Saturday, August 30, 2014

එළ වැඩක්! කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල


ලංකාවෙ සිනමාවෙ මගේ ජීවිත කාලෙ සිද්ද වෙච්ච වැදගත්ම දේ සිද්ද වෙන්න යනවා. ඒ තමයි කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලක් පළවෙනි පාරට සංවිධානය වෙන එක. සැප්තැම්බර් 2- 7 වෙනිදා වෙනකල් මේ සිනමා උළෙල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. කිසි තේරුමක් ඇති දෙයක් කරන්නෙ නෑ කියලා මාත් විවේචනය කරමින් හටපු ලංකාවෙ සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් වැඩකට අතගහලා. මේක ලොකු පියවරක්.

මේ වෙද්දි සිනමා උළෙලවලට අත්වෙමින් යන තත්වය යතාර්ථයක් විදිහට ඒ තරම් හොඳ එකක් නෙමෙයි. වෙන විදිහකට කිව්වොත් විවෘත වෙන අනේක ඩිජිටල් මාධ්‍ය හරහා මෙතෙක් සිනමාව කියල විශ්වාස කරපු දේ වෙන තැනකට මාරු කරමින් ඉන්නවා. දැවැන්ත තිර වල ප‍්‍රක්‍ෂේපනය වුණු සිනමාව මෝබයිල් ෆෝන් තිරය දක්වා කුඩා වෙමින්, පුද්ගලික වෙමින් එනවා. සමූහ අත්දැකීමක් වුණු සිනමාව නැරඹීම පුද්ගල අත්දැකීමක් බවට නැවත නිර්මාණය වෙමින් තියෙනවා.

මේ එක ඇත්තක්. මේ ඇත්ත හරහා ලෝකෙ දැවැන්ත යැයි කියල සිනමා උළෙලවල් මේ වෙද්දි අර්බුදයකට මුහුණ දෙනවා. ඒ තමයි සිනමා උළෙලක් යනු ආර්ට් ගැලරි එකක් වගේ කෘති අළෙවියට පාවිච්චි කරන්න පුළුවන් ඉඩක් කියන තැන ඒ උළෙලවලට අහිමි වෙමින් යනවා. තවදුරටත් සිනමා කෘති බෙදාහරින්නන් සිනමා උළෙලවල් වටේ රැුස් වෙන්නෙ නෑ. ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් කියන එක වෙන මුහුණුවරකට, වෙන ගණුදෙනුවකට මාරු වෙන වෙලාවක් මේක.

ඒක හින්ද වෙළඳපොලක් විදිහට සිනමා උළෙලකට තිබ්බ වටිනාකම දියවෙන යතාර්ථයක අපි ඉන්නෙ.
ඒත් මේ තත්වෙ පොඩි සිනමා උළෙලවලට බලපාන්නෙ නෑ. හේතුව කොහොමටත් චිත‍්‍රපටි මිළට ගන්න බෙදාහරින්නො මේ පොඩි සිනමා උළෙලවලට ආවෙ නැති හින්ද. ඇත්තටම මේ විදිහෙ කුඩා සිනමා උළෙලකින් වෙන්න පුළුවන් මොනවද?

මං කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල දකින්නෙත් ඒ විදිහෙ පොඩි සිනමා උළෙලක් හැටියට.

වෙළඳ පොලක් විදිහට සිනමා උළෙලක් ඉටු කරන කාරණේට වඩා වැදගත් සහ ලොකුයි සිනමා උළෙලකින් සිද්ද වෙන දෙවෙනි කාරණය. ඒ තමයි සිනමා සංස්කෘතිය නිර්වචනය කිරීමේ කොටස. සිනමාව පිළිබඳ සංස්කෘතික අවකාශයක් විවර කිරීමේ, සාකච්ඡුාවක් ඇති කිරීමේ, සංවිධානය කිරීමේ කොටස. ගොඩක් වෙලාවට පොඩි සිනමා උළෙලවල වලින් කෙරෙන්නෙ ඒක.

ලංකාවෙ මේ වගේ වෙලාවක මේ සිනමා උළෙල පැවැත්වීම වැදගත් වෙන්නෙම ඒ හින්ද. සිනමාවෙ ලොකු බංකොලොත් වීමක් අත්දකින කාලෙක, වෙසක් නාට්ටි මිස චිත‍්‍රපටි නොකෙරෙන කාලෙක මේ විදිහෙ දැවැන්ත උත්සාහයක් හරහා ආයිමත් සිනමාවට පොඩි හරි පණක් දෙන්න පුළුවන් වෙයි.

ඊටත් වඩා සිනමාව කරන තරුණ උන්ට මේක ලොකු බලාපොරොත්තුවක් වෙයි. මේ කාරණයෙහි ලා සිනමා උළෙලකින් ගොඩක් දේවල් කෙරෙන්න පුළුවන්.

ප‍්‍රධානම දේ කලින් කිව්වා වගේ සිනමා සංස්කෘතියට යම් හැඩයක් යෝජනා කිරීම. ලංකාවෙ නම් මේ වෙලාවෙ එහෙම සංස්කෘතියක් තියෙනවා කියලා අඩුගානෙ මතක් කරලා දෙන එක.

ඒ වගේම රටක හෝ කලාපයක ස්වාධීන සිනමාකරුවන් අඳුරගන්න එකත් ඒ අයගෙ නිර්මාණ, නැත්තං හ`ඩ ඇහෙන්න ඉඩක් හදන එකත්. මේ හරහා ලංකාවෙ ඉන්දියාවෙ වගේ ළ`ග ළ`ග රටවල් අතරෙ පොඩි පොඩි ඒත් ලොකු වැඩ කරන චිත‍්‍රපටකරුවන් අතරෙ සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්. ඔවුන්ගේ නිර්මාණ වගේම වෙනත් ගොඩක් දේවල් බෙදා හදා ගන්න තැනක් හදන්නත් පුළුවන්.

අනිවාර්යෙන්ම චිත‍්‍රපටි හදන සහ හදන්න බලන් ඉන්න අයට ලොකු දැනුවත් කිරීමක් රටක සිනමා උළෙලක් හරහා සිද්ද වෙනවා. ඒක කවදාවත් ප‍්‍රධාන ධාරාවෙ සිනමාවෙන් සිද්ද වෙන දෙයක් නෙමෙයි. ඇරත් රජ කතා බණ කතා වෙසක් නාට්ටි යනු චිත‍්‍රපටි නොවේ කියල දැනුවත් වෙන එකමත් ලොකු දෙයක්. වෙනස් විදිහක සිනමාවකුත් තියෙනවා, ඒකෙත් ලකයක් තියෙනවා කියන පණිවුඩය ලංකාවෙ මෙගා නාට්ටි ජනතාවට යන්තමින් හරි ඇහෙන්න ගන්නවා.

ඒ ඇරුණම වෙනස් විදිහෙ චිත‍්‍රපටියක් හදලා පෙන්නගන්න විදිහක් නැතුව ඉන්න චිත‍්‍රපටකරුවන්ට මේ හරහා ලොකු තිරයක හොඳ  ඕඩියන්ස් එකකට තමන්ගෙ නිර්මාණ එළිදක්වන්න පුළුවන් වෙනවා. ඒක ආස්වාදනීය මොහොතක්. මං නං කියන්නෙ ලොකු පිනක්. අපි දන්න අඳුරන උන්ගෙම කොයි තරම් නිර්මාණ කොම්පියුටර් ඇතුලෙ පුස් කනවද?

සීමිත වපසරියක වුණත් යම් පමණකට චිත‍්‍රපටි බෙදා හැරීමට අවශ්‍ය සම්බන්දතා ගොඩනැංවීමක් හෝ ඒ සඳහා  ඕන කරන දැනුම බෙදා හරින්නත් මේ විදිහෙ ෆෙස්ටිවල් එකකින් මැදිහත් වීමක් සිද්ද වෙනවා.
කොච්චර කිව්වත් සැප්තැම්බරයේ පොත් ප‍්‍රදර්ශනය නොතිබුණා නම් පොත් කියවීමට අත්වෙන්න තිබ්බ ඉරණම දැන් ගොඩක් කල් ඉඳන් චිත‍්‍රපටි වලට අත්වෙලයි තිබුණෙ. සැප්තැම්බර් වල එන මේ සිනමා උළෙල හින්ද අඩු ගානෙ එක මාසයක් හරි සිනමාව රටේ මාතෘකාවක් වෙයි. ලංකාවෙ ස්වාධීන සිනමාවට උරුම වෙලා තිබ්බ අර අඳුරු හඩුගතිය ටිකක් හිප් තැනකට මාරු වෙයි.

වටිනම දේ අලූත් සිනමාකරුවන්ට මේ හින්ද එන ගට. අඩු ගානෙ ඊළ`ග කලම්බු ෆෙස්ටිවල් එකේ පෙන්නනවා කියලවත් කියන්න කතාවක් උන්ට ඉතුරු වෙනවා. ලොකු සිනමා උළෙලවල් පස්සෙ දුවලා හති වැටෙනවා වෙනුවට තමන්ට ළ`ග තමන්ගේ කෘති දැනෙන තැනකට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා.

මේක දැවැන්ත වැඩක පටන්ගැන්මක්. ලංකාවෙ සිනමාවට අලූත් බලාපොරොත්තුවක් කැඳවීම වෙනුවෙන් අශෝක හඳගම සහ ඒ සංසදයේ අධ්‍යක්‍ෂවරුන්ට අවංකයෙන්ම මගේ ප‍්‍රණාමය.

-චින්තන ධර්මදාස

1 comment:

  1. ඇයි රජකතා බණකතා හඳගමලා විමුක්තිලා සහ චන්ද්‍රසිරිලා හදන්නෙ නැත්තෙ? අනෙක් අතින් රජකතා නිශ්පාදනය කරන අය ඉහල පෙලේ සිනමා ශක්‍යතාවයන් සහිත ශිල්පීන් ඒවාට දායක කරන්නේ නැත්තේ ඇයි?
    සිනමාව වාණිජකරණය වෙද්දි ශිල්පීන්ට තමුන්ට ආවේනික හැඩතල දිගටම පවත්වාගෙන යන්න බැහැ. ඒ අය මාකට් එකට යම්තාක් දුරට අනුගත වෙන්න අවශ්‍යයි. එක අතකින් අපේ මාකට් එකට නියම සිනමා කරුවන් ලවා තමුන්ට අවශ්‍ය පණිවුඩය ලබාදෙන්න උවමනාවක් නැතුවා වගේම. සිනමාකරුවන්ටත් අහල පහල ගොඩ් ගායකයින් වේදිකාවල සිංදු කියද්දි එයාලට සිංදු කියන්න කිසිම උවමනාවක් නැතුව වගේ බකං නිලාගෙන ඉ්නනවා..

    ReplyDelete