Saturday, August 30, 2014

එළ වැඩක්! කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල


ලංකාවෙ සිනමාවෙ මගේ ජීවිත කාලෙ සිද්ද වෙච්ච වැදගත්ම දේ සිද්ද වෙන්න යනවා. ඒ තමයි කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලක් පළවෙනි පාරට සංවිධානය වෙන එක. සැප්තැම්බර් 2- 7 වෙනිදා වෙනකල් මේ සිනමා උළෙල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. කිසි තේරුමක් ඇති දෙයක් කරන්නෙ නෑ කියලා මාත් විවේචනය කරමින් හටපු ලංකාවෙ සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් වැඩකට අතගහලා. මේක ලොකු පියවරක්.

මේ වෙද්දි සිනමා උළෙලවලට අත්වෙමින් යන තත්වය යතාර්ථයක් විදිහට ඒ තරම් හොඳ එකක් නෙමෙයි. වෙන විදිහකට කිව්වොත් විවෘත වෙන අනේක ඩිජිටල් මාධ්‍ය හරහා මෙතෙක් සිනමාව කියල විශ්වාස කරපු දේ වෙන තැනකට මාරු කරමින් ඉන්නවා. දැවැන්ත තිර වල ප‍්‍රක්‍ෂේපනය වුණු සිනමාව මෝබයිල් ෆෝන් තිරය දක්වා කුඩා වෙමින්, පුද්ගලික වෙමින් එනවා. සමූහ අත්දැකීමක් වුණු සිනමාව නැරඹීම පුද්ගල අත්දැකීමක් බවට නැවත නිර්මාණය වෙමින් තියෙනවා.

මේ එක ඇත්තක්. මේ ඇත්ත හරහා ලෝකෙ දැවැන්ත යැයි කියල සිනමා උළෙලවල් මේ වෙද්දි අර්බුදයකට මුහුණ දෙනවා. ඒ තමයි සිනමා උළෙලක් යනු ආර්ට් ගැලරි එකක් වගේ කෘති අළෙවියට පාවිච්චි කරන්න පුළුවන් ඉඩක් කියන තැන ඒ උළෙලවලට අහිමි වෙමින් යනවා. තවදුරටත් සිනමා කෘති බෙදාහරින්නන් සිනමා උළෙලවල් වටේ රැුස් වෙන්නෙ නෑ. ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් කියන එක වෙන මුහුණුවරකට, වෙන ගණුදෙනුවකට මාරු වෙන වෙලාවක් මේක.

ඒක හින්ද වෙළඳපොලක් විදිහට සිනමා උළෙලකට තිබ්බ වටිනාකම දියවෙන යතාර්ථයක අපි ඉන්නෙ.
ඒත් මේ තත්වෙ පොඩි සිනමා උළෙලවලට බලපාන්නෙ නෑ. හේතුව කොහොමටත් චිත‍්‍රපටි මිළට ගන්න බෙදාහරින්නො මේ පොඩි සිනමා උළෙලවලට ආවෙ නැති හින්ද. ඇත්තටම මේ විදිහෙ කුඩා සිනමා උළෙලකින් වෙන්න පුළුවන් මොනවද?

මං කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල දකින්නෙත් ඒ විදිහෙ පොඩි සිනමා උළෙලක් හැටියට.

වෙළඳ පොලක් විදිහට සිනමා උළෙලක් ඉටු කරන කාරණේට වඩා වැදගත් සහ ලොකුයි සිනමා උළෙලකින් සිද්ද වෙන දෙවෙනි කාරණය. ඒ තමයි සිනමා සංස්කෘතිය නිර්වචනය කිරීමේ කොටස. සිනමාව පිළිබඳ සංස්කෘතික අවකාශයක් විවර කිරීමේ, සාකච්ඡුාවක් ඇති කිරීමේ, සංවිධානය කිරීමේ කොටස. ගොඩක් වෙලාවට පොඩි සිනමා උළෙලවල වලින් කෙරෙන්නෙ ඒක.

ලංකාවෙ මේ වගේ වෙලාවක මේ සිනමා උළෙල පැවැත්වීම වැදගත් වෙන්නෙම ඒ හින්ද. සිනමාවෙ ලොකු බංකොලොත් වීමක් අත්දකින කාලෙක, වෙසක් නාට්ටි මිස චිත‍්‍රපටි නොකෙරෙන කාලෙක මේ විදිහෙ දැවැන්ත උත්සාහයක් හරහා ආයිමත් සිනමාවට පොඩි හරි පණක් දෙන්න පුළුවන් වෙයි.

ඊටත් වඩා සිනමාව කරන තරුණ උන්ට මේක ලොකු බලාපොරොත්තුවක් වෙයි. මේ කාරණයෙහි ලා සිනමා උළෙලකින් ගොඩක් දේවල් කෙරෙන්න පුළුවන්.

ප‍්‍රධානම දේ කලින් කිව්වා වගේ සිනමා සංස්කෘතියට යම් හැඩයක් යෝජනා කිරීම. ලංකාවෙ නම් මේ වෙලාවෙ එහෙම සංස්කෘතියක් තියෙනවා කියලා අඩුගානෙ මතක් කරලා දෙන එක.

ඒ වගේම රටක හෝ කලාපයක ස්වාධීන සිනමාකරුවන් අඳුරගන්න එකත් ඒ අයගෙ නිර්මාණ, නැත්තං හ`ඩ ඇහෙන්න ඉඩක් හදන එකත්. මේ හරහා ලංකාවෙ ඉන්දියාවෙ වගේ ළ`ග ළ`ග රටවල් අතරෙ පොඩි පොඩි ඒත් ලොකු වැඩ කරන චිත‍්‍රපටකරුවන් අතරෙ සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්. ඔවුන්ගේ නිර්මාණ වගේම වෙනත් ගොඩක් දේවල් බෙදා හදා ගන්න තැනක් හදන්නත් පුළුවන්.

අනිවාර්යෙන්ම චිත‍්‍රපටි හදන සහ හදන්න බලන් ඉන්න අයට ලොකු දැනුවත් කිරීමක් රටක සිනමා උළෙලක් හරහා සිද්ද වෙනවා. ඒක කවදාවත් ප‍්‍රධාන ධාරාවෙ සිනමාවෙන් සිද්ද වෙන දෙයක් නෙමෙයි. ඇරත් රජ කතා බණ කතා වෙසක් නාට්ටි යනු චිත‍්‍රපටි නොවේ කියල දැනුවත් වෙන එකමත් ලොකු දෙයක්. වෙනස් විදිහක සිනමාවකුත් තියෙනවා, ඒකෙත් ලකයක් තියෙනවා කියන පණිවුඩය ලංකාවෙ මෙගා නාට්ටි ජනතාවට යන්තමින් හරි ඇහෙන්න ගන්නවා.

ඒ ඇරුණම වෙනස් විදිහෙ චිත‍්‍රපටියක් හදලා පෙන්නගන්න විදිහක් නැතුව ඉන්න චිත‍්‍රපටකරුවන්ට මේ හරහා ලොකු තිරයක හොඳ  ඕඩියන්ස් එකකට තමන්ගෙ නිර්මාණ එළිදක්වන්න පුළුවන් වෙනවා. ඒක ආස්වාදනීය මොහොතක්. මං නං කියන්නෙ ලොකු පිනක්. අපි දන්න අඳුරන උන්ගෙම කොයි තරම් නිර්මාණ කොම්පියුටර් ඇතුලෙ පුස් කනවද?

සීමිත වපසරියක වුණත් යම් පමණකට චිත‍්‍රපටි බෙදා හැරීමට අවශ්‍ය සම්බන්දතා ගොඩනැංවීමක් හෝ ඒ සඳහා  ඕන කරන දැනුම බෙදා හරින්නත් මේ විදිහෙ ෆෙස්ටිවල් එකකින් මැදිහත් වීමක් සිද්ද වෙනවා.
කොච්චර කිව්වත් සැප්තැම්බරයේ පොත් ප‍්‍රදර්ශනය නොතිබුණා නම් පොත් කියවීමට අත්වෙන්න තිබ්බ ඉරණම දැන් ගොඩක් කල් ඉඳන් චිත‍්‍රපටි වලට අත්වෙලයි තිබුණෙ. සැප්තැම්බර් වල එන මේ සිනමා උළෙල හින්ද අඩු ගානෙ එක මාසයක් හරි සිනමාව රටේ මාතෘකාවක් වෙයි. ලංකාවෙ ස්වාධීන සිනමාවට උරුම වෙලා තිබ්බ අර අඳුරු හඩුගතිය ටිකක් හිප් තැනකට මාරු වෙයි.

වටිනම දේ අලූත් සිනමාකරුවන්ට මේ හින්ද එන ගට. අඩු ගානෙ ඊළ`ග කලම්බු ෆෙස්ටිවල් එකේ පෙන්නනවා කියලවත් කියන්න කතාවක් උන්ට ඉතුරු වෙනවා. ලොකු සිනමා උළෙලවල් පස්සෙ දුවලා හති වැටෙනවා වෙනුවට තමන්ට ළ`ග තමන්ගේ කෘති දැනෙන තැනකට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා.

මේක දැවැන්ත වැඩක පටන්ගැන්මක්. ලංකාවෙ සිනමාවට අලූත් බලාපොරොත්තුවක් කැඳවීම වෙනුවෙන් අශෝක හඳගම සහ ඒ සංසදයේ අධ්‍යක්‍ෂවරුන්ට අවංකයෙන්ම මගේ ප‍්‍රණාමය.

-චින්තන ධර්මදාස

ඔයා වාරියපොලද?


‘මං පොල් කඩලා තමයි ජීවත් වෙන්නෙ. මට එක දුවෙක් ඉන්නෙ. මේ වෙච්ච දේ මට සෑහෙන අපහාසයක්. මං හිතුවෙ නෑ මෙච්චර දුරට යයි කියල මේක. මගේ ගෑනියි දරුවයි මට නැත්තටම නැතුව ගියා මේ සිද්දියෙන් පස්සෙ...

තාත්තා දාලා යනකොට මට අවුරුදු හතයි. අම්මා දාලා යනකොට අවුරුදු දහ අටයි...
 ගෑනියෙක් හින්ද තමයි මං ඉවසන් හිටියෙ. නංගි මට සමාවෙන්න කියල මං සමාව ඉල්ලූවා. සමාව ඉල්ලද්දි තමයි මට ගැහුවෙ..

වෙනද මාව පොලිසියට දාගෙන යනකොට දාගෙන යන්නෙ ජීප් එකේ පිටිපස්සෙ හරි එතන බිම හරි. එත් අද මාව ජීප් එකේ මැද සීට් එකේ දාගෙන ගියා...’

වාරියපොල සිද්දියේදි ගුටිකාපු සෙල්වා පොඩි වොයිස් කට් එකක් දීලා තිබුණ. මේ කාලෙ ජාතික ප‍්‍රවෘත්තිය වුනේ මේක. හැම චැනල් එකකින්ම එලව එලවා මේ කතාවෙ කිව්ව නොකිව්ව දේවල් හොයන්න ගත්තෙ හරියට ජාතික ප‍්‍රශ්නෙකට විසඳුම් හොයනවා වගේ් උනන්දුවෙන්.

මං ඒත් හිතුවා මේ තරම් බංකොලොත්ද අපේ මාධ්‍ය කියල. බස්හෝල්ට් එකක අශිෂ්ට පිරිමියෙක් සහ අශිෂ්ට ගැහැනියක් අතරෙ කාලකණ්ණි ගණුදෙනුවකට මේ තරම් වටින කියන ගුවන් කාලය දෙන්න. මේක ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය. කොහේවත් නැති සෙල්වෙක් සහ කෙල්ලෙක් රටේ වැදගත්ම දෙන්නෙක් වුණා.

ප‍්‍රධාන ජාතික මාධ්‍ය ෆේස් බුක් නිව්ස් එකක් උඩ ලැජ්ජ නැති විදිහට දුවන්න පටන් අරන් තිබුණ. මාධ්‍ය වගකීම, මාධ්‍ය සදාචාරය වගේ දේවල් ගැන හීනියටවත් ලැජ්ජාවක් නැතුව. කොයිතරම් නූගත්ද මාධ්‍ය.
මීට සමගාමීව තව කතාවක් එලියට ආවා. අවුරුදු දොලහක විතර පොඩි දැරිවියක් තමන්ගෙ අවුරුදු හයක විතර නංගිව පිහියෙන් ඇනලා මරා දැමීම. මේ නොදරුවන් ගැන විස්තරේ මාධ්‍ය වලින් සමාජගත කළේ අනෙක් මිනීකුණු අවුස්සන තැනින්මයි. මැරුණු දරුවෙක් වෙනුවට තවත් ජීවත් වෙන නොදරුවෙකුත් අමුඅමුවේ ඝාතනය කිිරීම ගැන මාධ්‍ය වලට කිසි හෘදය සාක්ෂියක් තිබුණෙ නෑ. මිනීමරුවෙක් විදිහට නොදරුවෙක් දිහා බලනවට වඩා වගකිව යුතු සමාජ පුරවැසිභාවයක් ගැන දැනීමක් ඒ වාර්තා කරපු උන්ට තිබුණෙ නෑ වගේම ඒක තලූමරපු වගකිව යුතු සිංහල බෞද්ද සමාජයට තිබුණෙත් නෑ. ළමයෙකුගෙ ජීවිතයක් වෙනුවට බලහත්කාරෙන් වැඩිහිටි ජීවිතයක් ඇෙ`ග් බැඳලා තිබුණු ඒ නොදරුවාගේ පීඩනය මාධ්‍ය වල කතා කළේ මිනීමැරුමක් විදිහට.

වාරියපොල සිද්දිය පිරමියෙකුට අත ඉස්සීමේ වැරැුද්දෙන් කිපී ඒ කෙල්ල බඩුවක් කිරීමේ සිට පස්සෙ මහමග ස්ත‍්‍රී හිංසනය පිටුදැකීමේ කැම්පේන් එකක් දක්වා දුවන්න ගත්තා. විකල්ප කලාකරුවො කලාකාරියො පවා මේ කෙල්ලව වීරවරියක් කළා. ඒක ඇත්තටම ප‍්‍රශ්නයක් නෙමෙයි. අපේ වීරයො වීරවරියො කියන හැමෝටම තිබුණෙ පාදඩ ජීවිත.

අර මුලින් කතාව කියන, පොල් කඩලා ජීවත් වෙන කොල්ලව හිරේට යවලා කාන්තා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම වගේ තැනකට සංවාදය හැදුන. ගුරුවරියක් දණගස්සපු මන්ත‍්‍රීට විරුද්දව ආපු නැති ස්ත‍්‍රීවාදී රැුල්ලක් සෙල්වාට විරුද්දව ආවා. අවුරුදු හතේදි තාත්තා දාලා ගිය, අවුරුදු 18දි අම්මා දාලා ගිය මේ සමාජෙ කුණු රොඞ්ඩක් විදිහට ජීවත් වෙන සෙල්වා අතුගාලා දැම්මම ස්ත‍්‍රී හිංසනය සමාජෙන් තුරන් වෙනවා වගේ තැනකට රටේ විකල්ප සිතීම පවා ආවා. මිට තැනින් වතුර යනවට වඩා දෙයක් මට ඒ දේශපාලනය ඇතුලෙ පෙණුනෙ නෑ.

සෙල්වාගෙ දුව ගැන හෝ උගේ ජීවිතය ගැන වගකීමක්  ඕන නෑ අඩුතරමෙ සිතීමක්වත් කිසි කෙනෙකුට තිබුණෙ නෑ. එකපාරටම ස්ත‍්‍රී අයිතීන් සුරැුකීම වෙනුවෙන් සෙල්වා බිලිදීම සාධාරණ වුණා.
මට නිකමට හිතුනෙ මාලක සිල්වා වගේ චරිතයක් කෙල්ලෙකුට අඩන්තේට්ටමක් කළත් මේ මාධ්‍ය මේ ජනතාව මේ විදිහට ඉදිරිපත් වෙයිද?

මෙතන ප‍්‍රකාශයට පත් කිරීම හෝ එළිදරව් කිරීම කියන උඩින් පෙන්නන දේට වඩා මගඇරීම කියන කාරණයයි ඇත්ත වෙන්නෙ. මාධ්‍ය විසින් මේ වෙලාවෙ ඇත්තට රටේ සිද්ද වෙන දේශපාලනය එලිදරව් කිරීම මගඅරිමින් බස්හෝල්ට් වල කෙල්ලො කොල්ලො ගැන කතා කියන්න පටන් අරගෙන. ජනතාව ආණ්ඩුව හෝ තමන්ට කෙළවන හැම ඇත්ත කාරණයක්ම මගඅරිමින් වාරියපොල හෝ වෙන කොහේ හරි අසරණ ජීවිතයක් තමන්ගෙ බයිට් එකට ගන්න අරගෙන. අපි අපේ සිංහල ජාතික ලක්ෂණය ප‍්‍රකට කරමින් ඉන්නවා. ඒක හින්දම වාරියපොල කම්මුල් පාර ජාතික ප‍්‍රවෘත්තියක් වුණ එක හරි. නිව්ස් එක මොකක් වුණත් සිද්ද වෙන්න  ඕන ගතිකය එකමයි. ඇත්ත කාරණය මගඅරිමින් වෙන කොහේ හෝ නොවැදගත්  ඕපාදූපයක් මහා දේශපාලනික ගැටළුවක් දක්වා උත්සන්න කිරීම. ඒක හරියටම සිංහල මිනිස්සු තමන්ගේ අවුලට හේතුව මුස්ලිම් මිනිස්සු කියල හිතපු හිතීමමයි. නැත්තං තමන්ගෙ දුකට හේතුව දෙමළා කියල හිතපු හිතීමමයි. දැන් ස්ත‍්‍රියගේ හිංසනයට හේතුව සෙල්වා. උතුරට ගැහුවා වගේ්, දර්ගාවට ගැහුවා වගේ් සෙල්වාටත් ගැහුවම ප‍්‍රශ්නෙ අහවරයි.

සෙල්වා කියන්නෙ සාරුවා සුනිල් වගේ රටේ දරුණු ස්ත‍්‍රී හිංසකයෙක්ද? මට අනුව සෙල්වා කළ විහිළුවේ අවිනීතකමට වැඩි ප‍්‍රචණ්ඩත්වයක් ආපහු පහර දුන් වීරවරිය ළ`ග තිබුණ. කොටින්ම ඒ වීඩියෝ එක දිගට බලන් ඉන්න බැරි තරමේ සමාව ඉල්ලමින් දෑත බැඳගෙන ඉන්න කෙනෙකුට නැවත නැවත පහර දීමේ තිරශ්චීන සිද්දියක් ඒක. හරියට සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තිබ්බා වගේ. ජූලියට කේක් ගෙඩියක් කපන්න ආපු එකාට වට කරන් ගැහුවා වගේ..

සෙල්වා කළ විහිළුව හෝ කියපු කුණුහරුපය සාධාරණීකරනය කරන්න හදනවා නෙමෙයි මම. ඒත් අපි විමුක්තිකාමී ස්ත‍්‍රිය කියන්නෙ මේ විදිහට හැසිරෙන ස්ත‍්‍රියකටද? මේ ලංකාවේ මේ මොහොතේ ස්ත‍්‍රී ආදර්ශකයද? අඩුම තරමේ ගැහැණියක් නිසා අත නූස්සන සම්ප‍්‍රදායික පුරුද්දක් තුල හෝ සෙල්වාට වැඩි විනයක් තිබ්බා කියලයි මං හිතන්නෙ. පොල් කඩලා ජීවත් වෙන පීඩිතයෙකුගේ කුණුහරුපයකට ගෑනියෙක් කණ් අඩිය පැලෙන්න ගහන එකෙන් අපි ලබන විමුක්තිය මොකක්ද කියල මට තේරුම් ගන්න අමාරුයි.

මං කැමතිම සෙල්වා අන්තිමට කියන කතාවට. වෙනදා ජීප් එකේ පිටිපස්සෙ බිම දාගෙන යන තමන්ව එදා මැද සීට් එකේ දාගෙන යන එකයි සෙල්වාට දැනෙන ලොකුම වෙනස. ඒකයි සෙල්වා ජීවත් වෙන ලෝකය.

මේ අපහාසය නිසා සෙල්වා හැර ගිය එයාගෙ දුවයි බිරිඳයි මෙච්චර කාලයක් ජීවත් වුණු ලෝකය. හැමදාම නීතියේ හෝ තව කාගෙ හරි හෝ ගොදුරක් විදිහට පාවිච්චි වෙමින් ජීවත් වෙන සෙල්වාද අපේ හතුරා?
කරබාගෙන ඉන්න, කිසිම සමාජ බලයක් අහිමි පිරිමියෙකුට උඩ පැන පැන තලලා ඒකෙන් තමන්ගේ නිදහස අත්පත් කර ගන්න හදන මේ යුවතියද අපේ වීරවරිය?  අපි පව්.

මේ විහිළුව දැන් විගඩමක් දක්වා විශාල වෙමින් යනවා. සෙල්වා රෝහල්ගත වීම, යුවතිය රිමාන්ඞ් භාරයට ගැනීම, කිසිම විදිහකට අදාල නොවෙන සිද්දි දාමයක් වටේ මිනිස්සු කරකවමින් ආණ්ඩුව තමන්ගේ සුපුරුදු ඇස්බැන්දුම මාධ්‍ය හරහා කරමින් ඉන්නවා. මේ තමයි අපේ රටේ එන්ටටේනින්.

මේ සිද්දිවලට ප‍්‍රතිචාර දැකවීම හරහා අපි සංවේදියි කියල ප‍්‍රකාශ වෙන කොටසට වැඩියි ප‍්‍රකාශ නොවෙන අපේ අසංවේදී කොටස. අපිට මනුස්සයෙක් විදිහට තවත් මිනිහෙක් තේරුම් ගැනීමේ හෝ දරාගැනීමේ හැකියාව අඩුවෙමින් යනවා. ඒ වෙනුවට අයිතිය හෝ නීතිය හෝ වෙනයම් බල අදහසක කොටසක් විදිහට විතරක් අපි මිනිස්සුන්ව ඌනනය කරමින් ඉන්නවා. මනුස්සකමෙන් සරලව විසඳාගත හැකි ප‍්‍රශ්න මාධ්‍ය හරහා ජාතික ප‍්‍රශ්න වෙමින් ඒවා මානව අයිතීන් දක්වා දුරදිග යමින් තියෙනවා. අපිට ජීවිතය අමතක වෙමින් අපි මාධ්‍ය ජීවිතයක පුනරුත්පත්තිය ලබමින් ඉන්නවා.

මාධ්‍ය අර්තයන්ගෙන් අපි නැවත අපේ ජීවිතය දකින්න ඇබ්බැහි වෙලා. කතා බහ, ගණුදෙනු මෙගා ටෙලි නාට්‍ය විදිහට, දේශපාලනය ලයිව් ඇට් එයිට් විදිහට, ඇහැරෙන්නෙ මහා බල සම්පන්න පිරිත් සජ්ජායනා අහමින්, සල්ලි උපයන්නෙ චැනල් වල නම් කියල කෑ ගහලා (කිව්වොත් සල්ලි තමයි), මේකයි අපිට වාරියපොලදී මගඇරෙන ඇත්ත.

සෙල්වාත් කෙල්ලත් දෙන්නම පෙන්නන්නෙ එකම ලාංකේය ඇත්තක්. අනෙකාව දරා ගන්න බැරිකම. පුපුරා යන්න බලන් ඉන්න ආතතිය.

මෙතනදි සෙල්වත් ගොදුරක්. කෙල්ලත් ගොදුරක්. අපිත් ගොදුරක්.

-චින්තන ධර්මදාස

Saturday, August 23, 2014

ආර්ට් කියන්නෙ මොනාද, කාලා බලන්න....


පහුගිය දවසක  සිනමාව හදාරන ළමයි කට්ටියක් ඒ ගොල්ලො අවුරුදු දෙකක් තිස්සෙ හදාරපු සිනමාව ගැන දේවල් එලියට දාන්න කරපු චිත‍්‍රපටි කීපයක් බලන්න ගියා. මෑතක ඉඳන් අලූත් උන් කරන දේවල් වලින් අමන්දානන්දයට පත්වෙන හින්දම මං ගියේ ගොඩක් කැමැත්තෙන්. ඒකට මට අමතරව විමුක්ති, සමන් වික‍්‍රමාරච්චි ඇතුළු තවත්  කීප දෙනෙක්ම එකතු වෙලා තිබුණ.

වැඬේ පටන් ගන්න කලින් සමන් පොඩි කතාවක් කරමින් කිව්වෙ සිනමාව මේ විදිහට පාඨශාලීය අධ්‍යාපනයකින් උගන්නන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නෙ අපි ඉස්සරහ තියෙනවා කියල. මට ඒක ගැන වෙනස් විදිහෙ අදහසක් තිබුණ. මං හිතන්නෙ සිනමාව විතරක් නෙමෙයි ආදරය පවා ඉගෙන ගත යුතු දෙයක් විදිහට. කිසි දෙයක් උපතින් හෝ ප‍්‍රතිභාවෙන් එනවා කියන අදහස හරි හෝ වැරදියි කියනවට වඩා එතනින් මෝඩ දේවල් ගොඩකට පාර කපනවා කියලයි මං හිතන්නෙ.

විශේෂයෙන්ම සිනමාව වගේ තාක්‍ෂණය, පිරිස් කළමනාකරනය, නිෂ්පාදන ක‍්‍රියාවලිය වගේ තත්වයන් වැඩියෙන් බලපාන විෂයක් අනිවාර්යෙන්ම විධිමත්ව ඉගෙන ගන්න  ඕන. ඒ ඉගෙනීම වෙන අය කළ දේ ගැන දැනුමකට වඩා අත්දැකීමක් විදිහට අත්වැරදි ආශ‍්‍රයෙන් කරන්න පහසුකම් තියෙන්න  ඕන. මං හිතන්නෙ සිනමා පාසැලක තියෙන වගකීම මේ සිනමාවට අදාල සංස්කෘතිය ඒ බිත්ති අතර හරි පවත්වාගෙන යන එකයි.

ඒත් එතන චිත‍්‍රපටි බලද්දි මාව එහෙම්පිටින්ම කඩාගෙන වැටුණ. මං කොහෙත්ම මේ වගේ කාලෙක බලාපොරොත්තු වුණේ නෑ ඒ වගේ නිර්මාණ. විවිධ විවිධ අත්දැකීම් හා පර්යේෂණ එක්ක එලියට එන්න  ඕන වැඩ වෙනුවට පරණ අත්දැකීම්ම පිළුණු වෙන චිත‍්‍රපටි පෙලක් එක දිගට ප‍්‍රදර්ශනය වුණා. මාව උභතෝකෝටිකයට ගියා. මේ ගැන මගේ ආපු ආතතිය ඒ විදිහටම එලියට දානවද? නැත්තං ඒක වඩා සාධනීය විදිහකට කියන්න පුළුවන් විදිහක් තියෙනවද? මං අනිත් කතා කරන අයට ඉඩ දීලා බලාගෙන හිටියා.

අනිත්් හැමෝම කෙලින් කාරනේ නොකියා වටේ ගිය හින්්ද අන්තිමට මට හිතිච්ච දේ ඒ විදිහටම කියන්න මං තීරණය කළා. මේ චිත‍්‍රපටි සිනමා තාක්‍ෂණය අතින් ගොඩක් නොදියුණුයි කියල මං කිව්වා. සමන් වික‍්‍රමාරච්චිගේ අදහසට බැහැරින් වඩ වඩාත් තාක්‍ෂණය හදාරන්න අපි යොමු වෙන්න  ඕන කියල මං යෝජනා කළා. විශේෂයෙන්ම තාක්‍ෂණය කියන්නෙ මගඇරිය යුතු හෝ බය විය යුතු කාරනේකට වඩා අපි තාක්‍ෂණය එක්ක වැඩෙන්න  ඕන.

එතනදි සිනමා තාක්‍ෂණය කියල මගේ අදහස වුනේ කැමරා සහ අනෙක් උපාංග නෙමෙයි. ඒ වෙනුවට සිනමාවෙ කාලය සහ අවකාශය කළමනාකරණය කරන තාක්‍ෂනයන්. දෙබස් රචනයේ තාක්‍ෂණයන්. කතා අකෘතීන්ගේ තාක්‍ෂණයන්. අදහස් සිනමාත්මකව ඉදිරිපත් කිරීමේ තාක්‍ෂණයන්. ඒත් මේ අදහස කොයි විදිහකට තේරුම් ගියාද කියල මං දන්නෙ නෑ.

‘කැමරාවක් ගන්න.  ඕන දෙයක් ෂූට් කරන්න...’ කියල මං කියන අදහස එක්ක මං මේ චිත‍්‍රපට ප‍්‍රතික්‍ෂේප කිරීම ගැලපෙන්නෙ නෑ කියල මගේ යාලූවෙක් පස්සෙ චෝදනා කළා.
‘ආර්ට් එක ගැන හිතන්න එපා. ඒක කරලා දාන්න..ඒකෙ හොඳ නරක ගැන අනිත් අයට බාර දෙන්න. ඒ ගොල්ලො ඒක තීරණය කරන අතරෙ තවත් ආර්ට් කරන්න..’
ඇන්ඩි වාර්හෝල් කියනවා. මං කලින් කියපු අදහස එන්නෙ වාර්හෝල් ගේ මේ කතාව ඇතුලෙන්.

ඇන්ඩි වාර්හෝල් කියන්නෙ කලාකරුවෙකුගේ උපරිම උත්සාහය විය යුත්තේ මැෂින් එකක් බවට පත්වීමයි කියන එක. ඒත් තර්කොව්ස්කි, බර්ග්මාන් වගේ ධාරානිපාත කොන්ක‍්‍රීට් වළලූ බස්සපු ලංකාවෙ සිනමා සිතීමට ඇන්ඩි වාර්හෝල්ගෙ මේ වගේ අදහසක් මඤ්ඤං වගේ වේවි.

හොඳ සිනමාකරුවෙක් වෙන්න නං තව තවත් පොත් කියවන්න, මියුසික් අහන්න, රස්තියාදු ගහන්න වගේ කතා හින්ද ලංකාවෙ ආර්ට් කරන්න එන කොල්ලො කෙල්ලො ගොඩක් ගෙ`ග් ගියා කියලයි මං හිතන්නෙ.
ඒක හින්ද තව තවත් කියවීම වෙනුවට කියවීම අත්ඇරීම සිනමාවට වඩා හොඳ වෙන්න පුළුවන් වගේ අදහසක් මං කිව්වා. ඒක සෑහෙන මතභේදයකට තුඩුදෙන කතාවක්. ඒත් අපි කියවනවා නම් කියවන්න  ඕන අපි ඇතුලෙ තියෙන දේවල් තේරුම් ගන්න, බැහැර කරන්න, වෙනස් කරන්න වගේ කාරණාවකට. කාට හරි තොලස්තෝයි ලොකු වුණාට තොලස්තෝයිගෙන් මට කිසි දෙයක් වෙන්නෙ නැත්තං තොලස්තෝයි කියවල මං ඔලූවෙ තව කුණු ගොඩක් එකතු කරනවා. අපිව සංස්කරණය වෙලා තියෙන, හිතන හැටි පෙළගැහිලා තියෙන සාමාන්‍යයි කියන රටාව අපේ ස්වයං විවේචනයට (හරිම වචනෙ භාවනාවට) අහුවෙන එකයි මං හිතන්නෙ කියවීමකින් හෝ නැරඹීමකින් කරන්න පුළුවන්. වෙන පැත්තකින් කිව්වොත් ආර්ට් වල තියෙන වැදගත්ම දේ වෙන්නෙත් මේක. මේ සවිඥාණක බව ඇති කිරීම.

ඒත් ලංකාවෙ වෙන්නෙ වෙන විදිහෙ දෙයක්. මේ ආර්ට් නැවත ආකෘති විදිහට මිනිස්සුන්ගෙ හිස්බව පුරවන්න ගන්නවා. තර්කොව්ස්කි දැනුමක් වෙනවා. තර්කොව්ස්කි ආකෘතියක් වෙනවා. එතකොට තර්කොව්ස්කිගේ ආර්ට් එක තවදුරටත් වැඩකරන්නෙ නෑ. ඒක හිස් බලයක් විතරයි.

දැන් අපි සිනමාව ඉගෙන ගන්නවා කියල කරමින් ඉන්නෙ මේ වගේ අදහස් නිශ්චිතයන් විදිහට බාරගන්න එක. ඒ සිනමාව ගැන දැනුම විසින් සිනමාව ගැන ගැඹුර නැති කරනවා. දාර්ශනිකත්වයක් ඇතුලෙ බුදුවරුන් වගේ මේ සිනමා වීරයන් ස්ථානගත කිරීම ඇතුලෙ සිනමාවටත් පරමාර්ථ සත්‍යයන් නිර්මාණය කරගෙන ඉන්නවා.

තාක්‍ෂණය ඉගෙන ගන්න එක වැදගත් කියල මං නැවත අවධාරණය කරන්නෙ ඒකයි. එතකොට අපි ඉගෙන ගන්නෙ තර්කොව්ස්කිගෙ සිනමා තාක්‍ෂණය. එයාගෙ සිනමා දර්ශනය ඒකෙ කොටසක් වෙන්න පුළුවන්. ඒත් කොයි වෙලාවකවත් සිනමාව එයාගෙ දර්ශනය ඇතුලෙ ඇකිළිලා යන්නෙ නෑ.

ඇන්ඩි වාර්හෝල් ආර්ටිස්ට් කෙනෙක් නම් මැෂින් එකක් දක්වා ගමන් කරන්න  ඕන කියන අදහස වැදගත් මෙතනට. එයා කියන විදිහට මිනිස්සු දැන හෝ නොදැන උපතේ සිට මරණය දක්වා මැෂින් එකක් වගේ වැඩ කරමින් ඉන්නවා. ජොබ් එක කියල කියන්නෙ ඒකෙ කල්පිත සීමා සළකුණු කරගැනීමක් විතරයි. උපදිනවා කියන්නෙ පැහැරගෙන යාමක් සහ ජීවත් වෙනවා කියන්නෙ වහල් බවට විකිණීමක් කියල වාර්හෝල් කියනවා.

සියලූ මතවාද දර්ශන අත්හරිමින් නැවත මැෂින් එක දක්වා යාම කියන්නෙ පියුරිෆයි වීමක් වගේ. ඒක පෙරදිග විදිහට නම් සවිඥාණක වීමක්. තමන්ව ක‍්‍රියාකාරීත්වයක් හැටියෙන් විතරක් බාර ගැනීම. වෙනත් මමත්ව ආකාරයකින් තමන්ව අධිනිශ්චය කර නොගැනීම. ආර්ට් කියන්නෙත් අනිත්  ඕනම රස්සාවක් වගේම තවත් රස්සාවක් කියලා වාර්හෝල් කියන්නෙත් මේ අදහස ඇතුලෙ.

ආර්ට් ගැන තියෙන සම්භාව්‍ය අදහස වෙනුවට වාර්හෝල් ජනප‍්‍රිය අදහසක් ගේනවා. විශේෂිත කෘති වෙනුවට එකම දේ නැවත නැවත නිෂ්පාදනය ආර්ට් එකක් විදිහට වාර්හෝල් ගේනවා. මේ නැවත නිෂ්පාදනය කියන්නෙ පිළුණු වෙන එක නෙමෙයි. රීමේක් එකක් සම්පූර්ණ අලූත් අදහසක් ගේන්න පුළුවන්. ටැරන්ටිනෝ පරණ ග‍්‍රයින්ඞ් හවුස් චිත‍්‍රපටි වල ෂොට් පවා කොපි කරලා එයාගෙ අලූත් නිර්මාණ කරනවා. ඒවා විශිෂ්ට නිර්මාණ.

ඒ යාන්ත‍්‍රණය ඇතුලෙ දියවෙලා යන ගමන් වාර්හෝල් අතින් මාර ආර්ට් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට කැම්ප්බෙල් සුප් කෑන් එක. කොකා කෝලා ලෝගෝ එක. එයාගෙ ආර්ට් එක ඇතුලෙන් දර්ශනය නිර්මාණය වෙනවා. අපි ලංකාවෙ විශ්වාස කරමින් ඉන්නෙ අනිත් පැත්ත. දර්ශනය ඇතුලෙන් ආර්ට් එක නිර්මාණ වෙන්න  ඕන කියල.

‘මට  ඕන මැෂින් එකක් වෙන්න.. ඇන්ඩි වාර්හෝල් 1963 කියනවා. ඇමරිකාවෙ පොප් ආර්ටිස්ට් කෙනෙක් කියපු ප‍්‍රසිද්ධම කියමනක් ඒක. ඒකෙන් එක පැත්තකින් එයාගෙ කූල්, උපාහාසාත්මක ඒ වගේම ලෝකෙ ගැන ලෝකෙන් ගැලවුණු දැක්ම කියවෙනවා. වාර්හෝල්ට  ඕන වුනේ එයාව කැමරා කාචයක් වගේ, කිසි දෙයකින් අවහිර නොවුණු, හැමදේම දිහා බලා ඉන්න තත්වයකින් මිනිස්සු බාර ගන්න. එයාට මුණගැහෙන හැමදෙයක්ම බටහිර ධනවාදයේ උත්කර්ෂය වගේම ඒකෙන් වෙන විනාසයත් එයා අතින් ප‍්‍රතිනිර්මාණය වුණා..’
-ඇලස්ටෙයාර් සුකේ (ද ටෙලිග‍්‍රාෆ්, ජනවාරි 2014)

ආර්ට් එකක් ඇතුලෙ තමන් හිස් වෙන්න  ඕන. අපි ගොඩක් වෙලාවට අපේ ආත්ම කතන කියල හිතන් ඉන්නෙ අපිට පිටතින් සිද්ද වුණු, සිද්ද වෙන තත්වානුරෝපණ (කන්ඩිෂනින්ග්ස්). ඒවා දැන් අපේ වෙලා. නැත්තං අපි වෙලා. ඒ හැමදෙයක්ම අත්අරින වෙලාවෙදි විතරයි අපිට දකින්න පුළුවන් වෙන්නෙ අපෙන් සිද්ද වෙන ඇත්ත නිර්මාණ. නැත්තං අපි කරමින් ඉන්නෙ අනුන්ගෙ නිර්මාණ.

එතන සංවාදෙදි මගේ යාලූවෙක් ප‍්‍රගීත් ඇහුවා, ඇයි එහෙනං කෙනෙක් ආර්ට් එකක් කරන්නෙ කියල. මගේ ජීවිතේ මට ඒකට දෙන්න පුළුවන් ලස්සනම උත්තරේ දෙන්නෙ මහගෙදර ෆිල්ම් එකේ තිස්ස අබේසේකර. එයාගෙන් අහනවා ඇයි ඔච්චර බොන්නෙ කියල.

‘කුරුල්ලෙක්ගෙන් අහපං මල්ලි ඇයි ඌ සිංදු කියන්නෙ කියල. ඒ උපමාව සුන්දර වැඩි නං බල්ලෙකුගෙන් අහපං ඇයි දකින දකින පඳුරට කකුල උස්සන්නෙ කියල...’

මං තිස්සගේ දෙබස නොකියා මගේ උත්තරේ දුන්නා. ‘අසනීපයක් හින්ද ’

ඒක ප‍්‍රගීත් බාර ගත්තෙ ප‍්‍රශ්නෙ මගඇරීමක් විදිහට. ඒත් ඇත්තටම ආර්ට් එකක් කරන්න අසනීපයක් තියෙන්නම  ඕන. ඒක ආධ්‍යාත්මික හිඩැසක්. රුසියානු මහා චිත‍්‍ර ශිල්පී වසීලි කන්දෙන්ස්කි මේක කවිකාර විදිහට කියනවා.

‘කලාව යනු ආධ්‍යාත්මික අවශ්‍යතාවයකි. එය කලාකරුවෙකුට නිර්මාණ කිරීමට බල කරන අතර පේ‍්‍රක්‍ෂකයන් ඒ ආධ්‍යාත්මික කුසගින්න නිසා කලා නිර්මාණ රස විඳීමට බලා සිටී’

ඒත් මේ විදිහට ආනුභාව සම්පන්න විදිහට කියන්න යන එකෙන් ආර්ට් වලට අනවශ්‍ය වෙන වෙන හැ`ගවුම් ඇති වෙනවා කියලයි මගේ අදහස. ඒ වෙනුවට මේක ආර්ටිස්ට් තුල සහ ඒ ආර්ට් එක රස විඳින පිරිස අතර බෙදා හදා ගන්නා මානසික රෝගී තත්වයක් විදිහට තේරුම් ගැනීමෙන් මේ ආනුභාවයට පත්වීම වෙනුවට ප‍්‍රකෘතිය බාර ගන්න පෙළඹීමක් ඇති වෙනවා. නැත්තං මේක නිර්වාණය වගේ වෙනවා.

ඇන්ඩි වාර්හෝල් මේ මමත්වයෙන් වෙන්න පුළුවන් හානිය ආර්ට් වලින් දුරස් කරනවා. එයා කියන්නෙ එයා අඳින්නෙම මැෂින් එකක් වගේ වෙන්න කියල. කවදා හරි මැෂින් එකකින් කරන සම්පූර්ණ දේ බවට පත්වෙන එක තමයි එයාගෙ ආර්ට් වල කූටප‍්‍රාප්තිය.

ආර්ට් ගැන නිර්වචනය පැත්තකට දැම්මත් මේ ඇතුලෙ වාර්හෝල් ආර්ටිස්ට් කෙනෙක්ගෙ මමත්ව රූපය දිය කරලා අරිනවා. තමන් මැෂිමක් වීම දක්වා ඉරණමක් බාර ගැනීම ඇතුලෙයි වාර්හෝල් ආර්ට් එකට බහින්නෙ. තමන්ගේ ප‍්‍රකෘතියට, ඉනසන්ස් එකට එළියට එන්න ඉඩ දීමයි එයාගෙ ආර්ට් වල අරමුණ වෙන්නෙ.

ආර්ට් එකක මං දකින වැදගත්ම දේ වෙන්නෙ මේ ‘ඉනසන්ස්’ එක. ඒක අවිහිංසකත්වය වගේ කිව්වොත් මං හිතන්නෙ වැරදියි. ඒ වෙනුවට කිසිවක් නොවී තමන්ගේ අත්දැකීම තිරයකට ගෙන එන්න තියෙන හැකියාව. තමන්ගේ අත්දැකීම ගැන කියවීමක් වෙනුවට ඒ අත්දැකීම තමන්ගේ අගතීන්ගෙන් තොරව, යතාර්ථයේ සීමාවන්ගෙන් තොරව, තමන්ගේ සිහින දක්වා වෙන පරාසයක විහිදවන්න පුළුවන්කමයි මට ආර්ට් විදිහට දැනෙන්නෙ.

උදා විදිහට එදා නරඹපු චිත‍්‍රපටි අතරෙ සමහරක තිබුණා ඉතාමත් ආන්දෝලනාත්මක තේමාවන්. සමලිංගික සම්බන්ධතා මනුස්ස සම්බන්ධතා විදිහට පිළිගන්න සමාජයට බලකරන නිර්මාණ ඒ අතරෙ තිබුණ. ඒත් මගේ අදහස ඒ රැුඩිකල් බව හින්දම නිර්මාණයේ ඉනසන්ස් එක නැති වෙලා කියල. ඒ අදහස දැඩිව ගැනීම ඇතුලෙ අපි අත්දැකීමක් විදිහට ඒක ඇතුලට යනවට වඩා දේශපාලනික තැනක නතර වෙනවා. බ්ලූ ඊස් ද වෝමර්ස්ට් කලර් වගේ චිත‍්‍රපටියක ජයගන්නා අභියෝගය වෙන්නෙ ඒක. මේක දේශපාලනික ප‍්‍රශ්නයක් නෙමෙයි මේක මනුස්ස ප‍්‍රශ්නයක් කියන තැනට ගේන එකමයි චැලෙන්ජ් එක. අනික රැුඩිකල් වීම කියන්නෙම ගොඩක් වෙලාවට අපි දර්ශනවාදයක් ඇතුලෙ හැංගෙන ප‍්‍රවේශයක්.

මේ මැෂින් එකක් බවට පත්වීමේ අදහස හරහා ඇන්ඩි වාර්හෝල් චිත‍්‍රපටි කළා. පැය විසි හතරක් නිකම්ම කැමරාවක් වගේ නිදාගෙන ඉන්න මිනිහෙක්ව පටිගත කළා. නැත්තං ලොකු බිල්ඩිමක් ඉස්සරහ නිකං කැමරාව තියලා තිබුණ.

‘ඔයා ගොඩක් වෙලා දෙයක් දිහා බලාගෙන ඉන්න ගත්තොත් මං හිතන්නේ ඒ දේ ගැන තියෙන අදහස එහෙම්පිටින්ම වෙනස් වෙන්න ගන්නවා’ වාර්හෝල් කිව්වා.

කිසි දෙයක් නොකිරීම ඇතුලෙ එයාගෙ ආර්ට් වලින් බලාහිඳින්නා තුල ගොඩක් දේවල් වෙනස් කළා. ඒ වගේම ආර්ට් ගැන සම්භාව්‍ය කතිකාවෙ ගොඩක් තැන් වලට අභියෝග කළා. සම්භාව්‍ය කලා කතිකාව පාදක වෙලා තිබුණෙම සුවිශේෂතාව මත. ඒත් වාර්හෝල්ගෙ ආර්ට් පදනම් වුණේ සාමාන්‍යය මත.

වර්හෝල් මේ විදිහට තමන්ගේ දැනීම් හා විශ්වාස සීමාවන්ගෙන් එලියට ගිහින් ආර්ට් කරන්න  ඕන කියන එක ලස්සනට කියනවා. එයා කියන විදිහට ඔයා යමක් ගැන හිතන්නෙ නැත්තං ඒක හරි. ඔයා හිතන මොහොතෙම, තීරණය කරන මොහොතෙම හැම දෙයක්ම වරදින්න ගන්නවා. ඔයා තව තවත් තීරණ ගන්න ගන්න තව තවත් වරදිනවා.

වාර්හෝල් මට මෙතනට  ඕන වුනේ අපි ආර්ට් ඇතුලෙ නිදහස් වීම ගැන අදහසක් කියන්න. මොකද නිදහස් වීම වගේ වචනයක් කිව්වත් ඒක ඇතුලෙ ආපහු කාව්‍යාත්මක අර්ත ඇවිත් පිස්සු කෙළිනවා. හොඳම තේරුම් ගැනීම වෙන්නෙ මං හිතන්නෙ, ඒක මාර දෙයක් නෙමෙයි.. මාර නොවීමම තමයි ආර්ට් කියන්නෙ..

එදා එතන තිබ්බ හැම නිර්මාණයක්ම මාර දේවල් කරන්න ගත්ත උත්සාහයන්. ඒ වෙනුවට නැවත තමන් දක්වා සරල වීමයි ඒ ගොල්ලොන්ට තියෙන අභියෝගය. ඒකට තියෙන හොඳම දේ ක‍්‍රියා-යෝග. ඒ කියන්නෙ කරන වැඬේම, ඒ තාක්‍ෂණයම බවට පත්වෙන එක. ඒ හරහා තමන්ගේ රෝගය එලියට එන්න ඉඩ දෙන එක. මතවාදියෙකුට දාර්ශනිකයෙකුට වඩා ආර්ටිස්ට් කෙනෙක් වෙනස් වෙන්නෙ එතනදි. අනිත් අය ගොඩනැංවීමක් යෝජනා කරද්දි එයා දියවී යාමක් යෝජනා කරන හින්ද.

-චින්තන ධර්මදාස

Saturday, August 16, 2014

හිනාවක් යට මරණයක් ඇත


රොබින් විලියම්ස් මැරුණ. එයා එල්ලිලා මැරුණ. ඒක ඩිප්‍රෙෂන් හින්ද වෙච්ච සිය දිවි නසා ගැනීමක්. මීට කාලෙකට කලින් මං ලිපියක ලිව්වා මෝඩයන්ට ඩිප්‍රෙෂන් හැදෙන්නෙ නෑ කියල. ඒකට කෙනෙක් කමෙන්ට් කරල තිබුණ ඒක මගේ ඉමෝෂනල් බොරුවක් කියල. ඒත් රොබින් විලියම්ස්ගෙ මරණය මට ඒ කතාව ආයිමත් ලියන්න බලකරනවා.

ගොඩක් වෙලාවට ඩිප්‍රෙෂන් කියන්නෙ ක‍්‍රියේටිව් වීමත් එක්ක එන බයි වන් ගෙට් වන් ෆී‍්‍ර පැකේජ් එකක්.
රොබින් විලියම්ස්ගෙ හැකියාව සහ ඒ මරණය ගැන අහපු ගමන් පෝලිමට මතක් වුණු චිත‍්‍රපටි ටික හිතලා පැත්තකින් තියල මං තීරණය කළා ඒ මොහොතෙ එයාගෙ ජීවිතය තේරුම් ගන්න.

නිර්මාණශීලීත්වය සහ මානසික රෝග කියන දෙක අතරෙ සම්බන්දය ලංකාවෙ ගොඩක් අය නොදන්නවා වුණාට ඒක බටහිර මනෝ විද්‍යාඥයන් පර්යේෂණ කරලා හොයා ගත්ත තත්වයක්. වෙන විදිහකට කිව්වොත් කලාව කියන්නෙම මානසික රෝගයක ප‍්‍රකාශනයක් වෙන්න පුළුවන්. අපේ වගේ රටක එහෙම දැවැන්ත නිර්මාණශීලී මනස් බිහි නොවෙන හින්දම මේ පෑහීම අපිට දුරස්. ඒත් රොබින් විලියම්ස් කියන්නෙ ආලෝකමත් මනසක මේ අන්ධකාරය කියවන්න හොඳ තැනක්. එයා කාලයක් තිස්සෙ දුක් වින්දා එයාගෙ ඇඩික්ෂන් සහ ඩිප්‍රෙෂන් හින්ද.

එයාට තිබුණ පුදුමාකාර හැකියාවක් කිසිසේත්ම අසම්බන්ධිත දේවල් අතරෙ තිගැස්සෙන සුළු වගේම හිනායන සුළු සම්බන්ධතා මෙහෙම කරන කොට ගොඩනගන්න. ළ`ගින් ඇසුරු කරපු අය කියන විදිහට මේ අතිශය නිර්මාණාත්මක වචන ගැලපීම දෙවෙනි වුනේ් එයා ඒවා හිතපු වේගයට විතරයි.

මෙහෙම සුවිශේෂ හැකියාවන් තියෙන අය ඇයි නිතරම මානසික රෝග පැත්තට වැඩියෙන් තල්ලූ වෙන්නෙ?  අවාසනාවට මේ හැකියාව පිටිපස්සෙ තියෙන්නෙම රෝගය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ආර්ටිස්ට්ලා වයරින් වෙලා තියෙන්නෙ මේ වෙනස් විදිහට. ඒක පිස්සුවට ළ`ගයි සාමාන්‍යයට වඩා. කලාව කියල ගොඩක් වෙලාවට රස විඳින්නෙ කලාකරුවෙක් අත්විඳින සාපය. එහෙම නොවෙන ඒවටත් ආර්ට් කිව්වට ඒවා ගොඩක් වෙලාවට කොමර්ස්.

විලියම්ස් විවෘතව කියනවා එයා ඇබ්බැහියෙන් ගොඩ එන්න කරපු උත්සාහය ගැන. විශේෂයෙන් එයාගෙ කොකේන් ඇබ්බැහිය. ගොඩක් අය කොකේන් වලින් හයිපර් තත්වෙකට ගියත් තමන්ව කොකේන් වලින් ගොඩක් සංසුන් කළා කියල එයා කියනවා. කොකේන් ඇඩික්ෂන් එක අසූ ගණන් වලදි නවත්තන්න පුළුවන් වුණත් එයාගෙ ඇල්කොහොල් ඇබ්බැහිය ආපහු ආපහු ආවා.

එයා කාලයක් තිස්සෙ දරුණු ඩිප්‍රෙෂන් තත්වයක් එක්ක පොරබැදුවා. මේකට හේතු විදිහට ළමා වයසෙ අවුල් හරි, වෙන පවුල් ප‍්‍රශ්න හරි ලාංකේය විදිහට ඇදගන්න පුළුවන් වුණත් රොබින් විලියම්ස් වගේ චරිතයක තත්වය ලාංකේය මනසට වඩා සෑහෙන්න සංකීර්ණයි. එයා  එක ඉන්ටර්විව් එකකදි කියනවා, නිතර ප‍්‍රපාතයක් දිහා බලාගෙන ඉන්නවා වගේ එයාට දැනෙනවා කියල. ඒ වගේම ඇතුළෙන් එන හ`ඩක් සංසුන් විදිහට එයාට කොඳුරනවා ඇහෙනවා, ‘පනින්න’ කියල.

බි‍්‍රතාන්‍ය මනෝවෛද්‍ය ජර්නලය මේ අවුරුද්දෙ එළිදරව් කරන විදිහට විශේෂයෙන්ම තියුණු කොමඩි හැකියාව සහ සයිකොටික්ම නොවුණත් ඊට ළ`ග තත්වයක් හොඳටම සම්බන්දයි. රොබින් විලියම්ස් වගේම ගොඩක් අතිදක්ෂ හාස්‍ය උත්පාදක නළුවන්ගෙ (ලංකාවෙ බන්දු ටෙනීලා නෙමෙයි) හාස්‍යය යට මේ අන්ධකාරය තියෙනවා.

එතකොට මේ නිර්මාණශීලීත්වය කියන්නෙ පිස්සුව එළියට එන දොරටුවක්ද? නැත්තං ඒකත් පිස්සුවම තමයිද? ඇන්ටොනින් ආර්ටෝඞ් කියන කවියා, ලේඛකයා කියන විදිහට අපායට ගිය නැති කිසි කෙනෙක් අතින් හොඳ චිත‍්‍රයක්, මූර්තියක්, කවියක් කලාවක් බිහිවෙන්නෙ නෑ. ආර්ටෝඞ් පවා දරුණු මනෝ ව්‍යාධියකින් දුක් වින්ද චරිතයක්.

ඇමරිකාවෙ බි‍්‍රතාන්‍යයේ සහ ඔස්ටේ‍්‍රලියාවෙ කොමඩියන්ලා පන්සිය ගානක් යොදාගෙන කරපු පර්යේෂණයකින් අන්තිමට හොයාගත්තා මේ අය ස්කිසොෆ‍්‍රිනික් තත්වයට ආසන්න ලක්ෂණ දරනවා කියලා. ඒ වගේම පූර්ණ උන්මාදයට ගොදුරු වෙලා නැති වුණත් ඒ ළ`ග හරියෙ තමයි ඒ ගොල්ලොන්ගෙ පෞර්ෂ ලක්ෂණ ගැවසෙමින් තිබුණෙ. විශේෂයෙන්ම තියුණු කොමඩි චරිත වලට තිබුණ සුවිශේෂ හැකියාවක්. ඒ තමයි අභ්‍යන්තරයට යොමු වුණු චරිතයක් සහ බාහිරයට ඇරුණු චරිතයක් විදිහට එක මොහොතෙ පවතින්න පුළුවන්කම. ඒක කොමඩි වලට හොඳ ගාමකයක් වුණා වගේම මානසික බිඳවැටීමකටත් ඒ වගේම වුණා.

කොමඩියන්ලා හිතන විදිහ අනිත් අයට වඩා වෙනස්. ආයිමත් කියන්නෙ මේක ලංකාවෙ චරිත එක්ක නම් කිසිසේත්ම ගැලපීම නොගැලපීමක්. කොමඩියක තියෙන මූලික පදනම වෙන්නෙම කොහෙත්ම නොවී විරූ හදිසි සම්බන්ධතාවයන් හරහා අර්ථයන් හදන එක. සාමාන්‍ය මනසක් දන්න කාරණා එකින් එක අමුණමින් විහිළුව ගොතද්දි මේ හැකියාව සහිත චරිත මේක කරන්නෙ හරියට ගූගල් කරනවා වගේ. බයිසිකලය කියල ගහන පරක්කුවෙන් අපිට එන්නෙ රෝද දෙකක් ඇති බයිසිකලේ රූපය වුණාට මේ මනස් වල ඒක ගූගල් කරා වගේ දහස් ගාණක සම්බන්ධිත අසම්බන්ධිත රූප මවනවා. උදා විදිහට එක වෘෂණ කෝෂයක් විතරක් ඇති ලාන්ස් ආම්ස්ට්‍රෝන් පවා ඒ ගොල්ලොන්ගෙ වියමනට වැටෙන්න පුළුවන්. මේ විදිහට පොප් වෙන දාහකුත් අදහස් අතරෙ විදුලි වේගයෙන් සම්බන්ධතා නිර්මාණය කරන එකයි කොමඩියක තියෙන දක්ෂකම වෙන්නෙ. ඒ විවිධ නොපෑහෙන අදහස් ඇබ්සර්ඞ් විදිහට ගැලපෙන එක අතරෙ අපි ආනන්දයට යනවා. කැමති නං එතනින් ප‍්‍රඥාවට යන්නත් පුළුවන්.

මේ විදිහට ඇතුළෙන් වෙන හ`ඩක් විසින් වධ දෙමින් මෙහෙයවමින් සිටින සහ පිටතින් දහස් ගානක් සරල සිනහවක ගිල්වන පැල්ම, වේදනාව විලියම්ස්ට වගේම තවත් ගොඩක් අයට තිබුණ. බීබීසී එකේ කිව්-අයි වැඩසටහන කරපු ස්ටීවන් ෆ‍්‍රයි ඉන්ටර්විව් එකකදි කියන විදිහට එයා කැමරාව ඉස්සරහ, ‘ඔව්, ඔව්... ඉතින්...’ කියමින් ඉඳිද්දි එයාගෙ ඇතුළෙ හ`ඩ, ‘මට දැන් මැරෙන්න  ඕනි..මට මෙතනම මැරිලා යන්න  ඕනි..’ කිය කිය කෑ ගහනවා එයාට ඇහෙනවලූ.

ඒත් මං හිතන්නෙ රොබින් විලියම්ස්ගෙ මේ වේදනාව ඒ තරම් හැංගිලා තිබුනෙ නෑ කියල. කොයිතරම් හාස්‍යජනක දේ කීවත් කළත් විලියම්ස්ගේ නිල්පාට ඇස් වල මේ දුක පිරිලා තිබුණ. එයාගෙ ර`ගපෑම මට වඩාත් දැනෙන්න හේතු වුණෙත් මේ නොගැලපීම. ජීවිතේ ඇත්තටම වේදනා දෙන දේවල් ගැන කියන්න හාස්‍යය කොච්චර  ඕන වෙනවද කියල විලියම්ස් අහනවා. හාස්‍යය කියන්නෙ වේදනාවට කරන වෙස් වළා ගැනීමක් වගේ. අපි කොච්චර දැකලා තියෙනවද මේ අතිනිර්මාණශීලී මිනිස්සු  ඕවර් ඩෝස් වලින්, සියදිවිනසා ගැනීම් වලින් කෙලවර වෙනවා. සමහර වෙලාවට මේ මිනිස්සු අපිව ඒ තරමටම හිනස්සවන නිසා ඔවුන්ගේ වේදනාව අපිට සදහටම නොපෙනී යනවා.

‘මට හාස්‍යය ගැන දැනීමක් නොතිබුණා නම් මං ගොඩක් කලින් සියදිවි නසාගන්නවා’
-මහත්මා ගාන්ධි

පර්යේෂණ වලින්ම පෙන්නන විදිහට ගොඩක් වෙලාවට ක‍්‍රියේටිව් මනස් මොකක් හරි ඇඩික්ෂන් එකට යනවා. හු`ගක් වෙලාවට ඒක රසායනික දෙයක් වෙන්න පුළුවන්. එකක් හින්ද අනිත් එක වෙනවා වගේ තත්වයක් වෙනුවට මේ දෙකම එකවර පවතින තත්වයක් කියලයි මනෝ විද්‍යා පර්යේෂකයො විස්තර කරන්නෙ. ඒ වගේම මේ දෙක එකිනෙක මත රඳා පවතින්න ගන්නවා.

මේ ජීවිත ලෝකෙට වඩා සංවේදී වෙනවා. ඒ අයට ලෝකෙ දුක හා සතුට දැනෙන ප‍්‍රමාණය තීව්රයි. ගොඩක් වෙලාවට තියුණු නිර්මාණශීලීත්්වයම, ඒක චිත‍්‍ර, සංගීත, නර්තන  ඕනම විෂයක වෙන්න පුළුවන්, ඒ නිර්මාණශීලීත්වයම මත්ද්‍රව්‍යය ආදියට ඇබ්බැහි වීම තීරණය කරනවා.

ක්ලිෆ්සයිඞ් මැලබු ආයතනයේ ප‍්‍රධානී රිචර්ඞ් ටේට් කියන විදිහට, ක‍්‍රියේටිව් අයට ලෝකෙ සංවේදනා වැඩියෙන් දැනෙනවා වගේම ඒ අයට ඒවා වඩාත් ළ`ගින් දැනවෙන්නත් උවමනා වෙනවා. උදා විදිහට රොබින් විලියම්ස් වගේ කෙනෙක් ජීවිතේ වේදනාවට, ලෝකයේ වේදනාවට ගොඩක් සංවේදී හිතක් තිබුණු කෙනෙක්. ඒ හින්දම ඒක ඩිප්‍රෙෂන් කරා යන පාරක් වෙනවා. එතනදි ඇඩික්ෂන් සහ ක‍්‍රියේටිවිටි කියන දෙකම මේ අවුල එළියට එන දොරටු විතරයි.

‘මට මාව සුවිශේෂයි, නිර්මාණශීලීයි කියල දැනවූ මා තුල වූ කොටස්ම මාව දිවි නසාගැනීම වෙත තල්ලූ කරමින් තිබුණ’
-ඬේවිඞ් ෆොස්ටර් වොලාස්

වේදනාව එන්න එන්නම විශාල වෙනකොට සහ තමන්ට එතනින් ගැලවීමක් නැති කොට මරණය කියන්නෙ වේදනාව අඩු තෝරා ගැනීමක්. දිගින් දිගටම තමා වටළන අන්ධකාරය එක්ක සටන් කිරීමෙන් හති වැටෙන තැනදි නිදහස සඳහා ලේසි පාර තෝර ගන්නවා. රොබින් විලියම්ස් අතින් සිද්ද වුනෙත් මේ තෝරා ගැනීම.

‘සියදිවි නසාගැනීම කියන්නෙම වැරදි යෙදුමක්. අපි අපිව නසාගන්නෙ නෑ. සරලවම කිව්වොත් අපි ජීවත් වීම වෙනුවෙන් කරන දැඩි අරගලයකින් පරාද වෙනවා. කවුරු හරි දිග කාලයක් ලෙඩින් ඉඳලා මළොත් අපි අනුමත ස්වරයෙන් කියනවා, එයා ගොඩක් සටන් කළා ජීවිතේ වෙනුවෙන්’ කියල. ඒත් සියදිවි නසා ගැනීමක් ගැන අපි හිතන්නෙ එතන කිසි සටනක් නොතිබුණා වගේ. කවුරුහරි නිකංම අත්ඇරලා දැම්මා වගේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි’
-සැලී බ‍්‍රැම්ප්ටන්
(ඩිප්‍රෙෂන් සැමරුම්)

රොබින් විලියම්ස්ට ජීවිතෙන් ලැබුණු හැමදෙයක්ම එයා ආපිට සමාජයට දුන්නා. කිසිම දෙයක් නැතුව හිස් අතින් ආපහු යන්න හැරුණ. එයාම කියන විදිහට,
‘ඔයාට දීලා තියෙන්නෙ පිස්සුවේ එක් අංශුමාත‍්‍ර දිලිසුමක් විතරයි. කොහොමවත් ඒක නැති කර ගන්න එපා’
ආර්ට් කියන්නෙ හොඳ හෝ මාර දෙයක් නෙමෙයි. ඒක හොඳ හෝ මාර වෙන්නෙ මේ මනුස්ස නිමේෂය, පැවැත්මේ අන්ධකාරය හෝ වේදනාව විසින් කරන ඇත්ත කැපුම් පාරවල් හින්ද. රොබින් විලියම්ස් ඇතුළතින් වෙන ඒ හැම කැපුමක්ම හිනාවෙවී දරා ගත්තා. ඒ හිනාව බෙදා ගත්තා.

ගහක අතු ස්වර්ගයට යන්න නං ඒ ගහේ මුල් අපායට යන්න  ඕනි කියල ෆෙඞ්රික් නීට්ෂෙ කියනවා. රොබින් විලියම්ස් ස්වර්ගයට යනවා අනිවාර්යෙන්ම. මොකද ඒ මුල්් හරහා අපායෙ ලෝදියෙන් පවා අතු පිරෙන්න මල් පිපිච්ච හින්ද.

(ෆොර්බ්ස් වෙබ් අඩවියට ඇලිස් වෝල්ටන් ලියූ ලිපියක් ඇසුරින්)
-චින්තන ධර්මදාස

Saturday, August 9, 2014

ඩාලි මයි ඩාලිං

මට  ඕන වුනේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983 දි ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු 87යි. 

ඔව්, ගලා අවුරුදු 10ක් විතර වැඩිමල් ඩාලිට වඩා.

මතකයන් සහ සුන්දර මොහොතවල හොඳම පණිවුඩකරුවා.. ඩාලි පර්ෆියුම් හඳුන්වන්නෙ එහෙම. ඩාලි මේ පර්ෆියුම් එක හදන්න එයාගෙ කැමතිම මල් දෙක, එකක් එයා වැඩ කරද්දිත් කනේ ගහගෙන ඉන්න පිච්ච මල, අනෙක රෝස පාවිච්චි කරනවා. මේ තමයි ආර්ටිස්ට් කෙනෙක් අතින් ලෝකෙ නිපදවුණු පළවෙනි පර්ෆියුම් එක.

ඉතින් මං ඒක ගැන හොය හොය හිටියෙ. එතනදි නිකංම අධිසත්තාවාදී චිත‍්‍රකරුවෙක් විදිහට වඩා වෙන විදිහකට ඩාලි ගැන බලන්න දොරක් ඇරුණ. ඩාලි අධිසත්තාවාදී චිත‍්‍රවල පියා නොවුණත් අධිසත්තාවාදී චිත‍්‍රකලාවෙ යතුර නිතරම තිබුණෙ එයාගෙ සාක්කුවෙ. එයාව මේ ගුරුකුලෙන් පිටමං කරද්දි ඩාලි කියනවා,
‘අධිසත්තාවාදය කියන්නෙ මම නෙ’ කියල.

ඩාලි මේ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. ඒ කියන්නෙ සැල්වදොර් ඩාලි සහ අධිසත්තාවාදී චිත‍්‍රය කියන්නෙ දෙකක් නෙමෙයි. ඩාලි එහෙම්පිටින්ම සරියල් ප‍්‍රකාශනයක්. චිත‍්‍ර කියන්නෙ ඒ ප‍්‍රකාශනයෙ එක කෑල්ලක් විතරයි.

ඩාලිගෙ අපි හැමෝම දන්නවා පොකට් ඔරලෝසු දියවෙලා වැක්කෙරෙන චිත‍්‍රය. සමහර ඔරලෝසු කූඹි කනවා. විචාරකයො කියන විදිහට කාලය යනු දැඩි හො නිශ්චිත යමක් නෙමෙයි කියන අදහසලූ මේ කියන්නෙ.

චිත්‍රෙක මේ විදිහට තේරුම හොයන්න යන එක චිත්‍රෙ නැති කරන වැඩක්. මට හිතෙන්නෙ චිත‍්‍රයක් තේරුමට වඩා ගොඩක් ලොකුයි. ඒක වචන වලට වඩා වෙන අදහසක් අවිඥාණයට ඇතුල් කරනවා. අපි නොදන්නා වූ අතාර්කික සම්බන්දයකින් අපි චිත‍්‍රයක් එක්ක බැඳෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩාලිගේ වගේ චිත‍්‍ර. මේ තේරුම හෙවීම හැම ආර්ට් එකකම විචාරයේ ලොකු අවුලක්.

මට අනුව ඩාලි කියන්නෙ සයිකඩෙලික් චිත‍්‍ර කලාවෙ ආරම්භය. ඒ වෙද්දි එල්එස්ඞී හොයාගෙනත් නෑ. ඒත් වැගිරෙන ඔරලෝසු තියෙනවා. අනික ඩාලිම කියන විදිහට එයා කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නෙත් නෑ. ඒත් හොඳම ‘ඇසිඞ්’ විෂුවල්ස් නිර්මාණය වෙන්නෙ එයාගෙ අතින්. 

‘මම ඩ‍්‍රග්ස් ගන්නෙ නෑ. මොකද මං කියන්නෙම ඩ‍්‍රග්ස්’ -ඩාලි

කලාකාරයෙක් වුණාම දුප්පත් වෙන්න  ඕන, දුක් විඳින්න  ඕන, කඩමාළු අඳින්න  ඕන කියල ඒ කාලෙ යුරෝපෙත් බෝවෙලා තිබුණු සම්ප‍්‍රදාය ඩාලි කණපිට හරවනවා. එයා හොඳම ජේත්තුකාරයෙක්. සුඛ විහරණයට අසීමිතව ඇලූම් කළ කෙනෙක්. අනික එයා වාමාංශිකයෙක් නෙමෙයි. ඒ කාලෙත් සැබෑ කලාකාරයෙක් නම් වාමාංශිකයෙක් වෙන්න  ඕන කියල එකක් තිබුණ. විශේෂයෙන්ම මේ අධිසත්තාවාදී ගුරුකුලයේ් ආන්ද්‍රෙ බ්‍රෙටෝන් වගේ හතරැුස් චරිත ඩාලිට විරුද්ද වුණා තදටම. එයා ඩාලිට කිව්වෙ අවිඩා ඩොලර්ස් (ඩොලර් පෙරේතයා) කියල.

විලාසිතාවක් විදිහට ඒ කාලෙ ප‍්‍රබුද්ද කලාකාරයො හැමෝම හිට්ලර්ට විරුද්ද වුණා. මේක දැනුත් එහෙමයි. 2011 කාන් ෆෙස්ටිවල් එකේ ලොකු විරෝධයක් එනවා ලාර්ස් වොන් ටි‍්‍රයර් ට එයා හිට්ලර්ට පක්ෂපාත වුණා කියල. වොන් ටි‍්‍රයර්ට කාන්ස් එන්න දෙන්නෙ නැති වෙනවා. ඒ වොන් ටි‍්‍රයර් හිට්ලර්ව එයාට තේරෙනවා කියල කියපු හින්ද. හිට්ලර් මනුස්සයෙක් විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා ඉන්ටවිව් එකක කියපු කතාවකට. ආර්ටිස්ට් කෙනෙක් විදිහට ලෝකෙ දරුණුම මිනිහගේ පවා මිනිස් නිමේෂයන් එක්ක බැඳෙන්න පුළුවන් වීම මුනිවර තත්වයක්. ඒත් කාන්ස් සම්මාන උළෙලට සහ ඒ කලා නඬේට ඊට වඩා දේශපාලනික හේතු ලොකු වුණා.

ඒත් මේ දේශපාලන අදහස් විසින් කලාව බදු ගැනීම ගැන අවුලක් ඩාලිට තිබුණ. එයාගෙ අදහස වුනේ අධිසත්තාවාදයට පවතින්න දේශපාලනය අවශ්‍ය නෑ කියන එක. අපොලිටිකල් අධිසත්තාවාදයක් තියෙන්න පුළුවන් කියන එක. මේක ඇහුවම අනිවාර්යෙන් විදර්ශනට වඩා සියදහස් ගුණයක් බ්‍රෙටෝන්ට මළ පනින්න ඇති. 

මට කරන්න දෙයක් නෑ හිට්ලර්ගෙ පස්ස දැක්කම මගේ ශෘංගාරය අවදි වෙනවා, ඩාලි තමන්ගෙ අදහස කිව්වා.
ඩාලිගේ ආර්ට් පිටිපස්සෙ තිබුනෙ උපවිඥානයේ ප‍්‍රකාශන. මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකළට අවශ්‍ය විටෙක උපවිඥානයට යන්න පුළුවන් ටෙක්නික්ස් ඩාලි දියුණු කළා. ඒකට එයා කිව්වෙ ‘පැරනොයික් ක‍්‍රිටිකල් මෙතඞ්’ කියල. දිගවෙලාවක් ඔලූවෙන් හිටගෙන ඉඳීම සහ නැවත ප‍්‍රකෘති තත්වයට ආ විගස ඇස් යට මැවෙන රූප, නින්ද යාගෙන එන විට ඇඳෙන යතාර්ථය සහ සිහිනය අතර රූප ඩාලි චිත‍්‍ර වලට අරගෙන ආවා. මේ උපවිඥානය ඇක්සස් කරන එක තමයි එයා කිව්වෙ උපරිම ක‍්‍රියේටිවිටි එක කියල. 

මට කියන්න  ඕන වුනේ ඩාලි ගැන නෙමෙයි. ඒත් ඩාලි ගැන  ඕපාදූප ඒ තර්කයේ් සීමා අතික‍්‍රමණය කරපු සිතීම ටිකක් හෝ තේරුම්ගන්න  ඕන කරනවා. ඩාලි තියරියක් නෙමෙයි. ඩාලි ජීවිතයක්.

 ඩාලිගේ පුනරුත්පත්ති කතාව.

සැල්වදොර් ඩාලි ඉපදෙන්න අවුරුද්දකට කලින් ඩාලිගේ දෙමව්පියන්ට තව දරුවෙක් බිහිවෙන්න ඉන්නවා. ඒ ගොල්ලො එයාටයි මුලින්්ම නම තියන්නෙ ඩාලි කියල. ඒත් ඒ ළමයා ඉපදෙද්දිම මැරෙනවා. ඊට අවුරුද්දකට පස්සෙ ඉපදෙන්න එන දරුවටත් ඒ ගොල්ලො නම තියන්නෙ ඩාලි කියල. ඒ මදිවට අවුරුදු 5දි ඩාලිව එක්කගෙන ගිහින් කලින් මළ දරුවගේ සොහොන පෙන්නලා ඒ ගොල්ලො කියනවා ඒ ඔයා තමයි මේ ඉපදිලා ඉන්නෙ කියල. ඩාලිගේ මේ සංකීර්ණය එයාගෙ පහුකාලෙ චිත‍්‍රවල පවා හොල්මන් කරනවා. එයා විශ්වාස කරනවා එයා මැරිච්ච අයියාගේ පුනරුත්පත්තිය කියල.

‘අපි දෙන්නා එක වගේම වතුර බිංදු දෙකක්. ඒත් අපි දෙන්නගෙන් පෙනෙන පරාවර්තන වෙනස්’- ඩාලි

ඩාලිගේ ලෙජන්ඩරි රැවුල.

ජෝ්න් ලෙනන් කියන්නෙ ඩාලිගේ හොඳ යාලූවෙක්. ඒ යාලූකමට යෝකෝ ඔනෝ එකපාරක් මුණගැහුන වෙලාවක ඩාලිගෙන් රැුවුල් ගහක් ඉල්ලනවා සැමරුමක් විදිහට. ඩාලිගේ රැුවුල විශේෂ රැවුලක්නෙ. ඩාලි කියන විදිහට ඒ රැුවුලෙ අග උල්වුණු අග‍්‍ර දෙකෙන් තමයි මුලූ ලෝකෙටම අවශ්‍ය ශක්තිය සම්පේ‍්‍රෂණය වෙන්නෙ. කොහොම වුණත් ඩාලි මේ රැවුල් ගහට හිතාගන්න බැරි ගානක් ඉල්ලනවා. මට ගාන මතක නෑ. ඒත් ඒක අහපු ගමන් යෝකෝ ඔනෝ පස්සට විසි වෙනවා.

 ගොඩක් අය කියන්නෙ ඒ ඩාලිගේ සල්ලි පෙරේතකම කියල. ඒත් ළ`ගම අය දන්න ඇත්ත හේතුව ඩාලි විශ්වාස කරනවා යෝකෝ ඔනෝ එයාට හූනියං කරයි කියල රැුවුල් ගහ අරන් ගිහින්. 

ඩාලිගේ මනස තාර්කික, දේශපාලනික හෝ නූතනවාදී වගේ සීමාවක හිරවුනේ නෑ. ඒ වෙනුවට එයාට මිත්‍යාවට, අදේශපාලනයට, අතීතයට, පෙර ආත්මයට පවා යන්න නිදහස තිබුණ. ඩාලි කියන්නෙ මොඩර්න් වෙන්න ද`ගළන්න  ඕන නෑ, මොකද කොහොමටත් අපිට කරන හැම දෙයක්ම මොඩර්න් වීම වළක්වන්න බැරි හින්ද කියල.

මට කියන්න  ඕන වුනේ ඩාලිගේ පේ‍්‍රමය ගැන. ඒත් කතාව කැලේ ගියා.

ගලා කියන්නෙ රුසියානු යුවතියක්. ඩාලිට එයාව මුලින්ම මුණගැහෙද්දි එයා පෝල් එලාර්ඞ් කියන ප‍්‍රසිද්ද ප‍්‍රංශ අධිසත්තාවාදී කවියගේ බිරිඳ. ඒත් ඩාලිට කොහොම හරි ගලාව තමන්ගෙ කර ගන්න  ඕන වෙනවා. 

පෝල් සහ ගලා අතරත් තියෙන්නෙ විවෘත විදිහෙ සම්බන්දයක් ( ඕපන් රිලේෂන්ෂිප්). ඔවුන් අතරෙ වෙනත් ලිංගික සම්බන්දතා වලට බාධා පැනවෙන්නෙ නෑ. ඒ විවෘතකම ඇතුලෙ ඩාලි එක්ක පෑහෙන ගලා අන්තිමට ඩාලි එක්කම නවතින්න තීරණය කරනවා. ඒ ආදරය වෙනුවෙන් ඩාලි එයාට ලොකු මන්දිරයක් තෑගි කරනවා. ගලා ඒ මන්දිරය බාරගන්නෙත් එක කොන්දේසියක් උඩ. ඒ ඩාලි වුණත්් ඒ මන්දිරයට එනවා නම් ලිඛිත දැනුම්දීමකින් පස්සෙ එන්න  ඕන කියන එක. 

ඩාලි එක`ග වෙනවා. ගලාට මන්දිරය ලැබෙනවා.

ඩාලිගේ සියලූ දේ වෙන්නෙ මේ ආදරය. මුල්කාලෙ එයා හැම චිත‍්‍රයක්ම අවසන් කළේ එයාගෙයි ගලාගෙයි දෙන්නගෙම අත්සන් එක්ක. ඒ චිත‍්‍රවලට ඉන්ස්පිරේෂන් එක වුණේ ගලාගේ ආදරය. ඒත් ඒක අපි උපකල්පනය කරන විදිහෙ සරල ලව් එකක් නෙමෙයි. පෝල් එලාර්ඞ් වගේ කවියෙක් අත්ඇරලා ඩාලි ළ`ගට එන්න තරම් හේතුවක් තියෙන්න  ඕන එතන. අනික ගලා කියන්නෙ තමන්ගෙ නිදහස කිසි හේතුවක් හින්ද පාවලා නොදෙන වර්ගයේ ගැහැණියක්.

ගලාට මුණගැහෙනකල් ඩාලි ස්ත‍්‍රියක් එක්ක වෙන කිසි ලිංගික අත්දැකීමක් ලබලා නෑ. ඒකට හේතුව ස්ත‍්‍රී යෝනිය සම්බන්ධයෙන් ඩාලිට තියෙන නොදන්නා භීතියක්. මේ හැම සවිඥාණික අවිඥාණක කඩතොළුවක්ම ආදරෙන් සිපවැළඳගනිමින් තමයි ගලා ඩාලි එක්ක ආදරේ පටන් ගන්නෙ.

ඩාලි සහ ගලා අතර පේ‍්‍රමයෙත් කවදාවත් දොර අ`ගුළු දාලා තිබුණෙ නෑ. ගලා වරින් වර පෝල් සහ තවත් නොයෙක් කලාකාරයන් එක්ක සම්බන්්ධතා තියාගත්තා. එයාගෙ සෙක්ෂුවල් එනර්ජි එක දැවැන්තයි. 

කොහෙත්ම එක පිරිමියෙකුට ඒක දරන්න අමාරුයි. එයත් එක්ක නිදාගන්න ආර්ටිස්ට්ලා ලයිට් දාහක් එකපාර පත්තු වුණා වගේ වුණේ මේ ජෙනරේටරේ හින්ද. ඒක ආණ්ඩුවෙ කරන්ට් එක වගේ නෙමෙයි.

ගලාට තිබුණ පිරිමින්ව හදන්න පුළුවන් විදිහෙ නිර්මාණාත්මක ශෘංගාර ආවේශයක්. එයාට පැවරිලා තිබුණෙ මේ ආර්ටිස්ටික් පිරිමින්ගෙ හැංගිලා වකුටු වෙලා තියෙන මැජික් එක කෙලින් කරන්න. 

ගලාට ලිංගිකත්වය පෙරටු කරගත් තමන්ගේ චාරිකාව යන්න ඩාලි බාධාවක් වෙන්නෙ නෑ. ඒ වගේම තමන්ගේ බිරිඳ අන් අය හා යහන්ගත කිරීමෙන් ලබන ලංකාවෙ නම් විපරීත කියන ආස්වාදයක් පුහුණු කරමින් ඉන්න ඩාලිගේ ලිංගික විශ්වයත්  ඊට නොදෙවෙනිව විශාලයි. 


අජිත් කුමාරසිරි කියන විදිහට සමහර විට සැල්වදෝර් ඩාලි මිදි කකා, වයින් බිබී, කැමතිම සංගීතය විඳිමින්, සුව යහනක සැතපී, තමන්ගේ බිරිඳ අන් අය හා රමණයේ සෞන්දර්යය විඳින්න ඇති. 


ඩාලි ගලාව නොයෙක් විට සිත්තමට නගනවා. ඒ අසීමිත පේ‍්‍රමය නිසාම. එකතැනක ඇයව ඩාලි නිරූපනය කරන්නෙ කන්‍යා මරියා විදිහට. මේ සම්බන්ධය ඇතුලෙ ඩාලි ගොඩක් පරිණත වෙනවා. ගොඩක් වැඩ කරනවා. පිරිමියෙක්ගෙ හොඳම දේ අරගෙන සමාජයට දෙන්න පුළුවන් විදිහෙ ගෑනියෙක් ගලා කියන්නෙ. වාමාංශික කලා නඩය එයාට කලාකරුවන් විනාශ කරන පිළිලයක් කියද්දි එයාව ආශ‍්‍රය කරපු අය කියන්නෙ එයා තමන්ව කොයිතරම් ඉන්ස්පයර් කළාද කියල.

ඩාලි පර්ෆියුම් එක හදන්නෙ එයාව මතක් වෙන්න. ගලා මැරුණට පස්සෙ ඩාලිට ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා. කීප වතාවක්ම එයා දිවි නසා ගන්න උත්සාහ ගන්නවා. ඩාලි අසූවියැති මහල්ලෙක් විදිහටත් ආදරය කරනවා දරුණුවට.

ඩාලිට මුණගැහෙන්න කලින් ගලා පෝල් එලාර්ඞ් කවියාගේ බිරිඳ. පෝල්ව ඇයට මුණගැහෙන්නෙ අවුරුදු දාහතේදී විතර. පෝල් ඒ කාලෙදි පෙරුම්පුරන කවියෙක්. කවියෙක් වෙන්න දුක් විඳින්න  ඕන කියල පෝල් දැඩිව විශ්වාස කරනවා. කවදා හරි ඔයා ලොකු කවියෙක් වෙනවා, ගලා පෝල්ට ස්තිරව කියනවා. එයා නොකියා කියන කතාව වෙන්නෙ ‘මං ඔයාව කවියෙක් කරනවා’ කියන එක.

පෝල්ගෙ ශක්තිය වෙන්නෙ ගලා. කවි වල හොඳ තැන් නරක තැන් තෝරලා දෙන්නෙ එයා. අඩුපාඩු හදන්නෙ එයා. පෝල් තමන්ට අවශ්‍ය තැනට එනකල්, ඒ කවියා බිහිවෙන කල් ගලා එයාගෙ අතින් අල්ලගෙනම ඉන්නවා.

ගලා කියන්නෙ පුදුමාකාර ආදරයක් තිබුණු ගැහැණියක්. 

පෝල්ට  ඕන වෙන්නෙ දුක් විඳින ජීවිතයක්. එයාගෙ හොඳම කවි ලියවෙන්නෙ යුද්දෙ කාලෙ රෝහලක මළ මිනී මැද්දෙ. දවසකට මළඋන් ගැන පවුල් සීයකට දෙසීයකට ලියුම් ලියන්න පැවරෙන්නෙ පෝල්ට. මිනී වළදාන, කුණු ගඳ ගහන අපාය මැද්දෙ පෝල් කවීත්වය පසක් කර ගන්නවා. ඒ කවියා ජීවත් කරන්න ගලා මේ අපායට වුණත්් එනවා. එයා හැමදුකක්ම විඳගෙන පෝල් එක්ක ජීවත් වෙනවා. 

‘ඔයා ඉක්මණටම හොඳ තැනකට එනවා’ වැටෙන හැමවෙලාවකම ගලා පෝල්ව නැගිට්ටනවා.

ගලා සහ පෝල් කියන්නෙ අයිකොනික් ආදරයක්. පෝල් එලාර්ඞ් කිව්වම කව්ද කියල දන්නෙ නැති නිසා එයාගෙ කවියකින් කොටසක් පරිවර්තනය කරන්නම් මෙතන.

ඔබ නැගෙන විට දිය දෙබෑ වෙනවා
ඔබ නිදන විට දියේ මල් පිපෙනවා

පතුලෙන්ම ගලා යන දිය උල්පතයි ඔබ
හැම දෙයක් මුල් ඇදුණු පිහිටි මහපොලොව ඔබ

ශබ්ද කාන්තාරය මැද්දේ ඔබ නිශ්ශබ්දතාවයේ බුබුළු නගනවා
දේදුනු පාලම මත්තේ ඔබ රාත‍්‍රී ගීතිකා ගයනවා
ඔබයි මේ හැම තැනම.. පාරවල්  ඕන නෑ ලෝකෙට
මේ ඉන්න අතරෙදියි ඩාලි සහ ගලා අතර මුනගැහීම සිද්ද වෙන්නෙ. ඒ වෙද්දි ගලාට පෝල් එක්ක තිබ්බ මිෂන් එක ඉවරයි. පෝල් පරිණත කවියෙක්.

ඒත් ගලා සහ ඩාලි ආදරය පටන් ගත්ත තැන ඉඳන් අවුරුදු ගානක් පෝල් ආගිය අතක් නැති වෙනවා. ඒ වේදනාව දරාගන්න එයා ලංකාවටත් ගොඩවෙනවා. 

පෝල් වෙනුවෙන් කළ දේවල් නිමා කරලා ගලා ඩාලි ළ`ගට එනවා, දෙවෙනි දරුවා හදන්න. ගලා පොඩි දරුවො හදාගන්න ගෑණියෙක් නෙමෙයි. ඇත්තටම එයා පළවෙනි කුසෙන් උපෙන් දරුවා පවා නොතකා හැරියා. එයා හදාගන්නෙ ලොකු ළමයි. එයා ලොකු අම්මා කෙනෙක්.
ඩාලි ගලා ගැන එයාගෙ ආදරේ කියන්නෙ මේ විදිහට. 

‘මං ගලාට උපරිමයෙන් ආදරෙයි. කොච්චර ආදරේද කිව්වොත් එයා මැරුණොත් මං එයාව කනවා.. එයා තමයි ලෝකෙ බිහිවුණු හොඳම ආර්ටිස්ට්’
ගලා කියන්නෙ ඩාලිගේ අධිසත්තාවාදී පේ‍්‍රමය.

මට සැල්වදොර් ඩාලි පර්ෆියුම් එකක් ගන්න  ඕනි. ඒ ඩාලි වත් පෝල් වත් හින්ද නෙමෙයි. මට ගලා කියන්නෙ ඒ තරම් විශාල ගැහැණු ජීවිතයක් හින්ද. ඩාලිගේ අධිතාත්විකවාදී නාසයට ඇගේ සුවඳ දැණුනු විදිහ විඳින්න වටින හින්ද.

මට ගලාව ඉඹින්න තියෙන එකම සජීවී විදිහ ඒක හින්ද.

-චින්තන ධර්මදාස


Saturday, August 2, 2014

මොටෝ නැති කවියක රස


මෑතක ෆේස්බුක් එකේ රස්තියාදු වෙවී ඉන්නකොට මං දැක්කා ලංකාවෙ වෛද්‍යවරයෙක් විසින් ලියපු ලිපියක්. පත්තරේක ගිහින් ඊට පස්සෙ වැඩි චූන් එකට ෆේස් බුක් එකෙත් ෂෙයාර් කරලා. ඒක තිබුනෙ අජිනොමොටෝ ගැන. අජිනොමොටෝ කියපු ගමන් මේ කාලෙ සෞඛ්‍යය ගැන උනන්දු හැමෝම උඩ පනින කාරණයක්. ඒක හින්දම රසකාරක වලින් තොරයි කියල වෙනම මාර්කට් එකක් පවා හැදිලා තියෙනවා. 


සමහර කඩ තමන් රසකාරක වලින් තොරයි කියන එක එකම සුදුසුකම කරගෙනත් කෑම ටික විකුණගෙන යනවා. කාටවත් ඇත්තටම හොයන්න උවමනාවක් නෑ ඇත්තටම අජිනොමොටෝ අවුල්ද කියන එක. 


විශේෂයෙන් ලංකාව වගේ රටවල තදටම තියෙන කාරණයක්නෙ රසායනික නම් ඒක අවුල් කියන එක. කිසි හේතුවක්  ඕන නෑ ඒ වගේ දේවල් තහවුරු කරන්න. ඒත් වෛද්‍යවරු වගේ වගකීමක් ඇති අයත් මේ පරණ ප‍්‍රබන්දම නැවත නැවත ප‍්‍රචාරය කරන එකෙන් ඔප්පු වෙන වෙන කතාවක් තියෙනවා. ඒ තමයි අපේ රටේ විද්‍යාව විතරක් නෙමෙයි විද්‍යාව පාවිච්චි කරන අයගෙ දැනුම පවා කොයිතරං පරණද කියන එක. හාල් වල ආසනික් තියෙනවා කියලා විෂ්නු දෙවියන්ගෙන් අහගන්න මහාචාර්යවරු ඉන්න රටක මේක එච්චර අවුල් කාරණයකුත් නෙමෙයි. 

ඇමරිකාවෙ එම්එස්ජී, (ඒ කියන්නෙ අජිනොමොටෝ වලට කියන රසායනික කෙටි නම) මේ තරං භීතියට තුඩුදෙන කාරණයක් වුනේ ඇයි කියල බ්ලොග් එකක ටිකක් නිදහසේ හොයලා තිබුණ. මේ කාරණා වල ඇත්ත නැත්ත ගැන හොයන එක හීනයක් වුණත් අඩුම තරමෙ ඒ වගේ අදහසකුත් ලෝකෙ තියෙනවා කියල කියන්න මං ඒ කරුණු පරිවර්තනය කරනවා.

ඇයි මේ එම්එස්ජී අහිතකරයි කියන නාගරික මිත්‍යාවට ඇමරිකාවෙ ඇතැම් උගතුන් කියන අය පවා තාම ගොදුරු වෙලා ඉන්නෙ? එම්එස්ජී කොහොමවත් ලූණු වලට වඩා අහිතකර නොවෙන වග මේ වෙද්දි පර්යේෂණ වලින් ඔප්පු කරලා තිබුණත් මේ මිත්‍යාව තවදුරටත් ජීවත් වෙනවා. අලෙවි වෙනවා. 

ඒකට ගොඩක් හේතුව මේ රසායනික නම වෙන්න පුළුවන්. මොනෝසෝඩියම් ග්ලූටාමේට් වගේ නමක් ඇහුවම කන්න බය හිතෙන එක ස්වභාවිකයි. ලූණු වෙනුවට සෝඩියම් ක්ලෝරයිඞ් කියල කිව්වත් අනිවාර්යෙන් මේක මේ විදිහටම වෙනවා. 

චයිනීස් කෑවම ඇතිවෙන නිදිමත, බර වැඩි ගතිය ඉස්සරහට දාගෙන එම්එස්ජී වලට මුල් කාලෙ චයිනීස් සින්ඩ්‍රෝම් කියල නමකුත් එල්ලූවා. ඒත් තෙල් සහිත  ඕනම බර ආහාර වේලකින් පස්සෙ මේ තත්වෙ දැනෙනවා තමයි. ප‍්‍රංශ වගේ කෑමක එහෙම දැනෙන්න කන්න තරමට අපිට අතේ සල්ලි නෑ. ඒක හින්ද ගොඩක් කැවෙන ඉන්දියානු චීන වගේ කෑම වලින් පස්සෙ මේ නිදිමත දැනෙනවා. ඒක අපි එම්එස්ජී ප‍්‍රශ්නෙක ගැටගහනවා.

ඒ වගේම ඇමරිකාවෙ මේ චයිනීස් සින්ඩ්‍රෝම් කතාව පැතිරෙන්න ‘එක්සනොෆෝබියා’ තත්වෙකුත් බලපෑවා. ඒ කියන්නෙ කිසි තාර්කක හේතුවක් නැතුව විදේශික දේවල් වලට, තත්වයන්ට දක්වන බය. මේක එන්නෙ චීනෙන්නෙ. චීනෙ කියන්නෙ ඇමරිකාවට කොහොමත් අවුල් රටක්. ඒකත් එක්ක එම්එස්ජී චීන ලෙඩක් විදිහට නැගලා ගියා. 

ඒත් ඇත්තටම එම්එස්ජී එන්නෙ ජපානෙන්. චීනෙට වඩා ගොඩක් ජපානෙ එම්එස්ජී කනවා. ඒත් අපිට එම්එස්ජී දැනෙන්නෙ චීන කෑම එක්ක. ශතවර්ෂ ගානක ඉඳන් ජපන්නු දිනපතා එම්එස්ජී පාවිච්චියට ගන්නවා. ඒත් ඇමරිකානුවෙකුට වඩා ජපනෙකුගෙ සෞඛ්‍ය තත්වය හොඳයි. ආයු කාලය වැඩියි. සෝඩියම් පාවිච්චිය අඩු කරන්න  ඕනි කියල ජපානෙත් ලොකු සාකච්ඡුාවක් යනවා. ඒත් කවුරුවත් එම්එස්ජී නවත්තන එකක් ගැන කතා කරන්නෙ නෑ.

මුලින්ම අජිනොමොටෝ හොයාගන්නෙ ‘කිකුනෙ ඉකේඩා’ කියල ජපන් විද ්‍යාඥයෙක්. එයාගෙ බිරිඳ උයන අසීමිත රස ආහාර වලට එකතු කරන මුහුදු පැළෑටි විශේෂයක් ගැන එයා පර්යේෂණ කරනවා. ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට මොනෝසෝඩියම් ග්ලූටාමේට් සංයෝගය හොයාගන්නවා.

එම්එස්ජී පාවිච්චි කරලා උයන එක රස වංචා කිරීමක් තමයි. ඒත් ඒක සීනි සහ ලූණු සම්බන්ධයෙනුත් එහෙමමයි. ස්වභාවික කෑම බීම වල තියෙන ලූණු, සීනි රස අඩු වුනාම අපි ඒවා පිටින් එකතු කරනවා. ඒ වගේම එම්එස්ජීත් එකතු කරනවා. එම්එස්ජී කියන්නෙ ලොකු හානියක් නම් සීනි සහ ලූණු ඊට වඩා දෙවෙනි වෙන්නෙ නෑ. කොටින්ම මං කැමතියි කොත්තුවකට ලූණු අහුරක් දානවට වඩා එම්එස්ජී ටිකක් දානවට.

මේ අජිනමොටෝ කතාවෙ දිගට පැටලි පැටලි ඉන්න කොට අඳුරන්නෙ නැති නොම්මරේකින් ආවා කෝල් එකක්. ඒ දමිත් කතා කළේ ගෙදර ඇඩ‍්‍රස් එක ඉල්ලගන්න. එයා ලියපු කවි පොත මට තැපැල් කරන්න. ඒත් මං දමිත්ව දන්නෙ නෑ. 

පොතක් එවන්න ටිකක් පරණ විදිහක් කියල හිතුන හින්දමත් මං කවි පොත ගැන වැඩිය හිතන්න ගියේ නෑ. දවස් කීපෙකට පස්සෙ තැපෑලෙන් කවි පොත ආවා. ඒ පොතේ නම කියවන්න බෑ. කෙටි කෙටිම මම.... මං කියවගෙන ඊළ`ග පිටුවට පෙරළුවා. මං කියවලා තියෙනවා වැරදියි. ඒක තෙමි තෙමිම මම වෙන්න  ඕන. දමිත්ගෙ පොතේ  ඕනම කෙනෙක් පැටලෙන මුල්ම කවිය ඒක.

උඩින් පල්ලෙන් කවියක් දෙකක් බලද්දි ඒ කවි වලට ඇබ්බැහි වෙනවා. කාලෙකට පස්සෙ යන්න ලැබිච්ච මාර ටි‍්‍රප් එකක් කියල හිතෙනවා. මං හිටගෙනම ගහලා දැම්මා කවි පොතෙන් කාලක්ම. බයිට් සැන්ඩි මොකුත්  ඕන නෑ.

මීට ටික කාලෙකට කලින් බදියුගෙ පරිවර්තනයක් ආවා සිංහලෙන් පේ‍්‍රමය පසසනු වස් කියල. ඒත් ඒ නම හරියටම ගැලපෙන්නෙ දමිත්ගෙ කවි පොතට. ඒක තනිකරම පේ‍්‍ර්මය පසසනු වස් ලියවුණු කවි පෙළක්. ආදරේ හරිම සුසියුම්, සමහර විට කල්පිත මනක්කල්පිත, පැවතුණු නොපැවතුනු අත්දැකීම් දමිත් ස්පර්ශ කරනවා. ඒවා පපුව හීතල වෙලා යන විදිහෙ කවි.

ඇස් බැල්මක් දුන්නා හැබැයි
කොමල හ`ඩින් ඇමතුවා හැබැයි
සිනාවෙන් සිතම බැන්දා හැබැයි
හැබැයි,
නිකංවත් හිතුවෙ නැද්ද ඔබ
හදවතට හදවත බැඳෙන
අපි අපේම කරගන්න
සම්මතේ මාවතේ වෙලී ඇවිදින
ඒ ගමන හැර ගමනක්...

දමිත්ගේ කවි වල භාෂාව, අලංකාරෝක්ති හොයන්න මං යන්නෙ නෑ. ඒ අත්දැකීමේ සජීවී බව තියාගන්න ඒ වචන වලට පුළුවන් වෙලා තියෙනවා. ලියන්න වෙනත් දහසකුත් ආකාර කල්පනා වුණත්් සමහර කන්‍යාමය අත්දැකීම් චොර කරගන්නෙ නැතුව ලියවිලා තියෙන හැටි දැක්කම ඒ්ක තමයි ඒකට හොඳම විදිහ කියල හිතෙනවා. උදා විදිහට මේ ආදරේ මොහොතවල් කිසි විටෙක දේශපාලන හෝ දාර්ශනික මතවාද වලින් නොකෙළෙසන්න දමිත් පරිස්සං වෙනවා. මං කලින් කන්‍යාමය අත්දැකීම් කිව්වෙ ඒ හින්ද. බොහොම ලේසියෙන්් මේ කාරණා පසිඳලීම කියන තැනට ගිහින් බදියු වගේ නාගන්න තිබුණ. 
මේ මං ආසම කවිය.

වචනමත් නෙමෙයි ශැල්වින්
ඔබේ කටහ`ඩයි ඉංග‍්‍රීසි
කොයින්ද ආවෙ ඔයි මූණට
උවමක් හිතෙන්නෙම නැති අමුතු සුද
කවියන් කොයිතරම් පෙන්නුවත්
රෝස පාට විලූඹක්
දැක්කෙත් ඔබගෙන්....

මේ කවි වල තියෙනවා හොඳටම දැනෙන අව්‍යාජකමක්. ඒ රොමැන්තික් අවකාශයන් හරහා යන සොඳුරු ගමනක්. වෙන විදිහකින් කිව්වොත් හැම මොහොතක්ම ආදරේ මොහොතක් වෙන්න පුළුවන් තරමට දමිත් පේ‍්‍රම අවකාශය පුළුල් කරනවා. හැම අහම්බයක්ම රොමාන්තික කරනවා.

අපිට හමුවුනේ හරි අහම්බෙන්
දූවිලි වගේ විශ්වයක
විශ්මයට
එකම මන්දාකිනියක
අපි හමුවුනේ හරි අහම්බෙන්
පෘතුවියේ
සත්්සියකෝටියක් සෙනග අස්සේ
යුරෝපේ ඇමරිකාවේ මිලියන නගර පසුකර
ආසියාවේ එක තිතක
අපි හමුවුනේ හරි අහම්බෙන්...

මට හිතෙන්නෙ මේ කවි වල තියෙන සුන්දරත්වය අපිට කාලයක් පුරා මිස් වෙමින් තිබුණ කියල. ආලවට්ටම් නොදා තමන්ගේ අත්දැකීම කියන්න, භාවාතිෂය නොවී සොඳුරු පැවැත්මක් බෙදා හදා ගන්න, කවියක මං හොයන නිදහස, හුස්ම ගන්න ඉඩ තියෙන කවි ටිකක් ආයිමත් ලියවිලා තිබුණ. ඒ කවි තැපෑලෙන් මාව හොයාගෙන ඇවිල්ලත් තිබුණ.

අලූත් වෙන්නට
මා දැරූ හැම තැතම පැරනිය...

කවි වල පෙරේතකමට මං ආපහු ආපහු ඒ යෙදුම් උඩ ඇවිදිනවා. භාෂාවට වඩා අත්දැකීමට අවනත හැම මොහොතක්ම ලස්සනයි. වචන කොහොම ගැලපුණත් එතන කවිය හැදිලා ඉවරයි. 

ඔයා හරි හොඳ යැයි
ඔබ කියන හැම මොහොතකම
ඔබෙන් නොපෙනෙ ඈතකට
පලා යන්නට සිතෙයි මට...

දමිත් සමහර තැන් වල වචන පාවිච්චි කරන විදිහත් සමහර හැ`ගීම් වල නැවුම් ගතිය හොඳට රඳවන්න සමත් වෙනවා. තෙමි තෙමිම මම වගේ වචන හුරතල් කරන තැන් කීපයක්ම කවි අතර තිබුණ. 

ආදරේ ගැන තව ගොඩක් කවි ලියවෙන්න  ඕන. ඒකට ඇත්තටම ඉරිගහපු ආදරෙන් පිට පැන්න කවියො බිහිවෙන්න  ඕන. එකම  ඕලාරික පේ‍්‍රම කතා මැද්දෙ බෝරිං ජීවිතේ් පොඩි සාවධාන වීමක්, භාවනාවක්, ආදරය කිරීමක් වෙත කැඳවන්න දමිත්ගෙ කවි වලට පුළුවන්. 

කාලෙකට පස්සෙ තේ කෝප්පයක් අතරෙ විස්කෝතුවක් වෙනුවට හප හපා ඉන්න කවි පොතක් හම්බුණ. කෑම වලට රසකාරක දැම්මත් කමක් නැති වුණත් නිර්මාණ නම් රසකාරක වලින් තොර වෙන තරමටමයි රස.