Sunday, July 24, 2011

වෙන්ව යන්නට මොහොතකට පෙර...


ජූනි 22 ඉඳන් 26 වෙනිදා වෙනකල් ණෂත්‍ත්‍ (කැන්ඩි ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්* එක තිබුණ. අපේ චිත‍්‍රපටියත් පෙන්නන්න ලෑස්ති කරලා තිබුණ හින්ද අපිත් ගියා. ටිකක් පරක්කු වුණත් ගොඩක් දේවල් මග ඇරෙන්න කලින් එතැනට යන්න අපිට පුළුවන් වුණා.

ඒක නුවරදි හිතා ගන්න බැරි අත්දැකීමක්. නුවර විතරක් නෙමෙයි කොළඹ වුණත් ඒ මට්ටමේ චිත‍්‍රපටි උළෙලක් සංවිධානය කරන එක අමාරු වැඩක්. ඒත් නුවර චිත‍්‍රපට උළෙල බලන්න කොළඹින් ගොඩක් අය ඇවිත් හිටියා. චිත‍්‍රපටි ගැන ඇෙ`ග් අමාරුව තියෙන කොල්ලො කෙල්ලො ටිකක් එක්ක සැමුවෙල් හෝල්ට් කරලා තිබුණු මේ වැඬේ ඇත්තෙන්ම ‘වැඩක්’.

කොළඹට වඩා ක‍්‍රිටිකල් පේ‍්‍රක්‍ෂාගාරයක් අපිට නුවරදි හම්බුණා. ෆිල්ම් එකට පස්සෙ තිබුණු ප‍්‍රශ්න-පිළිතුරු වටයෙදි දැකලා පුරුදු නිශ්ශබ්දතාවය වෙනුවට හැම තැනින්ම ප‍්‍රශ්න එන්න පටන් ගත්තා. ‘සිගරට්, අරක්කු, ස්වයං වින්දනය වගේ දේවල් මේ තරම් පෙන්නන්නෙ ඇයි?’ සමහරු ඇහුවා. හු`ගක් උණුසුම් ඒත් කෙටි සංවාදයකින් පස්සෙ ප‍්‍රශ්න ඉතුරු කරන් හිටපු අය ළ`ගට ඇවිත් ඒ ප‍්‍රශ්න ඇහුවා.

‘මේ චිත‍්‍රපටියෙ තියෙන්නෙ යුද්දෙ හින්ද මේ අයගෙ ජීවිත හුදකලාවට වැටුණ කියලනෙ. ඒත් යුද්දෙ දැන් අවුරුදු 30ට වඩා පරණයි. එතකොට ඊට පස්සෙ ඉපදිච්ච මේ ප‍්‍රධාන චරිත වලටඒක සාමාන්‍යයක් නේද? ඒ ගොල්ලොන්ට ඔය කියන හුදකලාව හෝ පරාරෝපණය ගැටළුවක් නෙමෙයි නේද? ඇයි ඒ ගොල්ලො ඩිප්‍රෙස් වෙන්නෙ?’

තරුණ කෙල්ලෙක් ඇවිත් ඇහුවා. ඒක ඇත්ත ප‍්‍රශ්නයක්. අපේ චිත‍්‍රපටියෙ පසුබිම යුද්දෙ හින්ද වෙනස් වෙන, හුදකලා වෙන, පරාරෝපණය වෙන ජීවිත තමයි. ඒත් ඒ ජීවිත වලට ඒක ගැටළුවක්ද? ඒ අය ඒකෙන් රෝගී වෙයිද?

‘ඔයා දන්නවනෙ දැන් ඔයගොල්ලො වගේ කොල්ලො කෙල්ලො යාලූවෙන්නෙ, සෙක්ස් කරන්නෙ, කසාද බඳින්නෙ පවා ෆේස් බුක් එකේනෙ. ඒක ඔයාට ගැටළුවක් ද? ඔයා ඉපදුනෙත් යුද්දෙ පටන් ගත්තට පස්සෙ නෙ’

මං දැන ගන්න ඇහුවා. එතනින් ඒ සංවාදෙ ඉවර වුණා. ඒත් මං ටිකක් ආයිමත් ඒ ගැන කියෙව්වා. අපේ ජීවිත කියවන්න පුළුවන් සහ ඒවාට වැඩියෙන්ම ළ`ග විදිහට අපිට දැනෙන ‘සිනමාව’ වුණු නැගෙනහිර ආසියාවෙ, ට්සායි මින්ග් ලියෑන්, අපිචත්පොන්ග්, කිම් කි දුක් වගේ අය අරන් එන හුදකලාව කොයි විදිහෙ හැ`ගීමක්ද? ඒ චරිත වලට සහ අපිට.

මේ සිනමාව පටන් ගත්තා කියලා සැලකෙන්නෙ 1990 න් පස්සෙ. චීනෙ හය වෙනි පරම්පරාවෙ අධ්‍යක්‍ෂවරුන් හු`ගක් මේ ප‍්‍රකාශනයට ඇවිත් තියෙනවා.

90 දශකයෙ අගභාගය බොහෝ නිරීක්‍ෂකයන් හඳුන්වන්නෙ ‘ආධුනික සිනමාකරුවන්ගෙ පුනරාගමනයක්’ විදිහට. ටියැන්මෙන් චතුරශ‍්‍රයෙ උද්ඝෝෂණයෙන් පස්සෙ රාජ්‍ය වාරණයත් එක්ක මේ හයවෙනි පරම්පරාවෙ සිනමාව කියන හරිම දැඩි, අන්ඩර්ග‍්‍රවුන්ඞ් සිනමා පෙරමුණක් ගොඩ නැගෙන්න ගත්තා. ආණ්ඩුවෙ සහයෝගය සහ ආධාර හි`ගයත් එක්ක මේ චිත‍්‍රපටි හරි ඉක්මණට රූ ගත කරන්න පුළුවන් වර්ගයෙ ඒවා වුණා. 16 මි.මී හෝ ඩිජිටල් වීඩියෝ කැමරා සහ ආධුනික නළු නිළියන්, වාර්තා චිත‍්‍රපටි වගේ ශෛලියක් සහ නිතර බොහෝ වේලා කැමරාව නැවතී සිටින දර්ශන, ට‍්‍රයිපෝඞ් නොකරපු කැමරා භාවිතාව වගේ දේවල් මේ චිත‍්‍රපටවල කැපී පෙණුනා. පස් වෙනි පරමපරාවෙ හරිම සැලකිලිමත් වුණු, නිමාවක් සහිත නිෂ්පාදන වලට වඩා මේ සිනමාව ඉතාලියානු නව තාත්විකවාදී සහ සිනමා වෙරිටෙ කියන සම්ප‍්‍රදායන්ට ළ`ගයි. පස්වෙනි පරම්පරාවට වඩා වෙනස් විදිහට මේ අයවඩාත් පුද්ගලික, රොමාන්තික නැති, ජීවත කතා කියනවා. වඩාත් සමීපව නාගරික ජීවිතය ගැන කතා කරනවා. විශේෂයෙන්ම චීනයෙ මෑත සමාජ පීඩනකාරී තත්ව එක්ක අරමුණක් නැතිවුණු, ඉච්ඡුාභංග ජීවිත ගැන ඔවුන් කියනවා’

-විකිපීඩියා

අපේ නාගරිකත්වය එක්ක බැඳිච්ච අවුල් ගැන චිත‍්‍රපටි කෙරුණෙ අඩුවෙන්. සිනමාකරුවො ගොඩක් අය ගම් වලින් ආපු අය වීමත් එක්ක ඒ අයට නාගරික ජීවිතේ අහුවුණේ නෑ. ඊට පස්සෙ වියළි කලාපෙ ගම් ගැනම චිත‍්‍රපටි හැදෙන්න පටන් ගත්තා. යුද්දෙ එක්ක ඒ වැඬේ තවත් මාර්කට් වුණා.

නාගරිකත්වය එක්ක ආපු බෝඩිංකාර ජීවිතේ මේ කියන හුදකලාව, පරාරෝපණය අපේ රටේ තරුණයන්ට ආවෙ නෑ. 76න් පටන් ගත්තට විවෘත ආර්ථිකයෙන් අපේ ජීවිත ඇතුලෙන් හුදකලා කරන්න, සමාජ සමබන්ධතා ස්වරූප උඩුයටිකුරු කරන්න කාලයක් ගත වුණා. මේ නාගරිකත්වයේ ප‍්‍රවේශය එක්ක ලංකාවෙ යුද්දෙ හැමදාම ගැට ගැහිලා තිබුණා. කොළඹ නාගරිකත්වය ගමට කොහෙත්ම අදාල නැති වුණා වගේම උතුර තවත් හුදකලා කළා. කාටවත් නොදැනීම සාමූහිකත්වය ටික ටික අතුරුදන් වෙන්න ගත්තා. සාමූහිකව රසවිඳින කලා නැති වුණා. කලාව එහෙම්පිටින්ම ගෙදර ටීවී එක මත තීරණය වෙන්න ගත්තා. මේ අතරෙ කොම්පියුටර් එක ආවා. හැම මනුස්ස සම්බන්ධතාවයක්ම ඒක හරහා වෙනස් විදිහකට ප‍්‍රතිනිර්මාණය වුනා. යාලකම කියන්නෙ මේල් එකක් ෆෝවර්ඞ් කරන එක වගේ තැනකටත්, ආදරය කියන්නෙ ෆේස් බුක් එකේ ස්ටේටස් එකක් වගේ තැනකටත් ආවා. ඒත් අපිට අවුලක් දැණුනෙ නෑ.

මේ අතරෙ අපි ටීවී එකෙන් යුද්දෙ දින්නා. සිංහල ජාතිය නගා සිටුවලා, සිරා ශ‍්‍රී ලංකාවක් ගොඩ නැගුවා. හන්දි වල තීී‍්‍රවීල් සමාජ වලින් කිරිබත් උයලා පාරෙ යන අයට බලෙන් කැව්වා. ජාතිය, දේශපාලනය, ආදරය, කලාව හැම එකක්ම ගෙදර ටීවී එකේ, පත්තරේ නිළියක් හෝ කෑම උයන කවුරු හරි ගැන පිටුවක, නැත්තං ෆේස් බුක් එකේ තියෙන දේවල් විදිහට අපි හුදකලා වුණා. ඒත් අපිට ඒක අවුලක් වගේ දැනෙයිද?

හයවෙනි පරම්පරාවෙ චිත‍්‍රපටකරුවන් අතරෙ පුරෝගාමියෙක් විදිහට ගන්න ට්සායි මන්ග් ලියෑන්ග් (එයා මැලේසියාවෙ* අධ්‍යක්‍ෂවරයා සම්මුඛ සාකච්ඡුාවකදි කියන විස්තරයක් මෙතනට හු`ගක් අදාලයි.

ට්සායිගෙන් සාකච්ඡුාවෙදි මෙහෙම අහනවා.

‘හුදකලාව සහ පරාරෝපණය ඔබේ කෘතිවල හු`ගක් දකින්න තියෙනවා. කොහොමද මුල ඉඳන්ම ඒක එහෙම වුණෙ? ඒක ඔබේ පුද්ගලික ජීවිතය ගැන තත්වයක්ද?

ට්සායි- ඒක මං හැදී වැඩුණු හැටිය එක්ක සම්බන්ධ ඇති. මං අනුකම්පාව ඉල්ලනවා නෙමෙයි (හිනා*

මං හැදුනෙ මගෙ ආච්චිලා ළ`ග. අපේ අම්මලාගේ කාර්යබහුල ජීවිතේ එක්ක මං ගැන බලන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒත් මට පස්සෙ ආච්චිලාගෙනුත් වෙන් වෙන්න වුණා. එදා ඉඳන් මට හුදකලාව ගැන හරි විශේෂ හැ`ගීමක් තියෙනවා. තාත්තා ආයිමත් මාව එයා ළ`ගට ගත්තම මාව ටවුමෙ ඉස්කෝලෙන් ගමේ ඉස්කෝලෙට දැම්මා.එතකොට මං පහේ පංතියෙ. ඒත් ඒප ංතියෙ හිටියා මට කැමති නැති ළමයි. ඒ අය නිසා අනිත් අයත් මාත් එක්ක කතා කරන එක අත් ඇරියා. මං ආපහු හිතද්දි ඒක ගැන මට දුකක් නෑ. මට මගේ ලෝකෙ මුණ ගැහුණ. ඒකෙ අවුලක් නෑ.

මං ඉස්සර ඉඳන්ම චිත‍්‍රපටි බැලූවා. චිත‍්‍රපටි බලන්න නැත්තං පොත් කියෙව්වා. මං හු`ගක් දවල් හීන දකින්නෙක්. මගේ එක හීනයක් වුණේ පැනලා යන එක. සීයා එක්ක පැනලා යන එක. ඒ හීනෙ හැමදාම මතක් කර කර මම හු`ගක් සතුටු වුණා.

ආච්චිලා ළ`ග හැදුණු නිසා මං අනිත් අයට වඩා වෙනස් වුණා. ගෙදර ගියාම අයියලා මාත් එක්ක කතා කළේ නෑ. ඒ ගොල්ලො ඔක්කොම එක ගැන්සියක් වගේ. මට මං විතරයි. ඒත් අවුලක් නෑ. ඒ හැටි.

මගේ චිත‍්‍රපටි බලද්දි මිනිස්සු හිතනව මං හුදකලායි කියලා. ඒත් මං ඒ හුදකලාව විඳිනවා.

කෙනෙක් හුදකලා වුණාම එයාට ජීවිතේ ඇත්ත මුණ ගැහෙනවා.’

-ට්සායි මින්ග් ලියෑන්ග්

යුද්දෙ, හදිසි නීතිය, චෙක් පොයින්ට්, සිංහල බෞද්ධ සංස්කෘතිය එක්ක අපි රටක් විදිහට ලෝකෙන් හුදකලා වෙන ගමන් ගෙවල් ඇතුලෙ තනියෙන් හුදකලා වුණා. සමාජය වාෂ්ප වුනා. අපි ටීවී එකෙන් යුද පුවත් අහලා සමාජයක පුරවැසියෙක් හැටියට ස්වයං වින්දනය ලැබුවා. ඊට පස්සෙ පරම්පරාව ෆේස් බුක් එක ඇතුලෙ වර්චුවල් සමාජෙක ස්වයං වින්දනයෙන් තෘප්තිමත් වුණා.

ඒක ඉතින් අවුලක්ද? ඒක අවුලක් නෙමෙයි. අවුල වෙන්නෙ එහෙම හුදකලා වෙනකොට අපිට ජීවිතේ ඇත්ත හිස්කම මුණ ගැහෙන එකයි. පැවැත්මට අර්ථයක් අහිමි වෙන එකයි. සිංහල බෞද්ධයෙක් විදිහට හරි, ෆේස් බුක් පුරවැසියෙක් විදහට හරි පරාරෝපණයෙන් ඒ ඇත්ත අපිට වහන් ඉන්න බැරි වෙනවා. භාෂාවකින් කියා ගන්න බැරි, තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න බැරි හුදකලාවක් ඇතුලෙ අපිට අපිව නැති වෙනවා දැනෙන්න ගන්නවා. සිය දිවි නසා ගැනීම්, මානසික අවපීඩන එක්ක විවිධාකාර විපරීත තත්ව ඇතිවෙන්නෙ මේ නම නොදන්නා හුදකලාව නිසා. තේරුමක් අහිමි ජීවිතයක් ජීවත් කරනවා කියන්නෙ සරල ස්වභාවක කාරණයක් නෙමෙයි.

ට්සායිගෙ කතාවෙ ඉතුරු ටිකත් හරි ගැඹුරට කතා කරන නිසා මං ඒ ටිකත් පරිවර්තනය කරනවා.

‘ප‍්‍රශ්නය- ලිංගික ආශාව සහ ඒ වෙනුවෙන් බලා ඉන්න එක ඔබේ චිත‍්‍රපටවල ඇති මූලික දෙයක්. ඒත් ඔබේ ලිංගික ජවනිකා ශෘංගාරාත්මක නෑ. ඒ වගේම එතන ලිංගික දේ ආදරය එක්ක සම්බන්ධ නෑ. තෘප්තිමත් වීමකුත් නෑ. ඇයි මේ ලිංගික ඕනෑකම සහ අතෘප්තිය අතර ගැටුම?

ට්සායි- (හිනාවෙමින්* මං හොලිවුඞ් චිත‍්‍රපටි හදන්නෙ නැති හින්ද.

ඔයා ඇත්ත ජීවිතේ දිහා බැලූවොත් සෙක්ස් කියන්නෙ හරි අමාරු දෙයක්. හැම මනුස්ස සබඳතාවයක්ම අමාරුයි. සෙක්ස් වල තියෙන ප‍්‍රාථමික ස්වභාවය නිසාම ඒක වැඩියත් අමාරුයි. එක්කො වෙලාව වැරදියි. එක්කො විදිහ වැරදියි. ආදරයක වුණත් මුලදි තියෙන ශෘංගාරාත්මක ස්වභාවය කල් යන කොට නැතිවෙනවා. මේ කාලෙදි මනුස්ස සහ ලිංගික සම්බන්ධතා තවත් සංකීර්ණයි. සමහර වෙලාවට එක ?කට සිද්ද වෙන දේවල්. ඒක තෘප්තියක් ළ`ගා කරන්නෙ කලාතුරකින්. මං කරන්නෙ ඒ ඇත්ත ජීවිතේ අරටුව හොයන් යන එක.’

‘මං කැමති නෑ මගේ ජීවිතේ ඇත්ත මට එලියෙන් හම්බවෙනවට. ආදරේ කියන්නෙ ඒ ඇත්ත මග අරින්න උදව් වෙන එකටයි කියල මං හිතන්නෙ’

-කැතී (ආදරයේ අංශූමාත‍්‍රයක්*

පැවැත්මට තේරුමක් ගන්න ළ`ගම ඉන්න අනෙකා එක්ක පවා සංවාදයක් අහිමි වෙන ජීවිත ගැන ට්සායි දකින්නෙ වෙන විදිහකට. ඒ හුදකලාවෙන් ගැලවීම හෝ ගැලවීම ගැන බලාපොරොත්තුව වෙනුවට නැගෙනහිර ආසියානු නව චිත‍්‍රපටකරුවන් ඒ අන්ධකාරයෙ ගිලී යාම යෝජනා කරනවා. නැවත සමාජයක් හෝ බෙදා හදා ගැනීමක් ගැන හිතන්නවත් බැරි තරම් දුර ඒ ජීවිත අන්ධකාරය ඇතුලෙ ඇවිත්. හිස්තැනක් ලෙස පැවතීම ඒ චරිත වලට ස්වභාවිකයක්. (මේ බුදුන්ගේ අනාත්ම තත්වය නෙමෙයි*. වේදනාව, හුදකලාව විඳීමක් හැටියට ආස්වාද කරනවා ඇරෙන්න විකල්පයක් අහිමියි. ඒ සිනමාව බලන් ඉන්න අපිට දරන්න බැරි අවුලක්, පීඩනයක් ඇති කරන්නෙ ඒ හිස්තැන අපේ මූණට මුණගස්සන නිසාමයි.

‘ප‍්‍රශ්නය- ඔබ කිව්වා මිනිස්සු ඔබට කතා නොකළට ඔබට අවුලක් නෑ කියල. ඒත් ඔබේ චිත‍්‍රපට වල චරිත නිතරම උත්සාහ ගන්නවා තවත් කවුරු හෝ එක්ක සම්බන්ධ වෙන්න. ඒත් ඒඅ යට ඒක බෑ?

ට්සායි- මං ආසයි පොඩි පරතරයකට. ඒත් මං දන්නෙ නෑ ඒක කොයි තරම් වෙන්න ඕනද කියල. දෙන්නෙක් ළං වෙන්නත්, ඔවුන්ටම වදයක් නොවන්නත් පුළුවන් සීමාව. මගේ චිත‍්‍රපටි වල තියෙන්නෙ මනුස්ස සම්බන්ධතා ගැන අත්හදාබැලීම් . දුරක් තියාගෙන ඒ චරිත ඔවුන්ගේ ජීවිත අත්හදා බලනවා. උදාහරණයක් විදිහට මං පවුල් සම්බන්ධතා ගැන කියද්දි ඒවා මගේ ජීවිතේට සම්බන්ධයි. මං ගෙදර ඉන්නකොට මට දැනෙනවා අනිත් ඔක්කොටම මාව වදයක් කියල. ඒත් මං ගෙදරින් ගියාම මට ඒ අය නැතුව පාළුයි. මට මේ මනුස්ස රොමාන්තික සම්බන්ධතා හරි ප‍්‍රහේලිකාවක්. මං කරන්නෙ දුරක් තියාගෙන පටන් අරන් අත්හදා බැලීම කරන එකයි. පවුලක් කියන්නෙ මොකක්ද කියලා හොයන්න ගිහින් මගේ අතින් පවුල එහෙම්පිටින්ම නැති වෙන්න පුළුවන්. ඒත් ඒක තමයි පවුලක් ගැන කතා කරන්න තියෙන එකම විදිහ.’

ඒත් ඒක ඇතුලෙ ජීවත් වෙන කෙනෙකුට ඒක අවුලක්ද? නැත්තං ඒක අවුලක් හැටියට දැනෙන එක අපේ අවුලක්ද?

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment