Sunday, July 24, 2011

මන්ත‍්‍රී හොඳයි... ඇමති හොඳාාාාාාාාාායි....


‘අපි ඉන්නෙ ට‍්‍රැජඩියක. ඒත් අපිට පේන්නෙ කොමඩියක් වගේ’

- ආඩස් හක්්ස්ලි
ටීවී එකේ ෆිල්ම් එක බලලා එන අයගෙ වමනෙ යන සුළු ප‍්‍රතිචාර ටිකක් අමතක වෙලා යන කල් ඉඳලා සැවෝයි එකට ගියා දවස් 50ක් පහු කරපු කිංග් හන්තර් බලන්න.

මුලින්ම ඉස්සරහට එන චිත‍්‍රපටි වල කෑලි පෙන්නන්න ගත්තා. කටේ තියන්න බැරි වර්ගයේ බන්දු-ටෙනී මන්ද බුද්දික කොමඩියක් ඊළ`ගට ඊඒපී මණ්ඩලයට එනවා කියලා පෙන්නුවා. ඊට පස්සෙ කවුද මන්ද හමුදා ලොක්කෙකුගේ සිනමා සම්ප‍්‍රාප්තිය. ගාමිනී....

‘සමහරු ප‍්‍රංසෙ ඉූඳං යුද්දෙ ගැන චිත‍්‍රපටි හදනවා. මෙහෙට ඇවිත් ඇත්ත බලන්න’ කියලා එයා විමුක්තිට කතා කරනවා. ඒ දෙබස කියන්නෙ ඩබ්ලිව් ජයසිරි. ඒ චිත‍්‍රපටියෙ හැටියට හමුදාව මහ ? පැනලා එන දෙමළ කෙල්ලන්ට (සීතල නිසා* තමන් ඇඳන් ඉන්න කෝට් එක ගලවලා පොරවලා ඒ අය ආරස්සා කරනවා. ලංකාවෙ උතුරෙ ජීවත් වුණ අයට කියන්න තියෙන ඇත්ත ඒකලූ.

ඒ කොමඩි වලට පස්සෙ අපි බලන්න ආපු කොමඩිය පටන් ගත්තා.

‘කොමඩියක් ඇත්තක් මත පදනම් විය යුතුයි. ඇත්තක් අරගෙන ඔබ ඒකෙ කෙළවර ටිකක් රවුම් කරනවා. එහෙමයි කොමඩි හැදෙන්නෙ’

-සිඞ් සීසර්
ලංකාවෙ මේ කාලෙ ඔක්කොම චිත‍්‍රපටි හැදෙන්නෙ ඉතිහාස කතා. රජ කතා . ඒ අතරෙ කිංග් හන්තර් ෆිල්ම් එකක් විදිහට එන එකමත් කොමඩියක්. යූ ටියුබ් එකේ කවුද කෙනෙක් වීඩියෝ එකක් දාලා තිබුණා. ‘මේක යූඇන්පියේ වැඩක්. ලෝකෙම අපේ රටට හිනාවෙද්දි අපේ නායකත්වයට මෙහෙම අපහාස කරන එක වැරදියි’ කියලා. මේ ගැන වහාම පියවර ගන්න කියල මිනිහා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ‘අබා’, ‘මහින්දාගමනය’, ‘දුටු ගැමුණු’ මේ ඔක්කොම මැද්දෙ ‘කිංග් හන්තර්’. ටෙලි නාට්‍යවල ‘තමුසෙ’ කියන වචනෙ පවා වාරණය කරන කාලෙක මේක නොකැපුණේ කොහොමද කියල මට පුදුම හිතුණ.
‘මේ පොලිටික්ස් වලට හිනාවෙන එකමත් පොලිටිකල් නෙ බං’ ප‍්‍රියන්ත ෆිල්ම් එක බලලා මට කිව්වා. කිංග් හන්තර් පටන් ගන්නෙත් අපේ සම්භාව්‍ය ඉතිහාස කතා පටන් ගන්නවා වගේම තේමා සංගීතෙකින්. ඒක ඒ විදිහෙ චිත‍්‍රපටි වලට කේමදාස මාස්ටර්ගෙ පට්ට ගහපු සංගීතෙ මතක් කරන ිචදදෙ (ස්පූෆ්* එකක් වගේ.
අතීතෙ කාලෙක රජෙක් ඉන්නවා. ඒ රජාට හදිසි වෙලාවකදි බිලි දෙන්න රූකඩ රජෙක් ඉන්නවා. හතුරු ආක‍්‍රමණයක් වෙලාවෙදි රජාව බේර ගන්න කරන ප‍්‍රයෝගෙකින් රූකඩ රජා බේරෙනවා. ඇත්ත රජා සටනට මූණ දෙන්න යනවා. එයාට මොකද වුණේ කියල අපි දන්නෙ නෑ. අවුරුදු 300ට පස්සෙ වර්තමානෙට ඇහැරෙන මේ රූකඩ රජාට ඕන වෙනවා රජවෙන්න. ඒ රජාගෙ එකම සුදුසුකම අවුරුදු 300ක් තිස්සෙ නිදාගෙන හිටපු එක. (අවුරුදු 300ක් පරණ මගේ මොලේ කියලා හන්තර් නිතරම කියනවා* රජාට මේ ලෝකෙට ඇවිත් රජවෙන්න උදව් කරන්නෙ හොරෙක්. හොරා ගෙ ගෑණි අනර්කලී ආකර්ශා.

මේ හැමදෙයක්ම දැනගෙන හෝ නොදැනගෙන අද තියෙන රජ පිස්සුවටම කියලා ලියලා වගේ. නෝනාවරුනි මහත්වරුනි, එතුමා වගේ දේවල් ටීවී එකේ කරපු සිවගුරුනාදන් ගෙ සරල, ප‍්‍රකාශනවාදී කොමඩි ආකෘතියට ගිරිරාජ්ගෙ දේශපාලනික හා ව්‍යවහාරික හුරුව එකතු වුණාම පොදු පේ‍්‍රක්‍ෂාගාරයෙ විසිල් එකට දුවන වගේම ඇ`ගට නොදැනී කියන්න තියෙන ටිකත් කියන චිත‍්‍රපටියක් හැදෙනවා.

කැමරාව, සිනමා භාවිතාව වගේ දේවල් ගොඩක් කිට්ටු වෙන්නෙ ටෙලි විලාසයටම වුණත් ටීවී එක ඉස්සරහ ඉන්න අයව හෝල් එකට අරන් එන්න ඒක වැඩ කරනවා. අනික සිවාගේ කොමඩිය නළු නිළියන් පදනම් කරගෙන ලියැවිලා තියෙන එක විශේෂයි. විජය නන්දසිරි කෙමඩියන් කෙනෙක් විදිහට අරගෙන එයාගෙ හැටියට චිත‍්‍රපටිය ලිවීමත් අනර්කලී ව චරිතයක් විදිහට පාවිච්චි කරන විදිහත් හරි දියුණුයි. අනර්කලීගේ ඇත්ත වාග් විලාසයම පාවිච්චි කරලා හාස්‍ය මතු කරන හැටියෙන් පේ‍්‍රක්‍ෂකයාට චිත‍්‍රපටිය තවත් ළං කරනවා. ‘මන්ත‍්‍රී හොඳයි...ඇමති හොඳාාාාාාාාාායි...’ කියලා එයා කියද්දි පේ‍්‍රක්‍ෂාගාරයම අත්පුඩි ගහන තරම් පිනායන්නෙ මන්ත‍්‍රිනී අනර්කලී සහ කිංග් හන්තර් ‘මොරින’ එකට හැප්පිලා එන ෆන් එකට.

‘කොමඩි වලින් කරන්නෙ ප‍්‍රශ්න වලට නිකං ඇගිල්ලෙන් අනින එක විතරයි. ඒවා ප‍්‍රශ්නෙකට කෙලින් මැදිහත් වෙන්නෙ කලාතුරකින්. ඩ‍්‍රාමා කියන ෂොනරය මස් සහ අල දීසියක් වගේ වෙද්දි කොමඩි හරියට ඩෙසර්ට් එකක් වගේ.’

-වූඩි ඇලන්
අවුරුදු 300ක් පරණ කාලෙක ඉඳන් මේ කාලෙට එන කිංග් හන්තර් රජ වෙන්න තමන්ට ඇති එකම රාජකීය උරුමය වුණු රජ ඇඳුම පවා සුද්දෙකුට විකුණනවා. ඉතිහාසෙ ඉඳන් එන හන්තර් මේ නූතනත්වයේ විධීන් අඳුනා ගන්නා හැටි සහ එහි කිසිම ගතිකයක්, ආචාර ධර්මයක් නොදැන බලය පිණිස ඒවා පාවිච්චි කරන හැටි සද්දෙට හිනා ගස්සනවාට වඩා එහායින් පේ‍්‍රක්‍ෂකයාට ගොඩක් දේවල් මතක් කර දෙනවා. හන්තර් හැම ආපදාවකින්ම ගැලවෙන්නේ එයාගෙ කිසි දක්ෂකමකින් නෙමෙයි. එයා කාටවත්, කොතැනකටවත්, කොයි කාලෙකටවත් වග නොකියන, අතිශය ආත්මාර්ථකාමී තක්කඩියෙක් නිසයි. කොටින්ම මේ කාලෙ මුණගැසෙන නාගරික හොරා ටත් වඩා රජ කාලෙන් එන හන්තර් තක්කඩියෙක්. මේක ගමෙන් නගරෙට එන ගොඩක් දෙනෙක් ගැන ඇෙ`ඩන විහිළුවක්.
කිංග් හන්තර් අපේ පොලිටිකල් කොමඩි හැටියෙන් ආපු ගොඩක් චිත‍්‍රපටි වලට වඩා නිර්මාණශීලීත්වය අතින් පුළුල්. ඒ චරිත ඇත්ත දේශපාලන චරිත උඩින් කොපි කරලා හදපුවා නෙමෙයි. ඒ වෙනුවට සමස්ත සමාජ දේශපාලන රැුල්ලක් උපහාසයට ලක් කරමින් නිර්මාණය කෙරුණු ඒවා. සමස්ත කතාව තල ගණනාවකින් වෙනස් වෙනස් විදිහට කියවන්න පුළුවන්. ඒක දියුණු කොමඩියක අපිට මුණගැහෙන බහුතලීය වින්දනයකට ළ`ගයි.
‘නයි කයිද රෝස් පාන්’ කියන ව්‍යවහාරිකය එහාට මෙහාට පාවිච්ච කරලා කටේ රැුඳෙන විහිළුවක් කරන්න ගිරිරාජ් කරන උත්සාහය හොඳටම අසාර්ථක වුණත් ඒ වගේ නාගරික යෙදුම් එක්ක පිටපතක් වැඩකරවන්න ගත්ත උත්සාහය හු`ගක් අගය කරන්න ඕන. චිත‍්‍රපටිය විජය නන්දසිරිගේ පෞර්ෂය වටා ගොඩ නැගිලා තියෙන නිසාම මහේන්ද්‍ර පෙරේරාගේ පරිණත රංග පෞර්ෂයට වුණත් ගොඩ එන්න බැරි වෙනවා. ඒත් පුදුම විදිහට ටෙලි වලින් ආපු චරිත මේ චිත‍්‍රපටියෙදි වැඩිපුර ඉස්සරහට එනවා. කුමාර තිරිමාදුර සුළු චරිතයක් කළත් ඒක විජය නන්දසිරි තරම්ම ප‍්‍රබලව දැනෙනවා. සමහර විට චිත‍්‍රපටිය ටෙලි ආකෘතියක් ඇතුලෙ ගොඩ නැංවීමත්, ඇහැට ටීවී එක හරහා නිතර දැණුන චරිත වල බලයත් ඒකට බලපාන්න පුළුවන්. ඒත් සිනමා නළුවන්ට මේ චිත‍්‍රපටියෙ ටෙලියට සමීප රූප ආකෘතිය අඳුරගන්න බැරි වීමත් යම් තරමක් දුරට හෝ ඒකට බලපානවා.
හන්තර් ඉතිහාසෙන් කියල අරන් එන්නෙ ඉක්කාවයි, අන්තපුර පුරුද්දයි විතරයි. ඒ ඓතිහාසික ඉක්කාව නාගරික හොරාටත් පුරුදු වෙනවා. කතාව මැද්දෙ හු`ගක් දියාරු බෝරිං ටිකක් ගත වෙනවා. ෆිල්ම් එක පැය එකහමාරට කැපුව නම් ඒ ටික හැලෙනවා. අර කොල්ලො දෙන්නෙක් එක්ක තියෙන පටලැවිල්ල මුළු වැඬේම බාල කරනවා. ප‍්‍රධාන කතාවට එලියෙන් ආලන්කුලම චිත‍්‍රපටි නිසාම එල්ලන්න වුණු ‘රෝස කැලේ’ වර්ගයෙ සබ් ප්ලොට් ඔක්කොම ෆිල්ම් එක අනාථ කරනවා.

චිත‍්‍රපටියෙ සිංදුවක් බලාගෙන ඉද්දි මට හිතුනෙ දැන් අපේ නැටුම් දර්ශන හු`ගක් හොඳ මට්ටමකට ඇවිත් කියල. ඒත් කොයි තරම් හොඳට නැටුවත් ඒක කැප්චර් කරන්න අපේ කැමරාව තාම දක්ෂ නෑ. රූප රාමු කීපයකින් නර්තනයම ආවරණය කරන්න යන එකෙන් ඒ ජවය ගේන්න අපිට බැරි වෙනවා.

ඒ වුණත් චිත‍්‍රපටිය අවසාන කොටසෙදි නැවතත් හැම දෙයක්ම ගොනු කර ගන්නවා. කිංග් හන්තර්ට අටවපු බෝම්බෙන් ඇමතිවරයා මැරෙනවා. (ඒ අවස්ථා ඊට වඩා විස්තරාත්මක සහ විශ්වාසවන්ත වුණා නම් හොඳයි*. හන්තර් දේශපාලන වේදිකාවට එනවා. එයා කතාවක් වෙනුවට සිංදුවක් කියනවා.
‘ඉස්සර වුණත් රජෙක් නේ

නින්දට වැටුණට මම මමමයි නේ

දුනු හී වෙනුවට ගිනි අවි ඒ

මං ළ`ග ගින්දර හිමකැට වේ.
ඉර බැබලෙනවා

මං රජ වෙනවා

ඒ ඉරපානේ මගෙ එලිය ගලනවා.

සඳ බැබලෙනවා

මං රජ වෙනවා

ඒ සඳපානේ මගෙ සිසිල ගලනවා
මං ළ`ග ගින්දර හිමකැට වේ.’
සුනිල් පෙරේරාගේ දැවැන්ත හ`ඩ පෞර්ෂය චිත‍්‍රපටිය උඩටම උස්සලා නතර කරනවා.

‘කිංග් හන්තර්’ මට අනුව හරිම දේශපාලනිකයි. දැනුවත්. වඩාත් වැදගත් දේ වෙන්නෙ ඒක අපේ පොදු පේ‍්‍රක්‍ෂාගාරෙ භාෂාවෙන් කියන්න පුළුවන් වුණු එක. අපේ එදිනෙදා ජීවිතේ හිනාවක් ඇතුලෙන්ම ටොක්ක අනින්න පුළුවන් වුණු එක. ආච්චි කෙනෙක් ෆිල්ම් එක බලලා එන ගමන්,

‘පොඩි ළමයින්ට හරිම සුදුසු චිත‍්‍රපටියක්’ කියල කැමරාවට කිව්වා.

මෙල් බෲක්ස් කියපු කතාවකින් මං ලියමන ඉවර කරනවා.

‘කාවේ‍යා්ක්ති, රූපාලංකාර වලින් මොකක්වත් කරන්න බෑ. හිට්ලර් සහ මුසෝලිනී හරිම දක්ෂයි රූපාලංකාර වලට. ඒත් ඔයාට පුළුවන් නම් මේ අයව කොමඩියක් වෙනකල් පහලට අරන් එන්න, ඒ අයට අවස්ථාවක් නැති වෙයි කොහොමවත්’

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment