Saturday, August 16, 2014
හිනාවක් යට මරණයක් ඇත
රොබින් විලියම්ස් මැරුණ. එයා එල්ලිලා මැරුණ. ඒක ඩිප්‍රෙෂන් හින්ද වෙච්ච සිය දිවි නසා ගැනීමක්. මීට කාලෙකට කලින් මං ලිපියක ලිව්වා මෝඩයන්ට ඩිප්‍රෙෂන් හැදෙන්නෙ නෑ කියල. ඒකට කෙනෙක් කමෙන්ට් කරල තිබුණ ඒක මගේ ඉමෝෂනල් බොරුවක් කියල. ඒත් රොබින් විලියම්ස්ගෙ මරණය මට ඒ කතාව ආයිමත් ලියන්න බලකරනවා.
ගොඩක් වෙලාවට ඩිප්‍රෙෂන් කියන්නෙ ක‍්‍රියේටිව් වීමත් එක්ක එන බයි වන් ගෙට් වන් ෆී‍්‍ර පැකේජ් එකක්.
රොබින් විලියම්ස්ගෙ හැකියාව සහ ඒ මරණය ගැන අහපු ගමන් පෝලිමට මතක් වුණු චිත‍්‍රපටි ටික හිතලා පැත්තකින් තියල මං තීරණය කළා ඒ මොහොතෙ එයාගෙ ජීවිතය තේරුම් ගන්න.
නිර්මාණශීලීත්වය සහ මානසික රෝග කියන දෙක අතරෙ සම්බන්දය ලංකාවෙ ගොඩක් අය නොදන්නවා වුණාට ඒක බටහිර මනෝ විද්‍යාඥයන් පර්යේෂණ කරලා හොයා ගත්ත තත්වයක්. වෙන විදිහකට කිව්වොත් කලාව කියන්නෙම මානසික රෝගයක ප‍්‍රකාශනයක් වෙන්න පුළුවන්. අපේ වගේ රටක එහෙම දැවැන්ත නිර්මාණශීලී මනස් බිහි නොවෙන හින්දම මේ පෑහීම අපිට දුරස්. ඒත් රොබින් විලියම්ස් කියන්නෙ ආලෝකමත් මනසක මේ අන්ධකාරය කියවන්න හොඳ තැනක්. එයා කාලයක් තිස්සෙ දුක් වින්දා එයාගෙ ඇඩික්ෂන් සහ ඩිප්‍රෙෂන් හින්ද.
එයාට තිබුණ පුදුමාකාර හැකියාවක් කිසිසේත්ම අසම්බන්ධිත දේවල් අතරෙ තිගැස්සෙන සුළු වගේම හිනායන සුළු සම්බන්ධතා මෙහෙම කරන කොට ගොඩනගන්න. ළ`ගින් ඇසුරු කරපු අය කියන විදිහට මේ අතිශය නිර්මාණාත්මක වචන ගැලපීම දෙවෙනි වුනේ් එයා ඒවා හිතපු වේගයට විතරයි.
මෙහෙම සුවිශේෂ හැකියාවන් තියෙන අය ඇයි නිතරම මානසික රෝග පැත්තට වැඩියෙන් තල්ලූ වෙන්නෙ? අවාසනාවට මේ හැකියාව පිටිපස්සෙ තියෙන්නෙම රෝගය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ආර්ටිස්ට්ලා වයරින් වෙලා තියෙන්නෙ මේ වෙනස් විදිහට. ඒක පිස්සුවට ළ`ගයි සාමාන්‍යයට වඩා. කලාව කියල ගොඩක් වෙලාවට රස විඳින්නෙ කලාකරුවෙක් අත්විඳින සාපය. එහෙම නොවෙන ඒවටත් ආර්ට් කිව්වට ඒවා ගොඩක් වෙලාවට කොමර්ස්.
විලියම්ස් විවෘතව කියනවා එයා ඇබ්බැහියෙන් ගොඩ එන්න කරපු උත්සාහය ගැන. විශේෂයෙන් එයාගෙ කොකේන් ඇබ්බැහිය. ගොඩක් අය කොකේන් වලින් හයිපර් තත්වෙකට ගියත් තමන්ව කොකේන් වලින් ගොඩක් සංසුන් කළා කියල එයා කියනවා. කොකේන් ඇඩික්ෂන් එක අසූ ගණන් වලදි නවත්තන්න පුළුවන් වුණත් එයාගෙ ඇල්කොහොල් ඇබ්බැහිය ආපහු ආපහු ආවා.
එයා කාලයක් තිස්සෙ දරුණු ඩිප්‍රෙෂන් තත්වයක් එක්ක පොරබැදුවා. මේකට හේතු විදිහට ළමා වයසෙ අවුල් හරි, වෙන පවුල් ප‍්‍රශ්න හරි ලාංකේය විදිහට ඇදගන්න පුළුවන් වුණත් රොබින් විලියම්ස් වගේ චරිතයක තත්වය ලාංකේය මනසට වඩා සෑහෙන්න සංකීර්ණයි. එයා එක ඉන්ටර්විව් එකකදි කියනවා, නිතර ප‍්‍රපාතයක් දිහා බලාගෙන ඉන්නවා වගේ එයාට දැනෙනවා කියල. ඒ වගේම ඇතුළෙන් එන හ`ඩක් සංසුන් විදිහට එයාට කොඳුරනවා ඇහෙනවා, ‘පනින්න’ කියල.
බි‍්‍රතාන්‍ය මනෝවෛද්‍ය ජර්නලය මේ අවුරුද්දෙ එළිදරව් කරන විදිහට විශේෂයෙන්ම තියුණු කොමඩි හැකියාව සහ සයිකොටික්ම නොවුණත් ඊට ළ`ග තත්වයක් හොඳටම සම්බන්දයි. රොබින් විලියම්ස් වගේම ගොඩක් අතිදක්ෂ හාස්‍ය උත්පාදක නළුවන්ගෙ (ලංකාවෙ බන්දු ටෙනීලා නෙමෙයි) හාස්‍යය යට මේ අන්ධකාරය තියෙනවා.
එතකොට මේ නිර්මාණශීලීත්වය කියන්නෙ පිස්සුව එළියට එන දොරටුවක්ද? නැත්තං ඒකත් පිස්සුවම තමයිද? ඇන්ටොනින් ආර්ටෝඞ් කියන කවියා, ලේඛකයා කියන විදිහට අපායට ගිය නැති කිසි කෙනෙක් අතින් හොඳ චිත‍්‍රයක්, මූර්තියක්, කවියක් කලාවක් බිහිවෙන්නෙ නෑ. ආර්ටෝඞ් පවා දරුණු මනෝ ව්‍යාධියකින් දුක් වින්ද චරිතයක්.
ඇමරිකාවෙ බි‍්‍රතාන්‍යයේ සහ ඔස්ටේ‍්‍රලියාවෙ කොමඩියන්ලා පන්සිය ගානක් යොදාගෙන කරපු පර්යේෂණයකින් අන්තිමට හොයාගත්තා මේ අය ස්කිසොෆ‍්‍රිනික් තත්වයට ආසන්න ලක්ෂණ දරනවා කියලා. ඒ වගේම පූර්ණ උන්මාදයට ගොදුරු වෙලා නැති වුණත් ඒ ළ`ග හරියෙ තමයි ඒ ගොල්ලොන්ගෙ පෞර්ෂ ලක්ෂණ ගැවසෙමින් තිබුණෙ. විශේෂයෙන්ම තියුණු කොමඩි චරිත වලට තිබුණ සුවිශේෂ හැකියාවක්. ඒ තමයි අභ්‍යන්තරයට යොමු වුණු චරිතයක් සහ බාහිරයට ඇරුණු චරිතයක් විදිහට එක මොහොතෙ පවතින්න පුළුවන්කම. ඒක කොමඩි වලට හොඳ ගාමකයක් වුණා වගේම මානසික බිඳවැටීමකටත් ඒ වගේම වුණා.
කොමඩියන්ලා හිතන විදිහ අනිත් අයට වඩා වෙනස්. ආයිමත් කියන්නෙ මේක ලංකාවෙ චරිත එක්ක නම් කිසිසේත්ම ගැලපීම නොගැලපීමක්. කොමඩියක තියෙන මූලික පදනම වෙන්නෙම කොහෙත්ම නොවී විරූ හදිසි සම්බන්ධතාවයන් හරහා අර්ථයන් හදන එක. සාමාන්‍ය මනසක් දන්න කාරණා එකින් එක අමුණමින් විහිළුව ගොතද්දි මේ හැකියාව සහිත චරිත මේක කරන්නෙ හරියට ගූගල් කරනවා වගේ. බයිසිකලය කියල ගහන පරක්කුවෙන් අපිට එන්නෙ රෝද දෙකක් ඇති බයිසිකලේ රූපය වුණාට මේ මනස් වල ඒක ගූගල් කරා වගේ දහස් ගාණක සම්බන්ධිත අසම්බන්ධිත රූප මවනවා. උදා විදිහට එක වෘෂණ කෝෂයක් විතරක් ඇති ලාන්ස් ආම්ස්ට්‍රෝන් පවා ඒ ගොල්ලොන්ගෙ වියමනට වැටෙන්න පුළුවන්. මේ විදිහට පොප් වෙන දාහකුත් අදහස් අතරෙ විදුලි වේගයෙන් සම්බන්ධතා නිර්මාණය කරන එකයි කොමඩියක තියෙන දක්ෂකම වෙන්නෙ. ඒ විවිධ නොපෑහෙන අදහස් ඇබ්සර්ඞ් විදිහට ගැලපෙන එක අතරෙ අපි ආනන්දයට යනවා. කැමති නං එතනින් ප‍්‍රඥාවට යන්නත් පුළුවන්.
මේ විදිහට ඇතුළෙන් වෙන හ`ඩක් විසින් වධ දෙමින් මෙහෙයවමින් සිටින සහ පිටතින් දහස් ගානක් සරල සිනහවක ගිල්වන පැල්ම, වේදනාව විලියම්ස්ට වගේම තවත් ගොඩක් අයට තිබුණ. බීබීසී එකේ කිව්-අයි වැඩසටහන කරපු ස්ටීවන් ෆ‍්‍රයි ඉන්ටර්විව් එකකදි කියන විදිහට එයා කැමරාව ඉස්සරහ, ‘ඔව්, ඔව්... ඉතින්...’ කියමින් ඉඳිද්දි එයාගෙ ඇතුළෙ හ`ඩ, ‘මට දැන් මැරෙන්න ඕනි..මට මෙතනම මැරිලා යන්න ඕනි..’ කිය කිය කෑ ගහනවා එයාට ඇහෙනවලූ.
ඒත් මං හිතන්නෙ රොබින් විලියම්ස්ගෙ මේ වේදනාව ඒ තරම් හැංගිලා තිබුනෙ නෑ කියල. කොයිතරම් හාස්‍යජනක දේ කීවත් කළත් විලියම්ස්ගේ නිල්පාට ඇස් වල මේ දුක පිරිලා තිබුණ. එයාගෙ ර`ගපෑම මට වඩාත් දැනෙන්න හේතු වුණෙත් මේ නොගැලපීම. ජීවිතේ ඇත්තටම වේදනා දෙන දේවල් ගැන කියන්න හාස්‍යය කොච්චර ඕන වෙනවද කියල විලියම්ස් අහනවා. හාස්‍යය කියන්නෙ වේදනාවට කරන වෙස් වළා ගැනීමක් වගේ. අපි කොච්චර දැකලා තියෙනවද මේ අතිනිර්මාණශීලී මිනිස්සු ඕවර් ඩෝස් වලින්, සියදිවිනසා ගැනීම් වලින් කෙලවර වෙනවා. සමහර වෙලාවට මේ මිනිස්සු අපිව ඒ තරමටම හිනස්සවන නිසා ඔවුන්ගේ වේදනාව අපිට සදහටම නොපෙනී යනවා.
‘මට හාස්‍යය ගැන දැනීමක් නොතිබුණා නම් මං ගොඩක් කලින් සියදිවි නසාගන්නවා’
-මහත්මා ගාන්ධි
පර්යේෂණ වලින්ම පෙන්නන විදිහට ගොඩක් වෙලාවට ක‍්‍රියේටිව් මනස් මොකක් හරි ඇඩික්ෂන් එකට යනවා. හු`ගක් වෙලාවට ඒක රසායනික දෙයක් වෙන්න පුළුවන්. එකක් හින්ද අනිත් එක වෙනවා වගේ තත්වයක් වෙනුවට මේ දෙකම එකවර පවතින තත්වයක් කියලයි මනෝ විද්‍යා පර්යේෂකයො විස්තර කරන්නෙ. ඒ වගේම මේ දෙක එකිනෙක මත රඳා පවතින්න ගන්නවා.
මේ ජීවිත ලෝකෙට වඩා සංවේදී වෙනවා. ඒ අයට ලෝකෙ දුක හා සතුට දැනෙන ප‍්‍රමාණය තීව්රයි. ගොඩක් වෙලාවට තියුණු නිර්මාණශීලීත්්වයම, ඒක චිත‍්‍ර, සංගීත, නර්තන ඕනම විෂයක වෙන්න පුළුවන්, ඒ නිර්මාණශීලීත්වයම මත්ද්‍රව්‍යය ආදියට ඇබ්බැහි වීම තීරණය කරනවා.
ක්ලිෆ්සයිඞ් මැලබු ආයතනයේ ප‍්‍රධානී රිචර්ඞ් ටේට් කියන විදිහට, ක‍්‍රියේටිව් අයට ලෝකෙ සංවේදනා වැඩියෙන් දැනෙනවා වගේම ඒ අයට ඒවා වඩාත් ළ`ගින් දැනවෙන්නත් උවමනා වෙනවා. උදා විදිහට රොබින් විලියම්ස් වගේ කෙනෙක් ජීවිතේ වේදනාවට, ලෝකයේ වේදනාවට ගොඩක් සංවේදී හිතක් තිබුණු කෙනෙක්. ඒ හින්දම ඒක ඩිප්‍රෙෂන් කරා යන පාරක් වෙනවා. එතනදි ඇඩික්ෂන් සහ ක‍්‍රියේටිවිටි කියන දෙකම මේ අවුල එළියට එන දොරටු විතරයි.
‘මට මාව සුවිශේෂයි, නිර්මාණශීලීයි කියල දැනවූ මා තුල වූ කොටස්ම මාව දිවි නසාගැනීම වෙත තල්ලූ කරමින් තිබුණ’
-ඬේවිඞ් ෆොස්ටර් වොලාස්
වේදනාව එන්න එන්නම විශාල වෙනකොට සහ තමන්ට එතනින් ගැලවීමක් නැති කොට මරණය කියන්නෙ වේදනාව අඩු තෝරා ගැනීමක්. දිගින් දිගටම තමා වටළන අන්ධකාරය එක්ක සටන් කිරීමෙන් හති වැටෙන තැනදි නිදහස සඳහා ලේසි පාර තෝර ගන්නවා. රොබින් විලියම්ස් අතින් සිද්ද වුනෙත් මේ තෝරා ගැනීම.
‘සියදිවි නසාගැනීම කියන්නෙම වැරදි යෙදුමක්. අපි අපිව නසාගන්නෙ නෑ. සරලවම කිව්වොත් අපි ජීවත් වීම වෙනුවෙන් කරන දැඩි අරගලයකින් පරාද වෙනවා. කවුරු හරි දිග කාලයක් ලෙඩින් ඉඳලා මළොත් අපි අනුමත ස්වරයෙන් කියනවා, එයා ගොඩක් සටන් කළා ජීවිතේ වෙනුවෙන්’ කියල. ඒත් සියදිවි නසා ගැනීමක් ගැන අපි හිතන්නෙ එතන කිසි සටනක් නොතිබුණා වගේ. කවුරුහරි නිකංම අත්ඇරලා දැම්මා වගේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි’
-සැලී බ‍්‍රැම්ප්ටන්
(ඩිප්‍රෙෂන් සැමරුම්)
රොබින් විලියම්ස්ට ජීවිතෙන් ලැබුණු හැමදෙයක්ම එයා ආපිට සමාජයට දුන්නා. කිසිම දෙයක් නැතුව හිස් අතින් ආපහු යන්න හැරුණ. එයාම කියන විදිහට,
‘ඔයාට දීලා තියෙන්නෙ පිස්සුවේ එක් අංශුමාත‍්‍ර දිලිසුමක් විතරයි. කොහොමවත් ඒක නැති කර ගන්න එපා’
ආර්ට් කියන්නෙ හොඳ හෝ මාර දෙයක් නෙමෙයි. ඒක හොඳ හෝ මාර වෙන්නෙ මේ මනුස්ස නිමේෂය, පැවැත්මේ අන්ධකාරය හෝ වේදනාව විසින් කරන ඇත්ත කැපුම් පාරවල් හින්ද. රොබින් විලියම්ස් ඇතුළතින් වෙන ඒ හැම කැපුමක්ම හිනාවෙවී දරා ගත්තා. ඒ හිනාව බෙදා ගත්තා.
ගහක අතු ස්වර්ගයට යන්න නං ඒ ගහේ මුල් අපායට යන්න ඕනි කියල ෆෙඞ්රික් නීට්ෂෙ කියනවා. රොබින් විලියම්ස් ස්වර්ගයට යනවා අනිවාර්යෙන්ම. මොකද ඒ මුල්් හරහා අපායෙ ලෝදියෙන් පවා අතු පිරෙන්න මල් පිපිච්ච හින්ද.
(ෆොර්බ්ස් වෙබ් අඩවියට ඇලිස් වෝල්ටන් ලියූ ලිපියක් ඇසුරින්)
-චින්තන ධර්මදාස
Subscribe to:
Post Comments (Atom)
great!!!!!!
ReplyDeleteනිර්මාණශීලිත්වය කියන්නෙ මානසික ව්‍යාකූලතාවයක කොටසක් කියන එක නම් ඇත්තම තමයි. ලංකාවෙදි ජනප්‍රිය කලාවට සැමවිටම අනුමත රීතියක් මනෝමයෙන් තනාගෙන තිබෙනවා. ඒ නිසා ඒ රීතිවලට පිටින් හිතන අයට තැන ලැබෙනවා අඩුයි..
ReplyDelete