Tuesday, May 31, 2011

කොච්චි - තක්කාලි සහ පතෝල




ඇයි දැන් සැරට ලියන්නෙ නැත්තෙ?
සමහර යාලූවො මගෙන් අහනවා. සැරට කියන්නෙ හොඳට නෙළන්නෙ නැත්තෙ ඇයි කියන එක. නැත්තං කාව හරි රිදෙන්න විවේචනය නොකරන්නෙ ඇයි කියන එක. මේ කාලෙ ඒක විනෝදයක්. මාර්කට් එකක්.
ඒත් ඇයි මං සැරට ලියන්නෙ?

ශ‍්‍රී පාලි එකේ කෙටි චිත‍්‍රපටි ගැන කතා කරන්න මට දවසක් එන්න කිව්වා. එතනදි ඒ ගොල්ලො හදපු කෙටි චිත‍්‍රපටි කීපයක් පෙන්නලා සංවාදයකට යන්නයි සැලසුම් කරලා තිබුණෙ. මම මට පේන විවිධ පැති වලින් ඒ චිත‍්‍රපටි විවේචනය කළා.

‘අපිට නැති වෙන්න ගැහුවා’
ඒ චිත‍්‍රපටි කරපු අය කිව්වා. බලන් හිටපු අනිත් අය විනෝද වුණා. ඒත් මට උවමනාවක් තිබුණෙ නෑ ‘නැති වෙන්න’ ගහන්න. මට ඕන වුණේ ‘ඇති වෙන්න’ ගහන්නයි. ඒක විනෝදය පිණිස නෙමෙයි. ඊට වඩා වැඩි ධනාත්මක සිතීමක් වෙනුවෙන්. ඒත් ලංකාවෙ විවේචනය ගැන තියෙන්නෙ වෙන අදහසක්. ඒක මමත්වය මූලික වැඩක් මිස විෂය ඇතුලෙ සංවාදයක් නෙමෙයි. විශේෂයෙන්ම සිනමාව කියන විෂයෙදි මේක බරපතලයි. කොච්චි වගේ ඇත්ත විවේචන වෙනුවට තක්කාලි හෝ පතෝල දෙවර්ගය තමයි අපිට අත්විඳින්න වෙන්නෙ. ඒත් අපිට අපි ඇතුලෙන් අපිව ඉරා දමන විචාරයක් නැතුව යන්න පුළුවන් දුර කොයි තරම්ද? ඒක තමයි අපේ ¥පතේ තරම.

‘විවේචනය පිළිගන්නේ නැති වේවි. ඒත් ඒක අවශ්‍යයි. හරියට ශරීරයේ වේදනාව වගේ ඒක යම් කාර්යක් ඉටු කරනවා. ඒක නිසා රෝගී තත්වයන්ට ගොදුරු වේගෙන එන දේවල් ගැන අවධානය යොමු වෙනවා’
-වින්ස්ටන් චර්චිල්-

චිත‍්‍රපටි පාසැලක ටික කාලයක් ඉගෙන ගන්න මට ලැබුණු අවස්ථාවෙ වටිනාම දෙයක් වුණේ විවේචනය සාධනීය හැටියෙන් බාර ගන්න ලැබුණු පුහුණුව. එතනදි අපි ලියන පිටපතක් හෝ කරන කෙටි චිත‍්‍රපටයක් පංතියේ අනිත් අය අතින් නිර්දය විදිහට විවේචනය වීම අනිවාර්යක්. ඒක පුහුණුවක්. ළ`ගම ඉන්න මිතුරා පවා තමන්ට දැනෙන ඇත්තම ටික සියල්ලන් ඉදිරියේ කියලා දානවා. මුලින් සිංහල බෞද්ධ හැදියාව නිසා උන්ට මුහුණ දෙන්න බැරි වගේ ගතියක් දැණුනට, පස්සෙ ඒක මාවම විශ්ලේෂණය කර ගන්න මට උදව් වුණා. හැබැයි එතන අර විනෝද වෙන පිරිස හිටියෙ නෑ. ඒ නිසා මමත්වය වෙනුවෙන් විවේචනය එතන තිබුණෙ නෑ.

ඒ විදිහට විවේචන එක්ක වැඩෙමින් සංවාද විවෘත වෙමින් යන සංස්කෘතියක් අපිට නෑ. ඒ වෙනුවට විවේචනය ‘මඩ ’ තැනකට යනවා. මඩ වලින් කියවන අය විනෝද වෙනවා. ලියන අය පොර වෙනවා. නගර සභාවෙ ලොරියක් වගේ ගඳ විතරක් ඉතුරු වෙනවා.

මෑතකදි ලංකාවෙ ජනප‍්‍රියම වුණේ මේ මඩ වර්ගයේ විචාර. සමාජීය හෝ පුද්ගලික හෝ එහෙම නැත්තං බොරු හෝ කාරණා අරගෙන මඩ ගැසීම ‘න්‍යායික’ වගේ පේ්න්න ගත්තා. ඒක විලාසිතාවක් වුණා. ඒත් ඒ විවේචන පිටිපස්සෙ තියෙන අරමුණ කාටවත් ප‍්‍රශ්නයක් වුණේ නෑ.

‘මේ පාර ගහලා තිබ්බා නැති වෙන්න’

ඒ ලිපි බලලා විනෝද වෙන අය කියනවා. කොටින්ම ලිපියෙ තිබ්බෙ මොනවද කියලවත් වගක් නැතුව. පවතින දේට වඩා හොඳ යමක් ගැන ප‍්‍රාර්ථනාවක් හෝ නැත්නම් ඇයි අපි විවේචන කරන්නෙ? සාමාජීයව වඩා සාධනීය දෙයක් අරමුණු නොකරන, රෝගී විවේචන අපි විනෝදයක් හැටියෙන් බාර ගනිමින් ඉන්නවා. ඒ විවේචනයම පැවැත්මක් වුණු පිරිසකුත් ඉන්නවා.

‘චින්තන ඔයා පුද්ගලිකයි. පුද්ගලයෙකුට බෑ සමාජ සංවිධානයක් විවේචනය කරන්න’
දවසක් දීප්ති මට අවවාද කරලා තිබුණ. ඒක ඇත්තක්. පට්ට ඇත්තක්. පුද්ගලික අරමුණකට බෑ සමාජ අරමුණක් විවේචනය කරන්න. ඒත් කාලයක් යද්දි සමහර සංවිධානවල අරමුණු පුද්ගල අරමුණු වලටත් වඩා පුද්ගලික වෙන්න පටන් ගන්නවා. ඒ සංවිධාන වල විවේචන බන්දු ටෙනී වර්ගයේ විනෝද වැදලි වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ලංකාවෙ සිනමා විචාර කියන්නෙ දැන් රෝග තත්වයක්. කට්ටියක් සිනමාව විචාරය කරන්නෙ ඒ සිනමාව මනෝ විශ්ලේෂණයට කොයි තරම් එක`ගද කියන එක උඩ. නැතුව සිනමාව ඇතුලෙ ජීවිත හෝ මාධ්‍ය භාවිතය ගැන නෙමෙයි. මේ ළ`ගදි චිත‍්‍රපට තිර පිටපත් තොගයක් මුද්‍රණය කරලා එලියට දාද්දි ඒකෙ ප‍්‍රධාන දේශනයේ මාතෘකාව වුණේ ‘හැ`ගවුම සහ හැ`ගවුම්කාරකය’. සිනමාව හෝ සිනමා කර්මාන්තය හෝ ඒ එලියට දාමින් හිටපු කෘති හෝ වෙනුවට සෝෂියර් ගේ තොරොම්බල් කරලා ඔක්කාරෙට එන තරමට එපා කරපු න්‍යායක් විතරයි ඒ විචාරකයාට සිනමාව ගැන කියන්න ඉතුරු වෙලා තිබුණෙ. තව කට්ටියක් ලියන්නෙ පතෝල විචාර. ඒ අය චිත‍්‍රපටි කතාව නැවත ලියනවා. ගුණ ගායනා කරනවා. උඩ දානවා. බොරු ලියනවා.
අපේ සාහිත්‍යය විචාරය වුණෙත් මේ විදිහට. අපේ හැම දෙයක්ම මේ විදිහට එකතැන පල්වෙන්නෙ මේ සංස්කෘතික අනන්‍යතාවය නිසා. විවේචනයේ විද්‍යාව සහ විවේචනය බාර ගැනීමේ පුහුණුව නොදන්නා බොළඳකම නිසා. මේක කලාව සම්බන්ධ අවුලකට වඩා අපේ ජාතික උරුමයක්.
විවේචනයක් කියන්නෙ ආදරය පදනම් වුණු ක‍්‍රියාවක්. අපි අනෙකාව විවේචනය කරන සීමාව වෙන්නෙ අපි අනිකාට ආදරය කරන සීමාවයි.

‘ඔබේ මිතුරාව විවේචනය කිරීම ඔබට වේදනාකාරීද, එහෙනම් එය කරන්නට ඔබ සුදුසුයි. ඒත් ඔබ යන්තම් හෝ ඉන් විනෝදයක් ලබනවා නම්, කට වහගෙන ඉන්න තරමට හොඳයි’
- ඇලිස් මිලර්.

සිනමාව ගැන මම සැරට ලියන්නේ සිනමාව ගැන සංවාදයකට මගේ ඇති උවමනාව නිසයි. හැම විචාරයක්ම තවත් අදහස් මාලාවකට දොරටුවක්. විවේචනය නිශ්ශබ්දව බාර ගැනීමට වඩා සක‍්‍රීයව අදහස් දැක්වීම පුළුල් කතිකාවක් ඇති කරනවා. පුද්ගලික ජීවිතය හෝ ඒ සම්බන්ධ වෙනයම් දෙයක් විචාරයට ගෙන ආ යුත්තේ විචාරයට පාදක කෘතියේ දුර්වලතාවයට හේතු කෘතියට බැහැර ඒ ඉසව් වල පවතිනවා නම් විතරය. ගැලරියේ විසිල් එකට ලියන විචාර වලින් වෙන්නේ ඒ විචාරය කරන අයගේ රෝග එලිය එක්ක බෙදා හදා ගැනීම මිස වැඩකට ඇති අදහස් බෙදා ගැනීමක් නෙමෙයි.

විවේචනය සැරට සිද්ද වෙන්න ඕන ඇයි?
අපි අපේ කෘතියක් එක්ක සහ වටේ ඉන්න පතෝලයන්ගේ ඇන්දිලිත් එක්ක හදාගෙන ඉන්න කටුව බිඳගෙන විචාරය ඇතුල් වෙන්න උවමනා නිසයි. අපිට දාරාගන්න බැරි අවුලක් සහ වේදනාවක් ඇතුලෙන් විතරයි අපිව ඇත්තට ප‍්‍රශ්න කරන තැනකට තල්ලූ කරන්න පුළුවන්. අපේ මමත්වයේ ආරක්‍ෂිත ප‍්‍රයෝගයන් විනිවිදින්න පුළුවන්. ඒත් ඒකට විචාරය බාර ගැනීමේ ශික්ෂණයත් අනිවාර්යක්. නැත්නම් ඒක වෛරයක් සහ විනෝදයක් තැනින් කෙලවර වේවි.

උදව් කිරීමට තරම් හදවතක් ඇත්තාට විවේචනය කිරීමේ අයිතිය ඇත.
-ඒබ‍්‍රහම් ලින්කන්

විවේචනයෙන් තොරව විෂයක් හෝ විෂයක යෙදෙන පුද්ගලයෙක් වැඩෙන්නේ නැහැ. විවේචනය නිර්දය වෙන තරමට එය සාධනීයද වෙනවා. සංවාදයන් විවෘත කරනවා. ඒත් විවේචනය වෙන තැන සහ විවේචනයේ අරමුණ පැහැදිලි වෙන්න ඕන. ලංකාවේ කෙරුණු ගොඩක් විවේචන වල අරමුණ සහ තැන වුණේ විවේචකයාගේ මතවාදයට නිර්මාණකරුවා එක`ග නොවීමයි. මාක්ස්වාදී විචාරයේ සිට මනෝ විශ්ලේෂණවාදී බහුබූත විචාරය දක්වාත් මේ සත්‍ය අදාලයි. කෘතිය පැත්තක තියෙද්දි තමන්ගෙ වත්තෙ දොරකඩ නටන වර්ගයේ විචාර තමන්ගේ ප‍්‍රසිද්ධිය හෝ ලාබය පිණිස හොඳ වුණත් විෂයක හෝ කෘතියක වර්ධනයට නම් වැඩක් වෙන්නෙ නැහැ. ඊටත් වඩා ඒ විචාර කියවන අය සහ ඒවායින් විනෝද වෙන අය නිසා රටේ විෂයන් විදිහට දේවල් දියුණු වෙන්න තියෙන ඉඩත් ඇහිරෙනවා. අපේ සිනමාව ඇතුළු කලාවන් විතරක් නෙවෙයි දේශපාලනය පවා මේ තරම් දියුණුවෙන් දියුණුවට පත්වෙන්නෙ අපිට ආවේණික විචාර සම්ප‍්‍රදාය නිසයි.

විනෝදය සඳහා විචාර කුණු තක්කාලි වලට විකිණෙද්දි වැඩක් වෙනුවෙන් කොච්චි වගේ විචාර ඕන කියල අපි කියන්නේ ඒ විචාර වලින් අලූත් සංස්කෘතියක් පටන් ගන්න පුළුවන් නිසයි.

‘මට යන්න දෙන්න.
අපිට පුළුවන් වෙන්න ඕන අපි ආදරය කරන දේවල් විවේචනය කරන්න.
අපිට කියන්න තියෙන දේ කියන්න.
ඔයා දෙයක් වඩාත් යහපත් කරන්න වැඩ කරන්නෙ නැත්තං,
මට කියන්න වෙන්නෙ ඔයා නිකමෙක් විතරයි’

-ඇනී ඩිෆ‍්‍රැන්කො

-චින්තන ධර්මදාස

වූඩි ඇලන් එක්ක කොට කතාවක්




හරි විදිහෙ පෙනුමක්, හරිහමන් යාලූවො, හොඳ කටක් තියෙනවා නම් ඔබට හොලිවුඞ් තරුවක් වෙන්න පුළුවන්. ඒත් වූඩි ඇලන්ට එහෙම හොඳ පෙනුමක් නෑ. ගොඩක් අයට ඕන එයත් එක්ක යාලූ වෙන්න. එයාගෙ කටත් ඒ තරම හොඳ එකක් නෙමෙයි. අසහනකාරී දේවල් කියනවට වඩා දෙයක් ඒකෙන් වෙන්නෙ නෑ. ඒත් වූඩි තරුවක් නෙමෙයි. එයා ලෙජන්ඩ එකක්. එහෙම ලෙජන්ඞ් එකක් වෙන්න නම් ටැලන්ට් එකක් තියෙන්න ඕන. අවුරුදු 35ක් හොලිවුඩ වල රැුඳෙන්න බෑ ඔයා නිකමෙක් නම්. 1978 ඉඳන් වූඩි ඇකඩම අවෝර්ඞ් 15ට නම් වුණා එයාගෙ ර`ගපෑම, පිටපත් සහ අධ්‍යක්‍ෂණය නිසා. 1978 ඇනී හෝල් චිත‍්‍රපටයට වූඩි පිටපත සහ අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ඇකඩමි සම්මාන දිනා ගත්තා.

ප‍්‍රශ්නය-
වූඩි, මට ටිකක් කියන්න ඔයාගෙ දෙමව්පියන් ගැන.

වූඩි ඇලන්-
මම හිතන්නෙ නෑ මගේ දෙමව්පියො මට කැමති වුණා කියල. මං පුංචි කාලෙ ඒ ගොල්ලො පණ තියෙන ටෙඩි බෙයාර් කෙනෙක්ව මගේ ඇඳට දැම්මා. මට හොඳටම විශ්වාසයි මාව ත‍්‍රස්තවාදී හරි හොරු හරි අරන් ගියා නම් ඒ ගොල්ලො ඉක්මන් ක‍්‍රියා මාර්ග ගනීවි. මගේ කාමරෙත් කුලියට දේවි.

ප‍්‍රශ්නය-
ඔයා හු`ගක් හොඳ ඉස්කෝලෙකට යන්න ඇති. ඒ කාලෙ කොහොමද?
වූඩි ඇලන්-
මට තිබුණෙ මහ එපා කරපු ඉස්කෝලෙ කාලයක්. ඒක මානසික ආබාධ සහිත ගුරුවරුන් වෙනුවෙන් හදපු එකක්.




ප‍්‍රශ්නය
ලොකු වුණාම ඉස්කෝලෙ ක‍්‍රීඩා කණ්ඩායම් වලට එකතු වුණාද?
වූඩි ඇලන්-
මට චෙස් ටීම් එකට යන්න බැරි වුනා මගේ උස හින්ද. ගොඩක් කොටයි නෙ මම.

ප‍්‍රශ්නය
ඉස්කෝලෙ කාලෙ හොඳ ළමයෙක්ද?
වූඩි ඇලන්-
මම මේක සාමාන්‍යයෙන් කියන්නෙ නෑ. ඒත් මාව ඉස්කෝලෙන් එලියට දැම්මා අධිභෞතික විද්‍යාව හොර කළා කියල. මම මගේ එහා පැත්තෙ ළමයගෙ ආත්මෙට එබිලා බැලූවා.

ප‍්‍රශ්නය
මං ලිංගික ප‍්‍රශ්නයක් ගැනයි අහන්න යන්නෙ. ද්විලිංගිකයො ගැන මොකද හිතන්නෙ?
වූඩි ඇලන්-
මං හිතන්නෙ ඒ ගොල්ලො වාසනාවන්තයි. මේ ද්විලිංගිකත්වය ඔයාට සෙනසුරාදා ?කට ෆන් එකක් ගන්න තියෙන චාන්ස් එක දෙගුණ කරනවා.

ප‍්‍රශ්නය
අපි කසාදෙ ගැන කතා කරමු. කොහොමද ඔයාගෙ දැන් බිරිඳ එක්ක ජීවිතේ?
වූඩි ඇලන්-
එයාද...මුලින්ම කියන්න ඕන එයා තාම හරි පොඩියි. දවසක් මං ගෙදර බාත් ටබ් එකේ ඉන්නකොට එයා ඇවිත් මගේ බෝට්ටු ඔක්කොම වතුරෙ ගිල්ලූවා. මගේ යාලූවො කියනවා මං මෝඩයි කියල. ඒත් මං මගේ බිරිඳව ඉහල තැනක තියන්නයි බලන්නෙ. මගේ ගෙදර මං තමයි බොස්. මගේ බිරිඳ තමයි තීරණ ගන්නෙ.




ප‍්‍රශ්නය
දේශපාලනය ගැන කියන්න මොකවත් තියෙනවද?
වූඩි ඇලන්-
මට කියන්න පුළුවන් ඔබාමා අපේ ජනාධිපති පරපීඩකකාමී, අශ්වයො එක්ක හැසිරෙන , මළමිනී එක්ක නිදා ගන්න කෙනෙක් කියලා. ඒත් ඒක මැරිච්ච අශ්වයෙකුට තඩිබානවා වගේ.

ප‍්‍රශ්නය
අපි අහලා තියෙනවා ඔබට විකෘති කාම හැසිරීම් තියෙනවා කියල.
වූඩි ඇලන්-
ඔය අහන්නෙ ස්වයං වින්දනය ගැන නම් ඒ මං කැමති කෙනෙක් එක්ක සෙක්ස් කරන විදිහ. ඒකට මොකුත් කියන්න එපා.

ප‍්‍රශ්නය
අවසන් ප‍්‍රශ්නය. ඔබ කැමතිද ඔබේ වටිනා නිර්මාණ තුලින් අමරණීයත්වයට ළගා වෙන්න?
වූඩි ඇලන්-
මට ඕන නෑ මගේ වැඩ වලින් අමරණීය වෙන්න. මට ඕන මැරෙන්නෙ නැතුව අමරණීය වෙන්න.

හාවි ටොබ්ක්ස් - වූඩි ඇලන් එක්ක.
පරිවර්තනය- ව්‍යාධදේව.

Monday, May 16, 2011

අපිට වෙරිද? නැත්තං ජොලි ද? : සිනමාව සහ දේශපාලනය අතර


(අපිචත්පොන්ග් ව ලංකාවෙ ගොඩක් අය බලන්න ගත්තෙ කාන් චිත‍්‍රපට උළෙලෙදි ලත් ඇගයීමත් එක්ක. චිත‍්‍රපටි හදද්දි අපිචත්පොන්ග් එයාගෙ ඇත්ත ජීවිතය, රටේ සම්ප‍්‍රදායන් සහ ජන ජීවිතය ඇතුලෙන් ආපු තේමාවන් සහ ආකෘතීන් පාවිච්චි කළා. ඒ නිසාම එයාගෙ සිනමාව සුවිශේෂ වුණා. යුරෝපියානු සම්භාව්‍ය සිනමා විචාරකයින් අපිචත්පොන්ග් ‘දාර්ශනික’ නැත්නම් ‘අලූත් සිනමාවක්’ යෝජනා කරමින් සිටින බව කියන්නේ ඒ නිසයි. අපේ රටෙන් මුල්ම වතාවට කාන්ස් යන්නෙ විමුක්ති ජයසුන්දර. එයා අපිචත්පොන්ග් ගෙ යාලූයෙක් කියලා කරට අත දාගෙන ෆේස් බුක් එකේ පිංතූර දාල තිබුණ. ඒත් යාලූ වුණත් විමුක්ති සිනමාව කියල කරන දේයි අපිචත්පොන්ග් කරන දේයි කොයි තරං වෙනස්ද?*

අපිචත්පොන්ග් වීරසේතුකල්ගෙ ‘නාඳුනන බලවේග’ වීඩියෝ ස්ථාපන ප‍්‍රදර්ශනය (සබිඒකක්එසදබ ්රඑ* ඇමරිකාවෙ සිය පළමු ප‍්‍රදර්ශනය අරඹන්නට දින කීපයකට පෙර ඔහුගේ අලූත්ම දිත‍්‍රපට වුණු ‘සින්ඩ්‍රෝම්ස් ඇන්ඩ සෙන්චරී’ චිත‍්‍රපටය ඔහුගේ උපන් රට වන තායිලන්තයේදී තහනමට ලක් වෙනවා. ඒක තායිලන්තෙ වාරණ මණ්ඩලයට ස්ටුඩියෝ පසුබිමක් නැතිව ඉදරිපත් වුණු මුල්ම චිත‍්‍රපටිය. චිත‍්‍රපටය පෙන්නනවා නම් ෙඡ්දන හතරක් මණ්ඩලය විසින් නිර්දේශ කළා. අපිචත්පොන්ග් එම සංස්කරණය ප‍්‍රතික්‍ෂේප කරමින් තහනම බාර ගත්තා. ඒත් මණ්ඩලය ඒ චිත‍්‍රපට පිටපත නැවත බාර දුන්නේ නෑ. මේ බලපෑම ගැන පුදුමය වන්නේ එම කාව්‍යමය, භාවනානුයෝගී නිර්මාණය ඉලක්කයක් වුණේ කොහොමද කියන එකයි.

රෙඞ්කැට් එකෙන් කරපු අපිචත්පොන්ග් ගෙ ‘නාඳුනන බලවේග’ ප‍්‍රදර්ශනයේ කොටසක් විදිහට එයාගෙ චිත‍්‍රපට ගණනාවකට සම්බන්ධ වුණු රංග ශිලිපීන් දෙදෙනෙක් හයි වේ එකක පිකප් ට‍්‍රක් එකක නැගී ගමන් කරන්න ගත්තා. වීරසේතුකල් කියන විදහට ඒ 2006 පිබිදීම ඇති කළ ඔහුගේ රට සහ ඒ රටේ ජනතාව වෙනුවෙන් කරන ප‍්‍රණාමයක්.

ඒ වගේම ඒක තායිලන්තයේ උතුරු නැගෙනහිර ඔහුගේ පළාතේ අධික ලෙස වැඩ කරන සහ බොන කම්කරුවන් වෙනුවෙනුත් කරන ගෞරව කිරීමක්. තායිලන්තයේ ඉඩම් සංවර්ධනය වෙනුවෙන් කැප වෙන ඇත්ත ශ‍්‍රමය ඔවුන්ගේ. කොන්ත‍්‍රාත්කරුවන් විසින් මේ කම්කරුවන් පිකප් ට‍්‍රක් වල වල නංවාගෙන පළාතෙන් පළාතට නගරයෙන් නගරයට ගෙනියනවා. තායිලන්ත බිම සකස් වුණේ මේ තැනින් තැන යන ඩබල් කැබ් වල පැටවුණු ආත්ම වලින්. ගොඩක් නළු නිළියො වගේම මේ කමකරුවනුත් කාලයක් තිස්සෙ ඔවුන්ට හ`ඩක් අහිමි මේ පද්ධතිය තුල අපොලිටිකල් ආත්ම වෙලා.

‘ගොඩක් වෙලාවට මට දැනෙනවා මාත් මේ පිකප් ට‍්‍රක් සින්ඩ්‍රෝමයේ කොටසක් කියල. ඒ ට‍්‍රක් එක දුවන්නෙ දේශපාලන, ඒකාධිපති සහ ආගමික දේවල් කොක්ටේල් වුණු අමුතු ඉන්ධනයකින්’
අපිචත්පොන්ග් කියනවා.

ප‍්‍රශ්නය- සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරීස් චිත‍්‍රපටය දේශපාලන අර්බුද ගණනාවකට මුහුණ දෙමින් තිබෙනවා. ඒ වගේ චිත‍්‍රපටයකට මෙබඳු ප‍්‍රතිචාරයක් හිතා ගන්න ආමාරුයි. ඒ චිත‍්‍රපටය තහනම් කළා යැයි අහද්දි අපිට හිතා ගන්න බැරි වුනා මොකක්ද හේතුව කියල.

අපිචත්පොන්ග්-
ඇත්ත. ඒක හරියට පශ්චාද් උපාධි චිත‍්‍රපටියක් වගේ. මටත් තේරුම් ගන්න බැරි වුණා තහනමට හේතුව. ඒත් ආපස්සට හැරිලා බලද්දි හැම තායි චිත‍්‍රපටකරුවෙකුටම සලකලා තියෙන්නෙ මේ විදිහට තමයි. ස්ටුඩියෝ වලින් කරපු චිත‍්‍රපටි ඇරණම. ඒවා අපේ චිත‍්‍රපටි නෙමෙයි. ඒක නිසා මම පෙත්සමක් අත්සන් කරන්න ගත්තා. ආරම්භයේදි ඒහෙම බලාපොරාත්තුවක් නොතිබ්බත් පස්සෙ ඒක දේශපාලන ක‍්‍රියාවක් වෙනකල් ව්‍යාප්ත වුනා.

මේ කාලෙදිම, ඒත් වාරණයට කලින් අපි ‘නාඳුනන බලවේග’ නිර්මාණය කරමින් හිටියෙ. මම කොහොමත් නිදහස ගැන හු`ගක් හිතන කෙනෙක්. මට ඒ ගැන කතා කරන්න ගොඩක් උවමනාව තිබුණත් කරන්න පසුබිමක් තිබුණෙ නෑ. මේ වැඬේ ඒකට හොඳ ඉඩක්. මම තායිලන්තෙ ජීවත්වෙන්න කැමති කෙනෙක්. තායිලන්තෙ ජීවිතය මට හරිම ආස්වාදජනකයි. ඒ ජීවිතය හරිම විශේෂයි. ඒ ඇරණම මම තායිලන්තෙ ඉන්න කැමති මේ අරගලය නිසා. පාරෙ යන කොට අපි දකිනවා මේ වෙළෙන්දො, කිසි පිලිවෙලක් නැති දේවල්, මිනිස්සු තමන්ට ඕන විදිහට නීති වෙනස් කර ගන්නවා. කීප දෙනෙකුට ඕන විදිහට රට පාලනය වෙනවා. අපිත් ඒකෙ කොටස්. අපි සතුටින් මේ හැමදේම බාර අරගෙන ඉන්නවා. අපි මේ ගැන සතුටුද? ඒකයි මගේ ප‍්‍රශ්න කිරීම.

ඇයි අපි සතුටු? අපිට වෙරිද? නැත්තං අපි මොකුත් ප‍්‍රශ්න නොකරන හිරිවැටීමකට පුරුදු වෙමින් යනවද? ‘නාඳුනන බලවේග ’ කියන්නෙ මේ කතාව. සින්ඩ්‍රෝම්ස් ඇන්ඞ් සෙන්චරි වෙනුවෙන් පෙත්සමේදි අපි සඳහන් කළා ඔවුන් අපේ චිත‍්‍රපටය තහනම් කරපු හැටි. අපේ වෙබ් එකේ පවා සමහර අය උත්තර දීලා තිබුණ. ‘ඒක හොඳයි එහෙම වාරණයක් තියෙන එක. එතකොට ඒ අයට පුළුවන් ප‍්‍රංසෙ වගේ රටවල ඒ චිත‍්‍රපටි පෙන්නන්න. ප‍්‍රංසෙත් තහනම් කළොත් නම් අපායෙ තමයි’ කියල.

මේ වගේ උත්තර වලින් පේනවා මිනිස්සු හිතන විදිහ. ඒ අයට තේරෙන්නෙ නෑ. මං නිදහස කියන්නෙ ඇමරිකානු අර්ථයකින් නෙමෙයි. මම කියන්නෙ හරිම ප‍්‍රාථමික අදහසක්. අපිට කියන්න ඕන දේ කියන්න නිදහස වගේ සරල දෙයක්. අපිට එහෙම බෑ. ඒත් ඒක සමහරුන්ට තේරෙන්නෙ නෑ. අපි ගොඩක් කල් මේ පාලනය යටතෙ ඉඳලා පුරුදු වෙලා. ඒක අපේ මානසිකත්වයේ කොටසක් වෙලා. ඒක හින්ද මට අනුව නම් අපි වෙනසක් ඇති කරන්න වෙනවා. අපිට ඕන හැමදෙයක්ම කියන්න නොවුණත් මීට වඩා වැඩි දේවල් ටිකක් කියන්න ඉඩක් හදා ගන්න. අර වගේ කටු ඇතුලට වෙලා ඉන්න අයට ඒකෙන් බාධාවක් වෙන එකක් නෑ.

ප‍්‍රශ්නය-
මේ පෙත්සමේ අත්සන් ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒ ගොඩක් අය තායිලන්තෙම ඉන්න අය. අපි පුදුම වුණා මේ ගැන. මේ ප‍්‍රශ්නෙ මේ තරම් රට ඇතුලට දැනෙන එක ගැන.

අපිචත්පොන්ග්-
ඔව්. ඒ මේ හැමකෙනෙකුටම ගොඩක් කල් මේ විදිහට ඉන්න සිද්ද වුනු නිසා. මෙතන ඉන්නෙ ස්වාධීන චිත‍්‍රපටිකරුවන් විතරක් නෙමෙයි. කොහොමටත් අපිට ස්වාධීනත්වයක් නෑ. විශේෂයෙන්ම තමන්ගෙ ප‍්‍රකාශන එලිදක්වන්න බැරිව හිටපු වීඩියෝ චිත‍්‍රපටිකරුවන් අපි එක්ක එකතු වුණා. මේ කතිකාව පොදුවෙ හැමදෙනාම වෙනුවෙන්. පෙත්සමේ සමහර අය කියලා තිබුනා, ‘මං ඔයාගෙ චිත‍්‍රපටියට කොහොමත් කැමති නෑ. ඒත් මේ හේතුව වෙනුවෙන් සහයෝගය දෙනවා’ කියල. නියමයි. බොහොමත්ම ස්තුතියි.

ප‍්‍රශ්නය-
තායිලන්තෙ ස්ටුඩියෝ ක‍්‍රමයට පිටින් චිත‍්‍රපටිකරුවෙක් වීම කොයි වගේද? එහෙම විෂුවල් ආර්ටිස්ට් ලා හෝ ෆිල්ම්මේකර්ස් ලගේ සමාජයක් තියෙනවද?

අපිචත්පොන්ග්
ගොඩක් වීඩියෝ චිත‍්‍රපටිකරුවන් සහ චිත‍්‍රකරුවන්ගෙ එකතුවක් අපිට තියෙනවා. ඒත් ඒක හරි අමාරුයි. තායි කතා කරන වෙළඳපොල හරි කුඩයි. ඒක නිසා චිත‍්‍රපටියකට වියදම් කරන මුදල හැම තිස්සෙම ගැටළුවක්. චිත‍්‍රපටිය හු`ගක්ම පුද්ගලික අත්දැකීමක් නම් ඒක ඉතාම සුළු පිරිසක් අතරට විතරයි යන්නෙ. ඒ නිසා රටෙන් පිට වෙළඳපොලක් අවශ්‍ය වෙනවා.

ප‍්‍රශ්නය-
ඔබ කියන්නෙ, එක දවසක් උදේ ඔබ ඇහැරෙන කොට එක්වරම ඔබට වැටහෙන්න ගත්තා අවට ලෝකය පවතින්නෙ ඔබ හිතූ පරිද්දෙන් නෙමෙයි කියල. ‘නාඳුනන බලවේග’ ඔබේ මේ හැ`ගීමට දක්වපු ප‍්‍රතිචාරයක්ද?


අපිචත්පොන්ග්-
මං හිතන්නෙ මේක වුණේ 2006 අගමැතිවරයා බලයෙන් පහකිරීමට ඇතිවුණු දේශපාලන අවදි වීමත් එක්ක. මට තේරෙන්න ගත්තා මේ අපිට කරන්න නිදහස ඇති දෙයින් කොටසක් කියන එක. මේ විදිහෙ අනෙක් හැම පිබිදීමකදිම අපි අසාර්ථක වුණා. මේ පාරත් මම හිතුවා, මේක වෙන්නෙ නැති දෙයක්. අපි කවදාවත් ඉගෙන ගන්නෙ නෑ කියල. ඒත් ඒක සිද්ද වුණා. අගමැති බලයෙන් පහ කළා. මං හිතන්නෙ මේක තමයි විදිහ අපිව පීඩනයට පත් කරලා තියෙන අනෙක් දේවල් ගැනත් ප‍්‍රශ්න කරන්න. දේශපාලන, ඒකාධිපති, ආගම් හැමදෙයක්ම. මම සීරියස් විදිහට ඒ ගැන අධ්‍යනය කරන්නත් හිතන්නත් ගත්තා. මගේ තේමාවන්, මගේ වැඩ ඔක්කොම මගේ පුද්ගලික ජීවිතය ගැන දේවල්. මගේ සතුට, මගේ දුක බෙදා ගැනීම වෙනුවෙන් කරපු දේවල්. දැන් මේ දේශපාලන යාතාර්ථයත් ඒ දුකේ හෝ සතුටේ කොටසක් වෙලා.

-අපිචත්පොන්ග් වීරසේතුකල් සමග කළ සංවාදයක ලිහිල් පරිවර්තනයක්*
-ව්‍යාධදේව

රිදී නිම්නයේ තිරිහන් කැරැල්ල


2005 අවුරුද්දෙ ජාතික චිත‍්‍රපට සංස්ථාවෙ පවත්වපු කෙටි චිත‍්‍රපට සැණකෙලිය අපි නම් කළේ ඒ විදිහට. නෙගටිව්ම ඉල්ලලා සංස්ථාවෙ ලොක්කො පස්සෙ ඇවිදපු කීප දෙනෙක් ඇරුණම ඉතුරු අපි ඔක්කොම එක ඩිජිටල් චිත‍්‍රපටියක් කරන්න පහසුකම් ඉල්ලූවා, රුපියල් ලක්ෂ 10ක්. ‘ඔක්කොම කොහොමද එක චිත‍්‍රපටියක් කරන්නෙ?’ ඒ වෙලාවෙ තනි තනි අධ්‍යක්‍ෂවරුන් වෙන්න හීන දැකපු සමහරු ඇහුවා. ඒත් අපි චිත‍්‍රපටි සංස්ථාවෙ කැන්ටිමට වෙලා එහෙම චිත‍්‍රපටියක් ලිව්වා. සංස්ථාවෙන් සතයක් වත් දෙනවා කියලා නොකියාමත් අපි එහෙම පිටපතක් ලිව්වා. ඇත්තටම එකක් නෙමෙයි දෙකක් ලිව්වා. ඒක කෙරුණෙ නෑ.

ඒත් එතන අපි කට්ටියක් හිටියා.
ඊට පස්සෙ මියුසික් වීඩියෝ, ටීවී වැඩසටහන්, ටෙලි නාට්ටි ගොඩක් අත්හදා බැලීම් කළේ ඒ අපේ කට්ටිය. ඒත් ඒ කිසි එකක් හිතපු විදිහට වැඩ කළේ නෑ. එතකොට අපෙන් ගොඩක් අය ඇහුවා, කෝ ඉතිං හරි ගියාද? කියල.

වැරදුණා. ඒත් හරි ගියා.
අපිට පුළුවන් වුණා සාමූහිකව විෂුවල් ගැන හිතන, ෆිල්ම් මේකර්ස් කියන සංස්කෘතියට ඇතුල් වෙන්න. අපිට පුළුවන් වුණා සල්ලි නැතුව විෂුවල් මීඩියම් එක ගැන හිතන්න. අපිට පුළුවන් වුණා ලක්ෂ 3න් වෘත්තාන්ත චිත‍්‍රපටියක් හදන්න.
කෝ ඉතිං හරි ගියාද?

වැරදුණා. ඒත් හරි ගියා.
ප‍්‍රධාන ධාරාවෙ ලක්ෂ 100ට එහා යන හීනෙ කුඩු පට්ටම් වෙන්න ගත්තා. ප‍්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂවරුන්ට ආයිමත් හිතන්න වුණා. ඩිජිටල් කැමරා අරගෙන අතේ තියෙන ගාණට ලියැවෙච්ච චිත‍්‍රපටි එක දිගට හැදෙන්න පටන් ගත්තා. සංජීව පුෂ්පකුමාර ලක්ෂ 25ට කරපු චිත‍්‍රපටියත් අරගෙන රොටර්ඩෑම් ගියා. අවුරුදු කීපයක් ඇතුලත ලංකාවෙ සිනමාව වෙනස් වුණා. රටේ සිනමාව ගැන තිබුණු හැම කියවීමක්ම අවලංගු වෙන්න පටන් ගත්තා. මේ වෙනස කියවා ගන්න බැරි අය තාම නූතනවාදී දැනුම් කෑලි වලින් මේ අලූත් සිනමාව ප‍්‍රශ්න කරන්න බැරි බැරි ගාතෙ ද`ගලනවා. ඒත් ‘වෙනස’ ඒ හැම කෙනෙක්ම පරණ කරගෙන අධිවේගයෙන් අලූත් වෙනවා.

ලංකාවෙ අලූත් සිනමාකරුවන් බිහිවෙනවා. පරණ අයට යන්න වෙනවා. ඩිජිටල් සිනමාවෙ ගතිකයන් එක්ක මුහුවෙන්න ඒ අයගේ මතවාද ඇන්ටික් වැඩියි.
හැමෝටම තමන්ගෙ චිත‍්‍රපටියක් තියෙනවා කරන්න. ඒ හැම ජීවිතේකටම සිනමාවක් තියෙනවා. චිත‍්‍රපටියක් ගැන තිබුණු ඩිරෙක්ටර්, එඩිටර්, ඞී ඕපී වගේ පුද්ගල ආකෘති වලින් එලියට ආවට පස්සෙ සාමූහික හුවමාරුවක් ඇතුලෙ චිත‍්‍රපටියක් හැදෙන එක වේගවත්. ඒක සෞන්දර්යාත්මකයි. අනික මාර්කට් එකේ සීමා නොතකා යන්න පුළුවන්. එහෙම චිත‍්‍රපටි හැදෙන කණ්ඩායම් එක්ක වැඩ කරද්දියි ලංකාවෙ මෙච්චර කල් අපි මාරයි කියපු සිනමා කෘති ඇතුලෙ තියෙන මැටි කම දැනෙන්නෙ. බෙදා හදා ගැනීම සහ එකිනෙකා තුල දියවීම කියන කාරණා චිත‍්‍රපටිය කියන මාර්කට් වටිනාකමට වඩා හු`ගක් වැඩියි. ආශ්වාදනීයයි. ඒ වගේම ප‍්‍රතිඵලදායකයි. උදාහරණයක් විදිහට ‘ආදරයේ අංශුමාත‍්‍රයක්’ චිත‍්‍රපටියෙ රෝස මල් උඩ වැතිර ඉන්නා ‘ඞී’ ගේ දර්ශනය අපිට තිබ්බ දර්ශන තලයෙ ඉඩ මදිකමත් එක්ක කැමරාවට ගන්නම බැරි වුණා. ඒ වෙලාවෙ කැමරා උපකරණ බාරව හිටපු ස්ටැන්ලි ඒ සීන් එක හිතුවටත් වඩා ගොඩ දැම්මා. ඒක සෙට් එකක් ඇතුලෙ අපි අපේ චිත‍්‍රපටිය ගැන හුවමාරු කරගත් හැ`ගීමක ප‍්‍රතිඵලය.

අපි හැමෝටම අපේ චිත‍්‍රපටිය කරන්න පුළුවන්. ඒක ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල තාක්‍ෂණය විසින් අපිට අත්කර දුන් නිදහසක් මිස මහා පරාක‍්‍රමබාහු ගෙනැත් දුන් එකක් නෙවෙයි. අපේ රටේ පාලකයො වගේම කලාකරුවොත් පුළුවන් තරම් බලන්නෙ ඒ නිදහස අත්හිටුවන්න. ආණ්ඩුව ඉන්ටර්නෙට් පාලනය කරන්න හදද්දි අපේ ප‍්‍රවීණ සිනමාකරුවො ඩිජිටල් කරාට පෙන්නන්නෙ කොහොමද කියලා අපෙන් අහනවා. (ඇල්ලූවට හපන්න පුළුවන්ද?*

අපි අපේ සිනමාව පෙන්නන්නෙ කොහොමද? අපි හිර වෙන තැන් ගොඩක් එනවා. එකක් අපේ චිත‍්‍රපටි වල අන්තර්ගතය මහින්ද චින්තනයට සහ ඒ ප‍්‍රදර්ශන මණ්ඩලවල චිත්තනය එක`ගද කියන එක. මහින්ද චින්තනයට එක`ග නම් වැඬේ කොහොමත් ලේසියි. ජනාධිපති මන්දිරයට ගිහින් චිත‍්‍රපටිය එතුමාට පිළිගන්නලා එතුමාගේ යාලූවො හෝ කියන ආයතනේකින් හොඳ ගාණකට ෆිල්ම් එක විකුණ ගන්න විතරක් නෙමෙයි එක දවසකින් මහා සිනමාකරුවෙක් බිහිකිරීම දක්වා වූ මහා මාධ්‍ය අනුග‍්‍රහයක් ලබන්නත් පුළුවන්. රජය චිත‍්‍රපට කර්මාන්තය ගොඩ දාන්නෙ ඒ විදිහට. මණ්ඩල වල චිනතනයට අනුව චිත‍්‍රපටිය තියෙනවා නම් අපිට පුළුවන් ඒ අයගෙන් ෆිල්ම් හෝල් වල පෙන්නන්න නෙගටිව් ගහන සල්ලි ඉල්ලගෙන රිදී තිරය දක්වා වැඬේ ගෙනැල්ලා ඒ ගොල්ලො දෙන ගාණක් අරං නිකං ඉන්න. මේ දෙකටම අයිති නැති වුණත් කාන්ස්, වෙනිස් වගේ නම් දරපු සිනමා උළෙල වල චින්තනයට එක`ග නම් ඒවා මේ සිනමා උළෙල වලදී විකුණගෙන අන්තර් ජාතික සිනමාකරුවෙක් වෙන්නත් පුළුවන්. බාධාව ඇත්තටම එන්නෙ ඒ ගසත් නොවෙන, මේ ගසත් නොවෙන වෙනත් ගස් වලටයි.
අපේ චිත‍්‍රපටි වලටයි. නෙගටිව් එකක් දක්වා ගේන වැඩපිලිවෙල පවා චිත‍්‍රපටිය හදන්න ගිය වියදමට වඩා වැඩි වුණාම සහ චිත‍්‍රපටය ඞීවීඞී එකක් විදිහට ප‍්‍රදර්ශනය කරන්න පහසුකම් රටේ නැති වුණාම. එතනදි අපිට ඉතිරි වෙන්නෙ තවමත් අපේ රටේ හරියට ව්‍යාප්ත වී නැති අන්තර්ජාල සහ ඞීවීඞී ලෙස බෙදා හැරීමේ ක‍්‍රමය විතරයි. නමුත් ඒ දෙකම මේ රටේ තමන්ගෙ පිරිස් අතරෙ අත්දැකීමක් බෙදා ගන්න චිත‍්‍රපටියක් කරන චිත‍්‍රපටකරුවෙක් තෘප්තිමත් කරන්නේ නෑ.

විකල්ප ප‍්‍රදර්ශන ක‍්‍රමයක්.

චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේ පවා පවතින අකෘතියෙන් එලියට හිතන්න අපිට සිද්ද වෙනවා. නගරයෙන් නගරයට අපේ සංවිධානය වීමක් යටතේ චිත‍්‍රපට මුදා හරින ආකාරයක් අපිට නිර්මාණය කර ගන්න වෙනවා. චිත‍්‍රපටය නිෂ්පාදනයේ දී වගේම එය පේ‍්‍රක්‍ෂකයා වෙත ළ`ගා වීම දක්වා හැමදෙයක්ම සැලසුම් කිරීමේ අභියෝගයක් අපි ඉදිරියේ තියෙනවා.
ඒ අභියෝගය වෙනුවෙන් විකල්පයක් විශ්වාස කරන සහ ඒ විකල්පය වෙනුවෙන් ජීවත් වෙන සහෝදර කණ්ඩායම් අවශ්‍යයි. පලාතෙන් පලාතට වේදිකා නාට්‍යයක් සංවිධානය කරන්නා බඳුව නගර ශාලා වල, එලිමහන් තැනිතලා වල රාත‍්‍රී දර්ශන හැටියට, කොහේ හෝ පිරිසක් එක් කරගෙන නරඹන අත්දැකීමක් සංවිධානය කළ හැකි පිරිස් එකතු වීමක් අවශ්‍යයි. මේ විකල්ප ප‍්‍රදර්ශන ප‍්‍රවේශය තවදුරටත් අහම්බයක් නෙමෙයි. ඒක අනිවාර්යක්.

ප‍්‍රධාන ධාරවෙ චිත‍්‍රපටශාලා වල පේ‍්‍රක්‍ෂාගාරය ශීග‍්‍රයෙන් හිස්වෙමින් යනවා. චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනයෙන් ඒකෙ වියදම වත් පියවා ගන්න තරම් පේ‍්‍රක්‍ෂක පිරිසක් ඉතිරි වී නෑ. මාධ්‍යයක් විදිහට චිත‍්‍රපටය එයින් මිනිස්සු අත්විඳි තෘප්තිය අතර සම්බන්ධය ගිලිහෙන්න අරගෙන. විනෝදය සඳහා චිත‍්‍රපටි උදයාකාන්ත මට්ටමින් වත් ඉතිරි වෙලා (දැන් ඒකත් නිෂ්පාදකයම කර ගන්නවා* ප‍්‍රමෝදය සඳහා තිබුණු චිත‍්‍රපටි අතුරුදන් වෙමින් යනවා. ඒකට හේතුව ටීවී හෝ හෝම් තියටර් නෙවෙයි. මෙගා ටෙලියකින් දෙන රසය වත් ස්පර්ශ කරන්නට අපේ ප‍්‍රවීනයන්ට බැරි කම. ඒ අය යුරෝපියානු සම්භාව්‍ය සිනමාවෙ මනෝ විශ්ලේෂණය හෝ යුද්ධයේ ලිංගික ප‍්‍රහර්ෂය වගේ දේවල් පස්සෙ යද්දි පේ‍්‍රක්‍ෂකයො චිත‍්‍රපටි නොබලා ගෙදර යනවා. පස්සෙ ඒ ගොල්ලො ළමා චිත‍්‍රපටි කරනවා.

ලංකාවෙ සිනමාවට නැවත පේ‍්‍රක්‍ෂාගාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. පේ‍්‍රක්‍ෂකයා සහ කෘතිය අතර සම්බන්ධය, ප‍්‍රමෝදය අයිමත් හඳුන්වා දිය යුතුව තිබෙනවා. ඒකට අලූත් සිනමාවක් වගේම අලූත් ප‍්‍රදර්ශන මාදිලියකුත් ඕන කරනවා. අද ලංකාවෙ චිත‍්‍රපටි දුවන්නෙ මණ්ඩල දෙකයි. ඊඒපී එක පවුලේ සහ ළමා විතරයි. ඉතුරු ඔක්කොම පොර කන්නෙ සීඊඑල් එකට. රිද්ම මණ්ඩලය හාන්සියි. මේ කොයිකෙ වුණත් බලන්න සෙන`ග නෑ.

ඩිජිටල් කැමරාවක් අරං යාලූවො කීපෙ දෙනක් එකතු කරං කරන තමන්ගේ පුද්ගලික සිනමාව මිනිස්සු ළ`ගට ගෙනියන්න මේ ආකෘතියෙ ඉඩක් නෑ. මිනිස්සු ඒක බලන්න එනකල් නොඉඳ මිනිස්සු ඉන්න තැන දක්වා යන්න මේ මොහොතේ විකල්ප සිනමාකරුවා නිහතමානී වෙන්න ඕන. ඒ වගේම ඒ සිනමාව විශ්වාස කරන අය මේ වෙනුවෙන් එකතු වෙන්නත් ඕන.

අපිට පුළුවන් නම් නගරයෙන් නගරයට ප‍්‍රදර්ශන සංවිධානය කරන්න, ඒ ප‍්‍රදර්ශන ගැන කතිකා සහ සංවාද මතු කරමින් මිනිස්සුන්ට කතා කරන්න, තැනින් තැනට යන ඇත්ත සිනමා ප‍්‍රදර්ශනයක් ගැන උණුහුම් සිහිනය සැබෑ වේවි. ආයිමත් මේ පොලොවෙ දෙයක් වැඩ කරනවා කියන එක අපිට දැනෙන්න ගනීවි. ඒ හුස්ම වෙනුවෙනුයි මේ සටහන.

ඉන්න පළාතෙ අලූත් චිත‍්‍රපටයක් වෙනුවෙන් අවකාශයක් නිර්මාණය කරන්න පුළුවන් අය ලියන්න. (vyadhadeva@gmail.com) අපි අලූත් සිනමාවක් වෙනුවෙන් එකතු වෙමු. අපි හැමෝගෙම චිත‍්‍රපටි හැදෙන්න පුළුවන්, පෙන්නන්න පුළුවන් අලූත් ඉඩක් හදා ගන්න නිර්මාණශීලී වෙමු. දැන් පටන් ගන්න කාලෙ හරි.
කෝ හරි ගියාද? ආයිමත් ඉතුරු කට්ටිය දුක්මුසුව අහවි.
වැරදුනා. ඒත් හු`ගක් දේවල් හරි ගියා. අපිට හිනාවෙවී කියන්න පුළුවන් වේවි.
javascript:void(0)

-චින්තන ධර්මදාස
Guerilla Filmmakers වෙනුවෙන්.

දවසක් එනවා අපේ අධෝ මාර්ග අපිටම අයිති වෙන


මට කතාව පටන් ගන්න තැනක් හිතා ගන්න බැරි වුණා. අපේ ඔෆිස් එකේ එලියෙ පුටු දාලා තියෙන ආලින්දෙ ඔස්කා ඉඳගෙන ඉන්නවා, මං මොකක් හරි අහන කල්. ඒක හරි අමාරු දෙයක්. කොතනින් පටන් ගන්නද කියල හිතන එක. හැමෝම අහලා පට්ට ගහලා තියෙන ප‍්‍රශ්නෙකින් මං පටන් ගත්තා.

ඇයි ෆිල්ම් කරන්නෙ?
මං අම්පාරෙ නෙ. එහේ ෆිල්ම් හෝල් ගොඩක් නෑ. රීගල් එක විතරයි. ඒකෙත් ෆිල්ම් නෑ. ඒත් ඞීවීඞී ප්ලේයර් වලින් අපිට පුළුවන් වුණා යුද්ද ෆිල්ම් බලන්න. යුද්ද ෆිල්ම් බලද්දි හරි ආස හිතුණ. අපෙත් යුද්දෙනෙ. ෆිල්ම් එකේ පෙන්නන්නෙත් යුද්දෙ. උනුයි අපියි දෙකම එකයි කියලා හිතුණ.
අපේ පැත්තෙ කොල්ලො ගොඩක් හමුදාවට ගියා. උන් එද්දි සිගරට් පැකට්, ඞීවීඞී ප්ලේයර් අරන් එනවා. ඒවායින් බලන්නෙත් යුද්ද ෆිල්ම්. එක පාරක් රීගල් එකට ප‍්‍රසන්න විතානගේ කරපු පුරහඳ කරුවල චිත‍්‍රපටිය ආවා. අපි අහලා තිබුණා. පුතා හමුදාවට ගිහින් නැති වෙලා, එයා එනකල් බලාගෙන ඉන්න තාත්තා කෙනෙක් ගැන කතාවක් කියල. ඒත් ෆිල්ම් එක බලද්දි අපිට හිනා ගියා. ඒක යුද්දෙ ගැන අපි දන්න කතාව නෙමෙයි. අපේ හිටියා හතේ ලොක්කා කියල කෙනෙක්. එයාගෙ පුතා හමුදාවට ගිහින් මැරුණා. ඒකට හම්බුණ වන්දියෙන් මිනිහා ගත්තා ලොකු ටීවී එකක්. අපි ඔක්කොම ක‍්‍රිකට් මැච් බැලූවෙ ඒකෙන්. පුරහඳේ පෙන්නන්නෙ හිනා යන එකක්. යුද්දෙ ගැන මානුෂික කතා ඔක්කොම ඒවායින් ස්වයං වින්දනය කරන්න යුද්දෙන් පිට හිටපු අය හදපු ඒවා. යුද්දෙ ජීවත් වෙච්ච අපිට ඒකෙ එහෙම දෙයක් නෑ.

ඔස්කාව මට හම්බුණෙ කොයින්ස් ෆිලිම් ෆෙස්ටිවල් එකේදි. එයා කරපු 'Irregular Story of my life' ෆිල්ම් එක මට කණ පැලෙන්න වැදුණ. ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳම චිත‍්‍රපටිය වුණෙත් ඒක. කෙහෙලිය රඹුක්වැල්ල ප‍්‍රධාන ආරධිතයා විදිහට ඇවිත් හිටියා. සම්මානෙ ගන්න ආවම අනිත් කෙටි චිත‍්‍රපටිකාරයො කරපු ස්තුති ප‍්‍රකාශ වෙනුවට ඔස්කා කිව්වෙ වෙන කතාවක්. ඒක මට වගේම එතන ගොඩක් අයටත් කණ පැලෙන්න වැදුණ.

‘අපේ ගුද මාර්ග වල අයිතියත් අපිට අහිමි කරලයි තියෙන්නෙ. කතා කරන්න අයිතිය කලින්ම නැති වුණා. දැන් කන්න නැති කරලා ඊට පස්සෙ ගුද මාර්ග පාවිච්චි වෙන්න ඕනෙත් උන්ට ඕන විදිහට. අපේ ගුද මාර්ග වල අයිතිය උන් අරගෙන ඒවා උන්ට ඕන විදිහට පාවිච්චි කරනවා. ඇමතිතුමා ඒත් කවදා හරි දවසක් එනවා අපි අපිට ඕන විදිහට අපේ ගුද මාර්ග පාවිච්චි කරන’

ඔස්කා කැළණි කැම්පස් එකේ. ඒත් කැම්පස් එකේ එකෙකුට වඩා වෙනස්. එයාට කියන්න ජීවිතයක් තියෙනවා. අර කතාව කියල බිමට බැස්සම කැම්පස් එකේ කොල්ලො ටිකක් ඔස්කට අවවාද කරනවා.

‘අනේ බං උඹ බයිලා කියන්න යන්නෙ නැතුව උඹේ කකුල හදා ගන්න උදව්වක් ඉල්ල ගත්තා නං ඉවරයි නෙ’
ඔස්කාගෙ කකුල් ආබාධිතයි. ඒත් අනිත් උන්ගෙ වගේ මොලේ සහ කොන්දෙ ආබාධ ඔස්කාට නෑ.

‘කැම්පස් එකට ආවෙ ඩ‍්‍රාමා කරන්න හිතාගෙන. ඒත් මං ඩිසේබල් නිසා ඒක කරන්න බැරි වුණා. අපි බලන චිත‍්‍රපටි වල අපේ ජීවිත නෑනෙ. කෙටි චිත‍්‍රපටි වල වුණත් අපි නෑ. වෙන එක එක අය ඉන්නවා. අපි ගැන කියන්න පුළුවන් ඩ‍්‍රාමා වලින් කියලා මුලින් හිතුණෙ. ඒත් ඒකෙත් රුසියානු චෙරි උයන, එක එක පරිවර්තන, ෂේක්ස්පියර්, ග‍්‍රීක නාට්ටි තමයි තියෙන්නෙ. එතනත් අපි නෑ. දර්ශන කියල සර් කෙනෙක් හිටියා. එයා ළ`ග තිබුණා පොඩි හැන්ඩි කැම් එකක්. ඒක ඉල්ලගෙන අපි කන හැටි, බොන හැටි, කතා කරන හැටි වීඩියෝ කරලා බලන්න පටන් ගත්තා. අපිවම ටීවී එකේ දකිද්දි හරි ආසාවක් හිතුණ.


ගෙදර තත්වෙ කොහොමද? මං ඒ අදහස් වලට පොලොවක් හාරන්න ඇහුවා.

අම්පාර පැත්තෙ කිව්වම අපිට පේන ඔය මැටි පොල් අතු ගෙවල් නෙමෙයි ඇත්තට අපේ පැත්තෙ තිබ්බෙ. අපේ තාත්තා බ්‍රෝකර් කෙනෙක්. යුද්දෙ හින්ද ඒ පැත්තෙ ගොඩක් බිස්නස් වුණා. දෙමළ මුස්ලිම් අය කරන බිස්නස් වලින් සිංහල අයටත් හම්බුවෙනවා. හමුදා වලින් පන්නන ඒවා එහෙම. යුද්දෙ නිසා අපේ පැත්තෙ ගොඩක් අයට සල්ලි තිබුණා.

මං ආවෙ ඉමේජ් ආර්ට් කරන්න. ඒ්ත් පස්සෙ ජොබ් එකක් ඕන හින්ද ජාත්‍යන්තර සබඳතා කරන්න පටන් ගත්තා. මුලින් හෙජමොනිය, පශ්චාත් යටත් විජිත වගේ වචන කියද්දි ආස හිතුණ සබ්ජෙක්ට් එකට. පස්සෙ බලද්දි ඒ ඔක්කොම මහා ආඛ්‍යාන. ඒවා හරිම අධිපතිවාදීයි. අපේ වාචාල ආඛ්‍යාන වලට ඒවායෙ තැනක් නෑ. ඒකට විරුද්ධ වෙන එකත් ආයිමත් අධිපතිවාදයක්.

යුද්දෙ අපිට හොඳයි. යුද්දෙ හින්ද අපේ ගෙවල් අහල පහල යාලූවො වීරයො වෙද්දි අපි ආසයි. අපේ යාලූවො නෙ. ඒත් යුද්දෙ හින්ද අපිට බඩගිනියි. ඒත් ඒක කියා ගන්න බෑ. එහෙම කළොත් ජාති ද්‍රෝහීයි. මහා ආඛ්‍යාන වලින් අපි ගැන කතා කරන්නෙ නෑ. පත්තර වලින් අපි ගැන කියන්නෙ නෑ. අපි ලියලා දුන්නත් ඒවා පළ කරන්නෙ නෑ. සිනමාවෙ වුණත් අපි ගැන කතා නෙමෙයි තියෙන්නෙ.

මුලින්ම කළේ මේ ෆිල්ම් එකද?

පොඩි පොඩි වීඩියෝ කර කර ඉන්ටර්නෙට් එකට දැම්මා. මට ෆිල්ම් කරනවා කියලා අදහසක් නෑ. මට ඕන යමක් ප‍්‍රකාශ කරන්න පුළුවන් මොකක් හරි එකක්. ෆිල්ම් කියන්නෙත් අධිපතිවාදයක්. ඒක ඇතුලෙ අපි හිර වෙනවා.

මට හම්බුණා උගතෙක්. එයාට උපාධි තුනක් තියෙනවා. ප‍්‍රාඩො එකකින් එන්නෙ. මැනේජ්මන්ට් පැත්තෙ කෙනෙක්. හරි හොඳ මනුස්සයා. එයා කරන්නෙ මොකක්ද දන්නවද? සබන් කැටයක් විකුණන එක. ලොකු සමාගමකින් මිනිහට ලොකු පඩියක් ගෙවනවා ඒ සබන් කැටේ විකුණන්න. මට හරි අප්සෙට් ගහලා තියෙන්නෙ අපි මොකක්ද කරන්නෙ, මොකක්ද කළ යුත්තෙ කියන එක. මට ඩිප්‍රෙෂන් හැදුණා. මේ වෙද්දිත් මං බෙහෙත් බොනවා.

ලව් කරලා නැද්ද?
මං හිතෙන් ලව් කරලා තියෙනවා. හිතලා (ස්වයං වින්දනය* කරලා තියෙනවා. ඒත් ලව් එකකට ඕන ජීව විද්‍යාත්මක සුදුසුකම් නැති නිසා මට ඒක කරන්න බෑනෙ. ඒකෙ අවුලක්ද දන්නෙ නෑ මං මේ එක එක දේවල් කරන්නෙත්.

අපි හදාගෙන තිබ්බ හීන ඇතුලෙ අපිට තෘප්තිමත් වෙන්න බැරි වුණා. හරියට ගෑණියෙක් එක්ක ඉද්දි වැඬේ ඉවර වෙන්න කලින් එලියට ඇදලා දැම්මා වගේ. අපේ වීරයො හිරේ ගියා. අපේ මාමාව ලේ ඇදලා මැරුවා. කරුණා පාර්ලිමේන්තුවට ගියා. යුද්දෙ තමයි අපේ අයිඞ්ල් එක. ඒක ඉවර වුණාම අපිට ලොකු හිස්තැනක්. දෙමළ කොල්ලොත් ඒ වගේ. උන් බෝම්බ බැඳන් පුපුරලා යද්දි අපිට අපි හිර කරන් හිටපු පඩ නිදහස් වෙනවා වගේ. ඒක හරි සැහැල්ලූවක්.

පොත් ගැන.
පොත් කියන්නෙ කියවීමට බාධාවක්. මට මාව, මගේ වටේ හිටපු සුදු බණ්ඩලා, සෝමෙලා, අනුරාධ ලා අත් ඇරෙන්නෙ පොත් හින්ද. හතේ පංතියෙදි මං චෙරි උයන කියෙව්වා. ඒක නගරය නිසා ගමේ රදළ පංතිය වැටෙන හැටි ගැන කතාවක්. මං මගේ ජීවිතේ එක්ක ඒක ගලපන්න ගත්තා. එතකොට මට කියවන්න බැරි වෙන්නෙ මගේ ජීවිතේ.

අපේ කොල්ලො රස්සාවට යනවා සිනමන් ග‍්‍රෑන්ඞ් වගේ තැන් වල කේටරින් ජොබ් වලට. ප්ලේට් එකක් රුපියල් 3000ක් 4000ක් විතර. ඒවායෙ අතවත් නොගා ඉතුරු වෙච් ඒවා විසි කරනවා. කාටවත් දෙන්නෙ නෑ. ඒක අතිරික්තය. ඒත් අපි බටු පැලේ ගෙදර වවාගන්න ඕනි. මැරෙන්නත් ඕනි. ගෙදර ඇවිත් බටු වවන්නත් ඕනි.



ෆිල්ම් ගැන.
මං ෆිල්ම් වලට විරුද්ධයි. සිනමාව දකින්න බාධාව සිනමාවමයි. අපි සිනමාව කරන්න කරන්න ජීවිතේ නැති වෙනවා. ෂාරුක් ඛාන් ලොකු වෙන්න ලොකු වෙන්න අපිට ඌව පේන්නෙ නැතුව ගියා. කලාව කියන්නෙ අධිකාරියක්. ඒක ඒ කියන සීමාවෙන් එලියට ගත්තොත් විතරයි අපිට පුළුවන් වෙන්නෙ අපේ දෙයක් ඒකෙන් කියන්න. ඔය සරච්චන්ද්‍ර ලා තමයි මේක ශාස්ත‍්‍රීය කරන්න ඕන කියලා වැඬේ කෑවෙ. ශාස්ත‍්‍රීය කරනවා කියන්නෙ ඒකෙ අපි නෑ කියන එක. අපිට අපේ දේවල් කියන්නයි කලාව ඕනෙ. ඒක උන්ගෙ හැටියට කියන්න අපිට ඕන නෑනෙ. යතාර්ථවාදී නෑ, ඕලාරිකයි, වක්‍රෝක්ති වගේ විකාර ගොඩක් ගෙනල්ලා අපිට අපේ දෙයක් කියන්න තියෙන දේ නැති කළා. අපිට අපේ 71 කැරැුල්ලවත් පෙන්නන්න බැරි වුණා. එක චිත‍්‍රපටියක් තියෙනවද ඇත්තට අපි දැකපු කැරැුල්ල ගැන. ඔක්කොම මාතවාදිමය අධිකාරි.

කැම්පස් එකේ කොල්ලො කෙල්ලො ගැන.

උන් හොඳයි. සයිබා යන කොට අඩියක් විතර කොන්ඩම් වලට කකුල් එරෙනවා. ඉගෙන ගන්නවා. දේශපාලනය කරනවා. බැම්මක් කැඩුවත් හයියෙන් උඩ පනිනවා. උන් හොඳ එවුන්.

මාක්ස් වෙනුවෙන් පණ දෙන්න කතා කරන කොච්චර ඉන්නවද? මිනිස්සු වෙනුවෙන් කතා කරන එකෙක් වත් නෑ. අම්පාරෙ බඩ ඉරි`ගු ගොවියකෙුට වතුර ටික ගන්න විදිහක් නෑ කිව්වොත්, ‘ ඕක මචං ප‍්‍රාග්ධනය විසින් ඇති කරන සූරාකෑම.....’ කියලා පටන් අරන් දවසක ලෙක්චර් එකක් දෙයි. මං මේ කියන්නෙ ජාතිකවාදී අදහසක් නෙමෙයි. හුදී ජනයා කියන අදහස.

ආයිමත් ෆිල්ම් එකක් කරයිද?
මට තියෙන අවුල මං කරන කිසි දේකින් තෘප්තිමත් වෙන්න බෑ. මට ඕනි මාව මුණ ගැහෙන මාර්ගයක් හදා ගන්න සිනමාවෙ හරි මොකක හරි. ඒකෙන් අපිටම අපි ගැන පිළියම් හදා ගන්න පුළුවන් නම්......

පත්තරේ පිටුවට වඩා ලොකුවට යන හින්ද මං කතාව එතනින් නැවැත්තුවා. ඒත් ඔස්කා ඊළ`ගට කරන්න යන චිත‍්‍රපටියක් ගැන අදහසක් මට කිව්වා.
‘පුළුවන් නම් කැමරාවක් ඉල්ලලා දියන්. ඒක වෙඩි තියාගෙන මැරෙන්න පිස්තෝලයක් හොයපු එකෙකුට කැමරාවක් හම්බුවෙන කතාවක්. ඊට පස්සෙ ඌ කැමරාවෙන් වෙඩි තියාගෙන තියාගෙන යනවා’

ඔස්කා ලයිට් හැලිච්ච පොඩි බයිසිකලේ පැදගෙන යන්න ගියා. ඊට කලින් මං ඔෆිස් එකේ කැමරාවෙන් පිංතූර ටිකක් ගත්තා.
ආයිමත් මට කෝල් එකක් ආවා.
‘මචං උඹ දන්නවනෙ. මට මගේ මුත‍්‍රා පිට වෙන එක පාලනය කර ගන්න බෑ. ඒක වුණේ උප්පත්තියෙන්. ඒත් මචං මං වගේ මෙහෙම වෙච්ච දෙමළ කොල්ලො අපේ පැත්තෙ ඉන්නවා. සිංහල කොල්ලොත් ඉන්නවා. උන්ට ඒක වුණේ යුද්දෙන්. ඒ ජීවිත වලට වටිනාකමක් දුන්නෙ යුද්දෙ. දැන් උන් කවුද.....ඒකත් කොහේ හරි ලියපන්’

මට ඌ කිව්වා.

ඔස්කා රුමේෂ් සම`ග සංවාදය- චින්තන ධර්මදාස.

BLOG


නිකොලස් කසන්සාකිස් (සොර්බා, ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක‍්‍රයිස්ට්* ග‍්‍රීක ලේඛකයා හරිම පැහැදිලි පිලිවෙලක් තියෙන මිනිහෙක්. එයා හු`ගක් ආගමික දේවල් එයාගෙ පොත් වල ලිව්වත්, අසිසි වලින් පැමිණි සෙන් ෆ‍්‍රාන්ස් වගේ අද්විතීය චරිතාපදාන ලිව්වත්, එයා අදේවවාදියෙක් කියල දැඩිවම කියා සිටියා.
ඒත් මේ අදේවවාදියා තමයි මම දෙවියන් ගැන කියවා තියෙන ලස්සනම වචන ටික ලිව්වෙ.
‘‘අපි වික්‍ෂිප්තව බලා ඉන්නවා විශ්වය පාලනය කරන ශක්ති සර්පිලයේ ඉහළම කොටස දිහා.
අපි ඒකට කියනවා දෙවියන් කියල.
අපිට තව ගොඩක් නම් දෙන්න තිබුණ. අභිරහස, අගාධය, අඳුර, ආලෝකය, ආත්මය, නිහැ`ඩියාව....
ඒත් අපි කිව්වෙ දෙවියන් කියල. මොකක් හරි අද්භූත හේතුවකට ඒ නම කියද්දි අපේ හදවත් ප‍්‍රාණවත්ව ගැහෙන්න ගත්තා.
කිසිම සැකයක් නෑ. මේ ගැස්ම, වෙව්ලිල්ල අපිට අවශ්‍යමයි මිනිස් පැවැත්මේ මූලික හැ`ගීම් දක්වා කිමිදෙන්න.”
-Paulo Coelho

අලිජන්දාරෝ ජොරඩොව්ස්කි එක්ක වචන කීපයක්


(ජොරඩොව්ස්කි පපටියර් කෙනෙක්, තිර කතාකරුවෙක්, නාට්‍යකරුවෙක්, චිත‍්‍රපටකරුවෙක් වගේම ටැරොට් විශේෂඥයෙක්.*

ප‍්‍රශ්නය-
ඔබ එකපාර ව්‍යාපෘති දෙක තුනක යෙදිලා ඉන්න කාර්ය බහුල කෙනෙක්. ඔය වයසෙදිත් කොහොමද මේ තරම් හයියක්?

අලිජන්දාරෝ-
ආර්ටිස්ට් කෙනෙක් හින්ද මං කරන්නෙ මං කැමති දේ. මං අකමැති දේ කළොත් තමයි මහන්සි වෙන්නෙ. කෙනෙක් ආස දේ කරද්දි තව තවත් ශක්තිමත් වෙනවා මං හිතන්නෙ.

ප‍්‍රශ්නය-
ඔබ එකපාරක් කිව්වා, ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ තමන්ට ඕන දේ කරන කෙනෙක් කියල.

අලිජන්දාරෝ-
ඔව්. තමන්ට ඔන් දේ කරන, තමන් හැර වෙන කිසිවෙකුත් නොවෙන කෙනෙක්. වෙන අයට වෙන්න ඕන කෙනා වෙන කෙනෙක් නෙමෙයි. ඔබ ඔබම වෙන්න ඕන සහ ඔබ කැමති දේ කරන්න ඕන.

ප‍්‍රශ්නය-
ඔබ හිතන්නෙ ඕනම මට්ටමකදි කෙනෙක් ඇත්තට ජීවත් වෙනවා නම් ඒ විදිහට වෙන්න ඕනද?

අලිජන්දාරෝ-
ඔව්. ඔබ කර්මාන්තයක් විදිහට ආර්ට් කරනවා නම් ඒක වෙනස්. ආර්ට් කියන එකේ පරමාර්ථයම ඔබේ ආත්මය ගොඩනගන එක. ඒත් කර්මාන්තයක පරමාර්ථය මුදල්. ඒක වෙනස්. ඔබ බැඳිලා ඉන්නවා ඔබ කැමති නැති දේ කරන්න, ඔබ නොවී ඉන්න. එතනදි ඔබ නිදහස් නෑ. ඒ කියන්නෙ ඔබ ඇත්ත ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි. ඇත්ත ආර්ටිස්ට් කෙනෙක් නම් ඔබ හැම විටම නිදහස්. ඔබ කවුරු හරි විශේෂ ජනතාවකට දේවල් කරන්නෙ නෑ. ඔබ කරන්නෙ ඔබටම. ඔබේ ආත්මය තේරුම් ගන්න.

ප‍්‍රශ්නය-
මේක ආධ්‍යාත්මික ප‍්‍රශ්නයක්. ගොඩක් සම්ප‍්‍රදායන් කතා කරනවා මමත්වය නැති කිරීම ගැන. ඒත් ඔබ කියනවා මමත්වය නැති කරන්න බෑ කියල.

අලිජන්දාරෝ-
මම හිතන්නෙ ඒක මායාවක්. ඔබ මමත්වය නැති කරන්නෙ නෑ. ඒක අනිවාර්යයි. ගොඩක් උසස් අයටත් ලොකු මමත්වයන් තිබුණා. ඔබ ඒක සතෙක් වගේ හීලෑ කර ගන්න ඕන. ඔබ සිංහයෙක්ව මරා දාන්නෙ නෑනෙ. සිංහයාව හීලෑ කර ගන්නවා. මමත්වය ඔබේ ඇතුළත පරිපූර්ණත්වයට කීකරු විය යුතුයි. මමත්වය ඔබේ අභ්‍යන්තර හ`ඩ නොතකා හරිනවා නම් ඔබ ඉන්නෙ අවුලක.

ප‍්‍රශ්නය- ආර්ටිස්ට් කෙනෙක්ට මමත්වයක් ඕන නැද්ද?

අලිජන්දාරෝ-
හැමෝටම ඕන. ඔබාමාටත් ඕන. මමත්වයක් නැතුව එයාට බෑ ජනාධිපති කෙනෙක් වෙන්න. නළුවෙකුට බෑ නළුවෙක් වෙන්න. ගුරුවරයෙකුට බෑ ගුරුවරයෙක් වෙන්න. ඒත් මමත්වය කීකරු කර ගත යුතුයි. ඒකයි ඇත්ත කාරණේ. අනිත් අය එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වන්න නම් ඒක ඕනමයි. ජීවිතය ඇතුලට යන්න නම් ඔබ දැන ගන්න ඕන අනිත් අයව සම්බන්ධ කර ගන්නෙ කොහොමද කියල. ඔබට තිනිවම දෙයක් කර ගන්න බැරි වුණාම අනිත් අයගෙ උදව් ඕන. හැමදේම තනියෙන් කරන්න බෑ.

Thursday, May 5, 2011

සාමයට ඉඩක් දෙන්න. (Give Peace a Chance)


කංසා ලංකාවෙ තහනම්.
ඒත් ලංකාවෙ අරක්කු තහනම් නෑ. සිගරට් තහනම් නෑ.
ලංකාවෙ කංසා තහනම් කරන්නෙ ඉංග‍්‍රීසි ආණ්ඩුව. ඒක කංසා බිව්වම සෞඛ්‍යයට අවුල් කියල හිතල කරපු එකක් නෙමෙයි. ලෝකෙ ගොඩක් රවල කංසා තහනම් කරන්නෙ සෞඛ්‍ය හේතුවක් ගැන පැහැදිලි පරීක්‍ෂණයකින් නෙමෙයි. ඒත් ඒ තහනමට බොරු හේතු කියන්න ඇමරිකාව වුණත් ඉතිහාසයක් පුරාම ඩොලර් බිලියන ගණන් වියදම් කරනවා. අපේ රටේ නම් එහෙම වියදම් කරන්න උවමනාවක් නෑ. අපිට තහනමකට හේතුවක් ඕන නෑ. ඒක නිසා කංසා තහනම ලංකාවෙ හැමෝටම දේව නීතියක් වගේ. පත්තරවල කංසා හේන් වටලෑම් ගැන ලියන බෝතල්පත්තරකාරයො ‘මේ මහා උවදුර තුරන් කළ යුතුයි’ කියල ලියන්නෙ කටපාඩමින්.
කංසා බීලා තමන්ගෙ බිරිඳට හෝ දරුවන්ට තඩිබාන කෙනෙක් දැකලා තියෙනවද?
කංසා බීලා වාහන හප්ප ගත්තු හෝ මංකොල්ලාකෑම් කළ හෝ මිනිමැරිම් කළ කෙනෙක් ගැන අහලා තියෙනවද?
නැත්තං කංසා බීලා කරපු හිතාගන්න බැරි භයානක දේවල් මොනවා හරි ගැන දන්නවද?
නෑ. ජනතාව කිසිදෙයක් දන්නෙ නෑ. ඒත් ඒ ගොල්ලො එක`ගයි ආණ්ඩුව කියන එකට. ඒ ගොල්ලො දන්නෙ මාධ්‍ය හරහා ඒ ගොල්ලොන්ට කියන දේ විතරයි.
ඒක හින්ද ඒ ගොල්ලො කංසා වලට විරුද්ධයි. අරක්කු වලට පක්ෂයි.
ඇමරිකාවෙ කංසා තහනම් වෙන්නෙ මෙක්සිකානුවන්ව පාලනය කරන්න ඕන හින්ද. ඇමරිකාවෙ ගිණිකොන දිගට කම්කරුවන් විදිහට ආපු මෙක්සිකානුවන් දවසේ මහන්සියෙන් පස්සෙ කංසා පානයෙන් විනෝද වෙන්න පුරුදු වෙලා හිටියා. ඒත් යුරෝපියානු සුද්දො මේක දැක්කෙ කංසා වලින් මෙක්සිකානුවන් අධිමානුෂික ශක්තියක් ලබා ගන්නවා සහ ඒකෙන් මිනීමරන්න පුළුවන් විදිහටයි. මෙක්සිකානුවන් නිදහස අත්විඳින මේ පුරුද්ද තහනම් කිරීමෙන් තමන්ගෙ බලය ඔවුන්ගෙ ජීවිත මත පෙන්නන්නත් ඇමරිකානු සුද්දන්ට ඕන වුණා.
අද වුණත් තියෙන කලූ ජාතිකයො අපරාධකාරයෝය කියන සුදු මානසිකත්වය වගේම මෙක්සිකානු ශක්තිමත් මිනිස්සු අපරාධකාරී කියන හැ`ගීම ඇමරිකානුවන්ට තිබුණ. ඒ අපරාධකාරීත්වයට හේතුවක් විදිහට ඔවුන් මෙක්සිකානුවන් කංසා පාවිච්චි කිරීම කියන කාරණය ඉස්සරහට ගෙනාවා. ඒත් ඒ විරෝධය පිටිපස්සෙ ඇත්තටම තිබුණෙ සුදු ආධිපත්‍යය විසින් කලූ හෝ මෙක්සිකානු ජීවිතය තහනම් කිරීම.
1920 විතර කංසා වලට විරුද්ධව දක්වපු නිල මතය තමයි කංසා බොන අය මිනීමරනවා කියන අදහස. ඒක චිත‍්‍රපට සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ ජනතාව අතරට ගෙන ගියා. ඒත් ජෑස් සංගීතය ආශ‍්‍රිතව කංසා පාවිච්චිය දිගටම තිබුණ. ඔවුන් වෙනුවෙන් බටහිර ඉන්දියානු ¥පත්වල සිට කංසා ඇමරිකාවට ගෙනාවා.
ඒ විරෝධය ප‍්‍රමාණවත් නොවුණු තැනදි ඔවුන් තවත් මතවාදයක් ගොඩනැගුවා. ‘කංසා පානය කළොත් ඔබ උන්මත්තකයෙක් වේවි’ කියල. ඊට පස්සෙ තාරුණ්‍යය විනාශ කරනවා කියල චෝදනාවකුත් ආවා. කංසා වලින් මරණය ළ`ගා කරනවා කියන මතය ජනතාව අතරට ගෙනියන්නත් ඇමරිකානු ආණ්ඩුව සල්ලි වියදම් කළා.
මේ හැම දෙයක්ම එක්ක 1937 ‘කංසා බදු පණත’ සම්මත කර ගත්තා. ඊට පස්සෙ කංසා වවන්න විශේෂ අවසරයක් ඕන වුණා. ඒකෙන් කංසා වලට තහනම් සීමාවක් තහවුරු කළා. ඒත් 1944 අවුරුදු 06ක් තිස්සෙ පර්යේෂණ කරලා කංසා ගැන වැදගත් සොයා ගැනීම් කීපයක් ප‍්‍රකාශයට පත් වුණා.
1. කංසා කිසිඳු ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් අවදි නොකරයි.
2. කංසා සහ උන්මත්තකභාවය අතර සම්බන්ධයක් නැත.
3. කංසා පාවිච්චියෙන් සමාජ විරෝධී ක‍්‍රියා කිසිවක් සිදු කර නැත.
ඒත් මේ සියලූ සනාථ කිරීම් යට ගස්සමින් බලධාරීන් කංසා තහනම ක‍්‍රියාත්මක කරනවා. කංසා විරෝධය කියන්නෙ කළු ජාතිකයන්ට ඔවුන්ගේ තිබුණු විරෝධය. කලූ ජාතිකයන්ගේ ජීවිතය වාරණය කිරීමට ඇති සුදු ජාතික ආශාව.
ඊට පස්සෙ මේ තහනමට පක්ෂය ගෙනාපු නිල මතය වුණේ ‘කංසා පාවිච්චි කළොත් ඔබ හොරෝයින් වලට ඇබ්බැහි වෙනවා’ කියන කතාව. කංසා වලින් යතාර්ථයෙන් පිට මායාකාරී ලෝකයකට ගෙනියනවා, අවධානය යොමු කිරීමට බැරි කරනවා සහ ජාතික ආරක්‍ෂාව නොතකා හරිනවා කියන නිල අදහසුත් ඒ කතාවට එකතු වුණා. නිල කියන වචනය මම නිතර පාවිච්චි කරන්නෙ ඒ සියලූ මතවාද රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සමාජගත කිරීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වුණු නිසා.
ඒත් 1960 ගණන් වල හිපි සංස්කෘතියේ නැගිටීමත් එක්ක මේ කිසි දෙයක් වලංගු නැති තැනකට එනවා. ‘සාමයට ඉඩක්’ (ටසඩැ චැ්ජැ ් ජය්බජැ* කියන දේශපාලනික මතවාදයත් එක්ක කංසා ‘නිදහස’, ‘අධ්‍යාත්මික ගවේශණය’ සහ විලාසිතාව බවට පත් වෙන්න ගන්නවා. ඇලන් ගින්ස්බර්ග්, තිමොති ලියරි, ජෝන් ලෙනන් ආදීන් මේ විප්ලවයේ ඉදිරියෙන්ම ඉන්නවා. ආණ්ඩුව මෙතනදි කරන්නෙ තවත් නිල මතයක් ව්‍යාප්ත කරන්න ගන්න එක.
‘කංසා පාවිච්චි කලොත් නරක දේවල් වෙන්න පුළුවන්. අපි දන්නෙ නෑ’
හැම තැනම සිද්දවෙන දිවි නසා ගැනීම්, ස්ත‍්‍රී ¥ෂන ආදිය කංසා එක්ක සම්බන්ධ කරලා ප‍්‍රවෘත්ති ගොඩනගන්න පටන් ගන්නවා උප සංස්කෘතියක් විදිහට තරුණයො අතර කංසා පාවිච්චි කරන එක තහනම් කරන්න.
මේ හැමදේකම ප‍්‍රතිඵලයක් විදිහට අදත් ලෝකෙ ගොඩක් රටවල කංසා එක එක විදිහට තහනම්. ඒත් දැන් කංසා නීතිගත කිරීම ගැන දියුණු ක‍්‍රියාකාරීත්වයන් ඇතිවෙන්න පටන් අරන්. මේ වෙන කොට ලෝකෙ රටවල් 15ක ඖෂධයක් හැටියෙන් කංසා පාවිච්චිය නීතිගතයි.
කංසා ගැන කරපු නූතන පර්යේෂණ අනුව සිගරට් හෝ අරක්කු තරම් වත් කංසා අහිතකර නෑ. කොටින්ම කෝපි තරම් වත් කංසා වලින් නරක ප‍්‍රතිඵල ඇති කරන්නෙ නෑ. කෝපි වල ඇති කැෆේන් ‘ ඕවර්ඩෝස්’ වෙන්න පුළුවන් වුණත් කංසා වල එහෙම අවුලක් නෑ. හැම අවුරුද්දකම 450,000ක් මිනිස්සු මැරෙනවා සිගරට් බීලා. 50,000ට වඩා මැරෙනවා අරක්කු වැඩිපුර බීලා. ඒත් ඉතිහාසෙ කොතනකවත් කංසා ‘ ඕවර්ඩෝස්’ වීමෙන් සිද්ද වුණු මරණයක් ගැන සඳහනක් නෑ.
බි‍්‍රතාන්‍යයේ කංසා පාවිච්චිය සහ රිය පැදවීම ගැන කරපු පර්යේෂණයක් යූ ටියුබ් එකේ තියෙනවා. කංසා පාවිච්චි කරලා වාහන එලවද්දි ඔවුන් වඩා ප‍්‍රවේශම් සහ අවධානවත් වෙනවා කියන එක එතනදි සනාථ වෙනවා.
කංසා වලින් පෙනහළු පිළිකා ඇතිකිරීම කියන කතාවත් බොරුවක්. ස්වභාවික පැලෑටියක් වන කංසා පෙනහළු පිළිකා ඇති කරන විෂ රසායන නිකුත් කරන්නෙ නැහැ. ඒ වගේම ගොඩක් අය කියන බාල කතාවක් තමයි කංසා වලින් මොලේ ෙසෙල විනාශ කරනවා කියන කතාව. ඒ කතාව අමූලික බොරුවක්. ඒ වෙනුවට කංසා මොළයේ ෙසෙල උද්දීපනය කරනවා කියන එකයි පර්යේෂන වලින් ඔප්පු වෙලා තියෙන්නෙ.
කංසා වල ඇබ්බැහිය ගැනත් තියෙන්නෙ මිත්‍යා ප‍්‍රවාද. රටකජු කෑමට වඩා වැඩි ඇබ්බැහියක් කංසා වලින් ඇති කරන්නෙ නෑ. ඒ වගේම කිසිම ආකාරයක ‘අත් හැරීම නිසා වන අපහසුතා’ කංසා වලින් නැහැ.
ඒ වගේම කංසා වෙනත් මත්ද්‍රව්‍යයන්ට ඔබ හුරු කරනවා කියන්නෙත් වියදම් කරලා ගොඩනගපු මිත්‍යාවක්. සිගරට් හෝ අරක්කු තරම් කංසා කෙනෙක්ව වෙනත් මත්ද්‍රව්‍යයන් වෙත තල්ලූ කරන්නෙ නෑ.
මනස අභ්‍යන්තරයේ ගවේෂණ වල යෙදුණු ගොඩක් අය ඉතිහාසයක් පුරා කංසා ඒකට උදව්වක් හැටියෙන් පාවිච්චි කරලා තියෙනවා. ලෝකය පුරා ගොඩක් ආගම් වල ගැඹුරු ආධ්‍යාත්මික පුහුණු වලට කංසා පාවිච්චි කරනවා. හෙරඩෝටස් පවා සිතියන්වරුන් විසින් කරගෙන ගිය ආගමික උත්සව වලදී කංසා පාවිච්චි කළ බව ලියනවා. ඉන්දියාවේ සාධුවරුන් නැත්තං ඍෂිවරුන් ඈතම අතීතයක ඉඳන් කංසා තමන්ගේ මනස අභ්‍යන්තරයේ දොරවල් අරින්න පාවිච්චි කරනවා. පස්සෙ මෑත යුගයෙදි රස්තෆාරියන්ස් ලා කංසා තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයේ කොටසක් විදිහට පවත්වාගෙන යනවා. හීබෘවරුන් ඔවුන්ගේ පූජකවරුන්, රජුන් සහ වක්තෘවරුන් නම් කිරීමේදී පාවිච්චි කරන ‘ශුද්ධ වූ නාමකරණ තෛලයෙහි’ත් කංසා අඩංගුයි කියලා දැන් හෙලිදරවු වෙලා තියෙනවා. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ පවා ‘සුවඳ වෘක්ෂයක්’ හැටියට කංසා ගැන ලියවෙනවා.
මේ සියල්ල මේ විදිහට තිබුණත් අදත් කංසා සුරුට්ටුවක් ළ`ග තියා ගැනීම නිසා මිනිස්සු හිරේ දානවා. ඔවුන්ව මිනීමරුවො, හොරු, ¥ෂකයො, මංකොල්ලකරුවන් එක්ක එකට ගාල් කරනවා. අන්තිමට කංසා සුරුට්ටුවක් අතේ තියාගත්ත මිනිහා එලියට එද්දි අපරාධකාරයෙක් වෙලා.
කංසා තහනම වෙනුවට බදු අය කරමින් නීතිගත කළා නම් රජයකට උපයන්න පුළුවන් ආදායම් විශාලයි. ඒ වගේම ඒකෙන් කංසා සහ පාතාලය අතර තියෙන ජාවාරමත් අවසන් කරන්න පුළුවන්. කවුරුවත් නොදන්න දෙයක් තමයි කංසා කියන්නෙ ආර්ථික පැලෑටියක් කියන එක.
ඉතිහාසයක් පුරාම කංසා රෙදි වියන්න, කඹ සඳහා වගේම එතනෝල් ඉන්ධනයක් හැටියෙන් පාවිච්චි වෙනවා. ලෝකයේ මුල්ම සළුව පවා ක‍්‍රි.පූ 7000-8000 අතර කාලෙදි වියා ඇත්තෙ පදම් කළ කංසා පැලෑටි වලින්. ක‍්‍රි.පූ 6000දි පමණ චීනයේ කංසා ඇට ආහාරයක් වශයෙන් පාවිච්චි වෙනවා. ඒ වගේම ඔවුන් ලෙඩ රෝග ගණනාවක් සඳහා ඖෂධයක් හැටියටත් කංසා යොදා ගන්නවා. ඒකට චීනයේ විශාල ප‍්‍රමාණයන්ගෙන් කංසා වගා කළා.
වර්ෂ 1000-1500 අතර කාලයේ බි‍්‍රතාන්‍යයන් සහ ප‍්‍රංශ ජාතිකයන් ඔවුන්ගේ යටත් විජිත වල කංසා වගා කළේ ආදායම් උපයන්න. මේ වෙද්දි මධ්‍ය සහ දකුණු ආසියාවේ කංසා ප‍්‍රධානතම වෙළඳාමක් වෙලා තිබුණා. 1797 දි ජෝර්ජ් වොෂින්ටන් කංසා තමන්ගේ ප‍්‍රධාන භෝගයක් විදිහට වගා කළා. තෝමස් ජෙෆර්සන් මොන්ටිකාලෝ හිදී දෙවන භෝගයක් හැටියට කංසා වගා කරන්න ගන්නවා.
1798දි නැපෝලියන් අධිරාජයා කංසා සම්පූර්ණයෙන් තහනම් කරනවා. ඒ ඊජිප්තියානු පහල පංතිය කංසා පුරුද්දක් වශයෙන් පාවිච්චි කරන නිසා. 1876දි තුර්කි සුල්තාන්වරයෙක් කංසා ඇමරිකාවට තෑග්ගක් වශයෙන් දෙනවා. 1880 වෙනකොට ඇමරකාවේ වයඹ දිගට තුර්කි කංසා පානය කළ හැකි ආපනශාලා විවෘත වෙනවා.
1908දි හෙන්රි ෆෝර්ඞ් තමන්ගෙ පළවෙනි මෝටර් රථය නිෂ්පාදනය කරන්නෙ කංසා ප්ලාස්ටික් වලින්. ඒකට ඉන්ධන හැටියෙන් යොදන්නෙත් කංසා වලින් නිපදවන එතනෝල්.
මේ විදිහට කංසා ගැන තියෙන ඉතිහාසය තහනමට වඩා ගොඩක් පැරණියි. කංසා තහනම පිටිපස්සෙ තියෙන්නෙ ඇත්තටම කංසා වලින් සිද්ද වෙනවා කියන කල්පිත සෞඛ්‍ය හෝ වෙනත් සමාජ අපරාධ හේතු නෙමෙයි. දේශපාලනික, ව්‍යාපාර සහ පාංතික හේතු. ලංකාවෙ කංසා තහනම ක‍්‍රියාත්මක වෙන්නෙ මේ කිසි දෙයක් නැතුව. සුද්දොන්ගෙ නීතිය ඒ හැටියෙන්ම අරගෙන යන්න සහ ජනතාව පාලනය කරන්න අවශ්‍ය තහනමක් විදිහට. අපේ ආයුර්වේදයේ ඖෂධ ගණනාවකට කංසා අවශ්‍යම වෙනවා. ඒත් තාමත් අපිය ඒ අවශ්‍යතාවය වෙනුවෙන් වත් කංසා නීතිගත කරන්න බැරි වුණා.
මේකට හේතුව ආණ්ඩුව නෙමෙයි. ලංකාවෙ ආණ්ඩු තහනම තමන්ගෙ උවමනාවට පාවිච්චි කරනවා විතරයි. ඒත් තහනම ගේන්නෙ ජනතාව. උදා විදිහට අද කංසා නීතිගත කරන්න ආණ්ඩුව තීරණය කළොත් ජනතාව ආණ්ඩුවට විරුද්ධ වෙනවා. ඒ ඇයි?
හේතුවක් ඇතිව හෝ නැතිව තහනම් වුණු ජීවිතයක් ගත කරන්න සිංහල බෞද්ධ ජනතාවට තියෙන ක‍්‍රිස්තියානි කැමැත්ත. ඒත් කංසා නීතිගත කළොත් අපිට ආර්ථික වශයෙන්, සංචාරක කර්මාන්ත, විවිධ නිෂ්පාදන ආශ‍්‍රයෙන් කරන්න පුළුවන් ඉපැයීම් අසීමිතයි. ඊටත් වඩා ලංකාවෙ පොලොවෙ වැවෙන ස්වභාවික කංසා වලට විකල්ප නිෂ්පාදනයක් හැටියට අත්පත් කර ගන්න පුළුවන් ඉඩත් විශාලයි.
ඒත් මේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. තාමත් කංසා සුරුට්ටුවට අපේ තරුණයො හිරේ යනවා. හේන් පිටින් ආර්ථිකයක් ගිනි තියලා විනාශ කරනවා. පත්තර වල ලොකු අකුරින් ඒවා දාලා ඡුන්ද හොයනවා. ඒක විචාර බුද්ධියක් නැති ජනතාවකගේ උරුමය සහ කරුමය.
(මෙය කංසා පාවිච්චි කිරීමට පෙළඹවීම සඳහා ලියූ ලිපියක් නොවේ. කංසා වලට ඇති තහනමෙහි සාමාජීය දේශපාලන අර්ථයන් විමර්ශනය වෙනුවෙන් ලියුවණු එකකි.*
-ව්‍යාධදේව.


420
Weed Day


අපේ‍්‍රල් 20 කියන්නෙ ලෝකෙ කංසා පාවිච්චි කරන අයගෙ උපසංස්කෘතිය සමරන දවස. ලෝකෙ පුරාම කංසා නීතිගත කිරීම වෙනුවෙන් රැුස්වීම්, දැනුවත් කිරීම් ආදිය මේ දවසෙ සිද්ද වෙනවා. කංසා පාවිච්චි කරන අය වැඩවලින් නිවාඩු අරන් මේ දවසෙ යාලූවො එක්ක තමන් ජීවිතය ආස්වාද කරන පැලෑටියෙ සුවඳ විඳිනවා.
මේ දවස පටන් ගත්තෙ 1971දි. කැලිෆෝනියාවේ සෙන් රෆායල් පළාතේ පාසැල් යන තරුණ තරුණියො පිරිසක් පාසැලෙන් පිට තාප්පයක් උඩ ‘සෙට්’ වෙන්න පුරුදු වෙලා හිටියා. මේ දවසෙ ඔවුන් කටින් කට පැතිර ගිහින් තිබුණු අත්ඇරලා දාපු විශාල කංසා වගාවක් හොයන්න යන්න තීරණය කළා. ඔවුන් ලූවී පාස්චර්ගේ පිළිරුව අසල හවස 4.20ට මුණගැහෙන්න නියමිතව තිබුණ. 4.20 කියන වචනෙ එන්නෙ ඇත්තටම ඒ හින්ද. ඒ ගොල්ලො කිව්වෙ 2.40 ලූවී කියල. කීප වතාවක්ම මේ කංසා වගාව හොයන්න ගිහින් අසාර්ථක වෙද්දි මේක 4.20 විදිහට කොට වුණා. ඊට පස්සෙ තරුණ තරුණියො කංසා පාවිච්චි කරන්න එකතු වෙන එකට ‘4.20’ කියන එක ‘කෝඞ්’ එකක් හැටියෙන් පාවිච්චි කරන්න ගත්තා.
අපේ‍්‍රල් 20 හවස 4.20ට ලෝකෙම කංසා පාවිච්චි කරන්න නිදහස තියෙන විදිහටයි මේ උපසංස්කෘතිය සලකන්නෙ. ‘4.20 කියන්නෙ කංසා පාවිච්චි කරන උපසංස්කෘතියෙ ගැඹුරු අර්ථයක් දක්වන චාරිත‍්‍රයක්. ඒ වගේම වගකීම් සහගත කංසා පාවිච්චිය ගැන අවධාරණය කිරීමකුත් මෙතනදි වෙනවා’ මේ වචනය ගොඩනැගීම පිටුපස සිටින ස්ටීවන් හේගර් පැහැදිලි කරනවා.

ඉතිරි කරන්නෝ පව්කාරයෝය. වියදම් කරන්නෝ භාග්‍යවන්තයෝය.


ලංකාව ආපස්සට ගමන් කරමින් සිටී. අපි ¥පතක කොටු වුණු අපේ ජීවිත ගැන ඉන්නේ ලොකු ආඩම්බරයකිනි. වෙන රටවල් සමග සම්බන්ධ වීමට හෝ එක`ගතා ඇති කර ගැනීමට අපට උවමනා නැත. ඒඅ පි නැවත පැරකුම්බා කාලයේ මෙන් ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා ගමන් කරමින් ඉන්නා නිසාය. ලෝකයම ධනේශ්වරය සමග ඉදිරියට තව තවත් විවෘත වෙමින් ගමන් කරද්දී අපි කැමැත්තෙන්ම ආපස්සට යන්න තීරණය කර තිබේ. එයට වාමාංශිකයන්ද කැමතිය. ජාතිකවාදීන්ද කැමතිය. ගැමියෝද කැමතිය. නාගරිකයෝද (ගමෙන් නගරයට ආපු* කැමතිය. පරාක‍්‍රමබාහු කාලයටත් වඩා අපි දැන් ස්වයං පෝෂිත වෙන්නට ඉඩ ඇත. ඒ අපේ කෑම වේල අපිම ගේ මිදුලේ වවා ගන්නා නිසාය. අපේ වත්තේ මෑ කරල් කමින්, අපේ කුඹුරේ හාල් තම්බාගෙන, අපේ ටීවී එකේ මෙගා ටෙලියක් බලාගෙන පඩිය පොතේ දාගෙන ජීවත් වෙන්නට අපිට හැකිය. දැන් අපි නිදහස් කියන්නේ ඒ හින්දාය. වඩාත් අපි ආඩම්බර විය යුත්තේ ගමටත් වඩා නගරයේ පර්චස් 10ක කොස් ගස් හිටවාගෙන, වැඩි ඇරී ඇවිත් පාත්ති කොටා ගෙන, ධාර්මිකව ජීවත් වෙන්නට අපි පටන් ගෙන ඇති හින්දාය. අපිට චිත‍්‍රපටි වැඩක් නැත. විලාසිතා හෝ රාත‍්‍රි ජීවිත අවශ්‍ය නැත. ලෝකයේ කිසි රටක නැති පරිද්දෙන් අපිට අවශ්‍ය සියල්ල එකවර ලැබී තිබේ. ඒ මදිවට අපේ ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදිතය, වගේ මහ බැංකුවෙන් සංඛ්‍යා ලේඛන හදන හැම වගුවක්මත් එන්න එන්න ඉහලට යමින් තිබේ. දැන් ඇමරිකාවත් අපිට වඩා පහලින් වගේය. අපේ ජනාධිපති එස්එම්එස් වලින් ඔබාමාට ද වඩා ඉදිරියෙනි. මේ අතර ජපානයට සුනාමියක් ආවේය.

මේ තරම් සංවර්ධනයක් කරා ඉගිල්ලෙමින් සිටින රට ගැන කතාව පොඞ්ඩකට නවතා මං ජපානය ගැන කියන්නට හදන්නේ තාමත් ඕපා¥ප ගැන මගේ ඇති ආසාව අඩුවෙලා නැති හින්දාය. මගේ ඒ ආසාව ගැන දන්නා මගේ පෙම්වතිය ජපානය ගැන ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙක් ලියපු ලිපියක් මට ගෙනැත් දුන්නාය.

ජපන්නු හොඳටම සල්ලි ඉතුරු කරන ජාතියක්. අපේ සිංහල බෞද්ධයනුත් ඉතුරු කිරීම සලකන්නේ වැදගත්ම පුරුද්දක් විදිහට. ධනේශ්වරය එක්ක මුදල් හුවමාරු වෙවී, වියදම් කිරීමේ රටා අලූත් වෙවී, මුදල් වෙන වටිනාතම් වලට මාරු වෙවී යද්දි අපි හම්බු වෙන කීය හරි පොතක දාලා ඉතුරු කරලා ඉඩමක් අරන් ගෙයක් හදාගෙන ගෙයි මිදුලේ පාත්තියේ එළවළුවක් වවන් කන්න හීන දකිනවා. ජපන්නුත් ඒ වගේමයි. ඊට ටිකක් විතර වෙනස්. ජපානය හු`ගක් ඉතුරු කරන රටක්. ඒ වගේම ජපානය හු`ගක් අපනයනය කරන රටක්. (ආනයනයට වඩා* ජපානයේ වෙළඳ අතිරික්තය බිලියන 100ට වැඩියි. කොයි තරං ආදර්ශමත් රටක්ද ජපානය. (මං කියවගෙන යන්නෙ සුනාමියට කලින් ලියපු ලිපියක්*

ඒත් ඇමරිකාව? උන් වියදම් කරනවාමයි වැඬේ. ඉතුරුව හරි අඩුයි. ඒ මදිවට අපනයනයට වඩා ආනයනය ඉහලයි. හරි නාස්තිකාරයි. දැන් බලද්දි වැඩියෙන් සිංහල බෞද්ධ ජපානෙද, ඇමරිකාවද?

මට මතක් වෙනවා සමසෙට් මෝම් ලියපු කෙටි කතාවක්. කූඹියා සහ පළගැටියා ඒ කතාවෙ නම. කූඹියා කෑම එකතු කරනවා..එකතු කරනවා...වැහි කාලෙට ගන්න. පළගැටියා සිංදු කිය කිය නටනවා කිසි ඉතුරුවක් නැතුව. කූඹියාට සිංදු කියන්නවත් නටන්නවත් වෙලාවක් නෑ. ඒ ගොල්ලො රංචු පිටින් සංවිධානය වෙලා, ජාති මාමකත්වයෙන් යුතුව කෑම ඉතුරු කරනවා වැහි කාලෙට. අද ගැන නෙමෙයි හෙට ගැනමයි කල්පනාව. කූඹියා සිංහල බෞද්ධකමට කිට්ටු වැඩියි. පළගැටියා නාස්තිකාරයි. වැහිකාලෙදි පළගැටියා හාමතේ මැරෙනවා. කූඹියා ඉතුරු කරපු කෑම ටික කකා ඉන්නවා. ඒත් එයාට සිංදු කියන්නවත් නටන්නවත් වෙලාවක් නෑ. පායන කල් බලන් ඉන්නෙ ආයෙත් කෑම එකතු කරන්න. පායපු ගමන් කූඹියා අයෙත් ඉතුරු කරන්න ගන්නවා, වැහි කාලෙට. සමසෙට් මෝම් මෙතනදි කියනවා මොකක් හරි හේතුවක් හින්ද, එයා තාම කැමති පළගැටියට කියල. වෙනස් හේතුවක් හරි හින්ද මාත් කැමති පළගැටියට. කූඹියා හැමදාම ඉන්නෙ තාම ආපු නැති දවසක් වෙනුවෙන් මහන්සි වෙවී.

කොහොම වුණත් ධනේශ්වරය හැදිලා තියෙන්නෙ කූඹි වෙනුවෙන් නෙමෙයි. ඒක පළගැටියන්ට හදපු ක‍්‍රමයක්. ඇමරිකාවෙ වෙළඳ හි`ගය ඇමරිකානු ඩොලර් බිලියන 400ට වැඩියි. ඒත් ලෝකෙ වඩාත්ම ස්ථාවර සහ ශක්තිමත්ම ආර්ථිකය විදිහට පිළිගන්නෙ ඇමරිකානු ආර්ථිකය. ඇමරිකාවට කොයින්ද සල්ලි මෙහෙම වියදම් කරන්න? ඒ ගොල්ලො සල්ලි ණයට ගන්නවා ජපානෙන්, චීනෙන් විතරක් නෙමෙයි, ඉන්දියාවෙන් පවා. එතකොට මහ බැංකුවෙන් ලොකු ඉලක්කම් දාලා පෙන්නන අපේ ආර්ථිකේ ස්ථාවරද ශක්තිමත්ද කියන ප‍්‍රශ්නෙ එනවා. ලෝකෙ අනිත් අපි වගේ රටවල් ඉතුරු කරනවා ඇමරිකාවට වියදම් කරන්න. ලෝකයේම ඉතුරුම් වැඩියෙන්ම තියෙන්නෙ ඇමරිකාවෙ. ඉන්දියාව විතරක් ඒ ගොල්ලොන්ගෙ විදේශ වත්කම් ඩොලර් බිලියන 5කට වඩා ඇමරිකානු තැන්පතු වල දාලා තියෙන්නෙ. ජපානෙ ඩොලර් ටි‍්‍රලියන ගණං.
ඇමරිකාව ලෝකෙන් ටි‍්‍රලියන 5ට වඩා අරගෙන. ලෝකෙම ඉතුරු කරන්නෙ ඇමරිකාවට වියදම් කරන්න. ඒක නිසා ඇමරිකානුවො නිදහසේ වියදම් කරනවා. ඇමරිකාවෙ පරිභෝජනය එන්න එන්න ඉහල යනවා. හැම කාර්තුවකටම ඩොලර් බිලියන 180ට වඩා අනිත් රටවලට ඇමරිකාව වෙනුවෙන් වියදම් කරන්න වෙනවා.

චීන ආර්ථික විද්‍යාඥයෙක් ප‍්‍රශ්නයක් ඇහුවා. කවුද වැඩියෙන් ආයෝජනය කරන්නෙ, ඇමරිකාව චීනෙ ඇතුලෙද? නැත්තං චීනෙ ඇමරිකාව ඇතුලෙද? ඇමරිකාව චීනෙ ආයෝජනය කරන්නෙ චීනෙ ඇමරිකවෙ ආයෝජනය කරනවට වඩා බාගෙකටත් අඩුවෙන්.

දැන් අපිට සිද්ද වෙනවා ආර්ථික විදයාව ගැන වෙනස් විදිහකට හිතන්න. සි`ගාලෝවාද සූත‍්‍රයෙ කියපු විදිහට ආර්ථිකය දුවන්නෙ නෑ අද. සල්ලි විසි කරන්න ඕන පැටව් ගහන්න.
ඒත් අපි ආපස්සට යනවා. ලෝකෙ ඉස්සරහට යද්දි.

ඇයි හැමෝම ඇමරිකාව පස්සෙන් දුවන්නෙ?
රහස තියෙන්නෙ ඇමරිකාව වියදම් කරන විදිහෙ. ඒ ගොල්ලො ඉතුරු කරන්නෙ නෑ. ඒ මදිවට ක්‍රෙඩිට් කාඞ් වලින් අනාගතය වෙනුවෙනුත් ඒ ගොල්ලො ණය වෙනවා. ඇමරිකාවෙ වියදම් කරන රටාව නිසාම ඇමරිකාවට අපනයනය කරන්න අනිත් රටවල් උනන්දු වෙනවා. ඇමරිකාව හැම අවුරුද්දකම අපනයනය කරනවට වඩා ආනයනය කරනවා.

ලෝකෙ සල්ලි ඉපදෙන්න කලින් ණය කියන එක නිර්මාණය වුණා නැත්තං ණය පදනම් කරගෙනයි සල්ලි කියන එක නිර්මාණය වුණේ කියල අපිට අමතක වෙනවා.

ලෝකයේම වර්ධනය තියෙන්නෙ ඇමරිකාවෙ වියදම් කිරීම මත. එන්න එන්නම තවත් ගැඹුරු වෙන ඇමරිකානු පරිභෝජන සංස්කෘතිය නිසා ලෝකෙ අනිත් රටවල් ඇමරිකානු පරිභෝජනය උඩ යැපෙන්න පුරුදු වෙලා. ඇමරිකාවට ඒ පරිභෝජන රටාව පවත්වාගෙන යන්න සල්ලි ඕන වෙද්දි අනිත් රටවල් දෙනවා. ඒක හරියට කඩ අයිතිකාරයෙක් දිගටම තමන්ගෙ කඩෙන් බඩු ගන්න ඕන හින්ද පාරිභෝගිකයෙකුට අතින් සල්ලි දෙනවා වගේ වැඩක්. පාරිභෝගිකයා බඩු ගත්තෙ නැත්තං කඬේ වහන්න වෙනවා. ඇමරිකාව තමයි මේ වාසනාවන්ත පාරිභෝගිකයා. ලෝකෙ අනිත් රටවල් අනාථ වුණු කඩකාරයා වගේ.

ඇමරිකාවට ඉන්න ලොකුම කඩකාරයා කවුද? ජපානය. ඒත් ජපානයේ ආර්ථිකය අන්තිම දුර්වලයි. මේක අපේ රටේ ගොඩක් අය දන්නෙ නෑ. ජපානයේ ආර්ථිකය කඩා වැටෙමින් තියෙන්නෙ. නූතන ආර්ථික විද්‍යාඥයො පෙන්නලා දෙනවා ජපනුන් වියදම් කරන්නෙ නැති නිසා ඒ අයගෙ ආර්ථිකය වැඩෙන්නෙ නැතිලූ. ජපානයේ ආණ්ඩුව මැදිහත් වෙලා ද`ගලනවා ජපනුන්ට වියදම් කරන්න හුරු කරන්න. ඒ ගොල්ලො ඉතුරුම් වෙනුවෙන් පොලී අනුපාත කපා හැරලා. සමහර වෙලාවට ඉතුරු කරනවට අය කරනවා. ඒත් ජපන්නු වියදම් කරන්නෙ නෑ. බදු වලින් බෑනෙ පුරුදු වෙනස් කරන්න. ඒ ගොල්ලොන්ගෙ තැපැල් ඉතුරුම් විතරක් ඩොලර් ටි‍්‍රලියන 1.2කට වැඩියි. ඒත් ඒක ජපානෙට හයියක් නෙමෙයි. වේදනාවක්.

දැන් අපි යමින් ඉන්නෙ කොහාටද? අපේ වත්තෙ පැල ටිකයි, බැංකු පොතේ සල්ලි ටිකයි තියාගෙන ගෙයක් ඇතුලෙ කොටු වෙලා, ලෝකෙන් හැංගිලා අපි ඉතිහාසෙට යද්දි ආර්ථිකය කොයි අතට යාවිද? හරියටම මහ බැංකුව පෙන්නනවා වගේ ලොකු ඉලක්කම් වලට යාවි. ඒත් අතේ සතේ නැති වේවි.

මොකක්ද පාඩම?

ජාතියකට නැගිටින්න බෑ ඒ ජාතිය වියදම් කරන්නෙ නැත්තං. නිකං නෙමෙයි, ණයට අරං වියදම් කරන්න ඕන. ප‍්‍රසිද්ධ ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙක් වෙන ආචාර්ය ජග්දීශ් බගවතී එක්වරක් මන්මෝහන් සිංට කියනවා ‘ඉන්දියානුවො හරි නාස්තිකාර විදිහට ඉතුරු කරනවා‘ කියල. ‘ඔවුන්ට කියන්න වියදම් කරන්න කියල. රටින් ගේන කාර් වලට හරි. අඩු ගානෙ රූප ලාවන්‍ය ගැන දේවල් වලට හරි. ඒකෙන් ඉන්දියාව වර්ධනය වන වක‍්‍රයට අරන් ඒවි.’

‘ඉතිරි කිරීම පාපයක්. වියදම් කිරීම කුසලයක්’

අපි ආයිමත් භාණ්ඩ හුවමාරු යුගයට යන්න උත්සාහ ගන්න නිසා සමහර විට මේ නූතන ආර්ථික විද්‍යාව වැඩක් නොවෙන්නත් පුළුවන්.

-ව්‍යාධදේව

Taqwacore: ඉස්ලාම් පන්ක් රොක් සංගීතයේ උපත


මට තේරුණා මම පල්ලිය ඇතුලෙ ඉඳන් එලියට චූ කරන එක හොඳයි එලියෙ ඉඳලා පල්ලිය ඇතුලට චූ කරනවට වැඩිය කියල.- මයික් නයිට්

අවුරුදු 5ට කලින් ඇමෙරිකාවේ මුස්ලිම් තරුණ තරුණියෝ අතරෙ ෆොටෝ කොපි ගහපු, කොල දියවෙලා ගිය පොතක් අතින් අතට මාරුවෙන්න ගන්නවා. ඒකෙ නම ‘ටක්වාකෝර්ස්’. ඒක බෆලෝ වල පරිකල්පිත මුස්ලිම් පන්ක් රොක් සංගීත කණ්ඩායමක් ගැන ලියවුණු පොතක්.

‘මේ පොත මට මගේ කියල අනන්‍යතාවයක් හදලා දුන්නා’ අවුරුදු 14ක් වයස නයිනා සයිඞ් කියනවා.
පාකිස්ථානයේ ඉපදුණු මුස්ලිම් ජාතික නයිනා පැය ගණන් ටෙලිෆෝන් එකේ එල්ලිලා එයාගේ අක්කා එයාට සම්පූර්ණ පොත කියවන කල් අහගෙන ඉන්නවා.
‘මගේ අතටම ඒ පොත හම්බුණාම...ඒක මට කියා ගන්න බැරි අත්දැකීමක්’ නයිනා කියනවා.

‘මේ පොත මුස්ලිම් තාරුණ්‍යයට ලොකු බලපෑමක් කළා. මයිකල් මුහම්මද් නයිට් ගේ පරිකල්පනයක් උඩ ලියවිච්ච මේ පොතෙන් පස්සෙ ඇමරිකාව ඇතුලෙ නොයෙක් කෙනෙහිලිකම් අත්විඳිමින් හිටපු මුස්ලිම් තරුණ තරුණියො ඇත්තටම මේ විදිහෙ මුස්ලිම් පන්ක් රොක් කණ්ඩායම් හදා ගත්තා. ඒක උපසංස්කෘතියක් වුණා’ උතුරු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉස්ලාම් ධර්මය ගැන මහාචාර්යවරයෙක් වන කාර්ල් ඩබ් අර්නස්ට් පැහැදිලි කරනවා.

මේ පොතේ ජනප‍්‍රියතාවය නිසාම ලෝ බජට් ඉන්ඩිපෙන්ඩන්ට් චිත‍්‍රපටයක් නිර්මාණය වෙනවා.
ක්ලීව්ලන්ඞ් වල පොදු නිවාසයක ජීවත් වෙන පන්ක් ආර්ටිස්ට්ලා කණ්ඩායමක් ඔවුන්ගේ නිවස චිත‍්‍රපටයට ‘සෙට්’ එකක් විදිහට දෙනවා. ඒ අවට ගරා වැටුණු ගොඩනැගිලි සහ පාලූවට ඇරුණු පාරවල් ‘බෆලෝ’ පැත්තෙ පරිසරයට හු`ගක් කිට්ටුයි. චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කරන්නෙ එයාඞ් සහ්රා.
‘මගේ ඔලූව ඇතුලෙ ජීවත් වුණු චරිත මගේ ඉස්සරහ එහා මෙහා ඇවිදින කොට, මගේ පොතේ කොටස් විදිහට මේ කොල්ලො කෙල්ලො දකින කොට ඒක මට හරි සූරියල් අත්දැකීමක් වුණා’ පොතේ කර්තෘ මුහම්මද් නයිට් චිත‍්‍රපටයේ සෙට් එකේ ඇවිදන අතරේ කිව්වා.

චිත‍්‍රපටියෙ සෙට් එකේ කොටසක් විදිහට මුස්ලිම් පන්ක් රොක් වාදකයෙක් වන අවුරුදු 23ක මාර්වන් කැමල් ‘ඔසාමා මැක්ඩොනල්ඞ්’ කියලා චිත‍්‍රයක් අඳිනවා. ඒක ඔසාමා බින් ලාඩන් ගේ ඔලූව රොනල්ඞ් මැක්ඩොනල්ඞ් ගෙ ඇ`ගට හයි කරපු රූපයක්. ඇමරිකානු සමාගම් වල ඇති අධිරාජ්‍යවාදයට සහ මුස්ලිම් අන්තවාදය කියන දෙකටම විරෝධයක් විදිහට කැමල් තමන්ගේ චිත‍්‍රය ගැන අදහස් කියනවා.

‘මම මුස්ලිම්. ඒ වගේම 100%ක් ම ඇමරිකන්. ඒක නිසා මට, මගේ විශ්වාසයත්, මගේ රටත් දෙකම විවේචනය කරන්න අයිතියක් තියෙනවා. කැරලිකාරීත්වය සහ පන්ක් කියන දෙකම සම්පූර්ණයෙන්ම ඇමරිකන්’ චිත‍්‍රපටයේ නිළියක් වන නවුරින් ඩිවුල්ෆ් චිත‍්‍රපටිය ගැන තමන්ගෙ හැ`ගීම ප‍්‍රකාශ කලා.

‘ටක්වා’ කියන්නේ ‘දැඩි ලෙස දෙවියන් හා බැඳුණු’ කියන අදහස. ඒක ‘හාඞ් කෝර්’ කියන තමන්ගේ වෛරය ප‍්‍රකාශ කරන බටහිර සංගීත ෂොනර හඳුන්වන යෙදුමත් එක්ක මුහුවෙලා ‘ටක්වාකෝර්’ කියන නම හැදෙනවා.

සැප්තැම්බර් 11 වෙනිදට පස්සෙ ඇමරිකාවෙ හු`ගක් තරුණ මුස්ලිම් අය ඒ ගොල්ලොන්ගෙ යාලූවො අතර පවා කොන් වෙන්න ගත්තා. බුෂ්ගෙ පාලනය සැප්තැම්බර් 11 සිද්ධියට ප‍්‍රතිචාර දක්වපු විදිහෙන් සහ ගොඩක් මුස්ලිම් නායකයන්ගෙ දැඩි ගතානුගතිකත්වය අතරෙ මේ තරුණ තරුණියන්ට මේ මුහම්මද් නයිට්ගෙ නවකතාව අත්පොතක් වුණා.

‘මේ පොත කියවද්දි මාව සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා වගේ හැ`ගීමක් මට දැනෙන්න ගත්තා’ ඔරලෝන්ඩෝහි වැලන්සියා ප‍්‍රජා පාසැලේ මුස්ලිම් සහ මානව ශාස්ත‍්‍ර ආචාර්යවරිය ඇරී සුෆාරි කියනවා.
සුෆාරි අර්කන්සාස් හි නැගී ගෙන එන පන්ක් සංගීතය රසවිඳින අතරෙ ‘ටක්වාකෝර්ස්’ කියවලා තියෙන්නෙ අවුරුදු හතරකට කලින්.
‘මෙතන ඉන්නෙ මං වගේම ඉස්ලාම් ආගම ගැන කළකිරුණ කෙනෙක්. ඒ එක්කම එයා මම කැමති ‘ඩෙඞ් කෙනඞීස්’ වගේ සංගීත කණ්ඩායම් පාවිච්චි කරමින් ඒ කළකිරීම ප‍්‍රකාශ කරනවා. අපි හු`ගක් ළ`ගයි’

නවකතාවෙ ‘රබෙයියා’ නමින් එන කැරලිකාර මුස්ලිම් තරුණිය බුර්කාව පිටින්ම ස්ටේජ් එකේ ගිටාර් ගහනවා. එයා තවත් තරුණ තරුණියන්ගේ යාඥාවන් පවා මෙහෙයවනවා. ඒ එක්කම කංසා පානය කරන ෆසීක් කියන චරිතයත්, හොඳට බොන ජෙහන්ගීර් කියන චරිතයත් පොතේ අන්දෝලනය තවත් වැඩි කරනවා. මේ වගේ දේවල්, ඒ කියන්නෙ බටහිර සංගීත වාදනය, කාන්තාවන් යාඥා මෙහෙයවීම, මත්පැන්, දුම්බීම වගේ දේවල් මිලියන ගාණක් මුස්ලිම ජාතිකයන් සළකන්නෙ ‘හරාම්’ නැත්තං ‘තහනම්’ විදිහට.

නිව්යෝර්ක් වල අයිරිෂ් කතෝලිකයෙක් විදිහට ඉපදුණු මුහම්මද් නයිට් (පොතේ කර්තෘ* නව යොවුන් වයසෙදිම ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා. ඒ දෙමව්පියන්ගෙ කතෝලික භක්තියට විරුද්ධ කැරැුල්ලක් විදිහට. පකිස්ථානෙට ගිහින් පල්ලියේ ඉගෙනීම් කරද්දි එයා මුහම්මද් (නබි* මිය ගිය පසු ඇති වුණු යුද්ධ ගැන දැන ගත්තම ගතානුගතික මුස්ලිම් භක්තිය ගැන කළකිරෙන්න ගන්නවා.
එයා ටක්වාකෝර්ස් ලියන්නෙ තමන් තුල ජීවත් වෙන වෛරය ප‍්‍රකාශ කරන ඇමරිකානු තරුණයා සහ මුස්ලිම් භක්තිකයා අතර වෙනස යා කරන්න. තමන්ගේ නායකයන්ව සහ ඔවුන්ගේ බාල දේව ඇදහිලි නොතකා ‘අල්ලා’ දෙවියන් පමණක් විශ්වාස කළ මුහම්මද් (නබි* ගේ ජීවිතය එයාව ආකර්ශනය කර ගන්නවා.

මේ පොත කියවීමෙන් පස්සෙ හු`ගක් අය මුහම්මද් නයිට් ට ඊ මේල් එවන්න ගත්තා ඊළ`ග පන්ක් ෂෝ එක තියෙන තැන ගැන විස්තර අහලා. එහෙම කණ්ඩායම් නැති වග කිව්වම ඔවුන් තමන්ගේම පන්ක් කණ්ඩායම් නිර්මාණය කරන්න ගත්තා. ඒ වගේ එකක් තමයි, ‘කොමිනාස්’. ඔවුන්ගේ ‘ීමසජසාැ ඊදපඉ එයැ ඨ්ච’ කියන සිංදුව තමයි මුලින්ම මුස්ලිම් පන්ක් රොක් ජාතික ගීය වගේ වෙන්නෙ.

‘මුස්ලිම් ජාතිකයන් විදිහට අපි ඉස්සෙල්ලා අපිවම විවේචනය කර ගන්නෙ නැතිව ඇමරිකාව විවේචනය කරන්න ගියොත් මං හිතන්නෙ ඒක අවංක නෑ’ චිකාගෝ වල සිරියානු පවුලක හැදී වැඩුණු අවු 23ක් වයස කාමෙල් කියනවා. එයා ‘අල් තව්රා’ (විප්ලවය* කියන පන්ක් රොක් කණ්ඩායමේ ගායකයෙක්.

ගොඩක් ඇමරිකානු මුස්ලිම් තරුණ තරුණියන්ට මේ කැරලිකාරීත්වය සහ ඉස්ලාම් ආගම හොඳින් ගැලපුනා.

හනාන් අර්සාෆ් කියන්නෙ නිව්යෝක් වල ජීවත් වෙන මොරොක්කෝවෙන් ආපු මුස්ලිම් පවුලක හැදී වැඩෙන අවුරුදු 15ක කෙල්ලක්. සැප්තැම්බර් 11 සිද්ධියෙන් පස්සෙ එයා මුස්ලිම් පාසැලට යන වෑන් එකට පාරෙදි මිනිස්සු බිත්තර සහ කෝපි කෝප්ප විසි කරන්න ගන්නවා. ‘එක්කෙනෙක් වයින් බෝතලයකින් පවා දමා ගැහුවා’ ඇය කියනවා.
ඇගේ පංතියේ උගන්වන කොරියන් ගුරුවරිය පවා වචනයක තේරුමක් ඇසූ නිසා ඇයට හුණු කූරෙන් දමා ගැහුවලූ. පාසැල් දෙකකින්ම ඉවත් වෙන්නට සිදු වුණු පසු ඇගේ මාමා කෙනෙක් ඇයට ‘ටක්වාකෝර්ස්’ පොත ගෙනත් දෙනවා.

‘මේ පොත මගේ ජීවිතේ. ඒක මගේ විශ්වාසය බේරලා දුන්නා’ ඇය කියනවා.

(2009 දි ඕමාර් මජීඞ් විසින් ‘ටක්වාකෝර්ස්’ නමින් තවත් වාර්තා චිත‍්‍රපටියක් නිර්මාණය කරනවා. ඇමරිකානු සහ පාකිස්තානු මුස්ලිම් පන්ක් රොක් කණ්ඩායම් වල සංචාරයක් විදිහටයි මේ චිත‍්‍රපටිය හැදෙන්නෙ. 2010 අවුරුද්දෙ සන්ඩාන්ස් චිත‍්‍රපට උළෙලෙදි මේ චිත‍්‍රපටිය පළමුවරට ප‍්‍රදර්ශනය වෙනවා. *

පරිවර්තනය- තුෂාර පෙරේරා.

COINS SHORT FILM FESTIVAL


අපේ‍්‍රල් 8 සහ 9 දිනයන්හි
ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී

කාලෙකින් ආයෙමත් කෙටි චිත‍්‍රපට උළෙලක් ඇවිත්. හැම දෙයක්ම කඩාගෙන වැටිලා හැමෝම චිත‍්‍රපටි කියන හීනය අත් හරිමින්, පාවා දෙමින් නැත්තං අතරමං වෙමින් ඉන්න අතරෙදි ආයෙමත් කෙටි චිත‍්‍රපට උළෙලක් වෙන්න යනවා කියලා ඇහුවම මගේ ඇෙ`ග් හිරිගඩු පිපුණා.

කාලයක් තිස්සෙ ‘කෙටි චිත‍්‍රපටි නං එපා’ කියන ගානට කටේ තියන්න බැරි ගොඩක් කෙටි චිත‍්‍රපටි හැදෙන්න ගත්තා. ඒවා ටීවී එකක වගේ පෙන්නලා තේකක් එක්ක සිගරට් එකක් බීලා ඩිරෙක්ටර් කෙනෙක්ගේ ත‍්‍රිල මිනිමලිස්ට් විදිහට ගන්න විධි පවා හැදුනා. ඒත් ඒ කොතනවත් කෙටි චිත‍්‍රපටියක් හැදුනෙ නෑ.

ලංකාවෙ කෙටි චිත‍්‍රපටිකරුවන්ට තියෙන ප‍්‍රශ්න මොනවද කියලා මයික් එකකින් කියන්න හම්බ වුණු වෙලාවකදි මම කිව්වා,
පලවෙනි එක, ඒ ගොල්ලොන්ට කියන්න දෙයක් නෑ.
දෙවෙනි එක, ඒ ගොල්ලො කියන්න දන්නෙ නෑ. (තමන්ගෙ ජීවිතයට කැමරාව අල්ලලා ඒක චිත‍්‍රපට භාෂාව ඇතුලට ගේන්න ඒ ගැන දැනුමක් ඕන. ඒ දැනුම කියන්නෙ විනයක්*
තුන්වෙනි එක, එහෙම දන්නෙ නැති බව දන්නෙ නෑ. (තමන්ගෙ කෘතියක අඩුපාඩු තේරුම් ගන්න තරමට විෂයක් හැටියෙන් චිත‍්‍රපටි තේරුම් ගන්න බැරිකම*
ඒ විදිහට අලූතෙන් හැදෙන චිත‍්‍රපටි නන්නත්තාර වුණා. විනයක් නැති ගතියක් හැම දෙයක්ම පිස්සුවක් කරන්න ගත්තා. චිත‍්‍රපටි සහ මෙගා ටෙලි අතර වෙනස නොපෙනී යන්න ගත්තා.
කොයින්ස් සංවිධානය වෙන්න ගත්තෙ මේ හිස්තැන ඇතුලෙ. ඒ චිත‍්‍රපටි උළෙල සංවිධානය වීම පිටිපස්සෙ තිබුණු සිනමාව ගැනම වුණු පෙළඹවීම මට හීනි බලාපොරොත්තුවක් ඇති කළා. දේශපාලනික හෝ මතවාදිමය (විශ්ව විද්‍යාල ආශ‍්‍රිතව සහ දේශපාලන කල්ලි වලින් සංවිධානය වෙන* පටු තැනකට වඩා විවෘත පැහැදිළි අරමුණක උළෙල සංවිධානය වුණා. චිත‍්‍රපට හදාරන අයම ඒ අය වෙනුවෙන්ම සංවිධානය කරන අන්තර්ජාතික කෙටි චිත‍්‍රපට උළෙලක් කියන්නෙ සුන්දර අත්දැකීමක්. 2005 අවුරුද්දෙ අපි (මීට වඩා කුඩාවට* සංවිධානය කරපු කෙටි චිත‍්‍රපට උළෙල මට තාමත් පොලොවෙ තියලා හිතන්න බැරි හීනයක ගතවුණු දවස් කීපයක්.

හැම දෙයක්ම නතර වෙලා තියෙන මොහොතක කෙටි චිත‍්‍රපටි එකතු කරගෙන මේ විදිහෙ ලොකු වැඩකට යනවා කියන්නෙ අමාරු වැඩක්. හුළ`ග හමන දිශාවට විරුද්ධව පීනන එක දුෂ්කරයි. ඒත් ඒ ගොල්ලොන්ගෙ ඇත්ත උවමනාව තව ගොඩක් අයගෙ උනන්දුව පත්තු කරලා තිබුණ. සීයක් විතර එකතු වුණු චිත‍්‍රපට අතරෙ හොඳ මට්ටමක ඒවා ඇත්තෙ කීපයක් වෙන්න පුළුවන්. ඒත් ඒ කීපය තව ගොඩක් අය වෙනුවෙන් දේවල් නිර්මාණය කරාවි. වැස්ස එනකල් බලන් ඉන්නෙ නැතුව කාන්තාරෙ පැල හිටවන එක අතාර්කික වෙන්න පුළුවන්. ඒත් ඒ අතාර්කික බව හින්දම ඒක අනිත් හැමදේකටම වඩා ඇත්ත වෙයි.

ආයිමත් බලාපොරොත්තු එක උඩ එක ප‍්‍රක්‍ෂේපණය වෙන රිදීතිර ගණනාවක් දැල්වෙන දවස්...

අනිත් කොයිම මාධ්‍යකටත් වඩා කැමරාවක් ඉස්සරහදි කෘතියකට අවංකකම වැඩියෙන්ම පේනන ගන්නවා. සාහිත්‍යමය නාට්‍යමය දේවල් වලට වඩා ජීවිතය චිත‍්‍රපටියක් ඇතුලෙදි වැඩියෙන් කතා කරන්නෙ ඒ හින්ද. ඒ වගේ චිත‍්‍රපටි කීපයක්ම මම දැක්කා. බංකොලොත් රටක හිතාගන්න බැරි අවදි වීමක් කොයින්ස් එක්ක මට දැණුනා. දෙයක් කියන්න තියෙන, ඒ කියන දේට භාෂාවක් තියෙන අලූත් ජීවිත ගොඩක් කැමරා ඇතුලෙ පෙලගැහිලා තිබුණ.
ඇත්තටම කියනවා නම් ඒක සිනමා දැනුම එකතු වීමේ ‘පිමි පැනීමක්’. කාලයක් දැකපු විකාර ගොඩක් වෙනුවට ආයිමත් චිත‍්‍රපටි කරන්න පුළුවන් අය චිත‍්‍රපටි කරලා තිබුණ.

වඩාත් වැදගත් වෙන්නෙ මේ හැම දෙයක්ම එකට සංවිධානය වෙන එක. කෙටි චිත‍්‍රපටි ගොඩක් එකතුවෙන් මහා සිනමාවකට වඩා දැනෙන තැනකට පෙලගැස්මක් ඇති කරන එක. මේ වෙලාවෙ තනි තනි කෘතියක අඩංගු සාධනීය ලක්ෂණ වලට වඩා වැදගත් වෙන්නෙ මේ කතිකාව. මේ විකල්පය ගොඩනැගීම. හු`ගක් පරක්කු වෙලා හරි ඒ දේ සිද්ද වෙන එක ලොකු දෙයක්.

සිනමාව කියන එක මේ රටේ මැරිලා කාලයක් ගත වෙලා තිබුණත් ආයිමත් ඉපදෙන්න යන වෙනස් සිනමාවක ජාන කොයින්ස් ඇතුලෙ පැහැදිලියි. සුබවාදී ලෝකයක් ගැන හිතාගෙන ඉපදෙන හුරතල් පොඩි එකෙකුට වඩා වඳ කරන්න බැරි කැරපොත්තො වගේ හැමදෙයක් එක්කම පරිණාමය වෙන්න පුළුවන් අලූත් චිත‍්‍රපටිකාරයො රොත්තක් මෙතනින් එලියට එයි කියලයි මගේ බලාපොරොත්තුව.

ලෙස්ටර් - රිදී නිම්නයේ කැරලිකරුවා.


‘‘ප‍්‍ර‍්‍රංශ කියමනක් තියෙනවා ජීවිතය තේරුම් ගන්න නම් ඒක ආපස්සට දකින්න ඕන කියල. මම මගේ වැඩ දිහා බලන්නෙ ඒ විදිහට. මම අවුරුදු 40ක් තිස්සෙ වෘත්තාන්ත චිත‍්‍රපටි හදනවා. අවුරුදු 50ක් තිස්සෙ චිත‍්‍රපටි ක්‍ෂේත‍්‍රයේ ජීවත් වෙනවා. වඩාත් වැදගත්ම දේ එතකොට ඔබට පැහැදිලි වෙන්න ගන්නවා, ඔබ දන්නෙ කොයි තරම් ටිකද කියල.’’
-ලෙස්ටර් ජේම්ස් පීරිස්


‘‘අනාගතයේ චිත‍්‍රපටකරුවන් ඔවුන්ගේ ආඛ්‍යානයන්හිදී වඩාත් සියුම්, ගැඹුරු සහ සංකීර්ණ වනු ඇති බව මට විශ්වාසයි. ඒ වගේම සාහිත්‍යමය හෝ නාට්‍යමය සලකුණු ඔවුන්ගේ කෘති වලින් පිටුවහල් කර දමාවි.’’
- ලෙස්ටර් ජේම්ස් පීරිස්

ලෙස්ටර් අපට වීරයෙක් වන්නේ ඔහු යුනෙස්කෝවෙන් ලෝකයේ විශිෂ්ටතම සිනමාකරුවෙක් ලෙස පුදනු ලැබූ නිසා නොවේ.
බොහෝ දෙනෙක් ‘මාරයි’ කියන නිධානය චිත‍්‍රපටය කරමින් කාන් චිත‍්‍රපට උලෙළට ගිය නිසා නොවේ.
ලෙස්ටර් විසින් හොබවන දැවැන්ත සිනමා දැනුම නිසා නොවේ.
චිත‍්‍රපට 28ට වඩා කළ නිසා නොවේ.
මේ සියල්ල මහා සිනමාවේ බැතිමතුන්ට ප‍්‍රමෝද වන්නට කාරණායි.

අපට ලෙස්ටර් වීරයෙක් වන්නේ එකම එක කාරණයක් නිසායි.
සිනමාව යනු චිත‍්‍රාගාර බවට පත්වී තිබෙන යුගයක කැමරාව රැුගෙන ගොස් පාරේ හිටවන්නට තරම් ඔහු හිතුවක්කාර වූ නිසාය.
ලාංකේය සිනමාවේ පළමු කැරලිකරුවා ලෙස්ටර් නිසාය.
සිනමාවේ වැඩවසම් බවට එරෙහිව නැගී සිටින්නටත් එය වෙනස් කරන්නටත් ඔහු දේශපාලනික වූ නිසාය.
වෙනස් සිනමාවක් ගැන බලාපොරොත්තුවක් ඔහු ජීවත් කළ නිසාය.

ලෙස්ටර් ..ඔබට සුබ උපන්දිනයක්.

සිනමාව නිරුවත් කිරීම.


දෙවෙනි වතාවට ෆෙස්ටන් චිත‍්‍රපටිය බලද්දි දැණුනු තිගැස්ම නිසා ඩොග්මෙ 95 ගැන ලියන්න මූඞ් එකක් ආවා. ෆෙස්ටන් කරන්නෙ තෝමස් වින්ටර්බ්ර්ග්. එයා ලාස් වොන් ටි‍්‍රයර් එක්ක එකතු වෙලා නිරුවත් සිනමාව අත්විඳීමේ ආසාවෙන් නිර්මාණය කරනවා අලූත් සිනමා සම්ප‍්‍රදායක්. (ඒ වගේ අමාරු හැදෙන්නෙ ඒ මහද්වීපවල ජීවත් වන මිනිස්සුන්ට විතරයි. ¥පත් වල අයට හැදෙන්නෙ රන්මිණිතැන්න හදනවා වගේ අමාරු*
ඩොග්මෙ 95 පටන් ගන්නෙ පැරීසියේ ලෝකෙ දැවැන්ත සිනමාකරුවො චලන චිත‍්‍රයෙ පලවෙනි ශතවර්ෂය සමරන්න රැුස්වෙලා ඉඳිද්දි. ලාස් වොන් ටි‍්‍රයර් ට ආරාධනයක් තිබුණ සිනමාවෙ ඉදිරි අනාගතය ගැන කතාවක් කරන්න. ඒ වෙනුවට එයා ඇවිත් හිටපු අයට ඩොග්මෙ 95 ‘පවිත‍්‍රත්වයේ ප‍්‍රතිඥාව’ ලියපු රතු කොලයක් බෙදාගෙන යනවා. ඩොග්මෙ ගැන විවේචන එද්දි වින්ටර්බර්ග් සහ වොන් ටි‍්‍රයර් කියනවා,
‘ අපිට අන්තගාමී දෙයක් තමයි ඕනි. ලොකු බජට් වල බිස්නස් එකක් විතරක් වේගෙන යන කොට අපි තීරණය කළා පුළුවන් තරමක් හරි දේවල් බැලන්ස් කරන්න’

වොන් ටි‍්‍රයර් ට සහ වින්ටර්බර්ග් ට ඕන වුණේ චිත‍්‍රපටයක අධ්‍යක්‍ෂණය එහි විශේෂ ප‍්‍ර‍්‍රයෝග, සංගීතය හෝ චිත‍්‍රපටියෙ සාරයට සම්බන්ධ නැති වෙනයම් දෙයක් වෙනුවෙන් කරන වෙහෙසීම චිත‍්‍රපටයෙ සාරයට කේන්ද්‍රගත කරන්න. කතාව සහ නළු නිළියන් සමග වැඩකිරීම සිනමාවෙ මූලික හරය කියන එක ආයිමත් තහවුරු කරන්න.

‘එහෙම වුණාම පේ‍්‍රක්‍ෂකයො වුණත් ඔවුන්ව කතාවෙන් පරාරෝපණය කරන අධිනිෂ්පාදන තත්ව නිසා පීඩනයට පත් නොවීමේ නිදහස විඳීවි’ -

මෙතනින් මම වෙන කතාවකට මාරු වෙනවා. මේක කෙලින්ම කරගෙන යන කතාවට අදාල නොවුණත් වෙන වදිහකින් අදාලයි. මට ළ`ගදි බලන්න හම්බුණා විශ්ව විද්‍යාලවල කට්ටිය කරපු කෙටි චිත‍්‍රපටි. සාමාන්‍යයෙන් එලියෙ හැදෙන කෙටි චිත‍්‍රපටි වලට සාපේක්‍ෂව ඒවා තියෙන්නෙ හිතා ගන්න බැරි තරම් පහල මට්ටමක. වඩාත් අවදානම්කාරී දේ ඒ ගොල්ලන්ට හිතන්න බෑ කියන එක හොඳටම පෙනීම සහ ඔවුන් සිනමාකරුවන් වෙන්න උත්සාහ කරන එක. ඔවුන්ට සිනමාව කියන්නෙ ඔවුන්ගෙ ඇත්ත ජීවිතෙන් හු`ගක් පරාරෝපිත තත්වයක්. ඔවුන්ට දෙයක් රූපමය ලෙස දැකීමේ හැකියාව නිල්. මම මේ කියන්නෙ චිත‍්‍රපට කීපයක අත්දැකීම් වලින් විතරක් නෙමෙයි. ටම් වෙද්දි පොදුවේ හැම විශ්ව විද්‍යාලයකම නිර්මාණශීලීත්වය එලියෙ සමාජයට සාපේක්‍ෂව අතිශය නොදියුණුයි. මෑතක කීප වතාවක්ම මට මේ ඇත්ත නැවත නැවත මුණ ගැහුනා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ ඉඳන් ශිෂ්‍යයන් දක්වාම මේ බංකොලොත්කම එලියට එනවා. මෑතක අයිනෙස්කෝ ගේ නාට්‍යයක් විශ්ව විද්‍යාල ආශ‍්‍රිත චරිතයක් විසින් පරිවර්තනය කොට වේදිකාවට ගෙනෙන ලදුව මම ගියා බලන්න. ඒක බලන් ඉන්න බෑ. විකාරයි. ඊට පස්සෙ බෝනිකි ගෙදර. කටෙ තියන්න බෑ. මේකට ප‍්‍රධානම හේතුව විදිහට මට පේන්නේ අදේශපාලනික බව. පේ‍්‍රක්‍ෂකයො හෝ පාඨකයො හෝ ඇත්තට ඉන්න තැන ගැනවත්, රටේ සමස්ත ප5වාහය ගමන් කරන දිශාව ගැනවත් ඔවුන්ට දැනුවත් කමක් නෑ. දැනුම අදාල සමාජ පරිසරය අනුව සකස් කර ගැනීම ගැන කිසිම හැකියාවක් නෑ. මට අනුව නිර්මාණශීලීත්වය කියන්නෙම ඒකට. විශ්ව වද්‍යාල ආචාර්යවරුන් දැන් නිර්මාණ කියල කරන්නෙ කෞතුක සම්ප‍්‍රදායන් පවත්වාගෙන යන එක. ඒ ගොල්ලොන්ට අනුව ශාස්ත‍්‍රිය නැත්තං ඇකඩමික් කියන්නෙ ඒකට. මේ දේවල් මේ විදිහට පවතින පද්ධතියක සහ ඒකටම ගැලපෙන නිර්මාණශීලීත්වයට එරෙහි රාජ්‍ය ප‍්‍රතිපදාවකදි නිර්මාණ කියල බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ විදිහෙ පාවෙන බැලූම් විතරයි.

ඒක හින්ද කැම්පස් වල ළමයි කරන චිත‍්‍රපටි තාම ලංකාවෙ ෆිල්ම් පටන් ගත්ත කාලෙ වගේ. ඔවුන්ට බියර් යනු නරක චරිත පෙන්වන්නට සංකේතයක්. ඔවුන්ට කියන්න ඇත්තේ ද ලක්ෂවාරයක් නැවත නැවත ජප කරපු අත්දැකීම් විතරයි. ඒවත් හරියකට ඉදිරිපත් කරන හැටියක් දන්නේ නෑ. කොටින්ම ඒ ගොල්ලො චිත‍්‍රපටි බලන්නෙ නෑ.

කොහොමත් මේ මොහොතෙ ලංකාවෙ සිනමාව කියල කියන්න දෙයක් නෑ. තියෙන්නෙ ජාති දෙකයි. එකක් අඩු වියදමෙන් කරන ටෙලි නාට්‍ය. අනික වැඩි වියදමෙන් කරන ටෙලි නාට්‍ය. තර්කොව්ස්කි ගැන කතා කරලා අපි රෝයිද සිල්වා වගේ චිත‍්‍රපටි හදනවා.

සමස්තයක් හැටියට සිතීම කියන එක අත්හරිමින් ඉන්න පොදු හේතුව පැත්තකින් තිබ්බොත් සිනමාව ගැන මේ තරම් අවුලක් එන්න හේතුව අපිට සිනමාවක් නැති කම. අපි සිනමා භාෂාව කියවන්න දන්න රටක් නෙමෙයි. සිනමාවෙ භාෂාව මෙගා ටෙලි භාෂාවට වඩා වෙනස්. ඒක කැමරා කෝණවත්, සංගීතය වත්, පාට කරපු රූප වත් නෙමෙයි. ඒක සිනමාව කොයි තරම් දැනෙන තැනකට ගේන්න පුළුවන්ද කියන කාරණයත් එක්ක සම්බන්ධ දෙයක්. සිනමාවට කොයි තරම් අවංක වෙන්න පුළුවන්ද, සිනමාව කොයි තරම් ජීවිතේ කියවන භාෂාව කර ගන්න පුළුවන්ද කියන ප‍්‍රැක්ටිස් එකයි එතනදි බලපාන්නෙ. පිරිසිදු නැත්තං පාරිශුද්ධ සිනමාව ස්පර්ශ කිරීම කියලා ඩොග්මෙ 95 දි උත්සාහ කරන්නෙ එතනට එන්න. ආයිමත් ඉපදෙන්න.

ඩොග්මෙ 95 දස පණතක් උඩ පදනම් වුණා.

1. ඩොග්මෙ චිත‍්‍රපටියක් වෙන්න නම් චිත‍්‍රපටිය ඇත්ත ලොකේෂන් එකක (සෙට් එකක බෑ* රූප ගත කරන්න ඕන. ප්‍රොප්ස් ගේන්න බෑ. ප්‍රොප්ස් ඕනම නම් ඒ ප්‍රොප්ස් තියෙන ලෝකේෂන් එකක් හොයා ගන්න ඕන.

2. සංගීතය වෙනම එකතු කරන්න බෑ. එතනදි ඇත්තට ඇහෙන සංගීතය පමණයි.
3. කැමරාව හෑන්ඞ් හෙල්ඞ් වෙන්න ඕන. අතේ තියාගෙන ඕන වැඩක් දාන්න පුළුවන්.
4. චිත‍්‍රපටිය වර්ණ විය යුතුමයි. ස්වභාවික ආලෝකය හැර ආලෝකකරණය තහනම්. එලිය මදි නම් ඒ සීන් එක කපලා දාන්න හෝ එක ලාම්පුවක් පමණක් කැමරාවට ඈඳාගන්න ඉඩ දෙනවා.
5. කාචවලින් වැඩ දාන්න බෑ. ෆිල්ටර් පාවිච්චි කරන්න බෑ.
6. බොරු ඇක්ෂන් චිත‍්‍රපටි වෙන්න බෑ. ඇත්ත ජීවිතය උඩ පාදක වෙන්න ඕන.
7. චිත‍්‍රපටිය මෙතන මේ මොහොතේ වෙන්න ඕන. කතාව එහේ මෙහේ ගෙනියන්න බෑ.
8. ෂොනර චිත‍්‍රපට බාර ගන්නෙ නෑ.
9. චිත‍්‍රපටිය අවසානයේ වයිඞ් ස්ක‍්‍රීන් නොවන 4.3 නෙගටිව් වලට මාරු කළ යුතුයි.
10. චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂකගේ නම සඳහන් කරන්න බෑ.

සිනමාව කියන නිදහස් කලා භාවිතාවට මේ විදිහෙ තහංචි දැමීම ගැන (හිනා යන කතාව කියන්නෙ ලංකාවෙ චිත‍්‍රපටි කරන අයත් මෙහෙම කියනවා* වින්ටර්බර්ග් ලස්සන විස්තරයක් කරනවා.
‘ඩොග්මෙ 95 නීති වලට මම කැමති වෙන හේතුව ඩොග්මෙ ඉන්න අනිත් අයට වඩා වෙනස්. ඒවා ඇත්තටම හරි පුද්ගලිකයි. ඒවා පුද්ගලිකයි, මම විශ්වාස කරන කලාව හා සම්බන්ධයි. දේශපාලනිකයි. මට ඕන මේ මොහොතේ සිනමාව ඇතුලෙ වැඩකරන නිශ්චිත ධාරවන් කීපයකට විරුද්ධ වෙන්න හෝ ඒවා යම් තාක් දුරට පාලනය කරන්න. මට ඕන අපේ කාලයේ වඩාත්ම කොන්සවේටිව් කලා මාධ්‍ය වන සිනමාවෙ මේ මෝඩකමට සහ ගතානුගතිකත්වට විරුද්ධ වෙන්න. අනිත් අයගෙ විතරක් නෙමෙයි. මගේ සිනමාවෙ පවා මේ තත්වයන් තියෙනවා. චිත‍්‍රපටි හදන එක අවදානම් සහගත වැඩක්. ඩොග්මෙ 95න් මගේ බලාපොරොත්තුව සිනමාව නිරුවත් කිරීම. සැබෑ සිනමාව මුණ ගැසීම. හරි පුදුම විදිහට අපි නීති විදිහට දාපු දේවල් අපිට නිර්මාණ වලදි නිදහස ලබා දුන්නා. ඒක විමුක්ති මාර්ගයක් වගේ. ඒ නීති නිසා තවත් මගේ පරිකල්පනය තියුණු වෙන්න ගත්තා. චිත‍්‍රපටියට සංගීතය පාවිච්චි කරන එක තහනම් වුණාම, මේක මගේ ෆෙස්ටන් චිත‍්‍රපටියෙදි වුණා..මගේ චරිත එක්ව ගායනා කරන්න පටන් ගත්තා. ඒක සජීවී වුණා.
අනිත් හැම උපකරණයක්ම ඉවත් කරලා නිසා චිත‍්‍රපටිය ඇතෙුල මට හු`ගක් නිදහස දැණුනා. අන්තගාමී විදිහට නළු නිළියන් සහ කතාව ගැන වෙහෙසෙන්න මට පුළුවන් වුණා.
වෙන විදිහකට ගත්තොත් මේ හින්ද මෙච්චර කල් සල්ලි වලින් යට කරලා තලාගෙන හිටපු පිරිසක් ශක්තිමත් විදිහට ඉස්සරහට ආවා. ඒකෙන් පෙරමුණක් හැදුණා.
මම කොහොමත් පැටලිලි සහගත මිනිහෙක් සහ නීති රෙගුලාසි අනුගමනය කරන එක මට විනෝදයක් වගේ..’ - තෝමස් වින්ටර්බර්ග්

අපිට සිනමා භාෂාව ඉගෙන ගන්න නම් ආයිමත් මුලට එන්න වෙනවා. ලයිට්, ලෙන්ස් ගැන දැන ගත්තට සිනමාව අහුවෙන්නෙ නෑ. ඒකට ජීවිතේ පැත්තට කැමරාව අල්ලන්න ඉගෙන ගන්න ඕන. සිනමාව සමග සංසර්ගයේ යෙදෙන්න ඕන. ස්වයං වින්දනයේ යෙදුනට අහුවෙන දෙයක් නෑ.

-චින්තන ධර්මදාස.

පුළුවන් නම් දාන්න.(ලියුම්කරුගේ හෙඩිම); රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු දැල්වීම (මගේ හෙඩිම)


පත්තරේට යවන්නෙ නැතුව මේක gmail එකට කෙලින්ම එව්වෙ අතරමැද මාධ්‍යකින් කියනවට කෙලින් මූණට කියන්න මම කැමති හින්ද. තුෂාර පෙරේරා කියන නමින් ලියන්නෙ ඔයා (චින්තන ධර්මදාස* කියල දීප්ති ෆේස් බුක් එකේ කියලා තිබුණ. (සේනක මරික්කාර් එයාගෙ ෆේස්බුක් නම* හඳයා ගැන ඔයා ලියපු ලිපිය අවුල්. ලංකාවෙ සිනමාව එක්ක දේශපාලන ගණුදෙනුවක් කරපු, සමහර තැන් වලදි තමන්ගෙ ජීවිතය පවා ඒ නිසා අවුලට දා ගත්තු හඳගමගෙ සිනමාව ගැන ඔහොම ප‍්‍රශ්න කරන්න චින්තන ධර්මදාස කියන්නෙ කවුද? ඔයාගෙ පුද්ගලික ජීවිතේ ගැන හු`ගක් දේවල් ‘මම’ දන්නවා. ඔයා දේශනා කරගෙන යන සිනමාව ගැන ප‍්‍රලාප පිටිපස්සෙ තියෙන්නෙ ඒ ජීවිතේ අවුල. හඳගම ගැන අතිශය පුද්ගලික දේවල් චිත‍්‍රපටිය හරහා ප‍්‍රශ්න කරන්න ඔයාට පුළුවන් නම් ඔයාගෙ ජීවිතේ ගැනත් ඔයාගෙ සිනමාව හරහා ප‍්‍රශ්න කරන්න අනිත් අයට පුළුවන්.
1. ඔයාගෙ ලිංගික ජීවිතේ අවුල නෙමෙයිද ඔයා හැම චිත‍්‍රපටියක් ඇතුලටම ගේන්නෙ? හඳගමගෙ ලිංගික ජීවිතේ අවුලක් නෑ. එයාට අවුල තියෙන්නෙ දේශපාලනික, සමාජීය ජීවිතේ ඇතුලෙ. ඔයා සිනමාව කියන්නෙ ඔයාගෙ පුද්ගලික නෂ්ටකාමයක් උත්කර්ෂයට නංවන එකට. චිත‍්‍රපටි එකින් එක අරගෙන ඔයාගෙ අවුල් වුණු පේ‍්‍රම සම්බන්ධතා එක්ක තුලනාත්මකව බැලූවොත් මම කියන තර්කෙ ඔයාට වැදගත් වේවි.

2. හැම තැනම පරාරෝපණයක් ගැන කතා කරන ඔයාගෙ ජීවිතේ කොයි තරම් පරාරෝපිතද? ඇඞ්වටයිසින් කොම්පැණියක කුලියට තෙල් බෙහෙත් විකුණන ඔයා හඳගමගෙ පරාරෝපණයක් ගැන කතා කරන එක විහිළුවක් වගේ නැද්ද? මම මේක කියන්නෙ ඔයා වහාම නැවත හැරිලා ඔයා දිහාම බලන්න ඕන නිසා.

3. හඳගමගෙ දුර්වල නිර්මාණයක් විදිහට මාත් සළකන විදු වුණත් ඔයා කරපු හව් අයි වොන්ඩර් කියන විකාර රූපි චිත‍්‍රපටියකට වඩා හොඳ නැද්ද? කිසිම සමාජ දේශපාලනික අවබෝධයකින් තොරව කරපු චිත‍්‍රපටයක් හව් අයි වොන්ඩර් කියන්නෙ. කවුද එහෙම චිත‍්‍රපටියක් බලන්න එන්නෙ? කොහෙද එහෙම එකක් පෙන්නන්නෙ? මොකටද එහෙම එකක් කරන්නෙ? සම්පූර්ණ අතාර්කික පෙන්න ගන්න බැරි චිත‍්‍රපටි කරපු අය හඳගම වගේ අයට කරන්න ඕන විදිහ කියන එක ජෝක් එකක්.

මේ චිත‍්‍රපටි කෙරුවාව අලූත් ආරම්භයක්, අලූත් කියවීමක් වගේ ගොඩක් නම් වලින් එක එක අය කතා වෙනවා. මම කියන්නෙ එහෙම දෙයක් වුණේ නෑ. ඒක කෙටි චිත‍්‍රපටියක් වගේ වැඩකට වඩා ලොකු නෑ. සිනමාව කියන්නෙ සංස්කෘතියක්. ඒක ගමන් කරන්නෙ රටක මහා සංස්කෘතියත් එක්ක ගණුදෙනුවක් කරමින්. අන්ඩර්ග‍්‍රවුන්ඞ් සිනමා න්‍යායන්ගෙන් රටක මහා සිනමාව කියවන්න බෑ චින්තන. හඳගම වගේ චිත‍්‍රපටිකරුවෙක්ට බෑ කෙටි චිත‍්‍රපටිකාරයෙක් වගේ වැඩ කරන්න. සිනමාකරුවෙක් විදිහට හඳයා හොඳ උත්සාහයක් දරලා තියෙනවා මහා සමාජය එක්ක යම් හෝ සංවාදයකට යන්න. ජෝන්ද සිල්වා එකේ පෙන්නන වේදිකා නාට්‍ය වල තත්වයට සිනමාව ගෙනියන්නෙ නැතුව ඒක ලොකු පේ‍්‍රක්‍ෂාගාරයක් එක්ක කරන සංවාදයක් කියන සිතීමෙන් හඳයා කරපු විදු මට අනුව නම් අගය කළ යුතුයි.

මගේ සිනමාව කියන්නෙ ශාලාවෙ අසුන් ප‍්‍රමාණයයි- ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්

ඔයාගෙ පිටුවෙම කලින් තුෂාර පෙරේරා කියන නමින් කසුන්, කපුගේ විතරක් නෙමෙයි අමරදේව මාස්ටර්වත් දෙකේ කොලේට දාලා කතා කරලා තිබුණ. මේ දේවල් ගැන තියුණු විදිහට සංවාදයක් ගොඩ නැගෙන්නෙ නැත්තෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. සංගීතය මගේ විෂය නොවන නිසා සහ මම ඔයා වගේ නොදන්නා විෂයන් ගැන කතා නොකරන නිසා ඒ ගැන ශාස්ත‍්‍රීය කාරණා වලට යන්නෙ නෑ. ඒත් ඔයා මතු කරන තර්ක පිටිපස්සෙ තිබුණෙ ‘කංසා සිතුවිල්ලක්’ විතරයි කියන එකයි මගේ අදහස. භාෂාත්මකව, සමාජීයව, දේශපාලනිකව කරුණු ගෙන එමින් සාකච්ඡුා කරන්න වෙන කාරණා ඕපා¥ප විදිහට සමාජගත කරන එක බරපතලයි. ං එක කලින් ඕක කළා. ලංකාවෙ මොකක් හරි දෙයක් කරපු සහ කරමින් ඉන්න හැමෝටම පුද්ගලික සුළු දේවල් වලින් ගහන්න පටන් ගත්තෙ ඒ ගොල්ලො. ඔයාලා වගේ චරිත හැදුනෙ එතනින්. විධිමත් ශාස්ත‍්‍රීය පර්යේෂන හරහා ඇකඩමික් සංවාද තලයට ගන්න අවශ්‍ය කරුණු උප්පැන්නෙ නම වගේ දේවල් ඇදගෙන පේමන්ට් එකේ කතා කරන එක හු`ගක් කැතයි. හැම කෙනෙක්ම තමන්ගේ නිර්මාණයක් ඇතුලෙ යම් හෝ දෙයක් කරන්න වෑයම් කරනවා. මිලියන ගාණක් වියදම් කරමින් වාණිජම පරමාර්ථ ඇතුව කරන ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටිය වුනත් කරන්න ඒ අධ්‍යක්‍ෂවරයාට හිතෙන්නෙ චිත‍්‍රපටි ගැන තියෙන කිතියක් එක්ක. ඒ දේවල් විවේචනය සිද්ද වෙන්නෙ ඊට වඩා පහත් චේතනාවක් එක්ක. සාධනීයව නිර්මාණකරුට යම් මානසික හෝ උදව්වක් නොදෙන විචාරකයන් කරන්නෙ ඒ අසීරුවෙන් බොහෝ දේ කැප කරමින් කළ නිර්මාණය දෙකේ කොලේට දමමින් තමන්ගෙ ‘කලා නිල බලයක්’ තහවුරු කර ගන්න එක. විශේෂයෙන්ම ඔයා ලියන විචාර වලින් නිර්මාණයක් ගොඩනැගෙන්න කෙරෙන උදව්වක් නෑ. ඒ වෙනුවට ඔයාම නිතර කියන ‘ කුහකකම’ වගේ දෙයක් ඒ වචන වලින් එලියට ගලනවා. ඒක බෝවෙනවා.

දීප්ති කාලෙකට පස්සෙ ජයවර්ධන කේන්ද්‍රයෙ තිබ්බ රැුස්වීමකදි කිව්වා ඔයා වගේ අය බිහිවීම ගැන හඳගම වග කියන්න ඕන කියල. ඒක ඇත්තක්. (චින්තන මුලින් කරපු ‘ඉක්බිති ඔහුට නින්ද ගියේය’ කියන කෙටි චිත‍්‍රපටිය ජාතික චිත‍්‍රපටි සංස්ථාවේදි ‘හොඳ’ නිර්මාණයක් විදිහට තෝරා ගත්තේ එතන විනිශ්චය මණ්ඩලයේ හිටපු අශෝක හඳගමයි. ඒ වෙනුවෙන් එයාට ගොඩක් පෙනී ඉන්නත් වුණා. චින්තන පෝලන්තෙ චිත‍්‍රපටි ඉගෙන ගන්න ගියෙත්, චිත‍්‍රපටිකාරයෙක් කියන ස්ටිකර් එක අලව ගත්තෙත් එදා හඳගම අතින් වුණු ඒ අත්වැරැුද්දට පිං සිද්ද වෙන්න* සිනමාවට ඔයා වගේ අයගෙන් වෙන්නෙ උදව්වකට වඩා හානියක්. සිනමාව කියන මාධ්‍යය මහා සංස්කෘතිය එක්ක ගැටගැහිලා තියෙන වටිනාකම් පද්ධතිය විනාස කරන එකයි ඔයාගෙ මතවාද හා ලිවීම් හරහා කෙරෙන්නෙ. ඔයගොල්ලො යෝජනා කරන සිනමාව කියන්නෙ හුදකලා වෙච්ච, මානසිකව රෝගී, හරිම බාල විදිහට නිෂ්පාදනය කරපු චිත‍්‍රපටි වලට. ඒ චිත‍්‍රපටි දක්වා ගමන් කරන්න කියලා අනෙක් කෘති සහ ඒවා කරන මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත මේ විදිහට විවේචනය කරන එක තක්කඩිකමක්. මට සිනමාව එක්ක තියෙන්නෙ පේ‍්‍රක්‍ෂක ගනුදෙනුවක් විතරයි. චිත‍්‍රපටියක් අධ්‍යක්‍ෂණය කරන කෙනෙකුට, නිෂ්පාදනය නැත්නම් කැමරා කරන කෙනෙකුට ඒ සම්ප‍්‍රදාය ඇතුලෙ ආරක්‍ෂා කරන්න අවශ්‍ය වටිනාකම් පද්ධතියක් තියෙනවා. ඒවා කාලයක් තිස්සෙ අමාරුවෙන් ගොඩනැගුන දේවල්. තමන්ගෙ ජීවිතේ වටිනාකම් පද්ධතියක් (සංස්කෘතියක්* ගොඩනගා ගන්න බැරි වුණ ඔයා වගේ අය අනුන්ගෙ ජීවිත වලත්, සංස්කෘතියෙත් ඒ වටිනාකම් ඉවර කරන්න ද`ගලන එක සාමාන්‍යයි. අදහස් විදිහට ඒ දේවල් කියවන්න හෝ දරා ගන්න පුළුවන් වුණාට ත‍්‍රස්තවාදියෙක් වගේ අනුන්ගෙ ජීවිත සහ වැඩ මැද්දට පැනලා පාදඩ විදිහට ඒවායෙ පහරන්න ගන්න එක ඉවසිය යුතු නෑ. ඒකෙන් ඔයා වගේ තවත් රස්තියාදුකාරයො ගොඩක් මේ තක්කඩිකම කරන්න ගන්නවා. පස්සෙ ඒකට සිනමාව හරි වෙන මොකක් හරි කලාවක බෝඞ් එකක් ගහගන්නවා. මිනිහෙක්ගෙ ජීවිතය විචාරයක් හරි වෙන නැවත කියවන භාෂාවක හරි මනින්නෙ ඒ ජීවිතේ අනිත් ජීවිත අතර කරගෙන යන ගනුදෙනුව ගැන සමාජ කියවීමකින්. කසිප්පු පොලක මිනිස්සුන්ගෙ එකමුතුවකට අපි දේශපාලන අගයක් දෙන්නෙ නෑ. ඒ සංවාද අපිට වැඩක් වෙන්නෙත් නෑ.
ඒක නිසා විවේචනයකදි ශාස්ත‍්‍රීය වෙන්න. සමාජ වටිනාකම් කියන ඒවා තියෙන්නෙ ගංජා ගහපු වෙලාවට බෝල ගහන්න නෙමෙයි.
ඔයා හැමතිස්සෙම කියන අදහසක් අනුව ගත්තොත්,
සිනමාවට ගේන්න ඔයාට තියෙන ජීවිතේ මොකක්ද?
සමාජයක් ඇතුලෙ සංකීර්ණ වැඩක් කරන කෙනෙක්ව ගණිකාවක් වගේ ප‍්‍රශ්න කරන්න ඔයාට තියෙන සදාචාරය මොකක්ද?

-විකුම්ප‍්‍රිය මුණසිංහ

(vyadhadeva@gmail.com විද්‍යුත් තැපෑලට එවා තිබූ මේ ලිපිය වචනයකුදු, කොමාවක් හෝ නැවතීමකුදු වෙනස් නොකර පල කර ඇත. කලකට ඉහත ජයන්ත චන්ද්‍රසිරි ‘ඔත්තුකාරයා’ නම් නාට්‍යයේ කියන දෙබසක් මට මතක් වේ. ‘ඝෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිෂ්ශබ්දතාවය විසින් පුබුදුවනු ලබයි’. ලියුම්කරුවාට තුති *

මට මෙගා ටෙලියක් කරන්න ආසයි



‘මට මෙගා ටෙලියක් කරන්න ආසයි.’
මං කිව්වම මගේ යාලූවො ගොඩක් අවුල් වුණා.
‘චිත‍්‍රපටියක් කරපන්.’
‘නෑ මට ඕනි මෙගා ටෙලියක් කරන්න.’

චිත‍්‍රපටි හදන හරි වෙන සම්භාව්‍ය කියන වැඩ කරන හරි ගොඩක් දෙනාට ටෙලි වගේ වැඩ හරි බාල වැඩ. ඒක හින්ද ඒ ගොල්ලො කවුරුවත් බලන්නෙ නැති චිත‍්‍රපටි හදනවා. තවත් අය දාහකට වඩා විකුණගන්න බැරි පොත් ලියනවා. බලන්න හෝ කියවන්න ඉන්න ඔලූ ගෙඩි ගණන් කරලා වැඩ කරන්න කියනවා වගේ පටු අදහසක් නෙමෙයි මම කියන්නෙ. ආර්ට් එකක් කරද්දි බොහිමියානු පරාරෝපණයකට යන්නෙ නැතුව මේ පොලොවෙ ඉඳන් ඒ දිහා බලන්න කියන එකයි. එහෙම නැතිවුණු හින්ද අපේ නිර්මාණ ජීවිත වලින් ගොඩක් ඈතයි. පිටරටවල චිත‍්‍රපටි හෝ පරිවර්තන එක්ක ගැලපෙන විදිහටයි චරිත, කතා නිර්මාණය වෙන්නෙ. අපි එදිනෙදා මුහුණ දෙන මෝඩ, විහිළුකාර ජීවිතේ වෙනුවට අපේ චිත‍්‍රපටිවල නවකතා වල තියෙන්නෙ දාර්ශනික චරිත. මායිම් ගම්මාන වල සමතලා වෙලා යන ජීවිතයක වුණත් ඛේදවාචකය හරි කාව්‍යමයයි. දාර්ශනිකයි. සංවේදියි. ඒ අපේ නිර්මාණකරුවො ජීවිතේ දිහා බලන හැටි. හරි මානව විද්‍යාත්මකයි. මානව විද්‍යාව හැදුනෙ ඈත ඉඳන් මිනිස්සු දිහා බලන්න. දුර රූපයකින්. එතකොට කතුවරයා ඉන්නෙ ඉහලින්. ඒ මඩ වල නොගෑවී. එහෙම වුණොත් තමයි පිටරට සම්මාන උළෙලවල අයට මේ ආර්ටිස්ට් කෙනෙක් කියල දැනෙන්නෙ. සමාජ විද්‍යාත්මක ඇහින් අපි දිහා බලලා කරන නිර්මාණ ඒ අයට විකුණන්න බෑ. ආර්ට් සෙන්ටර් එකේ තියෙන රටවල් පරිධියේ රටවලට කියනවා ඒ අයට අවශ්‍ය නිර්මාණ සකස් වෙන්න ඕන හැටි. අපේ ජීවිතේට කැමරාව ඇල්ලූවට ඒක ආර්ට් කියලා කියවන්නෙ නෑ. ඒ ආර්ට් කියල සම්මත කෝණෙකට කැමරාව අල්ලන්න ඕන. මේ විදිහට අපේ ආර්ට් කියන දේවල් ඇතුලෙ වෙන්නෙ වෙන මොනම වැඩකටවත් වඩා ජීවිතය පාවා දීම. කෙලවරේදි ජීවිතය අහිමි වීම. සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව*, මැණික් චන්ද්‍රසාගර් (කොළඹ සන්නිය* වගේ චිත‍්‍රපටිකරුවො ආර්ටිස්ට් ලා නොවී ලෙස්ටර් ලා, නිහාල්සිංහලා ආර්ටිස්ට්ලා වෙන්නෙ ඒකයි.

මෑතකදි මගේ යාලූවෙක් කරපු චිත‍්‍රපටියක් බලලා පාලිත පෙරේරා මෙහෙම කිව්වා.
ඒ සෙක්ස් ද බං. කැමරාවට හරව හරවා සෙක්ස් කරන්නෙ ඕවා කැමරා සෙක්ස්. ඇත්ත ලයිෆ් එකේ සෙකස් කරපු උන් ඔහොම නෑ.
ටිකක් වෙලා කල්පනා කරද්දි ඒ කතාව එක්ක මට ගොඩක් දේවල් ඈඳුණා. ධර්මසිරි සුද්දිලාගේ කතාවෙ කරපු ‘සෙක්ස්‘ සීන් එකක් ගැන සයිමන් ගොඩක් විරුද්ධ වුණා. ‘ඒක හරියට පිටරට බෙඞ් රූම් සීන් එකක් වගේ. මගේ නවකතාව බ්ලූ ෆිල්ම් එකක් නෙමෙයි’ සයිමන් කිව්වා.
‘මචං අපේ උන්ගෙ ලයිෆ් සෙක්ස් නෑ. උන්ට තියෙන්නෙ සිනෙ සෙකස්’ උදයා ත‍්‍රීවිල් එකක එන ගමන් ?ක කිව්වා.
මේක සෙක්ස් වලට විතරක් නෙමෙයි, අපි ආර්ට් කියලා කරන ගොඩක් දේවලට අදාලයි. ආර්ට් එකක ජීවිතේ කියලා ජීවිතේ වගේ වෙන එකක් ගේනවා කියන්නෙ ඒක ‘අසභ්‍යයි’. මම මෙතනින් කතාව පටන් ගත්ත තැනට එනවා. මට මෙගා ටෙලියක් කරන්න උවමනා වීම.

සෝප් ඔපෙරා සහ අධ්‍යාපනය එක්වරම මහා අපරාධයක් වගේ දැනෙන්නෙ නැහැ. ඒත් කාලයක් පුරා යද්දි ඒ දෙකම මාරාන්තිකයි - මාක් ට්වයින්.

ටීවී එකේ මේක දවසට පැය හත අටක් කරගෙන යනවා. නොමිලේ දෙන හින්ද කිසි කොලිිටියක් නැති ලාංකීය පේ‍්‍රක්‍ෂකයො කට ඇරගෙන බලන් ඉන්නවා. දන්නෙම නැතුව ඒ අයගෙ ඇත්ත ජීවිතේ සම්බන්ධතා අර මෙගා ටෙලියෙ වගේ වෙන්න පටන් ගන්නවා. අද අපේ සාමාන්‍ය පොදු ජනතාවගේ මානසිකත්වය පාලනය කරන්නෙ මෙගා ටෙලි. ඒ ටෙලිවල චරිත වගේම බලන මිනිස්සුන්ගෙත් ගෙදරට සහ අල්ලපු ගෙදරට පිට දේශපාලනයක්/අවබෝධයක් නෑ. එතකොට අපේ පොත් ලියන අය, චිත‍්‍රපටි කරන අය හැමදෙයක්ම කරන්නෙ මේ ජනතාවට, නැත්තං මේ ජනතාව නොවන, ඇත්තට නැති ජනතාවකට. ඒ දෙකෙන්ම වෙන්නෙ එකම දේ. විමුක්ති ජයසුන්දරගෙ චිත‍්‍රපටියක් සහ උදයකාන්තගේ චිත‍්‍රපටියක් ලංකාවෙ පොලොවට ගේන්නෙ එකම විදිහක නරකක්. ජීවිතය විකෘති කිරීම.


කොමර්ෂල් ජෑස්, සෝප් ඔපෙරා, පල්ප් ෆික්ෂන්, කොමික් පොත්, නාගරික බහුතරය ගැන රූප මවන, ඒ අයගෙ ආචාර සමාචාර, වටිනාකම් සහ අරමුණු ගැන කතා කරන චිත‍්‍රපටි....එක විදිහකින් හෝ තව විදිහකින් හැමෝම මේ සංස්කෘතික මැෂින් ඉස්සරහ සමානයි. තාක්ෂණය වගේ ජන මාධ්‍යත් දැන් සිද්ධි සහ ඉල්ලූම අතින් කොතනත් එක වගෙයි. මේ ඔක්කොම පොදු සාධකයක් වගේ. බහුතර හැ`ගීම් සඳහා කල් ඇතුව සකස් කරපු පද්ධතියක්- සී රයිට් මිල්ස්

ලංකාවෙ මේ මොහොතෙ ඇත්ත ජීවිතයක් ගත කරන සවිඥාණක කෙනෙක් වැඩ කරන්න තෝර ගන්නෙ මෙගා ටෙලි මාධ්‍ය කියන එකයි මගේ අදහස. ආර්ථික දේශපාලනික හා සමාජීය සාදක ගාණක් විසින් මිනිස්සුන්ව ගාල් කරලා තියෙන තැනට ගිහින් එතන සංවාදයක් ගොඩනගා ගන්න බැරි නම් ඒ ආර්ට් එක මේ පොලොවෙ වඳ වෙන්න නියමිතයි.
‘කන්ද මොහොමඞ් ළ`ගට එන්නෙ නැත්තං මොහොමඞ් කන්ද ළ`ගට යන්න ඕන’

මෙගා කියන්නෙත් ලෝකෙ හැම තැනම ව්‍යාප්ත වෙච්ච ෂොනරයක්. ඒකටත් ආවේණික ආකෘති, ලක්ෂණ සහ අංග තියෙනවා. ඒක මාධ්‍යයක් විදිහට විනයක් සහ දැනුමක් ඇතුව හසුරුවන එකත් වැඩක්. ලංකාවෙ ගැඹුරු දැක්මක් නැති, හුදු සල්ලි හම්බකිරීම මිස වෙන රසයක් ගැන හැ`ගීමක් නැති බාල මිනිස්සු ටිකක් මේ මාධ්‍යය ඇතුලෙ කරගෙන යන මෝඩකම හරිම අනතුරුදායකයි. නිර්මාණ වලින් අරක්කු කපන්න කියන මාධ්‍ය සදාචාර අයට ළපටි වැඩියි මේ අවුල තේරුම් ගන්න. නැතත් මේ අදේශපාලනික, පවුල් මූලික, කුහකකම විතරක් මනුස්සකමක් විදිහට දන්න මිනිස්සු නිර්මාණය වෙන එක ඒ අයට හොඳයි.

පවුල් ජීවිතය කේන්ද්‍ර කර ගැනීම, පුද්ගලික සබඳතා, ලිංගිකමය ඇවිස්සීම්, හැ`ගීම් සහ සදාචාර ගැටුම්, වත්මන් තත්වය සම්බන්ධ සුළු සිද්ධීන්, හුරු පුරුදු අවට වටපිටාවෙම රූප ගත කිරීම් ආදිය සෝප් ඔපෙරා (මෙගා* වල සම්මත රටාවක්. මෙගා ටෙලි ඉලක්ක කර ගන්නෙම ගෙදර ඉන්න කාන්තාවන්. ඒත් මේ වෙද්දි සමාජ ජීවිතයක් නැතුව පිරිමි පෞර්ෂය අහිමි වෙච්ච හැම පිරිමියෙක්මත් 7.30ට ටීවී එක ළ`ගින් ඉඳ ගන්නවා. චැනල් භේදයක් නැතුව වෙලාව මාරුවෙන් මාරුවට චැනල් ඔක්කොම එකම කතාව කියනවා. එකම රස කුණු රස. ඒත් ඒක එකම වෙලාවක ලංකාවෙ මහා ජනතාවක් කුණු ගඳ ගස්සනවා.

ඇත්ත ජීවිතේ එක්ක ගැටගැහුණු, මීට වඩා මානුෂික හැ`ගීම් දනවන (එකම හැ`ගීම කුහකකම විතරක් වීම වෙනුවට* ආකෘතියක් විදිහට මෙගා එක්ක වැඩ කරන්න බැරිද? චිත‍්‍රපටියක් බලන්න එන පේ‍්‍රක්‍ෂාගාරය එන්න එන්නම පිරිහෙද්දි වඩාත් සාර්ථක ආරම්භයක් තියෙන්නෙ තවමත් මිනිස්සු නරඹන සජීවී විදිහට ගණුදෙනු කරන තැනකින් නෙමෙයිද? ඒත් අපේ සම්භාව්‍ය කට්ටියට මෙතනට එන්න බැරි ඇත්ත අවුල තියෙන්නෙ වෙන එකක. ඒ අයගෙ පරාරෝපිත ජීවිතය මෙතන විකුණන්න බෑ. මඩට බහින්න වෙනවා. ඒත් ඒ මඩ දිගේ ඇවිදන් එන්න බැරි නම් එතන ආර්ට් එක වෙනුවට තියෙන්නෙ බොරුවක්.

මඩ ඉහගෙන කෑම සහ මඬේ නොගෑවී හිඳීම කියන දෙකම වංචනිකයි කියන එකයි මගේ අදහස. මේ මැද්දෙ ඉන්නෙ අපි ඇත්තට ජීවත් වෙන සමාජෙ මිනිස්සු. ඒ අය එක්ක හෘදයාංගම ගනුදනුවකට යන්න නම් අපිට සිද්ද වෙනවා මීට වඩා විවෘත වෙන්න. ඒ ගොල්ලො අහන්න කැමති කතාවම වෙන විදිහකට කියන්න.

ඒත් එහෙම කියන්න හරි අපිට ඇත්ත කතාවක් තියෙන්න ඕන. අනිත් අය එක්ක බෙදා ගත්ත ජීවිතයක් තියෙන්න ඕන. අපේ හු`ගක් කලාත්මක කට්ටිය ටීවී එකට ඇවිත් ෆේල් වුණේ ඒ බොල්කම ටීවී එකේ හැමදාම දකින බොල්කමටත් වඩා බොල් වුණු හින්ද.

ඒක හින්ද මට හිතෙන්නෙ ත්ර්කොව්ස්කි, බර්ග්මාන් ගැන ඉගෙන ගන්නවට වඩා චිත‍්‍රපටිකරුවෙකුට මේ වෙලාවෙ මෙගා ගැන ඉගෙන ගන්න එක වැදගත්.

art සහ fart


අහන් ඉන්න..අහගෙන ඉන්න.
මගෙ හිත මොනවද මුමුණනවා..
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු මතින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා...
මේ සිංදුව අහගෙන ඉඳිද්දි මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙනවා. ඒක අන්ධ ගායිකාවක් කියන ආබාධිත ළමයින්ගෙ නාට්‍යයක සිංදුවක් කියල දැන ගත්තෙ පස්සෙ. එතෙකාට ඒ සිංදුවෙ තේරුම ඇකිලෙන්න ගත්තා. එහෙම දෙයක් නැතුව නිදහස් සිංදුවක් විදිහට ඒක දැනෙන ප‍්‍රමාණය වැඩියි.
සිංදුවට ආස හින්දම ඒ වචන එකින් එක ගැන හිතන්නත් පෙළඹුණා. එතකොට සිංදුව ගලාගෙන යන ලස්සන මිටියාවතෙන් ගැලවිලා සමහර වචන වලින් හරි බුද්ධිමය තැනකට තල්ලූ කරන වග දැණුනා. උදාහරණයක් විදිහට ‘නෙක නෙක පාටින්‘ කියන යෙදුම හිතා මතා පාවිච්චි කරපු සාහිත්‍යමය යෙදුමක්. ‘මුදු මල් පෙති‘ කියන තැන වුනත් ඒ වගේ ව්‍යාජ ගැලපීමක් දැනෙනවා. මම මෙතනදි කියන්නෙ ඒ වචන කැත හෝ ලස්සන කියන එක නෙමෙයි. ගලාගෙන යන හැ`ගීමෙන් පිට ගිහින් සබුද්ධිකව සාහිත්‍යයට ඇතුල් වෙන තැන් කියන එක. ඒවා බොරු. ඒවා ඇතුලෙ ඇත්ත හැ`ගීමක් දුවන්නෙ නෑ. අපි මාර සිංදු කියල කියන ගොඩක් ඒවා ඒ විදිහෙ වචන අහුරු. හැ`ගීම් නෙමෙයි. ක්ලීෂේ..
අමරදේව මාස්ටර්ගෙ සිංදු තොග පිටින් මේ බොරුව නියෝජනය කරනවා. හරිම අගනා කියන ‘වැලිතල අතරේ හෙමිහිට ගලනා
නේරංජන නදියේ ගයා හිස වැඩ හිඳ බුදුවුණ දා...
නටයි කොල වන්නම ලෙස මහබෝ...’
සිංදුව වුණත් අත්දැකීමක් විදිහට හරි ව්‍යාජයි. මේ කරන්නෙ වචන එක්ක පෙරලියක්. තාල එක්ක ගනුදෙනුවක්. මේ දේවල් මාර වැඩ වෙන්නෙ භාෂාව ඇතුලෙ. තමන් කොයි තරම් සාහිත්‍යයිකද වගේ දේවල් කියන්න මිස ජීවිතේ දැනෙන හැටි බෙදා ගන්න මේ පද රචනා වැඩක් නැහැ. ඒවා ජීවිතේ එක්ක බද්ධ නැහැ.
වචන සහ තාල එක්ක පෙරලි කර කර දී ඇති මාතෘකාවක් යටතේ ලස්සනට ලියනවා කියන්නෙ කොපි රයිටින් වැඩක් මිස ආර්ට් වැඩක් නෙමෙයි. අපේ ගොඩක් මාරයි කියන ගීත සාහිත්‍ය ඇතුලෙ තියෙන්නෙ කොපි රයිටර්ලගේ වැඩ. ඒවා නොස්තැල්ජියාවකින් පෙලෙන මනස්වලට පොඩි ත‍්‍රිල් එකක් දෙනවා මිස ජීවිතය වෙනත් තැනකට ගෙනියන්න උදව් වෙන්නෙ නෑ.
පසුගිය ‘රන්දිව’ කලාපයෙ සන්නස්ගල ලියන්න යන නවකතාවක ඇඞ් එකක් පල කරලා තිබුණ. සන්නස්ගල කියන්නෙ මං කියවන්න හු`ගක් ආස කතාකරුවෙක්. එයා ‘පිරිමි ගොඩයි, මං විතරයි’ කියල කතාවක් ලියන්න යනවා.
‘ නොකිළිටි මල් යහනක් වගේ සුලලිත කංකුම චන්දන ගැන, සියපත සුවඳ විහිදෙන මල් මුවරද ගැන, නේත‍්‍ර විල් තෙරේ සංසාර ආරණ්‍යය ගැන.....’ සන්නස්ගල ලියාගෙන යනවා. මේ කරමින් ඉන්නෙ මොකක්ද? වචන වලින් විතරක් පරිකල්පනයක් හදන්න හදනවා. ඒ මදිවට සංදේශ කාව්‍ය වගේ පරණ ප‍්‍රභූවරුන් වෙනුවෙන් පිටකහපු බුද්ධිමය සාහිත්‍යයක් එයා මෙතනදි අරන් එනවා. අපි මාරයි කියල කියන ගොඩක් සාහිත්‍ය නිර්මාණවල තියෙන්නෙ මේ විදිහට ක්ලීෂේ ගොඩවල් විතරයි.
මම කියන්නෙ ඒ වචන පාවිච්චි කරන එක නරකයි කියල නෙමෙයි. ඒ වචන පිටිපස්සෙ ඇත්ත අත්දැකීමක් නැති වුණාම ඒක බාල වෙනවා. ඒ සාහිත්‍යයෙන් නිර්මාණය කරන්නෙ පරාරෝපණය වෙච්ච දෙබිඩි මිනිස්සු. අත්දැකීම් රසවිඳින රසවතුන් නෙමෙයි.
‘නන්දිකඩාල් කලපුව පැත්තෙන් ආපු ශුක‍්‍රාණුවක් හීනෙන් ඇවිත් මගේ ගර්භාෂෙ තැන්පත් වුණා...’
(පිරිමි ගොඩයි. මං විතරයි*
එතනදි සාහිත්‍යය එක්ක ගැඹුරු අත්දැකීමක් ගැන ඉවක් අපිට දෙනවා. ඒක හිස් නැහැ. අමරදේව වර්ගයේ සාහිත්‍යයික ගීත වලින් පරිණාමය වුණු ඊළ`ග ක්ලැසික් තැන තමයි කසුන් කල්හාර. ‘මාර වචන...’ ‘මාර මියුසික්...’ අහන නාහන හැමෝම කියනවා. ඒත් කසුන් කියන්නෙ ඇත්තක් නෙමෙයි. එයාගෙ සිංදු ගොඩක මියුසික් කොපි. ඒ වගේම වචන බොරු රොමැන්තික ගැලපීම් විතරයි. ඒත් කසුන් සම්භාව්‍ය අතරෙම ජනප‍්‍රියයි. ඒ මොකද?
කසුන් කල්හාර ප‍්‍රවණතාව නියෝජනය කරන්නෙ අපේ සංගීතයෙ දෙබිඩි පරම්පරාව. ඒ ගොල්ලො වෙන රටවල පොප් එකත් එක්ක අපේ රටේ පැණි ටික එකතු කරනවා. ඒ පැණිවල භාෂාව අත්දැකීම් වලින් හිස් සාහිත්‍ය විතරයි. (මේ විවේචන පුද්ගලික මට්ටමෙන් බාර නොගන්න කියල ඉල්ලා සිටිනවා*
මේ සාහිත්‍ය නෑකම් කියන්නෙ පරණ ප‍්‍රභූ සාහිත්‍යයට. භාෂාව යොදා ගැනීමේ දේශපාලනය ගැන කවුරුවත් සීරියස් ඇහැකින් බැලූවෙ නෑ. සයිමන් නවගත්තේගම ලියද්දි පාවිච්චි කරන්නෙ ජාතක කතා වල භාෂාව. ජාතක කතා කියන්නෙ කාලෙකදි අපේ පන්සල් වල පොදුවෙ හ`ඩ නගා කියවපු කතන්දර. බුත්සරණ අමාවතුර වගේ බොරු ෂෝ සාහිත්‍යය නෙමෙයි. සයිමන් භාෂාව පාවිච්චි කරන්නෙ ඒ දේශපාලනය දැනගෙන. අජිත් තිලකසේන ලියද්දි පාවිච්චි කරන්නෙ හරිම නූතන සරල භාෂාවක්. නණලළ පවා නැතුව. එයා භාෂාව උපරිම ප‍්‍රයෝගික මට්ටමකට අරන් එනවා. අත්දැකීම කියන්න පාවිච්චි කරන උපකරණයක් මිස අත්දැකීම් නැති අයට බැබලෙන්න දෙයක් විදිහට භාෂාව පාවිච්චි වෙනවා නම් ඒක හරි බාලයි.
මලක් සිඹින්න දී යලි උදුරා ගන්න නම් එපා
ඔබ සෙනේ පුදා මා රවටා යන්න නම් එපා...
මේ ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත කියන සිංදුවක්. මේ වගේ බස්වල ඇහෙන ගොඩක් සිංදු තියෙනවා අපේ උගත් බුද්ධිමත් ජනතාවට පෙන්නන්න බැරි. ඒ වගේ සිංදු අහන එක වුණත් හරි පීචං වගේ. ඒත් මේ සිංදු වල තනු ගත්තොත් ඒවා අපේ පන්සල් වල ඇහෙන බෝධි පූජා නැත්තං කවි බණ වගේ දේවල් එක්ක සම්බන්ධයි. ඒවායෙ වචන ලියවිලා තියෙන්නෙ සාහිත්‍ය පෙන්නන්න නෙමෙයි. පපුව කඩාගෙන බැහැපු ආදරයක වේදනාව වගේ දේවල් කියන්න. ඒ වචන අහුලගත්ත ඒවා වගේ. අත්දැකීම වචන වල ආකෘතිය කඩාගෙන එලියට එනවා. දැනෙන්න ගන්නවා. මං කියන්නෙ අත්දැකීමක් බොරු සාහිත්‍යයික වචන ඇතුලෙ හිර කරනවට වඩා වචන කොයි විදිහකින් හරි පාවිච්චි කරලා අත්දැකීම එළියට දාන එක අවංකයි. ප‍්‍රබලයි. ඒත් මේ වෙද්දි පන්සල් සහ ජනකවි තාලවලට හැදුනු මේ සිංදුත් දැන් හි`ගන කවි තාල සහ වචන දක්වාම පිරිහිලා.
අනේ මහත්තයො අරගෙන ආවට දානෙ
පින් දෙන්නම් නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියා නම් ඔබ වාගේ
මොනවා නැතු වුණත් කමක් නෑ මතු ආයේ...
මේ රැුල්ල එකපාරටම මතු වුණ එකක් නෙමෙයි. ගුණදාස කපුගේ වගේ අය කියපු ‘ජනතාවාදී’ කියන සිංදු වලින් තමයි මේ පරිණාමය ආවෙ.
තුන් වේල හාමතේ ගෙවෙයි ජීවිතේ
එහෙව් අපෙන් මේ අරගෙන තොරන් බඳින්නේ..
කපුගේට පස්සෙ ඒ මග දිගේ යන දිවුල්ගනේ කියනවා. මේ අත්දැකීම් පට්ටපල් බොරු. දුක හිතෙන කවි තාලෙකට ගැට ගහලා අ`ඩ අ`ඩා වගේ කිව්වම වැඩකරනවා. ජනතාවගේ දුක ගැන කියවෙන සිංදු විදිහට ලකුණුත් ලැබෙනවා. අපි art එකක් fart එකක් වෙන තැන වෙනකල්ම රසවිඳිමින් ඉන්නවා.
රන්වන් පාටයි සමනලයා
රෝස මලේ පැණි බීලා ගියා
අයිත් ඒවිද ඒ සමනලයා
මල්වල පැණි බොන්ටා...
මේ කවිය තාමත් ළමයින්ට විතරක් නෙමෙයි අපිටත් දැනෙනවා. ඒ අත්දැකීම බොරු සාහිත්‍යයක් ඇතුලෙ මරලා දාලා නැහැ. දැණුන දේ කියනවා. වචන වලට වඩා ජීවිතයක් එතන ලියවෙනවා.
‘සුළ`ගක් වී මං එනවා...නිල් අහසේ ඇවිදින්නට...අප්පච්චී කොහොමද...මං අල්ලන්නේ....’
මේ දැන් අපි ලියන එව්වා. ලස්සනයි...ඒත් හරිම ව්‍යාජයි.
එතන ළමයෙකුත් නෑ.
අප්පච්චියෙකුත් නෑ.


තුෂාර පෙරේරා

No More Marx


නෝ මෝ මාර්ක්ස් කියන්නෙ අජිත් කුමාරසිරිගෙ සිංදුවක්. සිංදුව අහද්දි මට දැණුනෙ පට්ට කික් එකක්. ඒකට හේතුව සිංදුව දුන්න චමත්කාරෙට වඩා ලංකාවෙ තාමත් පිළුනු වෙවී ගඳගහන වාමාංශික අදහස් වලට පොප් උත්තරයක් ඒකෙන් දැණුන එක. මාක්ස්වාදය කියන්නෙ හුගක් ප‍්‍රාථමික අදහසක්.
පුද්ගලයා කියන්නෙ ඔහු හෝ ඇය ජීවත් වෙන සමාජයෙ නිර්මිතයක්. මාක්ස් කියනවා. ඒත් තමන්ගෙ සිතීම ක‍්‍රියත්මක වෙන හැටි තේරුම් ගන්න දැනුවත් උත්සාහයක් ගත්ත ඕන කෙනෙකුට තේරෙනවා සමාජය කියන පරිකල්පන එහෙම නැත්තං මවා ගත්ත අදහසින් තමන්ව කියවන්න බෑ කියන එක. සමාජය කියන අදහස කොයි තරම් විද්‍යාත්මකද? නැත්තං විද්‍යාත්මකයි කියන දේ කොයි තරං විද්‍යාත්මකද? මට කම්ැමලියි නලින් ද සිල්වා වගේ ඔය කාරණා පස්සෙ එළවන්න. ඒත් මං ගැන මට තියෙන අදහස සමාජය ගැන අදහසකින් කියවලා ඉවර කරන්න බෑ. අනික දේවල් සමස්තයක් විදිහට තේරුම් අරන් ඉවර කරන එක ජීවිතය පැත්තෙන් ලොකු අඩුවක්. මගේ පෙම්වතිය නිතරම කියන විදිහට,

Details Matter...
වෙනස්කම් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් මිනිස්සු ජීවිතේ බෙදා ගන්න තැනක් ගැන අදහසක් මගේ වමට බර යාලූවෙකුට කිව්වම එයාට ඒක ගළපගන්න බැරි වුණා. එයා හුරු වෙලා තියෙන විශ්වයේ හැටියට මිනිස්සු පිරිසක් දෘෂ්ටිවාදයකට ගොනු කරනවා ඇරෙන්න සාමාජීය විදිහට කරන්න පුළුවන් වෙන වැඩ නෑ. දේශපාලනයකින් තොර සාමූහික සම්බන්ධතා ගැන විශ්වාසයක් මාක්ස් ඒ ගොල්ලොන්ට ඉතුරු කරලා නෑ. මට මාක්ස් කියන්නෙ දේශපාලනය විශ්වාස කරපු අනිත් ගොඩක් මිනිස්සු වගේම ලෝකෙ කැත කරපු මිනිහෙක්. ජීවිතෙත් එක්ක බලද්දි දේශපාලනය කියන්නෙ හරි ගොඬේ අදහසක්. දෘෂ්ටිවාදයක් වෙනුවට ජීවිතේ බෙදාගන්න පුළුවන් තැනක් ගැන මිනිස්සුන්ට හිතා ගන්න බෑ. ඒත් අපි ඉන්නෙ විසිඑක්වෙනි ශතවර්ෂෙ.
මම මෙතනින් පනිනවා මට යන්න ඕන කරන ඩයලොග් එකට. තිමොති ලියරි එක්ක සාකච්ඡුාවක් කරද්දි මාධවේදියෙක් අහනවා ‘ ඔයා මොකද හිතන්නෙ ‘නියුරොනට්ස්‘ ල ගැන කියල. තිමොති ලියරි කවුද කියල පස්සෙ කියන්නම්. මාධ්‍යවේදියා අහන්නෙ ලියරිත් අවුරුදු 50ක් විතර තිස්සෙ වැඩකරමින් ඉන්න සවිඥාණය පුළුල් කර ගැනීමේ සමාජ ව්‍යාපාරයක් ගැන. ලියරි උත්තර දෙනවා.
‘20 වන සියවස කියන්නෙ ක්වොන්ටම් යාන්ත‍්‍රණය ප‍්‍රධාන දර්ශනවාදය වුණු සියවසක්. දැන් ක්වොන්ටම් යාන්ත‍්‍රණයෙ දේවල් ගෙවල් ඇතුලෙ ජීවිතයට පවා අවශෝෂණය වෙලා තියෙන්නෙ. දැන් මිනිස්සු දන්නවා ඒ අයගේ මොළය ඇතුලට යන්න. ඒ දේවල් නැවත තමන්ට ඕන විදිහට සකස් කරගන්න. අයින්ස්ටයින් සහ හයිසන්බර්ග් පෙන්නලා දුන්නා. නිරීක්‍ෂකයා විසින් ඔහු ගනුදෙනු කරන විශ්වය නිර්මාණය කර ගන්නවා‘ කියල. ඒක හින්ද අයින්ස්ටයින්, හයිසන්බර්ග්, බොර් වගේ මිනිස්සුන්ගෙ මොළ වෙනස් කරන තාක්‍ෂණයන් අඳුන්නලා දුන්න අයයි ‘නියුරොනට්ස්‘ ල කියල හඳුන්වන්න වෙන්නෙ.
අපේ රටේ අපි ජීවිතය කියල හදාගෙන ඉන්න සංකල්පය කොයි තරම් පටුද? ජීවිතය කියල අපි අත්විඳින විශ්වය කොයි තරම් කුඩාද? ඒ ජීවිතය කියවන්න උත්සහ කරන දෘෂ්ටිවාදයන් කොයි තරම් අපිව තවත් සීමිත කරනවද?
තිමොති ලියරි 1920 ඉඳන් 1996 වෙනකල් ජීවත් වුණු ඇමරිකානු මනෝ විදයාඥයෙක්, ලේඛකයෙක්. පස්සෙ එයා කරපු සයිකඩෙලික් ාරමටි (සිංහල වචනෙ මනෝ භ‍්‍රමික ඖෂධ කියන එක. හු`ගක් වැරදි පරිවර්තනයක් ඒක. අපේ සමාජයට මනස ගැන තියෙන දැනුමෙ අතිශය මදිකම මේකෙන් පේනවා*
වලින් සායනමය කටයුතු වලදි ලොකු ප‍්‍රයෝජන ගන්න පුළුවන් කියන එක පෙන්නපු පර්යේෂණ ලෝකෙම ප‍්‍රසිද්ධ වුණා. ලියරි 1960 ගණන් වල හිපි පරපුරේ පුරෝගාමියෙක්. එයා පෙන්නලා දුන්නා එල්එස්ඞී වල තියෙන සායනමය, භාවමය සහ ආධ්‍යාත්මික ප‍්‍රයෝජනය. ඒ වගේම එල්එස්ඞී මනෝ චිකිත්සනයේදි පාවිච්චි කරන්න පුළුවන් වටින ඖෂධයක් විදිහට එයා කරුණු ඉදිරිපත් කළා. ඇමරිකාවේ ගතානුගතික මතධාරීන් ලියරිට දැඩි ලෙස විරුද්ධ වුණා. රිචඞ් නික්සන් තිමොති ලියරි හැඳින්වුවේ ‘ඇමරිකාවේ අන්තරායකාරීම මිනිසා‘ විදිහට.
අධිතාත්විකවාදීන් :ිමරරු්ක* ආර්ටිස්ට්ලා ගත්තොත් ඒ ගොල්ලො යතාර්ථය මුළුමනින්ම විනාශ කරනවා. ඒක විසිවන ශතවර්ෂෙ දරුණු උත්සාහයක්. අපේ කාලයේ මානවයාට තියෙන ලොතුම අභියෝගෙ මොළයේ වම් අර්ධයෙන් එලියට එන එක. මනසින් එලියට එන එක. මොලයේ අනිත් ඉඩ අපි ප‍්‍රයෝජනයට ගන්න ඕන. අනිවාර්යෙන්ම පාලනයක් සහිතව වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් මොළය පුරාම ගමන් කරලා අවශ්‍ය විටෙක විතරක් වම් අර්ධයට යන්න. නූතනවාදයෙ අන්තිමට කලාකරුවො ඒක කලා. ඒ අය සම්පූර්ණයෙන්ම සිහින කැන්වස් උඩ ඇතිරුවා. ඒත් ඉතාමත් සංයමයක් සහිත පින්සල් පාරවල් එක්ක. ඒ කියන්නෙ හොඳ සිහියකින් යුතුව.
ලියරි මේ විදිහට යතාර්ථයෙන් එලියට ඒමේ වැදගත්කම අවධාරණය කරනවා. දේශපාලනය කියන්නෙ හරිම තාර්කික අදහසක්. යතාර්ථවාදයෙත් බාලම එක, මාක්ස්වාදය එහෙම්පිටින්ම පදනම් වෙන්නෙ යතාර්ථය උඩ. මාක්ස්ගෙ උපරිම හීනය පූර්ණ කොමියුනිස්ට් සමාජය වුණත් කොයිතරම් තාර්කික දුර්වල අවසානයක්ද? වාමාංශික කියන වචනෙත් හරියටම ‘මොලේ වම් පැත්ත නියෝජනය කරන’ කියන අදහසින් ආවා වගේ.
විසිවෙනි ශතවරේෂෙ සාහිත්‍ය වම් මොලයෙන් එලියට එන්න දරපු උත්සාහය ගැන ලියරි කියාගෙන යනවා. ව්‍යාකරණ කඩා බිඳ දැමීම ඒකෙ මූලික කාරණයක්. ජේම්ස් ජොයිස්, විලියම් බරොෆ් වගේ අයගෙ සාහිත්‍ය එතනදි පුරෝගාමීයි. බැරන් ගයිසන් වගේ අය වාක්‍ය කඩලා බිඳලා ව්‍යාකරණ විනාශ කලා. විසි වෙනි ශතවර්ෂෙ සංගීතය කියන්නෙ එහෙම්පිටින්ම ක්වොන්ටොම් භෞතිකය. රොක් සංගීතය, ජෑස් වම් ඉවුරෙ මොලය විනාශ කරලා සවිඥාණය පුළුල් කරන්න හොඳ වෙනසක් කරනවා. විසි වෙනි ශතවර්ෂෙ දර්ශනය, භාෂාව සහ වාග් විද්‍යාව ක්වොන්ටොම් භෞතිකයෙන් හොඳටම පරිවර්තනය වුණා. 1960 ගණන් වල ඉඳලා මනෝ විද්‍යාව කියන්නෙ තමන් විසින් වම් සහ දකුණු මොල දෙකේම පාලනය භාර ගැනීමට මිනිසා පුහුණු කිරීම.
මේ කාරණය එක්ක සයිකඩෙලික් ඖෂධ සම්බන්ධ වෙන්නෙ කොහොමද?
‘මට අර කරුණු කියාගෙන එද්දි අමතක වුණා සයිකොඩෙලික්ස් ගැන කියන්න. 1960 ගණන් වලදි ජනප‍්‍රිය වෙන්න ගත්තට සයිකඩෙලික් පාවිච්චිය විසි වෙනි ශත වර්ෂෙ මුල ඉඳන් තියෙනවා. ඒනේ සමාජගත වුනා වගේම ජනප‍්‍රිය වුණා ඔබට ඔබේ මනස වෙනස් කළ හැකියි, ඔබේ මොලය වෙනස් කළ හැකියි, ඔබේ මූඞ් එක වෙනස් කල හැකියි කියන අදහස. ‘එන්න, විඳින්න, අත් හරින්න.’ (එව බලව නෙවෙයි*

අපේ සාහිත්‍ය තාම තියෙන්නෙ කොතනද? අපේ ආර්ට් වැඩ කරන්නෙ කොතනද? අපේ චිත‍්‍රපටිවලට තාම බෑ කතාවෙන් එලියට එන්න. අපේ කවියට තාම බෑ අලංකාරෝක්ති වලින් එලියට එන්න. අපේ සංගීතයට බෑ ගීතයෙන් එලියට එන්න. අපේ යාලූකම් වලට බෑ දේශපාලනයෙන් එලියට එන්න. අපි තාම අතීතයේ ජීවත් වෙන ජාතියක්.

‘ඇලන් වොට්ස්, ඇඩොස් හක්ස්ලි, ගෙරල්ඞ් හර්ඞ් වගේ සයිකඩෙලික් දර්ශනවාදීන්ට මේ රසායනිකව මනස පුහුණු කිරීම ගැන කියා දීමේ ගෞරවය අයිති වෙන්න ඕන. ඒ වගේම හාවඞ් විශ්ව විද්‍යාලයේ අපේ යාලූවො, ස්ටැනිස්ලාවෝ ග්රොස් වගේ මේ වෙනුවෙන් බවුන් වැඩූ එල්.එස්.ඞී. ඍෂිවරුන්ට සහ සාෂා ෂුල්ගින්, වගේ සුවිශේෂ ඖෂධ නිර්මාණය කරපු අයව අමත කරන්න බෑ මෙතනදි.’ ලියරි සයිකඩෙලික් පිබිදීම ගැන විස්තර කරනවා.
මොකක්ද මේ යතාර්ථය ‘සුනු විසුනු’ කිරීම?
පුවත්පත් කලාවේදියා ප‍්‍රශ්න කරනවා.
‘යතාර්ථය කියන්නෙ අපේ නියුරෝන වලින් අපිට දනවන දේ. මේ හින්ද අපි මායාවන් කියන දේවලූත් ඇත්ත කියන එලියෙ අපිට පෙන්නන ඕන දෙයක් තරමටම ඇත්ත. මේ යතාර්ථය දෙවිදිහකින් දකින්න පුළුවන්. එකක් බාහිර යතාර්ථය. අනික අභ්‍යන්තර යතාර්ථය. මෙතනදි අභ්‍යන්තර යතාර්ථය බාහිර එකට වඩා හු`ගක් වැදගත්. බාහිර යතාර්තය ගැන තමයි අපි කතා කරන්නෙ, රණ්ඩු වෙන්නෙ, එක`ග වෙන්නෙ, සහ ජීවත් වීම වෙනුවෙන් සංවිධානය කරන්නෙ. රේගන් ගෙ හරි බුෂ්ගෙ හරි විදේශ ප‍්‍රතිපත්තියත් මේ විදිහට යතාර්ථයක්. මට පෙන්නන්න බෑ ඔය යතාර්ථය කියන එක ගැන කතා කරන මිනිස්සු.
සයිකඩෙලික්ස් කොහොමද අපිව අපේ සාමාන්‍ය ජීවිතේ දැනුමෙන් එහාට ගෙනියන්නෙ? ඒක දැනට ජනප‍්‍රිය කොම්පියුටර් සොෆ්ට්වෙයාර් එක්ක සසඳන කොට හරි පොඩියි නේද?
අපි කතා කරන්නෙ මොලය ගැන. අපිට නැත්තං මොළය ඇත්තටම වැඩකරවන ක‍්‍රමවේදයක් මිනිස්සු ඉලෙක්ට්‍රෝන කියන දේ බලය, පාලනය සහ සල්ලි වලට වැඩි තැනකට ගෙනියන්නෙ නෑ. කාටහරි සයිකඩෙලික් අත්දැකීමක් නැත්නම් ඒ අයට බැහැ ඉලෙක්ට්‍රොනික උපාංගයක් හුදෙක් ද්‍රව්‍යමය තැනකින් එහා අත්දැකීමක් වෙනුවෙන් පාවිච්චි කරන්න. ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් පුද්ගල පරිගණක සොයා ගැනීම අහම්බයක් නෙවෙයි. දෙන්නම කොණ්ඩෙ වවාගත්තු, සපත්තු නැතුව ඇවිදින ඛීෘ වලට ඇබ්බැහි වුණු අය. ත්‍කාම්පියුටර් සොෆ්ට්වෙයාර් නිර්මාණය කරන ගොඩක් අය සයිකඩෙලික් අත්දැකීම් ලබන හෝ ලබපු අය වීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. බිල් ගේට්ස් වුණත් මයික්‍රොසොෆ්ට් පටන් ගන්න කලින් හාවඞ් වල එල්.එස්.ඞී.එක්ක ගත කරපු දවස් ගැන කටකතා තියෙනවා.
ඔය විදිහට පුළුවන් කොම්පියුටර් සොෆ්ට්වෙයාර් වල නිර්මාණශීලි අයගෙ ලැයිස්තුවක් කියවගෙන යන්න. හාඞ්වෙයාර් නෙමෙයි. ඒ අය ඔක්කොම වගේ එල්එස්ඞී හොඳ පැත්තට, නිර්මාණශීලීත්වයට, තාර්කික සිතීමෙන් එලියට එන්න පාවිච්චි කරපු අය’
තිමොති ලියරි සිගරට් එකක් දල්වා ගැනීමට ගිනිපෙට්ටිය හොයන්න යනවා.
අපේ රටේ සිතීම යතාර්ථයෙනුත් හු`ගක් ප‍්‍රාථමික තැනක තියෙන්නෙ. අපේ සමාජය ඇල්කොහොලික් සමාජයක්. ඇල්කොහොල් වලට පුළුවන් උපරිමය යතාර්ථවාදී මනස භාවමය කරන එක විතරයි. මනසින් නිදහස් වෙන්න ඇල්කොහොල්වල උදව්වක් නෑ.
මත්වීම ගැන කතා දේශපාලනික නැහැ වගේ කෙනෙකෙුට දැනෙන්න පුළුවන්. ඒක ඇත්තක්. ඒ කතාවල අරමුණම දේශපාලනයෙන් ඉවතට යන එක. ඒත් රජය ඇයි ‘මතට තිත’ වගේ දෙයක් දේශපාලනික අරමුණක් කර ගන්නෙ? සිතීමේ සීමාවන් තමන්ට අවශ්‍ය රාමුවක විතරක් හසුරුවා ගන්න රජයකට අවශ්‍ය වෙන නිසාද?

-ව්‍යාධදේව