Thursday, May 5, 2011
ආදරය සඳහා හෝර්ටන් තැන්න.
ඔබට නියම රටක් වෙන්න බෑ ඔබේම කියල බියර් එකක් සහ ගුවන් සේවයක් නැතිව. ෆුට් බෝල් ටීම් එකක් (අපේ නම් ක‍්‍රිකට්* හරි න්‍යෂ්ටික අවි හරි (අපේ නම් යුද්ධය* පොඩි උදව්වක් වෙන්න පුළුවන්. ඒත් අඩුම තරමේ බියර් එකක් නම් ඕනෙමයි. - ෆ‍්‍රෑන්ක් සප්පා
ලංකාවේ ජීවිතය වේගයෙන් හැකිලෙන්න අරන්. කාටවත් එක එල්ලේ පේන්නෙ නැති වුණාට හැම දේශපාලනිකයි කියන වෙනසක් ඇතුළෙම අනිවාර්ය වෙලා තියෙන කාලකණ්ණි ඇත්ත ඒක. පාර්ලිමේන්තුව ¥ෂිතයි කියන එක සාමාන්‍ය ඇත්තක් කියල අපි පිළිගනිද්දිම අපි අපේ ඇතුලෙන් ආචාරධර්මයක් නැති නරුමවාදයක් බාරගනිමින් ඉන්නවා. ඊට පස්සෙ ඒක අපේ සම්බන්ධතා ඇතුලට එනවා. අපිට කමක් නෑ අපේ අසල්වැසියා කොයි විදිහෙ කෙනෙක් වුණත්. බොරුවට හිනාවෙලා මූනිච්චාවට කතා කරලා එන්න අපිට පුළුවන්. රස්සාව කරන ටිකටනෙ, නැත්තං පැය කීපයකටනෙ කියල අපි ඒ වෙලාවට හිත හදා ගන්නවා. ඒත් අන්තිමට අපි ඉතුරු වෙන්නෙ ඒ වගේ බොරු සම්බන්ධතා ගොඩක් ඇතුලෙ. බොරුවට හිනාවෙලා දතකට පූට්ටු වෙන්න ගන්නවා.
දේශපාලනය කියන්නෙ සමාජ ජීවිතය සම්බන්ධ දෙයක්. දේශපාලනය ඕන වෙන්නෙ වඩාත් දියුණු මනුස්ස සම්බන්ධතා හදන්න. ඒත් දැන් අපි අත්විඳින දේශපාලනය බලකරන්නෙ අයිමත් තනිවෙච්ච, පුද්ගලික, කුහක විශ්වයකට. මතට තිත කියල අරක්කු තහනම් කරද්දි අක්මාව ඉතුරු වෙනවා විතරක් නෙමෙයි. මිනිහෙක් විදිහට අපි අපිට තිබුණ ඇත්ත සම්බන්ධතා ගොඩක් ඉවර කරනවා. බදාගෙන අ`ඩපු, සිංදු කියපු, එළවෙන්නෙ නැති තරම් දිග රාත‍්‍රීන් අපිට අහිමි වෙනවා. පේ‍්‍රමකීර්ති ලා, සේකර ලා කවි ලියපු හැන්දෑවල් වෙනුවට අපි ඉක්මණට ගෙදර ඇවිත් හැමදාම නිදාගන්න ගෑණි එක්ක එකම දේවල් ටිකක් කතා කර කර මෙගා ටෙලි නාට්‍යයක් බලනවා. මේ තහනම් වෙන්නෙ ජීවිතය.
කොල්ලූපිටියෙ ගණිකා නිවාසය පොලිසියෙන් වටලලා.
කංසා හේන් ගිනි තියලා.
විනු වෙත්තමුණි මරලා.
පබාට එයාගෙ මනුස්සයා ඉස්පිරිතාලෙ දාන්න තරම් ගහලා.
මේ අපේ ජීවිතය මේ දවස් වල ගතවෙන හැටි. ඊට අමතරව, වර්ල්ඞ් කප්, ගංවතුර, බඩුමිළ, විපක්ෂය දෙකට කැඞීම වගේ ත‍්‍රිල් කීපයක් තියෙනවා. නිකමට අපි ලෝකයේ වෙන රටක මනුස්ස ජීවිතයක් එක්ක සංසන්දනය කළොත් අපේ ජීවිතයේ ගත වෙන හැම මොහොතක්ම කොයි තරම් ඇකිළීමක් නැත්තං තහනමක් ප‍්‍රකට කරනවද? හැම මොහොතකම ජීවිතයේ පරමාදර්ශ කීයක් කඩා ගෙන වැටෙනවද?
හඳයා වි¥ කරනවා.
මර්වින් මහජන සම්බන්ධතා ගැන ඇමති වෙනවා.
උදයංගනී ඇර අනිත් ඉන්ටර්නෙට් එකේ ඉන්න හැම නිරුවත් ගැහැණියකගේම පිංතූර පත්තරවල පළවෙනවා.
එම්සී එකේ ට‍්‍රයම්ෆ් බ්‍රෙසියර් විකුණන්න තියෙන ඩමි වලට ගවුම් අන්දනවා.
ෆේස් බුක් තහනම් කරන්න ලොකු ට‍්‍රයි එකක් දෙනවා.
මැතිවරණ දිනීම කොම්පියුටර් එකක් ඉස්සරහ ඉඳන් තනි මිනිහෙකුට කරන්න පුළුවන් වැඩක් වෙනවා.
මේ අපි බාර ගනිමින් ඉන්න ජීවිතය. අපි අපේ සංස්කෘතික ජීවිතය ඉවර කරමින් තලූ මරමින් ඉන්නවා. මානව අයිතිවාසිකම් කියන එක ත‍්‍රස්තවාදයක් වෙච්ච, ලෝකෙ අනිත් රටවල් ඉස්සරහ සරම උස්සන් කෑ ගහන චණ්ඩියෙකුගෙ තැනට වැටිච්ච ලංකාවක අපි පුරවැසියො.
ඒත් ඒක දේශපාලන අවුලක් විතරක් නෙමෙයි. ඒක තමයි අපේ රටේ ඇත්ත බහුතරය ජීවත්වෙන පොළොව. නගරයේ අපි කාලයක් අත්වින්ඳ, දැන් අමතකත් වෙලා යන දියුණු වෙළඳපොල සමාජය සුළු පිරිසක් බොහොම අමාරුවෙන් අල්ලගෙන හිටපු එකක්. දැන් රට යන්නෙ බහුතරයට. ගැලරියේ විසිල් එකට.
මේකට දේශපාලන වෙනසක් ඕන කියලා හිතෙන එක හරි සරලයි. ඒත් මේක දේශපාලනයෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දේශපාලනය ඕන වෙන්නෙ සමාජයක් තියෙන තැනකට. ගෝත‍්‍රයක තියෙන තැනකට ඕන සංස්කෘතික වෙනසක්. පක්ෂ දේශපාලනය ඇතුලෙ කියෙව්වොත්, රනිල් දියවෙලා යාමත්, මහින්ද හා සජිත් අතරෙ වෙනසක් විතරක් නිර්මාණය වීමත් කියන්නෙ මේ ඇත්ත එළි වීමක්. මහින්ද ද සජිත් ද කියන්නෙ දෙකක් නෙමෙයි. එකක්. අපිට වෙනස අහිමි වේගෙන යනවා. එකම ජාතියක, එකම විදිහක, එක ගුලියක් වගේ වුණු ¥පතක අපි ඇත්ත අත්විඳිමින් ඉන්නවා.
”දේශපාලනය කියන්නෙ මේ කර්මාන්තෙ තියෙන විනෝදාස්වාදය සඳහා වූ අංශයයි.”
මේ අවකාශය දරන්න බැරි අය කලාව, චිත‍්‍රපටි, කල්ලි විදිහට එකතු වෙන එක ඉතාමත් අසාර්ථක සාමාන්‍යයක්. කලාව කියන එක ඉවරයි. ලංකාවෙ ඒක තහනම්. ඒ විදිහෙ කල්ලි අතර ඉඳලම මම දන්න සාමාන්‍ය දෙයක් තමයි ඒ වගේ තැන් වල ඉන්නෙත් මේ විදිහෙම අය කියන එක. සමහර වෙලාවට මීට වඩා හු`ගක් නරක. උදාහරණයක් විදිහට දැන් චිත‍්‍රපටි හදන අලූත් අය එක්ක ඉඳිද්දි දැනෙන ලොකුම අවුල උන්ට මොළයක් නැති එක. ඒක චිත‍්‍රපටි සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙමෙයි. අරමුණක් නැති, නන්නත්තාර, අචාරධර්ම රහිත රස්තියාදුකාර පිරිසක් ජොබ් හොයාගන්න කල් කලාව කරනවා. නැත්තං මෙගා ටෙලි ඇරෙන්න මේ රටේ කලාවක් නෑ. කොටින්ම දැන් බස්වල අජිත් මුතුකුමාරණගෙ සිංදුවත් නෑ.
දැන් අර්බුදය තියෙන්නෙ ආයිමත් මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන්ද කියන එක. ආධ්‍යාත්මය කියන එක සමාජයක හදන්න පුළුවන් දෙයක්ද? එහෙම දෙයක් වෙනුවෙන් වැඩකරන්න තරම් සවිඥාණක පිරිසක් තාමත් මේ ¥පතේ ඉන්නවද? මේ ප‍්‍රශ්න ඔක්කොමත් එක්ක අපිට හිතන්න වෙලා තියෙනවා අපේ ජීවිතය මේ ඇකිලීගෙන යන ගුලියෙන් බේර ගන්නෙ කොහොමද කියන එක. ඒක ඇත්තටම පදනම් වෙන්නෙ එහෙම ජීවිතය බේරගන්න උවමනා කීපදෙනෙක් හරි තාමත් ජීවත් වෙනවා කියන උපකල්පනය උඩ.
ආයිමත් එකතු වෙන්න, හිනාවෙන්න, මහින්ද චින්තනයෙන් එළියට හිතන්න, ජීවත් වෙන්න අපිට සිද්ද වෙනවා නිවාඩු ගන්න.
ඒක අමුතු කතාවක්. වැඩ කරනවා වෙනුවට නිවාඩු ගන්නවා කියන එක. ඒත් මේ වෙලාවෙ ජීවිතය වෙනුවෙන් කරන්න වෙන්නෙ මේ සමාජයෙන් නිවාඩු යන එක. සමාජය අපිට දීලා තියෙන වටිනාකම්, අච්චු, පිළිගැනීම්, රාජකාරි සියල්ලෙන් නිවාඩු ගිහින් අපිට ජීවිතය අලූතෙන් දකින්න වෙනවා. මේ රටේ මේ මොහොතේ තාර්කිකයි හෝ සැබෑ හෝ විදිහට පවතින හැම දෙයක්ම මානුෂ විරෝධීයි. ඒවා හරිම පටු විදිහට දේශපාලනිකයි. පුද්ගලිකයි. මේ හින්ද අලූත් සංස්කෘතියක් ගොඩනැගෙන මුණගැසීමක් අපිට අත්‍යාවශ්‍යයි. ඒක කලාව, දේශපාලනය හෝ සමාජයට වඩා ආධ්‍යාත්මික වුණු එකක් වීමත් අනිවාර්යයි. ඒ අපිට නැවතත් අපිය සොයාගන්න සිද්ද වෙලා හින්ද. ආයිමත් ආගම, ආදරය, සිනහව, සතු මේ පොලොවෙ නිර්මාණය කරන්න සිද්ද වෙලා තියෙන හින්ද.
තමන්ගෙ ජීවිතයත් දරාගන්න බරි තරම් ඇකිළෙමින් අවසාන වෙමින් යනවා කියල තේරෙන අය මෙතන ලියන්න. අනිත් අය උදේට ලංකාදීපෙ කියවලා හවසට ඩාන්ස් ස්ටාර් බලන්න.
ලෝකය ගින්නෙන් හෝ ජලයෙන් විනාශ වෙ යැයි සිතන්න උවමනා නෑ. තව පුළුවන් විධි දෙකක් තියෙනවා. එකක් ලියන කියන දේවල්. අනික නොස්තැල්ජියාව (අතීත කාමය*
-ෆ‍්‍රෑන්ක් සප්පා
-ව්‍යාධදේව
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment