මේක වැඩමුළු සම්මන්ත‍්‍රණ දාලා කරන්න පුළුවන් වුණු වැඩක් නෙමෙයි. ගමෙන් ගමට ගිහින් සිනමාව උගන්නලා කරන්න පුළුවන් වුණු දේකුත් නෙමෙයි. (අපි හැමදාම වෙන වෙන න්‍යාය පත‍්‍ර ඇතුලෙ මේ බොරුව පවත්වාගෙන ආවා) ඒත් දැන් තමන්ගෙ ත‍්‍රිලට කැමති චිත‍්‍රපටිය සිංහලට දාපු කොල්ලො ටිකක් අතින් මේක සිද්ද වෙමින් තියෙනවා. අඩුම තරමෙ අඳුරගත්තෙවත් නැති කලාපයක. එකම දේ තමන් රස විඳින දේ අනිත් උන් එක්කත් බෙදා ගැනීමේ ෆන් එක. ඒක හු`ගක් මෑතක ලංකාවෙ සමාජය තේරුම් ගත්ත (තාමත් කීපදෙනෙක් විතරක්) ආස්වාදයක්.
උදාර අබේසුන්දරගෙ පළවෙනි ෆිල්ම් එක තරංගනී එකේ පෙන්නුවා. මාත් ඒකට ගියා. ෆිල්ම් එක ප්‍රොඩියුස් කරලා තිබුනෙ (විධායක නිෂ්පාදනය) රේණුකා බාලසූරිය. උදාරගෙයි රේණුකාගෙයි මොකක් හරි ළ`ග ඥාති සම්බන්ධයකුත් තියෙනවා මං හිතන්නෙ. හෙවනැලි වගේ ඊළ`ග පරපුරේ ෆිල්ම් එකක් නිෂ්පාදනයට රේණුකා සම්බන්ධ වෙන එකම මට ලොකු සතුටක්. මහින්ද චින්තන සිනමාව කරට අරන් ඉන්න ඒ අයගෙම ඊළ`ග පරපුරත් ලංකාවේ ඇති වෙමින් යන නව සිනමා රැුල්ලෙ කොටස්කරුවො කියන්නෙ මේ අද තියෙන සිනමාවෙ ප‍්‍රධාන ධාරාව ඉක්මණින් කෙලවර වෙන එක අනිවාර්යක්.
හෙවනැලි කියන්නෙ මේ නව ලාංකේය සිනමා ධාරවෙ එක දිශාවක ආරම්භයක්. ඇත්තටම මාත් ඇතුළු මෙතෙක් සියලූ ලාංකේය සිනමාකරුවො කළ සහ කරමින් ඉන්න සිනමාව දාර්ශනීකරනය කරන අවුල නවතීවි කියන එකට සුබ ලකුණක්. මං හෙවනැලි වලට කැමති පළවෙනි දේ ඒකෙ තියෙන අදේශපාලනික සිනමා පිහිටීම.
උදාර කියන්නෙ හොල්මන් කතාවක්. ඒත් ටයිට්ල් ට‍්‍රැක් එකේ ඉඳන්ම අපි ලෑස්ති වෙනවා වෙනස් කතාවකට. ෆිල්ම් එක පටන් ගත්තට පස්සෙ ටිකක් අමුතු මන්දගාමී ර`ගපෑම් වලට ටිකක් මළ පනිනවා. ඒත් උදාර එක තැනකින් මුලූ ෆිල්ම් එකම කරකවලා අනිත් පැත්ත ගහනවා. ඒක හරිම සිනමැටික් ට්විස්ට් එකක්. මෙච්චර වෙලා අපි දුර්වලතා හෝ අස්වාභාවිකතා විදිහට දැකපු හැම දෙයක්ම එතනින් එහාට සාධාරණීකරණය වෙනවා. පළවෙනි වතාවට වෘත්තාන්ත සිනමාව හසුරුවන කෙනෙක් විදිහට උදාරගේ මේ ට‍්‍රයි එක මාව පුදුම කළා.
අපේ යක් තොවිල් ඇතුළට ග‍්‍රැෆික් අරගෙන ගිහින් තිබුණු විදිහත් පට්ට. ලේසියෙන්ම මේ ඇනිමේෂන් අපෙන් පිට කොහෙන් හරි කොපි කරපු කෑලි ටිකක් වෙන්න ඉඩ තියෙද්දි අපේ කන්ටෙක්ස්ට් එකක් ඇතුලෙ මේ ත‍්‍රීඞී වැඩ කරලා තිබ්බ විදිහ ගොඩක් කි‍්‍රයේටිව්. හෙවනැලි ෆිල්ම් එකේ කොයිතරං අඩුපාඩු පෙන්නන්න පුළුවන් වුණත් මං හිතන්නෙ උදාර එයාගෙ ෆිල්ම් කන්සෙප්ට් එකෙන්ම සීයට අනූවක් ගොඩදාගන්නවා.
නිරෝෂා පෙරේරා වැම්පයර් ෆිල්ම් එකකට මරු කියල මට මුලින්ම කිව්වෙ චන්දන (මගේ යාලූවෙක්). ඒක ඇත්තටම එහෙමයි කියල මට හොඳටම පෙණුනෙ හෙවනැලි චිත‍්‍රපටියෙ ර`ගපෑම් දකිනකොට. මේ කියන්නෙ නිරෝෂාගේ රංගනය හොඳයි කියල නෙමෙයි. ඒත් ඒ හොරර් ෆිල්ම් එකකට හරියන මූන මං හිතන්නෙ ලංකාවෙ හොයාගන්න හු`ගක් අමාරුයි (යකා වැහෙන නංගියා වගේ එකක් නෙමෙයි) නිරෝෂා ඒකට හොඳම තෝරා ගැනීමක්.
කැමරාව, සංගීතය, සංස්කරණය, රචනය සහ අධ්‍යක්‍ෂණය වගේ කාරණා ගොඩක් පැත්තෙන් හෙවනැලි ෆිල්ම් එක ගොඩක් කට්ටියකගේ පලවෙනි චිත‍්‍රපටිය. ඒත් ඒ පළවෙනි වැඬේ ෆිල්ම් එකක් විදිහටම ලංකාවෙ එක හැරවුමක්.
මේ කියන්නෙ හෙවනැලි වල අඩුපාඩු නෑ කියල නෙමෙයි. ෆිල්ම් එකේ මට යෝජනා කරන්න පුළුවන් වෙනස්කම් කීපයක් තිබුණ. විශේෂයෙන්ම මනුස්ස සම්බන්ධතා වල ගැඹුරක් දනවන්න උදාරට බැරි වෙලා තියෙනවා. හොඳටම ඇතුලට කපන්න පුළුවන් විදිහෙ අවිචාරවත් සම්බන්ධයක් දිගේ කතාවට ඇවිල්ලත් උදාර අතින් ඒ මිනිස් හැ`ගීම් වල කතාව ගොඩනැගෙන්නෙ නෑ. ඒ නිසාම මළවුන්ගෙ බැඳීමත් ඒ තරම් හයියට දැනෙන්නෙ නෑ. හරිම සරල තුනී සම්බන්ධයකින් ගැටගැහුවත් කතාවෙ තියෙන ආකර්ශනීය බව සහ රූපයේ තියෙන විචිත‍්‍රත්වයත් එක්ක අපි ෆිල්ම් එකට ඇළෙනවා. අනිවාර්යෙන්ම මේක හොඳට දුවන චිත‍්‍රපටියක්. පොඩි වපසරියක, පොඩි කතාවක් ඇතුලෙ, චරිත කීපයක් එක්ක නමුත් හොල්මන් වෙන ට්විස්ට් එකක් එක්ක උදාර ඕඩියන්ස් එකට ඕන කරන එන්ටර්ටේන්මන්ට් එක දෙනවා. ඒ අතරෙම කතා තේමාවෙන්, සිනමා භාෂාවෙන්, ඒ ඔක්කොමටම වඩා ඒ සිනමාවෙන් පිළිඹිඹු කරන සංස්කෘතියෙන් එයා සිනමාවෙ සිතියම වෙනස් කරනවා. හෙවනැලි කියන්නෙ අත්තම්මා හෝ මලී ලොකු තිරයේ පෙන්නනවා වගේ වැඩක් නෙමෙයි.
තිරෙන් එලියට බලනවා වෙනුවට ආයිමත් තිරෙන් ඇතුලට බැලූවොත්, මුලින්ම මේ වගේ වැඩක් කරන්න බය නැති වෙන්න ඕන. මොකක් හරි රටකින් සම්මානයක් අරන් ගොඩයනවා වගේ දුප්පත් මනසකින් කවදාවත් මේ වගේ නිර්මාණයක් සිද්ද වෙන්නෙ නෑ. ෆිල්ම් එක ඇතුලෙන් මගේ දර්ශනය, බුද්ධිය පේනවද කියල නලියන හීනමානය හීන වෙන්නත් ඕන. තමන් කැමති දේ තමන්ගෙ විදිහට දකින්න පුළුවන් විවෘතකමක් ඉතුරු වෙලා තියෙන එකත් වැදගත්. ලංකාවෙ අපි ගොඩක් අයට තමන්ගෙ රසය අපැහැදිලියි. කාගෙ හරි රසයකට එක`ගවීමක් තමයි සිද්ද වෙලා තියෙන්නෙ. මේක චිත‍්‍රපටි හදන අයටත් පොදුයි. තමන් හදන්න කැමති චිත‍්‍රපටිය මොකක්ද කියන එක තීරණය කරන්නෙ ඒ කාලෙ වඩාත්ම පිළිගැනීමක් තියෙන සිනමාව අනුව. මං කියන්නෙ මේ විදිහට බලද්දි හෙවනැලි වෙනස් සිනමා සංස්කෘතියක් යෝජනා කරනවා. ෆිල්ම් එකට පිටින් තියෙන සාධක වෙනුවට (සම්මාන උළෙල, මහින්දට පිළිගැන්වීම) තිරය උඩ, සිනමාව ඇතුලෙ හැමදෙයක්ම කතා කරනවා. ඒක හරි අවංකයි. කෙලින්.
උදාර කරන්න හදන්නෙ මරණය පැත්තෙ ඉඳන් ජීවිතය දිහා බැලීමක්. ඒත් ගොඩක් දුර යනකල් අපි ජීවිතය කියලා බලන් ඉන්නෙ මරණය දිහා. ඊට පස්සෙ මරණය කියලා අපි බලන් ඉන්නෙ ජීවිතය දිහා. මළවුන් මැරෙනවට අපි බය වෙනවා. ජීවත් වෙන උන් මළවුන් වගේ පේනවා. මේ කතාව ගොඩක් ගැඹුරුයි. ඒ වගේම නාගරික රාත‍්‍රීන් ඇතුලෙ එයා ගොඩනගන සම්බන්ධතා දික්වෙන්න පුළුවන් දුරත් අනන්තයි. මට තියෙන අවුල උදාර හොඳට එළාගත්ත පැදුරෙ අතපය දිග ඇරලා දපලා නැති එක.
ඒත් ෆිල්ම් එක ඉවර වුණාම සිනමා අත්දැකීමක තෘප්තිමත් බව දැනෙනවා. තර්ක විතර්ක වෙනුවට විඳි නොවිඳි දේවල් ගැනයි කතා බහ ඇති වෙන්නෙ. ඒ පිටපතේ වියමන හු`ගක් දියුණුයි. ප‍්‍රහේලිකාවක් වගේ එකින් එක ලිහමින් හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙනවා.
ඒ හැම එකකටම වඩා අව්‍යාජ අත්දැකීමක් අව්‍යාජ විදිහට බෙදා ගත්ත එක ගැන උපරිම හැ`ගීමකින් මට ඌව බදාගන්න පුළුවන් වුණා. ‘ඇත්තටම අලූත් චිත‍්‍රපටියක්....’ මං හෝල් එකෙන් එලියට එන ගමන් ති‍්‍රල් එකේ හිතුවා.
-චින්තන ධර්මදාස
මම කමති හොල්මනට කට්ටඩියන්ව පෙන හටි , හොල්මනක් කට්ටඩියන්ට බයවෙන හටි එකෙන් බෙරිල පනලයන්න හඩන හටි හොල්මනකගෙ අහෙන් අපිට පෙන්නන හඩන විඩිහට, සන්ගීතය සහෙන්න විශිශ්ට මට්ටමක ටියනව, ගොඩක් කටව අඩුඉ එක නිස එටන සන්ගීතය ගොඩක් කත කරන්නෙ මාර්ලන් එක උපරිමෙටම කරනව කටව අඩු උනත් බලන්න හිටෙන්නෙ එකෙ අර්ට් ගොඩක් ලස්සන නිසා,
ReplyDelete